Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමානි දස සෙඛබලානි: දස අසෙඛබලානි: සම්මාදිට්ඨිං, සික්ඛතීති සෙඛබලාං, තත්ථ සික්ඛිතත්තා අසෙඛබලං, සම්මාසඞ්කප්පං සික්ඛිතීති සෙඛබලං තත්ථ සික්ඛිතත්තා අසෙඛබලං, සම්මාවාචං -පෙ- සම්මාකම්මන්තං සම්මා ආජීවං -පෙ- සම්මාවායාමං -පෙ- සම්මාසතිං -පෙ- සම්මාසමාධිං -පෙ- සම්මාඤාණං -පෙ- සම්මාවිමුත්තිං සික්ඛතීති සෙඛබලං, තත්ථ සික්ඛිත්තත්තා අසෙඛබලං, ඉමානි දස සෙඛබලානි, දස අසෙඛබලානි.
Sinhala BJTදශශෛක්‍ෂබල දශඅශෛක්‍ෂබල කවරහ යත්: සම්‍යග්දෘෂ්ටියෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ. සම්‍යක්සංකල්පයෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ. සම්‍යග්වචනයෙහි ... සම්‍යක්කර්‍මාන්තයෙහි ... සම්‍යගාජීවයෙහි ... සම්‍යග්ව්‍යායාමයෙහි ... සම්‍යක්ස්මෘතියෙහි ... සම්‍යක්සමාධියෙහි ... සම්‍යග්ඥානයෙහි ... සම්‍යග්විමුක්තියෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ මොහු දශශෛක්‍ෂබලයෝ යැ, දශඅශෛක්‍ෂබලයෝ යි.
Pali BJTකතමානි දස ඛීණාසවබලානි: ඉධ ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, යම්පි ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTදශක්‍ෂීණාස්‍රවබල කවරහ යත්: මෙ සස්නෙහි ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අනිත්‍ය හෙයින් හැම සංස්කාරයෝ යථාභූතයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද වෙති, යම්සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අනිත්‍ය හෙයින් හැම සංස්කාරයෝ යථාභූතයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද වෙත් ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද, මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
Pali BJTපුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො ‘අඞ්ගාරකාසූපමා කාමා’යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පි ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතවද අනෙකෙකි, ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අඞ්ගාරකර්ෂුවට (අඟුරු වළට) උපමා කරනලද කාමයෝ යථාස්වභාවයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද වෙති. යම්සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අඞ්ගාරකර්ෂූපමකාමයෝ යථාස්වභාවයෙන් සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද වෙත් ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද, මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
Pali BJTපුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං බ්යන්තිභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි, යම්පි ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං බ්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතවද ක්‍ෂීණාස්‍රව මහණටහට (උපධි) විවේකයට නැඹුරු වූ විවේකප්‍රවණ වූ විවේකයට බැහැවුම් ඇති විවේකයෙහි සිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සර්‍වප්‍රකාරයෙන් (සම්ප්‍රයෝග වශයෙන්) ආස්‍රවයනට කරුණු වූ ක්ලේශධර්‍මයන් කෙරෙත් විගතාන්ත වූ සිත වෙයි. යම් සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහට විවේකයට නැඹුරු වූ, විවේකප්‍රවණ වූ, විවේකයට බැහැවුම් ඇති, විවේකයෙහි සිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයනට කරුණු වූ ක්ලේශධර්‍මයන් කෙරෙත් විගතාන්ත වූ සිත වේ ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
Pali BJTපුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා. යම්පි ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති.
Sinhala BJTතවද ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත සුභාවිත වෙති. යම් සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සතිපට්ඨානයෝ භාවිත සුභාවිත වෙත් ද යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
Pali BJTපුන චපරං ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සම්මප්පධානා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- චත්තාරො ඉද්ධිපාදා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි -පෙ- පඤ්ච බලානි භාවිතානි හොන්ති සුභාවිතානි -පෙ- සත්ත බොජ්ඣඞ්ගා භාවිතා හොන්ති සුභාවිතා -පෙ- අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, යම්පි ඛීණාසවස්ස භික්ඛුනො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ඛීණා මෙ ආසවා’ති ඉමානි දස ඛීණාසවබලානි.
Sinhala BJTතවද ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර සම්‍යක්ප්‍රධනායෝ භාවිත සුභාවිත වෙති ... සතර ඍද්ධිපාදයෝ භාවිත සුභාවිත වෙති ... පඤ්චේන්‍ද්‍රියයෝ භාවිත සුභාවිත වෙති ... පඤ්චබලයෝ භාවිත සුභාවිත වෙති ... සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිත සුභාවිත වෙති ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත සුභාවිත වෙයි. යම් සෙයෙකින් ක්‍ෂීණාස්‍රව මහණහු විසින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත සුභාවිත වේ ද, යම් බලයක් පිණිස ක්‍ෂීණාස්‍රව මහණ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ’යි ආස්‍රවක්‍ෂය පිළින කෙරේ ද, මෙ ද ක්‍ෂීණාස්‍රව මහණහට බල වෙයි.
Pali BJTකතමානි දස ඉද්ධිබලානි: අධිට්ඨානා ඉද්ධි, විකුබ්බනා ඉද්ධි, මනොමයා ඉද්ධි, ඤාණවිප්ඵාරා ඉද්ධි, සමාධිවිප්ඵාරා ඉද්ධි, අරියා ඉද්ධි, කම්මවිපාකජා ඉද්ධි, පුඤ්ඤවතො ඉද්ධි, විජ්ජාමයා ඉද්ධි, තත්ථ තත්ථ සම්මා පයොගප්පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි, ඉමානි දස ඉද්ධිබලානි.
Sinhala BJTදශර්ධිබල කවරහ යත්: අධිෂ්ඨාන ඍද්ධි යැ, විකුර්‍වණ ඍද්ධි යැ, මනෝමය ඍද්ධි යැ, ඥානවිෂ්ඵාර ඍද්ධි යැ, සමාධිවිෂ්ඵාර ඍද්ධි යැ, ආර්‍ය ඍද්ධි යැ, කර්‍මවිපාකජ ඍද්ධි යැ, පුණ්‍යවත්හුගේ ඍද්ධි යැ, විද්‍යාමය ඍද්ධි යැ. ඒ ඒ කරුණෙහි සම්‍යක්ප්‍රයෝග හෙයින් සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධි යි. මොහු දශර්ධිබලයෝ යි.
Pali BJTකතමානි දස තථාගතබලානි: ඉධ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTදශ තථාගතබල කවරහ යත්: මෙහි තථාගතයෝ කාරණය ද කාරණ හෙයින් අකාරණය ද අකාරණ හෙයින් යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ කාරණය ද කාරණ හෙයින් අකාරණය ද අකාරණ හෙයින් යථාස්වභාවයෙන් දැනගනිත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පිරිස් මැද අභීතනාද කෙරෙත් ද බ්‍රහ්මසඞ්ඛ්‍යාත ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගත බල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ ප්‍රත්‍යය විසින් හේතු විසින් විපාකය යථාස්වභාවයෙන් දැනගනිති, යම් සෙයෙකින් තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ ප්‍රත්‍යය විසින් හේතු හේතු විසින් විපාකය යථාස්වභාවයෙන් දැනගනිත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද පර්‍ෂද්හි සිංහනාද කෙරෙත් ද බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං{1} යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ සර්‍වත්‍රාගාමි (හැම ගතියට අගතියට යනසුලු) මාර්‍ගය යථාස්වභාවයෙන් දැනගිනිති. යම්සෙයෙකින් තථාගතයෝ සර්‍වත්‍රගාමීමාර්‍ගය යථාස්වභාවයෙන් දැනගනිත් ද, යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පර්‍ෂද්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, යම්පි තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ අනේකධාතු නානාධාතු ලෝකය යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ සත්ත්‍වයන් නානාධිමුක්ති ඇති බව යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ සත්ත්‍වයන් නානාධිමුක්තී ඇති බව යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, යම්පි තථාගතො පරසත්තානං පරපුග්ගනානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය (වෘද්ධි - හානි) යථාස්වභාවයෙන් දැනගනිති. යම් සෙයෙකින් තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, යම්පි තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශ (හානභාගීයධර්‍ම) ය ව්‍යවදාන (විශේෂභාගීයධර්‍ම) ය ව්‍යුත්‍ථානය යථාස්වභාවයෙන් දැනගනිති. යම්සෙයෙකින් තථාගතයෝ ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාස්වභාවයෙන් දැනගනිත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, යම්පි තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස (පෙරවිසූකඳපිළිවෙළ) සිහි කෙරෙති. හේ කෙසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසෙයින් (වර්‍ණාදි) ආකාර සහිත වූ (නාමගෝත්‍රාදි) උද්දේශ සහිත වූ අනේකප්‍රකාර පූර්‍වනිවාස සිහි කෙරෙති. යම් සෙයෙකින් තථාගතයෝ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස සිහි කෙරෙත් ද, හේ කෙසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ -පෙ- යම්පි තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ -පෙ- ඉදම්පි තථාගතස්ස -පෙ- බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTතවද තථාගතයෝ විශුද්ධ වූ මිනිසත්බව ඉක්මගිය දිවඇසින් සැවයන උපදනා ස්ත්තවයන් බලති. යම් සෙයෙකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසත්බව ඉක්මගිය දිව ඇසින් සැවයන උපදනා ... සත්ත්‍වයන් බලත් ද ... බ්‍රහ්මචක්‍ර පවත්වත් ද, මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි.
Pali BJTපුන චපරං තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, යම්පි තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි තථාගතස්සා තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති ඉමානි දස තථාගතබලානි.
Sinhala BJTතවද තථාගතයෝ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව විරහිත වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵලසමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත්ඵලප්‍රඥාව) මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙති. යම් සෙයෙකින් තථාගතයෝ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව විරහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොටගෙන ඊට පැමිණ වාසය කෙරෙත් ද යම් බලයක් පිණිස තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද පර්‍ෂද්හි අභීතනාද කෙරෙත් ද බ්‍රහ්ම සඞ්ඛ්‍යාත ශ්‍රේෂ්ඨධර්‍මචක්‍රය පවත්වත් ද මෙ ද තථාගතයන්ගේ තථාගතබල වෙයි. මොහු දශ තථාගතබලයෝ යි.
Pali BJTකෙනට්ඨෙන සද්ධාබලං, කෙනට්ඨෙන විරියබලං, කෙනට්ඨෙන සතිබලං, කෙනට්ඨෙන සමාධිබලං, කෙනට්ඨෙන පඤ්ඤාබලං, කෙනට්ඨෙන හිරිබලං, කෙනට්ඨෙන ඔත්තප්පබලං, කෙනට්ඨෙන පටිසඞ්ඛානබලං, -පෙ- කෙනට්ඨෙන තථාගතබලං.
Sinhala BJTකවර අරුතෙකින් ශ්‍රද්ධාබල වේ ද, කවර අරුතෙකින් වීර්‍ය්‍යබල වේ ද, කවර අරුතෙකින් ස්මෘතිබල වේ ද, කවර අරුතෙකින් සමාධිබල වේ ද, කවර අරුතෙකින් ප්‍රඥාබල වේ ද, කවර අරුතෙකින් හිරිබල වේ ද, කවර අරුතෙකින් ඔත්තප්පබල වේ ද, කවර අරුතෙකින් පටිසඞ්ඛානබල වේ ද ... කවර අරුතෙකින් තථාගතබල වේ ද යත්:
Pali BJTඅස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං, කොසජ්ජෙ අකම්පියට්ඨෙන විරියබලං, පමාදෙ අකම්පියට්ඨෙන සතිබලං, උද්ධච්චෙ අකම්පියට්ඨෙන සමාධිබලං, අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං, හිරීයති පාපකෙ අකුසලෙ ධම්මෙති හිරිබලං, ඔත්තප්පති පාපකෙ අකුසලෙ ධම්මෙති ඔත්තප්පබලං, ඤාණෙන කිලෙසෙ පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, තත්ථ ජාතා ධම්මා එකරසා හොන්තීති භාවනා බලං, තත්ථ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, තෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, තං ඛමතීති{1} ඛන්තිබලං, තෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං තෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣාත්තිබලං, තෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරිය බලං, තෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, තෙන චිත්තං එකග්ගන්ති සමථබලං, තත්ථ ජාතෙ ධම්මෙ අනුපස්සතීති විපස්සනාබලං, තත්ථ සික්ඛතීති සෙඛබලං, තත්ථ සික්ඛිතත්තා අසෙඛබලං, තෙන ආසවා ඛීණාති ඛීණාසවබලං, තස්සා ඉජ්ඣතීති ඉද්ධිබලං, අප්පමෙය්යට්ඨෙන තථාගතබලන්ති.
Sinhala BJTඅශ්‍රද්ධායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, කෞසීද්‍යායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ, ඖද්ධත්‍යයෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් සමාධිබල යැ, අවිද්‍යායෙහි නො සැලෙන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ ලාමක වූ අකුසල් දහම්හි ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ලාමක වූ අකුසල් දහම්හි තැවේ නු’යි ඔත්තප්පබල යැ, නුවණින් කෙලෙසුන් විමසා නු’යි පටිසඞ්ඛානබල යැ. ඒ භාවනා විශේෂයෙහි උපන් චිත්තචෛතසිකධර්‍මයෝ ඒකරස වෙත් නු’යි භාවනා බල යැ, එහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යාබල යැ, එයින් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ, එය සහනය කෙරේ නු’යි ක්‍ෂාන්තිබල යැ, එයින් සිත ප්‍රකාරයෙන් ඥාපනය කෙරේ නු’යි ප්‍රඥප්තිබල යැ, එයින් සිත නිදිධ්‍යාසන (ශ්‍රැතාර්‍ත්‍ථවිචාරය) කෙරේ නු’යි නිදිධ්‍යාසනබල යැ. එයින් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, එයින් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, එයින් (සමාධියෙන්) සිත එකඟ නු’යි ශමථබල යැ, එහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් අනුපස්සනා කෙරේ නු’යි විදර්‍ශනාබල යැ, ඒ ශෛක්‍ෂබලයෙහි හික්මේ නු’යි ශෛක්‍ෂබල යැ, එහි (අශෛක්‍ෂබලයෙහි) ශික්‍ෂිත බැවින් අශෛක්‍ෂබල යැ, එයින් (ලෞකිකලෝකෝත්තරඥානයෙත්) ආස්‍රවයෝ ක්‍ෂය කරනලදහ’යි ක්‍ෂීණාස්‍රවබල යැ, ඔහට (ඍද්ධිමත්හට) සමෘද්ධ වේ නු’යි ඍද්ධිබල යැ, ප්‍රමාණ නො කට හැකි අර්‍ත්‍ථයෙන් තථාගත බල වේ යයි.
Pali BJTබලකථා සමත්තා
Sinhala BJTබලකථා නිමි.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJTසුඤ්ඤතා කථා
Sinhala BJTශුන්‍යතා කථා
Pali BJT“එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස අරාමෙ අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසිනෙනො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එකදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැලකළහ.
Pali BJT“සුඤ්ඤො ලොකො, සුඤ්ඤො ලොකො’ති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ සුඤ්ඤො ලොකො’ති වුච්චති” “යස්මා ඛො ආනන්ද සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකො’ති වුච්චති, කිඤ්චානන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා; චක්ඛුං ඛො{2} ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, රූපා සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, චක්ඛුසම්ඵස්සො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා.
Sinhala BJTවහන්ස, ‘ලෝකය ශුන්‍ය යැ ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘ලෝකය ශුන්‍ය යැ’යි කියනු ලැබේ දැ යි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්ම භාවයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබෙයි. තව ද ආනන්‍දයෙනි, කුමක් ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වේ ද යත්, ආනන්‍දයෙනි, චක්‍ෂුස ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශුන්‍ය වෙයි, රූපයෝ ආත්ම භාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙති, චක්‍ෂුර් විඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි. චක්ඛුසම්ස්ස ප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වෙයි.
Pali BJTසොතං සුඤ්ඤං -පෙ- සද්දා සුඤ්ඤා -පෙ- ඝානං සුඤ්ඤං -පෙ- ගන්ධා සුඤ්ඤා -පෙ- ජිව්හා සුඤ්ඤා -පෙ- රසා සුඤ්ඤා -පෙ- කායො සුඤ්ඤො -පෙ- ඵොට්ඨබ්බා සුඤ්ඤා -පෙ- මනො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා, ධම්මා සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා, මනොවිඤ්ඤාණං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, මනොසම්ඵස්සො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, යස්මා ඛො ආනන්ද, සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, තස්මා සුඤ්ඤො ලොකො’ති වුච්චති’ති{a}
Sinhala BJTශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ශබ්දයෝ ශූන්‍යහ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ගන්‍ධයෝ ශූන්‍ය හ ... ජීහ්වාව ශූන්‍ය යැ ... රසයෝ ශූන්‍යහ ... කය ශූන්‍ය යැ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ශූන්‍ය හ ... මනස ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, ධර්‍මයෝ ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍යයෝ යැ, මනෝවිඥානය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්සය ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වූ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් හෙ ද ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය යැ. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මභාවයෙන් හා ආත්මනීයභාවයෙන් හා ශූන්‍ය වේ නම් එහෙයින් ‘ලෝකය ශූන්‍ය යැ’යි කියනු ලැබේ’යයි.
Pali BJTසුඤ්ඤසුඤ්ඤං{1} සඞ්ඛාරසුඤ්ඤං, විපරිනාමසුඤ්ඤං අග්ගසුඤ්ඤං, ලක්ඛණසුඤ්ඤං, වික්ඛම්භනසුඤ්ඤං, තදඞ්ගසුඤ්ඤං, සමුච්ඡෙදසුඤ්ඤං, පටිප්පස්සද්ධිසුඤ්ඤං, නිස්සරණසුඤ්ඤං, අජ්ඣත්තසුඤ්ඤං, බහිද්ධාසුඤ්ඤං, දුභතොසුඤ්ඤං, සභාගසසුඤ්ඤං, විසභාගසුඤ්ඤං, එසනාසුඤ්ඤං, පරිග්ගහසුඤ්ඤං, පටිලාභසුඤ්ඤං, පටිවෙධසුඤ්ඤං, එකත්තසුඤ්ඤං, නානත්තසුඤ්ඤං ඛන්තිසුඤ්ඤං, අධිට්ඨානසුඤ්ඤං, පරියොගාහනසුඤ්ඤං,{2} සම්පජානස්ස පවත්තපරියාදානං සබ්බසුඤ්ඤතානං පරමත්ථසුඤ්ඤං.
Sinhala BJTශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යැ, සංස්කාරශූන්‍ය යැ, විපරිණාමශූන්‍ය යැ, අග්‍රශූන්‍ය යැ, ලක්‍ෂණශූන්‍ය යැ, විෂ්කම්භණශූන්‍ය යැ, තදඞ්ගශූන්‍ය යැ, සමුච්ඡේදශූන්‍ය යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය යැ, තිස්සරණශූන්‍ය යැ, අධ්‍යාත්මශූන්‍ය යැ, බාහ්‍යශූන්‍ය යැ, උභයතඃශූන්‍ය යැ, සභාගතශූන්‍ය යැ, විසභාගශූන්‍ය යැ, ඒෂණාශූන්‍ය යැ, පරිග්‍රහශූන්‍ය යැ, ප්‍රතිලාභශූන්‍ය යැ, ප්‍රතිවේධශූන්‍ය යැ, ඒකත්‍වශූන්‍ය යැ, නානාත්‍වශූන්‍ය යැ, ක්‍ෂාන්තිශූන්‍ය යැ, අධිෂ්ඨානශූන්‍ය යැ, පර්‍ය්‍යවගාහණශූන්‍ය යැ, සම්‍යක්ප්‍රඥා ඇත්තහු (රහත්හු) ගේ ප්‍රවෘත්ත (ස්කන්‍ධ) යන් ක්‍ෂය කිරීම හැම ශූන්‍යතයන් අතුරින් පරමාර්‍ත්‍ථශූන්‍ය යි.
Pali BJTකතමං සුඤ්ඤ සුඤ්ඤං. චක්ඛුං{3} සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා, නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා, සොතං -පෙ- ඝානං සුඤ්ඤං -පෙ- ජිව්හා සුඤ්ඤා -පෙ- කායො සුඤ්ඤො -පෙ- මනො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා ඉදං සුඤ්ඤසුඤ්ඤං.
Sinhala BJTශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍යය කවරැ යත්: චක්‍ෂුස ආත්මයෙන් හා ආත්මනීයෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. ශ්‍රෝත්‍රය ශූන්‍ය යැ ... ඝ්‍රාණය ශූන්‍ය යැ ... ජීහ්වාව ශූන්‍ය යැ ... කය ශූන්‍ය යැ ... මනස ආත්මයෙන් හා ආත්මනියෙන් හා නිත්‍යයෙන් හා ධ්‍රැවයෙන් හා ශාශ්වතයෙන් හා අවිපරිණාමස්වභාවයෙන් හා ශූන්‍ය යැ. මේ ශූන්‍ය සඞ්ඛ්‍යාත ශූන්‍ය යි.
Pali BJTකතමං සඞ්ඛාරසුඤ්ඤං; තයො සඞ්ඛාරා: පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො, පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරෙන ච ආනෙඤ්ජාභිසඞ්ඛාරෙන ච සුඤ්ඤො, ආනෙඤ්ජාභිසඞ්ඛාරො පුඤ්ඤාභිසඞ්ඛාරෙන ච අපුඤ්ඤාභිසඞ්ඛාරෙන ච සුඤ්ඤො, ඉමෙ තයො සඞ්ඛාරා.
Sinhala BJTසංස්කාරශූන්‍යය කවරැ යත්: සංස්කාරයෝ තිදෙනෙක් වෙති: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යැ යි. පුණ්‍යාභිසංස්කාරය අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. අපුණ්‍යාභිසංස්කාරය පුණ්‍යභිසංස්කාරයෙනුදු ආනෙඤ්ජාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. ආනෙඤ්ජාභිසංස්කාරය පුණ්‍යාභිසංස්කාරයෙනුදු අපුණ්‍යාභිසංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.
Pali BJTඅපරෙපි තයො සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො ච චිත්තසඞ්ඛාරෙන ච සුඤ්ඤො, වචීසඞ්ඛාරො කායසඞ්ඛාරෙන ච චිත්තසඞ්ඛාරෙන ච සුඤ්ඤො, චිත්තසඞ්ඛාරො කායසඞ්ඛාරෙන ච වචීසඞ්ඛාරෙන සුඤ්ඤො, ඉමෙ තයො සඞ්ඛාරා.
Sinhala BJTඅන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: කායසංස්කාර යැ වාක්සංස්කාර යැ චිත්තසංස්කාර යැ යි. කායසංස්කාරය වාක්සංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශූන්‍ය යැ. වාක්සංස්කාරය කායසංස්කාරයෙනුදු චිත්තසංස්කාරයෙනුදු ශුන්‍ය යැ, චිත්තසංස්කාරය කායසංස්කාරයෙනුදු වාක්සංස්කාරයෙනුදු ශූන්‍ය යි. මොහු තුන් සංස්කාරයෝ යි.
Pali BJTඅපරෙපි තයො සඞ්ඛාරා: අතීතා සඞ්ඛාරා අනාගතා සඞ්ඛාරා පච්චුප්පන්නා සඞ්ඛාරා, අතීතා සඞ්ඛාරා අනාගතෙහි ච පච්චුප්පන්නෙහි ච සඞ්ඛාරෙහි සුඤ්ඤා, අනාගතා සඞ්ඛාරා අතීතෙහි ච පච්චුප්පන්නෙහි ච සඞ්ඛාරෙහි සුඤ්ඤා, පච්චුප්පන්නා සඞ්ඛාරා අතීතෙහි ච අනාගතෙහි ච සඞ්ඛාරෙහි සුඤ්ඤා, ඉමෙ තයො සඞ්ඛාරා. ඉදං සඞ්ඛාරසුඤ්ඤං.
Sinhala BJTඅන්‍ය වූ ද තුන් සංස්කාර කෙනෙක් වෙති: අතීතසංස්කාර යැ අනාගතසංස්කාර යැ ප්‍රත්‍යුත්පන්නසංස්කාර යැයි අතීතසංස්කාරයෝ අනාගත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. අනාගතසංස්කාරයෝ අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද සංස්කාරයන්ගේ ශූන්‍යහ. ප්‍රත්‍යුත්පන්නසංස්කාරයෝ අතීත වූ ද අනාගත වූ ද සංස්කාරයන්ගෙන් ශූන්‍යහ. මොහු තුන් සංස්කාරයෝ යි. මේ සංස්කාරශූන්‍ය නම් වෙයි.
Pali BJTකතමං විපරිනාමසුඤ්ඤං; ජාතං රූපං සභාවෙන සුඤ්ඤං, විගතං රූපං විපරිනතඤ්චෙව සුඤ්ඤඤ්ච, ජාතා වෙදනා සභාවෙන සුඤ්ඤා, විගතා වෙදනා විපරිණතා චෙව සුඤ්ඤා ච -පෙ- ජාතා සඤ්ඤා -පෙ- ජාතා සඞ්ඛාරා -පෙ- ජාතං විඤ්ඤාණං -පෙ- ජාතං චක්ඛුං -පෙ- ජාතො භවො සභාවෙන සුඤ්ඤො, විගතො භවො විපරිනතො චෙව සුඤ්ඤො ච, ඉදං විපරිනාමසුඤ්ඤං.
Sinhala BJTවිපරිණාමශූන්‍ය නම් කවරැ යත්: ජාත (ප්‍රත්‍යුත්පන්න) රූපය ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගත (ඉපැද නිරුද්ධ වූ) රූපය විපරිණාමයට පැමිණියේ ද ශුන්‍ය ද වෙයි. ජාතවේදනාව ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගතවේදනාව විපරිණත ද ශූන්‍ය ද වෙයි ... ජාතසංඥාව ... ජාතසංස්කාරයෝ ... ජාතවිඥානය ... ජාතචක්‍ෂුස ... ජාතභවය ස්වභාව හෙයින් ශූන්‍ය වෙයි. විගතභවය විපරිණත ද ශූන්‍ය ද වෙයි. මේ විපරිණාමශූන්‍ය නම් වෙයි.
Pali BJTකතමං අග්ගසුඤ්ඤං: අග්ගමෙතං පදං, සෙට්ඨමෙතං පදං: විසිට්ඨමෙතං පදං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, ඉදං අග්ගසුඤ්ඤං.
Sinhala BJTඅග්‍රශූන්‍ය නම් කවරැ යත්: යම් මේ හැම සංස්කාරයන්ගේ ශමථයෙක් හැම උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද තෙල අග්‍රපද යැ තෙල ඉතා මැ ප්‍රශංසනීයපද යැ තෙල විශිෂ්ටපද යි. මේ අග්‍රශූන්‍ය නම් වේ.
Pali BJTකතමං ලක්ඛණසුඤ්ඤං, ද්වෙ ලක්ඛණානි: බාලලක්ඛණඤ්ච පණ්ඩිතලක්ඛණඤ්ච, බාලලක්ඛණං පණ්ඩිතලක්ඛණෙන සුඤ්ඤං, පණ්ඩිතලක්ඛණං බාලලක්ඛණෙන සුඤ්ඤං.
Sinhala BJTලක්‍ෂණශූන්‍ය නම් කවරැ යත්: ලක්‍ෂණ දෙකෙකි බාලලක්‍ෂණ යැ පණ්ඩිතපක්‍ෂණ යැ යි. බාලලක්‍ෂණය පණ්ඩිතලක්‍ෂණයෙන් ශූන්‍ය යැ පණ්ඩිතලක්‍ෂණය බාලලක්‍ෂණයෙන් ශූන්‍ය යි.
Pali BJTතීණි ලක්ඛණානි: උප්පාදලක්ඛණං වයලක්ඛණං ඨිතඤ්ඤථත්තලක්ඛණං. උප්පාදලක්ඛණං වයලක්ඛණෙන ච ඨිතඤ්ඤථත්තලක්ඛණෙන ච සුඤ්ඤං, වයලක්ඛණං උප්පාදලක්ඛණෙන ච ඨිතඤ්ඤථත්තලක්ඛණෙන ච සුඤ්ඤං, ඨිතඤ්ඤථත්තලක්ඛණං උප්පාදලක්ඛණෙන ච වයලක්ඛණෙන ච සුඤ්ඤං.
Sinhala BJTලක්‍ෂණ තුනෙකි: උත්පාදලක්‍ෂණ යැ ව්‍යයලක්‍ෂණ යැ සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණ යැ යි. උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ, ව්‍යයලක්‍ෂණය උත්පාද ලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්ණයෙනුදු ශූන්‍ය යැ, සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි.
Pali BJTරූපස්ස උප්පාදලක්ඛණං වයලක්ඛණෙන ච ඨිතඤ්ඤථත්තලක්ඛණෙන ච සුඤ්ඤං, රූපස්ස වයලක්ඛණං උප්පාදලක්ඛණෙන ච ඨිතඤ්ඤථත්තලක්ඛණෙන ච සුඤ්ඤං, රූපස්ස ඨිතඤ්ඤථත්තලක්ඛණං උප්පාදලක්ඛණෙන ච වයලක්ඛණෙන ච සුඤ්ඤං, -පෙ- වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරාය -පෙ- විඤ්ඤාණස්ස -පෙ- චක්ඛුස්ස -පෙ- ජරාමරණස්ස උප්පාදලක්ඛණං වයලක්ඛණෙන ච ඨිතඤ්ඤථත්තලක්ඛණෙන ච සුඤ්ඤං ජරාමරණස්ස වයලක්ඛණං උප්පාදලක්ඛණෙන ච ඨිතඤ්ඤථත්තලක්ඛණෙන ච සුඤ්ඤං, ජරාමරණස්ස ඨිතඤ්ඤථත්තලක්ඛණං උප්පාදලක්ඛණෙන ච වයලක්ඛණෙන ච සුඤ්ඤං, ඉදං ලක්ඛණසුඤ්ඤං.
Sinhala BJTරූපයාගේ උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. රූපයාගේ ව්‍යයලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු සිටියහුගේ අන්‍යථාත්‍වලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. රූපයාගේ ස්ථිතාන්‍යලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ... චක්‍ෂුස්හුගේ ... ජරාමරණයාගේ උත්පාදලක්‍ෂණය ව්‍යයලක්‍ෂණයෙනුදු ස්ථිතාන්‍යලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. ජරාමරණයාගේ ව්‍යයලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ස්ථිතාන්‍යලක්‍ෂණයෙනුදු ශූන්‍ය යැ. ජරාමරණයාගේ ස්ථිතාන්‍යලක්‍ෂණය උත්පාදලක්‍ෂණයෙනුදු ව්‍යයලක්‍ෂණයෙනුදු ශූන්‍ය යි. මේ ලක්‍ෂණශූන්‍ය නම් වේ.
Pali BJTකතමං වික්ඛම්භනසුඤ්ඤං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දො වික්ඛම්භිතො චෙව සුඤ්ඤො ච, අබ්යාපාදෙන බ්යාපාදො වික්ඛම්භිතො චෙව සුඤ්ඤො ච, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං වික්ඛම්භිතඤ්චෙව සුඤ්ඤඤ්ච, අවික්ඛෙපෙන උද්ධච්චං වික්ඛම්භිතඤ්චෙව සුඤ්ඤඤ්ච, ධම්මවවත්ථානෙන විචිකිච්ඡා වික්ඛම්භිතා චෙව සුඤ්ඤා ච, ඤාණෙන අවිජ්ජා, වික්ඛම්භිතා චෙව සුඤ්ඤා ච, පාමොජ්ජෙන අරති වික්ඛම්භිතා චෙව සුඤ්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා වික්ඛම්භිතා චෙව සුඤ්ඤා ච -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසා වික්ඛම්භිතා චෙව සුඤ්ඤා ච, ඉදං වික්ඛම්භනසුඤ්ඤං.
Sinhala BJTවිෂ්කම්භණ ශූන්‍ය නම් කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය විෂ්කම්භණය කරනලද ද ශූන්‍යද වෙයි. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ථිනමිද්ධය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ඖද්ධත්‍යය විෂ්කම්භණය කරන ලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් විචිකිත්සාව විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් අවිද්‍යාව විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් අරතිය විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් නීවරණයෝ විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙති ... අර්‍හන්මාර්‍ගයෙන් හැම කෙලෙස්හු විෂ්කම්භණය කරනලද ද ශූන්‍ය ද වෙත්. මේ විෂ්කම්භණ ශූන්‍ය නම් වේ.
Pali BJTකතමං තදඞ්ගසුඤ්ඤං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දො තදඞ්ගසුඤ්ඤො අබ්යාපාදෙන බ්යාපාදො තදඞ්ගසුඤ්ඤො, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං තදඞ්ගසුඤ්ඤං, අවික්ඛෙපෙන උද්ධච්චං තදඞ්ගසුඤ්ඤං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡා තදඞ්ගසුඤ්ඤා, ඤාණෙන අවිජ්ජා, තදඞ්ගසුඤ්ඤා පාමොජ්ජෙන අරති තදඞ්ගසුඤ්ඤා, පඨමෙන ඣානෙන නීවරණා තදඞ්ගසුඤ්ඤා -පෙ- විවට්ටානුපස්සනාය සඤ්ඤොගාභිනිවෙසො තදඞ්ගසුඤ්ඤො, ඉදං තදඞ්ගසුඤ්ඤං.
Sinhala BJTතදඞ්ගශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය නෛෂ්ක්‍රම්‍යාභාව හෙයින් ඒ (නෛෂ්ක්‍රම්‍ය) අඞ්ගයෙන් ශූන්‍ය යැ අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යැ. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ ඒ අඞ්ගයෙන් ශූන්‍යහ ... විවර්‍තානුදර්‍ශනායෙන් ප්‍රහීණ වූ සංයෝගාභිනිවේශය ඒ අඞ්ගයෙන් ශූන්‍ය යි. මේ තදඞ්ගශූන්‍ය නම් වේ.
Pali BJTකතමං සමුච්ඡෙදසුඤ්ඤං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දො සමුච්ඡින්නො චෙව සුඤ්ඤො ච, අබ්යාපාදෙන බ්යාපාදො සමුච්ඡින්නො චෙව සුඤ්ඤො ච, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං සමුච්ඡින්නඤ්චෙව සුඤ්ඤඤ්ච, අවික්ඛෙපෙන උද්ධච්චං සමුච්ඡන්නඤ්චෙව සුඤ්ඤඤ්ච, ධම්මවවත්ථානෙන විචිකිච්ඡා සමුච්ඡින්නා චෙව සුඤ්ඤා ච, ඤාණෙන අවිජ්ජා සමුච්ඡින්නා චෙව සුඤ්ඤා ච, පාමොජ්ජෙන අරති සමුච්ඡින්නා චෙව සුඤ්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා සමුච්ඡින්නා චෙව සුඤ්ඤා ච -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසා සමුච්ඡින්නා චෙව සුඤ්ඤා ච, සමුච්ඡෙදසුඤ්ඤං.
Sinhala BJTසමුච්ඡේදශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකයසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය වූ අරතිය මොනොවට සිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වෙයි ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු මොනොවට සිඳුනාලද ද ශූන්‍ය ද වේ. මේ සමුච්ඡේද ශූන්‍ය නම් වේ.
Pali BJTකතමං පටිප්පස්සද්ධිසුඤ්ඤං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දො පටිප්පස්සද්ධො චෙව සුඤ්ඤො ච, අබ්යාපාදෙන බ්යාපාදො පටිප්පස්සදෙධා චෙව සුඤ්ඤො ච, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං පටිප්පස්සද්ධං චෙව සුඤ්ඤඤ්ච, අවික්ඛෙපෙන උද්ධච්චං පටිප්පස්සද්ධඤ්චෙව සුඤ්ඤඤ්ච, ධම්මවවත්ථානෙන විචිකිච්ඡා පටිප්පස්සද්ධො චෙව සුඤ්ඤා ච, ඤාණෙන අවිජ්ජා පටිප්පස්සද්ධා චෙව සුඤ්ඤා ච, පාමොජ්ජෙන අරති පටිප්පස්සද්ධා චෙව සුඤ්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා පටිප්පස්සද්ධා චෙව සුඤ්ඤා ච -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසා පටිප්පස්සද්ධා චෙව සුඤ්ඤා ච, පටිප්පස්සද්ධිසුඤ්ඤං.
Sinhala BJTප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය සන්හිඳුනාලද ද (තදඞ්ග හෙයින්) ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය සන්හිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව සන්හිඳුනාලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය සන්හිඳුනා ලද ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ සන්හිඳුනා ලදහු ද ශූන්‍ය ද වෙති ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු සන්හිඳුනා ලදහු ද ශූන්‍ය ද වෙත්. මේ ප්‍රතිප්‍රශ්‍රබ්ධිශූන්‍ය නම් වේ.
Pali BJTකතමං නිස්සරණසුඤ්ඤං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දො නිස්සටො චෙව සුඤ්ඤො ච, අබ්යාපාදෙන බ්යාපාදො නිස්සටො චෙව සුඤ්ඤො ච ආලොකසඤ්ඤාය ථිනමිද්ධං නිස්සටඤ්චෙව සුඤ්ඤඤ්ච, අවික්ඛෙපෙන උද්ධච්චං නිස්සටං චෙව ධම්මවවත්ථානෙන විචිකිච්ඡා නිස්සටා චෙව සුඤ්ඤා ච, ඤාණෙන අවිජ්ජා නිස්සටා චෙව සුඤ්ඤා ච, පාමොජ්ජෙන අරති නිස්සටා චෙව සුඤ්ඤා ච, පඨමෙන ඣානෙන නීවරණා නිස්සටා චෙව සුඤ්ඤා ච -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසා නිස්සටා චෙව සුඤ්ඤා ච, ඉදං නිස්සරණසුඤ්ඤං.
Sinhala BJTනිස්සරණ ශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙන් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දය නිස්සෘත (හැරපියන ලද) ද ශූන්‍ය ද වෙයි. අව්‍යාපාදයෙන් ප්‍රහීණ වූ ව්‍යාපාදය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ආලෝකසංඥායෙන් ප්‍රහීණ වූ ථිනමිද්ධය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. අවික්‍ෂෙපයෙන් ප්‍රහීණ වූ ඖද්ධත්‍යය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ධර්‍මනිශ්චයෙන් ප්‍රහීණ වූ විචිකිත්සාව නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ඥානයෙන් ප්‍රහීණ වූ අවිද්‍යාව නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ප්‍රාමෝද්‍යයෙන් ප්‍රහීණ වූ අරතිය නිස්සෘත ද ශූන්‍ය ද වෙයි. ප්‍රථමධ්‍යානයෙන් ප්‍රහීණ වූ නීවරණයෝ නිස්සෘත ද ශූන්‍ය ද වෙත් ... අර්‍හන්මාර්‍ගයෙන් ප්‍රහීණ වූ හැම කෙලෙස්හු නිස්සෘත ද ශූන්‍ය ද වෙත්. මේ නිස්සරණශූන්‍ය නම් වේ.
Pali BJTකතමං අජ්ඣත්තසුඤ්ඤං: අජ්ඣත්තං චක්ඛුං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා. අජ්ඣත්තං සොතං සුඤ්ඤං -පෙ- අජ්ඣත්තං ඝානං සුඤ්ඤං -පෙ- අජ්ඣත්තං ජිව්හා සුඤ්ඤා -පෙ- අජ්ඣත්තං කායො සුඤ්ඤො -පෙ- අජ්ඣත්තං මනො සුඤ්ඤො අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා, ඉදං අජ්ඣත්තසුඤ්ඤං.
Sinhala BJTඅධ්‍යාත්මශූන්‍ය නම් කවරැ යත්: අධ්‍යාත්ම වූ චක්‍ෂුස ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යැ: අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රය ... අධ්‍යාත්ම වූ ඝ්‍රාණය ... අධ්‍යාත්ම වූ ජීහ්වාව ... අධ්‍යාත්ම වූ කය ... අධ්‍යාත්ම වූ මනස ... ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාම ස්වභාව හෙයිනුදු ශූන්‍ය යි. මේ අධ්‍යාත්ම ශූන්‍ය නම් වේ.
Pali BJTකතමං බහිද්ධාසුඤ්ඤං, බහිද්ධා රූපා සුඤ්ඤා -පෙ- බහිද්ධා ධම්මා සුඤ්ඤා අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා. ඉදං බහිද්ධා සුඤ්ඤං.
Sinhala BJTබාහ්‍ය ශූන්‍ය නම් කවරැ යත්: බාහ්‍ය වූ රූපයෝ ... බාහ්‍ය වූ ධර්‍මයෝ ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍යහ. මේ බාහ්‍ය ශූන්‍ය නම් වේ.
Pali BJTකතමං දුභතොසුඤ්ඤං, යඤ්ච අජ්ඣත්තං සොතං යෙ ච බහිද්ධා රූපා උභයමෙතං{1} සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිනාමධම්මෙන වා, යඤ්ච අජ්ඣත්තං සොතං යෙ ච බහිද්ධා සද්දා -පෙ- යඤ්ච අජ්ඣත්තං ඝානං යෙ ච බහිද්ධා ගන්ධා -පෙ- යා ච අජ්ඣත්තා ජිව්හා යෙ ච බහිද්ධා රසා -පෙ- යො ච අජ්ඣත්තං කායො යො ච බහිද්ධා ඵොට්ඨබ්බා -පෙ- යො ච අජ්ඣත්තං මනො යෙ ච බහිද්ධා ධම්මා උභයමෙතං සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා, ඉදං දුභතො සුඤ්ඤං.
Sinhala BJTදුභතෝ ශූන්‍ය නම් කවරැ යත්: යම් අධ්‍යාත්ම වූ චක්‍ෂුසෙකුත් යම් බාහ්‍ය වූ රූප කෙනෙකුත් වෙත් ද මෙ දෙක ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යැ. යම් අධ්‍යාත්ම වූ ශ්‍රෝත්‍රයෙකුත් යම් බාහ්‍ය වූ ශබ්ද කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ ඝ්‍රාණයෙකුත් යම් බාහ්‍ය වූ ගන්‍ධ කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ ජිහ්වාවකුත් යම් බාහ්‍ය වූ රස කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ කයෙකුත් යම් බාහ්‍ය වූ ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් වෙත් ද ... යම් අධ්‍යාත්ම වූ මනසෙකුත් යම් බාහ්‍ය වූ ධර්‍ම කෙනෙකුත් වෙත් ද මෙ දෙක ආත්ම හෙයිනුදු ආත්මීය හෙයිනුදු නිත්‍ය හෙයිනුදු ධ්‍රැව හෙයිනුදු ශාශ්වත හෙයිනුදු අවිපරිණාමස්වභාව හෙයිනුදු ශූන්‍ය යි. මේ දුභතොශූන්‍ය නම් වේ.
Pali BJTකතමා සභාගසුඤ්ඤං; ඡ අජ්ඣත්තිකානි ආයතනානි සභාගානි චෙව සුඤ්ඤානි ච, ඡ බාහිරානි ආයතනානි සභාගානි චෙව සුඤ්ඤානි ච, ඡ විඤ්ඤාණකායා සභාගා චෙව සුඤ්ඤා ච, ඡ ඵස්සකායා සභාගා චෙව සුඤ්ඤා ච, ඡ වෙදනාකායා සභාගා චෙව සුඤ්ඤා ච, ඡ සඤ්ඤාකායා සභාගා චෙව සුඤ්ඤා ච, ඡ චෙතනා කායා සභාගා චෙව සුඤ්ඤා ච, ඉදං සභාගසුඤ්ඤං.
Sinhala BJTසභාගශූන්‍ය නම් කවරැ යත්: ආධ්‍යාත්මික වූ ෂඩායතනයෝ සභාග ද ශූන්‍ය ද වෙති, බාහ්‍ය වූ ෂඩායතනයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්විඥානකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂට්ස්පර්‍ශකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්වේදනාකායයෝ සභාග ද ශූන්‍ය වෙති, ෂට්සංඥාකායයෝ සභාග ද ශූන්‍ය ද වෙති, ෂට්චේතනාකායයෝ සභාග ද ශූන්‍ය ද වෙත්. මේ සභාගශූන්‍ය නම් වේ.
Pali BJTකතමං විසභාගසුඤ්ඤං; ඡ අජ්ඣත්තිකානි ආයතනානි ඡහි බාහිරෙහි ආයතනෙහි විසභාගානි චෙව සුඤ්ඤානි ච, ඡ බාහිරානි ආයතනානි ඡහි විඤ්ඤාණකායෙහි විසභාගානි චෙව සුඤ්ඤානි ච, ඡ විඤ්ඤාණකායා ඡහි ඵස්සායතනෙහි විසභාගා චෙව සුඤ්ඤා ච ඡ ඵස්සකායා ඡහි වෙදනාකායෙහි විසභාගා චෙව සුඤ්ඤා, ච, ඡ වෙදනාකායා ඡ හි සඤ්ඤාකායෙහි විසභාගා චෙව සුඤ්ඤා ච, සඤ්ඤාකායා ඡහි චෙතනාකායෙහි විසභාගා චෙව සුඤ්ඤා ච, ඉදං විසභාගසුඤ්ඤං.
Sinhala BJTවිසභාගශූන්‍ය නම් කවරැ යත්: ආධ්‍යාත්මික වූ ෂඩායතනයෝ බාහ්‍ය වූ ෂඩායතනයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, බාහ්‍ය වූ ෂඩායතනයෝ ෂඩ්විඥානකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්විඥානකායයෝ ෂට්ස්පර්‍ශකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂට්ස්පර්‍ශකායයෝ ෂට්වේදනාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂඩ්වේදනාකායයෝ ෂට්සංඥාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙති, ෂට්සංඥාකායයෝ ෂට්චේතනාකායයන් හා සමග විසභාග ද ශූන්‍ය ද වෙත්. මේ විසභාග ශූන්‍ය නම් වේ.
Pali BJTකතමං එසනාසුඤ්ඤං: නෙක්ඛම්මෙසනා කාමච්ඡන්දෙන සුඤ්ඤා, අබ්යාපාදෙසනා බ්යාපාදෙන සුඤ්ඤා, ආලොකසඤ්ඤෙසනා ථිනමිද්ධෙන සුඤ්ඤා, අවික්ඛෙපෙසනා උද්ධච්චෙන සුඤ්ඤා, ධම්මවවත්ථානෙසනා විචිකිච්ඡාය සුඤ්ඤා, ඤාණෙසනා අවිජ්ජාය සුඤ්ඤා, පාමොජ්ජෙසනා අරතියා සුඤ්ඤා, පඨමජ්ඣානෙසනා නීවරණෙහි සුඤ්ඤා -පෙ- අරහත්තමග්ගෙසනා සබ්බකිලෙසෙහි සුඤ්ඤා, ඉදං එසනාසුඤ්ඤං.
Sinhala BJTඒෂණාශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රමෛය්‍යෂණාව කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදෛෂණාව ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥෛෂණාව ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපෛෂණාව ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයෛෂණාව විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානෛෂණාව අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යෛෂණාව අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානෛෂණාව නීවරණ හෙයින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගෛෂණාව හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ඒෂණාශූන්‍ය නම් වේ.
Pali BJTකතමං පරිග්ගහසුඤ්ඤං: නෙක්ඛම්මපරිග්ගහො කාමච්ඡන්දෙන සුඤ්ඤො, අබ්යාපාදපරිග්ගහො බ්යාපාදෙන සුඤ්ඤො, ආලොකසඤ්ඤොපරිග්ගහො ථිනමිද්ධෙන සුඤ්ඤො, ධම්මවවත්ථානපරිග්ගහො විචිකිච්ඡාය සුඤ්ඤො, ඤාණපරිග්ගහො අවිජ්ජාය සුඤ්ඤො, පාමොජ්ජපරිග්ගහො අරතියා සුඤ්ඤො, පඨමජ්ඣානපරිග්ගහො නීවරණෙහි සුඤ්ඤො -පෙ- අරහත්තමග්ගපරිග්ගහො සබ්බකිලෙසෙහි සුඤ්ඤො, ඉදං පරිග්ගහසුඤ්ඤං.
Sinhala BJTපරිග්‍රහශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යපරිග්‍රහය කාමච්ඡන්‍ද හෙයින් ශූන්‍ය යැ, අව්‍යාපාදපරිග්‍රහය ව්‍යාපාද හෙයින් ශූන්‍ය යැ, ආලෝකසංඥාපරිග්‍රහය ථීනමිද්ධ හෙයින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයපරිග්‍රහය විචිකිත්සා හෙයින් ශූන්‍ය යැ, ඥානපරිග්‍රහය අවිද්‍යා හෙයින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යපරිග්‍රහය අරති හෙයින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානපරිග්‍රහය නීවරණ හෙයින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගපරිග්‍රහය හැම කෙලෙස් හෙයින් ශූන්‍ය යි. මේ පරිග්‍රහ ශූන්‍ය නම් වේ.
Pali BJTකතමං පටිලාභසුඤ්ඤං: නෙක්ඛම්මපටිලාභො කාමච්ඡන්දෙන සුඤ්ඤො, අබ්යාපාදපටිලාභො බ්යාපාදෙන සුඤ්ඤො, ආලොකසඤ්ඤාපටිලාභො ථිනමිද්ධෙන සුඤ්ඤො, අවික්ඛෙපපටිලාභො උද්ධච්චෙන සුඤ්ඤො ධම්මවත්ථානපටිලාභො විචිකිච්ඡාය සුඤ්ඤො, ඤාණපටිලාභො අවිජ්ජාය සුඤ්ඤො, පාමොජ්ජපටිලාභො අරතියා සුඤ්ඤො, පඨමජ්ඣානපටිලාභො නීවරණෙහි සුඤ්ඤො -පෙ- අරහත්තමග්ගපටිලාභො සබ්බකිලෙසෙහි සුඤ්ඤො, ඉදං පටිලාභසුඤ්ඤං.
Sinhala BJTප්‍රතිලාභශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිලාභය කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදප්‍රතිලාභය ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥාප්‍රතිලාභය ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපප්‍රතිලාභය ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයප්‍රතිලාභය විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානප්‍රතිලාභය අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යප්‍රතිලාභය අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානප්‍රතිලාභය නීවරණයන්ගෙන් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගප්‍රතිලාභය හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ප්‍රතිලාභශූන්‍ය නම් වේ.
Pali BJTකතමං පටිවෙධසුඤ්ඤං: නෙක්ඛම්මපටිවෙධො කාමච්ඡන්දෙන සුඤ්ඤො, අබ්යාපාදපටිවෙධො බ්යාපෙදන සුඤ්ඤො, ආලොකසඤ්ඤාපටිවෙධො ථිනමිද්ධෙන සුඤ්ඤො, අවික්ඛෙපටිවෙධො උද්ධච්චෙන සුඤ්ඤො, ධම්මවවත්ථානපටිවෙධො විචිකිච්ඡාය සුඤ්ඤො, ඤාණපටිවෙධො අවිජ්ජාය සුඤ්ඤො, පාමොජ්ජපටිවෙධො අරතියා සුඤ්ඤො, පඨමජ්ඣානපටිවෙධො නීවරණෙහි සුඤ්ඤො -පෙ- අරහත්තමග්ගපටිවෙධො සබ්බකිලෙසෙහි සුඤ්ඤො, ඉදං පටිවෙධසුඤ්ඤං.
Sinhala BJTප්‍රතිවේධශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිවේධය කාමච්ඡන්‍දයෙන් ශූන්‍ය යැ, අව්‍යාපාදප්‍රතිවේධය ව්‍යාපාදයෙන් ශූන්‍ය යැ, ආලෝකසංඥාප්‍රතිවේධය ථිනමිද්ධයෙන් ශූන්‍ය යැ, අවික්‍ෂේපප්‍රතිවේධය ඖද්ධත්‍යයෙන් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයප්‍රතිවේධය විචිකිත්සායෙන් ශූන්‍ය යැ, ඥානප්‍රතිවේධය අවිද්‍යායෙන් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යප්‍රතිවේධය අරතියෙන් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යාන ප්‍රතිවේධය නීවරණයන්ගෙන් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගප්‍රතිවේධය හැම කෙලෙසුන්ගෙන් ශූන්‍ය යි. මේ ප්‍රතිවේධශූන්‍ය නම් වේ.
Pali BJTකතමං එකත්තසුඤ්ඤං නානත්තසුඤ්ඤං: කාමච්ඡන්දො නානත්තං, නෙක්ඛම්මං එකත්තං, නෙක්ඛම්මෙකත්තං චෙතයතො කාමච්ඡන්දෙන සුඤ්ඤං, බ්යාපාදො නානත්තං අබ්යාපාදො එකත්තං, අබ්යාපාදෙකත්තං චෙතයතො බ්යාපාදෙන සුඤ්ඤං, ථීනමිද්ධං නානත්තං, ආලොකසඤ්ඤා එකත්තං, ආලොකසඤ්ඤෙකත්තං චෙතයතො ථිනමිද්ධෙන සුඤ්ඤං, උද්ධච්චං නානත්තං, අවික්ඛෙපො එකත්තං, අවික්ඛෙපෙකත්තං චෙතයතො උද්ධච්චෙන සුඤ්ඤං, විචිකිච්ඡා නානත්තං, ධම්මවවත්ථානං එකත්තං, ධම්මවවත්ථානෙකත්තං චෙතයතො විචිකිච්ඡාය සුඤ්ඤං, අවිජ්ජා නානත්තං ඤාණං එකත්තං, ඤාණෙකත්තං චෙතයතො අවිජ්ජාය සුඤ්ඤං, අරති නානත්තං, පාමොජ්ජං එකත්තං, පාමොජ්ජෙකත්තං චෙතයතො අරතියා සුඤ්ඤං, නීවරණං නානත්තං, පඨමජ්ඣානං එකත්තං, පඨමජ්ඣානෙකත්තං චෙතයතො නීවරණෙහි සුඤ්ඤං -පෙ- සබ්බකිලෙසා නානත්තං, අරහත්තමග්ගො එකත්තං, අරහත්තමග්ගෙකත්තං චෙතයතො සබ්බකිලෙසෙහි සුඤ්ඤං, ඉදං එකත්තසුඤ්ඤං, නානත්තසුඤ්ඤං.
Sinhala BJTඒකත්‍වශූන්‍ය නම්, නානාත්‍වශුන්‍ය නම් කවරැ යත්: කාමච්ඡන්‍දය (ශාන්තවෘත්තී නැති බැවින්) නානාත්‍ව යැ, නෛෂ්ක්‍රම්‍යය (ශාන්තවෘත්ති බැවින්) ඒකත්‍ව යි. නෛෂ්ක්‍රම්‍යසඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, ව්‍යාපාදය නානාත්‍ව යැ, අව්‍යාපාදය ඒකත්‍ව යි. අව්‍යාපාද සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ව්‍යාපාද විසින් ශූන්‍ය යැ. ථිනමිද්ධය නානාත්‍ව යැ, ආලෝකසංඥාව ඒකත්‍ව යි. ආලෝකසංඥා සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ. ඖද්ධත්‍යය නානාත්‍ව යැ, අවික්‍ෂේපය ඒකත්‍ව යි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ. විචිකිත්සාව නානාත්‍ව යැ, ධර්‍මනිශ්චය ඒකත්‍ව යි. ධර්‍මනිශ්චය සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට විචිකිත්සා විසින් ශූන්‍ය යැ. අවිද්‍යාව නානාත්‍ව යැ, ඥානය ඒකත්‍ව යි. ඥාන සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට අවිද්‍යා විසින් ශූන්‍ය යැ. අරතිය නානාත්‍ව යැ, ප්‍රාමෝද්‍යය ඒකත්‍ව යි. ප්‍රාමෝද්‍ය සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට අරති විසින් ශූන්‍ය යැ. නීවරණයෝ නානාත්‍ව යැ, ප්‍රථමධ්‍යානය ඒකත්‍ව යි. ප්‍රථමධ්‍යාන සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට නීවරණ විසින් ශූන්‍ය යැ ... හැම කෙලෙස්හු නානාත්‍ව යැ. අර්‍හන්මාර්‍ගය ඒකත්‍ව යි. අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත ඒකත්‍වය සිතනුවහට හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ ඒකත්‍වශූන්‍ය නම් නානාත්‍වශූන්‍ය නම් වේ.
Pali BJTකතමං ඛන්තිසුඤ්ඤං: නෙක්ඛම්මඛන්ති කාමච්ඡන්දෙන සුඤ්ඤා, අබ්යාපාදඛන්ති බ්යාපාදෙන සුඤ්ඤා, ආලොකසඤ්ඤාඛන්ති ථිනමිද්ධෙන සුඤ්ඤා, අවික්ඛෙපඛන්ති උද්ධච්චෙන සුඤ්ඤා, ධම්මවවත්ථානඛන්ති විචිකිච්ඡාය සුඤ්ඤා, ඤාණඛන්ති අවිජ්ජාය සුඤ්ඤා, පාමොජ්ජඛන්ති අරතියා සුඤ්ඤා, පඨමජ්ඣානඛන්ති නීවරණෙහි සුඤ්ඤා, -පෙ- අරහත්තමග්ගඛන්ති සබ්බකිලෙසෙහි සුඤ්ඤා, ඉදං ඛන්තිසුඤ්ඤං.
Sinhala BJTක්‍ෂාන්තිශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යක්‍ෂාන්තිය කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදක්‍ෂාන්තිය ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥාක්‍ෂාන්තිය ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපක්‍ෂාන්තිය ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයක්‍ෂාන්තිය විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානක්‍ෂාන්තිය අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යක්‍ෂාන්තිය අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යාන ක්‍ෂාන්තිය නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගක්‍ෂාන්තිය හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ ක්‍ෂාන්තිශූන්‍ය නම් වේ.
Pali BJTකතමං අධිට්ඨානසුඤ්ඤං: නෙක්ඛම්මාධිට්ඨානං කාමච්ඡන්දෙන සුඤ්ඤා, අබ්යාපාදාධිට්ඨානං බ්යාපාදෙන සුඤ්ඤං, ආලොකසඤ්ඤාධිට්ඨානං ථිනමිද්ධෙන සුඤ්ඤං, අවික්ඛෙපාධිට්ඨානං උද්ධච්චෙන සුඤ්ඤං, ධම්මවවත්ථානාදිට්ඨානං විචිකිච්ඡාය සුඤ්ඤං, ඤාණාධිට්ඨානං අවිජ්ජාය සුඤ්ඤං, පාමොජ්ජාධිට්ඨානං අරතියා සුඤ්ඤං, පඨමජ්ඣානාධිට්ඨානං නීවරණෙහි සුඤ්ඤං -පෙ- අරහත්තමග්ගාධිට්ඨානං සබ්බකිලොසෙහි සුඤ්ඤං, ඉදං අධිට්ඨානසුඤ්ඤං.
Sinhala BJTඅධිෂ්ඨානශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යාධිෂ්ඨානය කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදාධිෂ්ඨානය ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥාධිෂ්ඨානය ථිනිමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපාධිෂ්ඨානය ඖද්ධත්‍ය විසින් ශූන්‍ය යැ, ධර්‍මනිශ්චයාධිෂ්ඨානය විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානාධිෂ්ඨානය අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යාධිෂ්ඨානය අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානාධිෂ්ඨානය නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගාධිෂ්ඨානය හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ අධිෂ්ඨානශූන්‍ය නම් වේ.
Pali BJTකතමං පරියොගාහනසුඤ්ඤං, නෙක්ඛම්මපරියොගාහනං කාමච්ඡන්දෙන සුඤ්ඤං, අබ්යාපදපරියොගාහනං බ්යාපාදෙන සුඤ්ඤං, ආලොකසඤ්ඤාපරියොගාහනං ථිනමිද්ධෙන සුඤ්ඤං, අවික්ඛෙපපරියොගාහනං උද්ධච්චෙන සුඤ්ඤං, ධම්මවවත්ථානපරියොගාහනං විචිකිච්ඡාය සුඤ්ඤාං, ඤාණපරියොගාහනං අවිජ්ජාය සුඤ්ඤං, පාමොජ්ජපරියොගාහනං අරතියා සුඤ්ඤං, පඨමජ්ඣානපරියොගාහනං නීවරණෙහි සුඤ්ඤං, -පෙ- අරහත්තමග්ගපරියොගාහනං සබ්බකිලෙසෙහි සුඤ්ඤං, ඉදං පරියොගාහනසුඤ්ඤං.
Sinhala BJTපර්‍ය්‍යාවගාහණශූන්‍ය නම් කවරැ යත්: නෛෂ්ක්‍රම්‍යයෙහි බැසගැනීම කාමච්ඡන්‍ද විසින් ශූන්‍ය යැ, අව්‍යාපාදයෙහි බැසගැනීම ව්‍යාපාද විසින් ශූන්‍ය යැ, ආලෝකසංඥායෙහි බැසගැනීම ථිනමිද්ධ විසින් ශූන්‍ය යැ, අවික්‍ෂේපයෙහි බැසගැනීම ඖද්ධත්‍ය විසින් ශුන්‍ය යැ, ධර්‍මනිශ්චයෙහි බැසගැනීම විචිකිත්සා විසින් ශූන්‍ය යැ, ඥානයෙහි බැසගැනීම අවිද්‍යා විසින් ශූන්‍ය යැ, ප්‍රාමෝද්‍යයෙහි බැසගැනීම අරති විසින් ශූන්‍ය යැ, ප්‍රථමධ්‍යානයෙහි බැසගැනීම නීවරණ විසින් ශූන්‍ය යැ ... අර්‍හන්මාර්‍ගයෙහි බැසගැනීම හැම කෙලෙසුන් විසින් ශූන්‍ය යි. මේ පර්‍ය්‍යාවගාහණශූන්‍ය යි.
Pali BJTකතමං සම්පජානස්ස පවත්තපරියාදානං සබ්බසුඤ්ඤතානං පරමත්ථසුඤ්ඤං: ඉධ සම්පජානො නෙක්ඛම්මෙන කාමච්ඡන්දස්ස පවත්තං පරියාදියති, අබ්යාපාදෙන බ්යාපාදස්ස පවත්තං පරියාදියති, ආලොකසඤ්ඤාය ථිනමිද්ධස්ස පවත්තං පරියාදියති, අවික්ඛෙපෙන උද්ධච්චස්ස පවත්තං පරියාදියති, ධම්මවවත්ථානෙන විචිකිච්ඡාය පවත්තං පරියාදියති, ඤාණෙන අවිජ්ජාය පවත්තං පරියාදියති, පාමොජ්ජෙන අරතියා පවත්තං පරියාදියති, පඨමෙන ඣානෙන නීවරණානං පවත්තං පරියාදියති, -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසානං පවත්තං පරියාදියති.
Sinhala BJTසම්‍යග්ඥාන සමන්‍වාගතයා (රහත්හු) ගේ හැම ශූන්‍යතයන් අතුරින් පරමාර්‍ත්‍ථශූන්‍ය වූ ප්‍රවෘත්තික්‍ෂය (අනුපාදාපරිනිර්‍වාණය) කවරැ යත්: මෙ සසුන්හි සම්‍යග්ඥානසමන්‍වාගත වූයේ නෛෂ්ක්‍රම්‍ය හේතුකොටගෙන කාමච්ඡන්‍දයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, අව්‍යාපාදය හේතුකොටගෙන ව්‍යාපාදයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ආලෝකසංඥාව හේතුකොටගෙන ථිනමිද්ධයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, අවික්‍ෂේපය හේතුකොටගෙන ඖද්ධත්‍යයාගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ධර්‍මනිශ්චය හේතුකොටගෙන විචිකිත්සාවගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ඥානය හේතුකොටගෙන අවිද්‍යාවගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ප්‍රාමෝද්‍යය හේතුකොටගෙන අරතියගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි, ප්‍රථමධ්‍යාන හේතුකොටගෙන නීවරණයන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරෙයි ... අර්‍හන්මාර්‍ගය හේතුකොටගෙන හැම කෙලෙසුන්ගේ පැවැත්ම ක්‍ෂය කෙරේ.
Pali BJTඅථ වා පන සම්පජානස්ස අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්තස්ස ඉදං චෙව චක්ඛුපවත්තං පරියාදියති, අඤ්ඤං ච චක්ඛුපවත්තං න උප්පජ්ජති, ඉදං චෙව සොතපවත්තං -පෙ- ඝානපවත්තං -පෙ- ජිව්හාපවත්තං -පෙ- කායපවත්තං -පෙ- මනොපවත්තං පරියාදියති, අඤ්ඤං ච මනොපවත්තං න උප්පජ්ජති, ඉදං සම්පජානස්ස පවත්තපරියාදානං සබ්බසුඤ්ඤතානං පරමත්ථසුඤ්ඤන්ති.
Sinhala BJTතවද සම්‍යග්ඥාන ඇත්තහු අනුපාදිශේෂපරිනිර්‍වාණධාතුයෙන් පිරිනිවෙන්නහුට මේ චක්‍ෂුඃප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි. අන්‍ය චක්‍ෂුඃප්‍රවෘත්තියෙකුදු නූපදී. මේ ශ්‍රෝත්‍රප්‍රවෘත්තිය ද ... ඝ්‍රාණප්‍රවෘත්තිය ද ... ජිහ්වාප්‍රවෘත්තිය ද ... කායප්‍රවෘත්තිය ද ... මනඃප්‍රවෘත්තිය ද ක්‍ෂය වෙයි, අන්‍ය වූ මනඃප්‍රවෘත්තියෙකුදු නූපදී. මේ සම්‍යග්ඥානසමන්‍වාගතයාගේ හැම ශූන්‍යතයන් අතුරින් පරිමාර්‍ත්‍ථශූන්‍ය වූ ප්‍රවෘත්තික්‍ෂය නම් වේ යයි.
Pali BJTසුඤ්ඤතාකථා සමත්තා.
Sinhala BJTශූන්‍යතාකථා නිමි.
Pali BJTයුගනද්ධවග්ගො දුතියො.
Sinhala BJTදෙ වැනි යුගනද්ධවර්‍ග යි.
Pali BJTතස්සුදානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTයුගනද්ධො සච්චබොජ්ඣඞ්ගා මෙත්තාවිරාගපඤ්චමා, පටිසම්භිදා ධම්මචක්කං ලොකුත්තරබලසුඤ්ඤා’ති
Sinhala BJTයුගනද්ධ කථා යැ, සත්‍ය කථා යැ, බෝධ්‍යඞ්ග කථා යැ, මෛත්‍රී කථා යැ, පස් වැනි වූ විරාග කථා යැ, ප්‍රතිසංවිත් කථා යැ, ධර්‍මචක්‍ර කථා යැ, ලෝකෝත්තර කථා යැ, බල කථා යැ, ශූන්‍ය කථා යැ’යි.
Pali BJTඑස නිකායධරෙහි ඨපිතො අසමො දුතියො පවරො වරවග්ගො’ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3. පඤ්ඤාවග්ගො
Sinhala BJT3. ප්‍රඥා වර්‍ගය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTපඤ්ඤා කථා
Sinhala BJTප්‍රඥා කථා
Pali BJTඅනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, දුක්ඛානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති. -පෙ- පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති.
Sinhala BJTඅනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, දුක්ඛානුපස්සනාව වඩනා ලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
Pali BJTඅනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, දුක්ඛානුපස්සනා භාවිතා බහුලීකතා නිබ්බෙධිකපඤ්ඤං පරිපූරෙති, අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා මහාපඤ්ඤං පරිපූරෙති, නිබ්බිදානුපස්සනා භාවිතා බහුලීකතා තික්කපඤ්ඤං පරිපූරෙති, විරාගානුපස්සනා භාවිතා බහුලීකතා විපුලපඤ්ඤං පරිපූරෙති, නිරොධානුපස්සනා භාවිතා බහුලීකතා ගම්භීරපඤ්ඤං පරිපූරෙති, පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා අසාමන්තපඤ්ඤං පරිපූරෙති. ඉමා සත්තපඤ්ඤා භාවිතා බහුලීකතා පණ්ඩිච්චං පරිපූරෙන්ති. ඉමා අට්ඨ පඤ්ඤා භාවිතා බහුලීකතා පුථුපඤ්ඤං පරිපූරෙන්ති. ඉමා නව පඤ්ඤා භාවිතා බහුලීකතා හාසපඤ්ඤං පරිපූරෙන්ති.
Sinhala BJTඅනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී නිබ්බේධිකප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී මහාප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී තීක්‍ෂණප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි. විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා වඩනාලද්දී විපුලප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ගම්භීරප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පාණ්ඩිත්‍යය පරිපූර්‍ණ කෙරෙති, මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්:
Pali BJTහාසපඤ්ඤා පටිභානපටිසම්භිදා, තස්ස අත්ථවවත්ථානතො අත්ථපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, ධම්මවවත්ථානතො ධම්මපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, නිරුත්තිවවත්ථානතො නිරුත්තිපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය. පටිභානවවත්ථානතො පටිභානපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, තස්සිමා චතස්සො පටිසම්භිදායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය.
Sinhala BJTහාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් (යථෝක්ත) අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරන ලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙයි. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු ලබනලද සාක්‍ෂාත් කරනලද ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද වෙත්.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති -පෙ- රූපෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති:
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති -පෙ- රූපෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා අසාමන්තපඤ්ඤං පරිපූරෙති. ඉමා සත්ත පඤ්ඤා භාවිතා බහුලීකතා පණ්ඩිච්චං පරිපූරෙන්ති, ඉමා අට්ඨ පඤ්ඤා භාවිතා බහුලීකතා පුථුපඤ්ඤං පරිපූරෙන්ති, ඉමා නව පඤ්ඤා භාවිතා බහුලීකතා හාසපඤ්ඤං පරිපූරෙන්ති.
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී බහුල කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු පාණ්ඩිත්‍යය පරිපූර්‍ණ කෙරෙති, මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති, මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු බහුල කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
Pali BJTහාසපඤ්ඤා පටිභානපටිසම්භිදා තස්ස{1} අත්ථවවත්ථානතො අත්ථපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, ධම්මවවත්ථානතො ධම්මපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, නිරුත්තිවවත්ථානතො නිරුත්තිපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, පටිභානවවත්ථානතො පටිභානපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, තස්සිමා චතස්සො පටිසම්භිදායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය.
Sinhala BJTහාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු ලබනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
Pali BJTවෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති -පෙ- ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති: ජරාමරණෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති -පෙ- ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා අසාමන්තපඤ්ඤං පරිපූරෙති, ඉමා සත්ත පඤ්ඤා භාවිතා බහුලීකතා පණ්ඩිච්චං පරිපූරෙන්ති, ඉමා අට්ඨ පඤ්ඤා භාවිතා බහුලීකතා පුථුපඤ්ඤං පරිපූරෙන්ති. ඉමා නව පඤ්ඤා භාවිතා බහුලීකතා හාසපඤ්ඤං පරිපූරෙන්ති.
Sinhala BJTවේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්: ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පණ්ඩිත බව පරිපූර්‍ණ කෙරෙති. මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
Pali BJTහාසපඤ්ඤා පටිභානපටිසම්භිදා, තස්ස අත්ථවවත්ථානතො අත්ථ පටිසම්භිදා භාවිතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, ධම්මවවත්ථානතො ධම්මපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, නිරුත්තිවවත්ථානතො නිරුත්තිපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, පටිභානවවත්ථානතො පටිභානපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, තස්සිමා චතස්සො පටිසම්භිදායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය.
Sinhala BJTහාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය වඩනාලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, රූපෙ දුක්ඛානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ දුක්ඛානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති: රූපෙ අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති: අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, රූපෙ නිබ්බිදානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ නිබ්බිදානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති: රූපෙ විරාගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ විරාගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, රූපෙ නිරොධානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙන රූපෙ නිරොධානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, රූපෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති.
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, රූපෙ දුක්ඛානුපස්සනා භාවිතා බහුලීකතා නිබ්බෙධිකපඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ දුක්ඛානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති. රූපෙ අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා මහාපඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ අනත්තානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති. රූපෙ නිබ්බිදානුපස්සනා භාවිතා බහුලීකතා තික්ඛපඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ නිබ්බිදානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, රූපෙ විරාගානුපස්සනා භාවිතා බහුලීකතා විපුලපඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ විරාගානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, රූපෙ නිරොධානුපස්සනා භාවිතා බහුලීකතා ගම්භීරපඤ්ඤං පරිපූරෙති. අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ නිරොධානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, රූපෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා අසාමන්තපඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ රූපෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, ඉමා සත්ත පඤ්ඤා භාවිතා බහුලීකතා පණ්ඩිච්චං පරිපූරෙන්ති. ඉමා අට්ඨපඤ්ඤා භාවිතා බහුලීකතා පුථුපඤ්ඤං පරිපූරෙන්ති, ඉමා නව පඤ්ඤා භාවිතා බහුලීකතා හාසපඤ්ඤං පරිපූරෙන්ති.
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී නිර්වේධික (ප්‍රණිධිවිදාරණ) ප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි දුක්ඛානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරන ලද්දී මහාප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි අනත්තානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී තීක්‍ෂණප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිබ්බිදානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී විපුලප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි විරාගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවන ප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ගම්භීරප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි නිරෝධානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී අසාමන්තප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නරූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවන ප්‍රඥාව පරිපූර්‍ණ කෙරේ. මේ සප්තප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු පණ්ඩිත බව පරිපූර්‍ණ කෙරෙති. මේ අෂ්ටප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු පෘථුප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙති. මේ නවප්‍රඥාවෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු හාසප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙත්.
Pali BJTහාසපඤ්ඤා පටිභානපටිසම්භිදා, තස්ස අත්ථවවත්ථානතො අත්ථපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, ධම්මවවත්ථානතො ධම්මපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, නිරුත්තිවවත්ථානතො නිරුත්තිපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, පටිභානවවත්ථානතො පටිභානපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, තස්සිමා චතස්සො පටිසම්භිදායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය.
Sinhala BJTහාසප්‍රඥාව ප්‍රතිභානප්‍රතිසංවිදා යැ. ඒ ආර්‍ය්‍යපුද්ගල විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය වඩනාලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි. ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි, නිරුක්තිනිශ්චය කිරීම් වශයෙන් නිරුක්තිප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරන ලද ප්‍රඥායෙන් පහස්නාලද වෙයි, ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ. ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
Pali BJTවෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති. අතීතානාගතපච්චුප්පන්නෙ ජරාමරණෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, -පෙ- ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා භාවිතා බහුලීකතා කතමං පඤ්ඤං පරිපූරෙති:
Sinhala BJTවේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද: අතීත-අනාගත-වර්‍තමාන වූ ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලදී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද, අතීත-අනාගත-වර්‍තමාන වූ ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව වඩනාලදී පුනපුනා කරනලද්දී කවර ප්‍රඥාවක් පරිපූර්‍ණ කෙරේ ද යත්:
Pali BJTජරාමරණෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති, අතීතානාගතපච්චුප්පන්නෙ ජරාමරණෙ අනිච්චානුපස්සනා භාවිතා බහුලීකතා ජවනපඤ්ඤං පරිපූරෙති -පෙ- තස්සිමා චතස්සො පටිසම්භිදායො අධිගතා හොන්ති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය.
Sinhala BJTජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලදී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි, අතීත-අනාගත- වර්‍තමාන වූ ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව වඩනාලද්දී පුනපුනා කරනලද්දී ජවනප්‍රඥාව පරිපූර්‍ණ කෙරෙයි ... ඔහු විසින් මේ සතර ප්‍රතිසංවිද්හු අධිගම කරනලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වෙත්.
Pali BJT“චත්තාරො’ මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං{1} යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති, ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ සතර දෙනෙක් වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු සෝවාන්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්. කවර සතර ධර්‍ම කෙනෙකැ යත්: සත්පුරුෂසංසේවන යැ සද්ධර්‍මශ්‍රවණ යැ යෝනිසෝමනස්කාර යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යි. මහණෙනි, මේ සතර ධර්‍මයෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු සෝවාන්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්.
Pali BJTචත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. -පෙ- අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති -පෙ- අරහත්තඵලසච්ඡිකිරියාය සංවත්තන්ති, කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං,{1} යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති, ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා අරහත්තඵල{2} සච්ඡිකිරියාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු සකෘදාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත් ... අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්. කවර සතර ධර්‍ම කෙනෙකැ යත්: සත්පුරුෂසංසේවන යැ සද්ධර්‍මශ්‍රවණ යැ යෝනිසෝමනස්කාර යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යි. මහණෙනි, මේ සතර ධර්‍මයෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතිත්.
Pali BJTචත්තාරො’ මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාපටිලාභාය සංවත්තන්ති -පෙ- පඤ්ඤාවුද්ධියා{3} සංවත්තන්ති -පෙ- පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්ති -පෙ- මහාපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- පුථුපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- විපුලපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- ගම්භීරපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- අසාමන්තපඤ්ඤතාය{4} සංවත්තන්ති -පෙ- භූරිපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්ති -පෙ- සීඝපඤ්ඤතාය ලහුපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- හාසපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- ජවනපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- තික්ඛපඤ්ඤතාය සංවත්තන්ති -පෙ- නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං{1} යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති, ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාපටිලාභාය සංවත්තන්ති, පඤ්ඤාවුද්ධියා සංවත්තන්ති -පෙ- නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්ති.{a}
Sinhala BJTමහණෙනි, මේ සතර ධර්‍ම කෙනෙක් වඩනාලද්දාහු පුනපුනා කරන ලද්දාහු ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවතිත් ... ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත් ... ප්‍රඥාවගේ විපුලභාවය පිණිස පවතිත් . (මහදර්‍ත්‍ථප්‍රතිවේධක බැවින්) මහා ප්‍රඥා බව පිණිස පවතිත්. (නානාර්‍ත්‍ථප්‍රතිවේධක බැවින්) පෘථුප්‍රඥා බව පිණිස පවතිත් ... විපුලප්‍රඥා බව පිණිස පවතිත් ... ගම්භිරප්‍රඥා බව පිණිස පවතිත් ... (යට යට ප්‍රඥා මතු මතු ප්‍රඥාවනට අනාසන්න බැවින්) අසාමන්තප්‍රඥා බව පිණිස පවතිත් ... භූරිප්‍රඥා බව පිණිස පවතිත් ... ප්‍රඥාවගේ බහුල බව පිණිස පවතිත් ... (ශීඝ්‍ර වැ අර්‍ත්‍ථ ප්‍රතිවේධ කරන) ශීඝ්‍රප්‍රඥා බව පිණිස පවතිත් ... (යුහු වැ අර්‍ත්‍ථප්‍රතිවේධ කරන) ලඝුප්‍රඥා බව පිණිස පවතිත් ... (තුෂ්ටි බහුල බැවින්) හාසප්‍රඥා බව පිණිස පවතිත් ... ජවනප්‍රඥා බව පිණිස පවතිත් ... තීක්‍ෂණප්‍රඥා බව පිණිස පවතිත් ... නිර්වේධිකප්‍රඥා බව පිණිස පවතිත් ... කවර සතර ධර්‍ම කෙනෙකැ යත්: සත්පුරුෂසංසේවන යැ සද්ධර්‍මශ්‍රවණ යැ යෝනිසෝමනස්කාර යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ යි. මහණෙනි, මේ සතර ධර්‍මයෝ වඩනාලද්දාහු පුනපුනා කරනලද්දාහු ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවතිත් ... ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත් ... නිර්වේධිකප්‍රඥා බව පිණිස පවතිත්.
Pali BJTපඤ්ඤාපටිලාභාය සංවත්තන්තීති කතමො පඤ්ඤාපටිලාභො: චතුන්නං මග්ගඤාණානං චතුන්නං ඵලඤාණානං චතුන්නං පටිසම්භිදාඤාණානං ඡන්නං අභිඤ්ඤාඤාණානං තෙසත්තතීනං ඤාණානං සත්තසත්තතිනං ඤාණානං ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵස්සනා සච්ඡිකිරියා උපසම්පදා පඤ්ඤාපටිලාභාය සංවත්තන්තීති අයං පඤ්ඤාපටිලාභො.
Sinhala BJTපඤ්ඤාපටිලාභාය සංවත්තන්ති යනු: ප්‍රඥාප්‍රතිලාභ නම් කවරේද යත්: සතර මාර්‍ගඥානය සතර ඵලඥානය සතර ප්‍රතිසංවිද්ඥානය ෂඩ් අභිඥාඥානය තෙසැත්තෑනුවණ සත්සැත්තෑනුවණ යන මොවුන්ගේ ලාභය ප්‍රතිලාභය ප්‍රාප්තිය සම්ප්‍රාප්තිය ස්පර්‍ශනය සාක්‍ෂාත්කරණයන් උපසම්ප්‍රාප්තිය ප්‍රඥාව ලැබීම පිණිස පවතිත් නු’ යි. මේ ප්‍රඥාප්‍රතිලාභ නමි.
Pali BJTපඤ්ඤාවුද්ධියා{3} සංවත්තන්තීති කතමා පඤ්ඤාවුද්ධි: සත්තන්නඤ්ච සෙඛානං පුථුජ්ජනකල්යාණකස්ස ච පඤ්ඤා වඩ්ඪති, අරහතො පඤ්ඤා වඩ්ඪිතවඩ්ඪනා, පඤ්ඤාවුද්ධියා{3} සංවත්තන්තීති අයං පඤ්ඤාවුද්ධි{5}
Sinhala BJTපඤ්ඤාවුද්ධියා සංවත්තන්ති යත්: ප්‍රඥාවෘද්ධි නම් කවරැ යත්: සප්ත ශෛක්‍ෂයන්ගේ ද කල්‍යාණපෘථග්ජනයාගේ ද ප්‍රඥාව වැඩෙයි, රහත්හුගේ ප්‍රඥාව වැඩුණු වැඩීම් ඇතතී යැ, ප්‍රඥාවගේ වැඩීම පිණිස පවතිත් නු’ යි මේ ප්‍රඥාවෘද්ධි නමු.
Pali BJTපඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්තීති පඤ්ඤාවෙපුල්ලං: සත්තන්නං සෙක්ඛානං පුථුජ්ජනකල්යාණකස්ස ච පඤ්ඤා වෙපුල්ලං ගච්ඡති, අරහතො පඤ්ඤා වෙපුල්ලං ගතා,{6} පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්තීති ඉදං පඤ්ඤාවෙපුල්ලං,
Sinhala BJTපඤ්ඤාවේපුල්ලාය සංවත්තන්ති යත්: ප්‍රඥාවෛපුල්‍ය නම් කවරැ යත්: සප්ත ශෛක්‍ෂයන්ගේ ද කල්‍යාණ පෘථග්ජනයාගේ ද ප්‍රඥාව විපුල බවට යයි, රහත්හුගේ ප්‍රඥාව විපුල බවට ගියා වෙයි. ප්‍රඥාවගේ විපුල බව පිණිස පවතිත් නු’ යි මේ ප්‍රඥාවෛපුල්‍ය නමි.
Pali BJTමහාපඤ්ඤතාය සංවත්තන්තීති කතමා මහාපඤ්ඤා, මහන්තෙ අත්ථෙ පරිගණ්හාතීති{1} මහාපඤ්ඤා, මහන්තෙ ධම්මෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තී{2} නිරුත්තියො පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තානි පටිභානානි පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ සීලක්ඛන්ධෙ පරිගණ්හාතීති මහා පඤ්ඤා, මහන්තෙ සමාධික්ඛන්ධෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ පඤ්ඤාක්ඛධෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ විමුත්තික්ඛන්ධෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තානි ඨානාට්ඨානානි පරිගණ්හාතීති මහා පඤ්ඤා, මහන්තී{2} විහාරසමාපත්තියො පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තානි අරියසච්චානි පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ සතිපට්ඨානෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ සම්මප්පධානෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ ඉද්ධිපාදෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තානි ඉන්ද්රියානි පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තානි බලානි පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තෙ බොජ්ඣඞ්ගෙ පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තං අරියමග්ගං පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තානි සාමඤ්ඤඵලානි පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තීති{2} අභිඤ්ඤායො පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහන්තං පරමත්ථං නිබ්බානං පරිගණ්හාතීති මහාපඤ්ඤා, මහාපඤ්ඤතාය සංවත්තන්තීති අයං මහාපඤ්ඤා.
Sinhala BJTමහාපඤ්ඤතාය සංවත්තන්ති යනු: මහාප්‍රඥා නම් කවර යත් (පිළීසැඹීයාපත් ආර්‍ශ්‍රාවක තෙම) මහත් වූ අර්‍ත්‍ථයන් (ආලම්බනකරණයෙන්) පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ධර්‍මයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ නිරුක්තීන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ප්‍රතිභානයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ශීලස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ සමාධිස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ප්‍රඥාස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ විමුක්තිස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ස්ථානාස්ථානයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ විහාරසම්පත්තීන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ආර්‍ය්‍යසත්‍යයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ සතිපට්ඨානයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ සම්‍යක්ප්‍රදහනයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ඍද්ධිපාදයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ඉන්‍ද්‍රියයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ බලයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ බෝධ්‍යඞ්ගයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ ශ්‍රාමණ්‍යඵලයන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ අභිඥාවන් පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යැ, මහත් වූ පරමාර්‍ත්‍ථ නිර්‍වාණය පිරිසිදගනී නු’යි මහාප්‍රඥා යි. මහාප්‍රඥා බව පිණිස පවතිත් නු’ යි මේ මහාප්‍රඥා නමි.
Pali BJTපුථුපඤ්ඤතාය සංවත්තන්තීති’ති කතමා පුථුපඤ්ඤා: පුථු නානාඛන්ධෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාධාතූසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාආයතනෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථූනානා පටිච්චසමුප්පාදෙසු ඤාණං පවත්තීති පුථුපඤ්ඤා, පුථුනානානසුඤ්ඤත මනුපලබ්භෙසු3 ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාසුඤ්ඤත මනුපලබ්භෙසු{3} ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාඅත්ථෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාධම්මෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානානිරුත්තිසු ඤාණ පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාපටිභානෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානසිලක්ඛන්ධෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාසමාධික්ඛන්ධෙසු ඤාණං පවත්තීතිති පුථුපඤ්ඤා, පුථුනානාපඤ්ඤාක්ඛන්ධෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාවිමුත්තික්ඛන්ධෙසු ඤාණං පවත්තතීති පුථුපපඤ්ඤා, පුථුනානාවිමුත්තිඤාණදස්සනක්ඛන්ධෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාඨානෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාවිහාරසමාපත්තීසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාඅරියසච්චෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානා සතිපට්ඨානෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාසම්මප්පධානෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාඉද්ධිපාදෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාඉන්ද්රියෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාබලෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාබොජ්ඣඞ්ගෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාඅරියමග්ගෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා පුථුනානාසාමඤ්ඤඵලෙසු ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාඅභිඤ්ඤාසු ඤාණ පවත්තතීති පුථුපඤ්ඤා, පුථුනානාජනසාධාරණෙ{4} ධම්මෙ අතික්කම්ම{5} පරමත්ථෙ නිබ්බානෙ ඤාණං පවත්තතීති පුථුපඤ්ඤා, පුථුපඤ්ඤතාය සංවත්තන්තීති අයං පුථුපඤ්ඤා.
Sinhala BJTපුථුපඤ්ඤතාය සංවත්තන්ති යත්: පෘථුප්‍රඥා නම් කවර යත් පෘථුනානාස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාධාතුන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාආයතනයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාප්‍රතිත්‍යසමුත්පාදයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාශුන්‍යතානුපලබ්ධින්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඅර්‍ත්‍ථයන් හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාධර්‍මයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානානිරුක්තීන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාප්‍රතිභානයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාශීලස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාසමාධිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාප්‍රඥාස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාවිමුක්තිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාස්ථානාස්ථානයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාවිහාරසම්පත්තීන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාආර්‍ය්‍යසත්‍යයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාසතිපට්ඨානයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාසම්‍යක්ප්‍රදහනයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඍද්ධිපාදයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඉන්‍ද්‍රියයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාබලයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාබොධ්‍යඞ්ගයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාආර්‍ය්‍යමාර්‍ගයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාශ්‍රාමණ්‍යඵලයන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාඅභිඥාවන්හි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, පෘථුනානාජනසාධාරණ ධර්‍මයන් ඉක්ම පරමාර්‍ත්‍ථ සංඛ්‍යාත නිර්‍වාණයෙහි ඥානය පවතී නු’යි පෘථුප්‍රඥා යැ, ‘පුථුපඤ්ඤතාය සංවත්තන්ති’යි මෝ පෘථුප්‍රඥා නමු.
Pali BJTවිපුලපඤ්ඤතාය සංවත්තන්තීති කතමා විපුලපඤ්ඤා: විපුලෙ අත්ථෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ ධම්මෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලා නිරුත්තියො පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලානි පටිභානානි පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ සීලක්ඛන්ධෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ සමාධික්ඛන්ධෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ පඤ්ඤාක්ඛන්ධෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ විමුත්තික්ඛන්ධෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලානි ඨානාඨානානි{1} පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලා විහාරසමාපත්තියො පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලානි අරියසච්චානි පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ සතිපට්ඨානෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ සම්මප්පධානෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ ඉද්ධිපාදෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලානි ඉන්ද්රියානි පරිගණ්හානිති විපුලපඤ්ඤා, විපුලානි බලානි පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ බොජ්ඣඞ්ගෙ පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලෙ අරියමග්ගං පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලානි සාමඤ්ඤඵලානි පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලා අභිඤ්ඤායො පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලං පරමත්ථං නිබ්බානං පරිගණ්හාතීති විපුලපඤ්ඤා, විපුලපඤ්ඤතාය සංවත්තන්තීති අයං විපුලපඤ්ඤා.
Sinhala BJTවිපුලපඤ්ඤතාය සංවත්තන්ති යත්: විපුලප්‍රඥා නම් කවර යත්: විපුල වූ අර්‍ත්‍ථයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ධර්‍මයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ නිරුක්තීන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ප්‍රතිභානයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ශීලස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ සමාධිස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ප්‍රඥාස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ විමුක්තිස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ විහාරසම්පත්තීන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ සතිපට්ඨානයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ සම්‍යක්ප්‍රදහනයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ඍද්ධිපාදයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ඉන්‍ද්‍රියයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ බලයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ බෝධ්‍යඞ්ගයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ආර්‍ය්‍යමාර්‍ගයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල වූ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, විපුල පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය ප්‍රතිවේධ කෙරේ නු’යි විපුලප්‍රඥා යැ, ‘විපුලපඤ්ඤතාය සංවත්තන්ති’යි මෝ විපුලප්‍රඥා නමු.
Pali BJTගම්භීරපඤ්ඤතාය සංවත්තන්තීති: කතමා ගම්භීරපඤ්ඤා: ගම්භීරෙසු ඛන්ධෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරාසු ධාතූසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා ගම්භීරෙසු ආයතනෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු පටිච්චසමුප්පාදෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු සුඤ්ඤතමනුපලබ්භෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු අත්ථෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු ධම්මෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරාසු නිරුත්තීසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු පටිභානෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු සීලක්ඛන්ධෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු සමාධික්ඛන්ධෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු පඤ්ඤාක්ඛන්ධෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරපඤ්ඤා. ගම්භීරෙසු විමුත්තික්ඛන්ධෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු ඨානාඨානෙසු{2} ඤාණං පවත්තතීති ගම්භීර පඤ්ඤා, ගම්භීරෙසු අරියසච්චෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු සතිපට්ඨානෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු සතිපට්ඨානෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු සම්මප්පධානෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු ඉද්ධිපාදෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු ඉන්ද්රියෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු බලෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු බොජ්ඣඞ්ගෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු අරියමග්ගෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙසු සාමඤ්ඤඵලෙසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරාසු අභිඤ්ඤාසු ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරෙ පරමත්ථෙ නිබ්බානෙ ඤාණං පවත්තතීති ගම්භීරපඤ්ඤා, ගම්භීරපඤ්ඤාතාතය සංවත්තන්තීති අයං ගම්භීරපඤ්ඤා.
Sinhala BJTගම්භීරපඤ්ඤතාය සංවත්තන්ති යත්: ගම්භීරප්‍රඥා නම් කවරැ යත් ගැඹුරු වූ ස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ධාතුන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ආයතනයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ප්‍රතිත්‍යසමුත්පාදයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ශුන්‍යතානුපලබ්ධින්හින්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ අර්‍ත්‍ථයන් හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ධර්‍මයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ නිරුක්තීන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ප්‍රතිභානයන්හි ඥානය පවතී නු’යි ගම්භීරඥා යැ, ගැඹුරු වූ ශීලස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ සමාධිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ප්‍රඥාස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ විමුක්තිස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ස්ථානාස්ථානයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ විහාරසම්පත්තීන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ආර්‍ය්‍යසත්‍යයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ සතිපට්ඨානයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ සම්‍යක්ප්‍රදහනයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ඍද්ධිපාදයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ඉන්‍ද්‍රියයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ බලයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ බෝධ්‍යඞ්ගයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ආර්‍ය්‍යමාර්‍ගයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ ශ්‍රාමණ්‍යඵලයන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ අභිඤ්ඤාවන්හි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යැ, ගැඹුරු වූ පරමාර්‍ත්‍ථනිර්‍වාණයෙහි ඥානය පවතී නු’යි ගම්භීරප්‍රඥා යි. ‘ගම්භීරපඤ්ඤතාය සංවත්තන්ති’යි මෝ ගම්භීරප්‍රඥා නමු.
Pali BJTඅසාමන්තපඤ්ඤතාය{1} සංවත්තන්තීති: කතමා අසාමන්තපඤ්ඤා: යස්ස පුග්ගලස්ස අත්ථවවත්ථානතො අත්ථපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, ධම්මවවත්ථානතො ධම්මපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, නිරුත්තිවවත්ථානතො නිරුත්තිපටිසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, පටිභානවවත්ථානතො පටිභාන පටිපසම්භිදා අධිගතා හොති සච්ඡිකතා ඵස්සිතා පඤ්ඤාය, තස්සා අත්ථෙ ච ධම්මෙ නිරුත්තියා ච පටිභානෙ ච න අඤ්ඤො කොචි සක්කොති අභිසම්භවිතුං අනභිසම්භවනීයො ච සො අඤ්ඤෙහීති අසාමන්තපඤ්ඤො.
Sinhala BJTඅසමාන්තපඤ්ඤතාය සංවත්තන්තී යත්: අසමාන්තප්‍රඥා නම් කවරැ යත්: යම් පුද්ගලයක්හු විසින් අර්‍ත්‍ථනිශ්චය කිරීම් වශයෙන් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ඥානයෙන් පහස්නාලද වේ ද, ධර්‍මනිශ්චය කිරීම් වශයෙන් ධර්‍මප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ ද, නිරුක්ති නිශ්චය කිරීම් වශයෙන් නිරුක්ති ප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ ද, ප්‍රතිභානනිශ්චය කිරීම් වශයෙන් ප්‍රතිභානප්‍රතිසංවිද්ඥානය අධිගම කරන ලද ප්‍රත්‍යක්‍ෂ කරනලද ප්‍රඥායෙන් පහස්නාලද වේ ද, ඔහුගේ අර්‍ත්‍ථයෙහි ද ධර්‍මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද අන් කිසිවෙක් (ඥානගතියෙන්) පැමිණෙන්නට නොහැකි වෙයි. හෙතෙම අන්‍යයන් විසින් නොපැමිණිය හැක්කේ ද වේ නු’යි ‘අසමාන්තප්‍රඥා’ නම් වේ.
Pali BJTපුථුජ්ජනකල්යාණකස්ස පඤ්ඤා අට්ඨමකස්ස පඤ්ඤාය දූරෙ විදූරෙ න සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා, පුථුජ්ජනකල්යාණකං උපාදාය අට්ඨමකො අසාමන්තපඤ්ඤො. අට්ඨමකස්ස පඤ්ඤා සොතාපන්නස්ස පඤ්ඤාය දූරෙ විදූරෙ සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා, අට්ඨමකං උපාදාය සොතාපන්නො අසාමන්තපඤ්ඤො. සොතාපන්නස්ස පඤ්ඤා සකදාගාමිස්සපඤ්ඤාය දූරෙ විදූරෙ සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා සොතාපන්නං උපාදාය සකදාගාමී අසාමන්තපඤ්ඤො. සකදාගාමිස්ස පඤ්ඤා අනාගාමිස්ස පඤ්ඤාය දූරෙ විදූරෙ සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා, සකදාගාමිං උපාදාය අනාගාමී අසාමන්තපඤ්ඤො. අනාගාමිස්ස පඤ්ඤා අරහතො පඤ්ඤාය දූරෙ විදූරෙ සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා, අනාගාමිං උපාදාය අරහා අසාමන්තපඤ්ඤො. අරහතො පඤ්ඤා පච්චෙකබුද්ධස්ස{2} පඤ්ඤාය දූරෙ විදූරෙ න සුවිදූරෙ න සන්තිකෙ න සාමන්තා, අරහන්තං උපාදාය පච්චෙකබුද්ධො{3} අසාමන්තපඤ්ඤො. පච්චෙකබුද්ධං ච සදෙවකං ච ලොකං උපාදාය තථාගතො අරහං සම්මාසම්බුද්ධො අග්ගො අසාමන්තපඤ්ඤො. පඤ්ඤාපභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො{4} චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ්ඤො පුරිසධොරය්හො අනන්තඤාණො අනන්තතෙජො අනන්තයසො අඩ්ඪො මහද්ධනො{5} ධනවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතා.
Sinhala BJTපෘථග්ජනකල්‍යාණකයාගේ ප්‍රඥාව අෂ්ටමකයා (ශ්‍රෝතාපන්නමාර්‍ගස්ථයා) ගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. පෘථග්ජනකල්‍යාණකයා පිණිස අෂ්ටමක තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. අෂ්ටමකයාගේ ප්‍රඥාව ශ්‍රෝතාපන්නයාගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. අෂ්ටමකයා පිණිස ශ්‍රෝතාපන්න තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. ශ්‍රෝතාපන්නයාගේ ප්‍රඥාව සකෘදගාමීහුගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. ශ්‍රෝතාපන්නයා පිණිස සකෘදාගාමී තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. සකෘදගාමීහුගේ ප්‍රඥාව අනාගාමීහුගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. සකෘදගාමීහු පිණිස අනාගාමීහු තෙම අසාමන්තප්‍රාඥ නම් වෙයි. අනාගාමීහුගේ ප්‍රඥාව රහත්හුගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. අනාගාමීහු පිණිස රහත්හු අසාමන්තප්‍රාඥ නම් වෙයි. රහත්හුගේ ප්‍රඥාව පසේ බුදුන්ගේ ප්‍රඥාව කෙරෙන් දූරයෙහි විදූරයෙහි සුවිදූරයෙහි වෙයි, සමීපයෙහි නොවෙයි, සමීපභාගයෙහි නොවෙ යි. රහතුන් පිණිස පසේ බුදුහු අසාමන්තප්‍රාඥ නම් වෙයි. පසේ බුදුන්ද සදේවකලෝකයා ද පිණිස තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ අග්‍ර වූ අසාමන්තප්‍රාඥයහ, ප්‍රඥාප්‍රභේදයෙහි ඡේකයහ, ප්‍රභේදප්‍රාප්තඥාන ඇතියහ, ලබනලද ප්‍රතිසංවිද්ඥාන ඇතියහ, චතුර්වෛශාරද්‍යප්‍රාප්තයහ දශබලධාරීහ, පුරුෂශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුශාජානියහ, පුරුෂධෞරෙයහ, අනන්තඥාන ඇතියහ, අනන්තතේජස් ඇතියහ, අනන්තයශස් ඇතියහ, ආඪ්‍යයහ, මහද්ධන අතියැහ, ධනවත්හ, නේතෘහ, විනෙතෘහ, අනුනේතෘහ, පනවනුවහ, නිශ්චය කරවනුවහ (පිළිවෙත්) දක්වනුවහ, පහදවනුවහ.
Pali BJTසො හි භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජන්තො{6} අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො මග්ගානුගා{7} ච පනස්ස එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා.
Sinhala BJTතවද ඒ බුදුහු නූපන් මාර්‍ගය (ස්වසන්තානයෙහි) උපදවනුහ, අසඤ්ජාතමාර්‍ගය (වෛනෙයසන්තානයෙහි) දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරවනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂාවෙන්) මාර්‍ගය දතුවහ, (වෛනෙයසන්තානයෙහි දැනැවියයුතු) මාර්‍ගය දන්නසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ගය හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත්.
Pali BJTසො හි භගවා ජානං ජානාති, පස්සං චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො, වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්සා දාතා ධම්මස්සාමී තථාගතො. නත්ථි තස්සා භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං{1} උපාදාය සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති. යං කිඤ්චි ඤෙය්යං{2} නාම අත්ථි ධම්මං{3} ජානිතබ්බං, අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො ගම්භීරො වා අත්ථො ගූළ්හො වා අත්ථො පටිච්ඡන්නො වා අත්ථො නෙය්යො වා අත්ථො නීතො වා අත්ථො අනවජ්ජො වා අත්ථො නික්කිලෙසො වා අත්ථො වොදානො වා අත්ථො පරමත්ථො වා අත්ථො. සබ්බං තං අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. සබ්බං කායකම්මිං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං වචීකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති, සබ්බං මනොකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති
Sinhala BJTතවද ඒ බුදුහු දතයුතු (ඥේයධර්‍මය) දනිති, දැක්ක යුත්ත (නුවණැසින්) දකිති, ඇසක් මෙන් වූවහ, ඥානමය වූවහ, ධර්‍මමය වූවහ, ශ්‍රේෂ්ඨ වූවහ, වක්තෘහ, ප්‍රවක්තෘහ, අර්‍ත්‍ථය එළවා දක්වනුවහ, අමෘතය දෙනුවහ, ධර්‍ම ස්වාමිහ, තථාගතයහ, ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නාලද්දක් (සව්නේ දත් නැණින්) නොදක්නා ලද්දක් අවිදිත වූවෙක් ප්‍රත්‍යක්‍ෂ නො කරනලද්දෙක් ප්‍රඥායෙන් නො පහස්නාලද්දෙක් නැති. ඥේය නම් වූ දත යුතුයම් කිසි ධර්‍මයක් වේද, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන්ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙති. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථය ද, සාම්පරායිකාර්‍ත්‍ථය ද උත්තානාර්‍ත්‍ථය ද ගම්භිරාර්‍ත්‍ථය ද ගුඪාර්‍ත්‍ථයද ප්‍රතිච්ඡන්නාර්‍ත්‍ථය ද නෙය්‍යාර්‍ත්‍ථය ද නීතාර්‍ත්‍ථය ද අනවද්‍යාර්‍ත්‍ථය ද නික්ලේශාර්‍ත්‍ථය ද පරිශුද්ධාර්‍ත්‍ථය ද පරමාර්‍ත්‍ථය ද (නිර්‍වාණාර්‍ත්‍ථය ද) ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පවතී. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී. සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී. සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.
Pali BJTඅතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවකතං ඤෙය්යං, ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං, ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො{4} නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා. යථාද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵුස්සිතානං{5} හෙට්ඨිමං සමුග්ගපටලං උපරිමං නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො. එවමෙව බුද්ධස්ස භගවතො ඤෙය්යං ච ඤාණං ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො, යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං, ඤෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්යං, ඤෙය්යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා. සබ්බධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති.
Sinhala BJTඅතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (නිරාවරණ) යැ, අනාගතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත යැ, දතයුත්ත යම් පමණ ද ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද ඥේයය එපමණ යැ, ඥානය ඥේය පර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී. ඥානය ඉක්මැ ඥේයපථයක් නැති. ඒ ධර්‍මයෝ අන්‍යො’න්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ, යම්සේ මනාකොට පැහෑසූ සුමුගුපටල දෙකෙකින් යට සුමුගුපටල උපරිමය නොයික්මවාද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නොයික්මැ සිටීද, ඔහු ඔවුනොවුන්ගේ කෙළවර සිටුනාසුලු වෙත්ද, එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යො’න්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ. යම්තාක් ඥේයය ද ඒ තාක් ඥානය යැ, යම්තාක් ඥානය ද ඒ තාක් ඥේයය යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥේයපථයක් නැති. ඒ දහම්හි අන්‍යො’න්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනා සුල්ලහ. හැම දහම්හි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී.
Pali BJTසබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා ආකඞ්ඛනපටිබද්ධා{6} මනසිකාරපටිබද්ධා චිත්තුප්පාදටිබද්ධා, සබ්බසත්තෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති. සබ්බෙසඤ්ච{7} සත්තානං බුද්ධො ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං{8} ජානාති, අධිමුත්තිං ජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි මච්ඡකච්ඡපා අන්තමසො තිමිතිමිඞ්ගලං උපාදාය අන්තො මහාසමුද්දෙ පරිවත්තන්ති එවමෙව සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. යා යෙ කෙචි පක්ඛී{9} අන්තමසො ගරුළං වෙනතෙය්යං උපාදාය ආකාසස්ස පදෙසෙ පරිවත්තන්ති, එවමෙව යෙපි තෙ සාරිපුත්තස්මා පඤ්ඤාය,{10} තෙපි බුද්ධඤාණස්ස පදෙසෙ පරිවත්තන්ති. බුද්ධඤාණං දෙවමනුස්සානං පඤ්ඤං ඵරිත්වා අතිඝංසිත්වා තිට්ඨති. යෙපි තෙ ඛත්තියපණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා සමණපණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා මඤ්ඤෙ{11} චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ පඤ්හං අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති ගූළ්හානි ච පටිච්ඡන්නානි ච, කථිතා විස්සජ්ජිතාව{12} තෙ පඤ්හා භගවතා.
Sinhala BJTහැම දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති,රුචිප්‍රතිබද්ධයහ, මනසිකාරප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාදප්‍රතිබද්ධයහ,හැම සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු හැම සතුන්ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, අල්ප වූ කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදී) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර ආකාර ඇති ගර්හිත ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි භව්‍යාභව්‍යසත්‍වයන් දනිති, මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත වූ ලෝවැසි තෙම මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව බුද්ධඥානය තුළ පවතී, යම්සේ තිමිතිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම් ඔහු මහමුහුද තුල පවතිත්ද එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදේවමනුෂ්‍යප්‍රජාව බුද්ධඥානය තුළ පවතී. යම්සේ විනතාපුත්‍ර ගුරුළුරජහු පටන්කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම් ඔහු අගසැ පෙදෙසෙක හැසිරෙත්ද, එසේයින්මැ යම් කෙනෙක් නැණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම් ඔහුද බුද්ධඥානයා ගේ පෙදෙසෙක පවත්නාහු යැ බුද්ධඥානය දෙව්මිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඬගෙන සිටි මැ යැ. නිපුණ වූ කල පරවාද ඇති වල්විදුනා දුනුවායන් සෙයින් ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය ... බ්‍රාහ්මණ ... ගෘහපති ... ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගුඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න සකස් කොටගෙන බුදුන් කරා පැමිණ විචාරති.
Pali BJTහොන්ති නිද්දිට්ඨකාරණා, උපක්ඛිත්තකා ච තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවා{1} තත්ථ අතිරොචති යදිදං පඤ්ඤායාති අග්ගො අසාමන්තපඤ්ඤා අසාමන්තපඤ්ඤතාය සංවත්තන්තීති අයං අසාමන්තපඤ්ඤා.
Sinhala BJTඒ ප්‍රශ්නයෝ බුදුන් විසින් සකාරණ වැ කියන ලද්දාහු ද විසඳන ලද්දාහු ද වෙති. තවද ඔහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූවාහු මැ වෙත්. යළි බුදුහු එහි ප්‍රඥායෙන් අතිශයින් බබළත්. මේ කරුණින් අග්‍ර නම් වෙත්. ‘අසාමන්තපඤ්ඤතාය සංවත්තන්ති’යි. මේ අසාමන්තප්‍රාඥා නමු.
Pali BJTභූරිපඤ්ඤතාය සංවත්තන්තීති කතමා භූරිපඤ්ඤා: රාගං අභිභුය්යතීති භූරිපඤ්ඤා, අභිභවිතාති භූරිපඤ්ඤා, දොසං අභිභුය්යතීති භූරිපඤ්ඤා, අභිභවිතාති භූරිපඤ්ඤා, මොහං අභිභුය්යතීති භූරිපඤ්ඤා, අභිභවිතාති භූරිපඤ්ඤා, කොධං -පෙ- උපනාහං -පෙ- මක්ඛං -පෙ- පළාසං -පෙ- ඉස්සං -පෙ- මච්ඡරියං -පෙ- මායං -පෙ- සාඨෙය්යං -පෙ- ථම්භං -පෙ- සාරම්භං -පෙ- මානං -පෙ- අතිමානං -පෙ- මදං -පෙ- පමාදං -පෙ- සබ්බෙ කිලෙසෙ -පෙ- සබ්බෙ දුච්චරිතෙ -පෙ- සබ්බෙ අභිසඞ්ඛාරෙ -පෙ- සබ්බෙ භවගාමිකම්මෙ අභිභුය්යතීති භූරිපඤ්ඤා, අභිභවිතාති භූරිපඤ්ඤා,
Sinhala BJTභූරිපඤ්ඤතාය සංවත්තන්තී යත්: භූරිප්‍රඥා නම් කවරැ යත්: රාගය අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ද්වේෂය අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, මෝහය අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ක්‍රෝධය ... උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සාඨෙය්‍යය ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය ... මදය ... ප්‍රමාදය ... සියලු ක්ලේශයන් ... සියලු දුශ්චරිතයන් ... සියලු අභිසංස්කාරයන් ... සියලු භවගාමීකර්‍මයන් අභිභවනය කෙරේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, අභිභවනය කළා නු’යි ‘භූරිපඤ්ඤා’ නමු.
Pali BJTරාගො අරි, තං අරිං මද්දනී පඤ්ඤාති{2} භූරිපඤ්ඤා, දොසො අරි, තං අරිං මද්දනී පඤ්ඤාති භූරිපඤ්ඤා, මොහො අරි, තං අරිං මද්දනී පඤ්ඤාති භූරිපඤ්ඤා, කොධො -පෙ- උපනාහො -පෙ- මක්ඛො -පෙ- පළාසො -පෙ- ඉස්සා -පෙ- මච්ඡරියං -පෙ- මායා -පෙ- සාඨෙය්යං -පෙ- ථම්භො -පෙ- සාරම්භෙ -පෙ- මානො -පෙ- අතිමානො -පෙ- මදො -පෙ- පමාදො -පෙ- සබ්බෙ කිලෙසා -පෙ- සබ්බෙ දුච්චරිතා -පෙ- සබ්බෙ අභිසඞ්ඛාරා -පෙ- සබ්බෙ භවගාමිකම්මා අරි, තං අරිං මද්දනී පඤ්ඤාති භූරිපඤ්ඤා, භූරි වුච්චති, පඨවී,{3} තාය පඨවීසමාය විත්ථතාය විපුලාය පඤ්ඤාය සමන්නාගතොති භූරිපඤ්ඤා, අපි ච පඤ්ඤාය, මෙතං අධිවචනං: භූරි මෙධා පරිනායිකාති භූරිපඤ්ඤා, භූරිපඤ්ඤතාය සංවත්තන්තීති අයං භූරිපඤ්ඤා.
Sinhala BJTරාගය සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ද්වේෂය සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, මෝහය සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු, ක්‍රෝධය ... උපනහාය ... මක්ඛය ... පළාසය ... ඊර්‍ෂ්‍යාව ... මාත්සර්‍ය්‍යය ... මායාව ... සඨ බව ... ස්තම්භය ... සාරම්භය ... මානය ... අතිමානය … මදය ... ප්‍රමාදය ... සියලු ක්ලේශයෝ ... සියලු දුශ්චරිතයෝ ... සියලු අභිසංස්කාරයෝ ... සියලු භවගාමීකර්‍මයෝ සතුරු යැ ඒ සතුරා මඩනා ප්‍රඥාව නු’යි ‘භූරිපඤ්ඤා’ නමු. පෘථිවිය ‘භූරි’ යි කියනු ලැබේ. ඒ පෘථිවිය සම වූ විස්තෘත වූ විපුල වූ ප්‍රඥායෙන් යුක්ත වූයේ නු’යි ‘භූරිපඤ්ඤා’ නමු තවද ප්‍රඥාවට තෙල නමෙකි. ‘භූරි මේධා පරිණායිකා’යි ‘භූරිපඤ්ඤා’ නමු. ‘භූරිපඤ්ඤතාය සංවත්තන්තී’යි මෝ භූරිපඤ්ඤා’ නමු.
Pali BJTපඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තීති කතමං පඤ්ඤාබාහුල්ලං ඉධෙකච්චො පඤ්ඤාගරුකො හොති, පඤ්ඤාචරිතො පඤ්ඤාසයො පඤ්ඤධිමුත්තො පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො, විචයබහුලො පවිචයබහුලො ඔක්ඛායනබහුලො සමොක්ඛායනබහුලො{4} සම්පෙක්ඛායනබහුලො{4} සම්පෙක්ඛායනධම්මො විභූතවිහාරී තච්චරිතො තග්ගරුකො තබ්බහුලො තන්නින්නො තප්පොණො තප්පබ්භාරො{5} තදධිමුත්තො තදධිපතෙය්යො, යථා ගණගරුකො වුච්චති ගණබාහුලිකො’ති චිවරගරුකො වුච්චති චිවරබාහුලිකො’ති පත්තගරුකො වුච්චති පත්තබාහුලිකො’ති. සෙනාසනගරුකො වුච්චති සෙනාසනබාහුලිකො’ති, එවමෙව ඉධෙකච්චො පඤ්ඤාගරුකො හොති, පඤ්ඤාචරිතො පඤ්ඤාසයො පඤ්ඤධිමුත්තො පඤ්ඤාධජො පඤ්ඤාකෙතු පඤ්ඤාධිපතෙය්යො, විචයබහුලො පවිචයබහුලො ඔක්ඛායනබහුලො සමොක්ඛායනබහුලො සම්පෙක්ඛායනබහුලො විභූතවිහාරී තච්චරිතො තග්ගරුකො තබ්බහුලො තන්නින්නො තප්පොණො තප්පබ්භාරො තදධිමුත්තො තදධිපතෙය්යො, පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තීති ඉදං පඤ්ඤාබාහුල්ලං,
Sinhala BJTපඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තී යත්: ප්‍රඥාබාහුල්‍ය නම් කවර යත්: මේ ශාසනයෙහි කිසිවෙක් ප්‍රඥාගරුක වූයේ ප්‍රඥාචරිත ඇත්තේ ප්‍රඥාශය වූයේ ප්‍රඥාධිමුක්ත වූයේ ප්‍රඥාව ධ්වජ කොට ඇත්තේ ප්‍රඥාව කේතු කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ දහම් විමසීම බහුල කොට ඇත්තේ නානාප්‍රකාරයෙන් දහම් විමසීම බහුල කොට ඇත්තේ ප්‍රඥායෙන් බැසගෙන දහම් ප්‍රකට කිරීම බහුල කොට ඇත්තේ මොනොවට ප්‍රකට කිරීම බහුල කොට ඇත්තේ ධර්‍මයන් මනාකොට දක්නා ස්වභාව ඇත්තේ විභූතවිහරණ ඇත්තේ ඒ ප්‍රඥාචරිත ඇත්තේ ඒ ප්‍රඥාව ගුරුකොට ඇත්තේ ඒ ප්‍රඥාව බහුල කොට ඇත්තේ ඒ ප්‍රඥාවට නිම්නප්‍රවණප්‍රාග්භාර වූයේ ඒ ප්‍රඥායෙහි අධිමුක්ත වූයේ ඒ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ වෙයි. යම්සේ ගණගරුක වූයේ ‘ගණබාහුලික’යි කියනු ලැබේද, චීවරගරුක වූයේ ‘චීවරබාහුලික’යි කියනු ලැබේද, පාත්‍රගරුක වූයේ ‘පාත්‍රබාහුලික’යි කියනු ලැබේද, සේනාසනගරුක වූයේ ‘සේනාසනබාහුලික’යි කියනු ලැබේද, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි කිසිවෙක් ප්‍රඥාගරුක වූයේ ප්‍රඥාචරිත ඇත්තේ ප්‍රඥාශය වූයේ ප්‍රඥාධිමුක්ත වූයේ ප්‍රඥාව ධ්වජ කොට ඇත්තේ ප්‍රඥාව කේතු කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ දහම් විමසීම බහුල කොට ඇත්තේ නානාප්‍රකාරයෙන් දහම් විමසීම බහුල කොට ඇත්තේ ඔක්ඛායන බහුල කොට ඇත්තේ සමොක්ඛායන බහුල කොට ඇත්තේ සම්පෙක්ඛායන බහුල කොට ඇත්තේ විභූතවිහරණ ඇත්තේ තච්චරිත … තද්ගරුක ... තද්බහුල ... තන්නින්ත ... තත්ප්‍රවණ ... තත්ප්‍රාග්භාර ... තදධිමුක්ත වූයේ තදධිපති වූයේ වෙයි. ‘පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තී’යි මේ ප්‍රඥාබාහුල්‍ය නමි.
Pali BJTසීඝපඤ්ඤතාය සංවත්තන්තීති කතමා සීඝපඤ්ඤා, සීඝං සීඝං සීලානි පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං ඉන්ද්රියසංවරං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං භොජනෙ මත්තඤ්ඤුතං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං ජාගරියානුයොගං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝසීඝං සීලක්ඛන්ධං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං සමාධික්ඛන්ධං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං පඤ්ඤාක්ඛන්ධං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං විමුත්තික්ඛන්ධං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං විමුත්තිඤාණදස්සණදස්සනක්ඛන්ධං පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං ඨානාට්ඨානානි පටිවිජ්ඣතීති සීඝපඤ්ඤා, සීඝසීඝං විහාරසමාපත්තියො පරිපූරෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං අරියසච්චානි පටිවිජ්ඣතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං සතිපට්ඨානෙ භාවෙතීති සීඝඤ්ඤා, සීඝං සීඝං සම්මප්පධානෙ භාවෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං ඉද්ධිපාදෙ භාවෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං ඉන්ද්රියානි භාවෙතීති සීඝපඤ්ඤා, සීඝ සීඝං බලානි භාවෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං බොජ්ඣඞ්ගෙ භාවෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං අරියමග්ගං භාවෙතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං සාමඤ්ඤඵලානි සච්ඡිකරොතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං අභිඤ්ඤායො පටිවිජ්ඣතීති සීඝපඤ්ඤා, සීඝං සීඝං පරමත්ථං නිබ්බානං සච්ඡිකරොතීති සීඝපඤ්ඤා, සීඝපඤ්ඤාතාය සංවත්තන්තීති’ති අයං සීඝපඤ්ඤා.
Sinhala BJTසීඝපඤ්ඤතාය සංවත්තන්තී යත්: ශීඝ්‍රප්‍රඥා නම් කවර යත්: ශීඝ්‍රශීඝ්‍ර වැ ශීලයන් පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ භෝජනයෙහි මාත්‍රඥතාව පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ජාගර්‍ය්‍යානුයෝගය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ශීලස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ සමාධිස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ප්‍රඥාස්කන්‍ධ පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ විමුක්තිස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ විහාරසම්පත්තීන් පරිපූර්‍ණ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ සතිපට්ඨානයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ සම්‍යක්ප්‍රදහනයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ඍද්ධිපාදයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ඉන්‍ද්‍රියයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ බලයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ බෝධ්‍යඞ්ගයන් වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ආර්‍ය්‍යමාර්‍ගය වඩා නු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ ශ්‍රාමණ්‍යඵලයන්සාක්‍ෂාත් කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ශීඝ්‍රශීඝ්‍ර වැ පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය සාක්‍ෂාත් කෙරේනු’යි ශීඝ්‍රප්‍රඥා යැ, ‘සීඝපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ ශීඝ්‍රප්‍රඥා නමු.
Pali BJTලහුපඤ්ඤතාය සංවත්තන්තීති කතමා ලහුපඤ්ඤා, ලහුං ලහුං සීලානි පරිපූරෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං ඉන්ද්රියසංවරං පරිපූරෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං භොජනෙ මත්තඤ්ඤුතං පරිපූරෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං ජාගරියානුයොගං පරිපූරෙතීති ලහුපඤ්ඤා ලහුං ලහුං සීලක්ඛන්ධං -පෙ- සමාධික්ඛන්ධං -පෙ- පඤ්ඤාක්ඛන්ධං -පෙ- විමුත්තික්ඛන්ධං -පෙ- විමුත්තිඤාණදස්සනක්ඛන්ධං පරිපූරෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං ඨානාට්ඨානානි පටිවිජ්ඣතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං විහාරසමාපත්තියො පරිපූරෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං අරියසච්චානි පටිවිජ්ඣතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං සතිපට්ඨානෙ භාවෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං සම්මප්පධානෙ භාවෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං ඉද්ධිපාදෙ භාවෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං ඉන්ද්රියානි භාවෙතීති ලහුපඤ්ඤා, ලහු ලහුං බලානි භාවෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං බොජ්ඣඞ්ගෙ භාවෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං අරියමග්ගං භාවෙතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං සාමඤ්ඤඵලානි සච්ඡිකරොතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං අභිඤ්ඤායො පටිවිජ්ඣතීති ලහුපඤ්ඤා, ලහුං ලහුං පරමත්ථං නිබ්බානං සච්ඡිකරොතීති ලහුපඤ්ඤා, ලහුපඤ්ඤතාය සංවත්තන්තීති’ති අයං ලහුපඤ්ඤා.
Sinhala BJTලහුපඤ්ඤතාය සංවත්තන්තී යත්: ලහුප්‍රඥා නම් කවර යත්: යුහුයුහු වැ ශීලයන් පරිපූර්‍ණ කෙරේනු’යි ‘ලහුපඤ්ඤා’ නමු. යුහුයුහු වැ ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ කෙරේනු’යි ‘ලහුපඤ්ඤා’ නමු. යුහුයුහු වැ බොජුන්හි පමණ දන්නා බව පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ජාගර්‍ය්‍යානුයෝගය පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ශීලස්කන්‍ධය ... සමාධිස්කන්‍ධය ... ප්‍රඥාස්කන්‍ධ ... විමුක්තිස්කන්‍ධය ... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ විහාරසම්පත්තීන් පරිපූර්‍ණ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ සතිපට්ඨානයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ සම්‍යක්ප්‍රදහනයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ඍද්ධිපාදයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ඉන්‍ද්‍රියයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ බලයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ බෝධ්‍යඞ්ගයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ආර්‍ය්‍යමාර්‍ගයන් වඩා නු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. යුහුයුහු වැ පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි ලහුපඤ්ඤා නමු. ‘ලහුපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ ලහුපඤ්ඤා නමු.
Pali BJTහාසපඤ්ඤතාය සංවත්තන්තීති කතමා හාසපඤ්ඤා, ඉධෙකච්චො හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො සීලානි පරිපූරෙති හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො ඉන්ද්රිසංවරං පරිපූරෙතීති හාසපඤ්ඤා, හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො භොජනෙ මත්තඤ්ඤුතං පරිපූරෙතීති හාසපඤ්ඤා, හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො ජාගරියානුයොගං පරිපූරෙතීති හාසපඤ්ඤා, හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො සීලක්ඛන්ධං -පෙ- සමාධික්ඛන්ධං -පෙ- පඤ්ඤාක්ඛන්ධං -පෙ- විමුත්තික්ඛන්ධං -පෙ- විමුත්තිඤාණදස්සනක්ඛන්ධං පරිපූරෙතීති -පෙ- ඨානාට්ඨානානි පටිවිජ්ඣතීති -පෙ- විහාරසමාපත්තියො පරිපූරෙතීති -පෙ- අරියසච්චානි පටිජ්ඣතීති -පෙ- සතිපට්ඨානෙ භාවෙතීති -පෙ- සම්මප්පධානෙ භාවෙතීති -පෙ- ඉද්ධිපාදෙ භාවිතීති -පෙ- ඉන්ද්රියානි භාවෙතීති -පෙ- බොජ්ඣඞ්ගෙ භාවෙතීති -පෙ- අරියමග්ගං භාවෙතීති -පෙ- සාමඤ්ඤඵලානි සච්ඡිකරොතීති හාසපඤ්ඤා, හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො අභිඤ්ඤායො පටිවිජ්ඣතීති හාසපඤ්ඤා, හාසබහුලො වෙදබහුලො තුට්ඨිබහුලො පාමොජ්ජබහුලො පරමත්ථං නිබ්බානං සච්ඡිකරොතීති හාසපඤ්ඤා, හාසපඤ්ඤතාය සංවත්තන්තී’ති අයං හාසපඤ්ඤා.
Sinhala BJTහාසපඤ්ඤතාය සංවත්තන්තී යත්: හාසප්‍රඥා නම් කවර යත්: මේ සසුන්හි කිසිවෙක් ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ශීලයන් පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ඉන්‍ද්‍රියසංවරය පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ භෝජනයෙහි මාත්‍රඥතාව පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ජාගර්‍ය්‍යානුයෝගය පරිපූර්‍ණ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ ශීලස්කන්‍ධය ... සමාධිස්කන්‍ධය ... ප්‍රඥාස්කන්‍ධ ... විමුක්තිස්කන්‍ධය ... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පරිපූර්‍ණ කෙරේනු’යි ... ස්ථානාස්ථානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ... විහාරසම්පත්තීන් පරිපූර්‍ණ කෙරේනු’යි ... ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කෙරේනු’යි ... සතිපට්ඨානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ... සම්‍යක්ප්‍රධානයන් ප්‍රතිවේධ කෙරේනු’යි ඍද්ධිපාදයන් වඩානු’යි ... ඉන්‍ද්‍රියයන් වඩානු’යි ... බලයන් වඩානු’යි ... බෝධ්‍යඞ්ගයන් වඩානු’යි ... ආර්‍ය්‍යමාර්‍ගයන් වඩානු’යි ... ශ්‍රාමණ්‍යඵලයන් ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ අභිඥාවන් ප්‍රතිවේධ කෙරේනු’යි හාසප්‍රඥා යැ, ප්‍රීතිබහුල වූයේ ඥානබහුල වූයේ තුෂ්ටිබහුල වූයේ ප්‍රාමෝද්‍යබහුල වූයේ පරමාර්‍ත්‍ථ වූ නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කෙරේනු’යි හාසප්‍රඥා යි. ‘හාසපඤ්ඤතාය සංවත්තන්තී’යි මේ හාසප්‍රඥා නමු.
Pali BJTජවනපඤ්ඤතාය සංවත්තන්තීති කතමා ජවනපඤ්ඤා: යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං රූපං අනිච්චතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, දුක්ඛතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා සබ්බං විඤ්ඤාණං අනිච්චතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, දුක්ඛතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, චක්ඛුං -පෙ- ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, දුක්ඛතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා, අනත්තතො ඛිප්පං ජවතීති ජවනපඤ්ඤා.
Sinhala BJTජවනපඤ්ඤතාය සංවත්තන්තී යත්: ජවනප්‍රඥා නම් කවර යත්: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හින වේවයි ප්‍රණීත වේවයි අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් වේද දුරැ වූ හෝ ළග වූ හෝ යම් කිසි රූපයෙක් වේද ඒ සියලු රූපය අනිත්‍ය හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, දුඃඛ හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, අනාත්ම හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හින වේවයි ප්‍රණීත වේවයි අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් දුරැ වූ හෝ ළග වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, ඒ හැම විඥානය අනිත්‍ය හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, දුඃඛ හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, අනාත්ම හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි. චක්‍ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, දුඃඛ හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යැ, අනාත්ම හෙයින් වහා දිවේ නු’යි ජවනප්‍රඥා යි.