Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2300 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසික්ඛාය සමාදානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ආරම්මණස්ස ගොචරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා ලීනස්ස චිත්තස්ස පග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, උද්ධතස්ස චිත්තස්ස නිග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, උභොවිසුද්ධානං අජ්ඣුපෙක්ඛෙනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විසෙසාධිගමට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, උත්තරි පටිවෙධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සච්චාභිසමයට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නිරොධෙ පතිට්ඨාපකට්ඨං{4} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTශික්‍ෂාවගේ සමාදානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආලම්බනයාගේ ගෝචරස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ලීන (හැකිළුණු) චිත්තයාගේ ප්‍ර‍්‍රග්‍රහස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, උද්ධතචිත්තයාගේ නිග්‍රහස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ලීනෝද්ධත දෙකින් විශුද්ධ වූ චිත්තයන්ගේ (ප්‍රග්‍රහනිග්‍රහ දෙක්හි සව්‍යාපාරභාව සඞ්ඛ්‍යාත) අධ්‍යූපේක්‍ෂණස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විශේෂාධිගමස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ආර්‍ය්‍යමාර්‍ගය පහළවීම් වශයෙන්) මත්තෙහි ප්‍රතිවේධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සත්‍යප්‍රතිවේධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිරෝධයෙහි පිහිටුවන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTසද්ධින්ද්රියස්ස අධිමොක්ඛට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, -පෙ- පඤ්ඤින්ද්රියස්ස දස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. සද්ධාබලස්ස අස්සද්ධියෙ අකම්පියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, -පෙ- පඤ්ඤාබලස්ස අවිජ්ජාය අකම්පියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. සතිසම්බොජ්ඣඞ්ගස්ස උපට්ඨානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස පටිසඞ්ඛානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සම්මාදිට්ඨියා දස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- සම්මාසමාධිස්ස අවික්ඛෙපට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා,
Sinhala BJTශ්‍රදේධන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. ශ්‍රද්ධාබලයාගේ අශ්‍රද්ධායෙහි නො සැලෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ප්‍රඥාබලයාගේ අවිද්‍යායෙහි නො සැලෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උපස්ථානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ පටිසඞ්ඛාන (සමවාහිතලක්‍ෂණ) ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. සම්‍යග්දෘෂ්ටිහුගේ දර්‍ශනස්වභාවය ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂේප ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTඉන්ද්රියානං ආධිපතෙය්යට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, බලානං අකම්පියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා බොජ්ඣඞ්ගානං{1} නිය්යානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මග්ගස්ස හෙතුට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සතිපට්ඨානානං උපට්ඨානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සම්මප්පධානානං පදහනට්ඨං{2} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඉද්ධිපාදානං ඉජ්ඣනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සච්චානං තථට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මග්ගානං{3} පටිප්පස්සද්ධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඵලානං සච්ඡිකිරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා{4}
Sinhala BJTඉන්‍ද්‍රියයන්ගේ අධිපතිභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, බලයන්ගේ අකම්ප්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, බෝධ්‍යඞ්ගයන්ගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මාර්‍ගයාගේ හෙත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සතිපට්ඨානයන්ගේ උපස්ථානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සම්‍යක්ප්‍රධානයන්ගේ ප්‍රදහනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඍද්ධිපාදයන්ගේ සමෘද්ධ වන අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සත්‍යයන්ගේ යථාස්වභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මාර්‍ගයන්ගේ ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඵලයන්ගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTවිතක්කස්ස අභිනිරොපනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විචාරස්ස උපවිචාරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පීතියා ඵරණට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සුඛස්ස අභිසන්දනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස එකග්ගට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා,
Sinhala BJTවිතර්‍කයාගේ අභිනිරෝපණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විචාරයාගේ අනුමාර්‍ජනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රීතියගේ පැතිරීම් අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සුඛයාගේ අභිසන්‍දන (තෙමන) අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ඒකාග්‍රාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTආවජ්ජනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විජානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පජානනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සඤ්ජානනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකොදට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා,
Sinhala BJTආවර්‍ජනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සඤ්ජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකෝදයාර්‍ත්‍ථය (අග්‍ර වැ උපදනා ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTඅභිඤ්ඤාය ඤාතට්ඨං{5} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පරිඤ්ඤාය තීරණට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පහානස්ස පරිච්චාගට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, භාවනාය එකරසට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සච්ඡිකිරියාය ඵස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඛන්ධානං ඛන්ධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ධාතූනං ධාතුට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ආයතනානං ආයතනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සඞ්ඛතානං සඞ්ඛතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අසඞ්ඛතස්ස අසඞ්ඛතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅභිඥායෙහි ඥාතාර්‍ත්‍ථය (ස්වභාවජානනාර්‍ත්‍ථය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිඥායෙහි තීරණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රහාණයාගේ පරිත්‍යාගාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, භාවනායෙහි එකරසාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සාක්‍ෂාත්ක්‍රියාවෙහි වින්‍දනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්කන්‍ධයන්ගේ (පීඩාභාවාදි) ස්කන්‍ධාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ධාතූන්ගේ (ශූන්‍යතාදි) ධාත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආයතනයන්ගේ ආයතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සඞ්ඛතයන්ගේ සඞ්ඛතඅර්‍ත්‍ථය (ප්‍රත්‍යයන් එක් වැ කරනලද ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අසඞ්ඛතයාගේ අසඞ්ඛත අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTචිත්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තානන්තරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස වුට්ඨානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස විවට්ටනට්ඨං{1} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස හෙතුට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස පච්චයට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස වත්ථුට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස භුම්මට්ඨං{2} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස ආරම්මණට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස ගොචරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා බොජ්ඣඞ්ගා, චිත්තස්ස චරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස ගතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස අභිනීහාරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස නිය්යානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, චිත්තස්ස නිස්සරණට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJT(අරමුණු සිතීම් ආදි) චිත්ත ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තානන්තර්‍ය්‍ය ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ව්‍යුත්‍ථාන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ විවර්‍තන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ හේතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ප්‍රත්‍යයස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ වස්තු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ (කාමාවචරාදි) භූම්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ආලම්බනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ ගෝචරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ චර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ (දුරසන්තිකාලම්බනග්‍රහණවශයෙන්) ගතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ අභිනීහාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, චිත්තයාගේ නිස්සරණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTඑකත්තෙ ආවජ්ජනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ විජානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පජානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සඤ්ජානනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ එකොදට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ උපනිබන්ධනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පක්ඛන්දනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකෙන පසීදනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකෙන සන්තිට්ඨනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ විමුච්චනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකෙන ‘එතං සන්ත’න්ති පස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ යානීකතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ වත්ථුකතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකෙන අනුට්ඨිතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පරිචිතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. එකත්තෙ සුසමාරද්ධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පරිග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පරිවාරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පරිපූරට්ඨං{3} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සමොධානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ අධිට්ඨානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ ආසෙවනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ භාවනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ බහුලීකම්මට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සුසමුග්ගතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සුවිමුත්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා,
Sinhala BJTඒකාලම්බනයෙහි ආවර්‍ජන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි විජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සඤ්ජානනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ඒකෝදයාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි උපනිබන්‍ධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රස්කන්‍දනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පැහැදීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අව්‍යාපාරභාවයෙන් පිහිටීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි මිදීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි තෙල ශාන්තය’යි දක්නා ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි යුක්තයානයක් මෙන් කරනලද ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි එළඹසිටි ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි හාත්පසින් රැස් කරනලද ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සුසමාරබ්ධ ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පරිවාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සමවධානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අධිෂ්ඨානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ආසේවනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි භාවනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පුනපුනා කිරීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සුසමුත්‍ථිතස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සුවිමුක්තස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ,
Pali BJTඑකත්තෙ බුජ්ඣනට්ඨං{1} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ අනුබුජ්ඣනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පටිඛුජ්ඣනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සමුජ්ඣනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ බොධනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ අනුබොධනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පටිබොධනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සම්බොධනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ බොධපක්ඛියට්ඨං{2} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ අනුබොධපක්ඛියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ පටිබොධපක්ඛියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සම්බොධපක්ඛියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ ජොතනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ උජ්ජොතනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ අනුජොතනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. එකත්තෙ පටිජොතනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තෙ සඤ්ජොතනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTඒකාලම්බනයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) බෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (සකෘදාගාමිමාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) අනුබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අනාගාමිමාර්‍ගබොධ්‍යඞ්ගයන්ගේ) ප්‍රතිබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අර්‍හන්මාර්‍ගබෝධ්‍යඞ්ගයන්ගේ) සම්බොධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි බෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අනුබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රතිබෝධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සම්බොධනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි බොධපාක්‍ෂිකාර්‍ත්‍ථය (බෝධපක්‍ෂයෙහි වු ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි අනුබෝධපාක්‍ෂිකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි ප්‍රතිබෝධපාක්‍ෂිකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි සම්බොධපාක්‍ෂිකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (විදර්‍ශනාප්‍රඥා විසින්) ද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (ශ්‍රෝතාපත්තිමාර්‍ගප්‍රඥා විසින්) උද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (සකෘදාගාමිමාර්‍ගප්‍රඥා විසින්) අනුද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අනාගාමිමාර්‍ගඥාන විසින්) ප්‍රතිද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි (අර්‍හන්මාර්‍ගඥාන විසින්) සන්‍ද්‍යොතනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTපකාසනට්ඨං{3} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විරොවනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, කිලෙසානං සන්තාපනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අමලට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විමලට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නිම්මලට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සමට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සමයට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විවෙකට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විවෙකචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විරාගට්ඨං බුජ්ඣන්තීති විරාගචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නිරොධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නිරොධචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වොස්සග්ගට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. වොස්සග්ගචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විමුත්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විමුත්තිචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJT(ආර්‍ය්‍යමාර්‍ගයේ) ප්‍රකාශනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ප්‍රභාස්වර බැවින්) බැබැළීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ක්ලේශයන් තවන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අමලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (සම්ප්‍රයුක්ත මලාභාවයෙන්) විමලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (අරමුණු කිරීම් මල නැති බැවින්) නිර්‍මලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ක්ලේශප්‍රහාණාර්‍ත්‍ථයෙන්) සමයාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විරාගස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විරාගසඞ්ඛ්‍යාත නිර්‍මාණයෙහි හැසිරෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිරෝධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිරෝධසඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි හැසිරෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වොස්සග්ගස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වොස්සග්ගභාවයෙන් හැසිරෙන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (සමුචේඡද විමුක්ති බැවින්) විමුක්තිස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (නිස්සරණ) විමුක්තියෙහි හැසිරීම් ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTඡන්දට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස මූලට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස පාදට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස පධානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස ඉජ්ඣනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස අධිමොක්ඛට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස පග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස උපට්ඨානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස අවික්ඛෙපට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඡන්දස්ස දස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJT(කර්තුකම්‍යතා සඞ්ඛ්‍යාත) ඡන්‍දාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ මූලාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ ප්‍රතිෂ්ඨාස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ ප්‍රධානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ සමෘද්ධ වන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (ශ්‍රද්ධාසම්ප්‍රයෝගයෙන්) අධිමෝක්‍ෂස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (වීර්‍ය්‍යසම්ප්‍රයෝගයෙන්) ප්‍රග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (ස්මෘතිසම්ප්‍රයෝගයෙන්) උපස්ථානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (සමාධිසම්ප්‍රයෝගයෙන්) අවික්‍ෂේපාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඡන්‍දායාගේ (ප්‍රඥාසම්ප්‍රයෝගයෙන්) දර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTවිරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- චිත්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- වීමංසට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය මූලට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය පාදට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය පධානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය ඉජ්ඣනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය අධිමොක්ඛට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය පග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය උපට්ඨානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය අවික්ඛෙපට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වීමංසාය දස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTවීර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... චිත්තාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි මූලස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි ප්‍රතිෂ්ඨාස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි ප්‍රධානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි සමෘද්ධ වන ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි අධිමෝක්‍ෂස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි ප්‍රග්‍රහස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි උපස්ථානස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, … වීමංසායෙහි අවික්‍ෂේපස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ... වීමංසායෙහි දර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJT{*}දුක්ඛස්ස පිළනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, දුක්ඛස්ස සඞ්ඛතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, දුක්ඛස්ස සන්තාපට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, දුක්ඛස්ස විපරිනාමට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සමුදයස්ස ආයූහනට්ඨං -පෙ- නිදානට්ඨං -පෙ- සඤ්ඤොගට්ඨං -පෙ- පාලිබොධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නිරොධස්ස නිස්සරණනට්ඨං -පෙ- විවෙකට්ඨං -පෙ- අසඞ්ඛතට්ඨං -පෙ- අමතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. මග්ගස්ස නිය්යානට්ඨා -පෙ- හෙතුට්ඨං -පෙ- දස්සනට්ඨං -පෙ- ආධිපතෙය්යට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTදුඃඛයාගේ පීඩනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දුඃඛයාගේ සඞ්ඛතස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දුඃඛයාගේ සන්තාපස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දුඃඛයාගේ විපරිණාමස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමුදයාගේ ආයූහනස්වභාවය ... නිදානස්වභාවය ... සංයෝගස්වභාවය ... පලිබොධස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. නිරෝධයාගේ නිස්සරණස්වභාවය ... විවේකස්වභාවය ... අසඞ්ඛතස්වභාවය ... අමෘතස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණ ස්වභාවය ... හේතුස්වභාවය ... දර්‍ශනස්වභාවය ... ආධිපත්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTතථට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනත්තට්ඨං{1} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සච්චට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිවෙධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අභිජානනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පරිජානනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ධම්මට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ධාතුට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඤාතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සච්ඡිකිරියට්ඨං බුජ්ඣන්තීති බොජඞ්ගා, ඵස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අභිසමයට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJT(හැම ධර්‍මයන්ගේ) යථාස්වභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාත්මස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සත්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිවේධ කළයුතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්වභාව විසින් දතයුතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පිරිසිඳ දතයුතු ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ස්වභාවධාරණාදි) ධර්‍මස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (ශුන්‍යතාදි) ධාතුස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඥාත (දතහැකි) ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්ප්‍රෂ්ටව්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අභිසමයස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTනෙක්ඛම්මං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අබ්යාපාදං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ආලොකසඤ්ඤං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අවික්ඛෙපං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ධම්මවවත්ථානං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඤාණං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා පාමොජ්ජං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා,
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අව්‍යාපාදය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආලෝකසංඥාව අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ධර්‍මනිශ්චය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඥානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රාමෝද්‍යය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTපඨමං ඣානං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. අනිච්චානුපස්සනං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- සොතාපත්තිමග්ගං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- අරහත්තමග්ගං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අරහත්ථඵලසමාපත්තිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTප්‍රථමධ්‍යානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. අනිත්‍යතානුදර්‍ශනය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … ශ්‍රෝතාපත්තිමාර්‍ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … අරහන්මාර්‍ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අර්‍හත්ඵලසමාපත්තිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTඅධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, උපට්ඨානට්ඨෙන සතිසම්බොජ්ඣඞ්ග බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, උපට්ඨානට්ඨෙන සතිසම්බොජ්ඣඞ්ග බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- පටිසඞ්ඛානට්ඨෙන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා. දස්සනට්ඨෙන සම්මාදිට්ඨිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රදේධන්‍ද්‍රියය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. අශ්‍රද්ධායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධාබලය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … අවිද්‍යායෙහි අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් ප්‍රඥාබලය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ග ය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … සමවාහිතස්වභාවයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ … අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අකම්පියට්ඨෙන බලං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගා බුජ්ඣන්තීති{1} බොජ්ඣඞ්ගා, හෙතුට්ඨෙන මග්ගං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පදහනට්ඨෙනසම්මප්පධානං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, තථට්ඨෙන සච්චං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලධර්‍මය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිර්‍ය්‍යාණ ස්වභාවයෙන් බෝධ්‍යඞ්ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හේතුස්වභාවයෙන් මාර්‍ගය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, උපස්ථාන ස්වභාවයෙන් සතිපට්ඨානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රදහනස්වභාවයෙන් සම්‍යක්ප්‍රධානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, යථාස්වභාවයෙන් සත්‍යය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTඅවික්ඛෙපට්ඨෙන සමථං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනුපස්සනට්ඨෙන විපස්සනං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකරසට්ඨෙන සමථවිපස්සනං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනතිවත්තනට්ඨෙන යුගනද්ධං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනා අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් යුගනද්ධය (ශමථවිදර්‍ශනා) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTසංවරට්ඨෙන සීලවිසුද්ධිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අවික්ඛෙපට්ඨෙන චිත්තසුද්ධිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මුත්තට්ඨෙන විමොක්ඛං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිවෙධට්ඨෙන විජ්ජං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පරිච්චාගට්ඨෙන විමුත්තිං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTසංවරාර්‍ත්‍ථයෙන් ශීල විශුද්ධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්ත විශුද්ධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ද්‍රෘෂ්ටිවිශුද්ධිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමුච්ඡේද ස්වභාවයෙන් ක්‍ෂයඥානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධි ස්වභාවයෙන් අනුත්පාද ඥානය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTඡන්දං මූලට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මනසිකාරං සමුට්ඨානට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ඵස්සං සමොධානට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වෙදනං සමොසරණට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සමාධිං පමුඛට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සතිං ආධිපතෙය්යට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පඤ්ඤං තදුත්තරට්ඨෙන{1} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විමුත්තිං සාරට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJT(කර්තුකම්‍යතා) ඡන්‍දය මූලස්වභාවයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මනසිකාරය සමුත්‍ථාන ස්වභාවයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති{2} ‘ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං, ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක.‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.
Pali BJT‘සත්තිමෙ අවුසො බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, ඉමෙ ඛො ආවුසො සත්ත බොජ්ඣඞ්ගා.
Sinhala BJT“ඇවැත්නි, මේ බෝධ්‍යඞ්ගයෝ සත් දෙනෙක් වෙති කවර සත් දෙනෙකැ යත්: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ යි. ඇවැත්නි, මොහු සප්තබෝධ්‍යඞ්ගයෝ වෙත්.
Pali BJTඉමෙසං ඛ්වාහං ආවුසො සත්තන්නං බොජ්ඣඞ්ගානං යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි පුබ්බන්හසමයං{3} විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන පුබ්බන්හසමයං විහරාමි, යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි මජ්ඣන්හසමයං{4} -පෙ- සායන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන සායන්හසමයං විහරාමි, සතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො හොති, අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තං ච නං{5} තිට්ඨතී’ති පජානාමි, සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා චවතීති පජානාමි, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො හොති, ‘අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තං ච නං{5} ‘තිට්ඨතී’ති පජානාමි, සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා චවතී’ති පජානාමි.
Sinhala BJTඇවැත්නි, මම මේ සප්තබෝධ්‍යඞ්ගයන් අතුරින් යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ පෙරවරු කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ පෙරවරු කල්හි වාසය කෙරෙමි. යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ මද්දහන් කල්හි ... සවස් කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ සවස් කල්හි වාසය කෙරෙමි. ඇවැත්නි, ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ’ යි මෙසේ ත් මට සිත් වෙයි, (හේ) ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි, ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට සිටී යැ’යි දැන ගනිමි. ඉදිනුදු මාගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැනගනිමි. ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ... ඇවැත්නි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ’යි මෙසේත් මට සිත් වෙයි, (එය) ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත්, මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට ‘සිටී’ යයි දැනගනිමි. ඉදිනුදු මාගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැන ගනිමි.
Pali BJTසෙය්යථාපි ආවුසො රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස, සො යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය පුබ්බන්හසමයං පාරුපිතුං, තං තදෙව දුස්සයුගං පුබ්බන්හසමයං පාරුපෙය්ය. යඤ්ඤදෙව දුස්සයුගං අකඞ්ඛෙය්ය මජ්ඣන්හසමයං -පෙ- සායන්හසමයං පාරුපිතුං, තං තදෙව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්ය. එවමෙවඛ්වාහං ආවුසො ඉමෙසං සත්තන්නං බොජ්ඣඞ්ගානං යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි පුබ්බන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන පුබ්බන්හසමයං විහරාමි, යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි මජ්ඣන්හසමයං -පෙ- සායන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන සායන්හසමයං විහරාමි, සතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො හොති, අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තං ච නං තිට්ඨතී’ති පජානාමි, සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා චවතීති පජානාමි, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො හොති, ‘අප්පමාණො’ති මෙ හොති, ‘සුසමාරද්ධො’ති මෙ හොති, තිට්ඨන්තං ච නං ‘තිට්ඨතී’ති පජානාමි, සචෙපි මෙ චවති, ‘ඉදප්පච්චයා චවතී’ති පජානාමි.”{a}
Sinhala BJTයම් සේ ඇවැත්නි, රජක්හට වේවයි රජ මහ ඇමැත්තක්හට වේවයි නොයෙක් රඞ්ගජාතයෙන් රඳනා ලද පිළියෙන් පිරුණු පෙළායෙක් වී නම් හෙතෙම යම් යම් මැ පිළීසඟළක් පෙරවරු කල්හි පොරෝනට කැමැති වී නම් ඒ ඒ පිළීසඟළ මැ පෙරවරු කල්හි පොරෝනේ ද, යම් යම් මැ පිළීසඟළක් මද්දහන් කල්හි ... සවස් කල්හි පොරෝනට කැමැති වී නම් ඒ ඒ පිළීසඟළ මැ සවස් කල්හි පොරෝනේ ද, එපරිද්දෙන් මැ ඇවැත්නි මම මේ සප්තබෝධ්‍යඞ්ගයන් අතුරින් යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ පෙරවරු කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ සවස් කල්හි වාසය කෙරෙමි, යම් යම් බෝධ්‍යඞ්ගයෙකින් යුතු වැ මද්දහන් කල්හි ... සවස් කල්හි වාසය කරන්නට කැමැති වීම් නම් ඒ ඒ බොධ්‍යඞ්ගයෙන් යුතු වැ සවස් කල්හි වාසය කෙරෙමි. ඇවැත්නි, ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ’යි මෙසේත් මට සිත් වෙයි, (හේ) ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට ‘සිටී’ යැ’යි දැන ගනිමි. ඉදිනුදු මාගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැන ගනිමි. ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ... ඇවැත්නි, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යැ’යි මෙසේත් මට සිත් වෙයි, හේ, ‘අප්‍රමාණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි, ‘මොනොවට පරිපූර්‍ණ යැ’යි මෙසේ ත් මට සිත් වෙයි. තවද නිවන් අරමුණු කොට සිටුනා එය නිවන් අරමුණු කොට ‘සිටී’ යයි දැනගනිමි, ඉදිනුදු මාගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය නිවන් අරමුණින් පහ වැ යේ නම් ‘මෙ කරුණින් පහ වැ යේ’ යයි දැන ගනිමි.
Pali BJTකථං ‘සතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ හොති’ති බොජ්ඣඞ්ගො, යාවතා නිරොධූපට්ඨාති තාවතා ‘සතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ හොති’ති බොජ්ඣඞ්ගො. සෙය්යථාපි තෙලප්පදිපස්සඣායතො යාවතා අච්චි. තාවතා වණ්ණො යාවතා වණ්ණො තාවතා අච්චි, එවමෙව යාවතා නිරොධූපට්ඨාති, තාවතා සතිසම්බොජ්ඣඞ්ගො, ‘ඉති චෙ හොති’ති බොජ්ඣඞ්ගො.
Sinhala BJTකිසෙයින් ‘සතිසම්බොජ්ඣඞේගා ඉති චෙ හොති’ යි බෝධ්‍යඞ්ග වේ ද යත්: යම්තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නම. යම්සේ දැල්වෙන තෙල්පහනක්හු ගේ යම්තාක් සිළුව වී නම් ඒ තාක් පැහැය වේ ද, යම්තාක් පැහැය වී නම් ඒ තාක් සිළුව වේ ද, එපරිද්දෙන් මැ යම්තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි.
Pali BJTකථං ‘අප්පමාණො ඉති චෙ{1} හොති’ති බොජ්ඣඞ්ගො, පමාණබද්ධා{2} කිලෙසා සබ්බෙ ච පරියුට්ඨානං යෙ ච සඞ්ඛාරා පොනොභවිකා, අප්පමාණො නිරොධො අචලට්ඨෙන අසඞ්ඛතට්ඨෙන යාවතා නිරොධූපට්ඨාති තාවතා ‘අප්පමාණො ඉති චෙ{3} හොතීති බොජ්ඣඞ්ගො.
Sinhala BJTකිසෙයින් ‘අප්පමාණො ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශයභූත) ක්ලේශයෝ ද හැම පර්‍ය්‍යුත්‍ථාන (සමූදාචාරප්‍රාප්තක්ලේශ) යෝ ද පුනර්‍භවය කරනසුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද ප්‍රමාණබද්ධ වෙති. නිරෝධය තෙමේ අචලස්වභාවයෙන් අසඞ්ඛතස්වභාවයෙන් අප්‍රමාණ වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ අප්‍රමාණය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි.
Pali BJTකථං ‘සුසමාරද්ධො ඉති චෙ හොතී’ති බොජ්ඣඞ්ගො, විසමා කිලෙසා සබ්බෙව ච පරියුඨානා යෙ ච සඞ්ඛාරා පොනොභවිකා, සමධම්මො නිරොධො සන්තට්ඨෙන පණීතට්ඨෙන යාවතා නිරොධූපට්ඨාති තාවතා සුසමාරද්ධො ඉති චෙ හොති’ති බොජ්ඣඞ්ගො.
Sinhala BJTකිසෙයින් ‘සුසමාරදේධා ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශයභූත) ක්ලේශයෝ ද හැම පර්‍ය්‍යුත්‍ථානයෝ ද පුනර්‍භවය කරන සුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද විෂම නම් වෙති. ශාන්ත ස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් නිරෝධය තෙමේ සමධර්‍ම ඇත්තේ වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ මොනොවට පරිපූර්‍ණ ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි.
Pali BJTකථං තිට්ඨන්තං ච නං තිට්ඨතීති පජානාමි, සචෙපි චවති, ඉදප්පච්චයා මෙ වචතී’ති පජානාමි, කතිහාකාරෙහි සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති: කතිහාකාරෙහි සතිසම්බාජ්ඣඞ්ගො චවති:
Sinhala BJTකිසෙයින් (නිර්‍වාණාලම්බනයෙහි ප්‍රවෘත්ති විසින්) සිටුනා ඒ බෝධ්‍යඞ්ගය (නිවන් අරමුණු කොට) සිටී’යයි දැනගනීම් ද, ඉදින් (නිර්‍වාණාලම්බනයෙන්) පහ වැ යේ නම් ‘මාගේ බෝධ්‍යඞ්ගය මෙ කරුණින් පහ වැ යේ’ යයි දැනගනිම් ද: කිහි අයුරෙකින් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය සිටුනේ ද කිහි අයුරෙකින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පහ වැ යේ ද යත්:
Pali BJTඅට්ඨහාකාරෙහි සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, අට්ඨහාකාරෙහි සතිසම්බොජ්ඣඞ්ගො චවති.
Sinhala BJTඅට අයුරෙකින් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය සිටී. අට අයුරෙකින් ස්මෘති සම්බෝධ්‍යඞ්ගය පහ වැ යෙයි.
Pali BJTකතමෙහි අට්ඨහාකාරෙහි සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති; අනුප්පාදං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, උප්පාදං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, උප්පාදං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, අප්පවත්තං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, පවත්තං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, අනිමිත්තං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, නිමිත්තං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, නිරොධං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, නිරොධං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, සඞ්ඛාරෙ අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති. ඉමෙහි අට්ඨහාකාරෙහි සතිසම්බොජ්ඣඞ්ගො තිට්ඨති.
Sinhala BJTකවර අට අයුරෙකින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවත්නේ ද යත් :අනුත්පාදය ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, උත්පාදය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, අප්‍රවෘත්තිය ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, ප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, අනිමිත්ත ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, නිමිත්ත ආවර්‍ජනා නො කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, නිරෝධය ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී, සංස්කාරයන් ආවර්‍ජනා නො කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී. මේ අට අයුරින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය පවතී.
Pali BJTකතමෙහි අට්ඨහාකාරෙහි සතිසම්බොජ්ඣඞ්ගො චවති; උප්පාදං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො චවති, අනුප්පාදං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො චවති, පවත්තං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගා චවති, අප්පවත්තං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො චවති, නිමිත්තං ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො චවති, අනිමිත්තං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො චවති, සඞ්ඛාරෙ ආවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො චවති, නිරොධං අනාවජ්ජිතත්තා සතිසම්බොජ්ඣඞ්ගො චවති. ඉමෙහි අට්ඨහාකාරෙහි සතිසම්බොජ්ඣඞ්ගො චවති.
Sinhala BJTකවර අට අයුරෙකින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වේ ද යත්: උත්පාදය ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, අනුත්පාදය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, ප්‍රවෘත්තිය ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, අප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, නිමිත්ත ආවර්‍ජනා කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, අනිමිත්ත ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, සංස්කාරයන් ආවර්‍ජනා කරනලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වෙයි, නිරෝධය ආවර්‍ජනා නො කරන ලද බැවින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වේ. මේ අට අයුරින් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය අපගත වේ.
Pali BJTඑවං තිට්ඨන්තං ච නං තිට්ඨතීති පජානාමි, සචෙපි චවති, ඉදපච්චයා මෙ චවතීති පජානාමි. කථං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො -පෙ-
Sinhala BJTමෙසෙයින් (නිර්‍වාණාලම්බනයෙහි) පවත්නා ඒ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය (නිර්‍වාණාලම්බනයෙහි) පවතී’යයි දැනගනිමි. ඉදින් (නිර්‍වාණාලම්බනයෙහි) අපගත වේ නම් ‘මාගේ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය මෙ කරුණින් අපගත වේ’යයි දැනගනිමි. කිසෙයින් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ...
Pali BJTකථං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඉති මෙ හොතී’ති බොජ්ඣඞ්ගො: යාවතා නිරොධූපට්ඨාති. තාවතා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඉති චෙ හොතී’ති බොජ්ඣඞ්ගො. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො යාවතා අච්චි තාවතා වණ්ණො. යාවතා වණ්ණො තාවතා අචිචි. එවමෙව යාවතා නිරොධූපට්ඨාති, තාවතා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඉති චෙ හොතීති බොජ්ඣඞ්ගො.
Sinhala BJTකිසෙයින් ‘උපෙක්ඛාසම්බොජ්ඣඞේගා ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත් :යම්තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නමි. යම්සේ දැල් වෙන තෙල් පහනක්හු ගේ යම්තාක් සිළුව වේ නම් ඒ තාක් පැහැය වේ ද, යම් තාක් පැහැය වේ නම් ඒ තාක් සිළුව වේ ද, එසෙයින් මැ මෙසේ යම් තාක් නිරෝධය වටහා නම් ඒ තාක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ද වේ නු’ යි බෝධ්‍යඞ්ගය නම් වේ.
Pali BJTකථං ‘අප්පමාණො ඉති චෙ හොතී’ති බොජ්ඣඞ්ගො, පමාණබද්ධා කිලෙසා සබ්බෙ ච පරියුට්ඨානා යෙ ච සඞ්ඛාරා පොනොභවිකා, අප්පමාණො නිරොධො අවලට්ඨෙන අසඞ්ඛතට්ඨෙන. යාවතා නිරොධූපට්ඨාති, තාවතා ‘අප්පමාණො ඉති චෙ හොතී’ති බොජ්ඣඞ්ගො.
Sinhala BJTකිසෙයින් ‘අප්පමාණො ඉති චෙ හොති’යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශය භූත) ක්ලේශයෝ ද හැම සමුදාචාර ප්‍රාප්තක්ලේශයෝ ද පුනර්‍භවය කරනසුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද ප්‍රමාණබද්ධ වෙති. නිරෝධය තෙමේ අචල ස්වභාවයෙන් අසඞ්ඛත ස්වභාවයෙන් අප්‍රමාණ වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ අප්‍රමාණය ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නම් වේ.
Pali BJTකථං ‘සුසමාරද්ධො ඉති චෙ හොතී’ති බොජ්ඣඞ්ගො. විසමා කිලෙසා සබ්බෙ ච පරියුට්ඨානා යෙ ච සඞ්ඛාර පෙනොභවිකා, සමධම්මො නිරොධො සන්තට්ඨෙන පණීතට්ඨෙන. යාවතා නිරොධූපට්ඨාති, තාවතා ‘සුසමාරද්ධො ඉති චෙ හොතී’ති බොජ්ඣඞ්ගො.
Sinhala BJTකිසෙයින් ‘සුසමාරද්ධො ඉති චෙ හොති’ යි බෝධ්‍යඞ්ග වේ ද යත්: (අනුශයභූත) ක්ලේශයෝ ද හැම සමුදාචාරප්‍රාප්තක්ලේශයෝ ද පුනර්‍භවය කරනසුලු යම් සංස්කාර කෙනෙක් වෙත් නම් ඔහු ද විෂම නම් වෙති. නිරෝධය තෙමේ ශාන්තස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් සමධර්‍ම නම් වෙයි. යම් තාක් නිරෝධය වටහා ද ඒ තාක් ‘මෙසේ සුසමාරබ්ධ ද වේ නු’ යි බෝධ්‍යඞ්ග නම් වේ.
Pali BJTකථං ‘තිට්ඨන්තං ච නං තිට්ඨතී’ති පජානාමි, සචෙපි චවති, ඉදප්පච්චයා මෙ වචතී’ති පජානාමි: කතිහාකාරෙහි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති: කතිහාකාරෙහි උපොක්ඛසම්බාජ්ඣඞ්ගො චවති:
Sinhala BJTකිසෙයින් (නිර්‍වාණාලම්බනයෙහි) පවත්නා ඒ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය (නිර්‍වාණාලම්බනයෙහි) පවතී’ යයි දැනගනීම් ද, ඉදින් (නිර්‍වාණාලම්බනයෙන්) අපගත වේ නම් මෙකරුණින් අපගත වේ යයි දැනගනීම් ද, කිහි අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවත්නේ ද, කිහි අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ ද යත්:
Pali BJTඅට්ඨහාකාරෙහි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, අට්ඨහාකාරෙහි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති.
Sinhala BJTඅට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවති. අට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ.
Pali BJTකතමෙහි අට්ඨහාකාරෙහි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති; අනුප්පාදං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, උප්පාදං අනාවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨිති, අප්පවත්තං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගා තිට්ඨති, පවත්තං අනාවජ්ජිතත්තා උපෙක්ඛාසම්බෙජ්ඣඞ්ගො තිට්ඨති, අනිමිත්තං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, නිමිත්තං අනාවජ්ජිත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, නිරොධං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති, සඞ්ඛාරෙ අනාවජ්ජිත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති. ඉමෙහි අට්ඨහාකාරෙහි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තිට්ඨති.
Sinhala BJTකවර අට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවත්නේ ද යත්: අනුත්පාදය ආවර්‍ජනා කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, උත්පාදය ආවර්‍ජනා නො කරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, අප්‍රවෘත්තිය ආවර්‍ජනා කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, ප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, අනිමිත්ත ආවර්‍ජනා කරනලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, නිමිත්ත ආවර්‍ජනා නොකරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී. නිරෝධය ආවර්‍ජනා කරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී, සංස්කාරයන් ආවර්‍ජනා නො කරන ලද බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී. මේ අට අයුරින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී.
Pali BJTකතමෙහි අට්ඨහාකාරෙහි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති: උප්පාදං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති, අනුප්පාදං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති, පවත්තං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගා චවති, අප්පවත්තං අනාවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගෙ චවති, නිමිත්තං ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති, අනිමිත්තං අනාවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති, සඞ්ඛාරෙ ආවජ්ජිතත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති, නිරොධං අනාවජ්ජිත්තා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති. ඉමෙහි අට්ඨහාකාරෙහි උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො චවති.
Sinhala BJTකවර අට අයුරෙකින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ ද යත්: උත්පාදය ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, අනුත්පාදය ආවර්‍ජනා නොකළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, ප්‍රවෘත්තිය ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, අප්‍රවෘත්තිය ආවර්‍ජනා නො කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, නිමිත්ත ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, අනිමිත්ත ආවර්‍ජනා නො කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, සංස්කාරයන් ආවර්‍ජනා කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි, නිරෝධය ආවර්‍ජනා නො කළ බැවින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වෙයි. මේ අට අයුරින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය අපගත වේ.
Pali BJTඑවං තිට්ඨන්තං ච නං තිට්ඨතීති පජානාමි, සචෙපි චවති, ඉදප්පච්චයා මෙ චවතීති පජානාමි
Sinhala BJTමෙසෙයින් පවත්නා වූ ඒ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පවතී යයි දැනගනිමි. ඉදින් අපගත වේ නම් ‘මාගේ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය මෙ කරුණින් අපගත වේ’යයි දැනගනිමි.
Pali BJTබොජ්ඣඞ්ගකථා සමත්තා.
Sinhala BJTබෝධ්‍යඞ්ගකථා නිමි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTමෙත්තාකථා
Sinhala BJTමෛත්‍රී කථා
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT“මෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිත්තාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකඞ්ඛා. කතමෙ එකාදස: සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියො හොති, අමනුස්සානං පියො හොති, දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛණ්ණො විප්පසීදති, අසම්මූළ්හො කාලං කරොති, උත්තරිං.{1} අප්පටිවිජ්ඣන්තො බ්රහ්මලොකූපගො හොති. මෙත්තාය භික්ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. ඉමෙ එකාදසානිසංසා පාටිකඞ්ඛා.{a}
Sinhala BJT‘මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනාලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරනලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි එකොළොස් අනුසස් කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර එකොළොස් අනුසස් කෙනෙක යත්: සුවසේ නිදයි, සුවසේ පුබුදී, ලාමක සිහින නො දකී, මනුෂ්‍යයනට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, (මාපියෝ පුතකු සෙයින්) දෙවියෝ රකිති, ඔහුගේ සිරුරෙහි අග්නිය හෝ විෂයෙක් හෝ ශස්ත්‍රයෙක් හෝ නො වැදගනී, වහා සිත සමාහිත වෙයි, මුඛවර්‍ණය ඉතා ප්‍රසන්න වෙයි, නො මුළාසී වැ කලුරිය කෙරෙයි, මත්තෙහි අර්‍හත්ඵලය ප්‍රතිවේධ නො කරනුයේ බඹලොවැ උපදනේ වෙයි. මහණෙනි මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලද කල්හි වඩනා ලද කල්හි පුනපුනා කරනලද කල්හි යුක්තයානයක් මෙන් කරන ලද කල්හි (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද කල්හි එළඹසිටි කල්හි පරිචිත කල්හි මොනොවට කරනලද කල්හි මේ එකොළොස් අනුසස්හු කැමැති වියයුත්තාහ.
Pali BJTඅත්ථි අනොධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති, අත්ථි ඔධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති, අත්ථි දිසාඵරණා මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTමර්‍ය්‍යාදා (හිම්) රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රී චිත්තවිමුක්තියක් ඇත. මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇත, දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තියක් ඇති.
Pali BJTකතිහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති. කතිහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති, කතිහාකාරෙහි දිසාඵරණා මෙත්තාචෙතොවිමුත්ති:
Sinhala BJTකිහි අයුරෙකින් මර්‍ය්‍යාදාරහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහිඅයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද, කිහි අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වේ ද යත්:
Pali BJTපඤ්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති, සත්තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති, දසහාකාරෙහි දිසාඵරණා මෙත්තාචෙතොවිමුත්ති:
Sinhala BJTපස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි, සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්තිය වෙයි. දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
Pali BJTකතමෙහි පඤ්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති: සබ්බෙ සත්තා අවෙරා අබ්යාපජ්ජා{2} අනීඝා{3} සුඛී අත්තානං පරිහරන්තු. සබ්බෙ පාණා -පෙ- සබ්බෙභූතා -පෙ- සබ්බෙ පුග්ගලා -පෙ- සබ්බෙ අත්තභාවපරියාපන්නා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූති ඉමෙහි පඤ්චහාකාරෙහි අනොධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති:
Sinhala BJTකවර පස් අයුරෙකින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම සත්හු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා. හැම ප්‍රාණයෝ ... හැම භූතයෝ .. හැම පුද්ගලයෝ ... හැම ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ පස් අයුරින් මර්‍ය්‍යාදා රහිත වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
Pali BJTකතමෙහි සත්තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති: සබ්බා ඉත්ථියො අවෙරා අබ්යාපජ්ජා අනීඝො සුඛී අත්තානං පරිහරන්තු. සබ්බෙ පුරිසා -පෙ- සබ්බෙ අරියා -පෙ- සබ්බෙ අනරියා -පෙ- සබ්බෙ දෙවා -පෙ- සබ්බෙ මනුස්සා -පෙ- සබ්බෙ විනිපාතිකා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූතී. ඉමෙහි සත්තහාකාරෙහි ඔධිසො ඵරණා මෙත්තාචෙතොවිමුත්ති:
Sinhala BJTකවර සත් අයුරෙකින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: හැම ස්ත්‍රීහු වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් වා, හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මනුෂ්‍යයෝ ... හැම විනිපාතිකයෝ වෛර රහිත වැ ව්‍යාපාද රහිත වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත් ව යි මේ සත් අයුරින් මර්‍ය්‍යාදා වශයෙන් පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
Pali BJTකතමෙහි දසහාකාරෙහි දිසාඵරණා මෙත්තාචෙතොවිමුත්ති: සබ්බෙ පුරත්ථිමාය දිසාය සත්තා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු. සබ්බෙ පච්ඡිමාය දිසාය සත්තා -පෙ- සබ්බෙ උත්තරාය දිසාය සත්තා -පෙ- සබ්බෙ දක්ඛිණාය දිසාය සත්තා. -පෙ- සබ්බෙ පුරත්ථිමාය අනුදිසාය සත්තා -පෙ- සබ්බෙ පච්ඡිමාය අනුදිසාය සත්තා -පෙ- සබ්බෙ උත්තරාය අනුදිසාය සත්තා -පෙ- සබ්බෙ උපරිමාය දිසාය සත්තා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු. සබ්බෙ පුරත්ථිමාය දිසාය පාණා -පෙ- භූතා -පෙ- පුග්ගලා -පෙ- අත්තභාවපරියාපන්තා -පෙ- සබ්බා ඉත්ථියො -පෙ- සබ්බෙ පුරිසා -පෙ- සබ්බෙ අරියා -පෙ- සබ්බෙ අනරියා -පෙ- සබ්බෙ දෙවා -පෙ- සබ්බෙ මනුස්සා -පෙ- සබ්බෙ විනිපාතිකා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තු. සබ්බෙ පච්ඡිමාය දිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ උත්තරාය දිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ දක්ඛිණාය දිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ පුරත්ථිමාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ පච්ඡිමාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ උත්තරාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ දක්ඛිණාය අනුදිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ හෙට්ඨිමාය දිසාය විනිපාතිකා -පෙ- සබ්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරා අබ්යාපජ්ජා අනීඝා සුඛී අත්තානං පරිහරන්තූති. ඉමෙහි දසහාකාරෙහි දිසාඵරණා මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTකවර දස අයුරෙකින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ ද යත්: පැදුන් දිග හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම සත්හු ... උතුරු දිග හැම සත්හු … දකුණුදිග හැම සත්හු ... පැදුන් අනුදිග හැම සත්හු ... පැළඅනුදිග හැම සත්හු ... උතුරු අනුදිග හැම සත්හු ... දකුණු අනුදිග හැම සත්හු ... යටදෙස හැම සත්හු ... උඩදෙස හැම සත්හු වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පෙරදිග හැම ප්‍රාණයෝ ... භූතයෝ ... පුද්ගලයෝ ආත්මභාවපර්‍ය්‍යාපන්නයෝ ... හැම ස්ත්‍රීහු ... හැම පුරුෂයෝ ... හැම ආර්‍ය්‍යයෝ ... හැම අනාර්‍ය්‍යයෝ ... හැම දෙවියෝ ... හැම මිනිස්හු හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්වා. පැළදිග හැම විනිපාතිකයෝ ... උතුරු දිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... පැදුන් අනුදිග හැම විනිපාතිකයෝ ... පැළ අනුදිග හැම විනිපාතිකයෝ ... උතුරු අනුදිග හැම විනිපාතිකයෝ ... දකුණුදිග හැම විනිපාතිකයෝ ... යටදෙස හැම විනිපාතිකයෝ ... උඩදෙස හැම විනිපාතිකයෝ වෛර නැති වැ ව්‍යාපාද නැති වැ නිදුක් වැ සුවපත් වැ ආත්මභාවය පරිහරණය කෙරෙත්ව’යි මේ දස අයුරින් දිශාවන්හි පැතිරීම් ඇති මෛත්‍රීචිත්තවිමුක්ති වේ.
Pali BJTසබ්බෙසං සත්තානං පීළනං වජ්ජෙත්වා අපීළනාය, උපඝාතං වජ්ජෙත්වා අනුපඝාතෙන, සන්තාපං වජ්ජෙත්වා අසන්තාපෙන, පරියාදානං වජ්ජෙත්වා අපරියාදානෙන, විහෙසං වජ්ජෙත්වා අවිහෙසාය සබ්බෙ සත්තා අවෙරිනො හොන්තු. මා මෙරිනො, සුඛිනො හොන්තු මාදුක්ඛිනො, සුඛිතත්තා හොන්තු මා දුක්ඛිතත්තා’ති ඉමෙහි අට්ඨහාකාරෙහි සබ්බෙ සත්තෙ{1} මෙත්තායතීති මෙත්තා, තං ධම්මං චෙතයතීති චෙතො, සබ්බබ්යාපාදපරියුට්ඨානෙහි විමුච්චතීති විමුත්ති, මෙත්තා ච චෙතො ච විමුත්ති චාති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සතුන් පිළිබඳ (අභ්‍යන්තර වශයෙන්) පෙළීම (තම සිතින්) හැරපියා නො පෙළෙන අයුරින්, (බාහිර වශයෙන්) ශරීරහිංසා හැරපියා අහිංසාකාරයෙන් සිත් තැවුලි හැරපියා නො තැවුලි අයුරින් ජීවිතාදී වස්තුන්ගේ ක්‍ෂයවීම හැරපියා අපරියාදානාකාරයෙන් (මෙරමා කෙරෙත්) දිවිවෙහෙස හැරපියා අවිහිංසාකාරයෙන් හැම සත්හු අවෛරීහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්ම වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් හැම සත්නට මෙත් වඩා නු’යි මෛත්‍රී නමු ඒ ධර්‍මය සිතානු’යි චිත්ත නම. (මෛත්‍රියට ප්‍රතිපක්‍ෂ වූ) හැම ව්‍යාපාදසමුදාචාරයන් කෙරෙන් මිදෙනු’යි විමුක්ති නමු. මෛත්‍රිය ද චිත්තය ද විමුක්තිය දැ’යි මෛත්‍රීචිත්තවිමුක්ති නමු.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූතී සද්ධාය අධිමුච්චති, සද්ධින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රියෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූතී විරියං පග්ගණ්හාති, විරියින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍ර‍්‍රග්‍රහ කෙරේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යෙන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූතී සතිං උපට්ඨාපෙති, සතින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතීන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති චිත්තං සමාදහති, සමාධින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි සිත පිහිවුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධින්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති පඤ්ඤාය පජානාති, පඤ්ඤින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ප්‍රඥායෙන් දැනගනී නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රියයෙන් පරිභාවිත වූවා වේ.
Pali BJTඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි මෙත්තාචෙතොවිමුත්ති ආසෙවීයති. ඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා භාවනා හොන්ති, ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි මෙත්තාචෙතොවිමුත්ති භාවීයති. ඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා බහුලීකතා හොන්ති, ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි මෙත්තාචෙතොවිමුත්ති බහුලීකරීයති. ඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා අලඞ්කාරා හොන්ති, ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි මෙත්තාචෙතොවිමුත්ති ස්වාලඞ්කතා හොති. ඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා පරික්ඛාරා හොන්ති, ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරික්ඛතා හොති ඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා පරිවාරා හොන්ති, ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරිවුතා හොති.
Sinhala BJTමේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ ආසේවනයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ භාවනයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ බහුලීකෘතයෝ වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල (පුනපුනා) කරනු ලැබෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලංකාර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරන ලද වෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි. මේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති. මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
Pali BJTඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, භාවනා හොන්ති, බහුලීකතා හොන්ති, අලඞ්කාරා හොන්ති, පරික්ඛාරා හොන්ති, පරිවාරා හොන්ති, පාරිපූරී හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති, පක්ඛන්දනා හොන්ති, සංසීදනා{1} හොන්ති, පන්තිට්ඨනා හොන්ති, විමුච්චනා හොන්ති, ‘එතං සන්ත’න්ති ඵස්සනා හොන්ති, යානීකතා හොන්ති, වත්ථුකතා හොන්ති, අනුට්ඨිතා හොන්ති, පරිචිතා හොන්ති, සුසමාරද්ධා හොන්ති, සුභාවිතා හොන්ති, ස්වාධිට්ඨිතා හොන්ති, සුසමුග්ගතා හොන්ති, සුවිමුත්තා, හොන්ති, නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.{2}
Sinhala BJTමේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියගේ ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීතෘතයෝ වෙති, අලංකාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දන (ප්‍රවේශන) යෝ වෙති, සංසීදනයෝ වෙති, සන්තිට්ඨන (මධ්‍යස්ථකාරණ) යෝ වෙති. විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ (එළඹසිටියාහු) වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, (මෛත්‍රිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති අස්සද්ධියෙ න කම්පති, සද්ධාබලපරිභාවිතා{3} හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි අශ්‍රද්ධායෙහි නො සැලේ නම් මෛත්‍රී චිත්තවිමුක්තිය ශ්‍රද්ධායෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති කොසජ්ජෙ න කම්පති, විරිබලපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි කුසීදභාවයෙහි නොසැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යයබලයෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති පමාදෙ න කම්පති, සතිබලපරිභාවිතා හොති මෙත්තා චෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි ප්‍රමාදයෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිබලයෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති උද්ධච්චෙ න කම්පති, සමාධිබලපරිභාවිතා හොති මෙත්තා චෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි උද්ධතභාවයෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිබලයෙන් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති අවිජ්ජාය න කම්පති, පඤ්ඤාබලපරිභාවිතා හොති මෙත්තා චෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු අවෛරීහු වෙත්වා නිර්‍භය වෙත්වා සුවපත් වෙත්ව’යි අවිද්‍යායෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥාබලයෙන් පරිභාවිත වූවා වේ.
Pali BJTඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති ඉමෙහි පඤ්චහි බලෙහි මෙත්තා චෙතොවිමුත්ති ආසෙවීයති. ඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතොවිමුත්තියා භාවනා හොන්ති, ඉමෙහි පඤ්චහි බලෙහි මෙත්තාචෙතොවිමුත්ති භාවීයති, ඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතොවිමුත්තියා බහුලීකතා හොන්ති, ඉමෙහි පඤ්චහි බලෙහි මෙත්තා චෙතොවිමුත්ති බහුලීකරීයති, ඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතොවිමුත්තියා අලඞ්කාරා හොන්ති, ඉමෙහි පඤ්චහි බලෙහි මෙත්තාචෙතොවිමුත්ති ස්වාලඞ්කතා හොති. ඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතොවිමුත්තියා පරික්ඛාරා හොන්ති, ඉමෙහි පඤ්චහි බලෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරික්ඛතා හොති. ඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතොවිමුත්තියා පරිවාරා හොන්ති, ඉමෙහි පඤ්චහි බලෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරිවුතා හොති.
Sinhala BJTමේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට භාවනයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල කරනු ලැබෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලංකාරයෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරනලද වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාර (සම්භාර) යෝ වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි. මේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති, මේ පඤ්චබලයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
Pali BJTඉමානි පඤ්ච බලානි මෙත්තාය චෙතෙවිමුත්තියා ආසෙවනා හොන්ති, භාවනා හොන්ති, බහුලීකතා හොන්ති, අලඞ්කාරා හොන්ති, පරික්ඛාරා හොන්ති, පරිවාරා හොන්ති, පාරිපූරී හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති, පක්ඛන්දනා හොන්ති, පසීදනා හොන්ති, සන්තිට්ඨනා හොන්ති, විමුච්චනං හොන්ති, ‘එතං සන්ත’න්ති ඵස්සනා හොන්ති, යානීකතා හොන්ති, වත්ථුකතා හොන්ති, අනුට්ඨිතා හොන්ති, පරිචිතා හොන්ති, සුසමාරද්ධා හොන්ති, සුභාවිතා හොන්ති, ස්වාධිට්ඨිතා හොන්ති, සුසමුග්ගතා හොන්ති, සුවිමුත්තා, හොන්ති, නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTමේ පඤ්චබලයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලංකාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල මෛත්‍රිය ශාන්ත’ යැ යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමූත්‍ථිත වෙති, සුවිමුක්ත වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සතිං උපට්ඨාපෙති, සතිසම්බොජ්ඣඞ්ග{1} පරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි සිහි එළවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති පඤ්ඤාය පවිචිනාති{2} ධම්මවිචයසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි ප්‍රඥායෙන් විමසා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති විරියං පග්ගණ්හාති, විරියසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති පරිළාහං පටිප්පස්සම්භෙති, පීතිසම්බොජ්ඣඞ්ගපරිභාවීතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි (ක්ලේශ) පරිදාහය සන්හිඳුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති දුට්ඨුල්ල පටිප්පස්සම්භෙති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි අශාන්තභාවය සන්හිඳුවා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තු චිත්තං සමාදහති, සමාධිසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිසම්බොධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තු ඤාණෙන කිලෙසෙ පටිසඞ්ඛාති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, භය රහිතයෝ වෙත්වා, සුවපත් වෙත්ව’යි නුවණින් කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග විසින් පරිභාවිත වූවා වේ.
Pali BJTඉමෙ සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, ඉමෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති ආසෙවීයති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති. මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි.
Pali BJTඉමෙ සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා භාවනා හොන්ති, ඉමෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති භාවීයති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට භාවනයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි.
Pali BJTඉමෙ සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා බහුලීකතා හොන්ති, ඉමෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති බහුලීකරීයති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල කරනු ලැබෙයි.
Pali BJTඉමෙ සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා අලඞ්කාරා හොන්ති, ඉමෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති ස්වාලඞ්කතා හොති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට අලඞ්කාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලංකාර කරනලද වෙයි.
Pali BJTඉමෙ සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා පරික්ඛාරා හොන්ති, ඉමෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරික්ඛතා හොති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිෂ්කාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය සුපරිෂ්කෘත වෙයි.
Pali BJTඉමෙ සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා පරිවාරා හොන්ති, ඉමෙහි සත්තහි බොජ්ඣඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරිවුතා හොති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට පරිවාරයෝ වෙති, මේ සප්තබෝධ්‍යඞ්ගයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරන ලද වේ.
Pali BJTඉමෙ සත්ත බොජ්ඣඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, භාවනා හොන්ති, බහුලීකතා හොන්ති, අලඞ්කාරා හොන්ති, පරික්ඛාරා හොන්ති, පරිවාරා හොන්ති, පාරිපූරී හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති පක්ඛන්දනා හොන්ති, පසීදනා හොන්ති, සන්තිට්ඨනා හොන්ති, විමුච්චනා හොන්ති, එතං සන්ත’න්ති ඵස්සනා හොන්ති, යානීකතා හොන්ති, වත්ථුකතා හොන්ති, අනුට්ඨිතා හොන්ති, පරිචිතා හොන්ති, සුසමාරද්ධා හොන්ති, සුභාවිතා හොන්ති, ස්වාධිට්ඨිතා හොන්ති, සුසමුග්ගතා හොන්ති, සුවිමුත්තා හොන්ති, නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTමේ සප්තබෝධ්‍යඞ්ගයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පිරිකර වෙති, පිරිවර වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගියෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්යනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, තෙල (මෛත්‍රීචිත්තවිමුක්තිය) ශාන්ත යැ’යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානීකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති, සුභාවිතයෝ වෙති, සුපිහිටියාහු වෙති, සුසමුත්‍ථිත වෙති, සුවිමුක්ත වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා පස්සති, සම්මාදිට්ඨිපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට දකී නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්දෘෂ්ටි විසින් හාත්පසින් වඩනලද වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා අභිනිරොපෙති, සම්මාසඞ්කප්පපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මැනැවින් අරමුණට නඟා නම් මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සංකල්පය විසින් මොනොවට වඩනා ලද වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මාපරිගණ්හාති, සම්මාවාචා පරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට පරිග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්වචන විසින් මොනොවට වඩන ලද වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා සමුට්ඨාපෙති, සම්මාකම්මන්තපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි (ත්‍රිවිධකායසංවරය) මොනොවට නඟාතබා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක් කර්‍මාන්ත විසින් හාත්පසින් වඩනාලද වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා වොදාපෙති, සම්මාආජිවපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට පරිශුද්ධ කරවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යගාජීව විසින් හාත්පසින් වඩනා ලද වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා පග්ගණ්හාති, සම්මාවායාමපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට ප්‍රග්‍රහ කෙරේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යග්ව්‍යායාම විසින් හාත්පසින් වඩනාලද වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා උපට්ඨාපෙති, සම්මාසතිපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට අරමුණෙහි සිත එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්ස්මෘති විසින් හාත්පසින් වඩනාලද වෙයි.
Pali BJTසබ්බෙ සත්තා අවෙරිනො හොන්තු ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සම්මා සමාදහති, සම්මාසමාධිපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි මොනොවට සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සම්‍යක්සමාධි විසින් හාත්පසින් වඩනාලද වේ.
Pali BJTඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති ආසෙවීයති, ඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා භාවනා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතො විමුත්ති භාවීයති. ඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා බහුලීකතා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති බහුලීකරීයති. ඉමෙ අට්ඨමග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා අලඞ්කාරා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති ස්වාලඞ්කතා හොති, ඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා පරික්ඛාරා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරික්ඛතා හොති, ඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා පරිවාරා හොන්ති, ඉමෙහි අට්ඨහි මග්ගඞ්ගෙහි මෙත්තාචෙතොවිමුත්ති සුපරිවුතා හොති.
Sinhala BJTමේ මාර්‍ගාඞ්ගයෝ අට දෙන මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්ති ට භාවනයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට බහුලීකෘතයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙන විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය බහුල (පුනපුනා) කරනු ලැබෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට අලඞ්කාරයෝ වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට අලඞ්කාර කරනලද වෙයි, මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිකර වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය පරිෂ්කෘත වෙයි. මේ මාර්‍ගාඞ්ගයෝ අටදෙන මෛත්‍රීචිත්තවිමුක්තියට පිරිවර වෙති, මේ මාර්‍ගාඞ්ගයන් අටදෙනා විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය මොනොවට පිරිවරනලද වේ.
Pali BJTඉමෙ අට්ඨ මග්ගඞ්ගා මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, භාවනා හොන්ති, බහුලීකතා හොන්ති, අලඞ්කාරා හොන්ති, පරික්ඛාරා හොන්ති, පරිවාරා හොන්ති, පාරිපූරී හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති, පක්ඛන්දනා හොන්ති, පසීදනා හොන්ති, සන්තිට්ඨනා හොන්ති, විමුච්චනා හොන්ති, ‘එත සන්ත’න්ති ඵස්සනා හොන්ති, යානීකතා හොන්ති, වත්ථුකතා හොන්ති අනුට්ඨිතා හොන්ති, පරිචිතා හොන්ති, සුසමාරද්ධා හොන්ති, ස්වාධිට්ඨිතා හොන්ති, සුසමුග්ගතා හොන්ති, සුවිමුත්තා හොන්ති, නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTමේ මාර්‍ගාඞ්ගයෝ අටදෙනා මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, භාවනයෝ වෙති, බහුලීකෘතයෝ වෙති, අලඞ්කාරයෝ වෙති, පරිෂ්කාරයෝ වෙති, පරිවාරයෝ වෙති, පරිපූර්‍ණභාවයෝ වෙති, සහගතයෝ වෙති, සහජාතයෝ වෙති, සංසෘෂ්ටයෝ වෙති, සම්ප්‍රයුක්තයෝ වෙති, ප්‍රස්කන්‍දනයෝ වෙති, ප්‍රසීදනයෝ වෙති, සන්තිට්ඨනයෝ වෙති, විමුක්තිකාරණයෝ වෙති, ‘තෙල මෛත්‍රීචිත්තවිමුක්තිය ශාන්ත’ යැ යි ස්පර්‍ශකාරණයෝ වෙති, යානිකෘතයෝ වෙති, වාස්තුකෘතයෝ වෙති, අනුෂ්ඨිතයෝ (එළඹසිටියාහු) වෙති, පරිචිතයෝ වෙති, සුසමාරබ්ධයෝ වෙති. මොනොවට පිහිටියාහු වෙති, සුසමුත්‍ථිතයෝ වෙති, සුවිමුක්තයෝ වෙති, (මෛත්‍රීචිත්තවිමුක්තිය) නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
Pali BJTසබ්බෙසං පාණානං -පෙ- සබ්බෙසං භූතානං -පෙ- සබ්බෙසං පුග්ගලානං -පෙ- සබ්බෙසං අත්තභාවපරියාපන්නානං -පෙ- සබ්බෙසං ඉත්ථීනං -පෙ- සබ්බෙසං පුරිසානං -පෙ- සබ්බෙසං අරියානං -පෙ- සබ්බෙසං අනරියානං -පෙ- සබ්බෙසං දෙවානං -පෙ- සබ්බෙසං මනුස්සානං -පෙ- සබ්බෙසං විනිපාතිකානං පීළනං වජ්ජෙත්වා අපීළනාය, උපඝාතං වජ්ජෙත්වා අනුපඝාතෙන, සන්තාපං වජ්ජෙත්වා අසන්තාපෙන, පරියාදානං වජ්ජෙත්වා අපරියාදානෙන, විහෙසං වජ්ජෙත්වා අවිහෙසාය, සබ්බෙ විනිපාතිකා අවෙරිනො හොන්තු, මා වෙරිනො, සුඛිනො හොන්තු, මා දුක්ඛිනො, සුඛිතත්තා හොන්තු, මා දුක්ඛිතත්තාති ඉමෙහි අට්ඨහාකාරෙහි සබ්බෙ විනිපාතිකෙ මෙත්තායතීති මෙත්තා, තං ධම්මං චෙතයතීති චෙතො, සබ්බබ්යාපාද පරියුට්ඨානෙහි විමුච්චිතීති විමුත්ති, මෙත්තා ච චෙතො ච විමුත්ති චාති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම ප්‍රාණයන් පිළිබඳ ... හැම භූතයන් පිළිබඳ ... හැම පුද්ගලයන් පිළිබඳ ... හැම ආත්මභාවපර්‍ය්‍යාපන්නයන් පිළිබඳ ... හැම මාගමුන් පිළිබඳ ... හැම පිරිමින් පිළිබඳ ... හැම ආර්‍ය්‍යයන් පිළිබඳ ... හැම අනාර්‍ය්‍යයන් පිළිබඳ ... හැම දෙවියන් පිළිබඳ ... හැම මිනිසුන් පිළිබඳ ... හැම විනිපාතිකයන් පිළිබඳ (අභ්‍යන්තරශරීර) පීඩනය (තම සිතින්) හැරපියා අපීඩනාකාරයෙන් බාහිරශරීරහිංසාව හැරපියා අහිංසාකාරයෙන් (මනස්) සන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, ජීවිතාදිපරික්‍ෂය හැරපියා අපරියාදානාකාරයෙන්, මෙරමා කෙරෙත් ජීවිතාදිවිහිංසාව හැරපියා අවිහිංසාකාරයෙන්, හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්මයෝ වෙත්වා, නහමක් දුඃඛිතාත්මයෝ වෙත්ව’යි මේ අට අයුරින් හැම විනිපාතිකයන්ට මෙත් වඩා නු’යි ‘මෙත්තා’ නමු. ඒ ධර්‍මය සිතා නු’යි ‘චේතෝ’ නම, (මෛත්‍රීප්‍රතිපක්‍ෂ) හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙත් විමුක්ත වේ නු’යි ‘විමුත්ති’ නමු. මෙත්තා ද චේතෝ ද විමුත්ති දැ’යි ‘මෙත්තාචේතෝවිමුක්ති’ නමු.
Pali BJTසබ්බෙ විනිපාතිකා අචෙරනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සද්ධාය අධිමුච්චති, සද්ධින්ද්රිය පරිභාවිතා හොති මෙත්තා චෙතොවිමුත්ති -පෙ- නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTහැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වෙයි ... නිපදවති, ප්‍රකට කෙරෙති, බබුළුවත්.
Pali BJTසබ්බෙං පුරත්ථිමාය දිසාය සත්තානං -පෙ- සබ්බෙසං පච්ඡිමාය දිසාය සත්තානං -පෙ- සබ්බෙසං උත්තරාය දිසාය සත්තානං -පෙ- සබ්බෙසං දක්ඛිණාය දිසාය සත්තානං -පෙ- සබ්බෙසං පුරත්ථිමාය අනුදිසාය සත්තානං -පෙ- සබ්බෙසං පච්ඡිමාය අනුදිසාය සත්තානං -පෙ- සබ්බෙසං උත්තරාය අනුදිසාය සත්තානං -පෙ- සබ්බෙසං දක්ඛිණාය අනුදිසාය සත්තානං -පෙ- සබ්බෙසං හෙට්ඨිමාය දිසාය සත්තානං -පෙ- සබ්බෙසං උපරිමාය දිසාය සත්තානං පීළනං වජ්ජෙත්වා අපීළනාය උපඝාතං වජ්ජෙත්වා අනුපඝාතෙන, සන්තාපං වජ්ජෙත්වා අසන්තාපෙන, පරියාදානං වජ්ජෙත්වා අපරියාදානෙන, විහෙසං වජ්ජෙත්වා අවිහෙසාය සබ්බෙ උපරිමාය දිසාය සත්තා අවෙරිනො හොන්තු, මා වෙරිනො, සුඛිනො හොන්තු, මා දුක්ඛිනො, සුඛිතත්තා හොන්තු, මා දුක්ඛිතත්තාති ඉමෙහි අට්ඨහාකාරෙහි සබ්බෙ උපරිමාය දිසාය සත්තෙ මෙත්තායතීති මෙත්තා, තං ධම්මං චෙතයතීති චෙතො, සබ්බබ්යාපාදපරියුට්ඨානෙහි විමුච්චිතීති විමුත්ති, මෙත්තා ච චෙතො ච විමුත්ති චාති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTපැදුන්දෙස හැම සතුන් පිළිබඳ ... පැසිම්දෙස හැම සතුන් පිළිබඳ ... උතුරුදෙස හැම සතුන් පිළිබඳ ... දකුණුදෙස හැම සතුන් පිළිබඳ ... පැදුන්අනුදෙස හැම සතුන් පිළිබඳ ... පැසිම් අනුදෙස හැම සතුන් පිළිබඳ ... උතුරු අනුදෙස හැම සතුන් පිළිබඳ ... දකුණු අනුදෙස හැම සතුන් පිළිබඳ ... යටදෙස හැම සතුන් පිළිබඳ ... උඩදෙස හැම සතුන් පිළිබඳ ... (අභ්‍යන්තර ශරීර) පීඩනය (තම සිතින්) හැර පියා අපීඩනාකාරයෙන් බාහිරශරීරහිංසා හැරපියා අහිංසාකාරයෙන්, චිත්තසන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, ජීවිතපරියාදානය හැරපියා අපරියාදානාකාරයෙන් ජීවිතවිහෙසාව හැරපියා අවිහෙසාකාරයෙන්, උඩදෙස හැම සත්හු වෛර නැත්තාහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා, සුවපත් වෙත්වා, නහමක් දුක්පත් වෙත්වා, සුඛිතාත්ම වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් උඩදෙස හැම සත්නට මෙත් වඩානු’යි ‘මෛත්‍රී’ නමු. ඒ ධර්‍මය සිතා නු’යි ‘චිත්ත’ නම. (මෛත්‍රීප්‍රතිපක්‍ෂ) හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙන් මිදේ නු’යි විමුක්ති නමු. මෛත්‍රී ද චිත්ත ද විමුක්ති දැ’යි ‘මෛත්‍රීචිත්තවිමුක්ති’ නමු.
Pali BJTසබ්බෙ උපරිමාය දිසාය සත්තා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සද්ධාය අධිමුච්චති, සද්ධින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතො විමුත්ති -පෙ- නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTඋඩදෙස හැම සත්හු අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි නිපදවති, පාළ කෙරෙති, බබුළුවත්.
Pali BJTසබ්බෙසං පුරත්ථිමාය දිසාය පාණානං -පෙ- භූතානං -පෙ- පුග්ගලානං -පෙ- අත්තභාවපරියාපන්නානං -පෙ- සබ්බාසං ඉත්ථීනං -පෙ- සබ්බෙසං පුරිසානං -පෙ- සබ්බෙසං අරියානං -පෙ- සබ්බෙසං අනරියානං -පෙ- සබ්බෙසං දෙවානං -පෙ- සබ්බෙසං මනුස්සානං -පෙ- සබ්බෙසං විනිපාතිකානං -පෙ- සබ්බෙසං පච්ඡිමාය දිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං උත්තරාය දිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං දක්ඛිණාය දිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං පුරත්ථිමාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං පච්ඡිමාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං උත්තරාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං දක්ඛිණාය අනුදිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං හෙට්ඨිමාය දිසාය විනිපාතිකානං -පෙ- සබ්බෙසං උපරිමාය දිසාය විනිපාතිකානං පීළනං වජ්ජෙත්වා අපීළනාය, උපඝාතං වජ්ජෙත්වා අනුපඝාතෙන සන්තාපං වජ්ජෙත්වා අසන්තාපෙන, පරියාදානං වජ්ජෙත්වා අපරියාදානෙන, විහෙසං වජ්ජෙත්වා අවිහෙසාය, සබ්බෙ උපරිමාය දිසාය සත්තා අවෙරිනො හොන්තු, මා වෙරිනො. සුඛිනො හොන්තු, මා දුක්ඛිනො. සුඛිතත්තා හොන්තු, මා දුක්ඛිතත්තාති ඉමෙහි අට්ඨහාකාරෙහි සබ්බෙ උපරිමාය දිසාය විනිපාතිකෙ මෙත්තායතීති මෙත්තා, තං ධම්මං චෙතයතීති චෙතො, සබ්බබ්යාපාදපරියුට්ඨානෙහි විමුච්චිතීති විමුත්ති, මෙත්තා ච චෙතො ච විමුත්ති චාති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTපැදුන්දෙස හැම ප්‍රාණයන් පිළිබඳ .. භූතයන් ... පුද්ගලයන් ආත්මභාවපර්‍ය්‍යාපන්නයන් පිළිබඳ ... හැම ස්ත්‍රීන් ... හැම පුරුෂයන් ... හැම ආර්‍ය්‍යයන් ... හැම අනාර්‍ය්‍යයන් ... හැම දෙවියන් ... හැම මිනිසුන් ... හැම විනිපාතිකයන් පිළිබඳ ... පැදුන්දෙස හැම විනිපාතිකයන් ... පැසිම් දෙස හැම විනිපාතිකයන් ... උතුරුදෙස හැම විනිපාතිකයන් ... දතුණුදෙස හැම විනිපාතිකයන් ... පැදුන් අනුදෙස හැම විනිපාතිකයන් ... පැසිම් අනුදෙස හැම විනිපාතිකයන් ... උතුරු අනුදෙස හැම විනිපාතිකයන් ... දකුණු අනුදෙස හැම විනිපාතිකයන් ... යටදෙස හැම විනිපාතිකයන් ... උඩදෙස හැම විනිපාතිකයන් පිළිබඳ පීඩනය හැරපියා අපීඩනාකාරයෙන්, උපඝාතය හැරපියා අනුපඝාතාකාරයෙන්, සන්තාපය හැරපියා අසන්තාපාකාරයෙන්, පරියාදානය හැරපියා අපරියාදානාකාරයෙන්, විහෙසාව හැරපියා අවිහෙසාකාරයෙන්, උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නහමක් වෛරීහු වෙත්වා. සුඛීහු වෙත්වා, නහමක් දුඃඛීහු වෙත්වා. සුඛිතාත්මයෝ වෙත්වා, නහමක් දුඃඛිතාත්ම වෙත්ව’යි මේ අට අයුරින් උඩදෙස හැම විනිපාතිකයනට මෙත් වඩානු’යි ‘මෛත්‍රී’ නමු. ඒ ධර්‍මය සිතානු’යි ‘චිත්ත’ නමු. හැම ව්‍යාපාදපර්‍ය්‍යුත්‍ථානයන් කෙරෙත් මිදේ නු’යි විමුක්ති නමු. මෛත්‍රී ද චිත්ත ද විමුක්ති දැ’යි ‘මෛත්‍රීචිත්තවිමුක්ති’නමු.
Pali BJTසබ්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති සද්ධාය අධිමුච්චති, සද්ධින්ද්රිය පරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති. සබ්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති විරියං පග්ගණ්හාති, විරියින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- සති උපට්ඨාපෙති, සතින්ද්රියපරිභාවිතා හොති මෙත්තා චෙතොවිමුත්ති -පෙ- චිත්තං සමාදහති, සමාධින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- පඤ්ඤාය පජානාති, පඤ්ඤින්ද්රියපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTහැම උඩදෙස විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි ශ්‍රද්ධායෙන් අධිමුක්ත වේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. උඩදෙස හැම විනිපාතිකයෝ අවෛරීහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි වීර්‍ය්‍යය ප්‍රග්‍රහ කෙරේ නම්, ‘මෛත්‍රීචිත්තවිමුක්තිය’ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. සිහි එළවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතීන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි. සිත පිහිටුවා නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධීන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වෙයි, ප්‍රඥායෙන් දැනගනී නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥේන්‍ද්‍රිය විසින් පරිභාවිත වූවා වේ.
Pali BJTඉමානි පඤ්චින්ද්රියානි මෙත්තාය චෙතොවිමුත්තියා ආසෙවනා හොන්ති, ඉමෙහි පඤ්චහි ඉන්ද්රියෙහි මෙත්තාචෙතොවිමුත්ති ආසෙවීයති -පෙ- නිබ්බත්තෙන්ති, ජොතෙන්ති, පකාසෙන්ති.
Sinhala BJTමේ පඤ්චේන්‍ද්‍රියයෝ මෛත්‍රීචිත්තවිමුක්තියට ආසේවනයෝ වෙති, මේ පඤ්චේන්‍ද්‍රියයන් විසින් මෛත්‍රීචිත්තවිමුක්තිය ආදරයෙන් සෙවුනා ලැබෙයි. ... නිර්වර්තනය කෙරෙති, ද්‍යොතනය කෙරෙති, ප්‍රකාශනය කෙරෙත්.
Pali BJTසබ්බෙ උපරිමාය දිසාය විනිපාතිකා අවෙරිනො හොන්තු, ඛෙමිනො හොන්තු, සුඛිනො හොන්තූති අස්සද්ධියෙන කම්පති, සද්ධාබලපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- කොසජ්ජෙ න කම්පති, විරියබලපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- පමාදෙ න කම්පති, සති බලපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- උද්ධච්චෙ න කම්පති, සමාධිබලපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති -පෙ- අවිජ්ජාය න කම්පති, පඤ්ඤාබලපරිභාවිතා හොති මෙත්තාචෙතොවිමුත්ති.
Sinhala BJTඋඩදෙස හැම විනිපාතිකයෝ වෛර නැත්තාහු වෙත්වා, නිර්‍භය වෙත්වා, සුවපත් වෙත්ව’යි අශ්‍රද්ධායෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ශ්‍රද්ධාබල විසින් පරිභාවිත වූවා වෙයි ... කෞසීද්‍යායෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය වීර්‍ය්‍යබල විසින් පරිභාවිත වූවා වෙයි. ප්‍රමාදයෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය ස්මෘතිබල විසින් පරිභාවිත වූවා වෙයි ... ඖද්ධත්‍යයෙහි නො සැලේ නම්, මෛත්‍රීචිත්තවිමුක්තිය සමාධිබල විසින් පරිභාවිත වූවා වෙයි. අවිද්‍යායෙහි නො සැලේ නම් මෛත්‍රීචිත්තවිමුක්තිය ප්‍රඥාබල විසින් පරිභාවිත වූවා වේ.