Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං අභිඤ්ඤෙය්යං, කොසජ්ජෙ අකම්පියට්ඨෙන විරියබලං අභිඤ්ඤෙය්යං, පමාදෙ අකම්පියට්ඨෙන සතිබලං අභිඤ්ඤෙය්යං, උද්ධච්චෙ අකම්පියට්ඨෙන සමාධිබලං අභිඤ්ඤෙය්යං, අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං අභිඤ්ඤෙය්යං.
Sinhala BJTඅශ්‍රද්ධායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය දතයුතු යැ. කුසීත බැව්හි නො සැලෙන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබලය දතයුතු යැ. ප්‍රමාදයෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබලය දතයුතු යැ. උද්ධත බැව්හි නො සැලෙන අර්‍ත්‍ථයෙන් සමාධිබලය දතයුතු යැ. අවිද්‍යායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය දතයුතු.
Pali BJTඋපට්ඨානට්ඨෙන සතිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤෙය්යො, පවිචයට්ඨෙන ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤෙය්යො, පග්ගහට්ඨෙන විරියසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤෙය්යො, ඵරණට්ඨෙන පීතිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤෙය්යො, උපසමට්ඨෙන පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤෙය්යො, අවික්ඛෙපට්ඨෙන සමාධිසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤෙය්යො, පටිසඞ්ඛානට්ඨෙන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො අභිඤ්ඤෙය්යො.
Sinhala BJTඅපිලාපනාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය දතයුතු යැ. විමසීම් අර්‍ත්‍ථයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. පැතිරීම් අර්‍ත්‍ථයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. සන්හිඳීම් අර්‍ත්‍ථයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. නො විසිරීම් අර්‍ත්‍ථයෙන් සමාධිසම්බෝධ්‍යඞ්ගය දතයුතු යැ. අනිත්‍යාදි විසින් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් අර්‍ත්‍ථයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය දතයුතු.
Pali BJTදස්සනට්ඨෙන සම්මාදිට්ඨි අභිඤ්ඤෙය්යා, අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො අභිඤ්ඤෙය්යො, පරිග්ගහට්ඨෙන සම්මාවාචා අභිඤ්ඤෙය්යා, සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො අභිඤ්ඤෙය්යො, වොදානට්ඨෙන සම්මාආජීවො අභිඤ්ඤෙය්යො, පග්ගහට්ඨෙන සම්මාවායාමො අභිඤ්ඤෙය්යො, උපට්ඨානට්ඨෙන සම්මාසති අභිඤ්ඤෙය්යා. අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි අභිඤ්ඤෙය්යො.
Sinhala BJT(සත්‍ය) දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය දතයුතු යැ. අරමුණට නැඟිම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය දතයුතු යැ. (සතර වාක්සංවර) පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය දතයුතු යැ. (ත්‍රිවිධ කායසංවර) සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය දතයුතු යැ. පරිශුද්ධාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය දතයුතු යැ. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය දතයුතු යැ. අරමුණෙහි බැසගැනීම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය දතයුතු යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය දතයුතු.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියා අභිඤ්ඤෙය්යා, අකම්පියට්ඨෙන බලා අභිඤ්ඤෙය්යා, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගා අභිඤ්ඤෙය්යා, හෙතුට්ඨෙන මග්ගො අභිඤ්ඤෙය්යො, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා අභිඤ්ඤෙය්යා, පදහනට්ඨෙන සම්මප්පධානා අභිඤ්ඤෙය්යා, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදා අභිඤ්ඤෙය්යා, තථට්ඨෙන සච්චා අභිඤ්ඤෙය්යා.
Sinhala BJTආධිපත්‍යාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියෝ දතයුත්තාහ. අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලයෝ දතයුත්තාහ. නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගයෝ දතයුත්තාහ. හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය දතයුතු යැ. අපිලාපනාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ දතයුත්තාහ. උත්සාහ කිරීම් අර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානයෝ දතයුත්තාහ. නිෂ්පත්ත්‍යර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදයෝ දතයුත්තාහ. යථාස්වාභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දතයුත්තාහ.
Pali BJTඅවික්ඛෙපට්ඨෙන සමථො අභිඤ්ඤෙය්යො, අනුපස්සනට්ඨෙන විපස්සනා අභිඤ්ඤෙය්යා, එකරසට්ඨෙන සමථවිපස්සනා අභිඤ්ඤෙය්යා, අනතිවත්තනට්ඨෙන යුගන්ධං{1} අභිඤ්ඤෙය්යං.
Sinhala BJTඅවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය දතයුතු යැ. (අනිත්‍යාදිවශයෙන්) පුනපුනා බැලීම් අර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව දතයුතු යැ. (විමුක්තිරසයෙන්) ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාව දතයුතු යැ. නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් (ශමථ විදර්‍ශනාවන්ගේ) යුගනන්‍ධය දතයුතු.
Pali BJTසංවරට්ඨෙන සීලවිසුද්ධි අභිඤ්ඤෙය්යා, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි අභිඤ්ඤෙය්යා, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි අභිඤ්ඤෙය්යා, මුත්තට්ඨෙන විමොක්ඛො අභිඤ්ඤෙය්යො, පටිවෙධට්ඨෙන විජ්ජා අභිඤ්ඤෙය්යා, පරිච්චාගට්ඨෙන විමුත්ති අභිඤ්ඤෙය්යා, සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං අභිඤ්ඤෙය්යං, පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං අභිඤ්ඤෙය්යං.
Sinhala BJTසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය දතයුතු යැ. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය දතයුතු යැ. මිදීම් අර්‍ත්‍ථයෙන් (තදඞ්ග) විමෝක්‍ෂය දතයුතු යැ. ජානනාර්‍ත්‍ථයෙන් විද්‍යාව දතයුතු යැ. පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් ඵලවිමුක්තිය දතයුතු යැ. සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂය (මාර්‍ග ඥානය) දතයුතු යැ. ප්‍රතිප්‍රශ්‍රබ්ර්‍-අර්‍ත්‍ථයෙන් අනුත්පාද (ඵල ඥානය) දතයුතු යැ.
Pali BJTඡන්දො මූලට්ඨෙන අභිඤ්ඤෙය්යො, මනසිකාරො සමුට්ඨානට්ඨෙන අභිඤ්ඤෙය්යො, ඵස්සො සමොධානට්ඨෙන අභිඤ්ඤෙය්යො, වෙදනා සමොසරණට්ඨෙන අභිඤ්ඤෙය්යා, සමාධි පමුඛට්ඨෙන අභිඤ්ඤෙය්යො, සති ආධිපතෙයට්ඨෙන අභිඤ්ඤෙය්යා, පඤ්ඤා තදුත්තරට්ඨෙන{2} අභිඤ්ඤෙය්යා, විමුත්ති සාරට්ඨෙන අභිඤ්ඤෙය්යා, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන අභිඤ්ඤෙය්යං.
Sinhala BJT(කර්තුකාම්‍යතා) ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. (යෝනිසෝ) මනස්කාරය (කුසල් දහම් නඟන බැවින්) සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. වේදනාව සමෝසරණ (රැස්වීම්) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ. සමාධිය ප්‍රමුඛාඅර්‍ත්‍ථයෙන් දතයුතු යැ. ස්මෘතිය අධිපතිභාවාඅර්‍ත්‍ථයෙන් දත යුතු යැ. (මාර්‍ග) ප්‍රඥාව තදුත්තර (ශ්‍රේෂ්ඨ) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ. (ඵල) විමුක්තිය (ස්ථිර බැවින්) සාරාර්‍ත්‍ථයෙන් දතයුතු යැ. අමෘතයට ප්‍රතිෂ්ඨාභූත නිර්‍වාණය පර්‍ය්‍යවසාන (නිෂ්ඨා) අර්‍ත්‍ථයෙන් දතයුතු යැ.
Pali BJTයෙ යෙ ධම්මා අභිඤ්ඤාතා හොන්ති, තෙ තෙ ධම්මා ඤාතා හොන්ති, තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති: “ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”න්ති.
Sinhala BJTයම් යම් ධර්‍ම කෙනෙක් අභිමුඛ කොට දන්නා ලද වෙත් ද ඒ ඒ ධර්‍මයෝ ඥාතයෝ වෙති. ඒ ධර්‍මයන් දන්නා අර්‍ත්‍ථයෙන් ඥාන වෙයි. ප්‍රකාරයෙන් (දන්නා අර්‍ත්‍ථයෙන්) ප්‍රඥා වේ. එයින් කියනු ලැබෙයි: ‘ඉමේ ධම්මා අභිඤ්ඤෙය්‍යාති සෝතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං’යි.
Pali BJTඅභිඤ්ඤෙය්යනිද්දෙසො.
Sinhala BJTඅභිඥෙය නිර්දේශ යි.
Pali BJTදුතියක භාණවාරං.
Sinhala BJTදෙවැනි බණවර යි.
Pali BJT(1)
Sinhala BJT(1)
Pali BJTකථං ‘ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් ‘මේ ධර්‍මයෝ පිරිසිඳ දතයුත්තාහ’ යන දේශනාව සෝතාවධාන (ශ්‍රැත) ය වෙයි, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
Pali BJTඑකො ධම්මා පරිඤ්ඤෙය්යො: ඵස්සො සාසවො උපාදානියො.
Sinhala BJTඑක් ධර්‍මයෙක් පිරිසිඳ දතයුතු වෙයි: සාස්‍රව වූ උපාදානයන්ට හිත වූ ස්පර්‍ශය යි.
Pali BJTද්වෙ ධම්මා පරිඤ්ඤෙය්යා: නාමඤ්ච රූපඤ්ච.
Sinhala BJTධර්‍මයෝ දෙදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: නාමරූපයෝ යි.
Pali BJTතයො ධම්මා පරිඤ්ඤෙය්යා: තිස්සො වෙදනා
Sinhala BJTධර්‍මයෝ තිදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: තුන වේදනාවෝ යි.
Pali BJTචත්තාරො ධම්මා පරිඤ්ඤෙය්යා: චත්තාරො ආහාරා
Sinhala BJTධර්‍මයෝ සතර දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: සතර ආහාරයෝ යි.
Pali BJTපඤ්ච ධම්මා පරිඤ්ඤෙය්යා: පඤ්චුපාදානක්ඛන්ධා.
Sinhala BJTධර්‍මයෝ පස්දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: පඤ්චෝපාදානස්කන්‍ධයෝ යි.
Pali BJTඡ ධම්මා පරිඤ්ඤෙය්යා: ඡ අජ්ඣත්තිකානි ආයතනානි.
Sinhala BJTධර්‍මයෝ සදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: අධ්‍යාත්මික ෂඩායතනයෝ යි.
Pali BJTසත්ත ධම්මා පරිඤ්ඤෙය්යා: සත්ත විඤ්ඤාණට්ඨිතියො.
Sinhala BJTධර්‍මයෝ සත්දෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: සප්තවිඥානස්ථීතීහු යි.
Pali BJTඅට්ඨ ධම්මා පරිඤ්ඤෙය්යා: අට්ඨ ලොක ධම්මා.
Sinhala BJTධර්‍මයෝ අටදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: අෂ්ටලෝකධර්‍මයෝ යි.
Pali BJTනව ධම්මා පරිඤ්ඤෙය්යා: නව සත්තාවාසා.
Sinhala BJTධර්‍මයෝ නවදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: නවසත්ත්‍වාවාසයෝ යි.
Pali BJTදස ධම්මා පරිඤ්ඤෙය්යා: දසායතනානි.
Sinhala BJTධර්‍මයෝ දසදෙනෙක් පිරිසිඳ දතයුතු වෙති: දස ආයතනයෝ යි.
Pali BJT(2)
Sinhala BJT(2)
Pali BJTසබ්බං භික්ඛවෙ, පරිඤ්ඤෙය්යං, කිඤ්ච භික්ඛවෙ, සබ්බං පරිඤ්ඤෙය්යං.
Sinhala BJTමහණෙනි, සියල්ල පිරිසිඳ දතයුතුයැ. මහණෙනි, පිරිසිඳ දතයුතු සියල්ල කවර යත්:
Pali BJTචක්ඛුං{1} භික්ඛවෙ, පරිඤ්ඤෙය්යං, රූපා පරිඤ්ඤෙය්යා, චක්ඛුවිඤ්ඤාණං පරිඤ්ඤෙය්යං, චක්ඛුසම්ඵස්සො පරිඤ්ඤෙය්යො, යම්පිදං{2} චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි පරිඤ්ඤෙය්යං.
Sinhala BJTමහණෙනි, චක්‍ෂුස පිරිසිඳ දතයුතු යැ. රූපයෝ පිරිසිඳ දතයුත්තාහ. චක්‍ෂුර්විඥානය පිරිසිඳ දතයුතු යැ. චක්ඛුසම්ඵස්සය පිරිසිඳ දතයුතු යැ. චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද පිරිසිඳ දතයුතු යැ.
Pali BJTසොතං පරිඤ්ඤෙය්යං, සද්දා පරිඤ්ඤෙය්යා -පෙ- ඝානං පරිඤ්ඤෙය්යං, ගන්ධා පරිඤ්ඤෙය්යා -පෙ- ජිව්හා පරිඤ්ඤෙය්යා, රසා පරිඤ්ඤෙය්යා -පෙ- කායො පරිඤ්ඤෙය්යො, ඵොට්ඨබ්බො පරිඤ්ඤෙය්යො -පෙ- මනො පරිඤ්ඤෙය්යො, ධම්මා පරිඤ්ඤෙය්යා, මනොවිඤ්ඤාණං පරිඤ්ඤෙය්යං, මනොසම්ඵස්සො පරිඤ්ඤෙය්යො, යම්පිදං{2} මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි පරිඤ්ඤෙය්යං.{a}
Sinhala BJTශ්‍රෝත්‍රය පිරිසිඳ දතයුතු යැ. ශබ්දයෝ පිරිසිඳ දතයුත්තාහ ... ඝ්‍රාණය පිරිසිඳ දතයුතු යැ. ගන්‍ධයෝ පිරිසිඳ දත්යුත්තාහ ... ජිහ්වාව පිරිසිඳ දතයුතු යැ. රසයෝ පිරිසිඳ දතයුත්තාහ ... කය පිරිසිඳ දතයුතු යැ. ස්ප්‍රෂ්ටව්‍ය පිරිසිඳ දතයුතු යැ. ... මනස පිරිසිඳ දතයුතු යැ. ධර්‍මයෝ පිරිසිඳ දතයුත්තාහ. මනෝවිඥානය පිරිසිඳ දතයුතු යැ. මනෝසම්ඵස්සය පිරිසිඳ දතයුතු යැ. මනෝසම්ඵස්සය ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම්, එ ද පිරිසිඳ දතයුතු.
Pali BJTරූපං පරිඤ්ඤෙය්යං, වෙදනා පරිඤ්ඤෙය්යා, සඤ්ඤා පරිඤ්ඤෙය්යා, සඞ්ඛාරා පරිඤ්ඤෙය්යා, විඤ්ඤාණං පරිඤ්ඤෙය්යං, චක්ඛුං{1} පරිඤ්ඤෙය්යං -පෙ- ජරාමරණං පරිඤ්ඤෙය්යං -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන පරිඤ්ඤෙය්යං -පෙ-
Sinhala BJTරූපය පිරිසිඳ දතයුතු යැ. වේදනාව පිරිසිඳ දතයුතු යැ. සංඥාව පිරිසිඳ දතයුතු යැ. සංස්කාරයෝ පිරිසිඳ දතයුත්තාහ. විඥානය පිරිසිඳ දතයුතු යැ. චක්‍ෂුස ... ජරාමරණය ... අමෘතයට ප්‍රතිෂ්ඨා වූ නිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් පිරිසිඳ දතයුතු යැ.
Pali BJTයෙසං යෙසං ධම්මානං පටිලාභත්ථාය වායමන්තස්ස තෙ තෙ ධම්මා පටිලද්ධා හොන්ති. එවං තෙ ධම්මා පරිඤ්ඤාතා චෙව හොන්ති තීරිතා ච.
Sinhala BJTයම් යම් ධර්‍ම කෙනකුන් ප්‍රතිලාභය සඳහා වෑයම් කරන්නහු විසින් ඒ ඒ ධර්‍මයෝ ලබන ලද්දාහු වෙත් ද, මෙසේ ඒ ධර්‍මයෝ පිරිසිඳ දත්තාහු ද තීරණය කරන ලද්දාහු ද වෙත්.
Pali BJTනෙක්ඛම්මං පටිලාභත්ථාය වායමන්තස්ස නෙක්ඛම්මං පටිලද්ධං හොති. එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් නෛෂ්ක්‍රම්‍යය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅබ්යාපාදං පටිලාභත්ථාය වායමන්තස්ස අබ්යාපාදො පටිලද්ධො හොති එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅව්‍යාපාදය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් අව්‍යාපාදය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTආලොකසඤ්ඤං පටිලාභත්ථාය වායමන්තස්ස ආලොකසඤ්ඤා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTආලෝකසංඥාව ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ආලෝක සංඥාව ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅවික්ඛෙපං පටිලාභත්ථාය වායමන්තස්ස අවික්ඛෙපො පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅවික්‍ෂේපය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් අවික්‍ෂේපය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTධම්මවවත්ථානං පටිලාභත්ථාය වායමන්තස්ස ධම්මවවත්ථානං පටිලද්ධං හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTධම්මවවත්‍ථාන (විචිකිත්සා ප්‍රතිපක්‍ෂඥාන) ය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ධම්මවවත්‍ථානය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඤාණං පටිලාභත්ථාය වායමන්තස්ස ඤාණං පටිලද්ධං හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJT(අවිද්‍යා ප්‍රතිපක්‍ෂ) ඥානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ඥානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTපාමොජ්ජං{1}, පටිලාභත්ථාය වායමන්තස්ස පාමොජ්ජං පටිලද්ධං හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTප්‍රාමෝද්‍ය (අරතිප්‍රතිපක්‍ෂප්‍රීති) ය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ප්‍රාමෝද්‍යය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTපඨමං ඣානං{2} පටිලාභත්ථාය වායමන්තස්ස පඨමං ඣානං{2} පටිලද්ධං හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTප්‍රථමධ්‍යානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ප්‍රථමධ්‍යානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTදුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං පටිලාභත්ථාය වායමන්තස්ස චතුත්ථං ඣානං පටිලද්ධං හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් චතුර්‍ත්‍ථධ්‍යානය ලද්දේ ද වෙයි. මෙසේ ඒ ධර්‍මය පිරිසිඳ දන්නා ලද්දේ ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTආකාසානඤ්චායතනසමාපත්තිං පටිලාභත්ථාය වායමන්තස්ස ආකාසානඤ්චායතනසමාපත්ති පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTආකාසානඤ්චායතනසමාපත්තිය ප්‍රතිලාභය පිණිස වෑයම් කරන්නහු විසින් ආකාසානඤ්චායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTවිඤ්ඤාණඤ්චායතනසමාපත්තිං පටිලාභත්ථාය වායමන්තස්ස විඤ්ඤාණඤ්චායතනසමාපත්ති පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය වායමන්තස්ස ආකිඤ්චඤ්චායතනසමාපත්ති පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTනෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය වායමන්තස්ස නෙවසඤ්ඤානාඤ්ඤායතනසමාපත්ති පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTනෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅනිච්චානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස අනිච්චානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅනිච්චානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනිච්චානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTදුක්ඛානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස දුක්ඛානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTදුක්ඛානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් දුක්ඛානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅනත්තානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස අනත්තානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅනත්තානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනත්තානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTනිබ්බිදානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස නිබ්බිදානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTනිබ්බිදානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නිබ්බිදානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTවිරාගානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස විරාගානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTවිරාගානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විරාගානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTනිරොධානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස නිරොධානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTනිරෝධානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් නිරෝධානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTපටිනිස්සග්ගානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස පටිනිස්සග්ගානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTපටිනිස්සග්ගානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් පටිනිස්සග්ගානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඛයානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස ඛයානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඛයානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ඛයානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTවයානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස වයානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTවයානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් වයානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTවිපරිණාමානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස විපරිණාමානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTවිපරිණාමානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විපරිණාමානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅනිමිත්තානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස අනිමිත්තානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅනිමිත්තානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනිමිත්තානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅප්පණිහිතානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස අප්පණිහිතානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅප්පණිහිතානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අපප්ණිහිතානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTසුඤ්ඤතානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස සුඤ්ඤතානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTසුඤ්ඤතානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සුඤ්ඤතානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅධිපඤ්ඤාධම්මවිපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස අධිපඤ්ඤාධම්මවිපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅධිපඤ්ඤාධම්මවිපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අධිපඤ්ඤාධම්මවිපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTයථාභූතඤාණදස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස යථාභූතඤාණදස්සනං පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTයථාභූතඥානදර්‍ශනය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් යථාභූතඥානදර්‍ශනය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTආදීනවානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස ආදීනවානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTආදීනවානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ආදීනවානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTපටිසඞ්ඛානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස පටිසඞ්ඛානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTපටිසඞ්ඛානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් පටිසඞ්ඛානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTවිවට්ටානුපස්සනං පටිලාභත්ථාය වායමන්තස්ස විවට්ටානුපස්සනා පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTවිවට්ටානුපස්සනාව ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් විවට්ටානුපස්සනාව ලද්දී වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTසොතාපත්තිමග්ගං පටිලාභත්ථාය වායමන්තස්ස සොතාපත්තිමග්ගො පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTසකදාගාමිමග්ගං පටිලාභත්ථාය වායමන්තස්ස සකදාගාමිමග්ගො පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTසකෘදගාමීමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් සකෘදගාමීමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅනාගාමිමග්ගං පටිලාභත්ථාය වායමන්තස්ස අනාගාමිමග්ගො පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅනාගාමීමාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අනාගාමීමාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTඅරහත්තමග්ගං පටිලාභත්ථාය වායමන්තස්ස අරහත්තමග්ගො පටිලද්ධා හොති, එවං සො ධම්මො පරිඤ්ඤාතො චෙව හොති තීරිතො ච.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගය ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් අර්‍හන්මාර්‍ගය ලද්දේ වෙයි. මෙසේ ඒ ධර්‍මය පරිඥාත ද තීරණය කරන ලද්දේ ද වේ.
Pali BJTයෙසං යෙසං ධම්මානං පටිලාභත්ථාය වායමන්තස්ස තෙ තෙ ධම්මා පටිලද්ධා හොන්ති, එවං තෙ ධම්මා පරිඤ්ඤාතා චෙව හොන්ති තීරිතා ච. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා තෙන වුච්චති “ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යා’ති සොතාවධානං, තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණ”න්ති.
Sinhala BJTයම් යම් ධර්‍මයන් ලබනු පිණිස වෑයම් කරන්නහු විසින් ඒ ඒ ධර්‍මයෝ ලද්දාහු වෙති, මෙසේ ඒ ධර්‍මයෝ පරිඥාත ද තීරණය කරන ලද්දාහු ද වෙත්. ඒ දන්නා අර්‍ත්‍ථයෙන් ඥාන වෙයි. ප්‍රකාරයෙන් දන්නා අර්‍ත්‍ථයෙන් ප්‍රඥා වේ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්‍යා’ති සෝතාවධානං, තං පජානනාපඤ්ඤා සුතමයෙ ඤාණං”යී
Pali BJTපරිඤ්ඤෙය්යනිද්දෙසො.
Sinhala BJTපරිඥේය නිර්දේශ යි.
Pali BJT(3)
Sinhala BJT(3)
Pali BJTකථං ‘ඉමෙ ධම්මා පහාතබ්බා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ යන දේශනාව සෝතාවධාන වේ ද, එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමය ඥාන වේ ද යත්:
Pali BJTඑකො ධම්මො පහාතබ්බො: අස්මිමානො.
Sinhala BJTඑක් ධර්‍මයෙක් ප්‍රහාතව්‍ය වෙයි: අස්මිමාන යි.
Pali BJTද්වෙ ධම්මො පහාතබ්බො: අවිජ්ජා ච භවතණ්හා ච
Sinhala BJTධර්‍මයෝ දෙදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: අවිද්‍යා ද භවතෘෂ්ණාව ද යන දෙක යි.
Pali BJTතයො ධම්මා පහාතබ්බා: තිස්සො තණ්හා.
Sinhala BJTධර්‍මයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: ත්‍රිවිධ තෘෂ්ණාව යි.
Pali BJTචත්තාරො ධම්මා පහාතබ්බා: චත්තාරො ඔගා.
Sinhala BJTධර්‍මයෝ සතරදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: චතුරෝඝයෝ යි .
Pali BJTපඤ්ච ධම්මා පහාතබ්බා: පඤ්ච නීවරණානි.
Sinhala BJTධර්‍මයෝ පස්දෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: පඤ්චනීවරණයෝ යි.
Pali BJTඡ ධම්මා පහාතබ්බා: ඡ තණ්හාකායා.
Sinhala BJTධර්‍මයෝ සදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: ෂට්තෘෂ්ණාකායයෝ යි.
Pali BJTසත්තධම්මා පහාතබ්බා: සත්තානුසයා,
Sinhala BJTධර්‍මයෝ සත්දෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: සප්තඅනුශයධර්‍මයෝ යි.
Pali BJTඅට්ඨ ධම්මා පහාතබ්බා: අට්ඨ මිච්ඡත්තා.
Sinhala BJTධර්‍මයෝ අටදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: අෂ්ටමිථ්‍යාත්‍වයෝ යි.
Pali BJTනව ධම්මා පහාතබ්බා: නව තණ්හා මූලකා
Sinhala BJTධර්‍මයෝ නවදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: නව තෘෂ්ණාමූලකයෝ යි.
Pali BJTදස ධම්මා පහාතබ්බා: දස මිච්ඡත්තා.
Sinhala BJTධර්‍මයෝ දසදෙනෙක් ප්‍රහාතව්‍යයෝ යැ: දශමිථ්‍යාත්‍වයෝ යි.
Pali BJTද්වෙ පහානානි: සමුච්ඡෙදප්පහානං පටිප්පස්සද්ධිප්පහානං. සමුච්ඡෙදප්පහානඤ්ච ලොකුත්තරං ඛයගාමිමග්ගං භාවයතො පටිප්පස්සද්ධිපපහානඤ්ච ඵලක්ඛණෙ.
Sinhala BJTප්‍රහාණයෝ දෙදෙනෙකි: සමුච්ඡේදප්‍රහාණ යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණ යි. ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩන්නහුට සමුච්ඡෙදප්‍රහාණය ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණය ද වේ.
Pali BJTතීණි පහානානි: කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං, රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං, යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං නිරොධො. තස්ස නිස්සරණං නෙක්ඛම්මං පටිලද්ධස්ස කාමා පහීනා වෙව හොන්ති පරිච්චත්තා ච, ආරුප්පං පටිලද්ධස්ස රූපා පහීනා චෙව හොන්ති පරිච්චත්තා ච, නිරොධා පටිලද්ධස්ස සඞ්ඛාරා පහීනා චෙව හොන්ති පරිච්චත්තා ච.
Sinhala BJTප්‍රහාණයෝ තිදෙනෙකි: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන්ගේ නිඃසරණ යැ. යම් අරූපධ්‍යානයෙක් වේ ද, තෙල රූපයන්ගේ නිඃසරණ යැ. උපන්නා වූ ප්‍රත්‍යයන් විසින් කරන ලද ප්‍රතීත්‍යසමුත්පන්න (ඒ ඒ ප්‍රත්‍යයන් නිසා උපන්) වූ යම්කිසි සංස්කාරයෙක් වේ ද, අර්‍හත්ඵල නිරෝධය ඒ සංස්කාරයාගේ නිඃසරණ යි. (අශුභධ්‍යාන-අනාගාමීමාර්‍ග සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍ය ලැබුවහු විසින් කාමයෝ (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙති. (අරූපධ්‍යාන - අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත) ආරූප්‍ය නිඃසරණය ලැබූවහු විසින් රූපයෝ (විෂ්කම්භණ සමුච්ඡේද විසින්) ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙති. (නිර්‍වාණ - අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) නිරෝධ නිඃසරණය ලැබූවහු විසින් (නිඃසරණ - ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙන්) සංස්කාරයෝ ප්‍රහීණ කරන ලද්දාහු ද පරිත්‍යාග කරන ලද්දාහු ද වෙත්.
Pali BJTචත්තාරි පහානානි: දුක්ඛසච්චං පරිඤ්ඤා පටිවෙධං පටිවිජ්ඣන්තො පජහාති,{1} සමුදයසච්චං පහානපටිවෙධං පටිවිජ්ඣන්තො පජහාති,{1} නිරොධසච්චං සච්ඡිකිරියාපටිවෙධං පටිවිජ්ඣන්තො පජහාති,{1} මග්ගසච්චං භාවනාපටිවෙධං පටිවිජ්ඣන්තො පජහාති.{1}
Sinhala BJTප්‍රහාණයෝ සතර දෙනෙකි: පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරන්නේ දුඃඛසත්‍යය දුරු කෙරෙයි. ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරන්නේ සමුදයසත්‍යය දුරු කෙරෙයි. සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරන්නේ නිරෝධසත්‍යය දුරු කෙරෙයි. භාවනාප්‍රතිවෙධයෙන් ප්‍රතිවේධ කරන්නේ මාර්‍ගසත්‍යය දුරු කෙරේ.
Pali BJTපඤ්ච පහානානි: වික්ඛම්භනප්පහානං තදඞ්ගප්පහානං සමුච්ඡෙදප්පහානං පටිප්පස්සද්ධිප්පහානං නිස්සරණප්පහානං. වික්ඛම්භනප්පහානඤ්ච නීවරණානං පඨමං ඣානං භාවයතො, තදඞ්ගප්පහානඤ්ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදප්පහානඤ්ච ලොකුත්තරං ඛයගාමිමග්ගං භාවයතො, පටිප්පස්සද්ධිප්පහානඤ්ච ඵලක්ඛණෙ, නිස්සරණප්පහානඤ්ච නිරොධො නිබ්බානං.
Sinhala BJTප්‍රහාණයෝ පස්දෙනෙකි: විෂ්කම්භණප්‍රහාණ යැ. තදඞ්ගප්‍රහාණ යැ. සමුච්ඡේදප්‍රහාණ යැ. ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණ යැ. නිඃසරණප්‍රහාණ යි. ප්‍රථමධ්‍යානය වඩන්නහුට නීවරණයන්ගේ විෂ්කම්භණප්‍රහාණය ද, විදර්‍ශනාසම්ප්‍රයුක්තසමාධිය වඩන්නහුට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගප්‍රහාණය ද, ලෝකෝත්තර වූ ක්‍ෂය (නිර්‍වාණ) ගාමීමාර්‍ගය වඩන්නහුට සමුච්ඡෙදප්‍රහාණය ද, ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණය ද, නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිඃසරණප්‍රහාණය ද වේ.
Pali BJT(4)
Sinhala BJT(4)
Pali BJT“සබ්බං භික්ඛවෙ, පහාතබ්බං, කිඤ්ච භික්ඛවෙ, සබ්බං පහාතබ්බං:
Sinhala BJTමහණෙනි, සියල්ල ප්‍රහාතව්‍ය යැ. මහණෙනි, කවර සියල්ල ප්‍රහාතව්‍ය වෙයි යත්:
Pali BJTචක්ඛුං{2}, භික්ඛවෙ, පහාතබ්බං, රූපා පහාතබ්බා, චක්ඛුවිඤ්ඤාණං පහාතබ්බං, චක්ඛුසම්ඵස්සො පහාතබ්බො, යම්පිදං{3}, චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි පහාතබ්බං.
Sinhala BJT“මහණෙනි, චක්‍ෂුස ප්‍රහාතව්‍ය යැ.‘රූපයෝ ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුර්විඥානයසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුඃස්පර්‍ශප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුක්ඛ වු හෝ අදුක්ඛමසුඛ වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ප්‍රහාතව්‍ය යැ.
Pali BJTසොතං පහාතබ්බං, සද්දා පහාතබ්බා -පෙ- ඝානං පහාතබ්බං, ගන්ධා පහාතබ්බා -පෙ- ජිව්හා පහාතබ්බා, රසා පහාතබ්බා -පෙ- කායො පහාතබ්බො, ඵොට්ඨබ්බා පහාතබ්බා -පෙ- මනො පහාතබ්බො, ධම්මා පහාතබ්බා, මනොවිඤ්ඤාණං පහාතබ්බං, මනොසම්ඵස්සො පහාතබ්බො, යම්පිදං මනොම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි පහාතබ්බං.{a}
Sinhala BJTශ්‍රෝත්‍රය ප්‍රහාතව්‍ය යැ. ශබ්දයෝ ප්‍රහාතව්‍යයෝ යැ ... ඝ්‍රාණය ප්‍රහාතව්‍ය යැ. ගන්‍ධයෝ ප්‍රහාතව්‍යයෝ යැ. ... ජීහ්වාව ප්‍රහාතව්‍ය යැ. රසයෝ ප්‍රහාතව්‍යයෝ යැ. ... කය ප්‍රහාතව්‍ය යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ ප්‍රහාතව්‍යයෝ යැ ... මනස ප්‍රහාතව්‍ය යැ. ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ. මනෝවිඥානය ප්‍රහාතව්‍ය යැ. මනෝවිඥානසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය ප්‍රහාතව්‍ය යැ. මනඃස්පර්‍ශයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛමසුඛ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද ප්‍රහාතව්‍ය යි.
Pali BJTරූපං පස්සන්තො පජහාති, වෙදනං පස්සන්තො පජහාති, සඤ්ඤං පස්සන්තො පජහාති, සඞ්ඛාරෙ පස්සන්තො පජහාති, විඤ්ඤාණං පස්සන්තො පජහාති, චක්ඛුං -පෙ- ජරාමරණං -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන පස්සන්තො පජහාති.
Sinhala BJTරූපය (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. වේදනාව (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. සංඥාව (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. සංස්කාරයන් (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. විඥානය (අනිත්‍යාදිවශයෙන්) දක්මින් (කෙලෙසුන්) දුරු කෙරෙයි. චක්‍ෂුස ... ජරාමරණය ... අමතෝගධ නිර්‍වාණය නිෂ්ඨාර්‍ත්‍ථයෙන් දක්මින් (කෙලෙසුන්) දුරු කෙරේ.
Pali BJTයෙ යෙ ධම්මා පහීනා හොන්ති, තෙ තෙ ධම්මා පරිච්චත්තා හොන්ති. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති. “ඉමෙ ධම්මා පහාතබ්බාති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණ”න්ති.
Sinhala BJTයම් යම් කෙනෙක් ප්‍රහීණ වූවාහු වෙත් ද ඒ ඒ ධර්‍මයෝ පරිත්‍යාග කරන ලද්දාහු වෙත්. එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යැ. එයින් කියනු ලැබෙයි. “ඉමෙ ධම්මෝ පහාතබ්බා’ති සෝතාවධානං, තං පජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං”යි.
Pali BJTපහාතබ්බනිද්දෙසො
Sinhala BJTප්‍රහාතව්‍යනිර්දේශ යි.
Pali BJTතතියො භාණවාරො.
Sinhala BJTතුන් වැනි බණවර යි.
Pali BJT(5)
Sinhala BJT(5)
Pali BJTකථං ඉමෙ ධම්මා භාවෙතබ්බා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ කාණං:
Sinhala BJTකිසෙයින් ‘මේ ධර්‍මයෝ වැඩියයුත්තාහ, යන දේශනාව සෝතාවධාන වෙයි. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
Pali BJTඑකො ධම්මො භාවෙතබ්බො: කායගතා සති සාතසහගතා.
Sinhala BJTඑක් ධර්‍මයෙක් වැඩිය යුතු යැ: (මධුරසුඛවෙදනා සඞ්ඛ්‍යාත) සාතය හා සම්ප්‍රයුක්ත කායගතාසතිය යි:
Pali BJTද්වෙ ධම්මා භාවෙතබ්බා: සමථො ව විපස්සනා ච.
Sinhala BJTධර්‍මයෝ දෙදෙනෙක් වැඩියයුත්තාහ: ශමථය ද විදර්‍ශනාව ද යන දෙක යි.
Pali BJTතයො ධම්මා භාවෙතබ්බා: තයො සමාධී.
Sinhala BJTධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුත්තාහු යැ: (සවිතර්‍කසවිචාරාදි) තුන් සමාධීහු යැ.
Pali BJTචත්තාරො ධම්මා භාවෙතබ්බා: චත්තාරො සතිපට්ඨානා.
Sinhala BJTධර්‍මයෝ සතර දෙනෙක් වැඩියයුත්තාහු යැ: (කායානුපස්සනාදි) සතරසතිපට්ඨානයෝ යි.
Pali BJTපඤ්ච ධම්මා භාවෙතබ්බා: පඤ්චඞ්ගිකො සමාධි.{1}
Sinhala BJTධර්‍මයෝ පස්දෙනෙක් වැඩියයුත්තාහු යැ: (පීතිඵරණතාදි) පඤ්චාඞ්ගික වූ චතුර්‍ත්‍ථධ්‍යානසමාධිය යි.
Pali BJTඡ ධම්මා භාවෙතබ්බා: ඡ අනුස්සතිට්ඨානානි.
Sinhala BJTධර්‍මයෝ සදෙනෙක් වැඩියයුත්තාහු යැ: (බුද්ධානුස්සති ආදි) සවැදෑරුම් අනුස්මෘතිස්ථානයෝ යි.
Pali BJTසත්ත ධම්මා භාවෙතබ්බා: සත්ත බොජ්ඣඞ්ගා.
Sinhala BJTධර්‍මයෝ සත්දෙනෙක් වැඩියයුත්තාහු යැ: සප්තබෝධ්‍යඞ්ගයෝ යි.
Pali BJTඅට්ඨ ධම්මා භාවෙතබ්බා: අරියො අට්ඨඞ්ගිකො මග්ගො.
Sinhala BJTධර්‍මයෝ අටදෙනෙක් වැඩියයුත්තාහු යැ: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි.
Pali BJTනව ධම්මා භාවෙතබ්බා: නව පාරිසුද්ධිපධානියඞ්ගානි.{2}
Sinhala BJTධර්‍මයෝ නවදෙනෙක් වැඩියයුත්තාහු යැ: (ශීලවිශුද්ධිආදි) පරිශුද්ධභාවයට ප්‍රධාන කාරණ වූ නවධර්‍මයෝ යි.