‘ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නෙමී’ යි හික්මෙයි. ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ යි හික්මෙයි. පටිනිස්සග්ගානුපස්සී’ යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ, ධර්‍ම උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි. ‘ධම්මේසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. නිත්‍ය හෙයින් අනුපස්සනා නො කෙරෙයි ... පරිත්‍යාග කෙරෙයි. ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුපස්සනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පරිත්‍යාග කරනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. භාවනා යනු: භාවනා සතරෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනද්ධ (සමාධි-ප්‍රඥා) ධර්‍මයන්ගේ නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘පටිනිස්සග්ගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් චිත්තවිශුද්ධ යැ දර්‍ශනස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ, එහි යම් සංවරස්වභාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපස්වභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා යැ එහි යම් දර්‍ශනස්වභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කරන්නේ හික්මෙයි දන්නේ හික්මෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කරන්නේ හික්මේ.
‘පටිනිස්සග්ගානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති, ප්‍රකට කොට දන්නාලද්දාහු වටහති. ප්‍රකට කොට දන්නාලද්දාහු අස්තයට යෙති ... ‘පටිනිස්සග්ගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. ගෝචරය ද ප්‍රකට කොට දැනගනී. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරෙයි. බලයන් සමවධාන කෙරෙයි. බෝධ්‍යඞ්ගයන් සමවධාන කෙරෙයි. මාර්‍ගය සමවධාන කෙරෙයි. ධර්‍මයන් සමවධාන කෙරෙයි. ගෝචරය ද ප්‍රකට කොට දැනගනී. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
ඉන්‍ද්‍රියානි සමෝධානෙති යනු: කිසෙයින් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, යත්: අධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි.
ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනායෙහි අනුදර්‍ශනාඥානයෝ අටදෙනෙක උපස්ථානානුස්මෘතීහු ද අට දෙනෙක, සෞත්‍රාන්තිකවස්තූහු සතර දෙනෙකි.
මොහු සතෝකාරීහුගේ දෙතිස් ඥානයෝ යි.
චතුර්‍ත්‍ථ චතුෂ්කය යි.
සතෝකාරිඥානනිර්දේශය නිමි.
3-6, 11. ඥානරාශිෂට්ක
සමාධිවශයෙන් සූවිසි ඥානයෝ කවරහ යත්:
‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ... ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ‘විමොචයං චිත්තං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යි.
මොහු සමාධි වශයෙන් සූවිසි ඥානයෝ යි. (1)
විදර්‍ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ කවරහ යත්:
දීර්‍ඝ වූ ආශ්වාසය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දීර්‍ඝ වූ ප්‍රශ්වාස අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ ... සිත මුදමින් ආශ්වාසය ... සිත මුදමින් ප්‍රශ්වාසය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යි.
මොහු විදර්‍ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ යි. (2)
අෂ්ටනිර්වේදඥානයෝ කවරහ යත්:
අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාසය කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වැ ආශ්වාසකරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ප්‍රතිනිඃසර්‍ගානු දර්ශීවැ ප්‍රශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යි.
මොහු අෂ්ට නිර්වේදඥානයෝ යි. (3)
අෂ්ටනිර්වේදානුලෝමඥානයෝ කවරහ යත්:
අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ ... පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යි.
මොහු අෂ්ට නිර්‍වෙදානුලොමඥානයෝ යි. (4)
නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥානයෝ අටදෙන කවරහ යත්:
අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වේ.
මොහු නිර්වේදඥානයෝ අටදෙන වෙත්. (5)
එක්විසි විමුක්තිසුඛඥානයෝ කවරහ යත්:
ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය පුහුන් බැවින් මුලුසුන් කරන ලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. විචිකිත්සාව පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. ශීලව්‍රතපරාමර්‍ශය ... දෘෂ්ට්‍යනුශය විචිකිත්සානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරිකකාමරාගසංයෝජනය ... ප්‍රතිඝසංයෝජනය ඖදාරික වූ කාමරාගානුශය ප්‍රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අනාගාමිමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජනය ... ප්‍රතිඝසංයෝජනය අණුසහගත වූ කාමරාගානුශය ප්‍රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අර්‍හන්මාර්‍ගයෙන් රූපරාගය ... අරූපරාගය මානය ඖදත්‍යය අවිද්‍යාව මානානුශය භවරාගානුශය අවිද්‍යානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී.
මොහු එක්විසි විමුක්තිඥානයෝ යි.
ෂෝඩශවස්තුක වූ අනාපානසතිසමාධිය වඩන්නාහට සාධික වූ මේ ඥානයෝ දෙසියදෙන උපදිත්.
ආනාපානස්මෘතිකථා නිමි.
4.
ඉන්‍ද්‍රිය කථා.
4-1. ප්‍රථම සූත්‍රය
“මා විසින් මෙසේ අසනලද නොහොත් මා ගේ ඇසීම මෙසේ යි. කෙසේ ද යත්: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්‍ද්‍රියසූත්‍රය වදාළ සේක.
මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක. කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්‍මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි.
මේ පඤ්චේන්‍ද්‍රියයෝ කිහි අයුරෙකින් විශුද‍්ධ වෙත් ද යත්: මේ පඤ්චේන්‍ද්‍රියයෝ පසළොස් අයුරෙකින් විශුද්‍ධ වෙති. ශ්රද්ධා නැති පුද්ගලයන් දුරැලන්නාහට ශ්‍රද්ධා ඇති පුද්ගලයන් සෙවුනාහට භජනය කරන්නාහට පර්‍ය්‍යුපාසනය කරන්නාහට ප්‍රසාද එළවන සූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ශ්‍රද්ධේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
කුසීදපුද්ගලයන් දුරැලන්නාහට, ආරබ්ධවීර්‍ය්‍ය පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, සම්‍යක්ප්‍රදහනයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් වීර්ය්‍යේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
මුළාසිහි ඇති පුද්ගලයන් දුරැලන්නාහට, එළඹසිටි සිහි ඇති පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාන කරන්නාහට, සීවටන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ස්මෘතීන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
අසමාහිත පුද්ගලයන් දුරැලන්නාහට, සමාහිතපුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ධ්‍යාන - විමෝක්‍ෂයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් සමාධීන්‍ද්‍රිය විශුද්ධ වෙයි.
ප්‍රඥා නැති පුද්ගලයන් දුරැලන්නාහට, ප්‍රඥා ඇති පුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ගම්භීරඥානචර්‍ය්‍යා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ප්‍රඥේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
මෙසෙයින් මේ පඤ‍්‍වපුද්ගලයන් දුරැලන්නාහට, පඤ‍්‍වපුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, පඤ්චසූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ පසළොස් අයුරින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ විශුද්ධ වෙත්.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනුලැබෙත් ද කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ ද යත්: දසඅයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙති. දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වෙයි.
ශ්‍රද්ධා නැති බව දුරැලනුයේ ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනුයේ ශ්‍රද්ධා නැති බව දුරැලයි. කුසීද බව දුරැලනුයේ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනුයේ කුසීද බව දුරැලයි. ප්‍රමාදය දුරැලනුයේ ස්මෘතීන්‍ද්‍රියය වඩයි, ස්මෘතීන්‍ද්‍රියය වඩනුයේ ප්‍රමාදය දුරැලයි. උද්ධතභාවය දුරැලනුයේ සමාධීන්‍ද්‍රියය වඩයි. සමාධීන්‍ද්‍රියය වඩනුයේ උද්ධතභාවය දුරැලයි. අවිද්‍යාව දුරැලනුයේ ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනුයේ අවිද්‍යාව දුරැලයි.
මේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙත්. මේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද යත්: දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු මොනවට වඩනාලද්දාහු වෙති.
ශ්රද්ධා නැති බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් ශ්‍රද්‍ධා නැති බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. කුසීද බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් කුසීද බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. ප්‍රමාදය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනා ලද බැවින් ප්‍රමාදය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. උද්ධතභාවය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් සමාධීන්‍ද්‍රියය වඩනා ලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. සමාධීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් උද්ධතභාවය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. අවිද්‍යාව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනවට වඩනාලද බැවින් අවිද්‍යාව ප්‍රහීණ වූවා මොනොවට ප්‍රහීණ වූවා වෙයි.
මේ දශ අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙත්.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙත් ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති යත්: සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති.
ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. සකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සකෘදාගාමි ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අනාගිමීමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අනාගාමීඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අර්‍හන්‍මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අර්‍හත්ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
මෙසෙයින් මාර්‍ගවිශුද්ධි සතරෙක, ඵලවිශුද්ධි සතරෙක, සමුච්ඡේද විශුද්ධි සතරෙක, ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිශුද්ධි සතරෙකි. මේ සියු අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. මේ සියු අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනාලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
කෙතෙක් පුද්ගලයන්ට ඉන්‍ද්‍රියභාවනා වේ ද, කෙතෙක් පුද්ගලයෝ භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත් ද යත්: පුද්ගලයන් අටදෙනකුන්හට ඉන්‍ද්‍රිය භාවනා වෙයි. පුද්ගලයෝ තිදෙනෙක් භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති.
කවර පුද්ගලයන් අටදෙනෙකුන්හට ඉන්‍ද්‍රියභාවනා වේ ද යත්: සප්‍තශෛක්‍ෂකයනට ද පෘථග්ජනකල්‍යාණකහට දැ යි මේ පුද්ගලයන් අටදෙනාහට ඉන්‍ද්‍රියභාවනා වෙයි. කවර පුද්ගලයෝ තිදෙනෙක් භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු ද, යත්: ශ්‍රවණයෙන් චතුස්සත්‍යාවබෝධය කළා වූ තථාගතශ්‍රාවක වූ ක්‍ෂීණාස්‍රව තෙමේ භාවිත ඉන්‍ද්‍රිය ඇත්තේ වෙයි. තමා මැ ආර්‍ය්‍යජාතියෙහි ජාතස්වභාවයෙන් පසේබුදුහු භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති. අප්‍රමේය ස්වභාවයෙන් තථාගත වූ අර්‍හත් වූ සම්මාසම්බුදුහු භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්. මේ පුද්ගලයෝ තිදෙනා භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්.
මෙසෙයින් මේ පුද්ගලයන් අටදෙනාහට ඉන්‍ද්‍රියභාවනා වෙයි. මේ තුන් පුද්ගලයෝ භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්.
ප්‍රථම සූත්‍රාන්තනිර්දේශ යි.
4-2. ද්විතීය සූත්‍රය
[සාවත්‍ථි නිදාන යි]
මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්‍මෘතින්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය (ප්‍රත්‍යය)ත් අස්තඞ්ගමයත් ආශ්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් නො දනිත් ද, මහණෙනි, මා විසින් ඒ මහණහු වේවයි බමුණහු වේවයි ශමිතපාපී ශ්‍රමණයන් කෙරෙහි හෝ ‘ශ්‍රමණ යැයි’ සම්මතයෝ නො වෙති. බාහිතපාපී බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ ‘බ්‍රාහ්මණ යැ’යි සම්මතයෝ නො වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්‍රමණභාවාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවාර්‍ත්‍ථය හෝ මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ද වාසය කෙරෙති.
තවද මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් දැනගනිත් ද, මහණෙනි, මා විසින් වැළිත් ඒ මහණහු වේවයි බමුණහු වේවයි (ශමිතපාපී) ශ්‍රමණයන් කෙරෙහි ‘ශ්‍රමණ යැයි’ සම්මතයෝ වෙති. (බාහිතපාපී) බ්‍රාහ්මණයන් කෙරෙහි ‘බ්‍රාහ්මණ යැ’යි සම්මතයෝ වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්‍රමණභාවාර්‍ත්‍ථය ද බ්‍රාහ්මණභාවාර්‍ත්‍ථය ද මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත් යයි.
කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී ද යත්:
සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වෙයි. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී.
කවර සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වේ ද, කවර සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී ද යත්:
අධිමෝක්‍ෂය (ශ්‍රද්ධාව) පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (ඡන්‍දසම්ප්‍රයුක්ත) අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි, අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලත්‍වයෙන් සිටිමි ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (ඡන්‍දසම්ප්‍රයුක්ත) ප්‍රග්‍රහයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ස්‍මෘතීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි.
අධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති ධර්මච්ඡන්දයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි.
අධිමෝක්‍ෂයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහවශයෙන් මනසිකාරයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් මනසිකාරයාගේ සමුදය ස්මෘතීන්ද්රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ස්මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම සමාධීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ප්‍රත්‍යය වේ.
මේ සතලිස් අයුරින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ සමුදය වෙයි. මේ සතලිස් අයුරින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී.
කවර සතලිස් අයුරෙකින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වේ ද, කවර සතලිස් අයුරෙකින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී ද යත්:
අධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹ සිටීම් වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් පැවැති ඒකත්‍වයෙහි නො සිටීම ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජන චිත්තයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකත්‍වයෙහි නො සිටීම සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
අධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
අධිමෝක්‍ෂය වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. උපස්ථාන වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
අධිමෝක්‍ෂය වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. උපස්ථානවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නොසිටීම ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ස්මෘතීන්ද්රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
මේ සතලිස් අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වෙයි. මේ සතලිස් අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී.
කවර පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වේ ද, කවර පස්විසි අයුරකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී ද යත්:
අශ්‍රද්ධභාවයාගේ නො එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආස්වාදය වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයාගේ නො එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. අධිමෝක්‍ෂචර්‍ය්‍යායෙහි විශාරද බව ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය (ශමථවිදර්‍ශනාප්‍රතිලාභය) ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වේ.
කෞසීද්‍යයාගේ නො එළඹසිටීම වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ආස්වාද වෙයි. කෞසීද්‍යපරිදාහයාගේ නො එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ප්‍රග්‍රහචර්‍ය්‍යායෙහි විශාරද බව වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වේ.
ප්‍රමාදයාගේ නො එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ප්‍රමාදපරිදාහයාගේ නො එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. උපස්ථානචර්‍ය්‍යායෙහි විශාරද බව ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ස්මෘතීන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වේ.
ඖද්ධත්‍යයාගේ නො එළඹසිටීම සමාධීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ඖද්ධත්‍යපරිදාහයාගේ නො එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. අවික්‍ෂේපචර්‍ය්‍යායෙහි විශාරද බව සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. සමාධීන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සමාධීන්‍ද්‍රියයට ආස්වාද වේ.
අවිද්‍යාවගේ නො එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. අවිද්‍යාපරිදාහයාගේ නො එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. දර්‍ශනචර්‍ය්‍යායෙහි විශාරද බව ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වේ.
මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාද වෙයි. මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී. (1)
කවර පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වේ ද, කවර පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී ද යත්:
අශ්‍රද්ධාව එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයාගේ එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍ය ස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. දුඃඛස්භාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. අනාත්මස්භාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආදීනව වේ.
කෞසීද්‍යයාගේ එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. කෞසීද්‍යපරිදාහයාගේ එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුක්ඛස්භාවයෙන් ... අනාත්මස්භාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වේ.
ප්‍රමාදයාගේ එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වෙයි. ප්‍රමාදපරිදාහයාගේ එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් ස්මෘතීන්‍ද්‍රියට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්මස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වේ.
ඖද්ධත්‍යයාගේ එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. ඖද්ධත්‍යපරිදාහයාගේ එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්මස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයට ආදීනව වේ.
අවිද්‍යාවගේ එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියට ආදීනව වෙයි. අවිද්‍යාපරිදාහයාගේ එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනාත්මස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියට ආදීනව වේ.
මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වෙයි. මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී. (2)
කවර එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වේ ද, කවර එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී ද යත්:
අධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අශ්‍රද්ධායෙන් නික්මුණේ වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයෙන් නික්මුණේ වෙයි. එය අනුවැ පවත්නා ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරශ්‍රද්ධේන්‍ද්‍රියය කෙරෙන් නික්මුණේ වේ.
ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය කෞසීද්‍යයෙන් නික්මුණේ වෙයි. කෞසීද්‍යපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තතක ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරවීර්ය්‍යේන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියය ප්‍රමාදය කෙරෙන් නික්මුණේ වෙයි. ප්‍රමාදපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තතක ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ස්මෘතීන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරස්මෘතීන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියය ඖද්ධත්‍යයෙන් නික්මුණේ වෙයි. ඖද්ධත්‍යපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තකක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ සමාධීන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරසමාධීන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අවිද්‍යායෙන් නික්මුණේ වෙයි. අවිද්‍යාපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තකක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ප්‍රඥේන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරප්‍රඥේන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
පූර්‍වභාගයෙහි (ප්‍රථමධ්‍යානෝපචාරයෙහි) පැවැති පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ප්‍රථමධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ප්‍රථමධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ද්විතීයධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ද්වීතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් තෘතීයධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. තෘතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් චතුර්‍ත්‍ථධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආකාසානඤ්චායතනසමාපත්තිහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආකාසානඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විඤ්ඤාණඤ්චායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනිත්‍යානුදර්‍ශනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙත්. (3)
අනිච්චානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් දුක්ඛානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. දුක්ඛානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනත්තානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනත්තානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නිබ්බිදානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නිබ්බිදානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විරාගානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විරාගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නිරෝධානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නිරෝධානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. පටිනිස්සග්ගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ඛයානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ඛයානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් වයානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. වයානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විපරිණාමානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විපරිණාමානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනිමිත්තානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනිමිත්තානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අප්පණිහිතානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අප්පණිහිතානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සුඤ්ඤතානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සුඤ්ඤතානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අධිපඤ්ඤාධම්මවිපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අධිපඤ්ඤාධම්මවිපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් යථාභූතඤාණදස්සන වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. යථාභූතඤාණදස්සනයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආදීනවානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආදීනවානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් පටිසඞ්ඛානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. පටිසඞ්කානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විවට්ටානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විවට්ටානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සෝතාපත්තිමග්ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ස්‍රෝතාපත්තිඵලසමාපත්තිවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ස්‍රොතාපත්තිඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සකෘදාගාමි මාර්‍ගවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සකෘදාගාමීමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සකෘදාගාමීඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සකෘදාගාමිඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනාගාමිමාර්‍ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනාගාමීමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනාගාමිඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනාගාමීඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අර්‍හන්මාර්‍ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අර්‍හත්ඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙත්.
නෛෂ්ක්‍රම්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ කාමච්ඡන්‍දය කෙරෙන් නික්මුණාහු වෙති. අව්‍යාපාදයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ව්‍යාපාදයෙන් නික්මුණාහු වෙති. ආලෝකසංඥායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ථීනමිද්ධය කෙරෙන් නික්මුණාහු වෙති. අවික්‍ෂෙපයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඖද්ධත්‍යය කෙරෙන් නික්මුණාහු වෙති. ධර්‍මනිශ්චයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විචිකිත්සාව කෙරෙන් නික්මුණාහු වෙති. ඥානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අවිද්‍යාව කෙරෙන් නික්මුණාහු වෙති. ප්‍රාමෝද්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අරතිය කෙරෙන් නික්මුණාහු වෙති.