34. නිරෝධසමාපත්ති ඥානය
කිසෙයින් (ශමථවිදර්‍ශනා යන) බල දෙකින් සමන්‍වාගතවන බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂෝඩශඥානචර්‍ය්‍යායෙන් නව සමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන වෙයි යත්:
ද්වීහි බලෙහි යනු. බල දෙකෙකි: ශමථබල යැ විදර්‍ශනාබල යි.
ශමථබලය කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය වශයෙන් චිත්තෛකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අව්‍යාපාද වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. ආලෝකසංඥා වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අවික්‍ෂේප වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි.
සමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල වෙයි යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෙහි (නීවරණ නිමිති කොට) නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද (ඖදත්‍යසම්ප්‍රයුක්ත) සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි නො වෙවුලා නු යි ශමථබල නමි. මේ ශමථබල යි.
විදර්‍ශනාබල කවරෙ යත්: අනිත්‍යානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. දුඃඛානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. අනාත්මානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිර්වේදානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. විරාගානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිරෝධානුපස්සනාව විදර්‍ශනාබල යැ. පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.
විදර්‍ශනාබලං යනු කවර අරැතෙකින් විදර්‍ශනාබල නම් වෙයි යත්: අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිබ්බිදානුපස්සනායෙන් තෘෂ්ණායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, විරාගානුපස්සනායෙන් රාගයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිරෝධානුපස්සනායෙන් සමුදයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, පටිනිස්ගානුපස්සනායෙන් ආදානයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අවිද්‍යායෙහි ද අවිද්‍යාසහගත ක්ලේශයෙහි ද සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි, නො සැලෙයි, නො වෙවුලා නු යි විදර්‍ශනාබල යි. මේ විදර්‍ශනාබල නම් වේ.
තයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා යනු: කවර තුන් සංස්කාරයන්ගේ සන්හිඳීමෙනැ යත්: ද්විතීයධ්‍යානයට සමවන්හුගේ විතර්‍කවිචාර සඞ්ඛ්‍යාත වාක්සංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්හුගේ ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත කායසංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. සංඥාවේදයිතනිරෝධසමාපත්තියට සමවන්හුගේ සංඥාව ද වේදනාව ද යන චිත්තසංස්කාරයෝ සන්හිඳුනාහු වෙත්. මේ තුන් ආකාරයන්ගේ සන්සිඳීමෙනි.
සොළසහි ඤාණචරියාහි යනු: කවර සොළොස් ඥානචර්‍ය්‍යායෙන යත්: අනිච්චානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, දුක්ඛානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, අනත්තානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිබ්බිදානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විරාගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිරෝධානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, පටිනිස්සග්ගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විවට්ටානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, ස්‍රෝතාපත්තිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හන්මාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හත්ඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි. මේ සොළොස් ඥානචර්‍ය්‍යායෙනි.
නවහි සමාධිචරියාහි යනු: කවර නව සමාධිචර්‍ය්‍යායෙනැ යත්: ප්‍රථමධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ද්විතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, තෘතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, චතුර්‍ත්‍ථධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ආකාසානඤ්චායතනසමාපත්තිය ... විඤ්ඤාණනඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය සමාධිචර්‍ය්‍යා යැ. ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද (සමාධිචර්‍ය්‍යා යි.) මේ නව සමාධිචර්‍ය්‍යායෙනි.
වසී යනු පඤ්චවශීහු යැ: ආවර්‍ජනවශී යැ සමාපජ්ජනවශී යැ අධිෂ්ඨානවශී යැ ව්‍යුත්‍ථානවශී යැ ප්‍රත්‍යවේක්‍ෂණවශී යයි.
ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් ආවර්‍ජන කෙරේ ද මනෝද්වාරාවර්‍ජනයෙහි අවශයෙහි පවත්නා (දන්‍ධායිත) බවෙක් නැත් නු යි ආවජ්ජන වසී නම. ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් සමවදී නම් සමවැදීමෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි සමාපජ්ජනවසී නම. ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් අධිෂ්ඨාන කෙරේ නම් අධිෂ්ඨානයෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි අධිට්ඨානවසී නම. ප්‍රථමධ්‍යානයෙන් යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් නැඟීසිටී නම් නැඟීසිටීමෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි වුට්ඨානවසී නම. ප්‍රථමධ්‍යානයෙන් නැඟී යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ නම් ප්‍රත්‍යවේක්‍ෂායෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි පච්චවෙක්ඛනා වසී නමි.
ද්විතීයධ්‍යානය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය යම් යම් තැනෙකැ කැමැති වේ ද, යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් ආවර්‍ජනා කෙරේ නම් ආවර්‍ජනායෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි ආවජ්ජන වසී නම. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය යම් යම් තැනෙකැ කැමැති වේ ද, යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් සමවදී නම් ... අධිෂ්ඨාන කෙරේ නම් ... නැඟීසිටී නම් ... ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ නම් ප්‍රත්‍යවේක්‍ෂාවෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි පච්චවෙක්ඛන වසී නම. මොහු පඤ්චවශීහු යැ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතාපඤ්ඤා නිරෝධසමාපත්තියා ඤාණං’ යි.
නිරෝධසමාපත්තිඥාන නිර්දේශ යි.
35. පරිනිර්‍වාණ ඥානය
කිසෙයින් සම්‍යග්ඥාන ඇත්තහු ගේ ක්ලේශ - ස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන වෙයි යත්:
මෙ සස්නෙහි සම්‍යග්ඥාන ඇත්තේ නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ (අනුශය වශයෙන්) පැවැත්ම ක්‍ෂය කෙරෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපදායාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ආලෝක සංඥායෙන් ථීනමිද්ධයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ධර්‍මවිනිශ්චයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්‍යාවගේ ... ප්‍රාමෝද්‍යයෙන් අරතියගේ ... ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරේ.
නොහොත් සම්‍යග්ඥාන ඇති අනුපාදිශේෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නහුගේ මේ චක්‍ෂුස්ප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි. අන්‍ය වූ ද චක්‍ෂුස්ප්‍රවෘත්තියෙක් නූපදී. මේ ශ්‍රෝත්‍රප්‍රවෘත්තිය ද ... ඝ්‍රාණප්‍රවෘත්තිය ... ජීහ්වාප්‍රවෘත්තිය ... කායප්‍රවෘත්තිය ... මනඃප්‍රවෘත්තිය ක්‍ෂය වෙයි. අන්‍ය වූ ද මනඃප්‍රවෘත්තියෙක් නූපදී. මේ සම්‍යග්ඥාන ඇත්තහුගේ ක්ලේශස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන නම් වේ.
ඒ පරිනිර්‍වාණඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං’යි.
පරිනිර්‍වාණඥානනිර්දේශ යි.
36. සමශීර්‍ෂාර්‍ත්‍ථ ඥානය
කිසෙයින් සියලු ත්‍රෛභූමකධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවැත නො ඉපදීමෙහි ද ප්‍රඥාව සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන වෙයි යත්:
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්‍මයෝ යැ අකුශලධර්‍මයෝ යැ අව්‍යාකෘතධර්‍මයෝ යැ කාමාවචරධර්‍මයෝ යැ රූපාවචරධර්‍මයෝ යැ අරූපාවචරධර්‍මයෝ යැ අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
සම්මාසමුච්ඡේදෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මොනොවට සිඳියි. ආලෝකසංඥායෙන් ස්ත්‍යානමිද්ධය මොනොවට සිඳියි. අවික්‍ෂෙපයෙන් ඹෟද්ධත්‍යය මොනොවට සිඳියි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව (තදඞ්ගවශයෙන්) මොනොවට සිඳියි. (මාර්‍ග) ඥානයෙන් අවිද්‍යාව (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳියි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය මොනොවට සිඳියි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු ක්ලේශයන් (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳී.
නිරොධෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය නිරුද්ධ කෙරෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය නිරුද්ධ කෙරෙයි. ආලෝකසංඥායෙන් ස්ත්‍යානමිද්ධය නිරුද්ධ කෙරෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය නිරුද්ධ කෙරෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි. ඥානයෙන් අවිද්‍යාව නිරුද්ධ කෙරෙයි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන් නිරුද්ධ කෙරේ.
අනුපට්ඨනතා යනු: නෛෂ්ක්‍රම්‍යය ලද්දහුට කාමච්ඡන්‍දය නූපදියි. අව්‍යාපාදය ලද්දහුට ව්‍යාපාදය නූපදියි. ආලෝකසංඥාව ලද්දහුට ස්ත්‍යානමිද්ධය නූපදියි. අවික්‍ෂේපය ලද්දහුට ඹෟදත්‍යය නූපදියි. ධර්‍මනිශ්චය ලද්දහුට විචිකිත්සාව නූපදියි. ඥානය ලද්දහුට අවිද්‍යාව නූපදියි. ප්‍රාමෝද්‍යය ලද්දහුට අරතිය නූපදියි. ප්‍රථමධ්‍යානය ලද්දහුට නීවරණයෝ නූපදිති ... අර්‍හන්මාර්‍ගය ලද්දහුට සියලු ක්ලේශයෝ නූපදිත්.
සමං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යය සම යැ ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය සම යැ ස්ත්‍යානමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥාව සම යැ ඹෟද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපය සම යැ විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චය සම යැ අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානය සම යැ අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යය සම යැ නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානය සම යැ ... සියලු කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගය සම යි.
සීසං යනු: තෙළෙස් ශීර්‍ෂ කෙනෙක් වෙති: තෘෂ්ණාව පරිබෝධශීර්‍ෂ ද මානය විනිබන්‍ධශීර්‍ෂ ද දෘෂ්ටිය පරාමර්‍ශශීර්‍ෂ ද ඹෟද්ධත්‍යය වික්‍ෂේපශීර්‍ෂ ද අවිද්‍යාව ක්ලේශශීර්‍ෂ ද ශ්‍රද්ධාව අධිමොක්‍ෂශීර්‍ෂ ද වීර්‍ය්‍යය ප්‍රග්‍රහශීර්‍ෂ ද ස්මෘතිය උපස්ථානශීර්‍ෂ ද සමාධිය අවික්‍ෂේපශීර්‍ෂ ද ප්‍රඥාව දර්‍ශනශීර්‍ෂ ද ජීවිතින්‍ද්‍රිය ප්‍රවෘත්තිශීර්‍ෂ ද විමෝක්‍ෂය ගෝචරශීර්‍ෂ ද නිරෝධය සංස්කාරශීර්‍ෂ ද වේ.
ඒ සමශීර්‍ෂඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සබ්බධම්මානං සම්මාසමුච්ඡේදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං’ යි.
සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන නිර්දේශ යි.
37. සංලේඛාර්‍ත්‍ථ ඥානය
කිසෙයින් පෘථග්රාගාදීන් ද නානාස්වභාව වූ කාමච්ඡන්‍දාදීන් ද ඒකස්වභාව වූ නෛෂ්ක්‍රම්‍යාදීන් ද තේජස් සඞ්ඛ්‍යාත දුශ්ශීල්‍යාදීන් ද ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව සංලේඛාර්‍ත්‍ථඥාන වෙයි යත්:
පුථු යනු: රාගය (ලොකොත්තරයෙන්) අසම්මිශ්‍ර යැ ද්වේෂය අසම්මිශ්‍ර යැ මෝහය අසම්මිශ්‍ර යැ ක්‍රෝධය ... බද්ධවෛරය ... ගුණමකු බව ... යුගග්‍රාහය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සඨ බව ... සිත ඉදිමුණු බව ... කරණොත්තරියකරණය ... මානය ... අතිමානය ... මදය ... ප්‍රමාදය ... සියලු ක්ලේශයෝ ... සියලු ... දුශ්චරිතයෝ ... සියලු අභිසංස්කාරයෝ ... සියලු භවගාමීකර්‍මයෝ අසම්මිශ්‍රයෝ යි.
නානත්තේකත්තං යනු: කාමච්ඡන්‍දය නානාස්වභාව යැ නෛෂ්ක්‍රම්‍යය ඒකස්වභාව ය ව්‍යාපාදය නානාස්වභාව යැ අව්‍යාපාදය ඒකස්වභාව යැ ස්ත්‍යානමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ ඖද්ධත්‍යය නානාස්වභාව යැ අවික්‍ෂේපය ඒකස්වභාව යැ විචිකිත්සාව නානාස්වභාව යැ ධර්‍මනිශ්චය ඒකස්වභාව යැ අවිද්‍යාව නානාස්වභාව යැ ඥානය ඒකස්වභාව යැ අරතිය නානාස්වභාව යැ ප්‍රාමෝද්‍යය ඒකස්වභාව යැ නීවරණයෝ නානාස්වභාව යැ ප්‍රථමධ්‍යානය ඒකස්වභාව යැ ... සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්‍හන්මාර්‍ගය ඒකස්වභාව යි.
තේජෝ යනු: තේජස් පසෙකි. ශීල සඞ්ඛ්‍යාත චරණතේජස යැ සමාධි සඞ්ඛ්‍යාත ගුණතෙජස යැ විදර්‍ශනා සඞ්ඛ්‍යාත ප්‍රඥාතේජස යැ ආර්‍ය්‍යමාර්‍ගකුශල සඞ්ඛ්‍යාත පුණ්‍යතේජස යැ බුද්ධවචනසඞ්ඛ්‍යාත ධර්‍මතේජස යි. ශීලතෙජසින් තියුණු කළ බැවින් දුශ්ශීල සඞ්ඛ්‍යාත තේජස ක්‍ෂය කෙරෙයි. සමාධිතේජසින් තියුණු කළ බැවින් වික්‍ෂේප සඞ්ඛ්‍යාත අගුණතෙජස ක්‍ෂය කෙරෙයි. විදර්‍ශනාතේජසින් තියුණු කළ බැවින් මොහතෙජස ක්‍ෂය කෙරෙයි. ආර්‍ය්‍යමාර්‍ගකුශලතේජසින් තියුණු කළ බැවින් අකුශලකර්‍මතෙජස ක්‍ෂය කෙරෙයි. ධර්‍මතේජසින් තියුණු කළ බැවින් නානාතීර්‍ත්‍ථකසමයවචන සඞ්ඛ්‍යාත අධර්‍මතේජස ක්‍ෂය කෙරේ.
සල්ලෙඛො යනු: කාමච්ඡන්‍දය අසල්ලේඛ යැ නෛෂ්ක්‍රම්‍යය සල්ලේඛ යැ ව්‍යාපාදය අසල්ලේඛ යැ අව්‍යාපාදය සල්ලේඛ යැ ස්ත්‍යානමිද්ධය අසල්ලේඛ යැ ආලෝකසංඥාව සල්ලේඛ යැ ඹෟදත්‍යය අසල්ලේඛ යැ අවික්‍ෂේපය සල්ලේඛ යැ විචිකිත්සාව අසල්ලේඛ යැ ධර්‍මනිශ්චය සල්ලේඛ යැ අවිද්‍යාව අසල්ලේඛ යැ ඥානය සල්ලේඛ යැ අරතිය අසල්ලේඛ යැ ප්‍රාමෝද්‍යය සල්ලේඛ යැ නීවරණයෝ අසල්ලේඛ යැ ප්‍රථමධ්‍යානය සල්ලේඛ යැ සියලු ක්ලේශයෝ අසල්ලේඛ යැ අර්‍හන්මාර්‍ගය සල්ලේඛ යි.
ඒ සල්ලේඛඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පුථුනානත්තේකත්තතේජපරියාදානේ පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං’ යි.
සංලේඛාර්‍ත්‍ථඥානනිර්දේශ යි.
38. වීර්‍ය්‍යාරම්භ ඥානය
කිසෙයින් නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන වෙයි යත්:
නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් ලාමක අකුශලධර්‍මයන් දුරුකරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කුශලධර්‍මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ.
නූපන් කාමච්ඡන්‍දය නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කාමච්ඡන්‍දය දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් නෛෂ්ක්‍රම්‍යය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් නෛෂ්ක්‍රම්‍යය සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් සියලු කෙලෙසුන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් සියලු කෙලෙසුන් දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් අර්‍හන්මාර්‍ගය (ස්ථිතික්‍ෂණයෙහි) සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යි.
ඒ වීර්‍ය්‍යාරම්භඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං’ යි.
වීර්‍ය්‍යාරම්භඥාන නිර්දේශ යි.
39. අර්‍ත්‍ථසන්‍දර්‍ශන ඥානය
කිසෙයින් නානාධර්‍මයන් ප්‍රකාශ කරන ප්‍රඥාව අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥාන වෙයි යත්:
නානාධම්මා යනු: පඤ්චස්කන්‍ධයෝ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්‍මයෝ යැ අකුශලධර්‍මයෝ යැ අව්‍යාකෘත ධර්‍මයෝ යැ කාමාවචරධර්‍මයෝ යැ රූපාවචරධර්‍මයෝ යැ අරූපාවචරධර්‍මයෝ යැ අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
පකාසන්තා යනු: රූපය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය අනාත්ම විසින් ප්‍රකාශ කෙරෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස … ජරාමරණය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය අනාත්ම විසින් ප්‍රකාශ කෙරේ.
අත්‍ථසන්‍දස්සනෙ යනු: කාමච්ඡන්‍දය දුරු කරවනුයේ නෛෂ්ක්‍රමාර්‍ත්‍ථය (ශ්‍රෝතෲන්ට) මොනොවට දක්වයි. ව්‍යාපාදය දුරු කරවනුයේ අව්‍යාපාදාර්‍ත්‍ථය මොනොවට දක්වයි. ස්ත්‍යානමිද්ධය දුරු කරවනුයේ ආලෝකසංඥාර්‍ත්‍ථය මොනොවට දක්වයි. ඖද්ධත්‍යය දුරු කරවනුයේ දුරු අවික්‍ෂේපාර්‍ත්‍ථය මොනොවට දක්වයි. විචිකිත්සාව දුරු කරවනුයේ ධර්‍මනිශ්චයාර්‍ත්‍ථය මොනොවට දක්වයි. අවිද්‍යාව දුරු කරවනුයේ ඥානාර්‍ත්‍ථය මොනොවට දක්වයි. අරතිය දුරු කරවනුයේ ප්‍රාමෝද්‍යාර්‍ත්‍ථය මොනොවට දක්වයි. නීවරණයන් දුරු කරවනුයේ ප්‍රථමධ්‍යානාර්‍ත්‍ථය මොනොවට දක්වයි. … සියලු කෙලෙසුන් දුරු කරවනුයේ අර්‍හන්මාර්‍ගාර්‍ත්‍ථය මොනොවට දක්වයි.
ඒ අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානාධම්මපකාසනතා පඤ්ඤා අත්‍ථසන්‍දස්සනෙ ඤාණං’ යි.
අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥානනිර්දේශ යි.
40. දර්‍ශනවිශුද්ධි ඥානය
කිසෙයින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයන් ගේ ඒකසඞ්ග්‍රහත්‍ව ය ද කාමච්ඡන්‍දාදීන්ගේ නානාත්‍වය ද නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්‍වය ද ප්‍රතිවේධ කිරීමෙහි ප්‍රඥාව දර්‍ශනවිශුද්ධි ඥාන වෙයි යත්:
සබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධයෝ යැ ... අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
එකසඞ්ගහතා යනු: දොළොස් අයුරෙකින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ ඒකසඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ: විද්‍යමානස්වභාවයෙනැ අනාත්මස්වභාවයෙනැ සත්‍යස්වභාවයෙනැ ප්‍රතිවේධ කළයුතු ස්වභාවයෙනැ අභිජානනස්වභාවයෙනැ පරිජානනස්වභාවයෙනැ (ස්වභාවධාරණාදි) ධර්‍මාර්‍ත්‍ථයෙනැ (නිජ්ජීවතාදි) ධාතුස්වභාවයෙනැ දතහැකි ස්වභාවයෙනැ සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවයෙනැ ස්පර්‍ශ කළයුතු ස්වභාවයෙනැ අභිසමයස්වභාවයෙනි. මේ දොළෙස් අයුරින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ එක සඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ.
නානත්තේකත්තං යනු: කාමච්‍ඡන්‍දය නානාත්‍ව යැ නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍ව යැ ... සියලු ක්ලේශයෝ නානාත්‍ව යැ රහත්මඟ ඒකත්‍ව යි.
පරිවේධේ යනු: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරේ.
දස්සනවිසුද්ධි යනු: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි (ඥාන) දර්‍ශනය විශුද්ධ වෙයි. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි ඥානදර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. සකෘදාගාමිඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. අනාගාමීඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. අර්‍හත්ඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වේ.
ඒ දර්‍ශනවිශුද්ධිඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි ‘සබ්බධම්මානං ඒකසඞ්ගහතානානත්තේකත්තපටිවේධේ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං’ යී.
දර්‍ශනවිශුද්ධිඥානනිර්දේශ යි.
41. ක්‍ෂාන්ති ඥානය
කිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන්) විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන වෙයි යත්:
රූපය අනිත්‍ය විසින් (අනිත්‍යානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය දුඃඛ විසින් (දුඃඛානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය අනාත්ම විසින් (අනාත්මානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. යම් රූපයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ (රූපය අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වෙයි. වේදනාව ... සංඥාව - සංස්කාරයෝ - විඥානය - චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය විසින් දන්නාලද යැ. ජරාමරණය දුඃඛ විසින් දන්නාලද යැ. ජරාමරණය අනාත්ම විසින් දන්නාලද යැ. යම් යම් ජරාමරණයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ ජරාමරණය (අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විදිත්තා පඤ්ඤා ඛන්තිඤාණං’ යි.
ක්‍ෂාන්තිඥානනිර්දේශ යි.
42. පර්‍ය්‍යවගාහණ ඥානය
කිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන් ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යාවගාහණඥාන වෙයි යත්:
රූපය අනිත්‍යවශයෙන් (විදර්‍ශනාඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කෙරෙයි. රූපය දුඃඛවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. රූපය අනාත්මවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. යම් යම් රූපයක් (අනිත්‍යාදිවශයෙන්) ස්පර්‍ශ කෙරේ ද ඒ ඒ රූපයට (අනිත්‍යාදිවශයෙන්) පිවිසේ නු යි ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යවගාහණ ඥාන නම් වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ඵුට්ඨත්තා පඤ්ඤා පරියෝගාහනෙ ඤාණං’යි.
පර්‍ය්‍යවගාහණඥානනිර්දේශ යි.
43. ප්‍රදෙශවිහාර ඥානය
කිසෙයින් (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වූ වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥානය වෙයි යත්:
මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්ප සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි ... මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාවිමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි: ලෝභප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. ලෝභය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාව සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වේ.
ඉදින් ඡන්‍දය (ලෝභය) ද සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව අව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව ද ව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. නො පත් රහත්ඵලයට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙක් ඇති, එ (රහත්ඵලයට) කරුණු වූ ආර්‍ය්‍යමාර්‍ගය පැමිණි කල්හි එකරුණෙනුදු වේදයිතය වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සමෝදහනෙ පඤ්ඤා පදෙසවිහාරේ ඤාණං’යී.
ප්‍රදේශවිහාරඥානනිර්දේශ යි.
44-49. විවර්‍තඥානෂට්කය
(44. සඤ්ඤාවිවර්‍තඥනය)
කිසෙයින් (නෛෂ්ක්‍රම්‍යාදිය) අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන වෙයි යත්:
නෛෂ්ක්‍රම්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන කාමච්ඡන්‍දයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අව්‍යාපාදය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ව්‍යාපාදයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ආලෝකසංඥාව අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ථිනමිද්ධයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අවික්‍ෂේපය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ඖද්ධත්‍යයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ධර්‍මනිශ්චය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන විචිකිත්සායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ඥානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අවිද්‍යායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රාමෝද්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අරතියෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රථමධ්‍යානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන නීවරණයන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ... අර්‍හන්මාර්‍ගය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන සියලු කෙලෙසුන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං’යි.
(45. චේතෝවිවර්‍තඥානය)
කිසෙයින් නානා ස්වභාවයෙහි පැවැති ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි යත්:
කාමච්ඡන්‍දය නානාස්වභාවය යැ නෛෂ්ක්‍රම්‍ය එක ස්වභාව යැ (කාමච්ඡන්‍දයෙහි ආදීනව දැක්මෙන්) නෛෂ්ක්‍රම්‍යයාගේ ඒකස්වභාවය සිතන්නහුට (නෛෂ්ක්‍රම්‍යක්‍ෂණයෙහි) කාමච්ඡන්‍දයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි. ව්‍යාපාදය නානාස්වභාව යැ අව්‍යාපාදය එක ස්වභාව යැ (ව්‍යාපාදයාගේ ආදීනව දැක්මෙන්) අව්‍යාපාදයාගේ ඒකත්‍වය සිතන්නහුට ව්‍යාපාදයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. ථිනමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ (ථිනමිද්ධයාගේ ආදීනව දැක්මෙන්) ආලෝකසංඥාවගේ ඒකත්‍වය සිතන්නහුට ථීනමිද්ධයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්‍හන්මාර්‍ගයාගේ ඒකස්වභාව යැ (සියලු කෙලෙසුන්ගේ ආදීනව දැක්මෙන්) අර්‍හන්මාර්‍ගයාගේ ඒකත්‍වය සිතන්නහුට සියලු කෙලෙසුන් කෙරෙන් සිත පරාවර්‍තනය වේ නුයි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානත්තේ පඤ්ඤා චේතෝවිවට්ටෙ ඤාණං’යි.
(46. චිත්තවිවර්‍තඥානය)
කිසෙයින් (නෛෂ්ක්‍රම්‍යාදි වශයෙන්) සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන වෙයි යත්:
කාමච්ඡන්‍ද දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන යැ. ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදයාගේ වශයෙන් සිත පිහිටා සිටීනු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන යැ ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තන ඥාන යැ. ... සියලු කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තඥාන යි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං’යි.
(47. ඥානවිවර්‍තඥානය)
කිසෙයින් ශුන්‍යත (අනාත්මානුදර්‍ශන) ප්‍රඥාව ඥානවිවර්‍තනඥාන වෙයි යත්:
චක්‍ෂුස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාමස්වභාව හෙයින් හෝ ශූන්‍ය යැ යි යථාස්වභාවයෙන් දන්නාහට දක්නාහට චක්‍ෂුසෙහි බැසගැනීමෙන් ඥානය පෙරැළේ නු යි ශුන්‍යත ප්‍රඥාව ඥානවිවර්‍තඥාන වෙයි. ශ්‍රෝතය ශූන්‍ය යැ ඝ්‍රාණය ශූන්‍ය යැ ... ජීහ්වාව ශූන්‍ය යැ ... කය ශූන්‍ය යැ ... මනස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාමධර්‍ම හෙයින් හෝ ශූන්‍ය යැ යි යථාස්වභාවයෙන් දන්නාහට දක්නාහට මනසෙහි බැසැගැනීමෙන් ඥානය පෙරළේ නු යි ශූන්‍යතප්‍රඥාව ඥානවිවර්‍තඥාන වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං’යි.
(48. විමොක‍්‍ෂවිවර්‍තඥානය)
කිසෙයින් (කාමච්ඡන්‍දාදිය) දුරැලීමෙහි පැවැති ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි යත්:
නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය හැරපියා නු යි. හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ආලෝකසංඥායෙන් ථිනමිද්ධය හැරපියා නු යි. හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන් හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වේ.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘වොස්ග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං’යි.
(49. සත්‍යවිවර්‍තඥානය)
කිසෙයින් (චතුස්සත්‍යයාගේ) අවිපරීතස්වභාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි යත්: