Paṭisambhidāmagga

Path of Discrimination

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2879 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1-100 න් 2879

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-ps:2.1
සූත්‍රාන්තපිටකයෙහි
kn-ps:2.2
කුදුගත්සඟිය
kn-ps:2.3
පටිසම්භිදාමාර්‍ගය
kn-ps:2.4
1. ප්‍රථම පණ්ණාසකය
kn-ps:2.5
1. මහා වර්‍ගය
kn-ps:2.6
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා.
kn-ps:2.7
1.
kn-ps:2.8
ඥාන කතා
kn-ps:2.9
මාතෘකා
kn-ps:2.10
1. ශ්‍රෝත්‍රද්වාරානුසාරයෙන් දන්නා ලද ධර්‍මජාතයෙහි (ශ්‍රැතියෙහි) පැවැති ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:2.11
2. ශ්‍රවණය කොට (ශ්‍රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්‍රඥාව ශීලමයඥාන යැ.
kn-ps:2.12
3. ශීලයෙන් සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්‍රඥාව සමාධි භාවනාමයඥාන යැ.
kn-ps:2.13
4. ප්‍රත්‍යයධර්‍මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යැ.
kn-ps:2.14
5. අතීතානාගතප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ.
kn-ps:2.15
6. ප්‍රත්‍යුත්පන්න වූ ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යානුදර්‍ශනඥාන යැ.
kn-ps:2.16
7. රූපාදි ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට භඞ්ගවශයෙන් දැකීමෙහි ප්‍රඥාව විදර්‍ශනාඥාන යැ.
kn-ps:2.17
8. උත්පාදාදිය භය වශයෙන් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ.
kn-ps:2.18
9. (උත්පාදාදිය) මුදාලන්නට කැමැති බව ද ප්‍රත්‍යවේක්‍ෂාව ද අධ්‍යුපේක්‍ෂණය ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ.
kn-ps:2.19
10. සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන යැ.
kn-ps:2.20
11. (කෙලෙසුන් කෙරෙන් ද, තදනුවර්‍තක ස්කන්‍ධයන් කෙරෙන් ද යන) දෙකින් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව මාර්‍ගඥාන යැ.
kn-ps:2.21
12. (උභතොවුට්ඨානයෙහි) ප්‍රයෝගයාගේ නිෂ්ඨාව (සතර මාර්‍ගකෘත්‍ය පර්‍ය්‍යවසානය) ට හේතු වූ ප්‍රඥාව ඵලඥාන යැ.
kn-ps:2.22
13. ඒ ඒ මාර්‍ගයෙන් සිඳුණු කෙලෙස්වට ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙහි ප්‍රඥාව විමුක්තිඥාන යැ.
kn-ps:4.1
14. ඒ මාර්‍ගඵලක්‍ෂණයෙහි (ප්‍රතිලාභප්‍රතිවේධ වශයෙන්) පැමිණි (මාර්‍ගඵලචතුස්සත්‍ය) ධර්‍මයන් දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂාඥාන යැ.
kn-ps:4.2
15. අධ්‍යාත්ම (ආධ්‍යාත්මිකෂඩායතන) යන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව වස්තුනානාත්‍වඥාන යැ.
kn-ps:4.3
16. බාහිරවිෂයයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ගෝචරනානාත්‍වඥාන යැ.
kn-ps:4.4
17. (විඥානචර්‍ය්‍යාදී වශයෙන්) චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යනානාත්‍වඥාන යැ.
kn-ps:4.5
18. සතර සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන යැ.
kn-ps:4.6
19. නව නව ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මනානාත්‍වඥාන යැ.
kn-ps:4.7
20. අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථ (ජානනස්වභාව) ඥාන යැ.
kn-ps:4.8
21. පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන යැ.
kn-ps:4.9
22. ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන යැ.
kn-ps:4.10
23. භාවනා ප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන යැ.
kn-ps:4.11
24. (ප්‍රතිවේධ ප්‍රතිලාභ වශයෙන්) සාක්‍ෂාත් කරන ප්‍රඥාව ස්පර්‍ශනානාර්‍ත්‍ථ ඥාන යැ.
kn-ps:4.12
25. අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ.
kn-ps:4.13
26. ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ.
kn-ps:4.14
27. නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ.
kn-ps:4.15
28. ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානසංවිද්ඥාන යැ.
kn-ps:4.16
29. (අනිත්‍යානුදර්‍ශානාදි) විහාරනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරාර්‍ත්‍ථඥාන යැ.
kn-ps:4.17
30. සමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව සමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
kn-ps:4.18
31. විහාරසමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරසමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
kn-ps:4.19
32. අවික්‍ෂේපපරිශුද්ධභාවයෙන් කාමාදි ආස්‍රවයන්ගේ සමුච්ඡෙදයෙහි ප්‍රඥාව ආනන්තරික (මාර්‍ග) සමාධිඥාන යැ.
kn-ps:4.20
33. දර්‍ශනාධිපතිභාවය ද, ශාන්තවිහාරාධිගමය ද, ප්‍රණීතාධිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥන යැ.
kn-ps:4.21
34. ශමථවිදර්‍ශනා යන බල දෙකින් සමන්‍වාගත බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂොඩෂඥානචර්‍ය්‍යායෙන් නවසමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන යැ.
kn-ps:4.22
35. සම්‍යග්ඥාන ඇත්තහුගේ ක්ලේශ - ස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන යැ.
kn-ps:4.23
36. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවත නො ඉපදීමෙහි ද ප්‍රඥාව සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන යැ.
kn-ps:4.24
37. පෘතග්රාගයන්ගේ ද කාමච්ඡන්‍දාදීන්ගේ ද දුශ්ශීල්‍යාදීන්ගේ ද ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව සල්ලේඛාර්‍ත්‍ථඥාන යැ.
kn-ps:6.1
38. නො හැකුළුණු සිත් ඇති (කායජීවිතනිරපේක්‍ෂක වැ) නිවනට මෙහෙයූ ආත්මභාව ඇත්තහුගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ.
kn-ps:6.2
39. නානාධර්‍මයන් ප්‍රකාශ කරන ප්‍රඥාව අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥාන යැ.
kn-ps:6.3
40. සියලු සඞ්ඛතාසඞ්ඛත ධර්‍මයන්ගේ ඒකත්‍වයෙන් සඞ්ග්‍රහ කිරීම ද කාමච්ඡන්‍දාදීන්ගේ නානාත්‍වය ද නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්‍වය ද ප්‍රතිවේධ කිරීමෙහි ප්‍රඥාව දර්‍ශනවිශුද්ධිඥාන යැ.
kn-ps:6.4
41. රූපස්කන්‍ධාදිය අනිත්‍යාදි වශයෙන් විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන යැ.
kn-ps:6.5
42. (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදි වශයෙන් ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යවගාහනඥාන යැ.
kn-ps:6.6
43. (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වු වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥාන යැ.
kn-ps:6.7
44. (නෛෂ්ක්‍රම්‍යාදිය) අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන යැ.
kn-ps:6.8
45. නානාස්වභාවයෙහි පැවැති ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන යැ.
kn-ps:6.9
46. (නෛෂ්ක්‍රම්‍යාදි වශයෙන් සිත) පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තඥාන යැ.
kn-ps:6.10
47. ශුන්‍යත (අනාත්මානුදර්‍ශන) ප්‍රඥාව ඥානවිවර්‍තඥාන යැ.
kn-ps:6.11
48. කාමච්ඡන්‍දාදිය දුරැලීමෙහි පැවැති ප්‍රඥාව විමෝක්‍ෂවිවර්‍තඥාන යැ.
kn-ps:6.12
49. (චතුස්සත්‍යාගේ) අවිපරීතභාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍යවිවර්‍තඥාන යැ.
kn-ps:6.13
50. රූපකාය ද පාදකධ්‍යානචිත්තය ද (පරිකර්‍මචිත්තයෙන්) එක් කොට තැබීමෙන් සුඛසංඥාව ද ලඝුසංඥාව ද අධිෂ්ඨාන වශයෙන් සමෘද්ධ වන ප්‍රඥාව ඍද්ධිවිධඥාන යැ.
kn-ps:6.14
51. විතර්‍කවිස්තාර වශයෙන් නානාත්‍ව වූ ද ඒකත්‍ව වූ ද ශබ්දනිමිත්තයන්ට බැසගැනීමෙහි (දැනගන්නා)ප්‍රඥාව ශ්‍රෝත්‍රධාතුවිශුද්ධිඥාන යැ.
kn-ps:6.15
52. (සෝමනස්සසහගතාදි) ත්‍රිවිධ චිත්තයන්ගේ වේගය හේතු කොට ගෙන ඉන්‍ද්‍රියයන්ගේ ප්‍රසාද වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වූ එකුන්අනූචිත්තයාගේ පැවැතීම දන්නා ප්‍රඥාව චේතෝපර්‍ය්‍යඥාන යැ.
kn-ps:6.16
53. ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන්ගේ නානාත්‍ව ඒකත්‍ව කර්‍මවේග වශයෙන් දැනගැනීමෙහි ප්‍රඥාව පූර්‍වනිවාසානුස්මෘතිඥාන යැ.
kn-ps:6.17
54. කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්‍ණායතනය දක්නා ස්වභාව වූ ප්‍රඥාව දිව්‍යචක්‍ෂුර්ඥාන යැ.
kn-ps:6.18
55. සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි) තුන් ඉන්‍ද්‍රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්‍රඥාව ආස්‍රවක්‍ෂයඥාන යැ.
kn-ps:6.19
56. (දුඃඛයාගේ පීඩනාදී චතුර්විධ අර්‍ත්‍ථයන්) පරිඥේයස්වභාවයෙහි ප්‍රඥාව දුඃඛඥාන යැ.
kn-ps:6.20
57. (සමුදයාගේ ආයුහනාර්‍ත්‍ථාදිය) ප්‍රහාතව්‍යස්වභාවයෙහි ප්‍රඥාව සමුදයඥාන යැ.
kn-ps:8.1
58. (නිරෝධයාගේ නිඃසරණාර්‍ත්‍ථාදිය) සාක්‍ෂාත්කර්‍තව්‍ය ස්වභාවයෙහි ප්‍රඥාව නිරෝධඥාන යැ.
kn-ps:8.2
59. (මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථාදිය) භාවිතව්‍ය ස්වභාවයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන යැ.
kn-ps:8.3
60. දුඃඛසත්‍යඥාන යැ.
kn-ps:8.4
61. දුඃඛසමුදයසත්‍යඥාන යැ.
kn-ps:8.5
62. දුඃඛනිරෝධසත්‍යඥාන යැ.
kn-ps:8.6
63. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යඥාන යැ.
kn-ps:8.7
64. අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ.
kn-ps:8.8
65. ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ.
kn-ps:8.9
66. නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ.
kn-ps:8.10
67. ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යැ.
kn-ps:8.11
68. (සත්ත්‍වයන්ගේ) ඉන්‍ද්‍රියපරාවරතාඥාන යැ.
kn-ps:8.12
69. සත්ත්‍වයන්ගේ ආශයානුශයඥාන යැ.
kn-ps:8.13
70. යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන යැ.
kn-ps:8.14
71. මහාකරුණාසමාපත්තිඥාන යැ.
kn-ps:8.15
72. සර්‍වඥතාඥාන යැ.
kn-ps:8.16
73. අනාවරණඥාන යැ.
kn-ps:8.17
මොහු තෙසැත්තෑ ඥානයෝ යි. මේ තෙසැත්තෑ ඥානයන් කෙරෙහි සත්සැට ඥානයෙක් ශ්‍රාවකයන් හා සාධාරණ යැ. සනුවණෙක් ශ්‍රාවකයන් හා අසාධාරණ යි.
kn-ps:8.18
මාතෘකා නිමි.
kn-ps:10.1
1. ශ්‍රැතමය ඥානය
kn-ps:10.2
1. කිසෙයින් ශ්‍රෝත්‍රාවධානයෙහි (අසන ලද්දෙහි) ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
kn-ps:10.3
‘මේ ධර්‍මයෝ (ස්වභාව ලක්‍ෂණාවබෝධ වශයෙන්) මැනැවින් දතයුත්තාහ’යි (දෙසන්නහුගේ ධර්‍මය) සෝතාවධාන යැ හෙවත් ශ්‍රැතය යි. ඒ ශ්‍රැතය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.4
‘මේ ධර්‍මයෝ (සාමාන්‍ය ලක්‍ෂණාවබෝධ වශයෙන්) පිරිසිඳ දතයුත්තාහ’යි (දෙසන්නහුගේ ධර්‍මය) සෝතාවධාන නමැ. ඒ දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.5
‘මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.6
‘මේ ධර්‍මයෝ වැඩියයුත්තාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.7
‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.8
‘මේ ධර්‍මයෝ පරිහාණිය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.9
‘මේ ධර්‍මයෝ ස්ථිතිය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.10
‘මේ ධර්‍මයෝ (මත්තෙහි විශේෂාධිගම විසින්) විශේෂය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.11
‘මේ ධර්‍මයෝ ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත නිර්වේදය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.12
‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.13
‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.14
‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.15
‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
kn-ps:10.16
‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.