Pali BJTතත්ථ කතමො සම්මාකම්මන්තො: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති සම්මාකම්මන්තො.
Sinhala BJTඑහි ‘සම්‍යක්කර්‍මාන්ත’ කවරෙ යත්: ප්‍රාණඝාතයෙන් වෙන්වීම යැ අදත්තාදානයෙන් වෙන්වීම යැ කාමමිථ්‍යාචාරයෙන් වෙන්වීම යි. මේ ‘සම්‍යක්කර්‍මාන්ත’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මා ආජීවො: ඉධ අරියසාවකො මිච්ඡා ආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං{1} කප්පෙති, අයං වුච්චති සම්මාආජීවො.
Sinhala BJTඑහි ‘සම්‍යගාජීව’ කවරෙ යත්: මෙ ලොවැ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මිථ්‍යාආජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි, මේ ‘සම්‍යගාජීව’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාවායාමො: ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති, අයං වුච්චති සම්මාවායාමො.
Sinhala BJTඑහි ‘සම්‍යග්ව්‍යායාම’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක වූ අකුශලධර්‍මයන්ගේ නො ඉපැදීම පිණිස වීර්‍ය්‍යච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත දැඩි කොට ගනී, ප්‍රධන්වීර්‍ය්‍යය පවත්වයි, උපන් ලාමක වූ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ (නැවත නැවත ඉපදීම්වශයෙන්) ස්ථිතිය පිණිස අවිනාශය පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස වීර්‍ය්‍යච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොට පිහිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මේ ‘සම්‍යග්ව්‍යායාම’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාසති: ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වෙදනානුපස්සී -පෙ- චිත්තෙ චිත්තානුපස්සී -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති සම්මාසති.
Sinhala BJTඑහි ‘සම්‍යක් ස්මෘති’ කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම රූපකායයෙහි කෙලෙසුන් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යය දුරු කොට කය අනුව බලමින් වෙසෙයි. වේදනාවන්හි වේදනා අනුව බලමින් ... චිත්තයෙහි සිත අනුව බලමින් ... ස්කන්‍ධාදි ධර්‍මයන්හි කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ඇත්තේ සම්‍යග්ඥානයෙන් යුක්ත වූයේ ස්මෘතිමත් වූයේ සකන්‍ධාදිධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යය දුරු කොට ධර්‍මයන් අනුව බලමින් වෙසේ. මේ ‘සම්‍යක්ස්මෘති’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සම්මාසමාධි: ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{1}, උපසම්පජ්ජවිහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං{2} උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, අයං වුච්චති සම්මාසමාධි. ඉදං වුච්චති දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
Sinhala BJTඑහි ‘සම්‍යක් සමාධි’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම කාමච්ඡන්‍දයෙන් වෙන් වැ මැ ශේෂනීවරණ සඞ්ඛ්‍යාත අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වු සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි, ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි, ස්මෘතිමත් වූයේ ද සම්‍යග්ඥාන ඇත්තේ නාමකයින් සුවය ද විඳියි, යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ඒ ධ්‍යානසමඞ්ගී පුද්ගලයා උපේක්‍ෂා ඇත්තේ යැ ස්මෘතිමත් වූයේ යැ සුඛවිහරණ ඇත්තේ යැ යි ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන් කායිකදුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් දුක් නො වූ සුව නොවූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති සතරවැනි ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ ‘සම්‍යක්සමාධි’ යයි කියනු ලැබේ. මේ ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය’ යයි කියනු ලැබේ.
Pali BJTමග්ගසච්චනිද්දෙසො
Sinhala BJTමග්ගසච්චනිද්දේස යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනටෙඨන පඤ්ඤා තෙන වුච්චති: “ඉදං දුක්ඛං අරියසච්චං, ඉදං දුක්ඛසමුදයො අරියසච්චං, ඉදං දුක්ඛනිරොධො අරියසච්චං, ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණන්ති.”
Sinhala BJTඒ සෝතාවධාන ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි. “ඉදං දුක්ඛං අරියසච්චං ඉදං දුක්ඛසමුදයො අරියසච්චං ඉදං දුක්ඛනිරෝධො අරියසච්චං ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං යනු සෝතාවධාන යි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමය ඥාන “යි.
Pali BJTඑවං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJTමෙසේ සොතාවධානයෙහි ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.
Pali BJTචතුසච්චනිද්දෙසො.
Sinhala BJTචතුසච්චනිද්දේස යි.
Pali BJTසුතමයඤාණනිද්දෙසො.
Sinhala BJTශ්‍රැතමයඥාන නිර්දේශ යි.
Pali BJT2. සීලමයඤාණං
Sinhala BJT2. සීලමය ඥානය
Pali BJTකථං සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් ශ්‍රවණය කොට (ශ්‍රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්‍රඥාව ශීලමයඥාන වෙයි යත්:
Pali BJTපඤ්ච සීලානි: පරියන්තපාරිසුද්ධිසීලං, අපරියන්තපාරිසුද්ධිසීලං, පරිපුණ්ණපාරිසුද්ධිසීලං, අපරාමට්ඨපාරිසුද්ධිසීලං, පටිප්පස්සද්ධිපාරිසුද්ධිසීලන්ති.{1}
Sinhala BJTශීලයෝ පස්දෙනෙක් වෙති: පර්‍ය්‍යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, අපර්‍ය්‍යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, පරිපූර්‍ණ බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, දෘෂ්ටිපරාමර්‍ශ රහිත බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, සියලු දරථයන් සන්හිඳීමෙන් පරිශුද්ධභාවය ඇති ශීල යි.
Pali BJTතත්ථ කතමං පරියන්තපාරිසුද්ධිසීලං: අනුපසම්පන්නානං පරියන්තසික්ඛාපදානං ඉදං පරියන්තපාරිසුද්ධිසීලං.
Sinhala BJTඑහි පර්‍ය්‍යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: අනුපසපන් වූ පර්‍ය්‍යන්ත ශික්‍ෂාපද ඇතියන්ගේ මේ ශීලය පර්‍ය්‍යන්තපාරිශුද්ධශීල නමැ.
Pali BJTකතමං අපරියන්තපාරිසුද්ධිසීලං: උපසම්පන්නානං අපරියන්තසික්ඛාපදානං ඉදං අපරියන්තපාරිසුද්ධි සීලං.
Sinhala BJTඅපර්‍ය්‍යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: උපසපන් වූ අපර්‍ය්‍යන්ත ශික්‍ෂාපද ඇතියන්ගේ මේ ශීලය අපර්‍ය්‍යන්තපාරිශුද්ධිශීල නමැ.
Pali BJTකතමං පරිපුණ්ණපාරිසුද්ධිසීලං: පුථුජ්ජනකල්යාණකානං කුසලධම්මෙ යුත්තානං සෙක්ඛපරියන්තෙ{2} පරිපූරකාරීනං කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛානං පරිච්චත්තජීවිතානං ඉදං පරිපුණ්ණපාරිසුද්ධිසීලං.
Sinhala BJTපරිපූර්‍ණපාරිශුද්ධිශීලය කවරෙ යත්: කල්‍යාණපෘථග්ජන වූ විදර්‍ශනා කුශලධර්‍මයෙහි යුක්තප්‍රයුක්ත වූ ශෛක්‍ෂධර්‍මයන් පර්‍ය්‍යන්ත කොට ඇති ධර්‍මයෙහි කිසි ශික්‍ෂාවකුදු නො හැර පුරන්නා වූ කයෙහි දු ජීවිතයෙහි දු නිරපේක්‍ෂ වූ (එහෙයින් මැ ශීලපරිපූරණ පිණිස) පරිත්‍යක්ත වූ ජීවිත ඇතියන්ගේ මේ ශීලය පරිපූර්‍ණපාරිශුද්ධිශීල නමැ.
Pali BJTකතමං අපරාමට්ඨපාරිසුද්ධි සීලං: සත්තන්නං සෙක්ඛානං{3} ඉදං අපරාමට්ඨපාරිසුද්ධිසීලං.
Sinhala BJTඅපරාමෘෂ්ටපාරිශුද්ධිශීලය කවරෙ යත්: සප්ත ශෛක්‍ෂයන්ගේ මේ ශීලය අපරාමෘෂ්ටපාරිශුද්ධිශීල නමැ.
Pali BJTකතමං පටිප්පස්සද්ධි සීලං: තථාගතසාවකානං ඛීණාසවානං, පච්චෙකබුද්ධානං, තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං, ඉදං පටිප්පස්සද්ධි පාරිසුද්ධිසීලං.
Sinhala BJTප්‍රතිප්‍රශ්‍රද්ධිපාරිශුද්ධිශීලය කවරෙ යත්: තථාගතශ්‍රාවක වූ ක්‍ෂීණාස්‍රවයන්ගේ ද ප්‍රත්‍යෙකබුද්ධයන්ගේ ද තථාගත වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයන්ගේ ද මේ ශීලය ප්‍රතිප්‍රශ්‍රද්ධිපාරිශුද්ධිශීල නමි.
Pali BJTඅත්ථි සීලං පරියන්තං{4}, අත්ථි සීලං අපරියන්තං.
Sinhala BJTපර්‍ය්‍යයන්ත වූ ශීලයෙක් ඇත. අපර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇති.
Pali BJTතත්ථ කතමං තං සීලං පරියන්තං: අත්ථි සීලං ලාභපරියන්තං, අත්ථි සීලං යසපරියන්තං, අත්ථි සීලං ඤාතිපරියන්තං. අත්ථි සීලං අඞ්ගපරියන්තං, අත්ථි සීලං ජීවිතපරියන්තං.
Sinhala BJTඑහි ඒ පර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: ලාභපර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇත. යශස් (පිරිවර) පර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇත. ඥාතිපර්‍ය්‍යන්තශීලයෙක් ඇත. අඞ්ගපර්‍ය්‍යන්තශීලයෙක් ඇත. ජීවිතපර්‍ය්‍යන්තශීලයෙක් ඇති.
Pali BJTකතමං තං සීලං ලාභපරියන්තං: ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථාසමාදින්නං සික්ඛාපදං වීතික්කමති, ඉදං තං සීලං ලාභපරියන්තං.
Sinhala BJTඒ ලාභපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ලාභපර්‍ය්‍යන්තශීල යයි.
Pali BJTකතමං තං සීලං යසපරියන්තං: ඉධෙකච්චො යසහෙතු යසපච්චයා යසකාරණා යථාසමාදින්නං සික්ඛාපදං වීතික්කමති, ඉදං තං සීලං යසපරියන්තං.
Sinhala BJTඒ යශස්පර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්‍රත්‍යයෙන් යශස්කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ යශස්පර්‍ය්‍යන්තශීල යයි.
Pali BJTකතමං තං සීලං ඤාතිපරියන්තං: ඉධෙකච්චො ඤාතිහෙතු ඤාතිපච්චයා ඤාතිකරණා යථාසමාදින්නං සික්ඛාපදං වීතික්කමති, ඉදං තං සීලං ඤාතිපරියන්තං
Sinhala BJTඒ ඥාතිපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්‍රත්‍යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ඥාතිපර්‍ය්‍යන්තශීල යයි.
Pali BJTකතමං තං සීලං අඞ්ගපරියන්තං: ඉධෙකච්චො අඞ්ගහෙතු අඞ්ගපච්චයා අඞ්ගකරණා යථාසමාදින්නං සික්ඛාපදං වීතික්කමති, ඉදං තං සීලං අඞ්ගපරියන්තං.
Sinhala BJTඒ අඞ්ගපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්‍රත්‍යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ අඞ්ගපර්‍ය්‍යන්තශීලය යි.
Pali BJTකතමං තං සීලං ජීවිතපරියන්තං: ඉධෙකච්චො ජීවිතහෙතු ජීවිතපච්චයා ජීවිතකාරණා යථාසමාදින්නං සික්ඛාපදං වීතික්කමති, ඉදං තං සීලං ජීවිතපරියන්තං.
Sinhala BJTඒ ජීවිතපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිතහේතුයෙන් ජීවිතප්‍රත්‍යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ජීවිතපර්‍ය්‍යන්තශීලය යි.
Pali BJTඑවරූපානි සීලානි ඛණ්ඩානි ඡිද්දානි සබලානි කම්මාසානි, න භුජිස්සානි, න විඤ්ඤුප්පසත්ථානි, පරාමට්ඨානි, න සමාධිසංවත්තනිකානි,{1} න අවිප්පටිසාරවත්ථුකානි, න පාමොජ්ජවත්ථුකානි,{2} න පීතිවත්ථුකානි, න පස්සද්ධිවත්ථුකානි, න සුඛවත්ථුකානි, න සමාධිවත්ථුකානි, න යථාභූතඤාණදස්සනවත්ථුකානි, න එකන්තනිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තන්ති. ඉදං තං සීලං පරියන්තං.
Sinhala BJTමෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු සබල (කබර) වූවාහු කල්මාෂ (කැලැල්) වූවාහු දාසව්‍යයෙන් නො මිදුණාහු විඥයන් විසින් නො පසස්නා ලද්දාහු (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) පරාමෘෂ්ට වූවාහු සමාධිය පිණිස නො පවත්නාහු අවිප්‍රතිසාරයට කරුණු නො වූවාහු ප්‍රාමෝද්‍යයට කරුණු නො වූවාහු ප්‍රීතියට වස්තු නො වූවාහු (කායචිත්ත) ප්‍රශ්‍රබ්ධියට වස්තු නො වූවාහු සුඛයට වස්තු නො වූවාහු (උපචාර අර්‍පණ) සමාධියට වස්තු නො වූවාහු යථාභූතඥානදර්‍ශනයට වස්තු නො වූවාහු ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නාහු ය. මේ ඒ පර්‍ය්‍යන්තශීලය යි.
Pali BJTකතමං තං සීලං අපරියන්තං: අත්ථි සීලං න ලාභපරියන්තං, අත්ථි සීලං න යසපරියන්තං, අත්ථි සීලං න ඤාතිපරියන්තං, අත්ථි සීලං න අඞ්ගපරියන්තං, අත්ථි සීලං න ජීවිතපරියන්තං.
Sinhala BJTඑහි ඒ අපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: ලාභපර්‍ය්‍යයන්ත නොවූ ශීලයෙක් ඇත. යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. ජීවිතපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇති.
Pali BJTකතමං තංසීලං න ලාභපරියන්තං: ඉධෙකච්චො ලාභහෙතු ලාභපච්චයා ලාභකාරණා යථාසමාදින්නසික්ඛාපද{3} වීතික්කමාය චිත්තම්පි න උප්පාදෙති, කිං සො වීතික්කමිස්සති. ඉදං තං සීලං න ලාභපරියන්තං.
Sinhala BJTඒ ලාභපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ලාභපර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.
Pali BJTකතමං තං සීලං න යසපරියන්තං: ඉධෙකච්චො යසහෙතු යසපච්චයා යසකරණා යථාසමාදින්නසික්ඛාපදවීතික්කමාය චිත්තම්පි න උප්පාදෙති, කිං සො වීතික්කමිස්සති. ඉදං තං සීලං න යසපරියන්තං.
Sinhala BJTඒ යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්‍රත්‍යයෙන් යශස් කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මෙ ඒ යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.
Pali BJTකතමං තං සීලං න ඤාතිපරියන්තං: ඉධෙකච්චො ඤාතිහෙතු ඤාතිපච්චයා ඤාතිකාරණා යථාසමාදින්නසික්ඛාපදවීතික්කමාය චිත්තම්පි න උප්පාදෙති, කිං සො වීතික්කමිස්සති. ඉදං තං සීලං න ඤාති පරියන්තං.
Sinhala BJTඒ ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්‍රත්‍යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.
Pali BJTකතමං තං සීලං න අඞ්ගපරියන්තං: ඉධෙකච්චො අඞ්ගහෙතු අඞ්ගපච්චයා අඞ්ගකරණා යථාසමාදින්නසික්ඛාපදවීතික්කමාය චිත්තම්පි න උප්පාදෙති, කිං සො වීතික්කමිස්සති. ඉදං තං සීලං න අඞ්ගපරියන්තං.
Sinhala BJTඒ අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්‍රත්‍යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීල යි.
Pali BJTකතමං තං සීලං න ජීවිතපරියන්තං: ඉධෙකච්චො ජීවිතහෙතු ජීවිතපච්චයා ජීවිතකාරණා යථාසමාදින්නසික්ඛාපදවීතික්කමාය චිත්තම්පි න උප්පාදෙති, කිං සො වීතික්කමිස්සති. ඉදං තං සීලං න ජීවිතපරියන්තං.
Sinhala BJTඒ ජිවිතපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිත හේතුයෙන් ජීවිතප්‍රත්‍යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ජීවිතපර්‍ය්‍යන්ත නො වූ ශීල යි.
Pali BJTඑවරූපානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි අවිප්පටිසාරවත්ථුකානි පාමොජ්ජවත්ථුකානි පීතිවත්ථුකානි පස්සද්ධිවත්ථුකානි සුඛවත්ථුකානි සමාධිවත්ථුකානි යථාභූතඤාණදස්සනවත්ථුකානි එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. ඉදං තං සීලං අපරියන්තං.
Sinhala BJTමෙබඳු වූ ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද්‍ර වූවාහු අශබල වූවාහු අකල්මාෂ වූවාහු අදාස වූවාහු විඥයන් විසින් ප්‍රශස්ත වූවාහු (තෘෂ්ණාදෘෂ්ටීන්) පරාමෘෂ්ට නො වූවාහු (උපචාරඅර්‍පණ) සමාධිය පිණිස පවත්නාහු විප්‍රතිසාරයට වස්තු නො වූවාහු ප්‍රාමෝද්‍යයට වස්තු වූවාහු ප්‍රීතියට වස්තු වූවාහු ප්‍රශ්‍රබ්ධියට වස්තු වූවාහු (කායික චෛතසික) සුඛයට වස්තු වූවාහු සමාධියට වස්තු වූවාහු යථාභූතඥානදර්‍ශනයට වස්තු වූවාහු ඒකාන්තයෙන් (වර්‍තයෙහි) නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නාහු යැ.
Pali BJTකිං සීලං, කති සීලානි, කිංසමුට්ඨානං සීලං, කතිධම්මසමොධානං සීලං:
Sinhala BJT(ස්වරූප විසින්) සිල් නම් කිම, ශීලයෝ කෙතෙක් වූවාහු ද, ශීලය කුමක් සමුත්‍ථාන කොට ඇත්තේ ද, ශීලය කෙතෙක් ධර්‍මයන්ගේ සමවාය ඇත්තේ ද යත්:
Pali BJTකිංසීලන්ති: චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතිකම්මො සීලං.
Sinhala BJTශීල නම් කිමැ යත්: චේතනාසීල යැ චේතසික සීල යැ සංවරසීල යැ අවීතික්කම සීල යි.
Pali BJTකතිසීලානීති: තීණි සීලානි: කුසලසීලං, අකුසලසීලං, අබ්යාකත සීලං.
Sinhala BJTශීලයෝ කෙතෙක් ද යත්: ශීලයෝ තිදෙනෙක් වෙති: කුශලශීල යැ අකුශලශීල යැ අව්‍යාකෘතශීල යි.
Pali BJTකිංසමුට්ඨානං සීලන්ති: කුසලචිත්තසමුට්ඨානං කුසලසීලං, අකුසලචිත්තසමුට්ඨානං අතුසලසීලං, අබ්යාකතචිත්තසමුට්ඨානං අබ්යාකතසීලං.
Sinhala BJTශීලය කුමක් සමුත්‍ථාන කොට ඇත්තේ ද යත්: කුශලශීලය කුශල චිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යැ. අකුශලශීලය අකුශලචිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යැ. අව්‍යෘකෘතශීලය අව්‍යෘකෘතචිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යි.
Pali BJTකතිධම්මසමොධානං සීලන්ති: සංවරසමොධානං සීලං, අවීතික්කමසමොධානං සීලං, තථාභාවෙ ජාතචෙතනාසමොධානං සීලං.
Sinhala BJTශීලය කෙතෙක් ධර්‍මයන්ගේ සමවාය ඇත්තේ ද යත්: ශීලය සංවරය හා සමවාය ඇත්තේ යැ. ශීලය අව්‍යතික්‍රමය සමවාය කොට ඇත්තේ යැ. ශීලය සංවර අව්‍යතික්‍රමභාවයෙහි උපන් චේතනා සමවාය කොට ඇත්තේ යි.
Pali BJTපාණාතිපාතං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. ආදින්නාදානං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. කාමෙසු මිච්ඡාචාරං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං, මුසාවාදං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. පිසුනං වාචං{1} සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං, ඵරුසං වාචං{2} සංවරට්ඨෙන සීලං. අවීතික්කමට්ඨෙන සීලං. සම්ඵප්පලාපං සංවරට්ඨෙන සීලං, අභිජ්ඣං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. බ්යාපාදං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. මිච්ඡාදිට්ඨී සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙනසීලං.
Sinhala BJTප්‍රාණවධය වැළකීම් අර්‍ත්‍ථයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අදත්තාදානය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. කාමමිථ්‍යාචාරය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. මෘෂාවාදය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ශූන්‍යවචනය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. පරුෂවචනය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ප්‍රලාප බස් වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අභිධ්‍යා වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ව්‍යාපාද වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. මිථ්‍යාදෘෂ්ටි වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යි.
Pali BJTනෙක්ඛම්මෙන කාමඡන්දං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං. අබ්යාපාදෙන බ්යාපාදං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං, අලොකසඤ්ඤාය ථීනමිද්ධං{3} -පෙ- අවික්ඛෙපට්ඨෙන උද්ධච්චං -පෙ- ධම්මවවත්ථානෙන විචිකිච්ඡං -පෙ- ඤාණෙන අවිජ්ජං -පෙ- පාමොජ්ජෙන{4} අරතිං -පෙ-
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ආලෝකසංඥායෙන් ථීනමිද්ධය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් උද්ධතභාවය ... ධර්‍මනිශ්චයයෙන් විචිකිත්සාව ... ඥානයෙන් අවිද්‍යාව ... ප්‍රාමෝද්‍යයෙන් අරතිය ...
Pali BJTපඨමෙන ඣානෙන{1} නීවරණෙ{2} -පෙ- දුතියෙන ඣානෙන විතක්කවිචාරෙ -පෙ- තතියෙන ඣානෙන පීතිං -පෙ- චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛං -පෙ- ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤංපටිඝසඤ්ඤං නානත්තසඤ්ඤං -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤං -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං -පෙ-
Sinhala BJTප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් ... ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් ... තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය ... චතුර්‍ත්‍වධ්‍යානයෙන් සුඛදුඃඛය ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානත්‍වසංඥාව ... විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාව … ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥාව ... නේවසංඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාව ...
Pali BJTඅනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤං -පෙ- දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤං -පෙ- අනත්තානුපස්සනාය අත්තසඤ්ඤං -පෙ- නිබ්බිදානුපස්සනාය නන්දිං -පෙ- විරාගානුපස්සනාය රාගං -පෙ- නිරොධානුපස්සනාය සමුදයං -පෙ- පටිනිස්සග්ගානුපස්සනාය ආදානං -පෙ- ඛයානුපස්සනාය ඝනසඤ්ඤං -පෙ-{3} වයානුපස්සනාය ආයූහනං{4} -පෙ- විපරිණාමානුපස්සනාය ධුවසඤ්ඤං -පෙ- අනිමිත්තානුපස්සනාය නිමිත්තං -පෙ- අප්පණිහිතානුපස්සනාය පණිධිං -පෙ- සුඤ්ඤතානුපස්සනාය අභිනිවෙසං -පෙ- අධිපඤ්ඤාධම්මවිපස්සනාය සාරාදානාභිනිවෙසං{5} -පෙ- යථාභූතඤාණදස්සනෙන සම්මොහාභිනිවෙසං -පෙ- ආදීනවානුපස්සනාය ආලයාභිනිවෙසං -පෙ- පටිසඞ්ඛානුපස්සනාය අප්පටිසඞ්ඛං -පෙ- විවට්ටානුපස්සනාය සඤ්ඤොගාභිනිවෙසං -පෙ-.
Sinhala BJTඅනිත්‍යානුදර්‍ශනායෙන් නිත්‍යසංඥාව ... දුඃඛානුදර්‍ශනායෙන් සුඛසංඥාව ... අනාත්මානුදර්‍ශනායෙන් ආත්මසංඥාව ... නිර්වේදානුදර්‍ශනායෙන් නන්‍දිය ... විරාගානුදර්‍ශනායෙන් රාගය ... නිරෝධානුදර්‍ශනායෙන් සමුදය ... ප්‍රතිනිඃසර්‍ගානුදර්‍ශනායෙන් ආදානය ... ක්‍ෂයානුදර්‍ශනායෙන් ඝනසංඥාව ... ව්‍යානුදර්‍ශනායෙන් කර්‍මායූහනය … විපරිණාමානුදර්‍ශනායෙන් ධ්‍රැවසංඥාව ... අනිමිත්තානුදර්‍ශනායෙන් නිමිති ... අප්‍රණිහිතානුදර්‍ශනායෙන් ප්‍රණිධිය ... ශූන්‍යතානුදර්‍ශනායෙන් අභිනිවේශය ... අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනායෙන් ආත්මය සාර කොට ගන්නා අභිනිවේශය ... යථාභූතඥානදර්‍ශනායෙන් සම්මෝහාභිනිවේශය ... ආදිනවානුදර්‍ශනායෙන් ආලයාභිනිවේශය ... පටිසංඛානුපස්සනායෙන් අප්පටිසංඛාව ... විවර්‍තානුදර්‍ශනායෙන් සංයෝගාභනිවේශය ...
Pali BJTසොතාපත්තිමග්ගෙන දිට්ඨෙකට්ඨෙ කිලෙසෙ -පෙ- සකදාගාමිමග්ගෙන ඔළාරිකෙ කිලෙසෙ -පෙ- අනාගාමිමග්ගෙන අණුසහගතෙ කිලෙසෙ -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලං.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් දෘෂ්ටිය හා සමග එක් වැ සිටි ක්ලේශයන් ... සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරිකක්ලේශයන් ... අනාගාමීමාර්‍ගයෙන් අණුසහගත ක්ලේශයන් ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු ක්ලේශයන් වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යි.
Pali BJTපඤ්ච සීලානි: පාණාතිපාතස්ස පහානං සීලං, වෙරමණී සීලං, චෙතනා සීලං, සංවරො සීලං, අවීතික්කමො සීලං, එවරූපානි සීලානි චිත්තස්ස අවිප්පටිසාරාය සංවත්තන්ති, පාමොජ්ජාය{6} සංවත්තන්ති, පීතියා සංවත්තන්ති, පස්සද්ධියා සංවත්තන්ති, සොමනස්සාය සංවත්තන්ති, අසෙවනාය සංවත්තන්ති, භාවනාය සංවත්තන්ති, බහුලීකම්මාය සංවත්තන්ති, අලඞ්කාරාය සංවත්තන්ති, පරික්ඛාරාය සංවත්තන්ති, පරිවාරාය සංවත්තන්ති, පාරිපූරියා සවත්තන්ති, එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති.
Sinhala BJTශීලයෝ පස්දෙනෙකි: ප්‍රාණවධයාගේ ප්‍රහාණය ශීල යැ. (ප්‍රාණවධයෙන්) වෙන්වීම ශීල යැ ( ප්‍රාණවධයට ප්‍රතිපක්‍ෂ වූ) චේතනාව ශීල යැ (ප්‍රාණවධයෙන්) වැළකීම ශීල යැ (ප්‍රාණවධයාගේ) අව්‍යතික්‍රමය ශීල යි. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසර බව පිණිස පවතිත් ප්‍රාමෝද්‍යය පිණිස පවතිත්, ප්‍රීතිය පිණිස පවතිත්, සන්හිඳීම පිණිස පවතිත්, සොම්නස පිණිස පවතිත්, ආසෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බහුල කිරීම පිණිස පවතිත්, අලඞ්කාරය පිණිස පවතිත්, පරිෂ්කාරය පිණිස පවතිත්, පරිවාරය පිණිස පවතිත්, පරිපූර්‍ණභාවය පිණිස පවතිත්, ඒකාන්තයෙන් නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.
Pali BJTඑවරූපානං සීලානං සංවරපාරිසුද්ධි අධිසීලං, සංවරපාරිසුද්ධියා ඨිතං චිත්තං න වික්ඛෙපං{7} ගච්ඡති, අවික්ඛෙපපාරිසුද්ධි අධිචිත්තං, සංවරපාරිසුද්ධිං සම්මා පස්සති, අවික්ඛෙපපාරිසුද්ධිං සම්මා පස්සති, දස්සනපාරිසුද්ධිං අධිපඤ්ඤා, යො තත්ථ සංවරට්ඨො අයං අධිසීලසික්ඛා, යො තත්ථ අවික්ඛෙපට්ඨො අයං අධිචිත්තසික්ඛා, යො තත්ථ දස්සනට්ඨො අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTමෙබඳු ශීලයන්ගේ සංවර සංඛ්‍යාත පාරිශුද්ධිය අධිශීල වෙයි. සංවරපාරිශූද්ධියෙහි සිටි චිත්තය වික්‍ෂේපයට නො යෙයි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිචිත්ත වෙයි. සංවරපාරිශුද්ධිය මොනොවට දකී, අවික්‍ෂේපපාරිශුද්ධිය මොනොවට දකී, (ඔහුගේ) දර්‍ශන සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිප්‍රඥා වෙයි. එහි යම් සංවරභාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා නමු. එහි යම් අවික්‍ෂේපභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා නමු. එහි යම් එහි යම් දර්‍ශනභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා නමු.
Pali BJTඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛති, ජානන්තො සික්ඛති, පස්සන්තො සික්ඛති, පච්චවෙක්ඛන්තො සික්ඛති, චිත්තං අධිට්ඨහන්තො සික්ඛති, සද්ධාය අධිමුච්චන්තො සික්ඛති, විරියං පග්ගණ්හන්තො සික්ඛති, සතිං උපට්ඨපෙන්තො සික්ඛති, චිත්තං සමාදහන්තො සික්ඛති, පඤ්ඤාය පජානන්තො සික්ඛති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛති, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛති, පහාතබ්බං පජහන්තො සික්ඛති, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛති,{*} සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛති.
Sinhala BJTමේ තුන් ශික්‍ෂාවන් (එකක් එකක්) ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි. (ආවර්‍ජනා කොට) දනිමින් හික්මෙයි. (දැන පුනපුනා) බලමින් හික්මෙයි. (දැක) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි. (ප්‍රත්‍යවේක්‍ෂා කොට) සිත නිසල කොට පිහිටුවමින් හික්මෙයි. ශ්‍රද්ධායෙන් බැසගනිමින් හික්මෙයි. වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි. සිහි එළවා තබමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ප්‍රඥායෙන් දනිමින් හික්මෙයි. ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය වෙසෙසින් දනිමින් හික්මෙයි. සාමාන්‍යලක්‍ෂණාවබොධවශයෙන් දතයුතු ධර්‍මජාතය හාත්පසින් දනිමින් හික්මෙයි. ප්‍රහාතව්‍යය දුරු කෙරෙමින් හික්මෙයි. වැඩියයුත්ත වඩමින් හික්මෙයි. ප්‍රත්‍යක්‍ෂ කටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙයි.
Pali BJTපඤ්ච සීලානි: අදින්නාදානස්ස පහානං -පෙ- කාමෙසු මිච්ඡාචාරස්ස -පෙ- මුසාවාදස්ස -පෙ- පිසුනාය වාචාය -පෙ- ඵරුසාය වාචාය -පෙ- සම්ඵප්පලාපස්ස -පෙ- අභිජ්ඣාය -පෙ- ව්යාපාදස්ස -පෙ- මිච්ඡාදිට්ඨියා -පෙ-
Sinhala BJTශීලයෝ පස්දෙනෙකි: අදත්තාදානයාගේ ... කාමමිථ්‍යාචාරයාගේ ... මෘෂාවාදයාගේ ... පිශුනවචනයාගේ … පරුෂවචනයාගේ ... ප්‍රලාපයාගේ ... අභිධ්‍යාවගේ ... ව්‍යාපාදයාගේ ... මිථ්‍යාදෘෂ්ටිහුගේ ...
Pali BJTනෙක්ඛම්මෙන කාමඡන්දස්ස -පෙ- අබ්යාපාදෙන බ්යාපාදස්ස -පෙ- ආලොකසඤ්ඤාය ථීනමිද්ධස්ස{1} -පෙ- අවික්ඛෙපෙන උද්ධච්චස්ස -පෙ- ධම්මවවත්ථානෙන විචිකිච්ඡාය -පෙ- ඤාණෙන අවිජ්ජාය -පෙ- පාමොජ්ජෙන{2} අරතියා -පෙ-
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ ... අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ... අලෝකසංඥායෙන් ථීනමිද්ධයාගේ ... අවික්‍ෂෙපයෙන් උද්ධතභාවයාගේ ... ධර්‍මනිශ්චයයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්‍යාවගේ ... ප්‍රාමෝද්‍යයෙන් අරතියගේ ...
Pali BJTපඨමෙන ඣානෙන{3} නීවරණානං -පෙ- දුතියෙන ඣානෙන විතක්කවිචාරානං -පෙ- තතියෙන ඣානෙන පීතියා -පෙ- චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛානං -පෙ- ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤාය -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය -පෙ-
Sinhala BJTප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ... ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන්ගේ ... තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියගේ ... චතුර්‍ත්‍වධ්‍යානයෙන් සුඛදුඃඛයන්ගේ ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ... ප්‍රතිඝසංඥායෙන් නානාත්‍වසංඥාවගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනය සංඥාවගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්ඤචඤ්ඤායතන සංඥාවගේ ...
Pali BJTඅනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය -පෙ- දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤාය -පෙ- අනත්තානුපස්සනාය අත්තසඤ්ඤාය -පෙ- නිබ්බිදානුපස්සනාය නන්දියා -පෙ- විරාගානුපස්සනාය රාගස්ස -පෙ- නිරොධානුපස්සනාය සමුදයස්ස -පෙ- පටිනිස්සග්ගානුපස්සනාය ආදානස්ස -පෙ- ඛයානුපස්සනාය ඝනසඤ්ඤාය{4} -පෙ- වයානුපස්සනාය ආයූහනස්ස{5} -පෙ- විපරිණාමානුපස්සනාය ධුවසඤ්ඤාය -පෙ- අනිමිත්තානුපස්සනාය නිමිත්තස්ස -පෙ- අප්පණිහිතානුපස්සනාය පණිධියා -පෙ- සුඤ්ඤතානුපස්සනාය අභිනිවෙසස්ස -පෙ- අධිපඤ්ඤාධම්මවිපස්සනාය සාරාදාභිනිවෙසස්ස{6} -පෙ- යථාභූතඤාණදස්සනෙන සම්මොභිනිවෙසස්ස -පෙ- ආදීනවානුපස්සනාය ආලයාභිනිවෙසස්ස -පෙ- පටිසඞ්ඛානුපස්සනාය අප්පටිසඞ්ඛාය -පෙ- විවට්ටානුපස්සනාය සඤ්ඤොගාභිනිවෙසස්ස -පෙ-
Sinhala BJTඅනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාවගේ ... දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥාවගේ ... අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාවගේ ... නිබ්බිදානුපස්සනායෙන් නන්‍දිය (තෘෂ්ණාව) ගේ ... විරාගානුපස්සනායෙන් රාගයාගේ ... නිරෝධානුපස්සනායෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයාගේ ... ඛයානුපස්සනායෙන් ඝනසංඥාවගේ ... වයානුපස්සනායෙන් කර්‍මායූහනයාගේ ... විපරිණාමානුපස්සනායෙන් ධ්‍රැවසංඥාවගේ ... අනිමිත්තානුපස්සනායෙන් (නිත්‍ය) නිමිත්තයාගේ ... අප්පණිහිතානුපස්සනායෙන් ප්‍රණිධිහු (සුඛප්‍රාර්‍ත්‍ථනාව) ගේ ... සුඤ්ඤතානුපස්සනායෙන් ආත්මාභිනිවේශයාගේ ... අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් ආත්මසාරාභිනිවේශයාගේ ... යථාභූතඤාණදස්සනයෙන් සම්මූඪාභිනිවේශයාගේ ... ආදීනවානුපස්සනායෙන් ආලයාභිනිවේශයාගේ ... පටිසඞ්ඛානුපස්සනායෙන් අනුපායග්‍රහණයාගේ ... විවට්ටානුපස්සනායෙන් සංයෝගාභිනිවේශයාගේ ...
Pali BJTසොතාපත්තිමග්ගෙන දිට්ඨෙකට්ඨානං කිලෙසානං -පෙ- සකදාගාමිමග්ගෙන ඔළාරිකානං කිලෙසානං -පෙ- අනාගාමිමග්ගෙන අණුසහගතානං කිලෙසානං -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසානං පහානං සීලං, වෙරමණී සීලං, චෙතනා සීලං, සංවරො සීලං, අවීතික්කමො සීලං. එවරූපානි සීලානි, චිත්තස්ස අවිප්පටිසාරාය සංවත්තන්ති, පාමොජ්ජාය සංවත්තන්ති, පීතියා සංවත්තන්ති, පස්සද්ධියා සංවත්තන්ති, සොමනස්සාය සංවත්තන්ති, ආසෙවනාය සංවත්තන්ති, භාවනාය සංවත්තන්ති, බහුලීකම්මාය සංවත්තන්ති, අලඞ්ඛාරාය සංවත්තන්ති, පරික්ඛාරාය සංවත්තන්ති, පරිවාරාය සංවත්තන්ති, පාරිපූරියා සංවත්තන්ති, එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති.
Sinhala BJTසොවන්මඟින් දෘෂ්ටිය හා සමග එක් වැ සිටි ක්ලේශයන්ගේ ... සෙදැගැමි මඟින් ඖදාරික ක්ලේශයන්ගේ ... අනගැමිමඟින් අණුසහගත ක්ලේශයන්ගේ ... රහත් මඟින් සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණය ශීල වෙයි. විරතිය ශීල වෙයි. චේතනාව ශීල වෙයි. සංවරය ශීල වෙයි. අව්‍යතික්‍රමය ශීල වේ. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසරයට වැටෙති, ප්‍රමෝදභාවයට වැටෙති, ප්‍රීතියට වැටෙති, සන්හිඳීමට වැටෙති, සොම්නසට වැටෙති, ආසෙවනයට වැටෙති, භාවනාවට වැටෙති, බහුල කිරීමට වැටෙති, අලඞ්කාරයට වැටෙති, පරිෂ්කාරයට වැටෙති, පිරිවරට වැටෙති, පිරිපුන් බවට වැටෙති, එකත්නෙන් නිර්වේදයට විරාගයට නිරෝධයට උපශමයට අභිඥාවට සම්බෝධයට නිර්‍වාණයට වැටෙත්.
Pali BJTඑවරූපානං සීලානං සංවරපාරිසුද්ධි අධිසීලං, සංවරපාරිසුද්ධියා ඨිතං චිත්තං න වික්ඛෙපං{1} ගච්ඡති, අවික්ඛෙපපාරිසුද්ධි අධිචිත්තං, සංවරපාරිසුද්ධිං සම්මා පස්සති, අවික්ඛෙපපාරිසුද්ධිං සම්මා පස්සති, දස්සනපාරිසුද්ධිං අධිපඤ්ඤා, යො තත්ථ සංවරට්ඨො අයං අධිසීලසික්ඛා, යො තත්ථ අවික්ඛෙපට්ඨො අයං අධිචිත්තසික්ඛා, යො තත්ථ දස්සනට්ඨො අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTමෙබඳු ශීලයන්ගේ සංවර සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිශීල නමැ. පරිශුද්ධභාවයෙහි සිටි චිත්තය වික්‍ෂේපයට නො යෙයි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිචිත්ත නමැ. සංවරපාරිශුද්ධිය මොනොවට දකියි. අවික්‍ෂේපපාරිශුද්ධිය මොනොවට දකියි. දර්‍ශන සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිප්‍රඥා නමු. එහි යම් සංවර බවෙක් වේ ද මේ අධිශීල ශික්‍ෂා නමු. එහි යම් අවික්‍ෂේප බවෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා නමු. එහි යම් දර්‍ශනාර්‍ත්‍වයෙක් වේ ද මෙ අධිප්‍රඥා ශික්‍ෂා නමු.
Pali BJTඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛති, ජානන්තො සික්ඛති, පස්සන්තො සික්ඛති, පච්චවෙක්ඛන්තො සික්ඛති, චිත්තං අධිට්ඨහන්තො සික්ඛති, සද්ධාය අධිමුච්චන්තො සික්ඛති, විරියං{2} පග්ගණ්හන්තො සික්ඛති, සතිං උපට්ඨපෙන්තො සික්ඛති, චිත්තං සමාදහන්තො සික්ඛති, පඤ්ඤාය පජානන්තො සික්ඛති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛති, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛති, පහාතබ්බං පජහන්තො සික්ඛති, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛති.
Sinhala BJTමේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි. දනිමින් හික්මෙයි. බලමින් හික්මෙයි. ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි. සිත නිසල කොට පිහිටුවමින් හික්මෙයි. ශ්‍රද්ධායෙන් බැසගනිමින් හික්මෙයි. වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි. සිහි එළවා තබමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ප්‍රඥායෙන් දනිමින් හික්මෙයි. ස්වලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය වෙසෙසින් දැනගනිමින් හික්මෙයි. සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය හාත්පසින් දනිමින් හික්මෙයි. ප්‍රහාතව්‍ය ප්‍රහාණය කෙරෙමින් හික්මෙයි. භාවිතව්‍යය භාවනා කෙරෙමින් හික්මෙයි. සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මෙයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: “සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං.”
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍වයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍වයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සුත්‍වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං’යි
Pali BJTසීලමයඤාණනිද්දෙසො.
Sinhala BJTශීලමයඥානනිර්දේශ යි.
Pali BJT3. සමාධිභාවනාමයඤාණං
Sinhala BJT3. සමාධිභාවනාමය ඥානය
Pali BJTකථං සංවරිත්වා සමාදහනෙ පඤ්ඤා සාමාධිභාවනාමයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (ශීලයෙන්) සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්‍රඥාව සමාධිභාවනාමයඥාන වෙයි යත්:
Pali BJTඑකො සමාධි චිත්තස්ස එකග්ගතා.
Sinhala BJTඑක් සමාධියෙක් වෙයි: චිත්තෛකාග්‍රතා යි.
Pali BJTද්වෙ සමාධී: ලොකියො සමාධි, ලොකුත්තරො සමාධි.
Sinhala BJTසමාධීහු දෙදෙනෙක් වෙති: ලෞකිකසමාධි යැ ලෝකෝත්තරසමාධි යි.
Pali BJTතයො සමාධී: සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධි.
Sinhala BJTසමාධීහු තිදෙනෙක් වෙති: සවිතර්‍කසවිචාරසමාධි යැ. අවිතර්‍කසවිචාරමාත්‍රසමාධි යැ. අවිතර්‍කඅවිචාරසමාධි යි.
Pali BJTචත්තාරො සමාධී: හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි, විසෙසභාගියො සමාධි, නිබ්බෙධභාගියො සමාධි.
Sinhala BJTසමාධීහු සතරදෙනෙක් වෙති: හානභාගියසමාධි යැ ස්ථිතිභාගියසමාධි යැ විශේෂභාගියසමාධි යැ නිර්වේදභාගියසමාධි යි.
Pali BJTපඤ්ච සමාධී: පීතිඵරණතා, සුඛඵරණතා, උපෙක්ඛාඵරණතා, අලොකඵරණතා, පච්චවෙක්ඛනනිමිත්තං.
Sinhala BJTසමාධීහු පස්දෙනෙක් වෙති: ප්‍රීතියගේ පැතිරීම ඇති සමාධි යැ සුඛයාගේ පැතිරීම ඇති සමාධි යැ උපේක්‍ෂාවගේ පැතිරීම ඇති සමාධි යැ අලෝකසංඥාවගේ පැතිරීම ඇති සමාධි යැ ප්‍රත්‍යවේක්‍ෂානිමිත්ත ඇති සමාධි යි.
Pali BJTඡ සමාධී: බුද්ධානුස්සතිවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, ධම්මානුස්සතිවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, සඞ්ඝානුස්සතිවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, සීලානුස්සතිවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, චාගානුස්සතිවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, දෙවතානුස්සතිවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි.
Sinhala BJTසමාධීහු සදෙනෙකි: බුද්‍ධානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ධර්‍මානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. සංඝානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ශීලානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ත්‍යාගානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. දේවතානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ.
Pali BJTසත්ත සමාධී: සමාධිකුසලසතා, සමාධිස්ස සමාපත්තිකුසලතා සමාධිස්ස ඨිතිකුසලතා, සමාධිස්ස වුට්ඨානකුසලතා, සමාධිස්ස කල්ලතාකුසලතා,{1} සමාධිස්ස ගොචරකුසලතා, සමාධිස්ස අභිනීහාරකුසලතා.
Sinhala BJTසමාධීහු සත්දෙනෙක් වෙති: සමාධියෙහි කුශල බව යැ සමාධියට සමවැදීමෙහි කුශල බව යැ සමාධිය (රිසිසේ) තැබීමෙහි කුශල බව යැ සමාධියෙන් නැඟීසිටීමෙහි කුශල බව යැ සමාධිහුගේ කල්‍යතා (අග්ලානභාව) යෙහි කුශල බව යැ සමාධිහුගේ ගෝචර (ආරම්මණ) යෙහි කුශල බව යැ සමාධිහුගේ (මතුමත්තෙහි) සමාධියට එළැවීමෙහි කුශල බවයි.
Pali BJTඅට්ඨ සමාධී: පඨවීකසිණ{2}වසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, ආපොකසිණවසෙන -පෙ- තෙජොකසිණවසෙන -පෙ- වායොකසීණවසෙන -පෙ- නීලකසිණවසෙන -පෙ- පීතකසිණවසෙන -පෙ- ලොහිතකසිණවසෙන -පෙ- ඔදාතකසිණවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි.
Sinhala BJTසමාධීහු අටදෙනෙක් වෙති: පඨවිකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. අපොකසිණ වශයෙන් ... තෙජොකසිණ වශයෙන් ... වායොකසිණ වශයෙන් ... නීලකසිණ වශයෙන් ... පීතකසිණ වශයෙන් ... ලෝහිතකසිණ වශයෙන් ... ඔදාතකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යි.
Pali BJTනව සමාධී: රූපාවචරො සමාධි අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො, අත්ථි පණීතො. අරූපාවචරො සමාධි අත්ථි හීනො, අත්ථි මජ්ඣිමො අත්ථි පණීතො. සුඤ්ඤතො සමාධි, අනිමිත්තො සමාධි, අප්පණිහිතො සමාධි.
Sinhala BJTසමාධීහු නවදෙනෙක් වෙති: රූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්‍යම වූයේ ඇත, ප්‍රණීත වූයේ ඇති. අරූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්‍යම වූයේ ඇත, ප්‍රණීත වූයේ ඇති. ශුන්‍යතාසමාධි යැ අනිමිත්තසමාධි යැ අප්‍රණිහිතසමාධි යි.
Pali BJTදස සමාධී: උද්ධුමාතකසඤ්ඤවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි, විනීලකසඤ්ඤාවසෙන -පෙ-, විපුබ්බකසඤ්ඤාවසෙන -පෙ- විච්ඡිද්දකසඤ්ඤාවසෙන -පෙ- වික්ඛායිතකසඤ්ඤාවසෙන -පෙ- වික්ඛිත්තකසචඤ්ඤාවසෙන -පෙ- හතවික්ඛිත්තකසඤ්ඤාවසෙන -පෙ- ලොහිතකසඤ්ඤාවසෙන -පෙ- පුළවකසඤ්ඤාවසෙන -පෙ- අට්ඨිකසඤ්ඤාවසෙන චිත්තස්සෙකග්ගතා අවික්ඛෙපො සමාධි ඉමෙ පඤ්චපඤ්ඤාස සමාධී.
Sinhala BJTසමාධීහු දස දෙනෙක් වෙති: උද්ධුමාතක සංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ විනීලකසංඥාවශයෙන් ... විපුබ්බක සංඥාවශයෙන් ... විච්ඡිද්දකසංඥාවශයෙන් ... වික්ඛායිතකසංඥාවශයෙන් ... වික්ඛිත්තකසංඥාවශයෙන් ... හතවික්ඛිත්තකසංඥාවශයෙන් ... ලෝහිතකසංඥාවශයෙන් ... පුළවකසංඥාවශයෙන් ... අට්ඨිකසංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යි. මොහු පස්පනස්සමාධීහු වෙත්.
Pali BJTඅපි ච පඤ්චවීසති සමාධිස්ස සමාධිට්ඨා; පරිග්ගහට්ඨෙන සමාධි, පරිවාරට්ඨෙන සමාධි, පරිපූරට්ඨෙන සමාධි, එකග්ගට්ඨෙන සමාධි, අවික්ඛෙපට්ඨෙන සමාධි, අවිසාරට්ඨෙන සමාධි, අනාවිලට්ඨෙන සමාධි, අනිඤ්ජනට්ඨෙන සමාධි, විමුත්තට්ඨෙන සමාධි, එකත්තුපට්ඨානවසෙන චිත්තස්ස ඨිතත්තා සමාධි, සමං එසතීති සමාධි, විසමං නෙසතීති සමාධි, සමං එසිතත්තා සමාධි, විසමං නෙසිතත්තා සමාධි, සමං ආදියතීති සමාධි, විසමං අනාදියතීති සමාධි, සමං ආදින්නත්තා සමාධි, විසමං අනාදින්නත්තා සමාධි, සමං පටිපජ්ජතීති සමාධි, විසමං නප්පටිපජ්ජතීති සමාධි, සමං පටිපන්නත්තා සමාධි, විසමං නප්පටිපන්නත්තා සමාධි, සමං ඣායතීති සමාධි, විසමං ඣාපෙතීති සමාධි, සමං ඣාතත්තා සමාධි, විසමං ඣාපිතත්තා සමාධි, සමො ච හිතො ච සුඛො චාති සමාධි. ඉමෙ පඤ්චවීසති සමාධිස්ස සමාධිට්ඨා.
Sinhala BJTතවද සමාධිහුගේ සමාධිස්වභාවයෝ පස්විසිදෙනෙකි: පරිග්‍රහ ස්වභාවයෙන් සමාධි යැ පරිවාරස්වභාවයෙන් සමාධි යැ පරිපූර්‍ණස්වභාවයෙන් සමාධි යැ ඒකාග්‍රස්වභාවයෙන් සමාධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් සමාධි යැ අවිස්තරණ (නො පැතිරීම්) ස්වභාවයෙන් සමාධි යැ නො කැළඹෙන ස්වභාවයෙන් සමාධි යැ නො සැලෙන ස්වභාවයෙන් සමාධි යැ විමුක්තස්වභාවයෙන් සමාධි යැ ඒකත්‍වයෙන් එළඹසිටීම් විසින් සිත සිටි බැවින් සමාධි යැ අර්‍පණාව සොයා නු යි සමාධි යැ (ධ්‍යානප්‍ර‍්‍යනීක) විසමය නො සොයා නු යි සමාධි යැ සමය සොයන ලද බැවින් සමාධි යැ විසමය නො සොයන ලද වන බැවින් සමාධි යැ සමය ගනී නු යි සමාධි යැ විසමය නො ගනී නු යි සමාධි යැ සමය ගන්නා ලද වන බැවින් සමාධි යැ විසමය නො ගන්නා ලද වන බැවින් සමාධි යැ සමය (අර්‍පණාව) ට පිළිපදිනු යි සමාධි යැ විසමයට නො පිළිපදී නු යි සමාධි යැ සමයට පිළිපන් බැවින් සමාධි යැ විසමයට නො පිළිපන් බැවින් සමාධි යැ සම වැ දිලියේ නු යි සමාධි යැ විසමය දවා නු යි සමාධි යැ සම වැ ජ්වලිත වන බැවින් සමාධි යැ විසමය දවන ලද බැවින් සමාධි යැ සම වූයේ ද හිත වූයේ ද සුඛ වූයේ ද සමාධි යි. මොහු පස්විසි දෙන සමාධිහුගේ සමාධි ස්වභාවයෝ යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: “සංවරිත්වා සමාදහෙන පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං.”
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි: ‘සංවරිත්‍වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං’ යි.
Pali BJTසමාධිභාවනාමයඤාණනිද්දෙසො.
Sinhala BJTසමාධිභාවනාමයඥානනිර්දේශ යි.
Pali BJT4. ධම්මට්ඨිතිඤාණං
Sinhala BJT4. ධම්මට්ඨිතී ඥානය
Pali BJTකථං පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTකිසෙයින් ප්‍රත්‍යය පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන වේ ද යත්:
Pali BJTඅවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං.
Sinhala BJTඅවිද්‍යාව සංස්කාරයන්ගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්ත වූ කාරණ ද ආයූහන වූ කාරණ ද සංයොග වූ කාරණ ද පළිබෝධ වූ කාරණ ද සමුදය වූ කාරණ ද හේතු වූ කාරණ ද ප්‍රත්‍යය වූ කාරණ ද වෙයි. මේ නව අයුරින් අවිද්‍යාව ප්‍රත්‍යය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යසමුත්පන්න වෙත්. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTඅතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා සඞ්ඛාරානං උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච. ඉමෙහි නවහාකාරෙහි අවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මාට්ඨිතිඤාණං.
Sinhala BJTඅතීතකාලයෙහි ද අනාගත කාලයෙහි ද අවිද්‍යාව සංස්කාරයන්ගේ උත්පාදයට වූ කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද අයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් අවිද්‍යාව ප්‍රත්‍ය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙත්. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTසඞ්ඛාරා විඤ්ඤාණස්ස -පෙ- විඤ්ඤාණං නාමරූපස්ස -පෙ- නාමරූපං සළායතනස්ස -පෙ- සළායතනං ඵස්සස්ස -පෙ- ඵස්සො වෙදනාය -පෙ- වෙදනා තණ්හාය -පෙ- තණ්හා උපාදානස්ස -පෙ- උපාදානං භවස්ස -පෙ- භවො ජාතියා -පෙ- ජාති ජරාමරණස්ස උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච, ඉමෙහි නවහාකාරෙහි ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුප්පන්නං. උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTසංස්කාරයෝ විඥානයාගේ ... විඥානය නාමරූපයාගේ ... නාමරූපය ෂඩායතනයාගේ ... ෂඩායතනය ස්පර්‍ශයාගේ ... ස්පර්‍ශය වේදනාවගේ ... වේදනාව තෘෂ්ණාවගේ ... තෘෂ්ණාව උපදානයාගේ ... උපාදානය භවයාගේ ... භවය ජාතිහුගේ ... ජාතිය ජරාමරණයාගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද ආයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් ජාතිය ප්‍රත්‍යය වෙයි, ජරාමරණ ප්‍රත්‍යයසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTඅතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති ජරාමරණස්ස උප්පාදට්ඨිති ච, පවත්තට්ඨිති ච, නිමිත්තට්ඨිති ච, ආයූහනට්ඨිති ච, සඤ්ඤොගට්ඨිති ච, පළිබොධට්ඨිති ච, සමුදයට්ඨිති ච, හෙතුට්ඨිති ච, පච්චයට්ඨිති ච, ඉමෙහි නවහාකාරෙහි ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුපන්නං, උභොපෙතෙ ධම්මා පච්චයසමුපන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTඅතීතකාලයෙහි ද අනාගත කාලයෙහි ද ජාතිය ජරාමරණයාගේ උත්පාදයට කාරණ ද ප්‍රවෘත්තියට කාරණ ද නිමිත්තකාරණ ද ආයූහනකාරණ ද සංයෝගකාරණ ද පරිබොධකාරණ ද සමුදයකාරණ ද හේතුකාරණ ද ප්‍රත්‍යයකාරණ ද වෙයි. මේ නව අයුරින් ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යය සමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ’යි ප්‍රත්‍යය පරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTඅවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා හෙතුසමුපන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTඅවිද්‍යාව (ජනකප්‍රත්‍යය හෙයින්) හේතු යැ, සංස්කාරයෝ හේතුසමුත්පන්න වෙති. තෙල උභයධර්‍මයෝ මැ හේතු සමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි ද අනාගතකාලයෙහි ද අවිද්‍යාව හේතු වෙයි. සංස්කාරයෝ හේතුසමුත්පන්නයෝ වෙත්. තෙල උභයධර්‍මයෝ මැ හේතු සමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTසඞ්ඛාරා හෙතු, විඤ්ඤාණං හෙතුසමුප්පන්නං -පෙ- විඤ්ඤාණං හෙතු, නාමරූපං හෙතුසමුප්පන්නං -පෙ- නාමරූපං හෙතු, සළායතනං හෙතුසමුප්පන්නං -පෙ- සළායතනං හෙතු, ඵස්සො හෙතුසමුප්පන්නො -පෙ- ඵස්සො හෙතු, වෙදනා හෙතුසමුප්පන්නා -පෙ- වෙදනා හෙතු, තණ්හා හෙතුසමුප්පන්නා -පෙ- තණ්හා හෙතු, උපාදානං හෙතුසමුප්පන්නං -පෙ- උපාදානං හෙතු, භවො හෙතුසමුප්පන්නො -පෙ- භවො හෙතු, ජාති හෙතුසමුප්පන්නා -පෙ- ජාති හෙතු, ජරාමරණං හෙතුසමුප්පන්නං. උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති හෙතු, ජරාමරණං හෙතුසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTසංස්කාරයෝ හේතු වෙති. විඥානය හේතුසමුත්පන්න වෙයි ... විඥානය හේතු යැ නාමරූපය හේතු සමුත්පන්න යි ... නාමරූපය හේතු යැ ෂඩායතනය හේතුසමුත්පන්න යි ... ෂඩායතනය හේතු යැ ස්පර්‍ශය හේතුසමුත්පන්න යි ... ස්පර්‍ශය හේතු යැ වේදනාව හේතුසමුත්පන්න යි ... වේදනාව හේතු යැ තෘෂ්ණාව හේතුසමුත්පන්න යි ... තෘෂ්ණාව හේතු යැ උපාදානය හේතුසමුත්පන්නයි ... උපාදානය හේතු යැ භවය හේතුසමුත්පන්නයි ... භවය හේතු යැ ජාතිය හේතුසමුත්පන්න යි ... ජාතිය හේතු යැ ජරාමරණ හේතුසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ හේතුසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු ජාතිය හේතු යැ ජරාමරණ හේතුසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ හේතුසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTඅවිජ්ජා පටිච්ච, සඞ්ඛාරා පටිච්චසමුප්පන්නා. උභොපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජා පටිච්ච, සඞ්ඛාරා පටිච්චසමුප්පන්නා. උභාපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTඅවිද්‍යාව (සංස්කාරයන් විසින් ප්‍රතිමුඛ වැ ඉයයුතු හෙයින්) ප්‍රතීත්‍ය යැ. සංස්කාරයෝ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යය පරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි, අතීතකාලයෙහි දු අනාගත කාලයෙහි දු අවිද්‍යාව ප්‍රතීත්‍ය යැ, සංස්කාරයෝ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTසඞ්ඛාරා පටිච්ච, විඤ්ඤාණං පටිච්චසමුප්පන්නං, -පෙ- විඤ්ඤාණං පටිච්ච, නාමරූපං පටිච්චසමුප්පන්නං -පෙ- නාමරූපං පටිච්ච, සළායතනං පටිච්චසමුප්පන්නං -පෙ- සළායතනං පටිච්ච, ඵස්සො පටිච්චසමුප්පන්නං -පෙ- ඵස්සො පටිච්ච, වෙදනා පටිච්චසමුප්පන්නා -පෙ- වෙදනා පටිච්ච, තණ්හා පටිච්චසමුප්පන්නා -පෙ- තණ්හා පටිච්ච, උපාදානං පටිච්චසමුප්පන්නං -පෙ- උපාදානං පටිච්ච, භවො පටිච්චසමුප්පන්නො -පෙ- භවො පටිච්ච, ජාති පටිච්චසමුප්පන්නා -පෙ- ජාති පටිච්ච, ජරා මරණං පටිච්චසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති පටිච්ච, ජරාමරණං පටිච්චසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පටිච්චසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTසංස්කාරයෝ ප්‍රතීත්‍ය යැ විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... විඥානය ප්‍රතීත්‍ය යැ නාමරූප ප්‍රතීත්‍ය සමුත්පන්න යි ... නාමරූප ප්‍රතීත්‍ය යැ ෂඩායතනය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ෂඩායතනය ප්‍රතීත්‍ය යැ ස්පර්‍ශය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ස්පර්‍ශය ප්‍රතීත්‍ය යැ වේදනාව ප්‍රතීත්‍යසමුත්පන්න යි ... වේදනාව ප්‍රතීත්‍ය යැ තෘෂ්ණාව ප්‍රතීත්‍යසමුත්පන්න යි … තෘෂ්ණාව ප්‍රතීත්‍ය යැ උපාදානය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... උපාදානය ප්‍රතීත්‍ය යැ භවය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... භවය ප්‍රතීත්‍ය යැ ජාතිය ප්‍රතීත්‍යසමුත්පන්න යි ... ජාතිය ප්‍රතීත්‍ය යැ ජරාමරණ ප්‍රතීත්‍යසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිය ප්‍රතීත්‍ය යැ ජරාමරණ ප්‍රතීත්‍යසමුත්පන්න යි. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රතීත්‍යසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTඅවිජ්ජා පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා, ‘උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නා’ති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජාය පච්චයො, සඞ්ඛාරා පච්චයසමුප්පන්නා, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මඨිතිඤාණං.
Sinhala BJTඅවිද්‍යාව (උපස්ථම්භක හෙයින්) ප්‍රත්‍යය වෙයි, සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙති. (ඒ ඒ ප්‍රත්‍යයෙන් උපන්) තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු අවිද්‍යාව ප්‍රත්‍යය වෙයි. සංස්කාරයෝ ප්‍රත්‍යයසමුත්පන්න වෙති. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTසඞ්ඛාරා පච්චයො,{1} විඤ්ඤාණං පච්චයසමුප්පන්නං -පෙ- විඤ්ඤාණං පච්චයො, නාමරූපං පච්චයසමුප්පන්නං -පෙ- නාමරූපං පච්චයො, සළායතනං පච්චයසමුප්පන්නං -පෙ- සළායතනං පච්චයො, ඵස්සො පච්චයසමුප්පන්නො -පෙ- ඵස්සො පච්චයො, වෙදනා පච්චයසමුප්පන්නා -පෙ- වෙදනා පච්චයො, තණ්හා පච්චයසමුප්පන්නා -පෙ- තණ්හා පච්චයො, උපාදානං පච්චයසමුප්පන්නං -පෙ- උපාදානං පච්චයො, භවො පච්චයසමුප්පන්නො -පෙ- භවො පච්චයො, ජාති පච්චයසමුප්පන්නා -පෙ- ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං. අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාති පච්චයො, ජරාමරණං පච්චයසමුප්පන්නං, උභොපෙතෙ ධම්මා පච්චයසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTසංස්කාරයෝ ප්‍රත්‍යය වෙති. විඥානය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... විඥානය ප්‍රත්‍යය වෙයි. නාමරූප ප්‍රත්‍යයසමුත්පන්න වෙති ... නාමරූප ප්‍රත්‍යය වෙයි. ෂඩායතනය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... ෂඩායතන ප්‍රත්‍යය වෙයි. ස්පර්‍ශය ප්‍රත්‍යයසමුත්පන්න වෙයි … ස්පර්‍ශය ප්‍රත්‍යය වෙයි. වේදනාව ප්‍රත්‍යයසමුත්පන්න වේ. වේදනාව ප්‍රත්‍යය වෙයි. තෘෂ්ණාව ප්‍රත්‍යයසමුත්පන්න වේ ... තෘෂ්ණාව ප්‍රත්‍යය වෙයි. උපාදානය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... උපාදානය ප්‍රත්‍යය වෙයි. භවය ප්‍රත්‍යයසමුත්පන්න වේ ... භවය ප්‍රත්‍යය වෙයි. ජාතිය ප්‍රත්‍යයසමුත්පන්න වේ. ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි. අතීතකාලයෙහි දු අනාගතකාලයෙහි දු ජාතිය ප්‍රත්‍යය වෙයි. ජරාමරණ ප්‍රත්‍යයසමුත්පන්න වේ. තෙල උභයධර්‍මයෝ මැ ප්‍රත්‍යයසමුත්පන්නයෝ යැ යි ප්‍රත්‍යයපරිග්‍රහයෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යි.
Pali BJTපුරිමකම්මභවස්මිං මොහො අවිජ්ජා, අයූහනා{2} සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවො, ඉමෙ පඤ්ච ධම්මා පුරිමකම්මභවස්මිං ඉධ පටිසන්ධියා පච්චයා.
Sinhala BJTපූර්‍වකර්‍මය කරන කල්හි මෝහය අවිද්‍යා යැ, ආයූහනචේතනාවෝ සංස්කාරයෝ යැ, භවනිකාන්තිය තෘෂ්ණා යැ, දෘඪග්‍රහණය උපාදාන යැ, චේතනාව භවය යි, මේ පඤ්චධර්‍මයෝ පූර්‍වකර්‍මභවය කරන කල්හි පැවැත්තාහු වර්‍තමානප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වූවාහු යැ.
Pali BJTඉධ පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා, ඉමෙ පඤ්ච ධම්මා ඉධූපපත්තිභවස්මිං පුරෙ කතස්ස කම්මස්ස පච්චයා.
Sinhala BJTවර්‍තමානභවයෙහි ප්‍රතිසන්‍ධිය විඥාන යැ, (රූපාරූපධර්‍මයන්ගේ) අවක්‍රාන්තිය නාමරූප යැ, ප්‍රසාදය ආයතන යැ, අරමුණු ස්පර්‍ශ කෙරෙමින් උපන්නේ ස්පර්‍ශ යැ, (විපාක) වේදයිතය වේදනා යි. මේ පඤ්චධර්‍මයෝ වර්‍තමානවිපාකභවයෙහි පූර්‍වකෘතකර්‍මයාගේ ප්‍රත්‍යයෙන් පවත්නාහු යි.
Pali BJTඉධ පරිපක්කත්තා ආයතනානං මොහො අවිජ්ජා, ආයූහනා සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවො, ඉමෙ පඤ්ච ධම්මා ඉධ කම්මභවස්මිං ආයතිං පටිසන්ධියා පච්චයා.
Sinhala BJTවර්‍තමානභවයෙහි ආයතනයන් මුහුකුරාගිය බැවින් මෝහය අවිද්‍යා යැ, ආයූහනචේතනාවෝ සංස්කාරයෝ යැ, භවනිකාන්තිය තෘෂ්ණා යැ, දෘඪග්‍රහණය උපාදාන යැ, ආයූහනචේතනාවෝ භව යැ යි. මේ පඤ්චධර්‍මයෝ වර්‍තමානකර්‍මභවයෙහි පැවැත්තාහු අනාගතභවයෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙත්.
Pali BJTආයතිං{1} පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා, ඉමෙ පඤ්ච ධම්මා ආයතිං උපපත්තිභවස්මිං ඉධ කතස්ස කම්මස්ස පච්චයා.
Sinhala BJTඅනාගතභවයෙහි ප්‍රතිසන්‍ධි විඥාන යැ, (රූපාරූපධර්‍මයන්ගේ) අවක්‍රාන්තිය නාමරූප යැ, ප්‍රසාදය ආයතන යැ, අරමුණු ස්පර්‍ශ කෙරෙමින් උපන්නේ ස්පර්‍ශ යැ, (විපාක) වේදයිතය වේදනා යැ යි මේ පඤ්චධර්‍මයෝ ආයතිභාවයෙහි උපප්‍රාප්තියට වර්‍තමානභවයෙහි කරන ලද කර්‍මයාගේ ප්‍රත්‍යයෙන් පවතිත්.
Pali BJTඉති ඉමෙ{2} චතුසඞ්ඛෙපෙ තයො අද්ධෙ වීසතියා ආකාරෙහි තිසන්ධිං පටිච්චසමුප්පාදං ජානාති, පස්සති, අඤ්ඤාති, පටිවිජ්ඣති. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං.
Sinhala BJTමෙසේ මේ සතර සංක්‍ෂේපයෙන් ද තුන් කාලයන් ද ත්‍රිසන්‍ධියක් ඇති ප්‍රතීත්‍යසමුත්පාදය ද විසි අයුරෙකින් (ශ්‍රැතානුසාරයෙන්) දනී නම් (නුවණින් ) දකී නම් (නුවණින් දැනගනී නම්) ප්‍රතිවේධ කෙරේ නම් ඒ දැනීම ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි: ‘පච්චය පරිග්ගහෙ ඤාණං ධම්මට්ඨිතිඤාණං’යි.
Pali BJTධම්මට්ඨිතිඤාණනිද්දෙසො
Sinhala BJTධර්‍මස්ථිතිඥානනිර්දේශ යි.
Pali BJT5. සම්මසනඤාණං
Sinhala BJT5. සම්මර්‍ශන ඥානය
Pali BJTකථං අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන වෙයි යත්.
Pali BJTයං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන්තිකෙ වා, සබ්බං රූපං අනිච්චතො වවත්ථෙති, එකං සම්මසනං. දුක්ඛතො වවත්ථෙති, එකං සම්මසනං, අනත්තතො වවත්ථෙති, එකං සම්මසනං.
Sinhala BJTඅතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් වේ ද, එ හැම රූපය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
Pali BJTයා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං අනිච්චතො වවත්ථෙති, එකං සම්මසනං. දුක්ඛතො වවත්ථෙති, එකං සම්මසනං. අනත්තතො වවත්ථෙති, එකං සම්මසනං.
Sinhala BJTයම් කිසි වේදනායෙක් ... යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්‍ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුරැ වු හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් වේ ද, එ හැම විඥානය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුඃඛ හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
Pali BJTචක්ඛුං ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චතො වවත්ථෙති, එකං සම්මසනං. දුක්ඛතො වවත්ථෙති, එකං සම්මසනං. අනත්තතො වවත්ථෙති, එකං සම්මසනං.
Sinhala BJTචක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකි.
Pali BJTරූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනා’ති සඞ්ඛිපිත්ථා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං, ‘වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනා’ති සඞ්ඛිපිත්ථා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
Sinhala BJTඅතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ, සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
Pali BJTරූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්ම’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං, ‘වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්ම’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
Sinhala BJTඅතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය අනිත්‍ය යැ. ප්‍රත්‍යයසමවායෙන් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නො ඇලෙන සුලු යැ, නිරුද්ධ වන සුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ .. විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය යැ ප්‍රත්‍යයන් විසින් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්‍ෂය වනසුලු යැ, නැසෙනසුලු යැ, නො ඇලෙනසුලු යැ, නිරුද්ධ වනසුලු යැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
Pali BJTජාතිපච්චයා ජරාමරණං, අසති ජාතියා නත්ථි ජරාමරණ’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං, අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණං, අසති ජාතියා නත්ථි ජරාමරණ’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
Sinhala BJTජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
Pali BJTභවපච්චයා ජාති, අසති -පෙ- උපාදානපච්චයා භවො, අසති -පෙ- තණ්හාපච්චයා උපාදානං, අසති -පෙ- වෙදනාපච්චයා තණ්හා, අසති -පෙ- ඵස්සපච්චයා වෙදනා, අසති -පෙ- සළායතනපච්චයා ඵස්සො, අසති -පෙ- නාමරූපපච්චයා සළායතනං, අසති -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපං, අසති -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, අසති සඞ්ඛාරෙසු -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරා’ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
Sinhala BJTභවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ... උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි ... ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
Pali BJT‘අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරා’ති සඞ්ඛිපිත්වා වවතනෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
Sinhala BJTඅතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ’යි සංක්‍ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥානයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති. ‘අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං’.
Sinhala BJTඒ දැනීම ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං’ යි.
Pali BJTසම්මසනඤාණනිද්දෙසො.
Sinhala BJTසම්මර්‍ශනඥාන නිර්දේශ යි.