අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්: (3)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයාහට අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හේ භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට විමෝක්‍ෂභාවනා නැති. (1)
දුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හේ භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට විමෝක්‍ෂභාවනා නැති. (2)
අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි. යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හේ භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට විමෝක්‍ෂභාවනා නැති. (3)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂ බහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, ප්‍රතිවේධකාලයෙහි කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අරුතෙකින් භාවනා වේ ද, කවර අරුතෙකින් ප්‍රතිවේධය වේ ද යත්: (1)
දුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයයයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, ප්‍රතිවේධකාලයෙහි කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, ... ඒකරස වෙත් ද, කවර අරුතෙකින් භාවනා වේ ද, කවර අරුතෙකින් ප්‍රතිවේධය වේ ද යත්:
අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, ප්‍රතිවේධ කාලයෙහි කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද ... ඒකරස වෙත් ද, කවර අරුතෙකින් භාවනා වේ ද, කවර අරුතෙකින් ප්‍රතිවේධය වේ ද යත්: (3)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයාහට අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ප්‍රතිවේධ කාලයෙහි අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙති, ප්‍රතිවේධය පිණිස (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි. මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ. (1)
දුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ප්‍රතිවේධ කාලයෙහි අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති ... ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි. මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ. (2)
අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ප්‍රතිවේධ කාලයෙහි ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති ... ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි. මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ. (3)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට කවර විමෝක්‍ෂයෙක් බලවත් වේ ද, කවර විමෝක්‍ෂයෙක්හු බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වේ ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට කවර විමෝක්‍ෂයෙක් බලවත් වේ ද, කවර විමෝක්‍ෂයෙක්හු බලවත් බැවින් කායසාක්‍ෂි වේ ද, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට කවර විමෝක්‍ෂයෙක් බලවත් වේ ද, කවර විමෝක්‍ෂයෙක්හු බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ ද යත්: (1)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට අනිමිත්තවිමෝක්‍ෂය බලවත් වෙයි. අනිමිත්තවිමෝක්‍ෂය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට අප්‍රණිහිතවිමෝක්‍ෂය බලවත් වෙයි, අප්‍රණිහිතවිමෝක්‍ෂය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට ශුන්‍යතවිමෝක්‍ෂය බලවත් වෙයි, ශුන්‍යතවිමෝක්‍ෂය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ. (2)
හදහමින් විමුක්ත නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ (ධ්‍යානස්පර්‍ශය) පහස්නා ලද බැවින් (නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කරනලදනු’යි කායසාක්‍ෂි යැ (ප්‍රඥේන්‍ද්‍රියයෙන්) දක්නා ලද බැවින් (නිවනට) පැමිණියේ නු’යි දෘෂ්ටිප්‍රාප්ත යැ හදහමින් මිදේ නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ ධ්‍යානස්පර්‍ශය පළමු වැ ස්පර්‍ශ කෙරෙයි, පසු වැ නිරෝධසඞ්ඛ්‍යාත නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කෙරේ නු’යි කායසාක්‍ෂි යැ ‘සංස්කාරයෝ දුඃඛයෝ යැ නිරෝධය සුඛය’ යැයි දන්නා ලද, දක්නාලද, ප්‍රකට කරණ ලද, ප්‍රත්‍යක්‍ෂ කරන ලද, ස්පර්‍ශකරන ලද වේ නු’යි දෘෂ්ටිප්‍රාප්ත වේ ...
යම් කිසි කෙනෙක් නෛෂ්ක්‍රම්‍යය වැඩුහු ද වඩත් ද වඩන්නාහු ද ... එ හැම දෙන අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්තයෝ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂිහු යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්තයෝ යි.
යම් කිසි කෙනෙක් අව්‍යාපාදය ... අලෝකසංඥාව ... අවික්‍ෂේපය ... යම් කිසි කෙනෙක් දුඃඛ්‍ය පරිජානනය කෙරෙත් ද ... සමුදය දුරු කෙරෙත් ද ... නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද ... මාර්‍ගය වඩත් ද, එ හැම දෙන අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්තයෝ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂීහු යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්තයෝ යි.
කිහි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද: සියු අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, සියු අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ.
දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියා ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරේ. මේ සියු අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි. මේ සියු අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂි යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත යි.
කිහි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධය කෙරේ ද: නව අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, නව අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි, දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි ... හැම ධර්‍මයන්ගේ අභිඥාප්‍රතිවේධය ද හැම සංස්කාරයන්ගේ පරිඥාප්‍රතිවේධය ද හැම අකුශලයන්ගේ ප්‍රහාණප්‍රතිවේධය ද සතර මාර්‍ගයන්ගේ භාවනා ප්‍රතිවේධය ද නිරෝධයාගේ සාක්‍ෂාත් ක්‍රියාප්‍රතිවේධය ද යන මේ නව අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි. මේ නව අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂි යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත යි.
අනිත්‍ය විසින් මෙනෙහිකරනුයේ කවර ධර්‍මයන් යථාස්වභාවයෙන් දනී ද, දකී ද, කිසෙයින් සම්‍යග්දර්‍ශනය වේ ද, කිසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ අනිත්‍ය හෙයින් මොනොවට දක්නාලද්දාහු වෙත් ද, කොහි සැකය ප්‍රහීණ වේ ද: (1)
දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ කවර ධර්‍මයන් යථාස්වභාවයෙන් දනී ද, දකී ද, කිසෙයින් සම්‍යග්දර්‍ශනය වේ ද, කිසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ දුඃඛ හෙයින් මොනොවට දක්නාලද්දාහු වෙත් ද, කොහි සැකය ප්‍රහීණ වේ ද: (2)
අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ කවර ධර්‍මයන් යථාස්වභාවයෙන් දනී ද, දකී ද, කිසෙයින් සම්‍යග්දර්‍ශනය වේ ද, කිසෙයින් එය අනුව යෑමෙන් හැම ධර්‍මයෝ අනාත්ම හෙයින් මොනොවට දක්නාලද්දාහු වෙත් ද, කොහි සැකය ප්‍රහීණ වේ ද යත්: (3)
අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුයේ නිමිත්ත යථාස්වභාවයෙන් දනී, දකී. එයින් කියනු ලැබෙයි ‘සම්‍යග්දර්‍ශන’ යනු. මෙසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ අනිත්‍ය හෙයින් මොනොවට දක්නා ලද්දාහු වෙති, මෙහි සැකය ප්‍රහීණ වේ. (1)
දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ ප්‍රවෘත්තිය යථාස්වභාවයෙන් දනී, දකී. එයින් කියනු ලැබෙයි ‘සම්‍යග්දර්‍ශන’ යි. මෙසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ දුඃඛ හෙයින් මොනොවට දක්නා ලද්දාහු වෙති, මෙහි සැකය ප්‍රහීණ වේ. (2)
අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ නිමිත්තත් ප්‍රවෘත්තියත් යථාස්වභාවයෙන් දනී, දකී. එයින් කියනු ලැබෙයි ‘සම්‍යග්දර්‍ශන’ යි. මෙසෙයින් එය අනුව යෑමෙන් හැම ධර්‍මයෝ අනාත්ම හෙයින් මොනොවට දක්නා ලද්දාහු වෙති, මෙහි සැකය ප්‍රහීණ වේ. (3)
යම් යථාභූතඥානයෙකුත් වේ ද, යම් සම්‍යග්දර්‍ශනයෙකුත් වේ ද, යම් සැකදුරු කිරීමෙකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථද ඇත්තාහු මැ නානා ව්‍යඤ්ජන ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන නානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් යථාභූතාඥානයෙකුත් වේ ද, යම් සම්‍යග්දර්‍ශනයෙකුත් වේ ද යම් සැක දුරු කිරීමෙකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ ව්‍යඤ්ජන මැ වෙනසි.
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කුමක් භය හෙයින් වටහා ද, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට කුමක් භය හෙයින් වටහා ද, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට කුමක් භය හෙයින් වටහා ද යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට නිමිත්ත භය හෙයින් වටහයි, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රවෘත්තිය භය හෙයින් වටහයි, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට නිමිත්තත් ප්‍රවෘත්තියත් භය හෙයින් වටහා.
යම් භයතුපට්ඨාන ප්‍රඥාවකුත් වේ ද, යම් ආදීනව ඥානයෙකුත් වේ ද, යම් නිබ්බිදාවකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද ඇත්තාහු මැ නානා ව්‍යඤ්ජනත් ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන නානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් භයතුපට්ඨාන ප්‍රඥාවකුත් වේ ද, යම් ආදීනව ඥානයෙකුත් වේ ද, යම් නිබ්බිදාවකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ ව්‍යඤ්ජන මැ වෙනසි.
යම් අනත්තානුපස්සනාවකුත් වේ ද, යම් සුඤ්ඤතානුපස්සනාවකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද ඇත්තාහු මැ නානා ව්‍යඤ්ජන ද ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන නානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් අනත්තානුපස්සනාවකුත් යම් සුඤ්ඤතානුපස්සනාවකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ. ව්‍යඤ්ජන මැ වෙනසි.
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට කුමක් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට කුමක් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට කුමක් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී ද යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට සංස්කාර නිමිත්ත ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රවෘත්තිය ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට නිමිත්තත් ප්‍රවෘත්තියත් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී. (1)
යම් මුඤ්චිතුකම්‍යතා ඥානයෙකුත් වේ ද, යම් පටිසඞ්ඛානුපස්සනා ඥානයෙකුත් වේ ද, යම් සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජනනානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් මුඤ්චිතුකම්‍යතා ඥානයෙකුත් වේ ද, යම් පටිසඞ්ඛානුපස්සනා ඥානයෙකුත් වේ ද, යම් සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ. ව්‍යඤ්ජන මැ වෙනසි. (2)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට කොයින් සිත නැඟීසිටී ද, කොහි සිත පිවිසගනී ද, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට කොයින් සිත නැඟීසිටී ද, කොහි සිත පිවිසගනී ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට කොයින් සිත නැඟීසිටී ද, කොහි සිත පිවිසගනී ද යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට සංස්කාර නිමිත්ත කෙරෙන් සිත නැඟීසිටියි, අනිමිත්ත සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි සිත පිවිසගනියි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රවෘත්තියෙන් සිත නැඟී සිටියි, අප්‍රවෘත්තියෙහි සිත පිවිසගනියි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට නිමිත්ත කෙරෙන් ද ප්‍රවෘත්තිය කෙරෙන් ද සිත නැඟී සිටියි, අනිමිත්තයෙහි අප්‍රවෘත්තියෙහි නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසගනී. (3)
සංස්කාරනිමිත්ත කෙරෙන් නැඟී පරාම්මුඛ වැ සිටුනා යම් ප්‍රඥාවකුත් වේ ද, යම් ගෝත්‍රභූ ධර්‍ම කෙනෙකුත් වෙත් ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් ඇත්තාහු ද නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජනනානාත්‍ව මැ ඇත්තාහු ද, යත්: යම් බහිද්ධා වුට්ඨාන විවට්ටන ප්‍රඥාවකුත් වේ ද, යම් ගෝත්‍රභූ ධර්‍ම කෙනෙකුත් වෙත් ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ. ව්‍යඤ්ජන මැ වෙනසි. (4)
අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුයේ කවර විමෝක්‍ෂයෙකින් මිදේ ද, දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ කවර විමෝක්‍ෂයෙකින් මිදේ ද, අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ කවර විමෝක්‍ෂයෙකින් මිදේ ද යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුයේ අනිමිත්ත විමෝක්‍ෂයෙන් මිදෙයි, දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ අප්‍රණිහිත විමෝක්‍ෂයෙන් මිදෙයි, අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ ශුන්‍යත විමෝක්‍ෂයෙකින් මිදේ (5)
කෙලෙසුන් කෙරෙන් ද සංස්කාරනිමිත්ත කෙරෙන් ද යන දෙකින් නැඟී පරාම්මුඛ වැ සිටුනා යම් ප්‍රඥාවකුත් වේ ද, යම් මාර්‍ගඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් ඇත්තාහු ද නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජනනානාත්‍ව මැ ඇත්තාහු ද, යත්: යම් දුභතෝවුට්ඨානවිවට්ටන ප්‍රඥාවකුත් වේ ද, යම් මාර්‍ගඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ ව්‍යඤ්ජන මැ වෙනසි. (6)
කිහි අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද, කිහි අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත් ද යත්: සතර අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙති, සත් අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත්.
කවර සතර අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අධිපතිභාවාර්‍ත්‍ථයෙන, ප්‍රතිෂ්ඨාස්වභාවයෙන, අභිනීහාර (එළැවීම්) ස්වභාවයෙන, නිර්‍ය්‍යාණස්වභාවයෙනි.
කිසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙයි, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වේ. මෙසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (1)
කිසෙයින් ප්‍රතිෂ්ඨාස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත පිහිටුවයි. දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත පිහිටුවයි. අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත පිහිටුවා. මෙසෙයින් ප්‍රතිෂ්ඨාස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (2)
කිසෙයින් අභිනීහාර (එළැවීම්) ස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත එළවයි. දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත එළවයි. අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත එළවා. මෙසෙයින් අභිනීහාරස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (3)
කිසෙයින් නිර්‍ය්‍යාණස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණෙයි. අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණෙයි. මෙසෙයින් නිර්‍ය්‍යාණස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (4)
මේ සතර අයුරින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්.
කවර සත් අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත් ද යත්: සමවධානාර්‍ත්‍ථයෙන, වින්‍දනාර්‍ත්‍ථයෙන, ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන, ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන, අහිසමයාර්‍ත්‍ථයෙනි.
කිසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන්, වින්‍දනාර්‍ත්‍ථයෙන්, ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන්, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන්, සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන්, ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන්, අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත් ද යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ නිමිත්ත කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වෙයි, යම් නිමිත්තෙකින් මිදේ නම් එහි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වෙයි, යම් නිමිත්තෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නම් ඒ නිමිතින් ශුන්‍ය නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ වෙයි, යම් නිමිත්තෙකින් ශුන්‍ය නම් ඒ නිමිතින් නිමිත්ත රහිත නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වේ. මෙසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන් වින්‍දනාර්‍ත්‍ථයෙන් ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සාක්‍ෂාත් ක්‍රියාර්‍ත්‍ථයෙන් ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන් අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙති. (1)
දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ ප්‍රාර්‍ත්‍ථනාව කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වෙයි, යම් දුඃඛයෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නම් ඒ දුඃඛයෙන් ශුන්‍ය නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ වෙයි, යම් දුඃඛ නිමිත්තෙකින් ශුන්‍ය නම් ඒ දුඃඛ නිමිතින් නිමිත්ත රහිත නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වෙයි, යම් දුඃඛ නිමිත්තෙකින් අනිමිත්ත වේ නම් එහි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වේ. මෙසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන් වින්‍දනාර්‍ත්‍ථයෙන් ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන් ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන් අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙති. (2)
අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ අභිනිවේශය කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ වෙයි, යම් අභිනිවේශ නිමිත්තෙකින් ශුන්‍ය වේ නම් ඒ නිමිතින් නිමිත්ත රහිත නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වෙයි, යම් අභිනිවේශ නිමිත්තෙකින් නිමිත්ත රහිත වේ නම් ඒ අභිනිවේශ නිමිත්තෙහි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වෙයි, යම් අභිනිවේශ නිමිත්තෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නම් ඒ අභිනිවේශ නිමිතින් ශුන්‍ය නු’යි ශුන්‍යත විමෝක්‍ෂ වේ. මෙසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන් වින්‍දනාර්‍ත්‍ථයෙන් ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන් ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන් අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත්: (3)
මේ සත් අයුරින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත්.
විමෝක්‍ෂයෙක් ඇත, මුඛයෙක් ඇත, විමෝක්‍ෂමුඛයෙක් ඇත, විමෝක්‍ෂප්‍රත්‍යනීකයෙක් ඇත, විමෝක්‍ෂානුලෝමයෙක් ඇත, විමෝක්‍ෂ විවර්‍තයෙක් ඇත, විමෝක්‍ෂභාවනායෙක් ඇති, විමෝක්‍ෂප්‍රතිප්‍රශ්‍රබ්ධියෙක් ඇති.
විමෝක්‍ෂ කවරැ යත් : ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යි.
ශුන්‍යතවිමෝක්‍ෂ කවරැ යත් : අනිච්චානුපස්සනාඤාණය නිත්‍යාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ දුක්ඛානුපස්සනාඤාණය සුඛාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනත්තතානුපස්සනාඤාණය අත්මාභිනිවෙශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ නිබ්බිදානුපස්සනාඤාණය නන්‍ද්‍යභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ විරාගානුපස්සනාඤාණය රාගාභිනිවෙශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ නිරෝධානුපස්සනාඤාණය සමුදයාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානාභිනිවෙශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්තාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රාර්‍ත්‍ථනාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ සුඤ්ඤාතානුපස්සනාඤාණය සියලු අභිනිවේශයන් කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යි.
රූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය සියලු අභිනිවේශයෙන් කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය සියලු අභිනිවේශයෙන් කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යි. මේ ශුන්‍යතවිමෝක්‍ෂ නම් වේ. (1)
අනිමිත්තවිමෝක්‍ෂ කවරැ යත්: අනිච්චානුපස්සනාඤාණය නිත්‍යනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ දුක්ඛානුපස්සනාඤාණය සුඛනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ අනත්තානුපස්සනාඤාණය ආත්මනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ නිබ්බිදානුපස්සනාඤාණය නන්‍දිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ විරාගානුපස්සනාඤාණය රාගනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ නිරෝධානුපස්සනාඤාණය සමුදයනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ අනිමිත්තානුපස්සනාඤාණය හැම නිමිති කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යි.
රූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය නිමිත්තෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ ... රූපයෙහි අනිමිත්තානුපස්සනාඤාණය හැම නිමිති කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ රූපයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යනිමිත්තෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ ... ජරාමරණයෙහි අනිමිත්තානුපස්සනාඤාණය හැම නිමිති කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යි. මේ අනිමිත්තවිමෝක්‍ෂ නම් වේ. (2)
අප්‍රණිහිතවිමෝක්‍ෂ කවරැ යත් අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය ප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. දුක්ඛානුපස්සනාඤාණය සුඛප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. අනත්තානුපස්සනාඤාණය ආත්මප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. විරාගානුපස්සනාඤාණය රාගප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. නිරෝධානුපස්සනාඤාණය සමුදයප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්තප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ හැම ප්‍රණිධි කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශ ප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යි.
රූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ ... රූපයෙහි අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්ත කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ රූපයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය හැම ප්‍රණිධීන් කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ ... ජරාමරණයෙහි අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්ත කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය හැම ප්‍රණිධීන් කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යි. මේ අප්‍රණිහිත විමෝක්‍ෂ නම් වේ. (3) මේ විමෝක්‍ෂ යි. (1)
මුඛ කවරැ යත්: ඒ මාර්‍ගවිමෝක්‍ෂයෙහි උපන් යම් (රාගාදි වරද නැති බැවින්) නිවරද වූ කුසල් වූ බෝධිපාක්‍ෂිකධර්‍ම කෙනෙක් වෙත් ද, මේ මුඛ නම් වේ. (2)
විමෝක්‍ෂමුඛ කවරැ යත්: ඒ බෝධිපාක්‍ෂික ධර්‍මයන්ට අරමුණු වූ යම් නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, මේ විමෝක්‍ෂමුඛ නම් වෙයි. විමෝක්‍ෂ ද හෙ මැ මුඛ ද හෙ මැ නු’යි විමෝක්‍ෂමුඛ යැ. මේ විමෝක්‍ෂ මුඛ යි. (3)
විමෝක්‍ෂප්‍රත්‍යනීක (ප්‍රතිපක්‍ෂ) කවරැ යත්: තුන් අකුශලමූලයෝ විමෝක්‍ෂප්‍රත්‍යනීකයෝ යැ ත්‍රිවිධ දුශ්චරිතයෝ විමෝක්‍ෂප්‍රත්‍යනීකයෝ යැ හැම අකුශලධර්‍මයෝ මැ විමෝක්‍ෂප්‍රත්‍යනීකයෝ යි. මේ විමෝක්‍ෂප්‍රත්‍යනීක නම් වේ. (4)
විමෝක්‍ෂානුලෝම කවරැ යත්: තුන් කුශල මූලයෝ විමෝක්‍ෂානුලෝමයෝ යැ, ත්‍රිවිධ සුචරිතයෝ විමෝක්‍ෂානුලෝමයෝ යැ, හැම කුශල ධර්‍මයෝ මැ විමෝක්‍ෂානුලෝමයෝ යි. මේ විමෝක්‍ෂානුලෝම යි. (5)
විමෝක්‍ෂාවිවර්‍ත කවරැ යත් : සංඥාවිවර්‍ත යැ චේතෝවිවර්‍ත යැ චිත්තවිවර්‍ත යැ ඥානවිවර්‍ත යැ විමෝක්‍ෂවිවර්‍ත යැ සත්‍යවිවර්‍ත යි.
හැඳිනගනිමින් පරාවර්‍ත වේ නු’යි සංඥාවිවර්‍ත යැ සිතමින් පරාවර්‍ත වේ නු’යි චේතෝවිවර්‍ත යැ දැනගනිමින් පරාවර්‍ත වේ නු’යි චිත්තවිවර්‍ත යැ ප්‍රකට කෙරෙමින් පරාවර්‍ත වේ නු’යි ඥානවිවර්‍ත යැ (කාමච්ඡන්‍දාදිය) හැරපියමින් පරාවර්‍ත මේ නු’යි විමෝක්‍ෂවිවර්‍ත යැ තථාර්‍ත්‍ථයෙහි පරාවර්‍ත වේ නු’යි සත්‍යවිවර්‍ත යි.
යම් තැනෙක සංඥාවිවර්‍තය වේ ද, එහි චේතෝවිවර්‍තය වෙයි; යම් තැනෙක චේතෝවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය වේ ද එහි චිත්තවවිවර්‍තය වෙයි; යම් තැනෙක චිත්තවවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය වේ ද, එහි ඥානවිවර්‍තය වෙයි; යම් තැනෙක ඥානවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවිවර්‍තය ඥානවිවර්‍තය වේ ද, එහි විමෝක්‍ෂවිවර්‍තය වෙයි; යම් තැනෙක විමෝක්‍ෂවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය ඥානවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය ඥානවිවර්‍තය විමෝක්‍ෂවිවර්‍තය වේ ද, එහි සත්‍යවිවර්‍තය වෙයි; යම් තැනෙක සත්‍යවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය ඥානවිවර්‍තය විමෝක්‍ෂවිවර්‍තය වේ. මේ විමෝක්‍ෂවිවර්‍ත යි. (6)
විමෝක්‍ෂභාවනා කවරෙ යත්: ප්‍රථමධ්‍යානයෙන් ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ ද්විතීයධ්‍යානයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ තෘතීයධ්‍යානයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ ආකාසානඤ්චායතනසමාපත්තියගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්තියගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ ස්‍රෝතාපත්තිමාර්‍ගයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ සකෘදාගාමිමාර්‍ගයාගේ ... අනාගාමිමාර්‍ගයාගේ ... අර්‍හන්මාර්‍ගයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යි. මේ විමෝක්‍ෂභාවනා යි. (7)
විමෝක්‍ෂප්‍රතිප්‍රශ්‍රබ්ධි කවරෙ යත්: ප්‍රථමධ්‍යානයෙන් ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ ද්විතීයධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ තෘතීයධ්‍යානයාගේ ... චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ... ආකාසානඤ්චායතනසමාපත්තිහුගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිහුගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිහුගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිහුගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ ස්‍රෝතාපත්තිමාර්‍ගයට ස්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමිමාර්‍ගයට සකෘදාගාමිඵල යැ අනාගාමිමාර්‍ගයට අනාගාමිඵල යැ අර්‍හන්මාර්‍ගයට අර්‍හත්ඵල යැ යන මේ විමෝක්‍ෂප්‍රතිප්‍රශ්‍රබ්ධි යි. (8)
තුන්වැනි බණවර යි.
විමෝක්‍ෂකථා නිමි.
6.
ගතිකථා
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද, ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද, රූපාවචර දෙවියනට කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද, අරූපාවචර දෙවියනට කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත්:
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි. ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි. රූපාවචර දෙවියනට අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි. අරූපාවචර දෙවියනට අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි.
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත් : (ත්‍රිහේතුක කාමාවචර) කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි තුන් කුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යය වෙති, එයින් කියනු ලැබෙයි: “කුශලමූල ප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති” යි. (උපදනාවුනට) නිකාන්තික්‍ෂණයෙහි දෙ අකුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යය වෙති, එයින් කියනු ලැබෙයි: “අකුශලමූල ප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති” යි. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් අව්‍යාකෘතහේතූහු එ කෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යය වෙති, එයින් කියනු ලැබෙයි: “නාමරූප ප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, විඥානපුත්‍යයෙනුදු නාමරූපය වේ” යයි.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් හේතූහු සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෙන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අටවිසි ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තනත්‍යයෝ වෙත්.
ගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ. (1)
කැත්මහසලනට බමුණුමහසලනට ගැහැවිමහසලනට කාමාවචර දෙවියන්ට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත් : කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි, තුන් කුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. නිකාන්තික්‍ෂණයෙහි දෙ අකුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් අව්‍යාකෘතහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙත්, එයින් කියනු ලැබෙයි. ‘නාමරූපපච්චයාපි විඤ්ඤාණං විඤ්ඤාණපච්චයාපි නාමරූපං’ යි.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් හේතූහු සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අටවිසි ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
කැත්මහසලනට බමුණුමහසලනට ගැහැවිමහසලනට කාමාවචර දෙවියනට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ (2)
රූපාවචර දෙවියනට කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුසල් වූ තුන් හේතූහු ... රූපාවචර දෙවියනට මේ අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ. (3)
අරූපාවචර දෙවියනට කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුසල් වූ තුන් හේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. නිකාන්තික්‍ෂණයෙහි අකුසල් වූ දෙ හේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘අකුසල මූලපච්චයාපි සඞ්ඛාරා’ යි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අව්‍යාකෘත වූ තුන් හේතුහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘නාමපච්චයාපි විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයාපි නාමං’ යි.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් හේතුහු සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. අරූපාවචර දෙවියනට මේ අට වැදෑරුම් හේතුන්ගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වේ. (4)
ගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ ද, ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ ද යත්:
ගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ෂඞ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වෙයි, ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසසන්‍ධික්‍ෂණයෙහි ෂඞ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ.
ගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වෙයි යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුසල් වූ දෙ හේතුහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති. එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි නිකාන්තික්‍ෂණයෙහි අකුසල් වු දෙ හේතුහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අව්‍යාකෘත වු හේතුහු දෙදෙනෙක් එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති. එයින් කියනු ලැබෙයි: ‘නාමරූපපච්චයාපි විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයාපි නාමරූපං’ යි.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි හේතුහු දෙදෙනෙක් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ දොළොස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ සවිසි ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
ගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ. (1)
ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ ද යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුශල වූ හේතුහු දෙදෙනෙක් එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. … ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ.
ගතිකථා නිමි.
7.
කර්‍මකථා
අභුත්කර්‍ම යැ අභුත්කර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ නාභුත්කර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ අස්තිකර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ නාස්තිකර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ නභවිෂ්‍යත්කර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ අස්තිකර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ නාස්තිකර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ න භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කර්‍ම යැ භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කර්‍ම යැ න භවිෂ්‍යත්කර්‍මවිපාක යි.
අභුත්කුශලකර්‍ම යැ අභුත්කුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ නාභුත්කුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ අස්තිකුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ නාස්තිකුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ භවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ නභවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ අස්තිකුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ නාස්තිකුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කුශලකර්‍ම යැ භවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කුශලකර්‍ම යැ නවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යි.