Pali BJT1. “සාමිසඤ්ච නිරාමිසං පණිහිතඤ්ච අප්පණිහිතං සුඤ්ඤකඤ්ච විසඤ්ඤුත්තං වුට්ඨිතඤ්ච අවුට්ඨිතං
Sinhala BJT1. නිකාන්ති සහිත බැවින් සාමිෂ යැ (නිකාන්ති රහිත බැවින්) නිරාමිෂ යැ. (නිකාන්ති ප්‍රණිධියෙන් සිටි බැවින්) ප්‍රණිහිත යැ. (තදභාවයෙන්) අප්‍රණිහිත යැ. (නිකාන්ති සංයෝගයෙන්) සංයුක්ත යැ (තදභාවයෙන්) විසංයුක්ත යැ (නිකාන්තිය සිඳුනා බැවින්) ව්‍යුත්‍ථිත යැ (තදභාවයෙන්) අච්‍යුත්‍ථිත යි.
Pali BJT2. අට්ඨ සමාධිස්ස පච්චයා දස ඤාණස්ස ගොචරා අට්ඨාරස ගොත්රභූධම්මා තිණ්ණං විමොක්ඛාන පච්චයා,
Sinhala BJT2. ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් සමාධියට ප්‍රත්‍යයෝ වෙති. දසදෙනෙක් ඥානයට ගෝචර වූවාහු වෙති. අටළොස් ගොත්‍රභූධර්‍මයෝ තුන් විමෝක්‍ෂයට ප්‍රත්‍යයෝ වෙත්.
Pali BJT3. ඉමෙ අට්ඨාරසාකාරා පඤ්ඤා යස්ස පරිචිතා කුසලො විවට්ටෙ වුට්ඨානෙ නානාදිට්ඨිසු න කම්පතී’ති
Sinhala BJT3. මේ අටළොස් ආකාර ප්‍රඥාවෝ යමක්හු විසින් පුරැදු කරන ලද්දාහු ද ඒ විවර්‍තයෙහි හා ව්‍යුත්‍ථානයෙහි නිපුණ වූයේ නානා දෘෂ්ටීන්හි නො සැලේ යයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: “බහිද්ධාවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගොත්රභූ ඤාණං”
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘බහිද්ධා වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගෝත්‍රභූඤාණං’ යි.
Pali BJTගොත්රභූඤාණනිද්දෙසො.
Sinhala BJTගෝත්‍රභූඥාන නිර්දේශ යි.
Pali BJT11. මග්ගඤාණං
Sinhala BJT11. මාර්‍ග ඥානය
Pali BJTකථං දුභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTකී සෙයින් උභතොව්‍යුත්‍ථානවිවර්‍තනයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන වෙයි යත්:
Pali BJTසොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTසෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය (දෙසැට) මිථ්‍යාදෘෂ්ටියෙන් නැඟෙයි. තදනුවර්‍තක (මිථ්‍යාදෘෂ්ටිය අනුවැ පවත්නා) ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැගේ. එයින් කියනු ලැබෙයි. ‘දුභතොවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
Pali BJTඅභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTඅභිනිරෝපණස්වභාවයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පය කෙරෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’යි.
Pali BJTපරිග්ගහට්ඨෙන සම්මාවාචා මිච්ඡාවාචාය වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTපරිග්‍රහ (සතර වාක්සංවර) ස්වභාවයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟෙයි. වාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
Pali BJTසමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මිච්ඡාකම්මන්තා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTසමුත්‍ථාන (කාරණ) භාවයෙන් සම්‍යක්කර්‍මාන්තය (ප්‍රාණවධාදි) මිථ්‍යාකර්‍මාන්තයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාර නිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
Pali BJTවොදානට්ඨෙන සම්මා ආජීවො මිච්ඡාආජීවො වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTපරිශුද්ධභාවයෙන් සම්‍යගාජීවය මිථ්‍යාආජීවයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
Pali BJTපග්ගහට්ඨෙන සම්මාවායාමො මිච්ඡාවායාමා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTපරිශුද්ධභාවයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
Pali BJTඋපට්ඨානට්ඨෙන සම්මාසති මිච්ඡාසතියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: ‘දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTඑළඹ සිටුනා බැවින් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතියෙන් නැඟෙයි. තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්ත කෙරෙන් ද නැඟේ. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
Pali BJTඅවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිච්ඡාසමාධිතො වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTඅවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධියෙන් නැඟී සිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ හැම සංස්කාරනිමිත්තයන් ගෙන් ද නැඟීසිටී, එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී..
Pali BJTසකදාගාමිමග්ගක්ඛණෙ දස්සනටෙඨන සම්මාදිට්ඨි -පෙ- අවිකෙඛපට්ඨෙන සම්මාසමාධි ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTසකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි සත්‍යදර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් ද නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.
Pali BJTඅනාගාමිමග්ගක්ඛණෙ දස්සනටෙඨන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සමිමාසමාධි අණුසහගතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා, අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’.
Sinhala BJTඅනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අණුසහගත (සියුම්) වූ කාමරාගසංයෝජනයෙන් ද ප්‍රතිඝසංයෝජනයෙන් ද අණුසහගත වූ කාමරාගානුශයෙන් ද ප්‍රතිඝානුශයෙන් ද නැඟීසිටී. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන්ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී.
Pali BJTඅරහත්තමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවිකෙඛපට්ඨෙන සම්මාසමාධි රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජායමානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තෙන වුච්චති: දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඹෟද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද, ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී, බාහ්‍ය වූ ද හැම සංස්කාරනිමිත්තයන් කෙරෙන් නැඟීසිටී. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යී..
Pali BJT1. “අජාතං ඣාපෙති{1} ජාතෙන ඣානං{2} තෙන පවුච්චති ඣානවිමොක්ඛෙ{3} කුසලතා නානාදිට්ඨිසු න කම්පති{4}
Sinhala BJT1. ස්වසන්තානයෙහි උපන් ලෝකෝත්තරධ්‍යානයෙන් (තත්සමඞ්ගී පුද්ගල තෙමේ) නූපන් ක්ලේශය දවයි, එකරුණෙන් එය ධ්‍යාන යයි කියනු ලැබේ. ඒ ආර්‍ය්‍යමාර්‍ගසම්ප්‍රයුක්ත වූ ධ්‍යානයෙහි ද විමෝක්‍ෂ සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයෙහි ද කුශල බව හේතු කොටගෙන නානා දෘෂ්ටීන්හි කම්පා නො වේ.
Pali BJT2. සමාදහිත්වා යථා චෙ විපස්සති විපස්සමානො තථා චෙ සමාදහෙ විපස්සනා ච සමථො තදා අහු සමානභාගා යූගනන්ධා වත්තරෙ.
Sinhala BJT2. ආලම්බනෝපවාරක්‍ෂණිකසමාධීන් අතුරෙන් එක්තරා සමාධියකින් චිත්තසමාධානය කොට යම්සේ විදර්‍ශනා කෙරේ ද, විදර්‍ශනා කරනුයේ එසෙයින් ම චිත්තසමාධානය ද කරන්නේ ය. එකල්හි විදර්‍ශනාව ද ශමථය ද වෙති. සමභාග වූ ශමථවිදර්‍ශනාධර්‍මයෝ යුගනන්‍ධ වූවාහු පවත්නාහ.
Pali BJT3. දුක්ඛා සඞ්ඛාරා සුඛො නිරොධොති දස්සනං දුභතො වුට්ඨිතා පඤ්ඤා ඵස්සෙති අමතං පදං
Sinhala BJT3. සංස්කාරයෝ දුඃඛයෝ යැ, නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණ සුව යැ යි දර්‍ශන සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගඥානය ‘දුභතෝ වුට්ඨානපඤ්ඤා’ නමු. (ඒ ප්‍රඥාව මැ) අමෘතපද සඞ්ඛ්‍යාත නිවන ආලම්බනස්පර්‍ශයෙන් ස්පර්‍ශ කෙරෙයි.
Pali BJT4. විමොක්ඛචරියං ජානාති නානත්තෙකත්ත{5} කොවිදො ද්වින්නං ඤාණානං කුසලතා නානාදිට්ඨිසු න කම්පතී”ති,
Sinhala BJT4. විමෝක්‍ෂයන්ගේ නානාත්‍වයෙහි ද ඒකත්‍වයෙහි ද නිපුණ වූයේ විමොක්‍ෂප්‍රවෘත්තිය අසම්මූඪවශයෙන් දැනගනී, දර්‍ශනසඞ්ඛ්‍යාත වූ ද භාවනාසඞ්ඛ්‍යාත වූ ද ඥානද්වයයාගේ නිපුණබව හේතු කොටගෙන ශාශ්වතාදි නානාදෘෂ්ටියෙහි නො සැලේ යයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති “දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.”
Sinhala BJTඒ මාර්‍ගඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘දුභතෝ වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’ යි.
Pali BJTමග්ගඤාණනිද්දෙසො.
Sinhala BJTමාර්‍ගඥාන නිර්දේශ යි.
Pali BJT12. ඵලඤාණං
Sinhala BJT12. ඵල ඥානය
Pali BJTකථං පයොගපටිප්පස්සද්ධිපඤ්ඤා ඵලෙ ඤාණං.
Sinhala BJTප්‍රයෝගනිෂ්ඨාවෙහි (-ආර්‍ය්‍යමාර්‍ගනිමිත්තෙන් ක්ලේශයන්ගේ සංසිඳීමෙහි) ප්‍රඥාව කිසෙයින් ඵලඥාන නම් වෙයි යත්:
Pali BJTසොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොග{6} පටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාදිට්ඨි, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටි තොමෝ ඍජුප්‍රතිපක්‍ෂයන් දර්‍ශනභාවයෙන් මිථ්‍යාදෘෂ්ටිය කෙරෙන් නැඟීසිටී. ඒ මිථ්‍යාදෘෂ්ටිය අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟීසිටී. (යථෝක්ත ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන්) පිටත්හි වූ හැම සංස්කාර නිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (අජ්ඣත්තබහිද්ධා දෙකින්) වුත්‍ථානාදී ප්‍රයෝගය සන්හුන්වන බැවින් (මාර්‍ගානන්තර වැ එක් දෙ වටෙක හෝ, ඵලසමාපත්තිකාලයෙහි නො එක් වට, නිරෝධයෙන් නැඟෙනුවහුට දෙවටෙක) සම්‍යග්දෘෂ්ටිය උපදී, තෙල (විපාකසම්‍යග්දෘෂ්ටිය) ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
Pali BJTඅභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පා වුට්ඨාති තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොග{1} පටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාසඞ්කප්පො, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTඅභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සඞ්කල්පය තෙමේ මිථ්‍යාසඞ්කල්පයෙන් නැඟීසිටී. ඒ මිථ්‍යාසඞ්කල්පය අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනුදු නැඟෙයි. එයින් පිටත්හි වූ සියලු සංස්කාර නිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යග්සඞ්කල්පය උපදී. තෙල විපාක වූ සම්‍යක්සඞ්කල්පය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
Pali BJTපරිග්ගහට්ඨෙන සම්මාවාචා මිච්ඡාවාචාය වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තංපයොගපටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාවාචා, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTසම්‍යග්වචනය පරිග්‍රහභාවයෙන් මිථ්‍යාවචනයෙන් නැඟීසිටී. ඒ මිථ්‍යාවචනය හා අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යග්වචනය උපදී, තෙල විපාක වූ සම්‍යග්වචනය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵලය යි.
Pali BJTසමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මිච්ඡාකම්මන්තා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොගපටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාකම්මන්තො. මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTසම්‍යක්කර්‍මාන්ත තෙමේ සමුත්‍ථානභාවයෙන් මිථ්‍යාකර්‍මාන්තයෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්ම්‍යක්කර්‍මාන්තය උපදී. තෙල විපාක වූ සම්‍යක්කර්‍මාන්තය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
Pali BJTවොදානට්ඨෙන සම්මාආජීවො මිච්ඡාආජීවො වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොගපටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාආජීවො, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTසම්‍යගාජීව තෙමේ ව්‍යවදානභාවයෙන් මිථ්‍යාආජීවයෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යගාජීවය උපදී. තෙල විපාක වූ සම්‍යගාජීවය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
Pali BJTපග්ගහට්ඨෙන සම්මාවායාමො මිච්ඡාවායාමා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොග{1} පටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාවායාමො. මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTසම්‍යග්ව්‍යායාම තෙමේ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් මිථ්‍යාව්‍යායාමයෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යග්ව්‍යායාමය උපදී. තෙල විපාක වූ සම්‍යග්ව්‍යායාමය මාර්‍ගයාගේ ඵල යි.
Pali BJTඋපට්ඨානට්ඨෙන සම්මාසති මිච්ඡාසතියා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොගවිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාසති, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTසම්‍යක්ස්මෘති තොමෝ උපස්ථානභාවයෙන් මිථ්‍යාස්මෘතියෙන් නැඟෙයි. තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. එයින් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්තබහිද්ධාවුට්ඨාන) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යක්ස්මෘති තොමෝ උපදී. තෙල විපාක වූ සම්‍යක්ස්මෘතිය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
Pali BJTඅවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිච්ඡාසමාධිතො වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තංපයොගපටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාසමාධි, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTසම්‍යක්සමාධි තෙමේ අවික්‍ෂේපභාවයෙන් මිථ්‍යාසමාධිය කෙරෙන් නැඟෙයි, තදනුවර්‍තක වූ කෙලෙසුන් කෙරෙනුදු ස්කන්‍ධයන් කෙරෙනුදු නැඟෙයි. ඒ (ක්ලේශස්කන්‍ධයන්)කෙරෙන් පිටත් හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟෙයි. ඒ (අජ්ඣත්ත-බහිද්ධා දෙකින් වුට්ඨානාදි) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යක්සමාධිය උපදී තෙල විපාක වූ සම්‍යක්සමාධිය ආර්‍ය්‍යමාර්‍ගයාගේ ඵල යි.
Pali BJTසකදාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි ඔළාරිකා කාමරාගසංයොජනා පටිඝසංයොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති. තංපයොගපටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාසමාධි, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTසකෘදාගාමිමාර්‍ගය උපදනා ඇසිල්ලෙහි සම්‍යග්දෘෂ්ටි තොමෝ දර්‍ශනභාවයෙන් ... සම්‍යක්සමාධි තෙමේ අවික්‍ෂේපභාවයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි. ඒ කාමරාගසංයෝජනාදිය හා අනුව පවත්නා ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟෙයි. ඒ ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන් පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (ව්‍යුත්‍ථානාදි) ප්‍රයෝගය සන්හුන් වන බැවින් සම්‍යක්සමාධිය උපදී. තෙල විපාක වූ සම්‍යක්සමාධිය (සකෘදාගාමී) ආර්‍ය්‍යමාර්‍ගයා ගේ ඵල යි.
Pali BJTඅනාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි අණුසහගතා කාමරාග සඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොගපටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාසමාධි, මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTඅනාගාමීමාර්‍ගය උපදනා ඇසිල්ලෙහි සම්‍යග්දෘෂ්ටි තොමෝ දර්‍ශනභාවයෙන් ... අවික්‍ෂේපභාවයෙන් සම්‍යග්සමාධි තෙමේ අණුසහගත වූ කාමරාගසංයෝජනයා කෙරෙන් ප්‍රතිඝසංයොජනයා කෙරෙන් අණුසහගත කාමරාගානුශයා කෙරෙන් ප්‍රතිඝානුශයා කෙරෙන් නැඟීසිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙනු දු ස්කන්‍ධයන් කෙරෙනු දු නැඟීසිටී (ඒ ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන්) පිටත්හි වූ සියලු සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (ව්‍යුත්‍ථානාදී) ප්‍රයෝගය සන්හුන් වන බැවින් සම්‍යක්සමාධිය උපදී. තෙල විපාක වූ සම්‍යක්සමාධිය අනාගාමීමාර්‍ගයාගේ ඵල යි.
Pali BJTඅරහත්තමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය, මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති, තංපයොගපටිප්පස්සද්ධත්තා උප්පජ්ජති සම්මාසඞ්කප්පො මග්ගස්සෙතං ඵලං.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනභාවයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ... අවික්‍ෂේපභාවයෙන් සම්‍යක්සමාධි තෙමේ රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් නැඟීසිටී, තදනුවර්‍තක වූ ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟීසිටී. (ඒ ක්ලේශ-ස්කන්‍ධයන් කෙරෙන්) පිටත්හි වූ හැම සංස්කාරනිමිත්තයන් කෙරෙනු දු නැඟීසිටී. ඒ (ව්‍යුත්‍ථානාදි) ප්‍රයෝගය සන්හුන්වන බැවින් සම්‍යක්සමාධිය උපදී. තෙල විපාක වූ සම්‍යක්සමාධිය අර්‍හන්මාර්‍ගයාගේ ඵල යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: පයොගපටිප්පස්සද්ධිපඤ්ඤා ඵලෙ ඤාණං.
Sinhala BJTඒ ඵලඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “පයෝගපටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං” යි.
Pali BJTඵලඤාණනිද්දෙසො.
Sinhala BJTඵලඥාන නිර්දේශ යි.
Pali BJT13. විමුත්තිඤාණං
Sinhala BJT13. විමුක්ති ඥානය
Pali BJTකථං ඡින්නවට්ටමනුපස්සනෙ{1} පඤ්ඤා විමුත්තිඤාණං:
Sinhala BJTකිසෙයින් ඒ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් සමුච්ඡින්න වූ උපක්ලේශයන් පසුව බැලීමෙහි ප්‍රඥාව විමුක්තිඥාන වෙයි යත්:
Pali BJTසොතාපත්තිමග්ගෙන සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසො, දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො, අත්තනො චිත්තස්ස උපක්කිලෙසා සම්මාසමුච්ඡින්නා හොන්ති, ඉමෙහි පඤ්චහි උපක්කිලෙසෙහි සපරියුට්ඨානෙහි චිත්තං විමුත්තං හොති සුවිමුත්තං. තංවිමුත්ති ඤාතට්ඨෙන ඤාණං, පජානට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ඡින්නවට්ටමනුපස්සනෙ{1} පඤ්ඤා විමුත්ති ඤාණං.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සක්කායදාෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ (සමුච්ඡේදප්‍රහාණයෙන් අනුත්පාදනිරෝධයෙන්) මැනැවින් සිඳුනා ලද්දාහු වෙති, පර්‍ය්‍යුත්‍ථාන සහිත වූ මේ පඤ්චොපක්ලේශයන් කෙරෙන් සිත විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.
Pali BJTසකදාගාමිමග්ගෙන ඔළාරිකං කාමරාගසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො අත්තනො චිත්තස්ස උපක්කිලෙසා සම්මා සමුච්ඡින්නා හොන්ති, ඉමෙහි චතූහි උපක්කිලෙසෙහි පරියුට්ඨානෙහි චිත්තං විමුත්තං හොති සුවිමුත්තං. තංවිමුත්ති ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති. ‘ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්ති ඤාණං.
Sinhala BJTසකෘදාගාමිමාර්‍ගයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජනා යැ ඖදාරික කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයා ගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වූ මේ සතරඋපක්ලේශයන් කෙරෙන් චිත්තය සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යී.
Pali BJTඅනාගාමිමග්ගෙන අණුසහගතං අණුසහගතං කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො අත්තනො චිත්තස්ස උපක්කිලෙසා සම්මා සමුච්ඡින්නා හොන්ති, ඉමෙහා චතූහි උපක්කිලෙසෙහි සපරියුට්ඨානෙහි චිත්තං විමුත්තං හොතී සුමුත්තං. තංවිමුත්ති ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: ‘ඡින්නවට්ටමනුපසනෙ පඤ්ඤා විමුත්ති ඤාණං.
Sinhala BJTඅනාගාමීමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජනා යැ අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වූ මේ සතර උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඥාණං” යි.
Pali BJTඅරහත්තමග්ගෙන රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා මානානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො අත්තනො චිත්තස්ස උපක්කිලෙසා සම්මා සමුච්ඡින්නා හොන්ති, ඉමෙහි අට්ඨහි උපක්කිලෙසෙහි සපරියුට්ඨානෙහි චිත්තං විමුත්තං හොති සුවිමුත්තං, තංවිමුත්ති ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: ‘ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං.’
Sinhala BJTඅර්‍හන්මාර්‍ගයෙන් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ මානානුශය යැ භවරාගානුශය යැ අවිජ්ජානුශය යැ යන ස්වකීය චිත්තයාගේ උපක්ලේශයෝ මැනැවින් සිඳුනා ලද්දාහු වෙති. පර්‍ය්‍යුත්‍ථානක්ලේශයන් සහිත වු මේ අට උපක්ලේශයන් කෙරෙන් චිත්තය විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වෙයි. ඒ විමුක්තිය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං.
Sinhala BJTඒ විමුක්තිඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානානාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “ඡින්නවට්ටමනුපස්සනෙ පඤ්ඤා විමුත්තිඤාණං” යි.
Pali BJTවිමුත්තිඤාණනිද්දෙසො.
Sinhala BJTවිමුක්තිඥාන නිර්දේශ යි.
Pali BJT14. පච්චවෙක්ඛනඤාණං
Sinhala BJT14. ප්‍රත්‍යවේක්‍ෂා ඥානය
Pali BJTකථං තදා සමුදාගතෙ{1} ධම්මෙ පස්සනෙ{2} පඤ්ඤා පච්චවෙක්ඛනෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් ඒ මාර්‍ග-ඵලක්‍ෂණයෙහි ප්‍රතිලාභ-ප්‍රතිවේධ වශයෙන් පැමිණි මාර්‍ගඵලධර්‍මයන් ද චතුස්සත්‍යධර්‍මයන් ද දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි යත්:
Pali BJTසොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා.{3} අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො තදා සමුදාගතො, පරිග්ගහට්ඨෙන සම්මාවාචා තදා සමුදාගතා, සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො තදා සමුදාගතො, වොදානට්ඨෙන සම්මාආජීවො තදා සමුදාගතො, පග්ගහට්ඨෙන සම්මාවායාමො තදා සමුදාගතො, උපට්ඨානට්ඨෙන සම්මාසති තදා සමුදාගතො, අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි තදා සමුදාගතො.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි (පරිඥාභිසමයාදි ලක්‍ෂණයෙන් චතුස්සත්‍ය) දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි (හේතුයෙන්) පහළවූ යැ, අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සඞ්කල්ප තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයෙ යැ, පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, සමුත්‍ථාන (කාරණ) භාවාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්ත තෙමේ ඒ මඟ කෙණෙහි සමුදාගත යැ, පරිශුද්ධාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීව තෙමේ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාම තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි තෙමේ ඒ මඟකෙණෙහි පහළ වූයේ යැ.
Pali BJTඋපට්ඨානට්ඨෙන සතිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො, පවිචයට්ඨෙන ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො, පග්ගහට්ඨෙන විරියසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො, ඵරට්ඨෙන පීතිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො, උපසමට්ඨෙන පස්සිද්ධිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො, අවික්ඛෙපට්ඨෙන සමාධිසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො, පටිසඞ්ඛානට්ඨෙන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තදා සමුදාගතො.
Sinhala BJTඋපස්ථාන (-අරමුණට පැමිණ සිටුනා) භාවයෙන් ස්මෘතිසම්සම්බොධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රවිචයාර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ස්ඵරණාර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, උපශමාර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රතිසඞ්ඛ්‍යානාර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග තෙමේ ඒ මඟකෙණෙහි සමුදාගත යැ.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං තදා සමුදාගතං, කොසජ්ජෙ අකම්පියට්ඨෙන විරියබලං තදා සමුදාගතං, පමාදෙ අකම්පියට්ඨෙන සතිබලං තදා සමුදාගතං උද්ධච්චෙ අකම්පියට්ඨෙන සමාධිබලං තදා සමුදාගතං අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං තදා සමුදාගතං.
Sinhala BJTඅශ්‍රද්ධායෙහි අචලාර්‍ත්‍ථයෙහි ශ්‍රද්ධාබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, කෞෂීද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය ඒ මඟකෙණෙහි සමුදාගත යැ, ප්‍රමාදයෙහි අචලාර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය එකෙණෙහි සමුදාගත යැ, ඖද්ධත්‍යයෙහි අචලාර්‍ත්‍ථයෙන් සමාධිබලය එකෙණෙහි සමුදාගත යැ, අවිද්‍යායෙහි අචලාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය එකෙණෙහි සමුදාගත යැ.
Pali BJTආධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං තදාසමුදාගතං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං තදා සමුදාගතං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං තදා සමුදාගතං අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං තදා සමුදාගතං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං තදා සමුදාගතං.
Sinhala BJTඅධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය එකෙණෙහි සමුදාගත යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ එකෙණෙහි සමුදාගත යැ.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියා තදා සමුදාගතා, අකම්පියට්ඨෙන බලා තදා සමුදාගතා නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගා තදා සමුදාගතා, හෙතුට්ඨෙන{1} මග්ගො තදා සමුදාගතො, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා තදා සමුදාගතා, පදහනට්ඨෙන සම්මප්පධානා තදා සමුදාගතා, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදා තදා සමුදාගතා, තථට්ඨෙන සච්චා තදා සමුදාගතා, අවික්ඛෙපට්ඨෙන සමථො තදා සමුදාගතො, අනුපස්සනට්ඨෙන විපස්සනා තදා සමුදාගතා, එකරසට්ඨෙන සමථවිපස්සනා තදා සමුදාගතා, අනතිවත්තනට්ඨෙන යුගනන්ධං තදා සමුදාගතං, සංවරට්ඨෙන සීලවිසුද්ධි තදා සමුදාගතා, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි තදා සමුදාගතා, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි තදා සමුදාගතා, විමුත්තට්ඨෙන විමොක්ඛා තදා සමුදාගතා, පටිවෙධට්ඨෙන විජ්ජා තදා සමුදාගතා, පරිච්චාගට්ඨෙන විමුත්ති තදා සමුදාගතා, සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං තදා සමුදාගතං.
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහු යැ, අචලභාවාර්‍ත්‍ථයෙන් බලයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් සම්බෝධ්‍යඞ්ගයෝ ඒ මඟකෙණෙහි සමුදාගතයෝ යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය තෙමේ එකෙණෙහි සමුදාගතය යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රදහනයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගතයෝ යැ, සමෘද්ධිභාවයෙන් ඍද්ධිපාදයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවිසංවාදකාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය එකෙණෙහි සමුදාගත යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා තොමෝ එකෙණෙහි සමුදාගත යැ, ඒකකෘත්‍යභාවයෙන් ශමථවිදර්‍ශනා එකෙණෙහි සමුදාගත යැ, (ඔවුනොවුන්)නො ඉක්මැ පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනන්‍ධය එකෙණෙහි සමුදාගත යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, අවික්‍ෂේපභාවයෙන් චිත්තවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය එකෙණෙහි සමුදාගත යැ, විමුක්ත (-කෙලෙසුන් කෙරෙන් මිදුණු) බැවින් විමෝක්‍ෂයෝ එකෙණෙහි සමුදාගතයෝ යැ, සත්‍ය ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව එකෙණෙහි සමුදාගත යැ, (ක්ලේශයන්ගේ) පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය එකෙණෙහි සමුදාගත යැ, ක්ලේශසමුච්ඡින්‍දනාර්‍ත්‍ථයෙන් ක්‍ෂය (ආර්‍ය්‍යමාර්‍ගයෙහි) ඥානය එකෙණෙහි සමුදාගත යැ.
Pali BJTඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො, මනසිකාරො සමුට්ඨානට්ඨෙන තදා සමුදාගතො, ඵස්සො සමොධානට්ඨෙන තදා සමුදාගතො, වෙදනා සමොසරණට්ඨෙන තදා සමුදාගතා, සමාධි පමුඛට්ඨෙන තදා සමුදාගතො, සති ආධිපතෙය්යට්ඨෙන තදා සමුදාගතා, පඤ්ඤා තදුත්තරට්ඨෙන තදා සමුදාගතා, විමුත්ති සාරට්ඨෙන තදා සමුදාගතා, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං, වුට්ඨහිත්වා පච්චවෙක්ඛති. ඉමෙ ධම්මා තදා සමුදාගතා.
Sinhala BJTකුශලධර්‍මයන් ගේ කත්තුකම්‍යතා ඡන්‍ද තෙමේ (ප්‍රතිපත්තියට ද නිෂ්පත්තියට ද මූල හෙයින්) මූලාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, යෝනිසෝමනසිකාර තෙමේ (කුශලධර්‍මයන් උපදවන හෙයින්) සමුත්‍ථාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ස්පර්‍ශ තෙමේ සමවධානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, වේදනා තොමෝ සමවසරණාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, සමාධි තෙමේ ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ. ස්මෘති තොමෝ අධිපතිභාවාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ආර්‍ය්‍යමාර්‍ග ප්‍රඥා තොමෝ ඒ කුශලධර්‍මයනට ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලවිමුක්තිය (ස්ථිර හෙයින්) සාරාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, අමෘත හෙයින් සත්නට ප්‍රතිෂ්ඨා වූ නිර්‍වාණය (ශාසනයාගේ නිෂ්ඨාව හෙයින්) පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ, (ඵලාවසානයෙහි) නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
Pali BJTසොතාපත්තිඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා. අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො තදා සමුදාගතො -පෙ- පටිපස්සද්ධට්ඨෙන{1} අනුප්පාදෙ ඤාණං තදා සමුදාගතං. ඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො, මනසිකාරො සමුට්ඨානට්ඨෙන තදා සමුදාගතො, ඵස්සො සමොධානට්ඨෙන තදා සමුදාගතො, වෙදනා සමොසරණට්ඨෙන තදා සමුදාගතා, පඤ්ඤා තදුත්තරට්ඨෙන තදා සමුදාගතා, විමුත්ති සාරට්ඨෙන තදා සමුදාගතා, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං, වුට්ඨහිත්වා පච්චවෙක්ඛති. ඉමෙ ධම්මා තදා සමුදාගතා.
Sinhala BJTස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළවූ යැ ... (මාර්‍ගප්‍රයෝගය නිෂ්ඨිත බැවින්) ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, යෝනිසෝමනසිකාර තෙමේ (කුශලධර්‍මයන් උපදවන හෙයින්) සමුත‍්ථානාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ස්පර්‍ශ තෙමේ සමවධානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, වේදනා තොමෝ සමවසරණාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, සමාධි තෙමේ ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ස්මෘති තොමෝ අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ආර්‍ය්‍යඵලප්‍රඥා තොමෝ ඒ කුශලධර්‍මයන්ට ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලවිමුක්ති තොමෝ සාරාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් එකෙණෙහි සමුදාගත යැ, ඵලාවසානයෙහි නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළවූහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
Pali BJTසකදාගාමිමග්ගක්ඛණෙ -පෙ- සකදාගාමිඵලක්ඛණෙ -පෙ- අනාගාමිමිග්ගක්ඛණෙ -පෙ- අනාගාමිඵලක්ඛණෙ -පෙ- අරහත්තමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා, -පෙ- සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං තදා සමුදාගතං. ඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො, -පෙ- අමතගොධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං, වුට්ඨහිත්වා පච්චවෙක්ඛති. ඉමෙ ධම්මා තදා සමුදාගතා.
Sinhala BJTසකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමීඵලක්‍ෂණයෙහි ... අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... අනාගාමීඵලක්‍ෂණයෙහි ... අර්‍හත්ත්‍වමාර්‍ගක්‍ෂණයෙහි ... දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ. ක්ලේශසමුච්ඡින්‍දනාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ. කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ … අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යාවසානාර්‍ත්‍ථයෙන් ඒ මාර්‍ගක්‍ෂණයෙහි සමුදාගත යැ, ඵලාවසානයෙන් නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ මාර්‍ගක්‍ෂණයෙහි පහළවූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
Pali BJTඅරහත්තඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි තදා සමුදාගතා. -පෙ- පටිප්පස්සද්ධට්ඨෙන1 අනුප්පාදෙ ඤාණං තදා සමුදාගතං. ඡන්දො මූලට්ඨෙන තදා සමුදාගතො, -පෙ- අමතගොධං නිබ්බානං පරියොසානට්ඨෙන තදා සමුදාගතං, වුට්ඨහිත්වා පච්චවෙක්ඛති. ඉමෙ ධම්මා තදා සමුදාගතා.
Sinhala BJTඅර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි තොමෝ ඒ ඵලක්‍ෂණයෙහි පහළ වූ යැ ... (මාර්‍ගප්‍රයෝගය නිෂ්ඨිත බැවින්) ප්‍රතිප්‍රශ්‍රබධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, කත්තුකම්‍යතාඡන්‍ද තෙමේ මූලාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ … අමතෝගධ වූ නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ඒ ඵලක්‍ෂණයෙහි සමුදාගත යැ, ඵලාවසානයෙන් නැඟීසිට මේ උක්තප්‍රකාරධර්‍මයෝ ඒ අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි පහළ වූවාහ’යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
Pali BJTතං ඤාතට්ඨෙන{2} ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති තදා සමුදාගතෙ ධම්මෙ පස්සනෙ{3} පඤ්ඤා පච්චවෙක්ඛනෙ ඤාණං.’
Sinhala BJTඒ ප්‍රත්‍යවේක්‍ෂාඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: “තදා සමුදාගතෙ ධම්මේ පස්සනෙ පඤ්ඤා පච්චවෙක්ඛණ ඤාණං”යී.
Pali BJTපච්චිවෙක්ඛනඤාණනිද්දෙසො.
Sinhala BJTප්‍රත්‍යවේක්‍ෂාඥානනිර්දේශ යි.
Pali BJT15. වත්ථුනානත්තඤාණං.
Sinhala BJT15. වස්තුනානාත්‍ව ඥානය
Pali BJTකථං අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් අධ්‍යාත්මධර්‍මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව වස්තුනානාත්‍වයෙහි (නානාවස්තූන්හි) ඥාන නම් වෙයි යත්:
Pali BJTකථං අජ්ඣත්තධම්මෙ වවත්ථෙති:
Sinhala BJTකිසෙයින් අධ්‍යාත්මධර්‍මයන් පිරිසිඳ (නියම කොට) දනී ද යත්:
Pali BJTචක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති, සොතං අජ්ඣත්තං වවත්ථෙති, ඝානං අජ්ඣත්තං වවත්ථෙති, ජිව්හං අජ්ඣත්තං වවත්ථෙති, කායං අජ්ඣත්තං වවත්ථෙති, මනං අජ්ඣත්තං වවත්ථෙති.
Sinhala BJT(සසම්භාර ප්‍රසාද සඞ්ඛ්‍යාත) අධ්‍යාත්ම චක්‍ෂුස නිශ්චය කෙරෙයි. (පිරිසිඳ දනී.) අධ්‍යාත්ම වූ ශ්‍රෝතස නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරෙයි. අධ්‍යාත්ම වූ කාය නිශ්චය කෙරෙයි, අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි.
Pali BJTකථං චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති: චක්ඛුං අවිජ්ජාසම්භූත’න්ති වවත්ථෙති, චක්ඛුං තණ්හාසම්භුත’න්ති වවත්ථෙති, චක්ඛුං කම්මසම්භූත’න්ති වවත්ථෙති, චක්ඛුං ආහාරසම්භූත’න්ති වවත්ථෙති, ‘චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති, ‘චක්ඛුං උප්පන්න’න්ති වවත්ථෙති, ‘චක්ඛුං සමුදාගතන්ති වවත්ථෙති, ‘චක්ඛුං අහුත්වා සම්භූතං. හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, චක්ඛුං අන්තවන්තතො වවත්ථෙති, චක්ඛුං අද්ධුවං අසස්සතං විපරිනාමධම්ම’න්ති වවත්ථෙති, ‘චක්ඛුං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්ම’න්ති වවත්ථෙති.
Sinhala BJTඅධ්‍යාත්ම වු චක්‍ෂුස කිසෙයින් නිශ්චය කෙරෙයි යත්: චක්‍ෂුස (ඇස) අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි, ඇස තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. ඇස කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි, ඇස ආහාරහේතුයෙන් සම්භූත යැයි නිශ්චය කෙරෙයි, ඇස සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. ඇස (අධවාවශයෙන් හෝ සන්තතිඛණවසයෙන් හෝ) උත්පන්න යයි නිශ්චය කෙරෙයි. ඇස හේතුයෙන් සමුත්‍ථිත යයි නිශ්චය කෙරෙයි, ඇස (උදයෙන් පෙර) නොතිබී හටගත. (ව්‍යයෙන් පසු) තිබී නොවන්නේ යයි නිශ්චය කෙරෙයි. ඇස අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ඇස අස්ථිර යැ අශාශ්වත යැ (ජරාවෙන් හා මරණයෙන්) විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. ඇස අනිත්‍ය යැ ප්‍රත්‍යයෝත්පන්න යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයවන ස්වභාව යැ නැසෙන ස්වභාව යැ විරාගස්වභාව යැ නිරුද්ධවන ස්වභාව යැයි නිශ්චය කෙරෙයි.
Pali BJTචක්ඛුං අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො, දුක්ඛතො වවත්ථෙති, නො සුඛතො; අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති, නිරොධෙති, නො සමුදෙති; පටිනිස්සජ්ජති, නො ආදියති අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං චක්ඛුං අජ්ඣත්තං වවත්ථෙති.
Sinhala BJTඇස අනිත්‍යහෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍යහෙයින් නිශ්චය නො කෙරෙයි, දුඃඛහෙයින් නිශ්චය කෙරෙයි, සුඛහෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්මහෙයින් නිශ්චය කෙරෙයි. ආත්මහෙයින් නිශ්චය නො කෙරෙයි. නිර්වේදයට පැමිණෙයි. සතුටු නොවෙයි. විරාගයට පැමිණෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි නූපදවයි. දුරලයි ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍යහෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුක්ඛහෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි අනාත්මහෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි උකටලී වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ චක්‍ෂුස නිශ්චය කෙරේ.
Pali BJTකථං සොතං අජ්ඣත්තං වවත්ථෙති: ‘සොතං අවිජ්ජාසම්භූත’න්ති වවත්ථෙති, -පෙ- එවං සොතං අජ්ඣත්තං වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය නිශ්චය කෙරෙයි යත්: ශ්‍රෝතය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය නිශ්චය කෙරේ.
Pali BJTකථං ඝානං අජ්ඣත්තං වවත්ථෙති ඝානං අවිජ්ජාසම්භූත’න්ති වවත්ථෙති, -පෙ- එවං ඝානං අජ්ඣත්තං වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරෙයි යත්: ඝ්‍රාණය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් අධ්‍යාත්ම වූ ඝ්‍රාණය නිශ්චය කෙරේ.
Pali BJTකථං ජිව්හං අජ්ඣත්තං වවත්ථෙති: ‘ජිව්හා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘ජිව්හා තණ්හාසම්භූතා’ති වවත්ථෙති, ජිව්හා කම්මසම්භූතා’ති වවත්ථෙති, ‘ජිව්හා ආහාරසම්භූතා’ති වවත්ථෙති, ‘ජිව්හා චතුත්තං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති, ජිව්හා උප්පන්නා’ති වවත්ථෙති, ‘ජිව්හා සමුදාගතා’ති වවත්ථෙති, ‘ජිව්හා අහුත්වා සම්භූතා හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, ‘ජිව්හා අන්තවන්තතො වවත්ථෙති, ජිව්හා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, ජිව්හා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුජ්ජින්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධ ධම්මා’ති වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරෙයි යත්: ජීහ්වාව අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව ආහාරහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. දිව (අද්ධාවශයෙන් හෝ සන්තතිඛණවශයෙන් හෝ) උපනැ’යි නිශ්චය කෙරෙයි. දිව හේතුයෙන් සමුත්‍ථිත යයි නිශ්චය කෙරෙයි. දිව (උදයෙන් පෙර) නො තිබී හටගත, (ව්‍යයෙන් පසු) තිබී නො වන්නේ යයි නිශ්චය කෙරෙයි. දිව අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. දිව අස්ථිරයැ අශාශ්වත යැ (ජරාවෙන් හා මරණයෙන්) විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. දිව අනිත්‍ය යැ ප්‍රත්‍යයෝත්පන්න යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයස්වභාව යැ ව්‍යයස්වභාව යැ විරාගස්වභාව යැ නිරෝධස්වභාව යැයි නිශ්චය කෙරේ.
Pali BJTජිව්හා අනිච්චතො වවත්ථෙති නො නිච්චතො, -පෙ- පටිනිස්සජ්ජති නො ආදියති. අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති, එවං ජිව්හං අජ්ඣත්තං වවත්ථෙති.
Sinhala BJTදිව අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි ... දුරැලයි. ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරැලයි ... දුරැලනුයේ ආදානය හැරපිය යි. මෙසෙයින් අධ්‍යාත්ම වූ ජීහ්වාව නිශ්චය කෙරේ.
Pali BJTකථං කායං අජ්ඣත්තං වවත්ථෙති: ‘කායො අවිජ්ජාසම්භූතො’ති වවත්ථෙති, කායො තණ්හාසම්භූතො’ති වවත්ථෙති, ‘කායො කම්මසම්භූතො’ති වවත්ථෙති, ‘කායො ආහාරසම්භූතො’ති වවත්ථෙති, කායො චතුන්නං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති, කායො උප්පන්නො’ති වවත්ථෙති, කායො සමුදාගතො’ති වවත්ථෙති, කායො අහුත්වා සම්භූතො, හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, කායං අන්තවන්තතො වවත්ථෙති, ‘කායො අද්ධුවො අසස්සතො විපරිනාමධම්මාති වවත්ථෙති, කායො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො නිරොධධම්මො’ති වවත්ථෙති, කායං අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො: දුක්ඛතො වවත්ථෙති, නො සුඛතො -පෙ- පටිනිස්සජ්ජති, නො ආදියති, අනිච්චතො වවත්ථෙන්තො, නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති, එවං කායං අජ්ඣත්තං වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් අධ්‍යාත්ම වූ කය නිශ්චය කෙරෙයි යත්: කය අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. කය ආහාරහේතුයෙන් සම්භූත යැයි නිශ්චය කෙරෙයි. කය සතර මහාභූතයන් නිසා පැවැත්තැ’යි නිශ්චය කෙරෙයි. කය (අධ්වා වශයෙන් හෝ සන්තතිඛණ වශයෙන් හෝ උත්පන්න යැයි නිශ්චය කෙරෙයි. කය හේතුයෙන් සමුත්‍ථිත යැයි නිශ්චය කෙරෙයි. කය (උදයෙන් පෙර) නො තිබී හටගත (ව්‍යයයෙන් පසු) තිබී නොවන්නේ යයි නිශ්චය කෙරෙයි. කය අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. කය අස්ථිර යැ අශාශ්වත යැ විපරිණාමස්වභාව යැයි නිශ්චය කෙරෙයි. කය අනිත්‍ය යැ ප්‍රත්‍යයෙන් උපන. ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂය වන ස්වභාව යැ නැසෙන පියවි ඇත්තේ යැ නිරුද්ධවන පියවි ඇත්තේ යැයි නිශ්චය කෙරෙයි. කය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි. සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. ... දුරැලයි. ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරැලයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරැලයි ... හැරපියනුයේ ආදානය දුරැලයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ කය නිශ්චය කෙරේ.
Pali BJTකථං මනං අජ්ඣත්තං වවත්ථෙති, ‘මනො අවිජ්ජාසම්භූතො’ති වවත්ථෙති, මනො තණ්හාසම්භූතො’ති වවත්ථෙති, මනො කම්මසම්භූතො’ති වවත්ථෙති, මනො ආහාරසම්භූතො’ති වවත්ථෙති, මනො උප්පන්නො’ති වවත්ථෙති, මනො සමුදාගතො’ති වවත්ථෙති, ‘මනො අහුත්වා සම්භූතො, හුත්වා න භවිස්සතී’ති වවත්ථෙති, මනං අන්තවන්තතො වවත්ථෙති, මනො අද්ධුවො අසස්සතො විපරිනාමධම්මො’ති වවත්ථෙති, ‘මනො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො’ති වවත්ථෙති, මනං අනිච්චතො වවත්ථෙති නො නිච්චතො: දුක්ඛතො වවත්ථෙති නො සුඛතො, අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති: විරජ්ජති, නො රජ්ජති: නිරොධෙති, නො සමුදෙති: පටිනිස්සජ්ජති, නො ආදියති. අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති, එවං මනං අජ්ඣත්තං වවත්ථෙති, එවං අජ්ඣත්තධම්මෙ{1} වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි යත්: (භවාඞ්ග) මනස අවිද්‍යාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස තෘෂ්ණාහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස කර්‍මහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස ආහාරහේතුයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස (අද්ධාසන්තති විසින්) උත්පන්න යයි නිශ්චය කෙරෙයි. මනස ප්‍රත්‍යයෙන් උපනැ’යි නිශ්චය කෙරෙයි. මනස (උදයෙන් පෙර) නො තිබී හටගත, (ව්‍යයයෙන් පසු) තිබී නො වන්නේ යයි නිශ්චය කෙරෙයි. මනස අන්තවත් යයි නිශ්චය කෙරෙයි. මනස අස්ථිර යැ අශාශ්වත යැ විපරිණාම ස්වභාව යයි නිශ්චය කෙරෙයි. මනස අනිත්‍ය යැ සඞ්ඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයස්වභාව යැ ව්‍යයස්වභාව යැ විරාගස්වභාව යැ නිරෝධස්වභාව යයි නිශ්චය කෙරෙයි. මනස අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි. නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි, සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි, අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි, ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි, උකටලිවෙයි, සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි. දුරැලයි, ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. නිර්වේදයට පැමිණෙනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් අධ්‍යාත්ම වූ මනස නිශ්චය කෙරෙයි, මෙසේ අධ්‍යාත්මධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: ‘අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං’,
Sinhala BJTඒ වස්තුනානාත්‍වඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අජ්ඣත්තවවත්‍ථානෙ පඤ්ඤා වත්‍ථුනානත්තේ ඤාණං’යි.
Pali BJTවත්ථුනානත්තඤාණ නිද්දෙසො.
Sinhala BJTවස්තුනානාත්‍ථඥානනිර්දේශ යි.
Pali BJT16. ගොචරනානත්තඤාණං
Sinhala BJT16. ගෝචරනානාත්‍ව ඥානය
Pali BJTකථං බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා ගොචරනානත්තෙ ඤාණං.
Sinhala BJTකිසෙයින් බාහිරවිෂයයන් පිරිසිඳදැනීමේ ප්‍රඥාව ගෝචරනානාත්‍වඥාන වෙයි යත්:
Pali BJTකථං බහිද්ධා ධම්මෙ වවත්ථෙති: රූපෙ බහිද්ධා වවත්ථෙති, සද්දෙ බහිද්ධා වවත්ථෙති, ගන්ධෙ බහිද්ධා වවත්ථෙති, රසෙ බහිද්ධා වවත්ථෙති, ඵොට්ඨබ්බෙ බහිද්ධා වවත්ථෙති, ධම්මෙ බහිද්ධා වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් බාහිරධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: අධ්‍යාත්මයෙන් බාහිර වූ රූපායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි. බාහිර වූ ස්ප්‍රෂ්ටව්‍යධර්‍මයන් නිශ්චය කෙරෙයි. (භවාඞ්ගමනස්සම්ප්‍රයුක්ත) වූ බාහිර ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTකථං රූපෙ බහිද්ධා වවත්ථෙති: රූපා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, රූපා තණ්හා සම්භූතා’ති වවත්ථෙති, ‘රූපා කම්මසම්භූතා’ති වවත්ථෙති, ‘රූපා ආහාරසම්භූතා’ති වවත්ථෙති, ‘රූපා චතුන්නං මහාභූතානං උපාදාය’ති වවත්ථෙති, ‘රූපා උප්පන්නා’ති වවත්ථෙති, ‘රූපා සමුදාගතා’ති වවත්ථෙති, රූපා අහුත්වා සම්භූතා හුත්වා න භවිස්සන්තී’ති වවත්ථෙති, රූපෙ අන්තවන්තතො වවත්ථෙති, ‘රූපා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, ‘රූපා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා’ති වවත්ථෙති,
Sinhala BJTකිසෙයින් බාහිරරූපයන් නිශ්චය කෙරෙයි යත්: රූපායතනධර්‍මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ කර්‍මහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ ආහාරහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ (අද්ධාවශයෙන් සන්තතිඛණ වශයෙන්) උපන්හ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ (උදයෙන් පෙර) නො තිබී උපන්නාහ. (ව්‍යයයෙන් මත්තෙහි) තිබී නො වන්නාහ’යි නිශ්චය කෙරෙයි. රූපයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි, රූපයෝ අස්ථිරයහ, අශාශ්වතයහ, විපරිණාමස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. රූපයෝ අනිත්‍යයහ ප්‍රත්‍යයොත්පන්නයහ ප්‍රතීත්‍යසමුත්පන්නයහ ක්‍ෂයස්වභාවයහ ව්‍යයස්වභාවයහ විරාගස්වභාවයහ නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරේ.
Pali BJTරූපෙ අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො, දුක්ඛතො වවත්ථෙති, නො සුඛතො, අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති, නිරොධෙති, නො සමුදෙති: පටිනිස්සජ්ජති නො ආදියති, අනිච්චතො වවත්ථෙන්තො විච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං ජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං රූපෙ බහිද්ධා වවත්ථෙති.
Sinhala BJTරූපායතනධර්‍මයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි, සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි, ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි. උකටලි වෙයි, සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි. දුරු කෙරෙයි, ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. උකටලි වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් බාහිර රූපායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTකථං සද්දෙ බහිද්ධා වවත්ථෙති {*}සද්දා චතුන්නං මහාභූතානං උපාදායාති, වවත්ථෙති, ‘සද්දා චතුන්නං මහාභූතානං උපාදායාති වවත්ථෙති, ‘සද්දා උප්පන්නා’ති වවත්ථෙති, සද්දා සමුදාගතා’ති වවත්ථෙති ‘සද්දා අහුත්වා සම්භූතා, හුත්වා න භවිස්සන්තීති වවත්ථෙති, සද්දෙ අන්තවන්තතො වවත්ථෙති, ‘සද්දා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, සද්දා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා’ති වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් බාහිර ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ශබ්දයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ (අධ්වාවශයෙන් ඛණසන්තති වශයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ (උදයෙන් පෙර) නොතිබී උපන්නාහ. (ව්‍යයයෙන් මත්තෙහි) තිබී නො වන්නාහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දායතන ධර්‍මයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ශබ්දයෝ අස්ථිරයහ. අශාශ්වතයහ විපරිණාමස්වභාවහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයෝ අනිත්‍යයහ ප්‍රත්‍යයොත්පන්නයහ ප්‍රතීත්‍යසමුත්පන්නයහ ක්‍ෂයස්වභාවයහ ව්‍යයස්වභාවයහ විරාගස්වභාවයහ නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. ශබ්දයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ශබ්දායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTසද්දෙ අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො, -පෙ- එවං සද්දෙ බහිද්ධා වවත්ථෙති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTකථං ගන්ධෙ බහිද්ධා වවත්ථෙති: ‘ගන්ධා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘ගන්ධා තණ්හාසම්භූතා’ත වවත්ථෙති, -පෙ- එවං ගන්ධෙ බහිද්ධා වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ගන්‍ධයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ගන්‍ධයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ගන්‍ධායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTකථං රසෙ බහිද්ධා වවත්ථෙති: ‘රසා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘රසා තණ්හාසම්භූතාති වවත්ථෙති, -පෙ- එවං රසෙ බහිද්ධා වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: රසයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි රසයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ රසායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTකථං ඵොට්ඨබ්බෙ බහිද්ධා වවත්ථෙති: ‘ඵොට්ඨබ්බා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති: ඵොට්ඨබ්බා තණ්හාසම්භූතාති වවත්ථෙති, ‘ඵොට්ඨබ්බා කම්මසම්භූතා’ති වවත්ථෙති, ඵොට්ඨබ්බා ආහාරසම්භූතාති, වවත්ථෙති, ඵොට්ඨබ්බා උප්පන්නා’ති වවත්ථෙති, ඵොට්ඨබ්බා සමුදාගතාති වවත්ථෙති -පෙ- එවං ඵොට්ඨබ්බෙ බහිද්ධා වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් බාහිර වූ ස්ප්‍රෂ්ටව්‍යධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ස්ප්‍රෂ්ටව්‍යායතනධර්‍මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි ස්ප්‍රෂ්ටව්‍යයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි ස්ප්‍රෂ්ටව්‍යයෝ කර්‍මහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ ආහාර හේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ (අද්ධාවශයෙන් ඛණසන්තති වශයෙන්) උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ස්ප්‍රෂ්ටව්‍යයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි ... මෙසෙයින් බාහිර වූ ස්ප්‍රෂ්ටව්‍යායතනධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTකථං ධම්මෙ බහිද්ධා වවත්ථෙති: ‘ධම්මා අවිජ්ජාසම්භූතා’ති වවත්ථෙති, ‘ධම්මා තණ්හාසම්භූතා’ති වවත්ථෙති, ධම්මා කම්ම සම්භූතා’ති වවත්ථෙති, ධම්මා ආහාරසම්භූති’ති වවත්ථෙති, ධම්මා චතුන්නං මහාභූතානං උපාදායා’ති වවත්ථෙති,{*} ධම්මා උප්පන්නා’ති වවත්ථෙති, ධම්මා සමුදාගතා’ති වවත්ථෙති, ‘ධම්මා අහුත්වා සම්භූතාති, හුත්වා න භවිස්සන්තී’ති වවත්ථෙති, ධම්මෙ අන්තවන්තතො වවත්ථෙති, ධම්මා අද්ධුවා අසස්සතා විපරිණාමධම්මා’ති වවත්ථෙති, ධම්මා අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා’ති වවත්ථෙති.
Sinhala BJTකිසෙයින් ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරෙයි යත්: ධර්‍මයෝ අවිද්‍යාහේතුයෙන් උපන්හ’යි නිශ්චය කෙරෙයි ධර්‍මයෝ තෘෂ්ණාහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ කර්‍මහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ ආහාරහේතුයෙන් උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ සතර මහාභූතයන් නිසා පවත්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ (අද්ධා වශයෙන් ඛණසන්තති වශයෙන්) උපන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ හේතුයෙන් හටගත්තාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ (උදයෙන් පෙර) නොතිබී උපන්නාහ, තිබී (ව්‍යයයෙන් මත්තෙහි) නොවන්නාහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයන් අන්තවත් හෙයින් නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ අස්ථිරයහ අශාශ්වතයහ. විපරිණාමස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි. ධර්‍මයෝ අනිත්‍යයහ. ප්‍රත්‍යයොත්පන්නයහ. ප්‍රතීත්‍යසමුත්පන්නයහ ... ක්‍ෂයස්වභාවයහ. ව්‍යයස්වභාවයහ. විරාගස්වභාවයහ. නිරෝධස්වභාවයහ’යි නිශ්චය කෙරෙයි.
Pali BJTධම්මෙ අනිච්චතො වවත්ථෙති, නො නිච්චතො: දුක්ඛතො වවතෙති නො සුඛතො: අනත්තතො වවත්ථෙති, නො අත්තතො, නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති, නිරොධෙති නො සමුදෙති: පටිනිස්සජ්ජති නො ආදියති, -පෙ- අනිච්චතො වවත්ථෙන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො වවත්ථෙන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො වවත්ථෙන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං ධම්මෙ බහිද්ධා වවත්ථෙති.
Sinhala BJTධර්‍මයන් අනිත්‍ය හෙයින් නිශ්චය කෙරෙයි, නිත්‍ය හෙයින් නිශ්චය නො කෙරෙයි දුඃඛ හෙයින් නිශ්චය කෙරෙයි. සුඛ හෙයින් නිශ්චය නො කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කෙරෙයි. ආත්ම හෙයින් නිශ්චය නො කෙරෙයි. උකටලි වෙයි. සතුටු නො වෙයි. විරාගයට පැමිණෙයි, නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. දුරැලයි. ග්‍රහණය නො කෙරෙයි. ... අනිත්‍ය හෙයින් නිශ්චය කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් නිශ්චය කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් නිශ්චය කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි. උකටලි වනුයේ තෘෂ්ණාව දුරු කෙරෙයි. විරාගයට පැමිණෙනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. දුරැලනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් බාහිර වු ධර්‍මායතනපර්‍ය්‍යාපන්නධර්‍මයන් නිශ්චය කෙරේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: ‘බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා ගොචරනානත්තෙ ඤාණං’
Sinhala BJTඒ ගෝචරඥානය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘බහිද්ධා වවත්ථානෙ පඤ්ඤා ගෝචරනානත්තේ ඤාණං’යි.
Pali BJTගොචරනානත්තඤාණනිද්දෙසො
Sinhala BJTගෝචරනානාත්‍වඥාන නිර්දේශ යි.
Pali BJT17. චරියානානත්තඤාණං.
Sinhala BJT17. චර්‍ය්‍යානානාත්‍ව ඥානය
Pali BJTකථං චරියාවවත්ථානෙ පඤ්ඤා චරියානානත්තෙ ඤාණං.
Sinhala BJTකිසෙයින් චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යානානාත්‍වඥානය වෙයි යත්:
Pali BJTචරියාති තිස්සො චරියායො: විඤ්ඤාණචරියා, අඤ්ඤාණචරියා, ඤාණචරියා.
Sinhala BJTචර්‍ය්‍යා යනු චර්‍ය්‍යා තුනෙකි: විඥානචර්‍ය්‍යා යැ අඥානචර්‍ය්‍යා යැ ඥාන චර්‍ය්‍යා යි.
Pali BJTකතමා විඤ්ඤාණචරියා:{1}
Sinhala BJTවිඥානචර්‍ය්‍යා කවර යත්:
Pali BJTරූපෙසු දස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා{*} රූපෙසු දස්සනත්ථො චක්ඛුවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, රූපෙසු දිට්ඨත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, රූපෙසු අභිනිරොපිතත්තා විපාකමනො විඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
Sinhala BJTරූපවිෂයෙහි රූපදර්‍ශනය සඳහා පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි දර්‍ශනය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලවිපාක වූ හෝ අකුශලවිපාක වූ හෝ) චක්‍ෂුර්විඥානය විඥානචර්‍ය්‍යා යැ, රූපවිෂයෙහි (චක්‍ෂුර්විඥානයෙන් රූපාලම්බනය) දුටු බැවින් පැවැති අරමුණට නඟන කුශලාකුශලවිපාකසම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ රූපවිෂයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
Pali BJTසද්දෙසු සවනත්ථාය ආජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, සද්දෙසු සවනත්ථො සොතවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, සද්දෙසු සුතත්තා අභිනිරොපනා{2} විපාක මනොධාතු විඤ්ඤාණචරියා, සද්දෙසු අභිනිරොපිතත්තා විපාක මනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා,
Sinhala BJTශබ්දාලම්බනයෙහි ශ්‍රවණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි ශ්‍රවණය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ශ්‍රෝත්‍රවිඥානය විඥානචර්‍ය්‍යා යැ ශබ්දාලම්බනයෙහි (ශ්‍රොත්‍රවිඥානයෙන් ශබ්දාලම්බනය) අසනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ශබ්දාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
Pali BJTගන්ධෙසු ඝායනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, ගන්ධෙසු ඝායනත්ථො ඝානවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, ගන්ධෙසු ඝායිතත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, ගන්ධෙසු අභිනිරොපිතත්තා විපාකමනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
Sinhala BJTගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි ආඝ්‍රාණය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ඝ්‍රාණවිඥානය විඥානචර්‍ය්‍යා යැ ගන්‍ධාලම්බනයෙහි (ඝ්‍රාණවිඥානයෙන් ගන්‍ධාලම්බනය) ආඝ්‍රාණය කළ බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ගන්‍ධාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
Pali BJTරසෙසු සායනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, රසෙසු සායනත්ථො ජිව්හා විඤ්ඤාණං විඤ්ඤාණචරියා, රසෙසු සායිතත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, රසෙසු අභිනිරොපිතත්තා විපකමනෙ විඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
Sinhala BJTරසාලම්බනයෙහි රසවිඳීම පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි රසවිඳීම මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ රසාලම්බනයෙහි (ජිහ්වාවිඥානයෙන් රසාලම්බනය) විඳුනාලද බැවින් අරමුණට නඟන කුශලාකුශල විපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. රසාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
Pali BJTඵොට්ඨබ්බෙසු ඵුසනත්ථාය{3} ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, ඵොට්ඨබ්බෙසු ඵුසනත්ථො කායවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, ඵොට්ඨබ්බෙසු ඵුට්ඨත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, ඵොට්ඨබ්බෙසු අභිනිරොපිතත්තා විපාකමනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්‍ශය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ස්පර්‍ශය මැ අර්‍ත්‍ථ කොට ඇති (කුශලාකුශලවිපාක) ජිහ්වාවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි (කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනය) ස්පර්‍ශ කරනලද බැවින් අරමුණට නඟන කුශලාකුශලවිපාක වූ සම්පටිච්ඡනමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි අරමුණට නැඟුණු බැවින් කුශලාකුශලවිපාක වූ සන්තීරණමනෝවිඥානධාතුව විඥානචර්‍ය්‍යා යි.
Pali BJTධම්මෙසු විජානනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා, ධම්මෙසු විජානනත්ථො මනොවිඤ්ඤාණං විඤ්ඤාණචරියා, ධම්මෙසු විඤ්ඤාණතත්තා අභිනිරොපනා විපාකමනොධාතු විඤ්ඤාණචරියා, ධම්මෙසු අභිනිරොපිතත්තා විපාකමනොවිඤ්ඤාණධාතු විඤ්ඤාණචරියා.
Sinhala BJTධර්‍මාලම්බනයෙහි විජානනය පිණිස පැවැති ආවර්‍ජනක්‍රියාව්‍යාකෘතය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි ආලම්බනය දැනගැනීම මැ අර්‍ත්‍ථ කොට ඇති මනෝවිඥානය විඥානචර්‍ය්‍යා යැ. ධර්‍මාලම්බනයෙහි (මනෝවිඥානයෙන් ධර්‍මාලම්බනය) දන්නා බැවින් අරමුණට නඟන විපාකමනෝධාතුව විඥානචර්‍ය්‍යා යැ ධර්‍මාලම්බනයෙහි අභිනිරොපිත බැවින් විපාකමනෝවිඥාන ධාතුව විඥානචර්‍ය්‍යා යි.
Pali BJTවිඤ්ඤාණධාතු කෙනට්ඨෙන විඤ්ඤාණචරියා.
Sinhala BJTවිඤ්ඤාණචරියා යනු: කවර අරුතෙකින් විඥානචර්‍ය්‍යා වී ද යත්:
Pali BJTනීරාගා{1} චරතීති විඤ්ඤාණචරියා, නිද්දෙසා{2} චරතීති විඤ්ඤාණචරියා, නිම්මොහා{3} චරතීති විඤ්ඤාණචරියා, නිම්මානා{4} චරතීති විඤ්ඤාණචරියා, නිද්දිට්ඨි{5} චරතීති විඤ්ඤාණචරියා, නිඋද්ධච්චා{6} චරතීති විඤ්ඤාණචරියා, නිබ්බිවිකිච්ඡා{7} චරතීති විඤ්ඤාණචරියා, නානුසයා චරතීති විඤ්ඤාණචරියා, රාගවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දොසවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, මොහවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, මානවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දිට්ඨිවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, උද්ධච්චවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, විචිකිච්ඡාවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, අනුසයවිප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, කුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, අකුසලෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සාවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, අනවජ්ජෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, කණ්හෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සුක්කෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සුඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දුක්ඛුද්රයෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, සුඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, දුක්ඛවිපාකෙහි කම්මෙහි විප්පයුත්තා චරතීති විඤ්ඤාණචරියා, විඤ්ඤාතෙ{8} චරතීති විඤ්ඤාණචරියා විඤ්ඤාණස්ස එවරූපා චරියා හොතීති විඤ්ඤාණචරියා, පකතිපරිසුද්ධමිදං චිත්තං නික්කිලෙසට්ඨෙනාති විඤ්ඤාණචරියා, අයං විඤ්ඤාණචරියා.
Sinhala BJTරාග රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහ රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මාන රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටි රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍ය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සා රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශය රහිත වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, රාගයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ද්වේෂයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මෝහයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, මානයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දෘෂ්ටියෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, ඖද්ධත්‍යයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විචිකිත්සායෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනුශයයෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කුශලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අකුශලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සාවද්‍යකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, අනවද්‍යකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, කෘෂ්ණකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, (හිරිඔතප් සඞ්ඛ්‍යාත) ශුක්ලකර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛොදය ඇති කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛොදය ඇති කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, සුඛවිපාක වූ කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, දුඃඛවිපාක වූ කර්‍මයන්ගෙන් වෙන් වැ හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, විඥාතයෙහි (විඥානයෙන් දැනගත් අරමුණෙහි) හැසිරේ නු යි විඤ්ඤාණචරියා නමු, උක්තප්‍රකාර විඤ්ඤාණයාගේ මෙබඳු වූ චර්‍ය්‍යා වේ නු යි විඤ්ඤාණචරියා නමු. රාගාදි කෙලෙස් නැති බැවින් මේ සිත පියවින් පිරිසුදු නු යි විඤ්ඤාණචරියා නමු. මේ විඥානචර්‍ය්‍යා යි.