මෙසේ අධිමාත්‍රාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
දෙවැනි බණවර යි.
කිසෙයින් අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ භාවනායෙහි කුශලච්ඡන්‍දය උපදී. ඡන්‍දවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය පිහිටයි. ඡන්‍දවශයෙන් ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රාමෝද්‍යවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශද්ධෙන්‍ද්‍රිය පිහිටයි ...
මෙසෙයින් අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ යි.
කිසෙයින් පර්‍ය්‍යාදානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ අශ්‍රද්ධාව ක්‍ෂය කෙරෙයි, අශ්‍රද්ධාපරිදාහය ක්‍ෂය කෙරෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය තෙමේ කුසීද බව ක්‍ෂය කෙරෙයි, කෞසීද්‍යාපරිදාහය ක්‍ෂය කෙරෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය තෙමේ ප්‍රමාදය ක්‍ෂය කෙරෙයි, ප්‍රමාද පරිදාහය ක්‍ෂය කෙරෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය තෙමේ උද්ධතභාවය ක්‍ෂය කෙරෙයි, ඖද්ධත්‍යපරිදාහය ක්‍ෂය කෙරෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ අවිද්‍යාව ක්‍ෂය කෙරෙයි, අවිද්‍යාපරිදාහය ක්‍ෂය කෙරෙයි.
නෛෂ්ක්‍රම්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ කාමච්ඡන්‍දය ක්‍ෂය කෙරෙති, අව්‍යාපාදයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ව්‍යාපාදය ක්‍ෂය කෙරෙති, ආලෝකසංඥායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ථීනමිද්ධය ක්‍ෂය කෙරෙති, අවික්‍ෂෙපයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ උද්ධතභාවය ක්‍ෂය කෙරෙති ... අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ හැම කෙලෙසුන් ක්‍ෂය කෙරෙත්.
මෙසෙයින් පර්‍ය්‍යාදානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
කිසෙයින් ප්‍රතිෂ්ඨාපකාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
ශ්‍රද්ධා ඇත්තේ ශ්‍රද්ධේද්‍රිය අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි, ශ්‍රද්ධා ඇතියහුගේ ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි, වීර්‍ය්‍ය ඇත්තේ විය්‍යෙර්‍න්‍ද්‍රියය ප්‍රග්‍රහයෙහි පිහිටුවයි, වීර්‍ය්‍ය ඇතියහුගේ විය්‍යෙර්‍න්‍ද්‍රියය ප්‍රග්‍රහයෙහි පිහිටුවයි, සිහි ඇත්තේ ස්මෘතීන්‍ද්‍රියය උපට්ඨානයෙහි පිහිටුවයි, සිහි ඇතියහුගේ ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානයෙහි පිහිටුවයි, සමාහිත වූයේ සමාධීන්‍ද්‍රියය අවික්‍ෂෙපයෙහි පිහිටුවයි, සමාහිත වූවහුගේ සමාධීන්‍ද්‍රියය අවික්‍ෂෙයෙහි පිහිටුවයි, ප්‍රඥා ඇත්තේ ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනයෙහි පිහිටුවයි, ප්‍රඥා ඇතියහුගේ ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනයෙහි පිහිටුවා.
යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් නෛෂ්ක්‍රම්‍යයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් නෛෂ්ක්‍රම්‍යයෙහි පිහිටුවයි, යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් අව්‍යාපාදයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් අව්‍යාපාදයෙහි පිහිටුවයි, යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් ආලෝකසංඥායෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් ආලෝකසංඥායෙහි පිහිටුවයි, යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් අවික්‍ෂෙපයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් අවික්‍ෂෙපයෙහි පිහිටුවයි ... යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් අර්‍හත්ත්‍වයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් අර්‍හත්ත්‍වයෙහි පිහිටුවා.
මෙසෙයින් ප්‍රතිෂ්ඨාපකාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
චතුර්‍ත්‍ථසූත්‍ර නිර්දේශ යි.
පෘථග්ජන තෙම (නිර්වේදභාගිය) සමාධිය වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, ශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, වීතරාග (රහත්) තෙම සමාධිය වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
පෘථග්ජන තෙම සමාධිය වඩනුයේ සත් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි. ශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ අට අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම සමාධිය වඩනුයේ දස අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
පෘථග්ජන තෙම සමාධිය වඩනුයේ කවර සත් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි යත්:
ආවර්‍ජනා කළ බැවින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ශමථ නිමිත්තට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ප්‍රග්‍රහනිමිත්තට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අවික්‍ෂේපයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අවභාසයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, සම්ප්‍රහර්‍ෂණයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, උපේක්‍ෂාවට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, පෘථග්ජන තෙම සමාධිය වඩනුයේ මේ සත් අයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
ශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ කවර අට අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි යත්:
අවර්‍ජනා කළ බැවින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි ... උපේක්‍ෂාවට එළඹසිටීමෙහි නිපුණ වෙයි. (නෛෂ්ක්‍රම්‍යාදි) ඒකත්‍වයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ මේ අට අයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
වීතරාග තෙම සමාධිය වඩනුයේ කවර දස අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි යත්:
අවර්‍ජනා කළ බැවින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි ... ඒකත්‍වයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, (අසම්මෝහ) ඥානයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, (අර්‍හත්ඵල) විමුක්තියට එළඹසිටීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම සමාධිය වඩනුයේ මේ දස අයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
පෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වේ ද, කිහි අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද, ශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කිහි අසුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද, වීතරාග (රහත්) තෙම විදර්‍ශනා වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කිහි අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
පෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ නව අයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, නව අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ දස අයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, දස අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම විදර්‍ශනා වඩනුයේ දොළොස් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, දොළොස් අයුරෙකින් අරමුණට නො එළඹ සිටීමෙහි නිපුණ වේ.
පෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ කවර නව අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කවර නව අයුරෙකින් අරමුණට නො එළඹ සිටීමෙහි නිපුණ වේ ද යත්:
අනිත්‍ය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිත්‍ය විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. දුඃඛ විසින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, සුඛ විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. අනාත්ම විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ආත්ම විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ක්‍ෂය විසින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, ඝන විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි, ව්‍යය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ආයූහනයට නො එළඹ සිටීමෙහි නිපුණ වෙයි. විපරිණාමයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ධ්‍රැව විසින් නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. අනිමිත්තයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිමිත්තයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. අප්‍රණිහිතයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ප්‍රණිධියට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි, ශුන්‍යතයට එළිඹසිටීමෙහි නිපුණ වෙයි, අභිනිවේශයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. පෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ මේ නවඅයුරින් අරමුණට එළඹසිටීමෙනි නිපුණ වෙයි, මේ නවඅයුරින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ.
ශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ කවර දසඅයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වේ ද, කවර දසඅයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
අනිත්‍ය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිත්‍ය විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි ... ශුන්‍යතයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අභිනිවේශයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ඥානයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අඥානයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ මේ දසඅයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, මේ දසඅයුරින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ.
වීතරාග තෙම විදර්‍ශනා වඩනුයේ කවර දොළොස් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කවර දොළොස්අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
අනිත්‍ය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිත්‍ය විසින් අරමුණට නො එළඹීමෙහි නිපුණ වෙයි ... ඥානයට එළඹීමෙහි නිපුණ වෙයි, අඥානයට නො එළඹීමෙහි නිපුණ වෙයි. විසංයෝගයට එළඹීමෙහි නිපුණ වෙයි, සංයෝගයට නො එළඹීමෙහි නිපුණ වෙයි. නිරෝධයට එළඹීමෙහි නිපුණ වෙයි, සංස්කාරයනට නො එළඹීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම විදර්‍ශනා වඩනුයේ මේ දොළොස් අයුරින් අරමුණට එළඹීමෙහි නිපුණ වෙයි, මේ දොළොස් අයුරින් අරමුණට නො එළඹීමෙහි නිපුණ වේ.
ආවර්‍ජනා කළ බැවින් අලම්බනෝපස්ථානයෙහි කෞශල්‍ය (නිපුණ බව) වශයෙන් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, (අරමුණෙහි පිහිටුවයි) අරමුණ ද දැනගනී, ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරෙයි ... ධර්‍මයන් සමවධාන කෙරෙයි, අරමුණ ද දැනගනී, ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
ඉන්‍ද්‍රියානි සමෝධානෙති යනු: කිසෙයින් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි යත්: අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි ... සමථනිමිත්තෝපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... ප්‍රග්‍රහනිමිත්තෝපස්ථාන යෙහි කෞශල්‍යවශයෙන් ... අවික්‍ෂේපොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... අවභාසොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... සම්ප්‍රහර්‍ෂණොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... උපේක්‍ෂාපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් එකත්‍වොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... ඥානෝපස්ථානයෙහි කෞශල්‍ය වශයෙන් ... විමුක්ත්‍යුපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් …
අනිත්‍ය විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... නිත්‍ය විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... දුඃඛ විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... සුඛ විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... අනාත්ම විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍ය වශයෙන් ... ආත්ම විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ක්‍ෂය විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ඝන විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ව්‍යය විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ආයූහනයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... විපරිණාමයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ධ්‍රැව විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... අනිමිත්තයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... නිමිත්තයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් .. අප්‍රණිහිතයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ප්‍රණීධියට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ශුන්‍යතයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... අභිනිවේශයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ඥානයට එළඹසිටීමෙහි කෞශල්‍යවශයෙන් ... අඥානයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... විසංයෝගයට එළඹසිටීමෙහි කෞශල්‍යවශයෙන් ... සංයෝගයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... නිරෝධයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... සංස්කාරනයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, අරමුණ ද දැනගනී, ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
සූසැට අයුරෙකින් තුන් ඉන්‍ද්‍රියයාගේ වශීභාවයෙහි පැවැති ප්‍රඥාව ආශ්‍රවයන්ගේ ක්‍ෂයඥාන වෙයි. කවර තුන් ඉන්‍ද්‍රිය කෙනකුන්ගේ ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයාගේ යැ අඤ්ඤින්‍ද්‍රියයාගේ යැ අඤ්ඤාතාවින්‍ද්‍රියයාගේයි.
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද යත්:
අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය එක් තැනෙක උපදී. සෝතාපත්තිමාර්‍ගයෙහි යැ, අඤ්ඤින්‍ද්‍රිය සතැනෙක උපදී: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි යැ, සකෘදාගාමිමාර්‍ගයෙහි යැ සකෘදාගාමිඵලයෙහි යැ අනාගාමිමාර්‍ගයෙහි යැ අනාගාමිඵලයෙහි යැ අර්‍හන්මාර්‍ගයෙහි යි. අඤ්ඤාතාවින්‍ද්‍රිය එක් තැනෙක උපදී. අර්‍හත්ඵලයෙහි යි.
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය තෙමේ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, ස්මෘතීන්‍ද්‍රිය තෙමේ උපස්ථානාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, සමාධීන්‍ද්‍රිය තෙමේ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ දර්‍ශනාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, මනින්‍ද්‍රිය තෙමේ විජානනාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, සෝමනස්සින්‍ද්‍රිය තෙමේ අභිසන්‍දන (චිත්තචෛතසිකයන් තෙමන) අර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, ජීවිතින්‍ද්‍රිය තෙමේ ප්‍රවෘත්තිසන්තතියට අධිපති භාවයෙන් පිරිවර වෙයි, ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුසල් වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණාලම්බන වෙති, ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පිරිවර වෙති, අන්‍යයෝන්‍යභාවයෙන් පිරිවර වෙති, නිශ්‍රයභාවයෙන් පිරිවර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පිරිවර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙති, ඒ අෂ්ටෙන්‍ද්‍රිය ධර්‍මයෝ මැ ඒ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි ... අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි ... ජීවිතින්‍ද්‍රිය තෙමේ ප්‍රවෘත්තිසත්නතියට අධිපතිභාවයෙන් පිරිවර වෙයි, අර්‍හත්ඵලක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝමැ නිර්‍වාණාලම්බන වෙති, අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤතාවින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පිරිවර වෙති ... ඒ ධර්‍මයෝ මැ ඒ අඤ්ඤාතාවින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙති. මෙසේ මේ අෂ්ටකයෝ අටදෙන සූසැටක් වෙත්.
ආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
කොතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් නිරවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගමනීය වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගමනීය වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති. සකෘදාගාමිමාර්‍ගයෙන් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති, අනාගාමීමාර්‍ගයෙන් නිරවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, තදේකස්ථ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, තදේකස්ථ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති, අර්‍හන්මාර්‍ගයෙන් නිරවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, නිරවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
ඒ තථාගතයන් වහන්සේ විසින් නුවණැසින් නො දක්නා කිසි ධර්‍මජාතයෙක් මේ ත්‍රෛධාතුකලෝකධාතුයෙහි නැත, තවද නො දත් (අනාගතයෙහි) නො දතයුතු කිසි ධර්‍මජාතයෙක් නැත, දතයුතු වූ යම් ධර්‍මජාතයෙක් ඇද්ද ඒ සියල්ල වෙසෙයින් දතුවහ. එහෙයින් තථාගතයන් වහන්සේ ‘සමන්තචක්ඛු’ නම් වෙත්.
සමන්තචක්ඛු යනු: කවර අරුතින් ‘සමන්තචක්ඛු’ වෙයි යත්: බුද්ධඥාන තුදුසෙකි: දුඃඛසත්‍යයෙහි ඥානය බුද්ධිඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ ... සර්‍වඥතාඥානය බුද්ධඥාන යැ අනාවරණඥානය බුද්ධඥාන යි. මොහු තුදුස් බුද්ධඥානයෝ යි. මේ තුදුස් බුද්ධඥානයන් අතුරින් ඥානයෝ අටදෙනෙක් ශ්‍රාවකසාධාරණ වෙති. ඥානයෝ සදෙනෙක් ශ්‍රාවකයන් හා සමග අසාධාරණ වෙත්.
යම් පමණ දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය වේ ද ඒ දන්නාලද යැ නො දන්නාලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැත් නු යි ‘සමන්තචක්ඛු’ යැ යමක් සමන්තචක්ඛු වේ ද ඒ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වේ.
යම් පමණ දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය වේ ද ඒ දක්නාලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත් කරනලද යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැත් නු යි ‘සමන්තචක්ඛු’ යැ. යමක් ‘සමන්තචක්ඛු’ වේ ද, ඒ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වේ.
යම් පමණ සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවගේ අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ ධර්‍මප්‍රතිසංවිදාවගේ ධර්‍මප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ නිරුක්තිප්‍රතිසංවිදාවගේ නිරුක්තිප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ ප්‍රතිභානප්‍රතිසංවිදාවගේ ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ ඉන්‍ද්‍රියපරාවරතාඥානය වේ ද ... යම් පමණ සත්ත්‍වයන්ගේ ආශය අනුශය දන්නා ඥානය වේ ද ... යම් පමණ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය වේ ද ... යම් පමණ මහාකරුණාසමාපත්තිඥානය වේ ද .... යම් පමණ මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවකලෝකයා විසින් මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව විසින් දක්නාලද රූපායතනයෙක් අසනලද ශබ්දායතනයෙක් ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් දන්නා ලද ධර්‍මායතනයෙක් (සොයා හෝ නො සොයා හෝ) ලබනලද්දෙක් (ලබන ලද හෝ නො ලබනලද හෝ) සොයන ලද්දෙක් සිතින් විමසනලද්දෙක් වේ ද ඒ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත් කරන ලද යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද්දෙක් නැත් නු යි ‘සමන්තචක්ඛු’ යැ. යමක් ‘සමන්තචක්ඛු’ වේ ද, ඒ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වේ.
හදහනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ හදහයි, හදහනුයේ (අරමුණෙහි සිත) එළවයි, (අරමුණෙහි සිත) එළවනුයේ හදහයි, හදහනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ හදහයි, හදහනුයේ දැනගනී, දැනගනුයේ හදහයි, ප්‍රග්‍රහ කරනුයේ සිත එළවයි, සිත එළවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ දැනගනී, දැනගනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ හදහයි, හදහනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, සිත් එළවනුයේ සිත පිහිටුවයි. සිත පිහිටුවනුයේ සිත එළවයි, සිත එළවනුයේ දැනගනී, දැනගනුයේ සිත එළවයි, සිත එළවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ සිත එළවයි, සිත පිහිටුවනුයේ දැනගනී, දැනගනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ හදහයි, හදහනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ සිත එළවයි, සිත එළවනුයේ සිත පිහිටුවයි, දැනගනුයේ හදහයි, හදහනුයේ දැනගනී, දැනගනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ දැනගනී, දැනගනුයේ සිත එළවයි, සිත එළවනුයේ දැනගනී, දැනගනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ දැනගනී.
හදහනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහකරනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් අරමුණෙති එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් දන්නාලද, දන්නාලද වන බැවින් හදහනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් අරමුණෙහි එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් දන්නාලද, දන්නාලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; අරමුණෙහි එළවනලද වන බැවින් පිහිටුවනලද, සමාදහිත බැවින් අරමුණෙහි එළවනලද; අරමුණෙහි එළවනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් අරමුණෙහි එළවනලද; අරමුණෙහි එළවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් අරමුණෙනි එළවනලද; අරමුණෙහි එළවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහ කරනලද වන බැවින් අරමුණෙහි එළවනලද; (අරමුණෙහි) පිහිටුවනලද වන බැවින් දන්නාලද, දන්නාලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් පිහිටුවනලද; පිහිටුවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහ කරනලද වන බැවින් පිහිටුවනලද; පිහිටුවනලද වන බැවින් අරමුණෙහි එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් පිහිටුවනලද; දන්නාලද වන බැවින් හදහනලද, හදහනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහ කරනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් අරමුණෙකි එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් දන්නාලද.
යමක් ‘බුද්ධචක්ඛු’ වේ ද, ඒ බුද්ධඥාන වෙයි, යමක් බුද්ධඥාන වේ ද, ඒ බුද්ධචක්ඛු වෙයි, යම් නුවණැසෙකින් තථාගතයන් වහන්සේ සත්ත්‍වයන් අල්ප වූ (රාගාදි) රජස් ඇතියන් මහත් වූ රාගාදි රජස් ඇතියන් තියුණු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය ඇතියන් මෘදු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය ඇතියන් සුන්‍දර වූ ශ්‍රද්ධාදි ආකාර ඇතියන් ගර්හිත වූ ශ්‍රද්ධාදි ආකාර ඇතියන් සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවියහැකි ඇතැමකුන් පරලෝකවද්‍යයෙහි භය දක්නාසුල්ලන් ඇතැමකුන් පරලෝකවද්‍යයහි භය නො දක්නාසුල්ලන් දකිත් ද ඒ බුද්ධචක්‍ෂුස යි.
අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ යනු: සැදැහැති පුද්ගල තෙම අල්පරජස්ක යැ සැදැහැ නැති පුද්ගල තෙම මහාරජස්ක යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ කුසීත වූ පුද්ගල තෙම මහාරජස්ක යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මහාරජස්ක යැ සමාහිත වූ පුද්ගල තෙම අල්පරජස්ක යැ සමාහිත නො වූ පුද්ගල තෙම මහාරජස්ක යැ ප්‍රඥා ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ ප්‍රඥා නැති පුද්ගල තෙම මහාරජස්ක යි.
තික්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම තියුණු ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ... ප්‍රඥා ඇති පුද්ගල තෙම තියුණු ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ප්‍රඥා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යි.
ස්වාකාරෙ ද්වාකාරෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම සුන්‍දරආකාර ඇත්තේ යැ. ශ්‍රද්ධා නැති පුද්ගල තෙම ගර්හිත ආකාර ඇත්තේ යැ ... ප්‍රඥා ඇති පුද්ගල තෙම සුන්‍දර ආකාර ඇත්තේ යැ ප්‍රඥා නැති පුද්ගල තෙම ගර්තිත ආකාර ඇත්තේ යි.
සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම සුවසේ හැඟැවිය හැක්කේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම දුකසේ හැඟැවිය හැක්කේ යැ ... ප්‍රඥා ඇති පුද්ගල තෙම සුවෙස් හැඟැවිය හැක්කේ යැ ප්‍රඥා නැති පුද්ගල තෙම දුකසේ හැඟැවිය හැක්කේ යි.
අප්පේකච්චේ පරලෝකවජ්ජභයදස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු නො වෙයි. ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු යැ කුසීද පුද්ගල තෙම පරලෝකවද්‍යාභය දක්නාසුලු නො වෙයි ... ප්‍රඥා ඇති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු යැ ප්‍රඥා නැති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු නො වේ.
ලෝකෝ යනු: ස්කන්‍ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ විපත්තීභව (අපාය) ලෝක යැ විපත්තීසම්භව (අපායෝපගකර්‍ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භව (සුගතූපගකම්ම) ලෝක යි.
ලෝ එකෙක් වෙයි: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ, ලොව්හු දෙදෙනෙක් වෙති: නාමය හා රූපය හා යැ, ලොව්හු තිදෙනෙක් වෙති: තුන් වේදනා යැ, ලොව්හු සතර දෙනෙක් වෙති: සතර ආහාරයෝ යැ, ලොව්හු පස්දෙනෙක් වෙති: පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ, ලොව්හු සදෙනෙක් වෙති: ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ, ලොව්හු සත් දෙනෙක් වෙති: සප්තවිඥානස්ථිතීහු යැ, ලොව්හු අටදෙනෙක් වෙති: අෂ්ටලෝකධර්‍මයෝ යැ, ලොව්හු නවදෙනෙක් වෙති: නවසත්ත්‍වාසයෝ යැ, ලොව්හු දසදෙනෙක් වෙති: දශආයතනයෝ යැ, ලොව්හු දොළොස් දෙනෙකි. දොළොස් ආයතනයෝ යැ, ලොව්හු අටළොස් දෙනෙකි: අටළොස්ධාතූහු යි.
වජ්ජං යනු: හැම කෙලෙස්හු වද්‍යයෝ සැ, හැම දුසිරිත්හු වද්‍යයෝ යැ. හැම අභිසංස්කාරයෝ වද්‍යයෝ යැ, හැම භවගාමීකර්‍මයෝ වද්‍යයෝ යි. මෙසේ මෙලෙව්හි ද මේ වද්‍යයෙහි ද බලවත් වූ ‘භය’ සංඥාවෝ ඔසවනලද අසිපත් ඇති වධකයකු කෙරෙහි සෙයින් එළඹසිටියාහු වෙති.
මේ පනස් අයුරින් මේ පඤ්චේන්‍ද්‍රියයන් (තථාගතයෝ) දැනගනිති, දකිති, හාත්පසින් දැනගනිති, ප්‍රතිවේධ කෙරෙත්.
තුන්වැනි බණවර යි.
ඉන්‍ද්‍රියකථා නිමි.
5.
විමෝක්‍ෂකථා
[සැවැත්නිදාන යි]
5-1. ”මහණෙනි, මේ විමෝක්‍ෂයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යි. මහණෙනි, මොහු තුන්විමෝක්‍ෂයෝ යි.”
තවද විමෝක්‍ෂයෝ අට සැට දෙනෙක් වෙති: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ (සතර ධ්‍යානයෝ අධ්‍යාත්මයෙහි නීවරණාදියෙන් නැඟීසිටුනා හෙයින්) අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ යැ (සතර අරූපසමාපත්තිහු ආලම්බනයන් කෙරෙන් නැඟිසිටුනා හෙයින්) බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ යැ දුභතෝවුට්ඨාන (සමුච්ඡේද) විමොක්ඛ යැ අජ්ඣත්තවුට්ඨාන වූ ධ්‍යාන සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨාන වූ අරූපසමාපත්ති සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ යැ අජ්ඣත්තවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ අජ්ඣත්නවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ රූපධ්‍යාන ඇත්තේ (කසිණාදි බාහිර) රූපයන් (ධ්‍යානචක්‍ෂුසින්) දකී නු’යි විමෝක්‍ෂ යැ අධ්‍යාත්මයෙහි ‘රූප’ යැ යන සංඥා නැත්තේ බාහිරරූපයන් දකී නු’යි විමෝක්‍ෂ යැ ‘ශුභ’ යැ යි අධිමුක්ත වේ නු’යි විමෝක්‍ෂ යැ ආකාසානඤ්චායතනසමාපත්ති විමෝක්‍ෂ යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්ති විමෝක්‍ෂ යැ ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති විමෝක්‍ෂ යැ නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති විමෝක්‍ෂ යැ සංඥාවේදයිත නිරෝධසමාපත්ති විමෝක්‍ෂ යැ සමය විමෝක්‍ෂ යැ අසමය විමෝක්‍ෂ යැ සාමයිකව විමෝක්‍ෂ යැඅසාමයික විමෝක්‍ෂ යැ කොප්‍යවිමෝක්‍ෂ යැ අකෝප්‍ය විමෝක්‍ෂ යැ ලෞකික විමෝක්‍ෂ යැ ලෝකෝත්තර විමෝක්‍ෂ යැ සාස්‍රව විමෝක්‍ෂ යැ අනාස්‍රව විමෝක්‍ෂ යැ සාම්ෂ විමෝක්‍ෂ යැ නිරාමිෂ විමෝක්‍ෂ යැ නිරාමිෂයට වඩා අතිශයින් නිරාමිෂ වූ විමෝක්‍ෂ යැ ප්‍රණීහිත විමෝක්‍ෂ යැ අප්‍රණිහිත විමෝක්‍ෂ යැ ප්‍රණිධි සන්හිඳීම් සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ යැ සංයුක්ත විමෝක්‍ෂ යැ විසංයුක්ත විමෝක්‍ෂ යැ ඒකත්‍ව විමෝක්‍ෂ යැ නානාත්‍ව විමෝක්‍ෂ යැ සංඥා විමෝක්‍ෂ යැ ඥානවිමෝක්‍ෂ යැ (විදර්‍ශනාඥානය මැ) ‘සිහිල් වන්නේ යැ’යි පවත්නා විමෝක්‍ෂ යැ ධ්‍යාන විමෝක්‍ෂ යැ උපාදාන නො කොට චිත්තයාගේ විමෝක්‍ෂය යි.
විමෝක්‍ෂෝද්දේශ යි.
ශුන්‍යතවිමෝක්‍ෂ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හෝ ශුන්‍ය වේ’ යයි. හෙතෙම එහි අභිනිවේශ නො කෙරේ නු’යි ශුන්‍යත විමෝක්‍ෂ නම. මේ ශුන්‍යතවිමෝක්‍ෂ නම් වෙයි.
අනිමිත්තවිමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හේ ශුන්‍ය වේ” යයි. හෙතෙම එහි (නිත්‍ය) නිමිත්ත නො කෙරේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ නම්, මේ අනිමිත්තවිමෝක්‍ෂ නම් වෙයි.
අප්‍රණිහිතවිමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හේ ශුන්‍ය වේ” යයි. හෙතෙම එහි ප්‍රණිධි නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ නම, මේ අප්‍රණිහිතවිමෝක්‍ෂ නම් වෙයි.
අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ කවරෙ යත්: සතර ධ්‍යානයෝ යි. මේ අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ නම් වෙයි.
බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ කවරෙ යත්: සතර අරූපසමාපත්තීහු යි. මේ බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ නම් වෙයි.
දුභතොවුට්ඨානවිමෝක්‍ෂ කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ යි. මේ දුභතෝවුට්ඨානවිමොක්ඛ නම් වෙයි.
අධ්‍යාත්මව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ප්‍රථමධ්‍යානය (අධ්‍යාත්මයෙහි) නීවරණයන් කෙරෙන් නැඟෙයි, ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් කෙරෙන් නැඟෙයි, තෘතීයධ්‍යානය ප්‍රීතිය කෙරෙන් නැඟෙයි, චතුර්‍ත්‍ථධ්‍යානය සුඛදුඃඛයන් කෙරෙන් නැඟේ. මොහු අධ්‍යාත්මව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
බහිර්ව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ආකාසානඤ්චායතන සමාපත්තිය රූපසංඥායෙන් ප්‍රතිඝසංඥායෙන් නානාත්‍වසංඥායෙන් නැඟෙයි, විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ආකාසානඤ්චායතනසංඥාව කෙරෙන් නැඟෙයි, ආකිඤ්ඤඤ්ඤායතන සමාපත්තිය විඤ්ඤාණඤ්චායතනසංඥාව කෙරෙන් නැඟෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ආකිඤ්ඤඤ්ඤායතනසංඥාව කෙරෙන් නැඟේ. මොහු බහිර්ව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
දුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගය සත්කායදෘෂ්ටිවිචිකිත්සාශීලව්‍රතපරාමර්‍ශ කෙරෙන් දෘෂ්ට්‍යනුශය කෙරෙන් විචිකිත්සානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි, සකෘදාගාමිමාර්‍ගය ඖදාරික වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් ඖදාරික වූ කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි, අනාගාමිමාර්‍ගය අණුසහගත වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් අණුසහගත වූ කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි,
අර්‍හන්මාර්‍ගය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟේ. මොහු දුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
අධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද, ද්විතීයධ්‍යානය ලැබීම පිණිස ... තෘතීයධ්‍යානය ලැබීම පිණිස ... චතුර්‍ත්‍ථධ්‍යානය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද යන මොහු අධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
බාහිර ව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ආකාසානඤ්චායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද යන මොහු බාහිර ව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
දුභතෝවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගය ලැබීම පිණිස අනිත්‍යානුදර්‍ශනය දුඃඛානුදර්‍ශනය අනාත්මානුදර්‍ශනය යැ, සකෘදාගාමිමාර්‍ගය ලැබීම පිණිස ... අනාගාමිමාර්‍ගය ලැබීම පිණිස ... අර්‍හන්මාර්‍ගය ලැබීම පිණිස අනිත්‍යානුදර්‍ශනය දුඃඛානුදර්‍ශනය අනාත්මානුදර්‍ශනය යි. මොහු දුභතෝවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
අධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ප්‍රථමධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ, ද්විතීයධ්‍යානයාගේ ... තෘතීයධ්‍යානයාගේ ... චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යි. මොහු අධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ වෙති.
බාහිර ව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ආකාසානඤ්චායතන සමාපත්තියගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යි. මොහු බාහිර ව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ වෙති.
දුභතෝවුට්ඨනයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගයට ස්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමිමාර්‍ගයට සකෘදාගාමිඵල යැ අනාගාමිමාර්‍ගයට අනාගාමිඵල යැ අර්‍හන්මාර්‍ගයට අර්‍භන්ඵල යි. මොහු දුභතෝවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ වෙති.
කිසෙයින් රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී නු’යි විමෝක්‍ෂ වෙයි යත්: මෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා නීලනිමිත්ත මෙනෙහි කෙරෙයි, ‘නීල’ යැ යන සංඥාව ලබයි. හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට බාහිර වූ නීල (කසිණ) නිමිත්තෙහි සිත එළවයි. ‘නීල’ යැ යන සංඥාව ලබයි. හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ග්නනා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “අධ්‍යාත්ම වූත් බාහිර වූත් මෙදෙක රූප වේ” යයි. ‘රූප’ යැ යන සංඥා ඇත්තේ වෙයි.
මෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා පීත නිමිත්ත ... ලෝහිතනිමිත්ත ... ඕදාත නිමිත්ත මෙනෙහි කෙරෙයි, ඕදාත නිමිත්ත ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට බාහිර වූ ඕදාත (කසිණ) නිමිත්තෙහි සිත එළවයි. ඕදාත යැ යන සංඥාව ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි. සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙහි, බහුල කෙරෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි. “අධ්‍යාත්ම වූත් බාහිර වූත් මෙදෙක රූප වේ” යයි. ‘රූප’ යැ යන සංඥා ඇත්තේ වෙයි. මෙසෙයින් ‘රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී නු’යි විමෝක්‍ෂ නම් වෙයි.
කිසෙයින් “අධ්‍යාත්මයෙහි ‘රූප’ යැ යන සංඥා නැත්තේ බාහිර රූපයන් දකී” නු’යි විමෝක්‍ෂ වෙයි යත්: මෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා නීලනිමිත්ත නො මෙනෙහි කෙරෙයි, ‘නීල’ යැ යන සංඥාව නො ලබයි, බාහිර වූ නීල නිමිත්තෙහි සිත එළවයි, ‘නීල’ යැ යන සංඥාව ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “අධ්‍යාත්මයෙහි ‘රූප’ නොවෙයි මේ බාහිර රූපය වේ” යයි රූපය යන සංඥා ඇත්තේ වෙයි.
මෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා ‘පීත’ නිමිත්ත ... ‘ලෝහිත’ නිමිත්ත ... ‘ඕදාත’ නිමිත්ත නො මෙනෙහි කෙරෙයි, ‘ඕදාත’ යැ යන සංඥාව නො ලබයි, බාහිර වූ ඕදාත නිමිත්තෙහි සිත එළවයි, ‘ඕදාත’ යැ යන සංඥාව ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “අධ්‍යාත්මයෙහි රූප නොවෙයි, මේ බාහිර රූපය වේ” යයි රූපය යන සංඥා ඇත්තේ වෙයි. මෙසෙසින් ‘අධ්‍යාත්මයෙහි රූපය යන සංඥා නැත්තේ බාහිර රූපයන් දකී නු’යි විමෝක්‍ෂ නම් වෙයි.
කිසෙයින් ‘ශුභ’ යයි අධිමුක්ත වේ නු යි විමෝක්‍ෂ වේ ද යත්: මේ සස්නෙහි මහණ තෙමෙ මෛත්‍රී සහගිය සිතින් එක් දිශායෙක් හි සත්ත්‍වයන් අරමුණු කෙට වෙසෙයි, එසෙයින් දෙවැනි තුන්වැනි සතරවැනි දිශායෙහි සත්ත්‍වයන් අරමුණු කොට වෙසෙයි, මෙසෙයින් උඩ යට සරස හැමතන්හි හැම සතුන් ඇති ලොව සියල්ලන් ආත්මසමතායෙන් යුතු වැ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෛත්‍රීසහගිය සිතින් අරමුණු කොට වෙසෙයි, මෛත්‍රිය වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙති. කරුණාසහගිය සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ... කරුණාව වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙති. මෘදුතා සහගිය සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ... මෘදුතාව වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙති. උපේක්‍ෂා සහගිය සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ... උපේක්‍ෂාව වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙත්. මෙසෙයින් ‘ශුභ’ යැ යි අධිමුක්ත වේ’ නු යි විමෝක්‍ෂ නම් වෙයි.
ආකාසානඤ්චායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මේ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ ආකාසානඤ්චායතන සමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ නම් වෙයි.
විඤ්ඤාණඤ්චායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මේ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
සංඥාවේදයිතනිරෝධ සමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වාසය කෙරෙයි. මේ සංඥාවේදයිතනිරෝධ සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
සමයවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සමයවිමෝක්‍ෂ නම් වෙයි.
අසමයවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අසමයවිමෝක්‍ෂ නම් වෙයි.
සාමයිකවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සාමයිකවිමෝක්‍ෂ නම් වෙයි.
අසාමයිකවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අසාමයිකවිමෝක්‍ෂ නම් වෙයි.
කොප්‍යවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ කොප්‍යවිමෝක්‍ෂ නම් වෙයි.
අකෝප්‍යවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අකෝප්‍යවිමෝක්‍ෂ නම් වෙයි.
ලෞකිකවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ ලෞකිකවිමෝක්‍ෂ නම් වෙයි.
ලෝකෝත්තරවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ ලෝකෝත්තරවිමෝක්‍ෂ නම් වෙයි.
සාස්‍රවවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සාස්‍රවවිමෝක්‍ෂ නම් වෙයි.