Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTරූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන දුක්ඛං භයට්ඨෙන අනත්තා අසාරකට්ඨෙනාති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා රූපනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන දුක්ඛං භයට්ඨෙන අනත්තා අසාරකට්ඨෙනාති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ජරාමරණනිරොධෙ{1} නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා,
Sinhala BJTඅතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය ක්‍ෂයාර්‍ත්‍ථයෙන් අනිත්‍ය යැ භයාර්‍ත්‍ථයෙන් දුඃඛ යැ අසාරකාර්‍ත්‍ථයෙන් අනාත්ම යැයි තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට රූපනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ විඥානය ... චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය ක්‍ෂයාර්‍ත්‍ථයෙන් අනිත්‍ය යැ භයාර්‍ත්‍ථයෙන් දුඃඛ යැ අසාරකාර්‍ත්‍ථයෙන් අනාත්ම යැයි තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ජරාමරණනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි.
Pali BJTරූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා රූපනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, වෙදනා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා ජරාමරණනිරොධෙ නිබ්බානෙ ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, ජවනපඤ්ඤතාය සංවත්තන්තී’ති අයං ජවනපඤ්ඤා.
Sinhala BJTඅතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය අනිත්‍ය යැ සඞ්ඛත යැ ප්‍රතිත්‍යසමුප්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ වයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරෝධධර්‍ම යැ’යි තුලනය කොට තීරණය කොට ප්‍රකට කොට ස්ඵුට කොට රූපනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ. වේදනාව … සංඥාව … සංස්කාරයෝ … විඥානය … චක්‍ෂුස .. අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය යැ සංඛත යැ ප්‍රතීත්‍යසමුත්පන්න යැ ක්‍ෂයධර්‍ම යැ ව්‍යයධර්‍ම යැ විරාගධර්‍ම යැ නිරෝධධර්‍ම යැ’යි තුලනය කොට තීරණය කොට ප්‍රකට කොට ස්ඵුට කොට ජරාමරණනිරෝධය වූ නිර්‍වාණයෙහි වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි. ‘ජවනපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ ජවනප්‍රඥා නම් වේ.
Pali BJTතික්ඛපඤ්ඤතාය සංවත්තන්තීති කතමා තික්ඛපඤ්ඤා: ඛිප්පං කිලෙසෙ ඡින්දතීති තික්ඛපඤ්ඤා, උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා උප්පන්නං බ්යාපාදවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොතී අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා, උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසෙති -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා, රාගං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා උප්පන්නං දොසං -පෙ- උප්පන්නං මොහං -පෙ- උප්පන්නං කොධං -පෙ- උප්පන්නං උපනාහං -පෙ- මක්ඛං -පෙ- පළාසං -පෙ- ඉස්සං -පෙ- මච්ඡරියං -පෙ- මායං -පෙ- සාඨෙය්යං -පෙ- ථම්භං -පෙ- සාරම්භං -පෙ- මානං -පෙ- අතිමානං -පෙ- මදං -පෙ- පමාදං -පෙ- සබ්බෙ කිලෙසෙ -පෙ- සබ්බෙ දුච්චරිතෙ -පෙ- සබ්බෙ අභිසඞ්ඛාරෙ -පෙ- සබ්බෙ භවගාමී කම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතීති තික්ඛපඤ්ඤා, එකස්මිං ආසනෙ චත්තාරො ච අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි චතස්සො පටිසම්භිදායො ඡ අභිඤ්ඤායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤායාති තික්ඛපඤ්ඤා, තික්ඛපඤ්ඤතාය සංවත්තන්ති’ති අයං තික්ඛපඤ්ඤා.
Sinhala BJTතික්ඛපඤ්ඤතාය සංවත්තන්තී යත්: තීක්‍ෂණප්‍රඥා නම් කවරැ යත්: වහා කෙලෙසුන් සිඳී නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් කාම විතර්‍කය සන්තානයට නඟා වාසය නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් ව්‍යාපාදවිතර්‍කය අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් විහිංසා විතර්‍කය අධිවාස නො කරවයි ... උපනුපන් ලාමක අකුසල ධර්‍මයන් අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් රාගය අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, උපන් ද්වේෂය ... උපන් මෝහය ... උපන් ක්‍රෝධය ... උපන් උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සාඨෙය්‍යය ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය … මදය ... ප්‍රමාදය ... හැම කෙලෙසුන් ... හැම දුශ්චරිතයන් ... හැම අභිසංස්කාරයන් ... හැම භවගාමීකර්‍මයන් අධිවාස නො කරවයි දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නු’යි තීක්‍ෂණප්‍රඥා යැ, එක් අසුන්හි හිඳ සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝද සතර ප්‍රතිසංවිද්හුද ෂට්අභිඥාවෝද අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරන ලද වෙත නු’යි තීක්‍ෂණප්‍රඥා යි. ‘තික්ඛපඤ්ඤතාය සංවත්තන්තී’ මෝ තීක්‍ෂණප්‍රඥා නමු.
Pali BJTනිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්තීති කතමා නිබ්බෙධිකපඤ්ඤා: ඉධෙ කච්චො සබ්බසඞ්ඛාරෙසු උබ්බෙගබහුලො{1} හොති උත්තාසබහුලො උක්කණ්ඨබහුලො{2} හොති. අරතිබහුලො අනභිරතිබහුලො, බහිමුඛො න රමති සබ්බසඞ්ඛාරෙසු, අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං ලොභක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා, අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං දොසක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා, අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං මොහක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා, අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං කොධං -පෙ- උපනාහං -පෙ- මක්ඛං -පෙ- පළාසං -පෙ- ඉස්සං -පෙ- මච්ඡරියං -පෙ- මායං -පෙ- සාඨෙය්යං -පෙ- ථම්භං -පෙ- සාරම්භං -පෙ- මානං -පෙ- අතිමානං -පෙ- මදං -පෙ- පමාදං -පෙ- සබ්බෙ කිලෙසෙ -පෙ- සබ්බෙ දුච්චරිතෙ -පෙ- සබ්බෙ අභිසඞ්ඛාරෙ -පෙ- සබ්බෙ භවගාමී කම්මෙ නිබ්බිජ්ඣති පදාලෙතීති නිබ්බෙධිකපඤ්ඤා, නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්තීති අයං නිබ්බෙධිකපඤ්ඤා ඉමා සොළසපඤ්ඤායො, ඉමාහි සොළහි පඤ්ඤාහි සමන්නාගතො පුග්ගලො පටිසම්භිදප්පත්තො.
Sinhala BJTනිබ්බේධිකපඤ්ඤතාය සංවත්තන්තී යත්: නිර්වේධිකප්‍රඥා නම් කවරැ යත්: මේ සසුන්හි කිසිවෙක් හැම සංස්කාරයන්හි උද්වේශ බහුල වූයේ උත්‍රාසබහුල වූයේ උත්කණ්ඨන බහුල වූයේ අරතිබහුල වූයේ අනභිරති බහුල වූයේ වහිර්මුඛ වූයේ වෙයි. හැම සංස්කාරයන්හි නොඇලෙයි. නො විදුනාලද විරූ ප්‍රදාරණය නො කළ විරූ ලෝභස්කන්‍ධය බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ. නො විදුනාලද විරූ නො පළනලද විරූ ද්වේෂස්කන්‍ධය බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ, නො විදුනාලද විරූ නො පළනලද විරූ මෝහස්කන්‍ධය බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ, නො විදුනාලද විරූ නො පළනලද විරූ ක්‍රෝධය ... උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සඨ බව ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය … මදය ... ප්‍රමාදය ... හැම කෙලෙසුන් ... හැම දුශ්චරිතයන් ... හැම අභිසංස්කාරයන් ... හැම භවගාමීකර්‍මයන් බිඳී නු’යි පළා නු’යි නිර්වේධිකප්‍රඥා යැ. ‘නිබ්බේධිකපඤ්ඤතාය සංවත්තන්තී’ මෝ නිර්වේධිකප්‍රඥා නමු. මොහු ෂෝඩශප්‍රඥා වෙති. මේ සොළොස් ප්‍රඥායෙන් සමන්‍වාගත වූ පුද්ගල තෙම ප්‍රතිසංවිත් ප්‍රාප්ත වේ.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: එකො පුබ්බයොගසම්පන්නො එකො න පුබ්බයොගසම්පන්නො, යො පුබ්බයොගසම්පන්නො සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.{1}
Sinhala BJTප්‍රතිසංවිත්ප්‍රාප්ත පුද්ගලයෝ දෙදෙනෙක් වෙති: එක් පුද්ගලයෙක් පූර්‍ව (පුණ්‍ය) යෝගසම්පන්න වෙයි. එක් පුද්ගලයෙක් පූර්‍වයෝගසම්පන්න නො වෙයි. යමෙක් පූර්‍වයෝගසම්පන්න වේ ද හෙතෙම එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නා. එකො බහුස්සුතා, එකො න බහුස්සුතො. යො බහුස්සුතො සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, එක් පුද්ගලයෙක් බහුශ්‍රුත වෙයි, එක් පුද්ගලයෙක් බහුශ්‍රුත නො වෙයි. යමෙක් බහුශ්‍රුත වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නා, ද්වෙපි බහුස්සුතා, එකො දෙසනා බහුලො, එකො න දෙසනා බහුලො. යො දෙසනා බහුලො සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති. එක් පුද්ගලයෙක් (ධර්‍ම) දේශනාබහුල වෙයි. එක් පුද්ගලයෙක් දේශනාබහුල නො වෙයි. යමෙක් දේශනාබහුල වේ ද, හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නො ද්වෙපි බහුස්සුතා, ද්වෙපි දෙසනාබහුලා. එකො ගරූපනිස්සිතො, එකො න ගරූපනිස්සිතො. යො ගරූපනිස්සිතො සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති. දෙදෙනැ ම දේශනාබහුල වෙයි. එක් පුඟුලෙක් (නුවණින් වැඩිහිටි) ගුරුන් ඇසුරුකෙළේ වෙයි. එක් පුඟුලෙක් ගුරුන් ඇසුරුකෙළේ නො වෙයි. යමෙක් ගුරුන් ඇසුරුකෙළේ වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නා, ද්වෙපි බහුස්සුතා, ද්වෙපි දෙසනාබහුලා, ද්වෙපි ගරූපනිස්සිතා. එකො විහාරබහුලො, එකො න විහාරබහුලො. යො විහාරබහුලො සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති; දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරුකෙළේ වෙති, එක් පුඟුලෙක් විදර්‍ශනාවිහාරබහුල වෙයි, එක් පුඟුලෙක් විදර්‍ශනාවිහාරබහුල නො වෙයි, යමෙක් විදර්‍ශනාවිහාරබහුල වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නා ද්වෙපි බහුස්සුතා, ද්වෙපි දෙසනාබහුලා, ද්වෙපි ගරූපනිස්සිතා, ද්වෙපි විහාරබහුලා, එකො පච්චවෙක්ඛණාබහුලො, එකො න පච්චවෙක්ඛණාබහුලො. යො පච්චවෙක්ඛණාබහුලො සො සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, එක් පුඟුලෙක් ප්‍රත්‍යවේක්‍ෂා බහුල වෙයි. එක් පුඟුලෙක් ප්‍රත්‍යවේක්‍ෂාබහුල නො වෙයි, යමෙක් ප්‍රත්‍යවේක්‍ෂා බහුල වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නා ද්වෙපි බහුස්සුතා, ද්වෙපි දෙසනාබහුලා ද්වෙපි ගරූපනිස්සිතා, ද්වෙපි විහාරබහුලා, ද්වෙපි පච්චවෙක්ඛණාබහුලා. එකො සෙඛපටිසම්භිදප්පත්තො, එකො අසෙඛපටිසම්භිදප්පත්තො. යො අසෙඛපටිසම්භිදප්පත්තො, සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, දෙදෙනැ ම ප්‍රත්‍යවේක්‍ෂාබහුල වෙති, එක් පුඟුලෙක් ශෛක්‍ෂව ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙයි, එක් පුඟුලෙක් අශෛක්‍ෂප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙයි. යමෙක් අශෛක්‍ෂ වැ ප්‍රතිසංවිත්ප්‍රාප්ත වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අධික වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නා ද්වෙපි බහුස්සුතා, ද්වෙපි දෙසනාබහුලා, ද්වෙපි ගරූපනිස්සිතා, ද්වෙපි විහාරබහුලා, ද්වෙපි පච්චවෙක්ඛණාබහුලො, ද්වෙපි අසෙඛපටිසම්භිදප්පත්තා, එකො සාවකපාරමිප්පත්තො, එකො න සාවකපාරමිප්පත්තෙ. යො සාවකපාරමිප්පත්තො. සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, දෙදෙනැ ම ප්‍රත්‍යවේක්‍ෂාබහුල වෙති, දෙදෙනැ ම අශෛක්‍ෂ වැ ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති, එක් පුඟුලෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත වෙයි, එක් පුඟුලෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත නො වෙයි. යමෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTද්වෙ පුග්ගලා පටිසම්භිදප්පත්තා: ද්වෙපි පුබ්බයොගසම්පන්නා, ද්වෙපි බහුස්සුතා, ද්වෙපි දෙසනාබහුලා, ද්වෙපි ගරූපනිස්සිතා, ද්වෙපි විහාරබහුලා, ද්වෙපි පච්චවෙක්ඛණබහුලා. ද්වෙපි අසෙඛපටිසම්භිදප්පත්තා, එකො සාවකපාරමිප්පත්තො, එකො පච්චෙකසම්පුද්ධො, යො පච්චෙකසම්බුද්ධො, සො තෙන අතිරෙකො හොති, අධිකො හොති, විසෙසො හොති, තස්ස ඤාණං පභිජ්ජති.
Sinhala BJTපුද්ගලයෝ දෙදෙනෙක් ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති: දෙදෙනැ ම පූර්‍වයෝගසම්පන්න වෙති, දෙදෙනැ ම බහුශ්‍රුත වෙති, දෙදෙනැ ම දේශනාබහුල වෙති, දෙදෙනැ ම ගුරුන් ඇසුරු කළාහු වෙති, දෙදෙනැ ම විදර්‍ශනාවිහාරබහුල වෙති, දෙදෙනැ ම ප්‍රත්‍යවේක්‍ෂාබහුල වෙති, දෙදෙනැ ම අශෛක්‍ෂව ප්‍රතිසංවිත්ප්‍රාප්ත වෙති, එක් පුඟුලෙක් ශ්‍රාවකපාරමීප්‍රාප්ත වෙයි, එක් පුඟුලෙක් ප්‍රත්‍යෙක සම්බුද්ධ වෙයි. යමෙක් ප්‍රත්‍යෙක සම්බුද්ධ වේ ද හේ එයින් අතිරික්ත වෙයි, අග්‍ර වෙයි, විශිෂ්ට වෙයි, ඔහුගේ ඥානය ප්‍රතිසංවිද්ඥාන ප්‍රභේදයට පැමිණෙයි.
Pali BJTපච්චෙකබුද්ධඤ්ච සදෙවකඤ්ච ලොකං උපාදාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො අග්ගො පටිසම්භිදප්පත්තො පඤ්ඤාපෙභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො -පෙ- යෙපි තෙ ඛත්තියපණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා සමණපණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ පඤ්හං අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති ගූළ්හානි ච පටිච්ඡන්නානි ච. කථිතා විස්සජ්ජිතා ච තෙ පඤ්හා භගවතා හොන්ති නිද්දිට්ඨකාරණා. උපක්ඛිත්තකා ච තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවා තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති අග්ගො පටිසම්භිදප්පත්තො’ති.
Sinhala BJTපසේබුදුන් ද සදේවකලෝකයා ද පිණිස තථාගත අර්‍හත්සම්‍යක්සම්බුද්ධයෝ අග්‍රයහ, ප්‍රතිසංවිත්ප්‍රාප්තයහ, ප්‍රඥාප්‍රභේදයෙහි ඡේකයහ, ප්‍රභේදප්‍රාප්තඥාන ඇතියහ, ලබනලද ප්‍රතිසංවිද්ඥාන ඇතියහ, චතුර්වෛශාරද්‍යප්‍රාප්තයහ, දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ ... යම් ඒ ක්‍ෂත්‍රියපණ්ඩිත කෙනෙක් බ්‍රාහ්මණපණ්ඩිත කෙනෙක් ගෘහපතිමණපණ්ඩිත කෙනෙක් ශ්‍රමණපණ්ඩිත කෙනෙක් නිපුණ වූවාහු කළ පරවාද ඇතියාහු වල්විදුනා දුනුවායන් බඳු වූවාහු ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගුඪ වූ ද බොහෝ ප්‍රශ්න සකස් කොට ගෙන බිදින් කරා පැමිණ විචාරති. ඒ ප්‍රශ්නයෝ භාග්‍යවතුන් විසින් සකාරණ වැ කියනලද්දාහු විසඳනලද්දාහු ද වෙති. තවද ඔහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූවාහු මැ වෙත්. යළි බුදුහු එහි ප්‍රඥායෙන් අතිශයින් බබළත් නු’යි අග්‍ර වූ ප්‍රතිසංවිත්ප්‍රාප්ත නම් වෙත් යයි.
Pali BJTපඤ්ඤාකථා සමත්තා.
Sinhala BJTප්‍රඥාකථා නිමි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTඉද්ධි කථා
Sinhala BJTඍද්ධි කථා
Pali BJTකා ඉද්ධි, කති ඉද්ධියො, ඉද්ධියා කති භූමියො, කති පාදා, කති පදානි, කති මූලානි:
Sinhala BJTඍද්ධි කවර යැ, ඍද්ධිහු කෙතෙක් ද, ඍද්ධියට භූමීහු කෙතෙක් ද, පාදයෝ කෙතෙක් ද, පදයෝ කෙතෙක් ද, මූලයෝ කෙතෙක් ද යත්:
Pali BJTකා ඉද්ධි’ති ඉජ්ඣනට්ඨෙන ඉද්ධි.
Sinhala BJTකා ඉද්ධි යනු: සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ.
Pali BJTකති ඉද්ධියො’ති දස ඉද්ධියො.
Sinhala BJTකති ඉද්ධියො යනු: ඍද්ධිහු දස දෙනෙක.
Pali BJTඉද්ධියා කති භූමියො’ති ඉද්ධියා චතස්සො භූමියො චත්තාරො පාදා අට්ඨ පදානි, සොළස මූලානි.
Sinhala BJTඉද්ධියා කති භූමියො යනු: ඍද්ධියට භූමි සතරෙක. පාද සතෙරක. පද අටෙක මූල සොළොසෙකි.
Pali BJTකතමා දස ඉද්ධියො: අධිට්ඨානා ඉද්ධි, විකුබ්බනා ඉද්ධි, මනොමයා ඉද්ධි, ඤාණවිප්ඵාරා ඉද්ධි, සමාධිවිප්ඵාරා ඉද්ධි, අරියා ඉද්ධි, කම්මවිපාකජා ඉද්ධි, පුඤ්ඤවතො ඉද්ධි, විජ්ජාමයා ඉද්ධි තත්ථ තත්ථ සම්මාපයොගපච්චයා{1} ඉජ්ඣනට්ඨෙන ඉද්ධි.
Sinhala BJTදශඍද්ධිහු නම් කවරහ යත්: අධිෂ්ඨාන ඍද්ධි යැ විකුර්‍වණඍද්ධි යැ මනෝමය ඍද්ධි යැ ඥානවිෂ්ඵාර ඍද්ධි යැ සමාධිවිෂ්ඵාරඍද්ධි යැ ආර්‍ය්‍යසෘද්ධි යැ කර්‍මවිපාකජඍද්ධි යැ පුණ්‍යවත්හුගේ ඍද්ධි යැ විද්‍යාමයසෘද්ධි යැ ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝගප්‍රත්‍යයෙන් සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යි.
Pali BJTඉද්ධියා කතමා චතස්සො භූමියො: විවෙකජා භූමි පඨමං ඣානං, පීතිසුඛභූමි දුතියං ඣානං, උපෙක්ඛාසුඛ භූමි තතියං ඣානං, අදුක්ඛමසුඛා භූමි චතුත්ථං ඣානං, ඉද්ධියා ඉමා චතස්සො භූමියො ඉද්ධිලාභාය ඉද්ධි පටිලාභාය ඉද්ධිවිකුබ්බනතාය ඉද්ධිවිසවිතාය ඉද්ධිවසීභාවාය ඉද්ධිවෙසාරජ්ජාය සංවත්තන්තීති.
Sinhala BJTඍද්ධියට සතරභුමිහු කවරහ යත්: ප්‍රථමධ්‍යානය විවේකජභූමි යැ, ද්විතීයධ්‍යානය ප්‍රීතිසුඛභූමි යැ, තෘතීයධ්‍යානය උපේක්‍ෂාසුඛභූමි යැ, චතුර්‍ත්‍ථධ්‍යානය අදුක්ඛමසුඛභූමි යැ, මේ සතරභූමිහු ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන බවට සෘද්ධිවශීභාවය පිණිස ඍද්ධිවෛශාරද්‍ය පිණිස පවතිත් යයි.
Pali BJTඉද්ධියා කතමෙ{2} චත්තාරො පාදා: ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉද්ධියා ඉමෙ චත්තාරො පාදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය ඉද්ධිවිකුබ්බනතාය ඉද්ධිවිසවිතාය ඉද්ධිවසීභාවාය ඉද්ධිවෙසාරජ්ජාය සංවත්තන්තීති.
Sinhala BJTඍද්ධියට සතර පාදයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ තෙම ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් (සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන්) සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, චිත්තාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි, විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි. ඍද්ධිය පිළිබඳ මේ සතර පාදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණතා පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
Pali BJTඉද්ධියා කතමානි අට්ඨ පදානි: ඡන්දං චෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං, ඡන්දො න සමාධි, සමාධි න ඡන්දො. අඤ්ඤො ඡන්දො, අඤ්ඤො සමාධි. විරියං චෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං, විරියං න සමාධි, සමාධි න විරියං. අඤ්ඤං විරියං අඤ්ඤො සමාධි. චිත්තං චෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං, චිත්තං න සමාධි, සමාධි න චිත්තං. අඤ්ඤං චිත්තං, අඤ්ඤො සමාධි. වීමංසං චෙ භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං. වීමංසා න සමාධි, සමාධි න වීමංසා. අඤ්ඤා වීමංසා, අඤ්ඤො සමාධි. ඉද්ධියා ඉමානි අට්ඨ පදානි, ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය ඉද්ධි විකුබ්බනතාය ඉද්ධිවිසවිතාය ඉද්ධිවසීභාවාය ඉද්ධිවෙසාරජ්ජාය සංවත්තන්තීති.
Sinhala BJTඍද්ධියට අටපද කවරහ යත්: ඉදින් මහණ තෙම ඡන්‍දය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ ඡන්‍දය සමාධි නො වෙයි, සමාධිය ඡන්‍ද නො වෙයි. ඡන්‍දය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම චිත්තය නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ චිත්තය සමාධි නො වෙයි, සමාධිය චිත්ත නොවෙයි, චිත්තය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීර්‍ය්‍යය නිසා සමාධිය ලබා නම් චිත්තෛකාග්‍රතාවය ලබා නම් ඒ වීර්‍ය්‍යය සමාධි නො වෙයි, සමාධිය වීර්‍ය්‍ය නො වෙයි, වීර්‍ය්‍යය අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඉදින් මහණ තෙම වීමංසාව නිසා සමාධිය ලබා නම්, චිත්තෛකාග්‍රතාවය ලබා නම්, ඒ වීමංසාව සමාධි නො වෙයි, සමාධිය විමංසා නො වෙයි, වීමංසාව අනෙකෙක, සමාධිය අනෙකෙකි. ඍද්ධිය පිළිබඳ මේ අටපදයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස සෘද්ධිවිශාරද බව පිණිස පවතිත් යයි.
Pali BJTඉද්ධියා කතමානි සොළස මූලානි: අනොනතං{1} චිත්තං කොසජ්ජෙ න ඉඤ්ජතීති{2} ආනෙඤ්ජං, අනුන්නතං චිත්තං උද්ධච්චෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, අනභින්තං චිත්තං රාගෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, අනපනතං චිත්තං බ්යාපාදෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, අනිස්සිතං චිත්තං දිට්ඨියා න ඉඤ්ජතීති ආනෙඤ්ජං, අප්පටිබද්ධං චිත්තං ඡන්දරාගෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, විප්පමුත්තං චිත්තං කාමරාගෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, විසඤ්ඤුත්තං චිත්තං කිලෙසෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, විමරියාදීකතං{3} චිත්තං කිලෙසමරියාදෙ{4} න ඉඤ්ජතීති ආනෙඤ්ජං, එකත්තගතං{5} චිත්තං නානත්තකිලෙසෙ{6} න ඉඤ්ජතීති ආනෙඤ්ජං, සද්ධාය පරිග්ගහිතං චිත්තං අස්සද්ධියෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, විරියෙන පරිග්ගහිතං චිත්තං කොසජ්ජෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, සතියා පරිග්ගහිතං චිත්තං පසාදෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, සමාධිනා පරිග්ගහිතං චිත්තං උද්ධච්චෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං, පඤ්ඤාය පරිග්ගහිතං චිත්තං අවිජ්ජාය න ඉඤ්ජතීති ආනෙඤ්ජං, ඔභාසගතං චිත්තං අවිජ්ජන්ධකාරෙ න ඉඤ්ජතීති ආනෙඤ්ජං ඉද්ධියා ඉමානි සොළස මූලානි ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය ඉද්ධිවිකුබ්බනතාය ඉද්ධිවිසවිතාය ඉද්ධිවසීභාවාය ඉද්ධිවෙසාරජ්ජාය සංවත්තන්තීති.
Sinhala BJTඍද්ධියට සොළොස් මූලයෝ කවරහ යත්: (කෞසීද්‍ය වශයෙන්) නො නැමුණු සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ (කම්පා නොවේ) නු’යි ආනෙඤ්ඡ නම. ඖද්ධත්‍යයෙන් නො හුවනලද සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, රාගවශයෙන් නො නැමුණු (අනහිනත) සිත රාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ක්‍රෝධවශයෙන් ප්‍රතිමුඛ (අදුෂ්‍ය) වූ සිත ව්‍යාපාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, දෘෂ්ටි වශයෙන් අනිඃශ්‍රිත වූ සිත දෘෂ්ටි නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ඡන්‍දරාගප්‍රතිබද්ධ නො වූ සිත ඡන්‍දරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, විප්‍රමුක්ත සිත කාමරාග නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙසුන් කෙරෙන් වෙන් වූ සිත කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, කෙලෙස්හිමි නො කරනලද සිත කෙලෙස්හිම් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, එකඟබවට ගිය සිත නානාස්වභාව කෙලෙස් නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ශ්‍රද්ධාපරිගෘහීත සිත අශ්‍රද්ධා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, වීර්‍ය්‍යයෙන් පරිගෘහීත සිත කෞසීද්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ස්මෘතියෙන් පරිගෘහීත සිත ප්‍රසාද නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, සමාධියෙන් පරිගෘහීත සිත ඖද්ධත්‍ය නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, ප්‍රඥායෙන් පරිගෘහීත සිත අවිද්‍යා නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නම, අවභාසයට ගිය සිත අවිද්‍යාන්‍ධකාර නිමිතින් නො සැලේ නු’යි ආනෙඤ්ඡ නමි. ඍද්ධිය පිළිබඳ මේ සොළොස් මූලයෝ ඍද්ධිලාභ පිණිස සෘද්ධිප්‍රතිලාභ පිණිස ඍද්ධිවිකුර්‍වණ පිණිස ඍද්ධිවිශේෂ පවත්වන පිණිස සෘද්ධිවශීභාව පිණිස ඍද්ධිවිශාරදභාව පිණිස පවතිත් යයි.
Pali BJTකතමා අධිට්ඨානා ඉද්ධි: ඉධ භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති, එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං{7} තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ, පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙතීති.
Sinhala BJTඅධිෂ්ඨාන ඍද්ධි නම් කවරහ යත්: මෙසස්නෙහි මහණ තෙම අනේකප්‍රකාර වූ ඍද්ධිවිධ වළඳ කෙරෙයි. තෙමේ එකලා වැ සිට බහුප්‍රකාර ද වෙයි, බහුප්‍රකාර වැ සිට එකලා ද වෙයි, ආවිර්‍භාවය කෙරෙයි, නිරොභාවය කෙරෙයි, අහස්හි සෙයින් බිතින් පිටතට පවුරින් පිටතට පර්‍වතයෙන් පරභාගයට නො ලැගෙමින් යෙයි. දියෙහි සෙයින් පොළොවහිදු නැඟීම් ගැලීම් කෙරෙයි, පොළොව්හි සෙයින් අභිද්‍යාමානඋදකයෙහිදු යෙයි, පියා ඇති ලිහිණියකු සෙයින් අහස්හිදු පලගින් යෙයි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පරාමර්‍ෂණය කෙරෙයි, පරිමර්‍ජනය කෙරෙයි, බඹලොව හිම් කොට කයින් වශයෙහි පවත්වයි.
Pali BJTඉධාති ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ. තෙන වුච්චති ‘ඉධා’ති.
Sinhala BJTඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශාසනයෙහි යි. එයින් කියනුලැබෙයි ‘ඉධ’ යි.
Pali BJTභික්ඛූති පුථුජ්ජකල්යාණකො වා හොති භික්ඛු සෙඛො වා අරහා වා අකුප්පධම්මො.
Sinhala BJTභික්ඛු යනු: කල්‍යාණපෘථග්ජන මහණ හෝ වෙයි, ශෛක්‍ෂ හෝ වෙයි, අකෝප්‍යධර්‍ම ඇති රහත් හෝ වේ.
Pali BJTඅනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොතීති නානප්පකාරං ඉද්ධිවිධං පච්චනුභොති.
Sinhala BJTඅනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුහොති යනු: නානාප්‍රකාර වූ ඍද්ධි කොටස් වළඳ කෙරෙයි.
Pali BJTඑකොපි හුත්වා බහුධා හොතීති පකතියා එකො බහුකං{8} ආවජ්ජති, සතං වා සහස්සං වා සතසහස්සං වා ආවජ්ජති, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති ‘බහුකො{9} හොමී’ති බහුකො හොති. යථායස්මා චුල්ලපන්ථකො{10} එකොපි හුත්වා බහුධා හොති, එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො එකොපි හුත්වා බහුධා හොති
Sinhala BJTඒකෝපි හුත්‍වා බහුධා හොති යනු: පියවින් එකලා වැ බොහෝ කොට අවර්‍ජනා කෙරෙයි. සියක් හෝ දහසක් හෝ සුවහසක් හෝ අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘බොහෝ වෙමි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි. බොහෝ වෙයි, යම්සේ ආයුෂ්මත් චුල්ලපන්‍ථක පියවින් එකලා වැ බහුප්‍රකාරයෙන් වේ ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙම පියවින් එකලා වැ බහුප්‍රකාර වෙයි.
Pali BJTබහුධාපි හුත්වා එකො හොතීති පකතියා බහුකො එකං ආවජ්ජති, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති ‘එකො හොමී’ති එකො හොති. යථායස්මා චුල්ලපන්ථකො බහුධාපි හුත්වා එකො හොති. එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො බහුධාපි හුත්වා එකො හොති.
Sinhala BJTබහුධාපි හුත්‍වා ඒකෝ හොති යනු: පියවින් බොහෝ වැ එක් පුඟුලකු අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි. ‘එකලා වෙමි’ එකලා වෙයි, යම්සේ ආයුෂ්මත් චුල්ලපන්‍ථක බොහෝ වැ එකලා වේ ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත ඍද්ධිමත් තෙමේ බොහෝ වැ එකලා ද වෙයි.
Pali BJTආවීභාවන්ති කෙනචි අනාවටං හොති අප්පටිච්ඡන්නං විවටං පාකටං.
Sinhala BJTඅවීභාවං යනු: කිසිවකින් ආවෘත නො වූයේ ප්‍රතිච්ඡන්න නො වූයේ විවෘත වූයේ ප්‍රකට වූයේ වෙයි.
Pali BJTතිරොභාවන්ති කෙනචි ආවටං හොති ආවටං හොති පටිච්ඡන්නං පිහිතං පටිකුජ්ජිතං.
Sinhala BJTතිරොභාවං යනු: කිසිවකින් ආවෘත වූයේ ප්‍රතිච්ඡන්න වූයේ වසනලද්දේ පිහිකුළු වූයේ වෙයි.
Pali BJTතිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙති පකතියා. ආකාසකසිණසමාපත්තියා ලාභී හොති තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං ආවජ්ජති, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති ‘ආකාසො හොතූ’ති ආකාසො හොති. තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති යථා මනුස්සා පකතියා අනිද්ධිමන්තො කෙනචි අනාවටෙ අපරික්ඛිත්තෙ අසජ්ජමානා ගච්ඡන්ති එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති, සෙය්යථාපි ආකාසෙ.
Sinhala BJTතිරොකුඩ්ඩං තිරෝපාකාරං තිරොපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ යනු: පියවින් අකාසකසිණ සමාපත්තිය ලබනසුලු වෙයි. බිත්හි පරභාගය පවුරෙහි පරභාගය පර්‍වතයෙහි පරභාගය අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘ආකාශය වේවයි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි, හේ ආකාශ වෙයි. බිත්හි පරභාගයට පවුරෙහි පරභාගයට පර්‍වතයෙහි පරභාගයට නො පැකිළ යෙයි යම්සේ මිනිස්සු පියවින් ඍද්ධිමත් නො වූවාහු කිසිවකින් අනාවෘත අපරික්‍ෂිප්ත තැනැ නො පැකිළ යෙත් ද එපරිද්දෙන් මැ ඒ චේතෝවශීප්‍රාප්ත ඍද්ධිමත් තෙමේ බිත්හි පරභාගයට පවුරෙහි පරභාගයට පර්‍වතයෙහි පරභාගයට අහස්හි සෙයින් නො පැකිළ යෙයි.
Pali BJTපඨවියාපි{1} උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙති පකතියා ආපොකසිණසමාපත්තියා ලාභී හොති, පඨවිං ආවජ්ජති, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති උදකං හොතූ’ති උදකං හොති. සො පඨවියා උම්මුජ්ජනිමුජ්ජං කරොති. යථා මනුස්සා පකතියා අනිද්ධිමන්තො උදකෙ උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති. එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො පඨවියා උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ
Sinhala BJTපඨවියාපි උම්ඹුජ්ජ නිඹුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකෙ යනු: පියවින් ආපෝකසිණසමාපත්තිය ලබනසුලු වෙයි. පෘථිවිය අවර්‍ජනා කෙරෙයි, අවර්‍ජනා කොට ‘දිය වේවයි’ ඥානයෙන් අධිෂ්ඨාන කෙරෙයි, හේ දිය වෙයි, හේ පෘථිවියෙහි නැඟීම ගැලීම කෙරෙයි යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු දියෙහි නැඟීම ගැලීම කෙරෙත් ද එපරිද්දෙන් මැ හේ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙමේ පොළොව්හි දියෙහි සෙයින් නැඟීම ගැලීම කෙරෙයි.
Pali BJTඋදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියන්ති පකතියා පඨවිකසිණමාපත්තියා ලාභී හොති, උදකං ආවජ්ජති, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති ‘පඨවී හොතූ’ති පඨවී හොති. සො අභිජ්ජමානෙ උදකෙ ගච්ඡති යථා මනුස්සා පකතියා අනිද්ධිමන්තො අභිජ්ජමානාය පඨවියා ගච්ඡන්ති. එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො අභිජ්ජමානෙ උදකෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං.
Sinhala BJTඋදකෙපි අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යථාපි පඨවියං යනු: පියවින් පළවිකිසුණුසමවත් ලබනසුලු වෙයි. දිය ආවර්‍ජනා කෙරෙයි. අවර්‍ජනා කොට ‘පොළොව් වේවයි’ නුවණින් ඉටයි, හේ පොළොව් වෙයි, හේ නො බිඳෙන දියෙහි යෙයි. යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු නො බිඳෙන පොළොව්හි යෙත් ද එසෙයින් මැ ඒ චේතෝවශීප්‍රාප්ත වූ ඍද්ධිමත් තෙමේ නො බිඳෙන දියෙහි පොළොවෙහි සෙයින් යේ.
Pali BJTආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණොති පකතියා පඨවිකසිණසමාපත්තියා ලාභී හොති. ආකාසං ආවජ්ජති, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති. ‘පඨවී හොතූති පඨවී හොති. සො ආකාසෙ අන්තලික්ඛෙ චඞ්කමතිපි තිට්ඨතිපි නිසීදතිපි සෙය්යම්පි කප්පෙති, යථා මනුස්සා පකතියා අනිද්ධිමන්තො පඨවියා චඞ්කමන්තිපි තිට්ඨන්තිපි නිසීදන්තිපි සෙය්යම්පි කප්පෙන්ති, එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො ආකාසෙ අන්තලික්ඛෙ චඞ්කමතිපි තිට්ඨතිපි නිසීදතිපි සෙය්යම්පි කප්පෙති සෙය්යථාපි පක්ඛීසකුණො.
Sinhala BJTආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්ඛී සකුණො යනු: පියවින් පළවිකිසුණුසමවත් ලබනසුලු වෙයි, ආකාශය ආවර්‍ජනා කෙරෙයි, ආවර්‍ජනා කොට ‘පොළොව් වේවයි’ නුවණින් ඉටයි. හේ පොළොව වෙයි. හේ අහස්හි අන්තරීක්‍ෂයෙහි සක්මන් කෙරෙයි සිටියි හිඳියි හෙවීමුදු කෙරෙයි, යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු පොළොව්හි සක්මන් කෙරෙත් ද සිටිත් ද හිඳිත් ද හෙවීමුදු කෙරෙත් ද එසෙයින් මැ ඒ සිත් විසීබවට පැමිණි ඉදුහ ඇත්තේ පියා ඇති ලිහිණියකු සෙයින් අහස්හි අන්තරීක්‍ෂයෙහි සක්මනුදු කෙරෙයි සිටියි හිඳියි හෙවීමුදු කෙරේ.
Pali BJTඉමෙ චන්දිමසුරියෙ{2} එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජතීති ඉධ සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො නිසින්නකො වා නිපන්නකො වා චන්දිමසුරියෙ ආවජ්ජති, ආවජ්ජිත්වා ඤාණෙන අධිට්ඨාති: ‘හත්ථපාසෙ හොතූ’ති හත්ථපාසෙ හොති, සො නිසින්නකො වා චන්දිමසුරියෙ පාණිනා ආමසති පරාමසති පරිමජ්ජති, යථා මනුස්සා පකතියා අනිද්ධිමන්තො කිඤ්චිදෙව රූපගතං හත්ථපාසෙ ආමසතීති පරාමසන්ති පරිමජ්ජන්ති. එවමෙව සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො නිසින්නකො වා නිපන්නකො වා චන්දිමසුරියෙ පාණිනා ආමසති පරාමසති පරිමජ්ජති.
Sinhala BJTඉමෙපි චන්‍දිමසූරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති යනු: මෙ සස්නෙහි ඒ සිත්විසීපත් ඉදුහ ඇතියේ හුන්නේ වේවයි හොත්තේ වේවයි සඳහිරු දෙදෙන අවර්‍ජනා කෙරෙයි, ආවර්‍ජනා කොට ‘අත්පසැ වේව’යි නුවණින් ඉටයි, අත්පසැ වෙයි. හෙතෙම හුන්නේ වේව’යි හොත්තේ වේව’යි සඳහිරු දෙදෙන අතින් ආමර්‍ශ කෙරෙයි පරාමර්‍ශ කෙරෙයි පරිමාර්‍ජන කෙරෙයි. යම්සේ මිනිස්සු පියවින් ඍද්ධි නැතියාහු අත්පසැ කිසි කවර රූපයක් ආමර්‍ශ පරාමර්‍ශ කෙරෙයි පරිමාර්‍ජන කෙරෙත් ද එසෙයින් මැ ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ හුන්නේ වේවයි හොත්තේ වේවයි සඳහිරු දෙදෙන අතින් ආමර්‍ශ පරාමර්‍ශ පරිමාර්‍ජන කෙරේ.
Pali BJTයාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙතීති සචෙ සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො බ්රහ්මලොකං ගන්තුකාමො හොති, දූරෙපි සන්තිකෙ අධිට්ඨාති: ‘සන්තිකෙ හොතූ’ති, සන්තිකෙ හොති, සන්තිකෙපි දූරෙ අධිට්ඨාති ‘දූරෙ හොතූ’ති දූරෙ හොති. බහුකම්පි ථොකං අධිට්ඨාති ථොකං හොතූ’ති. ථොකං හොති. ථොකම්පි බහුකං අධිට්ඨාති බහුකං හොතූ’ති බහුකං හොති. දිබ්බෙන චක්ඛුනා තස්සා බ්රහ්මුනො රූපං පස්සති, දිබ්බාය සොතධාතුයා තස්සා බ්රහ්මුනො සද්දං සුණාති, චෙතොපරියඤාණෙන තස්ස බ්රහ්මුනො චිත්තං පජානාති; සචෙ සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො දිස්සමානෙන කායෙන බ්රහ්මලොකං ගන්තුකාමො හොති, කායවසෙන චිත්තං පරිනාමෙති, කායවසෙන චිත්තං අධිට්ඨාති. කායවසෙ චිත්තං පරිනාමෙත්වා කායවසෙන චිත්තං අධිට්ඨහිත්වා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වා දිස්සමානෙන කායෙන බ්රහ්මලොකං ගච්ඡති. සචෙ සො ඉද්ධිමා චෙතොවසිප්පත්තො අදිස්සමානෙන කායෙන බ්රහ්මලොකං ගන්තුකාමො හොති, චිත්තවසෙන කායං පරිනාමෙති, චිත්තවසෙන කායං අධිට්ඨාති. චිත්තවසෙන කායං පරිනාමෙත්වා චිත්තවසෙන කායං අධිට්ඨහිත්වා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වා අදිස්සමානෙන කායෙන බ්රහ්මලොකං ගච්ඡති. සො තස්ස බ්රහ්මුනො පුරතො රූපං{1} අභිනිම්මිනාති මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගං{2} අහීනින්ද්රියං සචෙ සො ඉද්ධිමා චඞ්කමති, නිම්මිතොපි තත්ථ චඞ්කමති, සචෙ සො ඉද්ධිමා තිට්ඨති, නිම්මිතොපි තත්ථ තිට්ඨති, සචෙ සො ඉද්ධිමා නිසීදති, නිම්මිතොපි තත්ථ නිසීදති. සචෙ සො ඉද්ධිමා සෙය්යං කප්පෙති, නිම්මිතොපි තත්ථ සෙය්යං කප්පෙති, සචෙ සො ඉද්ධිමා ධූමායති, නිම්මිතොපි තත්ථ ධූමායති, සචෙ සො ඉද්ධිමා පජ්ජලති. නිම්මිතොපි තත්ථ පජ්ජලති. සචෙ සො ඉද්ධිමා ධම්මං භාසති, නිම්මිතොපි තත්ථ ධම්මං භාසති. සචෙ සො ඉද්ධිමා පඤ්හං පුච්ඡති, නිම්මිතොපි තත්ථ පඤ්හං පුච්ඡති. සචෙ සො ඉද්ධිමා පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නිම්මිතොපි තත්ථ පඤ්හං, පුට්ඨො විස්සජ්ජෙති සචෙ සො අද්ධිමා තෙන බ්රහ්මුනා සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති, නිම්මිතොපි තත්ථ තෙන බ්රහ්මුනා සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. යඤ්ඤදෙව සො ඉද්ධිමා කරොති, තංතදෙව හි සො නිම්මිතො කරොතීති. අයං අධිට්ඨානා ඉද්ධි.
Sinhala BJTයාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වතෙත්තී යනු: ඉදින් ඒ සිත්විසීපත් ඍද්ධි ඇත්තේ බඹලොවට යනු කැමැති වෙයි, දුරුදු වුව ‘වැළැත් වේව’යි ඉටයි, හේ වැළැත් වෙයි, වැළැතුදු වුව ‘දුරැ වේව’යි ඉටයි, හේ දුරැ වෙයි. බොහෝ ද වුව ‘මඳ වේව’යි ඉටයි හේ මඳ වෙයි. මඳ ද වුව, බොහෝ වේව’යි ඉටයි හේ බොහෝ වෙයි, දිවඇසින් ඒ බඹහුගේ රූපය බලයි, දිවසෝධයින් ඒ බඹහුගේ හඬ අසයි. පරසිත්දන්නා නුවණින් ඒ බඹහුගේ සිත දැනගනියි. ඉඳින් ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ පැනෙන සිරිරින් බඹලෙව් යාටි වේ නම් කාය වශයෙන් සිත පිරිනමයි කාය වසයෙන් සිත ඉටයි. කා විසින් සිත පිරිනමා කා විසින් සිත ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන පැනෙන සිරිරින් බඹලොවට යෙයි. ඉදින් ඒ සිත් විසීපත් ඍද්ධි ඇත්තේ නො පැනෙන සිරිරින් බඹලොවට යාටි වේ නම් චිත්ත වසයෙන් කය පිරිනමයි, චිත්ත වසයෙන් කය ඉටයි. චිත්ත වසයෙන් කය පිරිනමා චිත්ත වසයෙන් කය ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන නො පැනෙන සිරිරින් බඹලොවට යෙයි. හේ ඒ බඹහු ඉදිරියෙහි සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති මනෝමයරූපයක් නිර්‍මාණය කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සක්මන් කෙරේ නම් නිර්මිත වූයේ ද එහි සක්මන් කෙරෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ සිටී නම් නිර්මිත වූයේ ද එහි සිටී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ හිදි නම් නිර්මිත වූයේ ද එහි හිදි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ යහන්හි හොවී නම් නිර්මිත වූයේ ද එහි යහන්හි හොවී. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දුමා නම් නිර්මිත වූයේ ද එහි දුමයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ දිලියේ නම් නිර්මිත වූයේ ද එහි දිලියෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ බෙණේ නම් නිර්මිත වූයේ ද එහි බෙණෙයි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුසි නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්සි. ඉදින් ඒ ඍද්ධි ඇත්තේ පැන පුළුවුස්නාලද්දේ විසඳා නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්නාලද්දේ විසඳයි. ඉඳින් ඒ ඍද්ධි ඇත්තේ ඒ බඹුන් හා සමග එක් වැ සිටී නම් සංලාප කෙරෙ නම් සාකච්ඡාවට පැමිණේ නම් නිර්මිත වූයේ ද එහි ඒ බඹුන් හා සමඟ එක් වැ සිටී. සංලාප කෙරෙයි. සාකච්ඡාවට පැමිණෙයි. ඒ ඍද්ධි ඇත්තේ යමක් යමක් මැ කෙරේ නම් ඒ නිර්මිත වූයේ ඒ ඒ දැය මැ කෙරේ නු’යි මේ අධිෂ්ඨානඍද්ධි නම.
Pali BJTකතමා විකුබ්බනා ඉද්ධි: සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අභිභූ නාම සාවකො බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙසි.{3} සො දිස්සමානෙනපි කායෙන ධම්මං දෙසෙසි,{4} අදිස්සමානෙනපි කායෙන ධම්මං දෙසෙසි, දිස්සමානනෙපි හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන අදිස්සමානෙනපි උපරිමෙන උපඩ්ඪකායෙන ධම්මං දෙසෙසි, දිස්සමානෙනපි උපරිමෙන උපඩ්ඪකායෙන අදිස්සමානෙනපි හෙට්ඨිමෙන. උපඩ්ඪකායෙන ධම්මං දෙසෙසි. සො පකතිවණ්ණං විජහිත්වා කුමාරවණ්ණං වා දස්සෙති, නාගවණ්ණං වා දස්සෙති, සුපණ්ණවණ්ණං වා දස්සෙති, යක්ඛවණ්ණං වා දස්සෙති, අසුරවණ්ණං වා{5} දස්සෙති, ඉන්දවණ්ණං වා දස්සෙති, දෙවවණ්ණං වා දස්සෙති, බ්රහ්මවණ්ණං වා දස්සෙති, සමුද්දවණ්ණං දස්සෙති, පබ්බතවණ්ණං වා දස්සෙති, වනවණ්ණං වා දස්සෙති, සීහවණ්ණං වා දස්සෙති, ව්යග්ඝවණ්ණං වා දස්සෙති, දිපිවණ්ණං වා දස්සෙති, හත්ථම්පි දස්සෙති, අස්සම්පි දස්සෙති, රථම්පි දස්සෙති, පත්තිම්පි දස්සෙති, විවිධම්පි සෙනාබ්යුහං දස්සෙතීති. අයං විකුබ්බනා ඉද්ධි.
Sinhala BJTවිකුර්‍වණඍද්ධි නම් කවර යත්: සිඛී නම් වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ අභිභූ නම් ශ්‍රාවක තෙම බඹලොව්හි සිටියේ සහස්‍රීලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ යැ හේ පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, නො පැනෙන සිරුරිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන යටි අඞකයිනුදු නො පැනෙන උඩු අඞකයිනුදු යුතු වැ දහම් දෙසී, පැනෙන උඩු අඞකයිනුදු නො පැනෙන යටි අඞකයිනුදු යුතු වැ දහම් දෙසී. හේ පියවි පැහැසටහන් හැරපියා කුමරසටහන් හෝ දක්වයි, සප්සටහන් හෝ දක්වයි. ගුරුළුසටහන් හෝ දක්වයි, යක්සටහන් හෝ දක්වයි, අසුර සටහන් හෝ දක්වයි, සක්සටහන් හෝ දක්වයි, දෙවිසටහන් හෝ දක්වයි, බඹසටහන් හෝ දක්වයි, මුහුදුසටහන් හෝ දක්වයි, පවුසටහන් හෝ දක්වයි, අරනසටහන් හෝ දක්වයි, සිහසටහන් හෝ දක්වයි, වගසටහන් හෝ දක්වයි, දිවිසටහන් හෝ දක්වයි, ඇතකුදු දක්වයි, අසකුදු දක්වයි, රියදු පාබළ දු දක්වයි, නොයෙක් සෙන්මුළුදු දක්වා නු’යි මේ විකුර්‍වණඍද්ධි නම.
Pali BJTකතමා මනොමයා ඉද්ධි: භික්ඛු ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගං{1} අහීනින්ද්රියං, සෙය්යථාපි පුරිසො මුඤ්ජම්හා ඊසිකං පවාහෙය්ය, තස්ස එවමස්ස: ‘අයං මුඤ්ජො අයං ඊසිකා, අඤ්ඤො මුඤ්ජො අඤ්ඤා ඊසිකා, මුඤ්ජම්හා ත්වෙව ඊසිකා පවාළ්හා’ති සෙය්යථා වා පන{2} පුරිසො අසිං කොසියා පවාහෙය්ය, තස්ස එවමස්ස: අයං අසි, අයං කොසි. අඤ්ඤො අසි, අඤ්ඤා කොසි. කොසියා ත්වෙව අසි පවාළ්හො’ති. සෙය්යථා වා පන පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්ය, තස්ස එවමස්ස: ‘අයං අහි, අයං කරණ්ඩො, අඤ්ඤො අහි, අඤ්ඤො කරණ්ඩො. කරණ්ඩා ත්වෙව අහි උබ්භතො’ති. එවමෙව භික්ඛු ඉමම්හා කාය අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්රියං. අයං මනොමයා ඉද්ධි.
Sinhala BJTමනෝමය ඍද්ධි නම් කවර යත්: මෙ සසෙනෙහි මහණ මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි, යම්සේ පුරුෂයෙක් මෘදුතෘණයෙන් කඩ (ගොබය) අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ මෘදු තෘණ යැ මේ කඬ යැ මෘදුතෘණය අනෙකෙක, කඬ අනෙකෙකි. මෘදු තෘණයෙන් මැ කඩ අදනාලදැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් කඩුව කොපුවෙන් අදනේ නම් ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: මේ කඩුව ය මේ කොපුව යැ. කඩුව අනෙකෙක, කොපුව අනෙකෙකි. කොපුවෙන් මැ කඩුව අදනාල දැ’යි. තවද යම්සේ හෝ පුරුෂයෙක් සර්‍පයකු නිර්‍මොක (සැව) යෙන් නඟන්නේ නම් (සර්‍පයා තමා මැ සැව නඟනු පුරුෂ තෙම සිතින් ගෙනැ’යි යූ සේ යි) ඔහට මෙබඳු සිතෙක් වන්නේ යැ: ‘මේ සර්‍ප යැ මේ නිර්‍මොක යැ සර්‍පයා අනෙකක, නිර්‍මොකය අනෙකෙකි. නිර්‍මොකයෙන් මැ සර්‍පයා නඟනලදැ’යි. එසෙයින් මැ මහණ තෙම මෙ කයින් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති අනිත් කයක් නිර්‍මාණය කෙරෙයි. මේ මනෝමය ඍද්ධි නමි.
Pali BJTකතමා ඤාණවිප්ඵාරා ඉද්ධි අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය පහානට්ඨො ඉජ්ඣතීති ඤාණවිප්ඵාරා ඉද්ධි. දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤාය -පෙ- අනත්තානුපස්සනාය අත්තසඤ්ඤාය -පෙ- නිබ්බිදානුපස්සනාය නන්දියා -පෙ- විරාගානුපස්සනාය රාගස්ස -පෙ- නිරොධානුපස්සනාය සමුදයස්ස -පෙ- පටිනිස්සග්ගානුපස්සනාය ආදීනවස්ස පහානට්ඨො ඉජ්ඣතීති ඤාණවිප්ඵාරා ඉද්ධි. ආයස්මතො බක්කුලස්ස ඤාණවිප්ඵාරා ඉද්ධි. ආයස්මතො සඞ්කිච්චස්ස ඤාණවිප්ඵාරා ඉද්ධි. ආයස්මතො භූතපාලස්ස ඤාණවිප්ඵාරා ඉද්ධි. අයං ඤාණවිප්ඵාරා ඉද්ධි.
Sinhala BJTඥානවිෂ්ඵාරඍද්ධි නම් කවර යත්: අනිත්‍යානුදර්‍ශනයෙන් නිත්‍යසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ දුඃඛානුදර්‍ශනයෙන් සුඛසංඥාවගේ ... අනාත්මානුදර්‍ශනයෙන් ආත්මසංඥාවගේ ... නිර්වේදානුදර්‍ශනයෙන් නන්‍දියගේ ... විරාගානුදර්‍ශනයෙන් රාගයාගේ ... නිරෝධානුදර්‍ශනයෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදීනවයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් බක්කුලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඞ්කිච්චහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් භූතපාලහට ඥානවිෂ්ඵාර ඍද්ධි යැ. මේ ඥානවිෂ්ඵාරඍද්ධි නම.
Pali BJTකතමා සමාධිවිප්ඵාරා ඉද්ධි: පඨමෙන ඣානෙන නීවරණානං පහානට්ඨො ඉජ්ඣතීති සමාධිවිප්ඵාරා ඉද්ධි. දුතියෙන ඣානෙන විතක්කවිචාරානං පහානට්ඨො ඉජ්ඣතීති සමාධිවිප්ඵාරා ඉද්ධි. තතියෙන ඣානෙන පීතියා පහානට්ඨො ඉජ්ඣතීති -පෙ- චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛානං පහානට්ඨො ඉජ්ඣතීති -පෙ- ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාය පටිඝඤ්ඤාය නානත්තසඤ්ඤාය පහානට්ඨො ඉජ්ඣතීති -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤාචායතනසඤ්ඤාය පහානට්ඨො ඉජ්ඣතීති -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය පහානට්ඨො ඉජ්ඣතීති -පෙ- සමාධිවිප්ඵාරා ඉද්ධි. ආයස්මතො සාරිපුත්තස්ස සමාධිවිප්ඵාරා ඉද්ධි. ආයස්මතො සඤ්ජීවස්ස සමාධිවිප්ඵාරා ඉද්ධි. ආයස්මතො ඛාණුකොණ්ඩඤ්ඤස්ස සමාධිවිප්ඵාරා ඉද්ධි. උත්තරාය උපාසිකාය සමාධිවිප්ඵාරා ඉද්ධි, සාමාවතියා උපාසිකාය සමාධිවිප්ඵාරා ඉද්ධි. අයං සමාධිවිප්ඵාරා ඉද්ධි.
Sinhala BJTසමාධිවිෂ්ඵාර ඍද්ධි නම් කවර යත්: ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ද්විතීය ධ්‍යානයෙන් විතර්‍කවිචාරයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ප්‍රතිඝසංඥාවගේ නානාත්‍ව සංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඥානන්ත්‍යායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥාවගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. ආයුෂ්මත් සඤ්ජීවයන්ට සමාධි විෂ්ඵාර ඍද්ධි යැ ආයුෂ්මත් ඛාණුකොණ්ඩඤ්ඤයන්ට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. උත්තරාඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. සමාවතීඋවැසියට සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ. මේ සමාධිවිෂ්ඵාර ඍද්ධි නම.
Pali BJTකතමා අරියා ඉද්ධි: ඉධ භික්ඛු සචෙ ආකඞ්ඛති ‘පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අපටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ‘පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්යං සතො සම්පජානො’ති උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
Sinhala BJTආර්‍ය්‍ය ඍද්ධි නම් කවර යත්: මෙ සස්නෙහි මහණ තෙම ඉදින් ‘ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමති වී නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ‘අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙමී’ කැමැති වී නම් එහි සිහි ඇති වැ සමග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරේ.
Pali BJTකථං පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරති: අට්ඨස්මිං වත්ථුස්මිං මෙත්තාය වා එරති, ධාතූතො වා උපසංහරති, එවං පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි යත්: අනිෂ්ටවස්තුවිෂයෙහි මෙත්සිතින් අරමුණු කෙරෙයි. ධාතු හෙයින් හෝ එළවයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
Pali BJTකථං අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරති: ඉට්ඨස්මිං වත්ථුස්මිං අසුභාය වා එරති, අනිච්චතො වා උපසංහරති, එවං අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: ඉෂ්ටවස්තුවිෂයෙහි අශුභසිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, අනිත්‍ය හෙයින් හෝ එළවයි, මෙසෙයින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
Pali BJTකථං පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරති: අනිට්ඨස්මිං ච ඉට්ඨස්මිං ච වත්ථුස්මිං මෙත්තාය වා එරති, ධාතුතො වා උපසංහරති, එවං පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද වස්තුවිෂයෙහි මෙත්සිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, ධාතු හෙයින් හෝ එළවයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
Pali BJTකථං අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරති: ඉට්ඨස්මිං ච අනිට්ඨස්මිං ච වත්ථුස්මිං අසුභාය වා එරති, අනිච්චතො වා උපසංහරති, එවං අප්පටික්කූලෙ පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරති.
Sinhala BJTකිසෙයින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරේ ද යත්: ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද වස්තුවිෂයෙහි අශුභසිතින් හෝ ස්පර්‍ශ කෙරෙයි, ආනිත්‍ය හෙයින් හෝ එළවයි. මෙසෙයින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වාසය කෙරෙයි.
Pali BJTකථං පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො: ඉධ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො, උපෙක්ඛකො විහරති සතො සම්පජානො. එවං පටික්කූලෙ ච අප්පටික්කූලෙ තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරති සතො සම්පජානො. අයං අරියා ඉද්ධි.
Sinhala BJTකිසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි යත්: මෙසස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණ ඇසින් රූපය දැක නො මැ සොම්නස් ඇති වෙයි, නො මැ දොම්නස් ඇතිවෙයි. සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි. කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් පැහැසියයුතු පැහැස ... මනසින් දහම් දැන නො මැ සොම්නස් ඇති වෙයි. නො මැ දොම්නස් ඇති වෙයි, සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරෙයි. මෙසෙයින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද එ දෙක හැරපියා සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ උපේක්‍ෂක වැ වාසය කෙරේ. මේ ආර්‍ය්‍යඍද්ධි නම.
Pali BJTකතමා කම්මවිපාකජා ඉද්ධි: සබ්බෙසං පක්ඛීනං සබ්බෙසං දෙවානං එකච්චානං මනුස්සානං එකච්චානං විනිපාතිකානං. අයං කම්මවිපාකජා ඉද්ධි.
Sinhala BJTකර්‍මවිපාකජ ඍද්ධි නම් කවර යත්: හැම ළිහිණියන්ට හැම දෙවියන්ට ඇතැම් මිනිසුනට ඇතැම් විනිපාතිකයනට, මේ කර්‍මවිපාකජ ඍද්ධි නම.
Pali BJTකතමා පුඤ්ඤවතො ඉද්ධි: චක්කවත්තී{1} වෙහාසං ගච්ඡති සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය අන්තමසො අස්සබන්ධගොබන්ධපුරිසෙ{2} උපාදාය, ජොතියස්ස{3} ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධි’ ජටිලස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධි, මෙණ්ඩකස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධි, ඝොසිතස්ස ගහපතිස්ස පුඤ්ඤවතො ඉද්ධි, පඤ්චන්නං මහාපුඤ්ඤානං පුඤ්ඤවතො ඉද්ධි. අයං පුඤ්ඤවතො ඉද්ධි.
Sinhala BJTපින්වත්හුගේ ඍද්ධි නම් කවර යත්, සක්විතිරජ සියුරඟසෙන් හා සමග යටත්පිරිසෙයින් අස්පලු ගොපලු පුරුෂයන් දක්වා ගෙන අහස්හි යෙයි. ජෝතිය ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, ජටිල ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, මෙණ්ඩක ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, ඝෝෂිත ගැහැවිහට පින්වත්හුගේ ඍද්ධි යැ, මහපිනැති පස්දෙනහට පින්වත්හුගේ ඍද්ධි යැ මේ පින්වත්හුගේ ඍද්ධි නම.
Pali BJTකතමා විජ්ජාමයා ඉද්ධි: විජ්ජාධරා විජ්ජං පරිජපෙත්වා{4} වෙහාසං ගච්ඡන්ති, ආකාසෙ අන්තලික්ඛෙ හත්ථිම්පි දස්සෙන්ති, අස්සම්පි දස්සෙන්ති, රථම්පි දස්සෙන්ති, පත්තිම්පි දස්සෙන්ති, විවිධම්පි සෙනාබ්යුහං දස්සෙන්ති, අයං විජ්ජාමයා ඉද්ධි.
Sinhala BJTවිද්‍යාමය ඍද්ධි නම් කවර යත්: විද්‍යාධරයෝ මතුරු දපා අහස්හි යෙති, අහස්හි අන්තරීක්‍ෂයෙහි ඇතකුදු දක්වති, අසකුද දක්වති, රිය දු දක්වති, පාබළ දු දක්වති, නොයෙක් සෙන්මුළු දක්වත්. මේ විද්‍යාමය ඍද්ධි නම.
Pali BJTකතං තත්ථ තත්ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි: නෙක්ඛම්මෙන කාමච්ඡන්දස්ස පහානට්ඨො ඉජ්ඣතීති සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි. අබ්යාපාදෙන බ්යාපාදස්ස පහානට්ඨො ඉජ්ඣතීති තත්ථ තත්ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි -පෙ- අරහත්ත මග්ගෙන සබ්බකිලෙසානං පහානට්ඨො ඉජ්ඣතීති තත්ථ තත්ථ සම්මාපයොග පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි. එවං තත්ථ තත්ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි. ඉමා දස ඉද්ධියො.
Sinhala BJTකිසෙයින් ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි වෙයි යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’ යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ ... රහත් මගින් හැම කෙලෙසුන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධ වේ නු’යි ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යැ. මෙසෙයින් ඒ ඒ ධර්‍මයෙහි සම්‍යක්ප්‍රයෝග හේතුයෙන් සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි නමි. මොහු දශඍද්ධිහු වෙත්.
Pali BJTඉද්ධිකථා සමත්තා.
Sinhala BJTඍද්ධිකථා නිමි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTඅභිසමය කථා
Sinhala BJTඅභිසමය කථා
Pali BJTඅභිසමයොති කෙන අභිසමෙති: චිත්තෙන අභිසමෙති. හඤ්චි චිත්තෙන අභිසමෙති. තෙන හි අඤ්ඤාණී අභිසමෙති, න අඤ්ඤාණී අභිසමෙති, ඤාණෙන අභිසමෙති.
Sinhala BJTඅභිසමයො යනු: කුමකින් අභිසමය (ප්‍රතිවේධ) කෙරෙයි යත්: සිතින් අභිසමය කෙරෙයි. ඉදින් සිතින් අභිසමය කෙරේ නම් එසේ වී නම් ඥාන නැතියේ අභිසමය කෙරේ ද යත්: ඥාන නැතියේ අභිසමය නො කෙරෙයි, ඥානයෙන් අභිසමය කෙරෙයි.
Pali BJTහඤ්චි ඤාණෙන අභිසමෙති, තෙන හි අචිත්තකො{1} අභිසමෙති: න අචිත්තකො අභිසමෙති, චිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති.
Sinhala BJTඉදින් ඥානයෙන් අභිසමය කෙරේ නම් එසේ වී නම් සිත් නැතියේ අභිසමය කෙරේ ද යත්: සිත් නැතියේ අභිසමය නො කෙරෙයි, සිතින් ද නැණින් ද අභිසමය කෙරෙයි.
Pali BJTහඤ්චි චිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති, තෙන හි කාමාවවරචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න කාමාවවරචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති.
Sinhala BJTඉදින් සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ නම් එසේ වී නම් කාමාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත් : කාමාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි.
Pali BJTතෙන හි රූපාවචරචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න රූපාවචරචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි අරූපාවචරචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න අරූපාවචරචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: තෙන හි කම්මස්සකතචිත්තෙ න ච ඤාණෙන ච අභිසමෙති: න කම්මස්සකතචිත්තෙන{2} ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි සච්චානුලොමිකචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න සච්චානුලොමිකචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි අතීතචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න අතීතචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති. තෙන හි අනාගතචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න අනාගතචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති තෙන හි පච්චුප්පන්නලොකියචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: න පච්චුප්පන්නලොකියචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති. ලොකුත්තරමග්ගක්ඛණෙ පච්චුපන්නචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති.
Sinhala BJTඑසේ වී නම් රූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: රූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අරූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අරූපාවචර සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් කර්‍මස්වකෘත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: කර්‍මස්වකෘත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් සත්‍යානුලෝමික සිතිනුදු නැණිනුදු අභිසමය කෙරෙ ද යත්: සත්‍යානුලෝමික සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අතීත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අතීත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් අනාගත සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: අනාගත සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. එසේ වී නම් ප්‍රත්‍යුත්පන්න ලෞකික සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: ප්‍රත්‍යුත්පන්න ලෞකික සිතිනුදු නැණිනුදු අභිසමය නො කෙරෙයි. ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න වූ සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ.
Pali BJTකථං ලොකුත්තරමග්ගක්ඛණෙ පච්චුප්පන්නචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති: ලොකුත්තරමග්ගක්ඛණෙ උප්පාදාධිපතෙය්යං චිත්තං ඤාණස්ස හෙතුපච්චයො ච තංසම්පයුත්තං නිරොධගොචරං දස්සනාධිපතෙය්යං ඤාණං චිත්තස්ස හෙතුපච්චයො ච තංසම්පයුත්තං ඤාණං නිරොධගොචරං. එවං ලොකුත්තරමග්ගක්ඛණෙ පච්චුප්පන්නචිත්තෙන ච ඤාණෙන ච අභිසමෙති.
Sinhala BJTකිසෙයින් ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ ද යත්: ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි උත්පාදය අධිපති කොට ඇති චිත්තය මාර්‍ගඥානයට හේතු (ජනක) ද ප්‍රත්‍යය (උපස්ථම්භක) ද වෙයි. ඒ ඥානය හා සමඟ සම්ප්‍රයුක්ත වූ නිර්‍වාණාලම්බන වූ දර්‍ශනාධිපති වූ ඥානය චිත්තයට හේතු ද ප්‍රත්‍යය ද වෙයි. ඒ චිත්තය හා සමග සම්ප්‍රයුක්ත වූ ඥානය නිර්‍වාණාලම්බන වෙයි. මෙසෙයින් ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රත්‍යුත්පන්න වූ සිතිනුදු නැණිනුදු අභිසමය කෙරේ.
Pali BJTකින්නු එත්තකොයෙව අභිසමයොති: න හි ලොකුත්තරමග්ගක්ඛණෙ දස්සනාභිසමයො සම්මාදිට්ඨි, අභිනිරොපනාභිසමයො සම්මාසඞ්කප්පා, පරිග්ගහාභිසමයො සම්මාවාචා, සමුට්ඨානාභිසමයො සම්මාකම්මන්තො, වොදානාභිසමයො සම්මාආජීවො, පග්ගහාභිසමයො සම්මාවායාමො, උපට්ඨානාභිසමයො සම්මාසති, අවික්ඛෙපාභිසමයො සම්මාසමාධි.
Sinhala BJTකිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. ලෝකෝත්තරමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශන (සඞ්ඛ්‍යාත) අභිසමය වෙයි, සම්‍යක්සඞ්කල්පය අභිනිරෝපණාභිසමය වෙයි, සම්‍යග්වචනය පරිග්‍රහාභිසමය වෙයි, සම්‍යාක්කර්‍මාන්තය සමුත්‍ථානාභිසමය වෙයි, සම්‍යගාජීවය ව්‍යවදානාභිසමය වෙයි, සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහාභිසමය වෙයි, සම්‍යක්ස්මෘතිය උපස්ථානාභිසමය වෙයි, සම්‍යක්සමාධිය අවික්‍ෂේපාභිසමය වේ.
Pali BJTඋපට්ඨානාභිසමයො සතිසම්බොජ්ඣඞ්ගො, පවිචයාභිසමයො ධම්මවිවයසම්බොජ්ඣගා, පග්ගහාභිසමයො විරියසම්බොජ්ඣාඞ්ගො, ඵරණාභිසමයො පීතිසම්බොජ්ඣඞ්ගො, උපසමාභිසමයො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අවික්ඛෙපාභිසමයො, සමාධිසම්බොජ්ඣඞ්ගො, පටිසඞ්ඛානාභිසමයො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානාභිසමය වෙයි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචය සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහාභිසමය වෙයි, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ඵරණ (ආලම්බනස්පර්‍ශ) සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශම සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපාභිසමය වෙයි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ප්‍රත්‍යවේක්‍ෂාභිසමය වේ.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියාභිසමයො සද්ධාබලං, කොසජ්ජෙ අකම්පියාභිසමයො විරියබලං, පමාදෙ අකම්පියාභිසමයො සතිබලං, උද්ධච්චෙ අකම්පියාභිසමයො සමාධිබලං, අවිජ්ජාය අකම්පියාභිසමයො පඤ්ඤාබලං.
Sinhala BJTශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්‍ය්‍යබලය කුශීදභාවයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ස්මෘතිබලය ප්‍රමාදයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධිබලය උද්ධතභාවයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රඥාබලය අවිද්‍යායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත අභිසමය වේ.
Pali BJTඅධිමොක්ඛාභිසමයො සද්ධින්ද්රියං, පග්ගහාභිසමයො විරියින්ද්රියං, උපට්ඨානාභිසමයො සතින්ද්රියං, අවික්ඛෙපාභිසමයො සමාධින්ද්රියං, දස්සනාභිසමයො පඤ්ඤින්ද්රියං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථාන (අරමුණට එළඹීම) සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේප සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශන සඞ්ඛ්‍යාත අභිසමය වේ.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියාභිසමයො, අකම්පියට්ඨෙන බලාභිසමයො, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගාභිසමයො, හෙතුට්ඨෙන මග්ගාභිසමයො, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානාභිසමයො, පදහනට්ඨෙන{1} සම්මප්පධානාභිසමයො, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදාභිසමයො, තථට්ඨෙන සච්චාභිසමයො, අවික්ඛෙපට්ඨෙන සමථාභිසමයො, අනුපස්සනට්ඨෙන විපස්සනාභිසමයො, එකරසට්ඨෙන සමථවිපස්සනාභිසමයො, අනතිවත්තනට්ඨෙන යුගනද්ධාභිසමයො{2} සංවරට්ඨෙන සීලවිසුද්ධිඅභිසමයො, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධිඅභිසමයො, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධිඅභිසමයො, මුත්තට්ඨෙන අධිමොක්ඛාභිසමයො, පටිවෙධට්ඨෙන විජ්ජාභිසමයො පරිච්චාගට්ඨෙන විමුත්තිඅභිසමයො, සමුච්ඡෙදට්ඨෙන ඛයෙඤාණං අභිසමයො.
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියාභිසමය වෙයි, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලාභිසමය වෙයි, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගාභිසමය වෙයි, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගාභිසමය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානාභිසමය වෙයි, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානාභිසමය වෙයි, සිද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදාභිසමය වෙයි, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යාභිසමය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථාභිසමය වෙයි, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාභිසමය වෙයි, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාභිසමය වෙයි, (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනද්ධාභිසමය වෙයි, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධි සඞ්ඛ්‍යාත අභිසමය වෙයි, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් අධිමෝක්‍ෂාභිසමය වෙයි, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාභිසමය වෙයි, පරිත්‍යාගාරර්‍ත්‍ථයෙන් විමුක්ත්‍යාභිසමය වෙයි, සමුච්ඡේදාර්‍ථයෙන් ක්‍ෂයඥාන සඞ්ඛ්‍යාත අභිසමය වේ.
Pali BJTඡන්දො මූලට්ඨෙන අභිසමයො, මනසිකාරො සමුට්ඨානට්ඨෙන අභිසමයො, ඵස්සො සමොධානට්ඨෙන අභිසමයො, වෙදනා සමොසරණට්ඨෙන අභිසමයො, සමාධි පමුඛට්ඨෙන අභිසමයො, සති ආධිපතෙය්යට්ඨෙන අභිසමයො, පඤ්ඤා තතුත්තරට්ඨෙන අභිසමයො, විමුත්ති සාරට්ඨෙන අභිසමයො, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන අභිසමයො.
Sinhala BJTඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, මනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, ප්‍රඥාව තතුත්තරාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
Pali BJTකින්නු එත්තකොයෙව අභිසමයොති: න හි, සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනාභිසමයො සම්මාදිට්ඨි -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන අභිසමයො.
Sinhala BJTකිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනාභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
Pali BJTකින්නු එත්තකොයෙව අභිසමයොති: න හි, සොතාපත්තිඵලක්ඛණෙ දස්සනාභිසමයො සම්මාදිට්ඨි -පෙ- පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං අභිසමයො, ඡන්දො මූලට්ඨෙන අභිසමයො, -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන අභිසමයො.
Sinhala BJTකිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශනාභිසමය වෙයි ... ප්‍රතිප්‍රශ්‍රබ්ධිඅර්‍ත්‍ථයෙන් අනුත්තපාදයෙහි ඥානය අභිසමය වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
Pali BJTකින්නු එත්තකොයෙව අභිසමයොති: න හි, සකදාගාමිමග්ගක්ඛණෙ -පෙ- සකදාගාමිඵලක්ඛණෙ -පෙ- අනාගාමිමග්ගක්ඛණෙ -පෙ- අනාගාමිඵලක්ඛණෙ -පෙ- අරහත්තමග්ගක්ඛණෙ -පෙ- අරහත්තඵලක්ඛණෙ දස්සනාභිසමයො සම්මාදිට්ඨි, අභිනිරොපනාභිසමයො සම්මාසඞ්කප්පො -පෙ- පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං අභිසමයො. ඡන්දො මූලට්ඨෙන අභිසමයො -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන අභිසමයො.
Sinhala BJTකිම මෙතෙක් මැ අභිසමය වෙයි යත්: නැති. සකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමිඵලක්‍ෂණයෙහි ... අනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි අනාගාමිඵලක්‍ෂණයෙහි ... අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි ... අර්‍හත්ඵලක්‍ෂණයෙහි සම්‍යග්දෘෂ්ටිය දර්‍ශන සඞ්ඛ්‍යාත අභිසමය වෙයි. සම්‍යක්සංකල්පය අභිනිරෝපණ සඞ්ඛ්‍යාත අභිසමය වෙයි ... ප්‍රතිප්‍රශ්‍රබ්ධිඅර්‍ත්‍ථයෙන් අනුත්පාදයෙහි ඥානය අභිසමය වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් අභිසමය වෙයි ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අභිසමය වේ.
Pali BJTය්වායං කිලෙසෙ පජහති, අතීතෙ කිලෙසෙ පජහති, අනාගතෙ කිලෙසෙ පජහති, පච්චුප්පන්නෙ කිලෙසෙ පජහති? ‘අතීතෙ කිලෙසෙ පජහතී’ති හඤ්චි අතීතෙ කිලෙසෙ පජහති? තෙන හි ඛීණං ඛෙපෙති, නිරුද්ධං නිරොධෙති, විගතං විගමෙති, අත්ථඞ්ගතං අත්ථඞ්ගමෙති, අතීතං යං න අත්ථි, තං පජහතීති න අතීතෙ කිලෙසෙ පජහතීති.
Sinhala BJTයමෙක් කෙලෙසුන් දුරු කෙරෙයි, අතීත කෙලෙසුන් දුරු කෙරෙයි, අනාගත කෙලෙසුන් දුරු කෙරෙයි. ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් දුරු කෙරේ. අතීතෙ කිලෙසෙ පජහති යනු: ඉදින් අතීත කෙලෙසුන් දුරු කෙරේ ද: එසේ වී නම් ක්‍ෂය වූවක් මැ ක්‍ෂය කෙරෙයි, නිරුද්ධ වූවක් මැ නිරුද්ධ කෙරෙයි, අපගත වූවක් මැ අපගත කෙරෙයි, අභාවයට ගියක් මැ අභාවයට යවයි, අතීත වූ යමෙක් නැත් ද එය දුරු කෙරේ නු’ යි අතීත කෙලෙසුන් දුරු නො කෙරේ යයි.
Pali BJTඅනාගතෙ කිලෙසෙ පජහතීති හඤ්චි අනාගතෙ කිලෙසෙ පජහති, කෙන හි අජාතං පජහති, අනිබ්බත්තං පජහති, අනුප්පන්නං පජහති, අපාතුභූතං පජහති, අනාගතං යං න අත්ථි, තං පජහතීති න අනාගතෙ’ කිලෙසෙ පජහතීති.
Sinhala BJTඅනාගතෙ කිලෙසෙ පජහති යනු: ඉදින් අනාගත කෙලෙසුන් දුරු කෙරේ ද: එසේ වී නම් නූපන් ක්ලේශය දුරු කෙරෙයි, ස්වභාවයට නො පත් ක්ලේශය දුරු කෙරෙයි, අනුත්පන්න ක්ලේශය දුරු කෙරෙයි, පහළ නො වු ක්ලේශය දුරු කෙරෙයි, අනාගත වූ යම් ක්ලේශයෙක් නැත් ද, එය දුරු කෙරේ නු’ යි අනාගත කෙලෙසුන් දුරු නො කෙරේ යයි.
Pali BJTපච්චුප්පන්නෙ කිලෙසෙ පජහතීති හඤ්චි පච්චුප්පන්නෙ කිලෙසෙ පජහති. තෙන හි රත්තො රාගං පජහති, දුට්ඨො දොසං පජහති, මූළ්හො මොහං පජහති, විනිබද්ධො මානං පජහති, පරාමට්ඨො දිට්ඨිං පජහති වික්ඛෙපගතො උද්ධච්චං පජහති, අනිට්ඨං ගතො විචිකිච්ඡං පජහති, ථාමගතො අනුසයං පජහති, කණ්හාසුක්කධම්මා යුගනද්ධා සමමෙව වත්තන්ති, සඞ්කිලෙසිකා{1} මග්ගභාවනා හොති.
Sinhala BJTපච්චුප්පනෙන කිලෙසෙ පජහති යනු: ඉදින් ප්‍රත්‍යුත්පන්න ක්ලේශයන් දුරු කෙරේ ද, එසේ වී නම් රාගයෙන් රක්ත වූයේ රාගය දුරු කෙරෙයි, ද්වේෂයෙන් දුෂ්ට වූයේ ද්වේෂය දුරු කෙරෙයි, මෝහයෙන් මූඪ වූයේ මෝහය දුරු කෙරෙයි, මානයෙන් බැඳුණේ මානය දුරු කෙරෙයි, දෘෂ්ටියෙන් පරාමෘෂ්ට වූයේ දෘෂ්ටිය දුරු කෙරෙයි, වික්‍ෂේපයට ගියේ ඖද්ධත්‍යය දුරු කෙරෙයි, නිෂ්ඨාවට නො ගියේ විචිකිත්සාව දුරු කෙරෙයි, තිර බවට ගියේ අනුශය දුරු කෙරෙයි, කෘෂ්ණාශුක්ලධර්‍මයෝ යුගනන්‍ධ වැ එක්වට මැ පවතිත්. මාර්‍ගභාවනාව සාංක්ලේශික වේ.
Pali BJTන හි අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ කිලෙසෙ පජහති, න පච්චුප්පන්නෙ කිලෙසෙ පජහතීති හඤ්චි න අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ -පෙ- න පච්චුප්පන්නෙ කිලෙසෙ පජහති, තෙන හි නත්ථි මග්ගභාවනා, නත්ථි ඵලසච්ඡිකිරියා, නත්ථි කිලෙසප්පහානං, නත්ථි ධම්මාභිසමයොති: අත්ථි මග්ගභාවනා, අත්ථි ඵලසච්ඡිකිරියා, නත්ථි කිලෙසප්පහානං, අත්ථි ධම්මාභිසමයො: යථාකථං විය: සෙය්යථාපි තරුණො රුක්ඛො අජාතඵලො, තමෙනං පුරිසො මූලං ඡින්දෙය්ය, යෙ තස්ස රුක්ඛස්ස අජාතඵලාතෙ අජාතායෙව න ජායන්ති, අනිබ්බත්තායෙව න නිබ්බත්තන්ති, අනුප්පන්නායෙව න උප්පජ්ජන්ති, අපාතුභූතායෙව න පාතුභවන්ති, එවමෙවං උප්පාදො හෙතු උප්පාදො පච්චයො කිලෙසානං නිබ්බත්තියාති උප්පාදෙ ආදීනවං දිස්වා අනුප්පාදෙ විත්තං පක්ඛන්දති, අනුප්පාදෙ විත්තසස පක්ඛන්තත්තා{2} යෙ උප්පාදපච්චයා කිලෙසා නිබ්බත්තෙය්යුං, තෙ අජාතායෙව න ජායන්ති, අනිබ්බත්තායෙ න නිබ්බත්තන්ති, අනුප්පන්නායෙව න උප්පජ්ජන්ති, අපාතුභූතායෙව න පාතුභවන්ති. එවං හෙතු නිරොධා දුක්ඛනිරොධො. පවත්තං හෙතු, නිමිත්ත හෙතු, ආයූහනා{3} හෙතු, ආයූහනපච්චයො කිලෙසානං නිබ්බත්තියාති ආයුහනෙ ආදීනවං දිස්වා අනායූහනෙචිත්තං පක්ඛන්දති, අනායූහනෙ චිත්තසස්ස පක්ඛන්නත්තා යෙ ආයූහනපච්චයා කිලෙසා නිබ්බත්තෙය්යුං තෙ අජාතායෙව න ජායන්ති, අනිබ්බත්තායෙව න නිබ්බත්තන්ති, අනුප්පන්නායෙව න උප්පජ්ජන්ති, අපාතුභූතායෙව න පාතුභවන්ති. එවං හෙතුනිරොධා දුක්ඛනිරොධො. එවං අත්ථි මග්ගභාවනා, අත්ථි ඵලසච්ඡිකිරියා, අත්ථි කිලෙසප්පහානං, අත්ථි ධම්මාභිසමයොති.
Sinhala BJTන හි අතීතෙ කිලෙසෙ පජහති, න අනාගතෙ කිලෙසෙ පජහති, න පච්චුප්පන්නේන කිලෙසෙ පජහති යනු: ඉදින් අතීත කෙලෙසුන් දුරු නො කෙරේ ද, අනාගත ... ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් දුරු නො කෙරේ ද, එසේ වී නම් මාර්‍ගභාවනාවක් නැත් ද, ඵලසාක්‍ෂාත්ක්‍රියාවක් නැත් ද, ක්ලේශප්‍රහාණයෙක් නැත් ද, ධර්‍මප්‍රතිවේධයෙක් නැත් ද යත්. මාර්‍ගභාවනා ද ඇත, ඵලසාක්‍ෂාත්ක්‍රියා ද ඇත, ක්ලේශප්‍රහාණය ද ඇත, ධර්‍මප්‍රතිවේධය ද ඇති. හේ කිසේ යැ යත්: යම්සේ නො පලගත් තරුණ රුකෙක් වේ ද, ඒ මේ රුක පුරුෂයෙක් මුලින් සිඳුනේ නම් එ රුක්හි යම් නූපන් ඵල කෙනෙක් වෙත් නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති, ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු ම නො පහළ වෙත් ද, එසෙයින් මැ කෙලෙසුන්ගේ නිපැත්මට උත්පාදය හේතු යැ උත්පාදය ප්‍රත්‍යය යැ’ යි උත්පාදයෙහි ආදීනව දැක අනුත්පාදයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරෙයි. අනුත්පාදයෙහි සිත ප්‍රස්කන්‍දනය කළ (පැනගත්) බැවින් යම් කෙලෙස් කෙනෙක් උත්පාද ප්‍රත්‍යයෙන් උපදනාහු නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති. ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු මැ නො පහළ වෙති. මෙසෙයින් හේතුනිරෝධයෙන් දුඃඛනිරෝධය වෙයි. ප්‍රවෘත්තිය හේතු යැ නිමිත්ත හේතු යැ ආයූහනය හේතු යැ, කෙලෙසුන්ගේ උපැත්මට ආයූහනය ප්‍රත්‍යය යැ’යි ආයූහනයෙහි ආදීනව දැක අනායූහනයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරෙයි, අනායූහනයෙන් සිත ප්‍රස්කන්‍දනය කළ බැවින් යම් කෙලෙස් කෙනෙක් ආයූහනප්‍රත්‍යයෙන් උපදනාහු නම් ඔහු නො හටගත්තාහු මැ නො හටගනිති, ස්වභාවයට නො පැමිණියාහු මැ ස්වභාවයට නො පැමිණෙති, නූපන්නාහු මැ නූපදිති, නො පහළ වූවාහු මැ නො පහළ වෙති. මෙසෙයින් හේතුනිරෝධයෙන් දුඃඛනිරෝධය වෙයි. මෙසෙයින් මාර්‍ගභාවනා ද ඇත, ඵලසාක්‍ෂාත්ක්‍රියා ද ඇත, ක්ලේශප්‍රහාණය ද ඇත, ධර්‍මප්‍රතිවේධය ද ඇති යයි.
Pali BJTඅභිසමයකථා සමත්තා.
Sinhala BJTඅභිසමය කථා නිමි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTවිවෙක කථා
Sinhala BJTවිවේක කථා
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT‘සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව භික්ඛවෙ’ භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති.
Sinhala BJTයම්සේ මහණෙනි, යම් කිසි බාහුබලයෙන් කටයුතු කර්‍මාන්ත කෙනෙක් කරනුලැබෙත් ද, එ හැම කර්‍මාන්තයෝ පොළොව නිසා පොළොව්හි පිහිටා කරනුලැබෙති. මෙසේ තෙල බලකරණීය කර්‍මාන්තයෝ කරනුලැබෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි. ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සම්මසඞ්කප්පං -පෙ- සම්මාවාචං -පෙ- සම්මාකම්මන්තං -පෙ- සම්මාආජීවං -පෙ- සම්මාවායාමං -පෙ- සම්මාසතිං -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිනාමි. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති.”{a}
Sinhala BJTකිසෙයින් මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශපරිත්‍යාග නිර්‍වාණප්‍රස්කන්‍දන සඞ්ඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි සම්‍යක් සංකල්පය ... සම්‍යග්වචනය ... සම්‍යක්කර්‍මාන්තය ... සම්‍යගාජීවය ... සම්‍යග්ව්‍යායාමය ... සම්‍යක්ස්මෘතිය ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩා.
Pali BJT“සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි මෙ{1} බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ ඛිජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජතන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු.
Sinhala BJTමහණෙනි, යම්සේ යම් කිසි බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එ හැම පොළොව නිසා පොළොව්හි පිහිටා පැමිණෙත්. මෙසේ තෙල බීජගාමභූතගාමයෝ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද, එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො: වුද්ධි විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, සම්මසඞ්කප්පං භාවෙති -පෙ- සම්මාවාචං භාවෙති -පෙ- සම්මාකම්මන්තං භාවෙති -පෙ- සම්මාආජීවං භාවෙති -පෙ- සම්මාවායාමං භාවෙති -පෙ- සම්මාසතිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසූ’ති.{b}
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමුණු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... සම්‍යක්සංකල්පය වඩයි ... සම්‍යග්වචනය වඩයි ... සම්‍යක්කර්‍මාන්තය වඩයි ... සම්‍යගාජීවය වඩයි ... සම්‍යග්ව්‍යායාමය වඩයි ... සම්‍යක්ස්මෘතිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනුයේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ යයි.
Pali BJTසම්මාදිට්ඨියා පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා. සම්මාසඞ්කප්පස්ස -පෙ- සම්මාවාචාය -පෙ- සම්මාකම්මන්තස්ස -පෙ- සම්මාආජීවස්ස -පෙ- සම්මාවායාමස්ස -පෙ- සම්මාසතියා -පෙ- සම්මාසමාධිස්ස පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි. සම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට ... සම්‍යග්ව්‍යායාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි.
Pali BJTසම්මාදිට්ඨියා කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමුච්ඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකො. වික්ඛම්භනවිවෙකො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවිවෙකො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිවෙකො ච ලොකුත්තරං ඛයගාමී මග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවිවෙකො ච ඵලක්ඛණෙ, නිස්සරණවිවෙකො ච නිරොධො නිබ්බානං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච විවෙකා. ඉමෙසු පඤ්චසු විවෙකෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තං චස්ස ස්වාධිට්ඨිතං.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ (දුරුකිරීම් වශයෙන් වන) විවේකය ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේකය ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද විවේකය ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේකය ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිස්සරණවිවේකය ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤචවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි, ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
Pali BJTසම්මාදිට්ඨියා කතමෙ පඤ්ච විරාගා: වික්ඛම්භනවිරාගො තදඞ්ගවිරාගො සමුච්ඡෙදවිරාගො පටිප්පස්සද්ධිවිරාගො නිස්සරණවිරාගො. වික්ඛම්භනවිරාගො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවිරාගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිරාගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවිරාගො ච ඵලක්ඛණෙ, නිස්සරණවිරාගො ච නිරොධො නිබ්බානං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච විරාගා. ඉමෙසු පඤ්චසු විරාගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටියට පඤ්චවිරාගයෝ කවරහ යත්: විෂ්කම්භණවිරාග යැ තදඞ්ගවිරාග යැ සමුච්ඡේදවිරාග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග යැ නිස්සරණවිරාග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිරාග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිරාග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිරාග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය නිස්සරණවිරාග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිරාගයෝ වෙති. මේ පඤ්චවිරාගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි, ඔහුගේ සිත ද මොනවට පිහිටියේ වේ.
Pali BJTසම්මාදිට්ඨියා කතමෙ පඤ්ච නිරොධා: වික්ඛම්භනනිරොධො තදඞ්ගනිරොධො සමුච්ඡෙදනිරොධො පටිප්පස්සද්ධිනිරොධො නිස්සරණනිරොධො. වික්ඛම්භනනිරොධො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගනිරොධො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදනිරොධො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිනිරොධො ච ඵලක්ඛණෙ, නිස්සරණනිරොධො ච අමතා ධාතු,{1} සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච නිරොධා. ඉමෙසු පඤ්චසු නිරොසෙ ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තං චස්ස ස්වාධිට්ඨිතං.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටියට පඤ්චනිරෝධයෝ කවරහ යත්: විෂ්කම්භණනිරෝධ යැ තදඞ්ගනිරෝධ යැ සමුච්ඡේදනිරෝධ යැ ප්‍රතිප්‍රශබ්ධිනිරෝධ යැ නිස්සරණ නිරෝධ යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණනිරෝධ ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගනිරෝධ ද ලෝකෝත්තර ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදනිරෝධ ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ ද අමෘතධාතු වූ නිස්සරණනිරෝධ ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චනිරෝධයෝ වෙති. මේ පඤ්චනිරෝධයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
Pali BJTසම්මාදිට්ඨියා කතමෙ පඤ්ච වොස්සග්ගා: වික්ඛම්භනවොස්සග්ගො තදඞ්ගවොස්සග්ගො සමුච්ඡෙදවොස්සග්ගො පටිප්පස්සද්ධිවොස්සග්ගො නිස්සරණවොස්සග්ගො. වික්ඛම්භනවොස්සග්ගො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවොස්සග්ගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවොස්සග්ගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවොස්සග්ගො ච ඵලක්ඛණෙ, නිස්සරණවොස්සග්ගො ච නිරොධො නිබ්බානං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච වොස්සග්ගා, ඉමෙසු පඤ්චසු වොස්සග්ගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො. චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං. සම්මාදිට්ඨියා ඉමෙ පඤ්ච විවෙකා, පඤ්චවිරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාසද නිස්සයා.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටියට පඤ්චවොස්සග්ගයෝ කවරහ යත්: විෂ්කම්භණ වොස්සග්ග යැ තදඞ්ග වොස්සග්ග යැ සමුච්ඡේද වොස්සග්ග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග යැ නිස්සරණ වොස්සග්ග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ වොස්සග්ග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ග වොස්සග්ග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද වොස්සග්ග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණ වොස්සග්ග ද වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවොස්සග්ගයෝ වෙති. මේ පඤ්චවොස්සග්ගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. සම්‍යග්දෘෂ්ටියට මේ පඤ්චවිවේකයෝ පඤ්චවිරාගයෝ පඤ්චනිරෝධයෝ පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත්.
Pali BJTසම්මාසඞ්කප්පස්ස -පෙ- සම්මාවාචාය -පෙ- සම්මාකම්මන්තස්ස -පෙ- සම්මාආජීවස්ස -පෙ- සම්මාවායාමස්ස -පෙ- සම්මාසතියා -පෙ- සම්මාසමාධිස්ස කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමුච්ඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකො. වික්ඛම්භනවිවෙකො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො, තදඞ්ගවිවෙකො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිවෙකො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සද්ධිවිවෙකො ච ඵලක්ඛණෙ, නිස්සරණවිවෙකො ච නිරොධං නිබ්බානං, සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච විවෙකා. ඉමෙසු පඤ්චසු විවෙකෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
Sinhala BJTසම්‍යක්සංකල්පයට ... සම්‍යග්වචනයට ... සම්‍යක්කර්‍මාන්තයට ... සම්‍යගාජීවයට … සම්‍යග්ව්‍යයාමයට ... සම්‍යක්ස්මෘතියට ... සම්‍යක්සමාධියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිවේක ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේක ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිවේක ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණවිවේක ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤ්චවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූයේ වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
Pali BJTසම්මාසමාධිස්ස කතමෙ පඤ්ච විරාගා: වික්ඛම්භනවිරාගො තදඞ්ගවිරාගො සමුච්ඡෙදවිරාගො පටිප්පස්සද්ධිවිරාගො නිස්සරණවිරාගො. වික්ඛම්භනවිරාගො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවිරාගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිරාගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවිරාගො ච ඵලක්ඛණෙ, නිස්සරණවිරාගො ච නිරොධො නිබ්බානං. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච විරාගා. ඉමෙසු පඤ්චසු විරාගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
Sinhala BJTසම්‍යක්සමාධියට පඤ්චවිරාගයෝ කවරහ යත්: විෂ්කම්භණවිරාග යැ තදඞ්ගවිරාග යැ සමුච්ඡේදවිරාග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග යැ නිස්සරණවිරාග යි ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිරාග ද නිර්වේදභාගිය සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිරාග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිරාග ද ඵලක්‍ෂණෙයහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිරාග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණවිරාග ද වෙයි. සම්‍යක් සමාධියට මේ පඤ්චවිරාගයෝ වෙති. මේ පඤ්චවිරාගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
Pali BJTසම්මාසමාධිස්ස කතමෙ පඤ්ච නිරොධා: වික්ඛම්භනිරොධො තදඞ්ගනිරොධො සමුච්ඡෙදනිරොධො පටිප්පස්සද්ධිනිරොධො නිස්සරණනිරොධො වික්ඛම්භනනිරොධො ච නීවරණානං, පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගනිරොධො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදනිරොධො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිනිරොධො ච ඵලක්ඛණෙ, නිස්සරණනිරොධො ච අමතා ධාතු. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච නිරොධා. ඉමෙසු පඤ්චසු නිරොධෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං.
Sinhala BJTසම්‍යක්සමාධියට පඤ්චනිරෝධයෝ කවරහ යත්: විෂ්කම්භණනිරෝධ යැ තදඞ්ගනිරෝධ යැ සමුච්ඡේදනිරෝධ යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ යැ නිස්සරණනිරෝධ යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණනිරෝධ ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට තදඞ්ගනිරෝධ ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදනිරෝධ ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිනිරෝධ ද අමෘතධාතු වූ නිස්සරණනිරෝධ ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චනිරෝධයෝ වෙති. මේ පඤ්චනිරෝධයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ.
Pali BJTසම්මාසමාධිස්ස කතමෙ පඤ්ච වොස්සග්ගා: වික්ඛම්භනවොස්සග්ගො තදඞ්ගවොස්සග්ගො සමුච්ඡෙදවොස්සග්ගො පටිප්පස්සද්ධිවොස්සග්ගො නිස්සරණවොස්සග්ගො. වික්ඛම්භනවොස්සග්ගො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො. තදඞ්ගවොස්සග්ගො ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවොස්සග්ගො ච ලොකුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සසද්ධිවොස්සග්ගො ච ඵලක්ඛණෙ, නිස්සරණවොස්සග්ගො ච නිරොධො නිබ්බානං. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච වොස්සග්ගා. ඉමෙසු පඤ්චසු වොස්සග්ගෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං. සම්මාසමාධිස්ස ඉමෙ පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා.
Sinhala BJTසම්‍යක්සමාධියට පඤ්ච වොස්සග්ගයෝ කවරහ යත්: විෂ්කම්භණ වොස්සග්ග යැ තදඞ්ග වොස්සග්ග යැ සමුච්ඡේද වොස්සග්ග යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග යැ නිස්සරණවොස්සග්ග යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණ වොස්සග්ග ද නිර්වේදභාගියසමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ග වොස්සග්ග ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේද වොස්සග්ග ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධි වොස්සග්ග ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණ වොස්සග්ග ද වෙයි. සම්‍යක්සමාධියට මේ පඤ්චවොස්සග්ගයෝ වෙති. මේ පඤ්ච වොස්සග්ගයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ. සම්‍යක්සමාධියට මේ පඤ්ච විවේකයෝ පඤ්ච විරාගයෝ පඤ්ච නිරෝධයෝ පඤ්ච වොස්සග්ගයෝ දොළොස් නිස්සයෝ වෙත්.
Pali BJT“සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය, එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති -පෙ- සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු -පෙ- පඤ්ච බලානි භාවෙති පඤ්ච බලානි බහුලීකරොති -පෙ- පඤ්ච බලානි භාවෙන්තො පඤ්ච බලානි බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු. -පෙ- පඤ්චින්ද්රියානි භාවෙති පඤ්චින්ද්රියානි බහුලීකරොති -පෙ-
Sinhala BJTයම්සේ මහණෙනි, යම් කිසි බලකරණීය වූ කර්‍මාන්ත කෙනෙක් කරනු ලැබෙත් ද එ හැම පොළොව නිසා පොළොව්හි පිහිටා කරනුලැබෙති. මෙසේ තෙල බලකරණීය වූ කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩයි, සප්තබෝධ්‍යඞ්ගයන් පුනපුනා වඩයි ... සප්තබෝධ්‍යඞ්ගයන් වඩනුයේ සප්තබෝධ්‍යඞ්ගයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි ... පඤ්චබලයන් වඩයි, පඤ්චබලයන් පුනපුනා වඩයි ... පඤ්චබලයන් වඩනුයේ පඤ්චබලයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි ... පඤ්චේන්‍ද්‍රියයන් වඩයි, පඤ්චේන්‍ද්‍රියයන් පුනපුනා වඩයි ...
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි මෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිපට්ඨාය, එවමෙතෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය පඤ්චින්ද්රියානි භාවෙන්තො පඤ්චින්ද්රියානි බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු.
Sinhala BJTයම්සේ මහණෙනි, යම් කිසි බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද එ හැම පොළොව නිසා යැ පොළොව්හි පිහිටා යැ. මෙසේ තෙල බීජගාමභූතගාමයෝ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙත් ද එසෙයින් මැ මහණෙනි, මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා පඤ්චේන්‍ද්‍රියයන් වඩනුයේ පඤ්චේන්‍ද්‍රියයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය පඤ්චින්ද්රියානි භාවෙන්තො පඤ්චින්ද්රියානි බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු. ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. විරියින්ද්රියං භාවෙති -පෙ- සතින්ද්රිරියං භාවෙති -පෙ- සමාධින්ද්රියං භාවෙති -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොසස්සග්ගපරිනාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය -පෙ- පාපුණාති ධම්මෙසූ’ති.{a}
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ තෙම ශීලය නිසා ශීලයෙහි පිහිටා පඤ්චේන්‍ද්‍රියයන් වඩනුයේ පඤ්චේන්‍ද්‍රියයන් පුනපුනා වඩනුයේ දහම්හි වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි. මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙම විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත නිවනට පිරිනැමුණු ශ්‍රද්ධේන්‍ද්‍රිය වඩයි ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි ... ස්මෘතීන්‍ද්‍රිය වඩයි ... සමාධීන්‍ද්‍රිය වඩයි, විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත නිවනට පිරිනැමුණු ප්‍රඥේන්‍ද්‍රිය වඩයි. මහණෙනි, මෙසෙයින් මහණ තෙම ශීලය නිසා ... දහම්හි විපුලබවට පැමිණේ යයි.
Pali BJTසද්ධින්ද්රියස්ස පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා විරියින්ද්රියස්ස -පෙ- සතින්ද්රියස්ස -පෙ- සමාධින්ද්රියස්ස -පෙ- පඤ්ඤින්ද්රියස්ස පඤ්ච විවෙකා පඤ්ච විරාගා, පඤ්ච නිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයා.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වොස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි. වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ... ස්මෘතීන්‍ද්‍රියට ... සමාධීන්‍ද්‍රියට ... ප්‍රඥේන්‍ද්‍රියට විවේක පසෙක, විරාග පසෙක, නිරෝධ පසෙක, වෙස්සග්ග පසෙක, නිඃශ්‍රය දොළොසෙකි.
Pali BJTසද්ධින්ද්රියස්ස කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමුච්ඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකො. වික්ඛම්භනවිවෙකො ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො, තදඞ්ගවිවෙකො ච දිට්ඨිගානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො, සමුච්ඡෙදවිවෙකො ච ලොක්කුත්තරං ඛයගාමීමග්ගං භාවයතො, පටිප්පස්සද්ධිවිවෙකො ච ඵලක්ඛණෙ නිස්සරණවිවෙකො ච නිරොධො නිබ්බානං. සද්ධින්ද්රියස්ස ඉමෙ පඤ්ච විවෙකා. ඉමෙසු පඤ්චසු විවෙකෙසු ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං -පෙ- සද්ධින්ද්රියස්ස ඉමෙ පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්චනිරොධා, පඤ්ච වොස්සග්ගා, ද්වාදසනිස්සයා.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යි. ප්‍රථමධ්‍යාන වඩනුවහට නීවරණයන්ගේ විෂ්කම්භණවිවේක ද නිර්වේදභාගිය වූ සමාධිය වඩනුවහට දෘෂ්ටිගතයන්ගේ තදඞ්ගවිවේක ද ලෝකෝත්තර වූ ක්‍ෂයගාමීමාර්‍ගය වඩනුවහට සමුච්ඡේදවිවේක ද ඵලක්‍ෂණයෙහි ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක ද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය වූ නිස්සරණවිවේක ද වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ වෙති. මේ පඤ්චවිවේකයන්හි හටගත් ධර්‍මච්ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වේ ... ශ්‍රද්ධේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ, පඤ්චවිරාගයෝ, පඤ්චනිරෝධයෝ, පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත්.
Pali BJTවිරියින්ද්රියස්ස -පෙ- සතින්ද්රියස්ස -පෙ- සමාධින්ද්රියස්ස -පෙ- පඤ්ඤින්ද්රියයස්ස කතමෙ පඤ්ච විවෙකා: වික්ඛම්භනවිවෙකො තදඞ්ගවිවෙකො සමඡෙදවිවෙකො පටිප්පස්සද්ධිවිවෙකො නිස්සරණවිවෙකා -පෙ- පඤ්ඤින්ද්රියස්ස ඉමෙ පඤ්ච විවෙකා, පඤ්ච විරාගා, පඤ්ච නිරොධා. පඤ්ච වොස්සග්ගා, ද්වාදස නිස්සයාති.
Sinhala BJTවීර්‍ය්‍යෙන්‍ද්‍රියට .. ස්මෘතීන්‍ද්‍රියට ... සමාධීන්‍ද්‍රියට ... ප්‍රඥේන්‍ද්‍රියට පඤ්චවිවේකයෝ කවරහ යත්: විෂ්කම්භණවිවේක යැ තදඞ්ගවිවේක යැ සමුච්ඡේදවිවේක යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිවේක යැ නිස්සරණවිවේක යැ ... ප්‍රඥේන්‍ද්‍රියට මේ පඤ්චවිවේකයෝ පඤ්චවිරාගයෝ පඤ්චනිරෝධයෝ පඤ්චවොස්සග්ගයෝ දොළොස් නිඃශ්‍රයයෝ වෙත් යයි.
Pali BJTවිවෙකකථා සමත්තා
Sinhala BJTවිවේක කථා නිමි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.