Pali BJTකථං වුට්ඨානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චසහගතකිලෙසෙහි ච ඛන්ධෙ ච වුට්ඨහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ්ජාසහගකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨහතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධගොචරා. ඉති වුට්ඨානට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති: වුට්ඨානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් ව්‍යුත්‍ථාන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්. ඖද්ධත්‍යසහගත ක්ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැගෙන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැගෙන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ව්‍යුත්‍ථානාර්‍ත්‍ථයෙන් ශමථ විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘වුට්ඨානට්ඨෙන සමථ–විපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
Pali BJTකථං විවට්ටනට්ඨෙන{1} සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චසහගතකිලෙසෙහි ච ඛන්ධෙහි ච විවට්ටතො{2} චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ්ජාසහගකිලෙසෙහි ච ඛන්ධෙහි ච විවට්ටතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධගොචරා. ඉති විවට්ටනට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති. අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති: ‘විවට්ටනට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් විවර්‍තන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් ද කෙරෙන් ද විවර්‍තනය වන (වටාලා නො පෙරළෙන අයුරින් නවත්නා) යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් ද කෙරෙන් ද විවර්‍තනය වන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් විවර්‍තනාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘විවට්ටනට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
Pali BJTකථං සන්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි සන්තො හොති නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා සන්තා හොති නිරොධගොචරා. ඉති සන්තට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති ‘සන්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ -පෙ-
Sinhala BJTකිසෙයින් ශාන්ත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේප සමාධිය ශාන්ත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ශාන්ත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් ශාන්ත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි ‘සන්තට්ඨෙනසමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
Pali BJTකථං පණීතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි පණීතො හොති නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා පණීතා හොති නිරොධගොචරා. ඉති පණීතට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති ‘පණීතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් ප්‍රණීත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය ප්‍රණීත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව ප්‍රණීත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් ප්‍රණීත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පණීතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
Pali BJTකථං විමුත්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි කාමාසවා විමුත්තො හොති නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා අවිජ්ජාසවා විමුත්තා හොති නිරොධගොචරා. ඉති රාගවිරාගා චෙතොවිමුත්ති, අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති. ඉති විමුත්තිට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති ‘විමුත්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් විමුක්තාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය කාමාස්‍රවය කෙරෙන් මිදුණේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවිද‍්‍යාස්‍රවය කෙරෙන් මිදුණි නිරෝධගෝචර වෙයි. මෙසෙයින් රාගවිරාගයෙන් චිත්තවිමුක්තිය වෙයි, අවිද්‍යාවිරාගයෙන් ප්‍රඥාවිමුක්තිය වෙයි. මෙසෙයින් විමුක්තාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘විමුත්තතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.
Pali BJTකථං අනාසවට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි කාමාසවෙන අනාවාසො හොති නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා අවිජ්ජාසවෙන අනාසවා හොති නිරොධගොචරා. ඉති අනාසවට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති අනාසවට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් අනාස්‍රවාර්‍ත්‍ථයෙන් ශමථ විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය කාමාස්‍රවයෙන් අනාස්‍රව වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව අවිද‍්‍යාස්‍රවයෙන් අනාස්‍රව වූයේ නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අනාස්‍රවාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘අනාසවට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
Pali BJTකථං තරණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච තරතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ්ජාසහගකිලෙසෙ ච ඛන්ධෙ ච තරතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධගොචරා. ඉති තරණට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති: ‘තරණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් තරණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය සහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද තරණය කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද තරණය කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් තරණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘තරණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
Pali BJTකථං අනිමිත්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි සබ්බනිමිත්තෙහි අනිමිත්තො හොති නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා සබ්බනිමිත්තෙහි අනිමිත්තා හොති නිරොධගොචරා. ඉති අනිමිත්තට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති ‘අනිමිත්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් අනිමිත්ත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම නිමිත්ත කෙරෙන් වෙන් වැ අනිමිත්ත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම නිමිත්ත කෙරෙන් වෙන් වැ අනිමිත්ත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අනිමිත්ත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ එකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘අනිමිත්තට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
Pali BJTකථං අප්පණිහිතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි සබ්බපණිධීහි අප්පණිහිතො හොති නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා සබ්බපණිධීහි අප්පණිහිතා හොති නිරොධගොචරා. ඉති අප්පණිහිතට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති: ‘අප්පණිහිතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් අප්‍රණිහිත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම ප්‍රණිධීන් කෙරෙන් වෙන් වැ අප්‍රණිහිත වූයේ නිරෝධගෝචර වෙයි, අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම ප්‍රණිධීන් කෙරෙන් වෙන් වැ අප්‍රණිහිත වූවා නිරෝධගෝචර වෙයි. මෙසෙයින් අප්‍රණිහිත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි; ‘අප්පණිහිතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු ...
Pali BJTකථං සුඤ්ඤතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි සබ්බාභිනිවෙසෙහි සුඤ්ඤො හොති නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා සබ්බාභිනිවෙසෙහි සුඤ්ඤා හොති නිරොධගොචරා. ඉති සුඤ්ඤතට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති ‘සුඤ්ඤතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’
Sinhala BJTකිසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය හැම අභිනිවේශයන් කෙරෙන් ශුන්‍ය වූයේ නිරෝධාලම්බන වෙයි. අවිද‍්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව හැම අභිනිවේශයන් කෙරෙන් ශුන්‍ය වූවා නිරෝධාලම්බන වෙයි. මෙසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘සුඤ්ඤතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.
Pali BJTභාවෙතීති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනිතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTභාවෙති යනු භාවනා සතරෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් ශමථ–විදර්‍ශනා සඞ්ඛ්‍යාත යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍ය ස්වභාවයෙන් භාවනා යැ, තදනුරූපවීර්‍ය්‍යධූර ස්වභාවයෙන් භාවනා යැ, ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
Pali BJTමග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති -පෙ- එවං මග්ගො සඤ්ජායති, එවං සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති. එවං සුඤ්ඤතට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.
Sinhala BJTමග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදී. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් ශුන්‍යත වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.
Pali BJTඉමෙහි සොළහි ආකාරෙහි සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.
Sinhala BJTමේ සොළොස් අයුරින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩයි.
Pali BJTඑවං සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.
Sinhala BJTමෙසෙයින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.
Pali BJTකථං ධම්මුද්ධච්චවිග්ගහිතං මානසං{1} හොති: අනිච්චතො මනසිකරොතො ඔභාසො උප්පජ්ජති, ‘ඔභාසො ධම්මො’ති ඔභාසං ආවජ්ජති. තතො වික්ඛෙපො උද්ධච්චං. තෙන උද්ධච්චෙන විග්ගහිතමානසො අනිච්චතො උප්පට්ඨානං යථාභූතං නප්පජායාති, දුක්ඛතො උපට්ඨානං යථාභූතං නප්පජානාති, අනත්තතො උපට්ඨානං යථාභූතං නප්පජානාති. තෙන වුච්චති: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ හොති සො සමයො: යං තා චිත්තං අජ්ඣත්තමෙව සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
Sinhala BJTකිසෙයින් ඕභාසාදි ධර්‍මයෙහි වික්‍ෂේපයෙන් විරෝධයට පමුණුවනලද සිත වෙයි යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවාහට විදර්‍ශනාවභාසය උපදියි. අවභාසය මාර්‍ගඵලධර්‍ම යැ’ යි අවභාසය ආවර්‍ජනා කෙරෙයි. ඒ අවභාසයෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍යය නම. ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවනලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. අනාත්ම හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනාවීථියට බැස සිටි) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ.
Pali BJTතස්ස මග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති: දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මග්ගො සඤ්ජායති -පෙ- එවං මග්ගො සඤ්ජායති. -පෙ- එවං සංයොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTතස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී ... මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTඅනිච්චතො මනසිකරොතො ඤාණං උප්පජ්ජති පීති උප්පජ්ජති පස්සද්ධි උප්පජ්ජති සුඛං උප්පජ්ජති -පෙ- අධිමොක්ඛො උප්පජ්ජති -පෙ- පග්ගහො{1}. උප්පජ්ජති -පෙ- උපට්ඨානං උප්පජ්ජති -පෙ- උපෙක්ඛා උප්පජ්ජති -පෙ- නිකන්ති උප්පජ්ජති, ‘නිකන්ති ධම්මො’ති නිකන්තිං ආවජ්ජති. තතො වික්ඛෙපො උද්ධච්චං, තෙන උද්ධච්චෙන විග්ගහිතමානසො අනිච්චතො උපට්ඨානං යථාභූතං නප්පජාති, දුක්ඛතො උපට්ඨානං යථාභූතං නප්පජානාති, අනත්තතො උපට්ඨානං යථාභූතං නප්පජානාති. තෙන වුච්චති: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ හොති සො සමයො, යං තං චිත්තං අජ්ඣත්තමෙව සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. තස්ස මග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති -පෙ- එවං සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවාහට විදර්‍ශනාඥානය උපදියි ... විදර්‍ශනා ප්‍රීතිය උපදියි ... විදර්‍ශනා ප්‍රශ්‍රබ්ධිය උපදියි ... විදර්‍ශනා සුඛය උපදියි ... අධිමෝක්‍ෂය (ශ්‍රද්ධාව) උපදියි ... වීර්‍ය්‍යය උපදියි ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදියි ... උපේක්‍ෂාව උපදියි ... විදර්‍ශනා නිකාන්තිය උපදියි ... නිකාන්තිය මාර්‍ගඵල ධර්‍ම යැ’යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම්. ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. දුඃඛ හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. අනාත්ම හෙයින් වැටහීම් ඇති සැටියෙන් නො දනියි. එයින් කියනු ලැබෙයි. ‘ධම්මූද්ධච්ච විග්ගහිත මානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනා වීථියට බැස සිටි) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ. තස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදියි. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTදුක්ඛතො මනසිකරොතො -පෙ- අනත්තතො මනසිකරොතො ඔභාසො උප්පජ්ජති -පෙ- ඤාණං උප්පජ්ජති -පෙ- පීති උප්පජ්ජති -පෙ- පස්සද්ධි උප්පජ්ජති -පෙ- සුඛං උප්පජ්ජති -පෙ- අධිමොක්ඛො උප්පජ්ජති -පෙ- පග්ගහො උප්පජ්ජති -පෙ- උපට්ඨානං උප්පජ්ජති -පෙ- උපෙක්ඛා උප්පජ්ජති -පෙ- නිකන්ති උප්පජ්ජති, ‘නිකන්ති ධම්මො’ති නිකන්තිං ආවජ්ජති. තතො වික්ඛෙපො උද්ධච්චං, තෙන උද්ධච්චෙන විග්ගහිතමානසො අනත්තතො උපට්ඨානං -පෙ- අනිච්චතො උපට්ඨානං -පෙ- දුක්ඛතො උපට්ඨානං යථාභූතං නප්පජානාති, තෙන වුච්චති: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ -පෙ- එවං සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... අනාත්ම හෙයින් කරනුවාහට ඕභාසය උපදියි, ... ඥානය උපදියි ... ප්‍රීතිය උපදියි ... ප්‍රශ්‍රබ්ධිය උපදියි ... සුඛය උපදියි ... අධිමෝක්‍ෂය උපදියි ... වීර්‍ය්‍යය උපදියි ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදියි ... උපේක්‍ෂාව උපදියි ... නිකාන්තිය උපදී. නිකාන්තිය මාර්‍ග ඵල ධර්‍ම යැ’යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම, ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනාත්ම හෙයින් වැටහීම ... අනිත්‍ය හෙයින් වැටහීම ... දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො’ යි. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTරූපං අනිච්චතො මනසිකරොතො -පෙ- රූපං දුක්ඛතො මනසිකරොතො -පෙ- රූපං අනත්තතො මනසිකරොතො -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො මනසිකරොතො -පෙ- ජරාමරණං දුක්ඛතො මනසිකරොතො -පෙ- ජරාමරණං අනත්තතො මනසිකරොතො ඔභාසො උප්පජ්ජති -පෙ- ඤාණං උප්පජ්ජති -පෙ- පීති උප්පජ්ජති -පෙ- පස්සද්ධි උප්පජ්ජති -පෙ- සුඛං උප්පජ්ජති -පෙ- අධිමොක්ඛො උප්පජ්ජති -පෙ- පග්ගහො උප්පජ්ජති -පෙ- උපට්ඨානං උප්පජ්ජති -පෙ- උපෙක්ඛා උප්පජ්ජති -පෙ- නිකන්ති උප්පජ්ජති, ‘නිකන්ති ධම්මො’ති නිකන්තිං ආවජ්ජති තතො වික්ඛෙපො උද්ධච්චං, තෙන උද්ධච්චෙන විග්ගහිතමානසො ජරාමරණං අනත්තතො උපට්ඨානං යථාභූතං නප්පජානාති, ජරාමරණං අනිච්චතො උප්පට්ඨානං යථාභූතං නප්පජානාති, ජරාමරණං දුක්ඛතො උපට්ඨානං යථාභූතං නප්පජානාති, තෙන වුච්චති: ‘ධම්මුද්ධච්චවිග්ගහිතමානසො, හොති සො සමයො, යං තං චිත්තං අජ්ඣත්තමෙව සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
Sinhala BJTරූපය අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුවාහට ... රූපය දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... රූපය අනාත්‍ම හෙයින් මෙනෙහි කරනුවාහට ... වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය හෙයින් මෙනෙහි කරනුවාහට ... ජරාමරණය දුඃඛ හෙයින් මෙනෙහි කරනුවාහට ... ජරාමරණය අනාත්ම හෙයින් මෙනෙහි කරනුවාහට ඕභාසය උපදී ... විදර්‍ශනාඥානය උපදී ... ප්‍රීතිය උපදී ... ප්‍රශ්‍රබ්‍ධිය උපදී ... සුඛය උපදී ... අධිමෝක්‍ෂය උපදී ... වීර්‍ය්‍යය උපදී ... විදර්‍ශනා සම්ප්‍රයුක්‍ත ස්මෘතිය උපදී ... උපේක්‍ෂාව උපදී ... නිකාන්තිය උපදී. නිකාන්තිය මාර්‍ග ඵල ධර්‍ම යැ’ යි නිකාන්තිය ආවර්‍ජනා කෙරෙයි. ඒ නිකාන්තියෙන් උපදනා වික්‍ෂේපය ඖද්ධත්‍ය නම, ඒ ඖද්ධත්‍යයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ ජරාමරණය අනාත්ම හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී, ජරාමරණය අනිත්‍ය හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී, ජරාමරණය දුඃඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනී. එයින් කියනු ලැබෙයි: ‘ධම්මූද්ධච්චවිග්ගහිතමානසො’ යි. යම් කලෙක ඒ (විදර්‍ශනාවීථීයට බැස සිටී) සිත ගෝචරාධ්‍යාත්ම සඞ්ඛ්‍යාත ආලම්බනයෙහි මැ පිහිටා නම් මොනොවට හිඳී නම් එකඟ වේ නම් මොනොවට සිටී නම් එබඳු සමයෙක් වේ.
Pali BJTතස්ස මග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති: -පෙ- එවං මග්ගො සඤ්ජායති -පෙ- එවං සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTතස්ස මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදී. ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTඑවං ධම්මුද්ධච්චවිග්ගහිතං මානසං හොති.
Sinhala BJTමෙසෙයින් ඕභාසාදි ධර්‍මයෙහි වික්‍ෂේපයෙන් විරෝධයට පමුණුවන ලද සිත වේ.
Pali BJT(1) “ඔභාසෙ චෙව ඤාණෙ ච පීතියා ච විකම්පති පස්සද්ධියා සුඛෙ චෙව යෙහි චිත්තං පවෙධති,
Sinhala BJT(1) විදර්‍ශනාවභාස නිමිත්තෙන් ද විදර්‍ශනාඥාන නිමිත්තෙන් ද විදර්‍ශනා ප්‍රීති නිමිත්තෙන් ද යෝගී තෙම විවිධ වැ කම්පා වෙයි, යම් ප්‍රශ්‍රබ්‍ධි ආදියෙකින් සිත සැලේ නම් ඒ විදර්‍ශනා ප්‍රශ්‍රබ්‍ධි නිමිත්තෙන් ද විදර්‍ශනා සුබ නිමිත්තෙන් ද යෝගී තෙම කම්පා වෙයි.
Pali BJT(2) අධිමොක්ඛෙ ච පග්ගාහෙ උපට්ඨානෙ ච කම්පති උපෙක්ඛාවජ්ජනාය චෙව{1} උපෙක්ඛාය ච නිකන්තියා,
Sinhala BJT(2) අධිමෝක්‍ෂ නිමිත්තෙන් ද විර්‍ය්‍ය නිමිත්තෙන් ද විදර්‍ශනා සම්ප්‍රයුක්ත ස්මෘති නිමිත්තෙන් ද අවර්‍ජනෝපේක්‍ෂා නිමිත්තෙන් ද විදර්‍ශනොපෙක්‍ෂා නිමිත්තෙන් ද විදර්‍ශනානිකාන්ති නිමිත්තෙන් ද යෝගී තෙම කම්පා වෙයි.
Pali BJT(3) ඉමානි දස ඨානානි පඤ්ඤා යස්ස පරිචිතා{2} ධම්මුද්ධච්චකුසලො හොති න ච සම්මොහං ගච්ඡති,{3}
Sinhala BJT(3) මේ අවභාසාදි දශ උපක්ලේශ කාරණයෝ යමක්හු විසින් ප්‍රඥායෙන් පුරුදු කරන ලද්දාහු ද හෙතෙම අවභාසාදි ධර්‍මයෙහි ඖද්ධත්‍යය සඞ්ඛ්‍යාත වික්‍ෂේපයෙහි කුශල වූයෙ වෙයි, නො ද සම්මෝහයට යෙයි.
Pali BJT(4) වික්ඛිපති{4} චෙව කිලිස්සති ච චවති චිත්තභාවනා වික්ඛිපති න කිලිස්සති{5} භාවනා පරිහායති,
Sinhala BJT(4) යෝගාවචර තෙම ඔභාසාදියෙහි වික‍්ෂෙප වේ නම් තෘෂ්ණාමානදෘෂ්ටීන් කිලිටි ද වේ නම් එකල්හි චිත්ත භාවනායෙන් ච්‍යුත වෙයි, වික්‍ෂේප වේ නම් කිලිටි නො වේ නම් භාවනායෙන් පිරිහෙයි.
Pali BJT(5) වික්ඛිපති න කිලිස්සති භාවනා න පරිහායති න ච වික්ඛිපතෙ චිත්තං න කිලිස්සති න චවති චිත්තභාවනා,
Sinhala BJT(5) වික්‍ෂේප වේ නම් කිලිටි නො වේ නම් තියුණු නුවණැතියේ භාවනායෙන් නො පිරිහෙයි. නො ද වික්‍ෂේප වේ නම් සිත කිලිටි නො වේ නම් චිත්තභාවනායෙන් ච්‍යුත නො වෙයි.
Pali BJT(6) ඉමෙහි චතූහි ඨානෙහි චිත්තස්ස සඞ්ඛෙපවික්ඛෙපවිග්ගහිතං දසට්ඨානෙ (මානසං කුසලො) සම්පජානාතී”ති{6}
Sinhala BJT(6) මේ සතර කරුණින් අවභාසාදි දශ විධ උපක්ලේශකාරණයෙහි චිත්තයාගේ ලීනෝද්ධත භාවයෙන් විරෝධයට පමුණුවන ලද සිත කුශල වූ යෝගී තෙම මොනොවට දැනගනී’ යයි.
Pali BJTයුගනද්ධකථා සමත්තා
Sinhala BJTයුගනද්ධකථා නිමි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTසච්චකථා
Sinhala BJTසත්‍ය කථා
Pali BJTපරිපුණ්ණනිදානි,{7} “චත්තාරිමානි භික්ඛවෙ තථානි අවිතථානි අනඤ්ඤාථානි. කතමානි චත්තාරි: ‘ඉදං දුක්ඛ’න්ති භික්ඛවෙ තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං, “අයං දුක්ඛසමුදයො’ති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං ‘අයං දුක්ඛනිරොධො’ති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං, ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි තථානි අවිතථානි අනඤ්ඤථානි.”{a}
Sinhala BJTපරිපූර්‍ණතිදන යි. “මහණෙනි, මොහු සතර දෙන (යථාස්වාභාව හෙයින්) තථ නම් වෙති. (විපරීතාභාවයෙන්) අවිතථ නම් වෙති, (අන්‍යස්වාභාව රහිත බැවින්) අනඤ්ඤථ නම් වෙත්. කවර සතර දෙනෙක යත්: මහණෙනි, ‘මේ දුක යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛසමුදය යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධ යැ’ යන මෙය තථ යැ. අවිතථ යැ අනඤ්ඤථ යැ. ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැ’ යන මෙය තථ යැ අවිතථ යැ අනඤ්ඤථ යි. මහණෙනි, මොහු සතර දෙන තථ අවිතථ අනඤ්ඤථ නම් වෙත්.
Pali BJTකථං දුක්ඛං තථට්ඨෙන සච්චං: චත්තාරො දුක්ඛස්ස දුක්ඛට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො, ඉමෙ චත්තාරො දුක්ඛස්ස දුක්ඛට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං දුක්ඛං තථට්ඨෙන සච්චං.
Sinhala BJTකිසෙයින් දුඃඛය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථ යැ ආයූහනාර්‍ත්‍ථ යැ සන්තාපාර්‍ත්‍ථ යැ විපරිණාමාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන දුඃඛයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ දුඃඛාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් දුඃඛය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
Pali BJTකථං සමුදයො තථට්ඨෙන සච්චං. චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො, ඉමෙ චත්තාරො සමුදයස්ස සමුදයට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං සමුදයො තථට්ඨෙන සච්චං.
Sinhala BJTකිසෙයින් සමුදය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථ යැ නිදානාර්‍ත්‍ථ යැ සංයෝගාර්‍ත්‍ථ යැ පලිබෝධාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන සමුදයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ සමුදයාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් සමුදය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
Pali BJTකථං නිරොධො තථට්ඨෙන සච්චං: චත්තාරො නිරොධස්ස නිරොධට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො, ඉමෙ චත්තාරො නිරොස්ස නිරොධට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං නිරොධො තථට්ඨෙන සච්චං.
Sinhala BJTකිසෙයින් නිරෝධය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථ යැ විවේකර්‍ත්‍ථ යැ අසඞ්ඛතාර්‍ත්‍ථ යැ අමෘතාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන නිරෝධයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ නිරෝධාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් නිරෝධය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
Pali BJTකථං මග්ගො තථට්ඨෙන සච්චං චත්තාරො මග්ගස්ස මග්ගට්ඨා තථා අවිතථා අනඤ්ඤථා: මග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො{1} දස්සනට්ඨො ආධිපත්යෙයට්ඨො, ඉමෙ චත්තාරො මග්ගස්ස මග්ගට්ඨා තථා අවිතථා අනඤ්ඤථා, එවං මග්ගො තථට්ඨෙන සච්චං.
Sinhala BJTකිසෙයින් මාර්‍ගය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: මාර්‍ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්‍ගාර්‍ත්‍ථයෝ සතර දෙනෙක: මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථ යැ හෙත්‍ථර්‍ත්‍ථ යැ දර්‍ශනාර්‍ත්‍ථ යැ අධිපතිභාවාර්‍ත්‍ථ යි. මොහු සතර දෙන මාර්‍ගයාගේ තථ වූ අවිතථ වූ අනඤ්ඤථ වූ මාර්‍ගාර්‍ත්‍ථයෝ යි. මෙසෙයින් මාර්‍ගය යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTකතීහාකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි{2} චතූහාකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි: තථට්ඨෙන අනත්තට්ඨෙන සච්චට්ඨෙන පටිවෙධට්ඨෙන. ඉමෙහි චතූහාකාරෙහි චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙයි යත්: සතර අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්මාර්ත්ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙනි. මේ සතර අයුරින් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ගෘහීත වෙති, යම් හෙයකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
Pali BJTකතං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි චතූහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො තථට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො තථට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො තථට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො තථට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය තථාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය තථාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය තථාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය තථාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් තථාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයෙකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද, එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
Pali BJTකතං අනත්තට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: චතූහාකාරෙහි අනත්තට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො අනත්තට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො අනත්තට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො අනත්තට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො අනත්තට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි අනත්තට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය අනාත්මාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් අනාත්මාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ, යම් හෙයෙකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද, එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
Pali BJTකතං සච්චට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: චතූහාකාරෙහි සච්චට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො සච්චට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො සච්චට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො සච්චට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො සච්චට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි සච්චට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය සත්‍යාර්‍ත්‍ථ යැ. මේ සතර අයුරින් සත්‍යාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරන ලද ද, එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
Pali BJTකතං පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: චතූහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො පටිවෙධට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො පටිවෙධට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො පටිවෙධට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො පටිවෙධට්ඨො, ඉමෙහි චතූහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සතර අයුරෙකින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ. සමුදයාගේ සමුදයස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ නිරෝධයාගේ නිරෝධස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය ප්‍රතිවේධාර්‍ත්‍ථ යි. මේ සතර අයුරින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලදහ. යම් හෙයකින් එකෙකි අර්‍ත්‍ථයෙන් සඞ්ග්‍රහ කරනලද ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
Pali BJTකතං චත්තාරි සච්චානි එකපටිවෙධානි: යං අනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තං අනිච්චං{1} යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච තං අනත්තා. යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච අනත්තා ච තං තථං, යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච අනත්තා ච තථඤ්ච, තං සච්චං, යං අනිච්චඤ්ච දුක්ඛඤ්ච අනත්තා ච තථඤ්ච සච්චඤ්ච, තං එකසඞ්ගහිතං යං එකසඞ්ගහිතං, තං එකත්තං. එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: යමෙක් අනිත්‍ය වේ ද හේ දුඃඛ යැ, යමෙක් දුඃඛ වේ ද හේ අනිත්‍ය යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් වේ ද හේ අනාත්ම යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් වේ ද හේ තථ යැ, යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් තථත් වේ ද හේ සත්‍ය යැ යමෙක් අනිත්‍යත් දුඃඛත් අනාත්මත් තථත් සත්‍යත් වේ ද හේ ඒකසඞ්ගෘහීත යැ, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ එක ප්‍රතිවේධ වෙත්.
Pali BJTකතීහාකාරෙහි{2} චත්තාරි සච්චානි එකපටිවෙධානි: නවහාකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි: තථට්ඨෙන අනත්තට්ඨෙන සච්චට්ඨෙන පටිවෙධට්ඨෙන අභිඤ්ඤට්ඨෙන පරිඤ්ඤට්ඨෙන පහානට්ඨෙන භාවනට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන. ඉමෙහි නවහාකාරෙහි චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: නව අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්මාර්ත්ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන අභිඥාර්‍ත්‍ථයෙන පරිඥාර්‍ත්‍ථයෙන ප්‍රහාණාර්‍ත්‍ථයෙන භාවනාර්‍ත්‍ථයෙන සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙනි. මේ නව අයුරින් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
Pali BJTකතං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: නවහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස දුක්ඛට්ඨො තථාට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො තථට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො තථට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො තථට්ඨො, අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨො තථට්ඨො, පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨො තථට්ඨො, පහානස්ස පහානට්ඨො තථට්ඨො, භාවනාය භාවනට්ඨො තථට්ඨො, සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨො තථට්ඨො. ඉමෙහි නවහාකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: නව අයුරෙකින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛස්වාභාවය තථාර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයස්වභාවය තථාර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධස්වභාවය තථාර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය තථාර්‍ත්‍ථ යැ, අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, භාවනාවගේ භාවනාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යැ, සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය තථාර්‍ත්‍ථ යි. මේ නව අයුරින් යථාස්වාභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයෙකින් ඒකසඞ්ගෘහීත ද එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
Pali BJTකතං අනත්තට්ඨෙන -පෙ- සච්චට්ඨෙන -පෙ- පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: -පෙ- නවහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි. දුක්ඛස්ස දුක්ඛට්ඨො පටිවෙධට්ඨො, සමුදයස්ස සමුදයට්ඨො පටිවෙධට්ඨො, නිරොධස්ස නිරොධට්ඨො පටිවෙධට්ඨො, මග්ගස්ස මග්ගට්ඨො පටිවෙධට්ඨො, අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨො පටිවෙධට්ඨො, පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨො පටිවෙධට්ඨො, සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨො පටිවෙධට්ඨො. ඉමෙහි නවහාකාරෙහි පටිවෙධට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතී’ති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් ... සත්‍යාර්‍ත්‍ථයෙන් ... ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්; නව අයුරෙකින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, අභිඥාවගේ අභිඥාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, පරිඥාවගේ පරිඥාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, ප්‍රහාණයාගේ ප්‍රහාණාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, භාවනාවගේ භාවනාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යැ, සාක්‍ෂාත්ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථය ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථ යි. මේ නව අයුරින් ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක්ඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
Pali BJTකතීහාකාරෙහි චත්තාරි සච්චානි එක පටිවෙධානි: ද්වාදසහි ආකාරෙහි චත්තාරි සච්චානි එකපටිවෙධානි; තථට්ඨෙන අනත්තට්ඨෙන සච්චට්ඨෙන පටිවෙධට්ඨෙන අභිජානනට්ඨෙන පරිජානට්ඨෙන ධම්මට්ඨෙන ධාතුට්ඨෙන{1} ඤාතට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵුසනට්ඨෙන{2} අභිසමයට්ඨෙන. ඉමෙහි ද්වාදසහි ආකාරෙහි චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිහි අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: දොළොස් අයුරෙකින් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: යථාස්වභාවාර්‍ත්‍ථයෙන අනාත්මාර්ත්ථයෙන සත්‍යාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධ කළයුතු අර්‍ත්‍ථයෙන අභිජානනාර්‍ත්‍ථයෙන පරිජානනාර්‍ත්‍ථයෙන ධර්‍මාර්‍ත්‍ථයෙන ධාත්‍වර්‍ත්‍ථයෙන ඥාතාර්‍ත්‍ථයෙන සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන ස්‍පර්‍ශාර්‍ත්‍ථයෙන අභිසමයාර්‍ත්‍ථයෙනි. මේ දොළොස් අයුරින් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
Pali BJTකථං තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: සොළසහි ආකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිනාමට්ඨො තථට්ඨො, සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො තථට්ඨො, නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො තථට්ඨො, මග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො{3} දස්සනට්ඨො ආධිපතෙය්යට්ඨො තථට්ඨො, ඉමෙහි සොළසහි ආකාරෙහි තථට්ඨෙන චත්තාරි සච්චානි එකඞ්ගහිතානි, යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති යත්: සොළොස් අයුරෙකින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය සඞ්ඛතාර්‍ත්‍ථය සන්තාපාර්‍ත්‍ථය විපරිණාමාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය නිදානාර්‍ත්‍ථය සංයෝගාර්‍ත්‍ථය පලිබෝධාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථය විවේකර්‍ත්‍ථය අසඞ්ඛතාර්‍ත්‍ථය අමෘතාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි, මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය හෙත්‍වර්‍ත්‍ථය දර්‍ශනාර්‍ත්‍ථය අධිපතිභාවාර්‍ත්‍ථය යථාස්වභාවාර්‍ත්‍ථ වෙයි. මේ සොළොස් අයුරින් යථාස්වභාවාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති, යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි. ඒකත්‍වය එක්මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති.
Pali BJTකථං අනත්තට්ඨෙන -පෙ- සච්චට්ඨෙන -පෙ- පටිවෙධට්ඨෙන -පෙ- අභිජානනට්ඨෙන -පෙ- පරිජානනට්ඨෙන -පෙ- ධම්මට්ඨෙන -පෙ- ධාතුට්ඨෙන -පෙ- ඤාතට්ඨෙන -පෙ- සච්ඡිකිරියට්ඨෙන -පෙ- ඵුසනට්ඨෙන{2} -පෙ- අභිසමයට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: සොළසහි ආකාරෙහි අභිසමයට්ඨෙන චත්තාරි සච්චානි එකපටිවෙධානි: දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිනාමට්ඨො අභිසමයට්ඨො සමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සංයොගට්ඨො පළිබොධට්ඨො අභිසමයට්ඨො, නිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො අභිසමයට්ඨො, මග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො{3} දස්සනට්ඨො ආධිපතෙය්යට්ඨො අභිසමයට්ඨො. ඉමෙහි සොළසහි ආකාරෙහි අභිසමයට්ඨෙන චත්තාරි සච්චානි එකසඞ්ගහිතානි. යං එකසඞ්ගහිතං තං එකත්තං, එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣතීති චත්තාරි සච්චානි එකපටිවෙධානි.
Sinhala BJTකිසෙයින් අනාත්මාර්‍ත්‍ථයෙන් … සත්‍යාර්‍ත්‍ථයෙන් ... ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් … අභිජානනාර්‍ත්‍ථයෙන් ... පරිජානනාර්‍ත්‍ථයෙන් … ධර්‍මාර්‍ත්‍ථයෙන් … ධාත්‍වර්‍ත්‍ථයෙන් … ඥාතාර්‍ත්‍ථයෙන් … සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන් … ස්‍පර්‍ශාර්‍ත්‍ථයෙන් ... අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත් ද යත්: සොළොස් අයුරෙකින් අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙති: දුඃඛයාගේ පීඩනාර්‍ත්‍ථය සඞ්ඛතාර්‍ත්‍ථය සන්තාපාර්‍ත්‍ථය විපරීණාමාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ (ප්‍රත්‍යවේක්‍ෂණඥානයෙන් අවබෝධ කටයුතු) අර්‍ත්‍ථය වෙයි. සමුදයාගේ ආයූහනාර්‍ත්‍ථය නිදානාර්‍ත්‍ථය සංයෝගාර්‍ත්‍ථය පලිබෝධාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි, නිරෝධයාගේ නිස්සරණාර්‍ත්‍ථය විවේකර්‍ත්‍ථය අසඞ්ඛතාර්‍ත්‍ථය අමෘතාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි, මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය හෙත්‍වර්‍ත්‍ථය දර්‍ශනාර්‍ත්‍ථය අධිපතිභාවාර්‍ත්‍ථය අභිසමයාර්‍ත්‍ථ වෙයි. මේ සොළොස් අයුරින් අභිසමයාර්‍ත්‍ථයෙන් සතර සත්‍යයෝ ඒකසඞ්ගෘහීත වෙති. යම් හෙයකින් ඒකසඞ්ගෘහීත වේ ද එහෙයින් ඒකත්‍ව වෙයි, ඒකත්‍වය එක් මාර්‍ගඥානයෙන් ප්‍රතිවේධ කෙරේ නු’ යි සතර සත්‍යයෝ ඒකප්‍රතිවේධ වෙත්.
Pali BJTසච්චානං{1} කති ලක්ඛණානි: සච්චානං ද්වෙ ලක්ඛණානි: සඞ්ඛත ලක්ඛණඤ්ච අසඞ්ඛතලක්ඛණඤ්ච. සච්චානං ඉමානි ද්වෙ ලක්ඛණානි.
Sinhala BJTසත්‍යයන්ගේ ලක්‍ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්‍ෂණ දෙකෙකි: සඞ්ඛතලක්‍ෂණ යැ අසඞ්ඛතලක්‍ෂණ යැ යි. මොහු සත්‍යයන්ගේ දෙ ලක්‍ෂණයෝ යි.
Pali BJTසච්චානං කති ලක්ඛානි: සච්චානං ඡ ලක්ඛණානි: සඞ්ඛතානං සච්චානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායති. අසඞ්ඛතස්ස සච්චස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, නන ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. සච්චානං ඉමානි ඡ ලක්ඛණානි.
Sinhala BJTසත්‍යයන්ගේ ලක්‍ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්‍ෂණයෝ සදෙනෙකි: සඞ්ඛත සත්‍යයන්ගේ උත්‍පාදය පැනෙයි, විනාශය පැනෙයි, ස්ථිතිප්‍රාප‍්‍තයන්ගේ අන්‍යථාභාව සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. අසඞ්ඛතසත්‍යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි, නිත්‍යත්‍වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ ස ලක්‍ෂණයෝ යි.
Pali BJTසච්චානං කති ලක්ඛානි: සච්චානං ද්වාදස ලක්ඛණානි: දුක්ඛසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායති. සමුදයසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. මග්ගසච්චස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤාති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. නිරොධසච්චස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. සච්චානං ඉමානි ද්වාදස ලක්ඛණානි.
Sinhala BJTසත්‍යයන්ගේ ලක්‍ෂණයෝ කෙතෙකැ යත්: සත්‍යයන්ගේ ලක්‍ෂණ දොළොසෙකි: දුඃඛසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, සමුදයසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, මාර්‍ගසත්‍යයාගේ උත්පාදය පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ අන්‍යථාභාවය පැනෙයි, නිරෝධසත්‍යයාගේ උත්පාදය නො පැනෙයි, විනාශය නො පැනෙයි. නිත්‍යත්‍වයෙන් සිටියහුගේ අන්‍යථාභාවය නො පැනේ. මොහු සත්‍යයන්ගේ දොළොස් ලක්‍ෂණයෝ යි.
Pali BJTචතුන්නං සච්චානං කති කුසලා, කති අකුසලා, කති අබ්යාකතා: සමුදයසච්චං අකුසලං, මග්ගසච්චං කුසලං, නිරොධසච්චං අබ්යාකතං, දුක්ඛසච්චං සියා කුසලං, සියා අකුසලං, සියා අබ්යාකතං.
Sinhala BJTසතර සත්‍යයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද යත්: සමුදයසත්‍යය අකුශල යැ, මාර්‍ගසත්‍යය කුශල යැ, නිරෝධසත්‍යය අව්‍යාකෘත යැ, දුඃඛසත්‍යය කුශල ද වන්නේ යැ, අකුශල ද වන්නේ යැ, අව්‍යාකෘත ද වන්නේ යි.
Pali BJTසියා තීණි සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං තීහි සච්චෙහි සඞ්ගහිතං වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTවස‍්‍තු වශයෙන් පර්‍ය්‍යායයෙන් සත්‍යයෝ තිදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහු ද වන්නාහ, එක් සත්‍යයෙක් තුන් සත්‍යයෙකින් ගණනාලද ද වන්නේ යි.
Pali BJTසියාති කථඤ්ච සියා: යං දුක්ඛසච්චං අකුසලං සමුදයසච්චං අකුසලං, එවං අකුසලට්ඨෙන ද්වෙ සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං ද්වීහි සච්චෙහි සඞ්ගහිතං. යං දුක්ඛසච්චං කුසලං, මග්ගසච්චං කුසලං, එවං කුසලට්ඨෙන ද්වෙ සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි. එකසච්චං ද්වීහි සච්චෙහි සඞ්ගහිතං. යං දුක්ඛසච්චං අබ්යාකතං, නිරොධසච්චං අබ්යාකතං, එවං අබ්යාකතට්ඨෙන ද්වෙ සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං ද්වීහි සච්චෙහි සඞ්ගහිතං එවං සියා තීණි සච්චානි එකසච්චෙන සඞ්ගහිතානි, එකසච්චං තීහි සච්චෙහි සඞ්ගහිතං වත්ථුවසෙන පරියායෙනාති.
Sinhala BJTසියා යනු; කිසෙයින් වන්නේ යැ යත්. යම් අකුශල වූ දුඃඛසත්‍යයෙක් වේ ද අකුශල වූ සමුදයසත්‍යයෙක් වේ ද, මෙසෙයින් අකුශලාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ, එක් සත්‍යයෙක් සත්‍යදෙකෙකින් ගණනාලද යැ. යම් කුශල වූ දුඃඛසත්‍යයෙක් වේ ද කුශල වූ මාර්‍ගසත්‍යයෙක් වේ ද, මෙසෙයින් කුශලාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ. එක් සත්‍යයෙක් සත්‍ය දෙකෙකින් ගණනාලද යැ. යම් අව්‍යාකෘත වූ දුඃඛසත්‍යයෙක් වේ ද අව්‍යාකෘත වූ නිරෝධසත්‍යයෙක් වේ ද, මෙසෙයින් අව්‍යාකෘතාර්‍ත්‍ථයෙන් සත්‍යයෝ දෙදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනාලදහ. එක් සත්‍යයෙක් සත්‍ය දෙකෙකින් ගණනා ලද යැ. මෙසෙයින් වස‍්‍තු වශයෙන් පර්‍ය්‍යායයෙන් සත්‍යයෝ තිදෙනෙක් එක් සත්‍යයෙකින් ගණනා ලදහ. එක් සත්‍යයෙක් තුන් සත්‍යයෙකින් ගණනාලදැ යි.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT“පුබ්බෙව{1} මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: කො නු ඛො රූපස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං, කො වෙදනාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො සඤ්ඤාය අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො සඞ්ඛාරානං අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණං. කො විඤ්ඤාණස්ස අස්සාදො, කො ආදීනවො, කිං නිස්සරණන්ති. තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: ‘යං ඛො රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපස්ස අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං.{2} විපරිනාමධම්මං, අයං රූපස්ස ආදීනවො. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපස්ස නිස්සරණං. යං වෙදනං පටිච්ච -පෙ- යං සඤ්ඤං පටිච්ච -පෙ- යං සඞ්ඛාරෙ පටිච්ච -පෙ- යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං විඤ්ඤාණස්ස අස්සාදො, යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං{2}. විපරිනාමධම්මං, අයං විඤ්ඤාණස්ස ආදීනවො. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණස්ස නිස්සරණං.
Sinhala BJT“මහණෙනි, සම්‍බෝධියෙන් පෙර මැ සර්‍වධර්‍මයන් ප්‍රතිවේධ නො කළ බෝධිසත්ත්‍ව වූ මැ මට මෙ බඳු පරිවිතර්‍කයෙක් විය: රූපයාගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ, වේදනාවගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. සංඥාවගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. සංස්කාරයන්ගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරැ. විඥානයාගේ ආස්වාද කවරැ, ආදීනව කවරැ, නිස්සරණ කවරෙයැ’ යි. මහණෙනි, ඒ මට මෙ බඳු සිතෙක් විය: රූපය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද වෙයි. යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇත්තේ වේ ද මේ රූපයාගේ ආදීනව වෙයි. රූපයෙහි යම් ඡන්‍දරාග සංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද මේ රූපයාගේ නිස්සරණය වෙයි. වේදනාව පිණිස යම් ... සංඥාව පිණිස යම් ... සංස්කාරයන් පිණිස යම් ... විඥානය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් වේ ද, මේ විඥානයාගේ ආස්වා ද වෙයි, යම් විඥානයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද, මේ විඥානයාගේ ආදීනව වෙයි. විඥානයෙහි යම් ඡන්‍දරාගසංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද, මේ විඥානයාගේ නිස්සරණය වේ.
Pali BJTයාවකීවඤ්චාහං භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නාබ්භඤ්ඤාසිං, නෙව තාවාහං භික්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති{3}. පච්චඤ්ඤාසිං. යතො ච ඛ්වාහං භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං එවං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය ‘අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදී. ‘අකුප්පා මෙ චෙතොවිමුත්ති.{4} අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො”ති{a}
Sinhala BJTමහණෙනි, යම්තාක් මම මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ මෙසෙයින් ආස්වාදය ද ආස්වාද හෙයින් ආදීනවය ද ආදීනව හෙයින් නිස්සරණය ද නිස්සරණ හෙයින් ඇති සැටියෙන් ප්‍රතිවේධ නො කෙළෙම් ද, මහණෙනි මම ඒ තාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත අවකාශ ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ‘නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමි’ නො මැ පිළින කෙළෙමි. වැළිත් මහණෙනි, යම් කලෙක මම මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ මෙසෙයින් ආස්වාදය ද ආස්වාද හෙයින් ආදීනවය ද ආදීනව හෙයින් නිස්සරණය ද නිස්සරණ හෙයින් ඇති සැටියෙන් ප්‍රතිවේධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත අවකාශලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වලෝකයෙහි ‘නිරුත්තර වූ සම්‍යක් සම්බෝධිය (සර්‍වඥතාඥානය) ප්‍රතිවේධ කෙළෙමි’ පිළින කෙළෙමි. දර්‍ශන සඞ්ඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂණඥානය ද මට උපන. මාගේ අර්‍හත්ඵල විමුක්තිය අකෝප්‍ය වෙයි. මේ පශ්චිම වූ ස්කන්‍ධප්‍රවෘත්තිය වෙයි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි.
Pali BJTයං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං රූපස්ස අස්සාදොති පහානපටිවෙධො, සමුදයසච්චං. යං රූපං අනිච්චං දුක්ඛං{2} විපරිනාමධම්මං අයං රූපස්ස ආදීනවො’ති පරිඤ්ඤාපටිවෙධො දුක්ඛසච්චං. යො රූපස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං රූපස්ස නිස්සරණන්ති සච්ඡිකිරියාපටිවෙධො නිරොධසච්චං. යා ඉමෙසු තීසු ඨානෙසු දිට්ඨි සඞ්කප්පො වාචා කම්මන්තො ආජීවො වායාමො සති සමාධි භාවනාපටිවෙධො මග්ගසච්චං.
Sinhala BJTරූපය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද ය’ යි ප්‍රහාණ ප්‍රතිවේධය සමුදයසත්‍ය වෙයි. යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද මේ රූපයාගේ ආදීනව ය’ යි පරිඥාප්‍රතිවේධය දුඃඛසත්‍ය වෙයි. රූපයෙහි යම් ඡන්‍දරාගසංවරණයෙක් ඡන්‍දරාගයාගේ දුරු කිරීමෙක් වේ ද මේ රූපයාගේ නිස්සරණ යැයි සාක්‍ෂාත්ක්‍රියා ප්‍රතිවේධය නිරෝධසත්‍ය වේ. මේ තුන් තැන්හි යම් දෘෂ‍්‍ටියක් සඞ්කල‍්‍පයෙක් වචනයෙක් කර්මාන්තයෙක් ආජීවයෙක් ව්‍යායාමයෙක් ස්මෘතියක් සමාධියෙක් වේ ද (මේ මාර්‍ගභාවනා සඞ්ඛ්‍යාත) මාර්‍ගසත්‍යප්‍රතිවේධය මාර්‍ගසත්‍ය වේ.
Pali BJTයං වෙදනං පටිච්ච -පෙ- යං සඤ්ඤං පටිච්ච -පෙ- යං සඞ්ඛාරෙ පටිච්ච -පෙ- යං විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං විඤ්ඤාණස්ස අස්සාදො’ති පහානපටිවෙධො සමුදයසච්චං. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං{2} විපරිනාමධම්මං අයං විඤ්ඤාණස්ස ආදීනවො’ති පරිඤ්ඤාපටිවෙධො දුක්ඛසච්චං. යො විඤ්ඤාණස්මිං ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං විඤ්ඤාණස්ස නිස්සරණන්ති සච්ඡිකිරියා පටිවෙධො නිරොධසච්චං. යා ඉමෙසු තීසු ඨානෙසු දිට්ඨි සඞ්කප්පො වාචා කම්මන්තො ආජීවො වායාමො සති සමාධි භාවනාපටිවෙධො මග්ගසච්චං.
Sinhala BJTවේදනාව පිණිස යම් (සුවයෙක්) ... සංඥාව පිණිස යම් ... සංස්කාරයන් පිණිස යම් ... විඥානය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ විඥානයාගේ ආස්වාදය’ යි ප්‍රහාණප්‍රතිවේධය සමුදයසත්‍ය වෙයි. යම් විඥානයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ ද මේ විඥානයාගේ ආදීනවය’ යි පරිඥාප්‍රතිවේධය දුඃඛසත්‍ය වෙයි. විඥානයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් ඇද්ද මේ විඥානයාගේ නිස්සරණ යැ’යි සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධය නිරෝධසත්‍යය වේ. මේ තුන්තැන්හි යම් ද්‍රෘෂ්ටියක් සඞ්කල්පයෙක් වචනයෙක් කර්මාන්තයෙක් ආජීවයෙක් ව්‍යායාමයෙක් ස්මෘතියක් සමාධියෙක් වේ ද මේ භාවනාප්‍රතිවේධය මාර්‍ගසත්‍ය වේ.
Pali BJTසච්චන්ති.{1} කතිහාකාරෙහි සච්චං: එසනට්ඨෙන පරිග්ගහට්ඨෙන පටිවෙධට්ඨෙන.
Sinhala BJTසච්චං යනු: කිහි අයුරෙකින් සත්‍ය වෙයි යත්: ඒෂණාර්‍ත්‍ථයෙන් පරිග්‍රහාර්‍ත්‍ථයෙන ප්‍රතිවේධාර්‍ත්‍ථයෙනි.
Pali BJTකථං එසනට්ඨෙන සච්චං: ජරාමරණං කිංනිදානං, කිංසසමුදයං, කිංජාතිකං, කිංපභවන්ති එවං එසනට්ඨෙන සච්චං.
Sinhala BJTකිසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි යත්: ජරාමරණය කුමක් නිදාන කොට ඇත්තේ ද කුමක් සමුදය කොට ඇත්තේ ද කුමක් ජාති කොට ඇත්තේ ද කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි.
Pali BJTජරාමරණං ජාතිනිදානං, ජාතිසමුදයං, ජාතිජාතිකං ජාතිප්පභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරොධඤ්ච පජානාති, ජරාමරණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTජරාමරණය ජාතිය නිදාන කොට ඇත්තේ යැ, ජාතිය සමුදය කොට ඇත්තේ යැ, ජාතිය ජාති කොට ඇත්තේ යැ, ජාතිය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජරාමරණය ද දැනගනියි, ජරාමරණසමුදය ද දැනගනියි, ජරාමරණනිරෝධය ද දැනගනියි, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTජාති කිංනිදානං, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවාති එවං එසනට්ඨෙන සච්චං. ජාති භවනිදානා, භවසමුදයා, භවජාතිකා, භවප්පභාවා’ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. ජාතිඤ්ච පජානාති, ජාතිසමුදයඤ්ච පජානාති, ජාතිනිරොධඤ්ච පජානාති, ජාතිනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTජාතිය කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජාතිය භවය නිදාන කොට ඇත්තී යැ, භවය සමුදය කොට ඇත්තී යැ, භවය ජාති කොට ඇත්තී යැ, භවය ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ජාතිය ද දැනගනියි, ජාතිසමුදය ද දැනගනියි, ජාතිනිරෝධය ද දැනගනියි, ජාතිනිරෝධගාමිනී ප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTභවො කිංනිදානො, කිංසමුදයො, කිංජාතිකො, කිංපභවො’ති එවං එසනට්ඨෙන සච්චං. භාවො උපාදානනිදානො, උපාදානසමුදයො, උපාදානජාතිකො, උපාදානප්පභාවො’ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. භවඤ්ච පජානාති, භවසමුදයඤ්ච පජානාති, භවනිරොධඤ්ච පජානාති, භවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං
Sinhala BJTභවය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, භවය උපාදානය නිදාන කොට ඇත්තේ යැ, උපාදානය සමුදය කොට ඇත්තේ යැ, උපාදානය ජාති කොට ඇත්තේ යැ, උපාදානය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, භවය ද දැනගනියි, භවසමුදය ද දැනගනියි, භවනිරෝධය ද දැනගනියි, භවනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTඋපාදානං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං කිංපභවන්ති එවං එසනට්ඨෙන සච්චං. උපාදානං තණ්හානිදානං, තණ්හාසමුදයං, තණ්හාජාතිකං, තණ්හාපභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. උපාදානඤ්ච පජානාති, උපාදානසමුදයඤ්ච පජානාති, උපාදානනිරොධඤ්ච පජානාති, උපාදානනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTඋපාදානය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි, උපාදානය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ යැ, තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ යැ, තෘෂ්ණාව ජාති කොට ඇත්තේ යැ, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. උපාදානය ද දැනගනියි, උපාදානසමුදය ද දැනගනියි, උපාදාන නිරෝධය ද දැනගනියි, උපාදානනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTතණ්හා කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා කිංපභවා’ති එවං එසනට්ඨෙන සච්චං. තණ්හා වෙදනානිදානා වෙදානාසමුදයා, වෙදනා ජාතිකා, වෙදනාපභාවාති එවං පරිග්ගහට්ඨෙන සච්චං තණ්හඤ්ච පජානාති, තණ්හා සමුයඤ්ච පජානාති, තණ්හානිරොධඤ්ච පජානාති, තණ්හානිරොධගාමිනිං පටිපදඤ්ච{2} පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTතෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. තෘෂ්ණාව වේදනාව නිදාන කොට ඇත්තී යැ, වේදනාව සමුදය කොට ඇත්තී යැ, වේදනාව ජාති කොට ඇත්තී යැ, වේදනාව ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. තෘෂ්ණාව ද දැනගනියි, තෘෂ්ණාසමුදය ද දැනගනියි, තෘෂ්ණානිරෝධය ද දැනගනියි, තෘෂ්ණානිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTවෙදනා කිංනිදානා, කිංසමුදයා, කිංජාතිකා කිංපභවා’ති එවං එසනට්ඨෙන සච්චං. වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා, ඵස්සජාතිකා ඵස්සපභවාති,{1} එවං පරිග්ගහට්ඨෙන සච්චං, වෙදනඤ්ච පජානාති, වෙදනාසමුයඤ්ච පජානාති, වෙදනානිරොධඤ්ච පජානාති, වෙදනානිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTවේදනාව කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් සමුදය කොට ඇත්තී ද, කුමක් ජාති කොට ඇත්තී ද, කුමක් ප්‍රභව කොට ඇත්තී දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. වේදනාව ස්පර්‍ශය නිදාන කොට ඇත්තී යැ, ස්පර්‍ශය සමුදය කොට ඇත්තී යැ, ස්පර්‍ශය ජාති කොට ඇත්තී යැ, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. වේදනාව ද දැනගනියි, වේදනාසමුදය ද දැනගනියි, වේදනානිරෝධය ද දැනගනියි, වේදනානිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTඵස්සො කිංනිදානො කිංසමුදයො, කිංජාතිකො, කිංපභවොති එවං ඵසනට්ඨෙන සච්චං. ඵස්සො සළායතනනිදානො, සළායතනසමුදයො, සළායතනජාතිකො, සළායතනපභවොති එවං පරිග්ගහට්ඨෙන සච්චං. ඵස්සඤ්ච පජානාති, ඵස්සසමුදයඤ්ච පජානාති, ඵස්සනිරොධඤ්ච පජානාති, ඵස්සනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTස්පර්‍ශය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ස්පර්‍ශය ෂඩායතනය නිදාන කොට ඇත්තේ යැ, ෂඩායතනය සමුදය කොට ඇත්තේ යැ, ෂඩායතනය ජාති කොට ඇත්තේ යැ, ෂඩායතනය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ස්පර්‍ශය ද දැනගනියි, ස්පර්‍ශසමුදය ද දැනගනියි, ස්පර්‍ශනිරෝධය ද දැනගනියි, ස්පර්‍ශනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTසළායතනං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවන්ති එවං ඵසනට්ඨෙන සච්චං. සළායතනං නාමරූපනිදානං’ නාමරූපසමුදයං, නාමරූපජාතිකං, නාමරූපපභවන්ති එවං පරිග්ගට්ඨෙන සච්චං. සළායතනඤ්ච පජානාති, සළායතනසමුදයඤ්ච පජානාති, සළායතනනිරොධඤ්ච පජානාති, සළායතනනිරොධගාමිනීපටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTෂඩායතනය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ෂඩායතනය නාමරූපය නිදාන කොට ඇත්තේ යැ, නාමරූපය සමුදය කොට ඇත්තේ යැ, නාමරූපය ජාති කොට ඇත්තේ යැ, නාමරූපය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. ෂඩායතනය ද දැනගනියි, ෂඩායතනසමුදය ද දැනගනියි, ෂඩායතනනිරෝධය ද දැනගනියි, ෂඩායතනනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTනාමරූපං නිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං කිංපභවන්ති එවං ඵසනට්ඨෙන සච්චං. නාමරූපං විඤ්ඤාණනිදානං, විඤ්ඤාණසමුදයං, විඤ්ඤාණජාතිකං, විඤ්ඤාණපභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. නාමරූපඤ්ච පජානාති, නාමරූපසමුදයඤ්ච පජානාති, නාමරූපනිරොධඤ්ච පජානාති, නාමරූපනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTනාමරූපය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. නාමරූපය විඥානය නිදාන කොට ඇත්තේ යැ, විඥානය සමුදය කොට ඇත්තේ යැ, විඥානය ජාති කොට ඇත්තේ යැ, විඥානය ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. නාමරූපය ද දැනගනියි, නාමරූප සමුදය ද දැනගනියි, නාමරූපනිරෝධය ද දැනගනියි, නාමරූපනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTවිඤ්ඤාණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං කිංපභවන්ති එවං ඵසනට්ඨෙන සච්චං විඤ්ඤාණං සඞ්ඛාරානිදානං, සඞ්ඛාරසමුදයං, සඞ්ඛාරජාතිකං, සඞ්ඛාරපභවන්ති එවං පරිග්ගහට්ඨෙන සච්චං. විඤ්ඤාණඤ්ච පජානාති, විඤ්ඤාණසමුදයඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTවිඥානය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. විඥානය සංස්කාරයන් නිදාන කොට ඇත්තේ යැ, සංස්කාරයන් සමුදය කොට ඇත්තේ යැ, සංස්කාරයන් ජාති කොට ඇත්තේ යැ, සංස්කාරයන් ප්‍රභව කොට ඇත්තේ යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. විඥානය ද දැනගනියි, විඥානසමුදය ද දැනගනියි, විඥානනිරෝධය ද දැනගනියි, විඥානනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTසඞ්ඛාරා කිංනිදානා, කිංසමුදායා, කිංජාතිකා, කිංපභවාති එවං ඵසනට්ඨෙන සච්චං. සඞ්ඛාරා අවිජ්ජානිදානා, අවිජ්ජාසමුදයා, අවිජ්ජාජාතිකා, අවිජ්ජාපභවාති එවං පරිග්ගට්ඨෙන සච්චං. සඞ්ඛාරෙ ච පජානාති, සඞ්ඛාරසමුදයඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධගාමිනී පටිපදඤ්ච පජානාති, එවං පටිවෙධට්ඨෙන සච්චං.
Sinhala BJTසංස්කාරයෝ කුමක් නිදාන කොට ඇත්තාහු ද, කුමක් සමුදය කොට ඇත්තාහු ද, කුමක් ජාති කොට ඇත්තාහු ද, කුමක් ප්‍රභව කොට ඇත්තාහු දැ’ යි මෙසෙයින් ඒෂණාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. සංස්කාරයෝ අවිද්‍යාව නිදාන කොට ඇත්තාහු යැ, අවිද්‍යාව සමුදය කොට ඇත්තාහු යැ, අවිද්‍යාව ජාති කොට ඇත්තාහු යැ, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහු යැ’ යි මෙසෙයින් පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සත්‍ය වෙයි. සංස්කාරයන් ද දැනගනියි, සංස්කාරසමුදය ද දැනගනියි, සංස්කාරනිරෝධය ද දැනගනියි, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව ද දැනගනී. මෙසෙයින් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සත්‍ය වේ.
Pali BJTජරාමරණං දුක්ඛසච්චං, ජාතිසමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා{1} මග්ගසච්චං, ජාති දුක්ඛසච්චං, භවො සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. භවො දුක්ඛසච්චං, උපාදානං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. උපාදානං දුක්ඛසච්චං, තණ්හා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං තණ්හා දුක්ඛසච්චං වෙදනා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. වෙදනා දුක්ඛසච්චං, ඵස්සො සමුදයසච්චං උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. ඵස්සො දුක්ඛසච්චං, සළායතනං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. සළායතනං දුක්ඛසච්චං, නාමරූපං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. නාමරූපං දුක්ඛසච්චං, විඤ්ඤාණං සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. විඤ්ඤාණං දුක්ඛසච්චං, සඞ්ඛාරා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං. සඞ්ඛාරා දුක්ඛසච්චං, අවිජ්ජා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං.
Sinhala BJTජරාමරණය දුඃඛසත්‍ය යැ, ජාතිය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, (ආලම්බනකරණයෙන්) නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ජාතිය දුඃඛසත්‍ය යැ, භවය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. භවය දුඃඛසත්‍ය යැ, උපාදානය සමුදය සත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. උපාදානය දුඃඛසත්‍ය යැ, තෘෂ්ණාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධ සත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. තෘෂ්ණාව දුඃඛසත්‍ය යැ, වේදනාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. වේදනාව දුඃඛසත්‍ය යැ, ස්පර්‍ශය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ස්පර්‍ශය දුඃඛසත්‍ය යැ, ෂඩායතනය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ෂඩායතනය දුඃඛසත්‍ය යැ, නාමරූප සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. නාමරූප දුඃඛසත්‍ය යැ, විඥානය සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. විඥානය දුඃඛසත්‍ය යැ, සංස්කාරයෝ සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. සංස්කාරයෝ දුඃඛසත්‍ය යැ, අවිද්‍යාව සමුදයසත්‍ය යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි.
Pali BJTජරාමරණං දුක්ඛසච්චං, ජාති සියා දුක්ඛසච්චං, සියා සමුදයසච්චං,{2} උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං, ජාති දුක්ඛසච්චං, භවො සියා දුක්ඛසච්චං සියා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චං -පෙ- සඞ්ඛාරා දුක්ඛසච්චං, අවිජ්ජා සියා දුක්ඛසච්චං, සියා සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධපජානනා මග්ගසච්චන්ති.{3}
Sinhala BJTජරාමරණය දුඃඛසත්‍ය යැ, ජාතිය දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යි. ජාතිය දුඃඛසත්‍ය යැ, භවය දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යැ ... සංස්කාරයෝ දුඃඛසත්‍ය යැ, අවිද්‍යාව දුඃඛසත්‍ය ද වන්නේ යැ, සමුදයසත්‍ය ද වන්නේ යැ, දෙදෙනාගේ මැ නිස්සරණය නිරෝධසත්‍ය යැ, නිරෝධය දැනගැනීම මාර්‍ගසත්‍ය යයි.
Pali BJTසච්චකථා සමත්තා.
Sinhala BJTසත්‍යකථා නිමි.
Pali BJTභාණවාරං.
Sinhala BJTබණවරෙකි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTබොජ්ඣඞ්ගකථා
Sinhala BJTබෝධ්‍යඞ්ග කථා
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT‘සත්තිමෙ භික්ඛවෙ බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ සත්ත බොජ්ඣඞ්ගා.{a}
Sinhala BJT‘මහණෙනි, මේ බෝධ්‍යඞ්ගයෝ සත් දෙනෙකි: කවර සත්දෙනෙකැ යත්: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මහණෙනි, මොහු සත්දෙන බෝධ්‍යඞ්ගයෝ යි.
Pali BJTබොජ්ඣඞ්ගාති කෙනට්ඨෙන බොජ්ඣඞ්ගා, බොධාය{1} සංවත්තන්තීති බොජ්ඣඞ්ගා, බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනුබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පටිබුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සම්බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTබොජ්ඣඞ්ගා යනු කවර අරුතින් බෝධ්‍යඞ්ග වෙති යත්: අවබෝධය පිණිස පවතිත් නු’ යි බෝධ්‍යඞ්ග යැ අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මොනොවට අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTබුජ්ඣනට්ඨෙන බොජ්ඣඞ්ගා, අනුබුජ්ඣනට්ඨෙන බොජ්ඣඞ්ගා, පටිබුජ්ඣනට්ඨෙන බොජ්ඣඞ්ගා, සම්බුජ්ඣනට්ඨෙන බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅවබෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, සම්බෝධ කිරීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
Pali BJTබොධෙන්තීති බොජ්ඣඞ්ගා, අනුබොධෙන්තීති බොජ්ඣඞ්ගා, පටිබොධෙන්තීති බොජ්ඣඞ්ගා, සම්බොධෙන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅවබෝධ කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, සම්බෝධය කරවත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTබොධනට්ඨෙන බොජ්ඣඞ්ගා, අනුබොධනට්ඨෙන බොජ්ඣඞ්ගා, පටිබොධනට්ඨෙන බොජ්ඣඞ්ගා, සම්බොධනට්ඨෙන බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅවබෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනුබෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, සම්බෝධ කරවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
Pali BJTබොධිපක්ඛියට්ඨෙන බොජ්ඣඞ්ගා, අනුබොධිපක්ඛියට්ඨෙන බොජ්ඣඞ්ගා, පටිබොධිපක්ඛියට්ඨෙන බොජ්ඣඞ්ගා, සම්බොධිපක්ඛියට්ඨෙන බොජ්ඣඞ්ගා.
Sinhala BJTබෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනුබෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රතිබෝධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, සම්බොධිපාක්‍ෂිකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
Pali BJTබුද්ධිලාභට්ඨෙන{2} බොජ්ඣඞ්ගා බුද්ධිපටිලාභට්ඨෙන{3} බොජ්ඣඞ්ගා, බුද්ධිරොපනට්ඨෙන බොජ්ඣඞ්ගා, බුද්ධිඅභිරොපනට්ඨෙන බොජ්ඣඞ්ගා, බුද්ධිපාපනට්ඨෙන{4} බොජ්ඣඞ්ගා, බුද්ධිසම්පාපනට්ඨෙන බොජ්ඣඞ්ගා.
Sinhala BJTබුද්ධිලාභාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිප්‍රතිෂ්ඨාපනාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිඅභිරෝපණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිපාපුණනාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, බුද්ධිසම්පාපුණනාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යි.
Pali BJTමූලට්ඨෙන බොජ්ඣඞ්ගා, මූලචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, මූලපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, මුලපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, මූලපරිපූරට්ඨෙන{5} බොජ්ඣඞ්ගා, මූලපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, මූලපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, මූලපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, මූලපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, මූලපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTමූලාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මුල් වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, (නිෂ්ඨාවට පැමිණීම් වශයෙන්) මූලපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූල ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූල ප්‍රතිසංවිදාවට පැමිණවීම් අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
Pali BJTහෙතුට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා හෙතුපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුපූරට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, හෙතුපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJT(ජනක බැවින්) හෙත්‍වර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු පරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, හේතු ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
Pali BJTපච්චයට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපරිපූරට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, පච්චයපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJT(උපස්ථම්භක බැවින්) ප්‍රත්‍යයාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යය වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යය පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
Pali BJTවිසුද්ධට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිපරිග්ගහට්ඨෙන බොජ්ඣාඞ්ගා, විසුද්ධිපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිපරිපූරට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, විසුද්ධිපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTවිශුද්ධාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධ වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
Pali BJTඅනවජ්ජට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජචරියචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජ පරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජපරිපූරට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, අනවජ්ජපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅනවද්‍යාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යපරිග්‍රහායෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය පරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනවද්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
Pali BJTනෙක්ඛම්මට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්කම්මචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපරිපුරට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය පරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය පරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙතී.
Pali BJTවිමුත්තට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපරිපූරට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, විමුත්තිපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTවිමුක්ත්‍යර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති පරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්තිපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්තිපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති පරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විමුක්ති ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
Pali BJTඅනාසවට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපරිපූරට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, අනාසවපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTඅනාස්‍රවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රව වැ පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙති.
Pali BJTවිවෙකට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපරිපුරට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, විවෙකපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTවිවේකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක පරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේකපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේකපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක ප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේකප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, විවේක ප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ග වෙති.
Pali BJTවොස්සග්ගට්ඨෙන{1} බොජ්ඣඞ්ගා, වොස්සග්ගචරියට්ඨෙන බොජ්ඣඞ්ගා, වෙස්සග්ගපරිග්ගහට්ඨෙන බොජ්ඣඞ්ගා, වොස්සග්ගපරිවාරට්ඨෙන බොජ්ඣඞ්ගා, වෙසසග්ගපරිපූරට්ඨෙන බොජ්ඣඞ්ගා, වෙස්සග්ගපරිපාකට්ඨෙන බොජ්ඣඞ්ගා, වෙස්සග්ගපටිසම්භිදට්ඨෙන බොජ්ඣඞ්ගා, වොස්සග්ගපටිසම්භිදාපාපනට්ඨෙන බොජ්ඣඞ්ගා, වොස්සග්ගපටිසම්භිදාය වසීභාවට්ඨෙන බොජ්ඣඞ්ගා, වොස්සග්ගපටිසම්භිදාය වසීභාවප්පත්තානම්පි බොජ්ඣඞ්ගා.
Sinhala BJTව්‍යවසර්‍ග (හැරපීම්) අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග විසින් පවත්නා අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගපරිග්‍රහාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග පරිවාරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගපරිපූරාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගපරිපාකාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගප්‍රතිසංවිදර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග ප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ග ප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගප්‍රතිසංවිද්හි වශීභාවයට පැමිණියවුන්ගේ ද බෝධ්‍යඞ්ගයෝ වෙත්.
Pali BJTමූලට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, හෙතුට්ඨං{2} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පච්චයට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විසුද්ධට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනවජ්ජට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විමුත්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනාසවට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විවෙකට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වොස්සග්ගට්ඨං{3} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTමූලාර්‍ත්‍ථය (මූලස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හෙත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විශුද්ධ්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්ත්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTමූලචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, හෙතුචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පච්චයචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විසුද්ධිචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනවජ්ජචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නෙක්ඛම්මචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විමුත්තිචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනාසවචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විවෙකචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වොස්සග්ගචරියට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTමූලචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හේතුචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රත්‍යයචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විශුද්ධිචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනවද්‍යචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නෛෂ්ක්‍රම්‍යචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්තිචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විවේකචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ව්‍යවසර්‍ගචර්‍ය්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTමූලපරිග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- වොස්සග්ගපරිග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මූලපරිවාරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- වොස්සග්ගපරිවාරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මූලපරිපූරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, -පෙ- වොස්සග්ගපරිපුරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මූලපරිපාකට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, -පෙ- වොස්සග්ගපරිපාකට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මූලපටිසම්භිදට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- වොස්සග්ගපටිසම්භිදට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මූලපටිසම්භිදාපාපනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, -පෙ- වොස්සග්ගපටිසම්භිදාපාපනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, මූලපටිසම්භිදාය වසීභාවට්ඨං{4} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා -පෙ- වොස්සග්ගපටිසම්භිදාය වසීභාවට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTමූලපරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලපරිවාරාර්‍ත්‍ථයෙන් අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිවාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලපරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලපරිපාකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගපරිපාකාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිදර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගප්‍රතිසංවිදර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, මූලප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගප්‍රතිසංවිදාවට පමුණුවන අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ. මූලප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ ... ව්‍යවසර්‍ගප්‍රතිසංවිද්හි වශීභාවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTපරිග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පරිවාරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පරිපූරට්ඨං{1} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකග්ගට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අවික්ඛෙපට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පග්ගහට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අවිසාරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනාවිලට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනිඤ්ජනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකත්තුපට්ඨානවසෙන චිත්තස්ස ඨිතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ආරම්මණට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ගොචරට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පහානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පරිච්චාගට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, වුට්ඨානට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විවට්ටනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සන්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, පණිතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විමුත්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනාසවට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, තරණට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනිමිත්තට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අප්පණිහිතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සුඤ්ඤතට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, එකරසට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, අනතිවත්තනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, යුගනද්ධට්ඨං{2} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, නිය්යානට්ඨං{3} බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, හෙතුට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, දස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, ආධිපතෙය්යට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTපරිග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිවාරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිපූරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාග්‍රාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අවිසාරාර්‍ත්‍ථය (නො විසිරෙන ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාවිලාර්‍ත්‍ථය (නො කැළැඹුණු ස්වභාවය) අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, (අවිකම්පිත බැවින්) අනිඤ්ජනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකාලම්බනයෙහි පිහිටීම් වශයෙන් චිත්තයාගේ ස්ථිතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආලම්බනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ගෝචරාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රහාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, පරිත්‍යාගාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ව්‍යුත්‍ථානාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, වීවතීන (නවත්නා) අර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ශාන්තාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ප්‍රණීතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විමුක්ත්‍යර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනාස්‍රවාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, තරණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනිමිත්තාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අප්‍රණිහිතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ශූන්‍යතාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ඒකකෘත්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, අනතිවර්‍තනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, යුගනද්ධාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, හෙත්‍වර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, දර්‍ශනාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ආධිපත්‍යාර්‍ත්‍ථය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.
Pali BJTසමථස්ස අවික්ඛෙපට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, විපස්සනාය අනුපස්සනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, සමථවිපස්සනානං එකරසට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා, යුගනද්ධස්ස අනතිවත්තනට්ඨං බුජ්ඣන්තීති බොජ්ඣඞ්ගා.
Sinhala BJTශමථයාගේ අවික්‍ෂේපස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, විදර්‍ශනාවගේ අනුදර්‍ශනස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, ශමථවිදර්‍ශනාවගේ ඒකකෘත්‍යස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යැ, යුගනද්ධයාගේ (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවය අවබෝධ කෙරෙත් නු’ යි බෝධ්‍යඞ්ග යි.