Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2801-2882 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපඤ්චක්ඛන්ධෙ අඝමූලතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනඝමුලං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අඝමූල හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අඝමූල නොවේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ වධකතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අවධකං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය වධක හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වධක නොවේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ විභවතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අවිභවං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය විභව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අවිභව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ සාසවතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනාවසං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය සාස්‍රව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනාස්‍රව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ සඞ්ඛතතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අසඞ්ඛතං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති
Sinhala BJTපඤ්චස්කන්‍ධය සඞ්ඛත හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අසඞ්ඛත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ මාරාමිසතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අජාතං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය මාරාමිෂ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිරාමිෂ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ ජාතිධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අජාතං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ජාතිධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අජාත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ ජරාධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අජරං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ජරාධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අජර යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ බ්යාධිධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අව්යාධි{1} නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ව්‍යාධිධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ව්‍යාධි රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ මරණධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අමතං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය මරණධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අමෘත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ සොකධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අසොතං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ශෝකධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අශෝක යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ පරිදෙවධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අපරිදෙවං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය පරිදේවධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරිදේව රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ උපායාසධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනුපසායං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය උපායාසධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනුපායාස යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ සඞ්කිලෙසිකධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අසඞ්කිලිට්ඨං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය සාංක්ලේශිකධර්‍ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අසංක්ලිෂ්ට යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTඅනිච්චතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTඅනිච්චතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTදුක්ඛතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTදුක්ඛතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTරොගතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTරෝගතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTගණ්ඩතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTගණ්ඩතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTසල්ලතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTසල්ලතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTඅඝතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඅඝතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTආබාධතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTආබාධතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTපරතොති අනත්තානුපස්සනා.
Sinhala BJTපරතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
Pali BJTපලොකධම්මතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTපලෝකධම්මතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTඊතිතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඊතිතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTඋපද්දවතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඋපද්දවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTභයතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTභයතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTඋපස්සග්ගතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඋපස්සග්ගතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTචලතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTචලතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTපහඞ්ගුතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTපහඞ්ගුතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTඅද්ධුවතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTඅද්ධුවතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTඅත්තාණතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඅත්තාණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTඅලෙණතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඅලෙණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTඅසරණතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඅසරණතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTරිත්තතොති අනත්තානුපස්සනා.
Sinhala BJTරිත්තතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
Pali BJTතුච්ඡතොති අනත්තානුපස්සනා.
Sinhala BJTතුච්ඡතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
Pali BJTසුඤ්ඤතොති අනත්තානුපස්සනා.
Sinhala BJTසුඤ්ඤතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
Pali BJTඅනත්තතොති අනත්තානුපස්සනා.
Sinhala BJTඅනත්තතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
Pali BJTආදීනවතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTආදීනවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTවිපරිනාධම්මතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTවිපරිණාමධම්මතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTඅසාරකතොති අනත්තානුපස්සනා.
Sinhala BJTඅසාරකතෝ යනු: අනාත්මානුදර්‍ශනා යැ.
Pali BJTඅඝමූලතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඅඝමූලතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTවධකතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTවධකතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTවිභවතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTවිභවතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTසාසවතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTසාසවතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTසඞ්ඛතතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTසඞ්ඛතෝ යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTමාරාමිසතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTමාරාමිසතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTජරාධම්මතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTජාතිධම්මතො යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTජාතිධම්මතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTජරාධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTව්යාධිධම්මතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTව්‍යාධිධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTමරණධම්මතොති අනිච්චානුපස්සනා.
Sinhala BJTමරණධම්මතො යනු: අනිත්‍යානුදර්‍ශනා යැ.
Pali BJTසොකධම්මතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTසෝකධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTපරිදෙවධම්මතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTපරිදේවධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTඋපායාසධම්මතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTඋපායාසධම්මතො යනු: දුඃඛානුදර්‍ශනා යැ.
Pali BJTසඞ්කිලෙසිකධම්මතොති දුක්ඛානුපස්සනා.
Sinhala BJTසඞ්කිලේසිකධම්මතෝ යනු: දුඃඛානුදර්‍ශනා යි.
Pali BJTඉමෙහි චත්තාලීසාය ආකාරෙහි අනුලොමිකං ඛන්තිං පටිලභති. ඉමෙහි චත්තාලීසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTමේ සතලිස් අයුරින් අනුලෝමක්‍ෂාන්තිය ලබයි. මේ සතලිස් අයුරින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යි.
Pali BJTඉමෙහි චත්තාලීසාය ආකාරෙහි අනුලොමඛන්තිං පටිලභන්තස්ස ඉමෙහි චත්තාලීසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමන්තස්ස කති අනිච්චානුපස්සනා, කති දුක්ඛානුපස්සනා කති අනත්තානුපස්සනා.
Sinhala BJTමේ සතලිස් අයුරින් අනුලෝමක්‍ෂාන්තිය ලබනුවහට මේ සතලිස් අයුරින් සම්‍යක්ත්‍වනියාමයට බස්නහුට අනිත්‍යානුදර්‍ශනා කෙතෙක් ද, දුඃඛානුදර්‍ශනා කෙතෙක් ද, අනාත්මානුදර්‍ශනා කෙතෙක් ද යත්:
Pali BJTපඤ්චවීසති අනත්තානුපස්සනා, පඤ්ඤාසං{1} අනිච්චානුපස්සනා, සතං පඤ්චවීසති වෙව යානි දුක්ඛෙ පවුච්චරෙති.
Sinhala BJTඒ අනාත්මානුදර්‍ශනා පස්විස්සෙක් ද, අනිත්‍යානුදර්‍ශනා පනසෙක් ද, යම් අනුදර්‍ශනා කෙනෙක් දුඃඛයෙහි (පඤ්චස්කන්‍ධයෙහි) ලා කියනු ලැබෙත් ද, ඒ දුඃඛානුදර්‍ශනා එක්සියපස්විස්සෙක් ද වේ යයි.
Pali BJTවිපස්සනාකථා සම්මතා.
Sinhala BJTවිදර්‍ශනාකථා නිමි.
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJTමාතිකා කථා
Sinhala BJTමාතෘකා කථා
Pali BJTනිච්ඡාතො, මොක්ඛො{1} විමොක්ඛො, විජ්ජාවිමුත්ති, අධිසීලං, අධිචිත්තං, අධිපඤ්ඤා, පස්සද්ධි, ඤාණං, දස්සනං, විසුද්ධි,{2} නෙක්ඛම්මං, නිස්සරණං, පවිවෙකො, වොස්සග්ගො, චරියා, ඣානවිමොක්ඛො, භාවනා, අධිට්ඨානං, ජීවිතං.{3}
Sinhala BJTනිච්ඡාත යැ මොක්ඛවිමෝක්ඛ යැ විජ්ජාවිමුත්ති යැ අධිසීල යැ අධිචිත්ත යැ අධිපඤ්ඤා යැ පස්සද්ධි යැ ඤාණ යැ දස්සන යැ විසුද්ධි යැ නෙක්ඛම්ම යැ නිස්සරණ යැ පවිවේක යැ වොස්සග්ග යැ චරියා යැ ඣානවිමොක්ඛ යැ භාවනා යැ අධිට්ඨානයැ ජීවිත යි.
Pali BJTනිච්ඡාතොති නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො නිච්ඡාතො, අබ්යාපාදෙන බ්යාපාදතො නිච්ඡාතො -පෙ- පඨමෙන ඣානෙන නීවරණෙහි නිච්ඡාතො -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙහි නිච්ඡාතො.{4}
Sinhala BJTනිච්ඡාතො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දයෙන් නො මලා වූයේ, අව්‍යාපාද විසින් ව්‍යාපාදයෙන් නො මලා වූයේ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන්ගෙන් නො මලා වූයේ ... රහත්මඟ විසින් සර්‍වක්ලේශයන්ගෙන් නො මලා වූයේ වේ.
Pali BJTමොක්ඛො{5} විමොක්ඛොති නෙක්ඛම්මෙන කාමච්ඡන්දතො මුච්චතීති මොක්ඛො විමොක්ඛො -පෙ- පඨමෙන ඣානෙන නීවරණෙහි මුච්චතීති මොක්ඛො විමොක්ඛො -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙහි මුච්චතීති මොක්ඛො විමොක්ඛො.
Sinhala BJTමොක්ඛො විමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දය කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ, අව්‍යාපාද විසින් ව්‍යාපාදය කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ ... ප්‍රථමධ්‍යාන විසින් නීවරණයන් කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යැ ... අර්‍හත්ත්‍වමාර්‍ග විසින් සර්‍වක්ලේශයන් කෙරෙන් මිදේ නුයි මෝක්‍ෂ විමෝක්‍ෂ යි.
Pali BJTවිජ්ජාවිමුත්තීති නෙක්ඛම්මං විජ්ජතීති විජ්ජා, කාමච්ඡන්දතො මුච්චතීති විමුත්ති, විජ්ජන්තො මුච්චති, මුච්චතො විජ්ජතීති විජ්ජාවිමුත්ති. අබ්යාපාදො{6} විජ්ජතීති විජ්ජා, බ්යාපාදතො මුච්චතීති{7} විමුත්ති, විජ්ජන්තො මුච්චති, මුච්චන්තො විජ්ජතීති විජ්ජාවිමුත්ති -පෙ- අරහත්තමග්ගො විජ්ජතීති විජ්ජා, සබ්බකිලෙසෙහි මුච්චතීති{8} විමුත්ති, විජ්ජන්තො මුච්චති, මුච්චන්තො විජ්ජාතීති විජ්ජාවිමුත්ති.
Sinhala BJTවිජ්ජාවිමුත්ති යනු: නෛෂ්ක්‍රම්‍ය විද්‍යාමාන වේ නුයි (නොහොත් දන්නා ලැබේ නුයි, ලබානුයි හෝ) විජ්ජා යැ, කාමච්ඡන්‍දය කෙරෙන් මිදේනුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මිදෙයි, මිදෙනුයි විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ. අව්‍යාපාදය ඇත් නුයි විජ්ජා යැ, ව්‍යාපාදය කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය විද්‍යාමාන වේ නුයි විජ්ජා යැ, සර්‍වක්ලේශයන් කෙරෙන් මුක්ත වේ නුයි විමුත්ති යැ, විද්‍යාමාන වූයේ මුක්ත වෙයි, මුක්ත වනුයේ (රහත්මඟ) විද්‍යාමාන වේ නුයි විජ්ජාවිමුත්ති නම් වන්නීය.
Pali BJTඅධිසීලං අධිචිත්තං අධිපඤ්ඤාති නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරට්ඨෙන සීලවිසුද්ධි, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි. යො තත්ථ සංවරට්ඨො, අයං අධිසීලසික්ඛා. යො තත්ථ අවික්ඛෙපට්ඨො අයං අධිචිත්තසික්ඛං. යො තත්ථ දසස්නට්ඨො අයං අධිපඤ්ඤාසික්ඛා. අබ්යාපාදෙන බ්යාපාදං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ සංවරට්ඨෙන සීලවිසුද්ධි, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි. යො තත්ථ සංවරට්ඨො අයං අධිසීලසික්ඛා. යො තත්ථ අවික්ඛෙපට්ඨො අයං අධිචිත්තසික්ඛා. යො තත්ථ දස්සනට්ඨො අයං අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTඅධිසීලං අධිචිත්තං අධිපඤ්ඤා යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් කාමච්ඡන්‍දය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ නෛෂ්ක්‍රම්‍යය) ශීලවිශුද්ධි යැ, (එ මැ) අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධි යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ. එහි යම් සංවරාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිචිත්තශික්‍ෂා යැ, එහි යම් දර්‍ශනාර්‍ත්‍ථයෙක් වේ ද, මේ තෙම අධිප්‍රඥාශික්‍ෂා යි. අව්‍යාපාද විසින් ව්‍යාපාදය නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ අව්‍යාපාදය ) ශීලවිශුද්ධි යැ ... අර්‍හත්ත්‍වමාර්‍ග විසින් සර්‍වක්ලේශයන් නිවාරණාර්‍ත්‍ථයෙන් (ඒ රහත් මඟ) ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධ යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ, එහි යම් සංවරාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිචිත්තශික්‍ෂා යැ. එහි යම් දර්‍ශනාර්‍ත්‍ථයෙක් වේ ද, මේ අධිප්‍රඥාශික්‍ෂා යි.
Pali BJTපස්සද්ධීති නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පටිප්පස්සම්භෙති, අබ්යාපාදෙන බ්යාපාදං පටිප්පස්සම්භෙති -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ පටිප්පස්සම්භෙති.
Sinhala BJTපස්සද්ධි යනු: නෛෂ්ක්‍රම්‍ය විසින් (යෝගාවචර තෙම) කාමච්ඡන්‍දය වළහයි, අව්‍යාපාද විසින් ව්‍යාපාදය වළහයි .... රහත්මඟින් සර්‍වක්ලේශයන් වළහයි.
Pali BJTඤාණන්ති කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං ඤාතට්ඨෙන ඤාණං. බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදො ඤාතට්ඨෙන ඤාණං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො ඤාතට්ඨෙන ඤාණං.
Sinhala BJTඤාණං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ... සර්‍වක්ලේශයන් ප්‍රහීණ බැවින් අර්‍හත්ත්‍වමාර්‍ගය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යි.
Pali BJTදස්සනන්ති කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං දිට්ඨත්තා දස්සනං බ්යාපාදස්ස පහීනත්තා අඛයාපාදො දිට්ඨත්තා දස්සනං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො දිට්ඨත්තා දස්සනං.
Sinhala BJTදස්සනං යනු: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍ය තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාද තෙම දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යැ .. සර්‍වක්ලේශයන් ප්‍රහීණ බැවින් රහත්මඟ දෘෂ්ටාර්‍ත්‍ථයෙන් දර්‍ශන යි.
Pali BJTවිසුද්ධිති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මෙන විසුජ්ඣති, බ්යාපාදං පජහන්තො අබ්යාපාදෙන විසුජ්ඣති -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගෙන විසුජ්ඣති.
Sinhala BJTවිසුද්ධි යනු: කාමච්ඡන්‍දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් විශුද්ධ වෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් විශුද්ධ වෙයි ... සර්‍වක්ලේශයන් දුරලනුයේ රහත්මඟින් විශුද්ධ වේ.
Pali BJTනෙක්ඛම්මන්ති කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං. රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, නිරොධො තස්ස නෙක්ඛම්මං. බ්යාපාදස්ස අබ්යාපාදො නෙක්ඛම්මං. ථිනමිද්ධස්ස ආලොකසඤ්ඤා නෙක්ඛම්මං -පෙ- සබ්බකිලෙසානං අරහත්තමග්ගො නෙක්ඛම්මං.
Sinhala BJTනෙක්ඛම්මං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන්ගේ නිස්සරණ යැ, යම් ආරූප්‍යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සංස්කෘත වූ ප්‍රතීත්‍යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞඛතයා ගේ නෛෂ්ක්‍රම්‍ය වේ. අව්‍යාපාදයා ව්‍යාපාදයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි, ආලෝකසංඥාව ථිනමිද්ධයා ගේ නෛෂ්ක්‍රම්‍ය වෙයි ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ නෛෂ්ක්‍රම්‍ය වේ.
Pali BJTනිස්සරණන්ති කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං. රූපානමෙතං නිස්සරණං යදිදං ආරුප්පං. යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං, නිරොධො තස්ස නිස්සරණං. කාමච්ඡන්දස්ස නෙක්ඛම්මං නිස්සරණං. බ්යාපාදස්ස අබ්යාපාදො නිස්සරණං -පෙ- සබ්බකිලෙසානං අරහත්තමග්ගො නිස්සරණං.
Sinhala BJTනිස්සරණං යනු: යම් නෛෂ්ක්‍රම්‍යයෙක් වේ ද, තෙල කාමයන් ගේ නිස්සරණ යැ, යම් ආරූප්‍යයෙක් වේ ද, තෙල රූපයන් ගේ නිස්සරණ යැ, තවද යම් කිසි උත්පන්න වූ සඞ්ඛත වූ ප්‍රතීත්‍යසමුත්පන්නයෙක් වේ ද, නිරෝධය ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය වෙයි, නෛෂ්ක්‍රම්‍යය කාමච්ඡන්‍දයා ගේ නිස්සරණය යැ, අව්‍යාපාදය ව්‍යාපාදයා ගේ නිස්සරණ යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ නිස්සරණ යි.
Pali BJTපවිවෙකොති කාමච්ඡන්දස්ස නෙක්ඛම්මං පවිවෙකො -පෙ- සබ්බකිලෙසානං අරහත්තමග්ගො පවිවෙකො.
Sinhala BJTපවිවේකො යනු: නෛෂ්ක්‍රම්‍ය කාමච්ඡන්‍දයා ගේ පවිවේක යැ ... අර්‍හත්ත්‍වමාර්‍ගය සර්‍වක්ලේශයන් ගේ පවිවේක යයි.
Pali BJTවොස්සග්ගොති නෙක්ඛමෙන කාමච්ඡන්දං වොස්සජජ්ජතීති වොස්සග්ගො, අබ්යාපාදෙන බ්යාපාදං වොස්සජ්ජතීති වොස්සග්ගො -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ වොස්සජ්ජතීති වොස්සග්ගො.
Sinhala BJTවොස්සග්ගෝ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය හැරපියා නුයි වොස්සග්ග යැ, අවය්‍යාපාදයෙන් ව්‍යාපාදය හැරපියා නුයි වොස්සග්ග නම ... රහත්මගින් හැම කෙලෙසුන් හැරපියා නුයි වොස්සග්ග නමි.
Pali BJTචරියාති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මෙන චරති, බ්යාපාදං පජහන්තො අබ්යාපාදෙන චරති -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගෙන චරති.
Sinhala BJTචරියා යනු: කාමච්ඡන්‍දය දුරලනුයේ නෛෂ්ක්‍රම්‍යයෙන් හැසිරෙයි, ව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදයෙන් හැසිරෙයි. රහත්මගින් හැම කෙලෙසුන් දුරලමින් හැසිරෙයි.
Pali BJTඣානවිමොක්ඛොති නෙක්ඛම්මං ඣායතීති ඣානං, කාමච්ඡන්දං ඣාපෙතීති ඣානං, ඣායන්තො මුච්චතීති ඣානවිමොක්ඛො ඣාපෙන්තො මුච්චතීති ඣානවිමොක්ඛො ඣායන්තීති ධම්මා, ඣාපෙන්තීති කිලෙසෙ, ඣාතෙ ච ඣාපෙ ච ජානාතීති ඣානඣායී. අබ්යාපාදො ඣායතීති ඣානං, බ්යාපාදං ඣාපෙතීති ඣානං -පෙ- ආලොකසඤ්ඤා ඣායතීති ඣානං, ථිනමිද්ධං ඣාපෙතීති ඣානං -පෙ- අරහත්තමග්ගො ඣායතීති ඣානං, සබ්බකිලෙසෙ ඣාපෙතීති ඣානං, ඣායන්තො මුච්චතීති ඣානවිමොක්ඛො ඣාපෙන්තො මුච්චතීති ඣානවිමොක්ඛො, ඣායන්තීති ධම්මා, ඣාපෙන්තීති කිලෙසෙ, ඣාතෙ ච ඣාපෙ ච ජානාතීති ඣානඣායී.
Sinhala BJTඣානවිමොක්ඛො යනු: නෛෂ්ක්‍රම්‍යය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, කාමච්ඡන්‍දය දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නම, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ නමි, ‘ඣායන්ති’ යනු දහම්හු යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනී නුයි ඣානඣායී නම. අව්‍යාපාදය ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ව්‍යාපාදය දවා නුයි ධ්‍යාන යැ ... ආලෝකසංඥාව ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, ථිනමිද්ධය දවා නුයි ධ්‍යාන යැ ... රහත්මග ධ්‍යාන කරනු ලැබේ නුයි ධ්‍යාන යැ, හැම කෙලෙසුන් දවා නුයි ධ්‍යාන යැ, ධ්‍යාන කෙරෙමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, දවමින් මිදේ නුයි ඣානවිමොක්ඛ යැ, ‘ඣායන්ති’ යනු ධර්‍මයෝ යැ, ‘ඣාපෙන්ති’ යනු කෙලෙසුන් යැ, ධ්‍යාන කරන ලදුවන් ද දවන ලදුවන් ද දනි නුයි ‘ඣානඣායී’ නම් වේ.
Pali BJTභාවනා අධිට්ඨානං ජීවිතන්ති කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මං භාවෙතීති භාවනාසම්පන්නො, නෙක්ඛම්මවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානසම්පන්නො, ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො සමං ජීවති, නො විසමං, සම්මා ජීවති, නො මිච්ඡා, විසුද්ධං ජීවති, නො කිලිට්ඨන්ති ආජීවසම්පන්නො. ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නො යඤ්ඤදෙවපරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, තං කිස්ස හෙතු; තථා හි සො භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නො.
Sinhala BJTභාවනා අධිට්ඨානං ජීවිතං යනු: කාමච්ඡන්‍දය දුරලමින් නෛෂ්ක්‍රම්‍යය වඩා නුයි භාවනාසම්පන්න යැ, නෛෂ්ක්‍රම්‍යය විසින් සිත පිහිටුවා නුයි අධිට්ඨානසම්පන්න යැ, ඒ මේ යෝගාවචර මෙසේ භාවනාසම්පන්න වූයේ අධිට්ඨානසම්පන්න වූයේ සම වැ ජීවත් වෙයි, විෂම වැ නොවෙයි, මැනැවින් ජීවත් වෙයි. මිථ්‍යාවෙන් නො වෙයි. විශුද්ධ වැ ජීවත් වෙයි. ක්ලිෂ්ට වැ නො වේ නුයි ආජීවසම්පන්න වේ. හේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිට්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ යම් යම් පිරිස් කරා එළැඹෙ ද, කැත්පිරිසකට හෝ බමුණු පිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණ පිරිසකට හෝ විසාරද වූයේ තෙද ඇති වැ එළැඹෙයි. ඊට හේතු කිමැ යත්: යම් හෙයකින් හේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ ද එහෙයිනි.
Pali BJTබ්යාපාදං පජහන්තො අබ්යාපාදං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- ථීනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- උද්ධච්චං පජහන්තො අවික්ඛෙපං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- විචිකිච්ඡං පජහන්තො ධම්මවවත්ථානං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- අවිජ්ජං පජහන්තො විජ්ජං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- අරතිං පජහන්තො පාමොජ්ජං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- නීවරණෙ පජහන්තො පඨමං ඣානං භාවෙතීති භාවනාසම්පන්නො -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගං භාවෙතීති භාවනාසම්පන්නො. අරහත්තමග්ගවසෙන චිත්තං අධිට්ඨානසම්පන්නො, ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො සමං ජීවති, නො විසමං, සම්මා ජීවති, නො මිච්ඡා, විසුද්ධං ජීවති, නො කිලිට්ඨන්ති ආජීවසම්පන්නො. ස්වායං එවං භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, තං කිස්ස හෙතු: තථා හි සො භාවනාසම්පන්නො අධිට්ඨානසම්පන්නො ආජීවසම්පන්නොති.
Sinhala BJTව්‍යාපාදය දුරලනුයේ අව්‍යාපාදය වඩා නුයි භාවනාසම්පන්න යැ ... ථිනනමිද්ධය දුරලනුයේ අලෝකසංඥාව වඩානුයි භාවනාසම්පන්න යැ … උද්ධච්චය දුරලනුයේ අවික්ඛේපය වඩා නුයි භාවනාසම්පන්න යැ ... විචිකිච්ඡාව දුරලනුයේ ධම්මවවත්‍ථානය වඩා නුයි භාවනාසම්පන්න යැ ... අවිද්‍යාව දුරලනුයේ විද්‍යාව වඩා නුයි භාවනාසම්පන්න යැ ... අරතිය දුරලනුයේ ප්‍රාමෝද්‍යය වඩා නුයි භාවනාසම්පන්න යැ ... නීවරණයන් දුරලනුයේ ප්‍රථමධ්‍යානය වඩා නුයි භාවනාසම්පන්න යැ ... හැම කෙලෙසුන් දුරලනුයේ රහත්මඟ වඩා නුයි භාවනාසම්පන්න යැ. රහත්මඟ විසින් සිත පිහිටුවා වඩා නුයි අධිට්ඨානසම්පන්න යැ, ඒ මේ යෝගාවචර තෙමේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ සම ව ජීවත් වෙයි, විෂම ව ජීවත් නො වේ. සම්මාජීවයෙන් ජීවත් වෙයි, මිථ්‍යාජීවයෙන් ජීවත් නො වේ. විශුද්ධ ව ජීවත් වෙයි, ක්ලිෂ්ට ජීවත් නො වේ නුයි ආජීවසම්පන්න යැ. හේ මෙසේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ යම් මැ පිරිස් කරා එළැඹෙ ද, කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහණපිරිසකට හෝ විසාරද වූයේ නොහැකුළුණේ (තෙද ඇති වැ) එළැඹෙ යි. ඊට කාරණ කිමැ යත්: යම් හෙයකින් හේ භාවනාසම්පන්න වූයේ අධිෂ්ඨානසම්පන්න වූයේ ආජීවසම්පන්න වූයේ ද එහෙයිනැ’යි.
Pali BJTමාතිකාකථා සමත්තා.
Sinhala BJTමාතෘකාකථා සමාප්ත යි.
Pali BJTපඤ්ඤාවග්ගො තතියො.
Sinhala BJTතුන්වැනි ප්‍රඥාවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං භවති:
Sinhala BJTඑහි උද්දානය වෙයි:
Pali BJTපඤ්ඤා ඉද්ධි අභිසමයො - විවෙකො චරිය පඤ්චමො පාටිහාරිය සමසීසි - සතිපට්ඨානං විපස්සනා පඤ්ඤාවග්ගම්හි තතියෙ - මාතිකාය ච තෙ දසාති.
Sinhala BJTප්‍රඥා කථා යැ, ඍද්ධි කථා යැ, අභිසමය කථා යැ, විවේක කථා යැ, පස්වැනි වූ, චර්‍ය්‍යා කථා යැ, ප්‍රාතිහාර්‍ය්‍ය කථා යැ, සමසීසි කථා යැ, සතිපට්ඨාන කථා යැ, විදර්‍ශනා කථා යැ යන මොහු ද මාතෘකා කථාව ද සමග තුන්වැනි ප්‍රඥාවර්‍ගයෙහි දශ කථාවෝ වෙත්.
Pali BJTපටිසම්භිදාමග්ගප්පකරණං සමත්තං.
Sinhala BJTප්‍රතිසන්වින්මාර්‍ගප්‍රකරණ සමාප්ත යි.