Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅරණවිහාරඤාණනිද්දෙසො.
Sinhala BJTඅරණවිහාරඥාන නිර්දේශ යි.
Pali BJT34. නිරොධසමාපත්තිඤාණං
Sinhala BJT34. නිරෝධසමාපත්ති ඥානය
Pali BJTකථං ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතා පඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණං:
Sinhala BJTකිසෙයින් (ශමථවිදර්‍ශනා යන) බල දෙකින් සමන්‍වාගතවන බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂෝඩශඥානචර්‍ය්‍යායෙන් නව සමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන වෙයි යත්:
Pali BJTද්වීහි බලෙහිති ද්වෙ බලානි: සමථබලං, විපස්සනාබලං.
Sinhala BJTද්වීහි බලෙහි යනු. බල දෙකෙකි: ශමථබල යැ විදර්‍ශනාබල යි.
Pali BJTකථං සමථබලං: නෙක්ඛම්මවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, අව්යාපාදවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, අලොකසඤ්ඤාවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං, පටිනිස්සග්ගානුපස්සී පස්සාසවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමථබලං.
Sinhala BJTශමථබලය කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය වශයෙන් චිත්තෛකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අව්‍යාපාද වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. ආලෝකසංඥා වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. අවික්‍ෂේප වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි. වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තෛකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල නම් වෙයි.
Pali BJTසමථබලන්ති කෙනට්ඨෙන සමථබලං: පඨමෙන ඣානෙන නීවරණෙ න කම්පතීති සමථබලං, දුතියෙන ඣානෙන විතක්කවිචාරෙ න කම්පතීති සමථබලං, තතියෙන ඣානෙන පීතියා න කම්පතීති සමථබලං, චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛෙ න කම්පතීති සමථබලං, ආකිසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය න කම්පතීති සමථබලං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, උද්ධච්චෙ ච උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති, න චලති, න වෙධතීති සමථබලං. ඉදං සමථබලං.
Sinhala BJTසමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල වෙයි යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෙහි (නීවරණ නිමිති කොට) නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකාසානඤ්චායතන සමාපත්තියෙන් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙහි නො සැලේ නු යි ශමථබල නම් වෙයි. ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද (ඖදත්‍යසම්ප්‍රයුක්ත) සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි නො වෙවුලා නු යි ශමථබල නමි. මේ ශමථබල යි.
Pali BJTකතමං විපස්සනාබලං: අනිච්චානුපස්සනා විපස්සනාබලං, දුක්ඛානුපස්සනා විපස්සනාබලං, අනත්තානුස්සනා විපස්සනාබලං, නිබ්බිදානුපස්සනා විපස්සනාබලං, විරාගානුපස්සනා විපස්සනාබලං, නිරොධානුපස්සනා විපස්සානාබලං, පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං. රූපෙ අනිච්චානුපස්සනා විපස්සනාබලං, -පෙ- රූපෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං.
Sinhala BJTවිදර්‍ශනාබල කවරෙ යත්: අනිත්‍යානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. දුඃඛානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. අනාත්මානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිර්වේදානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. විරාගානුදර්‍ශනය විදර්‍ශනාබල යැ. නිරෝධානුපස්සනාව විදර්‍ශනාබල යැ. පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.
Pali BJTවිපස්සනාබලන්ති කෙනට්ඨෙන විපස්සනාබලං: අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, අනත්තානුපස්සනාය අත්තසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, නිබ්බිදානුපස්සනාය නන්දියා න කම්පතීති විපස්සනාබලං, විරාගානුපස්සනාය රාගෙ න කම්පිතීති විපස්සනාබලං, නිරොධානුපස්සනාය සමුදයෙ න කම්පතීති විපස්සනාබලං, පටිනිස්සග්ගානුපස්සනාය ආදානෙ න කම්පතීති විපස්සනාබලං, අවිජ්ජාය ච අවිජ්ජාසහගතාකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති, න චලති, න වෙධතීති විපස්සනාබලං. ඉදං වුච්චති විපස්සනාබලං.
Sinhala BJTවිදර්‍ශනාබලං යනු කවර අරැතෙකින් විදර්‍ශනාබල නම් වෙයි යත්: අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිබ්බිදානුපස්සනායෙන් තෘෂ්ණායෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, විරාගානුපස්සනායෙන් රාගයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, නිරෝධානුපස්සනායෙන් සමුදයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, පටිනිස්ගානුපස්සනායෙන් ආදානයෙහි නො සැලේ නු යි විදර්‍ශනාබල යැ, අවිද්‍යායෙහි ද අවිද්‍යාසහගත ක්ලේශයෙහි ද සතර නාමස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි, නො සැලෙයි, නො වෙවුලා නු යි විදර්‍ශනාබල යි. මේ විදර්‍ශනාබල නම් වේ.
Pali BJTතයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියාති කතමෙසං තිණ්ණන්නං සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා: දුතියජ්ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා වචීසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති, චතුත්ථජ්ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා කායසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරා පටිප්පස්සද්ධා හොන්ති, ඉමෙසං තිණ්ණන්නං සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා.
Sinhala BJTතයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා යනු: කවර තුන් සංස්කාරයන්ගේ සන්හිඳීමෙනැ යත්: ද්විතීයධ්‍යානයට සමවන්හුගේ විතර්‍කවිචාර සඞ්ඛ්‍යාත වාක්සංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්හුගේ ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත කායසංස්කාරයෝ ද සන්හිඳුනාහු වෙති. සංඥාවේදයිතනිරෝධසමාපත්තියට සමවන්හුගේ සංඥාව ද වේදනාව ද යන චිත්තසංස්කාරයෝ සන්හිඳුනාහු වෙත්. මේ තුන් ආකාරයන්ගේ සන්සිඳීමෙනි.
Pali BJTසොළසහි ඤාණචරියාහිති කතමෙහි සොළසහි ඤාණචරියාහි: අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛානුපස්සනා ඤාණචරියා, අනත්තානුපස්සනා ඤාණචරියා, නිබ්බිදානුපස්සනා ඤාණචරියා, විරාගානුපස්සනා ඤාණචරියා, නිරොධානුපස්සනා ඤාණචරියා, පටිනිස්සග්ගානුපස්සනා ඤාණචරියා, විවට්ටානුපස්සනා ඤාණචරියා, සොතාපත්තිමග්ගො ඤාණචරියා, සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා, සකදාගාමිමග්ගො ඤාණචරියා, සකදාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අනාගාමිමග්ගො ඤාණචරියා, අනාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අරහත්තමග්ගො ඤාණචරියා. අරහත්තඵලසමාපත්ති ඤාණචරියා. ඉමෙහා සොළසහි ඤාණචරියාහි.
Sinhala BJTසොළසහි ඤාණචරියාහි යනු: කවර සොළොස් ඥානචර්‍ය්‍යායෙන යත්: අනිච්චානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, දුක්ඛානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, අනත්තානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිබ්බිදානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විරාගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, නිරෝධානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, පටිනිස්සග්ගානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, විවට්ටානුපස්සනාව ඥානචර්‍ය්‍යා යැ, ස්‍රෝතාපත්තිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමිමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හන්මාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ, අර්‍හත්ඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි. මේ සොළොස් ඥානචර්‍ය්‍යායෙනි.
Pali BJTනවහි සමාධිචරියාහීති කතමෙහි නවහි සමාධිචරියාහි: පඨමං ඣානං සමාධිචරියා, දුතියං ඣානං සමාධිචරියා, තතියං ඣානං සමාධිචරියා, චතුත්ථං ඣානං සමාධිචරියා, ආකාසානඤ්චායතනසමාපත්ති -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්ති -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සමාධිචරියා, පඨමං ඣානං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛං ච චිත්තෙකග්ගතා ච -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛං ච චිත්තෙකග්ගතා ච. ඉමාහි නවහි සමාධිචරියාහි.
Sinhala BJTනවහි සමාධිචරියාහි යනු: කවර නව සමාධිචර්‍ය්‍යායෙනැ යත්: ප්‍රථමධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ද්විතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, තෘතීයධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, චතුර්‍ත්‍ථධ්‍යානය සමාධිචර්‍ය්‍යා යැ, ආකාසානඤ්චායතනසමාපත්තිය ... විඤ්ඤාණනඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය සමාධිචර්‍ය්‍යා යැ. ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද (සමාධිචර්‍ය්‍යා යි.) මේ නව සමාධිචර්‍ය්‍යායෙනි.
Pali BJTවසීති පඤ්ච වසියො: ආවජ්ජන{1} වසී, සමාපජ්ජනවසී, අධිට්ඨානවසී, වුට්ඨානවසී, පච්චවෙක්ඛන{2} වසී.
Sinhala BJTවසී යනු පඤ්චවශීහු යැ: ආවර්‍ජනවශී යැ සමාපජ්ජනවශී යැ අධිෂ්ඨානවශී යැ ව්‍යුත්‍ථානවශී යැ ප්‍රත්‍යවේක්‍ෂණවශී යයි.
Pali BJTපඨමං ඣානං යත්ථිච්ඡකං{3} යදිච්ඡකං යාවතිච්ඡකං ආවජ්ජති, ආවජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති ආවජ්ජනවසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති, සමාපජ්ජනාය දන්ධායිතත්තං නත්ථීති සමාපජ්ජනවසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං අධිට්ඨාති. අධිට්ඨානෙ දන්ධායිතත්තං නත්ථීති අධිට්ඨානා වසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං වුට්ඨාති, වුට්ඨානෙ දන්ධායිතත්තං නත්ථීති වුට්ඨානවසී, පඨමං ඣානං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං පච්චවෙක්ඛති, පච්චවෙක්ඛනාය දන්ධායිතත්තං නත්ථීති පච්චවෙක්ඛනවසි.
Sinhala BJTප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් ආවර්‍ජන කෙරේ ද මනෝද්වාරාවර්‍ජනයෙහි අවශයෙහි පවත්නා (දන්‍ධායිත) බවෙක් නැත් නු යි ආවජ්ජන වසී නම. ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් සමවදී නම් සමවැදීමෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි සමාපජ්ජනවසී නම. ප්‍රථමධ්‍යානය යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් අධිෂ්ඨාන කෙරේ නම් අධිෂ්ඨානයෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි අධිට්ඨානවසී නම. ප්‍රථමධ්‍යානයෙන් යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් නැඟීසිටී නම් නැඟීසිටීමෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි වුට්ඨානවසී නම. ප්‍රථමධ්‍යානයෙන් නැඟී යම් යම් තැනෙකැ කැමැති වේ ද යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද ඒ තාක් ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ නම් ප්‍රත්‍යවේක්‍ෂායෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි පච්චවෙක්ඛනා වසී නමි.
Pali BJTදුතියං ඣානං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං ආවජ්ජති, ආවජ්ජනාය දත්වායිතත්තං නත්ථි ආවජ්ජනවසී, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං යත්ථිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං සමාපජ්ජති -පෙ- අධිට්ඨාති -පෙ- වුට්ඨාති -පෙ- පච්චවෙක්ඛති. පච්චවෙක්ඛනාය දන්ධායිතත්තං නත්ථීති පච්චවෙක්ඛනවසී. ඉමා පඤ්චවසියො.
Sinhala BJTද්විතීයධ්‍යානය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය යම් යම් තැනෙකැ කැමැති වේ ද, යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් ආවර්‍ජනා කෙරේ නම් ආවර්‍ජනායෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි ආවජ්ජන වසී නම. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය යම් යම් තැනෙකැ කැමැති වේ ද, යම් යම් කලෙකැ කැමැති වේ ද යම් තාක් කල් කැමැති වේ ද, ඒ තාක් සමවදී නම් ... අධිෂ්ඨාන කෙරේ නම් ... නැඟීසිටී නම් ... ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ නම් ප්‍රත්‍යවේක්‍ෂාවෙහි දන්‍ධායිත බවෙක් නැත් නු යි පච්චවෙක්ඛන වසී නම. මොහු පඤ්චවශීහු යැ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ්ඤා නිරොධ සමාපත්තියා ඤාණං’
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිපස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසීභාවතාපඤ්ඤා නිරෝධසමාපත්තියා ඤාණං’ යි.
Pali BJTනිරොධසමාපත්තිඤාණනිද්දෙසො.
Sinhala BJTනිරෝධසමාපත්තිඥාන නිර්දේශ යි.
Pali BJT35. පරිනිබ්බානඤාණං
Sinhala BJT35. පරිනිර්‍වාණ ඥානය
Pali BJTකථං සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණ:
Sinhala BJTකිසෙයින් සම්‍යග්ඥාන ඇත්තහු ගේ ක්ලේශ - ස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන වෙයි යත්:
Pali BJTඉධ සමාපජ්ජානො නෙක්ඛම්මෙන කාමච්ඡන්දස්ස පවත්තං පරියාදියති, අබ්යාපාදෙන බ්යාපාදස්ස පවත්තං පරියාදියති. ආලොකසඤ්ඤාය ථිනමිද්ධස්ස පවත්තං පරියාදියති, අවික්ඛෙපෙන උද්ධච්චස්ස පවත්තං පරියාදියති, ධම්මවවත්ථානෙන විචිකිච්ඡාය -පෙ- ඤාණෙන අවිජ්ජාය -පෙ- පාමොජ්ජෙන අරතියා -පෙ- පඨමෙන ඣානෙන නීවරණානං පවත්තං පරියාදියති -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසානං පවත්තං පරියාදියති.
Sinhala BJTමෙ සස්නෙහි සම්‍යග්ඥාන ඇත්තේ නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ (අනුශය වශයෙන්) පැවැත්ම ක්‍ෂය කෙරෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපදායාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ආලෝක සංඥායෙන් ථීනමිද්ධයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ධර්‍මවිනිශ්චයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්‍යාවගේ ... ප්‍රාමෝද්‍යයෙන් අරතියගේ ... ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි. ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරේ.
Pali BJTඅථවා පන සම්පජානස්ස අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායතනස්ස ඉදඤ්චෙව චක්ඛුපවත්තං{1} පරියාදියති. අඤ්ඤඤ්ච චක්ඛුපවත්තං න උප්පජ්ජති, ඉදඤ්චෙව සොතපවත්තං -පෙ- ඝානපවත්තං -පෙ- ජිව්හාපවත්තං -පෙ- කායපවත්තං -පෙ- මනොපවත්තං පරියාදියති, අඤ්ඤඤ්ච මනොපවත්තං න උප්පජ්ජති, ඉදං සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං.
Sinhala BJTනොහොත් සම්‍යග්ඥාන ඇති අනුපාදිශේෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නහුගේ මේ චක්‍ෂුස්ප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි. අන්‍ය වූ ද චක්‍ෂුස්ප්‍රවෘත්තියෙක් නූපදී. මේ ශ්‍රෝත්‍රප්‍රවෘත්තිය ද ... ඝ්‍රාණප්‍රවෘත්තිය ... ජීහ්වාප්‍රවෘත්තිය ... කායප්‍රවෘත්තිය ... මනඃප්‍රවෘත්තිය ක්‍ෂය වෙයි. අන්‍ය වූ ද මනඃප්‍රවෘත්තියෙක් නූපදී. මේ සම්‍යග්ඥාන ඇත්තහුගේ ක්ලේශස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන නම් වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං’
Sinhala BJTඒ පරිනිර්‍වාණඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං’යි.
Pali BJTපරිනිබ්බානඤාණනිද්දෙසො.
Sinhala BJTපරිනිර්‍වාණඥානනිර්දේශ යි.
Pali BJT36. සමසීසට්ඨඤාණං.
Sinhala BJT36. සමශීර්‍ෂාර්‍ත්‍ථ ඥානය
Pali BJTකථං සබ්බධම්මානං සම්මාසමුච්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් සියලු ත්‍රෛභූමකධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවැත නො ඉපදීමෙහි ද ප්‍රඥාව සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන වෙයි යත්:
Pali BJTසබ්බධම්මානන්ති: පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරසධාතුයො, කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්යාකතා ධම්මා, කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා, අපරියාපන්නා ධම්මා.
Sinhala BJTසබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්‍මයෝ යැ අකුශලධර්‍මයෝ යැ අව්‍යාකෘතධර්‍මයෝ යැ කාමාවචරධර්‍මයෝ යැ රූපාවචරධර්‍මයෝ යැ අරූපාවචරධර්‍මයෝ යැ අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
Pali BJTසම්මාසමුච්ඡෙදෙති: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සම්මා සමුච්ඡින්දති, අබ්යාපාදෙන බ්යාපාදං සම්මා සමුච්ඡින්දති, ආලොකසඤ්ඤාය ථීනමිද්ධං සම්මා සමුච්ඡින්දති, අවික්ඛෙපෙන උද්ධච්චං සම්මා සමුච්ඡින්දති, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං සම්මා සමුච්ඡින්දති. ඤාණෙන අවිජ්ජං සම්මා සමුච්ඡින්දති, පාමොජ්ජෙන අරතිං සම්මා සමුච්ඡින්දති, පඨමෙන ඣානෙන නීවරණෙ සම්මා සමුච්ඡින්දති -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ සම්මා සමුච්ඡින්දති.
Sinhala BJTසම්මාසමුච්ඡේදෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මොනොවට සිඳියි. ආලෝකසංඥායෙන් ස්ත්‍යානමිද්ධය මොනොවට සිඳියි. අවික්‍ෂෙපයෙන් ඹෟද්ධත්‍යය මොනොවට සිඳියි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව (තදඞ්ගවශයෙන්) මොනොවට සිඳියි. (මාර්‍ග) ඥානයෙන් අවිද්‍යාව (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳියි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය මොනොවට සිඳියි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් (විෂ්කම්භණ වශයෙන්) මොනොවට සිඳියි ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු ක්ලේශයන් (සමුච්ඡේදවශයෙන්) මොනොවට සිඳී.
Pali BJTනිරොධෙති: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං නිරොධෙති, අබ්යාපාදෙන බ්යාපාදං නිරොධෙති, අලොකසඤ්ඤාය ථිනමිද්ධං නිරොධෙති, අවික්ඛෙපෙන උද්ධච්චං නිරොධෙති, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං නිරොධෙති, ඤාණෙන අවිච්චං නිරොධෙති, පාමෙජ්ජෙන අරතිං නිරොධෙති, පඨමෙන ඣානෙන නීවරණෙ නිරොධෙති -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ නිරොධෙති.
Sinhala BJTනිරොධෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය නිරුද්ධ කෙරෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය නිරුද්ධ කෙරෙයි. ආලෝකසංඥායෙන් ස්ත්‍යානමිද්ධය නිරුද්ධ කෙරෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය නිරුද්ධ කෙරෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි. ඥානයෙන් අවිද්‍යාව නිරුද්ධ කෙරෙයි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන් නිරුද්ධ කෙරේ.
Pali BJTඅනුපට්ඨානතාති: නෙක්ඛම්මං පටිලද්ධස්ස කාමච්ඡන්දො න උපට්ඨාති, අබ්යාපාදං පටිලද්ධස්ස බ්යාපාදො න උපට්ඨාති, ආලොකසඤ්ඤං පටිලද්ධස්ස ථිනමිද්ධං න උපට්ඨාති, අවික්ඛෙපං පටිලද්ධස්ස උද්ධච්චං න උපට්ඨාති, ධම්මවවවත්ථානං පටිලද්ධස්ස විචිකිච්ඡා න උපට්ඨාති, ඤාණං පටිලද්ධස්ස අවිජ්ජාන උපට්ඨාති, පාමොජ්ජං පටිලද්ධස්ස අරති න උපට්ඨාති, පඨමං ඣානං පටිලද්ධස්ස නීවරණා න උපට්ඨහන්ති{2} -පෙ- අරහත්තමග්ගං පටිලද්ධස්ස සබ්බකිලෙසා න උපට්ඨහන්ති.{3}
Sinhala BJTඅනුපට්ඨනතා යනු: නෛෂ්ක්‍රම්‍යය ලද්දහුට කාමච්ඡන්‍දය නූපදියි. අව්‍යාපාදය ලද්දහුට ව්‍යාපාදය නූපදියි. ආලෝකසංඥාව ලද්දහුට ස්ත්‍යානමිද්ධය නූපදියි. අවික්‍ෂේපය ලද්දහුට ඹෟදත්‍යය නූපදියි. ධර්‍මනිශ්චය ලද්දහුට විචිකිත්සාව නූපදියි. ඥානය ලද්දහුට අවිද්‍යාව නූපදියි. ප්‍රාමෝද්‍යය ලද්දහුට අරතිය නූපදියි. ප්‍රථමධ්‍යානය ලද්දහුට නීවරණයෝ නූපදිති ... අර්‍හන්මාර්‍ගය ලද්දහුට සියලු ක්ලේශයෝ නූපදිත්.
Pali BJTසමන්ති කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං සමං, බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදො සමං, ථිනමිද්ධස්ස පහීනත්තා ආලොකසඤ්ඤා සමං, උද්ධච්චස්ස පහීනත්තා අවික්ඛෙපො සමං, විචිකිච්ඡාය පහීනත්තා ධම්මවවත්ථානං සමං, අවිජ්ජාය පහීනත්තා ඤාණං සමං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො සමං.
Sinhala BJTසමං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යය සම යැ ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය සම යැ ස්ත්‍යානමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥාව සම යැ ඹෟද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපය සම යැ විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චය සම යැ අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානය සම යැ අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යය සම යැ නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානය සම යැ ... සියලු කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගය සම යි.
Pali BJTසීසත්ති තෙරස සීසාති: පළිබොධසිසඤ්ච තණ්හා, විනිබන්ධනසීසඤ්ච{1} මානො, පරාමාසසීසඤ්ච දිට්ඨි, වික්ඛෙපසීසඤ්ච උද්ධච්චං, කිලෙසසීසඤ්ච{2} අවිජ්ජා, අධිමොක්ඛසීසඤ්ච සද්ධා, පග්ගහසීසඤ්ච විරියං, උපට්ඨානසීසඤ්ච සති, අවික්ඛෙපසීසඤ්ච සමාධි, දස්සනසීසඤ්ච පඤ්ඤා, පවත්තසීසඤ්ච ජීවිතින්ද්රියං, ගොචරසීසඤ්ච විමොක්ඛො. සඞ්ඛාරසීසඤ්ඤච නිරෙධො.
Sinhala BJTසීසං යනු: තෙළෙස් ශීර්‍ෂ කෙනෙක් වෙති: තෘෂ්ණාව පරිබෝධශීර්‍ෂ ද මානය විනිබන්‍ධශීර්‍ෂ ද දෘෂ්ටිය පරාමර්‍ශශීර්‍ෂ ද ඹෟද්ධත්‍යය වික්‍ෂේපශීර්‍ෂ ද අවිද්‍යාව ක්ලේශශීර්‍ෂ ද ශ්‍රද්ධාව අධිමොක්‍ෂශීර්‍ෂ ද වීර්‍ය්‍යය ප්‍රග්‍රහශීර්‍ෂ ද ස්මෘතිය උපස්ථානශීර්‍ෂ ද සමාධිය අවික්‍ෂේපශීර්‍ෂ ද ප්‍රඥාව දර්‍ශනශීර්‍ෂ ද ජීවිතින්‍ද්‍රිය ප්‍රවෘත්තිශීර්‍ෂ ද විමෝක්‍ෂය ගෝචරශීර්‍ෂ ද නිරෝධය සංස්කාරශීර්‍ෂ ද වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: සබ්බධම්මානං සම්මා සමුච්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං’.
Sinhala BJTඒ සමශීර්‍ෂඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සබ්බධම්මානං සම්මාසමුච්ඡේදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං’ යි.
Pali BJTසමසීසට්ටඤාණනිද්දෙසො.
Sinhala BJTසමශීර්‍ෂාර්‍ත්‍ථඥාන නිර්දේශ යි.
Pali BJT37. සල්ලෙඛට්ඨඤාණං.
Sinhala BJT37. සංලේඛාර්‍ත්‍ථ ඥානය
Pali BJTකථං පුථුනානත්තෙකත්තතෙජපරියාදානෙ{3} පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං.
Sinhala BJTකිසෙයින් පෘථග්රාගාදීන් ද නානාස්වභාව වූ කාමච්ඡන්‍දාදීන් ද ඒකස්වභාව වූ නෛෂ්ක්‍රම්‍යාදීන් ද තේජස් සඞ්ඛ්‍යාත දුශ්ශීල්‍යාදීන් ද ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව සංලේඛාර්‍ත්‍ථඥාන වෙයි යත්:
Pali BJTපුථූති රාගො පුථු, දොසො පුථු, මොහො පුථු, කොධො -පෙ- උපනාහො -පෙමක්ඛො -පෙ- පළාසො -පෙ- ඉස්සා -පෙමච්ඡරියං -පෙ- මායා -පෙ- සාට්ඨෙය්යං -පෙ- ථම්භො -පෙ- සාරම්භො -පෙ- මානො -පෙ- අතිමානො -පෙ- මදො -පෙ- පමාදො -පෙ- සබ්බෙ කිලෙසා -පෙ- සබ්බෙදුච්චරිතා -පෙ- සබ්බෙ අභිසඞ්ඛාරා -පෙ- සබ්බෙ භවගාමී කම්මා පුථු.
Sinhala BJTපුථු යනු: රාගය (ලොකොත්තරයෙන්) අසම්මිශ්‍ර යැ ද්වේෂය අසම්මිශ්‍ර යැ මෝහය අසම්මිශ්‍ර යැ ක්‍රෝධය ... බද්ධවෛරය ... ගුණමකු බව ... යුගග්‍රාහය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සඨ බව ... සිත ඉදිමුණු බව ... කරණොත්තරියකරණය ... මානය ... අතිමානය ... මදය ... ප්‍රමාදය ... සියලු ක්ලේශයෝ ... සියලු ... දුශ්චරිතයෝ ... සියලු අභිසංස්කාරයෝ ... සියලු භවගාමීකර්‍මයෝ අසම්මිශ්‍රයෝ යි.
Pali BJTනානත්තෙකත්තන්ති කාමච්ඡන්දො නානත්තං, නෙක්ඛම්මං එකත්තං. බ්යාපාදො නානත්තං, අබ්යාපාදො එකත්තං ථිනමිද්ධං නානත්තං, ආලොකසඤ්ඤා එකත්තං උද්ධච්චං නානත්තං, අවික්ඛෙපො එකත්තං. විචිකිච්ඡා නානත්තං, ධම්මවවත්ථානං එකත්තං අවිජ්ජා නානත්තං, ඤාණං එකත්තං. අරති නානත්තං, පාමොජ්ජං එකත්තං නීවරණා නානත්තං, පඨමංඣානං එකත්තං -පෙ- සබ්බෙ කිලෙසා නානත්තං, අරහත්තමග්ගො එකත්තං.
Sinhala BJTනානත්තේකත්තං යනු: කාමච්ඡන්‍දය නානාස්වභාව යැ නෛෂ්ක්‍රම්‍යය ඒකස්වභාව ය ව්‍යාපාදය නානාස්වභාව යැ අව්‍යාපාදය ඒකස්වභාව යැ ස්ත්‍යානමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ ඖද්ධත්‍යය නානාස්වභාව යැ අවික්‍ෂේපය ඒකස්වභාව යැ විචිකිත්සාව නානාස්වභාව යැ ධර්‍මනිශ්චය ඒකස්වභාව යැ අවිද්‍යාව නානාස්වභාව යැ ඥානය ඒකස්වභාව යැ අරතිය නානාස්වභාව යැ ප්‍රාමෝද්‍යය ඒකස්වභාව යැ නීවරණයෝ නානාස්වභාව යැ ප්‍රථමධ්‍යානය ඒකස්වභාව යැ ... සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්‍හන්මාර්‍ගය ඒකස්වභාව යි.
Pali BJTතෙජොති පඤ්ච තෙජා: චරණතෙජො, ගුණතෙජො, පඤ්ඤාතෙජො, පුඤ්ඤතෙජො, ධම්මතෙජො, චරණතෙජෙන තෙජිතත්තා දුස්සීල්යතෙජං පරියාදියති, ගුණතෙජෙන තෙජිතත්තා අගුණතෙජං පරියාදියති, පඤ්ඤාතෙජෙන තෙජිතත්තා දුප්පඤ්ඤතෙජං පරියාදියති, පුඤ්ඤතෙජෙන තෙජිතත්තා අපුඤ්ඤතෙජං පරියාදියති, ධම්මතෙජෙන තෙජිතත්තා අධම්මතෙජං පරියාදියති.
Sinhala BJTතේජෝ යනු: තේජස් පසෙකි. ශීල සඞ්ඛ්‍යාත චරණතේජස යැ සමාධි සඞ්ඛ්‍යාත ගුණතෙජස යැ විදර්‍ශනා සඞ්ඛ්‍යාත ප්‍රඥාතේජස යැ ආර්‍ය්‍යමාර්‍ගකුශල සඞ්ඛ්‍යාත පුණ්‍යතේජස යැ බුද්ධවචනසඞ්ඛ්‍යාත ධර්‍මතේජස යි. ශීලතෙජසින් තියුණු කළ බැවින් දුශ්ශීල සඞ්ඛ්‍යාත තේජස ක්‍ෂය කෙරෙයි. සමාධිතේජසින් තියුණු කළ බැවින් වික්‍ෂේප සඞ්ඛ්‍යාත අගුණතෙජස ක්‍ෂය කෙරෙයි. විදර්‍ශනාතේජසින් තියුණු කළ බැවින් මොහතෙජස ක්‍ෂය කෙරෙයි. ආර්‍ය්‍යමාර්‍ගකුශලතේජසින් තියුණු කළ බැවින් අකුශලකර්‍මතෙජස ක්‍ෂය කෙරෙයි. ධර්‍මතේජසින් තියුණු කළ බැවින් නානාතීර්‍ත්‍ථකසමයවචන සඞ්ඛ්‍යාත අධර්‍මතේජස ක්‍ෂය කෙරේ.
Pali BJTසල්ලෙඛොති කාමච්ඡන්දො අසල්ලෙඛො, නෙක්ඛම්මං සල්ලෙඛො, බ්යාපාදො අසල්ලෙඛො, අබ්යාපාදො සල්ලෙඛො, ථිනමිද්ධං අසල්ලෙඛො, ආලොකසඤ්ඤා සල්ලෙඛො, උද්ධච්චං අසල්ලෙඛො, අවික්ඛෙපො සල්ලෙඛො, විචිකිච්ඡා අසල්ලෙඛො, ධම්මවවත්ථානං සල්ලෙඛො, අවිජ්ජා අසල්ලෙඛො, ඤාණං සල්ලෙඛො, අරති අසල්ලෙඛො, පාමොජ්ජං සල්ලෙඛො, නීවරණා අසල්ලෙඛො, පඨමං ඣානං සල්ලෙඛො -පෙ- සබ්බෙ කිලෙසා අසල්ලෙඛො, අරහත්තමග්ගො සල්ලෙඛො.
Sinhala BJTසල්ලෙඛො යනු: කාමච්ඡන්‍දය අසල්ලේඛ යැ නෛෂ්ක්‍රම්‍යය සල්ලේඛ යැ ව්‍යාපාදය අසල්ලේඛ යැ අව්‍යාපාදය සල්ලේඛ යැ ස්ත්‍යානමිද්ධය අසල්ලේඛ යැ ආලෝකසංඥාව සල්ලේඛ යැ ඹෟදත්‍යය අසල්ලේඛ යැ අවික්‍ෂේපය සල්ලේඛ යැ විචිකිත්සාව අසල්ලේඛ යැ ධර්‍මනිශ්චය සල්ලේඛ යැ අවිද්‍යාව අසල්ලේඛ යැ ඥානය සල්ලේඛ යැ අරතිය අසල්ලේඛ යැ ප්‍රාමෝද්‍යය සල්ලේඛ යැ නීවරණයෝ අසල්ලේඛ යැ ප්‍රථමධ්‍යානය සල්ලේඛ යැ සියලු ක්ලේශයෝ අසල්ලේඛ යැ අර්‍හන්මාර්‍ගය සල්ලේඛ යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘පුථුනානත්තෙකත්තතෙජපරියාදානෙ පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං’
Sinhala BJTඒ සල්ලේඛඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පුථුනානත්තේකත්තතේජපරියාදානේ පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං’ යි.
Pali BJTසල්ලෙඛට්ඨඤාණ නිද්දෙසො.
Sinhala BJTසංලේඛාර්‍ත්‍ථඥානනිර්දේශ යි.
Pali BJT38. විරියාරම්භඤාණං.
Sinhala BJT38. වීර්‍ය්‍යාරම්භ ඥානය
Pali BJTකථං අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන වෙයි යත්:
Pali BJTඅනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං, උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං.
Sinhala BJTනූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් ලාමක අකුශලධර්‍මයන් දුරුකරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කුශලධර්‍මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ.
Pali BJTඅනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස අනුප්පාදාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං, උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං අනුප්පන්නස්ස නෙක්ඛම්මස්ස උප්පාදාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං, උප්පන්නස්ස නෙක්ඛම්මස්ස ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං -පෙ- අනුප්පන්නානං සබ්බකිලෙසානං අනුප්පාදාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං, උප්පන්නානං සබ්බකිලෙසානං පහානාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං, අනුප්පන්නස්ස අරහත්තමග්ගස්ස උප්පාදාය අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං. උප්පන්නස්ස අරහත්තමග්ගස්ස ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා අසල්ලීනත්තා පහිතත්තා පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං.
Sinhala BJTනූපන් කාමච්ඡන්‍දය නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් කාමච්ඡන්‍දය දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් නෛෂ්ක්‍රම්‍යය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් නෛෂ්ක්‍රම්‍යය සිටුනා පිණිස නො නස්නා පිණිස පුනපුනා උපදනා පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රහස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් සියලු කෙලෙසුන් නූපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් සියලු කෙලෙසුන් දුරු කරනු පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. නූපන් අර්‍හන්මාර්‍ගය උපදනා පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ. උපන් අර්‍හන්මාර්‍ගය (ස්ථිතික්‍ෂණයෙහි) සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පරිපූරණය පිණිස නො හැකුළුණු සිත් ඇති නිවනට මෙහෙයූ ආත්ම ඇත්තහුගේ ප්‍රග්‍රස්වභාවයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං’.
Sinhala BJTඒ වීර්‍ය්‍යාරම්භඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං’ යි.
Pali BJTවිරියාරම්භඤාණ නිද්දෙසො.
Sinhala BJTවීර්‍ය්‍යාරම්භඥාන නිර්දේශ යි.
Pali BJT39. අත්ථසන්දස්සනඤාණං
Sinhala BJT39. අර්‍ත්‍ථසන්‍දර්‍ශන ඥානය
Pali BJTකථං නානාධම්මපකාසනතා පඤ්ඤා අත්ථසන්දස්සනෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් නානාධර්‍මයන් ප්‍රකාශ කරන ප්‍රඥාව අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥාන වෙයි යත්:
Pali BJTනානාධම්මානි පඤ්චක්කඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්යාකතා ධම්මා, කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා, අපරියාපන්නා ධම්මා.
Sinhala BJTනානාධම්මා යනු: පඤ්චස්කන්‍ධයෝ යැ දොළොස් ආයතනයෝ යැ අටළොස් ධාතු යැ කුශලධර්‍මයෝ යැ අකුශලධර්‍මයෝ යැ අව්‍යාකෘත ධර්‍මයෝ යැ කාමාවචරධර්‍මයෝ යැ රූපාවචරධර්‍මයෝ යැ අරූපාවචරධර්‍මයෝ යැ අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
Pali BJTපකාසනතාති රූපං අනිච්චතො පකාසෙති, රූපං දුක්ඛතො පකාසෙති, රූපං අනත්තතො පකාසෙති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො පකාසෙති, ජරාමණං දුක්ඛතො පකාසෙති, ජරාමරණං අනත්තතො පකාසෙති.
Sinhala BJTපකාසන්තා යනු: රූපය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. රූපය අනාත්ම විසින් ප්‍රකාශ කෙරෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස … ජරාමරණය අනිත්‍ය විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය දුඃඛ විසින් ප්‍රකාශ කෙරෙයි. ජරාමරණය අනාත්ම විසින් ප්‍රකාශ කෙරේ.
Pali BJTඅත්ථසන්දස්සනෙති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මත්ථං සන්දස්සෙති, බ්යාපාදං පජහන්තො අබ්යාපාදත්ථං සන්දස්සෙති, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤත්ථං සන්දස්සෙති, උද්ධච්චං පජහන්තො අවික්ඛෙපත්ථං සන්දස්සෙති, විචිකිච්ඡං පජහන්තො ධම්මවවත්ථානත්ථං සන්දස්සෙති, අවිජ්ජං පජහන්තො ඤාණත්ථං සන්දස්සෙති, අරතිං පජහන්තො පාමොජ්ජත්ථං සන්දස්සෙති, නීවරණෙ පජහන්තො පඨමජ්ඣානත්ථං සන්දස්සෙති -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගත්ථං සන්දස්සෙති.
Sinhala BJTඅත්‍ථසන්‍දස්සනෙ යනු: කාමච්ඡන්‍දය දුරු කරවනුයේ නෛෂ්ක්‍රමාර්‍ත්‍ථය (ශ්‍රෝතෲන්ට) මොනොවට දක්වයි. ව්‍යාපාදය දුරු කරවනුයේ අව්‍යාපාදාර්‍ත්‍ථය මොනොවට දක්වයි. ස්ත්‍යානමිද්ධය දුරු කරවනුයේ ආලෝකසංඥාර්‍ත්‍ථය මොනොවට දක්වයි. ඖද්ධත්‍යය දුරු කරවනුයේ දුරු අවික්‍ෂේපාර්‍ත්‍ථය මොනොවට දක්වයි. විචිකිත්සාව දුරු කරවනුයේ ධර්‍මනිශ්චයාර්‍ත්‍ථය මොනොවට දක්වයි. අවිද්‍යාව දුරු කරවනුයේ ඥානාර්‍ත්‍ථය මොනොවට දක්වයි. අරතිය දුරු කරවනුයේ ප්‍රාමෝද්‍යාර්‍ත්‍ථය මොනොවට දක්වයි. නීවරණයන් දුරු කරවනුයේ ප්‍රථමධ්‍යානාර්‍ත්‍ථය මොනොවට දක්වයි. … සියලු කෙලෙසුන් දුරු කරවනුයේ අර්‍හන්මාර්‍ගාර්‍ත්‍ථය මොනොවට දක්වයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: නානාධම්මපකාසනතා පඤ්ඤාඅත්ථසන්දස්සනෙ ඤාණං’
Sinhala BJTඒ අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානාධම්මපකාසනතා පඤ්ඤා අත්‍ථසන්‍දස්සනෙ ඤාණං’ යි.
Pali BJTඅත්ථසන්දස්සනඤාණ නිද්දෙසො.
Sinhala BJTඅර්‍ත්‍ථසන්‍දර්‍ශනඥානනිර්දේශ යි.
Pali BJT40. දස්සනවිසුද්ධිඤාණං
Sinhala BJT40. දර්‍ශනවිශුද්ධි ඥානය
Pali BJTකථං සබ්බධම්මානං එකසඞ්ගහතා{1}නානත්තෙකත්තපටිවෙධෙ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං:
Sinhala BJTකිසෙයින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයන් ගේ ඒකසඞ්ග්‍රහත්‍ව ය ද කාමච්ඡන්‍දාදීන්ගේ නානාත්‍වය ද නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්‍වය ද ප්‍රතිවේධ කිරීමෙහි ප්‍රඥාව දර්‍ශනවිශුද්ධි ඥාන වෙයි යත්:
Pali BJTසබ්බධම්මානන්ති පඤ්චක්ඛන්ධා -පෙ- අපරියාපන්නා ධම්මා.
Sinhala BJTසබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධයෝ යැ ... අපර්‍ය්‍යාපන්නධර්‍මයෝ යි.
Pali BJTඑකසඞ්ගහතාති{1} ද්වාදසහි ආකාරෙහි සබ්බෙ ධම්මා{2} එකසඞ්ගහිතා තථට්ඨෙන අනත්තට්ඨෙන සච්චට්ඨෙන පටිවෙධට්ඨෙන අභිජානනට්ඨෙන පරිජානනට්ඨෙන ධම්මට්ඨෙන ධාතුට්ඨෙන{3} ඤාතට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵුසනට්ඨෙන අභිසමයට්ඨෙන ඉමෙහි ද්වාදසහි ආකාරෙහි සබ්බෙ ධම්මා එකසඞ්ගහිතා.
Sinhala BJTඑකසඞ්ගහතා යනු: දොළොස් අයුරෙකින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ ඒකසඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ: විද්‍යමානස්වභාවයෙනැ අනාත්මස්වභාවයෙනැ සත්‍යස්වභාවයෙනැ ප්‍රතිවේධ කළයුතු ස්වභාවයෙනැ අභිජානනස්වභාවයෙනැ පරිජානනස්වභාවයෙනැ (ස්වභාවධාරණාදි) ධර්‍මාර්‍ත්‍ථයෙනැ (නිජ්ජීවතාදි) ධාතුස්වභාවයෙනැ දතහැකි ස්වභාවයෙනැ සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවයෙනැ ස්පර්‍ශ කළයුතු ස්වභාවයෙනැ අභිසමයස්වභාවයෙනි. මේ දොළෙස් අයුරින් සියලු සඞ්ඛතාසඞ්ඛතධර්‍මයෝ එක සඞ්ඛ්‍යායෙන් පිරිසිඳුනාලදහ.
Pali BJTනානත්තෙකත්තන්ති කාමච්ඡන්දො නානත්තං, නෙක්ඛම්මං එකත්තං, -පෙ- සබ්බකිලෙසා නානත්තං, අරහත්තමග්ගො එකත්තං
Sinhala BJTනානත්තේකත්තං යනු: කාමච්‍ඡන්‍දය නානාත්‍ව යැ නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍ව යැ ... සියලු ක්ලේශයෝ නානාත්‍ව යැ රහත්මඟ ඒකත්‍ව යි.
Pali BJTපටිවෙධෙති දුක්ඛසච්චං පරිඤ්ඤාපටිවෙධං පටිවිජ්ඣති, සමුදයසච්චං පහානපටිවෙධං පටිවිජ්ඣති, නිරොධසච්චං සච්ඡිකිරියාපටිවෙධං පටිවිජ්ඣති, මග්ගසච්චං භාවනා පටිවෙධං පටිවිජ්ඣති.
Sinhala BJTපරිවේධේ යනු: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි. මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරේ.
Pali BJTදස්සනවිසුද්ධීති සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනං විසුජ්ඣති, සොතාපත්තිඵලක්ඛණෙ දස්සනං විසුද්ධං, සකදාගාමිමග්ගක්ඛණෙ දස්සනං විසුජ්ඣති, සකදාගාමිඵලක්ඛණෙ දස්සනං විසුද්ධං, අනාගාමිමග්ගක්ඛණෙ දස්සනං විසුජ්ඣති, අනාගාමිඵලක්ඛණෙ දස්සනං විසුද්ධං, අරහත්තමග්ගක්ඛණෙ දස්සනං වුසුජ්ඣති, අරහත්තඵලක්ඛණෙ දස්සනං විසුද්ධං.
Sinhala BJTදස්සනවිසුද්ධි යනු: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි (ඥාන) දර්‍ශනය විශුද්ධ වෙයි. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි ඥානදර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. සකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. සකෘදාගාමිඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. අනාගාමීඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වෙයි. අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වෙයි. අර්‍හත්ඵලක්‍ෂණයෙහි දර්‍ශනය විශුද්ධ වූයේ වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘සබ්බධම්මානං එකසඞ්ගහතානානත්තෙකත්තපටිවෙධෙ පඤ්ඤා දස්සනවිසුද්ධි ඤාණං’.
Sinhala BJTඒ දර්‍ශනවිශුද්ධිඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි ‘සබ්බධම්මානං ඒකසඞ්ගහතානානත්තේකත්තපටිවේධේ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං’ යී.
Pali BJTදස්සනවිසුද්ධිඤාණනිද්දෙසො.
Sinhala BJTදර්‍ශනවිශුද්ධිඥානනිර්දේශ යි.
Pali BJT41. ඛන්තිඤාණං.
Sinhala BJT41. ක්‍ෂාන්ති ඥානය
Pali BJTකථං විදිතත්තා පඤ්ඤා ඛන්තිඤාණං:
Sinhala BJTකිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන්) විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන වෙයි යත්:
Pali BJTරූපං අනිච්චතො විදිතං, රූපං දුක්ඛතො විදිතං රූපං අනත්තතො විදිතං, යං යං විදිතං තං තං ඛමතීති විදිතත්තා පඤ්ඤා ඛන්තිඤාණං. වෙදනා -පෙ- සඤ්ඤා - සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- ජරාමරණං අනිච්චතො විදිතං, ජරාමරණං දුක්ඛතො විදිතං, ජරාමරණං අනත්තතො විදිතං, යං යං විදිතං තං තං ඛමතීති විදිතත්තා පඤ්ඤා ඛන්තිඤාණං.
Sinhala BJTරූපය අනිත්‍ය විසින් (අනිත්‍යානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය දුඃඛ විසින් (දුඃඛානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. රූපය අනාත්ම විසින් (අනාත්මානුදර්‍ශනයෙන්) දන්නාලද යැ. යම් රූපයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ (රූපය අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වෙයි. වේදනාව ... සංඥාව - සංස්කාරයෝ - විඥානය - චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය විසින් දන්නාලද යැ. ජරාමරණය දුඃඛ විසින් දන්නාලද යැ. ජරාමරණය අනාත්ම විසින් දන්නාලද යැ. යම් යම් ජරාමරණයෙක් (අනිත්‍යාදි විසින්) දන්නාලද ද ඒ ඒ ජරාමරණය (අනිත්‍යාදි විසින්) රිසි වේ නු යි විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන නම් වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘විදිතත්තා පඤ්ඤා ඛන්තිඤාණෙ’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විදිත්තා පඤ්ඤා ඛන්තිඤාණං’ යි.
Pali BJTඛන්තිඤාණනිද්දෙසො
Sinhala BJTක්‍ෂාන්තිඥානනිර්දේශ යි.
Pali BJT42. පරියොගාහනඤාණං
Sinhala BJT42. පර්‍ය්‍යවගාහණ ඥානය
Pali BJTකථං ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහනෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදිවශයෙන් ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යාවගාහණඥාන වෙයි යත්:
Pali BJTරූපං අනිච්චතො ඵුසති, රූපං දුක්ඛතො ඵුසති, රූපං අනත්තතො ඵුසති, යං යං ඵුසති තං තං පරියොගහතීති ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහනෙ ඤාණං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො ඵුසති, ජරාමරණං දුක්ඛතො ඵුසති, ජරාමරණං අනත්තතො ඵුසති, යං යං ඵුසති තං තං පරියොගහතීති ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහනෙ ඤාණං.
Sinhala BJTරූපය අනිත්‍යවශයෙන් (විදර්‍ශනාඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කෙරෙයි. රූපය දුඃඛවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. රූපය අනාත්මවශයෙන් ස්පර්‍ශ කෙරෙයි. යම් යම් රූපයක් (අනිත්‍යාදිවශයෙන්) ස්පර්‍ශ කෙරේ ද ඒ ඒ රූපයට (අනිත්‍යාදිවශයෙන්) පිවිසේ නු යි ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යවගාහණ ඥාන නම් වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහනෙ ඤාණං.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ඵුට්ඨත්තා පඤ්ඤා පරියෝගාහනෙ ඤාණං’යි.
Pali BJTපරියොගාහනඤාණනිද්දෙසො
Sinhala BJTපර්‍ය්‍යවගාහණඥානනිර්දේශ යි.
Pali BJT43. පදෙසවිහාරඤාණං
Sinhala BJT43. ප්‍රදෙශවිහාර ඥානය
Pali BJTකථං සමොදහනෙ{1} පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වූ වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥානය වෙයි යත්:
Pali BJTමිච්ඡාදිට්ඨිපච්චයාපි වෙදයිතං, මිච්චාදිට්ඨිවූපසමපච්චයාපි වෙදයිතං, සම්මාදිට්ඨිපච්චයාපි වෙදයිතං, සම්මාදිට්ඨිවූපසමපච්චයාපි වෙදයිතං, මිච්ඡා සඞ්කප්පපච්චයාපි වෙදයිතං, මිච්ඡාසඞ්කප්පවූපසමපච්චයාපි වෙදයිතං, සම්මාසඞ්කප්පපච්චයාපි වෙදයිතං, සම්මාසඞ්කප්පවූපසමපච්චයාපි වෙදයිතං -පෙ- මිච්ඡාවුමුත්තිපච්චයාපි වෙදයිතං, මිච්ඡාවිමුත්තිවූපසමපච්චයාපි වෙදයිතං, සම්මාවිමුත්තිපච්චයාපි වෙදයිතං, සම්මාවිමුත්තිවූපසමපච්චයාපි වෙදයිතං, ඡන්දපච්චයාපි වෙදයිතං, ඡන්දවූපසමපච්චයාපි වෙදයිතං, විතක්කපච්චයාපි වෙදයිතං, විතක්කවූපසමපච්චයාපි වෙදයිතං, සඤ්ඤාපච්චයාපි වෙදයිතං, සඤ්ඤාවූපසමපච්චයාපි වෙදයිතං.
Sinhala BJTමිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාදෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්දෘෂ්ටිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාසඞ්කල්ප සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යක්සඞ්කල්පය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි ... මිථ්‍යාවිමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. මිථ්‍යාවිමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සම්‍යග්විමුක්තිය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි: ලෝභප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. ලෝභය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. විතර්‍කය සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාප්‍රත්‍යයෙනුදු වේදයිතය වෙයි. සංඥාව සන්හිඳීම් ප්‍රත්‍යයෙනුදු වේදයිතය වේ.
Pali BJTඡන්දො ච අවුපසන්තො හොති, විතක්කො ච අවුපසන්තො හොති, සඤ්ඤා ච අවුපසන්තා{2} හොති, තප්පච්චයාපි වෙදයිතං, ඡන්දො ච වූපසන්තො හොති, විතක්කො ච අවුපසන්තො හොති, සඤ්ඤා ව අවුපසන්තා හොති, තප්පච්චයාපි වෙදයිතං, ඡන්දො ච වූපසන්තො හොති, විතක්කො ච වූපසන්තො හොති, සඤ්ඤා ච අවුපසන්තා හොති, තප්පච්චයාපි වෙදයිතං, ඡන්දො ච වූපසන්තො හොති, විතක්කො ච වූපසන්තො හොති, සඤ්ඤා ච වූපසන්තා හොති, තප්පච්චයාපි වෙදයිතං, අප්පත්තස්ස පත්තියා අත්ථි ආසවං{3} තස්මිම්පි ඨානෙ අනුප්පත්තෙ තප්පච්චයාපි වෙදයිතං.
Sinhala BJTඉදින් ඡන්‍දය (ලෝභය) ද සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය සන්හිඳුණේ වේ නම් විතර්‍කය ද නො සන්හිඳුණේ වේ නම් සංඥාව ද නො සන්හිඳුණේ වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව අව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. ඡන්‍දය ද ව්‍යුපශාන්ත වේ නම් විතර්‍කය ද ව්‍යුපශාන්ත වේ නම් සංඥාව ද ව්‍යුපශාන්ත වේ නම් එකරුණෙනුදු වේදයිතය වෙයි. නො පත් රහත්ඵලයට පැමිණෙනු පිණිස වීර්‍ය්‍යයෙක් ඇති, එ (රහත්ඵලයට) කරුණු වූ ආර්‍ය්‍යමාර්‍ගය පැමිණි කල්හි එකරුණෙනුදු වේදයිතය වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘සමොදහනෙ{1} පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං’
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සමෝදහනෙ පඤ්ඤා පදෙසවිහාරේ ඤාණං’යී.
Pali BJTපදෙසවිහාරඤාණනිද්දෙසො.
Sinhala BJTප්‍රදේශවිහාරඥානනිර්දේශ යි.
Pali BJT44-49, විවට්ටඤාණඡක්කං.
Sinhala BJT44-49. විවර්‍තඥානෂට්කය
Pali BJT(44 සඤ්ඤාවිවට්ටඤාණං)
Sinhala BJT(44. සඤ්ඤාවිවර්‍තඥනය)
Pali BJTකථං අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (නෛෂ්ක්‍රම්‍යාදිය) අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන වෙයි යත්:
Pali BJTනෙක්ඛම්මාධිපතත්තා{1} පඤ්ඤා කාමච්ඡන්දතො සඤ්ඤාය විවට්ටතීති{2} අධිපතත්තා{3} පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ{4} ඤාණං, අබ්යාපාදාධිපතත්තා පඤ්ඤා බ්යාපාදතො සඤ්ඤාය විවට්ටතීති අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, ආලොකසඤ්ඤාධිපතත්තා පඤ්ඤා ථිනමිද්ධතො සඤ්ඤාය විවට්ටතීති අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, අවික්ඛෙපාධිපතත්තා පඤ්ඤා උද්ධච්චතො සඤ්ඤාය විවට්ටතීති අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, ධම්මවවත්ථානාධිපතත්තා පඤ්ඤා විචිකිච්ඡාය සඤ්ඤාය විවට්ටතීති අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, ඤාණාධිපතත්තා පඤ්ඤා අවිජ්ජාය සඤ්ඤාය විවට්ටතීති අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, පාමොජ්ජාධිපතත්තා පඤ්ඤා අරතියා සඤ්ඤාය විවට්ටතීති අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං, පඨමජ්ඣානාධිපතත්තා පඤ්ඤා නීවරණෙහි සඤ්ඤා විවට්ටතීති අධිපතත්තාපඤ්ඤා සඤ්ඤා විවට්ටෙ ඤාණං -පෙ- අරහත්ත මග්ගත්තා පඤ්ඤා සබ්බකිලෙසෙහි සඤ්ඤාය විවට්ටතීති අධිපතත්තා පඤ්ඤා සඤ්ඤා විවට්ටෙ ඤාණං.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන කාමච්ඡන්‍දයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අව්‍යාපාදය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ව්‍යාපාදයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ආලෝකසංඥාව අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ථිනමිද්ධයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. අවික්‍ෂේපය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන ඖද්ධත්‍යයෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ධර්‍මනිශ්චය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන විචිකිත්සායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ඥානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අවිද්‍යායෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රාමෝද්‍යය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන අරතියෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ප්‍රථමධ්‍යානය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන නීවරණයන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි. ... අර්‍හන්මාර්‍ගය අධික කොට පැවැති ප්‍රඥාව ප්‍රඥාසම්ප්‍රයුක්ත සංඥාව හේතු කොට ගෙන සියලු කෙලෙසුන් කෙරෙන් පෙරැළේ නු යි අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන නම් වෙයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං. පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණ.’
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං’යි.
Pali BJT(45. චෙතොවිවට්ටඤාණං)
Sinhala BJT(45. චේතෝවිවර්‍තඥානය)
Pali BJTකථං නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් නානා ස්වභාවයෙහි පැවැති ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි යත්:
Pali BJTකාමච්ඡන්දො නානත්තං, නෙක්ඛම්මං{5} එකත්තං, නෙක්ඛම්මෙකත්තං චෙතයතො කාමච්ඡන්දතො චිත්තං විවට්ටතීති{2} නානත්තෙ පඤ්ඤාචෙතොවිවට්ටෙ ඤාණං. බ්යාපාදො නානත්තං, අබ්යාපාදො එකත්තං, අබ්යාපාදෙකත්තං චෙතයතො බ්යාපාදතො චිත්තං විවට්ටතීති නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං. ථිනමිද්ධං නානත්තං, අලොකසඤ්ඤා එකත්තං, ආලොකසඤ්ඤෙකත්තං චෙතයතො ථිනමිද්ධතො චිත්තං විවට්ටතීති නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ -පෙ- සබ්බකිලෙසා නානත්තං,{6} අරහත්තමග්ගො එකත්තං, අරහත්තමග්ගෙකත්තං චෙතයතො සබ්බකිලෙසෙහි චිත්තං විවට්ටතීති නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං.
Sinhala BJTකාමච්ඡන්‍දය නානාස්වභාවය යැ නෛෂ්ක්‍රම්‍ය එක ස්වභාව යැ (කාමච්ඡන්‍දයෙහි ආදීනව දැක්මෙන්) නෛෂ්ක්‍රම්‍යයාගේ ඒකස්වභාවය සිතන්නහුට (නෛෂ්ක්‍රම්‍යක්‍ෂණයෙහි) කාමච්ඡන්‍දයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන වෙයි. ව්‍යාපාදය නානාස්වභාව යැ අව්‍යාපාදය එක ස්වභාව යැ (ව්‍යාපාදයාගේ ආදීනව දැක්මෙන්) අව්‍යාපාදයාගේ ඒකත්‍වය සිතන්නහුට ව්‍යාපාදයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. ථිනමිද්ධය නානාස්වභාව යැ ආලෝකසංඥාව ඒකස්වභාව යැ (ථිනමිද්ධයාගේ ආදීනව දැක්මෙන්) ආලෝකසංඥාවගේ ඒකත්‍වය සිතන්නහුට ථීනමිද්ධයෙන් සිත පරාවර්‍තනය වේ නු යි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වෙයි. සියලු ක්ලේශයෝ නානාස්වභාව යැ අර්‍හන්මාර්‍ගයාගේ ඒකස්වභාව යැ (සියලු කෙලෙසුන්ගේ ආදීනව දැක්මෙන්) අර්‍හන්මාර්‍ගයාගේ ඒකත්‍වය සිතන්නහුට සියලු කෙලෙසුන් කෙරෙන් සිත පරාවර්‍තනය වේ නුයි නානාත්‍වයෙහි ප්‍රඥාව චෙතොවිවර්‍තනඥාන වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං.’
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නානත්තේ පඤ්ඤා චේතෝවිවට්ටෙ ඤාණං’යි.
Pali BJT(46 විත්තවිවට්ටඤාණං)
Sinhala BJT(46. චිත්තවිවර්‍තඥානය)
Pali BJTකථං අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (නෛෂ්ක්‍රම්‍යාදි වශයෙන්) සිත පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන වෙයි යත්:
Pali BJTකාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං. -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං.
Sinhala BJTකාමච්ඡන්‍ද දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන යැ. ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදයාගේ වශයෙන් සිත පිහිටා සිටීනු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තනඥාන යැ ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තන ඥාන යැ. ... සියලු කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් සිත පිහිටා සිටී නු යි අධිෂ්ඨානයෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තඥාන යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං’යි.
Pali BJT(47. ඤාණවිවට්ටඤාණං)
Sinhala BJT(47. ඥානවිවර්‍තඥානය)
Pali BJTකථං සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් ශුන්‍යත (අනාත්මානුදර්‍ශන) ප්‍රඥාව ඥානවිවර්‍තනඥාන වෙයි යත්:
Pali BJTචක්ඛුං සුඤ්ඤං{1} අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වාති යථාභූතං ජානතො{2} පස්සතො චක්ඛාභිනිවෙසතො{3} ඤාණං විවට්ටතීති සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං. ‘සොතං සුඤ්ඤං -පෙ- ඝානං සුඤ්ඤං -පෙ- ජිව්හා සුඤ්ඤා -පෙ- කායො සුඤ්ඤො -පෙ- මනො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා’ති යථාභූතං ජානතො{2} පස්සතො මානාභිනිවෙසතො{3} ඤාණං විවට්ටතීති සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං.’
Sinhala BJTචක්‍ෂුස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාමස්වභාව හෙයින් හෝ ශූන්‍ය යැ යි යථාස්වභාවයෙන් දන්නාහට දක්නාහට චක්‍ෂුසෙහි බැසගැනීමෙන් ඥානය පෙරැළේ නු යි ශුන්‍යත ප්‍රඥාව ඥානවිවර්‍තඥාන වෙයි. ශ්‍රෝතය ශූන්‍ය යැ ඝ්‍රාණය ශූන්‍ය යැ ... ජීහ්වාව ශූන්‍ය යැ ... කය ශූන්‍ය යැ ... මනස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාමධර්‍ම හෙයින් හෝ ශූන්‍ය යැ යි යථාස්වභාවයෙන් දන්නාහට දක්නාහට මනසෙහි බැසැගැනීමෙන් ඥානය පෙරළේ නු යි ශූන්‍යතප්‍රඥාව ඥානවිවර්‍තඥාන වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති ‘සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං’යි.
Pali BJT(48. විමොක්ඛවිවට්ටඤාණං)
Sinhala BJT(48. විමොක‍්‍ෂවිවර්‍තඥානය)
Pali BJTකථං වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (කාමච්ඡන්‍දාදිය) දුරැලීමෙහි පැවැති ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි යත්:
Pali BJTනෙක්ඛම්මෙන කාමච්ඡන්දං වොස්සජ්ජතීති වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං, අබ්යාපාදෙන ව්යාපාදං වොස්සජ්ජතීති වොස්සග්ගො පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං, ආලොකසඤ්ඤාය ථීනමිද්ධං වොස්සජ්ජතී’ති වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං. අවික්ඛෙපෙන උද්ධච්චං වොස්සජ්ජතීති වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං වොස්සජ්ජතීති වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ වොස්සජ්ජතීති වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය හැරපියා නු යි. හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ආලෝකසංඥායෙන් ථිනමිද්ධය හැරපියා නු යි. හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වෙයි. ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙසුන් හැරපියා නු යි හැරපීමෙහි ප්‍රඥාව විමොක‍්‍ෂවිවර්‍තඥාන වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං. පජානනට්ඨෙන පඤ්ඤා. තෙ වුච්චති: ‘වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘වොස්ග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං’යි.
Pali BJT(49. සච්චවිවට්ටඤාණං)
Sinhala BJT(49. සත්‍යවිවර්‍තඥානය)