Peṭakopadesa

Piṭaka Disclosure

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 1379

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉමං සුත්තං නිබ්බෙධභාගියං බුජ්ඣකාරධිකං බුජ්ඣිතබ්බං. යෙහි අඞ්ගෙහි සමන්නාගතා.{2} තං බුජ්ඣිස්සන්ති තස්ස අඞ්ගානි බුජ්ඣිස්සන්ති, තෙන බොජ්ඣඞ්ගා. තථා ආදිතො යාව සීලං වතං චෙතනා කරණීයා, කිස්ස සීලානි පරිපූරෙති.
Sinhala BJTමේ සූත්‍ර ධර්‍මය තියුණු අවබෝධ ඇති, අවබෝධ කර ගැනීමෙහි සමත් ඇත්තන් විසින්ම අවබෝධ කරගත යුතුයි. යම් අංගයන්ගෙන් යුක්ත වූ එය අවබෝධ කර ගන්නහු ද එහි කොටස් අවබෝධ කර ගන්නහු ද එය බෝධි අංග නම් වේ. එසේ මුල සිට සීලය දක්වා සිතිවිල්ල කළ යුතුය. ආදියේ පටන් සීල චේතනා පුහුණු නො කරන්නේ නම් කෙසේ සිල් පිරෙන්නේද. {*}
Pali BJTඅනුප්පන්නස්ස ච අකුසලස්ස අනුප්පාදාය උප්පන්නස්ස ච අකුසලස්ස පහානාය අනුප්පන්නස්ස කුසලස්ස උප්පාදාය උප්පන්නස්ස ච කුසලස්ස භිය්යොභාවාය, ඉදං විරියං තස්ස තස්ස බුජ්ඣනකස්ස අඞ්ගන්ති. අයං විරියසම්බොජ්ඣඞ්ගො. ඉමිනා විරියෙන ද්වෙ ධම්මා ආදිතො අවිප්පටිසාරො පාමොජ්ජඤ්ච යා පුන පීති අවිප්පටිසාරපච්චයා පාමොජ්ජපච්චයා, අයං පීතිසම්බොජ්ඣඞ්ගො, යං පීතිමනස්ස කායො පස්සම්භති, අයං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො. තෙන කායිකසුඛමානීතං යං සුඛිනො චිත්තං සමාධියති, අයං සමාධිසම්බොජ්ඣඞ්ගො. යං සමාහිතො යථාභූතං පජානාති අයං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො. යා සීලමුපාදාය පඤ්චන්නං බොජ්ඣඞ්ගානං උපාදායානුලොමතා නිමිත්තායනා පීතිභාගියානං ච විසෙසභාගියානං ච අපිලාපනතාසහගතා හොති, අනවමග්ගො අයං සතිසම්බොජ්ඣඞ්ගො. යං යථාභූතං පජානාති අච්චාරද්ධවිරියං කරොති, උද්ධච්චභූමීති කතා අභිපත්ථිතං පෙසෙති, කොසජ්ජභූමීති ගරහිතො රහිතෙහි අඞ්ගෙහි බුජ්ඣති යං චක්ඛුසමථපථං, සා උපෙක්ඛාති. තෙන සා උපෙක්ඛා තස්ස බොජ්ඣඞ්ගස්ස අඞ්ගන්ති කරිත්වා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගොති වුච්චතෙ, එසො සුත්තනිද්දෙසො.
Sinhala BJTනූපන්නා වූ අකුසලයන්ගේ නො ඉපදීම පිණිසද, උපන්නා වූ අකුසලයන්ගේ ප්‍රහාණය පිණිසද, නූපන්නා වූ කුසලයන්ගේ ඉපදීම පිණිස ද, උපන්නා වූ කුසලයන්ගේ වැඩි දියුණුව පිණිසද, මේ වීර්‍ය්‍යය ය අවබෝධ කරගන්නාගේ අංගයෝ වෙති. මේ වීර්‍ය්‍යය බෝධි අංගයයි. මෙම වීර්‍ය්‍යයෙන් විපිළිසරට පත් නොවීම ද ප්‍රමුදිත බවද මුල සිටම පවත්නේමය. {*}
Pali BJT1. තත්ථ කතමා දෙසනා{3}: අස්මිං සුත්තෙ චත්තාරි අරියසච්චානි දෙසිතානි.
Sinhala BJT1. එහි ‘දේසනා’ කවරැ: මේ සූත්‍රයෙහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ දෙසන ලද්දාහු යැ.
Pali BJT2. තත්ථ කතමො විචයො: “සීලවතො අවිප්පටිසාරො” යාව විමුත්ති, ඉමිස්සාය පුච්ඡාය මිනිකිමත්ථස්සමීති’? ද්වෙ පදානි පුච්ඡා, ද්වෙ පදානි විසජ්ජනානි, ද්වීහි පදෙහි ද්වෙ අභිඤ්ඤා ද්වීහි චෙව පදෙහි විසජ්ජනා, කිං පුච්ඡති, නිබ්බාධිකං කායභූමිං{4}. කම්මස්ස තථා හි පතිට්ඨා ච අසෙක්ඛෙ ධම්මෙ උප්පාදෙති.
Sinhala BJT2. එහි ‘විචය’ කවරෙ යැ: ‘සිල්වත්හට අවිප්පටිසාරය වෙයි, විමුක්තිය යනු දක්වා විස්තර යැ. මේ පුච්ඡායෙහි (මිනි කිමත්‍ථස්ස මීති?) පුච්ඡා පද දෙකෙකි, විසඳුම් පද දෙකෙකි. දෙපදයෙකින් දතයුතු දෙකෙකි, දෙපදයෙකින් විසඳුම් වෙති. කුමක් පුළුවුසී යැ යත්: කර්‍මයාගේ නිර්බාධ වූ කායභූමිය විචාරයි. ඒ එසේ මැ යැ. අශෛක්‍ෂ ධර්‍මයෙහි ප්‍රතිෂ්ඨාව ද උපයයි.
Pali BJT3. තත්ථ කතමා යුත්ති: “සීලවතො අවිප්පටිසාරො භවති”, කිං නිච්ඡන්දස්ස ච විරාගො අත්ථි, එසා යුත්ති.
Sinhala BJT3. එහි ‘යුක්ති’ කවර: සිල්වත්හට අවිප්පටිසාරය වෙයි, කිම නිච්ඡන්‍ද වූවහුට විරාගය ඇද්ද, තෙල යුත්ති යැ.
Pali BJT4. තත්ථ කතමං පදට්ඨානං: විරියං{1} විරියින්දියස්ස පදට්ඨානං. සමාධි සමාධින්ද්රියස්ස පදට්ඨානං.
Sinhala BJT4. එහි ‘පදට්ඨාන’ කවරෙ යැ: වීර්‍ය්‍යය විරියින්‍ද්‍රියට පදට්ඨාන යැ, සමාධිය සමාධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, වීර්‍ය්‍යය අදෝසයට පදට්ඨාන යැ, සමාධිය අලෝභයට පදට්ඨාන යැ, ප්‍රඥාව අමෝහයට පදට්ඨාන යැ, විරියින්‍ද්‍රිය සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන තුන් මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යැ, සමාධින්‍ද්‍රිය සම්මාසංකප්ප සම්මාවායාම සම්මාසමාධි යන තුන් මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යැ, පඤ්ඤින්‍ද්‍රිය සම්මාසති සම්මාදිට්ඨි යන දෙ මාර්‍ගාඞ්ගයන්ට පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො, ලක්ඛණො: සීලක්ඛන්ධෙ වුත්තෙ{2} සබ්බෙ තයො ඛන්ධා වුත්තා භවන්ති සීලම්හි වුත්තෙ සෙසධම්මානං සීලං හෙතු ච පච්චයො ච, තෙ සබ්බෙ ධම්මා වුත්තා හොන්ති, එකම්හි බොධියපක්ඛියධම්මෙ වුත්තෙ සබ්බෙ බොධඞ්ගමනීයා{3} ධම්මා වුත්තා භවන්ති.
Sinhala BJT5. එහි ‘ලක්ඛණ’ කවරෙ යැ: ශීලස්කන්‍ධය කී කල්හි සියලු තුන් ස්කන්‍ධයෝ කියන ලද්දාහු වෙති. ශීලය කී කල්හි ශේෂ ධර්‍මයන්ට ශීලය හේතු ද ප්‍රත්‍යය ද වෙයි. (එහෙයින්) ඒ සියලු ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්. එක් බෝධිපාක්‍ෂික ධර්‍මයක් කී කල්හි සියලු මාර්‍ගඥාන බෝධියට යන ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉමස්මිං{4} සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ අවිප්පටිසාරෙන ඡන්දිකා තෙ සීලපාරිපූරී භවන්ති, පාමොජ්ජච්ඡන්දා{5} අවිප්පටිසාරී පාරිපූරී. අයං එත්ථ භගවතො අධිප්පායො. -පෙ- අයං චතුබ්යූහො හාරො.
Sinhala BJT6. එහි ‘චතුබ්‍යුහ’ හාරය කවරෙ යත්: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් අවිප්පටිසාරයෙහි ඡන්‍දය ඇත්තාහු ද, ඔහු සිල් පුරන්නාහු වෙති, ප්‍රාමෝද්‍යයෙහි ඡන්‍දය ඇත්තාහු අවිප්‍රතිසාරය පුරන්නාහු වෙත්. මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යැ ... මේ චතුබ්‍යුහ හාර යි.
Pali BJT7. තත්ථ කතමො ආවත්තො: ඉදං සුත්තං නිබ්බෙධභාගියං, යො නිබ්බෙධො අයං නිරොධො, යෙන නිබ්බින්දති, සො මග්ගො, යං නිරුජ්ඣති, තං දුක්ඛං, යං නිබ්බෙධගාමිනා මග්ගෙන පහීයති, සො සමුදයො, අයං ආවත්තො.
Sinhala BJT7. එහි ‘ආවට්ට’ හාර කවරෙ යැ: මේ සූත්‍රය නිබ්බේධභාගිය යැ, යම් නිර්වේදයෙක් වේ ද මේ නිරෝධ යැ, යමක් හේතු කොට නිර්වේදයට යේ ද, ඒ මාර්‍ග යැ, යමක් නිරුද්ධ වේ ද ඒ දුඃඛ යැ, යමක් නිර්‍වෙදගාමී මාර්‍ගයෙන් ප්‍රහීණ වේ ද, හේ සමුදය යැ, මේ ආවට්ටහාර යි.
Pali BJT8. තත්ථ කතමා විභත්තී: “සීලවතො අවිප්පටිසාරො”ති විභජ්ජබ්යාකරණීයං, පරාමසන්තස්ස නත්ථි අවිප්පටිසාරො, යාව දොසකතං කායෙන වා වාචාය වා අකුසලං ආරභති, කිඤ්චි’පිස්ස එවං හොති, සුකතං එතං සුචරිතං එතං නොච’ස්ස තෙන අවිප්පටිසාරෙන පාමොජ්ජං ජායති, යාව විමුත්ති, තස්ස සීලවතො අවිප්පටිසාරොති විභජ්ජබ්යාකරණීයං, අයං ‘විභත්තිහාරො’.
Sinhala BJT8. එහි ‘විභත්ති’ කවර යත්: “සීලවතෝ අවිප්පටිසාරො” යනු විභාග කොට ප්‍රකාශ කළයුතු යැ, (දෘෂ්ටි විසින්) පරාමර්‍ශ කරන්නහුට අවිප්පටිසාරයෙන් නැත, යම්තාක් කයින් හෝ වචනයෙන් හෝ ද්වේෂසහගත අකුශලය අරඹා ද, එතෙකුදු වත් ඔහුට මේ සිත වෙයි. ‘තෙල සුකෘත යැ තෙල සුචරිත යැයි’ ඔහුගේ ඒ අවිප්පටිසාරයෙන් ප්‍රාමෝද්‍යය නො ද උපදී, විමුක්ති දක්වා විස්තර යි. ඒ සිල්වත්හට අවිප්පටිසාරය වෙයි යනු විභාග කොට පැවැසියැ යුතු. මේ ‘විභත්තිහාර’ යි.
Pali BJT9. කත්ථ කතමො පරිවත්තනො{6}: ඉමෙහි සත්තහි උපනිස්සය සම්පත්තීහි එකාදස උපනිසා විභත්තියං පජහන්ති, අයං පරිවත්තනො.{6}
Sinhala BJT9. එහි ‘පරිවත්තහාර’ කවරෙ යැ: මේ සත්වැදෑරුම් උපනිශ්‍රය සම්පත්තීන්ගෙන් එකොළොස් කරුණක් දුරුකෙරෙති, මේ ‘පරිවත්තන’ හාර යි.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො{8}: ඉමෙසං අරියධම්මානං බල බොජ්ඣඞ්ගවිමොක්ඛසමාධිසමාපත්තීනං ඉමානි වෙවචනානි.
Sinhala BJT10. එහි ‘වෙවචන’ කවරෙ යත්: මේ ආර්‍ය්‍යධර්‍ම වූ බල - බොජඞ්ග - විමොක්ඛ - සමාධි - සමාපත්තීන්ට මේ වෙවචනයෝ යි.
Pali BJT11. තත්ථ කතමා පඤ්ඤත්ති: සීලවතො අවිප්පටිසාරොති සීලක්ඛන්ධො{9} නෙක්ඛම්මපඤ්ඤත්තියා පඤ්ඤත්තං, නිස්සජ්ජපඤ්ඤත්ති ච{*} එවං දස අඞ්ගානි ද්වීහි ද්වීහි අඞ්ගෙහි පඤ්ඤත්තානි.
Sinhala BJT11. එහි ‘පඤ්ඤත්ති’ කවර යත්: “සීලවතෝ අවිප්පටිසාරො” යි ශීලස්කන්‍ධය නෙක්ඛම්මපඤ්ඤත්තියෙන් පනවන ලද, (නිස්සජ්ජපඤ්ඤත්ති ච?) මෙසේ දස අඞ්ගයෝ දෙ දෙ අඞ්ගයෙකින් පනවන ලදහ.
Pali BJT12. තත්ථ කතමො ඔතරණො: ඉදං නිබ්බෙධභාගියං සුත්තං පඤ්චසු ඔතිණ්ණං යථායං පඨමං නිද්දිට්ඨං එවං ඉන්ද්රියාදිඛන්ධධාතුආයතනෙසු නිද්දිසිතබ්බානි.
Sinhala BJT12. එහි ‘ඕතරණ’ කවරෙ යත්: මේ නිබ්බේධභාගිය සූත්‍ර යැ, පඤ්ච ධර්‍මයන්හි අවතීර්‍ණ යැ, යම්සේ මෙය පළමු නිර්දේශ කරන ලද ද එපරිදි ඉන්‍ද්‍රියාදියෙහි ද ඛන්‍ධ - ධාතු - ආයතනයන් ද දැක්වියැ යුත්තාහ.
Pali BJT13. තත්ථ කතමො සොධනො හාරො: සීලවතො අවිප්පටිසාරොති න තාව සුද්ධො ආරම්භො, අවිප්පටිසාරිනො පාමොජ්ජන්ති න තාව සුද්ධො ආරම්භො, යානි එකාදස පදානි දෙසිතානි යදා, තදා සුද්ධො ආරම්භො, අයං සොධනො.
Sinhala BJT13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: “සීලවතෝ අවිප්පටිසාරො” යී තව (දැනගනු රිසි අර්‍ත්‍ථය නො නිමියෙන්) ආරම්භය ශුද්ධ නො වෙයි, “අවිප්පටිසාරිනෝ පාමොජ්ජං” යී තව ආරම්භය ශුද්ධ නො වෙයි. යම් එකොළොස් පදයෝ දෙසන ලද්දාහු ද එකල්හි දැනගනු රිසි අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ වේ. මේ ‘සෝධන’ හාර යි.
Pali BJT14. තත්ථ කතමො අධිට්ඨානො: සීලං වෙමත්තතාය පඤ්ඤත්තං, එවං දසපදානං.
Sinhala BJT14. එහි ‘අධිට්ඨාන’ හාර කවරෙ යැ: සීලය වේමත්තතායෙන් පනවන ලද, මෙසේ දසපදයන්ගේ පඤ්ඤත්ති දතයුතු.
Pali BJT15. සබ්බානි සීලක්ඛන්ධස්ස ආනිසංසො, තෙ ච පතිරූපදෙසවාසො ච පච්චයො. අත්තසම්මාපණිධානං{1} ච හෙතු සමාධික්ඛන්ධස්ස සුඛං හෙතු, පස්සද්ධි පච්චයො, යෙන ඣානසහජාතී ච ඨානං හි ඣානඞ්ගා. අපරො පරියායො: කාමෙසු ආදීනවානුපස්සිතා සමාධිනො පච්චයො, නෙක්ඛම්මෙ ආනිසංසදස්සාවිතා හෙතු.
Sinhala BJT15. සියල්ල ශීලස්කන්‍ධයාගේ අනුසස් යැ, (තෙ ච?) ඔවුනට පතිරූපදේසවාසය ප්‍රත්‍ය යැ, ආත්මසම්‍යක්ප්‍රණීධානය හේතු යැ. සමාධිස්කන්‍ධයට සුඛය හේතු යැ, පස්සද්ධිය ප්‍රත්‍ය යැ. යම් හෙයෙකින් ධ්‍යානසහජාත වූ කාරණය මැ ධ්‍යානාඞ්ග වේ ද එහෙයිනි. අන් පරියායෙක් වෙයි: කාමයන්හි ආදීනව දක්නා බව සමාධියට ප්‍රත්‍යය වේ. නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්දක්නා බව හේතු යි.
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො{2}: යං විරියින්ද්රියං සො සීලක්ඛන්ධො, යං සීලං තං{3} චත්තාරො සම්මප්පධානා{4} යං ධම්මානුධම්මපටිපත්ති සො පාතිමොක්ඛසංවරො.
Sinhala BJT16. එහි ‘සමාරෝපණ’ කවරෙ යත්: යම් වීරියින්‍ද්‍රියයෙක් ඇද්ද, හේ සීල ස්කන්‍ධ යැ, යම් සීලයක් ඇද්ද එය සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, යම් ධම්මානුධම්මපටිපත්තියක් ඇද්ද, ඒ පාතිමොක්ඛසංවර යි.
Pali BJT7. 8.
Sinhala BJT7. 8.
Pali BJTයස්ස සෙලූපමං චිත්තන්ති ගාථා:
Sinhala BJTයස්ස සෙලූපමං චිත්තං” යන (උදාන) ගාථාව.
Pali BJTසෙලූපමන්ති උපමං යථා සෙලො වාතෙන න කම්පති න උණ්හෙන ස සීතෙන සංකම්පති, යථා අනෙකෙ අචෙතනා තෙ උණ්හෙන මිලායන්ති, සීතෙන අවසුස්සන්ති, වාතෙන භිජ්ජන්ති, න එවං සෙලො, පඤ්ඤා පඤ්ඤින්ද්රියස්ස පදට්ඨානං. විරියං{5} අදොසස්ස පදට්ඨානං. සමාධි අලොභස්ස පදට්ඨානං, පඤ්ඤා අමොහස්ස පදට්ඨානං. විරියින්ද්රියං තිණ්ණං මග්ගඞ්ගානං පදට්ඨානං. සම්මාවාචාය, සම්මාකම්මන්තස්ස, සම්මාආජීවස්ස. සමාධින්ද්රියං තිණ්ණං මග්ගඞ්ගානං පදට්ඨානං: සම්මාසඞ්කප්පස්ස සම්මාවායාමස්ස{6} සම්මාසමාධිනො. පඤ්ඤින්ද්රියං ද්වින්නං මග්ගඞ්ගානං පදට්ඨානං: සම්මාසතියා සම්මාදිට්ඨියා ච. යථා සෙලො සබ්බපච්චත්ථිකෙහි අකරණීයො එවං තං චිත්තං සබ්බකිලෙසෙහි න කම්පතීති, අයං අමොහො. “විරත්තං රජනීයෙසු”{7} ති අයං අලොභො. “කොපනෙය්යෙ{8} න කුප්පතී”ති අයං අදොසො.
Sinhala BJT“සෙලූපමං” යි උපමා යැ, යම්සේ ශෛල පර්‍වතයෙක් වාතයෙන් නො සැලේ ද, උණුසුමින් නො තැවේ ද, සීතයෙන් නො හැකිළේ ද, අතිශයින් නො සැලේ ද, යම් සේ නොයෙක් අචේතනයෝ උණුසුමින් මැලවෙත් ද සීතයෙන් හැකිළෙත් ද, ශෛලපර්‍වතය එසේ නො වේ. යම්සේ ශෛලය (වාතාදි) විරුද්ධ හේතුන් විසින් නො මැඩලියැහේ ද, එසෙයින් ඒ (සෙලූපම) සිත සියලු කෙලෙසුන් විසින් නො සැලේ යන මේ අමෝහ යැ, “විරත්තං රජනීයෙසු” යන මේ අලෝභ යැ, “කෝපනෙය්‍යෙ න කුප්පති” යන මේ අදෝස යි.
Pali BJTතත්ථ පඤ්ඤා අමොහො කුසලමූලං, අලොභො අලොභො යෙව, අදොසො අදොසො යෙව. ඉමෙහි තීහි කුසලමූලෙහි සෙක්ඛභූමියං ඨිතො අසෙඛමග්ගං{1} උප්පාදෙති. සෙඛභූමී සමතික්කම්ම{2} ධම්මෙ උප්පාදෙති, සා ච සම්මා විමුත්ති, යං ච විමුත්තිරසඤාණදස්සනං ඉමෙ දස අසෙඛානං{3} අරහතං{4} ධම්මා.
Sinhala BJTඑහි ප්‍රඥාව අමෝහකුසලමූල යැ, අලෝභය අලෝභකුසලමූලය මැය, අදෝසය අදෝසකුසලමූල මැයි. මේ තුන් කුසල මූලයන්ගෙන් ශෛක්‍ෂභූමියෙහි සිටියේ අශෛක්‍ෂමාර්‍ගය උපදවයි. සේඛභූමිය ඉක්මවා ධර්‍මයන් උපදවයි. ඒ සම්මා විමුත්තිය ද යම් විමුක්තිරසඥානදර්‍ශනයෙක් වී නම් එ ද යන මේ දසය අශෛක්‍ෂ වූ රහතුන්ගේ ධර්‍මයෝ යි.
Pali BJTතත්ථ අට්ඨඞ්ගිකෙන මග්ගෙන චතුබ්බිධා භාවනාපි ලබ්භති: සීලභාවනා කායභාවනා චිත්තභාවනා පඤ්ඤාභාවනා ච. තත්ථ සම්මාකම්මන්තෙන සම්මාආජීවෙන ච කායො භාවිතො, සම්මාවාචාය සම්මාවායාමෙන ච සීලං භාවිතං. සම්මාසඞ්කප්පෙන සම්මාසමාධිනා ච චිත්තං භාවිතං. සම්මාදිට්ඨියා සම්මාසතියා ච පඤ්ඤා භාවිතා, ඉමාය චතුබ්බිධාය භාවනාය ද්වෙ ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති: චිත්තං පඤ්ඤා ච, චිත්තභාවනාය{5} සමථො පඤ්ඤාභාවනාය විපස්සනා.
Sinhala BJTඑහි අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් සීලභාවනා කායභාවනා චිත්තභාවනා පඤ්ඤාභාවනා ද යන සිව්වැදෑරුම් භාවනා ද ලැබෙයි. එහි සම්‍යක් කර්‍මාන්තයෙන් ද සම්‍යගාජීවයෙන් ද කය භාවිත වෙයි, සම්‍යක්වචනයෙන් ද සම්‍යග්ව්‍යායාමයෙන් ද සීලය භාවිත යැ, සම්‍යක් සංකල්පයෙන් ද සම්‍යක්සමාධියෙන් ද චිත්තය භාවිත යැ, සම්මාදිට්ඨයෙන් ද සම්මාසතියෙන් ද ප්‍රඥාව භාවිත යි. මේ චතුර්විධ භාවනායෙන් චිත්තය ප්‍රඥාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්, චිත්තභාවනායෙන් සමථය ද පඤ්ඤාභාවනායෙන් විදර්‍ශනා ද වෙයි.
Pali BJTතත්ථ පඤ්ඤා අවිජ්ජාපහානෙන චිත්තං උපක්කිලෙසෙහි අමිස්සීකතන්ති පඤ්ඤාභාවනාය චිත්තභාවනං යෙව පරිපූරෙති. එවං යස්ස සුභාවිතං චිත්තං කුතො නං දුක්ඛමෙස්සතීති. අපි ච ඛො පන තස්ස ආයස්මතො අබ්යාපාදධාතු අවිමුත්තා, න සො පෙතං සමාපන්නො තස්ස සඞ්ඛාපහාරං දෙති (?), සඞ්ඛාවිතක්කිතෙ සරීරෙ දුක්ඛං න වෙදියති. අයං සුත්තත්ථො.
Sinhala BJTඑහි ප්‍රඥාව අවිද්‍යාප්‍රහාණයෙන් සිත උපක්ලේශයන්ගෙන් වෙන්කරනලද නුයි ප්‍රඥා භාවනායෙන් චිත්තභාවනාව මැ පරිපූරණය කෙරෙයි. මෙසේ යමක්හුගේ සිත මොනවට වඩනලද ද, කුමක් හෙයින් ඔහු කරා දුක පැමිණේ දැ’ යි, තවද ඒ ආයුෂ්මත්හට අව්‍යාපාද ධාතුව අවිමුක්ත යැ, හේ තෙල සමවතට නො සමවත් නමුදු ඔහුට (සඞ්ඛාපහාරං දෙති?) නුවණින් දැන විතර්කිත වූ සිරුර ඇති කල්හි දුක් වේදනා නො වේ. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
Pali BJT1. තත්ථ කතමං දෙසනා: ඉමම්හි සුත්තෙ දස අසෙඛා{6} අරහත්තධම්මා දෙසිතා, අප්පමාණා ච සමාධිභාවනා{7}.
Sinhala BJT1. එහි දේසනා කවරැ: මේ සූත්‍රයෙහි දශ අශෛක්‍ෂ වූ අර්‍හත්‍වධර්‍මයෝ ද, අප්‍රමාණ වූ සමාධිභාවනා ද වදාරන ලද්දාහු යැ.
Pali BJT2. තත්ථ කතමො විචයො: සෙලූපමතා යෙ යෙ ධම්මා වෙදනීයසුඛදුක්ඛොපගතා, තෙ සබ්බෙ නිරූපං වානුපස්සන්තානං වූපගතො කායතො වෙදයිතපරික්ඛාරො අප්පවත්තිගො දුක්ඛං න වෙදියති.
Sinhala BJT2. එහි ‘විචය’ කවරෙ යත්: ශෛලෝපමා බව ඇති යම් යම් ධර්‍ම කෙනෙක් වින්ද යුතු වූ සුවදුක් දෙකට පැමිණියාහු ද ඒ සියලු දහම්හු රූප නැත්තකු මෙන් දක්නවුන්ට කයින් වෙන්ව ගිය වේදනාහේතුව නො පවත්නා හෙයින් (?) දුක නො විඳී.
Pali BJT3. තත්ථ කතමා යුත්ති: යස්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක්ඛමෙස්සතීති.
Sinhala BJT3. එහි ‘යුත්ති’ කවරැ: යමක්හු විසින් මෙසේ සිත භාවිත ද කුමක් හෙයින් ඔහු කරා දුක පැමිණේ දැයි.
Pali BJT4. තීසු භාවනාසු දුක්ඛං නක්ඛමති චිත්තං චිත්තභාවනාය ච නිරොධභාවනාය ච ආනන්තරිකා සමාධිභාවනාය ච. ඉති “යස්සෙවං භාවිතං චිත්ත”න්ති සමාධි ඵලස්ස පදට්ඨානං.
Sinhala BJT4. චිත්තභාවනා නිරෝධ භාවනා ආනන්තරික සමාධි භාවනා ද යන තුන් භාවනාවන්හි චිත්තය දුක නො ඉවසයි. මෙසේ “යසේසවං භාවිතං චිත්තං” යනු සමාධි ඵලයට පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො: “යස්සෙවං භාවිතං චිත්ත”න්ති චිත්තානි භාවිතානි යථා පඨමං නිද්දිට්ඨානි: පඤ්ඤා සීලං කායො චිත්තං. සීලම්පි සුභාවිතං කායිකචෙතසිකං ච ඨිතත්තා නානුපකම්පතීති වෙදනාපි තථා සඤ්ඤාපි සඞ්ඛාරාපි. කුතො නං දුක්ඛමෙස්සතීති සුඛම්පි නානුගච්ඡති, අදුක්ඛමසුඛම්පි නාගච්ඡන්ති.
Sinhala BJT5. එහි ලක්ඛණ කවරෙ යැ: යස්සෙවං භාවිතං චිත්තං යනු, __[missing trans?]__
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉධ භගවතො කො අධිප්පායො: යෙ දුක්ඛෙන අට්ටිතා{1} භවිස්සන්ති තෙ එවරූපාහි සමාපත්තීහි විහරිස්සන්ති{2}. අයමෙත්ථ භගවතො අධිප්පායො. යෙ ච අප්පසන්නා, තෙ හි{3} භවිස්සන්ති. පසන්නානං ච පීතිපාමොජ්ජං භවිස්සති, අයමෙත්ථ{4} භගවතො අධිප්පායො.
Sinhala BJT6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යැ: මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් දුකින් පීඩිත වන්නාහු ද ඔහු මෙබඳු සමවතින් යුක්ත වැ වාස කරන්නාහ, යන මේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේ අදහස යි. යම් කෙනෙක් නො පහන් වූවාහු ද ඔහු ප්‍රසන්නයො වන්නාහ, ප්‍රසන්න වූවන්ගේ ද ප්‍රීතිප්‍රාමෝද්‍යය වන්නේය. මේ මෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
Pali BJT7. ආවට්ටොති: නත්ථි ආවට්ටනස්ස භූමි.
Sinhala BJT7. ‘ආවට්ටො’ යනු: (මෙහි) ආවට්ටහාරයට භූමි නැති.
Pali BJT8. විභත්තීති: “යස්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක්ඛමෙස්සතී”ති දුවිධො නිද්දෙසො: දුක්ඛහෙතුනිද්දෙසො ච, පටිපක්ඛනිද්දෙසො ච. කො සො දුක්ඛහෙතු. යතො දුක්ඛං ආගච්ඡති. පටිපක්ඛනිද්දෙසො ච. කුතො එවරූපස්ස දුක්ඛං න ආගමිස්සතීති{5} නිද්දිට්ඨං.
Sinhala BJT8. “විභත්ති” යනු: “යස්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක්ඛමෙස්සති” යනු: දුක්ඛහේතු නිද්දේස යැ, පටිපක්ඛනිද්දේසය දැයි නිර්‍දෙශය දෙවැදෑරුම් යැ. ඒ දුක්ඛ හේතු කවරෙ යැ, යම් හේතුයෙකින් දුක පැමිණේ ද, ප්‍රතිපක්‍ෂ නිර්දේශ ද වෙයි. කුමක් හෙයින් මෙබඳු පුඟුල්හට දුක නො එන්නේ දැයි දක්වනලදි.
Pali BJT9. පරිවත්තනොති: කුතො නං දුක්ඛමෙස්සතීති යං චෙතසිකං සුඛං අනුපාදිසෙසා අයං නත්ථි, සොපාදිසෙයා අයං අත්ථි. පුනඑවමාහංසු: තංඛණං තංමුහුත්තං උභයමෙව අවෙදයිතං සොපාදිසෙසං යං ච අනුපාදිසෙසං යං ච තංඛණං තංමුහුත්තං අනුපාදිසෙසං යං ච සොපාදිසෙසං ච අවෙදයිතං. සුඛමාපන්නසස අනාවත්තිකන්ති. අයමෙත්ථ විසෙසො. පරිවත්තනො.
Sinhala BJT9. “පරිවත්තන” යනු: “කුතො නං දුක්ඛමෙස්සති” යනු: යම් චෛතසික සුඛයක් අනුපාදිසේස වී ද මෙය නැත, සෝපාදිසේස වූ මේ සුවය ඇත, යළි මෙසේ කීහු: ඒ ඇසිල්ලෙහි ඒ මොහොතෙහි ඒ දෙක මැ අවේදයිත යැ, සෝපාදිසේස යි. අනුපාදිසේස වූ යම් සුවයකුත් ඇද්ද, යම් සුවයකුත් එකෙණෙහි ඒ මොහොතෙහි අනුපාදිසේස සෝපාදිසේස වූ අවේදයිත වූ සුවයට පැමිණියහුගේ සුවය අනාවත්තික යැ, යන මේ මෙහි විසේස යි. මේ පරිවත්තනා යි.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො: යස්සෙවං භාවිතං චිත්තං වා භාවිතං සුභාවිතං අනුට්ඨිතං වත්ථුකතං සුසමාරද්ධං. චිත්තන්ති මනො විඤ්ඤාණං මනින්ද්රියං මනොවිඤ්ඤාණධාතු.
Sinhala BJT10. එහි ‘වෙවචන’ කවරෙ යැ: මෙසේ යමක්හුගේ භාවිත චිත්තය වේ ද එය භාවිත යැ සුභාවිත යැ අනුට්ඨිත යැ වත්‍ථුකත යැ සුසමාරද්ධ යැ, ‘චිත්තං’ යනු: මන යැ විඤ්ඤාණ යැ මනින්‍ද්‍රිය යැ මනෝවිඤ්ඤාධාතු යැ යනු වෙවචන යි.
Pali BJT11. තත්ථ කතමා පඤ්ඤත්ති: චිත්තං මනොසඞ්ඛාරා වූපසමපඤ්ඤත්තියා පඤ්ඤත්තා{6}, සමාධි අසෙඛපඤ්ඤත්තියා පඤ්ඤත්තො, දුක්ඛං උච්ඡින්නපඤ්ඤත්තියා පඤ්ඤත්තං.
Sinhala BJT11. එහි ‘පඤ්ඤත්ති’ කවරැ: චිත්ත යැ මනෝසංඛාරයෝ යැ යන මොහු ව්‍යුපශම ප්‍රඥප්තියෙන් පනවනලදහ, සමාධිය අසේඛපඤ්ඤත්තියෙන් පනවනලද, දුක්ඛය උච්ඡින්නපඤ්ඤත්තියෙන් පනවන ලදි.
Pali BJT12. තත්ථ කතමො ඔතරණො: චිත්තෙ නිද්දිට්ඨෙ පඤ්චක්ඛන්ධා නිද්දිට්ඨා හොන්ති, අයං ඛන්ධෙසු ඔතරණො. මනොවිඤ්ඤාණධාතුයා නිද්දිට්ඨාය අට්ඨාරස ධාතුයො නිද්දිට්ඨා හොන්ති, අයං ධාතුසු ඔතරණො, මනායතනෙ නිද්දිට්ඨෙ සබ්බානි ආයතනානි නිද්දිට්ඨානි හොන්ති, තත්ථ මනායතනං නාමරූපස්ස පදට්ඨානං, නාමරූපපච්චයා සළායතනං, තථා පටිච්චසමුප්පාදෙ, අයං ඔතරණො.
Sinhala BJT12. එහි ඕතරණ කවරෙ යැ: චිත්තය නිර්දිෂ්ට කල්හි පඤ්චස්කන්‍ධයෝ දක්වන ලද්දාහු වෙති, මේ ස්කන්‍ධයන්හි අවතරණ යැ, මනෝවිඤ්ඤාණධාතුව දක්වන ලද කල්හි අටළොස් ධාතූහු දක්වන ලද්දාහු වෙති. මේ ධාතුන් කෙරෙහි අවතරණ යැ, මනායතනය නිර්දිෂ්ට කල්හි සියලු ආයතනයෝ දක්වන ලද්දාහු වෙති. එහි මනායතනය නාමරූපයට පදට්ඨාන යැ, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි. එපරිද්දෙන් පටිච්චසමුප්පාදයෙහි පදට්ඨාන වෙයි. මේ ඕතරණ හාර යි.
Pali BJT13. තත්ථ කතමො සොධනො: සුද්ධොයෙව ආරම්භො.
Sinhala BJT13. එහි ‘සෝධන’ කවරෙ යැ: ආරම්භය සුද්ධ මැ යි.
Pali BJT14. තත්ථ කතමො අධිට්ඨානො: ජළින්ද්රියං භාවනා එකත්තතායං{7} පඤ්ඤත්ති, ඡට්ඨිතෙන කායො එකත්තතාය{7} පඤ්ඤත්තො.
Sinhala BJT14. එහි ‘අධිට්ඨාන’ කවරෙ යැ: ෂඩින්‍ද්‍රියය භාවනාඒකත්තතායෙහි පඤ්ඤත්ති යැ. (ජට්ඨිතෙන?) එය එකත්තතායෙන් පනවන ලද.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො: චිත්තස්ස පුබ්බහෙතු සමුප්පාදාය මනසිකාරො ච තප්පොණතා ච යං අසමාහිතභූයං ච විසෙසධම්මානං අභාවිතත්තා චිත්තසතතං ගච්ඡති, සචෙ සමාධිනො සුඛං හෙතු, අවිප්පටිසාරො පච්චයො, අයං හෙතු අයං පච්චයො. පරික්ඛාරො.
Sinhala BJT15. එහි ‘පරික්ඛාර’ කවරෙ යැ: චිත්තයාගේ පූර්‍වහේතු සමුත්පාදය පිණිස මනසිකාරය ද තත්ප්‍රවණබව ද අසමාහිත භූමියෙහිදු විශේෂධර්‍මයන් අභාවිත බැවින් (චිත්ත සතතං ගච්ඡති?) ඉදින් සමාධියට සුඛය හේතු යැ, අවිප්පටිසාරය ප්‍රත්‍යය වෙයි. මේ හේතු යැ, මේ ප්‍රත්‍ය යි. ‘පරික්ඛාර’ හාර යි.
Pali BJT16. තත්ථ කතමා සමාරොපනා: යස්සෙවං භාවිතන්ති තස්ස ධම්මා සමාරොපයිතබ්බා, කායො සීලං පඤ්ඤා භාවිත{1}චිත්තන්ති, අනභිරතං අන්යනතං අනෙකං අනූනං අනාපජ්ජාසත්තං අයං සමඤ්ඤායතනා න තස්ස සෙක්ඛස්ස සම්මාසමාධි, සබ්බෙ අසෙක්ඛා දස අරහතං{2} ධම්මා නිද්දිට්ඨා හොන්ති.
Sinhala BJT16. එහි ‘සමාරෝපනා’ කවරැ: ‘යස්සෙවං භාවිතං’ යනු: ඔහුට කාය යැ සීල යැ පඤ්ඤා යැ භාවිතචිත්ත යැ යන දහම්හු සමාරෝපණය කළයුත්තාහු යැ. (අනභිරතං ... න තස්ස?) සියලු අශෛක්‍ෂ වූ රහතුන්ගේ දස දහම්හු දක්වනලද්දාහු වෙත්.
Pali BJTඅසෙඛභාගියානි සුත්තානි.
Sinhala BJTඅසේඛභාගිය සූත‍්‍රයෝ යි.
Pali BJT7. 9.
Sinhala BJT7. 9.
Pali BJT“යස්ස නූන භන්තෙ කායෙ කායගතාසති අනුපට්ඨිතා අස්ස{3} සො ඉධ{4} අඤ්ඤතරං සබ්රහ්මචාරිං{5} ආසජ්ජ අප්පටිනිස්සජ්ජ{6} චාරිකං{7} පක්කමෙය්ය”{*}.
Sinhala BJT“ස්වාමීනි, එකැතින් යම් මහණක්හට කයෙහි කාගියාසී නො එළඹසිටියා ද, හේ මෙහි එක්තරා සබ්‍රම්සරකු ගටා ඇවත නො දෙසා චාරිකාවට නික්මයන්නේ යැ.”
Pali BJTසො ආයස්මා ඉමස්මිං විප්පටිජානාති ද්වෙ පජානි පටිජානාති චිත්තභාවනායං ච දිට්ඨියා පහානං, කායභාවනායං ච දිට්ඨිප්පහානං, කායභාවනායං ච තණ්හාපහානං, යං පඨමං උපමං කරොති. අසුචිනාපි සුචිනාපි පඨවී{8} නෙව අට්ටීයති.{9} න ජිගුච්ඡති න පීතිපාමොජ්ජං පටිලභති එවමෙව හි පඨවීසමෙන සො චෙතසා විපුලෙන{10} අප්පමාණෙන{11} අවෙරෙන අබ්යාපජ්ඣෙන{12} විහාරාමීති.
Sinhala BJTඒ ආයුෂ්මත් මෙහි විරුද්ධ වැ පිළින කෙරෙයි, (ද්වෙ පජානි පටිජානාති?) චිත්ත භාවනායෙහි දෘෂ්ටිප්‍රහාණය ද කායභාවනායෙහි දෘෂ්ටිප්‍රහාණය ද කායභාවනායෙහි තෘෂ්ණාප්‍රහාණය දැයි. පළමු කොට යම් උපමාවක් කෙරේ ද, එහි පොළොව අසුචියෙනුදු සුචියෙනුදු නො මැ පීඩිත වෙයි, ජුගුප්සා නො කෙරෙයි, ප්‍රීතිප්‍රමෝද්‍යය නො ලබයි, එසෙයින් ම හේ පෘථිවී සමවූ මහත් අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් යුක්ත වැ වෙසෙමි.
Pali BJTඉති සො ආයස්මා කිං පටිජානාති: කායභාවනාය සුඛින්ද්රියපහානං පටිජානාති, චිත්තභාවනාය සොමනස්සින්ද්රියපහානං පටිජානාති, කායිකා වෙදනා රාගානුසයමනුගතානං සුඛින්ද්රියං පටික්ඛිපති. න හි වෙදනාක්ඛන්ධං යා චෙතසිකා සුඛවෙදනා, තත්ථ අයං පටිලාභපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං. සො තං පටික්ඛිපති, න හි මනොසම්ඵස්සජං වෙදනං. තත්ථ චතුසු මහාභූතෙසු රූපක්ඛන්ධස්ස අනුසයපටිඝප්පහානං භණති. කාමෙ රූපං ච තං ච අසෙඛභූමියං.
Sinhala BJTමෙසේ ඒ ආයුෂ්මත් (ශාරිපුත්‍රයන් වහන්සේ) කුමක් පිළින කෙරෙති යත්: කාය භාවනායෙන් සුඛින්‍ද්‍රියයාගේ ප්‍රහාණය පිළින කෙරෙති, චිත්තභාවනායෙන් සෝමනස්සින්‍ද්‍රියප්‍රහාණය පිළින කෙරෙති, කායික වේදනා රාගානුසය අනුව ගියවුන්ගේ සුඛින්‍ද්‍රිය ප්‍රතික්‍ෂේප කෙරෙති, යම් කායික සුඛවේදනාවක් ඇද්ද එය වේදනාස්කන්‍ධ නො මැ වෙයි. එහි මේ ප්‍රතිලාභ හේතුයෙන් සුව සොම්නස් උපදී. හේ එය ප්‍රතික්‍ෂේප කෙරෙයි. මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව නො මැ වෙයි. එහි සතර මහාභූතයන් කෙරෙහි රූපස්කන්‍ධයාගේ අනුශය ප්‍රතිඝප්‍රහාණය ප්‍රකාශ කෙරෙයි. කාමභවයෙහි රූපය ද (...?) එ ද අශෛක්‍ෂභූමියෙහි යැ.
Pali BJTකායෙ කායානුපස්සනා දිට්ඨධම්මසුඛවිහාරං ච. බලෙන ච උස්සාහෙන ච සබ්බං මනසි කතත්තානං පහානං? මෙදකථාලිකාය{13} ච පුරිසෙන ච මණ්ඩනකජාතිකෙන එතෙහි ඉමස්ස මාතාපිතූසම්භූතං පච්චවෙක්ඛණං, සො කායෙන ච කායානුපස්සනාය ච චිත්තෙන ච චිත්තානුපස්සනාය ච ද්වෙ ධම්මෙ ධාරෙති. කායකිලෙසවත්ථුං චිත්තෙන ච චිත්තසන්නිස්සයෙ චිත්තෙන සුභාවිතෙන සත්තන්නං ච සමාපත්තීනං විහරිතුං පටිජානාති.
Sinhala BJTකයෙහි කායානුපස්සනාව ඉහාත්මසුඛවිහරණය ද (බලෙන ච උස්සාහෙන ච සබ්බං මනසිකත්තානං පහානං?) මේදකථාලිකා - උපමායෙන් ද මණ්ඩනස්වභාව ඇති පුරුෂයාගේ උපමායෙන් ද යන මෙයින් මේ මාතෘපීතෘසම්භූත වූ කය ප්‍රත්‍යවේක්‍ෂා කිරීම වෙයි. හේ කයින් ද කායානුපස්සනායෙන් ද සිතින් චිත්තානුපස්සනායෙන් ද සත් සමාපත්තීන්ට සමවැද විසීමට පිළින කෙරෙයි.
Pali BJTගහපතිපුත්තොපමතාය ච යථා ගහපතිපුත්තස්ස නානාරඞ්ගානං වත්ථානං කරණ්ඩකො{1} පුණ්ණො භවෙය්ය, සො යං යදෙව වත්ථයුගං පුබ්බන්හසමයෙ ආකඞ්ඛති, පුබ්බන්හසමයෙ නිබ්බාපෙති: එවං මජ්ඣන්හසමයෙ{2} සායන්හසමයෙ, එවමෙව සො ආයස්මා චිත්තස්ස සුභාවිතත්තා යථාරූපෙන විහාරෙන ආකඞ්ඛති පුබ්බන්හසමයං විහරිතුං, තථාරූපෙන පුබ්බන්හසමයං විහරති. මජ්ඣන්හසමයෙ{2} සායන්හසමයෙ, තෙන වෙස ආයස්මතා උපමාය මෙ ආසිතාය පඨවී වා අනුත්තරා ඉන්ද්රියභාවනා භාවිතචිත්තෙන, තෙන සො ආයස්මා ඉදං අට්ඨවිධං භාවනං පටිජානාති. චතුසු මහාභූතෙසු කායභාවනං, උපකචණ්ඩාලං පුරිසමෙදකථාලීකාසු{3} චිත්තභාවනං, ඉමාහි භාවනාහි තාය භාවනාය ච සමථා පාරිපූරිමන්තෙහි ඉමෙහි චතූහි පඤ්ඤාපාරිපූරිමන්තෙහි.
Sinhala BJTගෘහපතිපුත්‍රෝපමායෙහි යම්සේ ගෘහපතිපුත්‍රයක්හුගේ නානාවර්‍ණ ඇති වස්ත්‍රයෙන් පිරුණු පේළායෙක් වේ ද, හේ යම් යම් වස්ත්‍රයුගලයෙක් පෙරවරුයෙහි රිසි වේ නම් එය පෙරවරුයෙහි (නිබ්බාපේති?) හඳියි. මැදිදවල්හිදු සවස්හිදු එසේ මැය. එපරිද්දෙන් ඒ ආයුෂ්මත් සිත සුභාවිත හෙයින් යම්බඳු විහරණයෙකින් පෙරවරුයෙහි වාසය කරන්නට රිසිවේ නම් පෙරවරුයෙහි ඒ විහරණයෙන් වෙසෙයි, මධ්‍යහ්නයෙහිදු සවස්හිදු එපරිදි වෙසෙයි, (තෙන වෙස ... භාවිතචිත්තේන?) එහෙයින් ඒ ආයුෂ්මත් මේ අටවැදෑරුම් භාවනාව පිළින කෙරෙයි. සතර මහාභූතයන්හි කායභාවනාව ද, උපකචණ්ඩාල පුරුෂ මේදස් පිරූ සැළිය යන මෙහි චිත්තභාවනාව ද වෙයි. (ඉමාහි භාවනාහි ... පාරිපූරි මන්තෙහි?)
Pali BJTකථං උපකචණ්ඩාලං පටිකූලෙසු ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති: කායො පකතියා අප්පටිකූලං, කායෙ උද්ධුමාතකසඤ්ඤා සඞ්ඛිත්තෙන නව සඤ්ඤා ඉමෙ පටිකූලා ධම්මා චෙසො ආයස්මා පටිකූලතො අජිගුච්ඡිතො කායගතාසතියා භාවනානුයොගමනුයුත්තො විහරති, න හි තස්ස ජිගුච්ඡතාය{4} චිත්තං පටිකූලති.
Sinhala BJTඋපකචණ්ඩාලෝපමාව? කිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇතිව වෙසෙයි යත්: කය පියෙවින් අප්‍රතිකූල යැ, කයෙහි උද්ධුමාතකසංඥාව ද සැකෙවින් නව සංඥාවෝ ද යන මේ ප්‍රතිකූල ධර්‍මයෝ තෙල ආයුෂ්මත් පිළිකුල් විසින් ජුගුප්සා නොකරනු යේ කායගතාසති භාවනානුයෝගයෙහි යෙදී වාස කෙරෙයි. ඔහුගේ සිත ජුගුප්සතායෙන් නො මැ ප්‍රතිකූල වෙයි.
Pali BJTකථං අප්පටිකූලෙසු ධම්මෙසු පටිකූලසඤ්ඤී විහරතීති: කායො සබ්බලොකස්ස අප්පටිකූලො, තං සො ආයස්මා අසුභසඤ්ඤාය විහරති, එවං අප්පටිකූලෙසු ධම්මෙසු පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් අප්පටිකූල දහම්හි පටිකූල සංඥා ඇති වැ වෙසෙයි යත්: කය සියලු ලෝවැසියාට අප්‍රතිකූල යැ, ඒ ආයුෂ්මත් කයෙහි අශුභසංඥායෙන් යුතු යැ වාසය කෙරෙයි. මෙසේ අප්‍රතිකූලධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා වැ වාස කෙරෙයි.
Pali BJTකථං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච අප්පටිකූලසඤ්ඤී විහරතීති: අපි සබ්බො’යං ලොකස්ස යමිදං මුණ්ඩො පත්තපාණී කුලෙසු පිණ්ඩාය විචරති, තෙන ච සො සුවණ්ණදුබ්බන්නෙන අප්පටිකූලසඤ්ඤී චිත්තෙන ච කායෙන නිබ්බිදාසහගතෙන අප්පටිකූලසඤ්ඤී. එවං පටිකූලෙසු අප්පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූල ධර්‍මයන්හි ද අප්‍රතිකූලසංඥා වැ වාස කෙරෙයි යත්: යම් හෙයකින් මේ ආයුෂ්මත් මුඩු කළ හිස ඇති වැ අතින් ගත් පාත්‍ර ඇති වැ කුලයන්හි පිඬු සිඟා හැසිරේ ද, එයින් හේ සුවර්‍ණදුර්‍වර්‍ණයෙන් අප්‍රතිකූල සංඥා ඇති වැ නිර්වේද සහගත වූ සිතින් ද කයින් ද යුක්ත වැ අප්‍රතිකූල සංඥා ඇති වෙයි, මෙසේ ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද දහම්හි අප්‍රතිකූල සංඥා ඇති වැ වාස කෙරෙයි.
Pali BJTකථං පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති: අප්පටිකූලෙසු ච ධම්මෙසු සුභසඤ්ඤිනො ඉත්ථිරූපෙ, පටිකූලෙසු ච ජිගුච්ඡිනො විනීලකවිපුබ්බකෙ, තත්ථ සො ආයස්මා අප්පටිකූලසඤ්ඤී{5} විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූල ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: අප්‍රතිකූල ධර්‍මයන්හි ස්ත්‍රිරූපයෙහි ශුභසංඥා ඇත්තහුට ද විනීලක විපුබ්බක අශුභයන්හි ජුගුප්සා ඇත්තහුට ද (අප්පටිකූල සංඥා වෙයි.) එහි ඒ ආයුෂ්මත් (ධාතුමනසිකාර වශයෙන්) අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
Pali BJTකථං පටිකූලෙසු ධම්මෙසු තදුභයං අභිනිවජ්ජයිත්වා උපෙක්ඛකො විහරති සතො ච සම්පජානො ච: අප්පටිකූලෙසු ච ධම්මෙසු සුභසඤ්ඤිනො ඉත්ථිරූපෙ පටිකූලෙසු{6} ච ජිගුච්ඡිනො විනීලකවිපුබ්බකෙ තදුභයං අභිනිවජ්ජයිත්වා ‘නෙතං මම නෙසො’හමස්මි නෙසො මෙ අත්තා’ති විහරති. එවං තදුභයං අභිනිවජ්ජයිත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි (පටිකූල අප්පටිකූල යන) දෙක දුරුකොට සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: ස්ත්‍රීරූපයෙහි ශුභසංඥා ඇතියේ අප්‍රතිකූල ධර්‍මයන්හි ද විනීලක විපුබ්බක කයෙහි ජුගුප්සා ඇතියේ ප්‍රතිකූල ධර්‍මයන්හි ද එ දෙක දුරුකොට “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ” යයි සලකා වෙසෙයි. මෙසේ (පටිකූල අප්පටිකූල යන) දෙක දුරැලා සිහි නුවණ ඇතියේ උපේක්‍ෂක වැ වෙසේ.
Pali BJTඅපරො පරියායො: තෙධාතුකෙ ලොකසන්නිවාසෙ{1} සබ්බබාලපුථුජ්ජනානං අප්පටිකූලසඤ්ඤා. තත්ථ ච ආයස්මා සාරිපුත්තො පටිකූලසඤ්ඤී{2} විහරති. එවං අප්පටිකූලෙසු ධම්මෙසු පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTඅන්‍යත් පරියායයෙක් වෙයි: ත්‍රෛධාතුක ලෝකසන්නිවාසයෙහි සියලු බාලපෘථග්ජනයනට අප්‍රතිකූලසංඥා වෙයි. එහිදු ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ප්‍රතිකූලසංඥා ඇති වැ වාසයකරන සේක. මෙසේ අප්‍රතිකූලධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
Pali BJTකථං පටිකූලෙසු ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති: පටිකූලසඤ්ඤිනො සබ්බසෙඛා. ඉධ (කා) තෙධාතුකෙ සබ්බලොකෙ. තත්ථ කතමො භූමිප්පත්තො සමාධිඵලෙ සච්ඡිකතො අප්පටිකූලසඤ්ඤී විහරති. කිං කාරණං; න හි තං අත්ථි යස්ස ලොකස්ස පහානාය පටිකූලසඤ්ඤී උප්පාදෙය්ය.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූල ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: සියලු ශෛක්‍ෂයෝ මේ ත්‍රෛධාතුක සර්‍වලෝකයෙහි ප්‍රතිකූලසංඥා ඇත්තාහුය. (තත්‍ථ කතමෝ ... උප්පාදෙය්‍ය?)
Pali BJTකථං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච ධම්මෙසු පටිකූලසඤ්ඤී විහරති: තෙධාතුකෙ ලොකසන්නිවාසෙ යාව කාමලොකභූමතා හි රාගානං වීතරාගානං පටිකූලසමතා, රූපාරූපධාතුං අප්පටිකූලසමතා තත්ථ ච ආයස්මා සාරිපුත්තො පටිකූලසඤ්ඤී විහරති. එවං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච ධම්මෙසු පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි යත්: ත්‍රෛධාතුක ලෝකසන්නිවාසයෙහි යම්තාක් කාමලෝකභූමිය වේ ද, (එහි) රාගීන්ට ද වීතරාගීන්ට ද ප්‍රතිකූලසමතාව වෙයි. රූපාරූපාධාතුයෙහි අප්‍රතිකූලසමතා වෙයි. එහිදු ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙති. මෙසේ ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වු ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
Pali BJTකථං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති: යං කිඤ්චි පරතො දුරුත්තානං දුරාගතානං වචනපථානං තං වචනං අප්පටිකූලං යාවතා වාචසො අප්පතිරූපා{3} තථා ජනස්ස අප්පටිකූලසඤ්ඤා. තත්ථ ආයස්මා සාරිපුත්තො අභිඤ්ඤාය සච්ඡිකතො අප්පටිකූලසඤ්ඤී විහරති, එවං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි යත්: (යංකිඤ්චි පරතෝ ... ජනස්ස අප්පටිකූලසඤ්ඤා?) එහි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කළාහු අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙති. මෙසේ ප්‍රතිකූල වු ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
Pali BJTකථං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච ධම්මෙසු කදූභයං අභිනිවජ්ජයිත්වා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො: යං ච නෙසං සමනුපස්සති යෙ ධම්මා දුච්චරිතා, තෙ ධම්මා අප්පටිකූලා, තත්ථ ආයස්මා සාරිපුත්තො ඉති පටිසඤ්චික්ඛති යෙ ධම්මා දුච්චරිතා තෙ ධම්මා අනිට්ඨවිපාකා, යෙ ධම්මා සුචරිතා, තෙ ආචයගාමිනො. සො ච සුචරිතං ආචයගාමිනිං කරිත්වා දුච්චරිතං අනිට්ඨවිපාකං කරිත්වා තදුභයං අභිනිවජ්ජයිත්වා උපෙක්ඛකො විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ඒ ප්‍රතිකූල අප්‍රතිකූල දෙක දුරුකොට සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: යම් දුශ්චරිත ධර්‍ම කෙනෙක් වෙත් ද ඒ ධර්‍මයෝ ඔවුන්ට අප්‍රතිකූල වූවාහු දකී ද, එහි ලා ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේ මෙසේ සලකති: ‘යම් ධර්‍ම කෙනෙක් දුශ්චරිත වෙත් ද, ඒ දහම්හු අනිෂ්ටවිපාකයෝ යැ, යම් සුචරිත ධර්‍ම කෙනෙක් වෙත් ද ඔහු ආචයගාමීහු’ යැයි. ඒ ශාරිපුත්‍රයන් වහන්සේ සුචරිතය ආචයගාමිනී කොට දුශ්චරිතය අනිෂ්ට විපාක කොට එ දෙක දුරුකොට උපේක්‍ෂක වැ වාසය කෙරෙත්.
Pali BJTඅථ පචිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලෙසු ච පටිකූලසඤ්ඤී විහරති. තණ්හා පටිකූලධම්මා කිං කාරණං: තණ්හාවසෙන හි සත්තා ද්වීහි ධම්මෙහි සත්තා කබළීකාරෙ ආහාරෙ රසතණ්හාය සත්තා, ඵස්සෙ සුඛසඤ්ඤාය සත්තා. තත්ථායස්මා සාරිපුත්තො කබළීකාරෙ ච ආහාරෙ පටිකූලසඤ්ඤී විහරති, ඵස්සෙ ච දුක්ඛසඤ්ඤී විහරති. එවං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTඉක්බිති ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මයන්හි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. තෘෂ්ණාව ප්‍රතිකූල ධර්‍ම යැ, කරුණු කිම යත්: ඒ එසේ මැය, සත්‍වයෝ තෘෂ්ණා වශයෙන් ධර්‍ම දෙකෙකින් ඇලුණහුය. කවලීකාරාහාරයෙහි රසතෘෂ්ණාවෙන් ඇලුණහු යැ, ස්පර්‍ශාහාරයෙහි සුඛසංඥාවෙන් ඇලුණාහු යැ, එහි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ කවලීකාරාහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙති, ස්පර්‍ශයෙහි ද දුඃඛසංඥා ඇති වැ වෙසෙත්. මෙසේ ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥ වැ වෙසෙයි.
Pali BJTකථං පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති: තණ්හාක්ඛයං අනුත්තරං නිබ්බානං, තථා බාලපුථුජ්ජනානං පටිකූලසඤ්ඤා පහතසඤ්ඤා ච. තත්ථායස්මතො සාරිපුත්තස්ස අප්පටිකූලසඤ්ඤා අබ්යාපාදසඤ්ඤා ච සාමං පඤ්ඤාය පස්සිත්වා, එවං පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූලධර්‍මයන්හි ද අප්‍රතිකූලසංඥී වැ වෙසෙයි යත්: තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණය අනුත්තර යැ, එතෙකුදුවත් බාල පුහුදුනන්ට ප්‍රතිකූල සංඥා ද (පහතසඤ්ඤා ච?) එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේට තුමූ මැ ප්‍රඥායෙන් දැක අප්‍රතිකූලසංඥා ද අව්‍යාපාදසංඥා ද වෙයි. මෙසේ ප්‍රතිකූල ධර්‍මයන්හිදු අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි.
Pali BJTකථං පටිකූලෙසු ච අප්පටිකූලෙසු ච ධම්මෙසු අප්පටිකූලසඤ්ඤී විහරති: තතියෙ ච නිබ්බානෙ පටිකූලසඤ්ඤිනො යසෙන ච කිත්තියා ච{1} අප්පටිකූලසඤ්ඤිනො. තත්ථායස්මා සාරිපුත්තො අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං සම්මප්පඤ්ඤාය{2} පටිජානන්නො පටිකූලං ච අප්පටිකූලං ච ධම්මං තදුභයං අභිනිවජ්ජයිත්වා අප්පටිකූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වු ද ධර්‍මයන්හි අප්‍රතිකූලසංඥා වැ වෙසෙයි යත්: (තතියෙ ච නිබ්බානෙ යසේන ච කිත්තියා ච අප්පටිකූලසඤ්ඤීනෝ?) එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුයේ සම්‍යක්ප්‍රඥායෙන් දන්නාසේක් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ධර්‍මය එ දෙක දුරුකොට අප්‍රතිකූල සංඥා ඇති වැ වාසය කරනසේක.
Pali BJTකථං පටිකූලං ච අප්පටිකූලං ච ධම්මං තදුභයං අභිනිවජ්ජයිත්වා උපෙක්ඛකො විහරති සතො ච සම්පජානො ච: යං ච සමනුපස්සති අනුනයො අප්පටිකූලො ධම්මො පටිඝො ච පටිකූලො ධම්මො, තත්ථායස්මා සාරිපුත්තො අනුනය{3} පටිඝප්පහීනත්තා උපෙක්ඛකො විහරති සතො සම්පජානො ච. යඤ්චස්ස සමනුපස්සති, අයං පඤ්චවිධා අනුත්තරා ඉන්ද්රියභාවනා අයං සුත්තනිද්දෙසො.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූල වූ ද අප්‍රතිකූල වූ ද ධර්‍මය ඒ දෙක දුරුකොට සිහි නුවණ ඇතියේ උපේක්‍ෂක වැ වෙසෙයි යත්: අනුනය අප්‍රතිකූල ධර්‍මයෙකැයි ද ප්‍රතිඝය ප්‍රතිකූල ධර්‍මයෙකැයි ද යම් හෙයෙකින් දකී ද, එහි ලා ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ අනුනය ප්‍රතිඝ දෙක ප්‍රහීණ කළ හෙයින් සිහි නුවණ ඇති වැ උපේක්‍ෂක වූවාහු වාසය කෙරෙති. යම් සමනුපස්සනාවක් වේ ද මේ අනුත්තර වූ පඤ්චවිධ ඉන්‍ද්‍රියභාවනා යි. මේ සූත්‍රනිර්දේශ යි.
Pali BJT1. තත්ථ කතමො දෙසනාහාරො: ඉමම්හි සුත්තෙ කිං දෙසිතං.{4} තත්ථ වුච්චතෙ - ඉමම්හි සුත්තෙ දිට්ඨධම්මසුඛවිහාරො දෙසිතො, තථා විමුත්තිං චිත්තං පච්චවෙක්ඛණා ච අධිපඤ්ඤාධම්මං දෙසිතං.
Sinhala BJT1. එහි දේසනාහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි කුමක් දේශිත ද: එහි ලා කියනු ලැබේ. මේ සූත්‍රයෙහි දිට්ඨධම්මසුඛවිහරණය දෙසනලද්දේ ය. එසේ මැ විමුක්ත චිත්තය ද ප්‍රත්‍යවේක්‍ෂාව ද අධිප්‍රඥාධර්‍මය ද දෙසනලද්දේ යි.
Pali BJT2. තත්ථ කතමො විචයො: යෙ කායෙ කායානුපස්සිනො විහරන්ති තෙසං චිත්තං අනුනයපටිඝෙන න විහරති, අනුනයපටිඝෙන චා’භිරමමානස්ස{5} චිත්තං සම්මග්ගතං{6} භවිස්සතීති භාවනාය ඵලමෙතං{7} අයං විචයො හාරො.
Sinhala BJT2. එහි විචය කවරෙ යැ: යම් කෙනෙක් කයෙහි කායානුදර්ශී වැ වෙසෙත් ද, ඔවුන්ගේ සිත අනුනය ප්‍රතිඝයෙන් යුක්තව නො පවතී, අනුනය ප්‍රතිඝ දෙකින් (අභිරමමානස්ස?) සිත සම්‍යග්ගත වන්නේනුයි තෙල භාවනා ඵල යි. මේ විචයහාර යි.
Pali BJT3. තත්ථ කතමො යුත්තිහාරො: කායභාවනාය ච චිත්තභාවනාය ච න කිඤ්චි සබ්රහ්මචාරී අතිමඤ්ඤීස්සතීති අත්ථි එසා යුත්ති. අයං යුත්තිහාරො.
Sinhala BJT3. එහි යුත්තිහාර කවරෙ යැ: කායභාවනායෙන් ද චිත්තභාවනායෙන් ද කිසි සබ්‍රහ්මචාරී කෙනෙක් ඉක්මවා නො සිතන්නාහු යැ යන තෙල යුත්ති ඇත. මේ යුත්ති හාර යි.
Pali BJT4. තත්ථ කතමො පදට්ඨානො හාරො: කායභාවනාය පඨමස්ස සති උපට්ඨානස්ස පදට්ඨානං. යා පඨවීසමචිත්තතා සා අනිච්චානුපස්සනාය පදට්ඨානං.
Sinhala BJT4. එහි පදට්ඨානහාර කවරෙ යැ: කායභාවනාව පළමුවන සතිපට්ඨානයට පදට්ඨාන යැ, යම් පෘථිවිසම චිත්තතාවක් ඇද්ද ඕ අනිත්‍යානුදර්‍ශනාවට පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො: යං පඨවීසමෙන චෙතසා විහරති අත්තානුපස්සී, පඨවීසමෙන ගිහී විහරති. කො අත්ථො පඨවීසමෙනාති: යථා යෙ ච සෙලොපමතාය අකම්මයුත්තා, එවමෙව පඨවීසමො අයං හිරියතාය, අයං ලක්ඛණො.
Sinhala BJT5. එහි ලක්ඛණහාර කවරෙ යැ: යමෙක් ආත්මානුදර්ශී වැ පඨවිසම සිතින් යුක්ත වැ වෙසේ ද, ගෘහී තෙම පඨවිසම සිතින් යුක්ත වැ වෙසෙයි, ‘පඨවීසමෙන’ යනු කවර අර්‍ත්‍ථ යැ: යම්සේ යම් කෙනෙක් ශෛලෝපමභාවයෙන් ක්‍රියායෙහි නොයෙදුණාහු ද, එසෙයින් මැ පඨවිසම වූයේ (අයං හිරියතාය?) මේ ලක්ඛණහාර යි.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉමම්හි බ්යාකරණෙ කො තස්ස ආයස්මතො අධිප්පායො: යෙ කෙචි අරහන්තා ඉන්ද්රියභාවනං ආකඞ්ඛන්ති{8} තෙ පඨවීසමං උප්පාදයිස්සන්තීති. අයං අධිප්පායො.
Sinhala BJT6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ වෙය්‍යාකරණයෙහි ඒ ආයුෂ්මත්හුගේ අභිප්‍රාය කවරේ යැ: යම් රහත් කෙනෙක් ඉන්‍ද්‍රියභාවනාව කැමැති වෙත් ද, ඔහු පඨවීසම (චිත්තය) උපදවන්නාහු යැ යන මේ අභිප්‍රාය යි.
Pali BJT7. තත්ථ කතමො ආවට්ටොති: නත්ථි ආවට්ටස්ස භූමි.
Sinhala BJT7. එහි ආවත්තහාර කවරෙ යැ: එහි ආවත්තහාරයට භූමි නැති.
Pali BJT8. තත්ථ කතමා විභත්ති: යො කායානුපස්සී විහරති, සො පඨවීසමං චිත්තං{1} පටිලභිස්සතීති න එකංසෙන, කිං කාරණං: යෙ ඛණ්ඩකාදීජින්නකාදිකම්මකාරිනො න තෙ{2} පඨවිසමචිත්තං{3} පවිලභන්ති. සබ්බා කායගතාසති{4} සෙඛභාවනාය නිබ්බානං ඵලං. අයං විභත්ති.
Sinhala BJT8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කායානුදර්ශී වැ වෙසේ ද, හේ පඨවිසම චිත්තය ලබන්නේ යැ යනු ඒකාන්තයෙන් නැත. කරුණු කිම යත්: යම් කෙනෙක් ඛණ්ඩතාදි ඡන්නතාදි කර්‍ම කරන්නාහු වෙත් ද ඔහු පඨවීසම චිත්තය නො ලබති. සියලු කායගතාසතිය ශෛක්‍ෂභාවනායෙහි නිර්‍වාණඵලය වේ. මේ විභත්තිහාර යි.
Pali BJT9. තත්ථ කතමො පරිවත්තනො හාරො: යෙ කායානුපස්සිනො විහරිස්සන්ති, තෙසං යෙව කායපච්චයා උප්පජ්ජෙය්යුං{5} ආසවා විඝාතපරිළාහා. අයං පරිවත්තනො හාරො.
Sinhala BJT9. එහි පරිවත්තනහාර කවරෙ යැ: යම් කෙනෙක් කායානුදර්ශී වැ වාසයකරන්නාහු ද, ඔවුන්ට මැ කායප්‍රත්‍යයෙන් විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ උපදනාහුය. මේ පරිවත්තනහාර යි.
Pali BJT10. තත්ථ කතමො ඔතරණො: සත්තෙසු ච{6} පඤ්චක්ඛන්ධා අවිතිණ්ණා බාවීසතින්ද්රියානි, තථා යං මනින්ද්රියං තං මනොධාතු මනායතනං ච. යං සමාධින්ද්රියං තං ධම්මධාතු ධම්මායතනං ච. අයං ඔතරණො හාරො.
Sinhala BJT10. එහි ඕතරණහාර කවරෙ යැ: සත්‍වයන් කෙරෙහිදු පඤ්ච ස්කන්‍ධයෝ අවිතීර්‍ණ වූවාහු දෙවිසි ඉන්‍ද්‍රියයෝ වෙත්. එසේ මැ යම් මනින්‍ද්‍රියයෙක් ඇද්ද එය මනෝධාතු මනායතන ද වෙයි. යම් සමාධින්‍ද්‍රියයක් ඇද්ද එය ධම්මධාතු ධම්මායතන ද වේ. මේ ඕතරණහාර යි.
Pali BJT11. තත්ථ කතමො සොධනො හාරො: යෙ ච මනසා චත්තාරො භාවෙතබ්බා, තෙ සබ්බෙ භාවිතා, යං තං මනෙන පහීනෙ පත්තබ්බං සබ්බත්ථ එතස්ස ච අත්ථා ආරම්භො, සො අත්ථො සුද්ධො. අයං සොධනො හාරො.
Sinhala BJT11. එහි සෝධනහාර කවරෙ යැ: මේ සතර ධර්‍ම කෙනෙක් සිතින් වැඩිය යුත්තාහු ද, ඔහු සියල්ලෝ වඩනලද්දාහු යමක් සිතින් (පහීනෙ පත්තබ්බතං?) සියලු තැන්හි මෙ ද සඳහා ආරම්භය වෙයි. ඒ අර්‍ත්‍ථය ශුද්ධ යැ. මේ සෝධනහාර යි.
Pali BJT12. තත්ථ කතමො අධිට්ඨානො: අයං සමාධි එකත්තතාය පඤ්ඤත්තො ඡ කායා එකත්තතාය පඤ්ඤත්තා පඤ්චින්ද්රියානි රූපීනි රූපකායො. ඡ වෙදනාකායා වෙදනාකායො. ඡ සඤ්ඤාකායා සඤ්ඤාකායො. ඡ චෙතනාකායා චෙතනාකායො ඡ විඤ්ඤාණකායා විඤ්ඤාණකායො. සබ්බෙපි එතෙ ධම්මා ධම්මකායොති යෙව සඞ්ඛං ගච්ඡන්ති. අයං අධිට්ඨානො.
Sinhala BJT12. එහි අධිට්ඨානහාර කවරෙ යැ: මේ සමාධිය ඒකත්තතා සංඛ්‍යාත සාමාන්‍යයෙන් පනවන ලද, ෂට්කායයෝ ඒකත්තතායෙන් පනවනලදහ. රූපී පඤ්චේන්‍ද්‍රියයෝ රූප කාය යැ, ෂඩ්වේදනාරාශිය වේදනාකාය යැ, ෂට්සංඥාරාශිය සංඥාකාය යැ, ෂට්චේතනාවෝ චේතනාකාය යැ, ෂඩ්විඥානයෝ විඥානකාය යැ, තෙල සියලු මැ ධර්‍මයෝ ධර්‍මකාය යි මැ ගිණීමට යෙත්. මේ අධිට්ඨානහාර යි.
Pali BJT13. පරික්ඛාරොති: සමාපත්තිකොසල්ලං ච වීථිකොසල්ලං ච හෙතු. යං ච ගොචරකොසල්ලං යං ච කල්ලතාකොසල්ලං{7} පච්චයො. වොදානකොසල්ලං හෙතු, කල්ලතාකොසල්ලං{8} පච්චයො. සුඛං හෙතු, අබ්යාපජ්ඣං{9} පච්චයො. අයං පරික්ඛාරො.
Sinhala BJT13. පරික්ඛාර යනු: සමාපත්ති කෞශල්‍යයද වීථිකෞශල්‍යය ද හේතු යැ, ගෝචර කෞශල්‍යය ද කල්‍යතා (වශීභාවයෙහි) කෞශල්‍යය ද ප්‍රත්‍ය යැ. ව්‍යවදානකෞශල්‍යය හේතු යැ, කල්‍යතාකෞශල්‍යය ප්‍රත්‍යයැ, සුඛය හේතු යැ, නිදුක්බව ප්‍රත්‍ය යැ, මේ පරික්ඛාරහාර යි.
Pali BJT14. තත්ථ කතමො සමාරොපනො: යථා පඨවී සුචිම්පි නික්ඛිපන්තෙ අසුචිම්පි නික්ඛිපන්තෙ තාදිසායෙව,{10} එවං කායො මනාපිකෙහිපි ඵස්සෙහි අමනාපිකෙහිපි ඵස්සෙහි තාදිසොයෙව, පටිඝසම්ඵස්සෙන වා සුඛාය වෙදනාය තාදිසං යෙව චිත්තං. ඉදං සුත්තං විභත්තං ස උපමං{11} උග්ඝටිතඤ්ඤුස්ස පුග්ගලස්ස විභාගෙන. තත්ථ සමාරොපනාය අවකායො නත්ථි.
Sinhala BJT14. එහි සමාරෝපන කවරෙ යැ: යම්සේ පෘථිවිය පවිත්‍ර දැ බහාලන කල්හිදු අපවිත්‍ර දැ බහාලන කල්හිදු එබඳු මැ වේ ද, එසෙයින් කය මනවඩන පහසින් ද අමනාපික පහසින් ද එබඳු මැ වෙයි. පටිඝසම්ඵස්සයෙන් හෝ සුඛවේදනාවෙන් හෝ සිත එබඳු මැ වේ. උපමා සහිත වූ මේ සූත්‍රය උද්ඝටිතඥ පුද්ගලයාගේ විභාගයෙන් විභාග කරන ලදි. එහි සමාරෝපනයට අවකාශයෙක් නැති.
Pali BJT7. 10.
Sinhala BJT7. 10.
Pali BJTතත්ථ කතමං සුත්තං සඞ්කිලෙසභාගියං: යතො ච කුසලෙහි ධම්මෙහි න විරොධති, න වඩ්ඪති, ඉමං ආදීනවං භගවා දෙසෙති, “තස්මා ඡන්නං විවරෙථ{1}, එවං තං{2} නාතිවස්සති”, තතො ආදීනවතො විවරෙය්යාති තං තීහි ධම්මෙහි නාභිධංසිතාති අසුභසඤ්ඤාය රාගෙන නාභිධංසීයති මෙත්තාය දොසෙන නාභිධංසීයති, විපස්සනාය මොහෙන නාභිධංසීයති. එවං ච සො{3} යො යො ධම්මො පටිපක්ඛො තම්හි තම්හි ධම්මෙ පරිපූරිස්සති. යො තස්ස ධම්මස්ස අකුසලො ධම්මො පටිපක්ඛො තෙන නාධිවාසීයති.
Sinhala BJTඑහි සංකිලෙසභාගිය සූත්‍රය කවරෙ යැ: යම් හෙයකින් කුශලධර්‍මයන් හා විරුද්ධ නො වේද, නො වැඩේ ද, බුදුහු මේ ආදීනවය දෙසනසේක. “එහෙයින් පිළිසන් වූ ඇවත ප්‍රකට කරන්නේ යැ, මෙසේ ඒ ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.” ඒ ආදීනව හෙයින් විවෘත කරන්නේ යයි හේ තුන් දහමකින් නො මඩනාලද වෙයි. අශුභසංඥාවෙන් රාගය විසින් නො මඩනා ලැබෙයි. මෛත්‍රිභාවනායෙන් ද්වේෂය විසින් නො මඩනාලැබෙයි, විදර්‍ශනායෙන් මෝහය විසින් නො මඩනා ලැබේ. මෙසේ හෙතෙම යම් යම් ධර්‍මයෙක් ප්‍රතිපක්‍ෂ වේ නම් ඒ ඒ ධර්‍මයෙහි පරිපූර්‍ණ වන්නේ ය. ඒ ධර්‍මයට යම් අකුශලධර්‍මයෙක් ප්‍රතිපක්‍ෂ වේ නම් (තෙන නාධිවාසීයති?)
Pali BJTඅපරො පරියායො: යෙ ඉමෙ ධම්මා අත්තනා න සක්කොති වුට්ඨානං තෙ එතෙ ධම්මා දෙසිතා ඡන්නමතිවස්සතීති. තෙහි විතක්කං යෙන ච සක්කා පුන දෙසිතං චිත්තං විභාවෙතුං පරියොදාපෙතුං විවෙකනින්නස්ස විවෙකපොණස්ස විවෙකපබ්භාරස්ස වුද්ධිං විරූළ්හිං වෙපුල්ලතං ආපජ්ජති කුසලෙසු ධම්මෙසු, සෙය්යථාපි නාම උප්පලං වා කුමුදං වා පදුමං වා උදකෙ සුක්කපක්ඛෙ චන්දො යාව රත්ති යාව දිවසො ආගච්ඡති, තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛිතබ්බා, න පරිහානි එවං විධං තං චිත්තං නාභිධංසීයති.
Sinhala BJTඅනෙකුදු පරියායයෙක් වෙයි: යම් මේ ධර්‍ම කෙනෙක් තමා විසින් නැඟීසිටීමට නො හැකි වෙත් ද, තෙල ධර්‍මයෝ දෙසනලදහ. “ඡන්නමතිවස්සති” යි. (තෙහි විතක්කං?) යමකු විසින් යලි දෙසනලද චිත්තය දක්වන්නට පිරිසිදු කරන්නට හැකි වේද, විවේකයට නැමුණු විවේකයට ප්‍රවණ වූ විවේකයට බරවූවහුගේ සිත කුශලධර්‍මයන්හි වැඩීමට මහත්බවට පැමිණෙයි. යම්සේ ජලයෙහි හටගත් උපුලක් හෝ කුමුදක් හෝ පියුමක් හෝ ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා යම් රැයකට යම් දිනයකට පැමිණේ නම් (එකල්හි) ඒ පද්මයාගේ වැඩීමට කැමැති විය යුත්තී ද, පරිහානියෙක් නොවේ ද, එබඳු ව ඒ සිත නො මඩනාලැබෙයි.
Pali BJTඅපරොපෙත්ථ සො අසඨො අකූටො අමායාවී උජු පුරිසො යථාභූතං අත්තානං ආවීකරොති. තත්ථ යො ඡාදෙති, තස්ස අකුසලා ධම්මා චිත්තං අනුධංසෙන්ති.{4} විවටං නාතිවස්සතීති{5} යො පන හොති අසඨො අකූටො අමායාවී උජු පුරිසො යථාභූතං අත්තානං ආවීකරොති, තස්ස චිත්තං අකුසලෙහි ධම්මෙහි න විද්ධංසීයති. අයං සුත්තත්ථො.
Sinhala BJTමෙහි අන්‍ය වූ ද යමෙක් සඨ නොවූයේ කූට නොවූයේ මායා රහිත වූයේ වේ ද ඍජු පුරුෂ වූ හෙතෙම ඇතිසැටියෙන් තමා ප්‍රකාශ කෙරෙයි. එහි යමෙක් (ඇවත) වසා නම් අකුශල ධර්‍මයෝ ඔහුගේ සිත වනසති. “විවටං නාතිවස්සති” යනු වැලි යමෙක් සඨ නොවේ ද, කූට නොවේ ද, මායා රහිත වේද, ඍජු පුරුෂ වූයේ යථාභූත වැ තමා ප්‍රකාශ කෙරේද, ඔහුගේ සිත අකුශලධර්‍මයන් විසින් නො මඩනා ලැබේ. මේ සූත්‍රාර්‍ත්‍ථ යි.
Pali BJT1. තත්ථ කතමා දෙසනා: ඉධ දෙසිතා දස අකුසලකම්මපථා අධිවස්සනතාය, දස කුසලකම්මපථා අධිවස්සනතාය{6} අකුසලෙහි න විසුජ්ඣති යථා වුත්තං භගවතා “චිත්තසඞ්කිලෙසා භික්ඛවෙ සත්තා සඞ්කිලිස්සන්තී” ති.
Sinhala BJT1. එහි දේශනා කවර යැ: මෙහි අධිවස්සනතායෙන් දශ අකුශලකර්‍මපථයෝ දෙසන ලද්දාහු ය, අනධිවස්සනතායෙන් දශ කුශලකර්‍මපථයෝ දෙසන ලද්දාහු ය, (ක්ලේශයන්ගේ) අධිවර්‍ෂණභාවයෙන් අකුශලයන්ගෙන් විශුද්ධ නොවේ. භාග්‍යවතුන් විසින් වදාරනලද මැය: “මහණෙනි, සිත කිලිටිවීමෙන් සත්‍වයෝ කෙලෙසෙන්නාහුය” යි.
Pali BJT2. තත්ථ කතමො විචයො: යස්සෙවං චිත්තං අවිද්ධංසීයති{7}, තස්ස බුජ්ඣිතස්ස යං භවෙය්ය කූටෙය්යං, තං ආනන්තරියෙනපි සත්ථරි වා ගුණානුකම්පනතාය. අයං විචයො.
Sinhala BJT2. එහි විචය කවරෙ යැ: මෙසේ යමකුගේ සිත (කෙලෙසුන් විසින්) නො මඩනා ලැබේ ද, (තස්ස බුජ්ඣිතස්ස ... සත්‍ථරි වා ගුණානුකම්පනතාය?) මේ විචය යි.
Pali BJT3. තත්ථ කතමා යුත්ති{8}: එවං අවිද්ධාසීයන්තං{9} චිත්තං වුට්ඨාති, වුට්ඨිතං පතිට්ඨහති කුසලෙසු ධම්මෙසූති අත්ථි එසා යුත්ති.
Sinhala BJT3. එහි යුත්ති කවර යැ: මෙසේ නො මඩනාලබන සිත කෙලෙසුන් කෙරෙන් නැඟීසිටී, නැඟීසිටියේ කුශලධර්‍මයන් හි පිහිටා යයි. මේ යුත්ති ඇත.
Pali BJT4. පදට්ඨානන්ති: “ඡන්නමතිවස්සතී”ති ඡන්නං අසංවරානං පදට්ඨානං, “විවටං නාතිවස්සතී”ති අඡන්නං සංවරණානං “තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සතී”ති දෙසනාය පදට්ඨානං.
Sinhala BJT4. පදට්ඨාන යනු: “ඡන්නමතිවස්සති” යනු: ඇවැත් වැසීම අසංවරයන්ට පදට්ඨාන යැ, “විවටං නාතිවස්සති” යනු: නො වැසීම සංවරයන්ට පදට්ඨාන යැ, තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු දේසනාවට පදට්ඨාන යි.
Pali BJT5. ලක්ඛණොති: “ඡන්නමතිවස්සතී”ති යෙ කෙචි විචිත්තෙන ඡන්නෙන එකලක්ඛණා ධම්මා සබ්බෙ තෙ විද්ධංසීයන්ති.{1} “තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සතී”ති යෙ කෙචි තෙන අච්ඡන්නෙන එකලක්ඛණා ධම්මා සබ්බෙ තෙ නාතිවස්සන්තී”ති. ලක්ඛණො හාරො.
Sinhala BJT5. ලක්ඛණ යනු: “ඡන්නමතිවස්සති” යනු: විචිත්‍ර වූ ඡන්නයෙන් සමාන ලක්‍ෂණ වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ සියල්ලෝ මඩනාලැබෙත්. “තස්මා ඡන්නං විවරෙථ විවටං නාතිවස්සති” යනු: ඒ නො වැසීමෙන් සමාන ලක්‍ෂණ වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ සියලු ධර්‍මයෝ (කෙලෙසුන් විසින්) අතිශයින් නො තෙමා යයි. ලක්ඛණහාර යි.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉමම්හි සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙසං කෙසඤ්චි චිත්තං අකුසලා ධම්මා අධිපටිදෙසිතා තෙ යථාධම්මං පටිකරිස්සන්තීති අයං තත්ථ භගවතො අධිප්පායො, අයං චතුබ්යූහොහාරො.
Sinhala BJT6. එහි චතුබ්‍යුහහාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කිසි කෙනෙකුගේ සිත අකුශලධර්‍මයෝ (අධිපටිදේසිතා?) ඔහු දහම් වූ පරිදි පිළියම් කරන්නාහුය යන මේ එහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය යි. මේ චතුබ්‍යුහහාර යි.
Pali BJT7. ආවත්තොති: යං ඡන්නං තං දුවිධං කම්පමානං{2} සමුච්ඡිතබ්බො, ආනන්තරියසමාධීනං. තත්ථ පස්සද්ධීයං ච මානො ආසවෙ වඩ්ඪෙති. අස්සද්ධියෙන ච පමාදං ගච්ඡති. පමාදෙන ඔනමති, උන්නළභාවං ගච්ඡති. වුත්තං හෙතං භගවතා “උන්නළානං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා”ති. චත්තාරි තානි උපාදානානි, යානි චත්තාරි උපාදානානි තෙ පඤ්චුපාදානක්ඛන්ධා භවන්ති. ඉමානි සච්චානි දුක්ඛං ච සමුදයො ච. “තස්මා ඡන්නං විවරෙථා”ති යෙන හෙතුනා තෙ ආසවා වඩ්ඪන්ති, තෙසං පහීනත්තා ආසවා පහීයන්තෙ, තත්ථ අප්පමාදෙන අස්සද්ධියං පහීයති, උද්ධච්චකුක්කුච්චප්පහානෙන ඔළාරිකතා, තස්ස ද්වෙ ධම්මා සමථො ච භාවනා ච පාරිපූරිං ගච්ඡන්ති. යො තෙසං ආසවානං ඛයො, අයං නිරොධො. ඉමානි චත්තාරි සච්චානි. අයං ආවට්ටො.
Sinhala BJT7. ‘ආවත්ත’ යනු: ඡන්න වූ යම් (සිතක්) ඇද්ද එය ද්විවිධ යැ, (කම්පමානං ... පස්සද්ධියං ච?) මානය ආස්‍රවයන් වඩයි. අශ්‍රද්ධායෙන් ප්‍රමාදයට යෙයි, ප්‍රමාදයෙන් අවනම්න වෙයි, උද්ගත මානනළ ඇති බවට යෙයි. භාග්‍යවතුන් විසින් තෙල වදාරන ලද මැය: “උද්ගත මානනළ ඇති ප්‍රමත්ත වූ ඔවුන්ට ආස්‍රවයෝ වැඩෙත්” යයි. ඒ ආස්‍රවයෝ සතර උපාදාන වෙති, ඔහු පඤ්ච උපාදානස්කන්‍ධයෝ වෙත්. මේ දුක්ඛ සමුදය යන සත්‍යයෝ යි. “තස්මා ඡන්නං විවරෙථ” යනු: යම් හෙයකින් ඒ ආස්‍රවයෝ වැඩෙත් ද, ඔවුන් ප්‍රහීණ හෙයින් ආස්‍රවයෝ ප්‍රහීණ වෙත්. එහි අප්‍රමාදය හේතු කොට අශ්‍රද්ධාව ප්‍රහීණ වෙයි. උද්ධච්ච කුක්කුච්චයන්ගේ ප්‍රහාණයෙන් ඖදාරික බව ප්‍රහීණ වෙයි, ඔහුට සමථය ද භාවනා ද යන ධර්‍මයෝ දෙදෙන පිරීමට යෙත්. ඒ ආස්‍රවයන්ගේ යම් ගෙවීමෙක් වේද මේ නිරෝධ යැ, මේ සතර සත්‍යයෝ යි. මේ ආවට්ටහාර යි.
Pali BJT8. තත්ථ කතමො විභත්තිහාරො: “ඡන්නමතිවස්සතී”ති න එකංසො, කිං කාරණං: යස්ස අස්සා නිවත්තනා යථාපි සෙඛානං, යථා වුත්තං භගවතා:
Sinhala BJT8. එහි විභත්තිහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු ඒකාන්ත නො වෙයි. කරුණු කිම යත්: (යස්ස අස්සා නිවත්තනා යථාපි සේඛානං?) භාග්‍යවතුන් විසින් වදාරන ලද:
Pali BJT“කිඤ්චාපි සො කම්මං කරොති පාපකං{*} කායෙන වාචා{3} උද චෙතසා වා අභබ්බො{4} සො තස්ස පටිච්ඡාදාය{5} අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා”ති.{6}
Sinhala BJTශෛක්‍ෂ පුද්ගල යම් හෙයකින් කයින් වචනයෙන් සිතින් හෝ අකුශලයක් කරන්නේ නමුදු ඒ පාපය සැඟවීමට හෝ අභව්‍ය වෙයි. දක්නාලද නිර්‍වාණපද ඇත්තහුගේ (පාපය සැඟවීමෙහි) අභව්‍යබව වේ යයි.
Pali BJTකිඤ්චාපි තෙසං නිවාරණං චිත්තං හොති, අපි තු අප්පච්චයා සමායෙ ච තෙ නිද්දිසිතබ්බා. අයං විභත්තිහාරො.
Sinhala BJTයම් හෙයකින් ඔවුන්ගේ නිවාරණ චිත්තය වේ ද, එතෙකුදුවත් (අප්පච්චයා සමායෙ ච?) ඔහු දැක්විය යුත්තාහු ය. මේ විභත්තිහාර යි.
Pali BJT9. තත්ථ කතමො පරිවත්තනො හාරො: “ඡන්නමතිවස්සතී”ති යස්ස යෙ ධම්මා සබ්බං අනවිවටං අතිවස්සීයති විවටං නාතිවස්සති අවගුණන්තං නාතිවස්සති. අයං පරිවත්තනො හාරො.
Sinhala BJT9. එහි පරිවත්තනහාර කවරෙ යත්: “ඡන්නමතිවස්සති” යනු: යමකුගේ (යෙධම්මා?) සියලු අකුශලය අවිවෘත වේ ද, හේ කෙලෙස්වැස්සෙන් අතිශයින් තෙමනු ලැබෙයි. විවෘත කළ ඇවැත් ඇත්තහු අතිශයින් නො තෙමයි. (අවගුණං තං නාති වස්සති?) මේ පරිවත්තනහාර යි.
Pali BJT10. තත්ථ කතමො වෙවචනො හාරො: ඡන්නන්ති ආවුතං නිවුතං පිහිතං පටිකුජ්ජිතං සඤ්ඡන්නං පරොධං, විවටං නාතිවස්සතී”ති යස්ස තෙ ධම්මා පබ්බජ්ජිතා විනොදං නාධිවස්සිතා වන්තීකතාති.{1} අයං වෙවචනො හාරො:
Sinhala BJT10. එහි වෙවචනහාර කවරෙ යැ: “ඡන්නං” යනු: ආවුත යැ නිවුත යැ පිහිත යැ පටිකුජ්ජිත යැ සඤ්ඡන්න යැ පරෝධ යැ (මේ වෙවචන යැ) “විවටං නාතිවස්සති” යනු: (යස්ස තෙ ... වන්තීකතාති?) මේ වෙවචනහාර යි.
Pali BJT11. තත්ථ කතමො පඤ්ඤත්ති හාරො: “ඡන්නමතිවස්සතී”ති කිලෙසභාගියපඤ්ඤත්තං. ‘විවටං නාතිවස්සතී’ති සධම්මකිච්චං යං පටිපදාපඤ්ඤත්තියා පඤ්ඤත්තං “තස්මා ඡන්නං විවරෙථා”ති අනුසාසනපඤ්ඤත්තියා පඤ්ඤත්තං. “විවටං නාතිවස්සතී”ති නික්ඛෙප{2}පඤ්ඤත්තියා පඤ්ඤත්තං. අයං පඤ්ඤත්ති හාරො.
Sinhala BJT11. එහි පඤ්ඤත්තිහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු: කෙලෙස් කොටසින් පනවනලද, “විවටං නාතිවස්සති” යනු: (සධම්මකිච්චං යං?) ප්‍රතිපදා ප්‍රඥප්තියෙන් පනවන ලද, “තස්මා ඡන්නං විවරෙථ” යනු: අනුශාසනා ප්‍රඥප්තියෙන් පනවන ලද, “විවටං නාතිවස්සති” යනු: නික්‍ෂේපප්‍රඥප්තියෙන් පනවන ලදි. මේ ප්‍රඥප්තිහාර යි.
Pali BJT12. තත්ථ කතමො ඔතරණො හාරො: ‘ඡන්නමතිවස්සතී’ති තයො කිලෙසා. රාගො දොසො මොහො, තෙසු{3} ඡන්නෙසු සඞ්ඛාරක්ඛන්ධො -පෙ- තෙ පුරා යථා නිද්දිට්ඨං ඛන්ධධාතුආයතනෙසු අයං ඔතරණො හාරො.
Sinhala BJT12. එහි ඕතරණහාර කවරෙ යැ: “ඡන්නමතිවස්සති” යනු: රාග දෝස මෝහ යන තුන් ක්ලේශයෝ යැ, ඔවුන් වැසුණු කල්හි සංඛාරක්ඛන්‍ධ වෙයි, ... ඔහු ඛන්‍ධ ධාතු ආයතනයන්හි පළමු දක්වනලද පරිදි වෙත්. මේ ඕතරණහාර යි.
Pali BJT13. තත්ථ කතමො සොධනො හාරො: යෙනාරම්භෙන ඉදං සුත්තං භාසති සො ආරම්භො නියුත්තො.
Sinhala BJT13. එහි සෝධනහාර කවරෙ යත්: යම් ආරම්භයෙකින් මේ සූත්‍රය වදාරත්ද, ඒ ආරම්භය දක්වන ලදී.
Pali BJT14. අධිට්ඨානොති: ඡන්නමතිවස්සතී’ති එකත්තතාය පඤ්ඤත්තං, කිං කාරණං: ඉදං හි අතිවස්සතීති ඉමස්ස ච අතිවස්සති එවං ච අතිවස්සතීති අයං වෙමත්තතාය යා පුනසාධාරණෙහි ලක්ඛණෙහි පඤ්ඤාපීයති. සා එකත්තපඤ්ඤත්ති.
Sinhala BJT14. අධිට්ඨාන යනු: “ඡන්නමතිවස්සති” යනු: ඒකත්තතා (සාමාන්‍යයෙන්) පනවන ලද, කරුණු කිම යත්: “අතිවස්සති” යන මේ යම් හෙයකින් වැසුණු ඇවැත් ඇති මොහු කෙලෙස්වැසි අතිශයින් තෙමයි, මෙසේත් අතිශයින් තෙමා යයි මේ වේමත්තතායෙන් වදාරනලද ද එහෙයිනි. යම් ප්‍රඥප්තියක් සාධාරණ ලක්‍ෂණයෙන් පනවනු ලබා ද ඒ ඒ පැනැවීම් ඒකත්තපඤ්ඤත්ති වේ.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො: යං ච තං අතිවස්සීයන්ති, තස්ස ද්වෙ හෙතූ ද්වෙ පච්චයා අකුසලපසුතෙව වාචකත්තාභිරති ච. ඉමෙ ද්වෙ අයොනිසොමනසිකාරො ච. කුසලා ධම්මා වොපසග්ගා ච. ඉමෙ ද්වෙ පච්චයා.
Sinhala BJT15. එහි පරික්ඛාර කවරෙ යත්: (යං ච තං අතිවස්සීයන්ති ... ඉමෙ දෙව පච්චයා? මෙහි වාක්‍යය මුළුල්ල ව්‍යාකූල යැ.)
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො: “ඡන්නමතිවස්සතී” ති වෙමති පස්සතීති ඡන්නං යං පරිග්ගහිතුං යං අදෙසිතුං අප්පස්සුතං යං කථංකථා විභූතෙන අකුසලමූලෙන යං තණ්හාය ච තෙ වඩ්ඪති දොසාති සන්නිත්වා තෙ අප්පසක්ඛයෙන සඞ්ඛාරා සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, අයං සමාරොපනො. යං පුන තථා දෙසනා, තස්සෙව කුසලා{4} ධම්මා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලතමාපජ්ජති. තස්ස සඞ්ඛාරනිරොධා{5} අයං සමාරොපනො.
Sinhala BJT16. එහි සමාරෝපන කවරෙ යත්: “ඡන්නමතිවස්සති” යනු: (වෙමති පස්සතීති ... අප්පසක්ඛයෙන සංඛාරා? මේ වාක්‍යය ද අතිශයින් ව්‍යාකූල යි.) සංඛාරප්‍රත්‍යයෙන් කර්‍මවිඥානය වෙයි. මේ සමාරෝපන යැ, යළි (තථා දේසනා?) ඔහුට මැ කුශලධර්‍මයෝ වැඩීමට නැඟීමට විපුලබවට පැමිණෙයි. ඔහුට සංඛාරනිරෝධයෙන් (කර්‍මවිඥානයාගේ නිරෝධය වෙයි.) මේ සමාරෝපන යි.
Pali BJT7. 11.
Sinhala BJT7. 11.
Pali BJT“චත්තාරො පුග්ගලා: තමො තමපරායනො”ති{a} -පෙ- තත්ථ කතමො වුච්චතෙ තමො නාම: යො තමො අන්ධකාරො, යථාවුත්තං භගවතා ‘යථා අන්ධකාරො තස්මිං භයානකෙ සකම්පිධාතුපුරිසො න පස්සති එවමෙව අඤ්ඤාණතො තමො පනන්ධකාරො පාපකසකම්මසවිපාකං න සද්ධො හොති (?) ඉති එවං ලක්ඛණතා අඤ්ඤාණං තමො අවිජ්ජා මොහො, යෙන සත්තා යථාභූතං නප්පජානන්ති, ඉති වුච්චති තමො’ති.
Sinhala BJTපුද්ගලයෝ සතර දෙනෙකි: (නීචකුලයෙහි ඉපදීම ආදි) අඳුරෙන් යුක්ත වූ (කාය දුශ්චරිතාදියෙන් යළි) නිරයඅඳුරට යන පුඟුලා යැ ... (යනාදි චතුක්කංගුත්තරයෙහි සූත්‍රය.) එහි ‘තම’ නම් කවරෙ යැ: යම් තමසෙක් අන්‍ධකාරයෙක් වේ ද එය යි. භාග්‍යවතුන් විසින් මෙසේ වදාරන ලද: “බිය එළවන ඒ අඳුරෙහි පුරුෂ ස්වකීය ස්වභාවය පවා නො දකී ද, එසෙයින් ම නො දැනීමෙන් තම සංඛ්‍යාත මොහඳුර ඇතියේ සවිපාක වූ ලාමක අකුශලකර්‍මය නො දකී? මෙබඳු ලක්‍ෂණ ඇති අවිජ්ජා මෝහ නම් වූ නො දැනීම ‘තම’ නම් වේ. යම් හෙයකින් සත්‍වයෝ යථාභූත වැ (ඇතිසැටියෙන්) නො දනිත්ද, එහෙයින් ‘තම’ යයි කියනු ලැබේ.
Pali BJTසො තිණ්ණං චක්ඛූනං තමො: මංසචක්ඛුනො දිබ්බචක්ඛුනො පඤ්ඤාචක්ඛුනො, ඉමෙසං චක්ඛුනං ඉධ තමො නිද්දිසීයති{1} අඤ්ඤාණන්ති.
Sinhala BJTඑය මංසචක්ඛු දිබ්බචක්ඛු පඤ්ඤචක්ඛු යන තුන් චක්‍ෂුන්ගේ අඳුර යැ, මෙහි මේ තුන් චක්‍ෂුන්ගේ නො දැනීම ‘තම’ යයි දක්වනු ලැබේ.