‘මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.
(2)
කිසෙයින් මේ ධර්‍මයෝ අභිඥේයහ’යි සෝතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
එක් ධර්‍මයෙක් අභිඥෙය යැ: හැම සත්හු ආහාරයෙන් සිටුනාහ.
ධර්‍මයෝ දෙදෙනෙක් අභිඥේයහ: සඞ්ඛතාසඞ්ඛතධාතූහු දෙදෙන යි.
ධර්‍මයෝ තිදෙනෙක් අභිඥේයයෝ යැ: (කාමරූපාරූප යන) තුන් ධාතූහු යි.
ධර්‍මයෝ සතර දෙනෙක් අභිඥේයයෝ යැ: චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි.
ධර්‍මයෝ පස් දෙනෙක් අභිඥේයයෝ යැ: පඤ්චවිමුක්තායතනයෝ යි.
ධර්‍මයෝ ස දෙනෙක් අභිඥේයයෝ යැ: ෂඩානුත්තරියයෝ යි.
ධර්‍මයෝ සත් දෙනෙක් අභිඥේයයෝ යැ: සප්තනිර්‍දශවස්තූහු යි.
ධර්‍මයෝ අට දෙනෙක් අභිඥේයයෝ යැ: අෂ්ටඅභිභායතනයෝ යි.
ධර්‍මයෝ නව දෙනෙක් අභිඥේයයෝ යැ: නව අනුපූර්‍වවිහාරයෝ යි.
ධර්‍මයෝ දශ දෙනෙක් අභිඥේයයෝ යැ: (සම්‍යග්දෘෂ්ටි ආදි) දශනිර්‍ජරවස්තූහු යි.
(3)
මහණෙනි, සියල්ල අභිඥෙය යැ, මහණෙනි, කවර සියල්ල අභිඥෙය වෙයි යත්:
මහණෙනි, ප්‍රසාදචක්‍ෂුස (අභිඥෙය) මැනැවින් දතයුතු යැ. රූපයෝ දතයුත්තාහ. චක්‍ෂුර්විඥානය දතයුතු යැ. චක්ඛුසම්ඵස්සය දතයුතු යැ. චක්‍ෂුර්විඥානය හා සම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දතයුතු යි.
ශ්‍රෝතප්‍රසාදය දතයුතු යැ. ශබ්දයෝ දතයුත්තාහ ... ඝ්‍රාණප්‍රසාදය දතයුතු යැ. ගන්‍ධයෝ දතයුත්තාහ ... ජීව්හාප්‍රසාදය දතයුතු යැ රසයෝ දතයුත්තාහ … කායප්‍රසාදය දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ දතයුත්තාහ ... භවාඞ්ගමනස දතයුතු යැ. ධර්‍මාලම්බනයෝ දතයුත්තාහ ... මනෝවිඥානය දතයුතු ය. මනෝසම්ඵස්සය දතයුතු යැ මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එ ද දතයුතු යි.”
රූපය දතයුතු යැ. වේදනාව දතයුතු යැ. සංඥාව දත යුතු යැ. සංස්කාරයෝ දතයුත්තාහ. විඥානය දතයුතු යි.
ප්‍රසාදචක්‍ෂූස දතයුතු යැ. ශ්‍රෝත්‍රප්‍රසාදය දතයුතු යැ. ඝ්‍රාණප්‍රසාදය දතයුතු යැ. ජිහ්වාප්‍රසාදය දතයුතු යැ. කායප්‍රසාදය දතයුතු යැ. භවාඞ්ගමනස දතයුතු යැ.
රූපයෝ දතයුත්තාහ. ශබ්දයෝ දතයුත්තාහ. ගන්‍ධයෝ දතයුත්තාහ. රසයෝ දතයුත්තාහ. ස්ප්‍රෂ්ටව්‍යයෝ දතයුත්තාහ. ධර්‍මාලම්බනයෝ දතයුත්තාහ.
චක්‍ෂුර්විඥානය දතයුතු යැ. ශ්‍රෝත්‍රවිඥානය දතයුතු යැ. ඝ්‍රාණවිඥානය දතයුතු යැ. ජිහ්වාවිඥානය දතයුතු යැ. කායවිඥානය දතයුතු යැ. මනෝවිඥානය දතයුතු යි.
චක්ඛුසම්ඵස්සය දතයුතු යැ. සෝතසම්ඵස්සය දතයුතු යැ. ඝාණසම්ඵස්සය දතයුතු යැ. ජිව්හාසම්ඵස්සය දතයුතු යැ. කායසම්ඵස්සය දතයුතු යැ. මනෝසම්ඵස්සය දතයුතු යි.
චක්‍ෂුස්සංස්පර්‍ශයෙන් උපන් වේදනාව දතයුතු යැ. ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් උපන් වේදනාව දතයුතු යැ. ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වේදනාව දතයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වේදනාව දතයුතු ය. කායසංස්පර්‍ශයෙන් උපන් වේදනාව දතයුතු යැ. මනස්සංස්පර්‍ශයෙන් උපන් වේදනාව දතයුතු යි.
රූපසංඥාව දතයුතු යැ, ශබ්දසංඥාව දතයුතු යැ, ගන්‍ධසංඥාව දතයුතු යැ, රසසංඥාව දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යසංඥාව දතයුතු යැ, ධර්‍මසංඥාව දතයුතු යි.
රූපසඤ්චේතනාව දතයුතු යැ, ශබ්දසඤ්චේතනාව දතයුතු යැ, ගන්‍ධසඤ්චේතනාව දතයුතු යැ, රසසඤ්චෙතනාව දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනාව දතයුතු යැ, ධර්‍මසඤ්චේතනාව දතයුතු යි.
රූපතෘෂ්ණාව දතයුතු යැ, ශබ්දතෘෂ්ණාව දතයුතු යැ, ගන්‍ධතෘෂ්ණාව දතයුතු යැ, රසතෘෂ්ණාව දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව දතයුතු යැ, ධර්‍මතෘෂ්ණාව දතයුතු යි.
රූපවිතර්‍කය දතයුතු යැ, ශබ්දවිතර්‍කය දතයුතු යැ, ගන්‍ධවිතර්‍කය දතයුතු යැ, රසවිතර්‍කය දතයුතු යැ, ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය දතයුතු යැ, ධර්‍මවිතර්‍කය දතයුතු යි.
රූපවිචාරය දතයුතු යැ. ශබ්දවිචාරය දතයුතු යැ. ගන්‍ධ චාරය දතයුතු යැ. රසවිචාරය දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යවිචාරය දතයුතු යැ. ධර්‍මවිචාරය දතයුතු යි.
පෘථිවිධාතුව දතයුතු යැ. අබ්ධාතුව දතයුතු යැ. තේජෝධාතුව දතයුතු යැ. වායුධාතුව දතයුතු යැ. ආකාශධාතුව දතයුතු යැ. විඥානධාතුව දතයුතු යි.
පඨවිකසිණය දතයුතු යැ. ආපෝකසිණය දතයුතු යැ. තේජෝකසිණය දතයුතු යැ. වායෝකසිණය දතයුතු යැ. නීලකසිණය දතයුතු යැ. පීතකසිණය දතයුතු යැ. ලොහිතකසිණය දතයුතු යැ. ඕදාතකසිණය දතයුතු යැ. ආකාසකසිණය දතයුතු යැ. විඤ්ඤාණකසිණය දතයුතු යී.
කෙස් දතයුතු යැ. ලොම් දතයුතු යැ. නිය දතයුතු යැ. දත් දතයුතු යැ. සම් දතයුතු යැ. මස් දතයුතු යැ. නහර දතයුතු යැ. ඇට දතයුතු යැ. ඇටමිදුළු දතයුතු යැ. වකුගඩුව දතයුතු යැ. හදවත් දතයුතු යැ. අක්මාව දතයුතු යැ. දළබුව දතයුතු යැ. බඩදිව දතයුතු යැ. පපුමස දතයුතු යැ. අතුනු දතයුතු යැ. අතුනුබහන් දතයුතු යැ. නො පැසුණු අහර (උදරිය) දතයුතු යැ. පැසුණු අහර (කරීස) දතයුතු යැ. පිත් දතයුතු යැ. සෙම් දතයුතු යැ. පූයා දතයුතු යැ. ලෙහෙ දතයුතු යැ. සෝදිය දතයුතු යැ. මේදතෙල් දතයුතු යැ. කඳුළු දතයුතු යැ. වුරුණු තෙල් දතයුතු යැ. කෙළ දතයුතු යැ. මුකුණු දතයුතු යැ. සඳමිඳුළු දතයුතු යැ. සුලුදිය දතයුතු යැ. හිස්මුල් දතයුතු යි.
චක්‍ෂුරායතනය දතයුතු යැ. රූපායතනය දතයුතු යැ. ශ්‍රෝත්‍රායතනය දතයුතු යැ. ශබ්දායතනය දතයුතු යැ. ඝ්‍රාණායතනය දතයුතු යැ. ගන්‍ධායතනය දතයුතු යැ. ජිහ්වායතනය දතයුතු යැ. රසායතනය දතයුතු යැ. කායායතනය දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යායතනය දතයුතු යැ. මනායතනය දතයුතු යැ. ධර්‍මායතනය දතයුතු යි.
චක්‍ෂුර්ධාතුව දතයුතු යැ. රූපධාතුව දතයුතු යැ. චක්‍ෂුර්විඥාන ධාතුව දතයුතු යැ. ශ්‍රෝත්‍රධාතුව දතයුතු යැ. ශබ්දධාතුව දතයුතු යැ. ශ්‍රෝත්‍රවිඥානධාතුව දතයුතු යැ. ඝ්‍රාණධාතුව දතයුතු යැ. ගන්‍ධධාතුව දතයුතු ය. ඝ්‍රාණවිඥානධාතුව දතයුතු යැ. ජිව්හාධාතුව දතයුතු යැ. රසධාතුව දතයුතු යැ. ජිහ්වාවිඥානධාතුව දතයුතු යැ. කායධාතුව දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍යධාතුව දතයුතු යැ. කායවිඥානධාතුව දතයුතු යැ. මනෝධාතුව දතයුතු යැ. ධර්‍මධාතුව දතයුතු යැ. මනෝවිඥානධාතුව දතයුතු යි.
චක්‍ෂුරින්‍ද්‍රිය දතයුතු යැ. ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය දතයුතු යැ. ඝ්‍රාණේන්‍ද්‍රිය දතයුතු යැ. ජිහ්වේන්‍ද්‍රිය දතයුතු යැ. කායේන්‍ද්‍රිය දතයුතු යැ. මනින්‍ද්‍රිය දතයුතු යැ. ජීවිතේන්‍ද්‍රිය දතයුතු යැ. ස්ත්‍රීන්‍ද්‍රිය දතයුතු යැ. පුරුෂේන්‍ද්‍රිය දතයුතු යැ. සුඛේන්‍ද්‍රිය දතයුතු යැ. දුඃඛේන්‍ද්‍රිය දතයුතු යැ, සෝමනස්සින්‍ද්‍රිය දතයුතු යැ. දෝමනස්සින්‍ද්‍රිය දතයුතු යැ. උපෙක්ඛින්‍ද්‍රිය දතයුතු යැ. සද්ධින්‍ද්‍රිය දතයුතු යැ. විරියින්‍ද්‍රිය දතයුතු යැ. සතින්‍ද්‍රිය දතයුතු යැ. සමාධින්‍ද්‍රිය දතයුතු යැ. පඤ්ඤින්‍ද්‍රිය දතයුතු යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය දතයුතු යැ, අඤ්ඤින්‍ද්‍රිය දතයුතු යැ, අඤ්ඤාතාවින්‍ද්‍රිය දතයුතු යි.
කාමධාතුව දතයුතු යැ. රූපධාතුව දතයුතු යැ. අරූපධාතුව දතයුතු යැ. කාමභවය දතයුතු යැ. රූපභවය දතයුතු යැ. අරූපභවය දතයුතු යැ. සංඥාභවය දතයුතු යැ. අසංඥාභවය දතයුතු යැ. නෛවසංඥානාසංඥාභවය දතයුතු යැ. එකවෝකාරභවය දතයුතු යැ. චතුවෝකාරභවය දතයුතු යැ. පඤ්චවෝකාරභවය දතයුතු යි.
ප්‍රථමධ්‍යානය දතයුතු යැ. ද්විතීයධ්‍යානය දතයුතු යැ. තෘතීයධ්‍යානය දතයුතු යැ. චතුර්‍ත්‍ථධ්‍යානය දතයුතු යැ. මෛත්‍රීචිත්තවිමුක්තිය දතයුතු යැ. කරුණාචිත්තවිමුක්තිය දතයුතු යැ. මෘදුතාචිත්තවිමුක්තිය දතයුතු යැ. උපේක්‍ෂාචිත්තවිමුක්තිය දතයුතු යැ. ආකාසානඤ්චායතන සමාපත්තිය දතයුතු යැ. විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය දතයුතු යැ. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය දතයුතු යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය දතයුතු යි.
අවිද්‍යාව දතයුතු යැ. සංස්කාරයෝ දතයුත්තාහ. විඥානය දතයුතු යැ. නාමරූපය දතයුතු යැ. ෂඩායතනය දතයුතු යැ. ස්පර්‍ශය දතයුතු යැ. වේදනාව දතයුතු යැ. තෘෂ්ණාව දතයුතු යැ. උපාදානය දතයුතු යැ. භවය දතයුතු යැ. ජාතිය දතයුතු යැ. ජරාමරණ දතයුතු යි.
දුඃඛය දතයුතු යැ. දුඃඛසමුදය දතයුතු යැ. දුඃඛනිරෝධය දතයුතු යැ. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා දතයුතු යැ.
රූපය දතයුතු යැ. රූපසමුදය දතයුතු යැ. රූපනිරෝධය දතයුතු යැ. රූපනිරෝධගාමිනී ප්‍රතිපදා දතයුතු යැ.
වේදනාව දතයුතු යැ … සංඥාව දතයුතු යැ ... සංස්කාරයෝ දතයුත්තාහ ... විඥානය දතයුතු යි ...
චක‍්‍ෂුස දතයුතු යැ ... ජරාමරණ දතයුතු යැ. ජරාමරණසමුදය දතයුතු යැ. ජරාමරණනිරෝධය දතයුතු යැ. ජරාමරණනිරෝධගාමිනී ප්‍රතිපදා දතයුතු යි.
දුඃඛයාගේ පරිඥාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛසමුදයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරොධයාගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාවගේ භාවනාර්‍ත්‍ථය දතයුතු යි.
රූපයාගේ පරිඥාර්‍ත්‍ථය දතයුතු යැ. රූපසමුයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරොධයාගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරෝධගාමිනී ප්‍රතිපදාවගේ භාවනාර්‍ත්‍ථය දතයුතු යි.
වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ... චක්‍ෂුස්හුගේ ... ජරාමරණයාගේ පරිඥාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණසමුදයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරෝධයාගේ සාක‍්ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරොධගාමිනීප්‍රතිපදාවගේ භාවනාර්‍ත්‍ථය දතයුතු යි.
දුඃඛයාගේ පරිඥාප්‍රතිවේධාර්‍ත්‍ථය දත යුතු යැ. දුඃඛසමුදයාගේ ප්‍රහාණප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරොධයාගේ සාක‍්ෂාත්ක්‍රියාප්‍රතිවේධාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාවගේ භාවනාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යි.
රූපයාගේ පරිඥාප්‍රතිවේධාර්‍ත්‍ථය දත යුතු යැ. රූපසමුදයාගේ ප්‍රහාණප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරොධයාගේ සාක‍්ෂාත්ක්‍රියාප්‍රතිවේධාර්‍ත්‍ථය දතයුතු යැ. රූපනිරෝධගාමිනීප්‍රතිපදාවගේ භාවනාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යි.
වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ... චක්‍ෂුස්හුගේ ... ජරාමරණයාගේ ... පරිඥාප්‍රතිවේධාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණසමුදයාගේ ප්‍රහාණප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරෝධයාගේ සාක‍්ෂාත්ක්‍රියාප්‍රතිවේධාර්‍ත්‍ථය දතයුතු යැ. ජරාමරණනිරොධගාමිනීප්‍රතිපදාවගේ භාවනාප්‍රතිවෙධාර්‍ත්‍ථය දතයුතු යි.
දුඃඛය දතයුතු යැ. දුඃඛසමුදය දතයුතු යැ. දුඃඛනිරෝධය දතයුතු යැ. දුඃඛයාගේ සමුදයනිරෝධය දතයුතු යැ. දුඃඛයාගේ ඡන්‍දරාග නිරෝධය දතයුතු යැ. දුඃඛයාගේ ආස්වාදය දතයුතු යැ. දුඃඛයාගේ ආදීනවය දතයුතු යැ. දුඃඛයාගේ නිස්සරණය දතයුතු යි.
රූපය දතයුතු යැ. රූපසමුදය දතයුතු යැ. රූපනිරෝධය දත යුතු යැ. රූපයාගේ සමුදයනිරෝධය දතයුතු යැ. රූපයාගේ ඡන්‍දරාගනිරෝධය දතයුතු යැ. රූපයාගේ ආස්වාදය දතයුතු යැ. රූපයාගේ ආදීනවය දතයුතු යැ. රූපයාගේ නිස්සරණය දතයුතු යි.
වේදනාව දතයුතු යැ. ... සංඥාව දතයුතු යැ. ... සංස්කාරයෝ දතයුත්තාහ. ... විඥානය දතයුතු යැ. ... චක්‍ෂුස දතයුතු යැ. ... ජරාමරණ දතයුතු යැ. ජරාමරණසමුදය දතයුතු යැ. ජරාමරණනිරෝධය දතයුතු යැ. ජරාමරණයාගේ සමුදයනිරෝධය දතයුතු යැ. ජරාමරණයාගේ ඡන්‍දරාගනිරෝධය දතයුතු යැ. ජරාමරණයාගේ ආස්වාදය දතයුතු යැ. ජරාමරණයාගේ ආදීනවය දතයුතු යැ. ජරාමරණයාගේ නිස්සරණය දතයුතු යි.
දුඃඛය දතයුතු යැ. දුඃඛසමුදය දතයුතු යැ. දුඃඛනිරෝධය දතයුතු යැ. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා දතයුතු යැ. දුඃඛයාගේ ආස්වාදය දතයුතු යැ. දුඃඛයාගේ ආදීනවය දතයුතු යැ. දුඃඛයාගේ නිස්සරණය දතයුතු යි.
රූපය දතයුතු යැ. රූපසමුදය දතයුතු යැ. රූපනිරෝධය දතයුතු යැ. රූපනිරොධගාමිනීප්‍රතිපදාව දතයුතු යැ. රූපයාගේ ආස්වාදය දතයුතු යැ. රූපයාගේ ආදීනවය දතයුතු යැ. රූපයාගේ නිස්සරණ දතයුතු යි.
වේදනාව දතයුතු යැ ... සංඥාව දතයුතු යැ ... සංස්කාරයෝ දතයුත්තාහ ... විඥානය දතයුතු යැ ... චක්‍ෂුස දතයුතු යැ ... ජරාමරණ දතයුතු යැ ... ජරාමරණසමුදය දතයුතු යැ ... ජරාමරණනිරෝධය දතයුතු යැ. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දතයුතු යැ. ජරාමරණයාගේ ආස්වාදය දතයුතු යැ. ජරාමරණයාගේ ආදීනවය දතයුතු යැ. ... ජරාමරණයාගේ නිස්සරණය දතයුතු යි.
අනිච්චානුපස්සනාව දතයුතු යැ. දුක්ඛානුපස්සනාව දතයුතු යැ. අනත්තානුපස්සනාව දතයුතු යැ. නිබ්බිදානුපස්සනාව දතයුතු යැ. විරාගානුපස්සනාව දතයුතු යැ. නිරෝධානුපස්සනාව දතයුතු යැ. පටිනිස්සග්ගානුපස්සනාව දතයුතු යි.
රූපයෙහි අනිච්චානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි දුක්ඛානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි අනත්තානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි නිබ්බිදානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි විරාගානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි නිරෝධානුපස්සනාව දතයුතු යැ. රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව දතයුතු යි.
වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයන්හි .... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි දුඃඛානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි අනත්තානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි නිබ්බිදානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි විරාගානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි නිරෝධානුපස්සනාව දතයුතු යැ. ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව දතයුතු යි.
පූර්‍වකර්‍මප්‍රත්‍යයෙන් මෙහි ඉපැදීම දතයුතු යැ. (උපන්හුගේ) පැවැත්ම දතයුතු යැ. සංස්කාරනිමිත්ත දතයුතු යැ. ආයතිප්‍රතිසන්‍ධිහේතු වු කර්‍මය දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දතයුතු යැ. ගතිය දතයුතු යැ. ස්කන්‍ධයන්ගේ නිපැත්ම දතයුතු යැ. විපාකප්‍රවෘත්තිය දතයුතු යැ. ජාතිය දතයුතු යැ. ජරාව දතයුතු යැ. ව්‍යාධිය දතයුතු යැ. මරණය දතයුතු යැ. ශෝකය දතයුතු යැ. පරිදේවය දතයුතු යැ. උපායාසය දතයුතු යි.
අනුත්පාදය දතයුතු යැ. අප්‍රවෘත්තිය දතයුතු යැ. අනිමිත්ත දතයුතු යැ. අනායූහනය දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය දතයුතු යැ. අගතිය දතයුතු යැ. නො නිපැත්ම දතයුතු යැ. විපාකයාගේ නො පැවැත්ම දතයුතු යැ. නො පහළවීම දතයුතු යැ. නො දිරීම දතයුතු යැ. අව්‍යාධිය දතයුතු යැ. නො මැරීම දතයුතු යැ. ශෝක නො කිරීම දතයුතු යැ. නො වැලපීම දතයුතු යැ. අනුපායාසය දතයුතු යි.
උත්පාදය දතයුතු යැ. අනුත්පාදය දතයුතු යැ. පැවැත්ම දතයුතු යැ. නො පැවැත්ම දතයුතු යැ. සංස්කාරනිමිත්ත දතයුතු යැ. අනිමිත්ත දතයුතු යැ. කර්‍මායූහනය දතයුතු යැ. අනායූහනය දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය දතයුතු යැ. ගතිය දතයුතු යැ. අගතිය දතයුතු යැ. නිර්‍වෘත්තිය දතයුතු යැ. අනිර්‍වෘත්තිය දතයුතු යැ. උපප්‍රාප්තිය දතයුතු යැ. අනුපප්‍රාප්තිය දතයුතු යැ. ජාතිය දතයුතු යැ. අජාතිය දතයුතු යැ. ජරාව දතයුතු යැ. අජරාව දතයුතු යැ. ව්‍යාධිය දතයුතු යැ. අව්‍යාධිය දතයුතු යැ. මරණය දතයුතු යැ. අමරණය දතයුතු යැ. ශෝකය දතයුතු යැ. අශෝකය දතයුතු යැ. පරිදේවය දතයුතු යැ. අපරිදේවය දතයුතු යැ. උපායාසය දතයුතු යැ. අනුපායාසය දතයුතු යි..
උත්පාදය දුකැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය දුක යි දතයුතු යැ. සඞ්ඛාරනිමිත්ත දුකැ යි දතයුතු යැ. කර්‍මායූහනය දුකැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දුකැ යි දතයුතු යැ. ගතිය දුකැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය දුකැ යි දතයුතු යැ. උප්ප්‍රාප්තිය දුකැ යි දතයුතු යැ. ජාතිය දුකැ යි දතයුතු යැ. ජරාව දුකැ යි දතයුතු යැ. ව්‍යාධිය දුකැ යි දතයුතු යැ. මරණය දුකැ යි දතයුතු යැ. ශෝකය දුකැ යි දතයුතු යැ. පරිදේවය දුක යි දතයුතු යැ. උපායාසය දුකැ යි දතයුතු යි.
අනුත්පාදය සුඛ යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. අනිමිත්ත සුඛ යැ යි දතයුතු යැ. අනායූහනය සුඛ යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය සුඛ යැ යි දතයුතු යැ. අගතිය සුඛ යැ යි දතයුතු යැ. අනිර්‍වෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. අනුපප්‍රාප්තිය සුඛ යැ යි දතයුතු යැ. අජාතිය සුඛ යැ යි දතයුතු යැ. අජරාව සුඛ යැ යි දතයුතු යැ. අව්‍යාධිය සුඛ යැ යි දතයුතු යැ. අමරණය සුඛ යැ යි දතයුතු යැ. අශෝකය සුඛ යැ යි දතයුතු යැ. අපරිදේවය සුඛ යැ යි දතයුතු යැ. අනුපායාසය සුඛ යැ යි දතයුතු යි.
උත්පාදය දුක යැ අනුත්පාදය සුඛ යැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය දුක යැ අප්‍රවෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත දුක යැ අනිමිත්ත සුඛ යැ යි දතයුතු යැ. කර්‍මායූහනය දුක යැ අනායූහනය සුඛ යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය දුක යැ අප්‍රතිසන්‍ධිය සුඛ යැ යි දතයුතු යැ. ගතිය දුක යැ අගතිය සුඛ යැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය දුක යැ අනිර්‍වෘත්තිය සුඛ යැ යි දතයුතු යැ. උපප්‍රාප්තිය දුක යැ අනුපප්‍රාප්තිය සුඛ යැ යි දතයුතු යැ. ජාතිය දුක යැ අජාතිය සුඛ යැ යි දතයුතු යැ. ජරාව දුක යැ අජරාව සුඛ යැ යි දතයුතු යැ. ව්‍යාධිය දුක යැ අව්‍යාධිය සුඛ යැ යි දතයුතු යැ. මරණය දුක යැ අමරණය සුඛ යැ යි දතයුතු යැ. ශෝකය දුක යැ අශෝකය සුඛ යැ යි දතයුතු යැ. පරිදේවය දුක යැ අපරිදේවය සුඛ යැ යි දතයුතු යැ. උපායාසය දුක යැ අනුපායාසය සුඛ යැ යි දතයුතු යි.
උත්පාදය බියෙකැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය බියෙකැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත බියෙකැයි දතයුතු යැ. කර්‍මායූහනය බියෙකැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය බියෙකැ යි දතයුතු යැ. ගතිය බියෙකැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය බියෙකැ යි දතයුතු යැ. උපප්‍රාප්තිය බියෙකැ යි දතයුතු යැ. ජාතිය බියෙකැයි දතයුතු යැ. ජරාව බියෙකැ යි දතයුතු යැ. ව්‍යාධිය බියෙකැ යි දතයුතු යැ. මරණය බියෙකැ යි දතයුතු යැ. ශෝකය බියෙකැයි දතයුතු යැ. පරිදේවය බියෙකැ යි දතයුතු යැ. උපායාසය බියෙකැ යි දතයුතු යි.
අනුත්පාදය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අනිමිත්ත ක්‍ෂේම යැ යි දතයුතු යැ. අනායූහනය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අගතිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අනිර්‍වෘත්තිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අනුප්ප්‍රාප්තිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අජාතිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අජරාව ක්‍ෂේම යැ යි දතයුතු යැ. අව්‍යාධිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අමරණය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අශෝකය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අපරිදේවය ක්‍ෂේම යැ යි දතයුතු යැ. අනුපායාසය ක්‍ෂේම යැ යි දතයුතු යි.
උත්පාදය බියෙකැ අනුපාදය ක්‍ෂේම යැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය බියෙකැ අප්‍රවෘත්තිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත බියෙකැ අනිමිත්ත ක්‍ෂේම යැ යි දතයුතු යැ. ආයූහනය බියෙකැ අනායූහනය ක්‍ෂේම යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය බියෙකැ අප්‍රතිසන්‍ධිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. ගතිය බියෙකැ අගතිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය බියෙකැ අනිර්‍වෘත්තිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. උපප්‍රාත්තිය බියෙකැ අනුපප්‍රාප්තිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. ජාතිය බියෙකැ අජාතිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. ජරාව බියෙකැ අජරාව ක්‍ෂේම යැ යි දතයුතු යැ. ව්‍යාධිය බියෙකැ අව්‍යාධිය ක්‍ෂේම යැ යි දතයුතු යැ. මරණය බියෙකැ අමරණය ක්‍ෂේම යැ යි දතයුතු යැ. ශෝකය බියෙකැ අශෝකය ක්‍ෂේම යැ යි දතයුතු යැ. පරිදේවය බියෙකැ අපරිදේවය ක්‍ෂේම යැ යි දතයුතු යැ. උපායාසය බියෙකැ අනුපායාසය ක්‍ෂේම යැ යි දතයුතු යි.
උත්පාදය වට්ටාමිස ලෝකාමිස සහිත බැවින් සාමිස යැයි දතයුතු යැ. ප්‍රවෘත්තිය සාමිස යැයි දතයුතු යැ. සංස්කාරනිමිත්ත සාමිස යැයි දතයුතු යැ. ආයූහනය සාමිස යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සාමිස යැයි දතයුතු යැ. ගතිය සාමිස යැයි දතයුතු යැ. නිර්‍වෘත්තිය සාමිස යැයි දතයුතු යැ. උපප්‍රාප්තිය සාමිස යැයි දතයුතු යැ. ජාතිය සාමිස යැයි දතයුතු යැ. ජරාව සාමිස යැයි දතයුතු යැ. ව්‍යාධිය සාමිස යැයි දතයුතු යැ. මරණය සාමිස යැයි දතයුතු යැ. ශෝකය සාමිස යැයි දතයුතු යැ. පරිදේවය සාමිස යැයි දතයුතු යැ. උපායාසය සාමිස යැයි දතයුතු යි.
අනුත්පාදය නිරාමිස යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය නිරාමිස යැ යි දතයුතු යැ. අනිමිත්ත නිරාමිස යැ යි දතයුතු යැ. අනායූහනය නිරාමිස යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය නිරාමිස යැ යි දතයුතු යැ. අගතිය නිරාමිස යැ යි දතයුතු යැ. නො නිපැත්ම නිරාමිස යැ යි දතයුතු යැ. අනුපප්‍රාප්තිය නිරාමිස යැ යි දතයුතු යැ. අජාතිය නිරාමිස යැ යි දතයුතු යැ. අජරාව නිරාමිස යැ යි දතයුතු යැ. අව්‍යාධිය නිරාමිස යැ යි දතයුතු යැ. අමරණය නිරාමිස යැ යි දතයුතු යැ. අශෝකය නිරාමිස යැ යි දතයුතු යැ. අපරිදේවය නිරාමිස යැ යි දතයුතු යැ. අනුපායාසය නිරාමිස යැ යි දතයුතු යි.
උත්පාදය සාමිස යැ අනුත්පාදය නිරාමිස යැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය සාමිස යැ අප්‍රවෘත්තිය නිරාමිස යැ යි දතයුතු යැ. සංස්කාරනිමිත්ත සාමිස යැ අනිමිත්ත නිරාමිස යැ යි දතයුතු යැ. ආයූහනය සාමිස යැ අනායූහනය නිරාමිස යැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සාමිස යැ, අප්‍රතිසන්‍ධිය නිරාමිස යැ යි දතයුතු යැ. ගතිය සාමිස යැ අගතිය නිරාමිස යැ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය සාමිස යැ අනිර්‍වෘත්තිය නිරාමිස යැ යි දතයුතු යැ. ජාතිය සාමිස යැ අජාතිය නිරාමිස යැ යි දතයුතු යැ. ජරාව සාමිස යැ අජරාව නිරාමිස යැ යි දතයුතු යැ. ව්‍යාධිය සාමිස යැ අව්‍යාධිය නිරාමිස යැ යි දතයුතු යැ. මරණය සාමිස යැ අමරණය නිරාමිස යැ යි දතයුතු යැ. ශෝකය සාමිස යැ අශෝකය නිරාමිස යැ යි දතයුතු යැ. පරිදේවය සාමිස යැ අපරිදේවය නිරාමිස යැ යි දතයුතු යැ. උපායාසය සාමිස යැ අනුපායාසය නිරාමිස යැ යි දතයුතු යි.
උත්පාදය සංස්කාරහ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ යි දතයුතු යැ. නිමිත්ත සංස්කාරහ යි දතයුතු යැ. ආයූහනය සංස්කාරහ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සංස්කාරහ යි දතයුතු යැ. ගතිය සංස්කාරහ යි දතයුතු යැ. නිර්‍වෘත්තිය සංස්කාරහ යි දතයුතු යැ. උපප්‍රාප්තිය සංස්කාරහ යි දතයුතු යැ. ජාතිය සංස්කාරහ යි දතයුතු යැ. ජරාව සංස්කාරහ යි දතයුතු යැ. ව්‍යාධිය සංස්කාරහ යි දතයුතු යැ. මරණය සංස්කාරහ යි දතයුතු යැ. ශෝකය සංස්කාරහ යි දතයුතු යැ. පරිදේවය සංස්කාරහ යි දතයුතු යැ. උපායාසය සංස්කාරහ යි දතයුතු යි.
අනුත්පාදය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අප්‍රවෘත්තිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනිමිත්ත නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනායූහනය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අප්‍රතිසන්‍ධිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අගතිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනිර්‍වෘත්තිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනුපප්‍රාප්තිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අජාතිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අජරාව නිර්‍වාණ යැ යි දතයුතු යැ. අව්‍යාධිය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අමරණය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අශෝකය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අපරිදේවය නිර්‍වාණ යැ යි දතයුතු යැ. අනුපායාසය නිර්‍වාණ යැ යි දතයුතු යි.
උත්පාදය සංස්කාරයහ අනුත්පාදය නිවනැ යි දතයුතු යැ. ප්‍රවෘත්තිය සංස්කාරයහ අප්‍රවෘත්තිය නිවනැ යි දතයුතු යැ. නිමිත්ත සංස්කාරයහ අනිමිත්ත නිවනැ යි දතයුතු යැ. ආයූහනය සංස්කාරයහ අනායූහනය නිවනැ යි දතයුතු යැ. ප්‍රතිසන්‍ධිය සංස්කාරයහ අප්‍රතිසන්‍ධිය නිවනැ යි දතයුතු යැ. ගතිය සංස්කාරයහ අගතිය නිවනැයි දතයුතු යැ. නිර්‍වෘත්තිය සංස්කාරයහ. අනිර්‍වෘත්තිය නිවනැ යි දතයුතු යැ. උපප්‍රාප්තිය සංස්කාරයහ අනුපප්‍රාප්තිය නිවනැ යි දතයුතු යැ. ජාතිය සංස්කාරයහ අජාතිය නිවනැ යි දතයුතු යැ. ජරාව සංස්කාරයහ අජරාව නිවනැ යි දතයුතු යැ. ව්‍යාධිය සංස්කාරයහ අව්‍යාධිය නිවනැ යි දතයුතු යැ. මරණය සංස්කාරයහ අමරණය නිවනැ යි දතයුතු යැ. ශෝකය සංස්කාරයහ අශෝකය නිවනැ යි දතයුතු යැ. පරිදේවය සංස්කාරයහ අපරිදේවය නිවනැ යි දත යුතු යැ. උපායාසය සංස්කාරයහ අනුපායාසය නිවනැ යි දතයුතු යි.
පළමු වන බණවරයි
පරිග්‍රහාර්‍ත්‍ථය (ආර්‍ය්‍යමාර්‍ගසම්ප්‍රයුක්තධර්‍මයන් පරිග්‍රහණය කරන බව) දතයුතු යැ. (අන්‍යෝන්‍ය) පරිවාරාර්‍ත්‍ථය දතයුතු යැ. (භාවනායෙන්) වැඩීම් වශයෙන් පරිපූරාර්‍ත්‍ථය ගතයුතු යැ. (සමාධි අරමුණෙහි) ඒකාග්‍රාර්‍ත්‍ථය දතයුතු යැ. අවික්‍ෂාපාර්‍ත්‍ථය දතයුතු යැ. (වීර්‍ය්‍යවශයෙන්) ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. (අරමුණෙහි නො විසිරෙන) අවිසාරාර්‍ත්‍ථය දතයුතු යැ. (නො කැලඹුණු හෙයින්) අනාවිලාර්‍ත්‍ථය දතයුතු යැ. (අවිකම්පිත හෙයින්) අනිඤ්ජනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි පිහිටා සිටීම් වශයෙන් චිත්තයාගේ ස්ථිතාර්‍ත්‍ථය දතයුතු යැ. ආලම්බනාර්‍ත්‍ථය දතයුතු යැ. ගෝචරාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රහාණාර්‍ත්‍ථය දතයුතු යැ. පරිත්‍යාගාර්‍ත්‍ථය දතයුතු යැ. (දුභතෝවුට්ඨාන වශයෙන්) ව්‍යුත්‍ථානාර්‍ත්‍ථය දතයුතු යැ. නිවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යැ. ශාන්තාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රණීතාර්‍ත්‍ථය දතයුතු යැ. විමුක්තාර්‍ත්‍ථය දතයුතු යැ. අනාස්‍රවාර්‍ත්‍ථය දතයුතු යැ. තරණාර්‍ත්‍ථය දතයුතු යැ. අනිමිත්තාර්‍ත්‍ථය දතයුතු යැ. අප්‍රණීහිතාර්‍ත්‍ථය දතයුතු යැ. ශූන්‍යතාර්‍ත්‍ථය දතයුතු යැ. එකරසාර්‍ත්‍ථය දතයුතු යැ. අනතිවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යැ. යුගනන්‍ධාර්‍ත්‍ථය දතයුතු යැ. නෛර්‍ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. හෙත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. අධිපතිභාවාර්‍ත්‍ථය දතයුතු යි.
ශමථයාගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය (අවික්‍ෂේප ස්වභාවය) දතයුතු යැ. විදර්‍ශනාවගේ අනුපස්සනාර්‍ත්‍ථය දතයුතු යැ. ශමථවිදර්‍ශනාවන්ගේ එකරසාර්‍ත්‍ථය දතයුතු යැ. යුගනන්‍ධයාගේ අනතිවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යි.
ශික්‍ෂාවගේ සමාදානාර්‍ත්‍ථය දතයුතු යැ. අලම්බනයාගේ ගෝචරාර්‍ත්‍ථය දතයුතු යැ. ලීනචිත්තයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. උද්ධත චිත්තයාගේ නිග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. ලීනෝද්ධත දෙකින් විශුද්ධ (චිත්ත) යන්ගේ අධ්‍යුපේක්‍ෂණාර්‍ත්‍ථය දතයුතු යැ. විශෙෂාධිගමාර්‍ත්‍ථය දතයුතු යැ. (ආර්‍ය්‍යමාර්‍ගයාගේ) පහළවීම් වශයෙන් උත්තරිප්‍රතිවේධාර්‍ත්‍ථය දතයුතු යැ. (චතුස්සත්‍යප්‍රතිවේධ වශයෙන්) සත්‍යාභිසමයාර්‍ත්‍ථය දතයුතු යැ. (ඵලසමාපත්ති වශයෙන්) නිරෝධයෙහි ප්‍රතිස්ථාපකාර්‍ත්‍ථය දතයුතු යි.
ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. ස්මෘතීන්‍ද්‍රියයාගේ (අරමුණට එළැඹ සිටීම් වශයෙන්) උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යි.
ශ්‍රද්ධාබලයාගේ අශ්‍රද්ධායෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යබලයාගේ කුසීදභාවයෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ස්මෘතිබලයාගේ ප්‍රමාදයෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. සමාධිබලයාගේ උද්ධතභාවයෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රඥාබලයාගේ අවිද්‍යායෙන් අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යි.
ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයාගේ (විමසීම් විසින්) ප්‍රවිචයාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ ස්ඵුරණාර්‍ත්‍ථය දතයුතු යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයාගේ ව්‍යුපශමාර්‍ත්‍ථය දත යුතු යැ. සමාධිසම්බෝධ්‍යඞ්ගයාගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය දතයුතු යැ. උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයාගේ ප්‍රතිසංඛානාර්‍ත්‍ථය දතයුතු යි.
සම්‍යග්දෘෂ්ටිහුගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්සංකල්පයාගේ (සිත අරමුණට නැඟිම් විසින්) අභිනිරෝපණාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යග්වචනයාගේ (වාක්සංවර විසින්) පරිග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්කර්‍මන්තයාගේ (කායසංවර විසින්) සමුත්‍ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යගාජීවයාගේ පරිශුද්ධාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්ස්මෘතිහුගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය දතයුතු යි.
ඉන්‍ද්‍රියයන්ගේ අධිපත්‍යර්‍ත්‍ථය දතයුතු යැ. බලයන්ගේ අකම්ප්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. බෝධ්‍යඞ්ගයන්ගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ හෙත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. සතිපට්ඨානයන්ගේ (අරමුණෙහි එළැඹ සිටීම් වශයෙන්) උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. සම්‍යක්ප්‍රධානයන්ගේ ප්‍රදහනාර්‍ත්‍ථය දතයුතු යැ. ඍද්ධිපාදයන්ගේ සමෘද්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. සත්‍යයන්ගේ තථාර්‍ත්‍ථය දතයුතු යැ. සතර ආර්‍ය්‍ය මාර්‍ගප්‍රයෝගයන්ගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. ඵලයන්ගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය දතයුතු යි.
විතර්‍කයාගේ අභිනිරෝපණාර්‍ත්‍ථය දතයුතු යැ. විචාරයාගේ අනුමජ්ජතාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රීතියගේ විසරණාර්‍ත්‍ථය (පැතිරීම) දතයුතු යැ. සුඛයාගේ අභිසන්‍දන (තෙමීම්) අර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (සමාධි වශයෙන්) ඒකාග්‍රතාර්‍ත්‍ථය දතයුතු යි.
ආවර්‍ජනාර්‍ත්‍ථය දතයුතු යැ. (විඥානයාගේ) විජානනාර්‍ත්‍ථය දතයුතු යැ. (ප්‍රඥාවගේ) ප්‍රජානනාර්‍ත්‍ථය දතයුතු යැ. (සංඥාවගේ) සඤ්ජානනාර්‍ත්‍ථය දතයුතු යැ. (සමාධිහුගේ) ඒකාලම්බනාර්‍ත්‍ථය දතයුතු යැ. අසහාය වූ උදයාර්‍ත්‍ථය දතයුතු යැ. අභිඥා (ඥාතපරිඥා) වගේ ඥාතාර්‍ත්‍ථය දතයුතු යැ. තීරණපරිඥාවගේ (අනිත්‍යාදි වශයෙන්) තීරණාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රහාණපරිඥාවගේ (ප්‍රතිපක්‍ෂධර්‍ම) පරිත්‍යාගාර්‍ත්‍ථය දතයුතු යැ. භාවනාවගේ ඒකරසාර්‍ත්‍ථය දතයුතු යැ. සාක්‍ෂාත්ක්‍රියාවගේ ස්පශ්‍රන (වින්‍දන) අර්‍ත්‍ථය දතයුතු යැ. ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථය දතයුතු යැ. ධාතූන්ගේ(ශූන්‍යාදි) ධාත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය දතයුතු යැ. සඞ්ඛත ධර්‍මයන්ගේ (ප්‍රත්‍යසමවායෙන් කරන ලද විසින්) සඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යැ. අසඞ්ඛතධාතූහුගේ අසඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යි.
(චිත්තයාගේ ආරම්මණ චින්තනාදි) චිත්තාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ අනන්තරභාවාර්‍ත්‍ථය දතයුතු යැ. (ගෝත්‍රභූ-මාර්‍ග) චිත්තයාගේ (නිමිත්තනිමිත්තප්‍රවෘත්තියෙන්) ව්‍යුත්‍ථානාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (නිර්‍වාණයෙහි) විවර්‍තනාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ හෙත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (වස්ත්‍වාලම්බනාදීන් පිළිබඳ) ප්‍රත්‍යයාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (චක්‍ෂුරාදි වස්තූන්ට) වස්තුභාවාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (කාමාවචරාදි) භූම්‍යර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (රූපාදි) ආලම්බනාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (ආලම්බන) ගෝචරාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ චර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (දූරසන්තික ආලම්බනග්‍රහණ වශයෙන්) ගතාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ (අරමුණු ගැනීමට) අභිනීහරණාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගචිත්තයාගේ (වට්ටයෙන්) නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ නිස්සරණාර්‍ත්‍ථය දතයුතු යි.
ඒකත්‍වයෙහි (එක් අරමුණෙහි) ආවර්‍ජනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි විජානනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි ප්‍රජානනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි සඤ්ජානනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි ඒකෝදයාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි උපනිබන්‍ධානාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (ප්‍රථමධ්‍යාන වශයෙන්) ප්‍රස්කන්‍දනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (ද්විතීයධ්‍යාන වශයෙන්) ප්‍රසීදනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (තෘතීයධ්‍යාන වශයෙන්) සන්තිට්ඨානාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (චතුර්‍ත්‍ථධ්‍යාන වශයෙන්) විමුච්චනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) ‘තෙල ශාන්ත යැ යි’ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි යානීකෘතාර්‍ත්‍ථය (යෙදූ යානයක් මෙන් කළ අර්‍ත්‍ථය) දතයුතු යැ. ඒකත්‍වයෙහි මැනැවින් පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇති බව දතයුතු යැ. ඒකත්‍වයෙහි පරිග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි පරිවාරාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි පරිපූරාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි සමවධානාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි අධිෂ්ඨානාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි ආසේවනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි භාවනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි බහුලවශයෙන් කරන බව දතයුතු යැ. ඒකත්‍වයෙහි මොනොවට නැඟීසිටි බව දතයුතු යැ. ඒකත්‍වයෙහි මොනොවට මිඳුණ බව දතයුතු යැ. ඒකත්‍වයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) අවබෝධාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (සකෘදාගාමීමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) අනුබොධාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අනාගාමීමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍රතිබෝධාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) සම්බොධාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) බෝධනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (සකෘදාගාමීමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) අනුබෝධනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අනාගාමීමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍රතිබෝධනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) සම්බොධනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) බෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (සකෘදගාමීමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) අනුබොධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අනාගාමිමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍රතිබෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) සම්බොධිපාක්‍ෂිකාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (විදර්‍ශනාප්‍රඥාවශයෙන්) ජ්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගඥාන වශයෙන්) උද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (සකෘදාගාමීමාර්‍ගඥාන වශයෙන්) අනුද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අනාගාමීමාර්‍ගඥාන වශයෙන්) ප්‍රතිද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යැ. ඒකත්‍වයෙහි (අර්‍හන්මාර්‍ගඥානවශයෙන්) සංද්‍යොතනාර්‍ත්‍ථය දතයුතු යි.
(ආර්‍ය්‍යමාර්‍ගයාගේ) ප්‍රකාශනාර්‍ත්‍ථය දතයුතු යැ. (ප්‍රභාස්වර බැවින්) විරෝචනාර්‍ත්‍ථය දතයුතු යැ. ක්ලේශයන්ගේ සන්තාපනාර්‍ත්‍ථය දතයුතු යැ. (නිර්‍මල නිර්‍වාණලම්බන බැවින්) අමලාර්‍ත්‍ථය දතයුතු යැ. (සම්ප්‍රයුක්තමලරහිත බැවින්) විමලාර්‍ත්‍ථය දතයුතු යැ. (ආලම්බන කරන මල රහිත බැවින්) නිර්‍මලාර්‍ත්‍ථය දතයුතු යැ. (කෙලෙස් විෂම නැති බැවින්) ශමාර්‍ත්‍ථය දතයුතු යැ. විවේකාර්‍ත්‍ථය දතයුතු යැ. විවේකචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. විරාගාර්‍ත්‍ථය දතයුතු යැ. විරාගචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. නිරෝධාර්‍ත්‍ථය දතයුතු යැ. නිරෝධචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. වොස්සග්ගාර්‍ත්‍ථය දතයුතු යැ. වොස්සග්ගචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. විමුක්ත්‍යර්‍ත්‍ථය දතයුතු යැ. විමුක්තිචර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු.
(කර්‍කතෘකම්‍යතා) ඡන්‍දාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ (සහජාතයනට ප්‍රතිෂ්ඨා බැවින්) පාදාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ (අධිපති බැවින්) ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ සමෘද්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය දතයුතු යැ. ඡන්‍දයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු.
වීර්‍ය්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ සමෘද්ධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය දතයුතු යැ. වීර්‍ය්‍යයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු.
(චින්තානාදි) චිත්තාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය දතයුතු යැ. චිත්තයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු.
වීමංසාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ මූලාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ ප්‍රධානාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ සමෘධ්‍යර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ අධිමොක්‍ෂාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ උපස්ථානාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ අවික්‍ෂේපාර්‍ත්‍ථය දතයුතු යැ. වීමංසාවගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු.
දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛයාගේ සඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛයාගේ සන්තාපාර්‍ත්‍ථය දතයුතු යැ. දුඃඛයාගේ විපරිණාමාර්‍ත්‍ථය දතයුතු.
සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය දතයුතු යැ. සමුදයාගේ නිදානාර්‍ත්‍ථය දතයුතු යැ. සමුදයාගේ සංයෝගාර්‍ත්‍ථය දතයුතු යැ. සමුදයාගේ පරිබොධාර්‍ත්‍ථය දතයුතු.
නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථය දතයුතු යැ. නිරෝධයාගේ විවේකාර්‍ත්‍ථය දතයුතු යැ. නිරෝධයාගේ අසඞ්ඛතාර්‍ත්‍ථය දතයුතු යැ. නිරෝධයාගේ අමෘතාර්‍ත්‍ථය දතයුතු.
මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ හෙත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ දර්‍ශනාර්‍ත්‍ථය දතයුතු යැ. මාර්‍ගයාගේ ආධිපත්‍යාර්‍ත්‍ථය දතයුතු.
යථාස්වභාවාර්‍ත්‍ථය දතයුතු යැ. අනාත්මාර්‍ත්‍ථය දතයුතු යැ. සත්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ප්‍රතිවේධාර්‍ත්‍ථය දතයුතු යැ. වෙසෙසින් දතයුතු අර්‍ත්‍ථය දතයුතු යැ. ඥාතතීරණපරිඥායෙන් දතයුතු අර්‍ත්‍ථය දතයුතු යැ. ධර්‍මාර්‍ත්‍ථය දතයුතු යැ. (ශූන්‍යතාදි) ධාත්‍වර්‍ත්‍ථය දතයුතු යැ. දතහැකි අර්‍ත්‍ථය දතයුතු යැ. සාක්‍ෂාත්කර්‍තව්‍යාර්‍ත්‍ථය දතයුතු යැ. ඥානයෙන් ස්පර්‍ශ කළයුතු අර්‍ත්‍ථය දතයුතු යැ. (ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන්) මොනොවට අවබෝධ කළයුතු අර්‍ත්‍ථය දතයුතු.
නෛෂ්ක්‍රම්‍ය (කාමච්ඡන්‍ද ප්‍රතිපක්‍ෂඅලෝභ) ය දතයුතු යැ. අව්‍යාපාදය දතයුතු යැ. (සත්‍යානමිද්ධප්‍රතිපක්‍ෂ) අලෝකසංඥාව දතයුතු යැ. අවික්‍ෂේපය දතයුතු යැ. ධම්මවවත්‍ථාන (නිශ්චය) ය දතයුතු යැ. ඥානය දතයුතු යැ. (අරතිප්‍රතිපක්‍ෂ) ප්‍රාමෝද්‍යය දතයුතු.
ප්‍රථමධ්‍යානය දතයුතු යැ. ද්විතීයධ්‍යානය දතයුතු යැ. තෘතීයධ්‍යානය දතයුතු යැ. චතුර්‍ත්‍ථධ්‍යානය දතයුතු යැ. ආකාසානඤ්චායතන සමාපත්තිය දතයුතු යැ. විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය දතයුතු යැ. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය දතයුතු යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය දතයුතු.
අනිත්‍යානුදර්‍ශනය දතයුතු යැ. දුඃඛානුදර්‍ශනය දතයුතු යැ. අනාත්මානු දර්‍ශනය දතයුතු යැ. නිර්වේදානුදර්‍ශනය දතයුතු යැ. විරාගනුදර්‍ශනය දතයුතු යැ. නිරෝධානුදර්‍ශනය දතයුතු යැ. ප්‍රතිනිඃසර්‍ගානුදර්‍ශනය දතයුතු යැ. ක්‍ෂයානුදර්‍ශනය දතයුතු යැ. ව්‍යයානුදර්‍ශනය දතයුතු යැ. විපරිණාමානුදර්‍ශනය දතයුතු යැ. අනිමිත්තානුදර්‍ශනය දතයුතු යැ. අප්‍රණිහිතානුදර්‍ශනය දතයුතු යැ. ශූන්‍යතානුදර්‍ශනය දතයුතු යැ. අධිප්‍රඥා සඞ්ඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව දතයුතු යැ. යථාභූතඥානදර්‍ශනය දතයුතු යැ. ආදීනවානුදර්‍ශනය දතයුතු යැ. පටිසඞ්ඛා (අනිත්‍ය-දුඃඛ-අනාත්මා)නුදර්‍ශනය දතයුතු යැ. විවර්‍තානුදර්‍ශනය (ගෝත්‍රභූඥාන)ය දතයුතු.
සෝවන් මාර්‍ගය දතයුතු යැ. සෝවන් ඵලසමාපත්තිය දතයුතු යැ. සකෘදාගාමී මාර්‍ගය දතයුතු යැ. සකෘදාගාමී ඵලසමාපත්තිය දතයුතු යැ. අනාගාමී මාර්‍ගය දතයුතු යැ. අනාගාමී ඵලසමාපත්තිය දතයුතු යැ. අර්‍හන්මාර්‍ගය දතයුතු යැ. අර්‍හත්ඵලසමාපත්තිය දතයුතු.
අධිමෝක්‍ෂ (නිශ්චය කිරීම්) අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය දතයුතු යැ. ප්‍රග්‍රහ (උත්සාහ) අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය දතයුතු යැ. අපිලාපන (අරමුණෙහි බැසගැනීම්) අර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය දතයුතු යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය දතයුතු යැ. දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය දතයුතු.