Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2401-2500 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසමුදයො සමුදයො’ති ඛො භික්ඛවෙ, සිඛිස්ස බොධිසත්තස්ස -පෙ- වෙස්සභුස්ස බොධිසත්තස්ස -පෙ- කකුසන්ධස්ස බොධිසත්තස්ස -පෙ- කොණාගමනස්ස බොධිසත්තස්ස -පෙ- කස්සපස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘නිරොධො නිරොධො’ති ඛො භික්ඛවෙ, කස්සපස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. කස්සපස්ස බොධිසත්තස්ස වෙය්යාකරණෙ දස ධම්මා, දස අත්ථා, වීසති නිරුත්තියො, චත්තාරීසං ඤාණානි.
Sinhala BJTමහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි සිඛී බෝසත්හට ... වෙස්සභූ බෝසත්හට ... කකුසඳ බෝසත්හට ... කෝණාගමන බෝසත්හට ... කාශ්‍යප බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි කාශ්‍යප බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. කාශ්‍යප බෝසත්හට සූත්‍රාන්තයෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.
Pali BJT‘සමුදයො සමුදයො’ති ඛො භික්ඛවෙ, ගොතමස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘නිරොධො නිරොධො’ති ඛො භික්ඛවෙ, ගොතමස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ගොතමස්ස බොධිසත්තස්ස වෙය්යාකරණෙ දස ධම්මා, දස අත්ථා, වීසති නිරුත්තියො, චත්තාරීසං{1} ඤාණානි.
Sinhala BJTමහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි ගොයුම් බෝසත්හට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි ගොයුම් බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය … ආලෝකය පහළ විය. ගොයුම් බෝසත්හට සූත්‍රාන්තයෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.
Pali BJTසත්තානං බොධිසත්තානං සත්තසු වෙය්යාකරණෙසු සත්තති ධම්මා, සත්තති අත්ථා, චත්තාරීසංසතං{2} නිරුත්තියො, අසීති ච ද්වෙ ච ඤාණසතානි.
Sinhala BJTසත් බෝසත්නට සප්තසූත්‍රාන්තයෙහි ධර්‍ම සැත්තෑවෙක, අර්‍ත්‍ථ සැත්තෑවෙක, නිරුක්ති එක්සියසාලිසෙක, ඥාන දෙසියඅසූවෙකි.
Pali BJTයාවතා අභිඤ්ඤාය අභිඤ්ඤාට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො ඵස්සිතො පඤ්ඤාය. අඵස්සිතො පඤ්ඤාය අභිඤ්ඤට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං{3} නිරුත්තියො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් අභිඥායෙහි අභිඥාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් (පුනපුනා සමූදාචාර විසින්) පහස්නා ලද යැ. ප්‍රඥායෙන් නො පහස්නාලද අභීඥාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTයාවතා පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨො -පෙ- යාවතා පහානස්ස පහානට්ඨො -පෙ- යාවතා භාවනාය භාවනට්ඨො -පෙ- යාවතා සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො ඵස්සිතො පඤ්ඤාය. අඵස්සිතො පඤ්ඤාය සච්ඡිකිරියට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං නිරුත්තියො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් භාවනායෙහි භාවනාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTඅභිඤ්ඤාය අභිඤ්ඤාට්ඨෙ, පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨෙ, පහානාය පහානට්ඨෙ, භාවනාය භාවනට්ඨෙ, සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨෙ පඤ්චවීසංසතං ධම්මා, පඤ්චවීසංසතං අත්ථා, අඩ්ඪතෙය්යානි නිරුත්තිසතානි, පඤ්ච ඤාණසතානි.
Sinhala BJTඅභිඥාවගේ අභිඥාර්‍ත්‍ථයෙහි, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථයෙහි, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථයෙහි, භාවනාවගේ භාවනාර්‍ත්‍ථයෙහි, සාක්‍ෂාත් ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙහි ධර්‍ම එක්සියපස්විස්සෙක, අර්‍ත්‍ථ එක්සියපස්විස්සෙක, නිරුක්ති දෙසියපනසෙක, ඥාන පන්සියයෙකි.
Pali BJTයාවතා ඛන්ධානං ඛන්ධට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො ඵස්සිතො පඤ්ඤාය. අඵස්සිතො පඤ්ඤාය ඛන්ධට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. ඛන්ධානං ඛන්ධට්ඨෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං{1} නිරුත්තියො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් ස්කන්‍ධන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ, ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරනලද ස්කන්‍ධාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTයාවතා ධාතූනං ධාතුට්ඨො -පෙ- යාවතා ආයතනානං ආයතනට්ඨො -පෙ- යාවතා සඞ්ඛතානං සඞ්ඛතට්ඨො -පෙ- යාවතා අසඞ්ඛතස්ස අසඞ්ඛතට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො ඵස්සිතො පඤ්ඤාය. අඵස්සිතො පඤ්ඤාය අසඞ්ඛතට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. අසඞ්ඛතස්ස අසඞ්ඛතට්ඨෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං{1} නිරුත්තියො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් ධාතූන්ගේ ධාත්‍වර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් සඞ්ඛතයන්ගේ සඞ්ඛතාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් අසඞ්ඛතයන්ගේ අසඞ්ඛතාර්‍ත්‍ථය වේ ද හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ. ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරනලද අසඞ්ඛතාර්‍ත්‍ථයෙක් නැතැ’ යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. අසඞ්ඛතයාගේ අසඞ්ඛතාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTඛන්ධානං ඛන්ධට්ඨෙ, ධාතූනං ධාතුට්ඨෙ, ආයතනානං ආයතනට්ඨො සඞ්ඛතානං සඞ්ඛතට්ඨෙ, අසඞ්ඛතස්ස අසඞ්ඛතට්ඨෙ පඤ්චවීසංසතං ධම්මා, පඤ්චවීසංසතං{2} අත්ථා, අඩ්ඪතෙය්යානි නිරුත්තිසතානි,{3} පඤ්ච ඤාණ සතානි.
Sinhala BJTස්කන්‍ධයන්ගේ ස්කන්‍ධාර්‍ත්‍ථයෙහි, ධාතූන්ගේ ධාත්‍වර්‍ත්‍ථයෙහි, ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථයෙහි, සඞ්ඛතයන්ගේ සඞ්ඛතාර්‍ත්‍ථයෙහි, අසඞ්ඛතයන්ගේ අසඞ්ඛතාර්‍ත්‍ථයෙහි ධර්‍ම එක්සියපස්විස්සෙක, අර්‍ත්‍ථ එක්සියපස්විස්සෙක, නිරුක්ති දෙසියපනසෙක, ඥාන පනසියයෙකි.
Pali BJTයාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතෙ, ඵස්සිතො පඤ්ඤාය, අඵස්සිතො පඤ්ඤාය දුක්ඛට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. දුක්ඛස්ස දුක්ඛට්ඨෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං නිරුත්ති යො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය වේ ද, හේ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTයාවතා සමුදයස්ස සමුදයට්ඨො -පෙ- යාවතා නිරොධස්ස නිරොධට්ඨො -පෙ- යාවතා මග්ගස්ස මග්ගට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො, ඵස්සිතො පඤ්ඤාය, අඵස්සිතො පඤ්ඤාය දුක්ඛට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. මග්ගස්ස මග්ගට්ඨෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං නිරුත්තියො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් ස්පර්‍ශ කරනලද යැ. ප්‍රඥායෙන් නො පහස්නාලද මාර්‍ගාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTචතූසු අරියසච්චෙසු සතං ධම්මා, සතං අත්ථා, ද්වෙ නිරුත්තිසතානි, චත්තාරි ඤාණසතානි.
Sinhala BJTසතර ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම සියයෙක, අර්‍ත්‍ථ සියයෙක, නිරුක්ති දෙසියයෙක, ඥාන සාරසියයෙකි.
Pali BJTයාවතා අත්ථපටිසම්භිදාය අත්ථපටිසම්භිදට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො, ඵස්සිතො පඤ්ඤාය, අඵස්සිතො පඤ්ඤාය අත්ථපටිසම්භිදට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. අත්ථපටිසම්භිදාය අත්ථපටිසම්භිදට්ඨෙ පඤ්චවීසති ධම්මා පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං නිරුත්තියො සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් අර්‍ත්‍ථප්‍රතිසංවිදායෙහි අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ, දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ, සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නා ලද යැ, ප්‍රඥායෙන් නො පහස්නා ලද අර්‍ත්‍ථප්‍රතිසංවිදායෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාවගේ අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTයාවතා ධම්මපටිසම්භිදාය ධම්මපටිසම්භිදට්ඨො -පෙ- යාවතා නිරුත්තිපටිසම්භිදාය නිරුත්තිපටිසම්භිදට්ඨො -පෙ- යාවතා පටිභානපටිසම්භිදාය පටිභානපටිසම්භිදට්ඨො ඤාතො දිට්ඨො විදිතො සච්ඡිකතො, ඵස්සිතො පඤ්ඤාය, අඵස්සිතො පඤ්ඤාය පටිභානපටිසම්භිදට්ඨො නත්ථීති චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, පටිභානපටිසම්භිදට්ඨො පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං නිරුත්තියො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් ධර්‍මප්‍රතිසංවිදාව ගේ ධර්‍මප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් නිරුක්තිප්‍රතිසංවිදාවගේ නිරුක්තිප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම්තාක් ප්‍රතිභානප්‍රතිසංවිදාව ගේ ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද, හේ දන්නා ලද යැ, දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නා ලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ප්‍රතිභාන ප්‍රතිසංවිදාර්‍ත්‍ථයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTචතුසු පටිසම්භිදාසු සතං ධම්මා, සතං අත්ථා, ද්වෙ නිරුත්තිසතානි, චත්තාරි ඤාණසතානි.
Sinhala BJTසතර ප්‍රතිසංවිද්හි ධර්‍ම සියයෙක, අර්‍ත්‍ථ සියයෙක, නිරුක්ති දෙසියයෙක, ඥාන සාරසියයෙකි.
Pali BJTයාවතා ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණං ඤාතං දිට්ඨිං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, අඵස්සිතං පඤ්ඤාය ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණං නත්ථීති චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං නිරුත්තියො සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් ඉන්‍ද්‍රියපරාවරතායෙහි ඥානය වේ ද, හේ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත්කෘත යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTයාවතා සත්තානං ආසයානුසයෙ ඤාණං -පෙ- යාවතා යමකපාටිහීරෙ ඤාණං -පෙ- යාවතා මහාකරුණාසමාපත්තියා ඤාණං -පෙ- යාවතා සබ්බඤ්ඤුතඤාණං -පෙ- යාවතා අනාවරණං ඤාණං ඤාතං දිට්ඨිං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, අඵස්සිතං පඤ්ඤාය අනාවරණං ඤාණං නත්ථීති චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි, අනාවරණෙ ඤාණෙ පඤ්චවීසති ධම්මා, පඤ්චවීසති අත්ථා, පඤ්ඤාසං නිරුත්තියො, සතං ඤාණානි.
Sinhala BJTයම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශය (ආශය අනුශය දන්නා) ඥානය වේ ද ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය වේ ද ... යම්තාක් මහා කරුණා සමාපත්තිඥානය වේ ද ... යම්තාක් සර්‍වඥතාඥානය වේ ද ... යම්තාක් අනාවරණඥානය වේ ද, හේ දන්නාලද යැ දක්නා ලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත්කෘත යැ, ප්‍රඥායෙන් පහස්නාලද යැ. ප්‍රඥායෙන් නො පහස්නා ලද අනාවරණඥානයෙක් නැතැ’යි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. අනාවරණඥානයෙහි ධර්‍ම පස්විස්සෙක, අර්‍ත්‍ථ පස්විස්සෙක, නිරුක්ති පනසෙක, ඥාන සියයෙකි.
Pali BJTඡසු බුද්ධධම්මෙසු දියඩ්ඪසතං ධම්මා, දියඩ්ඪසතං අත්ථා, තීණි නිරුත්තිසතානි, ඡ ඤාණසතානි.
Sinhala BJTසවැදැරුම් බුද්ධධර්‍මයෙහි ධර්‍ම එක්සිය පනසෙක, අර්‍ත්‍ථ එක්සියපනසෙක, නිරුක්ති තුන්සියයෙක, ඥාන සසියයෙකි.
Pali BJTපටිසම්භිදාධිකරණෙ{1} අඩ්ඪනවධම්මසතානි{2} අඩ්ඪනව අත්ථසතානි, නිරුත්තිසහස්සඤ්ච සත්ත ච නිරුත්තිසතානි, තීණි ච ඤාණසහස්සානි චත්තාරි ච ඤාණසතානීති.
Sinhala BJTපටිසම්භිදාධිකාරයෙහි ධර්‍ම අටසියපනසෙක, අර්‍ත්‍ථ අටසියපනසෙක නිරුක්ති එක්දහස්සත්සියයෙක, ඥාන තුන්දහස්සාරසියයෙකි.
Pali BJTපටිසම්භිදාකථා සමත්තා.
Sinhala BJTප්‍රතිසංවිත්කථා නිමි.
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJTධම්මචක්ක කථා
Sinhala BJTදම්සක් කථා
Pali BJT“එකං සමයං භගවා බාරාණසියං විහරති -පෙ- ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤා{3} ත්වෙව නාමං අහොසි.{a}
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර වැඩ වාසය කරන සේක ... මෙසෙයින් ආයුෂ්මත් කෞණ්ඩින්‍ය ස්ථවිරයන්හට ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ’යයි මෙ නම් වී.
Pali BJT‘ඉදං දුක්ඛං අරියසච්චන්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’ යි පෙර නො ඇසු විරූ දහම්හි ප්‍රඥාචක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට්ඨෙන, ‘පඤ්ඤා උදපාදී’ති කෙනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති කෙනට්ඨෙන, ‘ආලොකො උදපාදී’ති කෙනට්ඨෙන, ‘චක්ඛුං උදපාදී’ති දස්සනනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට්ඨෙන, ‘පඤ්ඤා උදපාදී’ති පජානනට්ඨෙන, විජ්ජා උදපාදී’ති පටිවෙධට්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, දස්සනට්ඨො අත්ථො, ඤාණං ධම්මො, ඤාතට්ඨො අත්ථො, පඤ්ඤා ධම්මො, පාජානනට්ඨො අත්ථො, විජ්ජා ධම්මො, පටිවෙධට්ඨො අත්ථො, ආලොකො ධම්මො, ඔභාසට්ඨො අත්ථො. ඉමෙ පඤ්චධම්මා, පඤ්ච අත්ථා දුක්ඛවත්ථුකා සච්චවත්ථුකා සච්චාරම්මණා සච්චගොචරා සච්චසඞ්ගහිතා සච්චපරියාපන්නා සච්චෙ සමුදාගතා සච්චෙ ඨිතා සච්චෙ පතිට්ඨිතා.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥානය ධර්‍ම යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රඥාව ධර්‍ම යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, විද්‍යාව ධර්‍ම යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ. මේ පඤ්චධර්‍මයෝ පඤ්ච අර්‍ත්‍ථයෝ දුඃඛය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය ආලම්බන කොට ඇත්තාහු යැ සත්‍යය විෂය කොට ඇත්තාහු යැ මාර්‍ගසත්‍යයෙන් සඞ්ගෘහීතයහ, මාර්‍ගසත්‍යයට අයත් වූවාහ යැ, දුඃඛසත්‍යයෙහි උපන්නාහු යැ, සත්‍යයෙහි සිටියාහු යැ සත්‍යයෙහි පිහිටියාහු යි.
Pali BJTධම්මචක්කන්ති කෙනට්ඨෙන ධම්මචක්කං: ධම්මඤ්ච පවත්තෙති, චක්කඤ්චාති ධම්මචක්කං, චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්චාති ධම්මචක්කං, ධම්මෙන පවත්තෙතීති ධම්මචක්කං, ධම්මචරියාය පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨාපෙන්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ වසිප්පත්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ වසිං පාපෙන්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පාරමිප්පත්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පාරමිං පාපෙන්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙවෙසාරජ්ජප්පත්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ වෙසාරජ්ජං පාපෙන්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මසක්කරොන්තො පවත්තෙතීති, ධම්මචක්කං, ධම්මං ගරුං කරොන්තො{1} පවත්තෙතීති ධම්මචක්කං, ධම්මං මානෙන්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මං පූජෙන්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මං අපචායමානො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මද්ධජො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මකෙතු පවත්තෙතීති ධම්මචක්කං, ධම්මාධිපතෙය්යො පවත්තෙතීති ධම්මචක්කං, තං ඛො පන ධම්මචක්කං, අප්පති වත්තියං{2} සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති ධම්මචක්කං.
Sinhala BJTධම්මචක්කං’ යනු කවර අරුතෙකින් ධම්මචක්ක නම් වී ද යත්, ප්‍රතිවේධ ධර්‍මය ද පවත්වයි. (කෙලෙස් සතුරන් නැසීමට වැටෙන බැවින් ප්‍රහරණචක්‍රයක් වැනි නු’ යි) චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි: (ප්‍රතිවේධධර්‍මචක්‍රය යි.) චක්‍රය ද පවත්වයි. දේශනාධර්‍මය ද පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ නමි (දේශනා ධර්‍මචක්‍රය යි) (යථාස්වභාව හෙයින්) ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, (චෛනෙස සන්තානයෙහි) ධර්‍මචර්‍ය්‍යාපිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි (විෂයීභාවයෙන්) සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක යැ, ධර්‍මයෙහි (අචලභාවයෙන්) පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශී (ඊශ්වර) භාවයට පැමිණියේ පවත්වා නු’ යි, ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශීභාවයට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි කෙළවරට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි කෙළවරට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි විශාරද බවට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි විශාරද බවට පමුණුවමින් පවත්නා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයට සත්කාර කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධම්මයට ගුරු කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයට බුහුමන් කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය පුදමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය අපචායන කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍ම ධ්වජයක් සෙයින් පෙරටු කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය කෙහෙලි කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය අධිපති කොට ඇති වැ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, තවද ඒ ධර්‍මචක්‍රය (අන්‍යලබ්ධික) මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඔකු විසින් හෝ ලොව කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හැකි නු’ යි ‘ධම්මචක්ක’යි.
Pali BJTසද්ධින්ද්රියං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, විරියින්ද්රියං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සතින්ද්රියං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සමාධින්ද්රියං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, පඤ්ඤින්ද්රියං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්ය්‍යේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතීන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධීන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රඥේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
Pali BJTසද්ධාබලං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, විරිබලං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සතිබලං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සමාධිබලං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, පඤ්ඤාබලං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං.
Sinhala BJTශ්‍රද්ධාබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්‍ය්‍යබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතිබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රඥාබලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
Pali BJTසතිසම්බොජ්ඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, ධම්මවිචයසම්බොඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, විරියසම්බොජ්ඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, පීතිසම්බොජ්ඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සමාධිසම්බොජ්ඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං,
Sinhala BJTස්මෘතිසම්බොධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිසම්බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ධර්‍මය යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
Pali BJTසම්මාදිට්ඨි ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සම්මාසඞ්කප්පො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සම්මාවාචා ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සම්මාකම්පන්තො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සම්මො ආජීවො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං සම්මාවායාමො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සම්මාසති ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සම්මාසමාධි ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්සංකල්පය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යග්වචනය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්කර්‍මාන්ත ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යගාජීවය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යග්ව්‍යායාමය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්ස්මෘතිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සම්‍යක්සමාධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, අකම්පියට්ඨෙන බලං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, හෙතුට්ඨෙන මග්ගො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, පහදනට්ඨෙන සම්මප්පධානා ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදා ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, තථට්ඨෙන සච්චා ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, අවික්ඛෙපට්ඨෙන සමථො ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, අනුපස්සනට්ඨෙන විපස්සනා ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, එතරසට්ඨෙන සමථවිපස්සනා ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං අනතිවත්තනට්ඨෙන යුගනද්ධං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සංවරට්ඨෙන සීලවිසුද්ධි ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං. දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, ඡන්දො මූලට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං,
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වටහන අර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ඔවුනොවුන් නො ඉක්ම පවත්වා අර්‍ත්‍ථයෙන් යුගනද්ධය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදඥානය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම,
Pali BJTමනසිකාරො සමුට්ඨානට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, ඵස්සො සමොධානට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, වෙදනා සමොසරණට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සමාධි පමුඛට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, සති ආධිපතෙය්යට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, පඤ්ඤා තදුත්තරට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං. විමුත්ති සාරට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං,
Sinhala BJTමනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්පර්‍ශ සමවධානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නම, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ නමි.
Pali BJTතං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය’න්ති -පෙ- පරිඤ්ඤාත’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTතව ද ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය ‘පිරිසිඳ දතයුතු යැ’ යි ... ‘පිරිසිඳ දන්නාලදැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති කෙනට්ඨෙන චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන ... ‘ආලෝකෝ උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන් යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකෝ උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, දස්සනට්ඨො අත්ථො -පෙ- ආලොකො ධම්මො, ඔභාසට්ඨො අත්ථො. ඉමෙ පඤ්චධම්මා පඤ්ච අත්ථා දුක්ඛවත්ථුකා සච්චවත්ථුකා සච්චාරම්මණා සච්චගොචරා සච්චසඞ්ගහිතා සච්චපරියාපන්නා සච්චෙ සමුදාගතා සච්චෙ ඨිතා සච්චෙ පතිට්ඨිතා.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ දුඃඛය වස්තු කොට ඇත්තාහු යැ, සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ, සත්‍යය ආලම්බන කොට ඇත්තාහු යැ, සත්‍යය ගෝචර කොට ඇත්තාහු යැ, මාර්‍ගසත්‍යයෙන් සඞ්ගෘහීත යැ, මාර්‍ගසත්‍යයට අයත් වූවාහු යැ, දුඃඛසත්‍යයෙහි උපන්නාහු යැ, සත්‍යයෙහි සිටියාහු යැ, සත්‍යයෙහි පිහිටියා හු යි.
Pali BJTධම්මචක්කන්ති කෙනට්ඨෙන ධම්මචක්කං: ධම්මඤ්ච පවත්තෙති, චක්කඤ්චාති ධම්මචක්කං, චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්චාති ධම්මචක්කං, ධම්මෙන පවත්තෙතීති ධම්මචක්කං, ධම්මචරියාය පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨිතො පවත්තෙතීති ධම්මචක්කං -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං.
Sinhala BJTධම්මචක්කං යනු කවර අර්‍ත්‍ථයෙන් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධ ධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ. (ප්‍රතිවේධධර්‍ම චක්‍රය යි.) චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ (දේශනාධර්‍මචක්‍රය යි), ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ. ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
Pali BJT‘ඉදං දුක්ඛසමුදයො අරියසච්ච’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- තං ඛොපනිදං දුක්ඛසමුදයො අරියසච්චං ‘පහාතබ්බ’න්ති -පෙ- ‘පහීන’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි
Sinhala BJT‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය .. තවද ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය ‘ප්‍රහාතව්‍ය යැ’ යි ... ‘ප්‍රහීණ යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති කෙනට්ඨෙන: ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන ... ‘ආලෝකෝ උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, දස්සනට්ඨො අත්ථො -පෙ- ආලොකො ධම්මො, ඔභාසට්ඨො අත්ථො, ඉමෙ පඤ්ච ධම්මා, පඤ්ච අත්ථා දුක්ඛවත්ථුකා සච්චවත්ථුකා -පෙ- නිරොධවත්ථුකා සච්චවත්ථුකා -පෙ- මග්ගවත්ථුකා සච්චවත්ථුකා සච්චාරම්මණා සච්චගොචරා සච්චසඞ්ගහිතා සච්චපරියාපන්නා සච්චෙ සමුදාගතා සච්චෙ ඨිතා සච්චෙ පතිට්ඨිතා.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ සමුදය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ නිරෝධය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ ... මාර්‍ගය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය වස්තු කොට ඇත්තාහු යැ සත්‍යය ආලම්බන කොට ඇත්තාහු යැ සත්‍යය විෂය කොට ඇත්තාහු යැ මාර්‍ගසත්‍යයෙන් සඞ්ගෘහීතයහ. (මාර්‍ග) සත්‍යයට අයත් වූවාහු යැ (දුඃඛ) සත්‍යයෙහි උපන්නාහු යැ සත්‍යයෙහි සිටියාහු යැ සත්‍යයෙහි පිහිටියාහු යි.
Pali BJTධම්මචක්කන්ති කෙනට්ඨෙන ධම්මචක්කං: ධම්මඤ්ච පවත්තෙති, චක්කඤ්චාති ධම්මචක්කං, චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්චාති ධම්මචක්කං, ධම්මෙන පවත්තෙතීති ධම්මචක්කං, ධම්මචරියාය පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨිතො පවත්තෙතීති ධම්මචක්කං -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන ධම්මො. තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං.
Sinhala BJTධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වානු’ යි ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වානු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍ම ය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
Pali BJTඅයං කායෙ කායානුපස්සනා’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, සා ඛො පනායං කායෙ කායානුපස්සනා භාවෙතබ්බා’ති මෙ භික්ඛවෙ -පෙ- ‘භාවිතා’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මට ‘මේ කයෙහි කායානුපස්සනා යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද මහණෙනි, මට ‘ඒ මේ කයෙහි කායානුපස්සනාව භාවිතව්‍ය යැ’ යි ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘අයං වෙදනාසු -පෙ- අයං චිත්තෙ චිත්තා -පෙ- ‘අයං ධම්මෙසු ධම්මානුපස්සනා’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, ‘සා ඛො පනායං ධම්මෙසු ධම්මානුපස්සනා භාවෙතබ්බා’ති මෙ භික්ඛවෙ -පෙ- ‘භාවිතා’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනා යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තව ද ඒ මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනාව භාවිතව්‍ය යැ’ යි මහණෙනි, මට ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘අයං කායෙ කායානුපස්සනා’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, සා ඛො පනායං කායෙ කායානුපස්සනා භාවෙතබ්බා’ති -පෙ- ‘භාවිතා’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදී.
Sinhala BJT‘මේ කයෙහි කායානුපස්සනා යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ කයෙහි කායානුපස්සනාව වැඩියයුතු යැ’ යි ... වඩනලදැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන -පෙ- ආලොකො උදපාදී’ති කෙනට්ඨෙන: ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අරුතෙකින ... ‘ආලෝකො උදපාදි’ යනු කවර අරුතෙකින යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, දස්සනට්ඨො අත්ථො -පෙ- ආලොකො ධම්මො, ඔභාසට්ඨො අත්ථො, ඉමෙ පඤ්ච ධම්මා පඤ්ච අත්ථා කායවත්ථුකා සතිපට්ඨානවත්ථුකා -පෙ- වෙදනාවත්ථුකා සතිපට්ඨානවත්ථුකා -පෙ- චිත්තවත්ථුකා සතිපට්ඨානවත්ථුකා -පෙ- ධම්මවත්ථුකා සතිපට්ඨානවත්ථුකා සතිපට්ඨානාරම්මණා සතිපට්ඨානගොචරා සතිපට්ඨානසඞ්ගහිතා සතිපට්ඨානපරියාපන්නා සතිපට්ඨානෙ සමුදාගතා සතිපට්ඨානෙ ඨිතා සතිපට්ඨානෙ පතිට්ඨිතා.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ කායවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ ... වේදනාවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ ... චිත්තවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ ... ධර්‍මවස්තුක වූ සතිපට්ඨානය වස්තු කොට ඇත්තාහු යැ, සතිපට්ඨානය අරමුණු කොට ඇත්තාහු යැ, සතිපට්ඨානය ගොදුරු කොට ඇත්තාහු යැ, සතිපට්ඨානයෙන් සඞ්ගෘහීතය හ, සතිපට්ඨානයට අයත් වූවාහු යැ, සතිපට්ඨානයෙහි උපන්නාහු යැ, සතිපට්ඨානයෙහි සිටියාහු යැ, සතිපට්ඨානයෙහි පිහිටියාහු යි.
Pali BJTධම්මචක්කන්ති කෙනට්ඨෙන ධම්මචක්කං: ධම්මඤ්ච පවත්තෙති, චක්කඤ්චාති ධම්මචක්කං, චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්චාති ධම්මචක්කං, ධම්මෙන පවත්තෙතීති ධම්මචක්කං, ධම්මචරියාය පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං.
Sinhala BJTධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ වේ ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’, යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
Pali BJT‘අයං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. -පෙ- ආලොකො උදපාදි, සො ඛො පනායං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බො’ති මෙ භික්ඛවෙ -පෙ- ‘භාවිතො’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද ඒ මේ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි මහණෙනි, මට ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘අයං විරියසමාධි -පෙ- අයං චිත්තසමාධි -පෙ- ‘අයං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, සො ඛො, පනායං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බො’ති මෙ භික්ඛවෙ -පෙ- ‘භාවිතො’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා ... මේ චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා ... මේ වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද ඒ මේ විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි මහණෙනි, මට ... ‘භාවිත යැ’ යි මහණෙනි, මට පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘අයං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි සො ඛො පනායං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො ‘භාවෙතබ්බො’ති -පෙ- ‘භාවිතො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. තවද ඒ මේ ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි ... ‘භාවිත යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති කෙනට්ඨෙන: ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අරුතෙකින ... ‘ආලෝකො උදපාදි’ යනු කවර අරුතෙකින යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන ... ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො දස්සනට්ඨො අත්ථො, -පෙ- ආලොකො ධම්මො, ඔභාසට්ඨො අත්ථො, ඉමෙ පඤ්ච ධම්මා, පඤ්ච අත්ථා, ඡන්දවත්ථුකා ඉද්ධිපාදවත්ථුකා ඉද්ධිපාදාරම්මණ ඉද්ධිපාදගොචරා ඉද්ධිපාදසඞ්ගහිතා ඉද්ධිපාදපරියාපන්නා ඉද්ධිපාදෙ සමුදාගතො ඉද්ධිපාදෙ ඨිතා ඉද්ධිපාදෙ පතිට්ඨිතා.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ... ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච ධර්‍මයෝ මේ පඤ්ච අර්‍ත්‍ථයෝ ඡන්‍දවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය ආලම්බන කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය විෂය කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදයෙන් සඞ්ගෘහීතයහ, සෘද්ධිපාදයට අයත් වූවාහු යැ, ඍද්ධිපාදයෙහි උපන්නාහු යැ, ඍද්ධිපාදයෙහි සිටියාහු යැ, ඍද්ධිපාදයෙහි පිහිටියාහු යි.
Pali BJTධම්මචක්කන්ති කෙනට්ඨෙන ධම්මචක්කං: ධම්මඤ්ච පවත්තෙති, චක්කඤ්චාති ධම්මචක්කං, චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්චාති ධම්මචක්කං, ධම්මෙන පවත්තෙතීති ධම්මචක්කං, ධම්මචරියාය පවත්තෙතීති ධම්මචක්කං ධම්මෙ ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨාපෙන්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ වසිප්පත්තො පවත්තෙතීති ධම්මචක්කං ධම්මෙ වසිං පාපෙන්තො පවත්තෙතීති ධම්ම-චක්කං, ධම්මෙ පාරමිප්පත්තො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පාරමිංපාපෙන්තො පවත්තෙතීති ධම්මචක්කං -පෙ- ධම්මං අපචායමානො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මද්ධජො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මකෙතු පවත්තෙතීති ධම්මචක්කං, ධම්මාධිපතෙය්යො පවත්තෙතීති ධම්මචක්කං, තං ඛො පන ධම්මචක්කං, අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති ධම්මචක්කං.
Sinhala BJTධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශීභාවයට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි වශීභාවයට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි කෙළවරට පැමිණියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ, ධර්‍මයෙහි කෙළවරට පමුණුවමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යැ ... ධර්‍ම අපචායන කෙරෙමින් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍ම ධ්වජයක් සෙයින් පෙරටු කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය කෙහෙලි කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මය අධිපති කොට ඇතියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි. තවද ඒ ධර්‍මචක්‍රය මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හැකි නු’ යි ‘ධම්මචක්ක’ යි.
Pali BJTසද්ධින්ද්රියං ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රියය ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ධම්මචක්ක යැ ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’යි.
Pali BJT‘අයං විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- සො ඛො පනායං විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො ‘භාවෙතබ්බො’ති -පෙ- ‘භාවිතො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... තව ද ඒ මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය ‘භාවිතව්‍ය යැ’ යි ... ‘භාවිත යැ’ යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති කෙනට්ඨෙන, ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන -පෙ- ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අරුතෙකින ... ‘ආලෝකෝ උදපාදි’ යනු කවර අරුතෙකින යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ... ‘ආලෝකෝ උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, දස්සනට්ඨො අත්ථො -පෙ- ආලොකො ධම්මො, ඔභාසෙට්ඨො අත්ථො. ඉමෙ පඤ්ච ධම්මා, පඤ්ච අත්ථා, ඉද්ධිපාදවත්ථුකා -පෙ- චිත්තවත්ථුකා -පෙ- වීමංසාවත්ථුකා ඉද්ධිපාදවත්ථුකා ඉද්ධිපාදාරම්මණා ඉද්ධිපාදගොචරා ඉද්ධිපාදසඞ්ගහිතා ඉද්ධිපාදෙ ඨිතා ඉද්ධිපාදෙ පතිට්ඨිතා.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, දර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ … ආලෝකය ධර්‍ම යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්චධර්‍මයෝ පඤ්චඅර්‍ත්‍ථයෝ වීර්‍ය්‍යවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ ... චිත්තවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ ... විමංසාවස්තුක වූ ඍද්ධිපාදය වස්තු කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය ආලම්බන කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදය විෂය කොට ඇත්තාහු යැ, ඍද්ධිපාදයෙන් සඞ්ගෘහීතයහ. සෘද්ධිපාදයට අයත් වූවාහු යැ, ඍද්ධිපාදයෙහි උපන්නාහු යැ, ඍද්ධිපාදයෙහි සිටියාහු යැ, ඍද්ධිපාදායෙහි පිහිටියාහු යි.
Pali BJTධම්මචක්කන්ති කෙනට්ඨෙන ධම්මචක්කං: ධම්මඤ්ච පවත්තෙති, චක්කඤ්චාති ධම්මචක්කං. චක්කඤ්ච පවත්තෙති ධම්මඤ්චාති ධම්මචක්කං ධම්මෙන පවත්තෙතීති ධම්මචක්කං; ධම්මචරියාය පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ ඨිතො පවත්තෙතීති ධම්මචක්කං, ධම්මෙ පතිට්ඨිතො පවත්තෙතීති ධම්මචක්කං -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන ධම්මො, තං ධම්මං පවත්තෙතීති ධම්මචක්කන්ති.
Sinhala BJTධම්මචක්කං යනු කවර අරුතෙකින් ‘ධම්මචක්ක’ නම් වී ද යත්: ප්‍රතිවේධධර්‍මය ද පවත්වයි චක්‍රය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, චක්‍රය ද පවත්වයි දේශනාධර්‍මය ද පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙන් පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මචර්‍ය්‍යා පිණිස පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි සිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ධර්‍මයෙහි පිහිටියේ පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යැ, ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් ධර්‍ම යැ, ඒ ධර්‍මය පවත්වා නු’ යි ‘ධම්මචක්ක’ යි.
Pali BJTධම්මචක්කකථා සමත්තා.
Sinhala BJTධර්‍මචක්‍ර කථා නිමි.
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJTලොකුත්තර කථා
Sinhala BJTලෝකෝත්තර කථා
Pali BJTකතමෙ ධම්මා ලොකුත්තරා: චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්චබලානි, සත්ත බොජ්ඣගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො, චත්තාරො අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. ඉමෙ ධම්මා ලොකුත්තරා.
Sinhala BJTලෝකෝත්තරධර්‍ම කවරහ යත්: සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යැ සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ යැ සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැ නිර්‍වාණ යැ යන මොහු ලෝකෝත්තරධර්‍මයෝ යි.
Pali BJT‘ලොකුත්තරා’ති කෙනට්ඨෙන ලොකුත්තරා: ලොකං තරන්තීති ලොකුත්තරා, ලොකා උත්තරන්තීති ලොකුත්තරා, ලොකතො උත්තරන්තීති ලොකුත්තරා, ලොකම්හා උත්තරන්තීති ලොකුත්තරා, ලොකං අතික්කමන්තී ලොකුත්තරා, ලොකං සමතික්කමමන්තීති ලොකුත්තරා, ලොකෙන අතිරෙකාති ලොකුත්තරා, ලොකන්තං තරන්තීති ලොකුත්තරා.
Sinhala BJT‘ලෝකුත්තරා’ යනු කවර අරුතෙකින් ලෝකෝත්තර නම් වූහ යත්: ලෝකය තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් උත්තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ, ලොව ඉක්මයෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොව මොනොවට ඉක්මයෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොව මොනොවට ඉක්ම ගියහ’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් අධිකයහ’යි ලෝකෝත්තරයහ, ලෝකාන්තයට තරණය කෙරෙන් නු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකා නිස්සරන්තීති ලොකුත්තරා, ලොකතො නිස්සරන්තීති ලොකුත්තරා, ලොකම්හා නිස්සරන්තීති ලොකුත්තරා, ලොකා නිස්සටාති ලොකුත්තරා, ලොකෙන නිස්සටාති ලොකුත්තරා, ලොකම්හා නිස්සටාති ලොකුත්තරා.
Sinhala BJTලොවින් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් නික්මෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නික්මුණහ’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නික්මුණහ’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් නික්මුණහ’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකෙ න තිට්ඨන්තීති ලොකුත්තරා, ලොකස්මිං න තිට්ඨන්තීති ලොකුත්තරා, ලොකෙ න ලිප්පන්තීති{1} ලොකුත්තරා, ලොකෙන න ලිප්පන්තීති ලොකුත්තරා, ලොකෙ අසංලිත්තාති ලොකුත්තරා, ලොකෙන අසංලිත්තාති ලොකුත්තරා, ලොකෙ අනුපලිත්තාති ලොකුත්තරා, ලොකෙන අනුපලිත්තාති ලොකුත්තරා.
Sinhala BJT(අපර්‍ය්‍යාපන්න බැවින්) ලෝකයෙහි නො සිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවැ නො සිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො තැවැරෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා නො තැවැරෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි අසංලිප්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග අසංලිප්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො තැවැරුණාහු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග නො තැවැරුණාහු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකෙ විප්පමුත්තාති ලොකුත්තරා, ලොකෙන විප්පමුත්තාති ලොකුත්තරා, ලොකා විප්පමුත්තාති ලොකුත්තරා, ලොකතො විප්පමුත්තාති ලොකුත්තරා, ලොකම්හා විප්පමුත්තාති ලොකුත්තරා.
Sinhala BJTලෝකයෙහි විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විප්‍රමුක්ත නු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකෙ විසඤ්ඤුත්තාති ලොකුත්තරා, ලොකෙන විසඤ්ඤුත්තාති ලොකුත්තරා, ලොකා විසඤ්ඤුත්තාති ලොකුත්තරා, ලොකස්මිං විසඤ්ඤුත්තාති ලොකුත්තරා, ලොකතො විසඤ්ඤුත්තාති ලොකුත්තරා, ලොකම්හා විසඤ්ඤුත්තාති ලොකුත්තරා.
Sinhala BJTලෝකයෙහි විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය හා සමග විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොව්හි විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විසංයුක්ත නු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකා සුජ්ඣන්තීති ලොකුත්තරා, ලොකතො සුජ්ඣන්තීති ලොකුත්තරා, ලොකම්හා සුජ්ඣන්තීති ලොකුත්තරා, ලොකා විසුජ්ඣන්තීති ලොකුත්තරා, ලොකතො විසුජ්ඣන්තීති ලොකුත්තරා, ලොකම්හා විසුජ්ඣන්තීති ලොකුත්තරා.
Sinhala BJTලෝකයෙන් (ලෝකමල සෝදා) ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් ශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙන් විශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් විසුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් විශුද්ධ වෙත් නු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකා වුට්ඨහන්තීති{2} ලොකුත්තරා, ලොකතො වුට්ඨහන්තීති ලොකුත්තරා ලොකම්හා වුට්ඨහන්තීති ලොකුත්තරා.
Sinhala BJTලෝකයෙන් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නැඟීසිටිත් නු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකා විවට්ටන්තීති ලොකුත්තරා, ලොකතො විවට්ටන්තීති ලොකුත්තරා, ලොකම්හා විවට්ටන්තීති ලොකුත්තරා.
Sinhala BJTලෝකයෙන් නවතිත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකය කෙරෙන් නවතිත් නු’යි ලෝකෝත්තරයහ, ලොවින් නවතිත් නු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකෙ න සජ්ජන්තීති ලොකුත්තරා, ලොකෙ න ගය්හන්තීති ලොකුත්තරා, ලොකෙ න ඛජ්ඣන්තීති ලොකුත්තරා.
Sinhala BJTලෝකයෙහි නො ලැගෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි (කිසි සංස්කාර කෙනෙක්) නො ගන්නා ලැබෙත් නු’යි ලෝකෝත්තරයහ, ලෝකයෙහි නො පෙළෙත් නු’යි ලෝකෝත්තරයහ.
Pali BJTලොකං සමුච්ඡින්දන්තීති ලොකුත්තරා, ලොකං සමුච්ඡින්නත්තාති ලොකුත්තරා. ලොකං පටිප්පස්සම්භෙන්තීති ලොකුත්තරා, ලොකං පටිප්පස්සම්භිතත්තාති ලොකුත්තරා.
Sinhala BJTලෝකය මුලුසුන් කෙරෙන් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය මුලුසුන් කරනලද බැවිනැ’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය සන්හිඳුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය සන්හිඳුවන ලද බැවිනැ’යි ලෝකුත්තර නම් වෙත්.
Pali BJTලොකස්ස අපථාති ලොකුත්තරා, ලොකස්ස අගතීති ලොකුත්තරා, ලොකස්ස අවිසයාති ලොකුත්තරා, ලොකස්ස අසාධාරණාති ලොකුත්තරා.
Sinhala BJTලෝකයට අමාර්‍ග නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අප්‍රතිෂ්ඨා නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අයත් නො වෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකයට අසමාන නු’යි ලෝකුත්තර නම් වෙත්.
Pali BJTලොකං වමන්තීති ලොකුත්තරා, ලොකං න පච්චාවමන්තීති{1} ලොකුත්තරා, ලොකං පජහන්තීති ලොකුත්තරා, ලොකං න උපදියන්තීති ලොකුත්තරා, ලොකං විසිනෙන්තීති ලොකුත්තරා, ලොකං න උස්සිනෙන්තීති ලොකුත්තරා, ලොකං විධූපෙන්තීති ලොකුත්තරා, ලොකං න සන්ධූපෙන්තීති ලොකුත්තරා, ලොකං සමතික්කම්ම අභිභුය්ය තිට්ඨන්තීති ලොකුත්තරා.
Sinhala BJTලෝකය නඟත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය වටාලා නො නඟත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය දුරුකෙරෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය උපාදානය නො කෙරෙත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය විසුරුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නො විසුරුවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නිවත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය නො දල්වත් නු’යි ලෝකුත්තර නම් වෙති, ලෝකය ඉක්ම අභිභවනය කොට සිටිත් නු’යි ලෝකුත්තර නම් වෙත්.
Pali BJTලොකුත්තරකථා සමත්තා
Sinhala BJTලෝකෝත්තර කථා නිමි.
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJTබල කථා
Sinhala BJTබල කථා
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT“පඤ්චිමානි භික්ඛවෙ බලානි: කතමානි පඤ්ච: සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චබලානි”{a}
Sinhala BJT“මහණෙනි, මේ බලයෝ පස්දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යි. මහණෙනි, මොහු පඤ්චබලයෝ වෙත්.”
Pali BJTඅපි ච අට්ඨසට්ඨි බලානි: සද්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ්ඤාබලං ඔත්තප්පබලං පටිසඞ්ඛානබලං භාවනාබලං අනවජ්ජබලං සඞ්ගහබලං ඛන්තිබලං පඤ්ඤත්තිබලං නිජ්ඣත්තිබලං ඉස්සරියබලං අධිට්ඨානබලං සමථබලං විපස්සනාබලං දස සෙඛබලානි දස අසෙඛබලානි දස ඛීණාසවබලානි දස ඉද්ධිබලානි දස තථාගතබලානි.
Sinhala BJTතවද අටසැට බල කෙනෙක් වෙති: ශ්‍රද්ධාබල යැ වීර්‍ය්‍යබල යැ ස්මෘතිබල යැ සමාධිබල යැ ප්‍රඥාබල යැ හිරිබල යැ ඔත්තපප්බල යැ පටිසඞ්ඛානබල යැ භාවනා බල යැ අනවද්‍යබල යැ සඞ්ග්‍රහබල යැ ක්‍ෂාන්තිබල යැ ප්‍රඥප්තිබල යැ නිදිධ්‍යාසන (අධීතාර්‍ත්‍ථාගමන) බල යැ ඓශ්වර්‍ය්‍යබල යැ අධිෂ්ඨානබල යැ ශමථබල යැ විදර්‍ශනාබල යැ දශ ශෛක්‍ෂබලයෝ යැ දශ අශෛක්‍ෂ බලයෝ යැ දශක්‍ෂීණාශ්‍රවබලයෝ යැ දශ ඍද්ධිබලයෝ යැ දශ තථාගතබලයෝ යි.
Pali BJTකතමං සද්ධාබලං: අසද්ධියෙ න කම්පතීති සද්ධාබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන සද්ධාබලං, කිලෙසානං පරියාදානට්ඨෙන සද්ධාබලං, පටිවෙධාදිවිසොධනට්ඨෙන සද්ධාබලං, චිත්තස්ස අධිට්ඨානට්ඨෙන සද්ධාබලං, චිත්තස්ස වොදානට්ඨෙන සද්ධාබලං, විසෙසාධිගමට්ඨෙන සද්ධාබලං, උත්තරිං පටිවෙධට්ඨෙන සද්ධාබලං, සච්චාහිසමයට්ඨෙන සද්ධාබලං, නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන සද්ධාබලං, ඉදං සද්ධාබලං.
Sinhala BJTශ්‍රද්ධාබල කවරෙ යත්: අශ්‍රද්ධායෙහි නො සැලේ නු’යි ශ්‍රද්ධාබල යැ, සහජාත (අරූප) ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, කෙලෙසුන් ක්‍ෂය කිරීම් අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, මත්තෙහි (මාර්‍ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබල යැ, මේ ශ්‍රද්ධාබල යි.
Pali BJTකතමං විරියබලං: කොසජ්ජෙ න කම්පතීති විරියබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනටෙඨන විරියබලං, කිලෙසානං පරියාදානට්ඨෙන විරියබලං, පටිවෙධාදිවිසොධනට්ඨෙන විරියබලං, චිත්තස්ස අධිට්ඨානට්ඨෙන විරියබලං, චිත්තස්ස වොදානට්ඨෙන විරියබලං, විසෙසාධිගමට්ඨෙන විරියබලං, උත්තරිං පටිවෙධට්ඨෙන විරියබලං, සච්චාභිසමයට්ඨෙන විරියබලං, නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන විරියබලං. ඉදං විරියබලං.
Sinhala BJTවීර්‍ය්‍යබල කවරෙ යත්: කුසීදභාවයෙහි නො සැලේ නු’යි වීර්‍ය්‍යබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, කෙලෙසුන් ක්‍ෂය කිරීම් අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, ප්‍රතිවේධාදිවිශෝධනාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, චිත්තයාගේ පරිශුද්ධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, විශේෂාධිගමාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, මත්තෙහි (මාර්‍ග) ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, සත්‍යාභිසමයාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යබල යැ, මේ වීර්‍ය්‍යබල යි.
Pali BJTකතමං සතිබලං: පමාදෙ න කම්පතීති සතිබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන සතිබලං -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන සතිබලං. ඉදං සතිබලං.
Sinhala BJTස්මෘතිබල කවරෙ යත්: ප්‍රමාදයෙහි නො සැලේ නු’යි ස්මෘතිබල යැ, සහජාත (අරූප) ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ස්මෘතිබල යැ, මේ ස්මෘතිබල යි.
Pali BJTකතමං සමාධිබලං: උද්ධච්චෙ න කම්පතීති සමාධිබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන සමාධිබලං -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන සමාධිබලං. ඉදං සමාධිබලං.
Sinhala BJTසමාධිබල කවරෙ යත්: උද්ධතභාවයෙහි නො සැලේ නු’යි සමාධිබල යැ, සහජාතධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් සමාධිබල යැ ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් සමාධිබල යැ, මේ සමාධිබල යි.
Pali BJTකතමං පඤ්ඤාබලං: අවිජ්ජාය න කම්පතීති පඤ්ඤාබලං, සහජාතානං ධම්මානං උපත්ථම්භනට්ඨෙන පඤ්ඤාබලං -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨෙන පඤ්ඤාබලං. ඉදං පඤ්ඤාබලං.
Sinhala BJTප්‍රඥාබල කවරෙ යත්: අවිද්‍යායෙහි නො සැලේනු’යි ප්‍රඥාබල යැ, සහජාත ධර්‍මයනට උපස්ථම්භනාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ, ... නිරෝධයෙහි පිහිටුවන අර්‍ත්‍ථයෙන් ප්‍රඥාබල යැ, මේ ප්‍රඥාබල යි.
Pali BJTකතමං හිරිබලං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං හිරීයතීති{1} හිරිබලං, අබ්යාපාදෙන බ්යාපාදං හිරීයතීති හිරිබලං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං{2} හිරීයතීති හිරිබලං, අවික්ඛෙපෙන උද්ධච්චං හිරීයතීති හිරිබලං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡාං හිරීයතීති හිරිබලං, ඤාණෙන අවිජ්ජං හිරීයතීති හිරිබලං, පාමොජ්ජෙන අරතිං හිරීයතීති හිරිබලං, පඨමෙන ඣානෙන නීවරණෙ හිරීයතීති හිරිබලං -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ හිරීයතීති හිරිබලං. ඉදං හිරිබලං.
Sinhala BJTහිරිබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් ලජ්ජිත වේනු’යි හිරිබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ, ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් ලජ්ජිත වේ නු’යි හිරිබල යැ. මේ හිරිබල යි.
Pali BJTකතමං ඔත්තප්පබලං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං ඔත්තප්පතීති ඔත්තප්පබලං, අබ්යාපාදෙන බ්යාපාදං ඔත්තප්පතීති ඔත්තප්පබලං, ආලොකසඤ්ඤාය ථිනමිද්ධං ඔත්තප්පතීති ඔත්තප්පබලං, අවික්ඛෙපෙන උද්ධච්චං ඔත්තප්පතීති ඔත්තප්පබලං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං ඔත්තප්පතීති ඔත්තප්පබලං, ඤාණෙන අවිජ්ජං ඔත්තප්පතීති ඔත්තප්පබලං, පාමොජ්ජෙන අරතිං ඔත්තප්පතීති ඔත්තප්පබලං, පඨමෙන ඣානෙන නීවරණෙ ඔත්තප්පතීති ඔත්තප්පබලං -පෙ- අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ ඔත්තප්පතීති ඔත්තප්පබලං. ඉදං ඔත්තප්පබලං.
Sinhala BJTඔත්තප්පබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, අවික්‍ෂේප හෙයින් ඖද්ධත්‍යය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ: ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් කෙරෙත් තැවේ නු’යි ඔත්තප්පබල යැ. මේ ඔත්තප්පබල යි.
Pali BJTකතමං පටිසඞ්ඛානබලං: නෙක්ඛම්මෙන කාමච්ඡන්දං පටිසඞ්ඛාතීති පටිසඞ්ඝානබලං, අබ්යාපාදෙන බ්යාපාදං පටිසඞ්ඝාතීති පටිසඞ්ඛානබලං, ආලොකසඤ්ඤාය ථීනමිද්ධං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, අවික්ඛෙපෙන උද්ධච්චං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, ධම්මවවත්ථානෙන විචිකිච්ඡං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, ඤාණෙන අවිජ්ජං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, පාමොජ්ජෙන අරතිං පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං, පඨමෙන ඣානෙන නීවරණෙ පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං -පෙ- අරත්තමග්ගෙන සබ්බකිලෙසෙ පටිසඞ්ඛාතීති පටිසඞ්ඛානබලං. ඉදං පටිසඞ්ඛානබලං.
Sinhala BJTපටිසඞ්ඛානබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය හෙයින් කාමච්ඡන්‍දය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අව්‍යාපාද හෙයින් ව්‍යාපාදය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ආලෝකසංඥා හෙයින් ථිනමිද්ධය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, අවික්‍ෂේප හෙයින් ඔද්ධත්‍යය විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, ධර්‍මනිශ්චය හෙයින් විචිකිත්සාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ඥාන හෙයින් අවිද්‍යාව විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රාමෝද්‍ය හෙයින් අරතිය විමසා නු’යි පටිසඞ්ඛානබල යැ, ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයන් විමසා නු’යි පටිසඞ්ඛානබල යැ ... අර්‍හන්මාර්‍ග හෙයින් හැම කෙලෙසුන් විමංසා නු’යි පටිසඞ්ඛානබල යැ, මේ පටිසඞ්ඛාන බල යි.
Pali BJTකතමං භාවනාබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මං භාවෙතීති භාවනාබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදං භාවෙතීති භාවනාබලං, ථිනමිද්ධං පජහන්තො අලොකසඤ්ඤං භාවෙතීති භාවනාබලං, උද්ධච්චං පජහන්තො අවික්ඛෙපං භාවෙතීති භාවනාබලං, විචිකිච්ඡං පජහන්තො ධම්මවවත්ථානං භාවෙතීති භාවනාබලං, අවිජ්ජං පජහන්තො ඤාණං භාවෙතීති භාවනාබලං, අරතිං පජහන්තො පාමොජ්ජං භාවෙතීති භාවනාබලං, නීවරණෙ පජහන්තො පඨමං ඣානං භාවෙතීති භාවනාබලං, -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගං භාවෙතීති භාවනාබලං. ඉදං භාවනාබලං.
Sinhala BJTභාවනාබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කෙරෙමින් නෛෂ්ක්‍රම්‍යය වඩා නු’යි භාවනාබල යැ, ව්‍යාපාදය දුරු කෙරෙමින් අව්‍යාපාද වඩා නු’යි භාවනාබල යැ, ථිනමිද්ධය දුරු කෙරෙමින් ආලෝකසංඥාව වඩා නු’යි භාවනාබල යැ, උද්ධතභාවය දුරු කෙරෙමින් අවික්‍ෂේපය වඩානුයි භාවනාබල යැ, විචිකිත්සාව දුරු කෙරෙමින් ධර්‍මනිශ්චය වඩා නු’යි භාවනාබල යැ, අවිද්‍යාව දුරු කෙරෙමින් ඥානය වඩා නු’යි භාවනාබල යැ, අරතිය දුරු කෙරෙමින් ප්‍රාමෝද්‍යය වඩා නු’යි භාවනාබල යැ, නීවරණයන් දුරු කෙරෙමින් ප්‍රථමධ්‍යානය වඩා නු’යි භාවනාබල යැ ... හැම කෙලෙසුන් දුරු කෙරෙමින් අර්‍හන්මාර්‍ගය වඩා නු’යි භාවනා බල යැ, මේ භාවනා බල යි.
Pali BJTකතමං අනවජ්ජබලං: කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, ථිනමිද්ධස්ස පහීනත්තා ආලොකසඤ්ඤාය නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, උද්ධච්චස්ස පහීනත්තා අවිකෙඛපෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, විචිකිච්ඡාය පහීනත්තා ධම්මවවත්ථානෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, අවිජ්ජාය පහීනත්තා ඤාණෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, අරතියා පහීනත්තා පාමොජ්ජෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, නීවරණානං පහීනත්තා පඨමජ්ඣානෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගෙ නත්ථි කිඤ්චි වජ්ජන්ති අනවජ්ජබලං, ඉදං අනවජ්ජබලං.
Sinhala BJTඅනවද්‍යබල කවරෙ සත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් නෛෂ්ක්‍රම්‍යයෙහි කිසි (රාගාදි) වද්‍යයෙක් (වරදෙක්) නැත් නු’යි අනවද්‍යබල යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යාබල යැ, ථිනමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥායෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, ඖද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ, අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ, අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානයෙහි කිසි වද්‍යයෙක් නැත් නු’යි අනවද්‍යබල යැ ... හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගයෙහි කිසි වද්‍යයෙක් නැත්නු’යි අනවද්‍යබල යැ, මේ අනවද්‍යබල යි.
Pali BJTකතමං සඞ්ගහබලං: කාමච්ඡන්දං පජහන්තෙ පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, ථිනමිද්ධං පජහන්තො අලොකසඤ්ඤාවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තතමග්ගවසෙන චිත්තං සඞ්ගණ්හාතීති සඞ්ගහබලං, ඉදං සඞ්ගහබලං.
Sinhala BJTසඞ්ග්‍රහබල කවරෙ යත් කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ (බඳී) නු’යි සඞ්ග්‍රහබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත සඞ්ග්‍රහ කෙරේ නු’යි සඞ්ග්‍රහ බල යැ, මේ සඞ්ග්‍රහබල යි.
Pali BJTකතමං ඛන්තිබලං: කාමච්ඡන්දස්ස පහීනත්තා නෙක්ඛම්මං ඛමතීති ඛන්තිබලං, බ්යාපාදස්ස පහීනත්තා අබ්යාපාදො ඛමතීති ඛන්තිබලං, ථිනමිද්ධස්ස පහීනත්තා ආලොකසඤ්ඤා ඛමතීති ඛන්තිබලං, උද්ධච්චස්ස පහීනත්තා අවික්ඛෙපො ඛමතීති ඛන්තිබලං, විචිකිච්ඡාය පහීනත්තා ධම්මවවත්ථානං ඛමතීති ඛන්තිබලං, අවිජ්ජාය පහීනත්තා ඤාණං ඛමතීති ඛන්තිබලං, අරතියා පහීනත්තා පාමොජ්ජං ඛමතීති ඛන්තිබලං, නීවරණානං පහීනත්තා පඨමං ඣානං ඛමතීති ඛන්තිබලං, -පෙ- සබ්බකිලෙසානං පහීනත්තා අරහත්තමග්ගො ඛමතීති ඛන්තිබලං, ඉදං ඛන්තිබලං.
Sinhala BJTක්‍ෂාන්තිබල කවරෙ යත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ බැවින් (යෝගීහට) නෛෂ්ක්‍රම්‍යය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ව්‍යාපාදය ප්‍රහීණ බැවින් අව්‍යාපාදය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ථිනමිද්ධය ප්‍රහීණ බැවින් ආලෝකසංඥාව රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, ඖද්ධත්‍යය ප්‍රහීණ බැවින් අවික්‍ෂේපය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, විචිකිත්සාව ප්‍රහීණ බැවින් ධර්‍මනිශ්චය රිසි වේ නු’යි ක්‍ෂාන්ති බල යැ, අවිද්‍යාව ප්‍රහීණ බැවින් ඥානය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, අරතිය ප්‍රහීණ බැවින් ප්‍රාමෝද්‍යය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, නීවරණයන් ප්‍රහීණ බැවින් ප්‍රථමධ්‍යානය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ ... හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් අර්‍හන්මාර්‍ගය රිසි වේ නු’යි ක්‍ෂාන්තිබල යැ, මේ ක්‍ෂාන්තිබල යි.
Pali BJTකතමං පඤ්ඤත්තිබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං, ථිනමිද්ධං පජහන්තො අලොකසඤ්ඤාවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං පඤ්ඤාපෙතීති පඤ්ඤත්තිබලං, ඉදං පඤ්ඤත්තිබලං.
Sinhala BJTප්‍රඥප්තිබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, ව්‍යාපාදය දුර කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත පනවා නු’යි ප්‍රඥප්තිබල යැ, මේ ප්‍රඥප්තිබල යි.
Pali BJTකතමං නිජ්ඣත්තිබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣත්තිබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣත්තිබලං, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං නිජ්ඣාපෙතීති නිජ්ඣාත්තිබලං -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං නිජ්ඣාපෙතීතිනි නිජ්ඣාපෙතීති නිජ්ඣත්තිබලං, ඉදං නිජ්ඣත්තිබලං.
Sinhala BJTනිදිධ්‍යාසනබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිත නිදිධ්‍යාසන (ශ්‍රැතාර්‍ත්‍ථවීමර්‍ශනය) කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාද වශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත නිදිධ්‍යාසන කරවා නු’යි නිදිධ්‍යාසනබල යැ. මේ නිදිධ්‍යාසනබල යි.
Pali BJTකතමං ඉස්සරියබලං: කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, -පෙ- සබ්බකිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං වසං වත්තෙතීති ඉස්සරියබලං, ඉදං ඉස්සරියබලං, ඉදං ඉස්සරියබලං.
Sinhala BJTඓශ්වර්‍ය්‍යබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් සිත වශයෙහි පවත්වා නු’යි ඓශ්වර්‍ය්‍යබල යැ, මේ ඓශ්වර්‍ය්‍යබල යි.
Pali BJTකතමං අධිට්ඨානබලං, කාමච්ඡන්දං පජහන්තො නෙක්ඛම්මවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, බ්යාපාදං පජහන්තො අබ්යාපාදවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, ථිනමිද්ධං පජහන්තො ආලොකසඤ්ඤාවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං -පෙ- සබ්බ කිලෙසෙ පජහන්තො අරහත්තමග්ගවසෙන චිත්තං අධිට්ඨාතීති අධිට්ඨානබලං, ඉදං අධිට්ඨානබලං.
Sinhala BJTඅධිෂ්ඨානබල කවරෙ යත්: කාමච්ඡන්‍දය දුරු කරනුයේ නෛෂ්ක්‍රම්‍යවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, ව්‍යාපාදය දුරු කරනුයේ අව්‍යාපාදවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨානබල යැ, ථිනමිද්ධය දුරු කරනුයේ ආලෝකසංඥාවශයෙන් සිත අධිෂ්ඨාන කොර් නු’යි අධිෂ්ඨානබල යැ ... හැම කෙලෙසුන් දුරු කරනුයේ අර්‍හන්මාර්‍ගවශයෙන් සිත අධිෂ්ඨාන කෙරේ නු’යි අධිෂ්ඨාන බල යැ. මේ අධිෂ්ඨානබල යි.
Pali BJTකතමං සමථබලං නෙක්ඛම්මවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං, අබ්යාපාදවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං, ආලොකසඤ්ඤාවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං, පටිනිස්සග්ගානුපස්සී පස්සාවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමථබලං.
Sinhala BJTශමථබල කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රාතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, අව්‍යාපාදයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, ආලෝකසංඥාවගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රාතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ ... ‘පටිනිස්සග්ගානුපස්සී’ යැයි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යැ, පටිනිස්සග්ගානුපස්සී යැයි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ශමථබල යි.
Pali BJTසමථබලන්ති කෙනට්ඨෙන සමථබලං: පඨමෙන ඣානෙන නීවරණෙ න කම්පතීති සමථබලං, දුතියෙන ඣානෙන විතක්කවිචාරෙ න කම්පතීති සමථබලං, තතියෙන ඣානෙන පීතියා න කම්පතීති සමථබලං, චතුත්ථෙන ඣානෙන සුඛදුක්ඛෙ න කම්පතීති සමථබලං, ආකාසානඤ්චායතනසමාපත්තියා රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය න කම්පතීති සමථබලං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා ආකාසානඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය න කම්පතීති සමථබලං, උද්ධච්චෙ ච උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති න චලති න වෙධතීති සමථබලං, ඉදං සමථබලං.
Sinhala BJTසමථබලං යනු: කවර අරුතෙකින් ශමථබල නම් වී ද යත්: ප්‍රථමධ්‍යාන හෙයින් නීවරණයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ද්විතීයධ්‍යාන හෙයින් විතර්‍කවිචාරයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, තෘතීයධ්‍යාන හෙයින් ප්‍රීතියෙහි නො සැලේ නු’යි ශමථබල යැ, චතුර්‍ත්‍ථධ්‍යාන හෙයින් සුඛදුඃඛයෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ආකාසානඤ්චායතනසමාපත්ති හෙයින් රූපසංඥායෙහි ප්‍රතිඝසංඥායෙහි නානාත්‍වසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති හෙයින් ආකාසානඤ්චායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති හෙයින් විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති හෙයින් ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි නො සැලේ නු’යි ශමථබල යැ, ඖද්ධත්‍යයෙහි ද ඖද්ධත්‍යසහගතක්ලේශයෙහි ද ස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි වේධනය නො වේ නු’යි ශමථබල යැ, මේ ශමථබල යි.
Pali BJTකතමං විපස්සනාබලං: අනිච්චානුපස්සනා විපස්සනාබලං -පෙ- පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං, රූපෙ අනිච්චානුපස්සනා විපස්සනාබලං, රූපෙ දුක්ඛානුපස්සනා විපස්සනාබලං -පෙ- රූපෙපටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං, වෙදනා -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා විපස්සනාබලං, ජරාමරණෙ දුක්ඛානුපස්සනා විපස්සනාබලං -පෙ- ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සනා විපස්සනාබලං.
Sinhala BJTවිදර්‍ශනාබල කවරෙ යත්, අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ ... රූපයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යැ: වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාව විදර්‍ශනාබල යැ, ජරාමරණයෙහි දුක්ඛානුපස්සනාව විදර්‍ශනාබල යැ ... ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සනාව විදර්‍ශනාබල යි.
Pali BJTවිපස්සනාබලන්තී කෙනට්ඨෙන විපස්සනාබලං: අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, දුක්ඛානුපස්සනාය සුඛසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, අනත්තානුපස්සනාය න අත්තසඤ්ඤාය න කම්පතීති විපස්සනාබලං, නිබ්බිදානුපස්සනාය නන්දියා න කම්පතීති විපස්සනාබලං, විරාගානුපස්සනාය රූපෙ න කම්පතීති විපස්සනාබලං, නිරොධානුපස්සනාය සමුදයෙ න කම්පතීති විපස්සනාබලං, පටිනිස්සග්ගානුපස්සනාය ආදානෙ න කම්පතීති විපස්සනාබලං, අවිජ්ජාය ච අවිජ්ජාසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච න කම්පති න චලති න වෙධතීති විපස්සනාබලං, ඉදං විපස්සනාබලං.
Sinhala BJTවිපස්සනාබලං යනු: කවර අරුතෙකින් විදර්‍ශනාබල නම් වී ද යත්: අනිච්චානුපස්සනා හෙයින් නිත්‍යසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, දුක්ඛානුපස්සනා හෙයින් සුඛසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, අනත්තානුපස්සනා හෙයින් ආත්මසංඥායෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, නිබ්බිදානුපස්සනා හෙයින් නන්‍දියෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, විරාගානුපස්සනා හෙයින් රූපයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ නිරෝධානුපස්සනා හෙයින් සමුදයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, පටිනිස්සග්ගානුපස්සනා හෙයින් ග්‍රහණයෙහි නො සැලේ නු’යි විදර්‍ශනාබල යැ, අවිද්‍යායෙහි ද අවිද්‍යාසහගත ක්ලේශයෙහි ද ස්කන්‍ධයෙහි ද කම්පා නො වෙයි නො සැලෙයි වේධනය නොවේ නු’යි විදර්‍ශනාබල යැ, මේ විදර්‍ශනාබල යි.