Peṭakopadesa

Piṭaka Disclosure

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 1370 segments

පෙන්වන කොටස් 401-500 න් 1370

ඉදං පරවචනං.
“යෙ ච ඛො තෙ උභො අන්තෙ අනුපගම්ම වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනාය. ඉදං සකවචනං.
49. නන්දති පුත්තෙහි පුත්තිමා ගොමිකො{3} භොභි{4} තථෙව නන්දති, උපධීහි නරස්ස නන්දනා{5} න හි සො නන්දති; යො නිරූපධී’ති. පරවචනං.
50. සොචති පුත්තෙහි පුත්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධී භි නරස්ස සොචනා{6} න හි සො සොචති යො නිරූපධී’ති, සකවචනං.
ඉදං සකවචනං පරවචනං ච.
(43) තත්ථ කතමං සත්තාධිට්ඨානං:
51. යෙ කෙචි භූතා භවිස්සන්ති යෙ වා’පි සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං, තං සබ්බං ජානිං කුසලො විදිත්වා ආතාපියො{7} බ්රහ්මචරියං චරෙය්ය,
“තයොමෙ භික්ඛවෙ සත්ථාරො: තථාගතො අරහං සෙක්ඛො පටිපදො”. ඉදං සත්තාධිට්ඨානං.
(44) තත්ථ කතමං ධම්මාධිට්ඨානං:
52. යං ච කාමසුඛං ලොකෙ - යං චිදං දිවියං සුඛං, තණ්හක්ඛයසුඛස්සෙතෙ - කලං නාග්ඝන්ති සොළසිං.
“සත්තිමෙ භික්ඛවෙ බොජ්ඣඞ්ගා” ඉදං ධම්මාධිට්ඨානං.
(45) තත්ථ කතමං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානං ච:
“දුද්දසං තං{1} සච්චං දුද්දසො පටිවෙධො බාලෙහි, ජානතො පස්සතො නත්ථි නන්දී’ති වදාමි. දුද්දසං තං සච්චං දුද්දසො පටිවෙධො බාලෙහි’ති ධම්මාධිට්ඨානං. ‘ජානතො පස්සතො නත්ථි නන්දී’ති සත්තාධිට්ඨානං.
දාරූක්ඛන්ධොපමං, ගඞ්ගාය තිරියං{2} ඔරිමඤ්ච තීරං පාරිමඤ්ච තීරං ථලෙ වා න ච උස්සීදනං මජ්ඣෙ ච න සංසීදනං මනුස්සගාහො{3} ච අමනුස්සගාහො ච අන්තො පූතිභාවො ච, ඉදං ධම්මාධිට්ඨානං. එවං පන භික්ඛු නිබ්බානනින්නො භවිස්සති නිබ්බානපොණො’ති{4} සත්තාධිට්ඨානං. ඉදං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානං ච.
(46) තත්ථ කතමො ථවො:
53. මග්ගාන’ට්ඨඞ්ගිකො සෙට්ඨො - සච්චානං චතුරො පදා, විරාගො සෙට්ඨො ධම්මානං - ද්විපදානං ච චක්ඛුමා.
“තීණි’මානි භික්ඛවෙ අග්ගානි: බුද්ධො සත්තානං, විරාගො ධම්මානං, සඞ්ඝො ගණානං” අයං ථවො.
(47) තත්ථ කතමං අනුඤ්ඤාතං :
54. කායෙන සංවරො සාධු - සාධු වාචාය සංවරො මනසා සංවරො සාධු - සාධු සබ්බත්ථ සංවරො, සබ්බත්ථ සංවුතො භික්ඛු - සබ්බදුක්ඛා පමුච්චති.
ඉදං භගවතා අනුඤ්ඤාතං.
“තීණි’මානි භික්ඛවෙ කරණීයානි: කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං.” ඉදං අනුඤ්ඤාතං.
(48) තත්ථ කතමං පටික්ඛිත්තං :
“නත්ථි පුත්තසමං පෙමං” විත්ථාරො. ඉදං පටික්ඛිත්තං.
“තීණි’මානි භික්ඛවෙ අකරණීයානි (සයං අභිඤ්ඤාය දෙසිතානි) කතමානි තීණි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං” ඉදං පටික්ඛිත්තං.
(49) තත්ථ කතමං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච:
55. කායෙන කුසලං කයිරා{1} - අස්ස කායෙන සංවුතො කායදුච්චරිතං හිත්වා - කායසුචරිතං චරෙ.
ද්වීහි පඨමපදෙහි චතුත්ථෙන ච පදෙන අනුජානාති. කායදුච්චරිතං හිත්වා’ති තතියෙන පදෙන පටික්ඛිත්තන්ති. මහාවිභඞ්ගො අවිරතාපනාදො. [?]
තත්ථිමා උද්දානගාථා:
(1) සචෙ භායථ දුක්ඛස්ස - රූපෙ රාධ අතීතකෙ සීලවන්තෙන ආනන්ද - ධම්මො ඡත්තංව රක්ඛති.
(2) සබ්බෙ ධම්මා අනත්තාති - හිමවන්තම්පි චාලයෙ න වො දුක්ඛා පමුත්ත්යත්ථි - සමථො ච විපස්සනා,
(3) කාමච්ඡන්දං උපාදාය - යො සො විතක්කෙහි ඛජ්ජති සුභාවිතත්තෙ බොජ්ඣඞ්ගෙ - සො ඉමං විජටයෙ ජටං.
(4) සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු - සමාධිං භික්ඛු භාවයෙ කාමං කාමයමානස්ස - ධම්මචරියාය සුග්ගතිං.
(5) හඤ්ඤතෙ සබ්බා මුච්චෙ ව - නිප්ඵොඨෙන්තා චතුද්දිසා යො කාමෙ පරිවජ්ජෙති - පාරිච්ඡත්තොපමෙන ච,
(6) යානි කරොති පුරිසො - ලොකධම්මා පකාසිතා සුඛො විපාකො පුඤ්ඤානං - තතියං අඤ්ඤං න විජ්ජති,
(7) ආදානස්ස භයං ඤත්වා - ජායති ජීයතීති ච කාමා හි චිත්රා මධුරා - අථ බාලිසිකොපමං,{2}
(8) න හි පාපං කතං කම්මං - අගතීහි ච ගච්ඡති, යස්සින්ද්රියානි සමථං ගතානි - තථෙව පඤ්චඤාණිකො.
(9) සත්තියා විය ඔමට්ඨො - විඤ්ඤාණං ච පතිට්ඨිතං; යො පාණමතිපාතෙති - තීණි දුච්චරිතානි ච,
(10) සට්ඨිවස්සසහස්සානි - ඛණං ලද්ධාන දුල්ලභං අයසාව මලං සමුට්ඨිතං - චතූසු පටිපජ්ජති,
(11) නෙලඞ්ගො සෙතපච්ඡාදො - අථ ගොපාලකූපමං සුඛො විවෙකො තුට්ඨස්ස - විතක්කා ච සුදෙසිතා,
(12) ඵෙණපිණ්ඩූපමං රූපං - බ්රහා උජු පතාපවා පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං - අනඤ්ඤා තීණි ඉන්ද්රියානි,
(13) කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා - අථ වණ්ණාරහස්ස ච සබ්බෙ ධම්මා අනත්තාති - අරියසච්චං ච දෙසිතං,
(14) එසොව මග්ගො නත්ථඤ්ඤො - සොතාපන්නොති බ්යාකරෙ යස්සින්ද්රියානි සුභාවිතානි - අථ ධම්මපදෙහි ච,
(15) වචසා මනසා චෙව - පඤ්චක්ඛන්ධා අනිච්චතො යානි කරොති පුරිසො - තීණි සුචරිතානි ච,
(16) රූපං වෙදයිතං සඤ්ඤා - පඤ්චක්ඛන්ධා පකාසිතා යෙ එවං පටිපජ්ජන්ති - බ්රහ්මචරියං ඵලානි ච,
(17) සබ්බපාපස්ස අකරණං - විමොක්ඛා තං හි දෙසිතා නත්ථි පුත්තසමං පෙමං - දෙවානං අසුරාන ච,
(18) යං පත්තං යෙ උභො අන්තෙ - නන්දති සොචතී’ති ච යෙ කෙචි භූතා භවිස්සන්ති - සත්ථාරා ච පකාසිතා
(19) යං ච කාමසුඛං ලොකෙ - බොජ්ඣඞ්ගා ච පකාසිතා මග්ගා’නට්ඨඞ්ගිකො සෙට්ඨො - තයො ච අග්ගපත්තියො
(20) කායෙන සංවරො සාධු - කරණීයං ච දෙසිතං නත්ථි පුත්තසමං පෙමං - අකරණීයානි ච දෙසිතා,
(21) කායෙන කුසලං කයිරා - විනයං ච කාමසුඛං ලොකෙ බොජ්ඣඞ්ගා ව සුදෙසිතා - දුද්දසං අමතං පදං.
පෙටකොපදෙසෙ සාසනපට්ඨානං නාම
දුතියභූමි සමත්තා.
3. තතිය භූමි - සුත්තාධිට්ඨාන
තත්ථ කතමං සුත්තාධිට්ඨානං: ලොභාධිට්ඨානං, දොසාධිට්ඨානං, මොහාධිට්ඨානං, අලොභාධිට්ඨානං, අදොසාධිට්ඨානං, අමොහාධිට්ඨානං, කායකම්මාධිට්ඨානං, වාචාකම්මාධිට්ඨානං, මනොකම්මාධිට්ඨානං, සද්ධින්ද්රියාධිට්ඨානං, විරියින්ද්රියාධිට්ඨානං, සතින්ද්රියාධිට්ඨානං, සමාධින්ද්රියාධිට්ඨානං, පඤ්ඤින්ද්රියාධිට්ඨානං.
(1) තත්ථ කතමං ලොභාධිට්ඨානං:
1. විතක්කපමථිතස්ස{1} ජන්තුනො තිබ්බරාගස්ස සුභානුපස්සිනො, භිය්යො තණ්හා පවඩ්ඪති එස ඛො දළ්හං{2} කරොති බඣනං.
‘විතක්කපමථිතස්සා’ති කාමරාගො. ‘සුභානුපස්සිනො’ති කාමවත්ථු. ‘හිය්යො තණ්හා පවඩ්ඪති’ති කාමතණ්හා. ‘එස දළ්හං කරොති බන්ධන’න්ති රාගං. ඉති යො යො ධම්මො මූලනික්ඛිත්තො, සො යෙවෙත්ථ ධම්මො උග්ගාහයිතබ්බො. [?] න භගවා එකං ධම්මං ආරබ්භ අඤ්ඤං ධම්මං දෙසෙති. යස්ස විතක්කෙති කාමවිතක්කො, තමෙව විතක්කං කාමවිතක්කෙන නිද්දිසීයති, ‘තිබ්බරාගස්සා’ති තස්සෙව විතක්කස්ස වත්ථුං නිද්දිසති ‘සුභානුපස්සිනො හිය්යො තණ්හා පවඩ්ඪතී’ති තමෙව රාගං කාමතණ්හාති නිද්දිසති. ‘එස දළ්හං කරොති බන්ධන’න්ති තමෙව තණ්හාසංයොජනං නිද්දිසති. එවං ගාථාසු අනුමිනිතබ්බං. එවං සවෙය්යාකරණෙසු.
තත්ථ භගවා එකං ධම්මං තිවිධං නිද්දිසති: නිස්සන්දතො හෙතුතො ඵලතො.
2. දදං පියො හොති භජන්ති නං බහූ කිත්තිං ච පප්පොති යසො ච වඩ්ඪති, අමඞ්කුභූතො පරිසං විගාහති විසාරදො හොති නරො අමච්ඡරී.
‘දද’න්ති යං යං දානං, ඉදං දානමයිකං පුඤ්ඤකිරියං{3}. තත්ථ හෙතු: යං වෙතං, ‘භජන්ති නං බහූ’ ‘කිත්ති’න්ති යො ච කල්යාණො කිත්තිසද්දො ලොකෙ අබ්භුග්ගච්ඡති, යං බහුකස්ස ජනස්ස පියො භවති මනාපො ච. යං ච අවිප්පටිසාරී කාලඞ්කරොති අයං නිස්සන්දො, යං කායස්ස භෙදා දෙවෙසු උප්පජ්ජතීති{4}. ඉදං ඵලං. ඉදං අලොභාධිට්ඨානං{5}.
(2) තත්ථ කතමං දොසාධිට්ඨානං:
3. යො පාණමතිපාතෙති - මුසාවාදං ච භාසති, ලොකෙ අදින්නං ආදියති - පරදාරං ච ගච්ඡති, සුරාමෙරයපානං ච - යො නරො අනුයුඤ්ජතී.
4. අප්පහාය පඤ්ච වෙරානි - දුස්සීලො ඉති වුච්චති, කායස්ස භෙදා දුප්පඤ්ඤො - නිරයං සොපපජ්ජති.
‘යො පාණමතිපාතෙතී’ති දුට්ඨො පාණමතිපාතෙති. ‘මුසාවාදං ච භාසතී’ති දොසොපඝාතතාය මුසාවාදං ච භාසති. ‘සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ්ජතී’ති දොසො නිදානං. ‘යො ච සුරාමෙරයපානං අනුයුඤ්ජති. යථා පරදාරවිහාරී අමිත්තෙ ජනයති{2}.
‘පඤ්ච වෙරානි අප්පහායා’ති පඤ්චන්නං සික්ඛාපදානං සමතික්කමනං, සබ්බෙසං දොසජානං සා පඤ්ඤත්ති{3}, තෙනෙව දොසජනිතෙන ‘කම්මෙන දුස්සීලො ඉති වුච්චති’ සො’පි ධම්මො හෙතුනා නිද්දිසිතබ්බො, නිස්සන්දෙන ඵලෙන ච.
“තීණි බාලස්ස බාලලක්ඛණානි: දුබ්භාසිතභාසී ච හොති දුච්චින්තිත චින්තී ච දුක්කතකම්මකාරී ච” තත්ථ යං කායෙන ච වාචාය ච පරක්කමති, ඉදමස්ස දුක්කතකම්මකාරී, තත්ථ යං යථා ච මුසාවාදං භාසති, යථා පුබ්බනිද්දිට්ඨං, ඉදමස්ස දුබ්භාසිතා යං ච සඞ්කප්පෙති, මනොදුච්චරිතං බ්යාපාදං ඉදමස්ස දුච්චින්තිතචින්තිතා. යං සො ඉමෙහි තීහි බාලලක්ඛණෙහි සමන්නාගතො තීණි තජ්ජානි දුක්ඛානි දොමනස්සානි අනුභවති, සො ච හොති සභග්ගතො වා පරිසග්ගතො වා තජ්ජං කථං කථෙන්ති{4}. යදා භවති සො ච පාණාතිපාතාදි දසඅකුසලකම්මපථො, සො තතොනිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙතී’ති.
පුන චපරං යදා පස්සති චොරං රාජාපරාධිකං රඤ්ඤා ගහිතං ජීවිතා වොරෙපෙන්තං, තස්සෙවං භවති ‘සචෙ මමම්පි රාජා ජානෙය්ය මමම්පි රාජා ගාහාපෙත්වා ජීවිතා වොරොපෙය්යා’ති සො තතොනිදානං දුඞ්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
පුන චපරං බාලො යදා භවති ආසනා සමාරූළ්හො යාව යා මෙ ගති භවිස්සති ඉතො පෙච්ච පරම්මරණා’ති සො තතොනිදානං දුක්ඛං දොමනස්සා පටිසංවෙදෙති. ඉති බාලලක්ඛණං හෙතු, තීණි තජ්ජානි දුක්ඛානි නිස්සන්දො කායස්ස භෙදා නිරයෙසු උප්පජ්ජති, ඉදං ඵලං ඉදං දොසාධිට්ඨානං.
(3) තත්ථ කතමං මොහාධිට්ඨානං:
5. සතං චෙව සහස්සානං - කප්පානං සංසරිස්සති, අථවා’පි තතො භිය්යො - ගබ්භා ගබ්භං ගමිස්සථ.
6. අනුපාදාය බුද්ධවචනං - සඞ්ඛාරෙ අත්තතො උපාදාය, දුක්ඛස්සන්තං කරිස්සන්ති - ඨානමෙතං න විජ්ජති.
සො’යං අනමතග්ගසංසාරං සමාපන්නො ජායති ච මීයති ච{1}, අයං අවිජ්ජාහෙතුකා. යානි’පි ච සඞ්ඛාරානං පයොජකානි{2}, තානි’පි අවිජ්ජාපච්චයානි යං අදස්සානං බුද්ධවචනස්ස, අයං අවිජ්ජාසුත්තෙ යෙව නිද්දිට්ඨං. යො ච සඞ්ඛාරෙ අත්තතො හරති, පඤ්චක්ඛන්ධෙ පඤ්ච දිට්ඨියො උපගච්ඡති: ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති, ඉදං සුත්තං අවිජ්ජාය නික්ඛිත්තං අවිජ්ජාය නික්ඛිපිතං. එවං සත්ථා සුත්තෙ නයෙන ධම්මෙන නිද්දිසති” අසාධාරණෙන තංයෙව තත්ථ නිද්දිසිතබ්බං. න අඤ්ඤං.
“යෙහි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛං’න්ති නප්පජානන්ති” (චත්තාරි සච්චානි විත්ථාරෙන.) යා තත්ථ අප්පජානනා, ඉදං දුක්ඛං. අයං හෙතු. අප්පජානන්තො විවිධෙ සඞ්ඛාරෙ අභිසඞ්ඛරොති, අයං නිස්සන්දො. යං ව දිට්ඨිගතානි පරාමසති, ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති අයං නිස්සන්දො. යං පුනබ්භවං නිබ්බත්තෙති, ඉදං ඵලං. අයම්පි ධම්මො නිද්දිට්ඨො {3}, හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච.
එත්ථ පන කෙචි ධම්මා සාධාරණා භවන්ති. හෙතු ඛලු ආදිතො යෙව සුත්තෙ නික්ඛිපිස්සන්ති. යථා කිං භවෙ: “චත්තාරි’මානි භික්ඛවෙ අගතිගමනානි” තත්ථ යං ච ඡන්දාගතිං ගච්ඡති. යං ච භයාගතිං ගච්ඡති, අයං ලොභො අකුසලමූලං, යං දොසා - අයං දොසො යෙව. යං මොහා - අයං මොහො යෙව. එවං ඉමානි තීණි අකුසලමූලානි ආදිතො යෙව උපපරික්ඛිතබ්බානි, යත්ථ එකං නිද්දිසිතබ්බං, තත්ථ එකං නිද්දිසීයති. තථා ද්වෙ, තථා තීණි{4}, න හි ආදිම්හි{5} අනික්ඛිත්තෙ හෙතු වා නිස්සන්දො වා ඵලං වා නිද්දිසිතබ්බං. අයං චෙත්ථ ගාථා:
7. ඡන්දා දෙසා භයා මොහා - යො ධම්මං අතිවත්තති නිහීයති තස්ස යසො - කාළපක්ඛෙව චන්දිමා.
තත්ථ ඡන්දා ච, අයං ලොභො යථානිද්දිට්ඨං පුබ්බෙ. ඉදං මොහාධිට්ඨානං.
(4) තත්ථ කතමං අලොභාධිට්ඨානං:
8. අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්රියෙසු සුසංවුතං, භොජනම්හි ච මත්තඤ්ඤං - සද්ධං ආරද්ධවීරියං, තං වෙ නප්පසති මාරො - වාතො සෙලං’ව පබ්බතන්ති.
තත්ථ යා අසුභාය උපපරික්ඛා, අයං කාමෙසු ආදීනවදස්සනෙන පරිච්චාගො ඉන්ද්රියෙසු සුසංවුතො තස්සෙව අලොභස්ස පාරිපූරියං මම ආයතනා සොභන්තී’ති{1} අනුපාදාය, භොජනම්හි ච මත්තඤ්ඤූ’න්ති රසතණ්හාපහානං, ඉති අයං අලොභො අසුභානුපස්සිතාය වත්ථුතො ධාරයති, සො අලොභො හෙතු. ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය ගොචරතො ධාරයති, භොජනෙ මත්තඤ්ඤුතාය පරතො ධාරයති, අයං නිස්සන්දො. ‘තං වෙ නප්පසහති මාරො වාතො සෙලං ව පබ්බත’න්ති ඉදං ඵලං. ඉති යොයෙව ධම්මො ආදිම්හි නික්ඛිත්තො, සොයෙව මජ්ඣෙ චෙව අවසානෙ ච.
“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, අසමුප්පන්නස්ස කාමච්ඡන්දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා පහානාය. යථයිදං අසුභනිමිත්තං. “තත්ථ අසුභ නිමිත්තං අනුප්පන්නො වෙව කාමච්ඡන්දො න උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො පහීයති. ඉදං අලොභස්ස වත්ථු. යං පුන අනුප්පන්නො කාමරාගො පරියාදියති රූපරාගං අරූපරාගං, ඉති ඵලං. ඉති අයම්පි ච ධම්මො නිද්දිට්ඨො හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච. ඉදං අලොභාධිට්ඨානං.
(5) තත්ථ කතමං අදොසාධිට්ඨානං:
9. එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො මෙත්තායති කුසලො තෙන හොති, සබ්බෙ ච පාණෙ මනසා’නුකම්පං පහූතමරියො පකරොති පුඤ්ඤං.
“එකම්පි චෙ පාණමදුට්ඨචිත්තො මෙත්තායතී”ති අයං අදොසො නිග්ඝාතෙන අස්සාදො, ‘කුසලො තෙන හොතී’ති තෙන කුසලෙන ධම්මෙන සංයුත්තො ධම්මපඤ්ඤත්තිං ගච්ඡති. ‘කුසලොති යථා පඤ්ඤාය පඤ්ඤො පණ්ඩිච්චෙන පණ්ඩීකො. ‘පහූතමරියො පකරොති පුඤ්ඤ’න්ති තස්සා යෙව විපාකො, අයං ලොකියස්ස, න හි ලොකුත්තරස්ස තත්ථ යා මෙත්තායනා, අයං හෙතු යං කුසලො භවති, අයං නිස්සන්දො. යාව අබ්යාපජ්ජභූමියං{2}. බහුං පුඤ්ඤං{3} පසවති, ඉදං ඵලං. ඉති අදොසො නිද්දිට්ඨො හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච.
“එකාදසානිසංසා මෙත්තාය චෙතොවිමුත්තියා” තත්ථ යා මෙත්තාචෙතොවිමුත්ති, අයං අරියධම්මෙසු රාගවිරාගා චෙතොවිමුත්ති, ලොකිකාය භූමිකා හෙතු, යං සුඛං ආයතිං මනාපො හොති මනුස්සානං ඉමෙ එකාදස ධම්මා නිස්සන්දො, යං ච අකතාවී බ්රහ්මකායෙ උප්පජ්ජති{4} ඉදං ඵලං, ඉදං අදොසාධිට්ඨානං.
(6) තත්ථ කතමං අමොහාධිට්ඨානං:
10. පඤ්ඤා භි සෙට්ඨා ලොකස්මිං - යා’යං නිබ්බෙධගාමිනී, යාය සම්මා පජානාති - ජාතිමරණසඞ්ඛයං{1}.
‘පඤ්ඤා හි සෙට්ඨා’ති වත්ථුං, ‘නිබ්බෙධගාමිනී’ති නිබ්බානගාමිනියං යථාභූතං පටිවිජ්ඣති. ‘සම්මා පජානාති ජාතිමරණසඞ්ඛය’න්ති අමොහො ‘පඤ්ඤා’ති හෙතු, යං පජානාති අයං නිස්සන්දො, යො ජාතිමරණසඞ්ඛයො, ඉදං ඵලං. ඉති අමොහො නිද්දිට්ඨො හෙතුනා ච නිස්සන්දෙන ච ඵලෙන ච.
තීණි’මානි භික්ඛවෙ ඉන්ද්රියානි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං, තත්ථ කතමං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: ඉධ භික්ඛවෙ භික්ඛු අනභිසමෙතස්ස දුක්ඛස්ස අරියසච්චස්ස අභිසමාය ඡන්දං ජනෙති වායමති විරියං{2}. ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. (එවං චතුන්නං අරියසච්චානං කාතබ්බං.) තත්ථ කතමං අඤ්ඤින්ද්රියං: ඉධ භික්ඛවෙ භික්ඛු ‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති යථාභූතං පජානාති, (යාව ධම්මා,) ඉදං අඤ්ඤින්ද්රියං. ආසවක්ඛයා අනාසවො හොති, ඉදං වුච්චති අඤ්ඤාතාවින්ද්රියං. තථා’යං පඤ්ඤා, අයං හෙතු. යං ඡන්දං ජනෙති වායමති, යා පජානාති, අයං නිස්සන්දො. යෙන සබ්බසො ආසවානං ඛයො අයං හෙතු{3}, යං ඛයෙ ඤාණමුප්පජ්ජති අනුප්පාදෙ ඤාණං ච අයං නිස්සන්දො, යං අරහත්තං, ඉදං ඵලං. තත්ථ ‘ඛීණා මෙ ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීය’න්ති, ඉදං ඛයෙ ඤාණං. ‘නාපරං ඉත්ථත්තායාති පජානාති’ති ඉදං අනුප්පාදෙ ඤාණං. ඉති ඉමානි ඉන්ද්රියානි. අමොහො නිද්දිට්ඨො හෙතුනා ච නිස්සන්දෙන ච ඵලෙන ච. ඉමානි අසාධාරණානි නිද්දිට්ඨානි.
තත්ථ කතමානි කුසලමූලානි සාධාරණානි:
“කුසලං ච වො භික්ඛවෙ දෙසෙස්සාමි කුසලමූලං චෙව. තත්ථ කතමං කුසලමූලං: අලොභො අදොසො අමොහො. තත්ථ කතමං කුසලං: අට්ඨ සම්මත්තානි, සම්මාදිට්ඨි යාව සම්මාසමාධි. තත්ථ යානි කුසලමූලානි, අයං හෙතු. යං ච අලොභො තීණි කම්මානි සමුට්ඨාපෙති: සඞ්කප්පං වායාමං සමාධිං ච. අයං අලොභස්ස නිස්සන්දො. තත්ථ යො අදොසො, අයං හෙතු. යං තයො ධම්මෙ පට්ඨපෙති: සම්මාවාචං සම්මාකම්මන්තං සම්මාආජීවං ච, අයං නිස්සන්දො. තත්ථ යො අමොහො හෙතු, යං ද්වෙ ධම්මෙ උපට්ඨපෙති: අවිපරීතදස්සනම්පි ච අනභිලාපනං, අයං නිස්සන්දො. ඉමස්ස බ්රහ්මචරියස්ස යං ඵලං තා ද්වෙ විමුත්තියො: රාගවිරාගා චෙතොවිමුත්ති අවිජ්ජාවිරාගා ච පඤ්ඤාවිමුත්ති, ඉදං ඵලං. ඉති ඉමානි තීණි කුසලමූලානි නිද්දිට්ඨානි හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච, එවං සාධාරණානි කුසලානි පටිවිජ්ඣිතබ්බානි.
යත්ථ දුවෙ යත්ථ තීණි, අයං චෙත්ථ ගාථා:
11. තුලමතුලං ච සම්භවං - භවසඞ්ඛාරමවස්සජි මුනි, අජ්ඣත්තරතො සමාහිතො - අභිදා{1} කවචමිවත්තසම්භවන්ති.
‘තුලමතුලං ච සම්භව’න්ති තුලසඞ්ඛතං අතුලසඞ්ඛතං’ තත්ථ යෙ සඞ්ඛතා තුලං, තෙ ද්වෙ ධම්මා: අස්සාදො ච ආදීනවො ච තුලිතා භවන්ති එත්තකො කාමෙසු අස්සාදො එත්තකො ආදීනවො ඉමස්ස, ඉදං නිස්සරණන්ති ඉති නිබ්බානං පජානාති.
ද්වීහි කාරණෙහි අතුලං න ච සක්කා තුලයිතුං, එත්තකං එතං නෙතං පරමත්ථිති තෙන අතුලං, අථ නිබ්බානං රතනන්ති{2} කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො. යං තත්ථ ඤාතා ඔසිරණා [?] භවසඞ්ඛාරානං. අයං අලොභො, යං ‘අජ්ඣත්තරතො සමාහිතො’ති වික්ඛෙපපටිසංහරණං.{3} අයං අදොසො. ඉති ඉමානි තීණි කුසලමූලානි, තුලමතුලං සබ්භව’න්ති අයං අමොහො. යො භවසඞ්ඛාරාණං සමොසරණං ලොභො, සම්මාසමාධීනං අස්සාදො, අයං හෙතු. යං අජ්ඣත්තරතො අවිජ්ජණ්ඩකොසස්ස{4} සම්භෙදො, අයං නිස්සන්දො සා පවත්ති. ඉමානි තීණි නිද්දිට්ඨානි කුසලමූලානි හෙතුතො ච නිස්සන්දතො ච ඵලතො ච.
එත්තාවතා එසා පවත්ති ච නිවත්ති ච, අකුසලමූලෙහි පවත්තති, කුසලමූලෙහි නිවත්තතීති ඉමෙහි ච තීහි සබ්බං අකුසලං{5} සමොසරණං ගච්ඡති සො ධම්මෙ වා වචනතො නිද්දිට්ඨො [?] තණ්හාති වා කොධොති වා අසම්පජඤ්ඤන්ති වා අනුසයොති වා මක්ඛොති වා පළාසොති වා අසතීති වා{6} ඉස්සාති වා මච්ඡරියන්ති වා අඤ්ඤාණන්ති වා, තෙභි යෙ ච වත්ථූහි නිද්දිසිතබ්බං. යස්සිමානි ද්වෙ වචනානි ධම්මපදානි නිද්දිට්ඨානි න සො අත්ථි කිලෙසො යො ඉමෙසු නවසු පදෙසු සමොධානං සමොසරණං ගච්ඡති, අයං කිලෙසො. න ච ලොභො න ච දොසො න ච මොහො. යථා අකුසලමූලානි, එවං කුසලානි පටික්ඛෙපෙන නිද්දිසිතබ්බානි. ඉදං අමොහාධිට්ඨානං.
(7) තත්ථ කතමං කායකම්මාධිට්ඨානං:
12. කායෙන කුසලං{7} කරෙ - අස්ස කායෙන සංවුතො, කායදුච්චරිතං හිත්වා - කායසුචරිතං චරෙ.
“තීණි’මානි භික්ඛවෙ කායසුචරිතානි: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී” ඉදං කාය කම්මාධිට්ඨානං.
(8) තත්ථ කතමං වාචාකම්මාධිට්ඨානං:
13. සුභාසිතං උත්තමමාහු සන්තො ධම්මං භණෙ නාධම්මං තං දුතියං, පියං භණෙ නාප්පියං තං තතියං සච්චං භණෙ නාලිකං තං චතුත්ථං.
චත්තාරිමානි ච වචීසුචරිතානි. ඉදං වාචාකම්මාධිට්ඨානං.