“මනොපුබ්බඞ්ගමා ධම්මා”ති ගාථා.
1. තත්ථ කතමො දෙසනාහාරො: ඉමම්හි සුත්තෙ කො අත්ථො ඛන්ධවවත්ථානෙන විඤ්ඤාණක්ඛන්ධං දෙසෙති, ධාතුවවත්ථානෙන මනො විඤ්ඤාණධාතුං. ආයතනවවත්ථානෙන මනායතනං, ඉන්ද්රියවවත්ථානෙන මනින්ද්රියං. තස්සං කිං පුබ්බඞ්ගමා ධම්මා, සංඛිත්තෙන ඡ ධම්මා පුබ්බඞ්ගමා ධම්මා, කුසලමූලානි ච අකුසලමූලානි ච අනිමිත්තං ඉමම්හි සුත්තෙ කුසලමූලං දෙසිතං. තත්ථ කතමා මනොපුබ්බඞ්ගමා ධම්මා මනො තෙසං සුබ්බඞ්ගමං, යථාපි රාජා පුබ්බඞ්ගමො, එවමෙව ධම්මානං මනො පුබ්බඞ්ගමො.
තත්ථ තිවිධානං පුබ්බඞ්ගමානං නෙක්ඛම්මච්ඡන්දෙන අබ්යාපාදච්ඡන්දෙන අවිහිංසාච්ඡන්දෙන, ආලොභස්ස නෙක්ඛම්මච්ඡන්දෙන පුබ්බඞ්ගමො{3} අදොසස්ස අබ්යාපාදච්ඡන්දෙන පුබ්බඞ්ගමො, අමොහස්ස අවිහිංසාච්ඡන්දෙන පුබ්බඞ්ගමො.
තත්ථ ‘මනොසෙට්ඨා’ති මනසා ඉමෙ ධම්මා උස්සටා, මනෙන වා නිම්මිතා, මනොව ඉමෙසං ධම්මානං සෙට්ඨොති මනොව ඉමෙසං ධම්මානං ජෙට්ඨොති{1} මනොව ඉමෙසං ධම්මානං ආධිපච්චං කරොතීති මනොසෙට්ඨා.
මනොජවා’ති යත්ථ මනො ගච්ඡති, තත්ථ ඉමෙ ධම්මා ගච්ඡන්තීති මනොජවා. යථා වාතො සීඝං ගච්ඡති අඤ්ඤො වා කොචි සීඝං ගාමිකො වුච්චතෙ වාතජවො’ති පක්ඛිගාමීකොති, එවමෙව ඉමෙ ධම්මා මනෙන සම්පජායමානා ගච්ඡන්ති, තත්ථ ඉමෙ ධම්මා ගච්ඡන්තීති මනොජවාති.
තෙ තිවිධා ඡන්දසමුදානිතා අනාවිලතා ච සඞ්කප්පො. සත්තවිධා ච කායිකං සුචරිතං වාචසිකං සුචරිතං, තෙ දස කුසලකම්මපථා.
තත්ථ “මනසා චෙ පසන්නෙන”ති මනොකම්මං. “භාසති වා”ති වචීකම්මං. “කරොති වා”ති කායකම්මං. ඉමෙහි ඉමස්මිං සුත්තෙ දස කුසලකම්මපථා පරමාපි සන්තා සීලවා සො භවති නිචත්තියං න ලොකනිය්යානාය, වාසනාභාගියං සුත්තං භවති. අයං දෙසනා.
2. තත්ථ කතමො විචයො හාරො: “මනොපුබ්බඞ්ගමා ධම්මා” ති කුසලමූලානි ච අට්ඨඞ්ගසම්මත්තානි. ඉදං සුත්තං.
3. යුත්තීති: දසන්නං කුසලකම්මපථානං යො විපාකො සො සුඛවෙදනීයො අබ්යාපාදස්සඞ්ගමානො. “ඡායාව අනපායිනී”ති අනුගච්ඡති, අත්ථි එසා යුත්ති.
4. පදට්ඨානන්ති: අට්ඨාරසන්නං මනොපවිචාරානං පදට්ඨානං. “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති සබ්බකුසලපක්ඛස්ස ඉමෙ ධම්මා පදට්ඨානං. “මනසා චෙ පසන්නෙනා”ති යො චෙතසො පසාදො, ඉදං සද්ධින්ද්රියස්ස පදට්ඨානං. “භාසති වා”ති සම්මාවාචාය, “කරොති වා”ති සම්මාකම්මන්තස්ස ච සම්මාවායාමස්ස පදට්ඨානං.
5. ලක්ඛණොති: ඉති පුබ්බඞ්ගමා ධම්මාති වෙදනාපුබ්බඞ්ගමාපි එතෙ, සඤ්ඤාපුබ්බඞ්ගමාපි එතෙ, සඞ්ඛාරපුබ්බඞ්ගමාපි එතෙ. යෙ කෙචි ධම්මා සහජාතා සබ්බෙ පුබ්බඞ්ගමා එතෙසං ධම්මානං. “තතො නං සුඛමන්වෙතී”ති සොමනස්සම්පි නං අන්වෙති යං සුසුඛච්ඡායා තදපි නං සුඛං තදපි අන්වෙති.
6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ‘මනොපුබ්බඞ්ගමා’ති න ඉදං එකාධිවචනං{2} කිං කාරණා, සබ්බෙ යෙව ඉමෙ ඡ විඤ්ඤාණකායා, ඉමම්හි භගවතො කො අධිප්පායො: යෙ සුඛෙන අත්ථිකා, තෙ මනං පසාදෙන්තීති අයං ඉමම්හි සුත්තෙ භගවතො අධිප්පායො. අත්ථො පුබ්බෙයෙව නිද්දිට්ඨො.
7. යානි හි කුසලමූලානි, තානි අට්ඨානිසංසමත්තා හෙතු, අයං අට්ඨඞ්ගිකො මග්ගො. දස ඨානානි දෙසනාහෙතූනි දෙසනාපච්චයා නිද්දෙසනා ච. තත්ථ යං මඤ්ඤෙ දුක්ඛෙන සහ නාමරූපං විඤ්ඤාණසම්මන්ති අඞ්ගෙන කුසලමූලං පහීයති. අයං අප්පහීනභූමියං සමුදයො. යං තෙසං පහානං, අයං නිරොධො ඉමානි චත්තාරි සච්චානි. අයං ආවට්ටො හාරො.
8. විභත්තී ති:
“මනොපුබ්බඞ්ගමා ධම්මා - මනොසෙට්ඨා මනොජවා, මනසා චෙ පසන්නෙන - භාසති වා කරොති වා, තතො නං සුඛමන්වෙති - ඡායාව අනපායිනී”ති.
තං න එකංසෙන සමණස්ස වා බ්රාහ්මණස්ස වා පන හොති. තස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස සකසත්ථෙ චිත්තං පසාදෙති තෙන ච පසන්නෙන චිත්තෙන භාසති බ්යාකරොති න තං සුඛමන්වෙති න ඡායාව අනුගාමිනී, දුක්ඛමෙව තං අන්වෙති. යථා මහන්තං චක්කං පදමන්වෙති, ඉදං තං විභජ්ජබ්යාකරණීයං, මනසා චෙ පසන්නෙන කායකම්මං වචීකම්මං සුඛවෙදනීයන්ති සම්මග්ගතෙ{1} සුඛවෙදනීයං මිච්ඡාගතෙ{2}. දුක්ඛවෙදනීයං අයං විභත්ති.
9. තත්ථ කතමො පරිවත්තනො හාරො: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති යං මනසා පදුට්ඨෙන භාසති වා කරොති වා දුක්ඛමස්සානුගාමිනී, එතානියෙව ද්වෙ සුත්තානි භාසිතානි, එස එව ච පටිපක්ඛො, යදිදං. . . .
10. වෙවචනන්ති: මනො චිත්තං විඤ්ඤාණං මනින්ද්රියං මනොවිඤ්ඤාණධාතු.
11. පඤ්ඤත්තීති: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති අයං මනො කිඤ්චි පඤ්ඤත්තියා පඤ්ඤත්තං. “ධම්මා”ති කුසලකම්මපථපඤ්ඤත්තියා පඤ්ඤත්තං. “මනොසෙට්ඨා”ති විසිට්ඨපඤ්ඤත්තියා පඤ්ඤත්තං “මනොජවා”ති. සහ පඤ්ඤත්තියා පඤ්ඤත්තං. ‘චිත්ත’න්ති නෙක්ඛම්මපඤ්ඤත්තියා පඤ්ඤත්තං. - “මනසා චෙ පසන්නෙනා”ති සද්ධින්ද්රියපඤ්ඤත්තියා පඤ්ඤත්තං, “මනසා චෙ පසන්නෙනා”ති අනාවිලසඞ්කප්ප දුතියජ්ඣානපඤ්ඤත්තියා පඤ්ඤත්තං. “මනසා චෙ පසන්නෙනා”ති අස්සද්ධානං පටිපක්ඛපඤ්ඤත්තියා පඤ්ඤත්තං, ‘භාසති වා’ති සම්මාවාචා පඤ්ඤත්තියා පඤ්ඤත්තං. “කරොති වා”ති සම්මාකම්මන්තපඤ්ඤත්තියා පඤ්ඤත්තං, “තතො නං සුඛමන්වෙති”ති ඣානසමාධානං. ඉන්ද්රියෙසු මනින්ද්රියං. පටිච්චසමුප්පාදෙ විඤ්ඤාණං.
12. ඔතරණොති: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති මෙත්තා{3} ච මුදිතා ච ඣානෙසු දුතියං ඣානං තතියං ච. ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො, ධාතුසු ධම්මධාතු, ආයතනෙසු ධම්මායතනං,
යං කුසලං ඉන්ද්රියෙසු සුඛින්ද්රියං ච සොමනස්සින්ද්රියං ච පදට්ඨානං, ඉමෙසං ධම්මානං පටිච්චසමුප්පන්නානං ඵස්සපච්චයා සුඛවෙදනීයො ඵස්සො සුඛවෙදනා, මනොපවිචාරෙසු සොමනස්සවිචාරො, ඡත්තිංසෙසු පඨමපදෙසු ඡ සොමනස්ස නෙක්ඛම්මස්සිතා. ඉති අයං ඔතරණො හාරො.
13. තත්ථ කතමො සොධනො හාරො: යං අත්ථං ආරබ්භ ඉදං සුත්තං භාසිතං, සො අත්ථො නියුත්තො, එතමත්ථං ආරබ්භ සුත්තං, අයං සොධනො හාරො.
14. තත්ථ කතමො අධිට්ඨානො හාරො: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති වෙමත්ත{1}පඤ්ඤත්ති න එකත්තපඤ්ඤත්ති, “ධම්මා’ති එකත්තතා{2} න වෙමත්තපඤ්ඤත්ති. “මනසා චෙ පසන්නෙනා”ති සො පසාදො දුවිධො{3} අජ්ඣත්තං ච අබ්යාපාදාවික්ඛම්භනතො{4} බහිද්ධා ච ඔකප්පනතො. සො අජ්ඣත්තපසාදො දුවිධො සමුග්ඝාතපසාදො ච වික්ඛම්භනපසාදො ච බ්යාපාදපරියුට්ඨානං. විඝාතො න මූලපසාදො ජාතමූලම්පි වා. පසාදො සබ්යාපාදං විඝාතෙන “තතො නං සුඛමන්වෙතී”ති සුඛං කායිකං ච චෙතසිකං ච, අප්පියවිප්පයොගො’පි පියසම්පයොගො’පි නෙක්ඛම්මසුඛම්පි පුථුජ්ජනසුඛම්පි පීතිසම්බොජ්ඣඞ්ගම්පි චෙතසිකං සුඛං. යම්පි පස්සද්ධකායො සුඛං වෙදෙති, තම්පි කායිකං සුඛං, බොජ්ඣඞ්ගා ච චෙතසිකං සුඛං යම්පි පස්සද්ධකායො සුඛං වෙදෙති, තම්පි තඤ්ච සුඛපදට්ඨානං පඤ්ඤත්තියා යථාවුත්තං තං අපරාමට්ඨං කුසලානං ධම්මානං. “අන්වෙතී”ති අප්පනා සන්දිස්සති න වායං වා පත්තභූතො අන්වෙති. තදිදං සුත්තං ද්වීහි ආකාරෙහි අධිට්ඨාතබ්බං හෙතුනා ච යො පසන්නමානසො විපාකෙන ච යො දුක්ඛවෙදනීයො.
15. පරික්ඛාරො’ති භගවා පඤ්චසතෙන භික්ඛුසඞ්ඝෙන නගරං පවිසති රාජගහං. තත්ථ මනුස්සො පුග්ගලො භගවන්තං පරිවිසති, තස්ස පසාදො උප්පන්නො, කුසලමූලපුබ්බයොගාවචරොපි සො අඤ්ඤෙසං ච අක්ඛාති ඉදං වාචං භාසති: ‘ලාභා තෙසං යෙසං නිවෙසනං භගවා පවිසති අම්හාකම්පි යදි භවෙය්ය මයම්පි භගවතො සම්පසාදං ලච්ඡම්හා’ති. යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා ‘නමො භගවතො, නමො භගවතො’ති අබ්යාපාදමනො{5} එකමන්තෙ අට්ඨාසි. තදනන්තරෙ භගවා ඉමං සුත්තං අභාසිත්ථ: “මනොපුබ්බඞ්ගමා ධම්මා”ති. සබ්බං සුත්තං තත්ථ{6} පරෙසං භාසති, ඉදං වාචා කම්මං. යං අඤ්ජලිං පණාමෙති, ඉදං කායකම්මං. යො මනො පසාදො ඉදං මනොකම්මං. තත්ථ යං පරෙසං පකාසෙති භාසති වණ්ණං යෙසං භගවා නිවෙසනං ගච්ඡතී’ති සබ්බං තස්ස අලොභො කුසලමූලං, යං භගවති මෙත්තචිත්තං.{7} තස්ස අදොසො කුසලමූලං, යං අඤ්ජලිං පණාමෙති, මානං ච නිග්ගණ්හාති, තත්ථස්ස අමොහො කුසලමූලං පාතුභවති.
යං උළාරපඤ්ඤං පටිලභති, ඉදමස්ස දිට්ඨිවිපල්ලාසප්පහානං. යො{1} තථායෙව සංවරො හොති, ඉදමස්ස සඤ්ඤාවිපල්ලාසප්පහානං, යං මනස්ස පසාදනං, ඉදමස්ස චිත්තවිපල්ලාසප්පහානන්ති අකුසලවිපල්ලාසානං වික්ඛම්භනං පහානං පච්චයො.
තීණි කුසලමූලානි යො අනාවිලචිත්තසඞ්කප්පො, සො තස්ස මනසිකාරොති වුච්චති, යං කිලෙසෙහි වික්ඛම්භනං ඉති විපල්ලාසා ච ආරම්මණා සප්පච්චයතාය පච්චයො, කුසලමූලානි ච සන්නිස්සයතාය{2} පච්චයො, සො ච මනසිකාරො හෙතුනා ඉමිනා පච්චයෙන චිත්තං උප්පන්නං. තත්ථ යං සත්තාරම්මණං චිත්තං පවත්තං අයං බුද්ධානුස්සති. යම්පි භගවතො ගුණෙ මනසිකරොති, අයමස්ස ධම්මානුස්සති. තත්ථ සතිසම්පජඤ්ඤං හෙතු, අයං ච පච්චයො, වාචා පඤ්ඤාහෙතු, විතක්කවිචාරා පච්චයො. කායසඞ්ඛාරා කම්මස්ස අභිසඞ්ඛාරො නාම හෙතු වා අප්පච්චයො සුඛවෙදනීයස්ස කම්මස්ස උපචයො හෙතුකා කම්මස්ස පච්චයො.
16. තත්ථ කතමො සමාරොපනො හාරො: මනසායෙව පසන්නෙන සතොයෙවෙත්ථ පසන්නො අපිච චිත්තවොදානා සත්තා විමුච්චන්තීති තෙන සත්තා චිත්තපුබ්බඞ්ගමා චිත්තෙන පසන්නෙන චෙතනාපි තත්ථ චිත්තභූතා භවන්තීති පටිඝා අයං චෙතනානං පසාදෙන කායො චස්ස පසාදො සො ච ආරභති පසාදෙන පසන්නො සඤ්ඤානන්ති චස්ස අවිපරීතා, සො පඤ්චවිධො වික්ඛම්භනා, කායපස්සම්භනායෙවාපසාදො චිත්තසිතො, චිත්තං පන පුබ්බංයෙව පසන්නං. අයං සමාරොපනා. එවං පඤ්චුන්නම්පි පසාදො. “තතො නං සුඛමන්වෙතීති කතමං භගවා නිද්දිසති: න හි අත්තසච්චං තස්ස කම්මස්ස විපාකො අන්වෙති, තස්ස උපායො අනුගච්ඡති, යදා සිතපච්චයා උප්පජ්ජතෙ සොමනස්සං අවිප්පටිසාරොපි අන්වෙති. අයං සමාරොපනො හාරො.
7. 5.
මහානාම සක්කස්ස සුත්තං.
“ඉමම්හි චාහං{3} සමයෙ (අසතො{4} අසම්පජානො) කාලං කරෙය්යං{5} කා මමස්ස ගති{6} කො අභිසම්පරායොති{7} මා භායී මහානාම මා භායී මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති අපාපිකා කාලකිරියා, යස්ස කස්සචි මහානාම දීඝරත්තං සද්ධාපරිභාවිතං චිත්තං,{8} සීලපරිභාවිතං සුතපරිභාවිත”න්ති) (විත්ථාරෙන කාතබ්බං.)
1. චාගෙන ච පඤ්ඤාය ච කිං දස්සෙති: යා සද්ධා සා චෙතසො පසාදො, යා අනාවිලසඞ්කප්පතා සා සද්ධා, කිං කාරණා: අනාවිලලක්ඛණත්තා{1}, අනාවිලලක්ඛණා හි සද්ධා, අපරෙ ආහු, ගුණපාරිසුද්ධිනිට්ඨාගමනලක්ඛණා, යං ච අපරෙ වා වචනපටිග්ගහලක්ඛණා සද්ධා.
අපරො පරියායො: අත්තානං යදි එවං ඔකප්පෙති “නාහං කිඤ්චි ජානාමීති, එසො අහං තත්ථ අනුඤ්ඤත්තා අනඤ්ඤථා{2} ති අයං සද්ධාති. අපරො පරියායො: එකසට්ඨියා දිට්ඨිගතානං ආදීනවානුපස්සනා අනිච්චං දුක්ඛමනත්තා’ති. තෙන ච පදිට්ඨං භවති යථා ගම්භීරෙ උදපානෙ උදකං චක්ඛුනා පස්සති න ච කායෙන අභිසම්භූනාති, එවමස්ස අරියා නිජ්ඣානක්ඛන්තියා දිට්ඨි භවති, න ච සමජිකතා, අයං වුච්චති සද්ධා. සා ච ලොකිකා. අපරො පරියායො: ඛමති පුථුජ්ජනභූතස්ස වීසති ජාතිකො සක්කායාධීනා න නිවෙසො, එතං එකන්ති නයසඤ්ඤා යථාභූතං දිට්ඨියා තු ඛලු මුදූහි පඤ්චහි ඉන්ද්රියෙහි දස්සනමග්ගෙන පහීනා භවන්ති. දිට්ඨෙකට්ඨා ච කිලෙසා, අයං සද්ධා.
සොතාපත්තඞ්ගමුදුක්ඛායං භූමියං පරිපුණ්ණා වුච්චති. තස්මිංයෙව භූමියං සෙක්ඛසීලං අරියා ධාරයන්ති{3} වුච්චති, තස්මිංයෙව භූමියං මුදුපඤ්ඤා පඤ්ඤින්ද්රියන්ති වුච්චති, තස්මිංයෙව භූමියං ඛන්ධෙහි අනත්ථිකතා, අයං චාගො. තස්මා සද්ධා චාගාධිට්ඨානෙන නිද්දිසිතබ්බා. යතිකෙන භිය්යො මනෙන සා හිස්ස විපරීතා දිට්ඨිකා අසද්ධා, සා නයනඋපධීසු සමත්තා{4} සමාදින්නා තත්ථ සද්ධින්ද්රියං යො කාමං පරිවිසති{5} ඉති සන්තපාපපටිනිස්සග්ගා න චාගාධිට්ඨානං, පඤ්ඤින්ද්රියෙන පඤ්ඤාධිට්ඨානං, සීලෙන උපසමාධිට්ඨානං. ඉමෙ චත්තාරො ධම්මා සීලං පරිභාවයන්ති සද්ධා සීලං චාගො ච පඤ්ඤාති.
තත්ථ සද්ධාය ඔඝං තරති. යං සීලං, අයං අප්පමාදො, යො චාගො, ඉදං පඤ්ඤාය කම්මං. යා පඤ්ඤා, ඉදං පඤ්ඤින්ද්රියං, තත්ථ යං පඤ්ඤින්ද්රියං, තං තීසු අවෙච්චපසාදෙසු. යං සීලං තං සද්ධින්ද්රියෙසු. යො චාගො සො චතුසු ඣානෙසු. යා පඤ්ඤා, සා සච්චෙසු. සති සබ්බත්ථගාමිනී. තස්ස සෙක්ඛස්ස භද්දිකා ගති{6} භද්දිකො අභිසම්පරායො.
තස්ස සම්මුට්ඨසතිකස්ස සීලං කරොන්තස්ස න තාය සම්මුට්ඨසතිතාය තානි වා ඉන්ද්රියානි තං වා කුසලමූලං කම්මවිපාකං භවති. තස්ස තිකස්ස අත්ථනිද්දෙසො: තත්ථ සද්ධා සීලං චාගො පඤ්ඤා චත්තාරො ධම්මා. යා සද්ධා යා ච පඤ්ඤා ඉදං මනොසුචරිතං, යං සීලං, ඉදං කායිකං වාචයිකං සුචරිතං. යො චාගො ඉදං චෙතසිකං අලොභො සුචරිතං, ඉති චිත්තෙ ගහිතෙ පඤ්චක්ඛන්ධා ගහිතා භවන්ති. ඉමෙහි ධම්මෙහි සුචරිතං ඉදං දුක්ඛං ච අරියසච්චං පදට්ඨානං මග්ගස්ස.
2. තත්ථ කතමො විචයො හාරො: යා ච සද්ධා යං ච සීලං, තං කිස්ස කරොති. යා සද්ධතාය භගවන්තං අනුස්සරති{1} මත්තෙනපි හත්ථිනා සමාගතො{2}, අස්සගොකුක්කරෙහි{3} සබ්බං සීලෙන නප්පටිපජ්ජති කායෙන වා වාචාය වා, ඨානං විසාරදො භවතීති අවිප්පටිසාරී, පඤ්ඤා යස්ස පඤ්ඤත්තං උපට්ඨපෙති, තස්ස අඛණ්ඩස්ස සීලං යං න පච්ඡිතස්සම්මොහස්ස අකුසලචිත්තං උප්පජ්ජති මිච්ඡාදිට්ඨිසහගතං වා, අයං විචයො හාරො.
3. ධම්මවාදිනො භාද්දිකාගති{4} භවිස්සති අත්ථි එසා යුත්ති.
4. තත්ථ කතමො පදට්ඨානො හාරො: යමිදං චිත්තං දීඝරත්තං පරිභාවිතං සද්ධාය සීලෙන චාගෙන පඤ්ඤාය සමාධිනා පඨමජ්ඣානස්ස පදට්ඨානං, යා සද්ධා අස්ස අනාවිලසඞ්කප්පා{5} තං දුතියජ්ඣානස්ස පදට්ඨානං, තීණි ච අවෙච්චප්පසාදා, යං සීලං තං අරියකන්තං තං සීලක්ඛන්ධස්ස පදට්ඨානං. යා පඤ්ඤා සා පඤ්ඤාක්ඛන්ධස්ස පදට්ඨානං. ඉමෙ ච ධම්මා ඉදං ච චිත්තං එකොදිභුතසමාධිස්ස පදට්ඨානං. සද්ධා සද්ධින්ද්රියස්ස පදට්ඨානං. චාගො සමාධින්ද්රියස්ස පදට්ඨානං. පඤ්ඤා පඤ්ඤින්ද්රියස්ස පදට්ඨානං, සද්ධා ච පඤ්ඤා ච විපස්සනාය පදට්ඨානං, සීලං ච චාගො ච සමථස්ස පදට්ඨානං. සද්ධා ච පඤ්ඤා ච අවිජ්ජාවිරාගාය පඤ්ඤාවිමුත්තියා පදට්ඨානං, සීලං ච චාගො ච රාගවිරාගාය චෙතොවිමුත්තියා පදට්ඨානං.
5. තත්ථ කතමො ලක්ඛණො හාරො: විඤ්ඤාණෙ වුත්තෙ සද්ධා සති භාවිතා{6} සබ්බෙ පඤ්චක්ඛන්ධා වුත්තා භවන්ති, සද්ධාය භණිතාය සබ්බානි සත්තධනානි භණිතානි හොන්ති. සද්ධාධනං -පෙ- සීලක්ඛන්ධෙ වුත්තෙ සමාධික්ඛන්ධො ච පඤ්ඤාක්ඛන්ධො ච වුත්තා භවන්ති, යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතං, පච්ඡිමකෙ කාලෙ{7} න තදනුපරිවත්තී භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. තත්ථ සඤ්ඤාපි තදනුපරිවත්තිතී භවති. යෙපි තජ්ජාතිකා ධම්මා, තෙපි තදනුපරිවත්තිනො{8} භවන්ති, රූපසඤ්ඤා රූපසඤ්චෙතනානුපස්සනමනසිකාරො, එවං ඡන්නං ආයතනානං විඤ්ඤාණකායෙ. අයං ලක්ඛණො හාරො.
6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉධ සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ භද්දිකං{9} ගතිං{10} ආකඞ්ඛෙය්යුං,{11} භද්දිකඤ්චඅභිසම්පරායං, තෙ සද්ධං සීලං චාගං පඤ්ඤං ච මනසි කරිස්සන්ති. අයං අධිප්පායො, යෙ චඤ්ඤෙපි සත්තා තථාගතස්ස සම්මුඛං න පටියුජ්ජන්තෙ ඉමං ධම්මං සොතා අවිප්පටිසාරකං කාලං කරිස්සන්තීති. අයං අධිප්පායො.
7. තත්ථ කතමො ආවට්ටො හාරො: ඉදම්පි චත්තාරො ධම්මා; සද්ධා ච පඤ්ඤා ච අස්සද්ධියං ච අවිජ්ජං ච හනන්ති. සීලං ච චාගො ච තණ්හං ච{1} දොසං ච හනන්ති. තස්ස ද්වෙ මූලානි පහීයන්ති, දුක්ඛං නිවත්තෙති, අප්පහීනභූමියං ච ද්විමූලානි පඤ්චක්ඛන්ධා. ද්වෙ අරියසච්චානි සමථො ච විපස්සනා ච. ද්වින්නං මූලානං පහානං. ඉමානි ද්වෙ සච්චානි නිරොධො ච මග්ගො ච. අයං ආවත්තො හාරො.
8. තත්ථ කතමා{2} විභත්තී: යං තං චිත්තං සද්ධාපරිභාවිතං -පෙ- සචෙ පුථුජ්ජනස්ස තස්සපි භද්දිකා ගති{3} භවිස්සතීති න එකංසෙන, තස්ස කම්මං දිට්ඨෙයෙව ධම්මෙ විපාකන්ති පච්චෙස්සති. අපරම්හි වා පරියායෙ භවිස්සති. යං වා අතීතං විපාකාය පච්චුපට්ඨිතං. තප්පච්චයානි චෙතනානි යෙ යථා මහාකම්මවිභඞ්ගෙ තෙනායං විභජ්ජ බ්යාකරණීයො නිද්දෙසො ධම්මචාරිනො යා භද්දිකා ගතීති.
9. තත්ථ කතමා පරිවත්තනා: අස්සද්ධියං දුස්සීල්යං මච්ඡෙරං දුප්පඤ්ඤං{4} ච පටිපක්ඛෙන පහීනා භවන්ති, අයං පරිවත්තනා.
10. තත්ථ කතමං වෙවචනං: යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතං චිත්තං මනො විඤ්ඤාණං -පෙ- යා සද්ධා සා{5} සද්ධාබලං සද්ධින්ද්රියං යං සීලං, තං සුචරිතං, සංයමො නියමො දමො ඛන්ධතා, ඉමානි තස්ස වෙවචනානි. යො චාගො සො පටිනිස්සග්ගො අලොභො වොස්සග්ගො{6} චාගාධිට්ඨානං{7} යා පඤ්ඤා සා පඤ්ඤතා{8} පඤ්ඤප්පභා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං.
11. තත්ථ කතමා පඤ්ඤත්ති: යං තං චිත්තං බීජපඤ්ඤාත්තියා පඤ්ඤත්තං, පරිභාවනා වාසනාපඤ්ඤත්තියා පඤ්ඤත්තං{9} සද්ධා පසාදපඤ්ඤත්තියා පඤ්ඤත්තා, සීලං සුචරිතපඤ්ඤත්තියා පඤ්ඤත්තං චාගො පුඤ්ඤකිරියපඤ්ඤත්තියා පඤ්ඤත්තො. පඤ්ඤා වීමංසාපඤ්ඤත්තියා පඤ්ඤත්තා. ඉමෙ තයො ධම්මා සද්ධා සීලං චාගො පඤ්ඤවතො පාරිසුද්ධිං ගච්ඡන්ති.
12. තත්ථ කතමො ඔතරණො: යං චිත්තං තං ඛන්ධෙසු විඤ්ඤාණක්ඛන්ධො. ධාතුසු මනොවිඤ්ඤාණධාතු, ආයතනෙසු මනායතනං. යෙ චත්තාරො ධම්මා තෙ ඛන්ධෙසු සඞ්ඛාරක්ඛන්ධෙ පරියාපන්නා -පෙ- ධාතුසු ආයතනෙසු.
13. තත්ථ කතමො සොධනො හාරො: ඉදං භගවතො භාසිතං මහානාමෙන සක්කෙන පුච්ඡිතෙන, සබ්බං තං නියුත්තං.
14. තත්ථ කතමො අධිට්ඨානො: ඉදං චිත්තං වෙමත්තතාය පඤ්ඤත්තං, අකුසලෙහි චිත්තෙහි අපරිභාවිතෙහි, පරිභාවිතන්ති යානි
පුන පරිභාවිතානි, අඤ්ඤෙසම්පි{1} තත්ථ උපාදාය පඤ්ඤත්තං, සබ්බෙපිමෙ චත්තාරො ධම්මා එකත්තතාය පඤ්ඤත්තා, භද්දිකා ගතීති{2} කාමභොගිනො, නෙව{3} රූපධාතු අරූපධාතු. මනුස්සාති, සබ්බා භද්දිකා ගති{4} තදෙව කථාය පඤ්ඤත්තං, අයං පඤ්ඤත්ති.
15. තත්ථ කතමො පරික්ඛාරො: චිත්තස්ස ඉන්ද්රියානි පච්චයො ආධිපතෙය්යපච්චයතාය, මනසිකාරො හෙතුපච්චයතාය පච්චයො. සද්ධාය ලොකිකා පඤ්ඤා හෙතුපච්චයතාය පච්චයො යොනිසො ච මනසිකාරො පච්චයො. සීලස්ස පතිරූපදෙසවාසො පච්චයො. අත්තසම්මාපණිධානං ච හෙතු. චාගස්ස අලොභො හෙතු, අවිප්පටිසාරො ච හෙතුපච්චයො. පඤ්ඤාය{4} පරතො ච ඝොසො අජ්ඣත්තං ච යොනිසොමනසිකාරො හෙතුපච්චයො.
16. තත්ථ කතමො සමාරොපනො: යං තං චිත්තං දීඝරත්තං පරිභාවිතන්ති චෙතසිකාපි. එත්ථ සබ්බෙ ධම්මා පරිභාවිතා භද්දිකා තෙති{5} භවිස්සති, භද්දකො{5} උප්පත්තිකො අභිසම්පරායො. ඉති යෙ කෙචි මානුසකා{6} උපභොගපරිභොගා, සබ්බෙ භද්දිකා ගතියෙව. අයං සමාරොපනො.
7. 6.
“උද්ධං අධො සබ්බධි විප්පමුත්තො”ති{7} ගාථා: තත්ථ කිං උද්ධං නාම, යං ඉතො උද්ධං භවිස්සති අනාගාමී, ඉදං උද්ධං, අධො නාම, යමතික්කන්තමතීතං, ඉදමවොච උදානතන්ති{8} තත්ථ අතීතෙන සස්සතදිට්ඨි පුබ්බන්තකප්පිකානං{9} අපරන්තදිට්ඨි කෙසඤ්චි, උච්ඡෙදට්ඨිං යං වුත්තකප්පිකානං ඉමා චෙව දිට්ඨියො උච්ඡෙදදිට්ඨි ච සස්සතදිට්ඨි ච.
තත්ථායං සස්සතදිට්ඨි: ඉමානි පන්නරසපදානි සක්කායදිට්ඨි සස්සතං භජන්ති: රූපවන්තං මෙ අත්තා, අත්තනි මෙ රූපං, රූපස්මිං{10} මෙ අත්තා’ති යදුච්චතෙ පඤ්ඤං පරිදහන්ති. [?] යා උච්ඡෙදදිට්ඨි සා පඤ්ච පදානි{11} උච්ඡෙදං භජන්ති තෙ’තං ජීවං තං සරීර’න්ති පස්සන්ති, රූපං මෙ අත්තා’ති තථාරූපා චතුබ්බිධා සක්කායදිට්ඨි උච්ඡෙදෙන ච සස්සතෙන ච, එවං පඤ්චසු ඛන්ධෙසු වීසතිවත්ථුකාය දිට්ඨියා පන්නරස පදානි පුබ්බන්තං භජන්ති සස්සතදිට්ඨියා පඤ්ච පදානි අපරන්තං භජන්ති උච්ඡෙද දිට්ඨියා.
තත්ථ අයමහමස්මීති පස්සන්තො{1} රූපං අත්තතො සමනුපස්සති, සො උච්ඡෙදවාදී, රූපවන්තඤ්ච අත්තානං, අත්තනි ච රූපං රූපස්මිං වා අත්තා’ති සො පස්සති චාති ඉති උච්ඡෙදදිට්ඨි ච, අත්තතො පටිස්සරති සස්සතදිට්ඨි පුබ්බන්තතො ච පටිස්සරති. අයමහමස්මී’ති න සමනුපස්සති. තස්ස දිට්ඨාසවා පහානං ගච්ඡන්ති. සො{2} තීසු අද්ධාසු පුබ්බන්තෙ ච අපරන්තෙ ච තෙන තෙන නිද්දිට්ඨානෙව. උද්ධං අධො සබ්බධි වීතරාගො ‘අහමස්මි’ති න අනුපස්සතීති ඉමිනා ද්වාරෙන ඉමිනා පයොගෙන ඉමිනා උපායෙන. ඉදං දස්සනභූමි ච සොතාපත්තිඵලං ච. සො අරියො පයොගො අනභාවංගතෙන සංසාරෙන, අපුනබ්භවායාති{3} යො කොචි අරියො පයොගො අපුනබ්භවාය{4} මුදූනි වා පඤ්චින්ද්රියානි මජ්ඣානි අධිමත්තානි වා සබ්බං පුනබ්භවපහානාය{5} සංවත්තන්ති. ‘අහ’න්ති දිට්ඨොඝො කාමොඝො භවොඝො අවිජ්ජොඝො ච ඔධිසො.
1. තත්ථ දෙසනාහාරෙන චත්තාරි සච්චානි. පඤ්චහි ඉන්ද්රියෙහි සොතාපත්තිඵලෙන ච ද්වෙ සච්චානි මග්ගො ච නිරොධො ච. සක්කායසමුදයෙන ද්වෙ සච්චානි දුක්ඛං ච සමුදයො ච, අයං දෙසනා හාරො.
2. තත්ථ කතමො විචයො: ‘අයමහමස්මී’ති අසමනුපස්සන්තො තීණි දස්සනා පහාතබ්බානි{6}, සංයොජනානා පජහති, අයං විචයො.
3. තත්ථ කතමා යුත්ති: තිවිධා පුග්ගලා, කොචි උග්ඝටිතඤ්ඤූ කොචි විපඤ්චිතඤ්ඤූ කොචි නෙය්යො, උග්ඝටිතඤ්ඤූ තික්ඛින්ද්රියො ච තතො විපඤ්චිතඤ්ඤූ මුදින්ද්රියො තතො මුදින්ද්රියො{7} නෙය්යො.
තත්ථ උග්ඝටිතඤ්ඤූ තික්ඛින්ද්රියතාය දස්සනභූමිමාගම්ම සොතාපත්තිඵලං පාපුණාති, එකබීජකො භවති. අයං පඨමො සොතාපන්නො. විපඤ්චිතඤ්ඤූ මුදූහි ඉන්ද්රියෙහි දස්සනභූමිමාගම්ම සොතාපත්තිඵලං පාපුණාති, කොලංකොලො ච හොති. අයං දුතියො සොතාපන්නො, තත්ථ නෙය්යො දස්සනභූමිමාගම්ම සොතාපත්තිඵලං පාපුණාති සත්තක්ඛත්තුපරමො ච භවති. අයං තතියො සොතාපන්නො.
තත්ථ එසා යුත්ති මුදුමජ්ඣිමත්තෙහි ඉන්ද්රියෙහි මුදුමජ්ඣාධිමත්තං භූමිං සච්ඡිකරෙය්ය, සක්කායදිට්ඨිප්පහානෙන වා දිට්ඨිගතානි පජහති. අයං යුත්තී.
4. තත්ථ කතමො පදට්ඨානො: තත්ථ සක්කායදිට්ඨි සබ්බමිච්ඡාදිට්ඨියා පදට්ඨානං, සක්කායො නාමරූපස්ස පදට්ඨානං, නාමරූපං සක්කායදිට්ඨියා පදට්ඨානං, පඤ්ච ඉන්ද්රියානි රූපීනි රූපරාගස්ස පදට්ඨානං, සළායතනං අහඞ්කාරස්ස පදට්ඨානං.
5. තත්ථ කතමො ලක්ඛණො: ද්වීසු දිට්ඨීසු පහීනාසු තත්ථ එකසට්ඨි{1} දිට්ඨිගතානි පහානං ගච්ඡන්ති, උද්ධං ච අධො ච වීතරාගො සබ්බරජනීයෙසු වීතරාගො හොති. තජ්ජා පරභූමියං, ඉදං පච්චයන්ති යථාභූතං පස්සති. සො සබ්බපටිච්චසමුප්පාදං ආමසති. අයං ලක්ඛණො හාරො.
6. තථෙ කතමො චතුබ්යූහො හාරො: ඉමම්හි සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ සත්තා යෙනාභිරමිස්සන්ති, තෙ දිට්ඨිප්පහානාය වායමිස්සන්ති. අයමෙත්ථ භගවතො අධිප්පායො, අයං චතුබ්යූහො හාරො.
7. තත්ථ කතමො ආවට්ටො හාරො: යානිමානි මුදූනි පඤ්චින්ද්රියානි තානි තානි ඔරම්භාගියානි පඤ්චින්ද්රියානි, සබ්බෙන සබ්බං සමූහන්ති අභිජ්ඣං බ්යාපාදො ච භාවනාවසෙන{2} න සෙඛාය{3} විමුත්තියා බලං සද්ධා, උද්ධම්භාගියානි දිට්ඨිවසෙන බලං සද්ධා විරියින්ද්රියං{4} ආරභිතත්තා{5} සතින්ද්රියං මග්ගහිතත්තා අච්චන්තං නිට්ඨං ගච්ඡන්ති. තත්ථ යානි ඉන්ද්රියානි, අයං මග්ගො, සංකිලෙසප්පහානං අයං නිරොධො, ආයතිං අනුප්පාදධම්මො, ඉදං දුක්ඛං, අයං ආවට්ටො හාරො.
8. තත්ථ කතමො විභත්තිහාරො: ‘අයමහමස්මී’ති යො සමනුපස්සති, සො ච ඛො අධිමත්තෙන ලොකිකායං භූමියං න තු අරියෙන පයොගෙන සො සක්කායදිට්ඨිං{6} පජහති. යං වුච්චති තජ්ජාය භූමියං අධිමත්තාය. තත්ථ තජ්ජාය භූමියං පඤ්චහි ආකාරෙහි අධිමත්තතං පටිලභති: සීලෙන වතෙන බාහුසච්චෙන සමාධිනා නෙක්ඛම්මසුඛෙන. තත්ථ අප්පත්තෙ{7} පත්තසඤ්ඤී අධිමානං ගණ්හාති. එතස්මිං යෙව වත්ථුප්පත්තියං භගවා ඉදං සුත්තං භාසති, ‘සීලවා වතමත්තෙනා’ති. තත්ථ යො අප්පත්තෙ{7} පත්තසඤ්ඤී තස්ස යො සමාධි සො සාමිසො කාපුරිසසෙවිතො පන සො, කාපුරිසා වුච්චන්ති පුථුජ්ජනා. ආමිසං යං ච අරියමග්ගමාගම්ම ලොකිකං{8} අනරියං තෙන සමාධි හොති අනරියො කාපුරිසසෙවිතො, යො පන අරියාකාරෙන යථාභූතං න ජනාති න පස්සති, සො අධිගමනං පජහති යො අරියෙන සමාධිනා අකාපුරිසසෙවිතෙන නිරාමිසෙන නීයාති,{9} තත්ථ අකාපුරිසා වුච්චන්ති අරියපුග්ගලා. යො තෙහි සෙවිතො සමාධි, සො අකාපුරිසසෙවිතො. තස්මා එතං විභජ්ජ ව්යාකරණීයං අයමහමස්මී’ති අනානුපස්සී තථාගතොති{10}.
9. තත්ථ කතමා පරිවත්තනා: ඉමාය දස්සනභූමියා කිලෙසා පහාතබ්බා, තෙහි පහීයන්ති අනිද්දිට්ඨාපි භගවතා නිද්දිසිතබ්බායො.
10. තත්ථ කතමං වෙවචනං: යා සක්කායදිට්ඨියා අත්තදිට්ඨියා. අයං භූමි, යෙ කිලෙසා පහාතබ්බා, තෙ අප්පහීයන්ති. අනිද්දිට්ඨාපි භගවතා සස්සතදිට්ඨි ච උච්ඡෙදදිට්ඨි ච, සා පරියන්තදිට්ඨි ච, යා අපරියන්තදිට්ඨි ච. සා සස්සතදිට්ඨි ච, යා උච්ඡෙදදිට්ඨි සා නත්ථිකාදිට්ඨි. යා සස්සතදිට්ඨි, සා අකිරියදිට්ඨි, ඉදං වෙවචනං.
11. තත්ථ කතමා පඤ්ඤත්ති: තණ්හා සංයොජනපඤ්ඤත්තියා පඤ්ඤත්තා, මග්ගො පටිලාභපඤ්ඤත්තියා පඤ්ඤත්තො. ඉන්ද්රියා පටිලාභපඤ්ඤත්තියා පඤ්ඤත්තාති.
12. තත්ථ කතමො ඔතරණො: සක්කායො දුක්ඛං දස්සනා පහාතබ්බො{1}. සමුදයො මග්ගො ඉන්ද්රියානි තානි ච නිද්දිට්ඨානි ඛන්ධධාතුආයතනෙසු.
13. තත්ථ කතමො සොධනො හාරො: යඤ්හි ආරබ්භ භගවතා ඉදං සුත්තං භාසිතං, සො ආරම්භො{2} නිද්දිට්ඨො.
15. තත්ථ කතමො පරික්ඛාරො: නාමරූපස්ස හෙතු පච්චයොපි විඤ්ඤාණං හෙතු බීජං. තෙන අවිජ්ජා ච සඞ්ඛාරා ච පච්චයො. නිවන්තනියො{3} න අපරො පරියායො සබ්බභවො, යෙ ච සබ්බභවස්ස හෙතු පරභණ්ඩපච්චයො, [?] ඉති සම්මාදිට්ඨියා{4} පරතො ච ඝොසො යොනිසො ච මනසිකාරො පච්චයො. යා පඤ්ඤා උප්පාදෙති. එසා හෙතු සම්මාදිට්ඨියා, සම්මාසඞ්කප්පො භවති, යා සම්මාසමාධි. අයං පරික්ඛාරො.
16. තත්ථ කතමො සමාරොපනො: ‘අයමහමස්මී’ති අසමනුපස්සී දුක්ඛතො රොගතො -පෙ- (පන්නරස පදානි.)
7. 7.
“සීලානි භන්තෙ, කිමත්ථියානි කිමානිසංසානි? සීලානි ආනන්ද, අවිප්පටිසාරත්ථානි” යාව විමුත්ති.
තත්ථ දුවිධො අත්ථො: පුරිසත්ථො ච වචනත්ථො ච.
තත්ථ කතමො පුරිසත්ථො: යායං න පච්ඡානුතාපිතා, අයං අවිප්පටිසාරො, අයං පුරිසත්ථො. යථා කොචි බ්රූහයති ඉමමත්ථ මාසෙවති සො භණෙය්ය, ‘කිඤ්ච මමෙත්ථ අධීනං තස්සත්ථාය ඉදං කිරියං ආරභාමී’ති. අයං පුරිසත්ථො.
තත්ථ කතමො වචනත්ථො: සීලානි කායිකං වා වාචසිකං වා සුචරිතං. අවිප්පටිසාරොති තත්ථ සීලස්ස වතස්ස ච භාසො යෙව අනඤ්ඤා සුකතකම්මතා සුචරිතං, අයං අවිප්පටිසාරො. එවං යාව විමුත්තීති එකමෙකස්මිං පදෙ ද්වෙ අත්ථා, පුරිසත්ථො ච වචනත්ථො ච. යථා ඉමම්හි සුත්තෙ එවං සබ්බෙසු සුත්තෙසු. ද්වෙ ද්වෙ අත්ථා. පරමත්ථො{1} උත්තමත්ථො ච.
යං නිබ්බානසච්ඡිකං නිස්සාය යං සකං සච්ඡිකාතබ්බං භවති, සො වුච්චති කත්තබ්බස්ස කතාති{2}. අයං පුන වෙවචනං සම්පජානාති. ඉමිනා නියුත්තත්ථමහිලබ්භන්ති වචනත්ථො.
තත්ථ යං අත්ථං සාවකො අභිකඞ්ඛති, තස්ස යො පටිලාභො, අයං පුරිසත්ථො. යං යං භගවා ධම්මං දෙසෙති, තස්ස තස්ස ධම්මස්ස යා අත්ථවිඤ්ඤත්ති, අයං අත්ථො.
තත්ථ සීලානං අවිප්පටිසාරො අත්ථොපි ආනිසංසොපි. එසො ච ආනිසංසො යං දුග්ගතිං න ගච්ඡති, යථා තං භගවතා.{3}
“එසානිසංසො ධම්මෙ සුචින්නෙ.
න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී” අයං අත්ථො.
යං පුරිසො භාවනාභූමියං සීලානි ආරබ්භ සීලෙන සංයුත්තො හොති, එවං යාව විමුත්ති යථා{4} සීලක්ඛන්ධො.
තත්ථ යො ච අවිප්පටිසාරො අනුසයවසෙන නිද්දිට්ඨො, තං ච සීලං, අයං සීලක්ඛන්ධො. පාමොජ්ජපීතිපස්සද්ධීති ච සමාධින්ද්රියෙන, අයං සමාධික්ඛන්ධො. යං සමාහිතො යථාභූතං පජානාති, අයං පඤ්ඤාක්ඛන්ධො. ඉමෙ තයො ඛන්ධා සීලං සමාධි පඤ්ඤා ච.
තථා සීලං, පරිපූරෙති යං විරියින්ද්රියං තෙන කාරණෙන සො සීලං පරිපූරෙති, අනුප්පන්නස්ස ච අකුසලස්ස අනුප්පාදාය වායමති. උප්පන්නස්ස ච පහානාය අනුප්පන්නස්ස ච කුසලස්ස උප්පාදාය, උප්පන්නස්ස ච කුසලස්ස භිය්යොභාවාය, ඉති විරියින්ද්රියං නිද්දිට්ඨං. තත්ථ යො සමාධික්ඛන්ධො, ඉදං සමාධින්ද්රියං. පඤ්ඤාක්ඛන්ධො පඤ්ඤින්ද්රියං. තං චතුසු සම්මප්පධානෙසු දට්ඨබ්බං. තථා යො අනුප්පන්නස්ස ච අකුසලස්ස අනුප්පාදාය වායමති, ඉදං පඨමං සම්මප්පධානං. යං උප්පන්නස්ස ඉදං දුතියං, චත්තාරි සම්මප්පධානානි චතුසු ඣානෙසු පස්සිතබ්බානි. තථා සීලක්ඛන්ධෙන නෙක්ඛම්මධාතු ච ආදිකා.{5}
තයො ච විතක්කා නෙක්ඛම්මවිතක්කො අබ්යාපාදවිතක්කො අවිහිංසාවිතක්කො ච සාධාරණභූතා යා පියායමානස්ස පාමොජ්ජෙන ඉදං කායිකං සුඛං ආනිතං අනියමීති පෙමෙන? ඉදං දුක්ඛං. යො තත්ථ අවික්ඛෙපො, අයං සමාධි. ඉදං පඤ්චඞ්ගිකං පඨමං ඣානං.
යා{1} චෙතසිකා පස්සද්ධි සවිතක්කං සවිචාරං විරොධානං.{2} යො කිලෙසො ච පරිදාහො, සො පඨමෙ ඣානෙ නිරුද්ධො. තත්ථ{3} යා ච කිලෙසපස්සද්ධි යා ච විතක්කවිචාරානං පස්සද්ධි, උභයෙපි එතෙ ධම්මෙ පස්සද්ධියං.{4} තත්ථ කායස්ස චිත්තස්ස ච සුඛං සුඛායනා, අයං{5} පීතිසුඛිනො පස්සද්ධි, යොපි එකොදිභාවො චිත්තස්ස, තෙන එකොදිභාවෙන යං චිත්තස්ස අජ්ඣත්තං සම්පසාදනං, ඉදං චතුත්ථං ඣානඞ්ගං. ඉති අජ්ඣත්තං ච සම්පසාදො චෙතසො ච එකොදිභාවො පීති ච සුඛං ච, ඉදං දුතියං ඣානං චතුරඞ්ගිකං.
යො පස්සද්ධකායො සුඛං වෙදෙති, තෙන අධිමත්තෙන සුඛෙන ඵරිත්වා{6} සුඛං චෙතසිකං යං, සො පීතිවීතරාගො, එවං තස්ස පීතිවීතරාගතාය උපෙක්ඛං පටිලභති, සො පීතියා ච විරාගා උපෙක්ඛං පටිලභති, සුඛං ච පටිසංවෙදෙති, සති ච සම්මප්පඤ්ඤාය{7} පටිලභති, සචෙ සති එකග්ගතා, ඉදං පඤ්චඞ්ගිකං තතියං ඣානං.
යං සුඛිනො චිත්තං සමාධියති, අයං එකග්ගතාය පරාවිධානො, විධානභාගියා{8} පඨමෙ ඣානෙ අත්ථි චිත්තෙකග්ගතා නො චක්ඛුස්ස වෙදනා, සබ්බං පාරිපූරිං ගච්ඡති. යථා චතුත්ථෙ ඣානෙ තථා යා උපෙක්ඛා පස්සම්භයං සතිසම්පජඤ්ඤං චිත්තෙකග්ගතා ච, ඉදං චතුත්ථං ඣානං.
යථා සමාධි දස්සයිතබ්බො{9} තථා පඤ්ඤින්ද්රියං තං චතුසු අරියසච්චෙසු පස්සිතබ්බං. යං සමාහිතො යථාභූතං පජානාති, සා පජානනා චතුබ්බිධා: අසුභතො අනිච්චතො, දුක්ඛතො අනත්තතො ච, යදාරම්මණං තං දුක්ඛං අරියසච්චං, යං පජානන්තො නිබ්බින්දති විමුච්චති අයං මග්ගො{10} තථා යං කාමාසවස්ස පහානං භවාසවස්ස දිට්ඨාසවස්ස අවිජ්ජාසවස්ස, අයං නිරොධො, අප්පහීනභූමියං ආසවා සමුදයො{11} ඉමානි චත්තාරි අරියසච්චානි යථා පඤ්ඤින්ද්රියං පස්සිතබ්බං යථායං සමාහිතො යථාභූතං පජානාති, අයං දස්සනභූමි, සොතාපත්තිඵලං ච. යථාභූතං පජානන්තො නිබ්බින්දතීති ඉදං තනුකං ච කාමරාගබ්යාපාදං සකදාගාමිඵලං ච. යං නිබ්බින්දති විරජ්ජති, අයං පඨමජ්ඣානභාවනාභූමි ච රාගවිරාගා චෙතොවිමුත්ති අනාගාමිඵලං ච. යං විමුත්ති වුච්චති{12}, අයං අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති අරහත්තං ච.
ඉමෙ අවිප්පටිසාරා ච විරියින්ද්රියං ච චත්තාරො සම්මප්පධානා අවිප්පටිසාරා, තං ච උපරි යාව සමාධි, එවං තෙ චත්තාරි ඣානානි සමාධින්ද්රියං ච, යං සමාහිතො යථාභූතං පජානාති. ඉමෙ චත්තාරො සතිපට්ඨානා සීලපාරිපූරිමුපාදාය චාගසංහිතෙන ච නිබ්බෙධිකානං ච නිමිත්තානං අනාවිලමනා,{1} ඉදං සතින්ද්රියං චත්තාරො සතිපට්ඨානා. යං පුන ඉමාය ධම්මදෙසනාය තීසු ඨානෙසු දිට්ඨොගමනකින්ද්රියං කිලෙසපහානෙන ච සෙක්ඛසීලං, ඉදං සද්ධින්ද්රියං චත්තාරි ච සොතාපත්තියඞ්ගානි ඵලානි. සමාධින්ද්රියානි සොපනියාහාරීනි සබ්බසුත්තෙසු නිද්දිසිතබ්බානි යං ඣානං පටිලභනං විරියගහිතං යෙව ඤාණං පටිස්සරතො, අයං සුතමයී පඤ්ඤා යො සමාධි පුබ්බාපරනිමිත්තාභාසො අනොමගතිතාය යථාකාමො, අයං චින්තාමයී පඤ්ඤා. යං තථා සමාහිතො යථාභූතං පජානාති, අයං භාවනාමයී පඤ්ඤා. අයං සුත්තනිද්දෙසො.
ඉමං සුත්තං නිබ්බෙධභාගියං බුජ්ඣකාරධිකං බුජ්ඣිතබ්බං. යෙහි අඞ්ගෙහි සමන්නාගතා.{2} තං බුජ්ඣිස්සන්ති තස්ස අඞ්ගානි බුජ්ඣිස්සන්ති, තෙන බොජ්ඣඞ්ගා. තථා ආදිතො යාව සීලං වතං චෙතනා කරණීයා, කිස්ස සීලානි පරිපූරෙති.
අනුප්පන්නස්ස ච අකුසලස්ස අනුප්පාදාය උප්පන්නස්ස ච අකුසලස්ස පහානාය අනුප්පන්නස්ස කුසලස්ස උප්පාදාය උප්පන්නස්ස ච කුසලස්ස භිය්යොභාවාය, ඉදං විරියං තස්ස තස්ස බුජ්ඣනකස්ස අඞ්ගන්ති. අයං විරියසම්බොජ්ඣඞ්ගො. ඉමිනා විරියෙන ද්වෙ ධම්මා ආදිතො අවිප්පටිසාරො පාමොජ්ජඤ්ච යා පුන පීති අවිප්පටිසාරපච්චයා පාමොජ්ජපච්චයා, අයං පීතිසම්බොජ්ඣඞ්ගො, යං පීතිමනස්ස කායො පස්සම්භති, අයං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො. තෙන කායිකසුඛමානීතං යං සුඛිනො චිත්තං සමාධියති, අයං සමාධිසම්බොජ්ඣඞ්ගො. යං සමාහිතො යථාභූතං පජානාති අයං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො. යා සීලමුපාදාය පඤ්චන්නං බොජ්ඣඞ්ගානං උපාදායානුලොමතා නිමිත්තායනා පීතිභාගියානං ච විසෙසභාගියානං ච අපිලාපනතාසහගතා හොති, අනවමග්ගො අයං සතිසම්බොජ්ඣඞ්ගො. යං යථාභූතං පජානාති අච්චාරද්ධවිරියං කරොති, උද්ධච්චභූමීති කතා අභිපත්ථිතං පෙසෙති, කොසජ්ජභූමීති ගරහිතො රහිතෙහි අඞ්ගෙහි බුජ්ඣති යං චක්ඛුසමථපථං, සා උපෙක්ඛාති. තෙන සා උපෙක්ඛා තස්ස බොජ්ඣඞ්ගස්ස අඞ්ගන්ති කරිත්වා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගොති වුච්චතෙ, එසො සුත්තනිද්දෙසො.
1. තත්ථ කතමා දෙසනා{3}: අස්මිං සුත්තෙ චත්තාරි අරියසච්චානි දෙසිතානි.
2. තත්ථ කතමො විචයො: “සීලවතො අවිප්පටිසාරො” යාව විමුත්ති, ඉමිස්සාය පුච්ඡාය මිනිකිමත්ථස්සමීති’? ද්වෙ පදානි පුච්ඡා, ද්වෙ පදානි විසජ්ජනානි, ද්වීහි පදෙහි ද්වෙ අභිඤ්ඤා ද්වීහි චෙව පදෙහි විසජ්ජනා, කිං පුච්ඡති, නිබ්බාධිකං කායභූමිං{4}. කම්මස්ස තථා හි පතිට්ඨා ච අසෙක්ඛෙ ධම්මෙ උප්පාදෙති.
3. තත්ථ කතමා යුත්ති: “සීලවතො අවිප්පටිසාරො භවති”, කිං නිච්ඡන්දස්ස ච විරාගො අත්ථි, එසා යුත්ති.
4. තත්ථ කතමං පදට්ඨානං: විරියං{1} විරියින්දියස්ස පදට්ඨානං. සමාධි සමාධින්ද්රියස්ස පදට්ඨානං.
5. තත්ථ කතමො, ලක්ඛණො: සීලක්ඛන්ධෙ වුත්තෙ{2} සබ්බෙ තයො ඛන්ධා වුත්තා භවන්ති සීලම්හි වුත්තෙ සෙසධම්මානං සීලං හෙතු ච පච්චයො ච, තෙ සබ්බෙ ධම්මා වුත්තා හොන්ති, එකම්හි බොධියපක්ඛියධම්මෙ වුත්තෙ සබ්බෙ බොධඞ්ගමනීයා{3} ධම්මා වුත්තා භවන්ති.
6. තත්ථ කතමො චතුබ්යූහො හාරො: ඉමස්මිං{4} සුත්තෙ භගවතො කො අධිප්පායො: යෙ අවිප්පටිසාරෙන ඡන්දිකා තෙ සීලපාරිපූරී භවන්ති, පාමොජ්ජච්ඡන්දා{5} අවිප්පටිසාරී පාරිපූරී. අයං එත්ථ භගවතො අධිප්පායො. -පෙ- අයං චතුබ්යූහො හාරො.
7. තත්ථ කතමො ආවත්තො: ඉදං සුත්තං නිබ්බෙධභාගියං, යො නිබ්බෙධො අයං නිරොධො, යෙන නිබ්බින්දති, සො මග්ගො, යං නිරුජ්ඣති, තං දුක්ඛං, යං නිබ්බෙධගාමිනා මග්ගෙන පහීයති, සො සමුදයො, අයං ආවත්තො.