Pali BJTදස ධම්මා භාවෙතබ්බා: දස කසිණායතනානි.
Sinhala BJTධර්‍මයෝ දසදෙනෙක් වැඩියයුත්තාහු යැ: දසකසිණායතනයෝ යි.
Pali BJTද්වෙ භාවනා: ලොකියා ච භාවනා, ලොකුත්තරා ච භාවනා.
Sinhala BJTභාවනාවෝ දෙදෙනෙකි: ලෞකිකභානාව යැ, ලෝකෝත්තරභාවනා යි.
Pali BJTතිස්සො භාවනා: රූපාවචරකුසලානං ධම්මානං භාවනා, අරූපාවචරකුසලානං ධම්මානං භාවනා, අපරියාපන්න{1} කුසලානං ධම්මානං භාවනා. රූපාවචරකුසලානං ධම්මානං භාවනා අත්ථි හීනා, අත්ථි මජ්ඣිමා, අත්ථි පණීතා. අරූපාවචරකුසලානං ධම්මානං භාවනා අත්ථි හීනා, අත්ථි මජ්ඣිමා, අත්ථි පණීතා. අපරියාපන්න කුසලානං ධම්මානං භාවනා පණීතා.
Sinhala BJTභාවනාවෝ තිදෙනෙකි: රූපාවචරකුශලධර්‍මයන්ගේ භාවනා යැ, අරූපාවචරකුශලධර්‍මයන්ගේ භාවනා යැ, අපර්‍ය්‍යාපන්න (ලෝකෝත්තර) කුශල ධර්‍මයන්ගේ භාවනා යි. රූපාවචරකුශලධර්‍මයන්ගේ හීන වූ භාවනාවක් ඇත. මධ්‍ය වු භාවනාවක් ඇත. ප්‍රණීත වූ භාවනාවක් ඇත. අරූපාවචර කුශලධර්‍මයන්ගේ හීන වූ භාවනාවක් ඇත. මධ්‍ය වූ භාවනාවක් ඇත. ප්‍රණීත වූ භාවනාවක් ඇත. අපර්‍ය්‍යාපන්නකුශලධර්‍මයන්ගේ භාවනාව ප්‍රණීත යි.
Pali BJTචතස්සො භාවනා: දුක්ඛසච්චං පරිඤ්ඤාපටිවෙධං පටිවිජ්ඣනෙතා භාවෙති, සමුදයසච්චං පහානපටිවෙධං{2} පටිවිජ්ඣනෙතා භාවෙති, නිරොධසච්චං සච්ඡිකිරියාපටිවෙධං පරිවිජ්ඣන්තො භාවෙති, මග්ගසච්චං භාවනා පටිවෙධං පටිවිජ්ඣන්තො භාවෙති. ඉමා චතස්සො භාවනා.
Sinhala BJTභාවනා සතරෙකි: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් (ආර්‍ය්‍යමාර්‍ගය) වඩයි. සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් වඩයි. නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් වඩයි. මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කෙරෙමින් වඩයි. මොහු සතරභාවනා යි.
Pali BJTඅපරාපි චතස්සො භාවනා. එසනා භාවනා, පටිලාභා භාවනා, එකරසා භාවනා, ආසෙවනා භාවනා.
Sinhala BJTඅනෙකුදු භාවනා සතරෙකි. එසනභාවනා යැ. පටිලාභභාවනා යැ. ඒකරසභාවනා යැ. ආසෙවනභාවනා යි.
Pali BJTකතමා එසනා භාවනා. සබ්බෙසං සමාධිං සමාපජ්ජනත්තානං තත්ථ ජාතා ධම්මා එකාරසා හොන්තීති අයං එසනා භාවනා.
Sinhala BJTඑසනභාවනා කවර යත්: සමවතට සමවන් සියල්ලන්ගේ ඒ පූර්‍වභාගයෙහි උපන් ධර්‍මයෝ අර්‍පණොත්පාදනයෙහි සමානකෘත්‍ය වෙත් නු යි මේ එසනභාවනා යැ.
Pali BJTකතමා පටිලාභා භාවනා: සබ්බෙසං සමාධිං සමාපන්නානං තත්ථ ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති අයං පටිලාභා භාවනා.
Sinhala BJTප්‍රතිලාභභාවනා කවර යත්: සමවතට සමවන් සියල්ලන්ගේ එහි උපන් ධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්ම පවත්නාහු නු යි මේ ප්‍රතිලාභභාවනා යැ.
Pali BJTකතමා එකරසා භාවනා: අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං භාවයතො සද්ධින්ද්රියස්ස වසෙන චත්තාරි ඉන්ද්රියානි එකරසා හොන්තීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, පග්ගහටෙඨන විරියින්ද්රියං{3} භවවයතො විරියින්ද්රියස්ස වසෙන චත්තාරි ඉන්ද්රියානි එකරසා හොන්තීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, උපට්ඨානට්ඨෙන සතින්ද්රියානි භාවයතො සතින්ද්රියස්ස වසෙන චත්තාරි ඉන්ද්රියානි එකරසා හොන්තීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං භාවයතො සමාධින්ද්රියස්ස වසෙන චත්තාරි ඉන්ද්රියානි එකරසා හොන්තිතීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං යමෙව භාවයතො පඤ්ඤින්ද්රියස්ස වසෙන චත්තාරි ඉන්ද්රියානි එකරසා හොන්තීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා.
Sinhala BJTඒකරසභාවනා කවර යත්: අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්‍ධෙන්‍ද්‍රියය වඩන්නහුට ශ්‍රද්‍ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ (විමුක්තිරසයෙන්) එකකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩන්නහුට වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතින්‍ද්‍රිය වඩන්නහුට ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වඩන්නහුට සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය වඩන්නහුට ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ සමානකෘත්‍ය වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං භාවයතො සද්ධාබලස්ස වසෙන චත්තාරි බලානි එකරසා හොන්තීති බලානං එකරසට්ඨෙන භාවනා, කොසජ්ජෙ අකම්පියට්ඨෙන විරියබලං භාවයතො විරියබලස්ස වසෙන චත්තාරි බලානි එකරසා හොන්තීති බාලානං එකරසට්ඨෙන භාවනා, පමාදෙ අකම්පියට්ඨෙන සතිබලං භාවයතො සතිබලස්ස වසෙන චත්තාරි බලානි එකරසා හොන්තීති බලානං එකරසට්ඨෙන භාවනා, උද්ධචෙ අකම්පියට්ඨෙන සමාධිබලං භාවයතො සමාධිබලස්ස වසෙන චත්තාරි බලානි එකරසා හොන්තීති බලානං එකරසට්ඨෙන භාවනා, අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං භාවයතො පඤ්ඤාබලස්ස වසෙන චත්තාරි බලානි එකරසා හොන්තීති බලානං එකරසට්ඨෙන භවෙනා.
Sinhala BJTඅශ්‍රද්ධායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය වඩන්නහුට ශ්‍රද්ධාබලයාගේ වශයෙන් සතර බලයෝ සමානකෘත්‍ය වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. කෞසීද්‍යයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය වඩන්නහුට වීර්‍ය්‍යබලයාගේ වශයෙන් සතරබලයෝ සමානකෘත්‍ය වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රමාදයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය වඩන්නහුට ස්මෘතිබලයාගේ වශයෙන් සතර බලයෝ ඒකරස වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් සමාධිබලය වඩන්නහුට සමාධිබලයාගේ වශයෙන් සතර බලයෝ ඒකරස වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ . අවිද්‍යායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය වඩන්නහුට ප්‍රඥාබලයාගේ වශයෙන් සතර බලයෝ ඒකරස වෙත් නු යි බලයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි.
Pali BJTඋපට්ඨානට්ඨෙන සතිසම්බාජ්ඣඞ්ගං භාවයතො සතිසම්බොජ්ඣඞ්ගස්ස වසෙන ඡ බොජ්ඣඞ්ගා එකරසා හොන්තීති බොජ්ඣඞ්ගානං එකරසට්ඨෙන භාවනා, පවිචයට්ඨෙන ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවයතො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස වසෙන ඡ බොජ්ඣඞ්ගා එකරසා හොන්තීති බොජ්ඣඞ්ගානං එකරසට්ඨෙන භාවනා, පග්ගහට්ඨෙන විරියසම්බොජ්ඣඞ්ගං භාවයතො විරිය සම්බොජ්ඣඞ්ගස්ස වසෙන ඡ බොජ්ඣඞ්ගා එකරසා හොන්තීති බොජ්ඣඞ්ගානං එකරසට්ඨෙන භාවනා, ඵරණට්ඨෙන පීතිසම්බොජ්ඣඞ්ගං භාවයතො පීතිම්බොජ්ඣඞ්ගස්ස වසෙන ඡ බොජ්ඣඞ්ගා එකරසා හොන්තීති බොජ්ඣඞ්ගානං එකරසට්ඨෙන භාවනා, උපසමට්ඨෙන පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවයතො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස වසෙන ඡ බොජ්ඣඞ්ගා එකරසා හොන්තීති බොජ්ඣඞ්ගානං එකරසට්ඨෙන භාවනා, අවික්ඛෙපට්ඨෙන සමාධි සම්බොජ්ඣඞ්ගං භාවයතො සමාධි සමෙබාජ්ඣඞ්ගස්ස වසෙන ඡ බොජ්ඣඞ්ගා එකරසා හොන්තීති බොජ්ඣඞ්ගානං එකරසට්ඨෙන භාවනා, පටිසඞ්ඛානට්ඨෙන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවයතො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස වසෙන ඡ බොජ්ඣඞ්ගා එකරසා හොන්තීති බොජ්ඣඞ්ගානං එකරසට්ඨෙන භාවනා
Sinhala BJTඅපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩන්නහුට ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රවිචයාර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ස්ඵරණ (පැතිරීම්) අර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. උපශමාර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට සමාධිසම්බෝධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රතිසඞ්ඛ්‍යානාර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩන්නහුට උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයාගේ වශයෙන් ෂඩ්බෝධ්‍යඞ්ගයෝ ඒකරස වෙත් නු යි බෝධ්‍යඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි .
Pali BJTදස්සනට්ඨෙන සම්මාදිට්ඨිං භාවයතො සම්මාදිට්ඨියා වසෙන සත්තමග්ගඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා, අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පං භාවයතො සම්මාසඞ්කප්පස්ස වසෙන සත්ත මග්ගඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා, පරිග්ගහට්ඨෙන සම්මාවාචං භාවයතො සම්මාවාචායං වසෙන සත්ත මග්ගඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා, සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තං භාවයතො සම්මාකම්මන්තස්ස වසෙන සත්ත මග්ගඞ්ගාඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා, වොදානට්ඨෙන සම්මාආජීවං භාවයතො සම්මාආජීවස්ස වසෙන සත්ත මග්ගඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා, පග්ගහට්ඨෙන සම්මාවායාමං භාවයතො සම්මාවායාමස්ස වසෙන සත්ත මග්ගඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා, උපට්ඨානට්ඨෙන සම්මාසතිං භාවයතො සම්මාසතියා වසෙන සත්ත මග්ගඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා, අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධිං භාවයතො සම්මාසමාධිස්ස වසෙන සත්ත මග්ගඞ්ගා එකරසා හොන්තීති මග්ගඞ්ගානං එකරසට්ඨෙන භාවනා. අයං එකරසා භාවනා.
Sinhala BJTදර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය වඩන්නහුට සම්‍යග්දෘෂ්ටියගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය වඩන්නහුට සම්‍යක්සංකල්පයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය වඩන්නහුට සම්‍යග්වචනයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. සමුත‍්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය වඩන්නහුට සම්‍යක්කර්‍මාන්තයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ව්‍යවදාන (පරිශුද්ධි) අර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය වඩන්නහුට සම්‍යගාජීවයාගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය වඩන්නහුට සම්‍යග්ව්‍යායාමයගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යග්ස්මෘතිය වඩන්නහුට සම්‍යක්ස්මෘතියගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය වඩන්නහුට සම්‍යක්සමාධිහුගේ වශයෙන් සප්තමාර්‍ගාඞ්ගයෝ ඒකරස වෙත් නු යි මාර්‍ගාඞ්ගයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යි. මේ ඒකරස භාවනා යි.
Pali BJTකතමා ආසෙවනා භාවනා: “ඉධ භික්ඛු පුබ්බන්හසමයම්පි{1} ආසෙවති, මජ්ඣන්තිකසමයම්පි{2} ආසෙවති, සායන්හසමයම්පි ආසෙවති, පුරෙභත්තම්පි ආසෙවති, පච්ඡාභත්තම්පි ආසෙවති, පුරිමෙපි යාමෙ ආසෙවති, මජ්ඣිමෙපි යාමෙ ආසෙවති, පච්ඡිමෙපි යාමෙ ආසෙවති, රත්තිම්පි ආසෙවති, දිවාපි ආසෙවති, රත්තින්දිවාපි ආසෙවති, කාලෙපි ආසෙවති, ඡුණ්හෙපි ආසෙවති, වස්සෙපි ආසෙවති, හෙමන්තෙපි ආසෙවති, ගිම්හෙපි ආසෙවති, පුරිමෙපි වයොඛන්ධෙ ආසෙවති, මජ්ඣිමෙපි වයොඛන්ධෙ ආසෙවති, පච්ඡිමෙපි වයොඛන්ධෙ ආසෙවති. අයං ආසෙවනා භාවනා.
Sinhala BJTආසෙවනාභාවනා කවර යත්: “මෙ සස්නෙහි මහණ තෙම පෙරවරු කාලයෙහි දු (වශීප්‍රාප්තසමාධිය) ආසේවන කෙරෙයි. මධ්‍යාහ්නකාලයෙහි දු ආසේවන කෙරෙයි. සවස්කාලයෙහි දු ආසේවන කෙරෙයි. පෙරබත්හි දු ආසේවන කෙරෙයි. පසුබත්හි දු ආසේවන කෙරෙයි. පෙරයම්හි දු ආසේවන කෙරෙයි. මැදියම්හි දු ආසේවන කෙරෙයි. අලුයම්හි දු ආසේවන කෙරෙයි. රැයි දු ආසේවන කෙරෙයි. දාවල්හි දු ආසේවන කෙරෙයි. රෑදාවල්හි දු ආසේවන කෙරෙයි. කෘෂ්ණපක්‍ෂයෙහි දු ආසේවන කෙරෙයි. ශුක්ලපක්‍ෂයෙහි දු ආසේවන කෙරෙයි. වසන්හි දු ආසේවන කෙරෙයි. හිමත්හි දු ආසේවන කෙරෙයි. ගිමන්හි දු ආසේවන කෙරෙයි. පළමුවයස් හි දු ආසේවන කෙරෙයි. මැදිම්වයස් හි දු ආසේවන කෙරෙයි. පැසිම්වයස්හි දු (වශීප්‍රාප්තසමාධිය) ආසේවන කෙරෙයි. මේ ආසෙවනභාවනා යි.
Pali BJTඉමා චතස්සො භාවනා.
Sinhala BJTමොහු සතර භාවනා යි.
Pali BJTඅපරාපි චතස්සො භාවනා. තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, අසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනෙකුදු භාවනා සතරෙකි. (නෙක්ඛම්මාදි) භාවනාවිශේෂයෙහි උපන් (සමාධි පඤ්ඤා සඞ්ඛ්‍යාත යුගනන්‍ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්මැ පවත්නා බැවින් භාවනා යැ. (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ ඒකරස භාවයෙන් භාවනා යැ. තදනුච්ඡවික වීර්‍ය්‍යධූරභාවයෙන් භවානා යැ. අසේවනාභාවයෙන් භාවනා යි.
Pali BJTකථං තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා.
Sinhala BJTකිසෙයින් ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් (නො ඉක්මැ පවත්නා බැවින්) වූ භාවනා වෙයි යත්:
Pali BJTකාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, බ්යාපාදං පජහතො අබ්යාපාදවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ථිනමිද්ධං{1} පජහතො ආලොකසඤ්ඤාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, උද්ධච්චං පජහතො අවික්ඛෙපවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, විචිකිච්ඡං පජහතො ධම්මවත්ථානවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, අවිජ්ජං පජහතො ඤාණවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, අරතිං පජහතො පාමොජ්ජවසෙන{2} ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා.
Sinhala BJTකාමච්ඡන්‍දය දුරලන්නාහට නෛෂ්ක්‍රම්‍යවශයෙන් උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනන්‍ධ) ධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නෛෂ්ක්‍රම්‍යභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නාහට අව්‍යාපාදවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අව්‍යාපාදභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ථීනමිද්ධය දුරලන්නාහට අලෝකසංඥාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අලොකසංඥාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. උද්ධච්චය දුරලන්නාහට අවික්‍ෂේපවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අවික්‍ෂේපභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. විචිකිච්ඡාව දුරලන්නාහට ධර්‍මනිශ්චයවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ධම්මවවත්‍ථානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අවිද්‍යාව දුරලන්නාහට ඥානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ඥානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අරතිය දුරලන්නාහට ප්‍රාමෝද්‍යවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ප්‍රමෝද්‍යභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
Pali BJTනීවරණෙ{3} පජහතො පඨමජ්ඣානවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, විතක්කවිචාරෙ පජහතො දුතියජ්ඣානවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, පීතිං පජහතො තතියජ්ඣානවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, සුඛදුක්ඛෙ පජහතො චතුත්ථජ්ඣානවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා.
Sinhala BJTනීවරණයන් දුරලන්නාහට ප්‍රථමධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ප්‍රථමධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ විතර්‍කවිචාරයන් දුරලන්නාහට ද්වීතීයධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ද්වීතියධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ප්‍රීතිය දුරලන්නාහට තෘතීයධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ තෘතීයධ්‍යානභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සුඛදුඃඛයන් දුරලන්නාහට චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ චතුර්‍ත්‍ථධ්‍යානභාවනායෙහි උපන් ධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
Pali BJTරූපසඤ්ඤං පටිඝසඤ්ඤං නානත්තසඤ්ඤං පජහතො ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ආකාසානඤ්චායතනසඤ්ඤං පජහතො විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පජහතො ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පජහතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා.
Sinhala BJTරූපසංඥාව - ප්‍රතිඝසංඥාව - නානාත්‍වසංඥාව දුරලන්නාහට ආකාසානඤ්චායතන සමාපත්තිවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආකාසානඤ්චායතන සමාපත්තිභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආකාසානඤ්චායතනසංඥාව දුරලන්නාහට විඤ්ඤාණඤ්චායතනසමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ විඤ්ඤාණඤ්චායතනසමාපත්තිභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. විඤ්ඤාණඤ්චායතනසංඥාව දුරලන්නාහට ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති භාවනායෙහි උපන් ගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආකිඤ්චඤ්ඤායතනසංඥාව දුරලන්නාහට නේවසඤ්ඤානාඤ්ඤායතනසමාපත්ති වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නෙවසඤ්ඤානාඤ්ඤායතන භාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
Pali BJTනිච්චසඤ්ඤං පජහතො අනිච්චානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, සුඛසඤ්ඤං පජහතො දුක්ඛානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, අත්තසඤ්ඤං පජහතො අනත්තානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, නන්දිං පජහතො නිබ්බිදානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, රාගං පජහතො චිරාගානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථා ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, සමුදයං පජහතො නිරොධානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ආදානං පජහතො පටිනිසස්සග්ගානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඝනසඤ්ඤං{1} පජහතො ඛයානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤ නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ආයුහනං{2} පජහතො චයානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ධුවසඤ්ඤං පජහතො විපරිණාමානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා,
Sinhala BJTනිත්‍යසංඥාව දුරලන්නාහට අනිත්‍යානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනිත්‍යානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සුඛසංඥාව දුරලන්නාහට දුඃඛානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ දුඃඛානුදර්‍ශනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආත්මසංඥාව දුරලන්නාහට අනාත්මානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනාත්මානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. නන්‍දිය (සප්‍රීතිකතෘෂ්ණාව) දුරලන්නාහට නිර්වේදානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නිර්‍වෙදානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ, රාගය (නිෂ්ප්‍රීතිකතෘෂ්ණාව) දුරලන්නාහට විරාගානුදර්‍ශනා වශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්ම පවත්නාහු නු යි ඒ විරාගානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සමුදය දුරලන්නාහට නිරෝධානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ නිරොධානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආදානය (ග්‍රහණය) දුරලන්නාහට පටිනිස්සග්ගානුපස්සනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ පටිනිස්සග්ගානුපස්සනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ඝනසංඥාව දුරලන්නාහට ක්‍ෂයානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ක්‍ෂයානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. කර්‍මායූහනය දුරලන්නාහට ව්‍යානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ව්‍යානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ධ්‍රැවසංඥාව දුරලන්නාහට විපරිණාමානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක් මැ පවත්නාහු නු යි ඒ විපරිණාමානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ.
Pali BJTනිමිත්තං පජහතො අනිමිත්තානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනත්තිවත්තනට්ඨෙන භාවනා, පණිධිං පජහතො අප්පණිහිතානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, අභිනිවෙසං පජහතො සුඤ්ඤතානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, සාරාදානාභිනිවෙසං පජහතො අධිපඤ්ඤාධම්මවිපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, සම්මොහාභිනිවෙසං පජහතො යථාභූතඤාණදස්සනවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ආලයාභිනිවෙසං පජහතො ආදීනුවානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, අප්පටිසඞ්ඛං පජහතො පටිසඞ්ඛානුපස්සාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාති වත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, සඤ්ඤොගාභිනිවෙසං පජහතො විවට්ටානුපස්සනාවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා.
Sinhala BJT(නිත්‍ය) නිමිත්තසංඥාව දුරලන්නාහට අනිමිත්තානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනිමිත්තානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ප්‍රණිධිය (සුඛ ප්‍රාර්‍ත්‍ථනාව) දුරලන්නාහට අප්‍රණිහිතානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අප්‍රණිහිතානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආත්මාභිනිවේශය දුරලන්නාහට ශුන්‍යතානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ශුන්‍යතානුදර්‍ශනා භාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. නිත්‍යසාරආත්මසාරාදි විසින් ග්‍රහණයාගේ අභිනිවේශය දුරලන්නාහට අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සම්මෝහාභිනිවේශය දුරලන්නාහට යථාභූතඥානදර්‍ශනවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ යථාභූතඥානදර්‍ශනභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ආලයාභිනිවේශය දුරලන්නාහට ආදීනවානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ආදීනවානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අනුපායග්‍රහණය දුරලන්නාහට පටිසඞ්ඛානුපස්සනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ පටිසඞ්ඛානුපස්සනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සංයෝගාභිනිවේශය (කාමයෝගාදික්ලේශයප්‍රවෘත්තිය) දුරලන්නාහට විවර්‍තානුදර්‍ශනාවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ විවර්‍තානුදර්‍ශනාභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ.
Pali BJTදිට්ඨෙකට්ඨෙ කිලෙසෙ පජහතො සොතාපත්තිමග්ගවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඔළාරිකෙ කිලෙසෙ පජහතො සකදාගාමිමග්ගවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, අණුසහගතෙ කිලෙසෙ පජහතො අනාගාමිමග්ගවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, සබ්බකිලෙසෙ පජහතො අරහත්තමග්ගවසෙන ජාතා ධම්මා අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්තීති තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා.
Sinhala BJTදෘෂ්ටීන් හා සමග එක් තැන්හි සිටි ක්ලේශයන් දුරලන්නාහට ස්‍රෝතාපත්තිමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ ස්‍රොතාපත්තිමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. ඖදාරික (කාමරාගව්‍යාපාද) ක්ලේශයන් දුරලන්නාහට සකෘදාගාමීමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ සකෘදාගාමීමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. අණුසහගත (කාමරාග - ව්‍යාපාද) ක්ලේශයන් දුරලන්නාහට අනාගාමීමාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අනාගාමීමාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යැ. සියලු ක්ලේශයන් දුරලන්නාහට අර්‍හන්මාර්‍ගවශයෙන් උපන් යුගනන්‍ධධර්‍මයෝ ඔවුනොවුන් නො ඉක්මැ පවත්නාහු නු යි ඒ අර්‍හන්මාර්‍ගභාවනායෙහි උපන් යුගනන්‍ධධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
Pali BJTඑවං තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා.
Sinhala BJTමෙසෙයින් ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනන්‍ධ ධර්‍මයන් අනතික්‍රමණභාවයෙන් වූ භාවනා යි.
Pali BJTකථං ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා.
Sinhala BJTකිසෙයින් ඉන්‍ද්‍රියයන්ගේ ඒකරස (කෘත්‍ය) භාවයෙන් භාවනා වෙයි යත්:
Pali BJTකාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන පඤ්චින්ද්රියානි එකරසා හොන්තීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, බ්යාපාදං පජහතො අබ්යාපාදවසෙන පඤ්චින්ද්රියානි එකරසා හොන්තීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා -පෙ- සබ්බකිලෙසෙ පජහතො අරහත්තමග්ගවසෙන පඤ්චින්ද්රියානි එකරසා හොන්තීති ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා,
Sinhala BJTකාමච්ඡන්‍දය දුරලන්නාහට නෛෂ්ක්‍රම්‍යවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ (විමුක්තිරසයෙන් හෝ කෘත්‍යරසයෙන්) ඒකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නාහට අව්‍යාපාදවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ ඒකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යැ ... සියලු ක්ලේශයන් දුරලන්නාහට අර්‍හන්මාර්‍ගවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ ඒකරස වෙත් නු යි ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා යි.
Pali BJTඑවං ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා
Sinhala BJTමෙසෙයින් ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයෙන් භාවනා වේ.
Pali BJTකථං තදුපගවිරියවාහනට්ඨෙන භාවනා,
Sinhala BJTකිසෙයින් තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා වෙයි යත්:
Pali BJTකාමඡන්දං පජහන්තො{1} නෙක්ඛම්මවසෙන විරියං{2} වාහෙතීති තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, බ්යාපාදං පජහන්තො{1} අබ්යාපාදවසෙන විරියං{2} වාහෙතීති තදුපගවිරියවාහනට්ඨෙන භාවනා -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන විරියං{2} වාහෙතීති තදුපගවිරියවාහනට්ඨෙන භාවනා.
Sinhala BJTකාමච්ඡන්‍දය දුරලන්නේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යැ. ... ව්‍යාපාදය දුරලන්නේ අව්‍යාපාදවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යැ. ... සියලු ක්ලේශයන් දුරලන්නේ අර්‍හන්මාර්‍ගවශයෙන් වීර්‍ය්‍යය පවත්වා නු යි. තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා යි.
Pali BJTඑවං තදුපගවිරියවාහනට්ඨෙන භාවනා.
Sinhala BJTමෙසෙයින් තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරභාවයෙන් භාවනා වේ.
Pali BJTකථං ආසෙවනට්ඨෙන භාවනා:
Sinhala BJTකිසෙයින් අසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි යත්:
Pali BJTකාමච්ඡන්දං පජහන්තො{1} නෙක්ඛම්මං ආසෙවතීති ආසෙවනට්ඨෙන භාවනා, බ්යාපාදං පජහන්තො අබ්යාපාදං ආසෙවතීති ආසෙවනට්ඨෙන භාවනා -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගං ආසෙවතීති ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTකාමච්ඡන්‍දය දුරලන්නේ නෛෂ්ක්‍රම්‍යය ආසේවන කෙරේ නු යි ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ව්‍යාපාදය දුරලන්නේ අව්‍යාපාදය ආසේවන කෙරේ නු යි ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යැ. ... සියලු ක්ලේශයන් දුරලන්නේ අර්‍හන්මාර්‍ගය ආසේවන කෙරේ නු යි ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
Pali BJTඑවං ආසෙවනට්ඨෙන භාවනා. ඉමා චතස්සො භාවනා.
Sinhala BJTමෙසෙයින් අසෙවනාර්‍ත්‍ථයෙන් භාවනා වේ. මොහු සතර භාවනා යි.
Pali BJTරූපං පස්සන්තො භාවෙති, වෙදනං පස්සන්තො භාවෙති, සඤ්ඤං පස්සන්තො භාවෙති, සඞ්ඛාරෙ පස්සන්තො භාවෙති, විඤ්ඤාණං පස්සන්තො භාවෙති. චක්ඛුං -පෙ- ජරාමරණං -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන පස්සන්තො භාවෙති.
Sinhala BJTරූපය (අනිත්‍යාදි වශයෙන්) දක්නේ ( භාවිතව්‍යභාවනාව) වඩයි. වේදනාව (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංඥාව (අනිත්‍යාදි වශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංඥාව (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. සංස්කාරයන් (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. විඥානය (අනිත්‍යාදිවශයෙන්) දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි. චක්‍ෂුස ... ජරාමරණය ... අමතෝගධනිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් දක්නේ (භාවිතව්‍යභාවනාව) වඩයි.
Pali BJTයෙ යෙ ධම්මා භාවිතා හොන්ති, තෙ තෙ ධම්මා එකරසා හොන්ති. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: “ඉමෙ ධම්මා භාවෙතබ්බා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණ”න්ති.
Sinhala BJTයම් යම් ධර්‍ම කෙනෙක් වඩන ලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ඒකරස වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යැ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මා භාවෙතබ්බා’ති සෝතාවධානං තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි
Pali BJTභාවෙතබ්බනිද්දෙසො
Sinhala BJTභාවෙතබ්බ නිද්දේස යි.
Pali BJTචතුත්ථො භාණවාරො.
Sinhala BJTසතරවැනි බණවර යි.
Pali BJT(6)
Sinhala BJT(6)
Pali BJTකථං ‘ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් මේ ධර්‍මයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යහ යන දේශනාව සෝතාවධාන (ශ්‍රැතය) වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
Pali BJTඑකො ධම්මො සච්ඡිකාතබ්බො: අකුප්පා චෙතොවිමුත්ති.
Sinhala BJTඑක් ධර්‍මයෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ: අර්‍හත්ඵල විමුක්තිය යි.
Pali BJTද්වෙ ධම්මා සච්ඡිකාතබ්බා: විජ්ජා ච විමුත්ති ච.
Sinhala BJTධර්‍මයෝ දෙදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ත්‍රිවිද්‍යා ද අර්‍හත්‍වඵලය ද යන දෙක යි.
Pali BJTතයො ධම්මා සච්ඡිකාතබ්බා: තිස්සො විජ්ජා.
Sinhala BJTධර්‍මයෝ තුන් දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ත්‍රිවිද්‍යා යි.
Pali BJTචත්තාරො ධම්මා සච්ඡිකාතබ්බා: චත්තාරි සාමඤ්ඤඵලානි.
Sinhala BJTධර්‍මයෝ සතරදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යි.
Pali BJTපඤ්ච ධම්මා සච්ඡිකාතබ්බා: පඤ්ච ධම්මක්ඛන්ධා.
Sinhala BJTධර්‍මයෝ පස්දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: පඤ්චවිධ ධර්‍මස්කන්‍ධයෝ යි.
Pali BJTඡ ධම්මා සච්ඡිකාතබ්බා: ඡ අභිඤ්ඤා.
Sinhala BJTධර්‍මයෝ සදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: ෂට්අභිඥාවෝ යි.
Pali BJTසත්තා ධම්මා සච්ඡිකාතබ්බා: සත්ත ඛීණාසවබලානි.
Sinhala BJTධර්‍මයෝ සත්දෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: සප්ත ක්‍ෂීණාස්‍රව බලයෝ යි.
Pali BJTඅට්ඨ ධම්මා සච්ඡිකාතබ්බා: අට්ඨ විමොක්ඛා.
Sinhala BJTධර්‍මයෝ අටදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: අෂ්ටවිමෝක්‍ෂයෝ යි.
Pali BJTනව ධම්මා සච්ඡිකාතබ්බා: නව අනුපුබ්බනිරොධා.
Sinhala BJTධර්‍මයෝ නවදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: නවඅනුපූර්‍වනිරෝධයෝ යි.
Pali BJTදස ධම්මා සච්ඡිකාතබ්බා: දස අසෙක්ඛා ධම්මා.
Sinhala BJTධර්‍මයෝ දසදෙනෙක් සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙති: දශඅශෛක්‍ෂ ධර්‍මයෝ යි.
Pali BJT(7)
Sinhala BJT(7)
Pali BJT“සබ්බං භික්ඛවෙ, සච්ඡිකාතබ්බං, කිඤ්ච භික්ඛවෙ, සබ්බං සච්ඡිකාතබ්බං:
Sinhala BJTමහණෙනි, සියල්ල සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මහණෙනි, කවර සියල්ල සාක්‍ෂාත්කර්‍තව්‍ය වෙයි යත්:
Pali BJTචක්ඛුං{1} භික්ඛවෙ, සච්ඡිකාතබ්බං, රූපා සච්ඡිකාතබ්බා, චක්ඛුවිඤ්ඤාණං සච්ඡිකාතබ්බං, චක්ඛුසම්ඵස්සො සච්ඡිකාතබ්බො, යම්පිදං.{2} චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි සච්ඡිකාතබ්බං.
Sinhala BJTමහණෙනි, චක්‍ෂුස සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. රූපයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. චක්‍ෂුර්විඥානසම්ප්‍රයුක්ත ස්පර්‍ශය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. චක්‍ෂුඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛමසුඛ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
Pali BJTසොතං සච්ඡිකාතබ්බං, සද්දා සච්ඡිකාතබ්බා -පෙ- ඝානං සච්ඡිකාතබ්බං, ගන්ධා සච්ඡිකාතබ්බා -පෙ- ජිව්හා සච්ඡිකාතබ්බා, රසා සච්ඡිකාතබ්බා -පෙ- කායො සච්ඡිකාතබ්බො, ඵොට්ඨබ්බා සච්ඡිකාතබ්බා -පෙ- මනො සච්ඡිකාතබ්බො, ධම්මා සච්ඡිකාතබ්බා, මනොවිඤ්ඤාණං සච්ඡිකාතබ්බං, මනොසම්ඵස්සො සච්ඡිකාතබ්බො, යම්පිදං{2} මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සච්ඡිකාතබ්බං.{a}
Sinhala BJTශ්‍රෝතය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ශබ්දයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ … ඝ්‍රාණය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ගන්‍ධයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ ... ජිහ්වාව සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. රසයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. ... කය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ ... මනස සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. ධර්‍මයෝ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ යැ. මනෝවිඥානය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මනඃස්පශ්‍රය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ. මනඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
Pali BJTරූපං පස්සන්තො සච්ඡිකරොති, වෙදනං පස්සන්තො සච්ඡිකරොති, සඤ්ඤං පස්සන්තො සච්ඡිකරොති, සඞ්ඛාරෙ පස්සන්තො සච්ඡිකරොති, විඤ්ඤාණං පස්සන්තො සච්ඡිකරොති, චක්ඛුං -පෙ- ජරාමරණං -පෙ- අමතොගධංන නිබ්බානං පරියොසානට්ඨෙන පස්සන්තො සච්ඡිකරොති.
Sinhala BJTරූපය (අනිත්‍යාදි වශයෙන්) දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. වේදනාව දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. සංඥාව දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. සංස්කාරයන් දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. විඥානය දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. චක්‍ෂුස ... ජරාමරණ … අමතෝගධ නිර්‍වාණය නිෂඨාර්‍ත්‍ථයෙන් දක්මින් ප්‍රත්‍යක්‍ෂ කෙරේ.
Pali BJTයෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති, තෙ තෙ ධම්මා ඵස්සිතා හොන්ති, තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති “ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සොතාවධානං, තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණ”න්ති.
Sinhala BJTයම් යම් ධර්‍ම කෙනෙක් (ආලම්බන-ප්‍රතිලාභ විසින්) ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ස්පර්‍ශ කරන ලද්දාහු වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි “ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
Pali BJTසච්ඡිකාතබ්බ නිද්දෙසො.
Sinhala BJTසච්ඡිකාතබ්බ නිද්දේස යි.
Pali BJT(8)
Sinhala BJT(8)
Pali BJTකථං “ඉමෙ ධම්මා හානභාගියා, ඉමෙ ධම්මා ඨිතිභාගියා, ඉමෙ ධම්මා විසෙසභාගියා, ඉමෙ ධම්මා නිබ්බෙධභාගියා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් ‘මේ ධර්‍මයෝ පරිහාණිය සෙවුනාහ, මේ ධර්‍මයෝ ස්ථිතිය සෙවුනාහ, මේ ධර්‍මයෝ විශේෂය සෙවුනාහ, මේ ධර්‍මයෝ නිර්වේධය සෙවුනාහ යන දේශනාව සෝතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
Pali BJTපඨමස්ස ඣානස්ස{1} ලාභිං කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගියො ධම්මො. අවිතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංගිතා, නිබ්බෙධභාගියො ධම්මො.
Sinhala BJTප්‍රථමධ්‍යානලාභීහට කාමසහගත (වස්තුකාම-ක්ලේශකාමාලම්බන) සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ප්‍රථමධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. අවිතර්‍කසහගත (ද්වීතියධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත (විදර්‍ශනාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
Pali BJTදුතියස්ස ඣානස්ස{2} ලාභිං විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති, ඨිතිභාගියො ධම්මො. උපෙක්ඛාසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. උපෙක්ඛාසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංගිතා, නිබ්බෙධභාගියො ධම්මො.
Sinhala BJTද්විතීයධ්‍යානලාභීහට විතර්‍කසහගත (ප්‍රථමධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ද්විතීයධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. උපේක්‍ෂාසහගත (තෘතීයධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
Pali BJTතතියස්ස ඣානස්ස{3} ලාභිං පීතිසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති, ඨිතිභාගියො ධම්මො. අදුක්ඛමසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා, නිබ්බෙධභාගියො ධම්මො.
Sinhala BJTතෘතීයධ්‍යානලාභීහට ප්‍රීතිසුඛසහගත (ද්විතීයධ්‍යානලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ තෘතීයධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. උපේක්‍ෂාසුඛසහගත (චතුර්‍ත්‍ථධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
Pali BJTචතුත්ථස්ස ඣානස්ස{4} ලාභිං උපෙක්ඛාසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති, ඨිතිභාගියො ධම්මො. ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා, නිබ්බෙධභාගියො ධම්මො.
Sinhala BJTචතුර්‍ත්‍ථධ්‍යානලාභීහට උපේක්‍ෂාසුඛසහගත (තෘතීයධ්‍යානලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ චතුර්‍ත්‍ථධ්‍යානය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. ආකාසානඤ්චායතනාරම්මණ වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත (විදර්‍ශනාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
Pali BJTආකාසානඤ්චායතනස්ස ලාභිං රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති, ඨිතිභාගියො ධම්මො. විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා, නිබ්බෙධභාගියො ධම්මො.
Sinhala BJTආකාසානඤ්චායතනලාභීහට රූපසහගත (රූපධ්‍යානාලම්බන) වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගිය ධර්‍ම වෙයි, ඒ ආකාසානඤ්චායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
Pali BJTවිඤ්ඤාණඤ්චායතනස්ස ලාභිං ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති, ඨිතිභාගියො ධම්මො. ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා, නිබ්බෙධභාගියො ධම්මො.
Sinhala BJTවිඤ්ඤාණඤ්චාචායතනලාභීහට ආකාසානඤ්චායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි, ඒ විඤ්ඤාණඤ්චායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. ආකිඤ්චඤ්ඤායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂභාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
Pali BJTආකිඤ්චඤ්ඤායතනස්ස ලාභිං විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, හානභාගියො ධම්මො. තදනුධම්මතා සති සන්තිට්ඨති, ඨිතිභාගියො ධම්මො. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, විසෙසභාගියො ධම්මො. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා. නිබ්බෙධභාගියො ධම්මො.
Sinhala BJTආකිඤ්චඤ්ඤායතනලාභීහට විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනසිකාරයෝ පවතිත් නම් හානභාගියධර්‍ම වෙයි. ඒ ආකිඤ්චඤ්ඤායතනය අනුව පවත්නා නිකාන්තිය පිහිටා නම් ස්ථිතිභාගියධර්‍ම වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් විශේෂ භාගියධර්‍ම වෙයි. විරාගූපසංහිත වූ නිර්වේදසහගත සංඥාමනස්කාරයෝ පවතිත් නම් නිර්වේධභාගියධර්‍ම වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා, තෙන වුච්චති: “ඉමෙ ධම්මා හානභාගියා, ඉමෙ ධම්මා ඨිතිභාගියා, ඉමෙ ධම්මා විසෙසභාගියා, ඉමෙ ධම්මා නිබ්බෙධභාගියා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණන්ති.”
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: “ඉමෙ ධම්මා හානභාගියා, ඉමෙ ධම්මා ඨිතිභාගියා, ඉමෙ ධම්මා විස්සෙභාගියා, ඉමෙ ධම්මා නිබ්බේධභාගියාති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
Pali BJTහානභාගියචතුක්ක නිද්දෙසො.
Sinhala BJTහානභාගියචතුක්කනිද්දේස යි.
Pali BJT(9)
Sinhala BJT(9)
Pali BJTකථං “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.”
Sinhala BJTකිසෙයින් සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ සියලු ධර්‍මයෝ අනාත්ම යැ යන දේශනාව සෝතාවධාන වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වේ ද යත්:
Pali BJT‘රූපං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJTරූපය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ. ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ. ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යනු සෝතාවධාන (ශ්‍රැත) යැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි.
Pali BJTවෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චං ඛයට්ඨෙන දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනා’ති සොතාවධානං. තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං. තං ඤාතට්ඨෙන ඤාණං, පජානට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා’ති සොතාවධානං, තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.”
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය ... චක්‍ෂුස … ජරාමරණය ක්‍ෂය වන බැවින් අනිත්‍ය යැ. ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ. ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යනු සෝතාවධාන යැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යි. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: “සබ්බේ සඞ්ඛාරා අනිච්චා සබ්බේ සඞ්ඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා’ති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
Pali BJTලක්ඛණත්තිකනිදෙදසො.
Sinhala BJTලක්ඛණතතිකනිද්දේස යි.
Pali BJT(10)
Sinhala BJT(10)
Pali BJTකථං ‘ඉදං දුක්ඛං අරියසච්චං, ඉදං දුක්ඛසමුදයො අරියසච්චං, ඉදං දුක්ඛනිරොධො{1} අරියසච්චං, ඉදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්ච’න්ති සොතාවධානං. තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යැ, මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යැ යන දේශනාව සෝතාවධාන වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
Pali BJTතත්ථ කතමං දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා{2} දුක්ඛා.
Sinhala BJTඑහි ‘දුඃඛාර්‍ය්‍යසත්‍යය’ කවර යත්: ජාතිය ද දුක යැ, ජරාව ද දුක යැ, මරණය ද දුක යැ, සොකපරිදෙවදුක්ඛදොමනස්සඋපායාසයෝ ද දුඃඛයෝ යැ, අප්‍රියයන් සමග එක්වීම දුක යැ, ප්‍රියයන් කෙරෙන් වෙන්වීම දුක යැ, යම් හෙයෙකින් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක යැ, සැකෙවින් පඤ්චෝපාදානස්ක්‍න්‍ධයෝ දුඃඛයෝ යි.
Pali BJTතත්ථ කතමා ජාති: යා තෙසං තෙසං සත්තානං තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති ජාති.
Sinhala BJTඑහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් ඉපදීමෙක් මොනොවට ඉපදීමෙක් අවක්‍රාන්තියෙක් ප්‍රකට වැ පහළවීමෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ පහළවීමෙක් වේ ද මේ ‘ජාති’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා ජරා: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා.
Sinhala BJTඑහි ‘ජරා’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් දිරීමෙක් දිරන බවෙක් (දන්තාදීන්ගේ) කැඩුණු බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් ඇඟරැළි වැටුණු බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් වේ ද මේ ‘ජරා’ ය යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං මරණං: යා තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස{3} නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො, ඉදං වුච්චති මරණං.
Sinhala BJTඑහි ‘මරණ’ කවරෙ යත්: ඒ ඒ සත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙහි යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් (ස්කන්‍ධයන්ගේ) බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යු සඞ්ඛ්‍යාත මරණයෙක් කාලක්‍රියායෙක් ස්කන්‍ධයන්ගේ භෙදයෙක් කලෙවරයාගේ නික්‍ෂේපයෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද මේ ‘මරණ’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො සොකො: යො ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්යසනෙන වා ඵුට්ඨස්ස රොගබ්යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තො සොකො අන්තො පරිසොකො චෙතසො පරිජ්ඣායනා දොමනස්සං සොකසල්ලං, අයං වුච්චති සොකො.
Sinhala BJTඑහි ‘ශෝක’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ ශිලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවෙකින් පහස්නා ලද්දාහුගේ යම් ශෝකයෙක් ශෝක කරන අයුරෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශොකයෙක් චිත්තයාගේ හාත්පස දැවීමෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ ද මේ ‘ශෝක’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පරිදෙවො: යො ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්යසනෙන වා ඵුට්ඨස්ස රොගබ්යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං වාචා පලාපො විප්පලාපො ලාලප්පො ලාලප්පනා ලාලප්පිතත්තං, අයං වුච්චති පරිදෙවො.
Sinhala BJTඑහි ‘පරිදේව’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙක් හෝ පහස්නා ලද්දාහුගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ ශිලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දාහුගේ අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුක් හේතුවෙකින් පහස්නා ලද්දාහුගේ යම් නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬනා අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා ලපනයෙක් ලපනාකාරයෙක් ලාලප්පිත බවෙක් වේ ද මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛං: යං කායිකං අසාතං, කායිකං දුක්ඛං, කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දුක්ඛං.
Sinhala BJTඑහි ‘දුක්ඛ’ කවරෙ යත්: කායික වූ යම් නොමිහිරෙක් කායික වූ දුකෙක් කායස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදයිතයෙක් කායස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද මේ ‘දුකැ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං, චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සං.
Sinhala BJTඑහි ‘දොම්නස’ කවරෙ යත්: චෛතසික වූ යම් නොමිහිරෙක් චෛතසික වු දුකෙක් චිත්තස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදයිතයෙක් චිත්තස්පර්‍ශයෙහි උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද මේ ‘දොම්නසැ’යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො උපායාසො: යො ඤාතිබ්යසනෙන වා ඵුට්ඨස්ස භොගබ්යසනෙන වා ඵුට්ඨස්ස රොගබ්යසනෙන වා ඵුට්ඨස්ස සීලබ්යසනෙන වා ඵුට්ඨස්ස දිට්ඨිබ්යසනෙන වා ඵුට්ඨස්ස අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො{1} ආයාසිතත්තං උපායාසිතත්තං. අයං වුච්චති උපායාසො.
Sinhala BJTඑහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ භෝගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ ශීලව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ දෘෂ්ටිව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දහුගේ අන්‍යතරාන්‍යතර ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුක් හේතුවෙකින් පහස්නා ලද්දහුගේ යම් ආයාසයෙක් දැඩි ආයාසයෙක් ආයාසිත බවෙක් උපායාසිත බවෙක් වේ ද මේ ‘උපායාස’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො අප්පියෙහි සම්පයොගො දුක්ඛො: ඉධ යාස්ස{2} තෙ හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා, යෙ වා පනස්ස තෙ හොන්ති අනත්ථකාමා අහිතකාමා අඵාසුකාමා අයොගක්ඛෙමකාමා, යා තෙහි{3} සඞ්ගති සමාගමො සමොධානං මිස්සීභාවො, අයං වුච්චති අප්පියෙහි සම්පයොගො දුක්ඛො.
Sinhala BJTඑහි ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛ’ කවරෙ යත්: මෙලොවැ යම් අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ රූප ශබ්ද ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, තවද යම් අවැඩ කැමැති වූ අහිත කැමැති වූ නොසුව කැමැති වූ අයෝගක්‍ෂේම කැමැති වූ සත්ත්‍ව කෙනෙක් හෝ වෙත් ද ඔවුන් සමග යම් සඞ්ගතියෙක් (එක් වීමෙක්) සමාගමයෙක් සමවධානයෙක් මිශ්‍රීභාවයෙක් (මුසු වීමෙක්) වේ ද මේ ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛ’යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමො පියෙහි විප්පයොගො දුක්ඛො: ඉධ යාස්ස{2} තෙ හොන්ති, ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා, යෙ වා පනස්ස තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනීවා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා{4} යා තෙහි{3} අසඞ්ගති අසමාගමො අසමොධානං අමිස්සීභාවො, අයං වුච්චති පියෙහි විප්පයොගො දුකෙඛා.
Sinhala BJTඑහි ‘ප්‍රියවිප්‍රයොගදුඃඛ’ කවරෙ යත්: මෙලො වැ යම් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රූප ශබ්ද ගන්‍ධ රස ස්පෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, තවද මවු හෝ පියා හෝ බෑයා හෝ බූන හෝ මිත්‍රයෝ හෝ යහළුවෝ හෝ නෑසහලේනෑයෝ හෝ වැඩ කැමැති වූ හිත කැමැති වූ සුව කැමැති වූ යම් කෙනෙක් වෙත් ද ඔවුන් සමග යම් නො එක්වීමෙක් අසමාගමයෙක් අසහභාවයෙක් අමිශ්‍රීභාවයෙක් වේ ද මේ ‘ප්‍රියවිප්‍රයොගදුඃඛ’ යි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමං යම්පිච්ඡං න ලභති දුක්ඛං: ජාතිධම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: ‘අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්යා’ති, න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. ජරාධම්මානං සත්තානං -පෙ- ව්යාධිධම්මානං සත්තානං -පෙ- මරණධම්මානං සත්තානං -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: ‘අහොවත මයං න සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාම, න ච වත නො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා ආගච්ඡෙය්යු’න්ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTඑහි යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක යැ යනු කවරෙ යත්: ජාතිය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට මෙබඳු තෘෂ්ණාවක් උපදි: ‘ඇපි ජාතිය ස්වභාව කොට ඇතියමෝ නො වන්නමෝ නම් එකැතින් අපට ජාතිය නො ද පැමිණේ නම් ඉතා යෙහෙකැ’යි. එතෙකුදු වත් තෙල ඉච්ඡායෙන් නො ලැබියහැකි වෙයි. මෙ ද ‘යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක’ නම් වෙයි. ජරාව ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... මරණය ස්වභාව කොට ඇති සත්ත්‍වයනට ... සෝකපරිදේවදුක්ඛදෝමනස්ස - උපායාසයන් ස්වභාව කොට සත්ත්‍වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදී: ‘ඇපි සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාස ස්වභාව කොට ඇතියමෝ නො වන්නමෝ නම් අපට සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නො ද පැමිණෙන්නාහු නම් ඉතායෙහෙකැ’යි. එතෙකුදු වත් තෙල ඉච්ඡායෙන් නො ලැබියහැකි වෙයි. මේද යමක් ඉස්නේ නො ලබා නම් හෙ ද දුක’ නම් වෙයි.
Pali BJTතත්ථ කතමෙ{1}. සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා: සෙය්යථීදං{2} රූපූපාදානක්ඛන්ධො වෙදනූපාදානක්ඛන්ධො සඤ්ඤූපාදානක්ඛන්ධො සඞ්ඛාරූපාදානක්ඛන්ධො විඤ්ඤාණුපාදානක්ඛන්ධො, ඉමෙ වුච්චන්ති සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධො දුක්ඛා. ඉදං වුච්චති දුක්ඛං අරියසච්චං.
Sinhala BJTඑහි ‘සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධදුඃඛයෝ කවරහ යත්: හෙ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. මොහු ‘සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ’ යැ යි කියනු ලැබෙත්. මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ යි කියනු ලැබේ.
Pali BJTදුක්ඛසච්චනිද්දෙසො.
Sinhala BJTදුක්ඛසච්චනිද්දේස යි.
Pali BJTතත්ථ කතමං දුක්ඛසමුදයො{3} අරියසච්චං:
Sinhala BJTඑහි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්:
Pali BJTයායං තණ්හා පොනොභවිකා{4} නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථීදං:{2} කාමතණ්හා විභවතණ්හා. සා ඛො පනෙසා තණ්හා කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති, කත්ථ නිවිසමානා නිවිසති: යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTපුනර්‍භවය ඇතිකරන්නා වූ නන්‍දිරාගය හා එක් වැ යෙදුණු ඒ ඒ භවයෙහි ඇලෙනසුලු වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. ඒ තෘෂ්ණාව උපදනී නම් කොතන්හි උපදී ද පිහිටාසිටින්නී කොතන්හි පිහිටාසිටී ද යත්: ලොවැ යම් ප්‍රියස්වභාවයෙක් මධුරස්වභාවයෙක් වේ ද තෙල ප්‍රියමධුරස්වභාවයෙහි උපදනා වූ, ඒ තෘෂ්ණාව උපදි. පවත්නී වූ ඒ තෘෂ්ණාව තෙල ප්‍රියමධුරස්වභාවයෙහි පවත්නී ය.
Pali BJTකිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං: චක්ඛුං{5} ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
Sinhala BJTලෝකයෙහි ප්‍රියස්වභාවය මධුරස්වභාවය කිමැ යත්: ලොවැ චක්‍ෂුස ප්‍රියස්වභාව යැ මධුරස්වභාව යි. ඒ තෘෂ්ණාව උපදනී තෙල චක්‍ෂුසෙහි උපදී. පවත්නී තෙල චක්‍ෂුසෙහි පවතී. ලොවැ ශ්‍රෝත්‍රය ... ලොවැ ඝ්‍රාණය ... ලොවැ ජීහ්වාව ... ලොවැ මනස ප්‍රියරූප යැ සාතරූප යි. ඒ තෘෂ්ණාව උපදනී තෙල මනසෙහි උපදී. පවත්නී තෙල මනසෙහි පවතී.
Pali BJTරූපං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති, සද්දා ලොකෙ -පෙ- ධම්මා ලොකෙ -පෙ- චක්ඛුවිඤ්ඤාණං ලොකෙ -පෙ- මනොවිඤ්ඤාණං ලොකෙ -පෙ- චක්ඛුසම්ඵස්සො ලොකෙ -පෙ- මනොසම්ඵස්සො ලොකෙ -පෙ- චක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ -පෙ- රූපසඤ්ඤා ලොකෙ -පෙ- ධම්මසඤ්ඤා ලොකෙ -පෙ- රූපසඤ්චෙතනා ලොකෙ -පෙ- ධම්මසඤ්චෙතනා ලොකෙ -පෙ- රූපතණ්හා ලොකෙ -පෙ- ධම්මතණ්හා ලොකෙ -පෙ- රූපවිතක්කො ලොකෙ -පෙ- ධම්මවිතක්කො ලොකෙ -පෙ- රූපවිචාරො ලොකෙ -පෙ- ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති, ඉදං වුච්චති දුක්ඛසමුදයො{3} අරියසච්චං.
Sinhala BJTලෝකයෙහි රූපය ප්‍රියරූප යැ සාතරූපයි. ඒ තෘෂ්ණාව උපදනී තෙල රූපයෙහි උපදී. පවත්නී තෙල රූපයෙහි පවතී. ලොවැ ශබ්දයෝ ... ලොවැ ධර්‍මයෝ ... ලොවැ චක්‍ෂුර්විඥානය ... ලොවැ මනෝවිඥානය … ලොවැ චක්‍ෂුඃස්පර්‍ශය ... ලොවැ මනඃස්පර්‍ශය … ලොවැ චක්‍ෂුඃස්පර්‍ශයෙන් උපන් වේදනාව ... ලොවැ මනඃස්පර්‍ශයෙන් උපන් වේදනාව ... ලොවැ රූප සංඥාව ... ලොවැ ධර්‍මසංඥාව ... ලොවැ රූපසඤ්චේතනාව ... ලොවැ ධර්‍මසඤ්චේතනාව ... ලොවැ රූපතෘෂ්ණාව ... ලොවැ ධර්‍මතෘෂ්ණාව ... ලොවැ රූපවිතර්‍කය ... ලොවැ ධර්‍මවිතර්‍කය ... ලොවැ රූපවිචාරය ... ලොවැ ධර්‍මවිචාරය ප්‍රියරූප යැ සාතරූප යි. උපදනා වූ ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි උපදී. බැසසිටුනා ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි පවතී. මේ ‘දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ’යි කියනු ලැබේ.
Pali BJTසමුදයසච්චනිද්දෙසො.
Sinhala BJTසමුදයසච්චනිද්දේස යි.
Pali BJTතත්ථ කතමං දුක්ඛනිරොධො{6} අරියසච්චං:
Sinhala BJTඑහි ‘දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය’ කවරෙ යත්:
Pali BJTයො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, සා ඛො පනෙසා තණ්හා කත්ථ පහීයමානා{7} පහීයති, කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති: යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
Sinhala BJTඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂ කොට මාර්‍ගයෙන් නිරුද්ධ කිරීමෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් නො ඇලීමෙක් වේ ද එය යි. යළි ප්‍රහීණ වන්නා වු ඒ තෘෂ්ණාව කොහි ප්‍රහීණ වේ ද නිරුද්ධ වන්නී කොහි නිරුද්ධ වේ ද යත්. ලොවැ යත් යම් ප්‍රිය ස්වභාවයෙක් මධුරස්වභාවයෙක් වේ ද ප්‍රහීණ වන මේ තෘෂ්ණාව තෙල ප්‍රියමධුරස්වභාවයෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල ප්‍රියමධුරස්වභාවයෙහි නිරුද්ධ වෙයි.
Pali BJTකිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං: චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති -පෙ- ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. ඉදං වුච්චති දුක්ඛ නිරොධො අරියසච්චං.
Sinhala BJTලොවැ ප්‍රියස්වභාවය මධුරස්වභාවය කිමැ යත්: ලොවැ චක්‍ෂුස ප්‍රියරූප යැ සාතරූප යි. මේ තෘෂ්ණාව ප්‍රහීණ වන්නී තෙල චක්‍ෂුසෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල චක්‍ෂුසෙහි නිරුද්ධ වේ ... ලොවැ ධර්‍මවිචාරය ප්‍රියරූප යැ සාතරූප යි. ප්‍රහීණ වන ඒ තෘෂ්ණාව තෙල ධර්‍මවිචාරයෙහි ප්‍රහීණ වෙයි. නිරුද්ධ වන්නී තෙල ධර්‍මවිචාරයෙහි නිරුද්ධ වේ. මේ ‘දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය’ යැ යි කියනු ලැබේ.
Pali BJTනිරොධසච්චනිද්දෙසො.
Sinhala BJTනිරොධසච්චනිද්දෙස යි.
Pali BJTතත්ථ කතමං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං:
Sinhala BJTඑහි ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය’ කවරෙ යත්:
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJTමේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යග්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යක්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි.
Pali BJTතත්ථ කතමා සම්මාදිට්ඨි: දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති සම්මාදිට්ඨි.
Sinhala BJTඑහි ‘සම්‍යග්දෘෂ්ටි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන යැ දුඃඛනිරෝධයෙහි ඥාන යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි.
Pali BJTතත්ථ කතමො සම්මාසඞ්කප්පො: නෙක්ඛම්මසඞ්කප්පො, අව්යාපාදසඞ්කප්පො, අවිහිංසාසඞ්කප්පො අයං වුච්චති සම්මාසඞ්කප්පො.
Sinhala BJTඑහි ‘සම්‍යක්සංකල්ප’ කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප වැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසා සංකල්ප යි. මේ ‘සම්‍යක්සංකල්ප’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ කතමා සම්මාවාචා: මුසාවාදා වෙරමණී, පිසුනාවාචා වෙරමණී, ඵරුසාවාචා වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අයං වුච්චති සම්මාවාචා.
Sinhala BJTඑහි ‘සම්‍යග්වාචා’ කවර යත්: මෘෂාවාදයෙන් වෙන්වීම යැ පිසුනු වචනයෙන් වෙන්වීම යැ පරුෂවචනයෙන් වෙන්වීම යැ ප්‍රලාප බසින් වෙන්වීම යි. මේ ‘සම්‍යග්වචන’ යයි කියනු ලැබේ.