ආශ්වාසයෙන් මඩනාලද්දහුගේ ප්‍රාශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම ද, ප්‍රශ්වාසයෙන් මඩනාලද්දහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම ද, යන (2)
මොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්‍ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්‍රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ. විමෝක්‍ෂය නො දන්නා වූ ඔහු පරප්‍රත්‍යයට (මෙරමා හැදහීමට) සුදුසු වෙත්. (3)
ප්‍රථම ෂට්කය යි.
(ආශ්වාස) නිමිත්ත ආවර්‍ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. ආශ්වාසය ආවර්‍ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. (ප්‍රශ්වාස) නිමිත්ත ආවර්‍ජනා කරන්නාහට ප්‍රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙකි. ආශ්වාසය ආවර්‍ජනා කරන්නාහට ප්‍රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක . ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙකි.
නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි විසිරෙයි. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (4)
නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි විසිරෙයි. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (5)
ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි විසිරෙයි. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි සැලෙයි. (6)
මොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්‍ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්‍රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ විමෝක්‍ෂය නො දන්නා වූ ඔහු පරප්‍රත්‍යයට සුදුසු වෙත්. (7)
ද්විතීය ෂට්කය යි.
අතීත (ආශ්වාසප්‍රශ්වාස) ය ලුහුබඳනා සිත වික්‍ෂේපය අනුව ගියේ සමාධියට උවදුරෙක, අනාගත (ආශ්වාසප්‍රශ්වාස) ය ප්‍රාර්‍ත්‍ථනාකරනු ලබන සිත සැලුණේ සමාධියට උවදුරෙක, ලීන වූ සිත කෞසීද්‍යය අනුව ගියේ සමාධියට උවදුරෙක, ඉතා දැඩිව ගන්නා සිත ඖද්ධත්‍යය අනුව ගියේ සමාධියට උවදුරෙක, වෙසෙසින් නැමුණු සිත රාගය අනුව ගියේ සමාධියට උවදුරෙක, නතු නො වූ සිත ව්‍යාපාදය අනුව ගියේ සමාධියට උවදුරෙකි.
අතීතය ලුහුබඳනා සිත ද අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන සිත ද ලීන සිත ද ඉතා දැඩි වැ ගන්නා ලද සිත ද වෙසෙසින් නැමුණු සිත ද සමාහිත නො වෙත් (8)
යම් උපක්ලේශ කෙනකුන් විසින් කෙලසනලද සංකල්ප ඇත්තේ අධිචිත්තය නො දනී නම් තෙල සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශයෝ යි.(9)
තෘතීය ෂට්කය යි.
ආශ්වාසයාගේ ආදිමධ්‍යපර්‍ය්‍යවසානය සිහියෙන් අනු වැ යන්නහුගේ අධ්‍යාත්මයෙහි වික්‍ෂේපයට ගිය සිතින් කය ත් සිත ත් (මහත් කැළඹීමෙන්) දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසයාගේ ආදිමධ්‍යපර්‍ය්‍යවසානය සිහියෙන් අනු වැ යන්නහුගේ බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂේපයට ගිය සිතින් කය ත් සිත ත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ නිකාන්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාචර්‍ය්‍යායෙන් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ නිකාන්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාචර්‍ය්‍යායෙන් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසයෙන් පීඩිත වූවහුගේ ප්‍රශ්වාසප්‍රතිලාභයෙහි ඇලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසයෙන් පීඩිත වූවහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ ආශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ නිමිත්තෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ ප්‍රශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ නිමිත්තෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ ප්‍රශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ ආශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. වික්‍ෂේපය අනු වැ ගිය අතීතය ලුහුබඳනා සිතින් කය ත් සිත ත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ විකම්පිත වු සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ලීන වූ කෞසීද්‍යය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ඉතා දැඩි වැ ගන්නා ලද ඖද්ධත්‍යය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. වෙසෙසින් නැමුණ රාගය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නතු වූ ව්‍යාපාදය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙත්.
යමක්හු විසින් ආනාපානස්මෘතිය පරිපූර්‍ණ කොට අභාවිත වූවා ද (ඔහුගේ) කයත් කම්පිත වූයේ වෙයි. සිතත් කම්පිත වූයේ වෙයි. කයත් සැලුණේ වෙයි. සිතත් සැලුණේ වේ. (10)
යමක්හු විසින් ආනාපානස්මෘතිය පරිපූර්‍ණ කොට මොනොවට වඩන ලද ද (ඔහුගේ) කයත් කම්පිත නො වූයේ වෙයි. සිතත් කම්පිත නො වූයේ වෙයි. කයත් නො සැලුණේ වෙයි. සිතත් නො සැලුණේ වේ. (11)
තවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුකආනාපානස්මෘතිසමාධිය වඩන්නහුට ක්‍ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොට ගෙන මේ අටළොස් උපක්ලේශයෝ උපදිත්.
උපක්ලේශඥානනිර්දේශ යි.
3-4. ව්‍යවදානඥාන
තෙළෙස් ව්‍යවදානඥානයෝ කවරහ යත්: අතීතය ලුහුබඳනා වික්‍ෂේපය අනු වැ ගිය සිතෙක් වේ ද, එය හැරපියා (ආශ්වාසප්‍රශ්වාසයන් අතුරෙන්) එක්තැනෙක පිහිටුවයි. මෙසේත් සිත වික්‍ෂේපයට නො යෙයි. අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන වෙසෙසින් කම්පිත වූ සිතෙක් වේ ද, එය හැරපියා එහි මැ සනිටුහන් කෙරෙයි. මෙසේ ත් සිත වික්‍ෂේපයට නො යෙයි. ලීන වූ කෞසීද්‍යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය ප්‍රග්‍රහණය කොට කෞසීද්‍යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්‍ෂේපයට නො යෙයි. ඉතා දැඩි කොට ගන්නා ලද ඖද්ධත්‍යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය නිග්‍රහ කොට ඖද්ධත්‍යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්‍ෂේපයට නො යෙයි. වෙසෙසින් නැමුණ රාගය අනු වැ ගිය සිතෙක් වේ ද, එය සම්‍යග්ඥාන ඇති වැ ඒ රාගය දුරු කෙරෙයි, මෙසේත් සිත වික්‍ෂේපයට නො යෙයි. නතු නො වූ ව්‍යාපාදයට අනු වැ ගිය සිතෙක් වේ ද, සම්‍යග්ඥාන ඇති වැ ඒ ව්‍යාපාදය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්‍ෂේපයට නො යෙයි. මේ සකරුණින් පිරිශුද්ධ වූ සිත ප්‍රභාස්වර වූයේ ඒකත්‍වයට ගියේ වේ.
ඒ ඒකත්‍වයෝ කවරහ යත්: දානවස්තුපරිත්‍යාගයාගේ එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යැ. ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යැ. භඞ්ගලක්‍ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යැ නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යයි.
දානවස්තුපරිත්‍යාගයාගේ එළඹසිටීමෙන් වු ඒකත්‍වය දානයෙහි අධිමුක්තයනට වෙයි. විදර්‍ශනාපාදකසමාධිය අනු වැ යෙදුණවුනට ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්‍වය ද විදර්‍ශකයනට භඞ්ගලක්‍ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්‍වය ද ආර්‍ය්‍යපුද්ගලයනට නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්‍වය ද වෙයි. මේ සතර කරුණින් ඒකත්‍වයට ගිය සිත ප්‍රතිපද්විශුද්ධියට පිවිසියේ ද වෙයි. උපේක්‍ෂායෙන් වඩනලද්දේත් ඥානයෙන් විශෝධිත වූයේත් වේ.
ප්‍රථමධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යත්: ප්‍රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ උපේක්‍ෂානුබ්‍රෑහණය මධ්‍ය යැ සම්ප්‍රහර්‍ෂණය පර්‍ය්‍යවසාන යි.
ප්‍රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ. ආදිහුගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: ආදිහුගේ ලක්‍ෂණ තුනෙකි. යමෙක් ඒ ප්‍රථමධ්‍යානයට පරිපන්‍ථ වේ නම් එයින් සිත විශුද්ධ වෙයි. විශුද්ධ බැවින් සිත මධ්‍යමශමථනිමිත්තට (අර්‍පණාසමාධියට) පැමිණෙයි. පිළිපන් බැවින් එහි සිත පිවිසෙයි. පරිපන්‍ථයෙන් යම් චිත්තවිශුද්ධියකුත් වේ ද විශුද්ධ බැවින් චිත්තය මධ්‍යමශමථනිමිත්තට යම් බැසගැනීමකුත් වේ ද පිළිපන් බැවින් එහි යම් සිත පිවිසගැනීමකුත් වේ ද, ප්‍රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ ආදිහුගේ මේ තුන් ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය ආදිකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ යයි.
උපේක්‍ෂානුබ්‍රෑහණය ප්‍රථමධ්‍යානයාගේ මධ්‍යය වෙයි. මධ්‍යයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: මධ්‍යයාගේ ලක්‍ෂණ තුනෙකි. විශුද්ධ සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ශමථයට පිළිපන් සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ඒකත්‍වයෙන් එළඹසිටි සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. යම් විශුද්ධ සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ ද යම් ශමථයට පිළිපන් සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ ද, යම් ඒකත්‍වයෙන් එළඹ සිටි සිත අධ්‍යුපේක්‍ෂා කෙරේ ද. ඒ උපේක්‍ෂානුබ්‍රෑහණය ප්‍රථමධ්‍යානයාගේ මධ්‍යය වෙයි. මධ්‍යයාගේ මේ තුන් ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය මධ්‍යකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
සම්ප්‍රහර්‍ෂණය ප්‍රථමධ්‍යානයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ සතරෙකි. ඒ භාවනාවිශේෂයෙහි උපන් (සමාධිප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ තදනුච්ඡවිකවීර්‍ය්‍යධුර ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ ආසේවන ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යි සම්ප්‍රහර්‍ෂණය ප්‍රථමධ්‍යානයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ මේ සතර ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය පර්‍ය්‍යවසානකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ විතර්‍කසම්පන්න ද විචාරසම්පන්න ද ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
ද්විතීයධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ප්‍රතිපද්විශුද්ධිය ද්විතීයධ්‍යානයාගේ ආදි යැ. උපේක්‍ෂානුබ්‍රෑහණය මධ්‍ය යැ සම්ප්‍රහර්‍ෂණය පය්‍යවසාන යි ... මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
තෘතියධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: … මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: … මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ උපේක්‍ෂාසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
ආකාසානඤ්චායතනසමාපත්තිහුගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිහුගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිහුගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිහුගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ... මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ උපේක්‍ෂාසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ... ප්‍රඥාසම්පන්න ද වේ.
අනිච්චානුපස්සනාවගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ... මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ විර්‍තකසම්පන්න ද විචාරසම්පන්න ද ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
දුක්ඛානුපස්සනාවගේ ... අනත්තානුපස්සනාවගේ ... නිබ්බිදානුපස්සනාවගේ ... විරාගානුපස්සනාවගේ ... නිරෝධානුපස්සනාවගේ ... පටිනිස්සානුපස්සනාවගේ ... ඛයානුපස්සනාවගේ ... වයානුපස්සනාවගේ ... විපරිණාමානුපස්සනාවගේ ... අනිමිත්තානුපස්සනාවගේ ... අප්පණිහිතානුපස්සනාවගේ ... සුඤ්ඤතානුපස්සනාවගේ ... අධිපඤ්ඤාධම්මවිපස්සනාවගේ … යථාභූතඥාණදස්සනයාගේ … ආදීනවානුපස්සනාවගේ ... පටිසඞ්ඛානුපස්සනාවගේ ... විවට්ටානුපස්සනාවගේ ...
ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ... සකෘදාගාමීමාර්‍ගයාගේ ... අනාගාමීමාර්‍ගයාගේ ... අර්‍හන්මාර්‍ගයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ප්‍රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදි යැ උපේක්‍ෂානුබ්‍රෑහණය මධ්‍යය යැ සම්ප්‍රහර්‍ෂණය පර්‍ය්‍යාවසාන යි. ප්‍රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදිය වෙයි. ආදිහුගේ ලක්‍ෂණ කෙතෙක් ද ආදිහුගේ ලක්‍ෂණ තුනෙකි. යම් ධර්‍මයෙක් ඒ ප්‍රතිපද්විශුද්ධියට පරිපන්‍ථ වේ ද එයින් සිත විශුද්ධ වෙයි. විශුද්ධ බැවින් සිත මධ්‍යමශමථනිමිත්තට පැමිණෙයි. පිළිපන් බැවින් එහි සිත පිවිසගනී. පරිපන්‍ථයෙන් යම් චිත්තවිශුද්ධියෙකුත් වේ ද විශුද්ධ බැවින් සිත මධ්‍යමශමථනිමිත්තට යම් පැමිණීමෙකුත් වේ ද පිළිපන් බැවින් එහි යම් සිත පිවිසගැනීමෙකුත් වේ ද ඒ ප්‍රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදිය වෙයි. ආදිහුගේ මේ තුන් ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘අර්‍හන්මාර්‍ගය ආදිකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
උපේක්‍ෂානුබ්‍රෑහණය අර්‍හන්මාර්‍ගයාගේ මධ්‍යය වෙයි, මධ්‍යයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: මධ්‍යයාගේ ලක්‍ෂණ තුනෙකි: විශුද්ධ සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ශමථයට පිළිපන් සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ඒකත්‍වයෙන් එළඹ සිටී සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. යම් විශුද්ධ සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් යම් ශමථයට පිළිපන් සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් යම් ඒකත්‍වයෙන් එළඹසිටි සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් එයින් කියනු ලැබෙයි: ‘අර්‍හන්මාර්‍ගය මධ්‍යකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
සම්ප්‍රහර්‍ෂණය අර්‍හන්මාර්‍ගයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ සතරෙකි. ඒ භාවනා විශෙෂයෙහි උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ ඉන්‍ද්‍රියයන් ගේ එකකෘත්‍යස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරවස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ, ආසේවනස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යි. සම්ප්‍රහර්‍ෂණය අර්‍හන්මාර්‍ගයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ මේ සතර ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘අර්‍හන්මාර්‍ගය පර්‍ය්‍යවසානලක්‍ෂණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’යයි. මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ විතර්‍කසම්පන්න ද විචාර සම්පන්න ද ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
නිමිත්ත යැ ආශ්වාසප්‍රශ්වාසයෝ යැ යන මොහු එක් සිතට අරමුණු නො වන්නාහු වෙති. (නිමිත්තාදි) තුන් ධර්‍මයන් නො දන්නාහට (ආනාපානසතිසමාධි) භාවනාව නො ලැබෙයි (1)
නිමිත්ත යැ ආශ්වාසප්‍රශ්වාසයෝ යැ යන මොහු එක් සිතට අරමුණු නො වන්නාහු වෙති. (නිමිත්තාදි) තුන් ධර්‍මයන් දන්නාහට වැළිත් (ආනාපානසතිසමාධි) භාවනාව ලැබේ යයි. (2)
කිසෙයින් මේ තුන් ධර්‍මයෝ එක් සිතට අරමුණු නො වන්නාහු ද, මේ තුන් ධර්‍මයෝ නො ද අවිදිතයෝ වෙත් ද, සිත වික්‍ෂේපයට නො ද යෙයි. ප්‍රදහන ද පැනෙයි. ප්‍රයෝගය (නීවරණවිෂ්කම්භකධ්‍යානය) ද සාධයි. මාර්‍ගයට පැමිණෙයි යත්:
යම්සේ සම වූ භූමිභාගයෙහි රෝපණය කරන ලද වෘක්‍ෂයෙක් වේ ද, ඒ මේ වෘක්‍ෂය පුරුෂයෙක් තෙම කියතින් සිඳුනේ නම් වෘක්‍ෂයෙහි ස්පර්‍ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ සිහිය එළඹසිටියා වෙයි. (වෘක්‍ෂය ස්පර්‍ශ කොට තමා වෙතට) ආවා වූ හෝ (වෘක්‍ෂය ස්පර්‍ශ කොට පරභාගයට) ගියා වූ හෝ කියත්දත් නො මෙනෙහි කෙරෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ කියත්දත් නො දන්නා ලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝගය ද සාධයි. සම වූ භූමිභාගයෙහි රෝපණය කරනලද වෘක්‍ෂය යම්බඳු ද උපනිබන්‍ධනා (ස්මෘති) නිමිත්ත එබඳු යැ කියත් දත් යම් බඳු ද ආශ්වාසප්‍රශ්වාසයෝ එබඳු යැ. යම්සේ වෘක්‍ෂයෙහි ස්පර්‍ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ ස්මෘතිය එළඹසිටියා වේ ද ආගිය කියත්දත් නො මෙනෙහි කෙරේ ද ආගිය කියත්දත් නොදන්නාලද්දාහු නො වෙත් ද ප්‍රදහනත් පැනේ ද ප්‍රයෝගයත් සාදා ද, එසෙයින් මැ මහණ තෙම නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ සිහි එළවා හුන්නේ වෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ ආශ්වාසප්‍රශ්වාසයන් නො දන්නාලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝග ද සාධයි, විශේෂයට (මාර්‍ගයට) පැමිණේ.
පධානං යනු: ප්‍රදහන යනු කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍යය ඇත්තහුගේ කයත් සිතත් කර්‍මණ්‍ය වෙයි. මේ ප්‍රදහන වෙයි. ප්‍රයෝග කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ උපක්ලේශයෝ ප්‍රහීණ වෙති. විතර්‍කයෝ සන්හිඳෙත්. මේ ප්‍රයෝගය වෙයි. විශේෂ කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශයයෝ විගත වෙත්. මේ විශේෂය වෙයි.
මෙසෙයින් මේ තුන් ධර්‍මයෝ එක් සිතට අරමුණු නො වෙති. මේ තුන් ධර්‍මයෝ නො දන්නාලද්දාහු නො ද වෙති. සිත වික්‍ෂේපයට නො ද යෙයි. ප්‍රදහන ද පැනෙයි. ප්‍රයෝගය ද සාධයි. විශේෂයට පැමිණේ.
යමක්හු විසින් ආනාපානස්මෘතිය බුදුන් වදාළ සෙයින් පරිපූර්‍ණ වූවා මොනොවට වඩනලද ද පිළිවෙළින් ප්‍රගුණ කරන ලද ද හෙතෙම වලායෙන් මිදුණු සඳ සෙයින් මෙලොව දීප්ත කෙරේ. (3)
ආන යනු. ආශ්වාස යැ ප්‍රශ්වාසය නො වෙයි. අපාන යනු: ප්‍රශ්වාස යැ ආශ්වාසය නො වෙයි, ආශ්වාස වශයෙන් එළඹසිටීම ස්මෘති යැ, ප්‍රශ්වාස වශයෙන් එළඹ සිටීම ස්මෘති යි. යමෙක් ආශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ආශ්වාසයට එළඹසිටියි. යමෙක් ප්‍රශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ප්‍රශ්වාසයට එළඹසිටී.
පරිපුණ්ණා යනු: පරිග්‍රහස්වභාවයෙන් පරිපූර්‍ණ යැ පරිවාරස්වභාවයෙන් පරිපූර්‍ණ යැ (භාවනා) පරිපූර ස්වභාවයෙන් පරිපූර්‍ණ යි.
සුභාවිතා යනු: භාවනා සතරෙකි: ඒ භවානා විශෙෂයෙහි උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ තදනුච්ඡික වීර්‍ය්‍යධූර ස්වභාවයෙන් භාවනා යැ. ආසේවන ස්වභාවයෙන් භාවනා යි. ඔහු විසින් මේ සතර භාවනාර්‍ත්‍ථයෝ යුක්තයානයක් මෙන් කරනලද්දාහු (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද්දාහු එළඹසිටියාහු හාත්පසින් රැස්කරන ලද්දාහු මොනොවට කරන ලද්දාහු වෙත්.
යානීකතා යනු:යම් යම් ධ්‍යානවිදර්‍ශනායෙක් හි කැමැති වේ නම් ඒ ඒ ධ්‍යානවිදර්‍ශනායෙහි වශයට පැමිණියේ බලයට පැමිණියේ විශාරද බවටපැමිණියේ වෙයි. ඔහුගේ ඒ (ශමථවිදර්‍ශනා) ධර්‍මයෝ ආවර්‍ජනප්‍රතිබද්ධ වූවාහු ආකාඞ්ක්‍ෂාප්‍රතිබද්ධ වූවාහු මනසිකාරප්‍රතිබද්ධ වූවාහු චිත්තෝත්පාද ප්‍රතිබද්ධ වූවාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘යානීකතා’ යි.
වත්‍ථුකථා යනු: යම් යම් වස්තුයෙකැ සිත මොනොවට පිහිටියේ වේ ද ඒ ඒ වස්තුයෙහි සිහි එළඹසිටියා වෙයි. තවද යම් යම් වස්තුයෙකැ සිහි එළඹසිටියා වේ ද ඒ ඒ වස්තුයෙහි සිත මොනොවට පිහිටියේ වෙයි. එයින් කියනු ලැබෙයි. ‘වත්‍ථුකථා’ යි.
අනුට්ඨිතා යනු: යම් යම් භාවනාවිශේෂයෙක්හි සිත එළවා ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිහිය අනුකූල වැ පවතී. තවද යම් යම් භාවනාවිශේෂයෙක්හි සිහිය අනුකූල වැ පෙරළේ ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිත එළවයි. එයින් කියනු ලැබෙයි ‘අනුට්ඨිතා’ යි.
පරිචිතා යනු: පරිග්‍රහස්වභාවයෙන් හාත්පසින් රැස්කරන ලද්දාහු යැ පරිවාරස්වභාවයෙන් හාත්පසින් රැස් කරන ලද්දාහු යැ පරිපූරස්වභාවයෙන් හාත්පසින් රැස්කරන ලද්දාහු යැ ස්මෘතියෙන් පරිග්‍රහ කරනුයේ ලාමක අකුශල ධර්‍මයන් දිනා නු යි පරිචිතයෝ යි.
සුසමාරද්ධා යනු: සුසමාරබ්ධයෝ (මොනොවට කරනලද්දාහු) සතර දෙනෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සුසමාරබ්ධ යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් සුසරමාබද්ධ යැ. තදනුච්ඡවිකවීර්‍ය්‍යධූරස්වභාවයෙන් සුසමාරබ්ධ යැ, ඒ ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගයන්ට ප්‍රතිපක්‍ෂ වූ ක්ලේශයන් මොනොවට නැසූ බැවින් සුසමාරබ්ධ යි.
සුසමං යනු: ශමයෙක් ඇති සුශමයෙක් ඇති. ‘ශම’ නම් කවරෙ යත්: ඒ භාවනාවිශේෂයෙහි උපන් යම් නිරවද්‍ය කුශල වූ බොධිපාක්‍ෂිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ ශම නම. ‘සුශම’ නම් කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ට අරමුණු වූ යම් නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, මේ සුශම නමි. මෙසෙයින් මේ ශමයත් මේ සුශමයත් දන්නා ලද්දේ දක්නා ලද්දේ විදිත වූයේ ප්‍රඥායෙන් සාක්‍ෂාත් කරන ලද්දේ ස්පර්‍ශ කරන ලද්දේ වෙයි. නො හැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නාලද වෙයි, නො නට සිහි එළඹසිටියා වෙයි. දරථ රහිත කය නිවුණේ වෙයි. එකඟ වූ සිත (අරමුණෙහි) සම වැ තබනලද යැ. එයින් කියනු ලැබෙයි ‘සුසමාරද්ධා’යි.
අනුපුබ්බං පරිචිතා යනු: දීර්‍ඝ කොට ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුන පුනා ප්‍රගුණ කරන ලද යැ, දීර්‍ඝ කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, හ්‍රස්ව කොට ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ. පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ. පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, ... පටිනිස්සජනය අනු වැ බලමින් ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, පටිනිස්සජනය අනු වැ බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, හැම ෂෝඩශවස්තුක ආනාපානස්මෘතීහු ඔවුනොවුන් ප්‍රගුණ කරන ලද්දාහු ද පුනපුනා ප්‍රගුණ කරන ලද්දාහු ද වෙත්, එයින් කියනු ලැබෙයි. අනුපුබ්බං පරිචිතා’යි.
යථා යනු: යථාස්වභාවයෝ දශ දෙනෙකි: ආත්මදමනස්වභාවය යථාස්වභාව යැ ආත්මශමනස්වභාවය යථාස්වභාව යැ ආත්මපරිනිර්‍වාපණස්වභාවය යථාස්වභාව යැ අභිඥාස්වභාවය යථාස්වභාව යැ පරිඥාස්වභාවය යථාස්වභාව යැ ප්‍රහාණස්වභාවය යථාස්වභාව යැ භාවනාස්වභාවය යථාස්වභාව යැ සාක්‍ෂාත්ක්‍රියාස්වභාවය යථාස්වභාව යැ සත්‍යප්‍රතිවේධස්වභාවය යථාස්වභාව යැ නිරෝධයෙහි පිහිටුවන ස්වභාවය යථාස්වභාව යි.
බුද්ධෝ යනු: යමෙක් භාග්‍යවත් වූයේ තෙමේ (සත්‍යයන්) අවබෝධ කෙළේ ආචාර්‍ය්‍යයන් නැත්තේ පෙර නො ඇසූවිරූ දහම්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙළේ ඒ සත්‍යයන්හි දු සර්‍වඥත්‍වයට පැමිණියේ බලධර්‍මයන්හිදු වශීභාවයට පැමිණියේ වේ ද හේ යැ.
බුද්ධෝ යනු: කවර අර්‍ත්‍ථයෙන් බුද්ධ වෙයි යත්: සත්‍යයන් අවබෝධ කෙළේ නු යි බුද්ධ යැ ප්‍රජාවට අවබෝධ කරවා නු යි බුද්ධ යැ, සර්‍වඥ බැවින් බුද්ධ යැ, සියල්ල දක්නාසුලු බැවින් බුද්ධ යැ, අනුන් විසින් අවබෝධ නො කැරැවිය යුතු බැවින් බුද්ධ යැ, (නානාගුණ) විස්වනය කරන හෙයින් බුද්ධ යැ, ක්‍ෂීණාස්‍රව සඞ්ඛ්‍යායෙන් බුද්ධ යැ, තෘෂ්ණාලේප රහිත සඞ්ඛ්‍යායෙන් බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතරාග නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතදෝස නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් නික්ලේශ නු යි බුද්ධ යැ, එකාන්තමාර්‍ගයට ගියේ නු යි බුද්ධ යැ, එකලා වැ අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බෝධ කෙළේ නු යි බුද්ධ යැ, අබුද්ධිය නැසූ බැවින් බුද්ධිප්‍රතිලාභ හෙයින් බුද්ධ යැ, බුද්ධ යන තෙල නාමය මව විසින් නො කරනලද යැ පියා විසින් නො කරනලද යැ බෑයා විසින් නො කරන ලද යැ බූන විසින් නො කරනලද යැ සගයහළුවන් විසින් නො කරන ලද යැ නෑ සහලේනෑයන් විසින් නො කරනලද යැ මහණබමුණන් විසින් නො කරනලද යැ දෙවියන් විසින් නො කරනලද යැ. යම් බුද්ධ යන නමෙක් වී ද තෙල බුද්ධ නාමය භාග්‍යවත් බුදුවරයනට විමෝක්‍ෂාන්තයෙහි බෝමුල සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය හා සමග අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන ප්‍රඥප්තියකි.
දේසිතා යනු: ආත්ම දමනස්වභාවය වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද, ආත්මශමනස්වභාවය වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද, ආත්මපරිනිර්‍වාපණස්වභාව වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද ... නිරෝධයෙහි පිහිටුවන ස්වභාව වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද,
සො යනු: ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වෙයි.
ලෝකෝ යනු: ස්කන්‍ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ විපත්තිභව (අපාය) ලෝක යැ විපත්තිසම්භව (අපායූපගකර්‍ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භවලෝක යැ එක් ලොවෙක: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ; ... අටළොස් ලොවෙක. අටළොස් ධාතූහු යැ.
පභාසෙති යනු: ආත්මදමනස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මේ ලෝකය අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරෙයි. ආත්මශමන ස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරෙයි. ආත්මපරිනිර්‍වාණස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරෙයි ... නිරෝධයෙහි පිහිටුවන ස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරේ.
අබ්භාමුත්තොව චන්‍දිමා යනු: වලාවෝ යම් බඳු ද කෙලෙස් එබඳු යැ චන්‍ද්‍රයා යම් බඳු ද ආර්‍ය්‍යඥානය එබඳු යැ චන්‍දිම දිව්‍යපුත්‍ර යම් බඳු ද මහණ එබඳු යැ යම්සේ චන්‍ද්‍ර තෙම වලායෙන් මිදුණේ මිහිදුමින් මිදුණේ දුම්රජසින් මිදුණේ රාහුග්‍රහණයෙන් මිදුණේ බැබැළේ ද තැවේ ද දිලේ ද එසෙයින් මැ මහණ තෙම හැම කෙලෙසුන් කෙරෙන් වෙසෙසින් මිදුණේ බැබැලෙන්නේ ද තැවෙන්නේ ද දිලෙන්නේ ද වෙයි. එයින් කියනු ලැබෙයි: ‘අබ්භා මුත්තොව චන්‍දිමා’යි. මොහු තෙළෙස් ව්‍යවදානඥානයෝ යි.
ව්‍යවදානඥානනිර්දේශ යි.
3-5. සතෝකාරිඥානනිර්දේශය
සතොකාරිහු (සිහි ඇති වැ කරන්නාහු) ගේ දෙතිස් ඥානයෝ කවරහ යත්:
මෙසස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශූන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ (උඩු) කය ඍජු කොට තබා කමටහනට අභිමුඛ වැ සිහි එළවාතබා හිඳියි. හෙතෙම සිහි ඇති වැ මැ ආශ්වාස කෙරෙයි. සිහි ඇති වැ මැ ප්‍රශ්වාස කෙරෙයි. දික් කොට හෝ ආශ්වාස කරන්නේ දික් කොට ආශ්වාස කෙරෙමී දනියි. දික් කොට හෝ ප්‍රශ්වාස කරන්නේ දික් කොට ප්‍රශ්වාස කෙරෙමී දනියි. ලුහුඬු කොට හෝ ආශ්වාස කරන්නේ ලුහුඬු කොට ආශ්වාස කෙරෙමී දනියි. ලුහුඬු කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමී දනියි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මෙයි. (ඖදාරික ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත) කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ... සුඛය ප්‍රකට කෙරෙමින් ... චිත්තසංස්කාරය (වේදනාසංඥාස්කන්‍ධ) ප්‍රකට කෙරෙමින් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ... චිත්තය ප්‍රකට කෙරෙමින් ... සිත සතුටු කෙරෙමින් ... සිත (අරමුණෙහි) සම වැ තබමින් ... සිත (නීවරණයෙන්) මුදමින් ... අනිත්‍යය අනු වැ බලමින් ... විරාගය අනු වැ බලමින් ... නිරෝධය අනු වැ බලමින් ... පටිනිස්සජනය අනු වැ බලමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි, පටිනිස්සජනය අනු වැ බලමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මේ.
ඉධ යනු: (බුදුන්ගේ) මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශානයෙහි යි. එයින් කියනු ලැබෙයි: ‘ඉධ’ යි.
භික්ඛු යනු: පෘථග්ජනකල්‍යාණක මහණ හෝ වෙයි. ශෛක්‍ෂ මහණ හෝ වෙයි. අකෝප්‍ය (අර්‍හත්ඵල) ධර්‍ම ඇති රහතුන් වහන්සේ හෝ වෙත්.
අරඤ්ඤං යනු: ඉන්‍ද්‍රකීලයෙන් නික්ම පිටත්හි තෙල සියල්ල අරණ්‍ය වේ.
රුක්ඛමූලං යනු: යම් රුක්මුලෙකැ මහණහට මැස්සෙක් වේවයි පුටුයෙක් වේවයි බිස්සෙක් වේවයි තට්ටිකායෙක් වේවයි සම්කඩෙක් වේවයි ඇතිරියෙක් වේවයි කොළඇතිරියෙක් වේවයි පිදුරුඇතිරියෙක් වේවයි අසුනෙක් පනවනලද වේ ද, එහි මහණ තෙම සක්මන් කෙරේ හෝ සිටුනේ හෝ හිඳිනේ හෝ ශයනය හෝ කෙරේ.
සුඤ්ඤං යනු: ගිහීන් විසින් හෝ පැවිද්දන් විසින් හෝ කිසිවකු විසින් අනාකීර්‍ණ වූයේ වෙයි.
අගාරං යනු: විහාර යැ ගරුඩාකාරසෙවෙනි ඇති ගේ යැ ප්‍රාසාද යැ සඳලු ඇති ගේ යැ ගුහා යි.
නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා යනු: පලක් බැඳ හිඳිනේ වෙයි.
උජුං කායං පනිධාය යනු: කය මොනොවට තබනලද්දේ ඍජු වැ සිටියේ වෙයි.
පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා යනු: පරි යනු: පරිග්‍රාහාර්‍ත්‍ථ යැ, මුඛං යනු: නීර්‍ය්‍යණාර්‍ත්‍ථ යැ, සති යනු: උපස්ථානාර්‍ත්‍ථ යැ, එයින් කියනු ලැබෙයි: ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’යි.
සතෝව අස්සසති සතෝ පස්සසති: යනු දෙතිස් අයුරින් සිහි ඇති වැ කරනසුලු වෙයි. දික් කොට ආශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. දික්කොට ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ලුහුඬු කොට ආශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ලුහුඬු කොට ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ... පටිනිස්සජනය අනු වැ දක්නේ ආශ්වාස කිරීම් වසයෙන් ... පටිනිස්සජනය අනු වැ දක්නේ ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වේ.
කිසෙයින් දික් කොට ආශ්වාස කරන්නේ දික් කොට ආශ්වාස කෙරෙමී දනී ද, දික් කොට ප්‍රශ්වාස කරන්නේ දික්කොට ප්‍රශ්වාස කෙරෙමී දනී ද යත්: දීර්‍ඝ වූ ආශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කෙරෙයි. දීර්‍ඝ වූ ප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. දීර්‍ඝ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාස දීර්‍ඝකාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්‍රශ්වාස කරන්නාහට ද ඡන්‍දය උපදියි.
ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස ද කෙරෙයි. ප්‍රශ්වාස ද කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්‍රශ්වාස කරන්නාහට ද ප්‍රාමෝද්‍යය උපදියි.
ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස ද කෙරෙයි. ප්‍රශ්වාස ද කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්‍රශ්වාස කරන්නාහට ද දීර්‍ඝ යැ යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන් කෙරෙනුදු සිත පෙරැළෙයි. උපේක්‍ෂාව පිහිටා සිටියි.
මේ නව අයුරින් දීර්‍ඝ යයි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම. (අරමුණට) එළඹසිටීම සති නම. අනුපස්සනාව ඥාන නම. කය උපස්ථාන යැ සති නො වෙයි. සතිය උපස්ථාන ද සති ද වෙයි. ඒ සතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනු වැ ගොස් බලයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’ යි.
අනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි, නිත්‍ය හෙයින් අනුපස්සනා නො කෙරෙයි. දුඃඛ හෙයින් අනුපස්සනා කෙරෙයි, සුඛ හෙයින් අනුපස්සනා නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුපස්සනා කෙරෙයි, ආත්ම හෙයින් අනුපස්සනා නො කෙරෙයි, කලකෙරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි. ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුපස්සනා කරන්නේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් අනුපස්සනා කරන්නේ සුඛසංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් අනුපස්සනා කරන්නේ ආත්මසංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි. විරක්ත වනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. පටිනිස්සජනය කරනුයේ ග්‍රහණය දුරු කෙරෙයි. මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ.
භාවනා යනු: භාවනා සතරෙකි: ඒ භාවනා විශෙෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියන්ගේ ඒකකෘත්‍යභාවයෙන් භාවනා යැ, තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරස්වභාවයෙන් භාවනා යැ, ආසේවනස්වභාවයෙන් භාවනා යි.
දීර්‍ඝ යයි කියන ලද ආශ්වාසප්‍රශ්වාස වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙති. ප්‍රකට කොට දන්නාලද සංඥාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙති. ප්‍රකට කොට දන්නාලද විතර්‍කයෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
කිසෙයින් ප්‍රකට කොට දන්නා ලද වේදනාවෝ උපදිත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත් ද: කිසෙයින් වේදනාවගේ උත්පාදය දන්නාලද වේ ද යත්: අවිද්‍යාසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ප්‍රත්‍යසමුදයස්වභාවයෙන් වේදනාවගේ උත්පාදය දන්නාලද වෙයි. තෘෂ්ණාසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ... කර්‍මසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ස්පර්‍ශසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදය ස්වභාවයෙන් වේදනාවගේ උත්පාදය දන්නාලද වෙයි. නිර්‍වෘත්තිලක්‍ෂණය දක්නහු විසින් ද වේදනාවගේ උත්පාදය දන්නාලද වේ. මෙසෙයින් වේදනාවගේ උත්පාදය දන්නාලද්දේ වේ.
කිසෙයින් වේදනාවගේ වැටහීම දන්නාලද වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ක්‍ෂය වශයෙන් වැටහීම දන්නාලද වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නහු විසින් භය වශයෙන් වැටහීම දන්නාලද වෙයි. අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ශූන්‍යවශයෙන් වැටහීම දන්නාලද වෙයි. මෙසෙයින් වේදනාවගේ වැටහීම දන්නාලද වේ.
කිසෙයින් වේදනාවගේ විනාශය දන්නාලද වේ ද යත්: අවිද්‍යානිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් වේදනාවගේ විනාශය දන්නාලද වෙයි. තෘෂ්ණානිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ... කර්‍මනිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ... ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් වේදනාවගේ විනාශය දන්නාලද වෙයි. විපරිණාමලක්‍ෂණය දක්නහු විසින් ද වේදනාවගේ විනාශය දන්නාලද වේ. මෙසෙයින් වේදනාවගේ විනාශය දන්නා ලද වේ.
මෙසෙයින් ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
කිසෙයින් ප්‍රකට කොට දන්නාලද සංඥාවෝ උපදිත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත් ද: කිසෙයින් සංඥාවගේ උත්පාදය දන්නාලද වේ ද යත්: අවිද්‍යාසමුදයෙන් සංඥාසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් සංඥාවගේ උත්පාදය දන්නාලද වෙයි. තෘෂ්ණාසමුදයෙන් සංඥාසමුදය වේ යයි ... කර්‍මසමුදයෙන් සංඥාසමුදය වේ යයි ... ස්පර්‍ශසමුදයෙන් සංඥාසමුදය වේ යයි ... ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් සංඥාවගේ උත්පාදය දන්නාලද වෙයි. නිර්‍වෘත්ති ලක්‍ෂණය දක්නහු විසින් ද සංඥාවගේ උත්පාදය දන්නාලද වෙයි. මෙසෙයින් සංඥාවගේ උත්පාදය දන්නාලද්දේ වේ.
කිසෙයින් සංඥාවගේ වැටහීම දන්නාලද වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ක්‍ෂයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නහු විසින් භයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. අනාත්ම හෙයින් මෙනෙහිකරන්නහු විසින් ශූන්‍යවශයෙන් වැටහීම දන්නා ලද වෙයි. මෙසෙයින් සංඥාවගේ වැටහීම දන්නාලද්දේ වේ.
කිසෙයින් සංඥාවගේ විනාශය දන්නාලද වේ ද යත්: අවිද්‍යානිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් සංඥාවගේ විනාශය දන්නා ලද වෙයි. තෘෂ්ණානිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ... කර්‍මනිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ... ස්පර්‍ශනිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් සංඥාවගේ විනාශය දන්නාලද වෙයි. විපරිණාමලක්‍ෂණය දක්නහු විසින් ද සංඥාවගේ විනාශය දන්නා ලද වෙයි. මෙසෙයින් සංඥාවගේ විනාශය දන්නා ලද්දේ වේ.
මෙසෙයින් ප්‍රකට කොට දන්නාලද සංඥාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වටහති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
කිසෙයින් ප්‍රකට කොට දන්නාලද විතර්‍කයෝ උපදිත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත් ද, කිසෙයින් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වේ ද යත්: අවිද්‍යාසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වෙයි. තෘෂ්ණාසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ... කර්‍මසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ... සංඥාසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වෙයි. නිර්‍වෘත්ති ලක්‍ෂණය දක්නහු විසින් ද විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වෙයි. මෙසෙයින් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද්දේ වේ.
කිසෙයින් විතර්‍කයන්ගේ වැටහීම දන්නාලද වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ක්‍ෂයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නහු විසින් භයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නහු විසින් ශූන්‍ය වශයෙන් වැටහීම දන්නාලද වෙයි. මෙසෙයින් විතර්‍කයන්ගේ වැටහීම දන්නාලද්දේ වේ.
කිසෙයින් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වේ ද යත්: අවිද්‍යානිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වෙයි. තෘෂ්ණානිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ... කර්‍මනිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ... සංඥානිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වෙයි. විපරිණාමලක්‍ෂණය දක්නහු විසින් ද විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වෙයි. මෙසෙයින් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද්දේ වේ.
මෙසෙයින් ප්‍රකට කොට දන්නාලද විතර්‍කයෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වටහති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
දීර්‍ඝ යයි කියන ලද ආශ්වාසප්‍රශ්වාසවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් (අරමුණෙහි) පිහිටුවයි. ආලම්බනය ද දැනගනියි. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරෙයි ... මාර්‍ගය සමවධානය කෙරෙයි. ධර්‍මයන් සමවධානය කෙරෙයි. ගෝචරය ද දැනගනියි. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
ඉන්‍ද්‍රියානි සමෝධානෙති යනු: කිසෙයින් ඉන්‍ද්‍රියයන් සමවධානය කෙරේ ද යත්: අධිමෝක්‍ෂ ස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. එළඹ සිටීම් ස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. මේ පුද්ගල තෙම මේ ඉන්‍ද්‍රියයන් මේ අරමුණෙහි සමවධාන කෙරෙයි. (පිහිටුවයි) එයින් කියනු ලැබෙයි. ‘ඉන්‍ද්‍රියානි සමෝධානෙති’ යි.
ගෝචරඤ්ච පජානාති යනු: යමෙක් ඔහුට ආලම්බන වේ ද ඒ ඔහුට ගෝචර වෙයි. යමෙක් ඔහුට ගෝචර වේ ද ඒ ඔහුට ආලම්බන වේ. පජානාතීති පුග්ගලො පජානනා පඤ්ඤා යනු: පුද්ගල තෙම ප්‍රඥායෙන් දැනගනී.
සමං යනු: ආලම්බනයාගේ එළඹසිටීම ශම යැ චිත්තයාගේ අවික්‍ෂේපය ශම යැ චිත්තයාගේ අධිෂ්ඨානය ශම යැ චිත්තයාගේ ව්‍යවදානය ශම යි. අත්‍ථො යනු: අනවද්‍යස්වභාව යැ නික්ලේශස්වභාව යැ පරිශුද්ධස්වභාව යැ උත්තමස්වභාව යි.
පටිවිජ්ඣති යනු: ආලම්බනයාගේ එළඹසිටීම ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ අවික්‍ෂේපස්වභාව ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ අධිෂ්ඨාන ස්වභාව ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ පරිශුද්ධස්වභාව ප්‍රතිවේධ කෙරේ. එයින් කියනු ලැබෙයි. ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි.
බලානි සමෝධානෙති යනු: කිසෙයින් බලයන් සමවධාන කෙරේ ද යත්: අශ්‍රද්ධායෙහි සලනු නො හැකි ස්වභාවයෙන් ශ්‍රද්ධාබලය සමවධාන කෙරෙයි. කෞසීද්‍යයෙහි සලනු නො හැකි ස්වභාවයෙන් වීර්‍ය්‍යබලය සමවධාන කෙරෙයි. ප්‍රමාදයෙහි සලනු නො හැකි ස්වභාවයෙන් ස්මෘතිබලය සමවධාන කෙරෙයි. උද්ධතභාවයෙහි සලනු නො හැකි ස්වභාවයෙන් සමාධිබලය සමවධාන කෙරෙයි. අවිද්‍යායෙහි සලනු නො හැකි ස්වභාවයෙන් ප්‍රඥාබලය සමවධාන කෙරේ. මේ පුද්ගල තෙම මේ බලයන් මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘බලානි සමෝධානෙති’ යි. ගෝචරඤ්ච පජානාති යනු: එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි.