Pali BJTපෙටකොපදෙසො
Sinhala BJTපෙටකෝපදේශ
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTභගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. පඨමභූමි - අරියසච්චප්පකාසනා
Sinhala BJT1. ප්‍රථම භූමි - අරියසච්චප්පකාසනා
Pali BJTනමො සම්මාසම්බුද්ධානං පරමත්ථදස්සීනං සීලාදිගුණපාරමිප්පත්තානං
Sinhala BJTපරමාර්‍ත්‍ථදර්ශී වූ ශීලාදි ගුණයන්හි පාරමීප්‍රාප්ත වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා.
Pali BJT1. දුවෙ හෙතූ දුවෙ පච්චයා සාවකස්ස සම්මාදිට්ඨියා උප්පාදාය : පරතො ච ඝොසො සච්චානුසන්ධි, අජ්ඣත්තං ච යොනිසො මනසිකාරො.
Sinhala BJT1. ශ්‍රාවකයාගේ සම්‍යග්දෘෂ්ටිය ඉපදීම පිණිස හෙතූහු දෙදෙනෙක් වෙති. ප්‍රත්‍යයෝ දෙදෙනෙක් වෙත් : චතුස්සත්‍ය ඝටිත වූ පරතෝඝෝසය ද අධ්‍යාත්මයෙහි වූ යෝනිසෝ මනසිකාරය ද යන දෙක යි.
Pali BJT2. තත්ථ කතමො පරතො ඝොසො: යා පරතො දෙසනා ඔවාදො අනුසාසනී සච්චකථා සච්චානුලොමො. චත්තාරි සච්චානි: දුක්ඛං සමුදයො නිරොධො මග්ගො ඉමෙසං චතුන්නං සච්චානං යා දෙසනා සන්දස්සනා විවරණා විභජනා උත්තානීකිරියා පකාසනා. අයං වුච්චති සච්චානුලොමො ඝොසො’ති.
Sinhala BJT2. එහි පරතෝඝෝසය කවරෙ යත්: මෙරමාගේ වශයෙන් යම් දේශනායෙක් අවවාදයෙක් අනුශාසනායෙක් සත්‍යකථායෙක් සත්‍යානුලෝම ධර්‍මයෙක් වේ ද එය යි. සත්‍යයෝ සතර දෙනෙකි : දුක යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ග යි. මේ සතර සත්‍යයන්ගේ යම් දෙසුමෙක් සැසැඳීමෙක් විස්තර කිරීමෙක් විභාග කිරීමෙක් ප්‍රකට කිරීමෙක් ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ සත්‍යානුලෝම වූ ඝෝෂ යයි කියනු ලැබේ යි.
Pali BJT3. තත්ථ කතමො අජ්ඣත්තං යොනිසො මනසිකාරො: අජ්ඣත්තං යොනිසො මනසිකාරො නාම: යො යථා දෙසිතෙ ධම්මෙ බහිද්ධා ආරම්මණං අනභිනීහරිත්වා යොනිසො මනසිකාරො, අයං වුච්චති අජ්ඣත්තං යොනිසො මනසිකාරො. තං ආකාරො යොනිසො ද්වාරො විධි උපායො.
Sinhala BJT3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර යී කියනු ලැබේ.
Pali BJTයථා පුරිසො සුක්ඛෙ කට්ඨෙ විගතස්නෙහෙ සුක්ඛාය උත්තරාරණියා ථලෙ අභිමන්ථමානං භබ්බො ජොතිස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනිසො අග්ගිස්ස අධිගමාය. එවමෙවසො යමිදං දුක්ඛසමුදයනිරොධ මග්ගානං අවිපරීතධම්මදෙසනං මනසිකරොති. අයං වුච්චති අජ්ඣත්තං යොනිසො මනසිකාරො.
Sinhala BJTයම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරෝධ–මග්ගයන්ගේ අවිපරීත ධර්‍මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාර’යි කියනු ලැබේ.
Pali BJT4. යථා තිස්සො උපමායො{1} පුබ්බෙ අස්සුතා ච අස්සුතපුබ්බා ච පටිහන්ති. ‘යො හි කොචි කාමෙසු අවීතරාගො’ති -පෙ- දුවෙ උපමා අයොනිසො කාතබ්බා පච්ඡිමා යොනිසො වුත්තා.{2}
Sinhala BJT4. පෙර නො ඇසු නො ඇසුවිරූ තුන් උපමා කෙනෙක් වටහති: “කාමයන්හි අවීතරාග වූ යම් කිසිවෙක් ... එහි උපමා දෙකක් අයෝනිසෝ මනසිකාරයෙනැයි කියැ යුතු ය. පශ්චිම උපමා ව යෝනිසෝ මනසිකාරය කියන ලදු.
Pali BJTතත්ථ යො ච පරතො ඝොසො යො ච අජ්ඣත්තං යොනිසො මනසිකාරො ඉමෙ ද්වෙ පච්චයා, පරතො ඝොසෙන යා උප්පජ්ජති පඤ්ඤා අයං වුච්චති සුතමයී පඤ්ඤා. යා අජ්ඣත්තං යොනිසො මනසිකාරෙන උප්පජ්ජති පඤ්ඤා, අයං වුච්චති චින්තාමයී පඤ්ඤාති. ඉමා ද්වෙ පඤ්ඤා වෙදිතබ්බා, පුරිමකා ච ද්වෙ පච්චයා. ඉමෙ ද්වෙ හෙතූ ද්වෙ පච්චයා සාවකස්ස සම්මාදිට්ඨියා උප්පාදාය.
Sinhala BJTඑහි යම් පරතෝඝෝසයෙකුත් අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙකුත් වේ ද, මේ දහම්හු දෙදෙන ප්‍රත්‍යය වෙති. පරතෝඝෝසයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ සුතමයී පඤ්ඤා’යි කියනු ලැබේ. අධ්‍යාත්මයෙහි යෝනිසෝ මනසිකාරයෙන් යම් ප්‍රඥාවක් උපදී ද මේ චින්තාමයී පඤ්ඤා’ යයි කියනු ලැබේ. මේ ප්‍රඥා දෙක දත යුතු යැ. පූර්‍ව වූ ප්‍රත්‍යය දෙක ද දතයුතු යි. මෙසේ ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය ඉපදීම පිණිස මේ හේතු දෙක ප්‍රත්‍යය දෙක වෙත්.
Pali BJT5. තත්ථ පරතො ඝොසස්ස සච්චානුසන්ධිස්ස දෙසිතස්ස අත්ථං අවිජානන්තො අත්ථපටිසංවෙදී{1} භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, න ච අත්ථපටිසංවෙදී{1} යොනිසො මනසිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති. පරතො ඝොසස්ස සච්චානුසන්ධිස්ස දෙසිතස්ස අත්ථං විජානන්තො අත්ථපටිසංවෙදී{1} භවිස්සතී’ති ඨානමෙතං විජ්ජති, අත්ථ පටිසංවෙදී{1} ච යොනිසො මනසිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජති. එස හෙතු එතං ආරම්මණං එසො උපායො සාවකස්ස නිය්යානස්ස නත්ථඤ්ඤො.
Sinhala BJT5. එහි පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අර්‍ත්‍ථ නො දන්නේ අත්‍ථපටිසංවේදී (පෙළ අරුත් දන්නේ) වන්නේය යන තෙල කරුණ නො වේ. නො ද අත්‍ථපටිසංවේදී වූයේ නුවණින් මෙනෙහිකරන්නේය යන තෙල කරුණ නො වේ. පරතෝ ඝෝස වූ සත්‍යානුසන්‍ධි ඇති දේශිතයාගේ අරුත් දන්නේ අත්‍ථපටිසංවේදී වෙයි යන තෙල කරුණ ඇත. පෙළ අරුත් දන්නේ නුවණින් මෙනෙහි කරන්නේය යන තෙල කරුණ ඇත. ශ්‍රාවකයාගේ නිර්‍ය්‍යාණය සඳහා තෙල හේතු යැ තෙල අරමුණු යැ තෙල උපාය වේ. අන් උපායෙක් නැති.
Pali BJT6. සො ‘යං න ච සුත්තස්ස අත්ථවිජානනාය සහ යුත්තො, නාපි ඝොසානුයොගෙන. පරතො ඝොසස්ස අත්ථං අවිජානන්තෙන න සක්කා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනං අධිගන්තුං, තස්මා නිබ්බායිතු කාමෙන සුතමයෙන අත්ථා පරියෙසිතබ්බා. තත්ථ පරියෙසනාය අයං ආනුපුබ්බී{2} භවති: සොළසහාරා, පඤ්ච නයා, අට්ඨාරස මූලපදානි.
Sinhala BJT6. ඒ උපාය සූත්‍රයාගේ අරුත් දැනීම සමග නො ද යෙදුණේ යැ ඝෝසානුයෝගය සමග ද නො යෙදුණේ යැ. පරතෝ ඝෝසයාගේ අරුත් නො දන්නහු විසින් මිනිස් දහමින් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනය ලබන්නට නො ද හැකි වෙයි. එහෙයින් කෙලෙසුන් නිවනු රිසි වූ ශ්‍රැතමයඥාන ඇතියහු විසින් අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කළ යුතු ය. එහි පර්‍ය්‍යෙෂණයට මේ අනුපිළිවෙළ වෙයි. සොළොස් භාරයෝ යැ, පඤ්ච නය යැ අටළොස් මූලපදයෝ යි.
Pali BJTතත්ථායං අනුගීති:{3}
Sinhala BJTඑහි මේ අනුගීති යැ:
Pali BJT(1) සොළස හාරා නෙත්තී - පඤ්ච නයා සාසනස්ස පරියෙට්ඨි අට්ඨාරස මූලපදා - කච්චායනගොත්තනිද්දිට්ඨා.{4}
Sinhala BJT(1) නෙත්ති සංඛ්‍යාත අවිපරීත සූත්‍රාර්‍ත්‍ථාවබෝධයට කාරණ වූ දේසනාදි සොළොස් භාරයෝ යැ, පර්‍ය්‍යාප්ති ශාසනයාගේ අර්‍ත්‍ථ පර්‍ය්‍යෙෂණ කරන නන්‍දියාවට්ටාදි පස් නය යැ, කුශලාකුශල විසින් භේද වූ අටළොස් මූලපදයෝ යැ යන මොහු කාත්‍යායන ගෝත්‍ර ඇති මහතෙරුන් විසින් දක්වන ලද්දාහු යැ.
Pali BJT7. තත්ථ කතමෙ සොළස හාරා:
Sinhala BJT7. එහි සොළොස් භාරයෝ කවරහ :
Pali BJTදෙසනා විචයො යුත්ති පදට්ඨානො{5} ලක්ඛණො{6} චතුබ්යූහො ආවට්ටො විභත්ති පරිවත්තනො වෙවචනො පඤ්ඤත්ති ඔතරණො සොධනො අධිට්ඨානො පරික්ඛාරො සමාරොපනො. ඉමෙ සොළස හාරා:
Sinhala BJTආස්වාදාදිය විභාග කිරීම ලක්‍ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්‍රයෙහි එන පද ප්‍රශ්නාදිය විමසීම ලක්‍ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්‍රාගත අර්‍ත්‍ථ ව්‍යඤ්ජනයන්ගේ යුක්තිඅයුක්ති විචාරණ ලක්‍ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්‍රාගත කුශලාකුශලාදි ධර්‍මයන්ගේ පදට්ඨාන (–ආසන්න කාරණ) නිශ්චය කිරීම ලක්‍ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්‍ෂණ ධර්‍මයන් නහා දක්වන ‘ලක්ඛණ’ හාර යැ. ව්‍යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදිය දැක්වීම ලක්‍ෂණ වූ ‘චතුබ්‍යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්‍මයන් ආවර්‍තන ලක්‍ෂණ වූ ‘ආවත්ත’ හාර යැ, සංකිලේස වෝදාන ධර්‍මයන් විභාගකිරීම ලක්‍ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශල ධර්‍මයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් පරිවර්‍තන ලක්‍ෂණ වූ ‘පරිවත්තන’ හාර යැ, පර්‍ය්‍යායශබ්ද දැක්වීම ලක්‍ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්‍මාර්‍ත්‍ථයක් විවිධ ප්‍රඥප්තීන් විභාවනය ලක්‍ෂණ වූ ‘පඤ්ඤත්ති’ හාර යැ. ප්‍රතීත්‍ය සමුත්පාදාදිද්වාරයෙන් සූත්‍රාර්‍ත්‍ථයාගේ අවතරණ ලක්‍ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්‍රාගත පදපදාර්‍ත්‍ථාදීන්ගේ ශෝධනය ලක්‍ෂණ වූ ‘සෝධන’ හාර යැ. සූත්‍රාගතධර්‍මයන්ගේ සාමාන්‍ය විශේෂඥ නිර්ධාරණ ලක්‍ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්‍මයන්ගේ හේතුප්‍රත්‍යය නිර්ධාරණ ලක්සණ ‘පරික්ඛාර’ හාර යැ. පදට්ඨානාදි මුඛයෙන් ධර්‍මයන්ගේ සමාරෝපණ ලක්‍ෂණ වූ ‘සමාරෝපණ’ හාර යැ යන මොහු සෝළය හාරයෝ යි:
Pali BJTතත්ථායං අනුගීති:
Sinhala BJTඒ හාරෝද්දේසයෙහි සුඛග්‍රහණ පිණිස අනුගිති වෙයි :
Pali BJT2. දෙසනා විචයො යුත්ති - පදට්ඨානො ව ලක්ඛණො චතුබ්යූහො ච ආවට්ටො - විභත්ති පරිවත්තනො,
Sinhala BJT2. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුබ්‍යුහ යැ ආවට්ට යැ විභක්ති යැ පරිවත්තන යැ–
Pali BJT3. වෙවචනො ච පඤ්ඤත්ති - ඔතරණො ච සොධනො අධිට්ඨානො පරික්ඛාරො - සමාරොපනො සොළස.{7}
Sinhala BJT3. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර යැ සමාරෝපණ යැ යි සොළසහාර වෙත්.
Pali BJTතත්ථ කතමෙ පඤ්ච නයා: නන්දියාවට්ටො තිපුක්ඛලො සීහ වික්කීළිතො දිසාලොචනෙ අඞ්කුසො’ති
Sinhala BJTඑහි පඤ්ච නය කවරහ: (තෘෂ්ණා අවිද්‍යා දෙකින් සංකිලේස පක්‍ෂයෙහි ද ශමථ විදර්‍ශනා දෙකින් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථය සිව්සස් සමග යෙදීමෙන් වර්‍ණනා කරන) ‘නන්‍දියාවට්ට’ නය යැ (අකුශලමූලයෙන් හා කුශලමූලයෙන් සංකිලේස වෝදාන පක්‍ෂයෙහි සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන) – ‘තිපුක්ඛල’නය යැ. (විපර්‍ය්‍යාසයන්ගෙන් සංකිලේස පක්‍ෂයෙහි ද ඉන්‍ද්‍රියයන්ගෙන් වෝදාන පක්‍ෂයෙහි ද සූත්‍රාර්‍ත්‍ථ සිව්සස් සමග යොදන) ‘සීහවික්කීළිත’ නය යැ (අර්‍ත්‍ථනයත්‍රයට දිශා භූත ධර්‍මයන් විමසන්න) ‘දිසාලෝචන’ නය යැ, දිශාභූත කුශලාකුශලයන්ගේ සමානයන ලක්‍ෂණ වූ) – අංකුස” නය යැ යන මොහු යි.
Pali BJTතත්ථායං අනුගීති :
Sinhala BJTමේ එහි අනුගීති යැ:
Pali BJT4. පඨමො නන්දියාවට්ටො - දුතියො ච තිපුක්ඛලො සීහවික්කීළිතො නාම - තතියො හොති සො නයො,
Sinhala BJT4. සූත්‍රාර්‍ත්‍ථ ප්‍රකාශ කරන පළමුවැනි නන්‍දියාවට්ටනය ද දෙවැනි ‘තිපුක්ඛල’ නය ද තුන්වැනි ‘සීහවික්කීළිත’ නම් නය ද වෙයි.
Pali BJT5. දිසාලොචනමාහංසු - චතුත්ථො නය ලඤ්ඡකො පඤ්චමො අඞ්කුසො නාම - සබ්බෙ පඤ්ච නයා’ගතා.
Sinhala BJT5. සතරවැනි නය ලක්‍ෂණය ‘දිසාලෝචන’ යයි කීහු, පස්වැන්න ‘අංකුස’ නම් වෙයි. සියල්ල පස් නය කෙනෙක් ආවාහු යි.
Pali BJTතත්ථ කතමානි අට්ඨාරස මූලපදානි : අවිජ්ජා තණ්හා ලොභො දොසො මොහො සුභසඤ්ඤා සුඛසඤ්ඤා නිච්චසඤ්ඤා අත්තසඤ්ඤා, සමථො විපස්සනා අලොභො අදොසො අමොහො අසුභසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනිච්චසඤ්ඤා අනත්තසඤ්ඤා ඉමානි අට්ඨාරස මූලපදානි. තත්ථ නව පදානි අකුසලානි, යත්ථ සබ්බං අකුසලං සමොසරති. නව පදානි කුසලානි, යත්ථ සබ්බං කුසලං සමොසරති.
Sinhala BJTඑහි අටළොස් මූලපදයෝ කවරහ : අවිජ්ජා යැ තණ්හා යැ ලෝභ යැ දෝස යැ මෝහ යැ සුභසඤ්ඤා යැ සුඛසඤ්ඤා යැ නිව්වසඤ්ඤා යැ අත්තසඤ්ඤා යැ සමථ යැ විපස්සනා යැ අලෝභ යැ අදෝස යැ අමොහ යැ අසුභසඤ්ඤා යැ දුක්ඛසඤ්ඤා යැ අනිච්චසඤ්ඤා යැ අනත්තසඤ්ඤා යි. –මොහු අටළොස් මූලපදයෝ යි. එහි යම් තැනෙක සියලු අකුශලය බැසගෙන සිටී ද ඒ නවපදය අකුශල යැ, යම් තැනෙක සියලු කුශලය බැසගෙන සිටී ද ඒ නව පදය කුශල යි.
Pali BJTකතමානි නව පදානි අකුසලානි යත්ථ සබ්බං අකුසලං සමොසරති: අවිජ්ජා - යාව අත්තසඤ්ඤා, ඉමානි නව පදානි අකුසලානි, යත්ථ සබ්බං අකුසලං සමොසරති. කතමානි නව පදානි කුසලානි, යත්ථ සබ්බං කුසලං සමොසරති: සමථො - යාව අනත්තසඤ්ඤා, ඉමානි නව පදානි කුසලානි, යත්ථ සබ්බං කුසලං සමොසරති. ඉමානි අට්ඨාරස මූලපදානි.
Sinhala BJTසියලු අකුශලය බැසගෙන සිටුනා අකුශල නව පදයෝ කවරහ: අවිජ්ජා ආදි කොට අත්තසඤ්ඤා තෙක් සියලු අකුශලය බැසගෙන සිටුනා මේ නවපදයෝ අකුශලයෝ යැ. සමථය ආදි කොට අනත්තසඤ්ඤා තෙක් සියලු කුශලය බැසගෙන සිටුනා මේ නවපදයෝ කුශලයෝ යි. මේ අටළොස් මූලපදයෝ යි.
Pali BJTතත්ථායං අනුගීති:
Sinhala BJTඑහි මේ අනුගිති යැ:
Pali BJT6. තණ්හා ච අවිජ්ජා’පි ච{1} - ලොභො දොසො තථෙව මොහො ච චතුරො{2} ච විපල්ලාසා - කිලෙසභූමි නව පදානි.
Sinhala BJT6. තෘෂ්ණාව ද අවිද්‍යාව ද ලෝභය ද ද්වේෂය ද එසෙයින් මැ මෝහය ද සතර විපර්‍ය්‍යාසයෝ ද යන නව පදයෝ ක්ලේශභූමි වෙති.
Pali BJT7. සමථො ච විපස්සනා ච - කුසලානි ච යානි තීණි මූලානි යෙ ‘පි ච සතිපට්ඨානා - ඉන්ද්රියභූමි නව පදානි,{3}
Sinhala BJT7. ශමථය ද විදර්‍ශනා ද තුන් කුශල මූලයෝ ද අශුභ සංඥාදි සතර සතිපට්ඨානයෝ ද යන නව පදයෝ (ශ්‍රද්ධාදි විමුක්තිපරිපාචනීය ඉන්‍ද්‍රිය සමෝසරණස්ථාන හෙයින්) ඉන්‍ද්‍රිය භූමි නම් වෙති.
Pali BJT8. නවහි ච පදෙහි කුසලං{4} - නවහි ච යුජ්ජති අකුසලං සබ්බං එතෙ නව මූලපදා - භවන්ති අට්ඨාරස පදානි.
Sinhala BJT8. සමථාදි නවපදයෙන් සියලු කුශලපක්‍ෂය ද තණ්හාදි නව පදයෙන් සියලු අකුශල පක්‍ෂය ද යෙදෙයි. තෙල නව මූලපදයෝ අටළොස් මූල පදයෝ වෙති.
Pali BJTඉමෙසං අට්ඨාරසන්නං මූලපදානං යානි නවපදානි අකුසලානි, අයං දුක්ඛසමුදයො. යානි නවපදානි කුසලානි, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා. ඉති සමුදයස්ස දුක්ඛං ඵලං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නිරොධං ඵලං. ඉමානි චත්තාරි අරියසච්චානි භගවතා බාරාණසියං දෙසිතානි.
Sinhala BJTමේ අටළොස් මූලපදයන් අතුරෙන් අකුශල වූ යම් නව පද කෙනෙක් ඇද්ද මේ දුක්ඛ සමුදය යැ, කුශල වූ යම් නව පද කෙනෙක් ඇද්ද මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා යැ. මෙසේ සමුදයයාගේ ඵලය ‘දුක්ඛ’ යැ දුක්ඛනිරෝධගාමිනීපටිපදාවගේ ඵලය ‘නිරෝධ’ යි. මේ සතර ආර්‍ය්‍යසත්‍යයෝ භගවත්හු විසින් බරණැස ඉසිපතන මුවළැව්හි දී දෙසන ලදහු.
Pali BJTතත්ථ දුක්ඛස්ස අරියසච්චස්ස අපරිමාණානි අක්ඛරානි පදානි බ්යඤ්ජනානි ආකාරානි නිරුත්තියො නිද්දෙසා දෙසිතා, එතස්සෙවත්ථස්ස සඞ්කාසනාය පකාසනාය විවරණාය විභජනාය උත්තානීකම්මාය පඤ්ඤාපනායාති. යා එවං සබ්බෙයං සච්චානං. ඉති එකමෙකං සච්චං අපරිමාණෙහි අක්ඛරපදබ්යඤ්ජනආකාරනිරුත්තිනිද්දෙසෙහි පරියෙසිතබ්බං, තං ච අත්ථපුථුත්තෙන පන අත්ථො බ්යඤ්ජනපුථුත්තෙන බ්යඤ්ජනං.
Sinhala BJTඒ සිව් සසුන් කෙරෙහි දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ අපරිමාණ වූ අක්‍ෂර – පද – ව්‍යඤ්ජන – ආකාර – නිරුක්ති – නිර්දේශයෝ, තෙල දුඃඛසංඛ්‍යාත අර්‍ත්‍ථයාගේ මැ සංකාසන – පකා සන – විවරණ – විභජන – උත්තානීකරණ – පඤ්ඤාපනය සඳහා දෙසන ලද්දාහු ය. සියලු සත්‍යයන්ගේ දේශනාව මෙසේ යි. මෙසෙයින් එකෙකි සත්‍යය අපරිමාණ වූ අක්ඛර – පද – ව්‍යඤ්ජන – ආකාර – නිරුක්ති – නිද්දේසයන්ගෙන් පර්‍ය්‍යෙෂණ කළ යුතු යි. යළි එ ද අර්‍ත්‍ථබාහුල්‍යයෙන් අර්‍ත්‍ථය ද ඛ්‍යඤ්ජනබාහුල්‍යයෙන් ඛ්‍යඤ්ජනය ද පර්‍ය්‍යෙෂණ කළ යුතු.
Pali BJTයො හි කොචි සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: ‘අහං ඉදං දුක්ඛං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඤ්ඤපෙස්සාමී’ති. තස්ස තං වාචාවත්ථුකමෙවස්ස, පුච්ඡිතො ච න සම්පායිස්සති, එවං සච්චානි.
Sinhala BJTයම් කිසි ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි මෙසේ කියා නම්: ‘මම මේ දුඃඛ සත්‍යය හැරපියා අන් දුඃඛ සත්‍යයක් පනවන්නෙමි’යි ඔහුගේ ඒ බස වාග්වස්තුක මැ වන්නේ යැ, පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියැහෙන්නේ යැ. සත්‍යයෝ මෙසේ යි.
Pali BJTයං ච රත්තිං භගවා අභිසම්බුද්ධො, යං ච රත්තිං අනුපාදාය පරිනිබ්බුතො, එත්ථන්තරෙ යං කිඤ්චි භගවතා භාසිතං සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, සබ්බං තං ධම්මචක්කං පවත්තිතං න කිඤ්චි බුද්ධානං භගවන්තානං ධම්මදෙසනාය ධම්මචක්කතො බහිද්ධා, තස්ස සබ්බං සුත්තං අරියධම්මෙසු පරියෙසිතබ්බං. තත්ථ පරිගණ්හනාය{1} ආලොකසභාගානි{2} චත්තාරි ථාවරානි ඉමානි.
Sinhala BJTයම් රාත්‍රියෙකැ භාග්‍යවත්හු අභිසම්බුද්ධ වූවාහු ද, යම් රාත්‍රියෙකැ අනුත්පාදනිරෝධයෙන් (ග්‍රහණ නො කොට) පිරිනිවි සේක් ද, මේ අතුරෙහි භාග්‍යවත්හු විසින් යම් කිසි සුත්ත – ගෙය්‍ය – වෙය්‍යාකරණ – ගාථා – උදාන – ඉතිවුත්ත – ජාතක – අබ්භුත්ධම්ම – වෙදල්ල යන නවාංග පර්‍ය්‍යාප්තියක් වදාරන ලද ද එ හැම පවත්වන ලද ධර්‍මචක්‍ර යි. භාග්‍යවත් බුදුවරයන්ගේ ධර්‍මදේශනායෙහි ධර්‍ම චක්‍රයෙන් පිටත් කිසිවක් නැති. ඒ ධර්‍ම චක්‍රයාගේ සියලු සූත්‍රය ආර්‍ය්‍යධර්‍මයෙහි ලා පර්‍ය්‍යෙෂණය කළ යුතු යැ. එහි පරිග්‍රහණය සඳහා ආලෝක බඳු වූ මේ සතර ස්ථාවර ධර්‍මයෝ වෙත්:
Pali BJTතත්ථ කතමං දුක්ඛං: ජාති ජරා ව්යාධි{3} මරණං සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
Sinhala BJTඑහි දුක්ඛ (ආර්‍ය්‍ය සත්‍යය) කවරෙ යත්: ජාතියැ ජරා යැ ව්‍යාධි යැ මරණ යැ සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක් වෙති.
Pali BJTතත්ථායං ලක්ඛණනිද්දෙසො: පාතුභාවලක්ඛණා ජාති, පරිපාකලක්ඛණා ජරා, දුක්ඛදුක්ඛතාලක්ඛණො ව්යාධි, චුතිලක්ඛණං මරණං, පියවිප්පයොගවිපරිණාමපරිතාපනලක්ඛණො සොකො ලාලප්පනලක්ඛණො පරිදෙවො, කායසම්පීළනලලක්ඛණං දුක්ඛං, චිත්තසම්පීළනලක්ඛණං දොමනස්සං, චිත්තපරිදහනලක්ඛනො{4} උපායාසො, අමනාපසමොධානලක්ඛණො අප්පියසම්පයොගො, මනාපවිනාභාවලක්ඛණො පියවිප්පයොගො, අධිප්පායවිවත්තනලක්ඛනො අලාභො, අපරිඤ්ඤාලක්ඛණා පඤ්චුපාදානක්ඛන්ධා, පරිපාකචුතිලක්ඛණං ජරාමරණං, චුතිපාතුභාවලක්ඛණා චුතූපපත්ති,{5} පටිසන්ධිනිබ්බත්තනලක්ඛණො සමුදයො, සමුදයපරිජහනලක්ඛණො නිරොධො, අනුසයසසමුච්ඡෙදලක්ඛණො මග්ගො, බ්යාධිලක්ඛණං දුක්ඛං, සඤ්ජනනලක්ඛණො{6} සමුදයො, නිය්යානිකලක්ඛනො මග්ගො, සන්තිලක්ඛණො නිරොධො, අප්පටිසන්ධිභාවනිරොධලක්ඛණා අනුපාදිසෙසා නිබ්බානධාතු.
Sinhala BJTඑහි මේ ලක්‍ෂණ නිර්දේශ යැ: ජාතිය පහළවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ. ජරාව පරිපාක (මිහිකිරීම) ලක්‍ෂණ යැ. ව්‍යාධිය දුක්ඛදුක්ඛතාව (ස්වභාවයෙන් දුක්බව) ලක්‍ෂණ කොට ඇත්තේ යැ, මරණය ච්‍යුත වීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, සෝකය ප්‍රියවිප්‍රයෝගය විපරිණාමය යන මෙයින් තැවීම ලක්‍ෂණ යැ, පරිදේවය වැලැපීම ලක්‍ෂණ යැ. දුක්ඛය කාමසම්පීඩන ලක්‍ෂණ යැ, දෝමනස්සය චිත්තසම්පීඩන ලක්‍ෂණ යැ, උපායාසය සිත දවන ලකුණු ඇතියේ යැ, අප්‍රියසම්ප්‍රයෝගය අමනාපය හා සමාගම ලකුණු කොට ඇතියේ යැ, ප්‍රිය විප්‍රයෝගය මනාප වස්තුන්ගේ නැසීම ලකුණු කොට ඇතියේ යැ, අලාභය අභිප්‍රේතය පෙරැළීම ලකුණු කොට ඇත්තේ යැ, පඤ්ච උපාදානස්කන්‍ධයෝ නො දැනීම (නො ඉක්මැවීම) ලක්‍ෂණ කොට ඇත්තාහුය. ජරාමරණය මිහිකිරීම ව්‍යුතවීම ලක්‍ෂණ යැ, චුති–උප්පත්ති ච්‍යුත වීම පහළවීම ලක්‍ෂණ යැ, සමුදය පිළිසඳහි ඉපැදීම ලක්‍ෂණ යැ, නිරෝධ ය සමුදය දුරැලීම ලකුණු කොට ඇත්තේ යැ, මාර්‍ගය අනුසය මුලුසුන් කිරීම ලකුණු කොට ඇත්තේ යි. දුක්ඛය පෙළීම ලකුණු කොට ඇත්තේ යැ. සමුදය ඉපැදීම ලක්‍ෂණ යැ, මාර්‍ගය නෛර්‍ය්‍යාණික ලක්‍ෂණ යැ, නිරෝධය ශාන්ති ලක්‍ෂණ යැ, අනුපාදිසේස නිබ්බානධාතුව අප්‍රතිසන්‍ධි භාවයෙන් නිරුද්ධ වීම ලක්‍ෂණ යි.
Pali BJTදුක්ඛං ච සමුදයො ච, දුක්ඛං ච නිරොධො ච, දුක්ඛං ච මග්ගො ච, සමුදයො ච දුක්ඛං ච, සමුදයො ච නිරොධො ච, සමුදයො ච මග්ගො ච, නිරොධො ච සමුදයො ච, නිරොධො ච දුක්ඛං ච නිරොධො ච මග්ගො ච, මග්ගො ච නිරොධො ච, මග්ගො ච සමුදයො ච, මග්ගො ච දුක්ඛං ච.
Sinhala BJTදුක්ඛ හා සමුදය ද, දුක හා නිරෝධ ය ද, දුක හා මාර්‍ගය ද, සමුදය හා දුක ද, සමුදය හා නිරෝධ ය ද, සමුදය හා මාර්‍ගය ද, නිරෝධය හා සමුදය ද නිරෝධය හා දුක ද, නිරෝධය හා මාර්‍ගය ද, මාර්‍ගය හා නිරෝධය ද, මාර්‍ගය හා සමුදය ද, මාර්‍ගය හා දුක ද (වදාළ සූත්‍රයෝ වෙත්.)
Pali BJTතත්ථිමානි සුත්තානි:
Sinhala BJTඑහි මේ සූත්‍රයෝ යැ:
Pali BJTතත්ථ කතමා ජාති:{*}
Sinhala BJTඑහි ජාති කවර යැ:
Pali BJT1. යමෙකරත්තිං පඨමං - ගබ්භෙ වසති මානවො අබ්භුට්ඨිතොව සයාති{1} ස ගච්ඡං න නිවත්තතී’ති.
Sinhala BJT1. සත්ත්‍ව තෙමේ යම් එක් රැයෙක (හෝ දවසෙක) පළමු පිළිසඳ කෙණෙහි මව්කුසැ වෙසේ ද, අහසට නැඟුණු අභ්‍රයක් (වලාකුළක්) සෙයින් හේ මරණයට අභිමුඛව යෙයි. මෙසේ යන හෙතෙම (ඇසිල්ලකුදු) නො නවතී.
Pali BJT“අට්ඨිමා ආනන්ද දානූපපත්තියො” එකුත්තරිකෙ සුත්තං අයං ජාති.
Sinhala BJT‘ආනන්‍දය, මේ දානහේතුයෙන් උපප්‍රාප්තීහු අට දෙනෙකි: අංගුත්තරනිකායෙහි සූත්‍ර යි. (අට්ඨකංගුත්තර – දානවග්ග) මේ ජාති යි.
Pali BJTතත්ථ කතමා ජරා:
Sinhala BJTඑහි ‘ජරා’ කවර යැ:
Pali BJT2. අචරිත්වා බ්රහ්මචරියං - අලද්ධා යොබ්බනො ධනං ජිණ්ණකොඤ්චාව ඣායන්ති - ඛීණමච්ඡෙව පල්ලලෙ.
Sinhala BJT2. පැවිද්දට නිසි තුරුණුවියෙහි බඹසරවස් නො වැස ගිහිගෙට නිසි ධනය නො ලැබැ (පමාවූවාහු) මසුන් නැති (දිය සුන්) මඩිත්තෙක මහලු කොස් ලිහිණීන් සෙයින් තැවෙත්.
Pali BJT“පඤ්ච පුබ්බනිමිත්තානි දෙවෙසු” අයං ජරා.
Sinhala BJT‘දෙවියන් කෙරෙහි පස් පෙරනිමිති පහළ වෙති.’ (ඉතිවුත්තක චතුත්‍ථවග්ග) මේ ජරා යි.
Pali BJTතත්ථ කතමො ව්යාධි:
Sinhala BJTඑහි ‘ව්‍යාධි’, කවරෙ යැ:
Pali BJT3. සාමං තෙන කුතො රාජ - තුවම්පි ජරායන්ති වෙදෙහි, ඛත්තිය කම්මස්ස ඵලො - ලොකො න හි කම්මං පනයති. (?)
Sinhala BJT3. (මේ ගාථායෙහි ශුද්ධියක් නැත ?)
Pali BJT“තයො ගිලානා” අයං ව්යාධි.
Sinhala BJTගිලන්හු තිදෙනෙක් වෙති” (තිකංගුත්තර) මේ ව්‍යාධි යි.
Pali BJTතත්ථ කතමං මරණං:
Sinhala BJTඑහි මරණ කවරෙ යැ:
Pali BJT4. යථා’පි කුම්භකාරස්ස - කතං මත්තිකභාජනං, ඛුද්දකං ච මහන්තං ච - යං පක්කං යං ච ආමකං, සබ්බං භෙදනපරියන්තං - එවං මච්චාන ජීවිතං.
Sinhala BJT4. යම්සේ කුම්භකාරයා විසින් කරන ලද කුඩා වූ මහත් වූ ද පැසුණා වූ ද අමු වූ ද යම් මැටි බඳුනෙක් ඇද්ද, ඒ සියල්ල බිඳීම අන්ත කොට ඇත. මිනිසුන්ගේ ජීවිතය ද එබඳු යි.
Pali BJT5. මමායිතෙ පස්සථ ඵන්දමානෙ මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ, එතම්පි දිස්වා අමමො චරෙය්ය භවෙසු ආසත්තිමකුබ්බමානො.
Sinhala BJT5. සිඳීගිය දියත්තෙකැ පොපියන මසුන් මෙන් ‘මාගේ’ යැයි ගන්නා ලද කාමවස්තුයෙහි පොපියන සත්ත්‍වයන් බලවු. (මමායිතයෙහි) තෙල ආදීනව දැක මමායන නැතියේ කාමාදි භවයන්හි ඇලුම් නො කෙරෙමින් හැසිරෙන්නේ යැ.
Pali BJT“උදකප්පන සුත්තං” ඉදං මරණං.
Sinhala BJT‘උදකප්පන’ සූත්‍රය (දතයුතු) මේ මරණ යි.
Pali BJTතත්ථ කතමො සොකො:
Sinhala BJTඑහි ‘සෝක’ කවරෙ යැ:
Pali BJT6. ඉධ සොචති පෙච්ච සොචති පාපකාරී උභයත්ථ සොචති, සො සොචති සො විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනො.
Sinhala BJT6. පව් කරන පුද්ගල මෙලොවැ දී (මරණසමයෙහි කර්‍මානුස්මරණයෙන්) ශෝක කෙරෙයි. පරලොවැ දී (විපාකානුභවයෙන්) ශෝක කෙරෙයි. (මෙසේ) දෙලොවැ ම ශෝක කෙරෙයි, හේ තමාගේ කිලිටි කම් දැක ශෝක කෙරෙයි. හේ වෙසෙසින් පෙළෙයි.
Pali BJT“තීණි දුච්චරිතානි” අයං සොකො.
Sinhala BJTතිකංගුත්තරයෙහි තුන් දුශ්චරිත දැක්විය යුතු. මේ ‘සෝක’ යි.
Pali BJTතත්ථ කතමො පරිදෙවො:
Sinhala BJTඑහි ‘පරිදේව’ කවරෙ යත්:
Pali BJT7. කාමෙසු ගිද්ධා පසුතා පමුට්ඨා{1} අවදානියා තෙ විසමෙ නිවිට්ඨා දුක්ඛූපනීතා පරිදෙවයන්ති කි සු භවිස්සාම ඉතො චුතාසෙ.
Sinhala BJT7. ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජු වූ කාමෙෂණයෙහි ඇලුණු ප්‍රමූඨ වූ (නිරයට යන හෙයින් මසුරු බැවින් හෝ) බුද්ධාදීන්ගේ බස් නො ගන්නා හෙයින් අවදානිය වූ විෂම වූ කායකර්‍මාදියෙහි යෙදුණු ඔහු මරණ දුකට පැමිණියාහු “මෙයින් සැවැ පරලොව ගියමෝ කුමක් වන්නමෝ” හො යි පරිදේවනා කෙරෙත්.
Pali BJT“තිස්සො විපත්තියො” අයං පරිදෙවො
Sinhala BJTතුන් විපත්තීහු දැක්විය යුත්තාහ. මේ ‘පරිදේව’ යි.
Pali BJTතත්ථ කතමං දුක්ඛං:
Sinhala BJTඑහි ‘දුක්ඛ’ කවරෙ යැ:
Pali BJT8. සතං ආසි අයොසඞ්කූ - සබ්බෙ පච්චත්තවෙදනා, ජලිතා ජාතවෙදාව - අච්චිසංඝයමාකුලා.
Sinhala BJT8. ගිනිසිළු සමූහයෙන් ගැවැසිගත් දැල්වෙන ගිනි බඳු වූ සියල්ල වෙන වෙන මැ වේදනා උපදවන යහුල් සියයෙක් විය.
Pali BJT“මහා වත සො පරිළාහො” සංයුත්තකෙ සුත්තං. සච්චසංයුත්තෙසු, ඉදං දුක්ඛං.
Sinhala BJT“ඒකාන්තයෙන් හේ මහත් පරිදාහයෙකැ” (යනාදි) සංයුත් සඟියැ සච්ච සංයුත්තයෙහි (පපාතවර්‍ගයෙහි) ‘පරිළාහ සූත්‍ර’ යැ.
Pali BJTතත්ථ කතමං දොමනස්සං:
Sinhala BJTඑහි දෝමනස්ස කවරෙ යැ:
Pali BJT9. සඞ්කප්පෙහි පරෙතො සො - කපණො විය ඣායති, සුත්වා පරෙසං නිග්ඝොසං - මඞ්කු හොති තථාවිධො.
Sinhala BJT9. කාමාදි සංකල්පයන් විසින් මඩනා ලද ඒ සිවුරළු කෘපණයකු සෙයින් සිතයි. එබඳු වූයේ (උපාධ්‍යායාදි) අන්‍යයන්ගේ බස් අසා මකු වෙයි.
Pali BJT“ද්වෙ’මෙ තපනීයා ධම්මා” ඉදං දොමනස්සං.
Sinhala BJT‘මේ තපනීය ධර්‍මයෝ දෙදෙනෙකි’ (දුකඞ්ගුත්තර) මේ ‘දෝමනස්ස’යි
Pali BJTතත්ථ කතමො උපායාසො:
Sinhala BJTඑහි උපායාස කවරෙ යත්:
Pali BJT10. කම්මාරානං යථා උක්කා - අන්තො ඩය්හති නො බහි, එවම්පි හදයං මය්හං- අන්තො ඩය්හති නො බහි{2}
Sinhala BJT10. කඹුරන්නේ උදුන යම්සේ ඇතුළත දැවේ ද, පිටත්හි නො දැවේ ද, එපරිද්දෙන් මැ මා සිත ඇතුළත දැවෙයි. පිටත්හි නො දැවේ.
Pali BJT“තයො අග්ගී” අයං උපායාසො.
Sinhala BJT‘අග්නීහු තිදෙනෙකි’ (ඛුද්දකවත්‍ථුවිභංග) මේ උපායාස යි.
Pali BJTතත්ථ කතමො අප්පියසම්පයොගො:
Sinhala BJTඑහි අප්පිය සම්පයෝග කවරෙ යැ:
Pali BJT11. අයසාව මලං සමුට්ඨිතං - තතුට්ඨාය තමෙව ඛාදති, එවං අතිධොනචාරිනං - සානි කම්මානි නයන්ති දුග්ගතිං.
Sinhala BJT11. යකඩින් මැ නැඟුණු මලය එයින් නැඟී ඒ යකඩය මැ කයි. එසෙයින් පස්විකුන් නුවණ ඉක්මවා (නො පස්විකා) සිවුපසය වළඳන මහණහු ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත්.
Pali BJT“දෙව’මෙ තථාගතං අබ්භාචික්ඛන්ති” එකුත්තරිකෙ සුත්තං දුකෙසු. අයං අප්පියසම්පයොගො.
Sinhala BJT“මේ පුද්ගලයෝ දෙදෙන තථාගතයනට අභ්‍යාඛ්‍යාන කෙරෙති. දුකඞ්ගුත්තරයෙහි සූත්‍ර ය. මේ “අප්පියසම්පයෝග” යි.
Pali BJTතත්ථ කතමො පියවිප්පයොගො:
Sinhala BJTඑහි පියවිප්පයෝග කවරෙ යත්:
Pali BJT12. සුපිනෙන යථාපි සඞ්ගතං - පටිබුද්ධො පුරිසො න පස්සති. එවම්පි මමායිතං{3} ජනං - පෙතං කාලකතං{4} න පස්සති.
Sinhala BJT12. පුරුෂ සිහිනයෙන් දක්නා ලද (චන්‍ද්‍රාදි) වස්තුව පිබිදියේ යම්සේ නො දකී ද, එසෙයින් මමායන කළ පරලොව ගිය කලුරිය කළ ජනයා නො දකී.
Pali BJT“තෙ දෙවා චවනධම්මං විදිත්වා තීහි වාචාහි අනුසාසන්ති” අයං පියවිප්පයොගො.
Sinhala BJT‘ඒ දෙවියෝ ච්‍යුත වන සැහැවි ඇතියහු දැන වචන තුනෙකින් අනුශාසනා කෙරෙත්. (ඉතිවුත්තක – චතුත්‍ථවග්ග) මේ ‘පියවිප්පයෝග’ යි.
Pali BJTයම්පිච්ඡං න ලභති: “තිස්සො මාරධීතරො.”
Sinhala BJT“යම්පිච්ඡං න ලහති” යනු තුන් මාරධීතෲහු යැ. (මාර සංයුත්ත)
Pali BJT13. තස්ස චෙ කාමයානස්ස - ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති - සල්ලවිද්ධොව රුප්පති.
Sinhala BJT13. කාමවස්තූන් කැමැති වන උපන් ඡන්‍ද රාග ඇති ඒ පුඟුල්හුගේ ඒ කාමවස්තු ඉදින් පිරිහෙත් නම් එකල්හි හේ විසපී ශල්‍යයෙකින් විදුනා ලද්දකු සෙයින් වෙහෙසට පැමිණේ.
Pali BJT“සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”
Sinhala BJT“සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක් වෙති.”
Pali BJT14. චක්ඛුං{1} සොතං ච ඝානං ච - ජිව්හා කායො තතො මනං, එතෙ ලොකාමිසා ඝොරා - යත්ථ සත්තා පුථුජ්ජනා.
Sinhala BJT14. පුහුදුන්හු යම් ලෝකාමිසයෙකැ ඇලුණාහු ද චක්‍ෂුස ද ශ්‍රෝත්‍රය ද ඝ්‍රාණ ද ජිහ්වා ද කාය ද යළි මනස ද යන තෙල ලොකාමිසයෝ දරුණු වෙත්.
Pali BJT“පඤ්චිමෙ භික්ඛවෙ ඛන්ධා.” ඉදං දුක්ඛං.
Sinhala BJT‘මහණෙනි මේ ස්කන්‍ධයෝ පස්දෙනෙකි’ මේ “දුක්ඛ” යි.
Pali BJTතත්ථ කතමා ජරා ච මරණං ච:
Sinhala BJTඑහි ජරා – මරණ කවරෙ යැ:
Pali BJT15. අප්පං වත ජීවිතං ඉදං - ඔරං වස්සසතා’පි මීයති,{2} යො චෙ’පි අතිච්ච ජීවති{3} - අථ ඛො සො ජරසාපි මීයති.{2}
Sinhala BJT15. මේ මිනිස් ජීවිතය නියතයෙන් අල්ප වෙයි. සියවසකින් මෙපිට (කලලාදි, අවස්ථාවෙහි) දු මියැයෙයි. ඉදින් යමෙක් සියවස් ඉක්මැ ජීවත් වේ නම්, එකල හේ ජරායෙනුදු යුක්ත වැ මියැයේ.
Pali BJT“අය්යකා මෙ කාලකතා”.{4} සංයුත්තකෙ පසෙනදිසංයුත්තකෙ සුත්තං. අයං ජරා ච මරණං ච.
Sinhala BJT‘මාගේ මිත්තණිය කලුරිය කළා යැ’ සංයුත්සඟියැ කෝසල සංයුත්තයෙහි සූත්‍රය. මේ ජරා හා මරණ යි.
Pali BJTතත්ථ කතමා චුති ච උප්පත්තී ච.
Sinhala BJTඑහි චුති ද උප්පත්ති ද කවර යැ:
Pali BJT16. සබ්බෙ සත්තා මරිස්සන්ති - මරණන්තං හි ජීවිතං, යථාකම්මං ගමිස්සන්ති - පුඤ්ඤපාප{5} ඵලූපගා.
Sinhala BJT16. සියලු සත්හු මැරෙන්නාහු යැ, ජීවිතය මරණය අන්ත කොට ඇති හෙයිනි. පින් පව් ඵලය අනුව ගියාහු කර්‍ම වූ පරිදි පරලොව යෙත්.
Pali BJTඅයං චුති ච උප්පත්ති ච
Sinhala BJTමේ චුති හා උප්පත්ති යි.
Pali BJTඉමෙහි සුත්තෙහි එකසදිසෙහි ච අඤ්ඤෙහි නවවිධං සුත්තං තං අනුපවිට්ඨෙහි ලක්ඛණතො දුක්ඛං ඤත්වා සාධාරණං ච අසාධාරණං ච දුක්ඛං අරියසච්චං නිද්දිසිතබ්බං. ගාථාහි ගාථා අනුමිනිතබ්බා, බ්යාකණෙහි වා බ්යාකරණං. ඉදං දුක්ඛං.
Sinhala BJTඑක්බඳු වූ මේ සූත්‍රයන්ගෙන් ද, නවවිධ සූත්‍රයට පිවිසි අන්‍යසූත්‍රයන්ගෙන් ද ලක්‍ෂණ වශයෙන් සාධාරණ වූත් දුක්ඛය දැන් දුඃඛාර්‍ය්‍යසත්‍යය දැක්වියැ යුතු යැ, ගාථායෙන් ගාථා පමණ කළ යුතු යැ, වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණ පමණ කළ යුතු, මේ ‘දුක්ඛ’ යි.
Pali BJT(2) තත්ථ කතමො දුක්ඛසමුදයො:
Sinhala BJT(2) එහි දුක්ඛ සමුදය කවරෙ යත් :
Pali BJT17. කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා සඤ්ඤොජනෙ වජ්ජමපස්සමානා න හි ජාතු සඤ්ඤොජනසඞ්ගසත්තා ඔඝං තරෙය්යුං පුථුලං මහන්තං.
Sinhala BJT17. වස්තු කාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු කාමයන්හි රාගාදි සඞ්ගයෙන් ලැගුණු සංයෝජනයෙහි දොස් නොදක්නා සංයෝජන සංඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමක ධර්‍මයන්හි ඇලුණු සත්ත්‍වයෝ පුළුල් වූ මහත් වූ චතුරෝඝය නිසි කලෙකත් නොමැ තරණය කරන්නාහු ය.
Pali BJT“චත්තාරො ආසවා” සුත්තං. අයං දුක්ඛසමුදයො.
Sinhala BJT‘ආස්‍රවයෝ සතර දෙනෙකි, (දික්සඟියැ) දසුත්තර සූත්‍රය.
Pali BJTතත්ථ කතමො දුක්ඛනිරොධො:
Sinhala BJTඑහි දුක්ඛ නිරෝධය කවරෙ යත්:
Pali BJT18. යම්හි න මායා වසතී න මානො යො වීතලොභො අමමො නිරාසො, පනුණ්ණකොධො{6} අභිනිබ්බුතත්තො සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛු.
Sinhala BJT18. යමක්හු කෙරෙහි මායාවෙක් නො පවතී ද මානය නැද්ද යමෙක් වීතලෝභ වේ ද මමායන රහිත ද ආශා රහිත ද මුලුසුන් කළ ක්‍රෝධ ඇද්ද (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිත් ඇත් ද හේ (බාහිත පාපී) බ්‍රාහ්මණ වෙයි. හේ (ශමිත පාපී) ශ්‍රමණ වෙයි. හේ භික්‍ෂු වූයේත් වේ.
Pali BJT“ද්වෙ’මා භික්ඛවෙ විමුත්තියො: රාගවිරාගො ච චෙතොවිමුත්ති, අවිජ්ජාවිරාගො ච පඤ්ඤාවිමුත්ති”. අයං නිරොධො.
Sinhala BJT“මේ විමුක්තීහු දෙදෙනෙකි : රාගයාගේ ක්‍ෂය විරාග වූ චිත්තවිමුක්තිය ද අවිද්‍යාවගේ ක්‍ෂයවිරාග වූ ප්‍රඥාවිමුක්තිය ද යන දෙක යැ. මේ දුක්ඛනිරෝධ යි.
Pali BJTතත්ථ කතමො මග්ගො:
Sinhala BJTඑහි මග්ග කවරෙ යත්:
Pali BJT19. එසොව මග්ගො නත්ථඤ්ඤො - දස්සනස්ස විසුද්ධියා, එතං හි තුම්හෙ පටිපජ්ජථ{7} - මාරස්සෙතං පමොහනං.
Sinhala BJT19. මාර්‍ගඵලදර්‍ශනයාගේ විශුද්ධිය පිණිස මෙය යැ මාර්‍ග වෙයි. අන් මඟෙක් නැති, එහෙයින් තෙපි තෙල මඟ මැ පිළිපදිවු. තෙල මහ මරහුගේ ප්‍රමෝහන යි.
Pali BJT“සත්ති’මෙ භික්ඛවෙ බොජ්ඣඞ්ගා.” අයං මග්ගො.
Sinhala BJT“මහණෙනි මේ බොධ්‍යංගයෝ සත්දෙනෙකි. (සත්තකංගුත්තර) මේ ‘මග්ග’ යි
Pali BJTතත්ථ කතමානි චත්තාරි අරියසච්චානි:
Sinhala BJTඑහි සතර ආර්‍ය්‍යසත්‍යයෝ කවරහ යත්:
Pali BJT20. යෙ ධම්මා හෙතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ, තෙසං ච යො නිරොධො - එවං වාදී මහාසමණො’ති.
Sinhala BJT20. හේතුයෙන් උපන් යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, තථාගතයෝ ඒ ධර්‍මයන්ගේ ප්‍රභවහේතුව වදාළහ. යළි ඔවුන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද, එ ද වදාළහ, මහාශ්‍රමණ වූ තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ’යි.
Pali BJTහෙතුප්පභවා ධම්මා දුක්ඛං, හෙතු සමුදයො, යං භගවතො වචනං අයං මග්ගො, තෙසං යො නිරොධො, අයං නිරොධො.
Sinhala BJTහේතුයෙන් ප්‍රභව වූ ධර්‍මයෝ ‘දුක්ඛ’ යැ. හේතුව සමුදය යැ, භාග්‍යවත්හුගේ යම් (දේශනා) වචනයෙක් ඇද්ද මේ මාර්‍ග යැ, ඒ ධර්‍මයන්ගේ යම් නිරෝධයෙක් ඇද්ද මේ නිරෝධ යි.
Pali BJTයෙ හි කෙචි සංයොජනියෙසු ධම්මෙසු අස්සාදානුපස්සිනො විහරන්ති, කිලෙසා තණ්හා පවඩ්ඪති තණ්හාපච්චයා උපාදානං. -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. තත්ථ යං සංයොජනං, අයං සමුදයො. යෙ සංයොජනීයා ධම්මා යෙ ච සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති, ඉදං දුක්ඛං. යා සංයොජනියෙසු ධම්මෙසු ආදීනවානුපස්සනා, අයං මග්ගො. පරිමුච්චති ජාතියා ජරාය ව්යාධීහි මරණෙන{1} සොකෙහි පරිදෙවෙහි, යාව උපායාසෙහි. ඉදං නිබ්බානං.
Sinhala BJTයම් කිසි කෙනෙක් සංයෝජනයන්ට හිත වූ ධර්‍මයන්හි ආස්වාද විසින් දක්නාසුලු වැ වාස කෙරෙත් ද, ඔවුනට කෙලෙස් වූ තෘෂ්ණාව වැඩෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි ... මෙසෙයින් තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ. එහි යම් සංයෝජනයෙක් ඇද්ද, මේ ‘සමුදය’ යැ. යම් සංයෝජනියධර්‍ම කෙනෙක් ඇද්ද, යම් සෝක – පරිදේව – දුක්ඛ – දෝමනස්ස – උපායාස කෙනෙකුත් උපදිත් ද, මේ ‘දුක්ඛ’ යැ. සංසොජනිය ධර්‍මයන්හි යම් ආදීනව විසින් පුනපුනා බැලීමෙක් වේ ද, මේ මාර්‍ග යැ. ජාතියෙන් ජරායෙන් ව්‍යාධියෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් – උපායාසය දක්වා – මිදෙයි. මේ නිබ්බාන’යි.
Pali BJTඉමානි චත්තාරි සච්චානි.
Sinhala BJTමේ සතර සත්‍යයෝ යි.
Pali BJTතත්ථ කතමා අනුපාදිසෙසා නිබ්බානධාතු:
Sinhala BJTඑහි අනුපාදිසේසනිබ්බානධාතු කවර යත්:
Pali BJT21. අත්ථඞ්ගතස්ස න පමාණමත්ථි (උපසීවාති භගවා) යෙන නං වජ්ජු තං තස්ස නත්ථි,{2} සබ්බෙසු ධම්මෙසු සමූහතෙසු සමූහතා වාදපථා’පි සබ්බෙව’ති.
Sinhala BJT21. (බුදුහු මෙසේ වදාළහ : උපසීව මාණවකය) අස්තයට ගියහුට (අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවියහුට) රූපාදිප්‍රමාණකරධර්‍මයෙක් නැත. රාගාදි යම් ධර්‍මයකින් ඔහුට කියන්නාහු නම් එය ඔහුට නැත (ස්කන්‍ධාදි) සියලු ධර්‍මයන් නැසූ කල්හි (ඔහු විසින්) හැම වාදපථයෝ ද නසන ලදහ’යි.
Pali BJT‘සංයුත්තකෙ ගොධික සුත්තං.’
Sinhala BJTසංයුත්සඟියැ ගෝධික සූත්‍රය (දැක්වියැ යුතු.)