Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 2501-2600 න් 2879

තවද අනෙකෙකි, ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අඞ්ගාරකර්ෂුවට (අඟුරු වළට) උපමා කරනලද කාමයෝ යථාස්වභාවයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද වෙති. යම්සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අඞ්ගාරකර්ෂූපමකාමයෝ යථාස්වභාවයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද වෙත් ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද, මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
තවද ක්‍ෂීණාස්‍රව මහණටහට (උපධි) විවේකයට නැඹුරු වූ විවේකප්‍රවණ වූ විවේකයට බැහැවුම් ඇති විවේකයෙහි සිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සර්‍වප්‍රකාරයෙන් (සම්ප්‍රයෝග වශයෙන්) ආස්‍රවයනට කරුණු වූ ක්ලේශධර්‍මයන් කෙරෙත් විගතාන්ත වූ සිත වෙයි. යම් සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහට විවේකයට නැඹුරු වූ, විවේකප්‍රවණ වූ, විවේකයට බැහැවුම් ඇති, විවේකයෙහි සිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයනට කරුණු වූ ක්ලේශධර්‍මයන් කෙරෙත් විගතාන්ත වූ සිත වේ ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
තවද ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත සුභාවිත වෙති. යම් සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත සුභාවිත වෙත් ද යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
තවද ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සම්‍යක්ප්‍රධනායෝ භාවිත සුභාවිත වෙති ... සතර ඍද්ධිපාදයෝ භාවිත සුභාවිත වෙති ... පඤ්චේන්‍ද්‍රියයෝ භාවිත සුභාවිත වෙති ... පඤ්චබලයෝ භාවිත සුභාවිත වෙති ... සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිත සුභාවිත වෙති ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත සුභාවිත වෙයි. යම් සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත සුභාවිත වේ ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද, මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
දශර්ධිබල කවරහ යත්: අධිෂ්ඨාන ඍද්ධි යැ, විකුර්‍වණ ඍද්ධි යැ, මනෝමය ඍද්ධි යැ, ඥානවිෂ්ඵාර ඍද්ධි යැ, සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ, ආර්‍ය ඍද්ධි යැ, කර්‍මවිපාකජ ඍද්ධි යැ, පුණ්‍යවත්හුගේ ඍද්ධි යැ, විද්‍යාමය ඍද්ධි යැ. ඒ ඒ කරුණෙහි සම්‍යක්ප්‍රයෝග හෙයින් සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යි. මොහු දශර්ධිබලයෝ යි.
දශ තථාගතබල කවරහ යත්: මෙහි තථාගතයෝ කාරණය ද කාරණ හෙයින් අකාරණය ද අකාරණ හෙයින් යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ කාරණය ද කාරණ හෙයින් අකාරණය ද අකාරණ හෙයින් යථාස්වභාවයෙන් දැනගනිත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පිරිස් මැද අභීතනාද කෙරෙත් ද බ්‍රහ්මසඞ්ඛ්‍යාත ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගත බල වෙයි.
තවද තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ප්‍රත්‍යය විසින් හේතු විසින් විපාකය යථාස්වභාවයෙන් දැනගනිති, යම් සෙයෙකින් තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ ප්‍රත්‍යය විසින් හේතු හේතු විසින් විපාකය යථාස්වභාවයෙන් දැනගනිත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද පර්‍ෂද්හි සිංහනාද කෙරෙත් ද බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ සර්‍වත්‍රාගාමි (හැම ගතියට අගතියට යනසුලු) මාර්‍ගය යථාස්වභාවයෙන් දැනගිනිති. යම්සෙයෙකින් තථාගතයෝ සර්‍වත්‍රගාමීමාර්‍ගය යථාස්වභාවයෙන් දැනගනිත් ද, යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පර්‍ෂද්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ අනේකධාතු නානාධාතු ලෝකය යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ සත්ත්‍වයන් නානාධිමුක්ති ඇති බව යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ සත්ත්‍වයන් නානාධිමුක්තී ඇති බව යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය (වෘද්ධි - හානි) යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශ (හානභාගීයධර්‍ම) ය ව්‍යවදාන (විශේෂභාගීයධර්‍ම) ය ව්‍යුත්‍ථානය යථාස්වභාවයෙන් දැනගනිති. යම්සෙයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස (පෙරවිසූකඳපිළිවෙළ) සිහි කෙරෙති. හේ කෙසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසෙයින් (වර්‍ණාදි) ආකාර සහිත වූ (නාමගෝත්‍රාදි) උද්දේශ සහිත වූ අනේකප්‍රකාර පූර්‍වනිවාස සිහි කෙරෙති. යම් සෙයෙකින් තථාගතයෝ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස සිහි කෙරෙත් ද, හේ කෙසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ විශුද්ධ වූ මිනිසත්බව ඉක්මගිය දිවඇසින් සැවයන උපදනා ස්ත්තවයන් බලති. යම් සෙයෙකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසත්බව ඉක්මගිය දිව ඇසින් සැවයන උපදනා ... සත්ත්‍වයන් බලත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
තවද තථාගතයෝ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව විරහිත වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵලසමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත්ඵලප්‍රඥාව) මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙති. යම් සෙයෙකින් තථාගතයෝ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව විරහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොටගෙන ඊට පැමිණ වාසය කෙරෙත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද පර්‍ෂද්හි අභීතනාද කෙරෙත් ද බ්‍රහ්ම සඞ්ඛ්‍යාත ශ්‍රේෂ්ඨධර්‍මචක්‍රය පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි. මොහු දශ තථාගතබලයෝ යි.
කවර අරුතෙකින් ශ්‍රද්ධාබල වේ ද, කවර අරුතෙකින් වීර්‍ය්‍යබල වේ ද, කවර අරුතෙකින් ස්මෘතිබල වේ ද, කවර අරුතෙකින් සමාධිබල වේ ද, කවර අරුතෙකින් ප්‍රඥාබල වේ ද, කවර අරුතෙකින් හිරිබල වේ ද, කවර අරුතෙකින් ඔත්තප්පබල වේ ද, කවර අරුතෙකින් පටිසඞ්ඛානබල වේ ද ... කවර අරුතෙකින් තථාගතබල වේ ද යත්:
අශ්‍රද්ධායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, කෞසීද්‍යායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ, ඖද්ධත්‍යයෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් සමාධිබල යැ, අවිද්‍යායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ ලාමක වූ අකුසල් දහම්හි ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ලාමක වූ අකුසල් දහම්හි තැවේ නු’යි ඔත්තප්පබල යැ, නුවණින් කෙලෙසුන් විමසා නු’යි පටිසඞ්ඛානබල යැ. ඒ භාවනා විශේෂයෙහි උපන් චිත්තචෛතසිකධර්‍මයෝ ඒකරස වෙත් නු’යි භාවනා බල යැ, එහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යාබල යැ, එයින් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ, එය සහනය කෙරේ නු’යි ක්‍ෂාන්තිබල යැ, එයින් සිත ප්‍රකාරයෙන් ඥාපනය කෙරේ නු’යි ප්‍රඥප්තිබල යැ, එයින් සිත නිදිධ්‍යාසන (ශ්‍රැතාර්‍ත්‍ථවිචාරය) කෙරේ නු’යි නිදිධ්‍යාසනබල යැ. එයින් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, එයින් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, එයින් (සමාධියෙන්) සිත එකඟ නු’යි ශමථබල යැ, එහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් අනුපස්සනා කෙරේ නු’යි විදර්‍ශනාබල යැ, ඒ ශෛක්‍ෂබලයෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි (අශෛක්‍ෂබලයෙහි) ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ, එයින් (ලෞකිකලෝකෝත්තරඥානයෙත්) ආස්‍රවයෝ ක්‍ෂය කරනලදහ’යි ක්‍ෂීණාස්‍රවබල යැ, ඔහට (ඍද්ධිමත්හට) සමෘද්ධ වේ නු’යි ඍද්ධිබල යැ, ප්‍රමාණ නො කට හැකි අර්‍ත්‍ථයෙන් තථාගත බල වේ යයි.
බලකථා නිමි.
ශුන්‍යතා කථා
මා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ.
වහන්ස, ‘ලෝකය ශුන්‍ය යැ ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘ලෝකය ශුන්‍ය යැ’යි කියනු ලැබේ දැ යි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්ම භාවයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. තව ද ආනන්‍දයෙනි, කුමක් ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වේ ද යත්, ආනන්‍දයෙනි, චක්‍ෂුස ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වෙයි, රූපයෝ ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙති, චක්‍ෂුර් විඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ස්ස ප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි.
ශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ශබ්දයෝ ශූන්‍යහ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ගන්‍ධයෝ ශූන්‍ය හ ... ජීහ්වාව ශූන්‍ය යැ ... රසයෝ ශූන්‍යහ ... කය ශූන්‍ය යැ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ශූන්‍ය හ ... මනස ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, ධර්‍මයෝ ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍යයෝ යැ, මනෝවිඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වූ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබේ’යයි.
ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යැ, සංස්කාරශූන්‍ය යැ, විපරිණාමශූන්‍ය යැ, අග්‍රශූන්‍ය යැ, ලක්‍ෂණශූන්‍ය යැ, විෂ්කම්භණශූන්‍ය යැ, තදඞ්ගශූන්‍ය යැ, සමුච්ඡේදශූන්‍ය යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය යැ, තිස්සරණශූන්‍ය යැ, අධ්‍යාත්මශූන්‍ය යැ, බාහ්‍යශූන්‍ය යැ, උභයතඃශූන්‍ය යැ, සභාගතශූන්‍ය යැ, විසභාගශූන්‍ය යැ, ඒෂණාශූන්‍ය යැ, පරිග්‍රහශූන්‍ය යැ, ප්‍රතිලාභශූන්‍ය යැ, ප්‍රතිවේධශූන්‍ය යැ, ඒකත්‍වශූන්‍ය යැ, නානාත්‍වශූන්‍ය යැ, ක්‍ෂාන්තිශූන්‍ය යැ, අධිෂ්ඨානශූන්‍ය යැ, පර්‍ය්‍යවගාහණශූන්‍ය යැ, සම්‍යක්ප්‍රඥා ඇත්තහු (රහත්හු) ගේ ප්‍රවෘත්ත (ස්කන්‍ධ) යන් ක්‍ෂය කිරීම හැම ශූන්‍යතයන් අතුරින් පරමාර්‍ත්‍ථශූන්‍ය යි.
ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍යය කවරැ යත්: චක්‍ෂුස ආත්මයෙන් හා ආත්මනීයෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. ශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ජීහ්වාව ශූන්‍ය යැ ... කය ශූන්‍ය යැ ... මනස ආත්මයෙන් හා ආත්මනියෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. මේ ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යි.
සංස්කාරශූන්‍යය කවරැ යත්: සංස්කාරයෝ තිදෙනෙක් වෙති: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යැ යි. පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. අපුණ්‍යාභිසංස්කාරය පුණ්‍යභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. ආනෙඤ්ජාභිසංස්කාරය පුණ්‍යාභිසංස්කාරයෙනුදු අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.
අන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: කායසංස්කාර යැ වාක්සංස්කාර යැ චිත්තසංස්කාර යැ යි. කායසංස්කාරය වාක්සංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. වාක්සංස්කාරය කායසංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශුන්‍ය යැ, චිත්තසංස්කාරය කායසංස්කාරයෙනුදු වාක්සංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.
අන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: අතීතසංස්කාර යැ අනාගතසංස්කාර යැ ප්‍රත්‍යුත්පන්නසංස්කාර යැයි අතීතසංස්කාරයෝ අනාගත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. අනාගතසංස්කාරයෝ අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගේ ශූන්‍යහ. ප්‍රත්‍යුත්පන්නසංස්කාරයෝ අතීත වූ ද අනාගත වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. මොහු තුන් සංස්කාරයෝ යි. මේ සංස්කාරශූන්‍ය නම් වෙයි.
විපරිණාමශූන්‍ය නම් කවරැ යත්: ජාත (ප්‍රත්‍යුත්පන්න) රූපය ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගත (ඉපැද නිරුද්ධ වූ) රූපය විපරිණාමයට පැමිණියේ ද ශුන්‍ය ද වෙයි. ජාතවේදනාව ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගතවේදනාව විපරිණත ද ශූන්‍ය ද වෙයි ... ජාතසංඥාව ... ජාතසංස්කාරයෝ ... ජාතවිඥානය ... ජාතචක්‍ෂුස ... ජාතභවය ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගතභවය විපරිණත ද ශූන්‍ය ද වෙයි. මේ විපරිණාමශූන්‍ය නම් වෙයි.
අග්‍රශූන්‍ය නම් කවරැ යත්: යම් මේ හැම සංස්කාරයන්ගේ ශමථයෙක් හැම උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද තෙල අග්‍රපද යැ තෙල ඉතා මැ ප්‍රශංසනීයපද යැ තෙල විශිෂ්ටපද යි. මේ අග්‍රශූන්‍ය නම් වේ.
ලක්‍ෂණශූන්‍ය නම් කවරැ යත්: ලක්‍ෂණ දෙකෙකි බාලලක්‍ෂණ යැ පණ්ඩිතපක්‍ෂණ යැ යි. බාලලක්‍ෂණය පණ්ඩිතලක්‍ෂණයෙන් ශූන්‍ය යැ පණ්ඩිතලක්‍ෂණය බාලලක්‍ෂණයෙන් ශූන්‍ය යි.
ලක්‍ෂණ තුනෙකි: උත්පාදලක්‍ෂණ යැ ව්‍යයලක්‍ෂණ යැ සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණ යැ යි. උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ, ව්‍යයලක්‍ෂණය උත්පාද ලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්ණයෙනුදු ශූන්‍ය යැ, සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි.
රූපයාගේ උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. රූපයාගේ ව්‍යයලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. රූපයාගේ ස්ථිතාන්‍යලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ... චක්‍ෂුස්හුගේ ... ජරාමරණයාගේ උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු ස්ථිතාන්‍යලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. ජරාමරණයාගේ ව්‍යයලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ස්ථිතාන්‍යලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. ජරාමරණයාගේ ස්ථිතාන්‍යලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි. මේ ලක්‍ෂණශූන්‍ය නම් වේ.
විෂ්කම්භණ ශූන්‍ය නම් කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය විෂ්කම්භණය කරනලද ද ශූන්‍යද වෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ථිනමිද්ධය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය විෂ්කම්භණය කරන ලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් අවිද්‍යාව විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෝ විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙති ... අර්‍හන්මාර්‍ගයෙන් හැම කෙලෙස්හු විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙත්. මේ විෂ්කම්භණ ශූන්‍ය නම් වේ.
තදඞ්ගශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය නෛෂ්ක්‍රම්‍යාභාව හෙයින් ඒ (නෛෂ්ක්‍රම්‍ය) අඞ්ගයෙන් ශූන්‍ය යැ අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ ඒ අඞ්ගයෙන් ශූන්‍යහ ... විවර්‍තානුදර්‍ශනායෙන් ප්‍රහීණ වූ සංයෝගාභිනිවේශය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යි. මේ තදඞ්ගශූන්‍ය නම් වේ.
සමුච්ඡේදශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකයසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය වූ අරතිය මොනොවට සිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වේ. මේ සමුච්ඡේද ශූන්‍ය නම් වේ.
ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය සන්හිඳුනාලද ද (තදඞ්ග හෙයින්) ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය සන්හිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය සන්හිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ සන්හිඳුනා ලදහු ද ශූන්‍ය ද වෙති ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු සන්හිඳුනා ලදහු ද ශූන්‍ය ද වෙත්. මේ ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය නම් වේ.
නිස්සරණ ශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය නිස්සෘත (හැරපියන ලද) ද ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ නිස්සෘත ද ශූන්‍ය ද වෙත් ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු නිස්සෘත ද ශූන්‍ය ද වෙත්. මේ නිස්සරණශූන්‍ය නම් වේ.
අධ්‍යාත්මශූන්‍ය නම් කවරැ යත්: අධ්‍යාත්ම වූ චක්‍ෂුස ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යැ: අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය ... අධ්‍යාත්ම වූ ඝ්‍රාණය ... අධ්‍යාත්ම වූ ජීහ්වාව ... අධ්‍යාත්ම වූ කය ... අධ්‍යාත්ම වූ මනස ... ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාම ස්වභාව හෙයිනුදු ශූන්‍ය යි. මේ අධ්‍යාත්ම ශූන්‍ය නම් වේ.
බාහ්‍ය ශූන්‍ය නම් කවරැ යත්: බාහ්‍ය වූ රූපයෝ ... බාහ්‍ය වූ ධර්‍මයෝ ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍යහ. මේ බාහ්‍ය ශූන්‍ය නම් වේ.
දුභතෝ ශූන්‍ය නම් කවරැ යත්: යම් අධ්‍යාත්ම වූ චක්‍ෂුසෙකුත් යම් බාහ්‍ය වූ රූප කෙනෙකුත් වෙත් ද මෙ දෙක ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යැ. යම් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රයෙකුත් යම් බාහ්‍ය වූ ශබ්ද කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ ඝ්‍රාණයෙකුත් යම් බාහ්‍ය වූ ගන්‍ධ කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ ජිහ්වාවකුත් යම් බාහ්‍ය වූ රස කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ කයෙකුත් යම් බාහ්‍ය වූ ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ මනසෙකුත් යම් බාහ්‍ය වූ ධර්‍ම කෙනෙකුත් වෙත් ද මෙ දෙක ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යි. මේ දුභතොශූන්‍ය නම් වේ.
සභාගශූන්‍ය නම් කවරැ යත්: ආධ්‍යාත්මික වූ ෂඩායතනයෝ සභාග ද ශූන්‍ය ද වෙති, බාහ්‍ය වූ ෂඩායතනයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්විඥානකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂට්ස්පර්‍ශකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්වේදනාකායයෝ සභාග ද ශූන්‍ය වෙති, ෂට්සංඥාකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂට්චේතනාකායයෝ සභාග ද ශූන්‍ය ද වෙත්. මේ සභාගශූන්‍ය නම් වේ.
විසභාගශූන්‍ය නම් කවරැ යත්: ආධ්‍යාත්මික වූ ෂඩායතනයෝ බාහ්‍ය වූ ෂඩායතනයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, බාහ්‍ය වූ ෂඩායතනයෝ ෂඩ්විඥානකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්විඥානකායයෝ ෂට්ස්පර්‍ශකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂට්ස්පර්‍ශකායයෝ ෂට්වේදනාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්වේදනාකායයෝ ෂට්සංඥාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂට්සංඥාකායයෝ ෂට්චේතනාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙත්. මේ විසභාග ශූන්‍ය නම් වේ.
ඒෂණාශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රමෛය්‍යෂණාව කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදෛෂණාව ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥෛෂණාව ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපෛෂණාව ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයෛෂණාව විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානෛෂණාව අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යෛෂණාව අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානෛෂණාව නීවරණ හෙයින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගෛෂණාව හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ඒෂණාශූන්‍ය නම් වේ.
පරිග්‍රහශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යපරිග්‍රහය කාමච්ඡන්‍ද හෙයින් ශූන්‍ය යැ, අව්‍යාපාදපරිග්‍රහය ව්‍යාපාද හෙයින් ශූන්‍ය යැ, ආලෝකසංඥාපරිග්‍රහය ථීනමිද්ධ හෙයින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයපරිග්‍රහය විචිකිත්සා හෙයින් ශූන්‍ය යැ, ඥානපරිග්‍රහය අවිද්‍යා හෙයින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යපරිග්‍රහය අරති හෙයින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානපරිග්‍රහය නීවරණ හෙයින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගපරිග්‍රහය හැම කෙලෙස් හෙයින් ශූන්‍ය යි. මේ පරිග්‍රහ ශූන්‍ය නම් වේ.
ප්‍රතිලාභශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිලාභය කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදප්‍රතිලාභය ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥාප්‍රතිලාභය ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපප්‍රතිලාභය ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයප්‍රතිලාභය විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානප්‍රතිලාභය අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යප්‍රතිලාභය අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානප්‍රතිලාභය නීවරණයන්ගෙන් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගප්‍රතිලාභය හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ප්‍රතිලාභශූන්‍ය නම් වේ.
ප්‍රතිවේධශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිවේධය කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදප්‍රතිවේධය ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥාප්‍රතිවේධය ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපප්‍රතිවේධය ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයප්‍රතිවේධය විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානප්‍රතිවේධය අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යප්‍රතිවේධය අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යාන ප්‍රතිවේධය නීවරණයන්ගෙන් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගප්‍රතිවේධය හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ප්‍රතිවේධශූන්‍ය නම් වේ.
ඒකත්‍වශූන්‍ය නම්, නානාත්‍වශුන්‍ය නම් කවරැ යත්: කාමච්ඡන්‍දය (ශාන්තවෘත්තී නැති බැවින්) නානාත්‍ව යැ, නෛෂ්ක්‍රම්‍යය (ශාන්තවෘත්ති බැවින්) ඒකත්‍ව යි. නෛෂ්ක්‍රම්‍යසඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, ව්‍යාපාදය නානාත්‍ව යැ, අව්‍යාපාදය ඒකත්‍ව යි. අව්‍යාපාද සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ව්‍යාපාද විසින් ශූන්‍ය යැ. ථිනමිද්ධය නානාත්‍ව යැ, ආලෝකසංඥාව ඒකත්‍ව යි. ආලෝකසංඥා සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ. ඖද්ධත්‍යය නානාත්‍ව යැ, අවික්‍ෂේපය ඒකත්‍ව යි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ. විචිකිත්සාව නානාත්‍ව යැ, ධර්‍මනිශ්චය ඒකත්‍ව යි. ධර්‍මනිශ්චය සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට විචිකිත්සා විසින් ශූන්‍ය යැ. අවිද්‍යාව නානාත්‍ව යැ, ඥානය ඒකත්‍ව යි. ඥාන සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට අවිද්‍යා විසින් ශූන්‍ය යැ. අරතිය නානාත්‍ව යැ, ප්‍රාමෝද්‍යය ඒකත්‍ව යි. ප්‍රාමෝද්‍ය සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට අරති විසින් ශූන්‍ය යැ. නීවරණයෝ නානාත්‍ව යැ, ප්‍රථමධ්‍යානය ඒකත්‍ව යි. ප්‍රථමධ්‍යාන සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට නීවරණ විසින් ශූන්‍ය යැ ... හැම කෙලෙස්හු නානාත්‍ව යැ. අර්‍හන්මාර්‍ගය ඒකත්‍ව යි. අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ ඒකත්‍වශූන්‍ය නම් නානාත්‍වශූන්‍ය නම් වේ.
ක්‍ෂාන්තිශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යක්‍ෂාන්තිය කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදක්‍ෂාන්තිය ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥාක්‍ෂාන්තිය ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපක්‍ෂාන්තිය ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයක්‍ෂාන්තිය විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානක්‍ෂාන්තිය අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යක්‍ෂාන්තිය අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යාන ක්‍ෂාන්තිය නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගක්‍ෂාන්තිය හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ ක්‍ෂාන්තිශූන්‍ය නම් වේ.
අධිෂ්ඨානශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යාධිෂ්ඨානය කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදාධිෂ්ඨානය ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥාධිෂ්ඨානය ථිනිමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපාධිෂ්ඨානය ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයාධිෂ්ඨානය විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානාධිෂ්ඨානය අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යාධිෂ්ඨානය අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානාධිෂ්ඨානය නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගාධිෂ්ඨානය හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ අධිෂ්ඨානශූන්‍ය නම් වේ.
පර්‍ය්‍යාවගාහණශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගැනීම කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදයෙහි බැසගැනීම ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥායෙහි බැසගැනීම ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපයෙහි බැසගැනීම ඖද්ධත්‍ය විසින් ශුන්‍ය යැ, ධර්‍මනිශ්චයෙහි බැසගැනීම විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානයෙහි බැසගැනීම අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යයෙහි බැසගැනීම අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානයෙහි බැසගැනීම නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගයෙහි බැසගැනීම හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ පර්‍ය්‍යාවගාහණශූන්‍ය යි.
සම්‍යග්ඥාන සමන්‍වාගතයා (රහත්හු) ගේ හැම ශූන්‍යතයන් අතුරින් පරමාර්‍ත්‍ථශූන්‍ය වූ ප්‍රවෘත්තික්‍ෂය (අනුපාදාපරිනිර්‍වාණය) කවරැ යත්: මෙ සසුන්හි සම්‍යග්ඥානසමන්‍වාගත වූයේ නෛෂ්ක්‍රම්‍ය හේතුකොටගෙන කාමච්ඡන්‍දයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, අව්‍යාපාදය හේතුකොටගෙන ව්‍යාපාදයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ආලෝකසංඥාව හේතුකොටගෙන ථිනමිද්ධයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, අවික්‍ෂේපය හේතුකොටගෙන ඖද්ධත්‍යයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ධර්‍මනිශ්චය හේතුකොටගෙන විචිකිත්සාවගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ඥානය හේතුකොටගෙන අවිද්‍යාවගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ප්‍රාමෝද්‍යය හේතුකොටගෙන අරතියගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ප්‍රථමධ්‍යාන හේතුකොටගෙන නීවරණයන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි ... අර්‍හන්මාර්‍ගය හේතුකොටගෙන හැම කෙලෙසුන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරේ.
තවද සම්‍යග්ඥාන ඇත්තහු අනුපාදිශේෂපරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නහුට මේ චක්‍ෂුඃප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි. අන්‍ය චක්‍ෂුඃප්‍රවෘත්තියෙකුදු නූපදී. මේ ශ්‍රෝත්‍රප්‍රවෘත්තිය ද ... ඝ්‍රාණප්‍රවෘත්තිය ද ... ජිහ්වාප්‍රවෘත්තිය ද ... කායප්‍රවෘත්තිය ද ... මනඃප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි, අන්‍ය වූ මනඃප්‍රවෘත්තියෙකුදු නූපදී. මේ සම්‍යග්ඥානසමන්‍වාගතයාගේ හැම ශූන්‍යතයන් අතුරින් පරිමාර්‍ත්‍ථශූන්‍ය වූ ප්‍රවෘත්තික්‍ෂය නම් වේ යයි.
ශූන්‍යතාකථා නිමි.
දෙ වැනි යුගනද්ධවර්‍ග යි.
එහි උද්දානය:
යුගනද්ධ කථා යැ, සත්‍ය කථා යැ, බෝධ්‍යඞ්ග කථා යැ, මෛත්‍රී කථා යැ, පස් වැනි වූ විරාග කථා යැ, ප්‍රතිසංවිත් කථා යැ, ධර්‍මචක්‍ර කථා යැ, ලෝකෝත්තර කථා යැ, බල කථා යැ, ශූන්‍ය කථා යැ’යි.
3. ප්‍රඥා වර්‍ගය
ප්‍රඥා කථා
අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, දුක්ඛානුපස්සනාව වඩනා ලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී නිබ්බේධිකප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී මහාප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී තීක්‍ෂණප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි. විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා වඩනාලද්දී විපුලප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ගම්භීරප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පාණ්ඩිත්‍යය පරිපූර්‍ණ කෙරෙති, මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්:
හාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් (යථෝක්ත) අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරන ලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙත්.
රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු පාණ්ඩිත්‍යය පරිපූර්‍ණ කෙරෙති, මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති, මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
හාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්: ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පණ්ඩිත බව පරිපූර්‍ණ කෙරෙති. මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
හාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය වඩනාලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
රූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී නිර්වේධික (ප්‍රණිධිවිදාරණ) ප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරන ලද්දී මහාප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී තීක්‍ෂණප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී විපුලප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවන ප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ගම්භීරප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවන ප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු පණ්ඩිත බව පරිපූර්‍ණ කෙරෙති. මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
හාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය වඩනාලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි, නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි, ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද: අතීත-අනාගත-වර්‍තමාන වූ ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලදී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-වර්‍තමාන වූ ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලදී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලදී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත- වර්‍තමාන වූ ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
මහණෙනි, මේ ධර්‍මයෝ සතර දෙනෙක් වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු සෝවාන්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්. කවර සතර ධර්‍ම කෙනෙකැ යත්: සත්පුරුෂසංසේවන යැ සද්ධර්‍මශ්‍රවණ යැ යෝනිසෝමනස්කාර යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යි. මහණෙනි, මේ සතර ධර්‍මයෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු සෝවාන්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්.
මහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු සකෘදාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත් ... අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්. කවර සතර ධර්‍ම කෙනෙකැ යත්: සත්පුරුෂසංසේවන යැ සද්ධර්‍මශ්‍රවණ යැ යෝනිසෝමනස්කාර යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යි. මහණෙනි, මේ සතර ධර්‍මයෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්.
මහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවතිත් ... ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත් ... ප්‍රඥාවගේ විපුලභාවය පිණිස පවතිත් . (මහදර්‍ත්‍ථප්‍රතිවේධක බැවින්) මහා ප්‍රඥා බව පිණිස පවතිත්. (නානාර්‍ත්‍ථප්‍රතිවේධක බැවින්) පෘථුප්‍රඥා බව පිණිස පවතිත් ... විපුලප්‍රඥා බව පිණිස පවතිත් ... ගම්භිරප්‍රඥා බව පිණිස පවතිත් ... (යට යට ප්‍රඥා මතු මතු ප්‍රඥාවනට අනාසන්න බැවින්) අසාමන්තප්‍රඥා බව පිණිස පවතිත් ... භූරිප්‍රඥා බව පිණිස පවතිත් ... ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත් ... (ශීඝ්‍ර වැ අර්‍ත්‍ථ ප්‍රතිවේධ කරන) ශීඝ්‍රප්‍රඥා බව පිණිස පවතිත් ... (යුහු වැ අර්‍ත්‍ථප්‍රතිවේධ කරන) ලඝුප්‍රඥා බව පිණිස පවතිත් ... (තුෂ්ටි බහුල බැවින්) හාසප්‍රඥා බව පිණිස පවතිත් ... ජවනප්‍රඥා බව පිණිස පවතිත් ... තීක්‍ෂණප්‍රඥා බව පිණිස පවතිත් ... නිර්වේධිකප්‍රඥා බව පිණිස පවතිත් ... කවර සතර ධර්‍ම කෙනෙකැ යත්: සත්පුරුෂසංසේවන යැ සද්ධර්‍මශ්‍රවණ යැ යෝනිසෝමනස්කාර යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යි. මහණෙනි, මේ සතර ධර්‍මයෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවතිත් ... ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත් ... නිර්වේධිකප්‍රඥා බව පිණිස පවතිත්.
පඤ්ඤාපටිලාභාය සංවත්තන්ති යනු: ප්‍රඥාප්‍රතිලාභ නම් කවරේද යත්: සතර මාර්‍ගඥානය සතර ඵලඥානය සතර ප්‍රතිසංවිද්ඥානය ෂඩ් අභිඥාඥානය තෙසැත්තෑනුවණ සත්සැත්තෑනුවණ යන මොවුන්ගේ ලාභය ප්‍රතිලාභය ප්‍රාප්තිය සම්ප්‍රාප්තිය ස්පර්‍ශනය සාක්‍ෂාත්කරණයන් උපසම්ප්‍රාප්තිය ප්‍රඥාව ලැබීම පිණිස පවතිත් නු’ යි. මේ ප්‍රඥාප්‍රතිලාභ නමි.
පඤ්ඤාවුද්ධියා සංවත්තන්ති යත්: ප්‍රඥාවෘද්ධි නම් කවරැ යත්: සප්ත ශෛක්‍ෂයන්ගේ ද කල්‍යාණපෘථග්ජනයාගේ ද ප්‍රඥාව වැඩෙයි, රහත්හුගේ ප්‍රඥාව වැඩුණු වැඩීම් ඇතතී යැ, ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත් නු’ යි මේ ප්‍රඥාවෘද්ධි නමු.
පඤ්ඤාවේපුල්ලාය සංවත්තන්ති යත්: ප්‍රඥාවෛපුල්‍ය නම් කවරැ යත්: සප්ත ශෛක්‍ෂයන්ගේ ද කල්‍යාණ පෘථග්ජනයාගේ ද ප්‍රඥාව විපුල බවට යයි, රහත්හුගේ ප්‍රඥාව විපුල බවට ගියා වෙයි. ප්‍රඥාවගේ විපුල බව පිණිස පවතිත් නු’ යි මේ ප්‍රඥාවෛපුල්‍ය නමි.
මහාපඤ්ඤතාය සංවත්තන්ති යනු: මහාප්‍රඥා නම් කවර යත් (පිළීසැඹීයාපත් ආර්‍ශ්‍රාවක තෙම) මහත් වූ අර්‍ත්‍ථයන් (ආලම්බනකරණයෙන්) පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ධර්‍මයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ නිරුක්තීන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ප්‍රතිභානයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ශීලස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ සමාධිස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ප්‍රඥාස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ විමුක්තිස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ස්ථානාස්ථානයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ විහාරසම්පත්තීන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ආර්‍ය්‍යසත්‍යයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ සතිපට්ඨානයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ සම්‍යක්ප්‍රදහනයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ඍද්ධිපාදයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ඉන්‍ද්‍රියයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ බලයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ බෝධ්‍යඞ්ගයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ශ්‍රාමණ්‍යඵලයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ අභිඥාවන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ පරමාර්‍ත්‍ථ නිර්‍වාණය පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යි. මහාප්‍රඥා බව පිණිස පවතිත් නු’ යි මේ මහාප්‍රඥා නමි.
පුථුපඤ්ඤතාය සංවත්තන්ති යත්: පෘථුප්‍රඥා නම් කවර යත් පෘථුනානාස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාධාතුන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාආයතනයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාප්‍රතිත්‍යසමුත්පාදයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාශුන්‍යතානුපලබ්ධින්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඅර්‍ත්‍ථයන් හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාධර්‍මයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානානිරුක්තීන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාප්‍රතිභානයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාශීලස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාසමාධිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාප්‍රඥාස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාවිමුක්තිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාස්ථානාස්ථානයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාවිහාරසම්පත්තීන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාආර්‍ය්‍යසත්‍යයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාසතිපට්ඨානයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාසම්‍යක්ප්‍රදහනයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඍද්ධිපාදයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඉන්‍ද්‍රියයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාබලයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාබොධ්‍යඞ්ගයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාආර්‍ය්‍යමාර්‍ගයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාශ්‍රාමණ්‍යඵලයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඅභිඥාවන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාජනසාධාරණ ධර්‍මයන් ඉක්ම පරමාර්‍ත්‍ථ සංඛ්‍යාත නිර්‍වාණයෙහි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, ‘පුථුපඤ්ඤතාය සංවත්තන්ති’යි මෝ පෘථුප්‍රඥා නමු.
විපුලපඤ්ඤතාය සංවත්තන්ති යත්: විපුලප්‍රඥා නම් කවර යත්: විපුල වූ අර්‍ත්‍ථයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ධර්‍මයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ නිරුක්තීන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ප්‍රතිභානයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ශීලස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ සමාධිස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ප්‍රඥාස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ විමුක්තිස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ විහාරසම්පත්තීන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ සතිපට්ඨානයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ සම්‍යක්ප්‍රදහනයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ඍද්ධිපාදයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ඉන්‍ද්‍රියයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ බලයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ බෝධ්‍යඞ්ගයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ආර්‍ය්‍යමාර්‍ගයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, ‘විපුලපඤ්ඤතාය සංවත්තන්ති’යි මෝ විපුලප්‍රඥා නමු.
ගම්භීරපඤ්ඤතාය සංවත්තන්ති යත්: ගම්භීරප්‍රඥා නම් කවරැ යත් ගැඹුරු වූ ස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ධාතුන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ආයතනයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ප්‍රතිත්‍යසමුත්පාදයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ශුන්‍යතානුපලබ්ධින්හින්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ අර්‍ත්‍ථයන් හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ධර්‍මයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ නිරුක්තීන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ප්‍රතිභානයන්හි ඥානය පවතී නු’යි ගම්භීරඥා යැ, ගැඹුරු වූ ශීලස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ සමාධිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ප්‍රඥාස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ විමුක්තිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ස්ථානාස්ථානයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ විහාරසම්පත්තීන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ආර්‍ය්‍යසත්‍යයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ සතිපට්ඨානයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ සම්‍යක්ප්‍රදහනයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ඍද්ධිපාදයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ඉන්‍ද්‍රියයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ බලයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ බෝධ්‍යඞ්ගයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ආර්‍ය්‍යමාර්‍ගයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ශ්‍රාමණ්‍යඵලයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ අභිඤ්ඤාවන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ පරමාර්‍ත්‍ථනිර්‍වාණයෙහි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යි. ‘ගම්භීරපඤ්ඤතාය සංවත්තන්ති’යි මෝ ගම්භීරප්‍රඥා නමු.
අසමාන්තපඤ්ඤතාය සංවත්තන්තී යත්: අසමාන්තප්‍රඥා නම් කවරැ යත්: යම් පුද්ගලයක්හු විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ඥානයෙන් පහස්නාලද වේ ද, ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ ද, නිරුක්ති නිශ්චය කිරීම් වශයෙන් නිරුක්ති ප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ ද, ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ ද, ඔහුගේ අර්‍ත්‍ථයෙහි ද ධර්‍මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද අන් කිසිවෙක් (ඥානගතියෙන්) පැමිණෙන්නට නොහැකි වෙයි. හෙතෙම අන්‍යයන් විසින් නොපැමිණිය හැක්කේ ද වේ නු’යි ‘අසමාන්තප්‍රඥා’ නම් වේ.
පෘථග්ජනකල්‍යාණකයාගේ ප්‍රඥාව අෂ්ටමකයා (ශ්‍රෝතාපන්නමාර්‍ගස්ථයා) ගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. පෘථග්ජනකල්‍යාණකයා පිණිස අෂ්ටමක තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. අෂ්ටමකයාගේ ප්‍රඥාව ශ්‍රෝතාපන්නයාගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. අෂ්ටමකයා පිණිස ශ්‍රෝතාපන්න තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. ශ්‍රෝතාපන්නයාගේ ප්‍රඥාව සකෘදගාමීහුගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. ශ්‍රෝතාපන්නයා පිණිස සකෘදාගාමී තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. සකෘදගාමීහුගේ ප්‍රඥාව අනාගාමීහුගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. සකෘදගාමීහු පිණිස අනාගාමීහු තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. අනාගාමීහුගේ ප්‍රඥාව රහත්හුගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. අනාගාමීහු පිණිස රහත්හු අසාමන්තප්‍රාඥ නම් වෙයි. රහත්හුගේ ප්‍රඥාව පසේ බුදුන්ගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. රහතුන් පිණිස පසේ බුදුහු අසාමන්තප්‍රාඥ නම් වෙයි. පසේ බුදුන්ද සදේවකලෝකයා ද පිණිස තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ අග්‍ර වූ අසාමන්තප්‍රාඥයහ, ප්‍රඥාප්‍රභේදයෙහි ඡේකයහ, ප්‍රභේදප්‍රාප්තඥාන ඇතියහ, ලබනලද ප්‍රතිසංවිද්ඥාන ඇතියහ, චතුර්වෛශාරද්‍යප්‍රාප්තයහ දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුශාජානියහ, පුරුෂධෞරෙයහ, අනන්තඥාන ඇතියහ, අනන්තතේජස් ඇතියහ, අනන්තයශස් ඇතියහ, ආඪ්‍යයහ, මහද්ධන අතියැහ, ධනවත්හ, නේතෘහ, විනෙතෘහ, අනුනේතෘහ, පනවනුවහ, නිශ්චය කරවනුවහ (පිළිවෙත්) දක්වනුවහ, පහදවනුවහ.
තවද ඒ බුදුහු නූපන් මාර්‍ගය (ස්වසන්තානයෙහි) උපදවනුහ, අසඤ්ජාතමාර්‍ගය (වෛනෙයසන්තානයෙහි) දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරවනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂාවෙන්) මාර්‍ගය දතුවහ, (වෛනෙයසන්තානයෙහි දැනැවියයුතු) මාර්‍ගය දන්නසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ගය හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත්.
තවද ඒ බුදුහු දතයුතු (ඥේයධර්‍මය) දනිති, දැක්ක යුත්ත (නුවණැසින්) දකිති, ඇසක් මෙන් වූවහ, ඥානමය වූවහ, ධර්‍මමය වූවහ, ශ්‍රේෂ්ඨ වූවහ, වක්තෘහ, ප්‍රවක්තෘහ, අර්‍ත්‍ථය එළවා දක්වනුවහ, අමෘතය දෙනුවහ, ධර්‍ම ස්වාමිහ, තථාගතයහ, ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නාලද්දක් (සව්නේ දත් නැණින්) නොදක්නා ලද්දක් අවිදිත වූවෙක් ප්‍රත්‍යක්‍ෂ නො කරනලද්දෙක් ප්‍රඥායෙන් නො පහස්නාලද්දෙක් නැති. ඥේය නම් වූ දත යුතුයම් කිසි ධර්‍මයක් වේද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන්ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙති. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථය ද, සාම්පරායිකාර්‍ත්‍ථය ද උත්තානාර්‍ත්‍ථය ද ගම්භිරාර්‍ත්‍ථය ද ගුඪාර්‍ත්‍ථයද ප්‍රතිච්ඡන්නාර්‍ත්‍ථය ද නෙය්‍යාර්‍ත්‍ථය ද නීතාර්‍ත්‍ථය ද අනවද්‍යාර්‍ත්‍ථය ද නික්ලේශාර්‍ත්‍ථය ද පරිශුද්ධාර්‍ත්‍ථය ද පරමාර්‍ත්‍ථය ද (නිර්‍වාණාර්‍ත්‍ථය ද) ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී. සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.
අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (නිරාවරණ) යැ, අනාගතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත යැ, දතයුත්ත යම් පමණ ද ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද ඥේයය එපමණ යැ, ඥානය ඥේය පර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී. ඥානය ඉක්මැ ඥේයපථයක් නැති. ඒ ධර්‍මයෝ අන්‍යො’න්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ, යම්සේ මනාකොට පැහෑසූ සුමුගුපටල දෙකෙකින් යට සුමුගුපටල උපරිමය නොයික්මවාද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නොයික්මැ සිටීද, ඔහු ඔවුනොවුන්ගේ කෙළවර සිටුනාසුලු වෙත්ද, එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යො’න්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ. යම්තාක් ඥේයය ද ඒ තාක් ඥානය යැ, යම්තාක් ඥානය ද ඒ තාක් ඥේයය යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥේයපථයක් නැති. ඒ දහම්හි අන්‍යො’න්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනා සුල්ලහ. හැම දහම්හි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී.
හැම දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති,රුචිප්‍රතිබද්ධයහ, මනසිකාරප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාදප්‍රතිබද්ධයහ,හැම සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු හැම සතුන්ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, අල්ප වූ කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදී) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර ආකාර ඇති ගර්හිත ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි භව්‍යාභව්‍යසත්‍වයන් දනිති, මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත වූ ලෝවැසි තෙම මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව බුද්ධඥානය තුළ පවතී, යම්සේ තිමිතිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම් ඔහු මහමුහුද තුල පවතිත්ද එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදේවමනුෂ්‍යප්‍රජාව බුද්ධඥානය තුළ පවතී. යම්සේ විනතාපුත්‍ර ගුරුළුරජහු පටන්කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම් ඔහු අගසැ පෙදෙසෙක හැසිරෙත්ද, එසේයින්මැ යම් කෙනෙක් නැණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම් ඔහුද බුද්ධඥානයා ගේ පෙදෙසෙක පවත්නාහු යැ බුද්ධඥානය දෙව්මිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඬගෙන සිටි මැ යැ. නිපුණ වූ කල පරවාද ඇති වල්විදුනා දුනුවායන් සෙයින් ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය ... බ්‍රාහ්මණ ... ගෘහපති ... ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගුඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න සකස් කොටගෙන බුදුන් කරා පැමිණ විචාරති.
ඒ ප්‍රශ්නයෝ බුදුන් විසින් සකාරණ වැ කියන ලද්දාහු ද විසඳන ලද්දාහු ද වෙති. තවද ඔහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූවාහු මැ වෙත්. යළි බුදුහු එහි ප්‍රඥායෙන් අතිශයින් බබළත්. මේ කරුණින් අග්‍ර නම් වෙත්. ‘අසාමන්තපඤ්ඤතාය සංවත්තන්ති’යි. මේ අසාමන්තප්‍රාඥා නමු.
භූරිපඤ්ඤතාය සංවත්තන්තී යත්: භූරිප්‍රඥා නම් කවරැ යත්: රාගය අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ද්වේෂය අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, මෝහය අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ක්‍රෝධය ... උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සාඨෙය්‍යය ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය ... මදය ... ප්‍රමාදය ... සියලු ක්ලේශයන් ... සියලු දුශ්චරිතයන් ... සියලු අභිසංස්කාරයන් ... සියලු භවගාමීකර්‍මයන් අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු.
රාගය සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ද්වේෂය සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, මෝහය සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ක්‍රෝධය ... උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සඨ බව ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය … මදය ... ප්‍රමාදය ... සියලු ක්ලේශයෝ ... සියලු දුශ්චරිතයෝ ... සියලු අභිසංස්කාරයෝ ... සියලු භවගාමීකර්‍මයෝ සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු. පෘථිවිය ‘භූරි’ යි කියනු ලැබේ. ඒ පෘථිවිය සම වූ විස්තෘත වූ විපුල වූ ප්‍රඥායෙන් යුක්ත වූයේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු තවද ප්‍රඥාවට තෙල නමෙකි. ‘භූරි මේධා පරිණායිකා’යි ‘භූරිපඤ්ඤා’ නමු. ‘භූරිපඤ්ඤතාය සංවත්තන්තී’යි මෝ භූරිපඤ්ඤා’ නමු.
පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තී යත්: ප්‍රඥාබාහුල්‍ය නම් කවර යත්: මේ ශාසනයෙහි කිසිවෙක් ප්‍රඥාගරුක වූයේ ප්‍රඥාචරිත ඇත්තේ ප්‍රඥාශය වූයේ ප්‍රඥාධිමුක්ත වූයේ ප්‍රඥාව ධ්වජ කොට ඇත්තේ ප්‍රඥාව කේතු කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ දහම් විමසීම බහුල කොට ඇත්තේ නානාප්‍රකාරයෙන් දහම් විමසීම බහුල කොට ඇත්තේ ප්‍රඥායෙන් බැසගෙන දහම් ප්‍රකට කිරීම බහුල කොට ඇත්තේ මොනොවට ප්‍රකට කිරීම බහුල කොට ඇත්තේ ධර්‍මයන් මනාකොට දක්නා ස්වභාව ඇත්තේ විභූතවිහරණ ඇත්තේ ඒ ප්‍රඥාචරිත ඇත්තේ ඒ ප්‍රඥාව ගුරුකොට ඇත්තේ ඒ ප්‍රඥාව බහුල කොට ඇත්තේ ඒ ප්‍රඥාවට නිම්නප්‍රවණප්‍රාග්භාර වූයේ ඒ ප්‍රඥායෙහි අධිමුක්ත වූයේ ඒ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ වෙයි. යම්සේ ගණගරුක වූයේ ‘ගණබාහුලික’යි කියනු ලැබේද, චීවරගරුක වූයේ ‘චීවරබාහුලික’යි කියනු ලැබේද, පාත්‍රගරුක වූයේ ‘පාත්‍රබාහුලික’යි කියනු ලැබේද, සේනාසනගරුක වූයේ ‘සේනාසනබාහුලික’යි කියනු ලැබේද, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි කිසිවෙක් ප්‍රඥාගරුක වූයේ ප්‍රඥාචරිත ඇත්තේ ප්‍රඥාශය වූයේ ප්‍රඥාධිමුක්ත වූයේ ප්‍රඥාව ධ්වජ කොට ඇත්තේ ප්‍රඥාව කේතු කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ දහම් විමසීම බහුල කොට ඇත්තේ නානාප්‍රකාරයෙන් දහම් විමසීම බහුල කොට ඇත්තේ ඔක්ඛායන බහුල කොට ඇත්තේ සමොක්ඛායන බහුල කොට ඇත්තේ සම්පෙක්ඛායන බහුල කොට ඇත්තේ විභූතවිහරණ ඇත්තේ තච්චරිත … තද්ගරුක ... තද්බහුල ... තන්නින්ත ... තත්ප්‍රවණ ... තත්ප්‍රාග්භාර ... තදධිමුක්ත වූයේ තදධිපති වූයේ වෙයි. ‘පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තී’යි මේ ප්‍රඥාබාහුල්‍ය නමි.
සීඝපඤ්ඤතාය සංවත්තන්තී යත්: ශීඝ්‍රප්‍රඥා නම් කවර යත්: ශීඝ්‍රශීඝ්‍ර වැ ශීලයන් පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ භෝජනයෙහි මාත්‍රඥතාව පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ජාගර්‍ය්‍යානුයෝගය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ශීලස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ සමාධිස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ප්‍රඥාස්කන්‍ධ පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ විමුක්තිස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ විහාරසම්පත්තීන් පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ සතිපට්ඨානයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ සම්‍යක්ප්‍රදහනයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ඍද්ධිපාදයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ඉන්‍ද්‍රියයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ බලයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ බෝධ්‍යඞ්ගයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ආර්‍ය්‍යමාර්‍ගය වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ශ්‍රාමණ්‍යඵලයන්සාක්‍ෂාත් කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය සාක්‍ෂාත් කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ‘සීඝපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ ශීඝ්‍රප්‍රඥා නමු.
ලහුපඤ්ඤතාය සංවත්තන්තී යත්: ලහුප්‍රඥා නම් කවර යත්: යුහුයුහු වැ ශීලයන් පරිපූර්‍ණ කෙරේනු’යි ‘ලහුපඤ්ඤා’ නමු. යුහුයුහු වැ ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ කෙරේනු’යි ‘ලහුපඤ්ඤා’ නමු. යුහුයුහු වැ බොජුන්හි පමණ දන්නා බව පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ජාගර්‍ය්‍යානුයෝගය පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ශීලස්කන්‍ධය ... සමාධිස්කන්‍ධය ... ප්‍රඥාස්කන්‍ධ ... විමුක්තිස්කන්‍ධය ... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ විහාරසම්පත්තීන් පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ සතිපට්ඨානයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ සම්‍යක්ප්‍රදහනයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ඍද්ධිපාදයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ඉන්‍ද්‍රියයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ බලයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ බෝධ්‍යඞ්ගයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ආර්‍ය්‍යමාර්‍ගයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. ‘ලහුපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ ලහුපඤ්ඤා නමු.
හාසපඤ්ඤතාය සංවත්තන්තී යත්: හාසප්‍රඥා නම් කවර යත්: මේ සසුන්හි කිසිවෙක් ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ශීලයන් පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ භෝජනයෙහි මාත්‍රඥතාව පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ජාගර්‍ය්‍යානුයෝගය පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ශීලස්කන්‍ධය ... සමාධිස්කන්‍ධය ... ප්‍රඥාස්කන්‍ධ ... විමුක්තිස්කන්‍ධය ... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ... ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ... විහාරසම්පත්තීන් පරිපූර්‍ණ කෙරේනු’යි ... ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේනු’යි ... සතිපට්ඨානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ... සම්‍යක්ප්‍රධානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ඍද්ධිපාදයන් වඩානු’යි ... ඉන්‍ද්‍රියයන් වඩානු’යි ... බලයන් වඩානු’යි ... බෝධ්‍යඞ්ගයන් වඩානු’යි ... ආර්‍ය්‍යමාර්‍ගයන් වඩානු’යි ... ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි හාසප්‍රඥා යි. ‘හාසපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ හාසප්‍රඥා නමු.
ජවනපඤ්ඤතාය සංවත්තන්තී යත්: ජවනප්‍රඥා නම් කවර යත්: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හින වේවයි ප්‍රණීත වේවයි අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් වේද දුරැ වූ හෝ ළග වූ හෝ යම් කිසි රූපයෙක් වේද ඒ සියලු රූපය අනිත්‍ය හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, දුඃඛ හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, අනාත්ම හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හින වේවයි ප්‍රණීත වේවයි අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් දුරැ වූ හෝ ළග වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, ඒ හැම විඥානය අනිත්‍ය හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, දුඃඛ හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, අනාත්ම හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි. චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, දුඃඛ හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, අනාත්ම හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය ක්‍ෂයාර්‍ත්‍ථයෙන් අනිත්‍ය යැ භයාර්‍ත්‍ථයෙන් දුඃඛ යැ අසාරකාර්‍ත්‍ථයෙන් අනාත්ම යැයි තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට රූපනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය ක්‍ෂයාර්‍ත්‍ථයෙන් අනිත්‍ය යැ භයාර්‍ත්‍ථයෙන් දුඃඛ යැ අසාරකාර්‍ත්‍ථයෙන් අනාත්ම යැයි තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ජරාමරණනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය අනිත්‍ය යැ සඞ්ඛත යැ ප්‍රතිත්‍යසමුප්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ වයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරෝධධර්‍ම යැ’යි තුලනය කොට තීරණය කොට ප්‍රකට කොට ස්ඵුට කොට රූපනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ. වේදනාව … සංඥාව … සංස්කාරයෝ … විඥානය … චක්‍ෂුස .. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය යැ සංඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ ව්‍යයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරෝධධර්‍ම යැ’යි තුලනය කොට තීරණය කොට ප්‍රකට කොට ස්ඵුට කොට ජරාමරණනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි. ‘ජවනපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ ජවනප්‍රඥා නම් වේ.
තික්ඛපඤ්ඤතාය සංවත්තන්තී යත්: තීක්‍ෂණප්‍රඥා නම් කවරැ යත්: වහා කෙලෙසුන් සිඳී නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් කාම විතර්‍කය සන්තානයට නඟා වාසය නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් ව්‍යාපාදවිතර්‍කය අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් විහිංසා විතර්‍කය අධිවාස නො කරවයි ... උපනුපන් ලාමක අකුසල ධර්‍මයන් අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් රාගය අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් ද්වේෂය ... උපන් මෝහය ... උපන් ක්‍රෝධය ... උපන් උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සාඨෙය්‍යය ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය … මදය ... ප්‍රමාදය ... හැම කෙලෙසුන් ... හැම දුශ්චරිතයන් ... හැම අභිසංස්කාරයන් ... හැම භවගාමීකර්‍මයන් අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, එක් අසුන්හි හිඳ සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝද සතර ප්‍රතිසංවිද්හුද ෂට්අභිඥාවෝද අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරන ලද වෙත නු’යි තීක්‍ෂණප්‍රඥා යි. ‘තික්ඛපඤ්ඤතාය සංවත්තන්තී’ මෝ තීක්‍ෂණප්‍රඥා නමු.