6. උදයව්‍යය ඥානය
කිසෙයින් වර්‍තමාන ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යයානුදර්‍ශනඥාන වෙයි යත්:
(සන්තතිවශයෙන්) උපන් රූපය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ රූපයාගේ නිර්‍වෘත්තිලක්‍ණය (අභිනිවාකාරය) උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. පුනපුනා නුවණින් බැලීම උදයව්‍යඥාන යි.
උපන් වේදනාව ... උපන් සංඥාව ... උපන් සංස්කාරයෝ ... උපන් විඥානය ... උපන් චක්‍ෂුස ... උපන් භවය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ භවයාගේ නිර්‍වෘත්තිලක්‍ෂණය උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. අනුපස්සනාව උදයව්‍යඥාන යි.
පඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද උදයව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකි ද යත්:
පඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. උදයව්‍යය දකිනුයේ පනස් ලක්‍ෂණයන් දකී.
රූපස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍ය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, යත්:
රූපස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී. වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී.
රූපස්කන්‍ධයාගේ උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්, අවිද්‍යාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. තෘෂ්ණාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය (ඉපැදීම) දකී. කර්‍මසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. ආහාරසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) උත්පාදලක්‍ෂණය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ඉපැදීම දකී. රූපස්කන්‍ධයාගේ උදය දක්නේ මේ ලක්‍ෂණ පස දකී.
ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යානිරෝධයෙන් රූපනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයනිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මයාගේ නිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ආහාරනිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) භඞ්ගය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ව්‍යය දකී. රූපස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
වේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ කවර ලක්‍ෂණ පසක් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් වේදනාවගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. කර්‍මසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. ස්පර්‍ශයාගේ සමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ උදය දකී. වේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධයෙන් වේදනාවගේ නිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධභාවයෙන් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විපරිණාමලක්‍ෂණය (වේදනාභඞ්ගය) දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකී. වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ ... උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් විඥානයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. කර්‍මසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යය සමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. නාමරූපසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකී. විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකි.
ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාවගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානයාගේ ව්‍යය (නැසීම) දකියි. තෘෂ්ණානිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මනිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විපරිණාමලක්‍ෂණය දක්නේ ද විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විඥානස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ මේ පස්විසි ලක්‍ෂණයන් දකියි. ව්‍යය දක්නේ මේ පස්විසි ලක්‍ෂණයන් දකියි. උදයව්‍යය දක්නේ මේ පනස් ලක්‍ෂණයන් දකී.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං’යි.
රූපස්කන්‍ධය ආහාරසමුදය කොට ඇත්තේ යැ. වේදනා යැ සංඥා යැ සංස්කාරයෝ යැ යන තුන් ස්කන්‍ධයෝ ස්පර්‍ශසමුදය කොට ඇත්තාහ. විඥානස්කන්‍ධය නාමරූපසමුදය කොට ඇත්තේ යි.
උදයව්‍යඥාන නිර්දේශ යි.
7. භඞ්ගානුදර්‍ශන ඥානය
කිසෙයින් රූපාස්කන්‍ධාදි ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට භඞ්ගානුදර්‍ශනයෙහි ප්‍රඥාව විදර්‍ශනාඥාන වෙයි යත්:
රූපය අරමුණු කොට සිත ඉපැද බිඳෙයි. ඒ අරමුණ ප්‍රත්‍යවේක්‍ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය (අපරචිත්තයෙන්) පුනපුනා දකියි.
අනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්‍ය හෙයින් පුනපුනා දකියි, නිත්‍ය හෙයින් නො දකී. දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි. සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි, දුරු කෙරෙයි, ග්‍රහණය නො කෙරේ.
අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් දක්නේ ආත්මසංඥාව දුරලයි. උකටලී වනුයේ සප්‍රීතිකතෘෂ්ණාව දුරලයි. නො ඇලෙනුයේ රාගය (ශේෂතෘෂ්ණාව) දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ (ඉපදීම් වශයෙන් කෙලෙසුන්ගේ) ආදානය දුරලයි.
වේදනාව අරමුණු කොට ඇති ... සංඥාව අරමුණු කොට ඇති … සංස්කාරයන් අරමුණු කොට ඇති … විඥානය අරමුණු කොට ඇති ... චක්‍ෂුස ... ජරාමරණ අරමුණු කොට ඇති සිත ඉපැද බිඳෙයි. ඒ ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය පුනපුනා දකී.
අනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්‍ය හෙයින් දකියි, නිත්‍ය හෙයින් නො දකී, දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි, සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. දුරලයි. ආදානය කෙරේ.
අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්මසංඥාව දුරලයි. උත්කණ්ඨිත වනුයේ සප්‍රීතිකතෘෂ්ණාව දුරලයි. විරක්ත වනුයේ රාගය දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ ආදානය දුරලයි.
1. පූර්‍වවස්තුවෙන් අපරවස්තුවකට සඞ්ක්‍රමණය ද (උදයව්‍යවිදර්‍ශනා වශයෙන් පවත්නා විදර්‍ශනා) සංඥාවගේ (ව්‍යග්‍රහණවශයෙන් උදයෙන්) විනිවර්‍තයන ද (භඞ්ගාරම්මණ වූ චිත්තායගේ භඞ්ගය දැකීම පිණිස අනතුරු වැ මැ) ආවර්‍ජනයෙහි සමර්‍ත්‍ථ බව ද යන (මෝ තොමෝ) පටිසඞ්කාවිපස්සනා (භඞ්ගානුපස්සනා) නමු.
2. ආලම්බනය අනුවැ යෑමෙන් අතීතානාගත දෙදෙනාගේ ඒකස්වභාවයෙන් නිශ්චය කිරීම ද (භඞ්ග සඞ්ඛ්‍යාත වූ) නිරෝධයෙහි මැ අධිමුක්ත බව ද යන (මෝ තොමෝ) ව්‍යයලක්‍ෂණවිදර්‍ශනා නමු.
3. පූර්‍ව වූ ආලම්බනය ද ප්‍රත්‍යවේක්‍ෂා කොට (තදාලම්බනචිත්තයාගේ) භඞ්ගයත් දකී ද, (සංස්කාරයන්) ශූන්‍ය හෙයින් වැටහීම ද යන මෝ තොමෝ අධිප්‍රඥාවිදර්‍ශනා නමු.
4. (අනිත්‍යානුදර්‍ශනාදි) තුන් අනුපස්සනායෙහි දක්‍ෂ වූ යෝගාවචර මහණ තෙම (නිබ්බිදානුපස්සනාදි) සතර අනුපස්සනායෙහි ද (ක්‍ෂය-ව්‍යය ශුන්‍යතා යන) ත්‍රිවිධ උපස්ථානයෙහි (වැටහීමෙහි ද) දක්‍ෂ බැවින් (ශාශ්වතාදි) නානාප්‍රකාර දෘෂ්ටීන් හි නො සැලේ යයි.
ඒ භඞ්ගානුදර්‍ශනය ඥාත බැවින් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං’යි.
භඞ්ගානුදර්‍ශනඥානනිර්දේශ යි.
8. ආදීනව ඥානය
කිසෙයින් උත්පාදාදීන් භයවශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන වෙයි යත්:
(පූර්‍වකර්‍මප්‍ර‍්‍යයෙන් මෙහි) ඉපැදීම (අක්‍ෂේම හෙයින් ද භය වස්තු හෙයින් ද) භය යැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමැ. (උපන්හුගේ) පැවැත්ම භයැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමැ. හැම සංස්කාර නිමිත්ත භයැයි … (අනාගතප්‍රතිසන්‍ධියට හේතු වූ) කර්‍මය භයැ යි ... ආයතිප්‍රතිසන්‍ධි භයැ යි ... ගතිය භයැ යි ... ස්කන්‍ධයන්ගේ පහළ වීම භයැ යි ... (විපාකප්‍රවෘත්ති සඞ්ඛ්‍යාත) උපප්‍රාප්තිය භයැ යි ... (භවප්‍රත්‍යයෙන් වූ) ජාතිය භයැ යි ... (ස්කන්‍ධසන්තානයගේ පුරාණභාව සඞ්ඛ්‍යාත ජරාව භයැ යි ... ව්‍යාධිය භයැයි ... මරණය භයැ යි ... (චිත්තසන්තාප සඞ්ඛ්‍යාත) ශෝකය භයැයි ... (වාක්ප්‍රලාප සඞ්ඛ්‍යාත) පරිදේවය භයැ යි, දැඩි ආයාසය භයැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමි.
අනුත්පාද (නිවන) (නිර්‍භයභාවයෙන්) ක්‍ෂේම යැ යි (සංස්කාරෝපශම වූ) අමෘතපදයෙහි ඥාන යැ. (සංස්කාරයන්ගේ) අප්‍රවෘත්තිය (නිවන) ක්‍ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය ක්‍ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
උත්පත්තිය භය යැ, අනුත්පාදය ක්‍ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ. ප්‍රවෘත්තිය භය යැ, අප්‍රවෘත්තිය ක්‍ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය භය යැ, අනුපායාසය ක්‍ෂේම යැ යි අමෘත පදයෙහි ඥාන යි.
උත්පත්තිය දුකැ යි භය හෙයින් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥාන යැ. ප්‍රවෘත්තිය දුක යැ භය හෙයින් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය දුකැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.
අනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය දුක් යැ. අනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ, ප්‍රවෘත්තිය දුක් යැ, අප්‍රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය දුක් යැ, අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.
අනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය සාමිෂ යැ, අනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ, අප්‍රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය සාමිෂ යැ, අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.
උත්පාදය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.
අනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
උත්පාදය සංස්කාරයහ, අනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ, ප්‍රවෘත්තිය සංස්කාරයහ, අප්‍රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... උපායාසය සංස්කාරයහ, අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
1. උත්පත්තිය ද ප්‍රවෘත්තිය ද නිමිත්ත ද ආයූහනය ද ප්‍රතිසන්‍ධිය ද දුක යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ආදීනවඥාන යැ.
2. අනුත්පාදය ද අප්‍රවෘත්තිය ද අනිමිත්ත ද අනායූහනය ද අප්‍රතිසන්‍ධිය ද සුව යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ශාන්තිපදයෙහි ඥාන යැ
3. මේ ආදීනවඥානය (උත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. අමෘතපදයෙහි ඥානය (අනුත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. (යම් යෝගාවචර මහණෙක්) මේ දශඥානයන් දනී ද (ආදීනවඥාන ශාන්තිපඥාන යන) ඥානද්වයයාගේ නිපුණ බව හේතු කොට ගෙන ශාශ්වතාදි විවිධ දෘෂ්ටීන්හි නො සැලේ යයි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං’යි
ආදීනවඥානනිර්දේශ යි.
9. මුඤ්චිතුකම්‍යතා ඥානය
කිසෙයින් මුඤ්චිතුකම්‍යතා යැ ප්‍රත්‍යවේක්‍ෂා යැ අධ්‍යුපේක්‍ෂා යැ යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන වෙයි යත්:
උත්පත්තිය මුදනු කැමැති බව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ප්‍රවෘත්තිය මුදනු කැමැතිබව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. (සංස්කාර) නිමිත්ත මුදනු කැමැති බව ... කර්‍මායූහනය මුදනු කැමැතිබව ... ප්‍රතිසන්‍ධිය මුදනු කැමැතිබව ... ගතිය මුදනු කැමැති බව ... (ස්කන්‍ධයන්ගේ) පහළවීම මුදනු කැමැති බව ... විපාකප්‍රවෘත්තිය මුදනු කැමැතිබව ... ජාතිය මුදනු කැමැති බව ... ජරාව මුදනු කැමැති බව ... ව්‍යාධිය මුදනු කැමැති බව ... මරණය මුදනු කැමැති බව ... ශෝකය මුදනු කැමැති බව ... පරිදේවය මුදනු කැමැති බව ... උපායාසය මුදනු කැමැති බව’ ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමි.
උත්පාදය දුකැ යි මුදනු කැමති බව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂා ව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ප්‍රවෘත්තිය දුකැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ... උපායාසය දුකැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමි.
උත්පාදය භයැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය භය යැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය භය යැ යි මුදනු කැමැතිබව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.
උත්පාදය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂා අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.
උත්පාදය සංස්කාරහ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ යි මුඤ්චිතුකුම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය සංස්කාරහ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂා අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.
උත්පාදය සංස්කාරයහ. ඒ සංස්කාරයන් වෙසෙසින් උපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමැ. යම් සංස්කාර කෙනෙක් වෙත් ද යම් උපේක්‍ෂාවකුත් වේ ද තුලුහු දෙදෙන මැ සංස්කාරයෝ යැ. ඒ සංස්කාරයන් වෙසෙසින් උපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමැ.
ප්‍රවෘත්තිය සංස්කාරයහ ... (සංස්කාර) නිමිත්ත සංස්කාරයහ ... කර්‍මායූහනය සංස්කාරයහ ... ප්‍රතිසන්‍ධිය සංස්කාරයහ ... ගතිය සංස්කාරයහ ... නිර්‍වෘත්තිය සංස්කාරයහ ... උපප්‍රාප්තිය සංස්කාරයහ ... ජාතිය සංස්කාරයහ ... ජරාව සංස්කාරයහ ... ව්‍යාධිය සංස්කාරයහ ... මරණය සංස්කාරයහ ... ශෝකය සංස්කාරයහ ... පරිදේවය සංස්කාරයහ ... උපායාසය සංස්කාරයහ. ඒ සංස්කාරයන් අධ්‍යුපේක්‍ෂා කෙරේ නු යි, සංස්කාරෝපෙක්‍ෂා නමැ. යම් සංස්කාර කෙනෙක් වෙත් ද යම් අපේක්‍ෂාවකුත් වේ ද තුලුහු දෙදෙන මැ සංස්කාරයෝ යැ. ඒ සංස්කාරයන් අධ්‍යුපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමි.
කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය (සංස්කාරෝපෙක්‍ෂායෙහි අභිමුඛ කොට අතිශයින් එළැවීම) වෙයි යත්: අට අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි.
පෘථග්ජනයාහට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද, ශෛක්‍ෂයාහට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද, රහත්හට හට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද යත්:
පෘථග්ජනයාහට දෙඅයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි. ශෛක්‍ෂයාහට තුන්අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි. රහත්හට තුන් අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.
පෘථග්ජනයාහට කවර දෙඅයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාවට සතුටු හෝ වෙයි. විදර්‍ශනා හෝ කෙරෙයි. පෘථග්ජනයාහට මේ දෙඅයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි.
ශෛක්‍ෂයාහට කවර තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: ශෛක්‍ෂ තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව අභිනන්‍දනය හො කෙරෙයි. විදර්‍ශනා හෝ කෙරෙයි. (අනිත්‍යාදි විසින්) ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමාපත්තියට හෝ සමවදියි. ශෛක්‍ෂයාහට මේ තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.
රහත්හට කවර තුන් අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: රහත් තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව විදර්‍ශනා හෝ කෙරෙයි. (අනිත්‍යාදි විසින්) ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදියි. ඒ සංස්කාරෝපෙක්‍ෂාව (තාදෘශ වූ අන්‍ය විදර්‍ශනාඥානයෙකින්) අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යතවිහාරයෙන් හෝ අනිමිත්තවිහාරයෙන් හෝ අප්‍රණිහිත විහාරයෙන් හෝ වෙසෙයි. රහත්හට මේ තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.
කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය එකෙක් වෙයි යත්: සංස්කාරෝපෙක්‍ෂාවට සප්‍රීතිකතෘෂ්ණාව උපදවන පෘථග්ජනයාගේ සිත කෙලෙසෙයි. (ප්‍රතිලබ්ධ) විදර්‍ශනාභාවනාවට උපද්‍රව වෙයි. ප්‍රතිවේධයට අන්තරාය වෙයි. අනාගතයෙහි සුගතිප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙයි. සංස්කාරෝපෙක්‍ෂාවට සප්‍රීතික තෘෂ්ණාව උපදවන ශෛක්‍ෂයාගේ ද සිත කෙලෙසෙයි. භාවනාවට උපද්‍රව වෙයි. මත්තෙහි (සත්‍ය) ප්‍රතිවේධයට අන්තරාය වෙයි. අනාගත ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වේ මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය අභිනන්‍දනභාවයෙන් එකෙක් වේ.
කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය එකෙක් වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙමේත් සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද දුඃඛ හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරෙයි. රහත් තෙමේ ද සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද දුඃඛ හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරේ. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය (අනිත්‍යාදි හෙයින්) අනුපස්සනභාවයෙන් එකෙක් වේ.
කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජනයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කුශල වෙයි. ශෛක්‍ෂයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කුශල වෙයි. රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂාව අව්‍යාකෘත වේ. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය කුශලාව්‍යාකෘත භාවයෙන් නානාත්‍ව වේ.
කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජනයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කිසි කලෙක (විදර්‍ශනාකාලයෙහි) මොනොවට දන්නා ලද වෙයි. කිසි කලෙක (අභිනන්‍දන කාලයෙහි) සුවිදිත නො වෙයි. ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂාව කිසි කලෙක සුවිදිත වෙයි. කිසි කලෙක සුවිදිත නො වෙයි. රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂාව ඒකාන්තයෙන් සුවිදිත වෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය විදිතභාවයෙන් ද අවිදිතභාවයෙන් ද නානාත්‍ව වේ.
කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව අතෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙමේත් සංස්කාරෝපෙක්‍ෂාව අතෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. රහත් තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව තෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය තෘප්ත බැවින් ද අතෘප්ත බැවින් ද නානාත්‍ව වේ.
කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබනු පිණිස විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙම සංස්කාරෝපෙක්‍ෂාව තුන් සංයෝජනයන් ප්‍රහීණ බැවින් මතුමත්තෙහි මාර්‍ග ප්‍රතිලාභය පිණිස විදර්‍ශනා කෙරෙයි. වීතරාග තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් ඉහාත්මසුඛවිහරණ පිණිස විදර්‍ශනා කෙරෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය ප්‍රහීණ බැවින් ද නානාත්‍ව වේ.
කිසෙයින් ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: ශෛක්‍ෂ තෙම සංස්කාරෝපෙක්‍ෂාව අභිනන්‍දනය (සප්‍රීතිකතෘෂ්ණාව) හෝ කෙරෙයි, විදර්‍ශනා හෝ කෙරෙයි. ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදී. වීතරාග තෙම සංස්කාරෝපෙක්‍ෂාව විදර්‍ශනා හෝ කෙරෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදී. ඒ සංස්කාරෝපෙක්‍ෂාව අධ්‍යුපේක්‍ෂා කොට ශූන්‍යතවිහාරයෙන් හෝ අනිමිත්තවිහාරයෙන් හෝ අප්‍රණිහිතවිහාරයෙන් හෝ වාසය කෙරෙයි. මෙසෙයින් ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය විහාරසමාපත්තිභාවයෙන් නානාත්‍ව වේ.
කෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ සමාධි වශයෙන් උපදිත් ද, කෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: සංස්කාරෝපෙක්‍ෂාවෝ අට දෙනෙක් සමාධිවශයෙන් උපදිත්. සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත්.
කවර සංස්කාරෝපෙක්‍ෂාවෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත් ද යත්: ප්‍රථමධ්‍යානප්‍රතිලාභය සඳහා පඤ්චනීවරණයන් (ප්‍රභාතතව්‍යභාවයෙන්) නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව (නීවරණ සඞ්ඛ්‍යාත) සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ ද්විතීයධ්‍යාන ප්‍රතිලාභය සඳහා විතර්‍කවිචාරයන් නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. තෘතීයධ්‍යාන ප්‍රතිලාභය සඳහා ප්‍රීතිය නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ, චතුර්‍ත්‍ථධ්‍යාන ප්‍රතිලාභය සඳහා සුඛදුඃඛයන් නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. ආකාසානඤ්චායතනසමාපත්ති ප්‍රතිලාභය සඳහා රූසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. විඤ්ඤාණඤ්චයාතනසමාපත්තිප්‍රතිලාභය සඳහා ආකාසානඤ්චායතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. අකිඤ්චඤ්ඤායතනසමාපත්තිප්‍රතිලාභය සඳහා විඤ්ඤාණඤ්චයාතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිප්‍රතිලාභය සඳහා ආකිඤ්චඤ්ඤායාතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපේක්‍ෂාඥාන යි මේ සංස්කාරෝපෙක්‍ෂාවෝ අටදෙන ශමථවශයෙන් උපදිත්.
කවර සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: සෝවන්මාර්‍ගය ලැබීම පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත කර්‍මායූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය ප්‍රත්‍යවේක්‍ෂාව කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යැ. සෝවන් ඵලසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත කර්‍මායූහනය ප්‍රතිසන්‍ධිය ... ප්‍රත්‍යවේක්‍ෂාව කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යැ. සෙදගැමි මාර්‍ගය ලැබීම පිණිස ... සෙදගැමි ඵලසමවත පිණිස ... අනගැමි මාර්‍ගය ලැබීම පිණිස ... අනගැමි ඵලසමවත පිණිස ... රහත්මඟ ලැබීම පිණිස ... රහත් ඵලසමවත පිණිස ... ශූන්‍යතවිහාරසම්පත්තිය පිණිස ... අනිමිත්තවිහාරසම්පත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය ප්‍රත්‍යවේක්‍ෂා කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යි. මේ සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙන විදර්‍ශනාවශයෙන් උපදිත්.
කෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද යත්: සංස්කාරෝපෙක්‍ෂාවෝ තිදෙනෙක් අව්‍යාකෘතයෝ යැ. අකුශල වූ සංස්කාරෝපෙක්‍ෂායෙක් නැති.
1. යම් ( සංස්කාරොපෙක්‍ෂාධර්‍මයෙකින් විතර්‍කවිචාරාදියෙන්) සිත අපගම වේ ද ඒ පටිසඞ්ඛා සන්තිට්ඨානා (සංස්කාරෝපෙක්‍ෂා) ප්‍රඥාවෝ (ශමථ වශයෙන්) චිත්තගෝචර වූවාහු අටදෙනෙක් වෙති. පෘථග්ජනයාහට (ශමථවිදර්‍ශනාසමාපත්ති වශයෙන්) තිදෙනෙක් ගෝචර වෙති. රහත්හට (අප්‍රණිහිත, ශුන්‍යත, ඵලසමාපත්ති වශයෙන්) තිදෙනෙක් ගෝචර වෙත්.
2. ශමථ වශයෙන් කියන ලද අටදෙන අර්‍පණාසමාධියට ප්‍රත්‍යය වෙති. විදර්‍ශනාවශයෙන් කියන ලද දසදෙන මාර්‍ගඥානයට ඵලඥානයට ද ගෝචර වෙති. මේ අටළොස් සංස්කාරෝපෙක්‍ෂාඥානයෝ (ශූන්‍යතාදි) ත්‍රිවිධ විමෝක්‍ෂයන්ට (උපනිශ්‍රයප්‍රත්‍යයෙන්) ප්‍රත්‍යය වෙත්.
3. මේ අටළොස් වැදෑරුම් වූ ප්‍රඥාවෝ යම් යෝගාචරවරයක්හු විසින් පුරුදු කරන ලද්දාහු ද (හෙතෙම) සංස්කාරෝපෙක්‍ෂාඥානයෙහි නිපුණ වූයේ (ශාශ්වතාදි) නානාදෘෂ්ටියෙහි නො සැලේ යයි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: ‘පටිසඞ්ඛාසන්තිට්ඨානා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං’ යි.
සංස්කාරෝපෙක්‍ෂාඥාන නිර්දේශ යි.
10. ගෝත්‍රභූ ඥානය
කිසෙයින් බාහ්‍ය වූ සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන වෙයි යත්:
උත්පාදය ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ආයූහනය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ගතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජාතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජරාව ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධිය ඉක්මවා නු යිගොත්‍රභූ නමැ. මරණය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ශෝකය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපායාසය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාර නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමි.
අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ, අප්‍රවෘත්තිය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදය ඉක්මවා අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා අනිමිත්තට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. කර්‍මායූහනයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘතියෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවයෙන් නැඟීසිටි නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාරනිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමි.
අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යී ගෝත්‍රභූ නමැ. අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් නැඟී අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟී අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟී අනිමිත්තයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ආයූනාහයෙන් නැඟී අනායූහනයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියෙන් නැඟී අප්‍රතිසන්‍ධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟී අගතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. තිර්‍වෘතියෙන් නැඟී අනිර්‍වෘතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟී අනුපප්‍රාප්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟී අජාතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී අජරාවට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟී අව්‍යාධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟී අමරණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟී අශෝකයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟී අනුපායාසයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ වාහ්‍යසංස්කාර නිමිත්තෙන් නැඟී නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ.
අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
උත්පාදයෙන් අපගත වැ අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වැ අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වැ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ ශමථවශයෙන් උපදිත් ද: කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත්. ගොත්‍රභූධර්‍මයෝ දසදෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත්.
කවර ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත් ද යත්: ප්‍රථමධ්‍යානය ලබනු පිණිස නීවරණයන් ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ යැ. ද්විතීයධ්‍යානය ලබනු පිණිස විතර්‍කවිචාරයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. තෘතීයධ්‍යානය ලබනු පිණිස ප්‍රීතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. චතුර්‍ත්‍ථධ්‍යානය ලබනු පිණිස සුඛදුඃඛයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. විඤ්ඤාණඤ්චායතනය සමාපත්තිය ලබනු පිණිස ආකාසානඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය විඤ්ඤාණඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය ආකිඤ්චඤ්ඤායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. මේ ගොත්‍රභූධර්‍මයෝ අටදෙන ශමථ වශයෙන් උපදිත්.
කවර ගොත්‍රභූධර්‍මයෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගප්‍රතිලාභය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයුහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. ස්‍රොතාපත්තිඵලසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයුහනය ප්‍රතිසන්‍ධිය ... ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. සකෘදාගාමිමාර්‍ගප්‍රතිලාභය පිණිස ... සකෘදාගාමිඵලසමාපත්තිය පිණිස ... අනාගාමීමාර්‍ගප්‍රතිලාභය පිණිස ... අනාගාමීඵලසමාපත්තිය පිණිස ... අර්‍හන්මාර්‍ගප්‍රතිලාභය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. අර්‍හත්ඵලසමාපත්තිය පිණිස ... ශුන්‍යතවිහාර සමාපත්තිය පිණිස ... අනිමිත්තවිහාරසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ... ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. මේ ගොත්‍රභූධර්‍මයෝ දසදෙන විදර්‍ශනාවශයෙන් උපදිත්.
කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ කුශලයෝ ද කෙතෙක් අකුශලයෝ ද කෙතෙක් අව්‍යාකෘතයෝ ද යත්: ගොත්‍රභූධර්‍මයෝ පසළොස්දෙනෙක් කුශලයෝ යැ. ගොත්‍රභූධර්‍මයෝ තිදෙනෙක් අව්‍යාකෘතයෝ යැ. ගොත්‍රභූධර්‍මයෝ අකුශල වූවාහු නැති යි.