Pali BJTඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, ඉමෙහි පඤ්ච බලෙහි මෙත්තාචෙතොවිමුත්ති ආසෙවීයති -පෙ- නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTමේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි ... නිර්වර්තනය කෙරෙති, ද්‍යොතනය කෙරෙති, ප්‍රකාශනය කෙරෙත්.
Pali BJTසබ්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සතිං උපට්ඨාපෙති, සතිසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තා චෙතොවිමුත්ති. -පෙ- පඤ්ඤාය පවිචිනාති, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- විරියං පග්ගණ්හාති, විරියසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තා චෙතොවිමුත්ති -පෙ- පරිළාහං පටිප්පස්සම්භෙති, පිතිසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- දුට්ඨුල්ලං පටිප්පස්සම්භෙති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- චිත්තං සමාදහති, සමාධිසමබොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති, ඤාණෙන කිලෙසෙ පටිසඞ්ඛාති, උපෙක්ඛොසබ්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTඋඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... ප්‍රඥායෙන් විමසා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... ක්ලේශපරිදාහය සන්හිඳුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි ... අශාන්තභාවය සන්හිඳුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි, සිත සමාදහනය කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි, ඥානයෙන් ක්ලේශයන් ප්‍රත්‍යවේක්‍ෂා කොරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වේ.
Pali BJTඉමානි සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, ඉමෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති ආසෙවීයති -පෙ- නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති. මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි, උපදවති, බබුළුව පාළ කෙරෙතිත්.
Pali BJTසබ්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා පස්සති, සම්මාදිට්ඨිපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සම්මා අභිනිරොපෙති, සම්මාසඞ්කප්පපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සම්මා පරිගණ්හාති, සම්මාවාචාපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සම්මා සමුට්ඨාපෙති, සම්මාකම්මන්තපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සම්මා වොදාපෙති, සම්මාආජිවපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සම්මා පග්ගණ්හාති, සම්මාවායාමපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සම්මා උපට්ඨාති, සම්මාසතිපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සම්මා සමාදහති, සම්මාසමාධිපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTඋපරිමදිශායෙහි හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට දකී නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්දෘෂ්ටි විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට සිත අරමුණට නංවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සංකල්ප විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට පරිග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්වචන විසින් පරිභාවිත වූවා වෙයි ... (ත්‍රිවිධකායසංවරය) මොනොවට ඔසොවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්කර්‍මාන්ත විසින් පරිභාවිත වූවා වෙයි … මොනොවට පරිශුද්ධකරවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යගාජීව විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට ප්‍ර‍්‍රග්‍රහ කෙරේ, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්ව්‍යායාම විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට වටහා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්ස්මෘති විසින් පරිභාවිත වූවා වෙයි ... මොනොවට පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සමාධි විසින් පරිභාවිත වූවා වේ.
Pali BJTඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති ආසෙවීයති -පෙ- ඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා පරිවාරා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරිවුතා හොති.
Sinhala BJTමේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි ... මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පරිවාරයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
Pali BJTඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, භාවනා හොන්ති, බහුලීකතා හොන්ති, අලඞ්කාරා හොන්ති, පරික්ඛාරා හොන්ති, පරිවාරා හොන්ති, පාරිපූරී හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති, පක්ඛන්දනා හොන්ති, පසීදනා හොන්ති, සන්තිට්ඨානා හොන්ති, විමුච්චනා හොන්ති, ‘එතං සත්ත’න්ති ඵස්සනා හොන්ති, යානීකතා හොන්ති, වත්ථුකතා හොන්ති, අනුට්ඨිතා හොන්ති, පරිචිතා හොන්ති, සුසමාරද්ධා හොන්ති, සුභාවිතා හොන්ති, ස්වාධිට්ඨිතා හොන්ති, සුසමුග්ගතා හොන්ති, සුවිමුත්තා හොන්ති. නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්තීති.
Sinhala BJTමේ අෂ්ටමාර්‍ගාඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල (මෛත්‍රීචිත්තවිමුක්තිය) ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, මොනොවට පිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, උපදවති, පාළ කෙරෙති, බබුළුවත්.
Pali BJTමෙත්තාකථා සමත්තා
Sinhala BJTමෛත්‍රීකථා නිමි.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJTවිරාග කථා
Sinhala BJTවිරාග කථා
Pali BJTවිරොගො මග්ගො, විමුත්ති ඵලං.
Sinhala BJTවිරාගය මාර්‍ග වෙයි, විමුක්තිය ඵල වෙයි.
Pali BJTකථං විරාගො මග්ගො සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා විරජ්ජති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විරජ්ජති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විරජ්ජති, විරාගො විරාගාරම්මණො විරාගගොචරො විරාගෙ සමුදාගතො{1} විරාගෙ ඨිතො විරාගෙ පතිට්ඨිතො.
Sinhala BJTකිසෙයින් විරාගය මාර්‍ග වෙයි යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් විරක්ත වෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි. බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි, විරාග තෙම නිවන අරමුණු කොට ඇත්තේ යැ, නිවන ගොදුරු කොට ඇත්තේ යැ නිවන් අරමුණුහි උපන්නේ යැ නිවන්හි (ප්‍රවෘත්ති විසින්) සිටියේ යැ නිවන්හි (නො නවත්නා විසින්) පිහිටියේ යි.
Pali BJTවිරාගොති ද්වෙ විරාගා: නිබ්බානඤ්ච විරාගො, යෙ ච නිබ්බානාරම්මණතාජාතා ධම්මා සබ්බෙ විරාගා හොන්ති විරාගා, සහජාතානි සත්තඞ්ගානි විරාගං ගච්ඡන්තීති විරාගො මග්ගො, එතෙන මග්ගෙන බුද්ධා ච සාවකා ච අගතං දිසං නිබ්බානං ගච්ඡන්තීති අට්ඨඞ්ගිකො මග්ගො, යාවතා පුථුසමණබ්රාහ්මණානං පරප්පවාදානං මග්ගා අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො,{1} ච උත්තමො ච පවරො චාති මග්ගානං අට්ඨඞ්ගිකො සෙට්ඨො.
Sinhala BJTවිරාගෝ යනු: විරාග දෙකෙකි: නිර්‍වාණය ද (විරාග හේතු බැවින්) විරාග නම් වෙයි, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම්, හැම විරාග වෙත් නු’යි විරාග නම් වෙති (සම්‍යග්දෘෂ්ටි) සහජාත වූ (සම්‍යක්සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාග සඞ්ඛ්‍යාත නිර්‍වාණය අරමුණු කොට යෙත් නු’යි (විරාගාලම්බන බැවින්) විරාග නම් (මාර්‍ගණාර්‍ත්‍ථයෙන්) මාර්‍ග නම් වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද නො ගියවිරූ දිශාව වූ නිවනට යෙත් නු’යි අෂ්ටාඞ්ගමාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ මාර්‍ගයෝ වෙත් නම්, (ඔවුනතුරෙහි) මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ නු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගමාර්‍ගය ඉතා ප්‍රශංසනීය වේ.
Pali BJTඅභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො. මිච්ඡාසඞ්කප්පා විරජ්ජති -පෙ- පරිග්ගහට්ඨෙන සම්මාවාචා මිච්ඡාවාචාය විරජ්ජති -පෙ- සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මිච්ඡාකම්මන්තා විරජ්ජති -පෙ- වොදානට්ඨෙන සම්මාආජීවො මිච්ඡාආජීවා විරජ්ජති -පෙ- පග්ගහට්ඨෙන සම්මාවායාමො මිච්ඡාවායාමා විරජ්ජති -පෙ- උපට්ඨානට්ඨෙන සම්මාසති මිච්ඡාසතියා විරජ්ජති -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිච්ඡාසමාධිතො විරජ්ජති තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විරජ්ජති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විරජ්ජති, විරාගො විරාගාරම්මණො විරාගගොචරො විරාගෙ සමුදාගතො විරාගෙ ඨිතො විරාගෙ පතිට්ඨිතො.
Sinhala BJTඅභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකපල්පය කෙරෙන් විරක්ත වෙයි. පරිග්‍රහ (චතුර්විධවාක්සංවර) ස්වභාවයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනය කෙරෙන් විරක්ත වෙයි ... සමුත්‍ථාන (ත්‍රිවිධකායසංවර) ස්වභාවයෙන් සම්‍යක්කර්‍මාන්ත මිථ්‍යාකර්‍මාන්තය කෙරෙන් විරක්ත වෙයි ... ව්‍යවදානාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය මිථ්‍යාජීවය කෙරෙන් විරක්ත වෙයි ... ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමය කෙරෙන් විරක්ත වෙයි ... උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතිය කෙරෙන් විරක්ත වෙයි ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධිහු කෙරෙන් විරක්ත වෙයි. එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි, බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි. විරාගය විරාග සඞ්ඛ්‍යාත නිවන අරමුණු කොට ඇත්තේ යැ නිවන ගොදුරු කොට ඇත්තේ යැ නිවන් අරමුණුහි උපන්නේ යැ නිවන්හි සිටියේ යැ නිවන්හි පිහිටියේ යි.
Pali BJTවිරාගොති ද්වෙ විරාගා: නිබ්බානඤ්ච විරාගො, යෙච නිබ්බානාරම්මණතාජාතා ධම්මා සබ්බෙ විරාගා හොන්තීති විරාගා, සහජාතානි සත්තඞ්ගානි විරාගං ගච්ඡන්තීති විරාගො මග්ගො, එතෙන මග්ගෙන බුද්ධා ච සාවකා ච අගතං දිසං නිබ්බානං ගච්ඡන්තීති අට්ඨඞ්ගිකො මග්ගො, යාවතා පුථුසමණබ්රාහ්මණානං පරප්පවාදානං මග්ගා, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො{1} ච උත්තමො ච පවරො චාති මග්ගානං අට්ඨඞ්ගිකො සෙට්ඨො.
Sinhala BJTවිරාගෝ යනු: විරාග දෙකෙකි: නිවන ද විරාග නම් වෙයි, නිවන් අරමුණුහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් හැම විරාග වෙත් නු’යි විරාග නම් වෙති, (සම්‍යග්දෘෂ්ටි) සහජාත වූ (සම්‍යක්සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාගයට යෙත් නු’යි (විරාගාලම්බන බැවින්) විරාග නම් (ගමනාර්‍ත්‍ථයෙන්) මාර්‍ග නම් වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද නො ගියවිරූ දෙස වූ නිවනට යෙත් නු’යි අෂ්ටාඞ්ගමාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ ද මාර්‍ග කෙනෙක් වෙත් නම් (ඔවුනතුරින්) මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ග අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ නු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගමාර්‍ගය ශ්‍රේෂ්ඨ යි.
Pali BJTසකදාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා විරජ්ජති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විරජ්ජති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විරජ්ජති, විරාගො විරාගාරම්මණො විරාගගොචරො විරාගෙ සමුදාගතො විරාගෙ ඨිතො විරාගෙ පතිට්ඨිතො
Sinhala BJTසකෘදාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය ඖදාරික වූ කාමරාග සංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් විරක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි, බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි. විරාගය නිර්‍වාණය අරමුණු කොට ඇත්තේ යැ, නිර්‍වාණය ගොදුරු කොට ඇත්තේ ය. නිර්‍වාණාලම්බනයෙහි උපන්නේ යැ නිර්‍වාණායෙහි (ප්‍රවෘත්ති විසින්) සිටියේ යැ නිර්‍වාණයෙහි පිහිටියේ යි.
Pali BJTවිරාගොති ද්වෙ විරාගා: නිබ්බානඤ්ච විරාගො, යෙ ච නිබ්බානාරම්මණතාජාතා ධම්මා සබ්බෙ විරාගා හොන්තීති විරාගා, සහජාතානි සත්තඞ්ගානි විරාගං ගච්ඡන්තීති විරාගො මග්ගො, එතෙන මග්ගෙන බුද්ධා ච සාවකා ච අගතං දිසං නිබ්බානං ගච්ඡන්තීති අට්ඨඞ්ගිකො මග්ගො, යාවතා පුථුසමණබ්රාහ්මණානං පරප්පවාදානං මග්ගා, අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො චාති මග්ගානං අට්ඨඞ්ගිකො සෙට්ඨො.
Sinhala BJTවිරාගෝ යනු: විරාග දෙකෙකි: නිර්‍වාණය ද විරාගයෙක, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙකුත් වෙත් නම් එ හැම විරාග නම් වෙත් නු’යි විරාගහ (සම්‍යග්දෘෂ්ටි) සහජාත වු (සම්‍යක්සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාගයට යෙත් නු’යි (විරාගාලම්බන බැවින්) විරාග නමුදු, (ගමනාර්‍ත්‍ථයෙන්) මාර්‍ග නමුදු වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු හා බුද්ධශ්‍රාවකයෝ හා නො ගියවිරූ දෙස වු නිවනට යෙත් නු’යි අෂ්ටාඞ්ගිකමාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ ද මාර්‍ග කෙනෙක් වෙත් නම් (ඔවුනතුරින්) මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේනු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ග ශ්‍රේෂ්ඨ යි.
Pali BJTඅනාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි අණුසහගතා කාමාරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අණුසහගතා පටිඝානුසයා විරජ්ජති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විරජ්ජති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විරජ්ජති, විරාගො විරාගාරම්මණො -පෙ- මග්ගානං අට්ඨඞ්ගිකො සෙට්ඨො.
Sinhala BJTආනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය අණුසහගිය කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අනුසහගිය කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් විරක්ත වෙයි. තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි. බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි. විරාගය නිර්‍වාණය ආලම්බනය කොට ඇත්තේ යැ ... මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය ශ්‍රේෂ්ඨ යි.
Pali BJTඅරහත්තමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා විරජ්ජති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විරජ්ජති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විරජ්ජහි විරජ්ජති, විරාගො විරාගාරම්මණො විරාගගොචරො විරාගෙ සමුදානගතො විරාගෙ ඨිතො විරාගෙ පතිට්ඨිතො.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් විරක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විරක්ත වෙයි, බාහ්‍ය වූත් හැම නිමිත්ත කෙරෙන් විරක්ත වෙයි, විරාගය නිර්‍වාණය ආලම්බන කොට ඇත්තේ යැ නිර්‍වාණ ගෝචර කොට ඇත්තේ යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන්නේ යැ නිර්‍වාණාලම්බනයෙහි සිටියේ යැ නිර්‍වාණාලම්බනයෙහි පිහිටියේ යි.
Pali BJTවිරාගොති ද්වෙ විරාගා: නිබ්බානඤ්ච විරාගො, යෙ ච නිබ්බානාරම්මණතාජාතා ධම්මා සබ්බෙ විරාගා හොන්ති විරාගා, සහජාතානි සත්තඞ්ගානි විරාගං ගච්ඡන්තීති විරාගො මග්ගො, එතෙන මග්ගෙන බුද්ධා ච සාවකා ච අගතං දිසං නිබ්බානං ගච්ඡන්තීති අට්ඨඞ්ගිකො මග්ගො, යාවතා පුථුසමණබ්රාහ්මණානං පරප්පවාදානං මග්ගා අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අග්ගො ච සෙට්ඨො ච පාමොක්ඛො, ච උත්තමො ච පවරො චාති මග්ගානං අට්ඨඞ්ගිකො සෙට්ඨො.
Sinhala BJTවිරාගෝ යනු: විරාග දෙකෙකි: නිර්‍වාණය ද විරාග යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එහැම විරාග වෙත් නු යි විරාගහ, (සම්‍යග්දෘෂ්ටි) සහජාත වූ (සම්‍යක් සංකල්පාදි) සප්තාඞ්ගයෝ විරාගයට යෙත් නු’යි විරාග නම් මාර්‍ග නම් වෙයි. තෙල මාර්‍ගයෙන් බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද නො ගියවිරූ දෙස වූ නිර්‍වාණයට යෙත් නු’යි අෂ්ටාඞ්ගික මාර්‍ග නම් වෙයි. යම්තාක් වෙන් වෙන් මහණබමුණන්ගේ ද මෙයින් අන්‍යලබ්ධි ඇතියන්ගේ ද මාර්‍ග කෙනෙක් වෙත් නම් (ඔවුනතුරින්) මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ නු’යි මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය ශ්‍රේෂ්ඨ යි.
Pali BJTදස්සනචිරාගො සම්මාදිට්ඨි, අභිනිරොපනවිරාගො සම්මාසඞ්කප්පො පරිග්ගහවිරාගො සම්මාවාචා, සමුට්ඨානවිරාගො සම්මාකම්මන්තො, වොදානවිරාගො සම්මාආජීවො, පග්ගහවිරාගො සම්මාවායාමො, උපාට්ඨානවිරාගො සම්මාසති, අවික්ඛෙපවිරාගො සම්මාසමාධි.
Sinhala BJTදර්‍ශන සඞ්ඛ්‍යාත විරාගය සම්‍යග්දෘෂ්ටි යැ, අභිනිරෝපණ (අරමුණට සිත නැංවීම්) සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක්සංකල්ප යැ, පරිග්‍රහ (චතුර්විධ වාක්සංවර) සඞ්ඛඛාත විරාගය සම්‍යග්වචන යැ, සමුත්‍ථාන (ත්‍රිවිධ කායසංවර) සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක්කර්‍මාන්ත යැ, ව්‍යවදාන සඞ්ඛ්‍යාත විරාගය සම්‍යගාජීව යැ, ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත විරාගය සම්‍යග්ව්‍යායාම යැ උපස්ථාන (වැටහීම්) සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක් ස්මෘති යැ, අවික්‍ෂේප සඞ්ඛ්‍යාත විරාගය සම්‍යක් සමාධි යි.
Pali BJTඋපට්ඨානවිරාගො සතිසම්බොජ්ඣඞ්ගා, පවිචයවිරාගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, පග්ගහවිරාගො විරියසම්බොජ්ඣඞ්ගො, එරණවිරාගො පීතිසම්බොජ්ඣඞ්ගො, උපසමවිරාගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අවික්ඛෙපවිරාගො සමාධිසම්බොජ්ඣඞ්ගො, පටිසඞ්ඛානවිරාගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඋපස්ථාන සඞ්ඛ්‍යාත විරාගය ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ, ප්‍රවිචය (විමසීම්) සඞ්ඛ්‍යාත විරාගය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත විරාගය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, ඵරණ (අරමුණු කිරීම්) සඞ්ඛ්‍යාත විරාගය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ, ව්‍යුපශම සඞ්ඛ්‍යාත විරාගය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේප සඞ්ඛ්‍යාත විරාගය සමාධිසම්බොධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යවේක්‍ෂා සඞ්ඛ්‍යාත විරාගය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියවිරාගො සද්ධාබලං, කොසජ්ජෙ අකම්පියවිරාගො විරියබලං, පමාදෙ අකම්පියවිරාගො සතිබලං, උද්ධච්චෙ අකම්පියවිරාගො සමාධිබලං, අවිජ්ජාය අකම්පිය විරාගො පඤ්ඤාබලං.
Sinhala BJTඅශ්‍රද්ධායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය ශ්‍රද්ධාබල යැ, කෞසීද්‍යායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය ස්මෘතිබල යැ, ඖද්ධත්‍යයෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය සමාධිබල යැ, අවිද්‍යායෙහි නො සැලීම් සඞ්ඛ්‍යාත විරාගය ප්‍රඥාබල යි.
Pali BJTඅධිමොක්ඛවිරාගො සද්ධින්ද්රියං, පග්ගහවිරාගො විරියින්ද්රියං, උපට්ඨානවිරාගො සතින්ද්රියං, අවික්ඛෙපවිරාගො සමාධින්ද්රියං, දස්සනවිරාගො පඤ්ඤින්ද්රියං,
Sinhala BJTඅධිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත විරාගය ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, ප්‍රග්‍රහ සඞ්ඛ්‍යාත විරාගය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, උපස්ථාන සඞ්ඛ්‍යාත විරාගය ස්මෘතින්‍ද්‍රිය යැ, අවික්‍ෂේප සඞ්ඛ්‍යාත විරාගය සමාධීන්‍ද්‍රිය යැ, දර්‍ශන සඞ්ඛ්‍යාත විරාගය ප්‍රඥේන්‍ද්‍රිය යි.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියානි විරාගො, අකම්පියට්ඨෙන බලං විරාගො, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගා විරාගො, හෙතුට්ඨෙන මග්ගො විරාගො, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා විරාගො, පදහනට්ඨෙන සම්මප්පධානා විරාගො, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදා විරාගො,{1} තථට්ඨෙන සච්චා විරාගො, අවික්ඛෙපට්ඨෙන සමථො විරාගො, අනුපස්සනට්ඨෙන විපස්සනා විරාගො, එකරසට්ඨෙන සමථවිපස්සනා විරාගො, අනතිවත්තනට්ඨෙන යුගනද්ධං,{2} විරාගො, සංවරට්ඨෙන සීලවිසුද්ධි විරාගො අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි විරාගො, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි විරාගො, විමුත්තට්ඨෙන විමොක්ඛො විරාගො, පටිවෙධට්ඨෙන විජ්ජා විරාගො, පරිච්චාගට්ඨෙන විමුත්ති විරාගො, සමුච්ඡෙදනට්ඨෙන ඛයෙ ඤාණං විරාගො, ඡන්දො මූලට්ඨෙන විරාගො, මනසිකාරො සමුට්ඨානට්ඨෙන විරාගො, ඵස්සො සමොධානට්ඨෙන විරාගො, වෙදනා සමොසරණට්ඨෙන විරාගො, සමාධි පමුඛට්ඨෙන විරාගො, සති ආධිපතෙය්යට්ඨෙන විරාගො, පඤ්ඤා තදුත්තරට්ඨෙන{3} විරාගො, විමුත්ති සාරට්ඨෙන විරාගො, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන විරාගො.{4}
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ විරාග යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලධර්‍මය විරාග යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගයෝ විරාග යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය විරාගය යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ විරාග යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානයෝ විරාග යැ, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදයෝ විරාග යැ, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ විරාග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය විරාගය යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව විරාග යැ, නො ඉක්ම පවත්නා අර්‍ත්‍ථයෙන් යුගනන්‍ධය විරාග යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය විරාග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්ත විශුද්ධිය විරාගය යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය විරාග යැ, විමුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය විරාගය යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව විරාග යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය විරාග යැ, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය විරාග යැ, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් විරාග යැ, මනස්කාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් විරාග යැ, ස්පර්‍ශ සමවධානාර්‍ත්‍ථයෙන් විරාග යැ, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් විරාග යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් විරාග යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් විරාග යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් විරාග යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් විරාග යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් විරාග යි.
Pali BJTදස්සනමග්ගො සම්මාදිට්ඨි, අභිනිරොපනමග්ගො සම්මාසඞ්කප්පො -පෙ- අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන විරාගො. එවං විරාගො මග්ගො.
Sinhala BJTදර්‍ශන සඞ්ඛ්‍යාත මාර්‍ගය සම්‍යග්දෘෂ්ටි යැ, අභිනිරෝපණ සඞ්ඛ්‍යාත මාර්‍ගය සම්‍යක් සංකල්ප යැ, ... අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මාර්‍ග යි. මෙසෙයින් විරාගය මාර්‍ග නම් වේ.
Pali BJTකථං විමුත්ති ඵලං සොතාපත්තිඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මා දිට්ඨි මිච්ඡාදිට්ඨියා විමුත්තා හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විමුත්තා හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විමුත්තා හොති. විමුත්ති විමුත්තාරම්මණා විමුත්තිගොචරා විමුත්තියා සමුදාගතා විමුත්තියා ඨිතා විමුත්තියා පතිට්ඨිතා.
Sinhala BJTකිසෙයින් විමුක්තිය ඵල වෙයි යත්: ශ්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙන් විමුක්ත (මිදුණේ) වෙයි. තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි. බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිවන අරමුණු කොට ඇත්තී යැ, නිවන ගොදුරු කොට ඇත්තී යැ, නිවන් අරමුණෙහි උපන්නී යැ, නිවන්හි සිටියා යැ, නිවන්හි පිහිටියා වේ.
Pali BJTවිමුත්තීති ද්වෙ විමුත්තියො: නිබ්බානඤ්ච විමුත්ති, යෙ ච නිබ්බනාරම්මණාතා ජාතා ධම්මා සබ්බෙ{5} විමුත්තා හොන්තීති විමුත්තිඵලං.
Sinhala BJTවිමුත්ති යනු: විමුක්ති දෙකෙකි: නිර්‍වාණය ද විමුක්ති යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල නම් වේ.
Pali BJTඅභිනිරොපනට්ඨෙන{1} සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පො විමුත්තා හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විමුත්තා හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විමුත්තා හොති. විමුත්ති විමුත්තාරම්මණා විමුත්තිගොචරා විමුත්තියා සමුදාගතා විමුත්තියා ඨිතා විමුත්තියා පතිට්ඨිතා.
Sinhala BJTඅභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පයෙන් විමුක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි, බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිවන් අරමුණු කොට ඇත්තී යැ, නිවන් ගොදුරු කොට ඇත්තී යැ, නිවන් අරමුණුහි උපන්නී යැ, නිවන්හි සිටියා නිවන්හි පිහිටියා වේ.
Pali BJTවිමුත්තීති ද්වෙ විමුත්තියො: නිබ්බානඤ්ච විමුත්ති, යෙ ච නිබ්බනාරම්මණාතා ජාතා ධම්මා සබ්බෙ විමුත්තා හොන්තීති විමුත්ති ඵලං.
Sinhala BJTවිමුත්ති යනු විමුක්ති දෙකෙක: නිර්‍වාණය ද විමුක්ති නම, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙකුන් වෙත් නම් ඒ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල නම් වේ.
Pali BJTපරිග්ගහට්ඨෙන සම්මාවාචා විච්ඡාවාචාය විමුත්තා හොති -පෙ- සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මිච්ඡාකම්මන්තා විමුත්තො හොති -පෙ- වොදානට්ඨෙන සම්මාආජීවො මිච්ඡාආජීවා විමුත්තො හොති -පෙ- පග්ගහට්ඨෙන සම්මාවායාමො මිච්ඡාවායාමා විමුත්තො හොති -පෙ- උපට්ඨානට්ඨෙන සම්මාසති මිච්ඡාසතියා විමුත්තා හොති -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිච්ඡාසමාධිතො විමුත්තො හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විමුත්තො හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විමුත්තො හොති. විමුත්ති විමුත්තාරම්මණා විමුත්තිගොචරා විමුත්තියා සමුදාගතා විමුත්තියා ඨිතා විමුත්තියා පතිට්ඨිතා.
Sinhala BJTපරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචනය මිථ්‍යාවචනයෙන් මිදුණේ වෙයි ... සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්තය මිථ්‍යාකර්‍මාන්තයෙන් මිදුණේ වෙයි. ව්‍යවදානාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීවය මිථ්‍යාආජීවයෙන් මිදුණේ වෙයි. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයෙන් මිදුණේ වෙයි. උපස්ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතියෙන් මිදුණා වෙයි. අවික්‍ෂේපපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධියෙන් මිදුණේ වෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද මිදුණේ වෙයි, බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් මිදුණේ වෙයි, විමුක්තිය නිවන් අරමුණු කොට ඇත්තී යැ, නිවන් ගොදුරු කොට ඇත්තී යැ නිවන් අරමුණුහු උපන්නී යැ, විමුක්තියෙහි සිටියා විමුක්තියෙහි පිහිටියා වේ.
Pali BJTවිමුත්තීති ද්වෙ විමුත්තියො: නිබ්බානඤ්ච විමුත්ති, යෙ ච නිබ්බනාරම්මණතා ජාතා ධම්මා සබ්බෙ විමුත්තා හොන්තීති විමුත්තිඵලං.
Sinhala BJTවිමුත්ති යනු විමුක්ති දෙකෙක: නිවන ද විමුක්ති නම්, නිවන් අරමුණුහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල නම් වේ.
Pali BJTසකදාගාමිඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි ඔළාරිකා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා විමුත්තො හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විමුත්තා හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විමුත්තො හොති, විමුත්ති විමුත්තාරම්මණා විමුත්ති ගොචරා විමුත්තියා සමුදාගතා විමුත්තියා ඨිතා විමුත්තියා පතිට්ඨිතා.
Sinhala BJTසකෘදාගාමිඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටි අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක් සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් ඖදාරික වූ කාමරාගානුශයෙන් ප්‍ර‍්‍රතිඝානුශයෙන් විමුක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි. බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිවන් අරමුණු කොට ඇත්තී යැ, නිවන් ගොදුරු කොට ඇත්තී යැ, නිවන් අරමුණුහි උපන්නී යැ, නිවන්හි සිටියා නිවන්හි පිහිටියා යි.
Pali BJTවිමුත්තීති ද්වෙ විමුත්තියො: නිබ්බානඤ්ච විමුත්ති, යෙ ච නිබ්බනාරම්මණතා ජාතා ධම්මා සබ්බෙ විමුත්තා හොන්තීති විමුත්ති ඵලං.
Sinhala BJTවිමුත්තී යනු: විමුක්ති දෙකෙකි නිර්‍වාණය ද විමුක්ති යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙක් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල යි.
Pali BJTඅනාගාමිඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි අණුසහගතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා විමුත්තො හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විමුත්තා හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විමුත්තො හොති, විමුත්ති විමුත්තාරම්මණා විමුත්තිගොචරා විමුත්තියා සමුදාගතා විමුත්තියා ඨිතා විමුත්තියා පතිට්ඨිතා.
Sinhala BJTඅනාගාමිඵලණක්‍ෂයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය .. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධිය අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත වූ කාමරාගාශනුයෙන් ප්‍රතිඝානුශයෙන් විමුක්ත වෙයි, තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි. බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිර්‍වාණය ආලම්බන කොට ඇත්තී යැ, නිර්‍වාණය ගෝචර කොට ඇත්තී යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන්නී යැ, නිවන්හි සිටියා නිවන්හි පිහිටියා වේ.
Pali BJTවිමුත්තීති ද්වෙ විමුත්තියො: -පෙ- විමුත්ති ඵලං.
Sinhala BJTවිමුත්ති යනු විමුක්ති දෙකෙකි විමුක්තිඵල යි.
Pali BJTඅරහත්තඵලක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා විමුත්තො හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච විමුත්තා හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි විමුත්තො හොති, විමුත්ති විමුත්තාරම්මණා විමුත්තිගොචරා විමුත්තියා සමුදාගතා විමුත්තියා පතිට්ඨිතා,
Sinhala BJTඅර්‍හත්ඵලක්‍ෂණයෙහි දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක් සමාධිය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් විමුක්ත වෙයි. තදනුවර්‍තකක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද විමුක්ත වෙයි, බාහ්‍ය වූ ත් හැම නිමිත්ත කෙරෙන් විමුක්ත වෙයි. විමුක්තිය නිර්‍වාණය ආලම්බන කොට ඇත්තී යැ, නිර්‍වාණය ගෝචර කොට ඇත්තී යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන්නී යැ, නිර්‍වාණාලම්බනයෙහි සිටියා නිර්‍වාණාලම්බනයෙහි පිහිටියා වේ.
Pali BJTවිමුත්තීති ද්වෙ විමුත්තියො: නිබ්බානඤ්ච විමුත්ති, යෙ ච නිබ්බනාරම්මණතා ජාතා ධම්මා සබ්බෙ විමුත්තා හොන්තීති විමුත්ති ඵලං.
Sinhala BJTවිමුත්ති යනු විමුක්ති දෙකෙකි: නිර්‍වාණය ද විමුක්ති යැ, නිර්‍වාණාලම්බනයෙහි උපන් යම් (ස්පර්‍ශාදි) ධර්‍ම කෙනෙකුත් වෙත් නම් එ හැම විමුක්ත වෙත් නු’යි විමුක්තිඵල යැ.
Pali BJTදස්සනවිමුත්ති සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපවිමුත්ති සම්මාසමාධි උපට්ඨානවිමුත්ති සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- පටිසඞ්ඛානවිමුත්ති උපෙක්ඛො සම්බොජ්ඣඞ්ගො, අස්සද්ධියෙ අකම්පිය විමුත්ති සද්ධාබලං -පෙ- අවිජ්ජාය අකම්පිය විමුත්ති පඤ්ඤාබලං, අධිමොක්ඛවිමුත්ති සද්ධින්ද්රියං -පෙ- දස්සනවිමුත්ති පඤ්ඤින්ද්රියං.
Sinhala BJTදර්‍ශන සඞ්ඛ්‍යාත විමුක්තිය සම්‍යග්දෘෂ්ටි යැ ... අවික්‍ෂේපවිමුක්තිය සම්‍යක් සමාධි යැ. උපස්ථානවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... පටිසඞ්ඛාන විමුත්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ අශ්‍රද්ධායෙහි නො සැලෙන විමුක්තිය ශ්‍රද්ධාබල යැ ... අවිද්‍යායෙහි නො සැලෙන විමුක්තිය ප්‍රඥාබල යැ. අධිමෝක්‍ෂවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ ... දර්‍ශනවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රිය යි.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියානි විමුත්ති, අකම්පියට්ඨෙන බලා විමුත්ති, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගා විමුත්ති, හෙතුට්ඨෙන මග්ගො විමුත්ති, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානා විමුත්ති පදහනට්ඨෙන සම්මප්පධානා විමුත්ති, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදා විමුත්ති, තථට්ඨෙන සච්චා විමුත්ති, අවික්ඛෙපට්ඨෙන සමථො විමුත්ති, අනුපස්සනට්ඨෙන විපස්සනා විමුත්ති, එකරසට්ඨෙන සමථවිපස්සනා විමුත්ති, අනතිවත්තනට්ඨෙන යුගනද්ධං, විමුත්ති, සංවරට්ඨෙන සීලවිසුද්ධි විමුත්ති, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි විමුත්ති, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි විමුත්ති, විමුත්තට්ඨෙන විමොක්ඛො විමුත්ති, පටිවෙධට්ඨෙන විජ්ජා විමුත්ති, පරිච්චාගට්ඨෙන විමුත්ති විමුත්ති, පටිප්පස්සද්ධියට්ඨෙන අනුප්පාදෙ ඤාණං විමුත්ති, ඡන්දො මූලට්ඨෙන විමුත්ති, මනසිකාරො සමුට්ඨානට්ඨෙන විමුත්ති, ඵස්සො සමොධානට්ඨෙන විමුත්ති, වෙදනා සමොසරණට්ඨෙන විමුත්ති, සමාධි පමුඛට්ඨෙන විමුත්ති, සති ආධිපතෙය්යට්ඨෙන විමුත්ති, පඤ්ඤා තදුත්තරට්ඨෙන විමුත්ති, විමුත්ති සාරට්ඨෙන විමුත්ති, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන විමුත්ති, එවං විමුත්ති ඵලං.
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ විමුක්ති යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලධර්‍මයෝ විමුක්ති යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගයෝ විමුක්ති යැ හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගය විමුක්ති යැ, වටහන අර්‍ත්‍ථයෙන් සතිපට්ඨානයෝ විමුක්ති යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රදහනයෝ විමුක්ති යැ, සමෘද්ධ වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාදයෝ විමුක්ති යැ, යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ විමුක්ති යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය විමුක්ති යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව විමුක්ති යැ, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන් ශමථ-විදර්‍ශනා විමුක්ති යැ, (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් යුගනද්ධය විමුක්ති යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය විමුක්ති යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය විමුක්ති යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය විමුක්ති යැ, විමුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය විමුක්ති යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව විමුක්ති යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය විමුක්ති යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාදඥානය විමුක්ති යැ, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, මනස්කාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් විමුක්ති යැ, මෙසෙයින් විමුක්තිය ඵල වේ.
Pali BJTඑවං විරාගො මග්ගො, විමුත්ති ඵලන්ති.
Sinhala BJTමෙසෙයින් විරාගය මාර්‍ග වෙයි, විමුක්තිය ඵල වේ යයි.
Pali BJTවිරාගකථා සමත්තා
Sinhala BJTවිරාගකථා නිමි.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJTපටිසම්භිදා කථා
Sinhala BJTප්‍රතිසංවිත් කථා
Pali BJTඑවං මෙ සුතං, එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ තත්ර ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛු ආමන්තෙසි:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන්හි මිගදාය නම් වූ අරම්හි වාසය කරණ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පස්වගමහණුන් ඇමතූ සේක:
Pali BJT“ද්වෙමෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා: කතමෙ ද්වෙ යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො යො වා’යං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ තෙ{1} භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මේ අන්තයෝ දෙදෙනෙක් පැවිද්දහු විසින් නො සෙවිය යුත්තාහ. කවර දෙදෙනෙක යත්: යම් හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් ආචීර්‍ණ වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ වස්තුකාමයෙහි ක්ලේශකාමසුඛයාගේ අනුයෝගයෙකුත් වේ ද, යම් දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථසංහිත වූ ආත්මක්ලමථයාගේ අනුයෝගයෙකුත් වේ ද මොහු දෙදෙන වෙත්. මහණෙනි, තෙල අන්තද්වයට නො පැමිණ තථාගත විසින් ප්‍රතිවේධ කරන ලද පැනඇස් ඇති කරන්නී වූ නුවණ ඇති කරන්නී වූ මධ්‍යමප්‍රතිපදාව කෙලෙසුන් සන්හිඳීම් පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවති.
Pali BJTකතමා ච සා භික්ඛවෙ මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි, අයං ඛො සා භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, තථාගතයන් විසින් ප්‍රතිවේධ කරනලද, පැනැස උපදවන නුවණ උපදවන ඒ කවර මධ්‍යමප්‍රතිපදාවක් කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිමාර්‍ග යැ, හෙ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ, සම්‍යක් සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යක් ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යැ යි. මහණෙනි, තථාගතයන් විසින් ප්‍රතිවේධ කරනලද පැනැස උපදවන නුවණ උපදවන මේ ඒ මධ්‍යමප්‍රතිපදාව කෙලෙසුන් සන්හිඳීම පිණිස චතුස්සත්‍යයාගේ අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
Pali BJTඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්යාධිපි දුක්ඛො මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා
Sinhala BJTමහණෙනි, මේ වනාහි දුඃඛ නම් ආර්‍ය සත්‍යය වෙයි, ජාතිය ද දුක් යැ ජරාව ද දුක් යැ ව්‍යාධිය ද දුක් යැ මරණය ද දුක් යැ අප්‍රියයන් හා සමග එක්වීම ද දුක් යැ ප්‍රියයන් කෙරෙන් වෙන්වීම ද දුක් යැ ඉස්නේ යමක් නො ලබා නම් එ ද දුක් යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ යි.
Pali BJTඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛසමුදයො{1} අරියසච්චං යා’යං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.
Sinhala BJTමහණෙනි, මේ වනාහි දුඃඛසමුදය නම් වු ආර්‍ය්‍යසත්‍යය වෙයි: යම් තෘෂ්ණාවක් පුනර්‍භවය කරනසුලු ද නන්‍දිරාගය හා සමග ඒකත්‍වයට ගියා ද ඒ ඒ භවයෙහි සතුටුවනසුලු ද හෝ තෘෂ්ණා යැ. හේ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි.
Pali BJTඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛනිරොධො{2} අරියසච්චං: යො තස්සා යෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගා මුත්ති අනාලයො.
Sinhala BJTමහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධ නම් වු ආර්‍ය්‍යසත්‍යය වෙයි: ඒ මැ තෘෂ්ණායෙහි යම් අශේෂවිරාග සඞ්ඛ්‍යාත නිරෝධයෙක් ත්‍යාගයෙක් හැරපීමෙක් මුක්තියක් ආලය රහිත බවෙක් වේ ද හේ යැ.
Pali BJTඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, මේ වනාහි දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍යය වෙයි: මෙ මැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, හෙ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක් සමාධි යැ යි.
Pali BJTඉදං දුක්ඛං අරියසච්ච’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී, ‘තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ, -පෙ- පරිඤ්ඤාත’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී,
Sinhala BJTමහණෙනි, ‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ වූ යැ ආලෝකය පහළ විය. තවද මහණෙනි, ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය (සාමාන්‍යලක්‍ෂණාවබෝධ විසින්) පිරිසිඳ දතයුතු යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘පරිඥාත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
Pali BJT‘ඉදං දුක්ඛසමුදයො{1} අරියසච්ච’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී, තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බ’න්ති මෙ භික්ඛවෙ, -පෙ- පහීන’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී,
Sinhala BJTමහණෙනි, ‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’යි මට ... මහණෙනි, ම විසින් ‘ප්‍රහීණ යැ’යි පෙර නො ඇසූ විරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT‘ඉදං දුක්ඛනිරොධො{2} අරියසච්ච’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී, ‘තං ඛො පනිදං දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බං’න්ති මෙ භික්ඛවෙ -පෙ- ‘සච්ඡිකත’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී.
Sinhala BJTමහණෙනි, ‘මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ‘ඒ මේ දුඃඛනිරෝධය නම් වු ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’යි මට ... මහණෙනි, මා විසින් ‘සාක්‍ෂාත්කෘත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, මාර්‍ගවිද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT‘ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්ච’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී, ‘තං ඛො පනිදං දුක්ඛං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවෙතබ්බ’න්ති මෙ භික්ඛවෙ -පෙ-‘භාවිත’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී,
Sinhala BJTමහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි මට පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. තවද මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් නම් වූ ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැ’යි මට ... මහණෙනි, ම විසින් භාවිත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJTයාවකීවඤ්ච මෙ භික්ඛවෙ, ඉමෙසු චතුසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං නං සුවිසුද්ධං අහොසි. නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. යතො ච ඛො මෙ භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදී: ‘අකුප්පා මෙ විමුත්ති,{1} අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො’ති.
Sinhala BJTමහණෙනි, යම්තාක් මට මේ සතර ආර්‍ය්‍යසත්‍යයන්හි මෙසේ තුන් පරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශනය ඇති සැටියෙන් සුවිශුද්ධ නො වී ද, මහණෙනි, ඒ තාක් මට මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි ‘අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමී’ නො මැ පිළින කෙළෙමි. මහණෙනි, වැළිත් යම් කලෙක මට මේ සතර ආර්‍ය්‍යසත්‍යයන්හි මෙසේ තුන් පරිවෘත්තයක් ඇති දොළොස් ආකාරයක් ඇති ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශනය ඇති සැටියෙන් සුවිශුද්ධ වී ද, මහණෙනි, එකල්හි මම මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝකයෙහි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි ‘අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමී’ පිළින කෙළෙමි. මට ඥාන සඞ්ඛ්‍යාත දර්‍ශන පහළ විය. මාගේ විමුක්තිය අකෝප්‍ය වෙයි. මේ පශ්චිම ස්කන්‍ධප්‍රවෘත්තිය යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’යි.
Pali BJTඉදමවොච භගවා, අත්තමනා පඤ්චවග්ගියා භික්ඛු භගවතො භාසිතං අභිනන්දු’න්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ, සතුටුසිත් ඇති පස්වගමහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහ.
Pali BJTඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී: ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති.
Sinhala BJTමේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි ආයුෂ්මත් කෞණ්ඩින්‍ය ස්ථවිරයන්ට පහවූ රාගාදිරජස් ඇති පහවූ රාගාදිමල ඇති ප්‍රථමමාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ධර්‍මචක්‍ෂුස පහළ විය: ‘යම්කිසි සමුදයස්වභාව ඇති ධර්‍මයක් වේ නම් එ හැම නිරෝධ ස්වභාව ඇත්තේ යැ’යි.
Pali BJTපවත්තිතෙ ච පන භගවතා ධම්මචක්කෙ භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං: එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පතිවත්තියං{2} සමණෙන ව බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මි’න්ති. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා{3} ද්වො සද්දමනුස්සාවෙසුං: -පෙ- චාතුම්මහාරාජිකානං දෙවානං සද්දං සුත්වා තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම්මානරතී දෙවා -පෙ- පරනිම්මිතවසවත්ති දෙවා -පෙ- බ්රහ්මකායිකා දෙවා සද්දමනුස්සාවෙසුං: ‘එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන ව බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මි’න්ති.
Sinhala BJTතවද භාග්‍යවතුන් විසින් දම්සක් පැවැත්වූ කල්හි ‘තෙල භාග්‍යවතුන් විසින් බරණැස ඉසිපතන්හි මිගදාය නම් අරම්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ පිළිලොම් වැ නො පැවැත්විය හැකි අනුත්තර වූ දම්සක් පවත්වනලදැ’යි බූමාටු දෙවියෝ සාධුකාර දී හඬ ඇස්වූහ. බූමාටුදෙවියන්ගේ හඬ අසා සිව්මහරදවැසි දෙවියෝ හඬ ඇස්වූහ ... සිව්මහරද වැසි දෙවියන්ගේ හඬ අසා තව්තිසාවැසි දෙවියෝ ... යාමදෙවියෝ ... තුසිතදෙවියෝ ... නිර්ම්මාණරතීදෙවියෝ ... පරනිර්මිතවශවර්තිදෙවියෝ ... බ්‍රහ්මකායික දෙවියෝ ‘තෙල භාග්‍යවතුන් විසින් බරණැස ඉසිපතන්හි මිගදාය නම් අරම්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ පිළිලොම් වැ නො පැවැත්වියහැකි අනුත්තර වූ දම්සක් පවත්වනලදැ’යි සාධුකාර දී හඬ ඇස්වූහ.
Pali BJTඉතිහ තෙන ඛණෙන{*} තෙන මුහුත්තෙන යාව බ්රහ්මලොකා සද්දො අබ්භුග්ගඤ්ඡි,{4} අයඤ්ච දසසහස්සීලොකධාතු සංකම්පි සම්පකම්පි සම්පවෙධි, අප්පමාණො ච උළාරෙ. ඔභාසො ලොකෙ පාතුරහොසි අතිකම්ම{5} දෙවානං දෙවානුභාවන්ති.
Sinhala BJTමෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් සාධුකාරශබ්දය උස් වැ ගියේ යැ. මේ දශසහස්‍රලෝකධාතුව ද මොනොවට කම්පිත විය මොනොවට ප්‍රකම්පිත විය මොනොවට වෙවුළී යැ, දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම අප්‍රමාණ වූ මහත් වූ අවභාසයෙක් ද ලෝකයෙහි ප්‍රාදුර්භූත වී.
Pali BJTඅථ ඛො භගවා ඉමං උදානං උදානෙසි: ‘අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤා’ති. ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤො’ ත්වෙව{1} නාමං අහොසි.{a}
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භවත් කෞණ්ඩින්‍ය ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ යැ. භවත් කෞණ්ඩින්‍ය ඒකාන්තයෙන් චතුස්සත්‍යය දත්තේ යැ’යි මේ උදානය පැවැත් වූ සේක. මෙ අයුරින් ආයුෂ්මත් කෞණ්ඩින්‍යස්ථවිරයන්ට ‘අඤ්ඤාකොණ්ඩඤ්ඤ යැ’යි නම් වී’.
Pali BJT‘ඉදං දුක්ඛං අරියසච්ච’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, අලොකො උදපාදී.
Sinhala BJT‘මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය නුවණ පහළ විය ප්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට්ඨෙන, ‘පඤ්ඤා උදපාදී’ති කෙනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති කෙනට්ඨෙන, ‘අලොකො උදපාදී’ති කෙනට්ඨෙන, ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට්ඨෙන, ‘පඤ්ඤා උදපාදී’ති පජානනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති පටිවෙධට්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, ඤාණං ධම්මො, පඤ්ඤා ධම්මො, විජ්ජා ධම්මො, ආලොකො ධම්මො, ඉමෙ පඤ්ච ධම්මා ධම්මපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්ස ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්ස ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා’.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, ඥානය ධර්‍ම යැ, ප්‍රඥාව ධර්‍ම යැ, විද්‍යාව ධර්‍ම යැ, ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.
Pali BJTදස්සනට්ඨෙන අත්ථො, ඤාතට්ඨො අත්ථො, පජානනට්ඨො අත්ථො, පටිවෙධට්ඨො අත්ථො, ඔභාසට්ඨො අත්ථො. ඉමෙ පඤ්ච අත්ථා අත්ථපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්ස ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘අත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදා’.
Sinhala BJTදර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථය යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඇයට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඇයට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
Pali BJTපඤ්ච ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා, පඤ්ච අත්ථෙ සන්දස්සෙතුං බ්යඤ්ජිනනිරුත්තාභිලාපා. ඉමා දස නිරුත්තියො නිරුත්තිපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’
Sinhala BJTපඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තීප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති, යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ති කෙනෙක් ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තීප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
Pali BJTපඤ්චසු ධම්මෙසු ඤාණානි, පඤ්චසු අත්ථෙසු ඤාණානි, දස්සු නිරුත්තීසු ඤාණානි ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’
Sinhala BJTපඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ දශනිරුක්තීන්හී ඥානයෝ යැ. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
Pali BJT‘තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්ය’න්ති -පෙ- ‘පරිඤ්ඤාත’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී, ඤාණං උදපාදී පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලොකො උදපාදී,
Sinhala BJTතවද, ඒ මේ දුඃඛ නම් වූ ආර්‍ය්‍යසත්‍යය පිරිසිදු දතයුතු යැ’යි ... ‘පිරිසිඳ දන්නාලදැ’යි යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට්ඨෙන, ‘පඤ්ඤාය උදපාදී’ති කෙනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති කෙනට්ඨෙන, ‘ආලොකො උදපාදී’ති කෙනට්ඨෙන: ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට්ඨෙන, ‘පඤ්ඤා උදපාදී’ති පජානනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති පටිවෙධට්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, ඤාණං ධම්මො, පඤ්ඤා ධම්මො, විජ්ජා ධම්මො, ආලොකො ධම්මො, ඉමෙ පඤ්ච ධම්මා ධම්මපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්ස ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්ස ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා’.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ, ඥානය ධර්‍ම යැ, ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ, ආලෝකය ධර්‍ම යැ, මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් ධර්‍ම කෙනෙක්, ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං, ධම්මපටිසම්භිදා’යි.
Pali BJTදස්සනට්ඨො අත්ථො, ඤාතට්ඨො අත්ථො, පජානනට්ඨො අත්ථො, පටිවෙධට්ඨො අත්ථො, ඔභාසට්ඨො අත්ථො. ඉමෙ පඤ්ච අත්ථා අත්ථපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්ස ආරම්මණා, තෙ තස්ස ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘අත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදා.’
Sinhala BJTදර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, මේ පඤ්චඅර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
Pali BJTපඤ්ච ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා, පඤ්ච අත්ථෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා. ඉමා දස නිරුත්තියො නිරුත්තිපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්ස ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා.’
Sinhala BJTපඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්චඅර්‍ත්‍ථයන් දක්වන්නට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ති අභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
Pali BJTපඤ්චසු ධම්මෙසු ඤාණානි, පඤ්චසු අත්ථෙසු ඤාණානි, දස්සු නිරුත්තිසු ඤාණානි ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්ස ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා.’
Sinhala BJTපඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ. දශනිරුක්තීන්හි ඥානයෝ යැ මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
Pali BJTදුක්ඛෙ අරියසච්චෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJTදුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJT‘ඉදං දුක්ඛසමුදයො අරියසච්ච’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බ’න්ති -පෙ- ‘පහීන’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චුක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- දුක්ඛසමුදයෙ අරියසච්චෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJT‘මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛසමුදය නම් වූ ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’යි ... ප්‍රහීණ යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJT‘ඉදං දුක්ඛනිරොධො අරියසච්ච’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘තං ඛො පනිදං දුක්ඛනිරොධො අරිසච්චං සච්ඡිකාතබ්බ’න්ති -පෙ- සච්ඡිකත’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, -පෙ- දුක්ඛනිරොධෙ අරියසච්චෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJT‘මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය. ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’යි ... සාක්‍ෂාත්කෘත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛනිරෝධ නම් වූ ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක. අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJT‘ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්ච’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරිසච්චං භාවෙතබ්බ’න්ති -පෙ- ‘භාවිත’න්ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි, -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJT‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍ය යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැයි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා නම් වූ ආර්‍ය්‍යසත්‍යයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJTචතූසු අරියසච්චෙසු සට්ඨි ධම්මා, සට්ඨි අත්ථා, වීසංසතං{1} නිරුත්තියො, චත්තාරීසඤ්ච{2} ද්වෙ ච ඤාණසතානි.
Sinhala BJTසතර ආර්‍ය්‍යසත්‍යයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සිය විස්සෙක, ඥාන දෙසියසතලිසෙකි.
Pali BJT“අයං කායෙ කායානුපස්සනා’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘සා ඛො පනායං කායෙ කායානුපස්සනා භාවෙතබ්බා’ති මෙ භික්ඛවෙ, -පෙ- භාවිතා’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මට ‘මේ කයෙහි කායානුපස්සනා භාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය. ආලෝකය පහළ විය. තවද මහණෙනි, මට ‘ඒ මේ කයෙහි කායානුපස්සානාභාවනාව භාවිතවය්‍ය යැ’යි ... මහණෙනි, මා විසින් භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT“අයං වෙදනාසු -පෙ- අයං චිත්තෙ -පෙ- අයං ධම්මෙසු ධම්මානුපස්සනා’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මොසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සා ඛො පනායං ධම්මෙසු ධම්මානුපස්සනා ‘භාවෙතබ්බා’ති -පෙ- භාවිත’න්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි”{a}
Sinhala BJTමහණෙනි, මට ‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි ... මහණෙනි, මට ‘මේ ධර්‍මයන්හි ධම්මානුපස්සනා භාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ ධර්‍මයන්හි ධම්මානුපස්සනා භාවනාව භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘අයං කායෙ කායානුපස්සනා’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- සා ඛො පනායං කායෙ කායානුපස්සනා ‘භාවෙතබ්බා’ති -පෙ- ‘භාවිතා’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJTමේ කයෙහි කායානුපස්සනාභාවනා යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ කයෙහි කායානුපස්සනාභාවනාව භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි පැනැස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට්ඨෙන, ‘පඤ්ඤාය උදපාදී’ති කෙනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති කෙනට්ඨෙන, ‘අලොකො උදපාදී’ති කෙනට්ඨෙන, ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට්ඨෙන, ‘පඤ්ඤා උදපාදී’ති පජානනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති පටිවෙධට්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJTචක්ඛුං ධම්මො, ඤාණං ධම්මො, පඤ්ඤා ධම්මො, විජ්ජා ධම්මො, ආලොකො ධම්මො, ඉමෙ පඤ්ච ධම්මා ධම්මපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ ඥානය ධර්‍ම යැ ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු, ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.
Pali BJTදස්සනට්ඨෙන අත්ථො, ඤාතට්ඨො අත්ථො, පජානනට්ඨො අත්ථො, පටිවෙධට්ඨො අත්ථො, ඔභාසට්ඨො අත්ථො. ඉමෙ පඤ්ච අත්ථා අත්ථපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘අත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදා.’
Sinhala BJTදර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ඥාතාර්‍ත්‍ථ යැ අර්‍ත්‍ථ යැ ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ පඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
Pali BJTපඤ්ච ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා, පඤ්ච අත්ථෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා. ඉමා දස නිරුත්තියො නිරුත්තිපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා.’
Sinhala BJTපඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වනුවට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනුවට ව්‍යඤ්ජනනිරුක්ත්‍යභිලාපයෝ වෙති. මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘නිරුත්තිසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
Pali BJTපඤ්චසු ධම්මෙසු ඤාණානි, පඤ්චසු අත්ථෙසු ඤාණානි, දසසු නිරුත්තීසු ඤාණානි, ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා.’
Sinhala BJTපඤ්චධර්‍මයන්හි ඥානයෝ යැ පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ යැ දශනිරුක්තින්හි ඥානයෝ යැ. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභාන ප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති, යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙති, එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’යි.
Pali BJTකායෙ කායානුපස්සනාසතිපට්ඨානෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJTකයෙහි කායානුපස්සනාසතිපට්ඨානභාවනායෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුත්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJT‘අයං වෙදනාසු -පෙ- අයං චිත්තෙ -පෙ- ‘අයං ධම්මෙසු ධම්මානුපස්සනා’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී -පෙ- ආලොකො උදපාදී -පෙ- සා ඛො පනායං ධම්මෙසු ධම්මානුපස්සනා භාවෙතබ්බා,ති -පෙ- ‘භාවිතා’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- අලොකො උදපාදී -පෙ- ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJT‘මේ වේදනාවන්හි ... මේ චිත්තයෙහි ... මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශන යැ’යි පෙර නො ඇසුවිරූ ධර්‍මයන්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... තවද ඒ මේ ධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනය භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ධර්‍මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJTචතූසු සතිපට්ඨානෙසු සට්ඨි ධම්මා, සට්ඨි අත්ථා, වීසංසතං{1} නිරුත්තියො, චත්තාරීසඤ්ච{2} ද්වෙ ච ඤාණාසතානි.
Sinhala BJTසතර සතිපට්ඨානයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සියවිස්සෙක, ඥාන දෙසිය සාලිසෙකි.
Pali BJT‘අයං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො ‘භාවෙතබ්බො’ති මෙ භික්ඛවෙ, -පෙ- ‘භාවිතො’ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ කර්තුකම්‍යතා කුශලච්ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය, ‘තවද ඒ මේ ඡන්‍ද සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි මහණෙනි, මට ... භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘අයං විරියසමාධි -පෙ- අයං චිත්තසමාධි -පෙ- අයං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. ‘සො ඛො පනායං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති මෙ භික්ඛවෙ, ‘භාවිතො’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදී -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් මේ චිත්තාධිපතිසමාධියෙන් ... මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍධිපාද ය’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. ‘තවද ඒ මේ විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි මහණෙනි, මට ‘භාවිත යැ’යි මහණෙනි, මට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය.
Pali BJT‘අයං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- සො ඛො පනායං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො ‘භාවෙතබ්බො’ති -පෙ- ‘භාවිතො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJT“මේ ඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත ඍද්ධිපාද යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ‘තවද ඒ මේ ඡන්‍දාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි ... ‘භාවිත යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
Pali BJT‘චක්ඛුං උදපාදී’ති කෙනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති කෙනට්ඨෙන, ‘පඤ්ඤාය උදපාදී’ති කෙනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති කෙනට්ඨෙන, ‘අලොකො උදපාදී’ති කෙනට්ඨෙන, ‘චක්ඛුං උදපාදී’ති දස්සනට්ඨෙන, ‘ඤාණං උදපාදී’ති ඤාතට්ඨෙන, ‘පඤ්ඤා උදපාදී’ති පජානනට්ඨෙන, ‘විජ්ජා උදපාදී’ති පටිවෙධට්ඨෙන, ‘ආලොකො උදපාදී’ති ඔභාසට්ඨෙන.
Sinhala BJT‘චක්ඛුං උදාපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’යනු කවර අර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු කවර අර්‍ත්‍ථයෙන යත්: ‘චක්ඛුං උදපාදි’ යනු දර්‍ශනාර්‍ත්‍ථයෙන, ‘ඤාණං උදපාදි’ යනු ඥාතාර්‍ත්‍ථයෙන, ‘පඤ්ඤා උදපාදි’ යනු ප්‍රජානනාර්‍ත්‍ථයෙන, ‘විජ්ජා උදපාදි’යනු ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, ‘ආලෝකො උදපාදි’ යනු අවභාසාර්‍ත්‍ථයෙනි.
Pali BJT‘චක්ඛුං ධම්මො, ඤාණං ධම්මො, පඤ්ඤා ධම්මො, විජ්ජා ධම්මො, ආලොකො ධම්මො. ඉමෙ පඤ්ච ධම්මා ධම්මපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා’.
Sinhala BJTචක්‍ෂුස ධර්‍ම යැ ඥානය ධර්‍ම යැ ප්‍රඥාව ධර්‍ම යැ විද්‍යාව ධර්‍ම යැ ආලෝකය ධර්‍ම යි. මේ පඤ්චධර්‍මයෝ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ධර්‍ම කෙනෙක් ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ධර්‍මප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්, එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ඤාණං ධම්මපටිසම්භිදා’යි.
Pali BJTදස්සනට්ඨො අත්ථො, ඤාතට්ඨො අත්ථො, පජානනට්ඨො අත්ථො, පටිවෙධට්ඨො අත්ථො, ඔභාසට්ඨො අත්ථො. ඉමෙ පඤ්ච අත්ථා අත්ථපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘අත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදා.
Sinhala BJTදර්‍ශනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ඥාතාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යැ, අවභාසාර්‍ත්‍ථය අර්‍ත්‍ථ යි. මේ ප්‍රඤ්ච අර්‍ත්‍ථයෝ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් අර්‍ත්‍ථ කෙනෙක් ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනුලැබෙයි: ‘අත්‍ථේසු ඤාණං අත්‍ථපටිසම්භිදා’යි.
Pali BJTපඤ්ච ධම්මෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරාත්තාභිලාපා, පඤ්ච අත්ථෙ සන්දස්සෙතුං බ්යඤ්ජනනිරුත්තාභිලාපා. ඉමා දස නිරුත්තියො නිරුත්තිපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච. යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා.’
Sinhala BJTපඤ්චධර්‍මයන් (මෙරමාහට) දක්වනුවට ව්‍යඤ්ජන නිරුක්ත්‍යභිලාපයෝ වෙති, පඤ්ච අර්‍ත්‍ථයන් දක්වනුවට ව්‍යඤ්ජන නිරුක්ත්‍යභිලාපයෝ වෙති, මේ දශනිරුක්තීහු නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් නිරුක්ත්‍යභිලාප කෙනෙක් ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ නිරුක්තිප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනුලැබෙයි: ‘නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා’යි.
Pali BJTපඤ්චසු ධම්මෙසු ඤාණානි, පඤ්චසු අත්ථෙසු ඤාණානි, දසසු නිරුත්තිසු ඤාණානි, ඉමානි වීසති ඤාණානි පටිභානපටිසම්භිදාය ආරම්මණා චෙව හොන්ති ගොචරා ච, යෙ තස්සා ආරම්මණා, තෙ තස්සා ගොචරා. යෙ තස්සා ගොචරා, තෙ තස්සා ආරම්මණා. තෙන වුච්චති: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා.’
Sinhala BJTපඤ්චධර්‍මයන්හි ඥානයෝ වෙති, පඤ්චඅර්‍ත්‍ථයන්හි ඥානයෝ වෙති, දශනිරුක්තීන්හි ඥානයෝ වෙත්. මේ විංශද්ඥානයෝ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන ද ගෝචර ද වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙති. යම් ඥාන කෙනෙක් ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ගෝචර වෙත් ද ඔහු ඒ ප්‍රතිභානප්‍රතිසංවිදාවට ආලම්බන වෙත්. එයින් කියනු ලැබෙයි: ‘පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා’ යි.
Pali BJTඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතෙ ඉද්ධිපාදෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුපත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJTඡන්‍දාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJT‘අයං විරියසමාධි -පෙ- අයං චිත්තසමාධි -පෙ- ‘අයං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි -පෙ- ‘සො ඛො පනායං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බා’ති -පෙ- ‘භාවිතො’ති පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදෙ පන්නරස ධම්මා, පන්නරස අත්ථා, තිංස නිරුත්තියො, සට්ඨි ඤාණානි.
Sinhala BJT‘මේ වීර්‍ය්‍යාධිපතිසමාධියෙන් ... මේ චිත්තාධිපතිසමාධියෙන් ... මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාද යැ’යි පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... ‘තවද ඒ මේ විමංසාධිපතිසමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදය භාවිතව්‍ය යැ’යි ... භාවිත යැ’යි පෙර නො ඇසූවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය ... විමංසාධිපති සමාධියෙන් හා ප්‍රධන්වීර්‍ය්‍යයෙන් හා සමන්‍වාගත වූ ඍද්ධිපාදයෙහි ධර්‍ම පසළොසෙක, අර්‍ත්‍ථ පසළොසෙක, නිරුක්ති තිසෙක, ඥාන සැටෙකි.
Pali BJTචතූසු ඉද්ධිපාදෙසු සට්ඨි ධම්මා, සට්ඨි අත්ථා, වීසංසතං නිරුත්තියො, චත්තාරීසඤ්ච ද්වෙ ච ඤාණසතානි.
Sinhala BJTසතර ඍද්ධිපාදයන්හි ධර්‍ම සැටෙක, අර්‍ත්‍ථ සැටෙක, නිරුක්ති එක්සිය විස්සෙක, ඥාන දෙසියසාලිසෙකි.
Pali BJT‘සමුදයො සමුදයො’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි ‘නිරොධො නිරොධො’ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. විපස්සිස්ස බොධිසත්තස්ස වෙය්යාකරණෙ දස ධම්මා, දස අත්ථා, වීසති නිරුත්තියො චත්තාරීසං ඤාණානි.
Sinhala BJTමහණෙනි, ‘සමුදය යැ සමුදය යැ’යි විපස්සී බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. මහණෙනි, ‘නිරෝධ යැ නිරෝධ යැ’යි විපස්සී බෝසත්හට පෙර නො ඇසුවිරූ දහම්හි චක්‍ෂුස පහළ විය ... ආලෝකය පහළ විය. විපස්සී බෝසත්හට සූත්‍රාන්ත යෙහි ධර්‍ම දසයෙක, අර්‍ත්‍ථ දසයෙක, නිරුක්ති විස්සෙක, ඥාන සතලිසෙකි.