බොජ්ඣඞ්ගෙ සමෝධානෙති යනු: කිසෙයින් බෝධ්‍යඞ්ගයන් සමවධානය කෙරේ ද යත්: එළඹසිටුනා ස්වභාවයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. ප්‍රවිචයස්වභාවයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. පැතිරීම් ස්වභාවයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. ව්‍යුපශමස්වභාවයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සමාධිසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. සමවහිතස්වභාවයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරේ. මේ පුද්ගල තෙම මේ බෝධ්‍යඞ්ගයන් මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘බොජ්ඣඞ්ගෙ සමෝධානෙති’ යි. ගෝචරඤ්ච පජානාති යනු: ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣතී’යි.
මග්ගං සමෝධානෙති යනු: කිසෙයින් මාර්‍ගය සමවධාන කෙරේ ද යත්: දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය සමවධාන කෙරෙයි. අභිනිරෝපණ ස්වභාවයෙන් සම්‍යක්සංකල්පය සමවධාන කෙරෙයි. පරිග්‍රහස්වභාවයෙන් සම්‍යග්වචනය සමවධාන කෙරෙයි. සමුත්‍ථානස්වභාවයෙන් සම්‍යක්කර්‍මාන්තය සමවධාන කෙරෙයි. පරිශුද්ධස්වභාවයෙන් සම්‍යගාජීවය සමවධාන කෙරෙයි. ප්‍රග්‍රහස්වභාවයෙන් සම්‍යග්ව්‍යායාමය සමවධාන කෙරෙයි. එළඹසිටුනාස්වභාවයෙන් සම්‍යක්ස්මෘතිය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය සමවධාන කෙරේ. මේ පුද්ගල තෙම මේ මාර්‍ගය මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘මග්ගං සමෝධානෙති’යි. ගෝචරඤ්ච පජානාති යනු: ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි.
ධම්මේ සමෝධානෙති යනු: කිසෙයින් ධර්‍මයන් සමවධාන කෙරේ ද යත්: ආධිපත්‍යස්වභාවයෙන් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, අකම්ප්‍යස්වභාවයෙන් බලයන් සමවධාන කෙරෙයි, නිර්‍ය්‍යාණ ස්වභාවයෙන් බෝධ්‍යඞ්ගයන් සමවධාන කෙරෙයි, හේතු ස්වභාවයෙන් මාර්‍ගය සමවධාන කෙරෙයි, (අරමුණට) එළඹ සිටීම් ස්වභාවයෙන් සතිපට්ඨානය සමවධාන කෙරෙයි. ප්‍රදහන ස්වභාවයෙන් සම්‍යක්ප්‍රධානය සමවධාන කෙරෙයි, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදය සමවධාන කෙරෙයි, තථස්වභාවයෙන් සත්‍යය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සමථය සමවධාන කෙරෙයි. අනුපස්සනාස්වභාවයෙන් විදර්‍ශනාව සමවධාන කෙරෙයි, එකකෘත්‍යස්වභාවයෙන් ශමථවිදර්‍ශනා සමවධාන කෙරෙයි, නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් යුගනද්ධය (ශමථ-විදර්‍ශනා) සමවධාන කෙරෙයි, සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධිය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් චිත්තවිශුද්ධිය සමවධාන කෙරෙයි, දර්‍ශනස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධිය සමවධාන කෙරෙයි. විමුක්තිස්වභාවයෙන් විමෝක්‍ෂය සමවධාන කෙරෙයි, ප්‍රතිවේධස්වභාවයෙන් විද්‍යාව සමවධාන කෙරෙයි, පරිත්‍යාගස්වභාවයෙන් විමුක්තිය සමවධාන කෙරෙයි, සමුච්ඡේදස්වභාවයෙන් ක්‍ෂයඥානය සමවධාන කෙරෙයි, ප්‍රතිප්‍රශ්‍රබ්ධිස්වභාවයෙන් අනුත්පාද ඥානය සමවධාන කෙරෙයි, ඡන්‍දය මූලස්වභාවයෙන් සමවධාන කෙරෙයි, මනසිකාරය සමුත්‍ථානස්වභාවයෙන් සමවධාන කෙරෙයි, ස්පර්‍ශය සමවධානස්වභාවයෙන් සමවධාන කෙරෙයි, වේදනාව සමවසරණස්වභාවයෙන් සමවධාන කෙරෙයි, සමාධිය ප්‍රමුඛස්වභාවයෙන් සමවධාන කෙරෙයි, ස්මෘතිය ආධිපත්‍යස්වභාවයෙන් සමවධාන කෙරෙයි, ප්‍රඥාව තතුත්තර ස්වභාවයෙන් සමවධාන කෙරෙයි, විමුක්තිය සාරස්වභාවයෙන් සමවධාන කෙරෙයි, අමතෝගධනිර්‍වාණය පර්‍ය්‍යවසානස්වභාවයෙන් සමවධාන කෙරෙයි, මේ පුද්ගල තෙම මේ ධර්‍මයන් මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි ‘ධම්මේ සමෝධානෙති’යි
ගෝචරඤ්ච පජානාති යනු: යමක් ඒ පුද්ගලහට ආලම්බන වේ ද ඒ ආලම්බන තෙම ඒ පුද්ගලහට ගෝචර වෙයි, යමක් ඒ පුද්ගලහට ගෝචර වේ ද ඒ ගෝචරය තෙම ඒ පුද්ගලහට ආලම්බන වේ. පජානාති යනු: (හෙතෙම) පුද්ගල යැ, පජානනා ප්‍රඥා යැ, පුද්ගල ප්‍රඥායෙන් දැනගනී යනු යි.
සමං යනු: අරමුණු එළඹසිටීම ශම යැ, චිත්තයාගේ අවික්‍ෂේපය ශම යැ, චිත්තයාගේ අධිෂ්ඨානය ශම යැ, චිත්තයාගේ ව්‍යවදානය ශම යි. අත්‍ථො යනු: අනවද්‍යස්වභාව යැ නික්ලේශස්වභාව යැ ව්‍යවදානස්වභාව යැ උත්තමස්වභාව යි. පටිවිජ්ඣති යනු: ආලම්බනයාගේ එළඹසිටීම ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ අවික්‍ෂේපස්වභාවය ප්‍රතිවේධ කෙරෙයි, චිත්තායාගේ අධිෂ්ඨාන ස්වභාවය ප්‍රතිවේධ කෙරෙයි, චිත්තයාගේ පරිශුද්ධස්වභාවය ප්‍රතිවේධ කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (1)
කිසෙයින් ලුහුඬු කොට ආශ්වාස කරනුයේ ‘ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි’යි දැනගනී ද, ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරනුයේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දැනගනී ද යත්:
ලුහුඬු වූ ආශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කෙරෙයි, ලුහුඬු වූ ප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි, ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්රශ්වාස කරන්නාහට ද ඡන්‍දය උපදී.
ඡන්‍දවශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාසකරන්නාහට ද ප්රශ්වාස කරන්නාහට ද ප්‍රාමෝද්‍යය උපදී.
ප්‍රාමෝද්‍යවශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්රශ්වාස කරන්නාහට ද ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසයෙන් සිත පෙරැළෙයි. උපේක්‍ෂාව පිහිටයි.
මේ නව අයුරින් ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම, (අරමුණට) එළඹසිටීම ස්මෘති නම, අනුපස්සනාව ඥාන නම, කය උපස්ථාන යැ ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි. ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසවශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති ... ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාස වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (2)
කිසෙයින් ‘සියලු ආශ්වාසප්‍රශ්වාසකය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සියලු ආශ්වාසප්‍රශ්වාසකය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
කායෝ යනු: දෙ කයෙකි: නාමකය ද රූපකය දැ යි. නාමකය කවරෙ යත්: වේදනා යැ සංඥා යැ චේතනා යැ ස්පර්‍ශ යැ මනසිකාර යි. නාමය ද නාමකාය ද යම් ධර්‍ම කෙනෙක් චිත්තසංස්කාරයහ යි කියනු ලැබෙත් නම් ඔහු දැ යි මේ නාමකය නම් වෙයි. රූපකාය කවරෙ යත්: සතර මහාභූත යැ සතර මහාභූතයන් නිසා පවත්නා රූප යැ ආශ්වාස යැ ප්‍රශ්වාස යැ නිමිත්ත යැ උපනිබන්‍ධනා (ආශ්වාසප්‍රශ්වාසයන් ස්පර්‍ශ කරන තැන) යැ, යම් ධර්‍ම කෙනෙක් කායසංස්කාරයහ’යි කියනු ලැබෙත් නම් ඔහු යැ යන මේ රූපකාය නමි.
කිසෙයින් ඒ (ආශ්වාසප්‍රශ්වාස) කායයෝ දන්නාලද්දාහු වෙත් ද යත්: දික් කොට ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. දික් කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. ලුහුඬු කොට ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. ලුහුඬු කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නා ලද්දාහු වෙත්.
ආවර්‍ජනා කරන්නාහට ඒ (ආශ්වාසප්‍රශ්වාස) කායයෝ ප්‍රකට වූවාහු වෙති. දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. දක්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. චිත්තය අධිෂ්ඨාන කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ශ්‍රද්ධායෙහි අධිමුක්තයහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. වීර්‍ය්‍යය දැඩි කොට ගන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සිහි එළවන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සිත (අරමුණෙහි) පිහිටුවන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රඥායෙන් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සාමාන්‍යලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සාක්‍ෂාත්කර්‍තවය්‍ය සාක්‍ෂාත් කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. මෙසෙයින් ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙත්.
සියලු ආශ්වාසප්‍රශ්වාසකය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම. (ආශ්වාසප්‍රශ්වාසයන්ට) එළඹ සිටීම ස්මෘති නම. අනුපස්සනාව ඥාන නම කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත් ... මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ. භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන් ගේ සංවරස්භාවයෙන් ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් චිත්තවිශුද්ධි යැ දර්‍ශන ස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධි යි. එහි යම් සංවරස්භාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා යැ. එහි යම් අවික්‍ෂේපස්වභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා යැ. එහි යම් දර්‍ශනස්වභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි, දනිමින් හික්මෙයි, දකිමින් හික්මෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි, අධිෂ්ඨාන කෙරෙමින් හික්මෙයි, ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙමින් හික්මෙයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි, සිහි එළවමින් හික්මෙයි, සිත (අරමුණෙහි) පිහිටුවමින් හික්මෙයි, ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් හික්මෙයි, ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දනිමින් හික්මෙයි, සාමාන්‍ය ලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දනිමින් හික්මෙයි, ප්‍රහාතව්‍යය ප්‍රහාණය කෙරෙමින් හික්මෙයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් හික්මෙයි,සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මේ.
සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව යයි කියනලද අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට වූ වේදනාවෝ උපදිති ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව යයි කියන ලද අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් සමෝධානය කෙරෙයි ... එයින් කියනු ලැබෙයි: “සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (3)
කිසෙයින් ‘කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
කායසංස්කාර කවරෙ යත්: රූපකයෙහි උපන් දීර්‍ඝ යයි කියන ලද ආශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. රූපකයෙහි උපන් දීර්‍ඝ යයි කියන ලද ප්‍රශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. හ්‍රස්ව යයි කියන ලද ආශ්වාසයෝ ... හ්‍රස්ව යයි කියනලද ප්‍රශ්වාසයෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසයෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ කායික ප්‍රශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි.
යම්බඳු කායසංස්කාර කෙනකුන් කරණ කොටගෙන කය පිළිබඳ යම් ආපසු නැමීමෙක් දෙපසට නැමීමෙක් මොනොවට නැමීමෙක් පෙරට නැමීමෙක් කම්පනයෙක් මඳ වූ චලනයෙක් බලවත් චලනයෙක් ප්‍රකම්පනයෙක් වේ ද එබඳු කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. යම්බඳු කායසංස්කාර කෙනකුන් කරණ කොට ගෙන කය පිළිබඳ යම් ආපසු නො නැමීමෙක් දෙපසට නො නැමීමෙක් මොනොවට නො නැමීමෙක් පෙරට නො නැමීමෙක් අතිඤ්ජනයෙක් අඵන්‍දනයෙක් අචලනයෙක් අකම්පනයෙක් වේ ද එබඳු වූ ශාන්ත වූ සූක්‍ෂම වූ කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ඉදින් මෙසෙයින් ‘කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී හික්මේ ද ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද මෙසේ ඇති කල්හි වාතොපලබ්ධ විඥානයාගේ ද ඉපදීමෙක් නො වේ නම් ආශ්වාසප්‍රශ්වාසයන්ගේ ද ඉපදීමෙක් නො වේ නම් ආනාපානස්මෘතිගේ ද ඉපදීමෙක් නො වේ නම් ආනාපානස්මෘති සමාධිහුගේ ද ඉපදීමෙක් නො වේ නම් නුවණැතියෝ ඒ සමවතට සමවදනාහු ද (ඉන්) නැඟීසිටුනාහු ද නො ද වෙති. ඉදින් මෙසෙයින් ‘කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද මෙසේ ඇති කල්හි වාතොපලබ්ධවිඥානයාගේ ද ඉපදීම වේ නම් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ද ඉපදීම වේ නම් ආනාපානස්මෘතියගේ ද ඉපදීම වේ නම් ආනාපානස්මෘතිසමාධිහුගේ ද ඉපදීම වේ නම් නුවණැතියෝ වැළිත් ඒ සමවතට සමවදනාහු ද ඉන් නැඟී සිටුනාහු ද වෙත්.
ඒ කිසෙයින යත්: යම්සේ කස්බඳුන පහළ කල්හි, පළමු වැ ඖදාරික ශබ්දයෝ පවතිත්. ඔදාරික වූ ශබ්දයන්ගේ නිමිත්ත මොනොවට ගන්නා ලද බැවින් මොනොවට මෙනෙහි කරන ලද බැවින් මොනොවට සිත්හි තබන ලද බැවින් ඖදාරික ශබ්දය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂම වූ ශබ්දයෝ පවතිත්. සූක්‍ෂමශබ්දයන්ගේ නිමිත්ත මොනොවට ගන්නාලද බැවින් මොනොවට මෙනෙහි කරනලද බැවින් මොනොවට සිත්හි තබන ලද බැවින් සූක්‍ෂමශබ්දය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂමශබ්දනිමිත්තාලම්බන බැවිනුදු සිත පවතී ද, එසෙයින් මැ පළමු වැ ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාසයෝ පවතිත්. ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ නිමිත්ත මොනොවට ගන්නාලද බැවින් මොනොවට මෙනෙහි කරන ලද බැවින් මොනොවට සිත්හි තබනලද බැවින් ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාසය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසයෝ පවතිත්. සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසයන් ගේ නිමිත්ත මොනොවට ගන්නාලද බැවින් මොනොවට මෙනෙහි කරනලද බැවින් මොනොවට සිත්හි තබන ලද බැවින් සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ නිමිත්තාලම්බන බැවිනුදු සිත වික්‍ෂේපයට නො යෙයි.
මෙසේ ඇති කල්හි වාතොපලබ්ධවිඥානයාගේ ද ඉපදීම වෙයි, ආශ්වාසප්‍රශ්වාසයන්ගේ ද ඉපදීම වෙයි, ආනාපානස්මෘතියගේ ද ඉපදීම වෙයි. ආනාපානස්මෘතිසමාධිහුගේ ද ඉපදීම වෙයි. නුවණැතියෝ වැළිත් ඒ සමවතට සමවදනාහු ද ඉන් නැඟීසිටුනාහු ද වෙත්.
‘පස්සම්භයං කායසඞ්ඛාරං’යී කියන ලද ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම, (අරමුණට) එළඹසිටීම ස්මෘති නම, අනුපස්සනාව ඥාන නම, කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි, ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ආශ්වාසප්‍රශ්වාස කය අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත්. ... මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි: ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි. ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවර ස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ අවික්‍ෂේප ස්වභාවයෙන් චිත්තවිශුද්ධි යැ දර්‍ශන ස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධි යි. එහි යම් සංවරස්වභාවයෙක් වේ ද මේ අධිශීල ශික්‍ෂා යැ එහි යම් අවික්‍ෂේප ස්වභාවයෙක් වේ ද මේ අධිචිත්ත ශික්‍ෂා යැ එහි යම් දර්‍ශන ස්වභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි ... සාක්‍ෂාත්කර්‍තවය්‍ය සාක්‍ෂාත් කෙරෙමින් හික්මේ.
‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට වූ වේදනාවෝ උපදිති. ... ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව වූ අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (4)
කයෙහි කය අනුවැ බැලීමෙහි අනුදර්‍ශනාඥානයෝ අට දෙනෙක, උපස්ථානානුස්මෘතීහු ද අටදෙනෙක, සෞත්‍රාන්තික වස්තූහු සතරදෙනෙකි.
ප්‍රථමචතුෂ්කය යි.
කිසෙයින් ‘ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
ප්‍රීති කවරැ යත්: ‘දීඝං’යි කියන ලද ආශ්වාසයා ගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව වූ අවික්‍ෂේපය දන්නාහට ප්‍රීතිප්‍රාමෝද්‍යය උපදී. යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් (ධනය වැනි බැවින්) විත්තියක් උදග්‍රබවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද, ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟබව වු අවික්‍ෂේපය දන්නාහට ප්‍රීතිය ප්‍රාමෝද්‍ය උපදී ... ‘රස්සං’ යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ‘රස්සං’යි ... කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් … ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් … ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යී කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට ප්‍රීතිය ප්‍රාමෝද්‍ය උපදී. යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් විත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමනබවෙක් වේ ද මේ ප්‍රීති නමු.
කිසෙයින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වේ ද යත්: ‘දීඝං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වෙයි. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වෙයි. ‘රස්සං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘රස්සං’යී කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං කායසඞ්කාරං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං කායසඞ්කාරං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වෙයි. ආවර්‍ජනා කරන්නාහට ඒ ප්‍රීතිය ප්‍රකට වූවා වෙයි. දන්නාහට .. දක්නාහට ... ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට ... චිත්තය අධිෂ්ඨාන කරන්නාහට ... ශ්‍රද්ධායෙහි අධිමුක්තයහට ... වීර්‍ය්‍යය දැඩි කොට ගන්නාහට ... සිහි එළවන්නාහට ... සිත (අරමුණෙහි) පිහිටුවන්නාහට ... ප්‍රඥායෙන් ප්‍රකට කොට දන්නාහට ... ස්වභාවලක්‍ෂණ විසින් දතයුත්ත ස්වභාවලක්‍ෂණ විසින් දන්නාහට ... සාමාන්‍ය ලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍යලක්‍ෂණ විසින් දන්නාහට ... ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන්නාහට ... භාවිතව්‍යය භාවනා කරන්නාහට ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කරන්නාහට ඒ ප්‍රීතිය ප්‍රකට වූවා වෙයි. මෙසෙයින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වේ.
‘පීතිපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් වේදනා වෙයි. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ. වේදනාව උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
‘පීතිපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි වෙයි ... ‘පීතිපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (1)
කිසෙයින් ‘සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
සුඛං යනු: සුඛයෝ දෙදෙනෙකි: කායිකසුඛය ද චෛතසිකසුඛය දැ’යි. කායිකසුඛය කවරැ යත්: යම් කායිකසාතයෙක් (මිහිරෙක්) කායිකසුඛයෙක් කායසම්ඵස්සයෙන් උපන් සාත-සුඛවේදයිතයෙක් කායසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ කායිකසුඛ නම් වෙයි. චෛතසික සුඛ කවරැ යත්: යම් චෛතසිකසාතයෙක් චෛතසිකසුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද මේ චෛතසිකසුඛ නම් වේ.
කිසෙයින් ඒ සුඛයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙත් ද යත්: ‘දීඝං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවිපෙක්‍ෂය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සුඛයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙති. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සුඛයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙති ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කරන්නාහට ඒ සුඛයෝ ප්‍රකට වූවාහු වෙති. මෙසෙයින් ඒ සුඛයෝ ප්‍රකට වූවාහු වෙත්.
‘සුඛපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් වේදනා වෙයි. (අරමුණට) එළඹසිටීම ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථානද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘සුඛපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි වෙයි ... ‘සුඛපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි; ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි (2)
කිසෙයින් චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
චිත්තසංස්කාරය කවරැ යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති ... ‘සුඛපටිසංවේදි’ කියනලද ආශ්වාසයාගේ වශයෙන් - ‘සුඛපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. මේ චිත්තසංස්කාර නම් වේ.
කිසෙයින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙත් ද යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙති. ‘දීඝං’ යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි, ඒ සිහියෙන් ඒ නුවණින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙති ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කරන්නාහට ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට වූවාහු වෙති. මෙසෙයින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට වූවාහු වෙත්.
‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් වේදනා වෙයි. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි; ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවර ස්වභාවයෙන් ශීලවිශුද්ධි වෙයි … ‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (3)
කිසෙයින් ‘චිත්තසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘චිත්තසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
චිත්තසංස්කාරය කවරැ යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ඒ චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ඒ චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. ‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ඒ චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මේ.
‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් වේදනා වෙයි. (අරමුණට) එළඹසිටීම ස්මෘති යැ. අනුපස්සනාව ඥාන යැ, වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ. භාවනා යනු භාවනා සතරෙකි: ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (4)
වේදනාවන්හි වේදනාව අනුවැ බැලීමෙහි අනුදර්‍ශනාඥානයෝ අට දෙනෙක, උපස්ථානානුස්මෘතීහු ද අටදෙනෙක, සෞත්‍රාන්තික වස්තූහු සතර දෙනෙකි.
ද්වීතීයචතුෂකය යි.
කිසෙයින් ‘චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’යි හික්මේ ද ‘චිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’යි හික්මේ ද යත්:
ඒ චිත්තය කවරැ යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් විඥානය චිත්ත නම. යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, ‘දීඝං’ යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් විඥානය චිත්ත නම. යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද මේ චිත්ත නම් වේ.
කිසෙයින් ඒ චිත්තය ප්‍රකට කොට දන්නාලද වේ ද යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සිත ප්‍රකට කොට දන්නාලද වෙයි. ‘දීඝං’ කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සිත ප්‍රකට කොට දන්නා ලද වෙයි ... සාක්‍ෂාත්කර්‍තවය්‍ය සාක්‍ෂාත් කරන්නාහට ඒ සිත ප්‍රකට වූයේ වෙයි. මෙසෙයින් ඒ සිත ප්‍රකට කොට දන්නාලද වේ.
‘චිත්තපටිසංවේදී’ යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් විඥානය චිත්ත නම. (අරමුණට) එළඹසිටීම ස්මෘති යැ. අනුපස්සනාව ඥාන යැ. චිත්තය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ සිත අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි ... මෙසෙයින් ඒ සිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘චිත්තපටිසංවේදී’යි කියනලද ආශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘චිත්තපටිසංවේදී’ යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි. (1)
කිසෙයින් ‘සිත ප්‍රමුදිත කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මේ ද, ‘සිත ප්‍රමුදිත කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේ ද යත්:
චිත්තයාගේ ප්‍රමෝදය (අධික තුෂ්ටිය) කවර යත්: ‘දීඝං’ යී කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට චිත්තයාගේ ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් (ධනය වැනි බැවින්) චිත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද, ‘දීඝං’ යී කියන ලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට චිත්තයාගේ ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් චිත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද ... ‘චිත්තපටිසංවේදී’ යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘චිත්තපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට චිත්තයාගේ ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් චිත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද මේ චිත්තයාගේ ප්‍රමෝදය යි.
‘අභිප්පමෝදයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් විඥානය චිත්ත නම. උපස්ථානය ස්මෘති යැ. අනුපස්සනාව ඥාන යැ. චිත්තය උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘතිද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුපස්සනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් එ සිත අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් එ සිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘අභිප්පමෝදයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘අභිප්පමෝදයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි. (2)
කිසෙයින් ‘සිත (අරමුණෙහි) පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මේ ද, ‘සිත පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේ ද යත්:
සමාධි කවරැ යත්: ‘දීඝං’ යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි නම. චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් නො විසිර යෑමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද, ‘දීඝං’ යි කියන ලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි නම ... ‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් … ‘සමාදහං චිත්තං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි නම. චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද මේ සමාධි නම් වේ.
‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයාගේ වශයෙන් විඥානය චිත්ත නම. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ. චිත්තය උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් එසිත අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනාසතිපට්ඨානභාවනා’ යි.
අනුපස්සති යනු: කිසෙයින් එසිත අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් එසිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... අසේවනාස්වභාවයෙන් භාවනා යි.
‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (3)
කිසෙයින් ‘සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
‘රාගයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘රාගයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘ද්වේෂයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘ද්වේෂයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘මෝහයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘මානයෙන් සිත මුදමින් ... දෘෂ්ටියෙන් සිත මුදමින් ... විචිකිත්සායෙන් සිත මුදමින් ... ස්ත්‍යානයෙන් සිත මුදමින් ... ඖද්ධත්‍යයෙන් සිත මුදමින් ... අහිරිකයෙන් සිත මුදමින් ... අනොත්තප්පයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. අනොත්තප්පයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ. ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් විඥානය චිත්ත නම. උපස්ථානය ස්මෘති යැ ...
අනුපස්සති යනු: කිසෙයින් එ සිත අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් එ සිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි … ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (4)
සිතෙහි සිත අනුවැ බැලීමෙහි අනුදර්‍ශනාඥානයෝ අටදෙනෙක, උපස්ථානානුස්මෘතීහු අටදෙනෙක, සෞත්‍රාන්තිකවස්තූහු සතර දෙනෙකි.
තෘතීයචතුෂ්කය යි.
කිසෙයින් අනිත්‍යානුදර්ශී (අනිත්‍ය අනු වැ බලනසුලු) වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්: අනිච්චං යනු: අනිත්‍ය කවර යත්: පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. කවර අරුතින් අනිත්‍යයහ යත්: උත්පාදව්‍යයස්වභාවයෙන් අනිත්‍යයහ. පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද යත්: පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. පඤ්චස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නේ මේ පනස් ලක්‍ෂණයන් දකී.
‘රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ‘ජරාමරණයෙහි අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘ජරාමරණයෙහි අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
‘අනිච්චානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ. ධර්‍මයෝ උපස්ථානය ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘අනිච්චානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘අනිච්චානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි (1)
කිසෙයින් විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
රූපයෙහි ආදීනව දැක රූපවිරාගයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘රූපයෙහි විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘රූපයෙහි විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි-සංස්කාරයන්හි - විඥානයෙහි - චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි ආදීනව දැක ජරාමරණවිරාගයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි, ජරාමරණයෙහි විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘ජරාමරණයෙහි විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
විරාගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ, අනුපස්සනාව ඥාන යැ ධර්‍ම උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුපස්සනාපතිපට්ඨානභාවනා’ යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
‘විරාගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘විරාගානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ප්‍රකට කොට දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි. (2)
කිසෙයින් නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
රූපයෙහි ආදීනව දැක රූපනිරෝධයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘රූපයෙහි නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘රූපයෙහි නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි - සංස්කාරයන්හි - විඥානයෙහි - චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි ආදීනව දැක ජරාමරණනිරෝධයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ජරාමරණයෙහි නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ජරාමරණයෙහි නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
කිහි අයුරෙකින් අවිද්‍යායෙහි ආදීනව වේ ද? කිහි අයුරෙකින් අවිද්‍යාව නිරුද්ධ වේ ද යත්: පස් අයුරෙකින් අවිද්‍යායෙහි ආදීනව වෙයි. අට අයුරෙකින් අවිද්‍යාව නිරුද්ධ වේ.
කවර පස්අයුරෙකින් අවිද්‍යායෙහි ආදීනව වේ ද යත්: අනිත්‍යස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. අනාත්මස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. සන්තාපස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. විපරිණාමස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වේ. මේ පස්අයුරින් අවිද්‍යායෙහි ආදීනව වේ.
කවර අටඅයුරෙකින් අවිද්‍යාව නිරුද්ධ වේ ද යත්: මූලප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ආසන්නප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, මූලප්‍රත්‍යයාගේ උත්පත්තිනිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ජනක ප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි: උපස්ථම්භකප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. (විදර්‍ශනා-මාර්‍ග) ඥානෝත්පාදයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. නිරෝධය එළඹසිටීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. මේ අට අයුරින් අවිද්‍යාව නිරුද්ධ වේ.
මේ පස් අයුරින් අවිද්‍යායෙහි ආදීනව දැක මේ අට අයුරින් අවිද්‍යානිරෝධයෙහි හටගත් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘අවිද්‍යාවගේ නිරෝධය අනුවැ බලමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘අවිද්‍යාවගේ නිරෝධය අනුවැ බලමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
කිහි අයුරෙකින් ‘සංස්කාරයන්හි ආදීනව වේ ද, කිහි අයුරෙකින් සංස්කාරයෝ නිරුද්ධ වෙත් ද, ... කිහි අයුරෙකින් විඥානයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් විඥානය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් නාමරූපයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් නාමරූපය නිරුද්ධ වේ ද? කිහි අයුරෙකින් සළායතනයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් සළායතනය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් ස්පර්‍ශයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් ස්පර්‍ශය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් වේදනායෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් වේදනාව නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් තෘෂ්ණාවගේ ආදීනව වේ ද, කිහි අයුරෙකින් තෘෂ්ණාව නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් උපාදානයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් උපාදානය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් භවයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් භවය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් ජාතියෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් ජාතිය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් ජරාමරණයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් ජරාමරණය නිරුද්ධ වේ ද යත්: පස් අයුරෙකින් ජරාමරණයෙහි ආදීනව වෙයි. අට අයුරෙකින් ජරාමරණය නිරුද්ධ වේ.
කවර පස් අයුරින් ජරාමරණයෙහි ආදීනව වේ ද යත්: අනිත්‍යය ස්වභාවයෙන් ජරාමරණයෙහි ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්ම ස්වභාවයෙන් ... සන්තාපස්වභාවයෙන් ... විපරිණාමස්වභාවයෙන් ජරාමරණයෙහි ආදීනව වෙයි. මේ පස් අයුරින් ජරාමරණයෙහි ආදීනව වේ.
කවර අට අයුරින් ජරාමරණය නිරුද්ධ වේ ද යත්: නිදානනිරෝධයෙන් ජරාමරණය නිරුද්ධ වෙයි. සමුදයනිරොධයෙන් ... ජාතිනිරෝධයෙන් ... පභවනිරෝධයෙන් ... හෙතුනිරොධයෙන් ... ප්‍රත්‍යයනිරෝධයෙන් ... ඥානෝත්පාදයෙන් ... නිරෝධය එළඹසිටීමෙන් ජරාමරණය නිරුද්ධ වෙයි. මේ අට අයුරින් ජරාමරණය නිරුද්ධ වේ.
මේ පස් අයුරින් ජරාමරණයෙහි ආදීනව දැක මේ අට අයුරින් ජරාමරණනිරෝධයෙහි හටගත් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘ජරාමරණයෙහි නිරෝධය අනුවැ බලමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ජරාමරණයෙහි නිරෝධය අනුවැ බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි.
‘නිරෝධානුපස්සී’ යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ ධර්‍ම උපස්ථාන වෙයි . ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි. “ධම්මේසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
‘නිරෝධානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් සංවර ස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘නිරෝධානුපස්සී’ යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ප්‍රකට කොට දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි. සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි.
කිසෙයින් ‘පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
පටිනිස්සග්ගා යනු: ප්‍රතිනිඃසර්‍ගයෝ දෙදෙනෙකි: පරිත්‍යාගප්‍රතිනිඃසර්‍ග යැ ප්‍රස්කන්‍දනප්‍රතිනිඃසර්‍ග යැ යි. රූපය පරිත්‍යාග කෙරේ නුයි පරිත්‍යාග ප්‍රතිනිඃසර්‍ග වෙයි. රූපනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චිත්තය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ප්‍රස්කන්‍දනප්‍රතිනිඃසර්‍ග වෙයි. ‘රූපයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘රූපයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස ... ජරාමරණය පරිත්‍යාග කෙරේ නු යි පරිත්‍යාගප්‍රනිඃසර්‍ග වෙයි, ජරාමරණනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චිත්තය ප්‍රස්කන්‍දන කෙරේ නු යි ප්‍රස්කන්‍දනප්‍රතිසඃර්‍ග වෙයි.