Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 1801-1900 න් 2879

අනාස්‍රවවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අනාස්‍රවවිමෝක්‍ෂ නම් වෙයි.
සාමිෂවිමෝක්‍ෂ නම් කවරෙ යත්: රූපධ්‍යාන ප්‍රතිසංයුක්ත වූ විමෝක්‍ෂය යි. මේ සාමිෂවිමෝක්‍ෂ නම් වෙයි.
නිරාමිෂවිමෝක්‍ෂ නම් කවරෙ යත්: අරූපසමාපත්ති ප්‍රතිසංයුක්ත වූ විමෝක්‍ෂය යි. මේ නිරාමිෂවිමෝක්‍ෂ නම් වෙයි.
නිරාමිෂයට වඩා අතිශයින් නිරාමිෂ වූ විමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ නිරාමිෂයට වඩා නිරාමිෂතර වූ විමෝක්‍ෂ නම් වෙයි.
ප්‍රණිහිතවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ ප්‍රණිහිතවිමෝක්‍ෂ නම් වෙයි.
අප්‍රණිහිතවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අප්‍රණිහිතවිමෝක්‍ෂ නම් වෙයි.
ප්‍රණිධි සන්හිඳීම් සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ නම් කවරැ යත්: ප්‍රථමධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යි. මේ ප්‍රණිධි සන්හිඳීම් සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ නම් වෙයි.
සංයුක්තවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සංයුක්තවිමෝක්‍ෂ නම් වෙයි.
විසංයුක්තවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ විසංයුක්තවිමෝක්‍ෂ නම් වෙයි.
ඒකත්‍වවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ ඒකත්‍වවිමෝක්‍ෂ නම් වෙයි.
නානාත්‍වවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ නානාත්‍වවිමෝක්‍ෂ නම් වෙයි.
සංඥාවිමෝක්‍ෂ නම් කවරෙ යත්: එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ චෙතී ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තුවශයෙන්, පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
සියා යනු: කිසෙයින් වන්නේ ද යත් : අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය වශයෙන් පැවැති සංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, දුක්ඛානුපස්සනාඤාණය සුඛසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, අනත්තානුපස්සනාඤාණය ආත්මසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, නිබ්බිදානුපස්සනාඤාණය නන්‍දි වශයෙන් පැවැති සංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, විරාගානුපස්සනා ඤාණය රාගසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, නිරෝධානුපස්සනා ඤාණය සමුදයසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, පටිනිස්සග්ගානුපස්සනා ඤාණය ආදානසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, අනිමිත්තානුපස්සනා ඤාණය නිමිත්තසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, අප්පණිහිතානුපස්සනා ඤාණය ප්‍රණිධිසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, සුඤ්ඤතානුපස්සනා ඤාණය අභිනිවේශසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නමි.
මෙසෙයින් එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ වෙති ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
රූපයෙහි අනිච්චානුපස්සනා ඤාණය නිත්‍යසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනා ඤාණය අභිනිවේශ සංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ වෙති ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
වේදනායෙහි ... සංඥායෙහිය ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිතත්‍යසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශසංඥායෙන් මිදේ නු’ යි සංඥාවිමෝක්‍ෂය නමි. මෙසෙයින් එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ වෙති ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තුවශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි. මේ සංඥාවිමෝක්‍ෂය නමි.
ඥානවිමෝක්‍ෂය නම් කවරෙ යත්: එක් ඥානවිමෝක්‍ෂය දශඥානවිමෝක්‍ෂයෝ වෙති ද, දශඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යි.
සියා යනු: කිසෙයින් වන්නේ ද යත් : අනිච්චානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය නිත්‍ය වශයෙන් පැවැති සම්මෝහ සඞ්ඛ්‍යාත නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, දුක්ඛානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය සුඛ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, අනත්තානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය ආත්ම වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, නිබ්බිදානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය නන්‍දි වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, විරාගානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය රාග වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, නිරෝධානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය සමුදය වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, පටිනිස්සග්ගානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය ආදාන වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, අනිමිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය නිමිත්ත වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, අප්පණිහිතානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය ප්‍රණිධි වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, සුඤ්ඤතානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය අභිනිවේශ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නමි.
මෙසෙයින් එක් ඥානවිමෝක්‍ෂය දශ ඥානවිමෝක්‍ෂයෝ වෙතී ද දශ ඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යි.
රූපයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය නිත්‍ය වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය අභිනිවේශ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් ඥානවිමෝක්‍ෂය දශඥානවිමෝක්‍ෂයෝ වෙතී ද දශඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
වේදනායෙහි ... සංඥාවෙයි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය නිත්‍ය වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය අභිනිවේශ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් ඥානවිමෝක්‍ෂය දශඥානවිමෝක්‍ෂයෝ වෙති ද දශඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යි. මේ ඥානවිමෝක්‍ෂ නම් වේ.
ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම් කවරෙ යත් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි
සියා යනු: කිසෙයික් වන්නේ ද යත්: අනිච්චානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර (උතුම්) වූ ශීතිභාව (නිර්‍වාණ) ඥානය නිත්‍ය වශයෙන් පැවැති (ක්ලේශ සඞ්ඛ්‍යාත) සන්තාපපරිදාහදරථයෙන් (තැවීම්දැවීම් උණුසුමින්) මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, දුක්ඛානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය සුඛ වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, අනත්තානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාව ඥානය ආත්ම වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, නිබ්බිදානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාව ඥානය නන්‍දි වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, විරාගානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය රාග වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, නිරෝධානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය සමුදය වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, පටිනිස්සග්ගානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය ආදාන වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, අනිමිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය නිමිත්ත වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, අප්පණිහිතානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය ප්‍රණිධි වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, සුඤ්ඤාතානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය අභිනිවේශ වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නමි.
මෙසෙයින් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශ ශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යැ.
රූපයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය නිත්‍ය වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය අභිනිවේශ වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය නිත්‍ය වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය අභිනිවේශ වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නමි.
මෙසෙයින් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන්, පර්‍ය්‍යායයෙන් වන්නේ යි. මේ ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම් වේ.
ධ්‍යානවිමෝක්‍ෂ නම් කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, කාමච්ඡන්‍දය දවා නු’යි ධ්‍යාන නම, ධ්‍යාන කරනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, දවනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, ඣායන්ති යනු: ධර්‍මයෝ යැ, ඣාපේති යනු: කෙලෙසුන් යැ, ධ්‍යාන කළ ධර්‍මයන් ද දැවුණු කෙලෙසුන් ද දනී නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, අව්‍යාපාද තෙමේ ඣාන කෙරේ නු’යි ධ්‍යාන නම, ව්‍යාපාදය දවා නු’යි ධ්‍යාන නම, ධ්‍යාන කරනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, දවනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, ඣායන්ති යනු: ධර්‍මයෝ යැ, ඣාපේති යනු : කෙලෙසුන් යැ, ධ්‍යාන කළ ධර්‍මයන් ද දැවුණු කෙලෙසුන් ද දනී නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම. ආලෝකසංඥා තොමෝ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නමු, ථීනමිද්ධය දවා නු’යි ධ්‍යාන නමු ... අවික්‍ෂේප තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, ඖද්ධත්‍යය දවා නු’යි ධ්‍යාන නම ... ධම්මවවත්‍ථාන තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන තම, විචිකිත්සාව දවා නු’යි ධ්‍යාන නම ... ඥාන තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, අවිද්‍යාව දවා නු’යි ධ්‍යාන නම ... ප්‍රාමෝද්‍ය තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, අරතිය දවා නු’යි ධ්‍යාන නම ... ප්‍රථමධ්‍යාන තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, නීවරණයන් දවා නු’යි ධ්‍යාන නම ... අර්‍හන්මාර්‍ග තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, හැම කෙලෙසුන් දවා නු’යි ධ්‍යාන නම ... ධ්‍යාන කරනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, දවනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම. ඣායන්ති යනු: ධර්‍මයෝ යැ, ඣාපේති යනු: කෙලෙසුන් යැ, ධ්‍යාන කළ දහමුදු දැවුණු කෙලෙසුනුදු දනී නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නමි. මේ ධ්‍යානවිමෝක්‍ෂ නම් වේ.
අනුපාදාචිත්තවිමෝක්‍ෂ කවරෙ යත්: එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
සියා යනු: කිසෙයින් වන්නේ යැ යත්: අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය වශයෙන් පැවැති උපාදානයෙන් (ග්‍රහණයෙන්) මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, දුක්ඛානුපස්සනාඤාණය සුඛ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, අනත්තානුපස්සනාඤාණය ආත්මවශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, නිබ්බිදානුපස්සනාඤාණය නන්‍දි වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, විරාගානුපස්සනාඤාණය රාග වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, නිරෝධානුපස්සනාඤාණය සමුදය වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානවශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්ත වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධි වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, සුඤ්ඤාතානුපස්සනාඤාණය අභිනිවේශ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යි.
මෙසෙයින් එක් අනුපාදාවිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාවිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාවිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාවිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
රූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යවශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යි. මෙසෙයින් එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යි. මෙසෙයින් එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
අනිච්චානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද, දුක්ඛානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද, අනත්තතානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද, නිබ්බිදානුපස්සනාඤාණය ... විරාගානුපස්සනාඤාණය ... නිරෝධානුපස්සනාඤාණය ... පටිනිස්සග්ගානුපස්සනාඤාණය ... අනිමිත්තානුපස්සනාඤාණය ... අප්පණිහිතානුපස්සනාඤාණය ... සුඤ්ඤතානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද යත්:
අනිච්චානුපස්සනාඤාණය තුන් උපාදානයෙකින් මිදෙයි, දුක්ඛානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, අනත්තතානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, නිබ්බිදානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, විරාගානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, නිරෝධානුපස්සනාඤාණය සතර උපාදානයෙකින් මිදෙයි, පටිනිස්සග්ගානුපස්සනාඤාණය සතර උපාදානයෙකින් මිදෙයි, අනිමිත්තානුපස්සනාඤාණය තුන් උපාදානයෙකින් මිදෙයි, අප්පණිහිතානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, සුඤ්ඤතානුපස්සනාඤාණය තුන් උපාදානයෙකින් මිදෙයි,
අනිච්චානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත් දෘෂ්ට්‍යුපාදනයෙන ශීලව්‍රතෝපාදානයෙන ආත්මවාදෝපාදානයෙනි. අනිච්චානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙකින් මිදෙයි.
දුක්ඛානුපස්සනාඤාණය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි. දුක්ඛානුපස්සනාඤාණය මේ එක් උපාදානයෙන් මිදෙයි.
අනත්තානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත්: දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. අනත්තානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙකින් මිදෙයි.
නිබ්බිදානුපස්සනාඤාණය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි. නිබ්බිදානුපස්සනාඤාණය මේ එක් උපාදානයෙකින් මිදෙයි.
විරාගානුපස්සනාඤාණය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි. විරාගානුපස්සනාඤාණය මේ එක් උපාදානයෙන් මිදෙයි.
නිරෝධානුපස්සනාඤාණය කවර සතර උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙන, දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. නිරෝධානුපස්සනාඤාණය මේ සතර උපාදානයෙන් මිදෙයි.
පටිනිස්සග්ගානුපස්සනාඤාණය කවර සතර උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙන, දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. පටිනිස්සග්ගානුපස්සනාඤාණය මේ සතර උපාදානයෙන් මිදෙයි.
අනිමිත්තානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත්: දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි, අනිමිත්තානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙන් මිදෙයි.
අප්පණිහිතානුපස්සනාඤාණ ය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි අප්පණිහිතානුපස්සනාඤාණ ය මේ එක් උපාදානයෙන් මිදෙයි.
සුඤ්ඤතානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත්: දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. සුඤ්ඤතානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙන් මිදෙයි
යම් අනිච්චානුපස්සනාඤාණයෙකුත් යම් අනත්තතානුපස්සනාඤාණයෙකුත් යම් අනිමිත්තානුපස්සනාඤාණයෙකුත් යම් සුඤ්ඤතානුපස්සනාඤාණයෙකුත් වේ ද, මේ සතර ඥානයෝ තුන් උපාදානයෙකින් මිදෙති. දෘෂ්ට්‍යුපාදානයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. යම් දුක්ඛානුපස්සනාඤාණයෙකුත් යම් නිබ්බිදානුපස්සනාඤාණයෙකුත් යම් විරාගානුපස්සනාඤාණයෙකුත් යම් අප්පණිහිතානුපස්සනාඤාණයෙකුත් වේ ද, මේ සතර ඥානයෝ එක් උපාදානයෙකින් මිදෙති: කාමෝපාදානයෙනි. යම් නිරෝධානුපස්සනාඤාණයෙකුත් යම් පටිනිස්සග්ගානුපස්සනාඤාණයෙකුත් වේ ද, මේ ඤාණයෝ දෙදෙන සතර උපාදානයෙකින් මිදෙති: කාමෝපාදානයෙන, දෘෂ්ට්‍යුපාදානයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. මේ අනුපාදාචිත්තවිමෝක්‍ෂයි.
විමෝක්‍ෂකථායෙහි පළමු වන බණවර යි.
මේ තුන් විමෝක්‍ෂමුඛයෝ (ත්‍රෛධාතුක) ලෝකයෙන් නික්මීම පිණිස පවතිත්: හැම සංස්කාරයන් පරිච්ඡේද වශයෙන් පර්‍ය්‍යන්ත වශයෙන් නුවණින් විමසන බැවින් ද අනිමිත්ත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසෙන බැවින් ද (ලෝකනිර්‍ය්‍යාණය වෙයි), හැම සංස්කාරයන්හි සිත සංවේග කරන බැවින් ද අප්‍රණිහිත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසෙන බැවින් ද (ලෝකනිර්‍ය්‍යාණය වෙයි), හැම ධර්‍මයන් අනාත්ම වශයෙන් නුවණින් විමසන බැවින් ද ශුන්‍යත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසෙන බැවින් ද (ලෝකනිර්‍ය්‍යාණය වෙයි), මේ තුන් විමෝක්‍ෂමුඛයෝ ලෝකනිර්‍ය්‍යාණය පිණිස පවතිත්.
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට ක්‍ෂය විසින් සංස්කාරයෝ වටහති. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට භය විසින් සංස්කාරයෝ වටහති. අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට ශුන්‍ය විසින් සංස්කාරයෝ වටහත්.
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට අධිමෝක්‍ෂය බහුල කොට ඇති සිත වෙයි, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට ප්‍රශ්‍රබ්ධිය බහුල කොට ඇති වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට තුෂ්ටිය බහුල කොට ඇති සිත වේ.
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අධිමෝක්‍ෂය බහුලකොට ඇතියේ කවර ඉන්‍ද්‍රියයක් ලබා ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ ප්‍රශ්‍රබ්ධිය බහුල කොට ඇතියේ කවර ඉන්‍ද්‍රියයක් ලබා ද, අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ තුෂ්ටිය බහුල කොට ඇතියේ කවර ඉන්‍ද්‍රියයක් ලබා ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අධිමෝක්‍ෂය බහුල කොට ඇතියේ ශ්‍රද්ධේන්‍ද්‍රිය ලබයි, දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ ප්‍රශ්‍රබ්ධිය බහුල කොට ඇති යේ සමාධීන්‍ද්‍රිය ලබයි, අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ තුෂ්ටිය බහුල කොට ඇතියේ ප්‍රඥේන්‍ද්‍රිය ලබා.
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂය බහුලයාහට කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති කොට ඇත්තේ වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ එය අනුව යන්නාහු වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෝ වෙත් ද, ඒකකෘත්‍යයෝ වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද,
දුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති කොට ඇත්තේ වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ එය අනුව යන්නාහු වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද,
අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර ඉන්‍ද්‍රියයක් අධිපති කොට ඇත්තේ වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ එය අනුව යන්නාහු වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයා හට ශ්‍රදෙධින්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රිය කෙනෙක් තදනුකූල වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, (විමුක්තිරසයෙන්) ඒකරසාර්‍ත්‍වයෙන් භාවනාව වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හෙතෙම භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට ඉන්‍ද්‍රියභාවනා නැති.
දුඃඛ හෙයින් මෙනෙහි කරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට සමාධීන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි. යමෙක් සම්‍යක් ප්‍රතිපන්න වේ ද හෙතෙම භාවනා කෙරෙයි. මිථ්‍යාප්‍රතිපන්නයාහට ඉන්‍ද්‍රියභාවනා නැති.
අනාත්ම හෙයින් මෙනෙහි කරන්නා වූ තුෂ්ටිබහුලයාහට ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍වයෙන් භාවනාව වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හෙතෙම භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට ඉන්‍ද්‍රියභාවනා නැති.
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නා වූ අධිමෝක්‍ෂ බහුලයා හට කවර ඉන්‍ද්‍රියෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, (සත්‍ය) ප්‍රතිවේධ කාලයෙහි කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති වේද, සත්‍යප්‍රතිවේධය පිණිස කෙතෙක් කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවර අර්‍ත්‍ථයෙකින් ප්‍රතිවේධය වේ ද යත්:
දුඃඛ හෙයින් මෙනෙහි කරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර ඉන්‍ද්‍රියෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ප්‍රතිවේධ කාලයෙහි කවර ඉන්‍ද්‍රියෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙන් භාවනා වේ ද, කවර අර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධ වෙයි යත්:
අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ප්‍රතිවේධ කාලයෙහි කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති වේද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙන් භාවනා වේ ද, කවර අර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධ වෙයි යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නා වූ අධිමෝක්‍ෂ බහුලයා හට ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිපති වේ ද, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ප්‍රතිවේධ කාලයෙහි ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි, මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද, ප්‍රතිවේධ කෙරේ.
දුඃඛ හෙයින් මෙනෙහි කරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට සමාධීන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ප්‍රතිවේධ කාලයෙහි ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි, මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද, භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද, ප්‍රතිවේධ කෙරේ.
අනාත්ම හෙයින් මෙනෙහි කරන්නා වූ තුෂ්ටිබහුලයාහට ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ප්‍රතිවේධ කාලයෙහි ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වේද, ප්‍රතිවේධය පිණිස සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි, මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ.
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කවර ඉන්‍ද්‍රියයෙක් බලවත් වේ ද, කවර ඉන්‍ද්‍රියයක් බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වේ ද, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට කවර ඉන්‍ද්‍රියයෙක් බලවත් වේ ද, කවර ඉන්‍ද්‍රියයක් බලවත් බැවින් කායසාක්‍ෂි වේ ද, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට කවර ඉන්‍ද්‍රියයෙක් බලවත් වේ ද, කවර ඉන්‍ද්‍රියයක් බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වෙයි යත්:
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත ව
හදහමින් මිදුණේ නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ (ධ්‍යානස්පර්‍ශය) ස්පර්‍ශ කළ බැවින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද නු’යි කායසාක්‍ෂි යැ (ප්‍රඥේන්‍ද්‍රියයෙන්) දක්නා ලද බැවින් (නිවනට) පැමිණියේ නු’යි දෘෂ්ටිප්‍රාප්ත යි. හදහමින් මිදේ නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ ධ්‍යානස්පර්‍ශය පළමු වැ ස්පර්‍ශ කෙරෙයි, පසුව නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සාක්‍ෂාත් කෙරේ නු’යි කායසාක්‍ෂි යැ සංස්කාරයෝ දුඃඛයෝ යැ නිරෝධය සුඛ යැ’යි ප්‍රඥායෙන් දන්නා ලද දක්නා ලද ප්‍රකට කරන ලද සාක්‍ෂාත් කරන ලද ස්පර්‍ශ කරන ලද වේනු’යි දෘෂ්ටිප්‍රාප්ත යි.
යමෙකුත් ශ්‍රද්ධාවිමුක්තපුද්ගල වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මේ පුද්ගලයෝ තිදෙන වස්තුවශයෙන් පර්‍ය්‍යායයෙන් ශ්‍රද්ධාවිමුක්ත ද වන්නාහ, කායසාක්‍ෂි ද වන්නාහ, දෘෂ්ටිප්‍රාප්ත ද වන්නාහු යි.
සියා යනු: කිසෙයින් වන්නේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. මෙසෙයින් මේ තුන් පුඟුලෝ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වන්නාහ.
දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධින්‍ද්‍රිය බලවත් වෙයි, සමාධින්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට සමාධින්‍ද්‍රිය බලවත් වෙයි, සමාධින්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි. අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට සමාධින්‍ද්‍රිය බලවත් වෙයි, සමාධින්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වේ. වෙසෙයින් මේ තුන් පුඟුලෝ සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වන්නාහ.
අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වෙයි. අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ. මෙසෙයින් මේ තුන් පුඟුලෝ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වන්නාහ.
යමෙකුත් ශ්‍රද්ධාවිමුක්තපුද්ගල වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මෙසෙයින් මේ පුද්ගලයෝ තිදෙන වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් ශ්‍රද්ධාවිමුක්ත ද කායසාක්‍ෂි ද දෘෂ්ටිප්‍රාප්ත ද වන්නාහු යි.
යම් ද පුද්ගලයෙක් ශ්‍රද්ධාවිමුක්ත වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මේ පුද්ගලයෝ ති දෙන අනෙකෙක් මැ ශ්‍රද්ධාවිමුක්ත වන්නේ යැ අනෙකෙක් මැ කායසාක්‍ෂි වන්නේ යැ අනෙකෙක් මැ දෘෂ්ටිප්‍රාප්ත වන්නේ යි.
සියා යනු: කිසෙයින් වන්නේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ.
යම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවිමුක්ත වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මෙසෙයින් මේ පුද්ගලයෝ තිදෙන වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් ශ්‍රද්ධාවිමුක්ත ද වන්නේ යැ කායසාක්‍ෂි ද වන්නේ යැ දෘෂ්ටිප්‍රාප්ත ද වන්නේ යැ, අනෙකෙක් මැ ශ්‍රද්ධාවිමුක්ත වන්නේ යැ අනෙකෙක් මැ කායසාක්‍ෂි වන්නේ යැ අනෙකෙක් මැ දෘෂ්ටිප්‍රාප්ත වන්නේ යි.
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබයි, එයින් කියනු ලැබෙයි ‘ශ්‍රද්ධානුසාරී’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රතයෝ වෙත්. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයන්ගේ භාවනා වෙයි. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබත් ද එ හැම දෙන ‘ශ්‍රද්ධානුසාරී’ වෙති.
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරන ලද වෙයි, එයින් කියනු ලැබෙයි ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙත්. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත් කළාහු ද එහැම දෙන ශ්‍රද්ධාවිමුක්ත වෙති.
අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් සකෘදාගාමිමාර්‍ගය ලබයි ... සකෘදාගාමිඵලය සාක්‍ෂාත් කරන ලද වෙයි ... අර්‍හන්මාර්‍ගය ලබයි ... අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරන ලද වෙයි, එයින් කියනු ලැබෙයි ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති ... සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙති. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් අර්‍හත්ඵලය සාක්‍ෂාත් කළාහු ද එහැම දෙන ශ්‍රද්ධාවිමුක්ත වෙත්.
දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත්බැවින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබයි, එයින් කියනු ලැබෙයි ‘කායසාක්‍ෂි’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයන්ගේ භාවනා වෙයි, යම් කිසි කෙනෙක් සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබත් ද එහැම දෙන ‘කායසාක්‍ෂි’ වෙත්.
දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිඵලය පසක් කරන ලද වෙයි ... සකෘදාගාමි මාර්‍ගය ලබයි ... සකෘදාගාමිඵලය පසක් කරන ලද වෙයි ... අනාගාමිමාර්‍ගය ලබයි ... අනාගාමිඵලය පසක් කරන ලද වෙයි ... අර්‍හන්මාර්‍ගය ලබයි ... අර්‍හත්ඵලය පසක් කරන ලද වෙයි, එයින් කියනු ලැබෙයි ‘කායසාක්‍ෂි’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍ය ප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙත්. යම් කිසි කෙනෙක් සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් අහීත්ඵලය පසක් කළාහු ද එහැම දෙන ‘කායසාක්‍ෂි’ වෙත්.
අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබයි, එයින් කියනු ලැබෙයි ‘ධර්‍මානුසාරී’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයන්ගේ භාවනා වෙයි. යම් කිසි කෙනෙක් ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබත් ද, එහැම දෙන ‘ධර්‍මානුසාරී’ වෙත්.
අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත්කෘත වෙයි, එයින් කියනු ලැබෙයි ‘දෘෂ්ටිප්‍රාප්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙති, යම් කිසි කෙනෙක් ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත්කෘත වෙත් ද එහැම දෙන ‘දෘෂ්ටිප්‍රාප්ත’ වෙත්.
අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් සකෘදාගාමිමාර්‍ගය ලබයි ... සකෘදාගාමිඵලය සාක්‍ෂාත්කෘත වෙයි ... අනාගාමිමාර්‍ගය ලබයි ... අනාගාමිඵලය සාක්‍ෂාත්කෘත වෙයි ... අර්‍හත්මාර්‍ගය ලබයි ... අර්‍හත්ඵලය සාක්‍ෂාත්කෘත වෙයි, එයින් කියනු ලැබෙයි ‘දෘෂ්ටිප්‍රාප්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙති. යම් කිසි කෙනෙක් ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අර්‍හත්ඵලය සාක්‍ෂාත්කෘත වෙත් ද එහැම දෙන ‘දෘෂ්ටිප්‍රාප්ත’ වෙත්.
යම් කිසි කෙනෙක් නෛෂ්ක්‍රම්‍යය වැඩුහු ද වඩත් ද වඩන්නාහු ද, අධිගම කළාහු ද අධිගම කෙරෙත් ද අධිගම කරන්නාහු ද පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, ලැබූහු ද ලබත් ද ලබන්නාහු ද, ප්‍රතිවේධ කළාහු ද ප්‍රතිවේධ කෙරෙත් ද ප්‍රතිවේධ කරන්නාහු ද ප්‍රත්‍යක්‍ෂ කළාහු ද ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු ද (ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළාහු ද ස්පර්‍ශ කෙරෙත් ද ස්පර්‍ශ කරන්නාහු ද, වශීභාවයට පැමිණියාහු දපැමිණෙත් ද පැමිණෙන්නාහු ද, විශාරදභාවයට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමෘධින්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
යම් කිසි කෙනෙක් අව්‍යාපාදය ... ආලෝකසංඥාව ... අවික්‍ෂේපය ... ධර්‍මනිශ්චය ... ඥානය ... ප්‍රාමෝද්‍යය ... ප්‍රථමධ්‍යානය ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය ... ආකාසානඤ්චායතනසමාපත්තිය ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය ... අනිච්චානුපස්සනාව ... දුක්ඛානුපස්සනාව ... අනත්තානුපස්සනාව ... නිබ්බිදානුපස්සනාව ... විරාගානුපස්සනාව ... නිරෝධානුපස්සනාව ... පටිනිස්සග්ගානුපස්සනාව ... ඛයානුපස්සනාව ... වයානුපස්සනාව ... විපරිනාමානුපස්සනාව ... අනිමිත්තානුපස්සනාව ... අප්පර්‍ණහිතානුපස්සනාව ... සුඤ්ඤතානුපස්සනාව ... අධිපඤ්ඤාධම්මවිපස්සනාව ... යථාභූතඤාණදස්සනය ... ආදීනවානුපස්සනාව ... පටිසඞ්ඛානුපස්සනාව ... විවට්ටානුපස්සනාව ... ස්‍රෝතාපත්තිමාර්‍ගය ... සකෘදාගාමිමාර්‍ගය ... අනාගාමිමාර්‍ගය ... අර්‍හන්මාර්‍ගය ... යම් කිසි කෙනෙක් සතරසතිපට්ඨානයන් ... සතර සම්‍යක්ප්‍රධානයන් ... සතර ඍද්ධිපාදයන් ... පඤේචන්‍ද්‍රියයන් ... පඤ්චබලයන් ... සප්තබෝධ්‍යඞ්ගයන් ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ... යම් කිසි කෙනෙක් අෂ්ටවිමෝක්‍ෂයන් වැඩුහු ද වඩත් ද වඩන්නාහු ද, අධිගම කළාහු ද අධිගම කෙරෙත් ද අධිගම කරන්නාහු ද,
පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, ලැබූහු ද ලබත් ද ලබන්නාහු ද, ප්‍රතිවේධ කළාහු ද ප්‍රතිවේධ කෙරෙත් ද ප්‍රතිවේධ කරන්නාහු ද, ප්‍රත්‍යක්‍ෂ කළාහු ද ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු ද, (ඥාන පහසින්) පැහැසුහූ ද පහසිත් ද පහස්නාහු ද, ඉසුරු බවට පැමිණියාහු ද, පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, පරතෙරට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, විශාරද බවට පැමිණියාහු ද පැමිණෙත් ද, පැමිණෙන්නාහු ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
යම් කිසි කෙනෙක් සතර ප්‍රතිසංවිදාවනට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද ... එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
යම් කිසි කෙනෙක් ත්‍රිවිද්‍යාවන් ප්‍රතිවේධ කළාහුද ප්‍රතිවේධ කෙරෙත් ද ප්‍රතිවේධ කරන්නාහු ද ... එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
යම් කිසි කෙනෙක් ත්‍රිවිධශික්‍ෂාවන් හික්මුණාහු ද හික්මෙත් ද හික්මෙන්නාහු ද, සාක්‍ෂාත් කළාහු ද සාක්‍ෂාත් කෙරෙත් ද සාක්‍ෂාත් කරන්නාහු ද, (නුවණපහසින්) පැහැසූහු ද පහසිත් ද පහස්නාහු ද, ඉසුරු බවට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, අවසනට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, වෙසරද බවට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
යම් කිසි කෙනෙක් දුඃඛසත්‍යය (ඥාතතීරණපරිඥායෙන්) දැනගනිත් ද ... සමුදයසත්‍යය ... දුරුකෙරෙත් ද ... නිරෝධසත්‍යය සාක්‍ෂාත් කෙරෙත් ද, මාර්‍ගසත්‍යය වඩත් ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
කිසි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද යත්: සියු අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, සියු අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගයසත්‍යය භාවනාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරේ. මේ සියු අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි, මේ සියු අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙයි, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වේ.
කිසි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද යත්: නව අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, නව අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගයසත්‍යය භාවනාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, හැම ධර්‍මයන්ගේ අභිඥාප්‍රතිවේධය ද, හැම සංස්කාරයන්ගේ පරිඥාප්‍රතිවේධය ද, හැම අකුශලයන්ගේ ප්‍රහාණප්‍රතිවේධය ද, සතර මාර්‍ගයන්ගේ භාවනාප්‍රතිවේධය ද, නිරෝධයාගේ සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධය ද යන මේ නව අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි, මේ නව අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙයි, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වේ.
දෙ වැනි බණවර යි.
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, අනාත්ම හෙයින් මෙනෙහි කරනුවහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, යත්: (1)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට ක්‍ෂය විසින් සංස්කාරයෝ වටහති, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට භය විසින් සංස්කාරයෝ වටහති, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට ශුන්‍ය විසින් සංස්කාරයෝ වටහත්. (2)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද යත්: (1)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට අධිමෝක්‍ෂබහුල වූ සිත වෙයි, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට ප්‍රශ්‍රබ්ධිබහුල වූ සිත වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට තුෂ්ටිබහුල වූ සිත වේ. (2)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයා කවර විමෝක්‍ෂයක් ලබා ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයා කවර විමෝක්‍ෂයක් ලබා ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයා කවර විමෝක්‍ෂයක් ලබා ද යත්: (1)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයා අනිමිත්තවිමෝක්‍ෂය ලබයි, දුඃඛ හෙයින් මෙනෙහිකරන් වූ ප්‍රශ්‍රබ්ධිබහුලයා අප්‍රණිහිතවිමෝක්‍ෂය ලබයි, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයා ශුන්‍යතවිමෝක්‍ෂය ලබා. (2)
අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්:
දුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙත් ද, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්: