Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2701-2800 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTචරියා කථා
Sinhala BJTචරියා කථා
Pali BJTචරියාති අට්ඨ චරියායො, ඉරියාපථචරියා ආයතනචරියා සතිචරියා සමාධිචරියා ඤාණචරියා මග්ගචරියා පත්තිචරියා පත්තිචරියා ලොකත්ථචරියාති.
Sinhala BJTචරියා යනු: චර්‍ය්‍යා අටෙකි. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ ප්‍රාප්ති (ඵල) චර්‍ය්‍යා යැ ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා යැ යි
Pali BJTඉරියාපථචරියාති චතුසු ඉරියාපථෙසු.
Sinhala BJTඉරියාපථචරියා යනු: සතර ඉරියව්හි යැ.
Pali BJTආයතනචරියාති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු.
Sinhala BJTආයතනචරියා යනු: ආධ්‍යාත්මිකබාහිර ෂඩායතනයෙහි යැ.
Pali BJTසතිචරියාති චතුසු සතිපට්ඨානෙසු.
Sinhala BJTසතිචරියා යනු: සතර සතිපට්ඨානයෙහි යැ.
Pali BJTසමාධිචරියාති චතුසු ඣානෙසු.
Sinhala BJTසමාධිචරියා යනු: සතර ධ්‍යානයෙහි යැ.
Pali BJTඤාණචරියාති චතුසු අරියසච්චෙසු.
Sinhala BJTඤාණචරියා යනු: සතර ආර්‍ය්‍යසත්‍යයෙහි යැ.
Pali BJTමග්ගචරියාති චතුසු අරියමග්ගෙසු.
Sinhala BJTමග්ගචරියා යනු: සතර ආර්‍ය්‍යමාර්‍ගයෙහි යැ.
Pali BJTපත්තිචරියාති චතුසු සමාඤ්ඤඵලෙසු.
Sinhala BJTපත්තිචරියා යනු: සතර ශ්‍රාමණ්‍යඵලයෙහි යැ.
Pali BJTලොකත්ථචරියාති තථාගතෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු, පදෙසෙ{1} පච්චෙකබුද්ධෙසු, පදෙසෙ සාවකෙසු.
Sinhala BJTලෝකත්‍ථචරියා යනු: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් කෙරෙහි යැ. එක්දෙසෙකැ ප්‍රත්‍යෙකබුද්ධයන් කෙරෙහි යැ, එක්දෙසෙකැ ශ්‍රාවකයන් කෙරෙහි යි.
Pali BJTඉරියාපථචරියා ච පණිධිසම්පන්නානං, ආයතනචරියා ච ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං, සතිචරියා ච අප්පමාදවිහාරීනං, සමාධිචරියා ච අධිචිත්තමනුයුත්තානං, ඤාණචරියා ච බුද්ධිසම්පන්නානං, මග්ගචරියා ච සම්මාපටිපන්නානං, පත්තිචරියා ච අධිගතඵලානං, ලොකත්ථචරියා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං, පදෙසෙ පච්චෙකබුද්ධානං, පදෙසෙ සාවකානං. ඉමා අට්ඨ චරියායො.
Sinhala BJTප්‍රණිධිසම්පන්නයනට (සන්හුන් ඉරියව් ඇතියනට) ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා ද ඉඳුරන්හි වසනලද දොර ඇතියනට ආයතනචර්‍ය්‍යා ද අප්‍රමාදවිහාර ඇතියනට ස්මෘතිචර්‍ය්‍යා ද සමාධියෙහි යෙදුණවුන්ට සමාධිචර්‍ය්‍යා ද බුදධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යා ද සම්‍යක්ප්‍රතිපන්නයනට මාර්‍ගචර්‍ය්‍යා ද පැමිණි ඵල ඇතියනට ප්‍රාප්තිචර්‍ය්‍යා ද තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයනට, ප්‍රත්‍යෙකබුද්ධයනට එකදේශයෙක්හි ශ්‍රාවකයනට එකදේශයෙක්හි ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා ද වේ. මොහු අෂ්ඨචර්‍ය්‍යා යි.
Pali BJTඅපරාපි අට්ඨ චරියායො: අධිමුච්චන්තො සද්ධාය චරති. පග්ගණ්හන්තො විරියෙන චරති. උපට්ඨාපෙන්තා සතියා චරති, අවික්ඛෙපං කරොන්තො සමාධිනා චරති, පජානන්තො පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණචරියාය චරති. එවං පටිපන්නස්ස කුසලා ධම්මා ආයාපෙන්තීති ආයතනචරියාය චරති, එවං පටිපන්නො විසෙසමධිගච්ඡතීති විසෙසචරියාය චරති. ඉමා අට්ඨ චරියායො.
Sinhala BJTඅන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: අධිමෝක්‍ෂ කරනුයේ ශ්‍රද්ධා වශයෙන් පවති, ප්‍රග්‍රහ කරනුයේ වීර්‍ය්‍ය වශයෙන් පවති, අරමුණෙහි සිහි එළවා තබනුයේ ස්මෘති වශයෙන් පවති, අවික්‍ෂේප කරනුයේ සමාධි වශයෙන් පවති, ප්‍රකාරයෙන් දන්නේ, ප්‍රඥා වශයෙන් පවති, විජානනය කරනුයේ විඥානචර්‍ය්‍යා වශයෙන් පවති, මෙසෙයින් (ඉන්‍ද්‍රීයචර්‍ය්‍යායෙහි) පිළිපන්නහුට (ශමථවිදර්‍ශනා විසින් පැවැති) කුශලධර්‍මයෝ අත්‍යර්‍ත්‍ථයෙන් පවතිත් නු’යි ආයතනචර්‍ය්‍යා වශයෙන් පවති. මෙසෙයින් පිළිපන්නේ (විෂ්කමහණාදී) විශේෂයට පැමිණේ නු’යි විශේෂචර්‍ය්‍යා වශයෙන් පවති. මොහු අෂ්ටචර්‍ය්‍යාවෝයි.
Pali BJTඅපරාපි අට්ඨ චරියායො: දසස්නචරියා ච සම්මාදිට්ඨියා අභිනිරොපනචරියා ච සම්මාසඞ්කප්පස්ස, පරිග්ගහචරියා ච සම්මාවාචාය, සමුට්ඨානචරියා ච සම්මාකම්මන්තස්ස, වොදානචරියා ච සම්මාආජීවස්ස, පග්ගහචරියා ච සම්මාවායාමස්ස, උපට්ඨානචරියා ච සම්මාසතියා, අවික්ඛෙපචරියා ච සම්මාසමාධිස්ස. ඉමා අට්ඨචරියායොති.
Sinhala BJTඅන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: සම්‍යග්දෘෂ්ටියට දර්‍ශණචර්‍ය්‍යා ද සම්‍යක්සංකල්පයට අභිනිරෝපණචර්‍ය්‍යාද සම්‍යග්වචනයට පරිග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්කර්‍මාන්තයට සමුත්‍ථානචර්‍ය්‍යා ද සම්‍යගාජීවයට ව්‍යවදානචර්‍ය්‍යා ද සම්‍යග්ව්‍යායාමයට ප්‍රග්‍රහචර්‍ය්‍යා ද සම්‍යක්ස්මෘතියට උපස්ථානචර්‍ය්‍යා ද සම්‍යක්සමාධියට අවික්‍ෂේපචර්‍ය්‍යා ද වෙයි. මොහු අෂ්ටචර්‍ය්‍යා වෙත් යයි.
Pali BJTචරියාකථා සමත්තා
Sinhala BJTචර්‍ය්‍යා කථා නිමි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJTපාටිහාරිය කථා
Sinhala BJTප්‍රාතිහාර්‍ය්‍ය කථා
Pali BJT“තීණිමානි භික්ඛවෙ, පාටිහාරියානි; කතමානි තීණි: ඉද්ධිපාටිහාරියං ආදෙසනාපාටිහාරියං අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTමහණෙනි, මේ තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙක් වෙති: කවර තුන් ප්‍රාතිහාර්‍ය්‍ය කෙනෙකැ යත්: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යැ යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ඉද්ධිපාටිහාරියං: ඉධ භික්ඛවෙ, එකච්චො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. ඉදං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාටිහාරියං.
Sinhala BJTමහණෙනි, ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරැ යත් : මහණෙනි, මෙසස්නෙහි ඇතැමෙක් අනේකප්‍රකාර වූ ඍද්ධිකොට්ඨාස වළඳ කෙරෙයි: (තෙමේ) එකලා වැ බහුප්‍රකාරයෙනුදු වෙයි, බහුප්‍රකාර වැ එකලා ද වෙයි. ආවිර්භාවයට තිරොභාවයට ... බඹලොව තෙක් මැ කයින් (තමන්) වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ආදෙසනාපාටිහාරියං: ඉධ භික්ඛවෙ එකච්චො නිමිත්තෙන ආදිසති: “එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති. සො බහුං චෙව ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා ඉධ පන භික්ඛවෙ, එකච්චො න හෙව ඛො නිමිත්තෙන ආදිසති, අපි ච ඛො මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති: ‘එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති. සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා. ඉධ පන භික්ඛවෙ, එකච්චො න හෙව ඛො නිමිත්තෙන ආදිසති, නපි මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති, අපි ච ඛො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දං{1} සුත්වා ආදිසති: ‘එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති. සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා. ඉධ පන භික්ඛවෙ, එකච්චො න හෙව ඛො නිමිත්තෙන ආදිසති, නපි මනුස්සානං වා අමනුස්සානං වා දෙවතානං වා සද්දං සුත්වා ආදිසති: නපි විතක්කයතො, විචාරයතො විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති, අපි ච ඛො අවිතක්කං අවිචාරං සමාධිං සමාපන්නස්ස චෙතසා චෙතො පරිච්ච පජානාති: ‘යථා ඉමස්ස භොතො මනොඞ්ඛාරා පණිහිතා ඉමස්ස{2} චිත්තස්ස අනන්තරා අමුකං නාම විතක්කං විතක්කයිසස්ති’ති{3} සො බහුං චෙපි ආදිසති, තථෙව තං හොති, නො අඤ්ඤථා. ඉදං වුච්චති භික්ඛවෙ ආදෙසනාපාටිහාරියං.
Sinhala BJTමහණෙනි, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් නිමිතින් කියයි: ‘තා සිත (සොම්නස් දොම්නස් විසින්) මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් (මේ මේ දැය සිතමින් පවත්වන්නේත්) වේ’ යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, එතෙකුදුවත් මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා කියයි: “තාසිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරෙකින් නොවෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ හඬ අසා නො ද කියයි, එතෙකුදුවත් විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා කියයි: “තා සිත මෙබඳුත් වෙයි, තා සිත මෙ අයුරුත් වෙයි, තා සිත මෙසේත් වේ” යයි හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි. අන් අයුරකින් නො වෙයි. තවද මහණෙනි, මෙලො වැ ඇතැමෙක් නිමිතින් නො මැ කියයි, මනුෂ්‍යයන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හඬ අසා නො ද කියයි, විතර්‍ක කරන්නහුගේ විතර්‍කසම්ප්‍රයුක්තවිචාර කරන්නහුගේ විතර්‍කවිෂ්ඵාරශබ්දය අසා නො ද කියයි, එතෙකුදුවත් අවිතර්‍කඅවිචාරසමාධියට සමවන්හුගේ සිත (තම) සිතින් පිරිසිඳ දැනගනී, ‘මේ භවත්හුගේ චිත්තසංස්කාරයෝ යම්සෙයින් පිහිටියාහුද මෙසිතට අනතුරු වැ අසෝ නම් විතර්‍කය කරන්නේ යැ’ යි. හේ බොහෝ කොට ද කියයි, ඒ එසේ මැ වෙයි, අන් අයුරකින් නොවේ. මහණෙනි, මේ ‘ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, අනුසාසනීපාටිහාරියං: ඉධ භික්ඛවෙ, එකච්චො එවමනුසාසති: ‘එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ, එවං මනසිකරොථ, මා එවං මනසාකත්ථ.{4} ඉදං පජහථ, ඉදං උපසම්පජ්ජ විහරථා’ති. ඉදං වුච්චති භික්ඛවෙ, අනුසාසනීපාටිහාරියං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි පාටිහාරියානි”a.
Sinhala BJTමහණෙනි, අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය නම් කවරෙ යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැමෙක් මෙසේ අනුශාසනා කෙරෙයි: “මෙසේ තකවු, නහමක් මෙසේ තකවු, මෙසේ මෙනෙහි කරවු, නහමක් මෙසේ මෙනෙහි කරවු, මෙය දුරු කරවු, මෙයට පැමිණ වාස කරවු” යයි. මහණෙනි, මේ ‘අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. මහණෙනි, මොහු තුන් ප්‍රාතිහාර්‍ය්‍යයෝ යි.
Pali BJTනෙක්ඛම්මං ඉජ්ඣතීති ඉද්ධි, කාමච්ඡන්දං පටිහරතීති පාටිහාරියං. යෙ තෙන නෙක්ඛම්මෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පාති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන නෙක්ඛම්මං ‘එවං ආසෙවිතබ්බං, එවං භාවෙතබ්බං, එවං බහුලීකාතබ්බං, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ, කාමච්ඡන්‍දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ නෛෂ්ක්‍රම්‍යයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ නෛෂ්ක්‍රම්‍යය වනාහි මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ නෛෂ්ක්‍රම්‍යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’ යි අනුශාසනීයප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTඅබ්යාපාදො ඉජ්ඣතීති ඉද්ධි, බ්යාපාදං පටිහරතීති පාටිහාරියං, යෙ තෙන අබ්යාපාදෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පාති ආදෙසනාපාටිහාරියං. සො ඛො පන අබ්යාපාදො එවං ආසෙවිතබ්බො, එවං භාවෙතබ්බො, එවං බහුලීකාතබ්බො, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTඅව්‍යාපාදය තෙමේ සිද්ධ වේ නු’ යි ඍද්ධි යැ. ව්‍යාපාදය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් කෙනෙක් ඒ අව්‍යාපාදයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ, ඒ අව්‍යාපාදය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවන කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අව්‍යපාදයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTආලොකසඤ්ඤා ඉජ්ඣතීති ඉද්ධි, ථිනමිද්ධං පටිහරතීති පාටිහාරියං, යෙ තාය ආලොකසඤ්ඤාය සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පාති ආදෙසනාපාටිහාරියං. සා ඛො පන ආලොකසඤ්ඤා එවං ආසෙවිතබ්බං, එවං භාවෙතබ්බං, එවං බහුලීකාතබ්බං, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTආලෝකසංඥා තොමෝ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ ථීනමිද්ධය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් කෙනෙක් ඒ ආලෝකසංඥායෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැළඹුනු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ, ඒ ආලෝකසංඥාව වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ. මෙසේ ඒ ආලෝකසංඥාවට අනුකකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTඅවික්ඛෙපො ඉජ්ඣතීති ඉද්ධි, උද්ධච්චං පටිහරතීති පාටිහාරියං, යෙ තෙන අවික්ඛෙපෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පාති ආදෙසනාපාටිහාරියං. සො ඛො පන අවික්ඛෙපො ‘එවං ආසෙවිතබ්බො, එවං භාවෙතබ්බො, එවං බහුලීකාතබ්බො, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTඅවික්‍ෂේපය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, ඖද්ධත්‍යය පිළිමල් වැ දුරැලා නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ අවික්‍ෂෙපයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ අවික්‍ෂේපය වැළිත් මෙසේ ආසේවන කළයුතුයැ, මෙසේ භාවනාකළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ අවික්‍ෂේපයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනී ප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTධම්මවවත්ථානං ඉජ්ඣතීති ඉද්ධි, විචිකිච්ඡං පටිහරතීති පාටිහාරියං. ‘යෙ තෙන ධම්මවවත්ථානෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පා’ති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන ධම්මවවත්ථානං ‘එවං ආසෙවිතබ්බං, එවං භාවෙතබ්බං, එවං බහුලීකාතබ්බං, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTධර්‍මනිශ්චය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, විචිකිත්සාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ධර්‍මනිශ්චයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නොකැළඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ධර්‍මනිශ්චය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ධර්‍මනිශ්චයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු නු’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTඤාණං ඉජ්ඣතීති ඉද්ධි, අවිජ්ජං පටිහරතීති පාටිහාරියං, යෙ තෙන ඤාණෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පාති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන ඤාණං එවං ආසෙවිතබ්බං, එවං භාවෙතබ්බං, එවං බහුලීකාතබ්බං, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTඥානය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. අවිද්‍යාව පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ඥානයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ඥානය වැළිත් මෙසේ ආසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ඥානයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTපාමොජ්ජං ඉජ්ඣතීති ඉද්ධි, අරතිං පටිහරතීති පාටිහාරියං, ‘යෙ තෙන පාමොජ්ජෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පා’ති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන පාමොජ්ජං ‘එවං ආසෙවිතබ්බං, එවං භාවෙතබ්බං, එවං බහුලීකාතබ්බං, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTප්‍රාමෝද්‍යය තෙමේ සිද්ධ වේනු’ යි ඍද්ධි යැ. අරතිය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ප්‍රාතිහාර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ප්‍රාමෝද්‍යය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළ යුතු යැ, මෙසේ ඒ ප්‍රාමෝද්‍යයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTපඨමං ඣානං ඉජ්ඣතීති ඉද්ධි, නීවරණෙ පටිහරතීති පාටිහාරියං, යෙ තෙන පඨමෙන ඣානෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පාති ආදෙසනාපාටිහාරියං. තං ඛො පන පඨමං ඣානං ‘එවං ආසෙවිතබ්බං, එවං භාවෙතබ්බං, එවං බහුලීකාතබ්බං, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං -පෙ-
Sinhala BJTප්‍රථමධ්‍යානය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. නීවරණයන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ ප්‍රථමධ්‍යානයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ ප්‍රථමධ්‍යානය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනාකලයුතු යැ, මෙසේ පුනපුනා භාවනා කළයුතු යැ, මෙසේ ඒ ප්‍රථමධ්‍යානයට අනුකූල වැ සිහි එළවා තැබියයුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි …
Pali BJTඅරහත්තමග්ගො ඉජ්ඣතීති ඉද්ධි, සබ්බකිලෙසෙ පටිහරතීති පාටිහාරියං ‘යෙ තෙන අරහත්තමග්ගෙන සමන්නාගතා, සබ්බෙ තෙ විසුද්ධචිත්තා අනාවිලසඞ්කප්පාති ආදෙසනාපාටිහාරියං. සො ඛො පන අරහත්තමග්ගො ‘එවං ආසෙවිතබ්බං, එවං භාවෙතබ්බො, එවං බහුලීකාතබ්බො, එවං තදනුධම්මතා සති උපට්ඨාපෙතබ්බා’ති අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTඅර්‍හන්මාර්‍ග තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ. හැම කෙලෙසුන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ. යම් කෙනෙක් ඒ අර්‍හන්මාර්‍ගයෙන් සමන්‍වාගත වූහු නම් ඔහු හැම විශුද්ධ සිත් ඇත්තාහු නො කැලඹුණු සංකල්ප ඇත්තාහු නු’යි ආදේශනාප්‍රාතිහාර්‍ය්‍ය යැ. ඒ අර්‍හන්මාර්‍ගය වැළිත් මෙසේ අසේවන කළයුතු යැ, මෙසේ භාවනා කළයුතු යැ, මෙසේ පුනපුනා භාවනාකළයුතු යැ, මෙසේ ඒ අර්‍හන්මාර්‍ගයට අනුකූල වැ සිහි එළවා තැබිය යුතු ය’යි අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍ය යි.
Pali BJTනෙක්ඛම්මං ඉජ්ඣතී’ති ඉද්ධි, කාමච්ඡන්දං පටිහරතීති පාටිහාරියං, යා ච ඉද්ධි යඤ්ච පාටිහාරියං, ඉදං වුච්චති ඉද්ධිපාටිහාරියං. අබ්යාපාදො ඉජ්ඣතීති ඉද්ධි, බ්යාපාදං පටිහරතීති පාටිහාරියං, යා ච ඉද්ධි යඤ්ච පාටිහාරියං, ඉදං වුච්චති ඉද්ධිපාටිහාරියං. අලොකසඤ්ඤා ඉජ්ඣතීති ඉද්ධි, ථිනමිද්ධං පටිහරතීති පාටිහාරියං -පෙ- අරහත්තමග්ගො ඉජ්ඣතීති ඉද්ධි, සබ්බකිලෙසෙ පටිහරතීති පාටිහාරියං, යා ච ඉද්ධි යඤ්ච පාටිහාරියං, ඉදං වුච්චති ඉද්ධිපාටිහාරියන්ති.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍ය තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, කාමච්ඡන්‍දය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ‘ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය’ය යි කියනු ලැබේ. අව්‍යාපාද තෙමේ සිද්ධවේ නු’යි ඍද්ධි යැ, ව්‍යාපාදය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ‘ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය’ යයි කියනු ලැබේ. ආලෝකසංඥා තොමෝ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, ථිනමිද්ධය පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ ... අර්‍හන්මාර්‍ග තෙමේ සිද්ධ වේ නු’යි ඍද්ධි යැ, හැම කෙලෙසුන් පිළිමල් වැ දුරු කෙරේ නු’යි ප්‍රාතිහාර්‍ය්‍ය යැ, යම් ඍද්ධියකුත් යම් ප්‍රාතිහාර්‍ය්‍යයෙකුත් වේ ද, මේ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය යයි කියනු ලැබේ.
Pali BJTපාටිහාරිය කථා සමත්තා.
Sinhala BJTප්‍රාතිහාර්‍ය්‍ය කථා නිමි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJTසමසීසි කථා{1}
Sinhala BJTසමසීසි කථා
Pali BJTසබ්බධම්මානං සම්මාසමුච්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීගට්ඨෙ ඤාණං.
Sinhala BJTසියලු (ත්‍රෛභූමක) ධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි යළි නො ඉපදීමෙහි ද ප්‍රඥාව ශමශීර්‍ෂාර්‍ත්‍ථඥාන නමි.
Pali BJTසබ්බධම්මානන්ති පඤ්චක්ඛන්ධා ද්වාදසායතනානි අට්ඨාරසධාතුයො කුසල ධම්මා අකුසලාධම්මා අව්යාකතා ධම්මා කාමාවචරා ධම්මා රූපාවචරා ධම්මා අරූපාවචරා ධම්මා අපරියාපන්නා ධම්මා.
Sinhala BJTසබ්බධම්මානං යනු: පඤ්චස්කන්‍ධ යැ දොළොස් ආයතන යැ අටළොස් ධාතු යැ කුශලධර්‍ම යැ අකුශලධර්‍ම යැ අව්‍යාකෘත ධර්‍ම යැ කාමාවචරධර්‍ම යැ රූපාවචරධර්‍ම යැ අරූපාවචරධර්‍ම යැ අපර්‍ය්‍යාපන්නධර්‍ම යි.
Pali BJTසම්මාසමුච්ඡෙදෙති නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සම්මා සමුච්ඡින්දති, අබ්යාපාදෙන බ්යාපාදං සම්මා සමුච්ඡින්දති, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං සම්මා සමුච්ඡින්දති, අවික්ඛෙපෙන උද්ධච්චං සම්මා සමුච්ඡින්දති, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං සම්මා සමුච්ඡින්දති, ඤාණෙන අවිජ්ජං සම්මා සමුච්ඡින්දති, පාමොජ්ජෙන අරතිං සම්මා සමුච්ඡින්දති, පඨමෙන ඣානෙන නීවරණෙ සම්මා සමුච්ඡින්දති -පෙ- අරත්තමග්ගෙන සබ්බකිලෙසෙ සම්මා සමුච්ඡින්දති.
Sinhala BJTසම්මාසමුච්ඡේද යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය මොනොවට සමුච්ඡේද (මුලුසුන්) කෙරෙයි, අව්‍යාපාදයෙන් ව්‍යාපාදය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය මොනොවට සමුච්ඡේද කෙරෙයි, අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ඥානයෙන් අවිද්‍යාව මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්‍රාමෝද්‍යයෙන් අරතිය මොනොවට සමුච්ඡේද කෙරෙයි, ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් මොනොවට සමුච්ඡේද කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට සමුච්ඡේද කෙරෙයි.
Pali BJTනිරොධෙති නෙක්ඛම්මෙන කාමච්ඡන්දං නිරොධෙති, අබ්යාපාදෙන බ්යාපාදං නිරොධෙති, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං නිරොධෙති, අවික්ඛෙපෙන උද්ධච්චං නිරොධෙති, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං නිරොධෙති, ඤාණෙන අවිජ්ජං නිරොධෙති, පාමොජ්ජෙන අරතිං නිරොධෙති, පඨමෙන ඣානෙන නීවරණෙ නිරොධෙති -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ නිරොධෙති.
Sinhala BJTනිරොධෙ යනු: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය නිරුද්ධ කෙරෙයි, අව්‍යාපාදයෙන් ව්‍යාපාදය නිරුද්ධ කෙරෙයි, ආලෝකසංඥායෙන් ථිනමිද්ධය නිරුද්ධ කෙරෙයි, අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය නිරුද්ධ කෙරෙයි, ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව නිරුද්ධ කෙරෙයි, ඥානයෙන් අවිද්‍යාව නිරුද්ධ කෙරෙයි, ප්‍රාමෝද්‍යයෙන් අරතිය නිරුද්ධ කෙරෙයි, ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් නිරුද්ධ කෙරෙයි ... රහත්මගින් හැම කෙලෙසුන් මොනොවට නිරුද්ධ කෙරේ.
Pali BJTඅනුපට්ඨානතාති නෙක්ඛම්මං පටිලද්ධස්ස කාමච්ඡන්දො න උපට්ඨාති, අබ්යාපාදං පටිලද්ධස්ස බ්යාපාදො න උපට්ඨාති, ආලොකසඤ්ඤං පටිලද්ධස්ස ථිනමිද්ධං න උපට්ඨාති, අවික්ඛෙපං පටිලද්ධස්ස උද්ධච්චං න උපට්ඨාති, ධම්මවවත්ථානං පටිලද්ධස්ස විචිකිච්ඡං න උපට්ඨාති, ඤාණං පටිලද්ධස්ස අවිජ්ජා න උපට්ඨාති, පාමොජං පටිලද්ධස්ස අරති න උපට්ඨාති, පඨමං ඣානං පටිලද්ධස්ස නීවරණෙ න උපට්ඨන්ති -පෙ- අරහත්තමග්ගං පටිලද්ධස්ස සබ්බකිලෙසා න උපට්ඨන්ති.
Sinhala BJTඅනුපට්ඨානතා යනු: නෛෂ්ක්‍රම්‍යය ලදුවහුට කාමච්ඡන්‍දය නූපදී (නො එළඹෙයි), අව්‍යාපාදය ලදුවහුට ව්‍යාපාදය නූපදී, ආලෝකසංඥා ලදුවහුට ථිනමිද්ධය නූපදී, අවික්‍ෂේපය ලදුවහුට ඖද්ධත්‍යය නූපදී, ධර්‍මනිශ්චය ලදුවහුට විචිකිත්සාව නූපදී, ඥානය ලදුවහුට අවිද්‍යාව නූපදී, ප්‍රාමෝද්‍යය ලදුවහුට අරතිය නූපදී, ප්‍රථමධ්‍යානය ලදුවහුට නීවරණයන් නූපදී ... රහත්මග ලදුවහුට හැම කෙලෙස්හු නූපදිත්.
Pali BJTසමන්ති කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛමං සමං, බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදො සමං, ථිනමිද්ධස්ස පහීනත්තා ආලොකසඤ්ඤා සමං, උද්ධච්චස්ස පහීනත්තා අවික්ඛෙපො සමං, විචිකිච්ඡාය පහීනත්තා ධම්මවවත්ථානං සමං, අවිජ්ජාය පහීනත්තා ඤාණං සමං, අරතියා පහීනත්තා පාමොජ්ජං සමං, නීවරණානං පහීනත්තා පඨමං ඣානං සමං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො සමං.
Sinhala BJTසමං යනු: කාමච්ඡන්‍දය පුහුන් (ප්‍රහීණ) බැවින් නෛෂ්ක්‍රම්‍යය ශම යැ, ව්‍යාපාදය පුහුන් බැවින් අව්‍යාපාදය ශම යැ, ථිනමිද්ධය පුහුන් බැවින් අලෝකසංඥාව ශම යැ, ඖද්ධත්‍යය පුහුන් බැවින් අවික්‍ෂේපය ශම යැ, විචිකිත්සාව පුහුන් බැවින් ධර්‍මනිශ්චය ශම යැ, අවිද්‍යාව පුහුන් බැවින් ඥානය ශම යැ, අරතිය පුහුන් බැවින් ප්‍රාමෝද්‍යය ශම යැ, නීවරණයන් පුහුන් බැවින් ප්‍රථමධ්‍යානය ශම යැ ... හැම කෙලෙසුන් පුහුන් බැවින් රහත්මග ශම යි.
Pali BJTසීසන්ති තෙරස සීසානි: පළිබොධසීසඤ්ච තණ්හා, විනිබන්ධසීසඤ්ච{2} මානො, පරාමාසසීසඤ්ච දිට්ඨි, වික්ඛෙපසීසඤ්ච උද්ධච්චං, සඞ්කිලෙසසීසඤ්ච අවිජ්ජා, අධිමොක්ඛසීසඤ්ච සද්ධා, පග්ගහසීසඤ්ච විරියං, උපට්ඨානසීසඤ්ච සති, අවික්ඛෙපසීසඤ්ච සමාධි, දස්සනසීසඤ්ච පඤ්ඤා, පවත්තසීසඤ්ච ජීවිතින්ද්රියං, ගොචරසීසඤ්ච විමොක්ඛො, සඞ්ඛාරසීසඤ්ච නිරොධොති.
Sinhala BJTසීසං යනු: තෙළෙස් ශීර්‍ෂයෝ යැ: තෘෂ්ණාව පරිරෝධශීර්‍ෂ ද මානය විනිබන්‍ධශීර්‍ෂ ද දෘෂ්ටිය පරාමර්‍ශශීර්‍ෂ ද ඖද්ධත්‍යය වික්‍ෂේපශීර්‍ෂ ද අවිද්‍යාව සංක්ලේශශීර්‍ෂ ද ශ්‍රද්ධාව අධිමොක්‍ෂශීර්‍ෂ ද වීර්‍ය්‍යය ප්‍රග්‍රහශීර්‍ෂ ද ස්මෘතිය උපස්ථානශීර්‍ෂ ද සමාධිය අවික්‍ෂේපශීර්‍ෂ ද ප්‍රඥාව දර්‍ශනශීර්‍ෂ ද ජීවිතේන්‍ද්‍රිය ප්‍රවෘත්තිශීර්‍ෂ ද විමෝක්‍ෂය ගෝචරශීර්‍ෂ ද නිරෝධය සංස්කාරශීර්‍ෂ ද වේ යයි.
Pali BJTසමසීසිකථා සමත්තා.
Sinhala BJTසමසීසි කථා නිමි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJTසතිපට්ඨාන කථා
Sinhala BJTසතිපට්ඨාන කථා
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT‘චත්තාරොමෙ භික්ඛවෙ, සතිපට්ඨානා, කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානාති”.
Sinhala BJT“මහණෙනි, මේ සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති: කවර සතර දෙනෙකැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට කයෙහි කය අනුව බලනසුලු වැ වාසය කෙරෙයි. වේදනාවන්හි .. චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් දුරු කොට ධර්‍මයන්හි ධර්‍මයන් අනු වැ බලනසුලු වැ වාසය කෙරේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ” යි.
Pali BJTකථං කායෙ කංයානුපස්සී විහරති: ඉධෙකච්චො පඨවීකායං අනිච්චතො අනුපස්සති නො නිච්චතො, දුක්ඛතො අනුපස්සති නො සුඛතො, අනත්තතො අනුපස්සති නො අත්තතො, නිබ්බින්දති නො නන්දති, විරජ්ජති නො රජ්ජති, නිරොධෙති නො සමුදෙති, පටිනිස්සජ්ජති නො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤාං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි කායං අනුපස්සති. කායො උපට්ඨානං නො සති. සති උපට්ඨානඤ්චෙ ව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති: කායෙ කායානුපස්සනා සතිපට්ඨානා.
Sinhala BJTකිසෙයින් කයෙහි කය අනු වැ බලනසුලු වැ වාසය කෙරේ ද යත්: මෙසස්නෙහි ඇතැමෙක් පඨවීධාතුකාය (පඨවිධාතු සමූහය) අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ, නිත්‍ය හෙයින් නො දක්නේ යැ, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ යැ, සුඛ හෙයින් නො දක්නේ යැ, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ යැ, ආත්ම හෙයින් නො දක්නේ යැ, කලකිරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනියි, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛ සංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කෙරනුයේ සමුදය දුරු කෙරෙයි, හැරපියනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය පුනපුනා දක්නේ යි. කය උපස්ථාන යැ ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය පුනපුනා දක්නේ යි. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.
Pali BJTභාවනාති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනනට්ඨෙන භාවනා.
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනා විශේෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගෙන් ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් භාවනා යැ, තදනුකූලවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
Pali BJTඉධෙකච්චො -පෙ- තෙජොකායං -පෙ- වායොකායං -පෙ- කෙසකායං -පෙ- ලොමකායං -පෙ- ඡවිකායං -පෙ- චම්මකායං -පෙ- මංසකායං -පෙ- රුධිරකායං -පෙ- නාහාරුකායං{1} -පෙ- අට්ඨිකායං -පෙ- අට්ඨිමිඤ්ජකායං අනිච්චතො අනුපස්සති නො නිච්චතො, දුක්ඛතො අනුපස්සති නො සුඛතො, අනත්තතො අනුපස්සති නො අත්තතො, නිබ්බින්දති නො නන්දති, විරජ්ජති නො රජ්ජති, නිරොධෙති නො සමුදෙති, පටිනිස්සජ්ජති නො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි කායං අනුපස්සති. කායො උපට්ඨානං නො සති. උපට්ඨානඤ්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති: කායෙ කායානුපස්සනා සතිපට්ඨානා.
Sinhala BJTමෙසස්නෙහි ඇතැමෙක් ආපෝකාය ... තේජෝකාය ... වායෝකාය ... කේසකාය ... ලෝමකාය ... ඡවිකාය ... චම්මකාය ... මංසකාය ... රුධිරකාය ... නහාරුකාය ... අට්ඨිකාය ... අට්ඨිමිඤ්ජකාය ... අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි, කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කරනුයේ ආත්ම සංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් කය අනුදර්‍ශනා කෙරේ. කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘කායේකායානුපස්සනා සතිපට්ඨානා’යි.
Pali BJTභාවනාති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, අසෙවනට්ඨෙන භාවනා එවං කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙක. ඒ භාවනාවිශේෂයෙහි උපන් (යුගනද්ධ ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා වැ, තදනුරූපවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් කයෙහි කායානුදර්ශී වැ වාසය කෙරේ.
Pali BJTකථං වෙදනාසු වෙදනානුපස්සී විහරති? ඉධෙකච්චො සුඛං වෙදනං අනිච්චතො අනුපස්සති නො නිච්චතො -පෙ- පටිනිස්සජ්ජති නො ආදියති, අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි වෙදනං අනුපස්සති. වෙදනා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපස්සති. තෙන වුච්චති: වෙදනාසු වෙදනානුපස්සනා සතිපට්ඨානා.
Sinhala BJTකිසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි ඇතැමෙක් සුඛවේදනාව අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ යැ නිත්‍ය හෙයින් නො දක්නේ යැ ... හැරපියයි නොගනී, අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.
Pali BJTභාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවට්ඨෙන භාවනා -පෙ- ඉධෙකච්චො දුක්ඛං වෙදනං -පෙ- අදුක්ඛමසුඛං වෙදනං -පෙ- සාමිසං සුඛං වෙදනං -පෙ- නිරාමිසං සුඛං වෙදනං -පෙ- නිරාමිසං සුඛං වෙදනං -පෙ- සාමිසං දුක්ඛං වෙදනං -පෙ- නිරාමිසං දුක්ඛං වෙදනං -පෙ- සාමිසං අදුක්ඛමසුඛං වෙදනං -පෙ- නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං -පෙ- චක්ඛුසම්ඵස්සජං වෙදනං -පෙ- සොතසම්ඵස්සජං වෙදනං -පෙ- ඝානසම්ඵස්සජං වෙදනං -පෙ- කායසම්ඵස්සජං වෙදනං -පෙ- මනොසම්ඵස්සජං වෙදනං අනිච්චතො අනුපස්සති නො නිච්චතො -පෙ- පටිනිස්සජ්ජති නො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි වෙදනං අනුපස්සති, වෙදනා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන, තං වෙදනං අනුපස්සති. තෙන වුච්චති: වෙදනාසු වෙදනානුපස්සනා සතිපට්ඨානා.
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙක: ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි ... මෙසස්නෙහි ඇතැමෙක් දුක් වේදනාව ... නො දුක් නොසුව වේදනාව ... සාමිෂ වූ සුඛවේදනාව ... නිරාමිෂ වූ සුඛවේදනාව ... සාමිෂ වූ දුඃඛ වේදනාව ... නිරාමිෂ වූ දුඃඛ වේදනාව ... සාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... නිරාමිෂ වූ අදුක්ඛමසුඛවේදනාව ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව .... ජීව්හාසම්පස්සයෙන් උපන් වේදනාව .... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව .... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... හැරපියයි නො ගනී. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරේ. මේ සත් අයුරින් වේදනාව අනුදර්‍ශනා කෙරේ. වේදනාව උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වේදනානුපස්සනා සතිපට්ඨානා’යි.
Pali BJTභාවනාති චතස්සො භාවනා -පෙ- එවං වෙදනාසු වෙදනානුපස්සී විහරති.
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙක ... මෙසෙයින් වේදනාවන්හි වේදනානුදර්ශී වැ වාසය කෙරේ.
Pali BJTකථං චිත්තෙ චිත්තානුපස්සී විහරති: ඉධෙකච්චො සරාගං චිත්තං අනිච්චතො අනුපස්සති නො නිච්චතො -පෙ- පටිනිස්සජ්ජති නො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි චිත්තං අනුපස්සති. චිත්තං උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං චිත්තං අනුපස්සති. තෙන වුච්චති: චිත්තෙ චිත්තානුපස්සනා සතිපට්ඨානා.
Sinhala BJTකිසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ යැ යත්: මෙසස්නෙහි අතැමෙක් සරාග සිත අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි නිත්‍ය හෙයින් නො කෙරෙයි. ... පටිනිස්සජනය කෙරෙයි ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් චිත්තය අනුදර්‍ශනා කෙරේ. චිත්තය උපස්ථාන වෙයි ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුදර්‍ශනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානා’යි.
Pali BJTභාවනාති චතස්සො භාවනා: -පෙ- අසෙවනට්ඨෙන භාවනා
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙක ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
Pali BJTඉධෙකච්චො වීතරාගං චිත්තං -පෙ- සදොසං චිත්තං -පෙ- වීතදොසං චිත්තං -පෙ- සමොහං චිත්තං -පෙ- වීතමොහං චිත්තං -පෙ- සඞ්ඛිත්තං චිත්තං -පෙ- වික්ඛිත්තං චිත්තං -පෙ- මහග්ගතං චිත්තං -පෙ- අමහග්ගතං චිත්තං -පෙ- සඋත්තරං චිත්තං -පෙ- අනුත්තරං චිත්තං -පෙ- සමාහිතං චිත්තං -පෙ- අසමාහිතං චිත්තං -පෙ- විමුත්තං චිත්තං -පෙ- අවිමුත්තං චිත්තං -පෙ- චක්ඛුවිඤ්ඤාණං -පෙ- සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං අනිච්චතො අනුපස්සති නො නිච්චතො -පෙ- පටිනිස්සජ්ජති නො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි චිත්තං අනුපස්සති. චිත්තං උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං චිත්තං අනුපස්සති. තෙන වුච්චති: චිත්තෙ චිත්තානුපස්සනා සතිපට්ඨානා.
Sinhala BJTමෙසස්නෙහි ඇතැමෙක් වීතරාග සිත ... සදෝස සිත ... වීතදෝස සිත ... සමෝහ සිත ... වීතමෝහ සිත ... සංක්‍ෂිප්ත සිත ... වික්‍ෂිප්ත සිත ... මහද්ගත සිත ... මහද්ගත නොවූ සිත ... සඋත්තර සිත ... අනුත්තර සිත ... සමාහිත සිත ... අසමහාහිත සිත ... විමුක්ත සිත ... අවිමුක්ත සිත ... චක්‍ෂුර්විඥානය ... ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජීව්හාවිඥානය ... කායවිඥානය ... මනෝවිඥානය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිත්‍ය හෙයින් නො කෙරෙයි ... පටිනිස්සජනය කෙරෙයි, ආදානය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි. ... පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි. මේ සත් අයුරින් සිත අනුදර්‍ශනා කෙරේ. සිත උපස්ථාන වෙයි. ස්මාති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානා’යි.
Pali BJTභාවනාති චතස්සො භාවනා -පෙ- අසෙවනට්ඨෙන භාවනා. එවං චිත්තෙ චිත්තානුපස්සී විහරති.
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙක ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් චිත්තයෙහි චිත්තානුදර්ශී වැ වාසය කෙරේ.
Pali BJTකථං ධම්මෙසු ධම්මානුපස්සී විහරති: ඉධෙකච්චො ඨපෙත්වා කායං ඨපෙත්වා වෙදනං, ඨපෙත්වා චිත්තං තදවසෙසෙ ධම්මෙ අනිච්චතො අනුපස්සති නො නිච්චතො, දුක්ඛතො අනුපස්සති, නො සුඛතො, අනත්තතො අනුපස්සති, නො අත්තතො, නිබ්බින්දති නො නන්දති, විරජ්ජති නො රජ්ජති, නිරොධෙති සමුදෙති, පටිනිස්සජ්ජති නො ආදියති, අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති. අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. ඉමෙහි සත්තහි ආකාරෙහි තෙ ධම්මෙ අනුපස්සති, ධම්මා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙ ව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං ධම්මෙ අනුපස්සති. තෙන වුච්චති: ධම්මෙසු ධම්මානුපස්සනා සතිපට්ඨානා.
Sinhala BJTකිසෙයින් ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වාසය කෙරෙ යි යත්: මෙ සස්නෙහි ඇතැමෙක් කය තබා වේදනාව සිත තබා තදවශිෂ්ට (ත්‍රෛභූමක) ධර්‍මයන් අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, නිත්‍ය හෙයින් නො කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, සුඛ හෙයින් නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුදර්‍ශනා කෙරෙයි, ආත්ම හෙයින් නො කෙරෙයි. කලකිරෙයි සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි නො ගනී, අනිත්‍ය හෙයින් අනුදර්‍ශනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි, දුඃඛ හෙයින් අනුදර්‍ශනා කරනුයේ සුඛසංඥාව දුරු කෙරෙයි. අනාත්ම හෙයින් අනුදර්‍ශනා කරනුයේ ආත්මසංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි, නො ඇලෙනුයේ රාගය දුරු කෙරෙයි, නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි, පටිනිස්සජනය කරනුයේ ආදානය දුරු කෙරෙයි, මේ සත් අයුරින් ඒ ධර්‍මයන් අනුදර්‍ශනා කෙරේ. ධර්‍ම උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුදර්‍ශනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුප්සසනා සතිපට්ඨානා’යි.
Pali BJTභාවනාති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, අසෙවනට්ඨෙන භාවනා. එවං ධම්මෙසු ධම්මානුපස්සී විහරතීති.
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙක: ඒ භාවනාවිශේෂයෙහි උපන් (යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ, තදනුරූපවීර්‍ය්‍යධුරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මෙසෙයින් ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වාසය කෙරේ.
Pali BJTසතිපට්ඨානකථා සමත්තා.
Sinhala BJTසතිපට්ඨාන කථා නිමි.
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJTවිපස්සනා කථා
Sinhala BJTවිදර්‍ශනා කථා
Pali BJT“එවං මෙ සුතං: එකං සමයං භගයා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි: භික්ඛවොති, භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වාස කරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූසේක. ‘භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTසො වත භික්ඛවෙ, භික්ඛු කඤ්චි සඞ්ඛාරං නිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිසස්තීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිසස්තීති නෙතං ඨානං විජ්ජති, සම්මන්තියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං{1} වා සච්ඡිකරිසස්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් නිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට (ලෝකෝත්තරමාර්‍ගයට) බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJTසො වත භික්ඛවෙ, භික්ඛු සඞ්ඛාරෙ අනිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිසස්තීති ඨානමෙතං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති, සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු කඤ්චි සඞ්ඛාරං සුඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිසස්තීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති, සම්මත්තයාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ කිසි සංස්කාරයක් සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJTසො වත භික්ඛවෙ, භික්ඛු සබ්බසඞ්ඛාරෙ දුක්ඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිසස්තීති ඨානමෙතං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති, සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ හැම සංස්කාරයන් දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු කඤ්චි ධම්මං අත්තතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිසස්තීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති, සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ කිසි ධර්‍මයන් ආත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJTසො වත භික්ඛවෙ, භික්ඛු සබ්බධම්මෙ අනත්තතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිසස්තීති ඨානමෙතං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති, සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ හැම ධර්‍මයන් අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි.
Pali BJTසො වත භික්ඛවෙ, භික්ඛු නිබ්බානං දුක්ඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති, සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය දුඃඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි, සම්‍යක්ත්‍වනියාමයට නො බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන නො වෙයි.
Pali BJTසො වත භික්ඛවෙ, භික්ඛු නිබ්බානං සුඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිසස්තීති ඨානමෙතං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති, සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිසස්තීති ඨානමෙතං විජ්ජති.”{a}
Sinhala BJTමහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය සුඛ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වෙයි, සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝවාන්ඵලය හෝ සෙදගැමිඵලය හෝ අනගැමිඵලය හෝ රහත්බව හෝ සාක්‍ෂාත් කරන්නේ යැ යන තෙල කරුණ විද්‍යාමාන වේ.
Pali BJTකතිහාකාරෙහි අනුලොමිකං ඛන්තිං පටිලභති, කතිහාකාරෙහි සම්මත්තනියාමං ඔක්කමති:
Sinhala BJTකිහි අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කිහි අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:
Pali BJTචත්තාරීසාය ආකාරෙහි අනුලොමිකං ඛන්තිං පටිලභති. චත්තාරීසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමති:
Sinhala BJTසතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබයි, සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යි.
Pali BJTකතමෙහි චත්තාරීසාය ආකාරෙහි අනුලොමිකං ඛන්තිං පටිලභති, කතමෙහි චත්තාරීසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමති:
Sinhala BJTකවර සතලිස් අයුරෙකින් අනුලෝමක්‍ෂාන්තිය ලබා ද, කවර සතලිස් අයුරෙකින් සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ද යත්:
Pali BJTපඤ්චක්ඛන්ධෙ අනිච්චතො දුක්ඛතො රොගතො ගණ්ඩතො සල්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො ඊතිතො උපද්දවතො භයතො උපස්සග්ගතො චලතො පභඞ්ගුතො අද්ධුවතො අත්තාණතො{1} අලෙනතො අසරණතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො ආදීනවතො විපරිනාමධම්මතො අසාරකතො අඝමූලතො වධකතො විභවතො සාසවතො සඞ්ඛතතො මාරාමිසතො ජාතිධම්මතො ජරාධම්මතො බ්යාධිධම්මතො මරණධම්මතො සොකධම්මතො පරිදෙවධම්මතො උපායාසධම්මතො සඞ්කිලෙසිකධම්මතො.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දුක් හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් ශල්‍ය හෙයින් විපත් හෙයින් ආබාධ හෙයින් පර (අවසඟ) හෙයින් බිඳෙන හෙයින් ව්‍යසන හෙයින් උපද්‍රව හෙයින් භය හෙයින් උපසර්‍ග හෙයින් චල හෙයින් බිඳෙන සුලු හෙයින් අධ්‍රැව හෙයින් අත්‍රාණ හෙයින් අලෙන හෙයින් අසරණ හෙයින් සිස් හෙයින් තුච්ඡ හෙයින් ශූන්‍ය හෙයින් අනාත්ම හෙයින් ආදීනව හෙයින් විපරිණාමස්වභාව හෙයින් අසාර හෙයින් අඝමූල හෙයින් වධක හෙයින් විභව හෙයින් සාස්‍රව හෙයින් සඞ්ඛත හෙයින් මාරාමිෂ හෙයින් ජාතිධර්‍ම හෙයින් ජරාධර්‍ම හෙයින් ව්‍යාධිධර්‍ම හෙයින් මරණධර්‍ම හෙයින් ශෝකධර්‍ම හෙයින් පරිදේවධර්‍ම හෙයින් උපායාසධර්‍ම හෙයින් සාංක්ලේශධර්‍ම හෙයිනි.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අනිච්චතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො නිච්චං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අනිත්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිත්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ දුක්ඛතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො සුඛං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය දුක් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සුව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ රොගතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො ආරොග්යං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය රෝග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආරෝග්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ ගණ්ඩතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අගණ්ඩං{1} නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ගද්ධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො ගද්ධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ සල්ලතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො විසල්ලං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ශල්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය විශල්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අඝතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනඝො නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අඝ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනඝ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ ආබාධතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනාබාධො නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ආබාධ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනාබාධ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ පරතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අපරප්පච්චයං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය පර හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරපත්‍ය නො වේ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ පලොකතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අපලොකධම්මා නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය බිඳෙන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නොබිඳෙන සැහැවි යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ ඊතිතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනීතිකං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ව්‍යසන හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ව්‍යසන රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ උපද්දවතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනුපද්දවං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය උපද්‍රව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනුපද්‍රව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ භයතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අභයං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය භය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අභය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ උපස්සග්ගතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අනුපස්සග්ගං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය උපසර්‍ග හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අනූපසර්‍ග යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ චලතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අචලං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය චල හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අචල යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ පභඞ්ගුතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අපභඞ්ගු නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය බිඳෙනසුලු හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො බිඳෙනසුලු යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අද්ධුවතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො ධුවං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අධ්‍රැව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ධ්‍රැව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අත්තාණතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො තාණං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අත්‍රාණ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ත්‍රාණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අලෙණතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො ලෙණං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති
Sinhala BJTපඤ්චස්කන්‍ධය අලෙණහෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලෙණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අසරණතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො සරණං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අසරණ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සරණ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ රිත්තතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අරිත්තං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය සිස් හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො සිස් යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ තුච්ඡතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අතුච්ඡං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති
Sinhala BJTපඤ්චස්කන්‍ධය තුච්ඡ හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අතුච්ඡ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ සුඤ්ඤතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො පරමසුඤ්ඤං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය ශූන්‍ය හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරමශූන්‍ය යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අනත්තතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො පරමත්ථං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අනාත්ම හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පරමාර්‍ත්‍ථ යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ ආදීනවතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො ආනාදීනවං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති
Sinhala BJTපඤ්චස්කන්‍ධය ආදීනව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආදීනව රහිත යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ විපරිනාමධම්මතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො අවිපරිණාමධම්මං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය විපරිණාම ස්වභාව හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය අවිපරිණාම ස්වභාව යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.
Pali BJTපඤ්චක්ඛන්ධෙ අසාරකතො පස්සන්තො අනුලොමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධො සාරං නිබ්බානන්ති පස්සන්තො සම්මත්තනියාමං ඔක්කමති.
Sinhala BJTපඤ්චස්කන්‍ධය අසාර හෙයින් දක්නේ අනුලෝමක්‍ෂාන්තිය ලබයි, පඤ්චස්කන්‍ධයාගේ නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සාර යැ’යි දක්නේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ යැ.