Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6. උදයබ්බයඤාණං
Sinhala BJT6. උදයව්‍යය ඥානය
Pali BJTකථං පච්චුප්පන්නානං ධම්මානං විපරිනාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් වර්‍තමාන ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යයානුදර්‍ශනඥාන වෙයි යත්:
Pali BJTජාතං රූපං පච්චුප්පන්නං, තස්ස නිබ්බත්තිලක්ඛණං උදයො, විපරිණාම ලක්ඛණං වයො, අනුපස්සනා ඤාණං.
Sinhala BJT(සන්තතිවශයෙන්) උපන් රූපය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ රූපයාගේ නිර්‍වෘත්තිලක්‍ණය (අභිනිවාකාරය) උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. පුනපුනා නුවණින් බැලීම උදයව්‍යඥාන යි.
Pali BJTජාතා වෙදනා -පෙ- ජාතා සඤ්ඤා -පෙ- ජාතා සඞ්ඛාරා -පෙ- ජාතං විඤ්ඤාණං -පෙ- ජාතං චක්ඛු -පෙ- ජාතො භවො පච්චුප්පන්නො, තස්ස නිබ්බත්තිලක්ඛණං උදයො, විපරිණාමලක්ඛණං වයො, අනුපස්සනා ඤාණං.
Sinhala BJTඋපන් වේදනාව ... උපන් සංඥාව ... උපන් සංස්කාරයෝ ... උපන් විඥානය ... උපන් චක්‍ෂුස ... උපන් භවය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ භවයාගේ නිර්‍වෘත්තිලක්‍ෂණය උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. අනුපස්සනාව උදයව්‍යඥාන යි.
Pali BJTපඤ්චන්නං ඛන්ධානං උදයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති.
Sinhala BJTපඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද උදයව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකි ද යත්:
Pali BJTපඤ්චන්නං ඛන්ධානං උදයං පස්සන්තො පඤ්ච වීසති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්චවීසති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො පඤ්ඤාස ලක්ඛණානි පස්සති.
Sinhala BJTපඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. උදයව්‍යය දකිනුයේ පනස් ලක්‍ෂණයන් දකී.
Pali BJTරූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති. වෙදනාක්ඛන්ධස්ස -පෙ- සඤ්ඤාක්ඛන්ධස්ස -පෙ- සඞ්ඛාරක්ඛන්ධස්ස -පෙ- විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති.
Sinhala BJTරූපස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍ය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, යත්:
Pali BJTරූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො දස ලක්ඛණානි පස්සති. වෙදනාක්ඛන්ධස්ස -පෙ- සඤ්ඤාක්ඛන්ධස්ස -පෙ- සඞ්ඛාරක්ඛන්ධස්ස -පෙ- විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්ච ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො දස ලක්ඛණානි පස්සති.
Sinhala BJTරූපස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී. වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී.
Pali BJTරූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සති: ‘අවිජ්ජාසමුදයා රූපසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති, ‘තණ්හාසමුදයා රූපසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති, ‘කම්මසමුදයා රූපසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති, ‘ආහාරසමුදයා රූපසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති, නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි රූපක්ඛන්ධස්ස උදයං පස්සති. රූපක්ඛන්ධස්ස උදයං පස්සන්තො ඉමානි පඤ්ච ලක්ඛණානි පස්සති.
Sinhala BJTරූපස්කන්‍ධයාගේ උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්, අවිද්‍යාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. තෘෂ්ණාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය (ඉපැදීම) දකී. කර්‍මසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. ආහාරසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) උත්පාදලක්‍ෂණය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ඉපැදීම දකී. රූපස්කන්‍ධයාගේ උදය දක්නේ මේ ලක්‍ෂණ පස දකී.
Pali BJTවයං පස්සන්තො කතමානි පඤ්චලක්ඛණානි පස්සති: අවිජ්ජානිරොධො රූපනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන රූපක්ඛන්ධස්ස වයං පස්සති, ‘තණ්හානිරොධො රූපනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන රූපක්ඛන්ධස්ස වයං පස්සති, ‘කම්මනිරොධා රූපනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන රූපක්ඛන්ධස්ස වයං පස්සති, ‘ආහාරනිරොධො රූපනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන රූපක්ඛන්ධස්ස වයං පස්සති, විපරිණාමලක්ඛණං පස්සන්තොපි රූපක්ඛන්ධස්ස වයං පස්සති, රූපක්ඛන්ධස්ස වයං පස්සන්තො ඉමානි පඤ්ච ලක්ඛණානි පස්සති:
Sinhala BJTව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යානිරෝධයෙන් රූපනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයනිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මයාගේ නිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ආහාරනිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) භඞ්ගය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ව්‍යය දකී. රූපස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
Pali BJTඋදයබ්බයං පස්සන්තො ඉමානි දස ලක්ඛණානි පස්සති.
Sinhala BJTඋදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
Pali BJTවෙදනාක්ඛන්ධස්ස උදයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සති. ‘අවිජ්ජාසමුදයො වෙදනාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, ‘තණ්හාසමුදයා වෙදනාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, ‘කම්මසමුදයා වෙදනාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, ‘ඵස්සසමුදයා වෙදනාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති. වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සන්තො ඉමානි පඤ්ච ලක්ඛණානි පස්සති.
Sinhala BJTවේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ කවර ලක්‍ෂණ පසක් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් වේදනාවගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. කර්‍මසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. ස්පර්‍ශයාගේ සමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ උදය දකී. වේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
Pali BJTවයං පස්සන්තො කතමානි පඤ්චලක්ඛණානි පස්සති: ‘අවිජ්ජානිරොධො වෙදනානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, ‘තණ්හානිරොධා වෙදනානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, ‘කම්මනිරොධා වෙදනානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, ඵස්සනිරොධා වෙදනානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, විපරිණාමලක්ඛණං පස්සන්තොපි වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති. වෙදනාක්ඛන්ධස්ස වයං පස්සන්තො ඉමානි පඤ්ච ලක්ඛණානි පස්සති.
Sinhala BJTව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධයෙන් වේදනාවගේ නිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධභාවයෙන් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විපරිණාමලක්‍ෂණය (වේදනාභඞ්ගය) දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකී. වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
Pali BJTඋදයබ්බයං පස්සන්තො ඉමානි දස ලක්ඛණානි පස්සති.
Sinhala BJTඋදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
Pali BJTසඤ්ඤාක්ඛන්ධස්ස -පෙ- සඞ්ඛාරක්ඛන්ධස්ස -පෙ- විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සති. ‘අවිජ්ජාසමුදයා විඤ්ඤාණසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති, ‘තණ්හාසමුදයා විඤ්ඤාණසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති, ‘කම්මසමුදයා විඤ්ඤාණසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති, ‘නාමරූපසමුදයා විඤ්ඤාණසමුදයො’ති පච්චසමුදයට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති, නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සති. විඤ්ඤාණක්ඛන්ධස්ස උදයං පස්සන්තො ඉමානි පඤ්ච ලක්ඛණානි පස්සති.
Sinhala BJTසංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ ... උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් විඥානයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. කර්‍මසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යය සමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. නාමරූපසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකී. විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකි.
Pali BJTවයං පස්සන්තො කතමානි පඤ්ච ලක්ඛණානි පස්සති: ‘අවිජ්ජානිරොධා විඤ්ඤාණනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස වයං පස්සති, ‘තණ්හානිරොධා විඤ්ඤාණනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස වයං පස්සති, ‘කම්මනිරොධා විඤ්ඤාණනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස වයං පස්සති, ‘නාමරූපනිරොධා විඤ්ඤාණනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන විඤ්ඤාණක්ඛන්ධස්ස වයං පස්සති, විපරිණාමලක්ඛණං පස්සන්තොපි විඤ්ඤාණක්ඛන්ධස්ස වයං පස්සති. විඤ්ඤාණක්ඛන්ධස්ස වයං පස්සන්තො ඉමානි පඤ්චලක්ඛණානි පස්සති.
Sinhala BJTව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාවගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානයාගේ ව්‍යය (නැසීම) දකියි. තෘෂ්ණානිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මනිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විපරිණාමලක්‍ෂණය දක්නේ ද විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විඥානස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.
Pali BJTඋදයබ්බයං පස්සන්තො ඉමානි දස ලක්ඛණානි පස්සති.
Sinhala BJTඋදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.
Pali BJTපඤ්චන්නං ඛන්ධානං උදයං පස්සන්තො ඉමානි පඤ්චවීසති ලක්ඛණානි පස්සති. වයං පස්සන්තො ඉමානි පඤ්චවීසති ලක්ඛණානි පස්සති. උදයබ්බයං පස්සන්තො ඉමානි පඤ්ඤාස{1} ලක්ඛණානි පස්සති.
Sinhala BJTපඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ මේ පස්විසි ලක්‍ෂණයන් දකියි. ව්‍යය දක්නේ මේ පස්විසි ලක්‍ෂණයන් දකියි. උදයව්‍යය දක්නේ මේ පනස් ලක්‍ෂණයන් දකී.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: පච්චුප්පන්නානං ධම්මානං විපරිනාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං’යි.
Pali BJTරූපක්ඛන්ධො ආහාරසමුදයො,{2} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා{3} තයො ඛන්ධා ඵස්සසමුදයා, විඤ්ඤාණක්ඛන්ධො නාමරූපසමුදයො{4}.
Sinhala BJTරූපස්කන්‍ධය ආහාරසමුදය කොට ඇත්තේ යැ. වේදනා යැ සංඥා යැ සංස්කාරයෝ යැ යන තුන් ස්කන්‍ධයෝ ස්පර්‍ශසමුදය කොට ඇත්තාහ. විඥානස්කන්‍ධය නාමරූපසමුදය කොට ඇත්තේ යි.
Pali BJTඋදයබ්බයඤාණනිද්දෙසො
Sinhala BJTඋදයව්‍යඥාන නිර්දේශ යි.
Pali BJT7. භඞ්ගානුපස්සනාඤාණං
Sinhala BJT7. භඞ්ගානුදර්‍ශන ඥානය
Pali BJTකථං ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් රූපාස්කන්‍ධාදි ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට භඞ්ගානුදර්‍ශනයෙහි ප්‍රඥාව විදර්‍ශනාඥාන වෙයි යත්:
Pali BJTරූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති, තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති.
Sinhala BJTරූපය අරමුණු කොට සිත ඉපැද බිඳෙයි. ඒ අරමුණ ප්‍රත්‍යවේක්‍ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය (අපරචිත්තයෙන්) පුනපුනා දකියි.
Pali BJTඅනුපස්සතීති කථං අනුපස්සති: අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති. විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති, නො සමුදෙති පටිනිස්සජ්ජති, නො ආදියති.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්‍ය හෙයින් පුනපුනා දකියි, නිත්‍ය හෙයින් නො දකී. දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි. සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි, දුරු කෙරෙයි, ග්‍රහණය නො කෙරේ.
Pali BJTඅනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් දක්නේ ආත්මසංඥාව දුරලයි. උකටලී වනුයේ සප්‍රීතිකතෘෂ්ණාව දුරලයි. නො ඇලෙනුයේ රාගය (ශේෂතෘෂ්ණාව) දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ (ඉපදීම් වශයෙන් කෙලෙසුන්ගේ) ආදානය දුරලයි.
Pali BJTවෙදනාරම්මණතා -පෙ- සඤ්ඤාරම්මණතා -පෙ- සඞ්ඛාරාරම්මණතා -පෙ- විඤ්ඤාණාරම්මණතා -පෙ- චක්ඛාරම්මණතා{1} -පෙ- ජරාමරණාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති, තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති.
Sinhala BJTවේදනාව අරමුණු කොට ඇති ... සංඥාව අරමුණු කොට ඇති … සංස්කාරයන් අරමුණු කොට ඇති … විඥානය අරමුණු කොට ඇති ... චක්‍ෂුස ... ජරාමරණ අරමුණු කොට ඇති සිත ඉපැද බිඳෙයි. ඒ ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය පුනපුනා දකී.
Pali BJTඅනුපස්සතීති කථං අනුපස්සති: අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති. විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති, නො සමුදෙති. පටිනිස්සජ්ජති, නො ආදියති.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්‍ය හෙයින් දකියි, නිත්‍ය හෙයින් නො දකී, දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි, සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. දුරලයි. ආදානය කෙරේ.
Pali BJTඅනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්මසංඥාව දුරලයි. උත්කණ්ඨිත වනුයේ සප්‍රීතිකතෘෂ්ණාව දුරලයි. විරක්ත වනුයේ රාගය දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ ආදානය දුරලයි.
Pali BJT1. වත්ථුසඞ්කමනා චෙව සඤ්ඤාය{2} ච විවට්ටනා ආවජ්ජනාබලං චෙව පටිසඞ්ඛා විපස්සනා.
Sinhala BJT1. පූර්‍වවස්තුවෙන් අපරවස්තුවකට සඞ්ක්‍රමණය ද (උදයව්‍යවිදර්‍ශනා වශයෙන් පවත්නා විදර්‍ශනා) සංඥාවගේ (ව්‍යග්‍රහණවශයෙන් උදයෙන්) විනිවර්‍තයන ද (භඞ්ගාරම්මණ වූ චිත්තායගේ භඞ්ගය දැකීම පිණිස අනතුරු වැ මැ) ආවර්‍ජනයෙහි සමර්‍ත්‍ථ බව ද යන (මෝ තොමෝ) පටිසඞ්කාවිපස්සනා (භඞ්ගානුපස්සනා) නමු.
Pali BJT2. ආරම්මණං{3} අන්වයෙන උභො එකවවත්ථානා නිරොධෙ අධිමුත්තතා{4} චයලක්ඛණවිපස්සනා.
Sinhala BJT2. ආලම්බනය අනුවැ යෑමෙන් අතීතානාගත දෙදෙනාගේ ඒකස්වභාවයෙන් නිශ්චය කිරීම ද (භඞ්ග සඞ්ඛ්‍යාත වූ) නිරෝධයෙහි මැ අධිමුක්ත බව ද යන (මෝ තොමෝ) ව්‍යයලක්‍ෂණවිදර්‍ශනා නමු.
Pali BJT3. ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති සුඤ්ඤතො ච උපට්ඨානං අධිපඤ්ඤාවිපස්සනා.
Sinhala BJT3. පූර්‍ව වූ ආලම්බනය ද ප්‍රත්‍යවේක්‍ෂා කොට (තදාලම්බනචිත්තයාගේ) භඞ්ගයත් දකී ද, (සංස්කාරයන්) ශූන්‍ය හෙයින් වැටහීම ද යන මෝ තොමෝ අධිප්‍රඥාවිදර්‍ශනා නමු.
Pali BJT4. කුසලො තීසු අනුපස්සනාසු චතස්සො ච{5} විපස්සනාසු තයො උපට්ඨානකුසලතා නානාදිට්ඨිසු න කම්පතී’ති.
Sinhala BJT4. (අනිත්‍යානුදර්‍ශනාදි) තුන් අනුපස්සනායෙහි දක්‍ෂ වූ යෝගාවචර මහණ තෙම (නිබ්බිදානුපස්සනාදි) සතර අනුපස්සනායෙහි ද (ක්‍ෂය-ව්‍යය ශුන්‍යතා යන) ත්‍රිවිධ උපස්ථානයෙහි (වැටහීමෙහි ද) දක්‍ෂ බැවින් (ශාශ්වතාදි) නානාප්‍රකාර දෘෂ්ටීන් හි නො සැලේ යයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං.
Sinhala BJTඒ භඞ්ගානුදර්‍ශනය ඥාත බැවින් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං’යි.
Pali BJTභඞ්ගානුපස්සනාඤාණනිදෙදසො.
Sinhala BJTභඞ්ගානුදර්‍ශනඥානනිර්දේශ යි.
Pali BJT8. ආදිනවඤාණං
Sinhala BJT8. ආදීනව ඥානය
Pali BJTකථං භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් උත්පාදාදීන් භයවශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන වෙයි යත්:
Pali BJT‘උප්පාදො භය’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං. ‘පවත්තං භය’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං, ‘නිමිත්තං භය’න්ති -පෙ- ‘ආයූහනා{1} භය’න්ති -පෙ- ‘පටිසන්ධි භය’න්ති -පෙ- ‘ගති භය’න්ති -පෙ- ‘නිබ්බත්ති භය’න්ති -පෙ- ‘උපපත්ති භය’න්ති -පෙ- ‘ජාති භය’න්ති -පෙ- ‘ජරා භය’න්ති -පෙ- ‘ව්යාධි භය’න්ති -පෙ- ‘මරණං භය’න්ති -පෙ- ‘සොකො භය’න්ති -පෙ- ‘පරිදෙවො භය’න්ති -පෙ- ‘උපායාසො භය’න්ති භයතුට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
Sinhala BJT(පූර්‍වකර්‍මප්‍ර‍්‍යයෙන් මෙහි) ඉපැදීම (අක්‍ෂේම හෙයින් ද භය වස්තු හෙයින් ද) භය යැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමැ. (උපන්හුගේ) පැවැත්ම භයැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමැ. හැම සංස්කාර නිමිත්ත භයැයි … (අනාගතප්‍රතිසන්‍ධියට හේතු වූ) කර්‍මය භයැ යි ... ආයතිප්‍රතිසන්‍ධි භයැ යි ... ගතිය භයැ යි ... ස්කන්‍ධයන්ගේ පහළ වීම භයැ යි ... (විපාකප්‍රවෘත්ති සඞ්ඛ්‍යාත) උපප්‍රාප්තිය භයැ යි ... (භවප්‍රත්‍යයෙන් වූ) ජාතිය භයැ යි ... (ස්කන්‍ධසන්තානයගේ පුරාණභාව සඞ්ඛ්‍යාත ජරාව භයැ යි ... ව්‍යාධිය භයැයි ... මරණය භයැ යි ... (චිත්තසන්තාප සඞ්ඛ්‍යාත) ශෝකය භයැයි ... (වාක්ප්‍රලාප සඞ්ඛ්‍යාත) පරිදේවය භයැ යි, දැඩි ආයාසය භයැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමි.
Pali BJT‘අනුප්පාදො ඛෙම’න්ති සන්තිපදෙ ඤාණං, ‘අප්පවත්තං ඛෙම’න්ති සන්තිපදෙ ඤාණං -පෙ- අනුපායාසො ඛෙම’න්ති සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඅනුත්පාද (නිවන) (නිර්‍භයභාවයෙන්) ක්‍ෂේම යැ යි (සංස්කාරෝපශම වූ) අමෘතපදයෙහි ඥාන යැ. (සංස්කාරයන්ගේ) අප්‍රවෘත්තිය (නිවන) ක්‍ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය ක්‍ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
Pali BJT‘උප්පාදො භයං, අනුප්පාදො ඛෙම’න්ති සන්තිපදෙ ඤාණං, ‘පවත්තං භයං, අප්පවත්තං ඛෙම’න්ති සන්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො භයං, අනුපායාසො ඛෙම’න්ති, සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඋත්පත්තිය භය යැ, අනුත්පාදය ක්‍ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ. ප්‍රවෘත්තිය භය යැ, අප්‍රවෘත්තිය ක්‍ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය භය යැ, අනුපායාසය ක්‍ෂේම යැ යි අමෘත පදයෙහි ඥාන යි.
Pali BJT’උප්පාදො දුක්ඛ’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං, ‘පවත්තං දුක්ඛ’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං -පෙ- ‘උපායාසො දුක්ඛ’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
Sinhala BJTඋත්පත්තිය දුකැ යි භය හෙයින් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥාන යැ. ප්‍රවෘත්තිය දුක යැ භය හෙයින් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය දුකැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.
Pali BJTඅනුප්පාදො සුඛ’න්ති සන්තිපදෙ ඤාණං, ‘අප්පවත්තං සුඛ’න්ති සන්තිපදෙ ඤාණං -පෙ- ‘අනුපායාසො සුඛ’න්ති සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඅනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.
Pali BJT‘උප්පාදො දුක්ඛං, අනුප්පාදො සුඛ’න්ති සන්තිපදෙ ඤාණං, ‘පවත්තං දුක්ඛං, අප්පවත්තං සුඛ’න්ති සන්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො දුක්ඛං, අනුපායාසො සුඛ’න්ති සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඋත්පාදය දුක් යැ. අනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ, ප්‍රවෘත්තිය දුක් යැ, අප්‍රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය දුක් යැ, අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.
Pali BJT‘උප්පාදො සාමිස’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං, ‘පවත්තං සාමිස’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා -පෙ- ‘උපායාසො සාමිස’න්ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
Sinhala BJTඋත්පාදය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.
Pali BJT‘අනුප්පාදො නිරාමිස’න්ති සන්තිපදෙ ඤාණං, ‘අප්පවත්තං නිරාමිස’න්ති සන්තිපදෙ ඤාණං, -පෙ- ‘අනුපායාසො නිරාමිස’න්ති සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඅනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.
Pali BJT‘උප්පාදො සාමිසං, අනුප්පාදො නිරාමිස’න්ති සන්තිපදෙ ඤාණං, ‘පවත්තං සාමිසං, අප්පවත්තං නිරාමිස’න්ති සන්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො සාමිසං, අනුපායාසො නිරාමිස’න්ති සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඋත්පාදය සාමිෂ යැ, අනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ, අප්‍රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය සාමිෂ යැ, අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.
Pali BJT‘උප්පාදො සඞ්ඛාරා’ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං, ‘පවත්තං සඞ්ඛාරා’ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං -පෙ- ‘උපායාසො සඞ්ඛාරා’ති භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
Sinhala BJTඋත්පාදය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.
Pali BJT‘අනුප්පාදො නිබ්බාන’න්ති සන්තිපදෙ ඤාණං, ‘අප්පවත්තං නිබ්බාන’න්ති සන්තිපදෙ ඤාණං, -පෙ- ‘අනුපායාසො නිබ්බාන’න්ති සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඅනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
Pali BJT‘උප්පාදො සඞ්ඛාරා, අනුප්පාදො නිබ්බාන’න්ති සන්තිපදෙ ඤාණං, ‘පවත්තං සඞ්ඛාරා අප්පවත්තං නිබ්බාන’න්ති සන්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො සඞ්ඛාරා, අනුපායාසො නිබ්බාන’න්ති සන්තිපදෙ ඤාණං.
Sinhala BJTඋත්පාදය සංස්කාරයහ, අනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ, ප්‍රවෘත්තිය සංස්කාරයහ, අප්‍රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... උපායාසය සංස්කාරයහ, අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.
Pali BJT1. උප්පාදඤ්ච පවත්තඤ්ච නිමිත්තං දුක්ඛන්ති පස්සති ආයූහනං පටිසන්ධිං ඤාණං ආදීනවෙ ඉදං
Sinhala BJT1. උත්පත්තිය ද ප්‍රවෘත්තිය ද නිමිත්ත ද ආයූහනය ද ප්‍රතිසන්‍ධිය ද දුක යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ආදීනවඥාන යැ.
Pali BJT2. අනුප්පාදං අප්පවත්තං අනිමිත්තං සුඛන්ති ච අනායූහනං අප්පටිසන්ධිං{1} ඤාණං සන්තිපදෙ ඉදං
Sinhala BJT2. අනුත්පාදය ද අප්‍රවෘත්තිය ද අනිමිත්ත ද අනායූහනය ද අප්‍රතිසන්‍ධිය ද සුව යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ශාන්තිපදයෙහි ඥාන යැ
Pali BJT3. ඉදං ආදීනවෙ ඤාණං පඤ්චට්ඨානෙසු ජායති පඤ්චට්ඨානෙ සන්තිපදෙ දස ඤාණෙ පජානාති, ද්වින්නං ඤාණානං කුසලාතා නානාදිට්ඨිසු න කම්පතී’ති.
Sinhala BJT3. මේ ආදීනවඥානය (උත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. අමෘතපදයෙහි ඥානය (අනුත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. (යම් යෝගාවචර මහණෙක්) මේ දශඥානයන් දනී ද (ආදීනවඥාන ශාන්තිපඥාන යන) ඥානද්වයයාගේ නිපුණ බව හේතු කොට ගෙන ශාශ්වතාදි විවිධ දෘෂ්ටීන්හි නො සැලේ යයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති. භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං’යි
Pali BJTආදීනවඤාණනිද්දෙසො.
Sinhala BJTආදීනවඥානනිර්දේශ යි.
Pali BJT9. මුඤ්චිතුකම්යතාඤාණං
Sinhala BJT9. මුඤ්චිතුකම්‍යතා ඥානය
Pali BJTකථං මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං:
Sinhala BJTකිසෙයින් මුඤ්චිතුකම්‍යතා යැ ප්‍රත්‍යවේක්‍ෂා යැ අධ්‍යුපේක්‍ෂා යැ යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන වෙයි යත්:
Pali BJTඋප්පාදං{2} මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං.{3} මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, නිමිත්තං මුඤ්චිතුකම්යතා -පෙ- ආයුහනං මුඤ්චිතුකම්යතා -පෙ- පටිසන්ධිං මුඤ්චිතුකම්යතා -පෙ- ගතිං මුඤ්චිතුකම්යතා -පෙ- නිබ්බත්තිං මුඤ්චිතුකම්යතා -පෙ- උපපත්තිං මුඤ්චිතුකම්යතා -පෙ- ජාතිං මුඤ්චිතුකම්යතා -පෙ- ජරං මුඤ්චිතුකම්යතා -පෙ- ව්යාධිං මුඤ්චිතුකම්යතා -පෙ- මරණං මුඤ්චිතුකම්යතා -පෙ- සොකං මුඤ්චිතුකම්යතා -පෙ- පරිදෙවං මුඤ්චිතුකම්යතා -පෙ- උපායාසං මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං.
Sinhala BJTඋත්පත්තිය මුදනු කැමැති බව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ප්‍රවෘත්තිය මුදනු කැමැතිබව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. (සංස්කාර) නිමිත්ත මුදනු කැමැති බව ... කර්‍මායූහනය මුදනු කැමැතිබව ... ප්‍රතිසන්‍ධිය මුදනු කැමැතිබව ... ගතිය මුදනු කැමැති බව ... (ස්කන්‍ධයන්ගේ) පහළවීම මුදනු කැමැති බව ... විපාකප්‍රවෘත්තිය මුදනු කැමැතිබව ... ජාතිය මුදනු කැමැති බව ... ජරාව මුදනු කැමැති බව ... ව්‍යාධිය මුදනු කැමැති බව ... මරණය මුදනු කැමැති බව ... ශෝකය මුදනු කැමැති බව ... පරිදේවය මුදනු කැමැති බව ... උපායාසය මුදනු කැමැති බව’ ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමි.
Pali BJT‘උප්පාදො දුක්ඛ’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. ‘පවත්තං දුක්ඛ’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, -පෙ- ‘උපායාසො මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං.
Sinhala BJTඋත්පාදය දුකැ යි මුදනු කැමති බව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂා ව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ප්‍රවෘත්තිය දුකැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ... උපායාසය දුකැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමි.
Pali BJT‘උප්පාදො භය’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. ‘පවත්තං භය’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, -පෙ- උපායාසො භය’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං.
Sinhala BJTඋත්පාදය භයැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය භය යැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය භය යැ යි මුදනු කැමැතිබව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.
Pali BJT‘උප්පාදො සාමිස’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. ‘පවත්තං සාමිස’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, -පෙ- ‘උපායාසො සාමිස’න්ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං.
Sinhala BJTඋත්පාදය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂා අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.
Pali BJT‘උප්පාදො සඞ්ඛාරා’ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. ‘පවත්තං සඞ්ඛාරා’නි මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, -පෙ- ‘උපායාසො සඞ්ඛාරා’ති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං.
Sinhala BJTඋත්පාදය සංස්කාරහ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ යි මුඤ්චිතුකුම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය සංස්කාරහ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂා අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.
Pali BJTඋප්පාදො සඞ්ඛාරා, තෙ සඞ්ඛාරෙ අජ්ඣුපෙක්ඛතීති සඞ්ඛාරුපෙක්ඛා. යෙ ච සඞ්ඛාරා යා ච උපෙක්ඛා උභොපෙතෙ සඞ්ඛාරා, තෙ සඞ්ඛාරෙ අජ්ඣුපෙක්ඛතීති සඞ්ඛාරුපෙක්ඛා.
Sinhala BJTඋත්පාදය සංස්කාරයහ. ඒ සංස්කාරයන් වෙසෙසින් උපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමැ. යම් සංස්කාර කෙනෙක් වෙත් ද යම් උපේක්‍ෂාවකුත් වේ ද තුලුහු දෙදෙන මැ සංස්කාරයෝ යැ. ඒ සංස්කාරයන් වෙසෙසින් උපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමැ.
Pali BJTපවත්තං සඞ්ඛාරා -පෙ- නිමිත්තං සඞ්ඛාරා -පෙ- ආයූහනා සඞ්ඛාරා -පෙ- පටිසන්ධි සඞ්ඛාරා -පෙ- ගති සඞ්ඛාරා -පෙ- නිබ්බත්ති සඞ්ඛාරා -පෙ- උපපත්ති සඞ්ඛාරා -පෙ- ජාති සඞ්ඛාරා -පෙ- ජරා සඞ්ඛාරා -පෙ- බ්යාධි සඞ්ඛාරා -පෙ- මරණං සඞ්ඛාරා -පෙ- සොකො සඞ්ඛාරා -පෙ- පරිදෙවො සඞ්ඛාරා -පෙ- උපායාසො සඞ්ඛාරා, තෙ සඞ්ඛාරෙ අජ්ඣුපෙක්ඛතීති සඞ්ඛාරුපෙක්ඛා. යෙ ච සඞ්ඛාරා යා ච උපෙක්ඛා උභොපෙතෙ සඞ්ඛාරා, තෙ සඞ්ඛාරෙ අජ්ඣුපෙක්ඛතීති සඞ්ඛාරුපෙක්ඛා.
Sinhala BJTප්‍රවෘත්තිය සංස්කාරයහ ... (සංස්කාර) නිමිත්ත සංස්කාරයහ ... කර්‍මායූහනය සංස්කාරයහ ... ප්‍රතිසන්‍ධිය සංස්කාරයහ ... ගතිය සංස්කාරයහ ... නිර්‍වෘත්තිය සංස්කාරයහ ... උපප්‍රාප්තිය සංස්කාරයහ ... ජාතිය සංස්කාරයහ ... ජරාව සංස්කාරයහ ... ව්‍යාධිය සංස්කාරයහ ... මරණය සංස්කාරයහ ... ශෝකය සංස්කාරයහ ... පරිදේවය සංස්කාරයහ ... උපායාසය සංස්කාරයහ. ඒ සංස්කාරයන් අධ්‍යුපේක්‍ෂා කෙරේ නු යි, සංස්කාරෝපෙක්‍ෂා නමැ. යම් සංස්කාර කෙනෙක් වෙත් ද යම් අපේක්‍ෂාවකුත් වේ ද තුලුහු දෙදෙන මැ සංස්කාරයෝ යැ. ඒ සංස්කාරයන් අධ්‍යුපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමි.
Pali BJTකතීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති: අට්ඨහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය (සංස්කාරෝපෙක්‍ෂායෙහි අභිමුඛ කොට අතිශයින් එළැවීම) වෙයි යත්: අට අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි.
Pali BJTපුථුජ්ජනස්ස කතීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති, සෙක්ඛස්ස කතීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති, වීතරාගස්ස කතීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති:
Sinhala BJTපෘථග්ජනයාහට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද, ශෛක්‍ෂයාහට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද, රහත්හට හට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද යත්:
Pali BJTපුථුජ්ජනස්ස ද්වීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති, සෙක්ඛස්ස තීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති, වීතරාගස්ස තීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති:
Sinhala BJTපෘථග්ජනයාහට දෙඅයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි. ශෛක්‍ෂයාහට තුන්අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි. රහත්හට තුන් අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.
Pali BJTපුථුජ්ජනස්ස කතමෙහි ද්වීකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති, පුථුජ්ජනො සඞ්ඛාරුපෙක්ඛං අභිනන්දති වා, විපස්සති වා පුථුජ්ජනස්ස ඉමෙහි ද්වීකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති.
Sinhala BJTපෘථග්ජනයාහට කවර දෙඅයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාවට සතුටු හෝ වෙයි. විදර්‍ශනා හෝ කෙරෙයි. පෘථග්ජනයාහට මේ දෙඅයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි.
Pali BJTසෙක්ඛස්ස කතමෙහි තීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති: සෙක්ඛො සඞ්ඛාරුපෙක්ඛං අභිනන්දති වා විපස්සති වා පටිසඞ්ඛාය වා ඵලසමාපත්තිං සමාජපත්ති, සෙක්ඛස්ස ඉමෙහි තීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති.
Sinhala BJTශෛක්‍ෂයාහට කවර තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: ශෛක්‍ෂ තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව අභිනන්‍දනය හො කෙරෙයි. විදර්‍ශනා හෝ කෙරෙයි. (අනිත්‍යාදි විසින්) ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමාපත්තියට හෝ සමවදියි. ශෛක්‍ෂයාහට මේ තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.
Pali BJTවීතරාගස්ස කතමෙහි තීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති: වීතරාගො සඞ්ඛාරුපෙක්ඛා විපස්සති වා, පටිසඞ්ඛාය වා ඵලසමාපත්තිං සමාජපත්ති, තදජ්ඣුපෙක්ඛිත්වා සුඤ්ඤතවිහාරෙන වා අනිමිත්තවිහාරෙන වා අප්පණිහිතවිහාරෙන වා විහරති; වීතරාගස්ස ඉමෙහි තීහාකාරෙහි සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො හොති.
Sinhala BJTරහත්හට කවර තුන් අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: රහත් තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව විදර්‍ශනා හෝ කෙරෙයි. (අනිත්‍යාදි විසින්) ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදියි. ඒ සංස්කාරෝපෙක්‍ෂාව (තාදෘශ වූ අන්‍ය විදර්‍ශනාඥානයෙකින්) අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යතවිහාරයෙන් හෝ අනිමිත්තවිහාරයෙන් හෝ අප්‍රණිහිත විහාරයෙන් හෝ වෙසෙයි. රහත්හට මේ තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.
Pali BJTකථං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො එකත්තං හොති: පුථුජ්ජනස්ස සඞ්ඛාරුපෙක්ඛං අභිනන්දතො චිත්තං කිලිස්සති, භාවනාය පරිපන්ථො හොති, පටිවෙධස්ස අන්තරායො හොති, ආයතිං පටිසන්ධියා පච්චයො හොති, සෙක්ඛස්සපි සඞ්ඛාරුපෙක්ඛං අභිනන්දතො චිත්තං කිලිස්සති, භාවනාය පරිපන්ථො හොති, උත්තරිං පටිවෙධස්ස අන්තරායො හොති, ආයතිං පටිසන්ධියා පච්චයො හොති. එවං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො එකත්තං හොති අභිනන්දනට්ඨෙන.
Sinhala BJTකිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය එකෙක් වෙයි යත්: සංස්කාරෝපෙක්‍ෂාවට සප්‍රීතිකතෘෂ්ණාව උපදවන පෘථග්ජනයාගේ සිත කෙලෙසෙයි. (ප්‍රතිලබ්ධ) විදර්‍ශනාභාවනාවට උපද්‍රව වෙයි. ප්‍රතිවේධයට අන්තරාය වෙයි. අනාගතයෙහි සුගතිප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙයි. සංස්කාරෝපෙක්‍ෂාවට සප්‍රීතික තෘෂ්ණාව උපදවන ශෛක්‍ෂයාගේ ද සිත කෙලෙසෙයි. භාවනාවට උපද්‍රව වෙයි. මත්තෙහි (සත්‍ය) ප්‍රතිවේධයට අන්තරාය වෙයි. අනාගත ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වේ මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය අභිනන්‍දනභාවයෙන් එකෙක් වේ.
Pali BJTකථං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො එකත්තං හොති: පුථුජ්ජනො සඞ්ඛාරුපෙක්ඛං අනිච්චතොපි දුක්ඛතොපි අනත්තතොපි විපස්සති, සෙක්ඛොපි සඞ්ඛාරුපෙක්ඛං අනිච්චතොපි දුක්ඛතොපි අනත්තතොපි විපස්සති. වීතරාගොපි සඞ්ඛාරුපෙක්ඛං අනිච්චතොපි දුක්ඛතොපි අනත්තතොපි විපස්සති එවං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො එකත්තං හොති අභිනීහාරට්ඨෙන.
Sinhala BJTකිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය එකෙක් වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙමේත් සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද දුඃඛ හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරෙයි. රහත් තෙමේ ද සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද දුඃඛ හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරේ. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය (අනිත්‍යාදි හෙයින්) අනුපස්සනභාවයෙන් එකෙක් වේ.
Pali BJTකථං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති: පුථුජ්ජනස්ස සඞ්ඛාරුපෙක්ඛා කුසලා හොති, සෙක්ඛස්ස සඞ්ඛාරුපෙක්ඛා කුසලා හොති, වීතරාගස්ස සඞ්ඛාරුපෙක්ඛා අව්යාකතා හොති. එවං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති කුසලාබ්යාකතට්ඨෙන.
Sinhala BJTකිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජනයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කුශල වෙයි. ශෛක්‍ෂයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කුශල වෙයි. රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂාව අව්‍යාකෘත වේ. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය කුශලාව්‍යාකෘත භාවයෙන් නානාත්‍ව වේ.
Pali BJTකථං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති: පුථුජ්ජනස්ස සඞ්ඛාරුපෙක්ඛා කිඤ්චි කාලෙ සුවිදිතා හොති, කිඤ්චි කාලෙ න සුවිදිතා හොති, සෙක්ඛස්සපි සඞ්ඛාරුපෙක්ඛා කිඤ්චි කාලෙ සුවිදිතා හොති, කිඤ්චි කාලෙ න සුවිදිතා හොති, වීතරාගස්ස සඞ්ඛාරුපෙක්ඛා අච්චන්තං සුවිදිතා හොති. එවං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති විදිතට්ඨෙන ච අවිදිතට්ඨෙන ච.
Sinhala BJTකිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජනයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කිසි කලෙක (විදර්‍ශනාකාලයෙහි) මොනොවට දන්නා ලද වෙයි. කිසි කලෙක (අභිනන්‍දන කාලයෙහි) සුවිදිත නො වෙයි. ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂාව කිසි කලෙක සුවිදිත වෙයි. කිසි කලෙක සුවිදිත නො වෙයි. රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂාව ඒකාන්තයෙන් සුවිදිත වෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය විදිතභාවයෙන් ද අවිදිතභාවයෙන් ද නානාත්‍ව වේ.
Pali BJTකථං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති: පුථුජ්ජනො සඞ්ඛාරුපෙක්ඛං{1}, අතිත්තත්තා විපස්සති, සෙක්ඛොපි සඞ්ඛාරුපෙක්ඛං{1} අතිත්තත්තා විපස්සති, වීතරාගො සඞ්ඛාරුපෙක්ඛං නිත්තත්තා විපස්සති. එවං පුථුජ්ජනස්ස ච සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති තිත්තට්ඨෙන ච අතිත්තට්ඨෙන ච.
Sinhala BJTකිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව අතෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙමේත් සංස්කාරෝපෙක්‍ෂාව අතෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. රහත් තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව තෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය තෘප්ත බැවින් ද අතෘප්ත බැවින් ද නානාත්‍ව වේ.
Pali BJTකථං පුථුජ්ජනස්ස ච සෙක්ඛෙස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති: පුථුජ්ජනො සඞ්ඛාරුපෙක්ඛං තිණ්ණං සංයොජනානං පහානාය සොතාපත්තිමග්ගං පටිලාභත්ථාය විපස්සති, සෙක්ඛො සඞ්ඛාරුපෙක්ඛං තිණ්ණං සංයොජනානං පහීනත්තා උත්තරිපටිලාභත්ථාය විපස්සති, වීතරාගො සඞ්ඛාරුපෙක්ඛං සබ්බකිලෙසානං පහීනත්තා දිට්ඨම්මසුඛවිහාරත්ථාය විපස්සති. එවං පුථුජ්ජනස්ස ච සෙක්ඛෙස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අනීහාරො නානත්තං හොති පහීනට්ඨෙන ච අප්පහීනට්ඨෙන ච.
Sinhala BJTකිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබනු පිණිස විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙම සංස්කාරෝපෙක්‍ෂාව තුන් සංයෝජනයන් ප්‍රහීණ බැවින් මතුමත්තෙහි මාර්‍ග ප්‍රතිලාභය පිණිස විදර්‍ශනා කෙරෙයි. වීතරාග තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් ඉහාත්මසුඛවිහරණ පිණිස විදර්‍ශනා කෙරෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය ප්‍රහීණ බැවින් ද නානාත්‍ව වේ.
Pali BJTකථං සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති: සෙක්ඛො සඞ්ඛාරුපෙක්ඛං අභිනන්දති වා, විපස්සති වා, පටිසඞ්ඛාය වා, ඵලසමාපත්තිං සමාපජ්ජති; වීතරාගො සඞ්ඛාරුපෙක්ඛං විපස්සති වා, පටිසඞ්ඛාය වා ඵලසමාපත්තිං සමාපජ්ජති, තදජ්ඣුපෙක්ඛිත්වා සුඤ්ඤතවිහාරෙන වා අනිමිත්තවිහාරෙන වා අප්පණිහිතවිහාරෙන වා විහරති. එවං සෙක්ඛස්ස ච වීතරාගස්ස ච සඞ්ඛාරුපෙක්ඛාය චිත්තස්ස අභිනීහාරො නානත්තං හොති විහාරසමාපත්තට්ඨෙන.
Sinhala BJTකිසෙයින් ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: ශෛක්‍ෂ තෙම සංස්කාරෝපෙක්‍ෂාව අභිනන්‍දනය (සප්‍රීතිකතෘෂ්ණාව) හෝ කෙරෙයි, විදර්‍ශනා හෝ කෙරෙයි. ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදී. වීතරාග තෙම සංස්කාරෝපෙක්‍ෂාව විදර්‍ශනා හෝ කෙරෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදී. ඒ සංස්කාරෝපෙක්‍ෂාව අධ්‍යුපේක්‍ෂා කොට ශූන්‍යතවිහාරයෙන් හෝ අනිමිත්තවිහාරයෙන් හෝ අප්‍රණිහිතවිහාරයෙන් හෝ වාසය කෙරෙයි. මෙසෙයින් ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය විහාරසමාපත්තිභාවයෙන් නානාත්‍ව වේ.
Pali BJTකති සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති, කති සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති: අට්ඨසඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති, දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවයෙන උප්පජ්ජන්ති.
Sinhala BJTකෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ සමාධි වශයෙන් උපදිත් ද, කෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: සංස්කාරෝපෙක්‍ෂාවෝ අට දෙනෙක් සමාධිවශයෙන් උපදිත්. සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත්.
Pali BJTකතමා අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති: පඨමං ඣානං{1} පටිලාභත්ථාය නීවරණෙ පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, දුතියං ඣානං පටිලාභත්ථාය විතක්කවිචාරෙ පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, තතියං ඣානං පටිලාභත්ථාය පීති පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, චතුත්ථං ඤාණං පටිලාභත්ථාය සුඛදුක්ඛෙ පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, ආකාසානඤ්චායතනසමාපත්තිං පටිලාභත්ථාය රූපසඤ්ඤං පටිඝසඤ්ඤං නානත්තසඤ්ඤං පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං පටිලාභත්ථාය ආකාසානඤ්චායතනසඤ්ඤං පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය විඤ්ඤාණඤ්චායතන සඤ්ඤං පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤං පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. ඉමා අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති.
Sinhala BJTකවර සංස්කාරෝපෙක්‍ෂාවෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත් ද යත්: ප්‍රථමධ්‍යානප්‍රතිලාභය සඳහා පඤ්චනීවරණයන් (ප්‍රභාතතව්‍යභාවයෙන්) නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව (නීවරණ සඞ්ඛ්‍යාත) සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ ද්විතීයධ්‍යාන ප්‍රතිලාභය සඳහා විතර්‍කවිචාරයන් නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. තෘතීයධ්‍යාන ප්‍රතිලාභය සඳහා ප්‍රීතිය නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ, චතුර්‍ත්‍ථධ්‍යාන ප්‍රතිලාභය සඳහා සුඛදුඃඛයන් නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. ආකාසානඤ්චායතනසමාපත්ති ප්‍රතිලාභය සඳහා රූසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. විඤ්ඤාණඤ්චයාතනසමාපත්තිප්‍රතිලාභය සඳහා ආකාසානඤ්චායතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. අකිඤ්චඤ්ඤායතනසමාපත්තිප්‍රතිලාභය සඳහා විඤ්ඤාණඤ්චයාතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිප්‍රතිලාභය සඳහා ආකිඤ්චඤ්ඤායාතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපේක්‍ෂාඥාන යි මේ සංස්කාරෝපෙක්‍ෂාවෝ අටදෙන ශමථවශයෙන් උපදිත්.
Pali BJTකතමා දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජනිති: සොතාපත්තිමග්ගං පටිලාභත්ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං{2} පටිසන්ධිං ගතිං නිබ්බත්තිං උපපත්තිං ජාතිං ජරං ව්යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, සොතාපත්තිඵලසමාපත්තත්ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං පටිසන්ධිං -පෙ- උපායාසං පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං, සකදාගාමිමග්ගං පටිලාභත්ථාය -පෙ- සකදාගාමිඵලසමාපත්තත්ථාය -පෙ- අනාගාමිමග්ගං පටිලාභත්ථාය -පෙ- අනාගාමිඵලසමාපත්තත්ථාය -පෙ- අරහත්තමග්ගං පටිලාභත්ථාය -පෙ- අරහත්තඵලසමාපත්තත්ථාය -පෙ- සුඤ්ඤතවිහාරසමාපත්තත්ථාය -පෙ- අනිමිත්තවිහාරසමාපත්තත්ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං පටිසන්ධිං ගතිං නිබ්බත්තිං උපපත්තිං ජාතිං ජරං ව්යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං. ඉමා දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති.
Sinhala BJTකවර සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: සෝවන්මාර්‍ගය ලැබීම පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත කර්‍මායූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය ප්‍රත්‍යවේක්‍ෂාව කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යැ. සෝවන් ඵලසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත කර්‍මායූහනය ප්‍රතිසන්‍ධිය ... ප්‍රත්‍යවේක්‍ෂාව කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යැ. සෙදගැමි මාර්‍ගය ලැබීම පිණිස ... සෙදගැමි ඵලසමවත පිණිස ... අනගැමි මාර්‍ගය ලැබීම පිණිස ... අනගැමි ඵලසමවත පිණිස ... රහත්මඟ ලැබීම පිණිස ... රහත් ඵලසමවත පිණිස ... ශූන්‍යතවිහාරසම්පත්තිය පිණිස ... අනිමිත්තවිහාරසම්පත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය ප්‍රත්‍යවේක්‍ෂා කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යි. මේ සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙන විදර්‍ශනාවශයෙන් උපදිත්.
Pali BJTකති සඞ්ඛාරුපෙක්ඛා කුසලා, කති අකුසලා, කති අබ්යාකතා: පණ්ණරස සඞ්ඛාරුපෙක්ඛා කුසලා, තිස්සො සඞ්ඛාරුපෙක්ඛා අබ්යාකතා. නත්ථි සඞ්ඛාරුපෙක්ඛා අකුසලා.
Sinhala BJTකෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද යත්: සංස්කාරෝපෙක්‍ෂාවෝ තිදෙනෙක් අව්‍යාකෘතයෝ යැ. අකුශල වූ සංස්කාරෝපෙක්‍ෂායෙක් නැති.
Pali BJT1. “පටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා අට්ඨ චිත්තස්ස ගොචරා පුථුජ්ජනස්ස ද්වෙ හොන්ති තයො සෙක්ඛස්ස ගොචරා තයො ච වීතරාගස්ස යෙහි චිත්තං විවට්ටති.
Sinhala BJT1. යම් ( සංස්කාරොපෙක්‍ෂාධර්‍මයෙකින් විතර්‍කවිචාරාදියෙන්) සිත අපගම වේ ද ඒ පටිසඞ්ඛා සන්තිට්ඨානා (සංස්කාරෝපෙක්‍ෂා) ප්‍රඥාවෝ (ශමථ වශයෙන්) චිත්තගෝචර වූවාහු අටදෙනෙක් වෙති. පෘථග්ජනයාහට (ශමථවිදර්‍ශනාසමාපත්ති වශයෙන්) තිදෙනෙක් ගෝචර වෙති. රහත්හට (අප්‍රණිහිත, ශුන්‍යත, ඵලසමාපත්ති වශයෙන්) තිදෙනෙක් ගෝචර වෙත්.
Pali BJT2. අට්ඨ සමාධිස්ස පච්චයා දස ඤාණස්ස ගොචරා අට්ඨාරස සඞ්ඛාරුපෙක්ඛා තිණ්ණං විමොක්ඛාන පච්චයා.
Sinhala BJT2. ශමථ වශයෙන් කියන ලද අටදෙන අර්‍පණාසමාධියට ප්‍රත්‍යය වෙති. විදර්‍ශනාවශයෙන් කියන ලද දසදෙන මාර්‍ගඥානයට ඵලඥානයට ද ගෝචර වෙති. මේ අටළොස් සංස්කාරෝපෙක්‍ෂාඥානයෝ (ශූන්‍යතාදි) ත්‍රිවිධ විමෝක්‍ෂයන්ට (උපනිශ්‍රයප්‍රත්‍යයෙන්) ප්‍රත්‍යය වෙත්.
Pali BJT3. ඉමෙ අට්ඨාරසාකාරා පඤ්ඤා යස්ස පරිචිතා{1} කුසලො සඞ්ඛාරුපෙක්ඛාසු නානාදිට්ඨිසු න කම්පතී”ති.
Sinhala BJT3. මේ අටළොස් වැදෑරුම් වූ ප්‍රඥාවෝ යම් යෝගාචරවරයක්හු විසින් පුරුදු කරන ලද්දාහු ද (හෙතෙම) සංස්කාරෝපෙක්‍ෂාඥානයෙහි නිපුණ වූයේ (ශාශ්වතාදි) නානාදෘෂ්ටියෙහි නො සැලේ යයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති ‘මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: ‘පටිසඞ්ඛාසන්තිට්ඨානා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං’ යි.
Pali BJTසඞ්ඛාරුපෙක්ඛාඤාණනිද්දෙසො.
Sinhala BJTසංස්කාරෝපෙක්‍ෂාඥාන නිර්දේශ යි.
Pali BJT10. ගොත්රභූඤාණං
Sinhala BJT10. ගෝත්‍රභූ ඥානය
Pali BJTකථං බහිද්ධා වුට්ඨානවිවට්ටානෙ පඤ්ඤා ගොත්රභූ ඤාණං:
Sinhala BJTකිසෙයින් බාහ්‍ය වූ සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන වෙයි යත්:
Pali BJTඋප්පාදං අභිභුය්යතීති ගොත්රභූ, පවත්තං අභිභුය්යතීති ගොත්රභූ, නිමිත්තං අභිභුය්යතීති ගොත්රභූ, ආයූහනං අභිභුය්යතීති ගොත්රභූ, පටිසන්ධිං අභිභුය්යතීති ගොත්රභූ, ගතිං අභිභුය්යතීති ගොත්රභූ, නිබ්බත්තිං අභිභුය්යතීති ගොත්රභූ, උපපත්තිං අභිභුය්යතීති ගොත්රභූ, ජාතිං අභිභුය්යතීති ගොත්රභූ, ජරං අභිභුය්යතීති ගොත්රභූ, ව්යාධිං අභිභුය්යතීති ගොත්රභූ, මරණං අභිභුය්යතීති ගොත්රභූ, සොකං අභිභුය්යතීති ගොත්රභූ, පරිදෙවං අභිභුය්යතීති ගොත්රභූ, උපායාසං අභිභුය්යතීති ගොත්රභූ, බහිද්ධා සඞ්ඛාරනිමිත්තං අභිභුය්යතීති ගොත්රභූ.
Sinhala BJTඋත්පාදය ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ආයූහනය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ගතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘත්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජාතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ජරාව ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධිය ඉක්මවා නු යිගොත්‍රභූ නමැ. මරණය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. ශෝකය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. උපායාසය ඉක්මවා නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාර නිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTඅනුප්පාදං පක්ඛන්දතීති ගොත්රභූ, අප්පවත්තං පක්ඛන්දතීති ගොත්රභූ -පෙ- නිරොධං නිබ්බානං පක්ඛන්දතීති ගොත්රභූ.
Sinhala BJTඅනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ, අප්‍රවෘත්තිය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTඋප්පාදං අභිභුය්යිත්වා අනුප්පාදං පක්ඛන්දතීති ගොත්රභූ, පවත්තා අභිභුය්යිත්වා අප්පවත්තං පක්ඛන්දතීති ගොත්රභූ, නිමිත්තං අභිභුය්යිත්වා අනිමිත්තං පක්ඛන්දතීති ගොත්රභූ -පෙ- බහිද්ධා සඞ්ඛාර නිමිත්තං අභිභුය්යිත්වා නිරොධං නිබ්බානං පක්ඛන්දතීති ගොත්රභූ.
Sinhala BJTඋත්පාදය ඉක්මවා අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තිය ඉක්මවා අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්ත ඉක්මවා අනිමිත්තට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTඋප්පාදා වුට්ඨාතීති ගොත්රභූ, පවත්තා වුට්ඨාතීති ගොත්රභූ, නිමිත්තා වුට්ඨාතීති ගොත්රභූ, ආයූහනා වුට්ඨාතීති ගොත්රභූ, පටිසන්ධියා වුට්ඨාතීති ගොත්රභූ, ගතියා වුට්ඨිතීති ගොත්රභූ, නිබ්බත්තියා වුට්ඨාතීති ගොත්රභූ, උපපත්තියා වුට්ඨාතීති ගොත්රභූ, ජාතියා වුට්ඨාතීති ගොත්රභූ, ජරායා වුට්ඨාතීති ගොත්රභූ බ්යාධිම්හා වුට්ඨාතීති ගොත්රභූ, මරණා වුට්ඨාතීති ගොත්රභූ, සොකා වුට්ඨාතීති ගොත්රභූ, පරිදෙවා වුට්ඨාතීති ගොත්රභූ, උපායාසා වුට්ඨාතීති ගොත්රභූ, බහිද්ධා සඞ්ඛාරනිමිත්තා වුට්ඨිතීති ගොත්රභූ.
Sinhala BJTඋත්පාදයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. කර්‍මායූහනයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. නිර්‍වෘතියෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී සිටි නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. පරිදේවයෙන් නැඟීසිටි නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමැ. වාහ්‍ය සංස්කාරනිමිත්තයෙන් නැඟීසිටී නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTඅනුප්පාදං පක්ඛන්දතීති ගොත්රභූ, අප්පවත්තං පක්ඛන්දතීති ගොත්රභූ, -පෙ- නිරොධං නිබ්බානං පක්ඛන්දතීති ගොත්රභූ,
Sinhala BJTඅනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යී ගෝත්‍රභූ නමැ. අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTඋප්පාදා වුට්ඨහිත්වා අනුප්පාදං පක්ඛන්දතීති ගොත්රභූ, පවත්තා වුට්ඨහිත්වා අප්පවත්තං පක්ඛන්දතීති ගොත්රභූ, නිමිත්තා වුට්ඨහිත්වා අනිමිත්තං පක්ඛන්දතීති ගොත්රභූ, ආයූහනා වුට්ඨහිත්වා අනායුහනං පක්ඛන්දතීති ගොත්රභූ, පටිසන්ධියා වුට්ඨහිත්වා අප්පටි සන්ධිං පක්ඛන්දතීති ගොත්රභූ, ගතියා වුට්ඨහිත්වා අගතිං පක්ඛන්දතීති ගොත්රභූ, නිබ්බත්තියා වුට්ඨහිත්වා අනිබ්බත්තිං පක්ඛන්දතීති ගොත්රභූ, උපපත්තියා වුට්ඨහිත්වා අනුපපත්තිං පක්ඛන්දතීති ගොත්රභූ, ජාතියා වුට්ඨහිත්වා අජාතිං පක්ඛන්දතීති ගොත්රභූ, ජරාය වුට්ඨහිත්වා අජරං පක්ඛන්දතීති ගොත්රභූ, බ්යාධිම්හා වුට්ඨහිත්වා අබ්යාධිං පක්ඛන්දතීති ගොත්රභූ, මරණා වුට්ඨහිත්වා අමරණං පක්ඛන්දතීති ගොත්රභූ, සොකා වුට්ඨහිත්වා අසොකං පක්ඛන්දතීති ගොත්රභූ, පරිදෙවා වුට්ඨහිත්වා අපරිදෙවං පක්ඛන්දතීති ගොත්රභූ, උපායාසා වුට්ඨහිත්වා අනුපායාසං පක්ඛන්දතීති ගොත්රභූ, බහිද්ධාසඞ්ඛාරනිමිත්තා වුට්ඨහිත්වා නිරොධං නිබ්බානං පක්ඛන්දතීති ගොත්රභූ.
Sinhala BJTඋත්පාදයෙන් නැඟී අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් නැඟී අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. නිමිත්තයෙන් නැඟී අනිමිත්තයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ආයූනාහයෙන් නැඟී අනායූහනයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රතිසන්‍ධියෙන් නැඟී අප්‍රතිසන්‍ධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ගතියෙන් නැඟී අගතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. තිර්‍වෘතියෙන් නැඟී අනිර්‍වෘතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපප්‍රාප්තියෙන් නැඟී අනුපප්‍රාප්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජාතියෙන් නැඟී අජාතියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ජරායෙන් නැඟී අජරාවට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ව්‍යාධියෙන් නැඟී අව්‍යාධියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. මරණයෙන් නැඟී අමරණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ශෝකයෙන් නැඟී අශෝකයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. උපායාසයෙන් නැඟී අනුපායාසයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ වාහ්‍යසංස්කාර නිමිත්තෙන් නැඟී නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTඋප්පාදා විවට්ටතීති ගොත්රභූ, පවත්තා විවට්ටතීති ගොත්රභූ, -පෙ- බහිද්ධා සඞ්ඛාරනිමිත්තා විවට්ටතීති ගොත්රභූ.
Sinhala BJTඋත්පාදයෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වේ නු යි ගෝත්‍රභූ නමැ.
Pali BJTඅනුප්පාදං පක්ඛන්දතීති ගොත්රභූ, අප්පවත්තං පක්ඛන්දතීති ගොත්රභූ, -පෙ- නිරොධං නිබ්බානං පක්ඛන්දතීති ගොත්රභූ,
Sinhala BJTඅනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTඋප්පාදා විවට්ටිත්වා අනුප්පාදං පක්ඛන්දතීති ගොත්රභූ, පවත්තා විවට්ටිත්වා අප්පවත්තං පක්ඛන්දතීති ගොත්රභූ, -පෙ- බහිද්ධා සඞ්ඛාරනිමිත්තා විවට්ටිත්වා නිරොධං නිබ්බානං පක්ඛන්දතීති ගොත්රභූ.
Sinhala BJTඋත්පාදයෙන් අපගත වැ අනුත්පාදයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ. ප්‍රවෘත්තියෙන් අපගත වැ අප්‍රවෘත්තියට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමැ ... වාහ්‍ය සංස්කාර නිමිත්තෙන් අපගත වැ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයට ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ගෝත්‍රභූ නමි.
Pali BJTකති ගොත්රභූධම්මා සමථවසෙන උප්පජ්ජන්ති, කති ගොත්රභූධම්මා විපස්සනා වසෙන උප්පජ්ජන්ති: අට්ඨ ගොත්රභූධම්මා සමථවසෙන උප්පජ්ජන්ති, දස ගොත්රභූධම්මා විපස්සනාවසෙන උප්පජ්ජන්ති.
Sinhala BJTකෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ ශමථවශයෙන් උපදිත් ද: කෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත්. ගොත්‍රභූධර්‍මයෝ දසදෙනෙක් විදර්‍ශනා වශයෙන් උපදිත්.
Pali BJTකතමෙ{1} අට්ඨ ගොත්රභූධම්මා සමථවසෙන උප්පජ්ජන්ති: පඨමං ඣානං{2} පටිලාභත්ථාය නීවරණෙ අභිභුය්යතීති ගොත්රභූ, දුතියං ඣානං පටිලාභත්ථාය විතක්කවිචාරෙ අභිභුය්යතීති ගොත්රභූ, තතියං ඣානං පටිලාභත්ථාය පීතිං අභිභුය්යතීති ගොත්රභූ, චතුත්ථං ඣානං පටිලාභත්ථාය සුඛදුක්ඛෙ අභිභුය්යතීති ගොත්රභූ, ආකාසානඤ්චායතනසමාපත්තිං පටිලාභත්ථාය රූපසඤ්ඤං පටිඝසඤ්ඤං නානත්තසඤ්ඤං අභිභුය්යතීති ගොත්රභූ, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං පටිලාභත්ථාය ආකාසානඤ්චායතනසඤ්ඤං අභිභුය්යතීති ගොත්රභූ, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං ආභිභුය්යතීති ගොත්රභූ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං අභිභුය්යතීති ගොත්රභූ. ඉමෙ අට්ඨ ගොත්රභූධම්මා සමථවසෙන උප්පජ්ජන්ති.
Sinhala BJTකවර ගොත්‍රභූධර්‍මයෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත් ද යත්: ප්‍රථමධ්‍යානය ලබනු පිණිස නීවරණයන් ඉක්මවා (අභිභවනය කෙරේ) නු යි ගෝත්‍රභූ යැ. ද්විතීයධ්‍යානය ලබනු පිණිස විතර්‍කවිචාරයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. තෘතීයධ්‍යානය ලබනු පිණිස ප්‍රීතිය ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. චතුර්‍ත්‍ථධ්‍යානය ලබනු පිණිස සුඛදුඃඛයන් ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ ආකාසානඤ්චායතන සමාපත්තිය ලබනු පිණිස රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. විඤ්ඤාණඤ්චායතනය සමාපත්තිය ලබනු පිණිස ආකාසානඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය විඤ්ඤාණඤ්චායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිය ආකිඤ්චඤ්ඤායතනසංඥාව ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. මේ ගොත්‍රභූධර්‍මයෝ අටදෙන ශමථ වශයෙන් උපදිත්.
Pali BJTකතමෙ දස ගොත්රභූධම්මා විපස්සනාවසෙන උප්පජ්ජන්ති: සොතා, පත්තිමග්ගං පටිලාභත්ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයූහනං පටිසන්ධිං ගතිං නිබ්බත්තිං උපපත්තිං ජාතිං ජරං බ්යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං බහිද්ධාසඞ්ඛාරනිමිත්තං අභිභුය්යතීති ගොත්රභූ, සොතාපත්තිඵලසමාපත්තත්ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයුහනං පටිසන්ධිං -පෙ- සකදාගාමිමග්ගං පටිලාභත්ථාය -පෙ- සකදාගාමිඵලසමාපත්තත්ථාය -පෙ- අනාගාමිමග්ගං පටිලාභත්ථාය -පෙ- අනාගාමිඵලසමාපත්තත්ථාය -පෙ- අරහත්තමග්ගං පටිලාභත්ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයුහනං පටිසන්ධිං ගතිං නිබ්බත්තිං උපපත්තිං ජාතිං ජරං බ්යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං බහිද්ධාසඞ්ඛාරනිමිත්තං අභිභුය්යතීති ගොත්රභූ, අරහත්තඵලසමාපත්තත්ථාය -පෙ- සුඤ්ඤතවිහාරසමාපත්තත්ථාය -පෙ- අනිමිත්තවිහාරසමාපත්තත්ථාය උප්පාදං පවත්තං නිමිත්තං ආයුහනං පටිසන්ධිං -පෙ- අභිභුය්යතීති ගොත්රභූ, ඉමෙ දස ගොත්රභූධම්මා විපස්සනාවසෙන උප්පජ්ජන්ති.
Sinhala BJTකවර ගොත්‍රභූධර්‍මයෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගප්‍රතිලාභය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයුහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. ස්‍රොතාපත්තිඵලසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයුහනය ප්‍රතිසන්‍ධිය ... ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. සකෘදාගාමිමාර්‍ගප්‍රතිලාභය පිණිස ... සකෘදාගාමිඵලසමාපත්තිය පිණිස ... අනාගාමීමාර්‍ගප්‍රතිලාභය පිණිස ... අනාගාමීඵලසමාපත්තිය පිණිස ... අර්‍හන්මාර්‍ගප්‍රතිලාභය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය වාහ්‍ය සංස්කාරනිමිත්ත ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. අර්‍හත්ඵලසමාපත්තිය පිණිස ... ශුන්‍යතවිහාර සමාපත්තිය පිණිස ... අනිමිත්තවිහාරසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ... ඉක්මවා නු යි ගෝත්‍රභූ යැ. මේ ගොත්‍රභූධර්‍මයෝ දසදෙන විදර්‍ශනාවශයෙන් උපදිත්.
Pali BJTකති ගොත්රභූධම්මා කුසලා, කති අකුසලා, කති අබ්යාකතා, පන්නරස ගොත්රභූධම්මා කුසලා, තයො ගොත්රභූධම්මා අබ්යාකතා, නත්ථි ගොත්රභූධම්මා අකුසලා.
Sinhala BJTකෙතෙක් ගොත්‍රභූධර්‍මයෝ කුශලයෝ ද කෙතෙක් අකුශලයෝ ද කෙතෙක් අව්‍යාකෘතයෝ ද යත්: ගොත්‍රභූධර්‍මයෝ පසළොස්දෙනෙක් කුශලයෝ යැ. ගොත්‍රභූධර්‍මයෝ තිදෙනෙක් අව්‍යාකෘතයෝ යැ. ගොත්‍රභූධර්‍මයෝ අකුශල වූවාහු නැති යි.