Peṭakopadesa

Piṭaka Disclosure

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-1000 න් 1379

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT16. තත්ථ කතමො සමාරොපණො හාරො: ඉමෙ පඤ්ච නීවරණා චත්තාරොපි එතෙ ආසවා ගණ්ඩාපි එතෙ සල්ලාපි එතෙ උපාදානාපි එතෙ තෙසු එව. බාහිරෙසු ධම්මෙසු සංකිලෙසභාගියං සුත්තන්ති පඤ්ඤත්තිං ගච්ඡති. අයං සමාරොපණො හාරො.
Sinhala BJT16. එහි “සමාරෝපණහාර” කවරෙ යැ: මේ පඤ්ච නීවරණයෝ සතරදෙනෙක් ද මොහු ආස්‍රව ද ගණ්ඩ ද ශල්‍ය ද උපාදාන ද වෙත්. ඒ බාහිර ධර්‍මයන්හි මැ ‘සංකිලෙසභාගිය සූත්‍ර යැ’ යන ප්‍රඥප්තියට යෙයි. මේ සමාරෝපණහාර යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTනො ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද වෙයි. මේ ශ්‍රද්ධා යයි කියනු ලැබේ. එ ද ලෞකික ශ්‍රද්ධා යි. අනිත් පර්‍ය්‍යායයෙක් වෙයි: (මෙ ද ආකූල තැනෙකි.)
Pali BJTනිද්දිට්ඨං සංකිලෙසභාගියං සුත්තං
Sinhala BJTසංකිලෙසභාගිය සූත්‍රය දක්වනලදී.
Pali BJT7. 4.
Sinhala BJT7. 4.
Pali BJT“මනොපුබ්බඞ්ගමා ධම්මා”ති ගාථා.
Sinhala BJT“මනෝපුබ්බඞ්ගමා ධම්මා” යන ගාථාව මෙසේ යැ:
Pali BJT1. තත්ථ කතමො දෙසනාහාරො: ඉමම්හි සුත්තෙ කො අත්ථො ඛන්ධවවත්ථානෙන විඤ්ඤාණක්ඛන්ධං දෙසෙති, ධාතුවවත්ථානෙන මනො විඤ්ඤාණධාතුං. ආයතනවවත්ථානෙන මනායතනං, ඉන්ද්රියවවත්ථානෙන මනින්ද්රියං. තස්සං කිං පුබ්බඞ්ගමා ධම්මා, සංඛිත්තෙන ඡ ධම්මා පුබ්බඞ්ගමා ධම්මා, කුසලමූලානි ච අකුසලමූලානි ච අනිමිත්තං ඉමම්හි සුත්තෙ කුසලමූලං දෙසිතං. තත්ථ කතමා මනොපුබ්බඞ්ගමා ධම්මා මනො තෙසං සුබ්බඞ්ගමං, යථාපි රාජා පුබ්බඞ්ගමො, එවමෙව ධම්මානං මනො පුබ්බඞ්ගමො.
Sinhala BJT1. එහි “දේසනාහාරය” කවරෙ යැ: මේ සූත්‍රයෙහි අර්‍ත්‍ථ කවරැ: ඛන්‍ධවවත්‍ථානයෙන් විඥානස්කන්‍ධය දේශනා කෙරෙති. ධාතුවවත්‍ථානයෙන් මනෝවිඤ්ඤාණධාතු ද. ආයතනවවත්‍ථානයෙන් මනායතනය ද, ඉන්‍ද්‍රියවවත්‍ථානයෙන් මනින්‍ද්‍රිය ද දෙසන සේක. ඒ ගාථායෙහි පූර්‍වඞ්ගම ධර්‍මයෝ කවරහු ද: සැකෙවින් ධර්‍මයෝ සදෙනෙක් පූර්‍වඞ්ගම ධර්‍මයෝ යි. නිමිත්තරහිත වැ කුශලමූලයෝ ද අකුශලමූලයෝ ද වෙති. මේ සූත්‍රයෙහි කුශලමූලය දේශිත යි. එහි මනෝපුබ්බඞ්ගම ධර්‍මයෝ කවරහ: ඒ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යැ, යම්සේ බලසෙනඟට රජ පූර්‍වඞ්ගම ද, එසෙයින් මැ ධර්‍මයනට මනස පූර්‍වඞ්ගම යි.
Pali BJTතත්ථ තිවිධානං පුබ්බඞ්ගමානං නෙක්ඛම්මච්ඡන්දෙන අබ්යාපාදච්ඡන්දෙන අවිහිංසාච්ඡන්දෙන, ආලොභස්ස නෙක්ඛම්මච්ඡන්දෙන පුබ්බඞ්ගමො{3} අදොසස්ස අබ්යාපාදච්ඡන්දෙන පුබ්බඞ්ගමො, අමොහස්ස අවිහිංසාච්ඡන්දෙන පුබ්බඞ්ගමො.
Sinhala BJTඑහි නෙක්ඛම්මච්ඡන්‍ද අව්‍යාපාදච්ඡන්‍ද අවිහිංසාච්ඡන්‍ද යන තෙවැදෑරුම් පූර්‍වඞ්ගමයන් අතුරෙන් අලෝභයට නෛෂ්ක්‍රම්‍යච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අදෝසයට අව්‍යාපාදච්ඡන්‍දයෙන් පෙරදැරි වෙයි. අමෝහයට අවිහිංසාච්ඡන්‍දයෙන් පෙරදැරි වේ.
Pali BJTතත්ථ ‘මනොසෙට්ඨා’ති මනසා ඉමෙ ධම්මා උස්සටා, මනෙන වා නිම්මිතා, මනොව ඉමෙසං ධම්මානං සෙට්ඨොති මනොව ඉමෙසං ධම්මානං ජෙට්ඨොති{1} මනොව ඉමෙසං ධම්මානං ආධිපච්චං කරොතීති මනොසෙට්ඨා.
Sinhala BJTඑහි “මනෝසෙට්ඨා” යනු: මේ දහම්හු මනසින් උත්කෘෂ්ටයහ, නොහොත් සිතින් නිර්මිතයහ, සිත මැ මේ දහමුන්ට ශ්‍රේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට ජ්‍යේෂ්ඨ නු යි සිත මැ මේ දහමුන්ට අධිපතිබව කෙරේ නු යි ‘මනෝසෙට්ඨ’ නම් වෙති.
Pali BJTමනොජවා’ති යත්ථ මනො ගච්ඡති, තත්ථ ඉමෙ ධම්මා ගච්ඡන්තීති මනොජවා. යථා වාතො සීඝං ගච්ඡති අඤ්ඤො වා කොචි සීඝං ගාමිකො වුච්චතෙ වාතජවො’ති පක්ඛිගාමීකොති, එවමෙව ඉමෙ ධම්මා මනෙන සම්පජායමානා ගච්ඡන්ති, තත්ථ ඉමෙ ධම්මා ගච්ඡන්තීති මනොජවාති.
Sinhala BJT“මනෝජවා” යනු: යම් තැනෙක සිත යේ ද, මේ දහම්හු එහි යෙත් නු යි “මනෝජව” නම් වෙති. යම්සේ වාතය වහා යේ ද, වහා යන අන් කිසිවෙක් වේ ද, වාතජව යයි පක්‍ෂිගාමික යයි කියනු ලැබේ ද, එසෙයින් මැ මේ දහම්හු සිතින් උපදවනු ලබන්නාහු යෙති. එහි මේ දහම්හු යෙත් නු යි ‘මනෝජව’ නම් වෙත්.
Pali BJTතෙ තිවිධා ඡන්දසමුදානිතා අනාවිලතා ච සඞ්කප්පො. සත්තවිධා ච කායිකං සුචරිතං වාචසිකං සුචරිතං, තෙ දස කුසලකම්මපථා.
Sinhala BJTඔහු ත්‍රිවිධ වෙති: ඡන්‍දයෙන් උපදවනලද්දාහු ද අනාවිල සංකල්ප ඇත්තාහු ද වෙති. කායික සුචරිතය වාචසික සුචරිත යැයි සත්වැදෑරුම් ද වෙති. ඔහු දස කුශලකර්‍මපථයෝ වෙත්.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTයම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි පරිභාවිත ද පශ්චිම කාලයෙහි තදනුපරිවර්තී නො වන්නේය යන තෙල කරුණ නො වේ. එහි සංඥාව ද තදනුපරිවර්තිනී වෙයි. තත්ස්වභාව ඇති යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඔහුදු තදනුපරිවර්තීහු වෙත්. රූපසංඥාව රූපසඤ්චේතනානු දර්‍ශන මනසිකාර යැ. ෂඩායතනයන්ගේ විඤ්ඤාණකායයෙහි ද මෙසේ යි. මේ ‘ලක්ඛණහාර’ යි.
Pali BJTතත්ථ “මනසා චෙ පසන්නෙන”ති මනොකම්මං. “භාසති වා”ති වචීකම්මං. “කරොති වා”ති කායකම්මං. ඉමෙහි ඉමස්මිං සුත්තෙ දස කුසලකම්මපථා පරමාපි සන්තා සීලවා සො භවති නිචත්තියං න ලොකනිය්යානාය, වාසනාභාගියං සුත්තං භවති. අයං දෙසනා.
Sinhala BJTඑහි “මනසා චෙ පසන්නෙන” යනු: මනඃකර්‍ම යැ, ‘භාසති වා’ යනු වාක්කර්‍ම යැ, “කරෝති වා” යනු කායකර්‍ම යි. මේ පදයන්ගෙන් මේ සූත්‍රයෙහි දස කුශලකර්‍ම පථයෝ පරම වූවාහු නමුදු සිල්වත් වූ හේ වට්ටයෙහි වෙයි, ලෝකනිර්‍ය්‍යාණය පිණිස නොවේ. වාසනාභාගියසූත්‍ර වෙයි. මේ දේසනාහාර යි.
Pali BJT2. තත්ථ කතමො විචයො හාරො: “මනොපුබ්බඞ්ගමා ධම්මා” ති කුසලමූලානි ච අට්ඨඞ්ගසම්මත්තානි. ඉදං සුත්තං.
Sinhala BJT2. එහි ‘විචයහාර’ කවරෙ යැ: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යනු මේ සූත්‍රය අෂ්ටාඞ්ගසම්‍යක්ත්‍ව ඇති කුශලමූලයෝ ද වෙත්.
Pali BJT3. යුත්තීති: දසන්නං කුසලකම්මපථානං යො විපාකො සො සුඛවෙදනීයො අබ්යාපාදස්සඞ්ගමානො. “ඡායාව අනපායිනී”ති අනුගච්ඡති, අත්ථි එසා යුත්ති.
Sinhala BJT3. ‘යුත්ති’ යනු: දශ කුශලකර්‍මපථයන්ගේ යම් විපාකයෙක් ඇද්ද හේ සුඛවේදනීය වූයේ (අව්‍යාපාදස්සඞ්ගමානෝ?) ‘ඡායාව අනපායිනී’ යනු අනුව යෙයි. තෙල යුක්තිය ඇති.
Pali BJT4. පදට්ඨානන්ති: අට්ඨාරසන්නං මනොපවිචාරානං පදට්ඨානං. “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති සබ්බකුසලපක්ඛස්ස ඉමෙ ධම්මා පදට්ඨානං. “මනසා චෙ පසන්නෙනා”ති යො චෙතසො පසාදො, ඉදං සද්ධින්ද්රියස්ස පදට්ඨානං. “භාසති වා”ති සම්මාවාචාය, “කරොති වා”ති සම්මාකම්මන්තස්ස ච සම්මාවායාමස්ස පදට්ඨානං.
Sinhala BJT4. “පදට්ඨාන” යනු: අටළොස්වැදෑරුම් මනෝපවිචාරයන්ට ආසන්න කාරණ වෙයි. ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යනු: සියලු කුශලපක්‍ෂයට මේ ධර්‍මයෝ පදට්ඨාන යැ, ‘මනසා චෙ පසන්නෙන’ යනු: චිත්තයාගේ යම් ප්‍රසාදයෙක් ඇද්ද මේ පැහැදීම සද්ධින්‍ද්‍රියට පදට්ඨාන යැ. ‘භාසති වා’ යනු: සම්‍යග්වචනයට පදට්ඨාන යැ. ‘කරෝති වා’ යනු: සම්‍යක්කර්‍මාන්තයට ද සම්‍යග්ව්‍යායාමයට ද පදට්ඨාන යි.
Pali BJT5. ලක්ඛණොති: ඉති පුබ්බඞ්ගමා ධම්මාති වෙදනාපුබ්බඞ්ගමාපි එතෙ, සඤ්ඤාපුබ්බඞ්ගමාපි එතෙ, සඞ්ඛාරපුබ්බඞ්ගමාපි එතෙ. යෙ කෙචි ධම්මා සහජාතා සබ්බෙ පුබ්බඞ්ගමා එතෙසං ධම්මානං. “තතො නං සුඛමන්වෙතී”ති සොමනස්සම්පි නං අන්වෙති යං සුසුඛච්ඡායා තදපි නං සුඛං තදපි අන්වෙති.
Sinhala BJT5. “ලක්ඛණ” යනු: මෙසේ ‘පුබ්බඞ්ගමා ධම්මා’ යනු මොහු වේදනාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංඥාපූර්‍වඞ්ගම වූවාහු ද වෙති. මොහු සංස්කාරපූර්‍වඞ්ගම වූවාහු ද වෙත්. තෙල දහමුන්ට යම් කිසි ධර්‍ම කෙනෙක් සහජාත වූවාහු ද ඒ සියල්ලෝ පූර්‍වඞ්ගම වෙත්. ‘තතො නං සුඛමන්වෙති’ යනු: සොම්නස ද ඔහු අනුව යෙයි, යම් සුව එළවන සෙවණැල්ලක් ඇද්ද (එමෙන්) සුවය ඔහු අනුව යෙයි.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ‘මනොපුබ්බඞ්ගමා’ති න ඉදං එකාධිවචනං{2} කිං කාරණා, සබ්බෙ යෙව ඉමෙ ඡ විඤ්ඤාණකායා, ඉමම්හි භගවතො කො අධිප්පායො: යෙ සුඛෙන අත්ථිකා, තෙ මනං පසාදෙන්තීති අයං ඉමම්හි සුත්තෙ භගවතො අධිප්පායො. අත්ථො පුබ්බෙයෙව නිද්දිට්ඨො.
Sinhala BJT6. එහි ‘චතුබ්‍යුහහාරය’ කවරෙ යැ: ‘මනෝපුබ්බඞ්ගමා’ යන මෙය ඒකාධිවචන නො වෙයි. කරුණු කිම යත්: මොහු සියලු මැ ෂඩ්විඥානකායයෝ වෙති. මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය කවරෙ යැ: යම් කෙනෙක් සුව කැමැත්තාහු වෙත් ද, ඔහු සිත පහදවා ගනිති, යන මේ මෙමැ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අභිප්‍රාය යි. අර්‍ත්‍ථ පළමු මැ දක්වන ලද්දේ යි.
Pali BJT7. යානි හි කුසලමූලානි, තානි අට්ඨානිසංසමත්තා හෙතු, අයං අට්ඨඞ්ගිකො මග්ගො. දස ඨානානි දෙසනාහෙතූනි දෙසනාපච්චයා නිද්දෙසනා ච. තත්ථ යං මඤ්ඤෙ දුක්ඛෙන සහ නාමරූපං විඤ්ඤාණසම්මන්ති අඞ්ගෙන කුසලමූලං පහීයති. අයං අප්පහීනභූමියං සමුදයො. යං තෙසං පහානං, අයං නිරොධො ඉමානි චත්තාරි සච්චානි. අයං ආවට්ටො හාරො.
Sinhala BJT7. යම් කුශලමූල කෙනෙක් වෙත් ද, ඔහු අෂ්ට ආනිශංසමාත්‍ර වූවාහු හේතු යැ, මේ අෂ්ටාඞ්ගික මාර්‍ග යි. (දස ඨානානි ... කුසලමූල පහීයති?) මේ අප්‍රහීණභූමියෙහි සමුදය යැ, ඔවුන්ගේ යම් ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යැ, මේ සතර සත්‍යයෝ යි. මේ ආවත්තහාර යි.
Pali BJT8. විභත්තී ති:
Sinhala BJT8. විභත්ති යනු:
Pali BJT“මනොපුබ්බඞ්ගමා ධම්මා - මනොසෙට්ඨා මනොජවා, මනසා චෙ පසන්නෙන - භාසති වා කරොති වා, තතො නං සුඛමන්වෙති - ඡායාව අනපායිනී”ති.
Sinhala BJTවේදනාදි චෛතසිකධර්‍මයෝ සිත පෙරටුකොට ඇත්තාහ, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, සිත පසුපස යන්නාහ. ඉදින් පහන් සිතින් යුක්ත වැ කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නොහැර යන සෙවණැල්ලක් සෙයින් කායික චෛතසික විපාක සුඛය ඒ පුද්ගලයා කැටිව යේ යයි.
Pali BJTතං න එකංසෙන සමණස්ස වා බ්රාහ්මණස්ස වා පන හොති. තස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස සකසත්ථෙ චිත්තං පසාදෙති තෙන ච පසන්නෙන චිත්තෙන භාසති බ්යාකරොති න තං සුඛමන්වෙති න ඡායාව අනුගාමිනී, දුක්ඛමෙව තං අන්වෙති. යථා මහන්තං චක්කං පදමන්වෙති, ඉදං තං විභජ්ජබ්යාකරණීයං, මනසා චෙ පසන්නෙන කායකම්මං වචීකම්මං සුඛවෙදනීයන්ති සම්මග්ගතෙ{1} සුඛවෙදනීයං මිච්ඡාගතෙ{2}. දුක්ඛවෙදනීයං අයං විභත්ති.
Sinhala BJTඑය ඒකාන්තයෙන් මහණකුට හෝ බමුණකුට හෝ නො වෙයි, ඒ මිසදිටු ඇත්තහුට හෝ ස්වකීය ශාස්ත්‍රයෙහි සිත පහදවා නම්, යළි ඒ පහන් සිතින් යුතුව කියා නම් පවසා නම් ඔහු කරා සුවය නො එයි. සෙවණැල්ලක් මෙන් අනුව යන්නී නො වෙයි, දුක ම ඔහු අනුව යෙයි. යම්සේ මහත් වූ චක්‍රය විය අනුව යේ ද එමෙනි. මේ විභාග කොට ප්‍රකාශ කළයුතු යැ. ඉදින් පහන් සිතින් යුතුවැ කළ කායකර්‍මය වාක්කර්‍මය සම්‍යග්ගත කල්හි සුඛවේදනීය යි ද මිත්‍ථ්‍යාගත කල්හි දුඃඛවේදනීය යි ද පැවැසියැ යුතු වේ. ‘විභත්තිහාර’ යි.
Pali BJT9. තත්ථ කතමො පරිවත්තනො හාරො: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති යං මනසා පදුට්ඨෙන භාසති වා කරොති වා දුක්ඛමස්සානුගාමිනී, එතානියෙව ද්වෙ සුත්තානි භාසිතානි, එස එව ච පටිපක්ඛො, යදිදං. . . .
Sinhala BJT9. එහි පරිවත්තනහාර කවරෙයැ: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යි ප්‍රදුෂ්ට වූ සිතින් යුක්තව යමක් කියා හෝ කෙරෙයි හෝ විපාක දුක ඔහු අනුව යනු වෙයි. තෙල දෙ සුත මැ වදාරනලදහු යැ. යළි මෙය මැ ප්‍රතිපක්‍ෂ වෙයි, ...
Pali BJT10. වෙවචනන්ති: මනො චිත්තං විඤ්ඤාණං මනින්ද්රියං මනොවිඤ්ඤාණධාතු.
Sinhala BJT10. “වෙවචන” යනු: ‘මන චිත්ත විඤ්ඤාණ මනින්‍ද්‍රිය මනෝවිඤ්ඤාණධාතු’ යන මේ යි.
Pali BJT11. පඤ්ඤත්තීති: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති අයං මනො කිඤ්චි පඤ්ඤත්තියා පඤ්ඤත්තං. “ධම්මා”ති කුසලකම්මපථපඤ්ඤත්තියා පඤ්ඤත්තං. “මනොසෙට්ඨා”ති විසිට්ඨපඤ්ඤත්තියා පඤ්ඤත්තං “මනොජවා”ති. සහ පඤ්ඤත්තියා පඤ්ඤත්තං. ‘චිත්ත’න්ති නෙක්ඛම්මපඤ්ඤත්තියා පඤ්ඤත්තං. - “මනසා චෙ පසන්නෙනා”ති සද්ධින්ද්රියපඤ්ඤත්තියා පඤ්ඤත්තං, “මනසා චෙ පසන්නෙනා”ති අනාවිලසඞ්කප්ප දුතියජ්ඣානපඤ්ඤත්තියා පඤ්ඤත්තං. “මනසා චෙ පසන්නෙනා”ති අස්සද්ධානං පටිපක්ඛපඤ්ඤත්තියා පඤ්ඤත්තං, ‘භාසති වා’ති සම්මාවාචා පඤ්ඤත්තියා පඤ්ඤත්තං. “කරොති වා”ති සම්මාකම්මන්තපඤ්ඤත්තියා පඤ්ඤත්තං, “තතො නං සුඛමන්වෙති”ති ඣානසමාධානං. ඉන්ද්රියෙසු මනින්ද්රියං. පටිච්චසමුප්පාදෙ විඤ්ඤාණං.
Sinhala BJT11. පඤ්ඤත්ති යනු: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යි මේ මනස කිසි ප්‍රඥප්තියෙකින් පනවල ලද, ‘ධම්මා’ යනු කුශලකර්‍මපථප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනෝසෙට්ඨා’ යනු විශිෂ්ටප්‍රඥප්තියෙන් පනවනලද, ‘මනෝජවා’ යනු සමග යන ප්‍රඥප්තියෙන් පනවන ලද, ‘චිත්තං’ යනු නෛෂ්ක්‍රම්‍යප්‍රඥප්තියෙන් පනවනලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු සිද්ධින්‍ද්‍රියප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු අනාවිල සංකල්ප ඇති ද්විතීයධ්‍යානප්‍රඥප්තියෙන් පනවල ලද, ‘මනසා චෙ පසන්නෙන’ යනු ශ්‍රද්ධා නැතියනට ප්‍රතිපක්‍ෂභාව ප්‍රඥප්තියෙක් පනවන ලද, ‘භාසති වා’ යනු සම්‍යග්වචනප්‍රඥප්තියෙන් පනවල ලද, ‘කරෝතිවා’ යනු සම්‍යක්කර්‍මාන්තප්‍රඥප්තියෙන් පනවනලද, ‘තතො නං සුඛමන්වෙති’ යනු ධ්‍යානයෙහි (සිත) පිහිටුවීම යැ, ඉන්‍ද්‍රියයන් කෙරෙහි මනින්‍ද්‍රිය යැ, පටිච්චසමුප්පාදයෙහි විඥාන යි.
Pali BJT12. ඔතරණොති: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති මෙත්තා{3} ච මුදිතා ච ඣානෙසු දුතියං ඣානං තතියං ච. ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො, ධාතුසු ධම්මධාතු, ආයතනෙසු ධම්මායතනං,
Sinhala BJT12. “ඕතරණ” යනු: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යනු මෛත්‍රිය ද මෘදුත්‍වය ද වෙයි, ධ්‍යානයන් කෙරෙහි ද්විතීයධ්‍යානය හා තෘතීයධ්‍යානය ද වෙයි. ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි. ධාතුන් කෙරෙහි ධර්‍මධාතු යැ. ආයතනයන් කෙරෙහි ධර්‍මායතන යැ.
Pali BJTයං කුසලං ඉන්ද්රියෙසු සුඛින්ද්රියං ච සොමනස්සින්ද්රියං ච පදට්ඨානං, ඉමෙසං ධම්මානං පටිච්චසමුප්පන්නානං ඵස්සපච්චයා සුඛවෙදනීයො ඵස්සො සුඛවෙදනා, මනොපවිචාරෙසු සොමනස්සවිචාරො, ඡත්තිංසෙසු පඨමපදෙසු ඡ සොමනස්ස නෙක්ඛම්මස්සිතා. ඉති අයං ඔතරණො හාරො.
Sinhala BJTඉන්‍ද්‍රියයන් කෙරෙහි සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය ද පදට්ඨාන යි. ප්‍රතීත්‍යසමුත්පන්න වූ මේ ධර්‍මයන්ට ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛවේදනීය වූ ස්පර්‍ශය සුඛවේදනාව දනවයි. මනෝපවිචාරයන් කෙරෙහි සොම්නස්සහගත විචාරය වෙයි. සතිස් ප්‍රථම පදයන් කෙරෙහි සොම්නස් සහගත නෛෂ්ක්‍රම්‍යය ඇසුරු කළ සපදයෝ වෙත් යයි. මේ ‘ඕතරණ’ හාර යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඑහි ‘උද්ධ’ නම් කිමැ: මේ කාමධාතුයෙන් උඩ යම් අනාගාමී රූපාරූපධාතුයෙක් වේ ද මේ උද්ධ නමැ. ‘අධෝ’ නම් යමක් ඉක්මැ වූයේ අතීත වේ ද (බුදුහු) මේ උදාන පාළිය වදාළහ. එහි අතීතයෙන් පූර්‍වාන්තකල්පිකයන්ගේ ශාශ්වතදෘෂ්ටිය ද කිසි කෙනෙකුන්ගේ අපරාන්තදෘෂ්ටිය ද. (යං වුත්තකප්පිකානං?) මේ දෘෂ්ටීහු ද උච්ඡේද දෘෂ්ටිය ද ශාස්වත දෘෂ්ටිය ද වෙත්.
Pali BJT13. තත්ථ කතමො සොධනො හාරො: යං අත්ථං ආරබ්භ ඉදං සුත්තං භාසිතං, සො අත්ථො නියුත්තො, එතමත්ථං ආරබ්භ සුත්තං, අයං සොධනො හාරො.
Sinhala BJT13. එහි ‘සෝධනහාර’ කවරෙ යත්: යම් අර්‍ත්‍ථයක් අරභයා මේ සූත්‍රය දෙසන ලද ද, ඒ අර්‍ත්‍ථය දක්වන ලද, සූත්‍රය තෙල කරුණ සඳහා යි. මේ ‘සෝධන’ හාර යි.
Pali BJT14. තත්ථ කතමො අධිට්ඨානො හාරො: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති වෙමත්ත{1}පඤ්ඤත්ති න එකත්තපඤ්ඤත්ති, “ධම්මා’ති එකත්තතා{2} න වෙමත්තපඤ්ඤත්ති. “මනසා චෙ පසන්නෙනා”ති සො පසාදො දුවිධො{3} අජ්ඣත්තං ච අබ්යාපාදාවික්ඛම්භනතො{4} බහිද්ධා ච ඔකප්පනතො. සො අජ්ඣත්තපසාදො දුවිධො සමුග්ඝාතපසාදො ච වික්ඛම්භනපසාදො ච බ්යාපාදපරියුට්ඨානං. විඝාතො න මූලපසාදො ජාතමූලම්පි වා. පසාදො සබ්යාපාදං විඝාතෙන “තතො නං සුඛමන්වෙතී”ති සුඛං කායිකං ච චෙතසිකං ච, අප්පියවිප්පයොගො’පි පියසම්පයොගො’පි නෙක්ඛම්මසුඛම්පි පුථුජ්ජනසුඛම්පි පීතිසම්බොජ්ඣඞ්ගම්පි චෙතසිකං සුඛං. යම්පි පස්සද්ධකායො සුඛං වෙදෙති, තම්පි කායිකං සුඛං, බොජ්ඣඞ්ගා ච චෙතසිකං සුඛං යම්පි පස්සද්ධකායො සුඛං වෙදෙති, තම්පි තඤ්ච සුඛපදට්ඨානං පඤ්ඤත්තියා යථාවුත්තං තං අපරාමට්ඨං කුසලානං ධම්මානං. “අන්වෙතී”ති අප්පනා සන්දිස්සති න වායං වා පත්තභූතො අන්වෙති. තදිදං සුත්තං ද්වීහි ආකාරෙහි අධිට්ඨාතබ්බං හෙතුනා ච යො පසන්නමානසො විපාකෙන ච යො දුක්ඛවෙදනීයො.
Sinhala BJT14. එහි ‘අධිට්ඨානහාර’ කවරෙ යත්: “මනෝපුබ්බඞ්ගමා ධම්මා” යනු වේමත්ත පඤ්ඤත්ති යැ, ඒකත්‍වප්‍රඥප්ති නො වෙයි. “ධම්මා” යනු ඒකත්තතා යැ, වේමත්ත පඤ්ඤත්ති නො වෙයි, ‘මනසා චෙ පසන්නෙන’ යනු ඒ ප්‍රසාදය අව්‍යාපාදවිෂ්කම්භණයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ද ඔකප්පන වශයෙන් බාහිරප්‍රසාදය දැයි දෙවැදෑරුම් වෙයි. ඒ අධ්‍යාත්මප්‍රසාදය සමුද්ඝාතප්‍රසාදය ද විෂ්කම්භණප්‍රසාදය දැයි දෙවැදෑරුම් වෙයි. (බ්‍යාපාද පරියුට්ඨානං ... විඝාතෙන?) “තතො නං සුඛමන්වෙති” යනු සුඛය කායික චෛතසික වෙයි. අප්‍රියයන්ගේ විප්‍රයෝගය ද ප්‍රියයන්ගේ සම්ප්‍රයෝගය ද නෛෂ්ක්‍රම්‍යසුඛය ද පෘථග්ජනසුඛය ද ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ද චෛතසිකසුඛ යැ, සැහැල්ලු වූ කය ඇතියේ යම් සුවයක් විඳි ද ඒ ද කායිකසුඛ යැ, බෝධ්‍යඞ්ගයෝ චෛතසිකසුඛ යැ, සැහැල්ලු වූ කය ඇතියේ යම් සුවයක් විඳී ද ඒ සුවය ද ප්‍රඥප්තියෙන් සුඛයට පදට්ඨාන වූ යථෝක්ත වූ ඒ සුඛය කුශලධර්‍මයන් විසින් අපරාමෘෂ්ට යැ. ‘අන්වෙති’ යනු අර්‍පණාව දක්නා ලැබෙයි. මෙය පාත්‍රවූයේ නො ද අනුව යෙයි. මේ සූත්‍රය පහන් සිත් ඇති යමෙක් වේ ද හේ හේතු වශයෙන් ද, දුක්ඛවේදනීය වූ යමෙක් වේ ද හේ විපාක වශයෙන් දැයි දෙ ආකාරයෙකින් අධිෂ්ඨාතව්‍ය යි.
Pali BJT15. පරික්ඛාරො’ති භගවා පඤ්චසතෙන භික්ඛුසඞ්ඝෙන නගරං පවිසති රාජගහං. තත්ථ මනුස්සො පුග්ගලො භගවන්තං පරිවිසති, තස්ස පසාදො උප්පන්නො, කුසලමූලපුබ්බයොගාවචරොපි සො අඤ්ඤෙසං ච අක්ඛාති ඉදං වාචං භාසති: ‘ලාභා තෙසං යෙසං නිවෙසනං භගවා පවිසති අම්හාකම්පි යදි භවෙය්ය මයම්පි භගවතො සම්පසාදං ලච්ඡම්හා’ති. යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා ‘නමො භගවතො, නමො භගවතො’ති අබ්යාපාදමනො{5} එකමන්තෙ අට්ඨාසි. තදනන්තරෙ භගවා ඉමං සුත්තං අභාසිත්ථ: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති. සබ්බං සුත්තං තත්ථ{6} පරෙසං භාසති, ඉදං වාචා කම්මං. යං අඤ්ජලිං පණාමෙති, ඉදං කායකම්මං. යො මනො පසාදො ඉදං මනොකම්මං. තත්ථ යං පරෙසං පකාසෙති භාසති වණ්ණං යෙසං භගවා නිවෙසනං ගච්ඡතී’ති සබ්බං තස්ස අලොභො කුසලමූලං, යං භගවති මෙත්තචිත්තං.{7} තස්ස අදොසො කුසලමූලං, යං අඤ්ජලිං පණාමෙති, මානං ච නිග්ගණ්හාති, තත්ථස්ස අමොහො කුසලමූලං පාතුභවති.
Sinhala BJT15. “පරික්ඛාර” යනු: භාග්‍යවත්හු පන්සියක් භික්‍ෂුසංඝයා සමග රජගහනුවරට පිවිසෙන සේක. එහි මිනිස් පුඟුලෙක් භාග්‍යවතුන් වළඳවයි, ඔහුට ප්‍රසාදය උපන, කුසල්මුල් ඇති පූර්‍වයෝගාවචර වූ ද හෙතෙම අන්‍යයනට ද කියයි. මේ වදන් පවසයි: ‘යම් කෙනකුන්ගේ නිවෙස්නට බුදුහු පිවිසෙත් ද, ඔවුනට ලාභෙයෙක, අපට ද ඉදින් (දේයධර්‍මයෙක්) වී නම් ඇපිදු භාග්‍යවතුන් වහන්සේගේ සම්ප්‍රසාදය ලබන්නම්හ’ යි. භාග්‍යවත්හු යම් තැනෙක ද එ තැන්හි ඇඳිලිබැඳ, ‘භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා’යි අව්‍යාපාද සිත් ඇතියේ එක්පසෙක සිටියේය. ඊට අනතුරුව බුදුහු මේ සූත්‍රය වදාළහ: ‘මනෝපුබ්බඞ්ගමා ධම්මා’ යි. සියලු සූත්‍රය (දැක්වියයුතු). එහි යමක් පරහට කියා ද, මෙය වාක්කර්‍ම යැ, යම් ඇඳිලි බැඳීමෙක් ඇද්ද මේ කායකර්‍ම යැ, යම් මනස්ප්‍රසාදයෙක් ඇද්ද මේ මනඃකර්‍ම යැ, එහි යමක් මෙරමාහට පවසා ද ‘බුදුහු යම් කෙනකුන්ගේ නිවෙස්නට වඩිතී, ගුණ කියා ද, සියල්ල ඔහුගේ අලෝභකුශලමූල යැ, භාග්‍යවතුන් කෙරෙහි යම් මෙත්සිතක් ඇද්ද එය ඔහුගේ අදෝසකුසලමූල යැ, ඇඳිලිබැඳීම යැ යන යමක් ඇද්ද මානයත් නිග්‍රහ කෙරේ ද එහි දී ඔහුට අමෝහකුසලමූලය පහළ වෙයි.
Pali BJTයං උළාරපඤ්ඤං පටිලභති, ඉදමස්ස දිට්ඨිවිපල්ලාසප්පහානං. යො{1} තථායෙව සංවරො හොති, ඉදමස්ස සඤ්ඤාවිපල්ලාසප්පහානං, යං මනස්ස පසාදනං, ඉදමස්ස චිත්තවිපල්ලාසප්පහානන්ති අකුසලවිපල්ලාසානං වික්ඛම්භනං පහානං පච්චයො.
Sinhala BJTයම් උදාර ප්‍රඥාවක් උපදවා ද මේ ඔහුගේ දිට්ඨිවිපල්ලාසය ප්‍රහීණවීම යැ, එසේ මැ යම් සංවරයෙක් වේ ද, මේ ඔහුගේ සඤ්ඤාවිපල්ලාසය ප්‍රහීණවීම යැ, චිත්තයාගේ යම් පැහැදීමක් ඇද්ද මේ ඔහුගේ චිත්තවිපල්ලාසය ප්‍රහීණවීම යැයි. අකුශලවිපර්‍ය්‍යාසයන්ගේ විෂ්කම්භණය ප්‍රහාණයට ප්‍රත්‍යය වේ.
Pali BJTතීණි කුසලමූලානි යො අනාවිලචිත්තසඞ්කප්පො, සො තස්ස මනසිකාරොති වුච්චති, යං කිලෙසෙහි වික්ඛම්භනං ඉති විපල්ලාසා ච ආරම්මණා සප්පච්චයතාය පච්චයො, කුසලමූලානි ච සන්නිස්සයතාය{2} පච්චයො, සො ච මනසිකාරො හෙතුනා ඉමිනා පච්චයෙන චිත්තං උප්පන්නං. තත්ථ යං සත්තාරම්මණං චිත්තං පවත්තං අයං බුද්ධානුස්සති. යම්පි භගවතො ගුණෙ මනසිකරොති, අයමස්ස ධම්මානුස්සති. තත්ථ සතිසම්පජඤ්ඤං හෙතු, අයං ච පච්චයො, වාචා පඤ්ඤාහෙතු, විතක්කවිචාරා පච්චයො. කායසඞ්ඛාරා කම්මස්ස අභිසඞ්ඛාරො නාම හෙතු වා අප්පච්චයො සුඛවෙදනීයස්ස කම්මස්ස උපචයො හෙතුකා කම්මස්ස පච්චයො.
Sinhala BJTතුන් කුශලමූලයෝ වෙති, යම් අනාවිල චිත්තසංකල්පයෙක් වේ ද එය ඔහුගේ මනසිකාර යයි කියනු ලැබේ. ක්ලේශයන්ගේ (ක්ලෙසෙහි?) යම් විෂ්කම්භණයක් වේ ද, මෙසේ විපල්ලාසයෝ ද ආලම්බනසප්‍රත්‍යයතායෙන් ප්‍රත්‍යය වෙයි. කුසලමූලයෝ ද සන්නිශ්‍රයතායෙන් ප්‍රත්‍යය වෙයි, ඒ මනසිකාරය ද මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් උපන් වෙයි. එහි ශාස්තෲන් වහන්සේ අරමුණු කොට යම් සිතක් පවතී ද, මේ බුද්ධානුස්මෘති යැ, යම් භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කෙරේ ද, මේ ඔහුගේ ධර්‍මානුස්මෘති යැ, එහි සතිසම්පජඤ්ඤය හේතු යැ, මේ ප්‍රත්‍යය ද වෙයි, වචනය ප්‍රඥාවට හේතු යැ, විතර්‍ක විචාරයෝ ප්‍රත්‍ය යැ, කායසංස්කාරයෝ කර්‍මයාගේ අභිසංස්කාර නම, හේතු හෝ යි.
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො හාරො: මනසායෙව පසන්නෙන සතොයෙවෙත්ථ පසන්නො අපිච චිත්තවොදානා සත්තා විමුච්චන්තීති තෙන සත්තා චිත්තපුබ්බඞ්ගමා චිත්තෙන පසන්නෙන චෙතනාපි තත්ථ චිත්තභූතා භවන්තීති පටිඝා අයං චෙතනානං පසාදෙන කායො චස්ස පසාදො සො ච ආරභති පසාදෙන පසන්නො සඤ්ඤානන්ති චස්ස අවිපරීතා, සො පඤ්චවිධො වික්ඛම්භනා, කායපස්සම්භනායෙවාපසාදො චිත්තසිතො, චිත්තං පන පුබ්බංයෙව පසන්නං. අයං සමාරොපනා. එවං පඤ්චුන්නම්පි පසාදො. “තතො නං සුඛමන්වෙතීති කතමං භගවා නිද්දිසති: න හි අත්තසච්චං තස්ස කම්මස්ස විපාකො අන්වෙති, තස්ස උපායො අනුගච්ඡති, යදා සිතපච්චයා උප්පජ්ජතෙ සොමනස්සං අවිප්පටිසාරොපි අන්වෙති. අයං සමාරොපනො හාරො.
Sinhala BJT16. එහි ‘සමාරෝපන’ හාරය කවරෙ යැ: පහන්වූ සිත මැ හේතු කොටගෙන මෙහි විද්‍යමානවූ මැ ප්‍රසාදය වෙයි. තවද චිත්තයාගේ ව්‍යවදානයෙන් සත්‍වයෝ විමුක්ත වෙත්නුයි සත්‍වයෝ පහන් සිතින් සිත පෙරදැරි කොට ඇත්තාහු වෙති. (චේතනාජි තත්‍ථ ... එවං පඤ්චන්නම්පි පසාදො? මේ වාක්‍ය ප්‍රදේශය අතිශයින් ව්‍යාකූලව ඇත.)
Pali BJT7. 5.
Sinhala BJT7. 5.
Pali BJTමහානාම සක්කස්ස සුත්තං.
Sinhala BJTමහානාම සූත්‍රය
Pali BJT“ඉමම්හි චාහං{3} සමයෙ (අසතො{4} අසම්පජානො) කාලං කරෙය්යං{5} කා මමස්ස ගති{6} කො අභිසම්පරායොති{7} මා භායී මහානාම මා භායී මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති අපාපිකා කාලකිරියා, යස්ස කස්සචි මහානාම දීඝරත්තං සද්ධාපරිභාවිතං චිත්තං,{8} සීලපරිභාවිතං සුතපරිභාවිත”න්ති) (විත්ථාරෙන කාතබ්බං.)
Sinhala BJT(වහන්ස) මෙසමයෙහි මම් ස්මෘති රහිතයෙම් සම්‍යග්ඥාන නැතියෙම් කලුරිය කෙරෙම් නම් මාගේ ගති කවරක් වෙයි ද පරලොව කුමක් වේ දැ’ යි. ‘මහානාමය, නහමක් බියපත් ව, මහානාමය, නහමක් බියපත් ව, තොපගේ මරණය අලාමක වන්නේ යැ. කාලක්‍රියාව අලාමක වන්නී යැ. මහානාමය, යම් කිසිවක්හුගේ චිත්තය දීර්‍ඝරාත්‍රයෙහි ශ්‍රද්ධායෙන් පරිභාවිත (වඩන ලද) ද ශීලයෙන් පරිභාවිත ද ශ්‍රැතයෙන් පරිභාවිත දැ’ යි (විස්තරයෙන් දැක්වියැ යුතු.)
Pali BJT1. චාගෙන ච පඤ්ඤාය ච කිං දස්සෙති: යා සද්ධා සා චෙතසො පසාදො, යා අනාවිලසඞ්කප්පතා සා සද්ධා, කිං කාරණා: අනාවිලලක්ඛණත්තා{1}, අනාවිලලක්ඛණා හි සද්ධා, අපරෙ ආහු, ගුණපාරිසුද්ධිනිට්ඨාගමනලක්ඛණා, යං ච අපරෙ වා වචනපටිග්ගහලක්ඛණා සද්ධා.
Sinhala BJT1. ත්‍යාගයෙන් ද ප්‍රඥායෙන් ද කුමක් දක්වා ද යත්: යම් ශ්‍රද්ධාවක් ඇද්ද ඕ චිත්තයාගේ ප්‍රසාදය යැ. යම් අනාවිලසංකල්පනායෙක් ඇද්ද ඕ ශ්‍රද්ධා යැ කරුණු කිම යත්: අනාවිලලක්‍ෂණ ඇති බැවිනි. එසේ මැය ශ්‍රද්ධාව අනාවිලලක්‍ෂණ ඇත්තී යැ අන්‍යයෝ මෙසේ කීහු: ගුණපාරිශුද්ධිය නිෂ්ඨා කොට දැනීම ලක්‍ෂණ වන්නී යැයි නොහොත් අන්‍යයෝ ශ්‍රද්ධාව වචන පිළිගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යයි කියත්.
Pali BJTඅපරො පරියායො: අත්තානං යදි එවං ඔකප්පෙති “නාහං කිඤ්චි ජානාමීති, එසො අහං තත්ථ අනුඤ්ඤත්තා අනඤ්ඤථා{2} ති අයං සද්ධාති. අපරො පරියායො: එකසට්ඨියා දිට්ඨිගතානං ආදීනවානුපස්සනා අනිච්චං දුක්ඛමනත්තා’ති. තෙන ච පදිට්ඨං භවති යථා ගම්භීරෙ උදපානෙ උදකං චක්ඛුනා පස්සති න ච කායෙන අභිසම්භූනාති, එවමස්ස අරියා නිජ්ඣානක්ඛන්තියා දිට්ඨි භවති, න ච සමජිකතා, අයං වුච්චති සද්ධා. සා ච ලොකිකා. අපරො පරියායො: ඛමති පුථුජ්ජනභූතස්ස වීසති ජාතිකො සක්කායාධීනා න නිවෙසො, එතං එකන්ති නයසඤ්ඤා යථාභූතං දිට්ඨියා තු ඛලු මුදූහි පඤ්චහි ඉන්ද්රියෙහි දස්සනමග්ගෙන පහීනා භවන්ති. දිට්ඨෙකට්ඨා ච කිලෙසා, අයං සද්ධා.
Sinhala BJTඅන්‍යත් පාර්‍ය්‍යායයෙකි : ඉදින් තමා මෙසේ අවකල්පන කෙරේ ද ‘මම් කිසිවක් නො දනිමි. තෙල මම් එහි (අනුඤ්ඤත්තා අනඤ්ඤථා?) මේ ශ්‍රද්ධා වේ යයි. අනිත් පරියායකුදු වෙයි: එක් සැටක් දෘෂ්ටිගතයන්ගේ ආදීනව නුවණින් දැකීමෙන් අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැයි මොනවට දක්නා ලද වෙයි. යම්සේ ගැඹුරු කූපයෙක ජලය ඇසින් දකී ද නො ද කයින් අවබෝධ කෙරේ ද එපරිද්දෙන් ඔහුට ආර්‍ය්‍ය ...
Pali BJTසොතාපත්තඞ්ගමුදුක්ඛායං භූමියං පරිපුණ්ණා වුච්චති. තස්මිංයෙව භූමියං සෙක්ඛසීලං අරියා ධාරයන්ති{3} වුච්චති, තස්මිංයෙව භූමියං මුදුපඤ්ඤා පඤ්ඤින්ද්රියන්ති වුච්චති, තස්මිංයෙව භූමියං ඛන්ධෙහි අනත්ථිකතා, අයං චාගො. තස්මා සද්ධා චාගාධිට්ඨානෙන නිද්දිසිතබ්බා. යතිකෙන භිය්යො මනෙන සා හිස්ස විපරීතා දිට්ඨිකා අසද්ධා, සා නයනඋපධීසු සමත්තා{4} සමාදින්නා තත්ථ සද්ධින්ද්රියං යො කාමං පරිවිසති{5} ඉති සන්තපාපපටිනිස්සග්ගා න චාගාධිට්ඨානං, පඤ්ඤින්ද්රියෙන පඤ්ඤාධිට්ඨානං, සීලෙන උපසමාධිට්ඨානං. ඉමෙ චත්තාරො ධම්මා සීලං පරිභාවයන්ති සද්ධා සීලං චාගො ච පඤ්ඤාති.
Sinhala BJTඒ සෝතාපත්ති භූමියෙහි මැ මෘදු වූ ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. ඒ භූමියෙහි මැ ස්කන්‍ධයන්ගෙන් අනත්‍ථික බව වෙයි, මේ ත්‍යාගය යැ, එහෙයින් ශ්‍රද්ධාව ත්‍යාගාධිෂ්ඨානයෙන් දැක්වියැ යුත්තී යැ. (යතිකෙන භිය්‍යො මනෙන?) ඒ ඔහුගේ විපරීත දෘෂ්ටි ඇති බව අශ්‍රද්ධා යැ. (සා නයනඋපධීසු?) රැස්කරනලද සමාදන් කොට ගන්නා ලද වෙයි. එහි සද්ධින්‍ද්‍රියය යමෙක් කාමය දුරලා ද මෙසේ විද්‍යමාන පාපය දුරලීමෙන් ත්‍යාගාධිෂ්ඨාන නො වෙයි. පඤ්ඤින්‍ද්‍රියයෙන් පඤ්ඤාධිට්ඨාන වෙයි. සීලයෙන් උප සමාධිට්ඨාන වෙයි, ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන මේ සතර ධර්‍මයෝ ශීලය පරිභාවන කෙරෙත්.
Pali BJTතත්ථ සද්ධාය ඔඝං තරති. යං සීලං, අයං අප්පමාදො, යො චාගො, ඉදං පඤ්ඤාය කම්මං. යා පඤ්ඤා, ඉදං පඤ්ඤින්ද්රියං, තත්ථ යං පඤ්ඤින්ද්රියං, තං තීසු අවෙච්චපසාදෙසු. යං සීලං තං සද්ධින්ද්රියෙසු. යො චාගො සො චතුසු ඣානෙසු. යා පඤ්ඤා, සා සච්චෙසු. සති සබ්බත්ථගාමිනී. තස්ස සෙක්ඛස්ස භද්දිකා ගති{6} භද්දිකො අභිසම්පරායො.
Sinhala BJTඑහි ශ්‍රද්ධායෙන් චතුරෝඝය තරණය කෙරෙයි. යම් සීලයක් ඇද්ද මේ අප්‍රමාද යැ. යම් ත්‍යාගයෙක් ඇද්ද මේ ප්‍රඥාවගේ කර්‍ම යැ, යම් ප්‍රඥාවක් ඇද්ද මේ පඤ්ඤින්‍ද්‍රිය යැ, එහි යම් පඤ්ඤින්‍ද්‍රියයෙක් ඇද්ද එය තුන් අවෙත්‍යප්‍රසාදයන් හි වෙයි, යම් ශීලයක් ඇද්ද එය සද්ධින්‍ද්‍රියයෙහි වෙයි. යම් ත්‍යාගයෙක් ඇද්ද හේ සතර ධ්‍යානයන්හි වෙයි, යම් ප්‍රඥාවක් ඇද්ද ඒ සත්‍යයන්හි වේ. ස්මෘතිය සර්‍වත්‍රගාමිනී වේ. ඒ ශෛක්‍ෂයාගේ ගතිය භද්‍ර (සොඳුරු) වන්නීය. අභිසම්පරාය (පරලොව) භද්‍ර වන්නේ යි.
Pali BJTතස්ස සම්මුට්ඨසතිකස්ස සීලං කරොන්තස්ස න තාය සම්මුට්ඨසතිතාය තානි වා ඉන්ද්රියානි තං වා කුසලමූලං කම්මවිපාකං භවති. තස්ස තිකස්ස අත්ථනිද්දෙසො: තත්ථ සද්ධා සීලං චාගො පඤ්ඤා චත්තාරො ධම්මා. යා සද්ධා යා ච පඤ්ඤා ඉදං මනොසුචරිතං, යං සීලං, ඉදං කායිකං වාචයිකං සුචරිතං. යො චාගො ඉදං චෙතසිකං අලොභො සුචරිතං, ඉති චිත්තෙ ගහිතෙ පඤ්චක්ඛන්ධා ගහිතා භවන්ති. ඉමෙහි ධම්මෙහි සුචරිතං ඉදං දුක්ඛං ච අරියසච්චං පදට්ඨානං මග්ගස්ස.
Sinhala BJTඒ මුළා සිහි ඇත්තහුගේ සීලය හෝ ඒ මුළා සිහි ඇතිබව හේතු කොට ගෙන ඒ ඉන්‍ද්‍රිය හෝ ඒ කුශලමූලය හෝ කර්‍ම විපාක නොවේ. ඒ ත්‍රිකයාගේ මේ අර්‍ත්‍ථනිර්දේශ යැ: එහි ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා යන සතර ධර්‍මයෝ වෙති, එහි යම් ශ්‍රද්ධාවකුත් යම් ප්‍රඥාවකුත් ඇද්ද මේ මනෝසුචරිත යැ. යම් ශීලයක් ඇද්ද මේ කායික වාචසික සුචරිත යැ, යම් ත්‍යාගයෙක් ඇද්ද මේ චෛතසික වූ අලෝභ සංඛ්‍යාත සුචරිත යැ, මෙසේ චිත්තය ගත් කල්හි පඤ්චස්කන්‍ධයෝ ගන්නාලද්දාහු වෙති. මේ ධර්‍මයන්ගෙන් සුචරිතය ගන්නාලද වෙයි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය ද මාර්‍ගයට පදට්ඨාන ද වේ.
Pali BJT2. තත්ථ කතමො විචයො හාරො: යා ච සද්ධා යං ච සීලං, තං කිස්ස කරොති. යා සද්ධතාය භගවන්තං අනුස්සරති{1} මත්තෙනපි හත්ථිනා සමාගතො{2}, අස්සගොකුක්කරෙහි{3} සබ්බං සීලෙන නප්පටිපජ්ජති කායෙන වා වාචාය වා, ඨානං විසාරදො භවතීති අවිප්පටිසාරී, පඤ්ඤා යස්ස පඤ්ඤත්තං උපට්ඨපෙති, තස්ස අඛණ්ඩස්ස සීලං යං න පච්ඡිතස්සම්මොහස්ස අකුසලචිත්තං උප්පජ්ජති මිච්ඡාදිට්ඨිසහගතං වා, අයං විචයො හාරො.
Sinhala BJT2. එහි ‘විචයහාර’ කවරෙ යත්: යම් ශ්‍රද්ධාවකුත් ශීලයකුත් ඇද්ද, එයින් කුමක් කෙරෙයි යත්: ශ්‍රද්ධායෙන් භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙයි, මතැතක්හු සමග එක්වූයේ අශ්ව ගව ශුනකයන් සමග එක්වූයේ සියල්ල ශීලය හේතු කොටගෙන (නප්පටි පජ්ජති?) කයින් හෝ වචනයෙන් හෝ විශාරද වේ නුයි අවිප්‍රනීසාරී වේ (පඤ්ඤා යස්ස තස්සං මෝහස්ස?) අකුශලචිත්තය උපදී, මිථ්‍යාදෘෂ්ටිසහගත චිත්තය හෝ උපදී. මේ විචයහාර යි.
Pali BJT3. ධම්මවාදිනො භාද්දිකාගති{4} භවිස්සති අත්ථි එසා යුත්ති.
Sinhala BJT3. ධර්‍මවාදීහුගේ භද්‍ර වූ ගති වන්නීයැ යන තෙල යුක්ති ඇති.
Pali BJT4. තත්ථ කතමො පදට්ඨානො හාරො: යමිදං චිත්තං දීඝරත්තං පරිභාවිතං සද්ධාය සීලෙන චාගෙන පඤ්ඤාය සමාධිනා පඨමජ්ඣානස්ස පදට්ඨානං, යා සද්ධා අස්ස අනාවිලසඞ්කප්පා{5} තං දුතියජ්ඣානස්ස පදට්ඨානං, තීණි ච අවෙච්චප්පසාදා, යං සීලං තං අරියකන්තං තං සීලක්ඛන්ධස්ස පදට්ඨානං. යා පඤ්ඤා සා පඤ්ඤාක්ඛන්ධස්ස පදට්ඨානං. ඉමෙ ච ධම්මා ඉදං ච චිත්තං එකොදිභුතසමාධිස්ස පදට්ඨානං. සද්ධා සද්ධින්ද්රියස්ස පදට්ඨානං. චාගො සමාධින්ද්රියස්ස පදට්ඨානං. පඤ්ඤා පඤ්ඤින්ද්රියස්ස පදට්ඨානං, සද්ධා ච පඤ්ඤා ච විපස්සනාය පදට්ඨානං, සීලං ච චාගො ච සමථස්ස පදට්ඨානං. සද්ධා ච පඤ්ඤා ච අවිජ්ජාවිරාගාය පඤ්ඤාවිමුත්තියා පදට්ඨානං, සීලං ච චාගො ච රාගවිරාගාය චෙතොවිමුත්තියා පදට්ඨානං.
Sinhala BJT4. එහි ‘පදට්ඨානහාර’ කවරෙ යැ: යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි ශ්‍රද්ධායෙන් ශීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥායෙන් සමාධියෙන් පරිභාවිත ද ඒ සිත ප්‍රථමධ්‍යානයට පදට්ඨාන යැ, යම් ශ්‍රද්ධාවක් අනාවිල සංකල්ප වේ ද එය ද්විතීයධ්‍යානයට පදට්ඨාන යැ, තුන් අවෙත්‍යප්‍රසාදයෝ ද වෙති. යම් ශීලයක් ඇද්ද, එය ආර්‍ය්‍යකාන්ත යැ, එය ශීලස්කන්‍ධයට පදට්ඨාන යැ, යම් ප්‍රඥාවක් ඇද්ද එය ප්‍රඥාස්කන්‍ධයට පදට්ඨාන යැ, මේ ධර්‍මයෝ ද මේ චිත්තය ද ඒකෝදිභූත සමාධියට පදට්ඨාන යැ, ශ්‍රද්ධාව සද්ධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ත්‍යාගය සමාධින්‍ද්‍රියට පදට්ඨාන යැ, ප්‍රඥාව පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යැ, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් විදර්‍ශනාවට පදට්ඨාන යැ, ශීලයත් ත්‍යාගයත් සමථයට පදට්ඨාන යැ, ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුක්තියට පදට්ඨාන යැ, ශීලයත් ත්‍යාගයත් රාගවිරාග චේතෝවිමුක්තියට පදට්ඨාන යි.
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො හාරො: විඤ්ඤාණෙ වුත්තෙ සද්ධා සති භාවිතා{6} සබ්බෙ පඤ්චක්ඛන්ධා වුත්තා භවන්ති, සද්ධාය භණිතාය සබ්බානි සත්තධනානි භණිතානි හොන්ති. සද්ධාධනං -පෙ- සීලක්ඛන්ධෙ වුත්තෙ සමාධික්ඛන්ධො ච පඤ්ඤාක්ඛන්ධො ච වුත්තා භවන්ති, යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතං, පච්ඡිමකෙ කාලෙ{7} න තදනුපරිවත්තී භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. තත්ථ සඤ්ඤාපි තදනුපරිවත්තිතී භවති. යෙපි තජ්ජාතිකා ධම්මා, තෙපි තදනුපරිවත්තිනො{8} භවන්ති, රූපසඤ්ඤා රූපසඤ්චෙතනානුපස්සනමනසිකාරො, එවං ඡන්නං ආයතනානං විඤ්ඤාණකායෙ. අයං ලක්ඛණො හාරො.
Sinhala BJT5. ‘එහි ලක්ඛණහාර’ කවරෙ යැ: විඤ්ඤාණය කී කල්හි සද්ධා සති දෙකින් භාවිත වූ සියලු පඤ්චස්කන්‍ධයෝ කියනලද්දාහු වෙති, ශ්‍රද්ධාව කී කල්හි සද්ධාධනය ... යන සියලු සප්ත ධනයෝ කියන ලද්දාහු වෙති. ශීලස්කන්‍ධය කී කල්හි සමාධිස්කන්‍ධය ද ප්‍රඥාස්කන්‍ධය ද කියන ලද්දාහු වෙත්.
Pali BJT6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ භද්දිකං{9} ගතිං{10} ආකඞ්ඛෙය්යුං,{11} භද්දිකඤ්චඅභිසම්පරායං, තෙ සද්ධං සීලං චාගං පඤ්ඤං ච මනසි කරිස්සන්ති. අයං අධිප්පායො, යෙ චඤ්ඤෙපි සත්තා තථාගතස්ස සම්මුඛං න පටියුජ්ජන්තෙ ඉමං ධම්මං සොතා අවිප්පටිසාරකං කාලං කරිස්සන්තීති. අයං අධිප්පායො.
Sinhala BJT6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යත්: මේ සූත්‍රයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අධිප්‍රාය කවරෙ යත්: යම් කෙනෙක් භද්‍ර (සොඳුරු) වූ ගතිය ද භද්‍ර වූ අභිසම්පරාය (පරලොව) ද කැමැතිවන්නාහු නම් ඔහු ශ්‍රද්ධාව ශීලය ත්‍යාගය ප්‍රඥාව ද මෙනෙහි කරන්නාහු යැ, මේ අධිප්‍රාය යැ, (අදහස යැ.) යම් අන්‍ය සත්‍ව කෙනෙකුදු තථාගතයන් වහන්සේගේ සම්මුඛයට නො පැමිණියාහු ද ඔහු මේ ධර්‍මය අසා විපිළිසර රහිත වැ කලුරියකරන්නාහු යැ යනු භාග්‍යවතුන් වහන්සේගේ මේ අදහස යි.
Pali BJT7. තත්ථ කතමො ආවට්ටො හාරො: ඉදම්පි චත්තාරො ධම්මා; සද්ධා ච පඤ්ඤා ච අස්සද්ධියං ච අවිජ්ජං ච හනන්ති. සීලං ච චාගො ච තණ්හං ච{1} දොසං ච හනන්ති. තස්ස ද්වෙ මූලානි පහීයන්ති, දුක්ඛං නිවත්තෙති, අප්පහීනභූමියං ච ද්විමූලානි පඤ්චක්ඛන්ධා. ද්වෙ අරියසච්චානි සමථො ච විපස්සනා ච. ද්වින්නං මූලානං පහානං. ඉමානි ද්වෙ සච්චානි නිරොධො ච මග්ගො ච. අයං ආවත්තො හාරො.
Sinhala BJT7. එහි ‘ආවට්ටහාර’ කවරෙ යැ: මේ ද සතර ධර්‍ම කෙනෙක් වෙති, ශ්‍රද්ධාව ද ප්‍රඥාව ද යන දෙදෙන අශ්‍රද්ධාවත් අවිද්‍යාවත් නසති. ශීලය ද ත්‍යාගය ද යන දෙදෙන තෘෂ්ණාවත් ද්වේෂයත් නසති. ඔහුගේ (ලෝභ දෝස යන) මූලයෝ දෙදෙන ප්‍රහීණ වෙති. දුක නවතාලයි, අප්‍රහීණ භූමියෙහිදු (ද්විමූලානි පඤ්චක්ඛන්‍ධා?) සමථය ද විපස්සනාව ද ආර්‍ය්‍ය සත්‍යයෝ දෙදෙනෙක් වෙති. එය (ලෝභ දෝස යන) දෙමූලයන්ගේ ප්‍රහාණය වෙයි. මේ නිරෝධය ද මාර්‍ගය ද යන සත්‍යයෝ දෙදෙන වෙත්. (මේ විවරණය ව්‍යාකූලය?) මේ ආවත්තහාර යි.
Pali BJT8. තත්ථ කතමා{2} විභත්තී: යං තං චිත්තං සද්ධාපරිභාවිතං -පෙ- සචෙ පුථුජ්ජනස්ස තස්සපි භද්දිකා ගති{3} භවිස්සතීති න එකංසෙන, තස්ස කම්මං දිට්ඨෙයෙව ධම්මෙ විපාකන්ති පච්චෙස්සති. අපරම්හි වා පරියායෙ භවිස්සති. යං වා අතීතං විපාකාය පච්චුපට්ඨිතං. තප්පච්චයානි චෙතනානි යෙ යථා මහාකම්මවිභඞ්ගෙ තෙනායං විභජ්ජ බ්යාකරණීයො නිද්දෙසො ධම්මචාරිනො යා භද්දිකා ගතීති.
Sinhala BJT8. එහි ‘විභක්ති’ කවර යැ: යම් සිතක් ශ්‍රද්ධායෙන් පරිභාවිත ද ... ඉදින් ඒ පුහුදුන්හුගේ ද භද්‍ර වූ ගතිය වන්නේ යැ යනු ඒකාන්ත නොවේ. ඔහුගේ කර්‍මය ඉහාත්මයෙහි මැ විපාක ඇතැයි කැමැති වන්නේය. අපරපරියාය භවයෙහි හෝ වන්නේ යැ, යම් අතීත කර්‍මයක් හෝ විපාක පිණිස එළඹැ සිටියේ ද, චේතනාවෝ එය ප්‍රත්‍යය කොට ඇත්තාහු යැ, යම් (නිර්දේශ කෙනෙක්) මහාකර්‍මවිභඞ්ගයෙහි ආවාහු ද, එකරුණෙන් ‘ධර්‍මචාරීහුගේ යම් භද්‍ර වූ ගති වෙයි,’ යන මේ විභාග කොට ප්‍රකාශ කළයුතු නිර්දේශයෙකි.
Pali BJT9. තත්ථ කතමා පරිවත්තනා: අස්සද්ධියං දුස්සීල්යං මච්ඡෙරං දුප්පඤ්ඤං{4} ච පටිපක්ඛෙන පහීනා භවන්ති, අයං පරිවත්තනා.
Sinhala BJT9. එහි ‘පරිවත්තනා’ කවර යත්: ශ්‍රද්ධා රහිත බව ද දුශ්ශීල බව ද මසුරු බව ද දුෂ්ප්‍රාඥ බව ද (යන මේ) ප්‍රතිපක්‍ෂභාවයෙන් ප්‍රහීණ වූවාහු වෙත්. මේ ‘පරිවත්තනා’ යි.
Pali BJT10. තත්ථ කතමං වෙවචනං: යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතං චිත්තං මනො විඤ්ඤාණං -පෙ- යා සද්ධා සා{5} සද්ධාබලං සද්ධින්ද්රියං යං සීලං, තං සුචරිතං, සංයමො නියමො දමො ඛන්ධතා, ඉමානි තස්ස වෙවචනානි. යො චාගො සො පටිනිස්සග්ගො අලොභො වොස්සග්ගො{6} චාගාධිට්ඨානං{7} යා පඤ්ඤා සා පඤ්ඤතා{8} පඤ්ඤප්පභා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං.
Sinhala BJT10. එහි ‘වෙවචන’ කවරෙ යත්: යම් සිතක් දීර්‍ඝරාත්‍රයෙහි පරිභාවිත ද එය චිත්ත යැ නම යැ විඤ්ඤාණ යැ ... යම් ශ්‍රද්ධාවක් ඇද්ද එය සද්ධාබල යැ සද්ධින්‍ද්‍රිය යැ ... යම් සීලයක් ඇද්ද එය සුචරිත යැ සංයම යැ නියම යැ දම යැ ඛන්‍ධතා යැ, මොහු ඒ සීලයට වෙවචන යැ, යම් ත්‍යාගයෙක් ඇද්ද එය පටිනිස්සග්ග යැ අලෝභ යැ වොස්සග්ග යැ චාගාධිට්ඨාන යැ යනු වෙවචන යි. යම් ප්‍රඥාවක් ඇද්ද එය පඤ්ඤතා යැ පඤ්ඤප්පභා යැ පඤ්ඤින්‍ද්‍රිය යැ පඤ්ඤාබල යැ යනු වෙවචන යි.
Pali BJT11. තත්ථ කතමා පඤ්ඤත්ති: යං තං චිත්තං බීජපඤ්ඤාත්තියා පඤ්ඤත්තං, පරිභාවනා වාසනාපඤ්ඤත්තියා පඤ්ඤත්තං{9} සද්ධා පසාදපඤ්ඤත්තියා පඤ්ඤත්තා, සීලං සුචරිතපඤ්ඤත්තියා පඤ්ඤත්තං චාගො පුඤ්ඤකිරියපඤ්ඤත්තියා පඤ්ඤත්තො. පඤ්ඤා වීමංසාපඤ්ඤත්තියා පඤ්ඤත්තා. ඉමෙ තයො ධම්මා සද්ධා සීලං චාගො පඤ්ඤවතො පාරිසුද්ධිං ගච්ඡන්ති.
Sinhala BJT11. එහි ‘පඤ්ඤත්ති’ කවර යැ: යම් සිතක් ඇද්ද එය විජපඤ්ඤත්තියෙන් පනවන ලද, පරිභාවනාව වාසනාපඤ්ඤත්තියෙන් පනවන ලද, ශ්‍රද්ධාව පසාදපඤ්ඤත්තියෙන් පනවන ලද, සීලය සුචරිතපඤ්ඤත්තියෙන් පනවන ලද, ත්‍යාගය පුණ්‍යක්‍රියාපඤ්ඤත්තියෙන් පනවන ලද, ප්‍රඥාව වීමංසාපඤ්ඤත්තියෙන් පනවන ලද, සද්ධා සීල චාග යන මේ තුන් ධර්‍මයෝ ප්‍රඥාවත්හුගේ පාරිශුද්ධියට යෙත්.
Pali BJT12. තත්ථ කතමො ඔතරණො: යං චිත්තං තං ඛන්ධෙසු විඤ්ඤාණක්ඛන්ධො. ධාතුසු මනොවිඤ්ඤාණධාතු, ආයතනෙසු මනායතනං. යෙ චත්තාරො ධම්මා තෙ ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධෙ පරියාපන්නා -පෙ- ධාතුසු ආයතනෙසු.
Sinhala BJT12. එහි ‘ඕතරණ’ හාර කවරෙ යැ: යම් චිත්තයක් ඇද්ද එය ස්කන්‍ධයන් කෙරෙහි ‘විඤ්ඤාණක්ඛන්‍ධ යැ, ධාතූන් කෙරෙහි මනෝවිඤ්ඤාණධාතු යැ, ආයතනයන් කෙරෙහි මනායතන යි. යම් සතර ධර්‍ම කෙනෙක් වෙත් ද ඔහු ස්කන්‍ධයන් කෙරෙහි සංස්කාර ස්කන්‍ධ පර්‍ය්‍යාපන්නයෝ යැ ... ධාතූන් කෙරෙහි ආයතනයන් කෙරෙහි (?)
Pali BJT13. තත්ථ කතමො සොධනො හාරො: ඉදං භගවතො භාසිතං මහානාමෙන සක්කෙන පුච්ඡිතෙන, සබ්බං තං නියුත්තං.
Sinhala BJT13. එහි ‘සෝධන’ හාර කවරෙ යැ: මහානාම ශාක්‍යයා විසින් පුළුවුස්නාලදු වැ මේ භාග්‍යවතුන් වහන්සේගේ භාසිත වෙයි. ඒ සියල්ල (සියලු පූච්ඡීතය) නියුක්ත යි.
Pali BJT14. තත්ථ කතමො අධිට්ඨානො: ඉදං චිත්තං වෙමත්තතාය පඤ්ඤත්තං, අකුසලෙහි චිත්තෙහි අපරිභාවිතෙහි, පරිභාවිතන්ති යානි
Sinhala BJT14. එහි ‘අධිට්ඨාන’ හාර කවරෙ යැ: මේ චිත්තය අපරිභාවිත වූ අකුශල චිත්තයන් හේතු කොට විශේෂතායෙන් පනවන ලද ‘පරිභාවිතං’ යී
Pali BJTපුන පරිභාවිතානි, අඤ්ඤෙසම්පි{1} තත්ථ උපාදාය පඤ්ඤත්තං, සබ්බෙපිමෙ චත්තාරො ධම්මා එකත්තතාය පඤ්ඤත්තා, භද්දිකා ගතීති{2} කාමභොගිනො, නෙව{3} රූපධාතු අරූපධාතු. මනුස්සාති, සබ්බා භද්දිකා ගති{4} තදෙව කථාය පඤ්ඤත්තං, අයං පඤ්ඤත්ති.
Sinhala BJTයළි අන්‍යයන්ගේ ද පරිභාවිත වූ යම් සිතක් ඇද්ද එය නිසා පනවන ලද මේ සියලු මැ ශ්‍රද්ධාදි සතර ධර්‍මයෝ ඒකත්තතා (සාමාන්‍යභාව) යෙන් පනවන ලදහු යැ. ‘භද්දිකා ගති’ යි කාමභෝගීහුගේ ගති යයි. රූපධාතු අරූපධාතු නො මැ වෙයි. ‘මනුස්සා’ යනු සියලු මිනිස්ගතිය භද්‍ර වෙයි. එය මැ (කථාය පඤ්ඤත්තං ?) මේ ‘පඤ්ඤත්ති’ හාර යි.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො: චිත්තස්ස ඉන්ද්රියානි පච්චයො ආධිපතෙය්යපච්චයතාය, මනසිකාරො හෙතුපච්චයතාය පච්චයො. සද්ධාය ලොකිකා පඤ්ඤා හෙතුපච්චයතාය පච්චයො යොනිසො ච මනසිකාරො පච්චයො. සීලස්ස පතිරූපදෙසවාසො පච්චයො. අත්තසම්මාපණිධානං ච හෙතු. චාගස්ස අලොභො හෙතු, අවිප්පටිසාරො ච හෙතුපච්චයො. පඤ්ඤාය{4} පරතො ච ඝොසො අජ්ඣත්තං ච යොනිසොමනසිකාරො හෙතුපච්චයො.
Sinhala BJT15. එහි ‘පරික්ඛාරහාර’ කවරෙ යැ: චිත්තයට ඉන්‍ද්‍රියයෝ ආධිපතෙය්‍යප්‍රත්‍යතායෙන් ප්‍රත්‍ය වෙයි. මනසිකාරය හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධාවට ලෞකික ප්‍රඥාව හේතුප්‍රත්‍යතායෙන් ප්‍රත්‍ය වෙයි. යෝනිසෝමනසිකාරය ද ප්‍රත්‍ය වෙයි. සීලයට පතිරූපදේසවාසය ප්‍රත්‍ය වෙයි. අත්තසම්මාපණිධානය ද හේතු වෙයි. ත්‍යාගයට අලෝභය හේතු යැ, අවිප්පටිසාරය ද හේතුප්‍රත්‍ය වෙයි. ප්‍රඥාවට පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි යෝනිසෝමනස්කාර ද හේතු ප්‍රත්‍යය වේ.
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො: යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතන්ති චෙතසිකාපි. එත්ථ සබ්බෙ ධම්මා පරිභාවිතා භද්දිකා තෙති{5} භවිස්සති, භද්දකො{5} උප්පත්තිකො අභිසම්පරායො. ඉති යෙ කෙචි මානුසකා{6} උපභොගපරිභොගා, සබ්බෙ භද්දිකා ගතියෙව. අයං සමාරොපනො.
Sinhala BJT16. එහි ‘සමාරෝපන’ හාර කවරෙ යැ: “යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතං” යී චෛතසිකයෝ ද කියන ලදහු වෙත්. මෙහි සියලු (ශ්‍රද්ධාදි) ධර්‍මයෝ වඩනලද්දාහු තොපගේ ගතිය භද්‍ර වන්නීය. උපප්‍රාප්තික වූ පරලෝකය භද්‍ර වන්නේ යැ, මෙසේ මානුෂ්‍යක වූ යම් කිසි උපභෝග පරිභෝගයෝ වෙත් ද, ඒ සියල්ල භද්‍ර වූ ගති මැ වේ යයි. මේ ‘සමාරෝපන’ හාර යි.
Pali BJT7. 6.
Sinhala BJT7. 6.
Pali BJT“උද්ධං අධො සබ්බධි විප්පමුත්තො”ති{7} ගාථා: තත්ථ කිං උද්ධං නාම, යං ඉතො උද්ධං භවිස්සති අනාගාමී, ඉදං උද්ධං, අධො නාම, යමතික්කන්තමතීතං, ඉදමවොච උදානතන්ති{8} තත්ථ අතීතෙන සස්සතදිට්ඨි පුබ්බන්තකප්පිකානං{9} අපරන්තදිට්ඨි කෙසඤ්චි, උච්ඡෙදට්ඨිං යං වුත්තකප්පිකානං ඉමා චෙව දිට්ඨියො උච්ඡෙදදිට්ඨි ච සස්සතදිට්ඨි ච.
Sinhala BJT“උද්ධං අධෝ සබ්බධි විප්පමුත්තො” යන ගාථාව යැ:
Pali BJTතත්ථායං සස්සතදිට්ඨි: ඉමානි පන්නරසපදානි සක්කායදිට්ඨි සස්සතං භජන්ති: රූපවන්තං මෙ අත්තා, අත්තනි මෙ රූපං, රූපස්මිං{10} මෙ අත්තා’ති යදුච්චතෙ පඤ්ඤං පරිදහන්ති. [?] යා උච්ඡෙදදිට්ඨි සා පඤ්ච පදානි{11} උච්ඡෙදං භජන්ති තෙ’තං ජීවං තං සරීර’න්ති පස්සන්ති, රූපං මෙ අත්තා’ති තථාරූපා චතුබ්බිධා සක්කායදිට්ඨි උච්ඡෙදෙන ච සස්සතෙන ච, එවං පඤ්චසු ඛන්ධෙසු වීසතිවත්ථුකාය දිට්ඨියා පන්නරස පදානි පුබ්බන්තං භජන්ති සස්සතදිට්ඨියා පඤ්ච පදානි අපරන්තං භජන්ති උච්ඡෙද දිට්ඨියා.
Sinhala BJTඑහි මේ ශාශ්වත දෘෂ්ටි යැ: සක්කායදෘෂ්ටි වූ මේ පසළොස් පදයෝ ශාශ්වතදෘෂ්ටිය බෙජෙති: මාගේ ආත්මය රූපවත් යැ, මාගේ ආත්මයෙහි රූපය ඇත, රූපයෙහි මාගේ ආත්මය ඇතැයි (යදුච්චතෙ පඤ්ඤං පරිදහන්ති?) යම් උච්ඡේදදෘෂ්ටියක් ඇද්ද, එය පඤ්චපද කෙනෙක් උච්ඡේදය බෙජෙත්. ඔහු ‘ජීවයත් එය යැ, ශරීරයත් එය’ යි දකිත්. රූපය මාගේ යැ, මාගේ ආත්මය යි කියා යි. එබඳු උච්ඡේදයෙන් ද ශාශ්වතයෙන් ද යුක්තව සත්කායදෘෂ්ටිය චතුර්විධ යැ, මෙසේ පඤ්චස්කන්‍ධයෙහි විංශද්වස්තුක දෘෂ්ටියෙන් පසළොස් පද කෙනෙක් ශාශ්වතදෘෂ්ටියෙන් පූර්‍වාන්තය බෙජෙති. පස් පද කෙනෙක් උච්ඡේදදෘෂ්ටියෙන් අපරාන්තය බෙජෙත්.
Pali BJTතත්ථ අයමහමස්මීති පස්සන්තො{1} රූපං අත්තතො සමනුපස්සති, සො උච්ඡෙදවාදී, රූපවන්තඤ්ච අත්තානං, අත්තනි ච රූපං රූපස්මිං වා අත්තා’ති සො පස්සති චාති ඉති උච්ඡෙදදිට්ඨි ච, අත්තතො පටිස්සරති සස්සතදිට්ඨි පුබ්බන්තතො ච පටිස්සරති. අයමහමස්මී’ති න සමනුපස්සති. තස්ස දිට්ඨාසවා පහානං ගච්ඡන්ති. සො{2} තීසු අද්ධාසු පුබ්බන්තෙ ච අපරන්තෙ ච තෙන තෙන නිද්දිට්ඨානෙව. උද්ධං අධො සබ්බධි වීතරාගො ‘අහමස්මි’ති න අනුපස්සතීති ඉමිනා ද්වාරෙන ඉමිනා පයොගෙන ඉමිනා උපායෙන. ඉදං දස්සනභූමි ච සොතාපත්තිඵලං ච. සො අරියො පයොගො අනභාවංගතෙන සංසාරෙන, අපුනබ්භවායාති{3} යො කොචි අරියො පයොගො අපුනබ්භවාය{4} මුදූනි වා පඤ්චින්ද්රියානි මජ්ඣානි අධිමත්තානි වා සබ්බං පුනබ්භවපහානාය{5} සංවත්තන්ති. ‘අහ’න්ති දිට්ඨොඝො කාමොඝො භවොඝො අවිජ්ජොඝො ච ඔධිසො.
Sinhala BJTඑහි ‘මේ මම් වෙමි’ දක්නේ රූපය ආත්මවශයෙන් දෘෂ්ටිසමනුපස්සනායෙන් දකී, හේ උච්ඡේදවාදී වෙයි. ආත්මය රූපවත් යයි ද ආත්මයෙහි රූපය ඇතැයි ද රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී, (හේ ශාශ්වතවාදී වෙයි.) මෙසේ උච්ඡේදදෘෂ්ටිය ද (අත්තතෝ පටිස්සරති සස්සතදිට්ඨි පුබ්බත්‍තතෝ ච පටිස්සරති?) ‘මේ මම් වෙමි’ (විප්පමුත්ත මහණ) නො දකී, ඔහුට දෘෂ්ටි-ආස්‍රවයෝ ප්‍රහාණයට යෙති. හේ කාලත්‍රයෙහි ද පූර්‍වාන්තයෙහි ද අපරාන්තයෙහි ද ඒ ඒ (නිද්දිට්ඨානෙන?) උඩ රූපාරූපධාතුයෙහි ද යට කාම ධාතුයෙහි ද සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි වීතරාග වූයේ ‘මම් වෙමි.’ මේ ද්වාරයෙන් මේ ප්‍රයෝගයෙන් මේ උපායෙන් නො දකී යයි. මේ දර්‍ශන භූමි ද සෝතාපත්ති ඵලය ද වෙයි. (ඒ ආර්‍ය්‍යප්‍රයෝගය අනභාවයට ගිය සංසාරයෙන් යුක්ත වූයේ?) “අපුනබ්භවාය” යනු යම් කිසි ආර්‍ය්‍ය ප්‍රයෝගයෙක්? පුනර්‍භව නොවනු පිණිස වේ ද, මෘදු වූ හෝ මධ්‍ය වූ හෝ අධිමාත්‍ර වූ හෝ පඤ්චේන්‍ද්‍රියයෝ සියලු පුනර්‍භව ප්‍රහාණය පිණිස පවත්නාහුය. ‘අහං’ යනු අවධිවශයෙන් දිට්ඨෝඝය කාමෝඝය භවෝඝය අවිජ්ජෝඝය ද වෙයි.
Pali BJT1. තත්ථ දෙසනාහාරෙන චත්තාරි සච්චානි. පඤ්චහි ඉන්ද්රියෙහි සොතාපත්තිඵලෙන ච ද්වෙ සච්චානි මග්ගො ච නිරොධො ච. සක්කායසමුදයෙන ද්වෙ සච්චානි දුක්ඛං ච සමුදයො ච, අයං දෙසනා හාරො.
Sinhala BJT1. එහි දේසනාහාරයෙන් චතුස්සත්‍යයෝ (දැක්විය යුත්තාහ.) පඤ්චේන්‍ද්‍රියයන්ගෙන් ද සෝතාපත්තිඵලයෙන් ද මාර්‍ගසත්‍යය ද නිරෝධසත්‍යය ද යන සත්‍යයෝ දෙදෙන වෙති. සක්කායසමුදයෙන් දුඃඛසත්‍යය ද සමුදයසත්‍යය ද යන සත්‍යයෝ දෙදෙන වෙත්. මේ ‘දේසනාහාර’ යි.
Pali BJT2. තත්ථ කතමො විචයො: ‘අයමහමස්මී’ති අසමනුපස්සන්තො තීණි දස්සනා පහාතබ්බානි{6}, සංයොජනානා පජහති, අයං විචයො.
Sinhala BJT2. එහි ‘විචයහාර’ කවරෙ යත්: ‘මේ මම් වෙමි’ නොදක්නේ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වු තුන් සංයෝජනයන් දුරු කෙරෙයි. මේ ‘විචය’ හාර යි.
Pali BJT3. තත්ථ කතමා යුත්ති: තිවිධා පුග්ගලා, කොචි උග්ඝටිතඤ්ඤූ කොචි විපඤ්චිතඤ්ඤූ කොචි නෙය්යො, උග්ඝටිතඤ්ඤූ තික්ඛින්ද්රියො ච තතො විපඤ්චිතඤ්ඤූ මුදින්ද්රියො තතො මුදින්ද්රියො{7} නෙය්යො.
Sinhala BJT3. එහි ‘යුත්ති’ කවර යත්: පුද්ගලයෝ ත්‍රිවිධ වෙත්: කිසිවෙක් උග්ඝටිතඤ්ඤු යැ කිසිවෙක් විපඤ්චිතඤ්ඤු යැ කිසිවෙක් නෙය්‍ය යැ. උද්ඝටිතඥ පුද්ගල තික්ඛින්‍ද්‍රිය ද වෙයි, විපඤ්චිතඥ පුද්ගල ඊට වඩා මුදින්‍ද්‍රිය යැ, නෙය්‍ය පුද්ගල ඊට වඩා මුදින්‍ද්‍රිය යි.
Pali BJTතත්ථ උග්ඝටිතඤ්ඤූ තික්ඛින්ද්රියතාය දස්සනභූමිමාගම්ම සොතාපත්තිඵලං පාපුණාති, එකබීජකො භවති. අයං පඨමො සොතාපන්නො. විපඤ්චිතඤ්ඤූ මුදූහි ඉන්ද්රියෙහි දස්සනභූමිමාගම්ම සොතාපත්තිඵලං පාපුණාති, කොලංකොලො ච හොති. අයං දුතියො සොතාපන්නො, තත්ථ නෙය්යො දස්සනභූමිමාගම්ම සොතාපත්තිඵලං පාපුණාති සත්තක්ඛත්තුපරමො ච භවති. අයං තතියො සොතාපන්නො.
Sinhala BJTඑහි උග්ඝටිතඤ්ඤු පුද්ගල තික්ඛින්‍ද්‍රියතායෙන් දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්ති ඵලයට පැමිණෙයි. ඒකබීජී වෙයි. මේ පළමුවන සෝතාපන්න යැ. විපඤ්චිතඤ්ඤු පුද්ගල මෘදු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි, කොලංකොල ද වෙයි. මේ දෙවැනි සෝතාපන්න යැ. එහි නෙය්‍ය පුද්ගල දර්‍ශනභූමියට පැමිණ සෝතාපත්තිඵලයට පැමිණෙයි. සත්තක්ඛත්තුපරම ද වෙයි. මේ තුන්වැනි සෝතාපන්න පුද්ගල යි.
Pali BJTතත්ථ එසා යුත්ති මුදුමජ්ඣිමත්තෙහි ඉන්ද්රියෙහි මුදුමජ්ඣාධිමත්තං භූමිං සච්ඡිකරෙය්ය, සක්කායදිට්ඨිප්පහානෙන වා දිට්ඨිගතානි පජහති. අයං යුත්තී.
Sinhala BJTඑහි තෙල යුක්ති ඇත, මෘදු - මධ්‍යාධිමාත්‍ර වූ ඉන්‍ද්‍රියයන්ගෙන් මෘදු මධ්‍ය අධිමාත්‍ර වූ භූමිය පසක් කරන්නේ යැ, නොහොත් සත්කායදෘෂ්ටි ප්‍රහාණයෙන් දෘෂ්ටිගතයන් දුරු කරන්නේ යි. මේ ‘යුක්තිහාර’ යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTමේ අප්පටිසාරයෝ ද විරිය ඉන්‍ද්‍රිය ද, සතර සම්ප්‍රදානයෝද, අප්පටිසාරයෝම වෙති. එය මත්තෙහි සමාධිය දක්වා වේ. මෙසේ ඒ ධ්‍යාන සතරද සමාධි ඉන්‍ද්‍රිය ද සන්සිඳුනා වූ යමක් වේ ද එයද යථා පරිද්දෙන් දැන ගන්නේ ය. මේ සතර සතිපට්ඨානයෝ ශීලය සම්පූර්‍ණ කිරීමේ සිට පරිත්‍යාගයෙන් යුක්ත වූවන්ට ද, තියුණු අවබෝධයෙන් යුක්ත වූවන්ට ද නිමිති වූ නොකැලැල් සිත් ඇත්තේමය. මේ සතින්‍ද්‍රියයෙහි සතර සතිපට්ඨාන යයි. මේ ධර්‍ම දේශනාවෙත්, යමක් වනාහි ත්‍රිවිධ ස්ථානයන්හි ඉන්‍ද්‍රිය කෙලෙස් ප්‍රහාණයෙන් ශෛක්‍ෂ ශීලය වඩාද මෙය සද්ධා ඉන්‍ද්‍රිය වේ. සෝතාපත්ති අංග සතරෙහි ඵලයෝය. සමාධි ඉන්‍ද්‍රිය සියලු සූත්‍රයන්හිත් නිර්දේශ කර දක්වන ලද්දේ වෙයි. යම් ධ්‍යානයක් ලබන්නේ වීර්‍ය්‍යයෙන් ගන්නා ලද ඤාණයම ශ්‍රැතමය ප්‍රඥාව වේ. පූර්‍වාපර නිමිති නමැති ආලෝකයෙන් යම් සමාධියක් කැමති පරිදි ලබන්නේ ද එය ලාමක නොවන ගති ඇත්තේය. මෙය චින්තාමය ප්‍රඥාව හෙවත් සිතීමෙන් ඇති කරගන්නා වූ නුවණය. එසේ සන්සිඳුනු සිතින් යමක් ඇති පරිද්දෙන් දැන ගන්නේ ද මෙය භාවනාමය ප්‍රඥාවයි. මෙය සූත්‍රවල දක්වා ඇති ආකාරයයි. {*}
Pali BJT4. තත්ථ කතමො පදට්ඨානො: තත්ථ සක්කායදිට්ඨි සබ්බමිච්ඡාදිට්ඨියා පදට්ඨානං, සක්කායො නාමරූපස්ස පදට්ඨානං, නාමරූපං සක්කායදිට්ඨියා පදට්ඨානං, පඤ්ච ඉන්ද්රියානි රූපීනි රූපරාගස්ස පදට්ඨානං, සළායතනං අහඞ්කාරස්ස පදට්ඨානං.
Sinhala BJT4. එහි ‘පදට්ඨාන’ කවරෙ යැ: එහි, සත්කායදෘෂ්ටිය සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටියට පදට්ඨාන යැ, සත්කායදෘෂ්ටිය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය සක්කායදිට්ඨියට පදට්ඨාන යැ. රූපී පඤ්චේන්‍ද්‍රියයෝ රූපරාගයට පදට්ඨාන යැ, ෂඩායතනය අහඞ්කාරයට පදට්ඨානයි. (මේ පදට්ඨාන යි.)
Pali BJT5. තත්ථ කතමො ලක්ඛණො: ද්වීසු දිට්ඨීසු පහීනාසු තත්ථ එකසට්ඨි{1} දිට්ඨිගතානි පහානං ගච්ඡන්ති, උද්ධං ච අධො ච වීතරාගො සබ්බරජනීයෙසු වීතරාගො හොති. තජ්ජා පරභූමියං, ඉදං පච්චයන්ති යථාභූතං පස්සති. සො සබ්බපටිච්චසමුප්පාදං ආමසති. අයං ලක්ඛණො හාරො.
Sinhala BJT5. එහි ‘ලක්ඛණහාර’ කවරෙ යැ: ශාශ්වත උච්ඡේද යන දෘෂ්ටි දෙක ප්‍රහීණ කල්හි එහි එක්සැටක් දෘෂ්ටිගතයෝ ප්‍රහාණයට යෙති. උඩ ද යට ද වීතරාග වූයේ සියලු රජනීය ධර්‍මයන්හි විගතරාග වෙයි. තද්ජනිත වූ පරභූමියෙහි මේ ප්‍රත්‍ය යයි ඇතිසැටියෙන් දකී, හේ සියලු ප්‍රතීත්‍යසමුත්පාදය ආමර්‍ෂණ කෙරෙයි. මේ ‘ලක්ඛණ’ හාර යි.
Pali BJT6. තථෙ කතමො චතුබ්යූහො හාරො: ඉමම්හි සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ සත්තා යෙනාභිරමිස්සන්ති, තෙ දිට්ඨිප්පහානාය වායමිස්සන්ති. අයමෙත්ථ භගවතො අධිප්පායො, අයං චතුබ්යූහො හාරො.
Sinhala BJT6. එහි ‘චතුබ්‍යුහ’ හාර කවරෙ යැ: මේ සූත්‍රයෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් සත්‍ව කෙනෙක් යම් කරුණෙකින් අභිරමණය කරන්නාහු ද, ඔහු දෘෂ්ටිප්‍රහාණය පිණිස වෑයම් කරන්නාහු යැ, මේ මෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි. මේ ‘චතුබ්‍යුහ’ හාර යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTවිපිළිසරට පත් නොවීමෙන් හා ප්‍රමුදිත බවින් යුක්තවේ ද එය ප්‍රීති සම්බෝධි අංගයයි. යම් ප්‍රීති සහගත වූ මනසකින් සන්සුන් වේ ද නිවියේ ද මේ පස්සද්ධි බෝධි අංගයයි. ඔහු විසින් ශාරීරික සුවය එළවන ලද්දේ ද සැපවත් වූ සන්සුන් වූ සතකින් යුත්ත වේ ද එය සමාධි බෝධි අංගයයි. සමාහිත වූ සිතක් ඇති තැනැත්තේ එය යථා පරිදි දැන ගනී ද මේ ධම්මවිචය බෝධ්‍යංගයයි. සීලයේ පටන් බෝධි අංග පහක් දක්වා ගැළපෙන නිමිති ග්‍රහණය කරන්නන්ගේ ද ප්‍රීතියෙන් යුත්ත වන්නන්ගේ ද විශේෂතාවයන්ගෙන් නො ඉලිප්පෙන ස්වභාවයක් වේ ද, නොමගට නොයමක් වේ ද, මෙය සති බෝධි අංගයයි. යමක් ඇති පරිද්දෙන් දැනගනු ලබන්නේ ද දැඩි වීර්‍ය්‍යයෙන් ක්‍රියාත්මක කරන්නේ ද, උද්ධච්ච භූමිය සඳහා ප්‍රාර්‍ත්‍ථනා කරන ලද්දේද එම ප්‍රාර්‍ත්‍ථනා වෙන කෝසජ්ජ භූමිය ගර්‍හා කරන ලද්දේද වේ. චක්ඛු සම්පස්සජයෙන් යමක් අවබෝධ කර ගනී ද එය උපේක්‍ෂාවයි. එයින් එම උපේක්‍ෂාව නම් වූ බෝධි අංගයෙහි කොටසක් ලෙස ගෙන උපෙක්ඛා බෝධි අංගයයි කියන ලදි. මෙය සූත්‍ර නිර්දේශයයි. {*}
Pali BJT7. තත්ථ කතමො ආවට්ටො හාරො: යානිමානි මුදූනි පඤ්චින්ද්රියානි තානි තානි ඔරම්භාගියානි පඤ්චින්ද්රියානි, සබ්බෙන සබ්බං සමූහන්ති අභිජ්ඣං බ්යාපාදො ච භාවනාවසෙන{2} න සෙඛාය{3} විමුත්තියා බලං සද්ධා, උද්ධම්භාගියානි දිට්ඨිවසෙන බලං සද්ධා විරියින්ද්රියං{4} ආරභිතත්තා{5} සතින්ද්රියං මග්ගහිතත්තා අච්චන්තං නිට්ඨං ගච්ඡන්ති. තත්ථ යානි ඉන්ද්රියානි, අයං මග්ගො, සංකිලෙසප්පහානං අයං නිරොධො, ආයතිං අනුප්පාදධම්මො, ඉදං දුක්ඛං, අයං ආවට්ටො හාරො.
Sinhala BJT7. එහි ‘ආවට්ටහාර’ කවරෙ යැ: යම් මේ මෘදු වූ පඤ්චින්‍ද්‍රිය කෙනෙක් වෙත් ද, ඔහු ඕරම්භාගිය පඤ්චින්‍ද්‍රියයෝ යි. අභිධ්‍යාව හා ව්‍යාපාදය ද සියල්ලෙන් සියල්ල සමූහනය කෙරෙත්. භාවනාවශයෙන් ශෛක්‍ෂවිමුක්තිහුගේ ශ්‍රද්ධාබලය වේ. (උද්ධංභාගියානි දිට්ඨිවසේන බලං සද්ධා?) විරියින්‍ද්‍රිය ආරබ්ධ බැවින් ද සතින්‍ද්‍රිය මාර්‍ගයට හිත බැවින් ද අත්‍යන්තනිෂ්ඨාවට යෙති. එහි යම් ඉන්‍ද්‍රිය කෙනෙක් ඇද්ද මේ මාර්‍ග යැ, සංකිලේස ප්‍රහාණය නිරෝධ යැ, මතුයෙහි අනුත්පාදස්වභාව යන මේ දුක්ඛ යැ. (?) මේ ‘ආවට්ටහාර’ යි.
Pali BJT8. තත්ථ කතමො විභත්තිහාරො: ‘අයමහමස්මී’ති යො සමනුපස්සති, සො ච ඛො අධිමත්තෙන ලොකිකායං භූමියං න තු අරියෙන පයොගෙන සො සක්කායදිට්ඨිං{6} පජහති. යං වුච්චති තජ්ජාය භූමියං අධිමත්තාය. තත්ථ තජ්ජාය භූමියං පඤ්චහි ආකාරෙහි අධිමත්තතං පටිලභති: සීලෙන වතෙන බාහුසච්චෙන සමාධිනා නෙක්ඛම්මසුඛෙන. තත්ථ අප්පත්තෙ{7} පත්තසඤ්ඤී අධිමානං ගණ්හාති. එතස්මිං යෙව වත්ථුප්පත්තියං භගවා ඉදං සුත්තං භාසති, ‘සීලවා වතමත්තෙනා’ති. තත්ථ යො අප්පත්තෙ{7} පත්තසඤ්ඤී තස්ස යො සමාධි සො සාමිසො කාපුරිසසෙවිතො පන සො, කාපුරිසා වුච්චන්ති පුථුජ්ජනා. ආමිසං යං ච අරියමග්ගමාගම්ම ලොකිකං{8} අනරියං තෙන සමාධි හොති අනරියො කාපුරිසසෙවිතො, යො පන අරියාකාරෙන යථාභූතං න ජනාති න පස්සති, සො අධිගමනං පජහති යො අරියෙන සමාධිනා අකාපුරිසසෙවිතෙන නිරාමිසෙන නීයාති,{9} තත්ථ අකාපුරිසා වුච්චන්ති අරියපුග්ගලා. යො තෙහි සෙවිතො සමාධි, සො අකාපුරිසසෙවිතො. තස්මා එතං විභජ්ජ ව්යාකරණීයං අයමහමස්මී’ති අනානුපස්සී තථාගතොති{10}.
Sinhala BJT8. එහි ‘විභක්ති’ හාර කවරෙ යැ: “මේ මම් වෙමි” යමෙක් (දිට්ඨි විසින්) දකී ද, හේ වූ කලි අධිමාත්‍ර වූ ලෞකික භූමියෙහි යැ, හේ ආර්‍ය්‍ය ප්‍රයෝගයෙන් සක්කායදිට්ඨිය නො හරී. අධිමාත්‍ර වූ තජ්ජනිත භූමියෙහි යම් ප්‍රහාණයෙක් කියනුලැබේ ද එය යි. (?) එහි පස් ආකාරයෙකින් තජ්ජනිත භූමියෙහි අධිමාත්‍ර බව ලබයි: ශීලයෙන් ව්‍රතයෙන් බහුශ්‍රුත බැවින් සමාධියෙන් නෛෂ්ක්‍රම්‍යසුඛයෙන් යන පස්අයුරෙනි. එහි නොපත් මාර්‍ගයෙහි ප්‍රාප්ත යැ යන සංඥා ඇතියේ අධිමානය ගනී. මේ වස්තුහුගේ උත්පත්තියෙහි මැ බුදුහු මේ සූත්‍රය වදාරති: “ව්‍රතමාත්‍රයෙන් සිල්වත් වේ” යයි. එහි යමෙක් අප්පත්තයෙහි පත්තසඤ්ඤී වේ ද, ඔහුගේ යම් සමාධියෙක් වේ ද ඒ සමාධිය සාමිස යැ යළි ඒ සමාධිය කාපුරුෂසේවිත යැ, ‘කාපුරිය’ යි පෘථග්ජනයෝ කියනු ලැබෙත්. ආර්‍ය්‍ය මාර්‍ගයට පැමිණ යම් ආමිසයක් (?) ලෞකික අනාර්‍ය්‍ය වේ ද, එහෙයින් සමාධිය අනාර්‍ය්‍ය කාපුරුෂසේවිත වෙයි, යළි යමෙක් ආර්‍ය්‍යාකාරයෙන් යථාභූත වැ නො දනී ද නො දකී ද, හේ අධිගමය දුරු කෙරෙයි. යමෙක් අකාපුරුෂසේවිත වූ නිරාමිස වූ ආර්‍ය්‍ය සමාධියෙන් නිර්‍ය්‍යාණය කෙරේද එහි ‘අකාපුරිස’ යි ආර්‍ය්‍ය පුද්ගලයෝ කියනු ලැබෙත්. ඒ ආර්‍ය්‍යයන් විසින් සෙවුනාලද යම් සමාධියෙක් වේ ද, ඒ සමාධිය ‘අකාපුරිස සේවිත’ නම් වේ. එහෙයින් තෙල ‘අයමහමස්මීති අනානුපස්සී තථාගතො’ යනු විභාග කොට ප්‍රකාශ කළයුතු යි. මේ ‘විභත්තිහාර’ යි.
Pali BJT9. තත්ථ කතමා පරිවත්තනා: ඉමාය දස්සනභූමියා කිලෙසා පහාතබ්බා, තෙහි පහීයන්ති අනිද්දිට්ඨාපි භගවතා නිද්දිසිතබ්බායො.
Sinhala BJT9. එහි ‘පරිවත්තනහාර’ කවරෙ යැ: මේ දර්‍ශනභූමියෙන් ක්ලේශයෝ ප්‍රහීණ කළ යුත්තාහුය, (තෙහි?) ප්‍රහීණ කරනු ලැබෙත්. භාග්‍යවතුන් විසින් නොදක්වන ලද්දාහු නමුදු දැක්වියැයුත්තාහුය.
Pali BJT10. තත්ථ කතමං වෙවචනං: යා සක්කායදිට්ඨියා අත්තදිට්ඨියා. අයං භූමි, යෙ කිලෙසා පහාතබ්බා, තෙ අප්පහීයන්ති. අනිද්දිට්ඨාපි භගවතා සස්සතදිට්ඨි ච උච්ඡෙදදිට්ඨි ච, සා පරියන්තදිට්ඨි ච, යා අපරියන්තදිට්ඨි ච. සා සස්සතදිට්ඨි ච, යා උච්ඡෙදදිට්ඨි සා නත්ථිකාදිට්ඨි. යා සස්සතදිට්ඨි, සා අකිරියදිට්ඨි, ඉදං වෙවචනං.
Sinhala BJT10. එහි ‘වෙවචන’ කවරැ: සත්කායදෘෂ්ටියට ආත්මදෘෂ්ටියට යම් මේ භූමියක් ඇද්ද, යම් ක්ලේශ කෙනෙක් ප්‍රහීණ කළ යුත්තාහු ද, ඔහු ප්‍රහීණ නොවෙත්. (?) (අනිද්දිට්ඨාපි භගවතා ... සා අකිරිය දිට්ඨි? ව්‍යාකුල තැනෙකි) මේ වෙවචන යි.
Pali BJT11. තත්ථ කතමා පඤ්ඤත්ති: තණ්හා සංයොජනපඤ්ඤත්තියා පඤ්ඤත්තා, මග්ගො පටිලාභපඤ්ඤත්තියා පඤ්ඤත්තො. ඉන්ද්රියා පටිලාභපඤ්ඤත්තියා පඤ්ඤත්තාති.
Sinhala BJT11. එහි ‘පඤ්ඤත්ති’ කවරැ: තණ්හාව සංයෝජනපඤ්ඤත්තියෙන් පනවන ලදු, මාර්‍ගය ප්‍රතිලාභපඤ්ඤත්තියෙන් පනවන ලද. ඉන්‍ද්‍රියයෝ ප්‍රතිලාභපඤ්ඤත්තියෙන් පනවන ලදහු යැ.
Pali BJT12. තත්ථ කතමො ඔතරණො: සක්කායො දුක්ඛං දස්සනා පහාතබ්බො{1}. සමුදයො මග්ගො ඉන්ද්රියානි තානි ච නිද්දිට්ඨානි ඛන්ධධාතුආයතනෙසු.
Sinhala BJT12. එහි ‘ඕතරණ’ කවරෙ යැ: සත්කායය දුඃඛසත්‍ය යැ, දර්‍ශනයෙන් ප්‍රහීණ කළ යුත්තේ යැ, සමුදය ද මාර්‍ගය ද ඉන්‍ද්‍රියයෝ ද ස්කන්‍ධ ධාතු ආයතනයන්හි ලා දක්වනලද්දාහු යි.
Pali BJT13. තත්ථ කතමො සොධනො හාරො: යඤ්හි ආරබ්භ භගවතා ඉදං සුත්තං භාසිතං, සො ආරම්භො{2} නිද්දිට්ඨො.
Sinhala BJT13. එහි ‘සෝධනහාර’ කවරෙ යැ: යම් කරුණක් අරබයා භාග්‍යවතුන් විසින් මේ සූත්‍රය වදාරන ලද ද, ඒ (දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත) ආරම්භය දක්වන ලදි.
Pali BJT15. තත්ථ කතමො පරික්ඛාරො: නාමරූපස්ස හෙතු පච්චයොපි විඤ්ඤාණං හෙතු බීජං. තෙන අවිජ්ජා ච සඞ්ඛාරා ච පච්චයො. නිවන්තනියො{3} න අපරො පරියායො සබ්බභවො, යෙ ච සබ්බභවස්ස හෙතු පරභණ්ඩපච්චයො, [?] ඉති සම්මාදිට්ඨියා{4} පරතො ච ඝොසො යොනිසො ච මනසිකාරො පච්චයො. යා පඤ්ඤා උප්පාදෙති. එසා හෙතු සම්මාදිට්ඨියා, සම්මාසඞ්කප්පො භවති, යා සම්මාසමාධි. අයං පරික්ඛාරො.
Sinhala BJT15. එහි ‘පරික්ඛාර’ කවරෙ යැ: නාමරූපයට විඤ්ඤාණය හේතු ද ප්‍රත්‍යය ද වෙයි. (තණ්හා සංඛ්‍යාත) බීජය හේතු යැ, එහෙයින් අවිද්‍යාව ද සංස්කාරයෝ ද ප්‍රත්‍ය ය,. (නිවත්තනියො. ... පරභණ්ඩපච්චයො?) මෙසේ සම්මාදිට්ඨියට පරතෝඝෝසය ද යෝනිසෝමනස්කාර ද ප්‍රත්‍යය වෙයි. යම් ප්‍රඥාවක් උපදවා ද, තෙල ප්‍රඥාව සම්මා දිට්ඨියට හේතු යැ, එයින් සම්මාසංකල්ප උපදී. (යා සම්මා සමාධි?) මේ පරික්ඛාර යි.
Pali BJT16. තත්ථ කතමො සමාරොපනො: ‘අයමහමස්මී’ති අසමනුපස්සී දුක්ඛතො රොගතො -පෙ- (පන්නරස පදානි.)
Sinhala BJT16. එහි ‘සමාරෝපන’ කවරෙ යත්: ‘මේ මම් වෙමි’ දෘෂ්ටිවශයෙන් නො දක්නේ දුක්ඛ වශයෙන් රෝග වශයෙන් දකී. (පසළොස් පදයෝ දැක්විය යුත්තාහු ය.)
Pali BJT7. 7.
Sinhala BJT7. 7.
Pali BJT“සීලානි භන්තෙ, කිමත්ථියානි කිමානිසංසානි? සීලානි ආනන්ද, අවිප්පටිසාරත්ථානි” යාව විමුත්ති.
Sinhala BJT“ස්වාමීනි, (කුශල) ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට ඇත්තාහු ද? කුමක් අනුසස් කොට ඇත්තාහු ද? ආනන්‍දය, ශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට ඇත්තාහු යැ.” විමුක්තිය දක්වා විස්තර යි. (දසකඞ්ගුත්තරයෙහි සූත්‍රය)
Pali BJTතත්ථ දුවිධො අත්ථො: පුරිසත්ථො ච වචනත්ථො ච.
Sinhala BJTඑහි පුරුෂාර්‍ත්‍ථය ද වචනාර්‍ත්‍ථය දැයි අර්‍ත්‍ථය දෙවැදෑරුම් වෙයි.
Pali BJTතත්ථ කතමො පුරිසත්ථො: යායං න පච්ඡානුතාපිතා, අයං අවිප්පටිසාරො, අයං පුරිසත්ථො. යථා කොචි බ්රූහයති ඉමමත්ථ මාසෙවති සො භණෙය්ය, ‘කිඤ්ච මමෙත්ථ අධීනං තස්සත්ථාය ඉදං කිරියං ආරභාමී’ති. අයං පුරිසත්ථො.
Sinhala BJTඑහි පුරුෂාර්‍ත්‍ථ කවරෙ යැ: යම් මේ පසුවැ නො තැවෙනබවක් ඇද්ද, මේ අවිප්පටිසාර යැ, මේ පුරුෂාර්‍ත්‍ථ යි. යම්සේ කිසිවෙක් (යමක්) වඩා ද, මේ අර්‍ත්‍ථය ආසේවන කෙරේ ද, හෙතෙම මෙසේ කියන්නේ යැ: ‘මෙහි ලා කිසිවක් මා අයත් වේ ද, ඒ සඳහා මේ ක්‍රියාව ආරම්භ කෙරෙමි යි, මේ පුරුෂාර්‍ත්‍ථ යි’.
Pali BJTතත්ථ කතමො වචනත්ථො: සීලානි කායිකං වා වාචසිකං වා සුචරිතං. අවිප්පටිසාරොති තත්ථ සීලස්ස වතස්ස ච භාසො යෙව අනඤ්ඤා සුකතකම්මතා සුචරිතං, අයං අවිප්පටිසාරො. එවං යාව විමුත්තීති එකමෙකස්මිං පදෙ ද්වෙ අත්ථා, පුරිසත්ථො ච වචනත්ථො ච. යථා ඉමම්හි සුත්තෙ එවං සබ්බෙසු සුත්තෙසු. ද්වෙ ද්වෙ අත්ථා. පරමත්ථො{1} උත්තමත්ථො ච.
Sinhala BJTඑහි වචනාර්‍ත්‍ථ කවරෙ යැ: සීලයෝ නම්: කායික හෝ වාචසික හෝ සුචරිත යැ. ‘අවිප්පටිසාර’ යනු: එහි ශීලයාගේ ද ව්‍රතයාගේ ද භාසය (දීප්තිය?) මැ යැ, අනෙකක් නො වේ. සුකෘත කර්‍ම ඇති බව සුචරිත යැ, මේ අවිප්පටිසාර යි. මෙසේ ‘විමුත්ති’ යනු දක්වා එකෙකි පදයෙහි පුරුෂාර්‍ත්‍ථ ද වචනාර්‍ත්‍ථ දැයි අර්‍ත්‍ථයෝ දෙදෙනෙක් වෙති. මේ සූත්‍රයෙහි යම් සේ ද, එපරිද්දෙන් සියලු සූත්‍රයන්හි පරමාර්‍ත්‍ථ ද උත්තමාර්‍ත්‍ථ දැයි දෙ දෙ අර්‍ත්‍ථයෝ වෙත්.
Pali BJTයං නිබ්බානසච්ඡිකං නිස්සාය යං සකං සච්ඡිකාතබ්බං භවති, සො වුච්චති කත්තබ්බස්ස කතාති{2}. අයං පුන වෙවචනං සම්පජානාති. ඉමිනා නියුත්තත්ථමහිලබ්භන්ති වචනත්ථො.
Sinhala BJT(යං නිබ්බානසච්ජිකං ... වචනත්‍ථො? මුළු වාක්‍යයම ව්‍යාකුලය. විමසන්නේ මැනැවි.)
Pali BJTතත්ථ යං අත්ථං සාවකො අභිකඞ්ඛති, තස්ස යො පටිලාභො, අයං පුරිසත්ථො. යං යං භගවා ධම්මං දෙසෙති, තස්ස තස්ස ධම්මස්ස යා අත්ථවිඤ්ඤත්ති, අයං අත්ථො.
Sinhala BJTඑහි යම් අර්‍ත්‍ථයක් ශ්‍රාවක කැමැති වේ ද, ඔහුගේ යම් ප්‍රතිලාභයෙක් වේ ද, මේ පුරුෂාර්‍ත්‍ථ යැ, බුදුහු යම් යම් දහමක් දෙසන සේක් ද, ඒ ඒ ධර්‍මයාගේ යම් අර්‍ත්‍ථවිඥප්තියක් ඇද්ද, මේ අර්‍ත්‍ථ යැ.
Pali BJTතත්ථ සීලානං අවිප්පටිසාරො අත්ථොපි ආනිසංසොපි. එසො ච ආනිසංසො යං දුග්ගතිං න ගච්ඡති, යථා තං භගවතා.{3}
Sinhala BJTඑහි ශීලයන්ගේ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ ද ආනිසංස ද වෙයි. තෙල ආනිසංසය ද දුගතියට නොයෙයි යන යමක් ඇද්ද එය යි. භාග්‍යවතුන් විසින් එය මෙසේ වදාරන ලද:
Pali BJT“එසානිසංසො ධම්මෙ සුචින්නෙ.
Sinhala BJTදාන සීලාදි කුශල ධර්‍මය පරිචිත කල්හි තෙල අනුසස් වෙයි:
Pali BJTන දුග්ගතිං ගච්ඡති ධම්මචාරී” අයං අත්ථො.
Sinhala BJTධර්‍මචාරී පුද්ගල නිරයාදි දුගතියට නො යේ යයි. මේ අර්‍ත්‍ථ යි.
Pali BJTයං පුරිසො භාවනාභූමියං සීලානි ආරබ්භ සීලෙන සංයුත්තො හොති, එවං යාව විමුත්ති යථා{4} සීලක්ඛන්ධො.
Sinhala BJTයම් හෙයකින් පුරුෂ භාවනාභූමියෙහි සිල් අරබයා සීලයෙන් යුක්ත වූයේ වේ ද, ශීල ස්කන්‍ධ යම්සේ ද එපරිදි විමුක්තිය දක්වා (විස්තර යි.)
Pali BJTතත්ථ යො ච අවිප්පටිසාරො අනුසයවසෙන නිද්දිට්ඨො, තං ච සීලං, අයං සීලක්ඛන්ධො. පාමොජ්ජපීතිපස්සද්ධීති ච සමාධින්ද්රියෙන, අයං සමාධික්ඛන්ධො. යං සමාහිතො යථාභූතං පජානාති, අයං පඤ්ඤාක්ඛන්ධො. ඉමෙ තයො ඛන්ධා සීලං සමාධි පඤ්ඤා ච.
Sinhala BJTඑහි යම් අවිප්පටිසාරයෙන් අනුසය වශයෙන් දක්වන ලද ද. ඒ සීලය ද (අවිප්පටිසාර) විසින් දක්වන ලදි. මේ ශීලස්කන්‍ධ යි. පාමොජ්ජ පීති පස්සද්ධි යනු ද සමාධීන්‍ද්‍රියයෙන් (සංගෘහීත යැ.) මේ සමාධිස්කන්‍ධ යි. යම් හෙයෙකින් සමාහිත වූයේ තත්‍වාකාරයෙන් දැනගනී ද, මේ ප්‍රඥාස්කන්‍ධ යි. සීල සමාධි පඤ්ඤා යන මේ තුන් ස්කන්‍ධයෝ යි.
Pali BJTතථා සීලං, පරිපූරෙති යං විරියින්ද්රියං තෙන කාරණෙන සො සීලං පරිපූරෙති, අනුප්පන්නස්ස ච අකුසලස්ස අනුප්පාදාය වායමති. උප්පන්නස්ස ච පහානාය අනුප්පන්නස්ස ච කුසලස්ස උප්පාදාය, උප්පන්නස්ස ච කුසලස්ස භිය්යොභාවාය, ඉති විරියින්ද්රියං නිද්දිට්ඨං. තත්ථ යො සමාධික්ඛන්ධො, ඉදං සමාධින්ද්රියං. පඤ්ඤාක්ඛන්ධො පඤ්ඤින්ද්රියං. තං චතුසු සම්මප්පධානෙසු දට්ඨබ්බං. තථා යො අනුප්පන්නස්ස ච අකුසලස්ස අනුප්පාදාය වායමති, ඉදං පඨමං සම්මප්පධානං. යං උප්පන්නස්ස ඉදං දුතියං, චත්තාරි සම්මප්පධානානි චතුසු ඣානෙසු පස්සිතබ්බානි. තථා සීලක්ඛන්ධෙන නෙක්ඛම්මධාතු ච ආදිකා.{5}
Sinhala BJTඑපරිද්දෙන් යම් විරියිඉන්‍ද්‍රියයක් ඇද්ද (එයින්) සිල් පුරයි. එ කරුණෙන් හේ සිල් පුරයි: නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කරයි, උපන් අකුශලයාගේ ප්‍රහාණය පිණිස ද නූපන් කුශලයාගේ ඉපැදීම පිණිස ද උපන් කුශලයාගේ බහුලභාවය පිණිස ද වෑයම් කරයි. මෙසේ විරියින්‍ද්‍රිය දක්වන ලදි. එහි යම් සමාධිස්කන්‍ධයෙක් ඇද්ද මේ සමාධින්‍ද්‍රිය යි. ප්‍රඥාස්කන්‍ධය පඤ්ඤින්‍ද්‍රිය යි. එය සතර සම්‍යක්ප්‍රධානයෙහි ලා දතයුතු. එසේ ම යමෙක් නූපන් අකුශලයාගේ නො ඉපැදීම පිණිස වෑයම් කෙරේ ද, මේ පළමුවන සම්මප්පධාන යැ, උපන් අකුශලයාගේ ... මේ දෙවැන්න යැ. සතර සම්‍යක්ප්‍රධානයෝ සතර ධ්‍යානයන්හි දැක්කයුත්තාහු යැ. එසේ මැ ශීලස්කන්‍ධයෙන් නෙක්ඛම්මධාතුව ද ආදිය වේ.
Pali BJTතයො ච විතක්කා නෙක්ඛම්මවිතක්කො අබ්යාපාදවිතක්කො අවිහිංසාවිතක්කො ච සාධාරණභූතා යා පියායමානස්ස පාමොජ්ජෙන ඉදං කායිකං සුඛං ආනිතං අනියමීති පෙමෙන? ඉදං දුක්ඛං. යො තත්ථ අවික්ඛෙපො, අයං සමාධි. ඉදං පඤ්චඞ්ගිකං පඨමං ඣානං.
Sinhala BJTනෙක්ඛම්මවිතක්ක යැ අව්‍යාපාදවිතක්ක යැ අවිහිංසාවිතක්කය දැයි සාධාරණ වූ තුන් විතර්‍කයෝ වෙති. (යා පියායමානස්ස ... ඉදං දුක්ඛං?) එහි යම් අවික්‍ෂේපයෙක් වේ ද මේ සමාධි යැ, මේ පඤ්චාංගික ප්‍රථමධ්‍යාන යි.
Pali BJTයා{1} චෙතසිකා පස්සද්ධි සවිතක්කං සවිචාරං විරොධානං.{2} යො කිලෙසො ච පරිදාහො, සො පඨමෙ ඣානෙ නිරුද්ධො. තත්ථ{3} යා ච කිලෙසපස්සද්ධි යා ච විතක්කවිචාරානං පස්සද්ධි, උභයෙපි එතෙ ධම්මෙ පස්සද්ධියං.{4} තත්ථ කායස්ස චිත්තස්ස ච සුඛං සුඛායනා, අයං{5} පීතිසුඛිනො පස්සද්ධි, යොපි එකොදිභාවො චිත්තස්ස, තෙන එකොදිභාවෙන යං චිත්තස්ස අජ්ඣත්තං සම්පසාදනං, ඉදං චතුත්ථං ඣානඞ්ගං. ඉති අජ්ඣත්තං ච සම්පසාදො චෙතසො ච එකොදිභාවො පීති ච සුඛං ච, ඉදං දුතියං ඣානං චතුරඞ්ගිකං.
Sinhala BJTයම් චෛතසික පස්සද්ධියක් ඇද්ද, සවිතර්‍ක වූ සවිචාර වූ (විරෝධානං?) පරිදාහ වූ යම් ක්ලේශයෙකුත් ඇද්ද, එය ප්‍රථම ධ්‍යානයෙහි නිරුද්ධ යැ. එහි යම් කිලේසපස්සද්ධියකුත් ඇද්ද විතක්ක විචාරයන්ගේ යම් පස්සද්ධියකුත් ඇද්ද, තෙල දහම් දෙක මැ පස්සද්ධිවේ. (?) එහි කායයාගේ ද චිත්තයාගේ ද යම් සුවයෙක් සුඛාකාරයෙක් ඇද්ද, මේ ප්‍රීතිසුඛ ඇත්තහුගේ පස්සද්ධි වෙයි. චිත්තයාගේ යම් ඒකෝදිභාවයෙක් ඇද්ද ඒ ඒකෝදිභාවය හේතු කොට චිත්තයාගේ අධ්‍යාත්මයෙහි යම් සම්ප්‍රසාදයෙක් වේද, මේ සතරවැනි ධ්‍යානාඞ්ග යැ, මෙසේ අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ද චිත්තයාගේ ඒකෝදිභාවය ද ප්‍රීතිය ද සුඛය ද යන මේ දෙවැනි ධ්‍යානය සතර අංගයෙක් ඇත්තේ යැ.
Pali BJTයො පස්සද්ධකායො සුඛං වෙදෙති, තෙන අධිමත්තෙන සුඛෙන ඵරිත්වා{6} සුඛං චෙතසිකං යං, සො පීතිවීතරාගො, එවං තස්ස පීතිවීතරාගතාය උපෙක්ඛං පටිලභති, සො පීතියා ච විරාගා උපෙක්ඛං පටිලභති, සුඛං ච පටිසංවෙදෙති, සති ච සම්මප්පඤ්ඤාය{7} පටිලභති, සචෙ සති එකග්ගතා, ඉදං පඤ්චඞ්ගිකං තතියං ඣානං.
Sinhala BJTයමෙක් සැහැල්ලු වූ කය ඇතියේ සුව විඳී ද, ඒ අධිමාත්‍ර වූ සුඛයෙන් පැතිරැ යම් චෛතසික සුඛයක් විඳී ද, ඒ ප්‍රීතිවිරාගය යි. මේ මෙසේ ඒ ප්‍රිතිවිරාගතායෙන් උපේක්‍ෂාව ලබයි. හේ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂාව ලබයි. කායික සුවය ද විඳී, සම්‍යක් ප්‍රඥායෙන් ස්මෘතිය ද ලබයි. (සචෙ සති ඒකග්ගතා?) මේ පඤ්චාඞ්ගික වූ තෘතීය ධ්‍යාන යි.
Pali BJTයං සුඛිනො චිත්තං සමාධියති, අයං එකග්ගතාය පරාවිධානො, විධානභාගියා{8} පඨමෙ ඣානෙ අත්ථි චිත්තෙකග්ගතා නො චක්ඛුස්ස වෙදනා, සබ්බං පාරිපූරිං ගච්ඡති. යථා චතුත්ථෙ ඣානෙ තථා යා උපෙක්ඛා පස්සම්භයං සතිසම්පජඤ්ඤං චිත්තෙකග්ගතා ච, ඉදං චතුත්ථං ඣානං.
Sinhala BJTයම් හෙයෙකින් සුව ඇතියහුගේ සිත සමාධියට යේ ද, මේ ඒකාග්‍රතායෙන් (පරාවිධානෝ විධානාභාගියා?) ප්‍රථම ධ්‍යානයෙහි චිත්තෛකාග්‍රතා ඇත, චක්‍ෂුස්හුගේ වේදනා නො වේ. සියල්ල පිරීමට යෙයි. (?) චතුර්‍ත්‍ථධ්‍යානයෙහි යම්සේ ද, එපරිද්දෙන් යම් උපේක්‍ෂාවෙක් ඇද්ද, එය යටපත් කෙරෙමින් සතිසම්පජඤ්ඤය ද චිත්තෙකග්ගතාව ද වේ. මේ චතුර්‍ත්‍ථ ධ්‍යාන යි.
Pali BJTයථා සමාධි දස්සයිතබ්බො{9} තථා පඤ්ඤින්ද්රියං තං චතුසු අරියසච්චෙසු පස්සිතබ්බං. යං සමාහිතො යථාභූතං පජානාති, සා පජානනා චතුබ්බිධා: අසුභතො අනිච්චතො, දුක්ඛතො අනත්තතො ච, යදාරම්මණං තං දුක්ඛං අරියසච්චං, යං පජානන්තො නිබ්බින්දති විමුච්චති අයං මග්ගො{10} තථා යං කාමාසවස්ස පහානං භවාසවස්ස දිට්ඨාසවස්ස අවිජ්ජාසවස්ස, අයං නිරොධො, අප්පහීනභූමියං ආසවා සමුදයො{11} ඉමානි චත්තාරි අරියසච්චානි යථා පඤ්ඤින්ද්රියං පස්සිතබ්බං යථායං සමාහිතො යථාභූතං පජානාති, අයං දස්සනභූමි, සොතාපත්තිඵලං ච. යථාභූතං පජානන්තො නිබ්බින්දතීති ඉදං තනුකං ච කාමරාගබ්යාපාදං සකදාගාමිඵලං ච. යං නිබ්බින්දති විරජ්ජති, අයං පඨමජ්ඣානභාවනාභූමි ච රාගවිරාගා චෙතොවිමුත්ති අනාගාමිඵලං ච. යං විමුත්ති වුච්චති{12}, අයං අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති අරහත්තං ච.
Sinhala BJTයම්සේ සමාධි දැක්විය යුත්තේ ද, එසෙයින් පඤ්ඤින්‍ද්‍රිය දැක්වියැ යුතු. එය සතර ආර්‍ය්‍ය සත්‍යයෙහි ලා දැක්ක යුතු. සමාහිත වූයේ යම් දහමක් යථාභූත වැ දැනගනී ද, ඒ පජානනය සිව්වැදැරුම් වෙයි: අශුභ වශයෙන් දුඃඛ වශයෙන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැයි කියායි. යම් ආලම්බනයෙක් ඇද්ද, එය දුඃඛාර්‍ය්‍ය සත්‍ය යැ, යමක් දැන ගනිමින් නිර්වේදයට පැමිණේ ද විමුක්ත වේ ද, මේ මාර්‍ගසත්‍ය යැ, යම් කාමාස්‍රවයාගේ ප්‍රහාණයෙක් භවාසව - දිට්ඨාසව - අවිජ්ජාසවයාගේ ප්‍රහාණයෙක් ඇද්ද, මේ නිරෝධ යැ, අප්‍රහීණභුමියෙහි ආස්‍රවයෝ සමුදය සත්‍ය යැ. මේ සතර ආර්‍ය්‍ය සත්‍යයෝ යි. යම්සේ පඤ්ඤින්‍ද්‍රිය දැක්කයුතු ද, යම් සේ මේ (පුද්ගල) සමාහිත වූයේ යථාභූත වැ දැනගනී ද, මේ දර්‍ශනභූමි ද සෝතාපත්තිඵලය ද වේ. යථාභූතව විදසුන් නැණින් දැනගන්නේ නිර්වේදයට පැමිණෙයි යන මෙය තුනී වූ කාමරාගව්‍යාපාදය ද සකදාගාමිඵලය ද වෙයි. නිර්වේදයට විරාගයට පැමිණෙයි යන මෙය ප්‍රථමධ්‍යාන භාවනාභූමි ද රාගවිරාගචේතෝ විමුක්ති ද අනාගාමිඵල ද වෙයි. යමක් ‘විමුක්ති’ යි කියනු ලැබේ ද, මේ අවිජ්ජා විරාග පඤ්ඤාවිමුක්ති ද රහත් ඵල ද වේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපළමු දැක්වූ පරිදි සිත් භාවිත වූවාහු පඤ්ඤා සීල කාය චිත්ත යන මේ වඩන ලද වෙයි. (සීලම්පි සුභාවිතං ... නාගච්ඡන්ති?)
Pali BJTඉමෙ අවිප්පටිසාරා ච විරියින්ද්රියං ච චත්තාරො සම්මප්පධානා අවිප්පටිසාරා, තං ච උපරි යාව සමාධි, එවං තෙ චත්තාරි ඣානානි සමාධින්ද්රියං ච, යං සමාහිතො යථාභූතං පජානාති. ඉමෙ චත්තාරො සතිපට්ඨානා සීලපාරිපූරිමුපාදාය චාගසංහිතෙන ච නිබ්බෙධිකානං ච නිමිත්තානං අනාවිලමනා,{1} ඉදං සතින්ද්රියං චත්තාරො සතිපට්ඨානා. යං පුන ඉමාය ධම්මදෙසනාය තීසු ඨානෙසු දිට්ඨොගමනකින්ද්රියං කිලෙසපහානෙන ච සෙක්ඛසීලං, ඉදං සද්ධින්ද්රියං චත්තාරි ච සොතාපත්තියඞ්ගානි ඵලානි. සමාධින්ද්රියානි සොපනියාහාරීනි සබ්බසුත්තෙසු නිද්දිසිතබ්බානි යං ඣානං පටිලභනං විරියගහිතං යෙව ඤාණං පටිස්සරතො, අයං සුතමයී පඤ්ඤා යො සමාධි පුබ්බාපරනිමිත්තාභාසො අනොමගතිතාය යථාකාමො, අයං චින්තාමයී පඤ්ඤා. යං තථා සමාහිතො යථාභූතං පජානාති, අයං භාවනාමයී පඤ්ඤා. අයං සුත්තනිද්දෙසො.
Sinhala BJTමේ අවිප්පටිසාරයෝ ද විරියින්‍ද්‍රිය ද සතර සම්‍යක්ප්‍රධානයෝ ද, අවිප්පටිසාරයෝ යි. එ ද මතුයෙහි සමාධිය දක්වා වෙයි. (ඉමෙ අවිප්පටිසාරා ච ... එසො සුත්තනිද්දේසො? මෙහි දක්වන විස්තරය බෙහෙවින් ආකූලව ඇත. විමසන්නේ මැනැවි.)