Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමා අඤ්ඤාණචරියා:{9}
Sinhala BJTඅඥානචර්‍ය්‍යා කවර යත්:
Pali BJTමනාපියෙසු{10} රූපෙසු රාගස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, රාගස්ස ජවනා අඤ්ඤාණචරියා අමනාපියෙසු රූපෙසු දොසස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දොසස්ස ජවනා අඤ්ඤාණචරියා, තදුභයෙන{11} අසමපෙක්ඛනස්මිං වත්ථුස්මිං මොහස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මොහස්ස ජවනා අඤ්ඤාණචරියා, විනිබන්ධස්ස මානස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මානස්ස ජවනා අඤ්ඤාණචරියා, පරාමට්ඨාය{12} දිට්ඨියා ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දිට්ඨියා ජවනා අඤ්ඤාණචරියා, වික්ඛෙපගතස්ස උද්ධච්චස්ස ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, උද්ධච්චස්ස ජවනා අඤ්ඤාණචරියා, අනිට්ඨඞ්ගතාය{13} විචිකිච්ඡාය ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, විචිකිච්ඡාය ජවනා අඤ්ඤාණචරියා, ථාමගතස්ස අනුසයස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනුසයස්ස ජවනා අඤ්ඤාණචරියා.
Sinhala BJTමනවඩන රූපයන්හි (සන්තති වශයෙන්) රාගයාගේ ජවනය පිණිස පැවැති (චක්‍ෂූර්ද්වාරයෙහි අයෝනිසෝමනසිකාර වූ ) ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රාගයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. අමනෝඥ වූ රූපයන්හි ද්වේෂයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ද්වේෂයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. එ දෙකින් (රාගද්වේෂ වශයෙන්) නො දක්නා රූපාලම්බන සඞ්ඛ්‍යාත වස්තුයෙහි (විචිකිත්සා ඖද්ධත්‍ය වශයෙන්) මෝහයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජන ක්‍රියාව්‍යාකෘත මනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ මෝහයාගේ ජවනය අඥානචර්‍ය්‍යයා යි. (උන්නති වශයෙන්) විනිබන්‍ධ වැ සිටි මානගේ ජවනය පිණිස පැවති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යයා යැ. මානයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. පරාමෘෂ්ට වූ දෘෂ්ටියගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. දෘෂ්ටියගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. (රූපාලම්බනයෙහි) වික්‍ෂෙපබවට ගිය ඖද්ධත්‍යයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යැ විචිකිත්සාවගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. ස්ථිර බවට ගිය අනුශයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ. අනුශයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි.
Pali BJTමනාපියෙසු සද්දෙසු -පෙ- මනාපියෙසු ගන්ධෙසු -පෙ- මනාපියෙසු රසෙසු -පෙ- මනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනාපියෙසු ධම්මෙසු රාගස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, රාගස්ස ජවනා අඤ්ඤාණචරියා, අමනාපියෙසු ධම්මෙසු{1} දොසස්ස ජවනත්ථාය ආවජ්ජනකිරිබ්යාකතා විඤ්ඤාණචරියා, දොසස්ස ජවනා අඤ්ඤාණචරියා, තදුභයෙන අසමපෙක්ඛනස්මිං වත්ථුස්මිං මොහස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මොහස්ස ජවනා අඤ්ඤාණචරියා, විනිබන්ධනස්ස මානස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, මානස්ස ජවනා අඤ්ඤාණචරියා, පරාමට්ඨාය දිට්ඨියා ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දිට්ඨියා ජවනා අඤ්ඤාණචරියා, වික්ඛෙපගතස්ස උද්ධච්චස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, උද්ධච්චස්ස ජවනා අඤ්ඤාණචරියා, අනිට්ඨඞ්ගතාය විචිකිච්ඡාය ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, විචිකිච්ඡාය ජවනා අඤ්ඤාණචරියා, ථාමගතස්ස අනුසයස්ස ජවනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනුසයස්ස ජවනා අඤ්ඤාණචරියා.
Sinhala BJTමනවඩන ශබ්දයන්හි ... මනවඩන ගන්‍ධයන්හි ... මනවඩන රසයන්හි ... මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩන (රූපාදි වූ හෝ ධර්‍මාලම්බන වූ හෝ) ධර්‍මයන්හි රාගයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ රාගයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. අමනෝඥ වූ ධර්‍මයන්හි ද්වේෂයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ද්වේෂයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. එදෙකින් (රාගද්වේෂ වශයෙන්) නො දක්නා ධර්‍මාලම්බන සඞ්ඛ්‍යාත වස්තුයෙහි මෝහයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ මෝහයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. විනිබන්‍ධ වූ මානයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ මානයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. පරාමෘෂ්ට වූ දෘෂ්ටියගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටියගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. වික්‍ෂේපයට පැමිණි ඖද්ධත්‍යයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. අනිෂ්ඨාවට ගිය විචිකිත්සාවගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ විචිකිත්සාවගේ ජවනය අඥානචර්‍ය්‍යා යි. ස්ථිර බවට ගිය අනුශයයාගේ ජවනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යයා යැ අනුශයයාගේ ජවනය අඥානචර්‍ය්‍යා යි.
Pali BJTඅඤ්ඤාණචරියාති කෙනට්ඨෙන අඤ්ඤාණචරියා:
Sinhala BJTඅඤ්ඤාණචරියා යනු: කුමක් හෙයින් අඥානචර්‍ය්‍යා වී ද යත්:
Pali BJTසරාගා චරතීති අඤ්ඤාණචරියා, සදොසා චරතීති අඤ්ඤාණචරියා, සමොහා චරතීති අඤ්ඤාණචරියා, සමානා චරතීති අඤ්ඤාණචරියා, සදිට්ඨි චරතීති අඤ්ඤාණචරියා, සඋද්ධච්චා චරතීති අඤ්ඤාණචරියා, සවිචිකිච්ඡා චරතීති අඤ්ඤාණචරියා සානුසසා චරතීති අඤ්ඤාණචරියා, රාගසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දොසසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, මොහසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, මානසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දිට්ඨිසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, උද්ධච්ච සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, විචිකිච්ඡා සම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, අනුසයසම්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, කුසලෙහි කම්මෙහි විප්පපයුත්තා චරතීති අඤ්ඤාණචරියා, අකුසලෙහි කම්මෙහි සම්පයුත්තා{2} චරතීති අඤ්ඤාණචරියා, සාවජ්ජෙහි කම්මෙහි සම්පයුත්තා{2} චරතීති අඤ්ඤාණචරියා, අනවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, කණ්හෙහි කම්මෙහි සම්පයුත්තා{2} චරතීති අඤ්ඤාණචරියා, සුක්කෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, සුඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දුක්ඛුද්රයෙහි කම්මෙහි සම්පයුත්තා{2} චරතීති අඤ්ඤාණචරියා, සුඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති අඤ්ඤාණචරියා, දුක්ඛවිපාකෙහි කම්මෙහි සම්පයුත්තා{2} අඤ්ඤාතෙ{3} චරතීති අඤ්ඤාණචරියා, අඤ්ඤාණස්ස එවරූපා චරියා හොතීති අඤ්ඤාණචරියා, අයං අඤ්ඤාණචරියා.
Sinhala BJTරාගසහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යාද ද්වේෂ සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මෝහ සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මාන සහිත වැ හැසිරේ නුයි අඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටි සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යය සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ විචිකිත්සා සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනුශය සහිත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ රාගසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ද්වේෂසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මොහසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ මාන සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දෘෂ්ටි සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ විචිකිත්සා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනුශය සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ. කුශලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අකුශලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සාවද්‍යකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ අනවද්‍යකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ කෘෂ්ණකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ ශුක්ලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සුඛොදය ඇති කර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දුඃඛොදය ඇති කර්‍මයන් සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ සුඛවිපාක වූ කර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ දුඃඛවිපාක වු කර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ (යථාස්වභාවයෙන්) අඥාත වූ ආලම්බනයෙහි හැසිරේ නු යි අඥානචර්‍ය්‍යා යැ උක්තප්‍රකාර වූ අඥානයාගේ මෙබඳු වූ චර්‍ය්‍යා වේ නු යි අඥානචර්‍ය්‍යා නමු. මේ අඥානචර්‍ය්‍යා යි.
Pali BJTකතමා ඤාණචරියා.
Sinhala BJTඥානචර්‍ය්‍යා කවර යත්:
Pali BJTඅනිච්චානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනිච්චානුපස්සනා ඤාණචරියා, දුක්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, දුක්ඛානුපස්සනා ඤාණචරියා, අනත්තානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, අනත්තානුපස්සනා ඤාණචරියා, නිබ්බිදානුපස්සනත්ථාය -පෙ- විරාගානුපස්සනත්ථාය -පෙ- නිරොධානුපස්සනත්ථාය -පෙ- පටිනිස්සග්ගානුපස්සනත්ථාය -පෙ- ඛයානුපස්සනත්ථාය -පෙ- වයානුපස්සනත්ථාය -පෙ- විපරිනාමානුපස්සනත්ථාය -පෙ- අනිමිත්තානුපස්සනත්ථාය -පෙ- අප්පනිහිතානුපස්සනත්ථාය -පෙ- සුඤ්ඤතානුපස්සනත්ථාය -පෙ- අධිපඤ්ඤාධම්මානුපස්සනත්ථාය -පෙ- යථාභූතඤාණ දස්සනත්ථාය -පෙ- ආදීනවානුපස්සනත්ථාය -පෙ- පටිසඞ්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, පටිසඞ්ඛානුපස්සනා ඤාණවිරියා, විවට්ටානුපස්සනා ඤාණචරියා, සොතාපත්තිමග්ගො ඤාණචරියා, සොතාපත්තිඵලසමාපත්ති ඤාණචරියා, සකදාගාමිමග්ගො ඤාණචරියා, සකදාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අනාගාමිමග්ගො ඤාණචරියා, අනාගාමිඵලසමාපත්ති ඤාණචරියා, අරහත්තමග්ගො ඤාණචරියා අරහත්තඵලසමාපත්ති ඤාණචරියා.
Sinhala BJTඅනිත්‍යානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනිත්‍යානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. දුඃඛානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ දුඃඛානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. අනාත්මානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ අනාත්මානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. නිර්වේදානුදර්‍ශනය පිණිස විරාගානුදර්‍ශනය පිණිස ... නිරෝධානුදර්‍ශනය පිණිස ... පටිනිස්සග්ගානුදර්‍ශනය පිණිස ... ක්‍ෂයානුදර්‍ශනය පිණිස ... ව්‍යයානුදර්‍ශනය පිණිස ... විපරිණාමානුදර්‍ශනය පිණිස … අනිමිත්තානුදර්‍ශනය පිණිස ... අප්‍රණිහිතානුදර්‍ශනය පිණිස ... ශූන්‍යතානුදර්‍ශනය පිණිස ... අධිප්‍රඥාධර්‍මානුදර්‍ශනය පිණිස … යථාභූතඥානදර්‍ශනය පිණිස ... ආදීනවානුදර්‍ශනය පිණිස ... පටිසඞ්ඛානුදර්‍ශනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘත මනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ පටිසඞ්ඛානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යි. විවට්ටානානුදර්‍ශනය ඥානචර්‍ය්‍යා යැ ස්‍රොතාපත්තිඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ සකෘදාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ අනාගාමීඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යැ අර්‍හත්‍වමාර්‍ගය ඥානචර්‍ය්‍යා යැ අර්‍හත්‍වඵලසමාපත්තිය ඥානචර්‍ය්‍යා යි.
Pali BJTඤාණචරියා කෙනට්ඨෙන ඤාණචරියා.
Sinhala BJTඥානචර්‍ය්‍යා යනු: කවර අරුතෙකින් ඥානචර්‍ය්‍යා වෙයි යත්:
Pali BJTනීරාගා චරතීති ඤාණචරියා, නිද්දොසා චරතීති ඤාණචරියා, නිම්මොහා චරතීති ඤාණචරියා, නිම්මානා චරතීති ඤාණචරියා, නිද්දිට්ඨි චරතීති ඤාණචරියා, නිඋද්ධච්චා චරතීති ඤාණචරියා, නිබ්බිවිකිච්ඡා චරතීති ඤාණචරියා, නානුසයා චරතීති ඤාණචරියා, රාගවිප්පයුත්තා චරතීති ඤාණචරියා, දොසවිප්පයුත්තා චරතීති ඤාණචරියා, මොහවිප්පයුත්තා චරතීති ඤාණචරියා, මානවිප්පයුත්තා චරතීති ඤාණචරියා, දිට්ඨිවිප්පයුත්තා චරතීති ඤාණචරියා, උද්ධච්චවිප්පයුත්තා චරතීති ඤාණචරියා, විචිකිච්ඡාවිප්පයුත්තා චරතීති ඤාණචරියා, අනුසයවිප්පයුත්තා චරතීති ඤාණචරියා, කුසලෙහි කම්මෙහි සම්පයුත්තා{1} චරතීති ඤාණචරියා, අකුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, සාවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, අනවජ්ජෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති ඤාණචරියා, කණ්හෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, සුක්කෙහි කම්මෙහි සම්පයුත්තා{1} චරතීති ඤාණචරියා සුඛුද්රයෙහි කම්මෙහි සම්පයුත්තා චරතීති ඤාණචරියා, දුක්ඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, සුඛවිපාකෙහි කම්මෙහි සම්පයුත්තා{1} චරතීති ඤාණචරියා, දුක්ඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති ඤාණචරියා, ඤාතෙ{2} චරතීති ඤාණචරියා, ඤාණස්ස එවරූපා චරියා හොතීති ඤාණචරියා, අයං ඤාණචරියා.
Sinhala BJTරාග රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහ රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මාන රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශය රහිත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, රාගයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ද්වේෂයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මෝහයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, මානයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දෘෂ්ටියෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, ඖද්ධත්‍යයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, විචිකිත්සායෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනුශයයෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කුශලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අකුශලකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සාවද්‍යකර්‍මයන්ගෙන් විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, අනවද්‍යකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, කෘෂ්ණකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ ශුක්ලකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛොදයකර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛොදයකර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, සුඛවිපාක වූ කර්‍මයන් හා සම්ප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, දුඃඛවිපාක වූ කර්‍මයන් හා විප්‍රයුක්ත වැ හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, යථාස්වභාවය වූ ඥානාලම්බනයෙහි හැසිරේ නු යි ඥානචර්‍ය්‍යා යැ, උක්තප්‍රකාර වූ ඥානයාගේ මෙබඳු වු චර්‍ය්‍යාව වේ නු යි ඥානචර්‍ය්‍යා යැ. මේ ඥානචර්‍ය්‍යා යි.
Pali BJTඅඤ්ඤා විඤ්ඤාණචරියා, අඤ්ඤා අඤ්ඤාණචරියා, අඤ්ඤා ඤාණචරියාති තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තෙ ඤාණං.
Sinhala BJTවිඥානචර්‍ය්‍යාව අනෙකක, අඥානචර්‍ය්‍යාව අනෙකක, ඥානචර්‍ය්‍යාව අනෙකකැ’යි ඒ චර්‍ය්‍යානානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “චරියාවවත්‍ථානෙ පඤ්ඤා චරියානානත්තේඤාණං’යි.
Pali BJTචරියානානත්තඤාණනිද්දෙසො.
Sinhala BJTචර්‍ය්‍යානානාත්‍වඥානනිර්දේශ යි.
Pali BJT18. භූමිනානත්තඤාණං.
Sinhala BJT18. භූමිනානාත්‍ව ඥානය
Pali BJTකථං චතුධම්මවවත්ථානෙ පඤ්ඤා භූමිනානත්තෙ ඤාණං.
Sinhala BJTකිසෙයින් සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන වෙයි යත්:
Pali BJTචතස්සො භූමියො: කාමාවාරා භූමි, රූපාවචරා භූමි, අරූපාවචරා භූමි, අපරියාපන්නා භූමි.
Sinhala BJTභූමි සතරෙකි: කාමාවචරභූමි යැ රූපාවචරභූමි යැ අරූපාවචරභූමි යැ අපරියාපන්නභූමි යි.
Pali BJTකතමා කාමාවචරා භූමි: හෙට්ඨතො අවීචිරනිරයං පරියන්තං කරිත්වා, උපරිතො පරනිම්මිතවසවත්ති දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධධාතුආයතනා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, අයං කාමාවචරා භූමි.
Sinhala BJTකාමාවචරභූමි කවර යත්: යටින් අවීචිනිරය පිරියත් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්තිදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ යම් ස්කන්‍ධධාතුආයතන කෙනෙක් වෙත් ද රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන කෙනෙක් වෙත් ද මේ කාමාවචරභූමි නම.
Pali BJTකතමා රූපාවචරා භූමි: හෙට්ඨතො බ්රහ්මලොකං පරියන්තං කරිත්වා, උපරිතො අකනිට්ඨො දෙවෙ අන්තො කරිත්වා, යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උප්පන්නස්ස{1} වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා, අයං රූපාවචරා භූමි.
Sinhala BJTරූපාවචරභූමි කවර යත්: යටින් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටාදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නා වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් බඹලොව) උපන්නහු ගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ රූපාවචරභූමි නම.
Pali BJTකතමා අරූපාවචරා භූමි: හෙට්ඨතො ආකාසානඤ්චායතනූපගෙ දෙවෙ පරියන්තං කරිත්වා උපරිතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගෙ දෙවෙ අන්තො කරිත්වා, යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උප්පන්නස්ස{1} වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා, අයං අරූපාවචරා භූමි.
Sinhala BJTඅරූපාවචරභූමි කවර යත්: යටින් ආකාසානඤ්චායතනූපගදෙවියන් පිරියත් කොට මතුභාගයෙන් නෛවසංඥානාසංඥායතනදෙවියන් ඇතුළු කොට තෙල අවකාශයෙහි මෙහි හැසිරෙන්නාහු වූ මෙහි පර්‍ය්‍යාපන්න වූ සමවතට සමවන්හුගේ හෝ (විපාක විසින් අරූතලයෙහි) උපන්නහුගේ හෝ ඉහාත්මසුඛවිහරණ ඇත්තහු (රහත්හු) ගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ අරූපාවචරභූමි නම.
Pali BJTකතමා අපරියාපන්න භූමි: අපරියාපන්නා මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු, අයං අපරියාපන්නා භූමි. ඉමා චතස්සො භූමියො.
Sinhala BJTඅපර්‍ය්‍යාපන්නභූමි කවර යත්: මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතුව ද අපර්‍ය්‍යාපන්නයෝ යැ. මේ අපර්‍ය්‍යාපන්නභූමි නමි. මොහු සතර භූමි නම් වෙත්.
Pali BJTඅපරාපි චතස්සො භූමියො: චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා චත්තාරි ඣානානි, චතස්සො අප්පමඤ්ඤායො, චතස්සො අරූපසමාපත්තියො, චතස්සො පටිසම්භිදා, චතස්සො පටිපදා, චත්තාරි ආරම්මණානි, චත්තාරි අරියවංසානි, චත්තාරි සඞ්ගහවත්ථූනි, චත්තාරි චක්කානි, චත්තාරි ධම්මපදානි, ඉමා චතස්සො භූමියො.
Sinhala BJTඅනෙකුදු භූමි සතරෙකි. සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක් ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ සතර ධ්‍යානයෝ යැ සතර අප්‍රාමාණ්‍යයෝ යැ සතර අරූපසමාපත්තීහු යැ සතර ප්‍රතිසංවිද්හු යැ සතර ප්‍රතිපත්හු යැ සතර ආලම්බනයෝ යැ සතර ආර්‍ය්‍යවංශයෝ යැ සතර සඞ්ග්‍රහවස්තූහු යැ චතුශ්චක්‍රයෝ යැ සතර ධර්‍මපදයෝ යි. මොහු සතරභූමි නම් වෙත්.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: චතුධම්මවවත්ථානෙ පඤ්ඤා භූමිනානත්තෙ ඤාණං.
Sinhala BJTඒ භූමිනානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුධම්මවවත්‍ථානෙ පඤ්ඤා භූමිනානත්තේ ඤාණං’යි.
Pali BJTභූමිනානත්තඤාණනිද්දෙසො.
Sinhala BJTභූමිනානාත්‍වඥානනිර්දේශ යි.
Pali BJT19. ධම්මානානත්තඤාණං.
Sinhala BJT19. ධර්‍මනානාත්‍ව ඥානය
Pali BJTකථං නවධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් නවධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මනානාත්‍වඥාන වෙයි යත්:
Pali BJTකථං ධම්මෙ වවත්ථෙති: කාමාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අකුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති, රූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති. අරූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති. අපරියාපන්නෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් ධර්‍මයන් ව්‍යවස්ථා කෙරේ ද යත්: කාමාවචර ධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අරූපාවචර ධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි.
Pali BJTකථං කාමාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අකුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති: දස කුසලකම්මපථෙ කුසලතො වවත්ථෙති, දස අකුසලකම්මපථෙ අකුසලතො වවත්ථෙති, රූපඤ්ච විපාකඤ්ච කිරියඤ්ච අබ්යාකතතො වවත්ථෙති. එවං කාමාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අකුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් කාමාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරේ ද, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරේ ද, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ ද යත්: දශකුශලකර්‍මපථයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, දශ අකුශල කර්‍මපථයන් අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, රූපය ද විපාකය ද ක්‍රියාව ද අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් කාමාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අකුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
Pali BJTකථං රූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති: අබ්යාකතතො වවත්ථෙති: ඉධට්ඨස්ස චත්තාරි ඣානානි කුසලතො වවත්ථෙති, තත්රූපපන්නස්ස චත්තාරි ඣානානි අබ්යාකතතො වවත්ථෙති. එවං රූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස්ලොවැ සිටියහුගේ සතර ධ්‍යානයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, (විපාක වශයෙන්) එ බඹලොවැ උපන්නහුගේ සතර විපාකධ්‍යානයන් අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, මෙසෙයින් රූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
Pali BJTකථං අරූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති: ඉධට්ඨස්ස චතස්සො අරූපාවචරසමාපත්තියො කුසලතො වවත්ථෙති, තත්රූපපන්නස්ස චතස්සො අරූපාවචරසමාපත්තියො අබ්යාකතතො වවත්ථෙති. එවං අරූපාවචරෙ ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් අරූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: මෙ මිනිස් ලොවැ සිටියහුගේ සතර අරූපාවචරසමාපත්තීන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, ඒ අරූතලයෙහි උපන්නහුගේ සතර විපාක අරූපාවචරසමාපත්තීන් අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් අරූපාවචරධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරේ.
Pali BJTකථං අපරියාපන්නො ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති: චත්තාරො අරියමග්ගෙ කුසලතො වවත්ථෙති, චත්තාරි ච සාමඤ්ඤඵලානි නිබ්බානඤ්ච අබ්යාකතතො වවත්ථෙති. එවං අපරියාපන්නො ධම්මෙ කුසලතො වවත්ථෙති, අබ්යාකතතො වවත්ථෙති. එවං ධම්මෙ වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි, අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. සතර ශ්‍රාමණ්‍යඵලයන් ද නිර්‍වාණය ද අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් අපර්‍ය්‍යාපන්නධර්‍මයන් කුශල හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. අව්‍යාකෘත හෙයින් ව්‍යවස්ථා කෙරෙයි. මෙසෙයින් ධර්‍මයන් ව්‍යවස්ථා කෙරේ.
Pali BJTනව පාමොජ්ජමූලකා ධම්මා: අනිච්චතො මනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙ චිත්තෙ යථාභූතං ජානාති{1} පස්සති, යථාභූතං ජානං පස්සං නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. දුක්ඛතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- අනත්තතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ-
Sinhala BJTප්‍රාමෝද්‍යමූලධර්‍මයෝ නව දෙනෙකි: අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකය සන්හුන් දරථ ඇත්තේ වෙයි. නිවුණුකය ඇත්තේ චෛතසික සුඛය විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි (උදයව්‍යයඥානාදි වශයෙන් සංස්කාරයන්) යථාස්වභාවයෙන් දැනැගනී. නුවණැසින් දකී. යථාස්වභාවයෙන් දන්නේ නුවණැසින් දක්නේ සංස්කාරයන්හි උකටලි වෙයි. උත්කණ්ඨිත වනුයේ සංසාකාරයන් කෙරෙන් විරක්ත වෙයි. විරාගය හේතු කොට ගෙන නිර්‍වාණයෙහි (අධිමෝක්‍ෂයෙන්) මිදෙයි. දුඃඛ වශයෙන් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... අනාත්ම වශයෙන් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ...
Pali BJTරූපං අනිච්චතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං දුක්ඛතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනත්තතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං දුක්ඛතො මනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං අනත්තතො මනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙ චිත්තෙ යථාභූතං ජානාති පස්සති, යථාභූතං ජානං පස්සං නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. ඉමෙ නව පාමොජ්ජමූලකා ධම්මා.
Sinhala BJTරූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. … ජරාමරණය දුඃඛ වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. … ජරාමරණය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ නාමකාය සන්හුන් දරථ ඇත්තේ වෙයි. සැහැල්ලු වූ කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි (සංස්කාරයන්) යථාස්වභාවයෙන් දැනැගනී. නුවණැසින් දකී. යථාස්වභාවයෙන් දන්නේ නුවණැසින් දක්නේ උකටලි වෙයි. උත්කණ්ඨිත වනුයේ සංස්කාරයන් කෙරෙන් විරක්ත වෙයි. විරාගය හේතු කොට ගෙන නිර්‍වාණයෙහි (අධිමෝක්‍ෂයෙන්) මිදෙයි. මොහු නවදෙන ප්‍රාමෝද්‍යමූලකධර්‍මයෝ යි.
Pali BJTනව යොනිසොමනසිකාරමූලකා ධම්මා: අනිච්චතො යොනිසො මනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායොපස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙන චිත්තෙන ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJTයොනිසොමනසිකාරමූලකධර්‍මයෝ නව දෙනෙකි: අනිත්‍ය වශයෙන් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහු ගේ නාමකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත අරමුණෙහි සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් (නුවණින්) දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් (නුවණින්) දැනගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’ යැ යි යථාස්වභාවයෙන් දැනගනී.
Pali BJTදුක්ඛතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙන චිත්තෙන ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJTදුඃඛ විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී, ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ නාමකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’යැ යි යථාස්වභාවයෙන් දැනගනී.
Pali BJTඅනත්තතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනිච්චතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනිච්චතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං දුක්ඛතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- රූපං අනත්තතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං දුක්ඛතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති -පෙ- ජරාමරණං අනත්තතො යොනිසොමනසිකරොතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතෙන චිත්තෙන ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉමෙ නව යොනිසොමනසිකාරමූලකා ධම්මා.
Sinhala BJTඅනාත්ම විසින් නුවණින් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී ... රූපය අනිත්‍ය විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... රූපය දුඃඛ විසින් නුවණින් මෙනෙහිකරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... රූපය අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස .. ජරාමරණය අනිත්‍ය විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ජරාමරණය දුඃඛ විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී ... ජරාමරණය අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරන්නාහට ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ නාමකය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ චෛතසිකසුඛය විඳී. සුව ඇත්තහුගේ සිත සමාහිත වෙයි. සමාහිත වූ සිතින් ‘මේ දුකැ’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ ‘දුඃඛසමුදය’යි යථාස්වභාවයෙන් දැනැගනී. මේ ‘දුඃඛනිරෝධය’යි යථාස්වභාවයෙන් දැනගනී. මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා’ යි යථාස්වභාවයෙන් දැනගනී. මොහු නවදෙන යොනිසොමනසිකාරමූලකධර්‍මයෝ යි.
Pali BJTනව නානත්තා: ධාතුනානත්තං පටිච්ච උප්පජ්ජති ඵස්සනානත්තං, ඵස්සනානත්තං පටිච්ච උප්පජ්ජති වෙදනානත්තං, වෙදනානානත්තං පටිච්ච උප්පජ්ජති සඤ්ඤානානත්තං, සඤ්ඤානානත්තං පටිච්ච උප්පජ්ජති සඞ්කප්පනානත්තං, සඞ්කප්පනානත්තං පටිච්ච උප්පජ්ජති ඡන්දනානත්තං, ඡන්දනානත්තං පටිච්ච උප්පජ්ජති පරිළාහනානත්තං, පරිළාහනානත්තං පටිච්ච උප්පජ්ජති පරියෙසනානානත්තං, පරියෙසනානානත්තං පටිච්ච උප්පජ්ජති ලාභනානත්තං. ඉමෙ නවනානත්තා.
Sinhala BJTනානාත්‍වයෝ නවදෙනෙකි: ධාතුනානාත්‍වය නිසා ස්පර්‍ශනානාත්‍වය උපදී. ස්පර්‍ශනානාත්‍වය නිසා වේදනානානාත්‍වය උපදී. වේදනානානාත්‍වය නිසා සංඥානානාත්‍වය උපදී. සංඥානානාත්‍වය නිසා සංකල්පනානාත්‍වය උපදී. සංකල්පනානාත්‍වය නිසා ඡන්‍දනානාත්‍වය උපදී. ඡන්‍දනානාත්‍වය නිසා පරිදාහනානාත්‍වය උපදී. පරිදාහනානාත්‍වය නිසා පර්‍ය්‍යෙෂණානානාත්‍වය උපදී. පර්‍ය්‍යෙෂණානානාත්‍වය නිසා ලාභනානාත්‍වය උපදී. මොහු නව නානාත්‍වයෝ යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘නව ධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තෙ ඤාණං.’
Sinhala BJTඒ ධර්‍මනානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘නව ධම්මවවත්‍ථානෙ පඤ්ඤා ධම්මනානත්තේ ඤාණං’යි.
Pali BJTධම්මනානත්තඤාණනිද්දෙසො.
Sinhala BJTධර්‍මනානාත්‍වඥානනිර්දේශ යි.
Pali BJT20-24. ඤාණපඤ්චකං.
Sinhala BJT20-24. ඥානපඤ්චකය
Pali BJTකථං අභිඤ්ඤා පඤ්ඤා ඤාතට්ඨෙ{1} ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ{2} ඤාණං, පහානපඤ්ඤා පරිච්චාගට්ඨෙ{3} ඤාණං, භාවනාපඤ්ඤා එකරසට්ඨෙ{4} ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵුසනට්ඨෙ{5} ඤාණං:
Sinhala BJTකිසෙයින් අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථඥාන වෙයි, පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන වෙයි, ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන වෙයි, භාවනාප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන වෙයි, සාක්‍ෂාත්ක්‍රියාප්‍රඥාව ස්පර්‍ශනාර්‍ත්‍ථඥාන වෙයි යත්:
Pali BJTයෙ යෙ ධම්මා අභිඤ්ඤාතා හොන්ති තෙ තෙ ධම්මා ඤාතා හොන්ති, යෙ යෙ ධම්මා පරිඤ්ඤාතා හොන්ති තෙ තෙ ධම්මා තීරිතා හොන්ති, යෙ යෙ ධම්මා පහීන හොන්ති තෙ තෙ ධම්මා පරිච්චත්තා හොන්ති, යෙ යෙ ධම්මා භාවිතා හොන්ති තෙ තෙ ධම්මා එකරසා හොන්ති, යෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති තෙ තෙ ධම්මා ඵස්සිතා{6} හොන්ති.
Sinhala BJTයම් යම් ධර්‍ම කෙනෙක් (ධර්‍මස්වභාවලක්‍ෂණ දැනීම් වශයෙන්) මොනොවට දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ දන්නාලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන්) හාත්පසින් දන්නාලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ තීරණය කරනලද්දාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් (භඞ්ගානුදර්‍ශනයෙහි පටන්) ප්‍රහීණ වූවාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ පරිත්‍යක්ත වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් වඩනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ එකකෘත්‍ය වූවාහු වෙති. යම් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කරනලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ (ප්‍රතිලාභප්‍රතිවේධස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කරනලද්දාහු වෙත්.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: ‘අභිඤ්ඤාපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහානපඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං, භාවනාපඤ්ඤා එකරසට්ඨෙ ඤාණං, සච්ඡිකිරියා පඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං’.
Sinhala BJTඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: අභිඤ්ඤපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං, පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං, පහාණපඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං, භාවනාපඤ්ඤා ඒකරසට්ඨෙ ඤාණං, සච්ඡිකිරියාපඤ්ඤා ඵුසනට්ඨෙ ඤාණං’යි
Pali BJTඤාණපඤ්චකනිද්දෙසො.
Sinhala BJTපඤ්චකඥානනිර්දේශ යි.
Pali BJT25-28. පටිසම්භිදාඤාණං
Sinhala BJT25-28. ප්‍රතිසංවිද් ඥානය
Pali BJTකථං අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTකිසෙයින් අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන වෙයි, ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන වෙයි, නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන වෙයි, ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
Pali BJTසද්ධින්ද්රියං ධම්මො, විරියින්ද්රියං ධම්මො, සතින්ද්රියං ධම්මො, සමාධින්ද්රියං ධම්මො, පඤ්ඤින්ද්රියං ධම්මො, අඤ්ඤො සද්ධින්ද්රියං ධම්මො{1} අඤ්ඤො විරියින්ද්රියං ධම්මො, අඤ්ඤො සතින්ද්රියං ධම්මො, අඤ්ඤො සමාධින්ද්රියං ධම්මො, අඤ්ඤො පඤ්ඤින්ද්රියං ධම්මො, යෙන ඤාණෙන ඉමෙ නානා ධම්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ධම්මා පටිවිදිතා’ති. තෙන වුච්චති, ‘ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය ධර්‍මයෙක, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ධර්‍මයෙක, සමාධීන්‍ද්‍රිය ධර්‍මයෙක, ප්‍රඥේන්‍ද්‍රිය ධර්‍මයෙකි, ශ්‍රද්ධේන්‍ද්‍රිය අනෙකෙක, වීර්ය්‍යේන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, සමාධීන්‍ද්‍රියධර්‍මය අනෙකෙක, ප්‍රඥේන්‍ද්‍රියධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද ඒ ඥානයෙන් මැ මේ නානාධර්‍මයෝ අභිමුඛභාවයෙන් දන්නාලද්දාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යි
Pali BJTඅධිමොක්ඛට්ඨො අත්ථො පග්ගහට්ඨො අත්ථො, උපට්ඨානට්ඨො අත්ථො, අවික්ඛෙපට්ඨො අත්ථො, දස්සනට්ඨො අත්ථො, අඤ්ඤො අධිමොක්ඛට්ඨො අත්ථො, අඤ්ඤො පග්ගහට්ඨො අත්ථො, අඤ්ඤො උපට්ඨානට්ඨො අත්ථො, අඤ්ඤො අවික්ඛෙපට්ඨො අත්ථො, අඤ්ඤො දස්සනට්ඨො අත්ථො යෙන ඤාණෙන ඉමෙ නානා අත්ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්ථා පටිවිදිතා’ති. තෙන වුච්චති ‘අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTඅධිමෝක්‍ෂකෘත්‍යය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහකෘත්‍යය අර්‍ත්‍ථයෙක, උපස්ථාන (වැටහීම්) කෘත්‍යය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපකෘත්‍යය අර්‍ත්‍ථයෙක, දර්‍ශනකෘත්‍යය අර්‍ත්‍ථයෙකි. අධිමෝක්‍ෂකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහකෘත්‍යසංඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙක, දර්‍ශනකෘත්‍යසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට වූවාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTපඤ්ච ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා, පඤ්චත්ථෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා. අඤ්ඤා ධම්මනිරුත්තියො, අඤ්ඤා අත්ථනිරුත්තියො. යෙන ඤාණෙන ඉමා නානා නිරුත්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානා නිරුත්තියො පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTසද්ධින්‍ද්‍රියාදි පඤ්චධර්‍මයන් (පරහට) දක්වනු සඳහා චතුර්විධ නාමව්‍යඤ්ජන නාමනිරුක්ති නාමාභිලාපයෝ වෙති. (අධිමෝක්‍ෂාදි) පඤ්චාර්‍ත්‍ථයන් දක්වනු සඳහා නාමව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ නිරුක්තීහු දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී
Pali BJTපඤ්චසු ධම්මෙසු ඤාණානි, පඤ්චසු අත්ථෙසු ඤාණානි, දසසු නිරුත්තිසු ඤාණානි. අඤ්ඤානි ධම්මෙසු ඤාණානි, අඤ්ඤානි අත්ථෙසු ඤාණානි, අඤ්ඤානි නිරුත්තිසු ඤාණානි. යෙන ඤාණෙන ඉමෙ නානා ඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ඤාණා පටිවිදිතාති. තෙන වුච්චති: ‘පටිභානනානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTපඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මයෙහි ඥානයෝ යැ, අර්‍ත්‍ථයෙහි ඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තියෙහි ඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ විවිධ වූ ඥානයෝ දන්නා ලද්දාහු වෙත් යයි. එයින් කියනු ලැබෙයි: “පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං”යී.
Pali BJTසද්ධාබලං ධම්මො, විරියබලං ධම්මො, සතිබලං ධම්මො, සමාධිබලං ධම්මො, පඤ්ඤාබලං ධම්මො. අඤ්ඤො සද්ධාබලං ධම්මො, අඤ්ඤො විරියබලං ධම්මො, අඤ්ඤො සතිබලං ධම්මො, අඤ්ඤො සමාධිබලං ධම්මො, අඤ්ඤො පඤ්ඤාබලං ධම්මො. යෙන ඤාණෙන ඉමෙ නානා ධම්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ධම්මා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTශ්‍රද්ධාබලය ධර්‍මයෙක, වීර්‍ය්‍යබලය ධර්‍මයෙක, ස්මෘතිබලය ධර්‍මයෙක, සමාධිබලය ධර්‍මයෙක, ප්‍රඥාබලය ධර්‍මයෙකි. ශ්‍රද්ධාබලය අන්‍යධර්‍මයෙක, වීර්‍ය්‍යබලය අන්‍යධර්‍මයෙක, ස්මෘතිබලය අන්‍යධර්‍මයෙක, සමාධිබලය අන්‍යධර්‍මයෙක, ප්‍රඥාබලය අන්‍යධර්‍මයෙකි. යම් ඥානයෙකින් මේ විවිධ ධර්‍මයෝ දන්නා ලද්දාහු ද, එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි. “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියට්ඨො අත්ථො, කොසජ්ජෙ අකම්පියට්ඨො අත්ථො, පමාදෙ අකම්පියට්ඨො අත්ථො, උද්ධච්චෙ අකම්පියට්ඨො අත්ථො, අවිජ්ජාය අකම්පියට්ඨො අත්ථො, අඤ්ඤො අස්සද්ධියෙ අකම්පියට්ඨො අත්ථො, අඤ්ඤො කොසජ්ජෙ අකම්පියට්ඨො අත්ථො, අඤ්ඤො පමාදෙ අකම්පියට්ඨො අත්ථො, අඤ්ඤො උද්ධච්චෙ අකම්පියට්ඨො අත්ථො, අඤ්ඤො අවිජ්ජාය අකම්පියට්ඨො අත්ථො. යෙන ඤාණෙන ඉමෙ නානා අත්ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්ථා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTඅශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවය අර්‍ත්‍ථයෙකි. අශ්‍රද්ධායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, කෞශීද්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රමාදයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, ඖද්ධත්‍යයෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවිද්‍යායෙන් අකම්ප්‍යභාවාර්‍ත්‍ථය අනෙකෙකි, යම් ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ දන්නා ලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං”යී.
Pali BJTපඤ්ච ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා, පඤ්ච අත්ථෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා. අඤ්ඤා ධම්මනිරුත්තියො, අඤ්ඤා අත්ථනිරුත්තියො. යෙන ඤාණෙන ඉමා නානා නිරුත්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානා නිරුත්තියො පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTශ්‍රද්ධාබලාදි පඤ්චධර්‍මයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙති. පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනු සඳහා බ්‍යඤ්ජනනිරුත්තාභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධනිරුක්තීහු දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ විවිධ නිරුක්තීහු ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං”යී.
Pali BJTපඤ්චසු ධම්මෙසු ඤාණානි, පඤ්චසු අත්ථෙසු ඤාණානි, දසසු නිරුත්තිසු ඤාණානි. අඤ්ඤානි ධම්මෙසු ඤාණානි, අඤ්ඤානි අත්ථෙසු ඤාණානි, අඤ්ඤානි නිරුත්තිසු ඤාණානි. යෙන ඤාණෙන ඉමෙ නානාඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා ඤාණා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘පටිභානනානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTපඤ්චධර්‍මයෙහි ඥානයෝ යැ, පඤ්චඅර්‍ත්‍ථයෙහි ඥානයෝ යැ, දශනිරුක්තියෙහි ඥානයෝ යි. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ, අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTසතිසම්බොජ්ඣඞ්ගො ධම්මො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො ධම්මො, විරියසම්බොජ්ඣඞ්ගො ධම්මො, පීතිසම්බොජ්ඣඞ්ගො ධම්මො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො ධම්මො, සමාධිසම්බොජ්ඣඞ්ගො ධම්මො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ධම්මො. අඤ්ඤො සතිසම්බොජ්ඣඞ්ගො ධම්මො, අඤ්ඤො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො ධම්මො, අඤ්ඤො විරියසම්බොජ්ඣඞ්ගො ධම්මො, අඤ්ඤො පීතිසම්බොජ්ඣඞ්ගො ධම්මො, අඤ්ඤො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො ධම්මො, අඤ්ඤො සමාධිසම්බොජ්ඣඞ්ගො ධම්මො, අඤ්ඤො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ධම්මො. යෙන ඤාණෙන ඉමෙ නානා ධම්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාධම්මා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTස්මෘතිසම්බොධ්‍යඞ්ගය ධර්‍මයෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ධර්‍මයෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අනෙකෙක, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, සමාධිසම්බෝධ්‍යඞ්ගය අනෙකෙක, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ විවිධධර්‍මයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධධර්‍මයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: “ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං”යී.
Pali BJTඋපට්ඨානට්ඨො අත්ථො, පවිචයට්ඨො අත්ථො, පග්ගහට්ඨො අත්ථො, ඵරණට්ඨො අත්ථො, උපසමට්ඨො අත්ථො, අවික්ඛෙපට්ඨො අත්ථො, පටිසඞ්ඛානට්ඨො අත්ථො, අඤ්ඤො උපට්ඨානට්ඨො අත්ථො, අඤ්ඤො පවිචයට්ඨො අත්ථො, අඤ්ඤො පග්ගහට්ඨො අත්ථො, අඤ්ඤො ඵරණට්ඨො අත්ථො, අඤ්ඤො උපසමට්ඨො අත්ථො, අඤ්ඤො අවික්ඛෙපට්ඨො අත්ථො, අඤ්ඤො පටිසඞ්ඛානට්ඨො අත්ථො. යෙන ඤාණෙන ඉමෙ නානා අත්ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්ථා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTඋපස්ථාන (එළඹසිටි) ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රවිචය ස්වභාවය අර්‍ත්‍ථයෙක, ප්‍රග්‍රහස්වභාවය අර්‍ත්‍ථයෙක, පැතිරීම් ස්වභාවය අර්‍ත්‍ථයෙක, උපශම ස්වභාවය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේප ස්වභාවය අර්‍ත්‍ථයෙක, මධ්‍යස්ථ ස්වභාවය අර්‍ත්‍ථයෙකි. උපස්ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රවිචයස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පැතිරීම් ස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, උපශමස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, මධ්‍යස්ථස්වභාවාර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ ඥානාර්‍ත්‍ථයෝ දන්නාලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ නානාර්‍ත්‍ථයෝ අභිමුඛ කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථනානත්තේ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTසත්ත ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා, සත්ත අත්ථෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා. අඤ්ඤා ධම්මනිරුත්තියො, අඤ්ඤා අත්ථනිරුත්තියො, යෙන ඤාණෙන ඉමා නානානිරුත්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානානිරුත්තියො පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTසතිසම්බොජ්ඣඞ්ගාදි සප්තධර්‍මයන් දක්වනු සඳහා ව්‍යඤ්ජනිරුක්ත්‍යභිලාපයෝ වෙති. උපස්ථානාදි සප්තාර්‍ත්‍ථයන් දක්වනු සඳහා ව්‍යඤ්ජනිරුක්ත්‍යභිලාපයෝ වෙති. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ නානා නිරුක්තීහු දන්නාලද්දාහු වෙත් ද, එ මැ ඥානයෙන් මේ නානා නිරුක්තීහු ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTසත්තසු ධම්මෙසු ඤාණානි, සත්තසු අත්ථෙසු ඤාණානි, චුද්දසු නිරුත්තිසු ඤාණානි, අඤ්ඤානි ධම්මෙසු ඤාණානි, අඤ්ඤානි අත්ථෙසු ඤාණානි, අඤ්ඤානි නිරුත්තිසු ඤාණානි, යෙන ඤාණෙන ඉමෙ නානාඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාඤාණා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘පටිභානනානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTසප්තධර්‍මඥානයෝ යැ සප්ත අර්‍ත්‍ථඥානයෝ යැ. තුදුස්නිරුක්තිඥානයෝ යී. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ. අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ, නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නා ලද්දාහු වෙත් ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTසම්මාදිට්ඨි ධම්මො, සම්මාසඞ්කප්පො ධම්මො, සම්මාවාචා ධම්මො, සම්මාකම්මන්තො ධම්මො, සම්මාආජීවො ධම්මො, සම්මාවායාමො ධම්මො, සම්මාසති ධම්මො, සම්මාසමාධි ධම්මො, අඤ්ඤො සම්මාදිට්ඨි ධම්මො, අඤ්ඤො සම්මාසඞ්කප්පො ධම්මො, අඤ්ඤො සම්මාවාචා ධම්මො, අඤ්ඤො සම්මාකම්මන්තො ධම්මො, අඤ්ඤො සම්මාආජීවො ධම්මො, අඤ්ඤො සම්මාවායාමො ධම්මො, අඤ්ඤො සම්මාසති ධම්මො, අඤ්ඤො සම්මාසමාධි ධම්මො, යෙන ඤාණෙන ඉමෙ නානාධම්මා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාධම්මා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටිය ධර්‍මයෙක, සම්‍යක්සංකල්පය ධර්‍මයෙක, සම්‍යග්වචනය ධර්‍මයෙක, සම්‍යක්කර්‍මාන්තය ධර්‍මයෙක, සම්‍යගාජීවය ධර්‍මයෙක, සම්‍යග්ව්‍යායාමය ධර්‍මයෙක, සම්‍යක්ස්මෘතිය ධර්‍මයෙක, සම්‍යක්සමාධිය ධර්‍මයෙකි. සම්‍යග්දෘෂ්ටිධර්‍මය අනෙකෙක, සම්‍යක්සංකල්පධර්‍මය අනෙකෙක, සම්‍යග්වචනධර්‍මය අනෙකෙක, සම්‍යක්කර්‍මාන්තධර්‍මය අනෙකෙක, සම්‍යගාජීවධර්‍මය අනෙකෙක, සම්‍යග්ව්‍යායාමධර්‍මය අනෙකෙක, සම්‍යක්ස්මෘතිධර්‍මය අනෙකෙක, සම්‍යක්සමාධිධර්‍මය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාධර්‍මයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානාධර්‍මයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTදස්සනට්ඨො අත්ථො, අභිනිරොපනට්ඨො අත්ථො, පරිග්ගහට්ඨො අත්ථො, සමුට්ඨානට්ඨො අත්ථො, වොදානට්ඨො අත්ථො, පග්ගහට්ඨො අත්ථො, උපට්ඨානට්ඨො අත්ථො, අවික්ඛෙපට්ඨො අත්ථො, අඤ්ඤො දස්සනට්ඨො අත්ථො, අඤ්ඤො අභිනිරොපනට්ඨො අත්ථො, අඤ්ඤො පරිග්ගහට්ඨො අත්ථො, අඤ්ඤො සමුට්ඨානට්ඨො අත්ථො, අඤ්ඤො උපට්ඨානට්ඨො අත්ථො, අඤ්ඤො අවික්ඛෙපට්ඨො අත්ථො, යෙන ඤාණෙන ඉමෙ නානා අත්ථා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානා අත්ථා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTදර්‍ශනස්වභාවය අර්‍ත්‍ථයෙක, අභිනිරෝපණ (සිත අරමුණට නඟන) ස්වභාවය අර්‍ත්‍ථයෙක, පරිග්‍ර (චතුර්විධ වාක්සංවර) ස්වභාවය අර්‍ත්‍ථයෙක, සමුත්‍ථාන (ත්‍රිවිධ කායසංවර) ස්වභාවය අර්‍ත්‍ථයෙක, පරිශුද්ධස්වභාවය අර්‍ත්‍ථයෙක, (වීර්‍ය්‍ය වශයෙන්) ප්‍රග්‍රහ ස්වභාවය අර්‍ත්‍ථයෙක, උපස්ථානාර්‍ත්‍ථය අර්‍ත්‍ථයෙක, අවික්‍ෂේපාර්‍ත්‍ථය අර්‍ත්‍ථයෙකි. දර්‍ශනස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අභිනිරෝපණස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පරිග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, සමුත්‍ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, පරිශුද්ධස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, ප්‍රග්‍රහස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, උපස්ථානස්වභාවාර්‍ත්‍ථය අනෙකෙක, අවික්‍ෂේපස්වභාවාර්‍ත්‍ථය අනෙකෙකි. යම් ඥානයෙකින් මේ නානාඅර්‍ත්‍ථයෝ දන්නාහලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානා අර්‍ත්‍ථයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථනානත්තේ පඤ්ඤා අර්‍ත්‍ථපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTඅට්ඨ ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා, අට්ඨ අත්ථෙ සන්දස්සෙතු බ්යඤ්ජනනිරුත්තාභිලාපා. අඤ්ඤා ධම්මනිරුත්තියො, අඤ්ඤා අත්ථනිරුත්තියො. යෙන ඤාණෙන ඉමා නානානිරුත්තියො ඤාතා, තෙනෙව ඤාණෙන ඉමා නානානිරුත්තියො පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTඅෂ්ටධර්‍මයන් (මෙරමාහට) දක්වනු පිණිස ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. අෂ්ටඅර්‍ත්‍ථයන් දක්වනු පිණිස ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙත්. ධර්‍මනිරුක්තීහු අන්‍යයෝ යැ, අර්‍ත්‍ථනිරුක්තීහු අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ නානානිරුක්තීහු දන්නා ලද්දාහු ද එ මැ ඥානයෙන් මේ නානානිරුක්තීහු ප්‍රකට කොට දන්නා ලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTඅට්ඨසු ධම්මෙසු ඤාණානි, අට්ඨසු අත්ථෙසු ඤාණානි, සොළසසු නිරුත්තීසු ඤාණානි. අඤ්ඤානි ධම්මෙසු ඤාණානි, අඤ්ඤානි අත්ථෙසු ඤාණානි, අඤ්ඤානි නිරුත්තිසු ඤාණානි. යෙන ඤාණෙන ඉමෙ නානාඤාණා ඤාතා, තෙනෙව ඤාණෙන ඉමෙ නානාඤාණා පටිවිදිතා’ති. තෙන වුච්චති: ‘පටිභානනානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTඅෂ්ටධර්‍මඥානයෝ යැ අෂ්ටඅර්‍ත්‍ථඥානයෝ යැ සොළොස් නිරුක්තිඥානයෝ යි. ධර්‍මඥානයෝ අන්‍යයෝ යැ අර්‍ත්‍ථඥානයෝ අන්‍යයෝ යැ. නිරුක්තිඥානයෝ අන්‍යයෝ යි. යම් ඥානයෙකින් මේ විවිධඥානයෝ දන්නාලද්දාහු ද එ මැ ඥානයෙන් මේ විවිධඥානයෝ මොනොවට දන්නාලද්දාහු යයි. එයින් කියනු ලැබෙයි: ‘පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’.
Sinhala BJTඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථානත්තෙ පඤ්ඤා අත්‍ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානනානත්තේ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං’යී.
Pali BJTපටිසම්භිදාඤාණනිද්දෙසො.
Sinhala BJTප්‍රතිසංවිද්ඥානනිර්දේශ යි.
Pali BJT29-31. ඤාණත්තයං
Sinhala BJT29-31. ඥානත්‍රය
Pali BJTකථං විහාරනානත්තෙ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත්ති නානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං, විහාරසමාපත්තිනානත්තෙ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (අනිත්‍යානුදර්‍ශනාදි) විහාරනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරාර්‍ත්‍ථඥාන වෙයි, (අනිමිත්තාදි) සමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව සමාපත්ත්‍යර්‍ත්‍ථ ඥාන වෙයි, විහාරසමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරසමාපත්ත්‍යර්‍ත්‍ථඥාන වෙයි යත්:
Pali BJTනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති අනිමිත්තො විහාරො, පණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති අප්පණිහිතො විහාරො, අභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති සුඤ්ඤතො විහාරො.
Sinhala BJTසංස්කාරනිමිත්ත භය විසින් මොනොවට දක්නේ සංස්කාරනිමිත්ත ප්‍රතිපක්‍ෂ නිර්‍වාණයෙහි අධිමුක්ත (නිම්න) බැවින් (සංස්කාරනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය (විදර්‍ශනාඥානයෙන්) දකී නම් (ඒ) අනිමිත්තවිහාර නම් වෙයි. තෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ (තෘෂ්ණාප්‍රතිපක්‍ෂ) නිර්‍වාණයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) අප්‍රණිහිතවිහාර නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ (ආත්මවිරහිත වූ) නිර්‍වාණයෙහි අධිමුක්ත බැවින් (අභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම් (ඒ) ශූන්‍යතවිහාර නම් වේ.
Pali BJTනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති, අනිමිත්තා සමාපත්ති. පණාධිං භයතො සම්පස්සමානො අප්පණිහිතං අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අප්පණිහිතං ආවජ්ජිත්වා සමාපජ්ජති, අප්පණිහිතා සමාපත්ති. අභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං සුඤ්ඤතං ආවජ්ජිත්වා සමාපජ්ජති, සුඤ්ඤතා සමාපත්ති.
Sinhala BJTනිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්ත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තසමාපත්ති නම් වෙයි. ප්‍රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට තෘෂ්ණාප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්‍යත (නිර්‍වාණ) යෙහි අද්මුක්ත බැවින් (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
Pali BJTනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්කඛිත්වා නිරොධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති, අනිමිත්තා විහාරසමාපත්ති. පණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අප්පණිහිතං ආවජ්ජිත්වා සමාපජ්ජති, අප්පණිහිතා විහාරසමාපත්ති. අභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං සුඤ්ඤතං ආවජ්ජිත්වා සමාපජ්ජති, සුඤ්ඤතා විහාරසමාපත්ති.
Sinhala BJTනිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (සංස්කාරනිමිත්ත නුවණින් ස්පශී කොට කොට (එණි) භඞ්ගය දකී නම්, (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. ප්‍රණිධිය භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (තෘෂ්ණාව නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, විපාක ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය අවර්‍ජනා කොට ඵල සමවතට සමවදී නම් (ඒ) අප්‍රණිහිත විහාරසමාපත්ති නම් වෙයි. ආත්මාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ආත්මාභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට (එහි) භඞ්ගය දකී නම්, (විපාක) ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය අවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් (ඒ) ශුන්‍යතවිහාර සමාපත්ති නම් වේ.
Pali BJTරූපනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, අනිමිත්තො විහාරො. රූපපණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, අපප්පණිහිතො විහාරො. රූපාභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, සුඤ්ඤතො විහාරො.
Sinhala BJTරූපනිමිත්ත භය විසින් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, අනිමිත්තවිහාර නම් වෙයි. රූපතෘෂ්ණාව භය විසින් මොනොවට දක්නේ අප්‍රණිහිත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපප්‍රණිධිය නුවණින්) ස්පර්‍ශය කොට කොට භඞ්ගය දකී නම්, අප්‍රණීහිතවිහාර නම් වෙයි. රූපාභිනිවේශය භය විසින් මොනොවට දක්නේ ශුන්‍යත (නිර්‍වාණ) යෙහි අධිමුක්ත බැවින් (රූපාභිනිවේශය නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ශූන්‍යතවිහාර නම් වේ.
Pali BJTරූපනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති, අනිමිත්තා සමාපත්ති. රූපපණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අප්පණිහිතං ආවජ්ජිත්වා සමාපජ්ජති, අප්පණිහිතා සමාපත්ති. රූපාභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං සුඤ්ඤතං ආවජ්ජිත්වා සමාපජ්ජති, සුඤ්ඤතා සමාපත්ති.
Sinhala BJTරූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණසඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්ත සමාපත්ති නම් වෙයි. රූපප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතසමාපත්ති නම් වේ.
Pali BJTරූපනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති, අනිමිත්තා විහාසමාපත්ති. රූපපණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අප්පණිහිතං ආවජ්ජිත්වා සමාපජ්ජති, අප්පණිහිතා විහාරසමාපත්ති. රූපාභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං සුඤ්ඤතං ආවජ්ජිත්වා සමාපජ්ජති, සුඤ්ඤතා විහාරසමාපත්ති.
Sinhala BJTරූපනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (රූපනිමිත්ත නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකි නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. රූපප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (රූපප්‍රණිධිය නුවණින්) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතවිහාරසමාපත්ති නම් වෙයි. රූපාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
Pali BJTවෙදනානිමිත්තං -පෙ- සඤ්ඤානිමිත්තං -පෙ- සඞ්ඛාරනිමිත්තං -පෙ- විඤ්ඤාණ නිමිත්තං -පෙ- චක්ඛුනිමිත්තං -පෙ- ජරාමරණනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, අනිමිත්තො විහාරො. ජරාමරණපණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, අප්පණිහිතො විහාරො. ජරාමරණාභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, සුඤ්ඤතො විහාරො.
Sinhala BJTවේදනානිමිත්ත ... සංඥානිමිත්ත ... සංස්කාරනිමිත්ත ... විඥානනිමිත්ත ... චක්ඛුනිමිත්ත ... ජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණනිමිත්ත) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, අනිමිත්තවිහාර නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණ ප්‍රණිධිය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් අප්‍රණිහිතවිහාර නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණාභිනිවේශය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම් ශූන්‍යතවිහාර නම් වේ.
Pali BJTජරාමරණනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති, අනිමිත්තා සමාපත්ති. ජරාමරණපණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අප්පණිහිතං ආවජ්ජිත්වා සමාපජ්ජති, අප්පණිහිතා සමාපත්ති. ජරාමරණාභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං සුඤ්ඤතං ආවජ්ජිත්වා සමාපජ්ජති සුඤ්ඤතා සමාපත්ති.
Sinhala BJTජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අනිමිත්ත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තසමාපත්ති නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතසමාපත්ති නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතසමාපත්ති නම් වේ.
Pali BJTජරාමරණනිමිත්තං භයතො සම්පස්සමානො අනිමිත්තෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අනිමිත්තං ආවජ්ජිත්වා සමාපජ්ජති අනිමිත්තා විහාරසමාපත්ති. ජරාමරණපණිධිං භයතො සම්පස්සමානො අප්පණිහිතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං අප්පණිහිතං ආවජ්ජිත්වා සමාපජ්ජති, අප්පණිහිතා විහාරසමාපත්ති. ජරාමරණාභිනිවෙසං භයතො සම්පස්සමානො සුඤ්ඤතෙ අධිමුත්තත්තා ඵුස්ස ඵුස්ස වයං පස්සති, පවත්තං අජ්ඣුපෙක්ඛිත්වා නිරොධං නිබ්බානං සුඤ්ඤතං ආවජ්ජිත්වා සමාපජ්ජති, සුඤ්ඤතා විහාරසමාපත්ති.
Sinhala BJTජරාමරණනිමිත්ත භයවශයෙන් මොනොවට දක්නේ අනිමිත්තයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණනිමිත්ත) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට නිමිත්තප්‍රතිපක්‍ෂ වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අනිමිත්තවිහාරසමාපත්ති නම් වෙයි. ජරාමරණප්‍රණිධිය භයවශයෙන් මොනොවට දක්නේ අප්‍රණිහිතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණප්‍රණිධිය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට අප්‍රණිහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් අප්‍රණිහිතවිහාරසමාපත්ති නම් වෙයි. ජරාමරණාභිනිවේශය භයවශයෙන් මොනොවට දක්නේ ශූන්‍යතයෙහි අධිමුක්ත බැවින් (ජරාමරණාභිනිවේශය) ස්පර්‍ශ කොට කොට භඞ්ගය දකී නම්, ප්‍රවෘත්තිය අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත නිරෝධය ආවර්‍ජනා කොට ඵලසමවතට සමවදී නම් ශූන්‍යතවිහාරසමාපත්ති නම් වේ.
Pali BJTඅඤ්ඤො අනිමිත්තො විහාරො, අඤ්ඤො අප්පණිහිතො විහාරො, අඤ්ඤො සුඤ්ඤතො විහාරො. අඤ්ඤා අනිමිත්තා සමාපත්ති. අඤ්ඤා අප්පණිහිතා සමාපත්ති, අඤ්ඤා සුඤ්ඤතා සමාපත්ති. අඤ්ඤා අනිමිත්තා විහාරසමාපත්ති, අඤ්ඤා අප්පණිහිතා විහාරසමාපත්ති, අඤ්ඤා සුඤ්ඤතා විහාරසමාපත්ති.
Sinhala BJTඅනිමිත්තවිහාරය අනෙකෙක, අප්‍රණිහිතවිහාරය අනෙකෙක, ශූන්‍යතවිහාරය අනෙකෙකි. අනිමිත්තසමාපත්තිය අනෙකක, අප්‍රණිහිතසමාපත්තිය අනෙකක, ශූන්‍යතසමාපත්තිය අනෙකකි. අනිමිත්තවිහාරසමාපත්තිය අනෙකක, අප්‍රණිහිතවිහාරසමාපත්තිය අනෙකක, ශූන්‍යතවිහාරසමාපත්තිය අනෙකකි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘විහාරනානත්තෙ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත්තිනානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං, විහාරසමාපත්තිනානත්තෙ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විහාරනානත්තේ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං, සමාපත්තිනානත්තේ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණ, විහාරසමාපත්තිනානත්තේ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං’යී.
Pali BJTඤාණත්තයනිද්දෙසො.
Sinhala BJTඥානත්‍රයනිර්දේශ යි.
Pali BJT32. ආනන්තරිකසමාධිඤාණං
Sinhala BJT32. ආනන්තරිකසමාධි ඥානය
Pali BJTකථං අවික්ඛෙපපරිසුද්ධත්තා{1} ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං{2} ඤාණං:
Sinhala BJTකිසෙයින් අවික්‍ෂේපපරිශුද්ධභාවයෙන් කාමාදි ආශ්‍රවයන්ගේ සමුච්ඡෙදයෙහි ප්‍රඥාව ආනන්තරික (මාර්‍ග) සමාධිඥාන වෙයි යත්:
Pali BJTනෙක්ඛම්මවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, තස්ස සමාධිස්ස වසෙන උප්පජ්ජති ඤාණං, තෙන ඤාණෙන ආසවා ඛීයන්ති, ඉති පඨමං සමථො, පච්ඡා ඤාණං, තෙන ඤාණෙන ආසවානං ඛයො හොති. තෙන වුච්චති: ‘අවික්ඛෙපපරිසුද්ධත්තා ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං{3} ඤාණං’.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යවශයෙන් සිතෙහි එකඟ බව යයි කියනලද අවික්‍ෂේප සමාධිය වෙයි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්‍ගඥානය (යථාක්‍රමයෙන්) උපදී. ඒ ඥානයෙන් ආශ්‍රවයෝ (සමුච්ඡේදවශයෙන්) ක්‍ෂය වෙත්. මෙසේ පූර්‍වභාගයෙහි ශමථය වෙයි. අපරභාගයෙහි (මාර්‍ගක්‍ෂණයෙහි) ඥානය වේ. ඒ මාර්‍ගඥානයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ. එයින් කියනු ලැබෙයි: ‘අවික්ඛේපපරිසුද්ධතා ආසවසමුච්ඡේද පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’ යී.
Pali BJTආසවාති කතමෙ තෙ ආසවා: කාමාසවො, භවාසවො, දිට්ඨාසවො, අවිජ්ජාසවො.
Sinhala BJTආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ටාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
Pali BJTකත්ථෙතෙ ආසවා ඛීයන්ති: සොතාපත්තිමග්ගෙන අනවසෙසො දිට්ඨාසවො ඛීයති, අපායගමනීයො කාමාසවො ඛීයති, අපායගමනීයො භවාසවො ඛීයති, අපායගමනීයො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTකොතැන්හි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
Pali BJTසකදාගාමිමග්ගෙන ඔළාරිකො කාමාසවො ඛීයති. තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTසෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා සමග එක්වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
Pali BJTඅනාගාමිමග්ගෙන අනවසෙසො කාමාසවො ඛීයති. තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති. එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTඅනැගැමි මඟින් අනවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. ඒ හා එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
Pali BJTඅරහත්තමග්ගෙන අනවසෙසො භවාසවො ඛීයති. අනවසෙසො අවිජ්ජාවසවො ඛීයති. එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTරහත්මඟින් අනවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අනවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
Pali BJTඅබ්යාපාදවසෙන -පෙ- ආලොකසඤ්ඤාවසෙන -පෙ- අවික්ඛෙපවසෙන -පෙ- ධම්මවවත්ථානවසෙන -පෙ- ඤාණවසෙන -පෙ- පාමොජ්ජවසෙන -පෙ- පඨමජ්ඣානවසෙන -පෙ- දුතියජ්ඣානවසෙන -පෙ- තතියජ්ඣානවසෙන -පෙ- චතුත්ථජ්ඣානවසෙන -පෙ- ආකාසානඤ්චායතනසමාපත්තිවසෙන -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවසෙන -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවසෙන -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවසෙන -පෙ- පඨවිකසිණවසෙන -පෙ- ආපොකසිණවසෙන -පෙ- තෙජොකසිණවසෙන -පෙ- වායොකසිණවසෙන -පෙ- නීලකසිණවසෙන -පෙ- පීතකසිණවසෙන -පෙ- ලොහිතකසිණවසෙන -පෙ- ඔදාතකසිණවසෙන -පෙ- ආකාසකසිණවසෙන -පෙ- විඤ්ඤාණකසිණවසෙන -පෙ- බුද්ධානුස්සතිවසෙන -පෙ- ධම්මානුස්සතිවසෙන -පෙ- සඞ්ඝානුස්සතිවසෙන -පෙ- සීලානුස්සතිවසෙන -පෙ- චාගානුස්සතිවසෙන -පෙ- දෙවතානුස්සතිවසෙන -පෙ- ආනාපානසති{4}වසෙන -පෙ- මරණසති{5}වසෙන -පෙ- කායගතාසතිවසෙන -පෙ- උපසමානුස්සතිවසෙන -පෙ- උද්ධුමාතකසඤ්ඤාවසෙන -පෙ- විනීලකසඤ්ඤාවසෙන -පෙ- විපුබ්බකසඤ්ඤාවසෙන -පෙ- විච්ඡිද්දකසඤ්ඤාවසෙන -පෙ- වික්ඛායිතකසඤ්ඤාවසෙන -පෙ-
Sinhala BJTඅව්‍යාපාදවශයෙන් ... ආලොකසංඥාවශයෙන් ... අවික්‍ෂේපවශයෙන් ... ධම්මවවත්‍ථානවශයෙන් ... ඥානවශයෙන් ... ප්‍රාමෝද්‍යවශයෙන් ... ප්‍රථමධ්‍යාන වශයෙන් ... ද්විතීයධ්‍යානවශයෙන් ... තෘතීයධ්‍යානවශයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන් ... ආකාසානඤ්චායතනසමාපත්තිවශයෙන් ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවශයෙන් ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවශයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවශයෙන් ... පඨවිකසිණවශයෙන් ... ආපෝකසිණ වශයෙන් … තෙජොකසිණ වශයෙන් ... වායොකසිණ වශයෙන් ... නීලකසිණ වශයෙන් ... පීතකසිණ වශයෙන් ... ලෝහිතකසිණ වශයෙන් ඔදාතකසිණ වශයෙන් ... ආකාසකසිණ වශයෙන් ... විඤ්ඤාණකසිණ වශයෙන් ... බුද්ධානුස්සති වශයෙන් ... ධම්මානුස්සති වශයෙන් ... සඞ්ඝානුස්සති වශයෙන් ... සීලානුස්සති වශයෙන් ... චාගානුස්සති වශයෙන් ... දේවතානුස්සති වශයෙන් ... ආනාපානසති වශයෙන් ... මරණසති වශයෙන් ... කායගතාසති වශයෙන් ... උපසමානුස්සති වශයෙන් ... උද්ධුමාතක සංඥා වශයෙන් ... විනීලක සංඥා වශයෙන් ... විපුබ්බක සංඥා වශයෙන් ... විච්ඡිද්දක සංඥා වශයෙන් ... වික්ඛායිතක සංඥා වශයෙන් ...
Pali BJTවික්ඛිත්තකසඤ්ඤාවසෙන -පෙ- හතවික්ඛිත්තකසඤ්ඤාවසෙන -පෙ- ලොහිතකසඤ්ඤාවසෙන -පෙ- පුළවකසඤ්ඤාවසෙන -පෙ- අට්ඨිකසඤ්ඤාවසෙන -පෙ- දීඝං අස්සාසවසෙන -පෙ- දීඝං පස්සාසවසෙන -පෙ- රස්සං අස්සාසවසෙන -පෙ- රස්සං පස්සාසවසෙන -පෙ- සබ්බකායපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- සබ්බකායපටිසංවෙදී පස්සාසවසෙන -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසවසෙන -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං පස්සාසවසෙන -පෙ- පීතිපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- පීතිපටිසංවෙදී පස්සාසවසෙන -පෙ- සුඛපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- සුඛපටිසංවෙදී පස්සාසවසෙන -පෙ- චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සාසවසෙන -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සාසවසෙන -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සාසවසෙන -පෙ- චිත්තපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- චිත්තපටිසංවෙදී පස්සාසවසෙන -පෙ- අභිප්පමොදයං චිත්තං අස්සාසවසෙන -පෙ- අභිප්පමොදයං චිත්තං පස්සාසවසෙන -පෙ- සමාදහං චිත්තං -පෙ- විමොචයං චිත්තං -පෙ- අනිච්චානුපස්සී -පෙ- විරාගානුපස්සී -පෙ- නිරොධානුපස්සී -පෙ- පටිනිස්සගානුපස්සී අස්සාසවසෙන -පෙ- පටිනිස්සගානුපස්සී පස්සාසවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි. තස්ස සමාධිස්ස වසෙන උප්පජ්ජති ඤාණං, තෙන ඤාණෙන ආසවා ඛීයන්ති. ඉති පඨමං සමථො, පච්ඡා ඤාණං, තෙන ඤාණෙන ආසවානං ඛයො හොති. තෙන වුච්චති: ‘අවික්ඛෙපපරිසුද්ධත්තා ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’.
Sinhala BJTවික්ඛිත්තක සංඥා වශයෙන් ... හතවික්ඛිත්තක සංඥා වශයෙන් ... පුළවක සංඥා වශයෙන් ... අට්ඨික සංඥා වශයෙන් ... දීර්‍ඝ කොට ආශ්වාස කිරීම් වශයෙන් ... දීර්‍ඝ කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... හ්‍රස්ව කොට ආශ්වාස කිරීම් වශයෙන් ... හ්‍රස්ව කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... සියලු ආශ්වාස ප්‍රශ්වාසකාය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සියලු ආශ්වාස ප්‍රශ්වාසකාය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... (ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාස සඞ්ඛ්‍යාත) කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් ... කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... (සංඥාවේදනා සඞ්ඛ්‍යාත) චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... චිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... සිත සතුටු කෙරෙමින් ආශ්වාස කිරීම් වශයෙන් ... සිත සතුටු කෙරෙමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් ... (අරමුණෙහි) සිත සම වැ තබමින් ... සිත (නීවරණාදියෙන්) මුදමින් ... අනිත්‍යනුපස්සනා වශයෙන් බලමින් ... විරාගානුපස්සනා වශයෙන් බලමින් ... නිරෝධානුපස්සනා වශයෙන් බලමින් ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ආශ්වාස කිරීම් වශයෙන් ... වුට්ඨානගාමිනීවිපස්සනා වශයෙන් බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තේකාග්‍රතාව අවික්‍ෂේප සමාධි නම් වෙයි. ඒ සමාධිහුගේ වශයෙන් මාර්‍ගඥානය උපදී. ඒ ඥානයෙන් ආස්‍රවයෝ ක්‍ෂය වෙත්. මෙසේ පූර්‍වභාගයෙහි ශමථය වෙයි. අපරභාගයෙහි ඥානය වෙයි. ඒ ඥානයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වෙයි. එයින් කියනු ලැබෙයි: ‘අවික්ඛේපපරිසුද්ධත්තා ආසවසමුච්ඡේදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’ යී.
Pali BJTආසවාති කතමෙ තෙ ආසවා: කාමාසවො, භවාසවො, දිට්ඨාසවො අවිජ්ජාසවො.
Sinhala BJTආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
Pali BJTකත්ථෙතෙ ආසවා ඛීයන්ති: සොතාපත්තිමග්ගෙන අනවසෙසො දිට්ඨාසවො ඛීයති, අපායගමනීයො කාමාසවො ඛීයති. අපායගමනීයො භවාසවො ඛීයති, අපායගමනීයො අවිජ්ජාසවො ඛීයති. එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTකොතැන්හි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත් ද යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනිය වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
Pali BJTසකදාගාමිමග්ගෙන ඔළාරිකො කාමාසවො ඛීයති, තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවෙ ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTසෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
Pali BJTඅනාගාමිමග්ගෙන අනවසෙසො කාමාසවො ඛීයති, තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTඅනැගැමි මඟින් අනවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි. ඒ හා එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි. එය හා එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙති.
Pali BJTඅරහත්තමග්ගෙන අනවසෙසො භවාසවො ඛීයති, අනවසෙසො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTරහත්මඟින් අනවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි. අනවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වේ. මෙහි ඒ ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘අවික්ඛෙපපරිසුද්ධත්තා ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණං’.
Sinhala BJTඒ ඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “අවික්ඛේපපරිසුද්ධත්තා ආසවසමුච්ඡේදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං ඤාණ” යී.
Pali BJTආනන්තරිකසමාධිඤාණනිද්දෙසො.
Sinhala BJTආනන්තරිකසමාධිඥාන නිර්දේශ යි.
Pali BJT33. අරණවිහාරඤාණං
Sinhala BJT33. අරණවිහාර ඥානය
Pali BJTකථං දස්සනාධිපතෙය්යං සන්තො ච විහාරාධිගමො පණිතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරෙ ඤාණං’
Sinhala BJTකිසෙයින් දර්‍ශනාධිපතිභාවය ද ශාන්තවිහාරාධිගමය ද ප්‍රණීතාදිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥාන වෙයි යත්:
Pali BJTදස්සනාධිපතෙය්යන්ති අනිච්චානුපස්සනා දස්සනාධිපතෙය්යං, දුක්ඛානුපස්සනා දස්සනාධිපතෙය්යං, අනත්තානුපස්සනා දස්සනාධිපතෙය්යං, රූපෙ අනිච්චානුපස්සනා දස්සනාධිපතෙය්යං, රූපෙ දුක්ඛානුපස්සනා දස්සනාධිපතෙය්යං, රූපෙ අනත්තානුපස්සනා දස්සනාධිපතෙය්යං, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා දස්සනාධිපතෙය්යං, ජරාමරණෙ දුක්ඛානුපස්සනා දස්සනාධිපතෙය්යං, ජරාමරණෙ අනත්තානුපස්සනා දස්සනාධිපතෙය්යං.
Sinhala BJTදස්සනාධිපතෙය්‍යං යනු: අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි දුඃඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. රූපයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිත්‍යානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි දුක්ඛානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි. ජරාමරණයෙහි අනාත්මානුදර්‍ශනය දස්සනාධිපතෙය්‍ය නම් වෙයි.
Pali BJTසන්තො ච විහාරාධිගමොති සුඤ්ඤතො විහාරො සන්තො විහාරාධිගමො, අනිමිත්තො විහාරො සන්තො විහාරාධිගමො, අප්පණිහිතො විහාරො සන්තො විහාරාධිගමො.
Sinhala BJTසන්තෝ ච විහාරාධිගමො යනු: ශුන්‍යතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අනිමිත්තාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වෙයි. අප්‍රණිහිතාකාරයෙන් පැවැති අර්‍හත්ඵලසමාපත්තිය ශාන්තවිහාරාධිගම නම් වේ.
Pali BJTපණිතාධිමුත්තතාති සුඤ්ඤතො අධිමුත්තතා පණිතාධිමුත්තතා, අනිමිත්තො අධිමුත්තතා පණිතාධිමුත්තතා, අප්පණිහිතෙ අධිමුත්තතා පණීතාධිමුත්තතා.
Sinhala BJTපණීතාධිමුත්තතා යනු: ශුන්‍යතඵලසමාපත්තියෙහි (පූර්‍වභාගප්‍රඥා වශයෙන්) අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අනිමිත්තඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වෙයි. අප්‍රණිහිතඵලසමාපත්තියෙහි අධිමුක්ත බව ප්‍රණීතාධිමුක්තතා නම් වේ.
Pali BJTඅරණවිහාරොති පඨමං ඣානං{1} අරණවිහාරො, දුතියං ඣානං අරණවිහාරො, තතියං ඣානං අරණවිහාරො. චතුත්ථං ඣානං අරණවිහාරො, ආකාසානඤ්චායතනසමාපත්ති අරණවිහාරො -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති අරණවිහාරො.
Sinhala BJTඅරණවිහාරො යනු: (අර්‍හත්ඵලසමාපත්තියට සමවදිනු කැමැත්තහුගේ විදර්‍ශනාවට අරමුණු වූ) ප්‍රථමධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තිය අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තිය අරණවිහාර නම් වෙයි ... නේවසඤ්ඤානාසඤ්ඤාසමාපත්තිය අරණවිහාර නම් වේ.
Pali BJTඅරණවිහාරොති කෙනට්ඨෙන අරණවිහාරො: පඨමෙන ඣානෙන{2} නීවරණෙ හරතීති අරණවිහාරො, දුතියෙන ඣානෙන විතක්කවිචාරෙ හරතීති අරණවිහාරො, තතියෙන ඣානෙන පීතිං හරතීති අරණවිහාරො, චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛෙ හරතීති අරණවිහාරො, ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤං පටිඝසඤ්ඤං නානත්තසඤ්ඤං හරතීති අරණවිහාරො, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤං හරතීති අරණවිහාරො, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං හරතීති අරණවිහාරො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤං හරතීති අරණවිහාරො. අයං අරණවිහාරො.
Sinhala BJTඅරණවිහාරො යනු කවර අරුතෙකින් අරණවිහාර වේ ද යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයන් දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාව දුරු කෙරේ නු යි අරණවිහාර නම් වෙයි. මේ අරණවිහාර යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘දස්සනාධිපතෙය්යං සන්තො ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරෙ ඤාණං’.
Sinhala BJTඒ අරණවිහාරඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘දස්සනාධිපතෙය්‍යං සන්තෝ ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරේ ඤාණං’ යී.