Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 401-500 න් 2879

එහි ‘සම්‍යක්කර්‍මාන්ත’ කවරෙ යත්: ප්‍රාණඝාතයෙන් වෙන්වීම යැ අදත්තාදානයෙන් වෙන්වීම යැ කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීම යි. මේ ‘සම්‍යක්කර්‍මාන්ත’ යයි කියනු ලැබේ.
එහි ‘සම්‍යගාජීව’ කවරෙ යත්: මෙ ලොවැ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මිථ්‍යාආජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි, මේ ‘සම්‍යගාජීව’ යයි කියනු ලැබේ.
එහි ‘සම්‍යග්ව්‍යායාම’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක වූ අකුශලධර්‍මයන්ගේ නො ඉපැදීම පිණිස වීර්‍ය්‍යච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත දැඩි කොට ගනී, ප්‍රධන්වීර්‍ය්‍යය පවත්වයි, උපන් ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ (නැවත නැවත ඉපදීම්වශයෙන්) ස්ථිතිය පිණිස අවිනාශය පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස වීර්‍ය්‍යච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොට පිහිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මේ ‘සම්‍යග්ව්‍යායාම’ යයි කියනු ලැබේ.
එහි ‘සම්‍යක් ස්මෘති’ කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම රූපකායයෙහි කෙලෙසුන් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යය දුරු කොට කය අනුව බලමින් වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලමින් ... චිත්තයෙහි සිත අනුව බලමින් ... ස්කන්‍ධාදි ධර්‍මයන්හි කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ඇත්තේ සම්‍යග්ඥානයෙන් යුක්ත වූයේ ස්මෘතිමත් වූයේ සකන්‍ධාදිධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යය දුරු කොට ධර්‍මයන් අනුව බලමින් වෙසේ. මේ ‘සම්‍යක්ස්මෘති’ යයි කියනු ලැබේ.
එහි ‘සම්‍යක් සමාධි’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම කාමච්ඡන්‍දයෙන් වෙන් වැ මැ ශේෂනීවරණ සඞ්ඛ්‍යාත අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වු සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි, ස්මෘතිමත් වූයේ ද සම්‍යග්ඥාන ඇත්තේ නාමකයින් සුවය ද විඳියි, යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ඒ ධ්‍යානසමඞ්ගී පුද්ගලයා උපේක්‍ෂා ඇත්තේ යැ ස්මෘතිමත් වූයේ යැ සුඛවිහරණ ඇත්තේ යැ යි ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන් කායිකදුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් දුක් නො වූ සුව නොවූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ ‘සම්‍යක්සමාධි’ යයි කියනු ලැබේ. මේ ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය’ යයි කියනු ලැබේ.
මග්ගසච්චනිද්දේස යි.
ඒ සෝතාවධාන ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි. “ඉදං දුක්ඛං අරියසච්චං ඉදං දුක්ඛසමුදයො අරියසච්චං ඉදං දුක්ඛනිරෝධො අරියසච්චං ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං යනු සෝතාවධාන යි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමය ඥාන “යි.
මෙසේ සොතාවධානයෙහි ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.
චතුසච්චනිද්දේස යි.
ශ්‍රැතමයඥාන නිර්දේශ යි.
2. සීලමය ඥානය
කිසෙයින් ශ්‍රවණය කොට (ශ්‍රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්‍රඥාව ශීලමයඥාන වෙයි යත්:
ශීලයෝ පස්දෙනෙක් වෙති: පර්‍ය්‍යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, අපර්‍ය්‍යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, පරිපූර්‍ණ බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, දෘෂ්ටිපරාමර්‍ශ රහිත බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, සියලු දරථයන් සන්හිඳීමෙන් පරිශුද්ධභාවය ඇති ශීල යි.
එහි පර්‍ය්‍යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: අනුපසපන් වූ පර්‍ය්‍යන්ත ශික්‍ෂාපද ඇතියන්ගේ මේ ශීලය පර්‍ය්‍යන්තපාරිශුද්ධශීල නමැ.
අපර්‍ය්‍යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: උපසපන් වූ අපර්‍ය්‍යන්ත ශික්‍ෂාපද ඇතියන්ගේ මේ ශීලය අපර්‍ය්‍යන්තපාරිශුද්ධිශීල නමැ.
පරිපූර්‍ණපාරිශුද්ධිශීලය කවරෙ යත්: කල්‍යාණපෘථග්ජන වූ විදර්‍ශනා කුශලධර්‍මයෙහි යුක්තප්‍රයුක්ත වූ ශෛක්‍ෂධර්‍මයන් පර්‍ය්‍යන්ත කොට ඇති ධර්‍මයෙහි කිසි ශික්‍ෂාවකුදු නො හැර පුරන්නා වූ කයෙහි දු ජීවිතයෙහි දු නිරපේක්‍ෂ වූ (එහෙයින් මැ ශීලපරිපූරණ පිණිස) පරිත්‍යක්ත වූ ජීවිත ඇතියන්ගේ මේ ශීලය පරිපූර්‍ණපාරිශුද්ධිශීල නමැ.
අපරාමෘෂ්ටපාරිශුද්ධිශීලය කවරෙ යත්: සප්ත ශෛක්‍ෂයන්ගේ මේ ශීලය අපරාමෘෂ්ටපාරිශුද්ධිශීල නමැ.
ප්‍රතිප්‍රශ්‍රද්ධිපාරිශුද්ධිශීලය කවරෙ යත්: තථාගතශ්‍රාවක වූ ක්‍ෂීණාස්‍රවයන්ගේ ද ප්‍රත්‍යෙකබුද්ධයන්ගේ ද තථාගත වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයන්ගේ ද මේ ශීලය ප්‍රතිප්‍රශ්‍රද්ධිපාරිශුද්ධිශීල නමි.
පර්‍ය්‍යයන්ත වූ ශීලයෙක් ඇත. අපර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇති.
එහි ඒ පර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: ලාභපර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇත. යශස් (පිරිවර) පර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇත. ඥාතිපර්‍ය්‍යන්තශීලයෙක් ඇත. අඞ්ගපර්‍ය්‍යන්තශීලයෙක් ඇත. ජීවිතපර්‍ය්‍යන්තශීලයෙක් ඇති.
ඒ ලාභපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ලාභපර්‍ය්‍යන්තශීල යයි.
ඒ යශස්පර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්‍රත්‍යයෙන් යශස්කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ යශස්පර්‍ය්‍යන්තශීල යයි.
ඒ ඥාතිපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්‍රත්‍යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ඥාතිපර්‍ය්‍යන්තශීල යයි.
ඒ අඞ්ගපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්‍රත්‍යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ අඞ්ගපර්‍ය්‍යන්තශීලය යි.
ඒ ජීවිතපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිතහේතුයෙන් ජීවිතප්‍රත්‍යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ජීවිතපර්‍ය්‍යන්තශීලය යි.
මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු සබල (කබර) වූවාහු කල්මාෂ (කැලැල්) වූවාහු දාසව්‍යයෙන් නො මිදුණාහු විඥයන් විසින් නො පසස්නා ලද්දාහු (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) පරාමෘෂ්ට වූවාහු සමාධිය පිණිස නො පවත්නාහු අවිප්‍රතිසාරයට කරුණු නො වූවාහු ප්‍රාමෝද්‍යයට කරුණු නො වූවාහු ප්‍රීතියට වස්තු නො වූවාහු (කායචිත්ත) ප්‍රශ්‍රබ්ධියට වස්තු නො වූවාහු සුඛයට වස්තු නො වූවාහු (උපචාර අර්‍පණ) සමාධියට වස්තු නො වූවාහු යථාභූතඥානදර්‍ශනයට වස්තු නො වූවාහු ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නාහු ය. මේ ඒ පර්‍ය්‍යන්තශීලය යි.
එහි ඒ අපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: ලාභපර්‍ය්‍යයන්ත නොවූ ශීලයෙක් ඇත. යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. ජීවිතපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇති.
ඒ ලාභපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ලාභපර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.
ඒ යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්‍රත්‍යයෙන් යශස් කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මෙ ඒ යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.
ඒ ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්‍රත්‍යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.
ඒ අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්‍රත්‍යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීල යි.
ඒ ජිවිතපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිත හේතුයෙන් ජීවිතප්‍රත්‍යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ජීවිතපර්‍ය්‍යන්ත නො වූ ශීල යි.
මෙබඳු වූ ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද්‍ර වූවාහු අශබල වූවාහු අකල්මාෂ වූවාහු අදාස වූවාහු විඥයන් විසින් ප්‍රශස්ත වූවාහු (තෘෂ්ණාදෘෂ්ටීන්) පරාමෘෂ්ට නො වූවාහු (උපචාරඅර්‍පණ) සමාධිය පිණිස පවත්නාහු විප්‍රතිසාරයට වස්තු නො වූවාහු ප්‍රාමෝද්‍යයට වස්තු වූවාහු ප්‍රීතියට වස්තු වූවාහු ප්‍රශ්‍රබ්ධියට වස්තු වූවාහු (කායික චෛතසික) සුඛයට වස්තු වූවාහු සමාධියට වස්තු වූවාහු යථාභූතඥානදර්‍ශනයට වස්තු වූවාහු ඒකාන්තයෙන් (වර්‍තයෙහි) නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නාහු යැ.
(ස්වරූප විසින්) සිල් නම් කිම, ශීලයෝ කෙතෙක් වූවාහු ද, ශීලය කුමක් සමුත්‍ථාන කොට ඇත්තේ ද, ශීලය කෙතෙක් ධර්‍මයන්ගේ සමවාය ඇත්තේ ද යත්:
ශීල නම් කිමැ යත්: චේතනාසීල යැ චේතසික සීල යැ සංවරසීල යැ අවීතික්කම සීල යි.
ශීලයෝ කෙතෙක් ද යත්: ශීලයෝ තිදෙනෙක් වෙති: කුශලශීල යැ අකුශලශීල යැ අව්‍යාකෘතශීල යි.
ශීලය කුමක් සමුත්‍ථාන කොට ඇත්තේ ද යත්: කුශලශීලය කුශල චිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යැ. අකුශලශීලය අකුශලචිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යැ. අව්‍යෘකෘතශීලය අව්‍යෘකෘතචිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යි.
ශීලය කෙතෙක් ධර්‍මයන්ගේ සමවාය ඇත්තේ ද යත්: ශීලය සංවරය හා සමවාය ඇත්තේ යැ. ශීලය අව්‍යතික්‍රමය සමවාය කොට ඇත්තේ යැ. ශීලය සංවර අව්‍යතික්‍රමභාවයෙහි උපන් චේතනා සමවාය කොට ඇත්තේ යි.
ප්‍රාණවධය වැළකීම් අර්‍ත්‍ථයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අදත්තාදානය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. කාමමිථ්‍යාචාරය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. මෘෂාවාදය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ශූන්‍යවචනය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. පරුෂවචනය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ප්‍රලාප බස් වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අභිධ්‍යා වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ව්‍යාපාද වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. මිථ්‍යාදෘෂ්ටි වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යි.
නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ආලෝකසංඥායෙන් ථීනමිද්ධය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් උද්ධතභාවය ... ධර්‍මනිශ්චයයෙන් විචිකිත්සාව ... ඥානයෙන් අවිද්‍යාව ... ප්‍රාමෝද්‍යයෙන් අරතිය ...
ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් ... ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් ... තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය ... චතුර්‍ත්‍වධ්‍යානයෙන් සුඛදුඃඛය ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානත්‍වසංඥාව ... විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාව … ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥාව ... නේවසංඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාව ...
අනිත්‍යානුදර්‍ශනායෙන් නිත්‍යසංඥාව ... දුඃඛානුදර්‍ශනායෙන් සුඛසංඥාව ... අනාත්මානුදර්‍ශනායෙන් ආත්මසංඥාව ... නිර්වේදානුදර්‍ශනායෙන් නන්‍දිය ... විරාගානුදර්‍ශනායෙන් රාගය ... නිරෝධානුදර්‍ශනායෙන් සමුදය ... ප්‍රතිනිඃසර්‍ගානුදර්‍ශනායෙන් ආදානය ... ක්‍ෂයානුදර්‍ශනායෙන් ඝනසංඥාව ... ව්‍යානුදර්‍ශනායෙන් කර්‍මායූහනය … විපරිණාමානුදර්‍ශනායෙන් ධ්‍රැවසංඥාව ... අනිමිත්තානුදර්‍ශනායෙන් නිමිති ... අප්‍රණිහිතානුදර්‍ශනායෙන් ප්‍රණිධිය ... ශූන්‍යතානුදර්‍ශනායෙන් අභිනිවේශය ... අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනායෙන් ආත්මය සාර කොට ගන්නා අභිනිවේශය ... යථාභූතඥානදර්‍ශනායෙන් සම්මෝහාභිනිවේශය ... ආදිනවානුදර්‍ශනායෙන් ආලයාභිනිවේශය ... පටිසංඛානුපස්සනායෙන් අප්පටිසංඛාව ... විවර්‍තානුදර්‍ශනායෙන් සංයෝගාභනිවේශය ...
ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් දෘෂ්ටිය හා සමග එක් වැ සිටි ක්ලේශයන් ... සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරිකක්ලේශයන් ... අනාගාමීමාර්‍ගයෙන් අණුසහගත ක්ලේශයන් ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු ක්ලේශයන් වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යි.
ශීලයෝ පස්දෙනෙකි: ප්‍රාණවධයාගේ ප්‍රහාණය ශීල යැ. (ප්‍රාණවධයෙන්) වෙන්වීම ශීල යැ ( ප්‍රාණවධයට ප්‍රතිපක්‍ෂ වූ) චේතනාව ශීල යැ (ප්‍රාණවධයෙන්) වැළකීම ශීල යැ (ප්‍රාණවධයාගේ) අව්‍යතික්‍රමය ශීල යි. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසර බව පිණිස පවතිත් ප්‍රාමෝද්‍යය පිණිස පවතිත්, ප්‍රීතිය පිණිස පවතිත්, සන්හිඳීම පිණිස පවතිත්, සොම්නස පිණිස පවතිත්, ආසෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බහුල කිරීම පිණිස පවතිත්, අලඞ්කාරය පිණිස පවතිත්, පරිෂ්කාරය පිණිස පවතිත්, පරිවාරය පිණිස පවතිත්, පරිපූර්‍ණභාවය පිණිස පවතිත්, ඒකාන්තයෙන් නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.
මෙබඳු ශීලයන්ගේ සංවර සංඛ්‍යාත පාරිශුද්ධිය අධිශීල වෙයි. සංවරපාරිශූද්ධියෙහි සිටි චිත්තය වික්‍ෂේපයට නො යෙයි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිචිත්ත වෙයි. සංවරපාරිශුද්ධිය මොනොවට දකී, අවික්‍ෂේපපාරිශුද්ධිය මොනොවට දකී, (ඔහුගේ) දර්‍ශන සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිප්‍රඥා වෙයි. එහි යම් සංවරභාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා නමු. එහි යම් අවික්‍ෂේපභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා නමු. එහි යම් එහි යම් දර්‍ශනභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා නමු.
මේ තුන් ශික්‍ෂාවන් (එකක් එකක්) ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි. (ආවර්‍ජනා කොට) දනිමින් හික්මෙයි. (දැන පුනපුනා) බලමින් හික්මෙයි. (දැක) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි. (ප්‍රත්‍යවේක්‍ෂා කොට) සිත නිසල කොට පිහිටුවමින් හික්මෙයි. ශ්‍රද්ධායෙන් බැසගනිමින් හික්මෙයි. වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි. සිහි එළවා තබමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ප්‍රඥායෙන් දනිමින් හික්මෙයි. ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය වෙසෙසින් දනිමින් හික්මෙයි. සාමාන්‍යලක්‍ෂණාවබොධවශයෙන් දතයුතු ධර්‍මජාතය හාත්පසින් දනිමින් හික්මෙයි. ප්‍රහාතව්‍යය දුරු කෙරෙමින් හික්මෙයි. වැඩියයුත්ත වඩමින් හික්මෙයි. ප්‍රත්‍යක්‍ෂ කටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙයි.
ශීලයෝ පස්දෙනෙකි: අදත්තාදානයාගේ ... කාමමිථ්‍යාචාරයාගේ ... මෘෂාවාදයාගේ ... පිශුනවචනයාගේ … පරුෂවචනයාගේ ... ප්‍රලාපයාගේ ... අභිධ්‍යාවගේ ... ව්‍යාපාදයාගේ ... මිථ්‍යාදෘෂ්ටිහුගේ ...
නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ ... අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ... අලෝකසංඥායෙන් ථීනමිද්ධයාගේ ... අවික්‍ෂෙපයෙන් උද්ධතභාවයාගේ ... ධර්‍මනිශ්චයයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්‍යාවගේ ... ප්‍රාමෝද්‍යයෙන් අරතියගේ ...
ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ... ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන්ගේ ... තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියගේ ... චතුර්‍ත්‍වධ්‍යානයෙන් සුඛදුඃඛයන්ගේ ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ... ප්‍රතිඝසංඥායෙන් නානාත්‍වසංඥාවගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනය සංඥාවගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්ඤචඤ්ඤායතන සංඥාවගේ ...
අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාවගේ ... දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥාවගේ ... අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාවගේ ... නිබ්බිදානුපස්සනායෙන් නන්‍දිය (තෘෂ්ණාව) ගේ ... විරාගානුපස්සනායෙන් රාගයාගේ ... නිරෝධානුපස්සනායෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයාගේ ... ඛයානුපස්සනායෙන් ඝනසංඥාවගේ ... වයානුපස්සනායෙන් කර්‍මායූහනයාගේ ... විපරිණාමානුපස්සනායෙන් ධ්‍රැවසංඥාවගේ ... අනිමිත්තානුපස්සනායෙන් (නිත්‍ය) නිමිත්තයාගේ ... අප්පණිහිතානුපස්සනායෙන් ප්‍රණිධිහු (සුඛප්‍රාර්‍ත්‍ථනාව) ගේ ... සුඤ්ඤතානුපස්සනායෙන් ආත්මාභිනිවේශයාගේ ... අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් ආත්මසාරාභිනිවේශයාගේ ... යථාභූතඤාණදස්සනයෙන් සම්මූඪාභිනිවේශයාගේ ... ආදීනවානුපස්සනායෙන් ආලයාභිනිවේශයාගේ ... පටිසඞ්ඛානුපස්සනායෙන් අනුපායග්‍රහණයාගේ ... විවට්ටානුපස්සනායෙන් සංයෝගාභිනිවේශයාගේ ...
සොවන්මඟින් දෘෂ්ටිය හා සමග එක් වැ සිටි ක්ලේශයන්ගේ ... සෙදැගැමි මඟින් ඖදාරික ක්ලේශයන්ගේ ... අනගැමිමඟින් අණුසහගත ක්ලේශයන්ගේ ... රහත් මඟින් සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණය ශීල වෙයි. විරතිය ශීල වෙයි. චේතනාව ශීල වෙයි. සංවරය ශීල වෙයි. අව්‍යතික්‍රමය ශීල වේ. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසරයට වැටෙති, ප්‍රමෝදභාවයට වැටෙති, ප්‍රීතියට වැටෙති, සන්හිඳීමට වැටෙති, සොම්නසට වැටෙති, ආසෙවනයට වැටෙති, භාවනාවට වැටෙති, බහුල කිරීමට වැටෙති, අලඞ්කාරයට වැටෙති, පරිෂ්කාරයට වැටෙති, පිරිවරට වැටෙති, පිරිපුන් බවට වැටෙති, එකත්නෙන් නිර්වේදයට විරාගයට නිරෝධයට උපශමයට අභිඥාවට සම්බෝධයට නිර්‍වාණයට වැටෙත්.
මෙබඳු ශීලයන්ගේ සංවර සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිශීල නමැ. පරිශුද්ධභාවයෙහි සිටි චිත්තය වික්‍ෂේපයට නො යෙයි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිචිත්ත නමැ. සංවරපාරිශුද්ධිය මොනොවට දකියි. අවික්‍ෂේපපාරිශුද්ධිය මොනොවට දකියි. දර්‍ශන සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිප්‍රඥා නමු. එහි යම් සංවර බවෙක් වේ ද මේ අධිශීල ශික්‍ෂා නමු. එහි යම් අවික්‍ෂේප බවෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා නමු. එහි යම් දර්‍ශනාර්‍ත්‍වයෙක් වේ ද මෙ අධිප්‍රඥා ශික්‍ෂා නමු.
මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි. දනිමින් හික්මෙයි. බලමින් හික්මෙයි. ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි. සිත නිසල කොට පිහිටුවමින් හික්මෙයි. ශ්‍රද්ධායෙන් බැසගනිමින් හික්මෙයි. වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි. සිහි එළවා තබමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ප්‍රඥායෙන් දනිමින් හික්මෙයි. ස්වලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය වෙසෙසින් දැනගනිමින් හික්මෙයි. සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය හාත්පසින් දනිමින් හික්මෙයි. ප්‍රහාතව්‍ය ප්‍රහාණය කෙරෙමින් හික්මෙයි. භාවිතව්‍යය භාවනා කෙරෙමින් හික්මෙයි. සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මෙයි.
එය ඥාතාර්‍ත්‍වයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍වයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සුත්‍වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං’යි
ශීලමයඥානනිර්දේශ යි.
3. සමාධිභාවනාමය ඥානය
කිසෙයින් (ශීලයෙන්) සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්‍රඥාව සමාධිභාවනාමයඥාන වෙයි යත්:
එක් සමාධියෙක් වෙයි: චිත්තෛකාග්‍රතා යි.
සමාධීහු දෙදෙනෙක් වෙති: ලෞකිකසමාධි යැ ලෝකෝත්තරසමාධි යි.
සමාධීහු තිදෙනෙක් වෙති: සවිතර්‍කසවිචාරසමාධි යැ. අවිතර්‍කසවිචාරමාත්‍රසමාධි යැ. අවිතර්‍කඅවිචාරසමාධි යි.
සමාධීහු සතරදෙනෙක් වෙති: හානභාගියසමාධි යැ ස්ථිතිභාගියසමාධි යැ විශේෂභාගියසමාධි යැ නිර්වේදභාගියසමාධි යි.
සමාධීහු පස්දෙනෙක් වෙති: ප්‍රීතියගේ පැතිරීම ඇති සමාධි යැ සුඛයාගේ පැතිරීම ඇති සමාධි යැ උපේක්‍ෂාවගේ පැතිරීම ඇති සමාධි යැ අලෝකසංඥාවගේ පැතිරීම ඇති සමාධි යැ ප්‍රත්‍යවේක්‍ෂානිමිත්ත ඇති සමාධි යි.
සමාධීහු සදෙනෙකි: බුද්‍ධානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ධර්‍මානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. සංඝානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ශීලානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ත්‍යාගානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. දේවතානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ.
සමාධීහු සත්දෙනෙක් වෙති: සමාධියෙහි කුශල බව යැ සමාධියට සමවැදීමෙහි කුශල බව යැ සමාධිය (රිසිසේ) තැබීමෙහි කුශල බව යැ සමාධියෙන් නැඟීසිටීමෙහි කුශල බව යැ සමාධිහුගේ කල්‍යතා (අග්ලානභාව) යෙහි කුශල බව යැ සමාධිහුගේ ගෝචර (ආරම්මණ) යෙහි කුශල බව යැ සමාධිහුගේ (මතුමත්තෙහි) සමාධියට එළැවීමෙහි කුශල බවයි.
සමාධීහු අටදෙනෙක් වෙති: පඨවිකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. අපොකසිණ වශයෙන් ... තෙජොකසිණ වශයෙන් ... වායොකසිණ වශයෙන් ... නීලකසිණ වශයෙන් ... පීතකසිණ වශයෙන් ... ලෝහිතකසිණ වශයෙන් ... ඔදාතකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යි.
සමාධීහු නවදෙනෙක් වෙති: රූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්‍යම වූයේ ඇත, ප්‍රණීත වූයේ ඇති. අරූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්‍යම වූයේ ඇත, ප්‍රණීත වූයේ ඇති. ශුන්‍යතාසමාධි යැ අනිමිත්තසමාධි යැ අප්‍රණිහිතසමාධි යි.
සමාධීහු දස දෙනෙක් වෙති: උද්ධුමාතක සංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ විනීලකසංඥාවශයෙන් ... විපුබ්බක සංඥාවශයෙන් ... විච්ඡිද්දකසංඥාවශයෙන් ... වික්ඛායිතකසංඥාවශයෙන් ... වික්ඛිත්තකසංඥාවශයෙන් ... හතවික්ඛිත්තකසංඥාවශයෙන් ... ලෝහිතකසංඥාවශයෙන් ... පුළවකසංඥාවශයෙන් ... අට්ඨිකසංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යි. මොහු පස්පනස්සමාධීහු වෙත්.
තවද සමාධිහුගේ සමාධිස්වභාවයෝ පස්විසිදෙනෙකි: පරිග්‍රහ ස්වභාවයෙන් සමාධි යැ පරිවාරස්වභාවයෙන් සමාධි යැ පරිපූර්‍ණස්වභාවයෙන් සමාධි යැ ඒකාග්‍රස්වභාවයෙන් සමාධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් සමාධි යැ අවිස්තරණ (නො පැතිරීම්) ස්වභාවයෙන් සමාධි යැ නො කැළඹෙන ස්වභාවයෙන් සමාධි යැ නො සැලෙන ස්වභාවයෙන් සමාධි යැ විමුක්තස්වභාවයෙන් සමාධි යැ ඒකත්‍වයෙන් එළඹසිටීම් විසින් සිත සිටි බැවින් සමාධි යැ අර්‍පණාව සොයා නු යි සමාධි යැ (ධ්‍යානප්‍ර‍්‍යනීක) විසමය නො සොයා නු යි සමාධි යැ සමය සොයන ලද බැවින් සමාධි යැ විසමය නො සොයන ලද වන බැවින් සමාධි යැ සමය ගනී නු යි සමාධි යැ විසමය නො ගනී නු යි සමාධි යැ සමය ගන්නා ලද වන බැවින් සමාධි යැ විසමය නො ගන්නා ලද වන බැවින් සමාධි යැ සමය (අර්‍පණාව) ට පිළිපදිනු යි සමාධි යැ විසමයට නො පිළිපදී නු යි සමාධි යැ සමයට පිළිපන් බැවින් සමාධි යැ විසමයට නො පිළිපන් බැවින් සමාධි යැ සම වැ දිලියේ නු යි සමාධි යැ විසමය දවා නු යි සමාධි යැ සම වැ ජ්වලිත වන බැවින් සමාධි යැ විසමය දවන ලද බැවින් සමාධි යැ සම වූයේ ද හිත වූයේ ද සුඛ වූයේ ද සමාධි යි. මොහු පස්විසි දෙන සමාධිහුගේ සමාධි ස්වභාවයෝ යි.
එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි: ‘සංවරිත්‍වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං’ යි.
සමාධිභාවනාමයඥානනිර්දේශ යි.
4. ධම්මට්ඨිතී ඥානය
කිසෙයින් ප්‍රත්‍යය පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන වේ ද යත්:
අවිද්‍යාව සංස්කාරයන්ගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්ත වූ කාරණ ද ආයූහන වූ කාරණ ද සංයොග වූ කාරණ ද පළිබෝධ වූ කාරණ ද සමුදය වූ කාරණ ද හේතු වූ කාරණ ද ප්‍රත්‍යය වූ කාරණ ද වෙයි. මේ නව අයුරින් අවිද්‍යාව ප්‍රත්‍යය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යසමුත්පන්න වෙත්. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අතීතකාලයෙහි ද අනාගත කාලයෙහි ද අවිද්‍යාව සංස්කාරයන්ගේ උත්පාදයට වූ කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද අයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් අවිද්‍යාව ප්‍රත්‍ය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙත්. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සංස්කාරයෝ විඥානයාගේ ... විඥානය නාමරූපයාගේ ... නාමරූපය ෂඩායතනයාගේ ... ෂඩායතනය ස්පර්‍ශයාගේ ... ස්පර්‍ශය වේදනාවගේ ... වේදනාව තෘෂ්ණාවගේ ... තෘෂ්ණාව උපදානයාගේ ... උපාදානය භවයාගේ ... භවය ජාතිහුගේ ... ජාතිය ජරාමරණයාගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද ආයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් ජාතිය ප්‍රත්‍යය වෙයි, ජරාමරණ ප්‍රත්‍යයසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අතීතකාලයෙහි ද අනාගත කාලයෙහි ද ජාතිය ජරාමරණයාගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද ආයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යය සමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ’යි ප්‍රත්‍යය පරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අවිද්‍යාව (ජනකප්‍රත්‍යය හෙයින්) හේතු යැ, සංස්කාරයෝ හේතුසමුත්පන්න වෙති. තෙල උභයධර්‍මයෝ මැ හේතු සමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි ද අනාගතකාලයෙහි ද අවිද්‍යාව හේතු වෙයි. සංස්කාරයෝ හේතුසමුත්පන්නයෝ වෙත්. තෙල උභයධර්‍මයෝ මැ හේතු සමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සංස්කාරයෝ හේතු වෙති. විඥානය හේතුසමුත්පන්න වෙයි ... විඥානය හේතු යැ නාමරූපය හේතු සමුත්පන්න යි ... නාමරූපය හේතු යැ ෂඩායතනය හේතුසමුත්පන්න යි ... ෂඩායතනය හේතු යැ ස්පර්‍ශය හේතුසමුත්පන්න යි ... ස්පර්‍ශය හේතු යැ වේදනාව හේතුසමුත්පන්න යි ... වේදනාව හේතු යැ තෘෂ්ණාව හේතුසමුත්පන්න යි ... තෘෂ්ණාව හේතු යැ උපාදානය හේතුසමුත්පන්නයි ... උපාදානය හේතු යැ භවය හේතුසමුත්පන්නයි ... භවය හේතු යැ ජාතිය හේතුසමුත්පන්න යි ... ජාතිය හේතු යැ ජරාමරණ හේතුසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ හේතුසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු ජාතිය හේතු යැ ජරාමරණ හේතුසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ හේතුසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අවිද්‍යාව (සංස්කාරයන් විසින් ප්‍රතිමුඛ වැ ඉයයුතු හෙයින්) ප්‍රතීත්‍ය යැ. සංස්කාරයෝ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යය පරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි, අතීතකාලයෙහි දු අනාගත කාලයෙහි දු අවිද්‍යාව ප්‍රතීත්‍ය යැ, සංස්කාරයෝ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සංස්කාරයෝ ප්‍රතීත්‍ය යැ විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... විඥානය ප්‍රතීත්‍ය යැ නාමරූප ප්‍රතීත්‍ය සමුත්පන්න යි ... නාමරූප ප්‍රතීත්‍ය යැ ෂඩායතනය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ෂඩායතනය ප්‍රතීත්‍ය යැ ස්පර්‍ශය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ස්පර්‍ශය ප්‍රතීත්‍ය යැ වේදනාව ප්‍රතීත්‍යසමුත්පන්න යි ... වේදනාව ප්‍රතීත්‍ය යැ තෘෂ්ණාව ප්‍රතීත්‍යසමුත්පන්න යි … තෘෂ්ණාව ප්‍රතීත්‍ය යැ උපාදානය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... උපාදානය ප්‍රතීත්‍ය යැ භවය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... භවය ප්‍රතීත්‍ය යැ ජාතිය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ජාතිය ප්‍රතීත්‍ය යැ ජරාමරණ ප්‍රතීත්‍යසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිය ප්‍රතීත්‍ය යැ ජරාමරණ ප්‍රතීත්‍යසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
අවිද්‍යාව (උපස්ථම්භක හෙයින්) ප්‍රත්‍යය වෙයි, සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙති. (ඒ ඒ ප්‍රත්‍යයෙන් උපන්) තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු අවිද්‍යාව ප්‍රත්‍යය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙති. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
සංස්කාරයෝ ප්‍රත්‍යය වෙති. විඥානය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... විඥානය ප්‍රත්‍යය වෙයි. නාමරූප ප්‍රත්‍යයසමුත්පන්න වෙති ... නාමරූප ප්‍රත්‍යය වෙයි. ෂඩායතනය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... ෂඩායතන ප්‍රත්‍යය වෙයි. ස්පර්‍ශය ප්‍රත්‍යයසමුත්පන්න වෙයි … ස්පර්‍ශය ප්‍රත්‍යය වෙයි. වේදනාව ප්‍රත්‍යයසමුත්පන්න වේ. වේදනාව ප්‍රත්‍යය වෙයි. තෘෂ්ණාව ප්‍රත්‍යයසමුත්පන්න වේ ... තෘෂ්ණාව ප්‍රත්‍යය වෙයි. උපාදානය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... උපාදානය ප්‍රත්‍යය වෙයි. භවය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... භවය ප්‍රත්‍යය වෙයි. ජාතිය ප්‍රත්‍යයසමුත්පන්න වේ. ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යයසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
පූර්‍වකර්‍මය කරන කල්හි මෝහය අවිද්‍යා යැ, ආයූහනචේතනාවෝ සංස්කාරයෝ යැ, භවනිකාන්තිය තෘෂ්ණා යැ, දෘඪග්‍රහණය උපාදාන යැ, චේතනාව භවය යි, මේ පඤ්චධර්‍මයෝ පූර්‍වකර්‍මභවය කරන කල්හි පැවැත්තාහු වර්‍තමානප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වූවාහු යැ.
වර්‍තමානභවයෙහි ප්‍රතිසන්‍ධිය විඥාන යැ, (රූපාරූපධර්‍මයන්ගේ) අවක්‍රාන්තිය නාමරූප යැ, ප්‍රසාදය ආයතන යැ, අරමුණු ස්පර්‍ශ කෙරෙමින් උපන්නේ ස්පර්‍ශ යැ, (විපාක) වේදයිතය වේදනා යි. මේ පඤ්චධර්‍මයෝ වර්‍තමානවිපාකභවයෙහි පූර්‍වකෘතකර්‍මයාගේ ප්‍රත්‍යයෙන් පවත්නාහු යි.
වර්‍තමානභවයෙහි ආයතනයන් මුහුකුරාගිය බැවින් මෝහය අවිද්‍යා යැ, ආයූහනචේතනාවෝ සංස්කාරයෝ යැ, භවනිකාන්තිය තෘෂ්ණා යැ, දෘඪග්‍රහණය උපාදාන යැ, ආයූහනචේතනාවෝ භව යැ යි. මේ පඤ්චධර්‍මයෝ වර්‍තමානකර්‍මභවයෙහි පැවැත්තාහු අනාගතභවයෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙත්.
අනාගතභවයෙහි ප්‍රතිසන්‍ධි විඥාන යැ, (රූපාරූපධර්‍මයන්ගේ) අවක්‍රාන්තිය නාමරූප යැ, ප්‍රසාදය ආයතන යැ, අරමුණු ස්පර්‍ශ කෙරෙමින් උපන්නේ ස්පර්‍ශ යැ, (විපාක) වේදයිතය වේදනා යැ යි මේ පඤ්චධර්‍මයෝ ආයතිභාවයෙහි උපප්‍රාප්තියට වර්‍තමානභවයෙහි කරන ලද කර්‍මයාගේ ප්‍රත්‍යයෙන් පවතිත්.
මෙසේ මේ සතර සංක්‍ෂේපයෙන් ද තුන් කාලයන් ද ත්‍රිසන්‍ධියක් ඇති ප්‍රතීත්‍යසමුත්පාදය ද විසි අයුරෙකින් (ශ්‍රැතානුසාරයෙන්) දනී නම් (නුවණින් ) දකී නම් (නුවණින් දැනගනී නම්) ප්‍රතිවේධ කෙරේ නම් ඒ දැනීම ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි: ‘පච්චය පරිග්ගහෙ ඤාණං ධම්මට්ඨිතිඤාණං’යි.
ධර්‍මස්ථිතිඥානනිර්දේශ යි.
5. සම්මර්‍ශන ඥානය
කිසෙයින් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන වෙයි යත්.
අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් වේ ද, එ හැම රූපය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
යම් කිසි වේදනායෙක් ... යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුරැ වු හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් වේ ද, එ හැම විඥානය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුඃඛ හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ, සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය අනිත්‍ය යැ. ප්‍රත්‍යයසමවායෙන් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නො ඇලෙන සුලු යැ, නිරුද්ධ වන සුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ .. විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය යැ ප්‍රත්‍යයන් විසින් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වනසුලු යැ, නැසෙනසුලු යැ, නො ඇලෙනසුලු යැ, නිරුද්ධ වනසුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ... උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ’යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥානයි.
ඒ දැනීම ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං’ යි.
සම්මර්‍ශනඥාන නිර්දේශ යි.