Paṭisambhidāmagga

Path of Discrimination

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

පෙන්වන කොටස් 1601-1700 න් 2879

ප්‍රථමධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නීවරණයන් කෙරෙන් නික්මුණාහු වෙති. ද්විතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විතර්‍කවිචාරයන් කෙරෙන් නික්මුණාහු වෙති. තෘතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ප්‍රීතිය කෙරෙන් නික්මුණාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සුඛදුඃඛයන් කෙරෙන් නික්මුණාහු වෙති. ආකාසානඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ රූපසංඥා, ප්‍රතිඝසංඥා, නානාත්‍වසංඥා කෙරෙන් නික්මුණාහු වෙති. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආකාසානඤ්චායතනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විඤ්ඤාණඤ්චායතනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආකිඤ්චඤ්ඤායතන සංඥාව කෙරෙන් නික්මුණාහු වෙත්.
අනිත්‍යානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිත්‍යසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. දුඃඛානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සුඛසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. අනාත්මානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආත්මසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. නිර්වේදානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නන්‍දිය කෙරෙන් නික්මුණාහු වෙති. විරාගානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ රාගය කෙරෙන් නික්මුණාහු වෙති. නිරෝධානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සමුදය කෙරෙන් නික්මුණාහු වෙති. පටිනිසග්ගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආදීනවය කෙරෙන් නික්මුණාහු වෙති. ක්‍ෂයානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඝනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. ව්‍යයානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආයූහනය කෙරෙන් නික්මුණාහු වෙති. විපරිණාමානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ධ්‍රැවසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. අනිමිත්තානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිමිත්ත කෙරෙන් නික්මුණාහු වෙති. අප්‍රණිහිතානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ප්‍රණිධිය කෙරෙන් නික්මුණාහු වෙති. ශුන්‍යතානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිත්‍යසාරග්‍රහණාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. යථාභූතඥානදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සම්මුඨාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. ආදීනවානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආලයාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. පටිසඞ්ඛානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අප්පටිසඞ්ඛ්‍යාව (අසමවාහිතභාවය) කෙරෙන් නික්මුණාහු වෙති. විවට්ටානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සංයෝගාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙත්.
ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ දෘෂ්ටිය සමග එක් වැ සිටි කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. සකෘදාගාමි මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඖදාරික වූ කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. අනාගාමිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අණුසහගත වූ කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. හැම රහත්නට මැ ඒ ඒ තන්හි පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු ද මොනොවට නික්මුණාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
මේ එක්සියඅසූ අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වෙයි, මේ එක්සියඅසූ අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී.
ද්විතීයසූත්‍රනිර්දේශය යි.
පළමුවන බණවර යි
4-3. තෘතීය සූත්‍රය
[සැවැත්නිදාන යි]
“මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, ස්මෘතීන්‍ද්‍රිය යැ, සමාධීන්‍ද්‍රිය යැ, ප්‍රඥේන්‍ද්‍රිය යි.
මහණෙනි, කොතැන්හි ලා ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ශ්‍රොතාපත්තිඅඞ්ගයන්හි යැ, මෙහි ලා ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර සම්‍යක්ප්‍රධානයන්හි යැ, මෙහි ලා වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ස්මෘතීන්‍ද්‍රියය දතයුතු ද යත්: සතරසතිපට්ඨානයන්හි යැ, මෙහි ලා ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා සමාධීන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ධ්‍යානයන්හි යැ, මෙහි ලා සමාධීන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ආර්‍ය්‍යසත්‍යයන්හි යැ මෙහි ලා ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.”
සතර ශ්‍රොතාපත්තිඅඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර ආර්‍ය්‍යසත්‍යයන්හි පඤ්චෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ, සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.
සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
සත්පුරුෂසංසේවා සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථ (එළඹසිටුනාස්වභාව) යෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ. සද්ධර්‍මශ්‍රවණ සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... යෝනිසෝමනසිකාර සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.
සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.
සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
නූපන් ලාමක වූ අකුශලධර්‍මයන් නූපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතින්‍ද්‍රිය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, උපන් ලාමක වූ අකුශලධර්‍මයන් ප්‍රහාණය කරනු පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... උපන් කුශලධර්‍මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු.
සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.
සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
කයෙහි කායානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපති භාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ; ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වේදනාවන්හි වේදනානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... චිත්තයෙහි චිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු.
සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.
සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
ප්‍රථමධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මාතීන්‍ද්‍රියය දතයුතු යැ. ද්වීතීයධ්‍යානයෙහි ... තෘතීයධ්‍යානයෙහි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දත්යුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු.
සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.
සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.
සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද, සතර සම්‍යක්ප්‍රධානයන්හි ... සතර සතිපට්ඨානයන්හි ... සතර ධ්‍යානයන්හි ... සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්: සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු යැ, සතර සම්‍යක්ප්‍රධානයන්හි ... සතරසතිපට්ඨානයන්හි ... සතර ධ්‍යානයන්හි ... සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
සත්පුරුෂසංසේවා සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. සද්ධර්‍මශ්‍රවණ සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... යෝනිසෝමනසිකාර සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
නූපන් ලාමක වූ අකුශලධර්‍මයන් නූපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපන් ලාමක වූ අකුශල ධර්‍මයන් ගේ ප්‍රහාණය පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. ...
සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
කයෙහි කායානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂෙපස්වාභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වාභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමෝක්‍ෂාස්වාභාවයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහස්වාභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, වේදනාවන්හි වේදනානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... චිත්තයෙහි චිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුපස්සනා සඞ්ඛ්ය්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
ප්‍රථමධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාන්‍ද්‍රියෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ද්වීතීයධ්‍යානයෙහි ... තෘතීයධ්‍යානයෙහි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. ....
සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වීර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.
සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
චර්‍ය්‍යාව ද විහරණය ද අනුමානයෙන් දන්නා ලද්දේ ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද්දේ වෙයි. යම් පරිද්දෙකින් හැසිරෙන්නහු යම් පරිද්දෙකින් වෙසෙන්නහු ‘එකත්නෙන් මේ ආයුෂ්මත් තෙම අධිගම කෙළේ යැ’යි හෝ අධිගම කරන්නේ යැ’යි හෝ නුවණැති සබ්‍රම්සරහු ධ්‍යානාදි ගැඹුරු තන්හි හදහන්නාහු යි.
චරියා යනු: චර්‍ය්‍යාවෝ අටදෙනෙකි. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ ඵලචර්‍ය්‍යා යැ ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා යි.
ඉරියාපථචරියා යනු: සතර ඉරියව්හි යැ.
ආයතනචරියා යනු: සවැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි යැ.
සතිචරියා යනු: සතරසතිපට්ඨානයන්හි යැ.
සමාධිචරියා යනු: සතර ධ්‍යානයන්හි යැ.
ඤාණචරියා යනු: සතර ආර්‍ය්‍යසත්‍යයන්හි යැ.
මග්ගචරියා යනු: සතර ආර්‍ය්‍යමාර්‍ගයන්හි යැ.
පත්තිචරියා යනු: සතර ශ්‍රාමණ්‍යඵලයන්හි යැ.
ලෝකත්‍ථචරියා යනු: තථාගත වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහි (නිප්පදේසයෙහි) ප්‍රත්‍යෙකබුද්ධයන් කෙරෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා පිළිබඳ) එකදෙශයෙක්හි, ශ්‍රාවකයන් කෙරෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා පිළිබඳ) එකදෙශයෙක්හි යැ.
ප්‍රණිධිසම්පන්නයට ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යාව ද ඉන්‍ද්‍රියයන්හි පියනලද දොර ඇතියනට ආයතනචර්‍ය්‍යාව ද අප්‍රමාදවිහාර ඇතියනට ස්මෘතිචර්‍ය්‍යාව ද සමාධියෙහි අනුයුක්තයනට සමාධිචර්‍ය්‍යාව ද බුද්ධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යයාව ද සම්‍යක්ප්‍රතිපන්නයනට මාර්‍ගචර්‍ය්‍යාව ද පැමිණි ඵල ඇතියනට ප්‍රාප්තිචර්‍ය්‍යාව ද තථාගත වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයනට (නිප්පදේසයෙහි) ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව ද ප්‍රත්‍යෙකබුද්ධයනට ඒකදේශයෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව) ද ශ්‍රාවකයන්ට ඒකදේශයෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව) ද යන මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.
අනෙකුදු චර්‍ය්‍යාවෝ අටදෙනෙකි: නිශ්චය කරනුයේ ශ්‍රද්ධාවශයෙන් පවතී. ප්‍රගහ කරනුයේ වීර්‍ය්‍යවශයෙන් පවතී. (අරමුණෙහි) එළවනුයේ ස්මෘතිවශයෙන් පවතී. අවික්‍ෂේප කරනුයේ සමාධිවශයෙන් පවතී. දැනගන්නේ ප්‍රඥාවශයෙන් පවතී. (ආවර්‍ජන සිතින්) විජානනය කරනුයේ විඥානචර්‍ය්‍යායෙන් පවතී. මෙසෙයින් පිළිපන්නහුට කුශලධර්‍මයෝ අතිශයින් යැපෙත් නු යි ආයතනචර්‍ය්‍යාවශයෙන් පවතී. මෙසෙයින් පිළිපන්නේ විශේෂයට පැමිණේ නු යි විශේෂචර්‍ය්‍යාවශයෙන් පවතී. මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.
අනෙකුදු චර්‍ය්‍යාවෝ අටදෙනෙකි: සම්‍යග්දෘෂ්ටියගේ දර්‍ශනචර්‍ය්‍යා යැ. සම්‍යක්සංකල්පයාගේ අභිනිරෝපණ (අරමුණට නැගීම්) චර්‍ය්‍යා යැ සම්‍යග්වචනයාගේ පරිග්‍රහචර්‍ය්‍යා යැ සම්‍යග්කර්‍මාන්තයාගේ සමුත්‍ථානචර්‍ය්‍යා යැ සම්‍යගාජීවයාගේ පරිශුද්ධචර්‍ය්‍යා යැ සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහචර්‍ය්‍යා යැ සම්‍යක්ස්මෘතියගේ උපස්ථානචර්‍ය්‍යා යැ සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂේපචර්‍ය්‍යා යි. මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.
විහාරො යනු: නිශ්චය කරනුයේ ශ්‍රද්ධාවශයෙන් වෙසෙයි, ප්‍රගහකරනුයේ වීර්‍ය්‍යවශයෙන් වෙසෙයි, (අරමුණෙහි) එළවනුයේ ස්මෘතිවශයෙන් වෙසෙයි, අවික්‍ෂේප කරනුයේ සමාධිවශයෙන් වෙසෙයි. දැනගන්නේ ප්‍රඥා වශයෙන් වෙසෙයි.
අනුබුද්ධෝ යනු: ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහස්වභාවය අනුමානයෙන් දන්නා ලද වෙයි, ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි, සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂේපස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය අනුමානයෙන් දන්නාලද වේ.
පටිවිද්ධො යනු: ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වෙයි., වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද වෙයි, ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂේපස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වේ.
යථා චරන්තං යනු: මෙසේ ශ්‍රද්ධාවශයෙන් පවත්නහු, මෙසේ වීර්‍ය්‍යවශයෙන් පවත්නහු, මෙසේ ස්මෘතිවශයෙන් පවත්නහු, මෙසේ සමාධිවශයෙන් පවත්නහු, මෙසේ ප්‍රඥාවශයෙන් පවත්නහු යැ.
යථා විහරන්තං යනු: මෙසේ ශ්‍රද්ධාවශයෙන් වෙසෙන්නහු, මෙසේ වීර්‍ය්‍යවශයෙන් වෙසෙන්නහු, මෙසේ ස්මෘතිවශයෙන් වෙසෙන්නහු, මෙසේ සමාධිවශයෙන් වෙසෙන්නහු, මෙසේ ප්‍රඥාවශයෙන් වෙසෙන්නහු යැ.
විඤ්ඤූ යනු: විඥ වූවාහු වීමංසක වූවාහු ධාරණප්‍රඥා ඇත්තාහු පණ්ඩිත වූවාහු බුද්ධිමත් වූවාහු යැ.
සබ්‍රහ්මචාරී යනු: ඒකකර්‍ම ඒකෝද්දේශ සමානශික්‍ෂා ඇති බව යි.
ගම්භීරෙසු ඨානෙසු යනු: ධ්‍යානයෝ ද විමෝක්‍ෂයෝ ද සමාධීහු ද සමාපත්තීහු ද මාර්‍ගයෝ ද ඵලයෝ ද අභිඥාවෝ ද ප්‍රතිසංවිදාවෝ ද ගම්භීරස්ථානහ යි කියනු ලැබෙත්.
ඔකප්පෙය්‍යුං යනු: හදහන්නාහු යැ අධිමුක්ත වන්නාහු යි.
අද්ධා යනු: තෙල ‘අද්ධා’ යනු ඒකාන්තවචන යැ නිස්සංශයවචන ය නිසැක වචන යැ අද්වෛධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ අවිරුද්ධවචන යැ සනිටුහන් වචන යි.
ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවසප්‍රතිශ්‍රයාධිවචන යි.
පත්තෝ වා යනු: පැමිණියේ හෝ යැ.
පාපුණිස්සති වා යනු: පැමිණෙන්නේ හෝ යි.
තෘතීයසූත්‍රනිර්දේශ යි.
4-4. චතුර්‍ත්‍ථ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ විය්‍යෙර්‍න්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ කිහි අයුරෙකින් කවර අරුතෙකින් දතයුත්තාහු ද යත්: මෙ පඤ්චේන්‍ද්‍රියයෝ සඅයුරෙකින් එ මැ අරුතින් දතයුත්තාහ. අධිපතිභාවාර්‍ත්‍ථයෙන ආදිවිශෝධනාර්‍ත්‍ථයෙන අධිමාත්‍රාර්‍ත්‍ථයෙන අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන පර්‍ය්‍යාදානාර්‍ත්‍ථයෙන ප්‍රතිෂ්ඨාපකාර්‍ත්‍ථයෙනි.
කිසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
අශ්‍රද්ධාව දුරුකරන්නාහට අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ එළඹසිටුනා අර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.
කෞසීද්‍යය දුරු කරන්නාහට ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ වීය්‍යෙර්‍න්‍ද්‍රියයාගේ වශයෙන් එළඹසිටීම් අර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු.
ප්‍රමාදය දුරු කරන්නාහට උපස්ථානාධිපතිහාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු.
ඖද්ධත්‍යය දුරුකරන්නාහට අවික්‍ෂේපාධිපතිභාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු.
අවිද්‍යාව දුරුකරන්නාහට දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙත් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
කාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍දියය දතයුතු.
කාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් ප්‍රග්‍රහාධිපති – භාවාර්‍ත්‍ථයෙන් විය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ වීය්‍යෙර්‍න්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු.
කාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු.
කාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් අවික්‍ෂේපධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු.
කාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
ව්‍යාපාදය දුරු කරන්නාහට අව්‍යාපාද වශයෙන් ... ථීනමිද්ධය දුරු කරන්නාහට ආලෝකසංඥා වශයෙන් ... හැම කෙලෙසුන් දුරු කරන්නාහට අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ශ්‍රද්ධේන්‍ද්‍රියාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ... හැම කෙලෙසුන් දුරු කරන්නාහට අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
මෙසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ යි.
කිසෙයින් ආදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය වෙයි. අශ්‍රද්ධා සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදි (ශීල) විශෝධන යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය වෙයි. කෞසීද්‍යා සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය වීය්‍යෙර්‍න්‍ද්‍රියට ආදිවිශොධන යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය වෙයි. ප්‍රමාද සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ස්මෘතීන්‍ද්‍රියට ආදිවිශොධන යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වෙයි. ඖද්ධත්‍යසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය සමාධීන්‍ද්‍රියට ආදිවිශොධන යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය වෙයි, අවිද්‍යාසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ප්‍රඥේන්‍ද්‍රියට ආදිවිශොධන යි.
නෛෂ්ක්‍රම්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, කාමච්ඡන්‍දසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යැ, අව්‍යාපාදයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, ව්‍යාපාද සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යැ, ආලෝකසංඥායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, ථීනමිද්ධ සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යැ අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, සර්‍වක්ලේශසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යි.
මෙසෙසින් ආදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
කිසෙයින් අධිමාත්‍රාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ භාවනායෙහි කුශලච්ඡන්‍දය උපදී. ඡන්‍ද වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර (බලවත්) වෙයි, ඡන්‍ද වශයෙන් ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රාමෝද්‍යවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, ප්‍රාමෝද්‍යවශයෙන් ප්‍රීතිය උපදී, ප්‍රීතිවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, ප්‍රශ්‍රබ්ධිවශයෙන් සුඛය උපදී, සුඛවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, සුඛවශයෙන් ඥානාවභාසය උපදී. අවභාසවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, අවභාස වශයෙන් සංවේගය උපදී, සංවේගවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, සංවේග උපදවා සිත සමාහිත කෙරෙයි, සමාධි වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, එසෙයින් සමාහිත වූ සිත (ලීනෝද්ධතභාවයෙන් මුදා) මොනොවට ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, එසෙයින් ප්‍රග්‍රහ කරන ලද සිත මොනොවට අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, උපේක්‍ෂාවශයෙන් ශ්‍රද්ධාවශයෙන්
ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, උපේක්‍ෂාවශයෙන් නානාස්වභාව වූ කෙලෙසුන් කෙරෙන් සිත මිදෙයි, විමොක්‍ෂවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, (නානාස්වභාව කෙලෙසුන් කෙරෙන්) විමුක්ත බැවින් ඒ (ඡන්‍දාදි) ධර්‍මයෝ ඒකරස (එකකෘත්‍ය) වෙති. ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනාවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, භාවිත බැවින් ඒ විදර්‍ශනාලම්බනයට වඩා ප්‍රණීතතර (නිර්‍වාණාලම්බන) යෙහි නවතිත්, විවර්‍තන වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, විවර්‍තතිත (නැවැතුණු) බැවින් එහෙයින් මැ (කෙලෙසුන් හා ස්කන්‍ධයන් හා) දුරු කෙරෙයි, දුරැලීම් වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, දුරැලූ බැවින් එකරුණෙන් මැ (කෙලෙස් හා ස්කන්‍ධයෝ හා) නිරුද්ධ වෙති, නිරෝධවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, නිරෝධවශයෙන් වොස්සග්ග දෙකෙකි: පරිච්චාගවොස්සග්ග යැ පක්ඛන්‍දනවොස්සග්ග යි. කෙලෙසුන් හා ස්කන්‍ධයන් හා දුරු කෙරේ නු යි පරිච්චාගවොස්සග්ග නම. නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරේ නු යි පක්ඛන්‍දන වොස්සග්ග නමි. නිරෝධවශයෙන් මේ වොස්සග්ගයෝ දෙදෙන වෙත්.
අශ්‍රද්ධාභාවයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අශ්‍රද්ධාපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... දෘෂ්ටිය හා ඒකස්වභාව වූ ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අණුසහගත ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දස උපදී, ඡන්‍දවශයෙන් ශ්‍රද්ධා වශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමාත්‍ර වෙයි ...
වීය්‍යෙර්‍න්‍ද්‍රියාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... කෞසීද්‍යයාගේ දුරැලීම පිණිස ඡන්‍දය උපදී .... කෞසීද්‍යපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... දෘෂ්ටිය හා ඒකස්වභාව වූ ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සර්‍වක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍ද්‍රය උපදී ...
ස්මෘතීන්‍ද්‍රියයාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... ප්‍රමාදයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... ප්‍රමාදපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ...
සමාධීන්‍ද්‍රියයාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... ඖද්ධත්‍යයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... ඖද්ධත්‍යපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ...
ප්‍රඥේන්‍ද්‍රියයාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... අවිද්‍යාවගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අවිද්‍යාපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... දෘෂ්ටිය හා ඒකස්වභාව වූ ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී .... ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අණුසහගත ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ...
සර්‍වක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී, ඡන්‍දවශයෙන් ප්‍රඥා වශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වෙයි. ඡන්‍දවශයෙන් ප්‍රාමෝද්‍යය උපදී, ප්‍රාමෝද්‍ය වශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. ප්‍රාමෝද්‍යවශයෙන් ප්‍රීතිය උපදී, ප්‍රීතිවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. ප්‍රීති වශයෙන් ප්‍රශ්‍රබ්ධිය උපදී. ප්‍රශ්‍රබ්ධිවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. ප්‍රශ්‍රබ්ධිවශයෙත් සුඛය උපදී, සුඛවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. සුඛවශයෙන් අවභාසය උපදී, අවභාස වශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. අවභාස වශයෙන් සංවේගය උපදී, සංවේගවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. සංවේග දනවා සිත සමාහිත කෙරෙයි, සමාධිවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. එසේ සමාහිත වූ සිත මොනොවට ප්‍රග්‍රහ කෙරෙයි. ප්‍රග්‍රහවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. එසේ ප්‍රගෘහිත වූ සිත මොනොවට අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, උපේක්‍ෂා වශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. උපේක්‍ෂාවශයෙන් නානාස්වභාව වූ කෙලෙසුන් කෙරෙන් සිත මිදෙයි, විමොක්‍ෂවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. විමුක්ත බැවින් ඒ (ඡන්‍දාදි) ධර්‍මයෝ එකකෘත්‍ය වෙති, එකකෘත්‍ය වූ භාවනාවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. භාවිත බැවින් එයට වඩා ප්‍රණීතතර වූ අරමුණෙහි නවතිත්. විවර්‍තනාවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. විවර්තිත බැවින් එයින් මැ (කෙලෙසුන් ද ස්කන්‍ධයන් ද) දුරු කෙරෙයි. වොස්සග්ගවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ දුරැලූ බැවින් එකරුණින් මැ කෙලෙසුන් හා ස්කන්‍ධයන් හා අනුත්පාද නිරෝධවශයෙන් නිරුද්ධ වෙති. නිරෝධවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. නිරෝධවශයෙන් වොස්සග්ගයෝ දෙදෙනෙකි: පරිච්චාගවොස්සග්ග යැ පක්ඛන්‍දවොස්සග්ග යි. කෙලෙසුන් ද ස්කන්‍ධයන් ද දුරු කෙරේ නු යි පරිච්චාගවොස්සග්ග නම, නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරේ නු යි පක්ඛන්‍දනවොස්සග්ග නමි. නිරෝධවශයෙන් මේ වොස්සග්ගයෝ දෙදෙන වෙත්.