Pali BJTඅහොසි කුසලං කම්මං අහොසි කුසලස්ස කම්මස්ස විපාකො, අහොසි කුසල කම්මං නාහොසි කුසලස්ස කම්මස්ස විපාකො, අහොසි කුසලං කම්මං අත්ථි කුසලස්ස කම්මස්ස විපාකො, අහොසි කුසලං කම්මං නත්ථි කුසලස්ස කම්මස්ස විපාකො, අහොසි කුසලං කම්මං භවිස්සති කුසලස්ස කම්මස්ස විපාකො, අහොසි කුසලං කම්මං න භවිස්සති කුසලස්ස කම්මස්ස විපාකො. අත්ථි කුසලං කම්මං අත්ථි කුසලස්ස කම්මස්ස විපාකො, අත්ථි කුසලං කම්මං නත්ථි කුසලස්ස කම්මස්ස විපාකො, අත්ථි කුසලං කම්මං භවිස්සති කුසලස්ස කම්මස්ස විපාකො, අත්ථි කුසලං කම්මං න භවිස්සති කුසලස්ස කම්මස්ස විපාකො. භවිස්සති කුසලං කම්මං භවිස්සති කුසලස්ස කම්මස්ස විපාකො, භවිස්සති කුසලං කම්මං න භවිස්සති කුසලස්ස කම්මස්ස විපාකො.
Sinhala BJTඅභුත්කුශලකර්‍ම යැ අභුත්කුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ නාභුත්කුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ අස්තිකුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ නාස්තිකුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ භවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, අභුත්කුශලකර්‍ම යැ නභවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ අස්තිකුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ නාස්තිකුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, අස්තිකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කුශලකර්‍ම යැ භවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කුශලකර්‍ම යැ නවිෂ්‍යත්කුශලකර්‍මවිපාක යි.
Pali BJTඅහොසි අකුසලං කම්මං අහොසි අකුසලස්ස කම්මස්ස විපාකො, අහොසි අකුසලං කම්මං නාහොසි අකුසලස්ස කම්මස්ස විපාකො, අහොසි අකුසලං කම්මං අත්ථි අකුසලස්ස කම්මස්ස විපාකො, අහොසි අකුසලං කම්මං නත්ථි අකුසලස්ස කම්මස්ස විපාකො, අහොසි අකුසලං කම්මං නත්ථි අකුසලස්ස කම්මස්ස විපාකො, අහොසි අකුසලං කම්මං භවිස්සති අකුසලස්ස කම්මස්ස විපාකො. අහොසි අකුසලං කම්මං න භවිස්සති අකුසලස්ස කම්මස්ස විපාකො. අත්ථි අකුසලං කම්මං අත්ථි අකුසලස්ස කම්මස්ස විපාකො, අත්ථි අකුසලං කම්මං නත්ථි අකුසලස්ස කම්මස්ස විපාකො, අත්ථි අකුසලං කම්මං භවිස්සති අකුසලස්ස කම්මස්ස විපාකො, අත්ථි අකුසලං කම්මං න භවිස්සති අකුසලස්ස කම්මස්ස විපාකො. භවිස්සති අකුසලං කම්මං භවිස්සති අකුසලස්ස කම්මස්ස විපාකො, භවිස්සති අකුසලං කම්මං න භවිස්සති අකුසලස්ස කම්මස්ස විපාකො.
Sinhala BJTඅභුත්අකුශලකර්‍ම යැ අභුත්අකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ නාභුත්අකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ අස්තිඅකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ නාස්තිඅකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, අභුත්අකුශලකර්‍ම යැ න භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ අස්තිඅකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ නාස්තිඅකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, අස්තිඅකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්අකුශලකර්‍ම යැ භවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්අකුශලකර්‍ම යැ නභවිෂ්‍යත්අකුශලකර්‍මවිපාක යි.
Pali BJTඅහොසි සාවජ්ජං කම්මං -පෙ- අහොසි අනවජ්ජං කම්මං -පෙ- අහොසි කණ්හං කම්මං -පෙ- අහොසි සුක්කං කම්මං -පෙ- අහොසි සුඛුද්රියං කම්මං -පෙ- අහොසි දුක්ඛුද්රියං{1}. කම්මං -පෙ- අහොසි දුක්ඛවිපාකං කම්මං අහොසි දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, අහොසි දුක්ඛවිපාකං කම්මං නාහොසි දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, අහොසි දුක්ඛවිපාකං කම්මං අත්ථි දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, අහොසි දුක්ඛවිපාකං කම්මං නත්ථි දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, අහොසි දුක්ඛවිපාකං කම්මං භවිස්සති දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො. අහොසි දුක්ඛවිපාකං කම්මං න භවිස්සති දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො. අත්ථි දුක්ඛවිපාකං කම්මං අත්ථි දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, අත්ථි දුක්ඛවිපාකං කම්මං නත්ථි දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, අත්ථි දුක්ඛවිපාකං කම්මං භවිස්සති දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, අත්ථි දුක්ඛවිපාකං කම්මං න භවිස්සති දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො. භවිස්සති දුක්ඛවිපාකං කම්මං න භවිස්සති දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො. භවිස්සති දුක්ඛවිපාකං කම්මං භවිස්සති දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො, භවිස්සති දුක්ඛවිපාකං කම්මං න භවිස්සති දුක්ඛවිපාකස්ස කම්මස්ස විපාකො.
Sinhala BJTඅභුත්සාවද්‍යකර්‍ම යැ ... අභුත්අනවද්‍යකර්‍ම යැ ... අභුත්කෘෂ්ණකර්‍ම යැ ... අභුත්ශුක්ලකර්‍ම යැ ... අභුත්සුඛොදයකර්‍ම යැ ... අභුත්දුඃඛොදයකර්‍ම යැ ... අභුත්සුඛවිපාකකකර්‍ම යැ ... අභූත්දුඃඛවිපාකකර්‍ම යැ අභුත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ නාභුත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ අස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ නාස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අභූත්දුඃඛවිපාකකර්‍ම යැ නභවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ අස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ නාස්තිදුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, අස්තිදුඃඛවිපාකකර්‍ම යැ න භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍ම යැ භවිෂ්‍යත්දුඃඛවිපාකකර්‍මවිපාක යැ, භවිෂ්‍යත් දුඃඛවිපාකකර්‍ම යැ නභවිෂ්‍යත් දුඃඛවිපාකකර්‍මවිපාක යි.
Pali BJTකම්මකථා සමත්තා{2}.
Sinhala BJTකර්‍මකථා නිමි.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTවිපල්ලාසකථා
Sinhala BJTවිපර්‍ය්‍යාසකථා
Pali BJTසාවත්ථිනිදානං “චත්තාරො මෙ භික්ඛවෙ සඤ්ඤාවිපල්ලාසා චිත්තවිපල්ලාසා දිට්ඨිවිපල්ලාසා, කතමෙ චත්තාරො: අනිච්චෙ භික්ඛවෙ නිච්චන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො, දුක්ඛෙ භික්ඛවෙ සුඛන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො, අනත්තනි භික්ඛවෙ අත්තාති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො, අසුභෙ භික්ඛවෙ සුභන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො සඤ්ඤාවිපල්ලාසා චිත්ත විපල්ලාසා දිට්ඨිවිපල්ලාසා.
Sinhala BJTසැවැත් නිදාන යි ... මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි, කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍ය (වස්තු) යෙහි නිත්‍ය යැ යන සංඥාව සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්ත විපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, දුඃඛයෙහි සුඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අනාත්මයෙහි ආත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, අශුභයෙහි ශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස යැ චිත්තවිපර්‍ය්‍යාස යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ යැ චිත්තවිපර්‍ය්‍යාසයෝ යැ දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ යි.
Pali BJTචත්තාරො මෙ භික්ඛවෙ නසඤ්ඤාවිපල්ලාසා නචිත්තවිපල්ලාසා නදිට්ඨිවිපල්ලාසා, කතමෙ චත්තාරො: අනිච්චෙ භික්ඛවෙ අනිච්චන්ති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො, දුක්ඛෙ භික්ඛවෙ දුක්ඛන්ති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො, අනත්තනි භික්ඛවෙ අනත්තාති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො, අසුභෙ භික්ඛවෙ අසුභන්ති නසඤ්ඤාවිපල්ලාසො නචිත්තවිපල්ලාසො නදිට්ඨිවිපල්ලාසො, ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො නසඤ්ඤාවිපල්ලාසා නචිත්තවිපල්ලාසා නදිට්ඨිවිපල්ලාසා.{a}
Sinhala BJTමහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්. කවර සතරදෙනෙකැ යත්: මහණෙනි, අනිත්‍යයෙහි අනිත්‍ය යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, දුඃඛයෙහි දුඃඛ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අනාත්මයෙහි අනාත්ම යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, අශුභයෙහි අශුභ යැ යනු සංඥාවිපර්‍ය්‍යාස නො වෙයි, චිත්තවිපර්‍ය්‍යාස නො වෙයි, දෘෂ්ටිවිපර්‍ය්‍යාස නො වේ. මහණෙනි, මොහු සතරදෙන සංඥාවිපර්‍ය්‍යාසයෝ නො වෙති, චිත්තවිපර්‍ය්‍යාසයෝ නො වෙති, දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෝ නො වෙත්.
Pali BJT1. අනිච්චෙ නිච්චසඤ්ඤිනො දුක්ඛෙ ච සුඛසඤ්ඤිනො අනත්තනි ච අත්තාති{1} අසුභෙ සුභසඤ්ඤිනො මිච්ඡාදිට්ඨිහතා{2} සත්තා ඛිත්තචිත්තා විසඤ්ඤිනො,
Sinhala BJT(1) අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥා ඇති දුඃඛයෙහි දු සුඛසංඥා ඇති අනාත්මයෙහි දු ආත්ම යැ යන සංඥා ඇති අශුභයෙහි දු ශුභසංඥා ඇති මිසදිටුයෙන් මඩනාලද භ්‍රාන්ත වූ සිත් ඇති විපරීතසංඥා ඇති යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද,
Pali BJT2. තෙ යොගයුත්තා මාරස්ස අයොගක්ඛෙමිනො ජනා{3} සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනො,
Sinhala BJT(2) ඒ සත්ත්‍වයෝ යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවනට නො පැමිණියාහු මාරයාගේ යෝගයෙහි යෙදුණාහු වෙති. එ මැ සත්ත්‍වයෝ සසර සැරිසරති, (ඔහු) ජාතිමරණයට පැමිණියාහු ද එහෙයිනි.
Pali BJT3. යදා ච බුද්ධා ලොකස්මිං උප්පජ්ජන්ති පභඞ්කරා තෙ ඉමං ධම්මං පකාසෙන්ති දුක්ඛූපසමගාමිනං,
Sinhala BJT(3) යම් කලෙක ප්‍රඥාලෝකය කරන්නා වූ සර්‍වඥ බුදුවරයෝ ලොවැ උපදිත් ද ඒ බුදුවරයෝ දුක්ඛූපසම සඞ්ඛ්‍යාත නිවනට යන මේ දහම ප්‍රකාශ කෙරෙත්.
Pali BJT4. තෙසං සුත්වාන සප්පඤ්ඤා සචිත්තං පච්චලද්ධු{4} තෙ අනිච්චං අනිච්චතද්දක්ඛුං{5} දුක්ඛමද්දක්ඛු දුක්ඛතො,
Sinhala BJT(4) සප්‍රාඥ වූ ජනයෝ ඒ බුදුවරයන්ගේ දහම අසා ස්වචිත්තය ලැබ අනිත්‍යය අනිත්‍ය හෙයින් දුටුවාහු යැ. දුඃඛය දුක් හෙයින් දුටුවාහු යැ.
Pali BJT5. අනත්තනි අනත්තාති{6} අසුභං අසුභතද්දසුං සම්මාදිට්ඨිසමාදානා සබ්බං දුක්ඛං{7} උපච්චගුන්ති,{a}
Sinhala BJT(5) අනාත්මයෙහි අනාත්ම යැ යි දුටුවාහු යැ අශුභය අශුභ හෙයින් දුටුවාහු යැ සමාදන් කළ සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සියලු වර්‍තදුඃඛය ඉක්මවූවාහු යයි.
Pali BJTඉමෙ චත්තාරො විපල්ලාසා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීනා අප්පහීනාති: කෙචි පහීනා, කෙචි අප්පහීනා. අනිච්චෙ නිච්චන්ති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිට්ඨිවිපල්ලාසො පහීනො. දුක්ඛෙ සුඛන්ති සඤ්ඤා උප්පජ්ජති, චිත්තං උප්පජ්ජති, දිට්ඨිවිපල්ලාසො පහීනො. අනත්තනි අත්තාති සඤ්ඤාවිපල්ලාසො චිත්තවිපල්ලාසො දිටිඨිවිපල්ලාසො පහීනො, අසුභෙ සුභන්ති සඤ්ඤා උප්පජ්ජති, චිත්තං උප්පජ්ජති, දිට්ඨිවිපල්ලාසො පහීනො.
Sinhala BJTමේ සතර විපර්‍ය්‍යාසයෝ දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගලයාහට ප්‍රහීණ වූවාහු ද අප්‍රහීණ වූවාහු ද යත්: කිසි විපර්‍ය්‍යාස කෙනෙක් ප්‍රහීණයහ. කිසි විපර්‍ය්‍යාස කෙනෙක් අප්‍රහීණයහ. අනිත්‍යයෙහි නිත්‍ය යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, දුඃඛයෙහි සුඛ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අනාත්මයෙහි අනාත්ම යැ යන සංඥාවිපර්‍ය්‍යාසය චිත්තවිපර්‍ය්‍යාසය දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යැ, අශුභයෙහි ශුභ යැ යන සංඥාව උපදී, චිත්තය උපදී. දෘෂ්ටිවිපර්‍ය්‍යාසය ප්‍රහීණ යි.
Pali BJTද්වීසු වත්ථුසු ඡ විපල්ලාසා පහීනා, ද්වීසු වත්ථුසු ද්වෙ විපල්ලාසා පහීනා: චත්තාරො විපල්ලාසා අප්පහීනා, චතුසු වත්ථුසු අට්ඨවිපල්ලාසා පහීනා, චත්තාරො විපල්ලාසා අප්පහීනාති.
Sinhala BJT(අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ සදෙනෙක් ප්‍රහීණයහ. (දුඃඛයෙහි සුඛ යැ අශුභයෙහි ශුභ යැ යන) දෙවත්හි විපර්‍ය්‍යාසයයෝ දෙදෙනෙක් ප්‍රහීණයහ, විපර්‍ය්‍යාසයයෝ සතර දෙනෙක් අප්‍රහීණයහ. සතර වත්හි විපර්‍ය්‍යාසයයෝ අට දෙනෙක් ප්‍රහීණයහ. විපර්‍ය්‍යාසයෝ සතර දෙනෙක් අප්‍රහීණයෝ යි.
Pali BJTවිපල්ලාසකථා සමත්තා.
Sinhala BJTවිපර්‍ය්‍යාසකථා නිමි.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTමග්ගකථා
Sinhala BJTමාර්‍ගකථා
Pali BJTමග්ගොති කෙනට්ඨෙන මග්ගො: සොතාපත්තිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා පහානාය මග්ගො චෙව හෙතු ච, සහජාතානං ධම්මානං උපත්ථම්භනාය මග්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස අධිට්ඨානාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස වොදානාය මග්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග්ගො චෙව හෙතු ච, උත්තරි.{1} පටිවෙධාය මග්ගො චෙව හෙතු ච, සච්චාභිසමයාය මග්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට්ඨාපනාය මග්ගො චෙව හෙතු ච.
Sinhala BJTමග්ගෝ යනු: කවර අර්‍ත්‍ථයෙකින් මාර්‍ග වේ ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිහුගේ ප්‍රහාණයට මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිය විශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තයාගේ අධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තයාගේ වෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිරෝධයෙහි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
Pali BJTඅභිනිරොපට්ඨෙන{2} සම්මාසඞ්කප්පො මිච්ඡාසඞ්කප්පස්ස පහානාය මග්ගො චෙව හෙතු ච, සහජාතානං ධම්මානං උපත්ථම්භනාය මග්ගො චෙ ව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග්ගො චෙව හෙතු ච පටිවෙධාදිවිසොධනාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස අධිට්ඨානාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස වොදානාය මග්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග්ගො චෙව හෙතු ච, උත්තරි පටිවෙධාය මග්ගො චෙව හෙතු ච සච්චාභිසමයාය මග්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට්ඨාපනාය මග්ගො චෙව හෙතු ච.
Sinhala BJTඅභිනිරෝපණ ස්වභාවයෙන් සම්‍යක්සංකල්පය මිථ්‍යාසංකල්පයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තපාරිශුද්ධිය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
Pali BJTපරිග්ගහට්ඨෙන සම්මාවාචා මිච්ඡාවාචාය පහානාය මග්ගො චෙව හෙතු ච, සහජාතානං ධම්මානං උපත්ථම්භනාය මග්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස අධිට්ඨානාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස වොදානාය මග්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග්ගො චෙව හෙතු ච, උත්තරිපටිවෙධාය මග්ගො චෙව හෙතු ච, සච්චාභිසමයාය මග්ගො චෙව හෙතු ච නිරොධෙ පතිට්ඨාපනාය මග්ගො චෙව හෙතු ච.
Sinhala BJTවාක්සංවර සඞ්ඛ්‍යාත පරිග්‍රහ ස්වභාවයෙන් සම්‍යග් වචනය මිථ්‍යාවචන ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්ත පාරිශුද්ධිය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
Pali BJTසමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මිච්ඡාකම්මන්තස්ස පහානාය මග්ගො චෙව හෙතු ච, -පෙ- වොදානට්ඨෙන සම්මාආජීවො මිච්ඡාජීවස්ස පහානාය මග්ගො චෙව හෙතු ච -පෙ- පග්ගහට්ඨෙන සම්මාවායාමො මිච්ඡාවායාමස්ස පහානාය මග්ගො චෙව හෙතු ච -පෙ- උපට්ඨානට්ඨෙන සම්මාසති මිච්ඡාසතියා පහානාය මග්ගො චෙව හෙතු ච -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මිච්ඡාසමාධිස්ස පහානාය මග්ගො චෙව හෙතු ච, සහජාතානං ධම්මානං උපත්ථම්භනාය මග්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස අධිට්ඨානාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස වොදානාය මග්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග්ගො චෙව හෙතු ච, උත්තරිපටිවෙධාය මග්ගො චෙව හෙතු ච, සච්චාභිසමයාය මග්ගො චෙව හෙතු ච නිරොධෙ පතිට්ඨාපනාය මග්ගො චෙව හෙතු ච.
Sinhala BJTසමුත්‍ථාන ස්වභාවයෙන් සම්‍යක් කර්‍මාන්තය මිථ්‍යාකර්‍මාන්තයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... පරිශුද්ධභාව ස්වභාවයෙන් සම්‍යගාජීවය මිථ්‍යාජීවයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... ප්‍රග්‍රහ ස්වභාවයෙන් සම්‍යග්ව්‍යායාමය මිථ්‍යාව්‍යායාමයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... උපස්ථානස්වභාවයෙන් සම්‍යක්ස්මෘතිය මිථ්‍යාස්මෘතිහුගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය මිථ්‍යාසමාධිහුගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
Pali BJTසකදාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි ඔළාරිකස්ස කාමරාගසඤ්ඤොජනස්ස පටිඝසඤ්ඤොජනස්ස ඔළාරිකස්ස කාමරාගානුසයස්ස පටිඝානුසයස්ස පහානාය මග්ගො චෙව හෙතු ච, සහජාතානං ධම්මානං උපත්ථම්භනාය මග්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස අධිට්ඨානාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස වොදානාය මග්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග්ගො චෙව හෙතු ච, උත්තරිපටිවෙධාය මග්ගො චෙව හෙතු ච, සච්චාභිසමයාය මග්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට්ඨාපනාය මග්ගො චෙ ව හෙතු ච.
Sinhala BJTසකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක් සමාධිය ඖදාරික වූ කාමරාගසංයෝජනයාගේ ප්‍රතිඝසංයොජනයාගේ ඖදාරික වූ කාමරාගානුශයාගේ ප්‍රතිඝානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
Pali BJTඅනාගාමිමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි අණුසහගතස්ස කාමරාගසඤ්ඤොජනස්ස පටිඝසඤ්ඤොජනස්ස අණුසහගතස්ස කාමරාගානුසයස්ස පටිඝානුසයස්ස පහානාය මග්ගො චෙව හෙතු ච, සහජාතානං ධම්මානං උපත්ථම්භනාය මග්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස අධිට්ඨානාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස වොදානාය මග්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග්ගො චෙව හෙතු ච, උත්තරි පටිවෙධාය මග්ගො චෙව හෙතු ච, සච්චාභිසමයාය මග්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට්ඨාපනාය මග්ගො චෙ ව හෙතු ච.
Sinhala BJTඅනාගාමිමාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශන ස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය අණුහගත වූ කාමරාගසංයෝජනයාගේ ප්‍රතිඝසංයොජනයාගේ අණුසහගත වූ කාමරාගානුශයාගේ ප්‍රතිඝානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
Pali BJTඅරහත්තමග්ගක්ඛණෙ දස්සනට්ඨෙන සම්මාදිට්ඨි -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි රූපරාගස්ස මානස්ස උද්ධච්චස්ස අවිජ්ජාය, මානානුසයස්ස භවරාගානුසයස්ස{1} අවිජ්ජානුසයස්ස පහානාය මග්ගො චෙව හෙතු ච, සහජාතානං ධම්මානං උපත්ථම්භනාය මග්ගො චෙව හෙතු ච, කිලෙසානං පරියාදානාය මග්ගො චෙව හෙතු ච, පටිවෙධාදිවිසොධනාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස අධිට්ඨානාය මග්ගො චෙව හෙතු ච, චිත්තස්ස වොදානාය මග්ගො චෙව හෙතු ච, විසෙසාධිගමාය මග්ගො චෙව හෙතු ච, උත්තරිපටිවෙධාය මග්ගො චෙව හෙතු ච, සච්චාභිසමයාය මග්ගො චෙව හෙතු ච, නිරොධෙ පතිට්ඨාපනාය මග්ගො චෙ ව හෙතු ච.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය ... අවික්‍ෂේප ස්වභාවයෙන් සම්‍යක්සමාධිය රූපරාගයාගේ අරූපරාගයාගේ මානයාගේ ඖද්ධත්‍යයාගේ අවිද්‍යාවගේ මානානුශයාගේ භවරාගානුශයාගේ අවිද්‍යානුශයාගේ ප්‍රහාණය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සහජාතධර්‍මයනට උපස්ථම්භනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, කෙලෙසුන් ගෙවීම පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. ප්‍රතිවේධාදිවිශෝධනය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි. චිත්තාධිෂ්ඨානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, චිත්තවෝදානය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, විශේෂාධිගමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, මත්තෙහි ප්‍රතිවේධය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, සත්‍යාභිසමය පිණිස මාර්‍ග ද හේතු ද වෙයි, නිවන්හි පිහිටුවනු පිණිස මාර්‍ග ද හේතු ද වේ.
Pali BJTදස්සනමග්ගා සම්මාදිට්ඨි, අභිනිරොපනමග්ගො සම්මාසඞ්කප්පො, පරිග්ගහමග්ගො සම්මාවාචා, සමුට්ඨානමග්ගො සම්මාකම්මන්තො, වොදානමග්ගො සම්මාආජීවො, පග්ගහමග්ගො සම්මාවායාමො, උපට්ඨානමග්ගො සම්මාසති, අවික්ඛෙපමග්ගො සම්මාසමාධි.
Sinhala BJTදර්‍ශනමාර්‍ගය සම්‍යග්දෘෂ්ටි යැ, අභිනිරෝපණ (අරමුණට නැගීම්) මාර්‍ගය සම්‍යක්සංකල්ප යැ, පරිග්‍රහමාර්‍ගය සම්‍යග්වචනය යැ, සමුත්‍ථානමාර්‍ගය සම්‍යක්කර්‍මාන්ත යැ, ව්‍යවදානමාර්‍ගය සම්‍යගාජීව යැ, ප්‍රග්‍රහමාර්‍ගය සම්‍යග්ව්‍යායාම යැ, උපස්ථාන (අරමුණට එළඹසිටීම්) මාර්‍ගය සම්‍යක්ස්මෘති යැ, අවික්‍ෂේපමාර්‍ගය සම්‍යක්සමාධි යි.
Pali BJTඋපට්ඨානමග්ගො සතිසම්බොජ්ඣඞ්ගො, පවිචයමග්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, පග්ගහමග්ගො විරියසම්බොජ්ඣඞ්ගො, ඵරනමග්ගො පීතිසම්බොජ්ඣඞ්ගො, උපසමමග්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අවික්ඛෙපමග්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො, පටිසඞ්ඛානමග්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTඋපස්ථානමාර්‍ගය ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ, ප්‍රවිචය (විමසීම්) මාර්‍ගය ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රග්‍රහමාර්‍ගය වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, සඵරණමාර්‍ගය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ, ව්‍යුපශමමාර්‍ගය ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ, අවික්‍ෂේපමාර්‍ගය සමාධිසම්බොධ්‍යඞ්ග යැ, පටිසඞ්ඛානමාර්‍ගය උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියමග්ගො සද්ධාබලං, කොසජ්ජෙ අකම්පියමග්ගො විරියබලං, පමාදෙ අකම්පියමග්ගො සතිබලං, උද්ධච්චෙ අකම්පියමග්ගො සමාධිබලං, අවිජ්ජාය අකම්පියමග්ගො පඤ්ඤාබලං.
Sinhala BJTඅශ්‍රද්ධායෙහි අකම්ප්‍යමාර්‍ගය ශ්‍රද්ධාබල යැ, කුසීදබැව්හි අකම්ප්‍යමාර්‍ගය වීර්‍ය්‍යබල යැ, ප්‍රමාදයෙහි අකම්ප්‍යමාර්‍ගය ස්මෘතිබල යැ, උද්ධත බැව්හි අකම්ප්‍යමාර්‍ගය සමාධිබල යැ, අවිද්‍යායෙහි අකම්ප්‍යමාර්‍ගය ප්‍රඥාබල යි.
Pali BJTඅධිමොක්ඛමග්ගො සද්ධින්ද්රියං, පග්ගහමග්ගො විරියින්ද්රියං, උපට්ඨානමග්ගො සතින්ද්රියං, අවික්ඛෙපමග්ගො සමාධින්ද්රියං, දස්සනමග්ගො පඤ්ඤින්ද්රියං,
Sinhala BJTඅධිමෝක්‍ෂමාර්‍ගය ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, ප්‍රග්‍රහමාර්‍ගය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, උපස්ථානමාර්‍ගය ස්මෘතීන්‍ද්‍රිය යැ, අවික්‍ෂේපමාර්‍ගය සමාධීන්‍ද්‍රිය යැ, දර්‍ශනමාර්‍ගය ප්‍රඥේන්‍ද්‍රිය යි.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියං.{1} මග්ගො, අකම්පියට්ඨෙන බලං.{2} මග්ගො, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගො.{3} මග්ගො, හෙතුට්ඨෙන{4} මග්ගඞ්ගං මග්ගො,{5} උපට්ඨානට්ඨෙන සතිපට්ඨානං මග්ගො, පදහනට්ඨෙන{6}. සම්මප්පධානං මග්ගො, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදො මග්ගො, තථට්ඨෙන සච්චං.{7} මග්ගො, අවික්ඛෙපට්ඨෙන සමථො මග්ගො, අනුපස්සනට්ඨෙන විපස්සනා මග්ගො, එකරසට්ඨෙන සමථවිපස්සනා මග්ගො, අනතිවත්තනට්ඨෙන යුගනද්ධං{8} මග්ගො, සංවරට්ඨෙන සීලවිසුද්ධි මග්ගො, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි මග්ගො, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි මග්ගො, මුත්තට්ඨෙන විමොක්ඛො මග්ගො, පටිවෙධට්ඨෙන විජ්ජා මග්ගො, පරිච්චාගට්ඨෙන විමුත්ති මග්ගො, සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං මග්ගො, ඡන්දො මූලට්ඨෙන මග්ගො, මනසිකාරො සමුට්ඨානට්ඨෙන මග්ගො, ඵස්සො සමොධානට්ඨෙන මග්ගො, වෙදනා සමොසරණට්ඨෙන මග්ගො, සමාධි පමුඛට්ඨෙන මග්ගො, සති ආධිපතෙය්යට්ඨෙන මග්ගො, පඤ්ඤා තදුත්තරට්ඨෙන{9} මග්ගො, විමුත්ති සාරට්ඨෙන මග්ගො, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන මග්ගො’ති.
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රිය මාර්‍ග වෙයි, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බල මාර්‍ග වෙයි, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ගය මාර්‍ග වෙයි, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ගාඞ්ග මාර්‍ග වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨානය මාර්‍ග වෙයි, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධානය මාර්‍ග වෙයි, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදය මාර්‍ග වෙයි, තථාර්‍ත්‍ථයෙන් සත්‍යය මාර්‍ග වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථය මාර්‍ග වෙයි. අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව මාර්‍ග වෙයි, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනා මාර්‍ග වෙයි, අනතිවර්‍තනාර්‍ත්‍ථයෙන් යුගනද්ධධර්‍ම මාර්‍ග වෙයි, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය මාර්‍ග වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය මාර්‍ග වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය මාර්‍ග වෙයි, මුක්ත්‍යර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය මාර්‍ග වෙයි, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව මාර්‍ග වෙයි, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය මාර්‍ග වෙයි, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය මාර්‍ග වෙයි, ඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, මනසිකාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, වේදනාව සමවසරණාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් මාර්‍ග වෙයි, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මාර්‍ග වේ යයි.
Pali BJTමග්ගකථා සමත්තා.
Sinhala BJTමාර්‍ගකථා නිමි.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJTමණ්ඩපෙය්යකථා
Sinhala BJTමණ්ඩපෙය්‍යකථා
Pali BJT“මණ්ඩපෙය්යමිදං භික්ඛවෙ බ්රහ්මචරියං, සත්ථා සම්මුඛීභූතො”{1}, {a} තිධත්තමණ්ඩො.{2} සත්ථරි සම්මුඛීභූතෙ: දෙසනාමණ්ඩො, පටිග්ගහමණ්ඩො.{3} බ්රහ්මචරියමණ්ඩො.
Sinhala BJTමහණෙනි, මේ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය මණ්ඩපෙය්‍ය (ඝෘතමණ්ඩයක් සෙයින් ප්‍රසන්න වූ හිතසුඛාවහ පානයෙක්) වෙයි. ශාස්තෲහු හමු වූහ. ශාස්තෲන් හමු වූ කල්හි ත්‍රිවිධභාවයෙන් මණ්ඩ (ප්‍රසන්න) වෙයි: දේශනාමණ්ඩ යැ ප්‍රතිග්‍රහමණ්ඩ යැ බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ යි.
Pali BJTකතමො දෙසනාමණ්ඩො: චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා{4} පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.{5} චතුන්නං සතිපට්ඨානානං -පෙ- චතුන්නං සම්මප්පධානානං -පෙ- චතුන්නං ඉද්ධිපාදානං -පෙ- පඤ්චන්නං ඉන්ද්රියානං -පෙ- පඤ්චන්නං බලානං -පෙ- සත්තන්නං බොජ්ඣඞ්ගානං -පෙ- අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකකම්මං. අයං දෙසනා මණ්ඩො. (1)
Sinhala BJTදේශනාමණ්ඩ කවරෙ යත්: සතර ආර්‍ය්‍යසත්‍යයන් නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්‍රකට කිරීම යැ සතර සතිපට්ඨානයන් ... සතර සම්‍යක්ප්‍රදහනයන් ... සතර ඍද්ධිපාදයන් ... පඤ්චේන්‍ද්‍රියයන් ... පඤ්චබලයන් ... සප්ත බෝධ්‍යඞ්ගයන් ... ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ගය නම් වශයෙන් කීම යැ දැක්වීම යැ පැනවීම යැ ඥානමුඛයෙහි තැබීම යැ විවෘත කිරීම යැ විභාග කිරීම යැ ප්‍රකට කිරීම යි. මේ දේශනාමණ්ඩ නම් වෙයි. (1)
Pali BJTකතමො පටිග්ගහමණ්ඩො: භික්ඛු භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා, යෙවා පනඤ්ඤෙපි කෙචි විඤ්ඤාතාරො. අයං පටිග්ගහමණ්ඩො. (2)
Sinhala BJTප්‍රතිග්‍රහමණ්ඩ කවරැ යත් : මහණහු යැ මෙහෙණහු යැ උවසුවෝ යැ උවැසියෝ යැ දෙවියෝ යැ මිනිස්සු යැ, තවද අන්‍ය වූ හෝ යම් කිසි ධර්‍මප්‍රතිවේධක කෙනෙක් වෙත් ද මේ ප්‍රතිග්‍රහමණ්ඩ නම් වෙයි. (2)
Pali BJTකතමො බ්රහ්මචරියමණ්ඩො: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං.{6} සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං බ්රහ්මචරියමණ්ඩො. (3)
Sinhala BJTබ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ කවරැ යත්: මෙ මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. හෙ මෙසේ යි: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සඞ්කල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. මේ බ්‍රහ්මචර්‍ය්‍යමණ්ඩ නම් වේ. (3)
Pali BJTඅධිමොක්ඛමණ්ඩො සද්ධින්ද්රියං, අස්සද්ධියං කසටො, අස්සද්ධියං කසටං ඡඩ්ඩෙත්වා සද්ධින්ද්රියස්ස අධිමොක්ඛමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. පග්ගහමණ්ඩො විරියින්ද්රියං, කොසජ්ජං කසටො, කොසජ්ජං කසටං ඡඩ්ඩෙත්වා විරියින්ද්රියස්ස පග්ගහමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. උපට්ඨානමණ්ඩො සතින්ද්රියං, පමාදො කසටො, පමාදං කසටං ඡඩ්ඩෙත්වා සතින්ද්රියස්ස උපට්ඨානමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. අවික්ඛෙපමණ්ඩො සමාධින්ද්රියං, උද්ධච්චං කසටො, උද්ධච්චං කසටං ඡඩ්ඩෙත්වා සමාධින්ද්රියස්ස අවික්ඛෙපමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං දස්සනමණ්ඩො පඤ්ඤින්ද්රියං, අවිජ්ජා{7} කසටො, අවිජ්ජං කසටං ඡඩ්ඩෙත්වා පඤ්ඤින්ද්රියස්ස දස්සනමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂමණ්ඩ යැ අශ්‍රද්ධාව කසට යැ අශ්‍රද්ධා සඞ්ඛ්‍යාත කසටය හැරපියා ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහමණ්ඩ යැ කුසීද බව කසට යැ කෞසීද්‍ය සඞ්ඛ්‍යාත කසටය හැරපියා වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රමණ්ඩය පානය කෙරේනු’ යි මණ්ඩපෙය්ය නම, ස්මෘතීන්‍ද්‍රිය උපස්ථානමණ්ඩ යැ ප්‍රමාදය කසට යැ ප්‍රමාද සඞ්ඛ්‍යාත කසටය හැරපියා ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ උද්ධතභාවය කසට යැ උද්ධතභාව සඞ්ඛ්‍යාත කසටය හැරපියා සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ප්‍රඥේන්‍ද්‍රිය දර්‍ශනමණ්ඩ යැ අවිද්‍යාව කසට යැ අවිද්‍යා සඞ්ඛ්‍යාත කසටය හැරපියා ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියමණ්ඩො සද්ධාබලං, අස්සද්ධියං කසටො, අස්සද්ධියං කසටං ඡඩ්ඩෙත්වා සද්ධාබලස්ස අස්සද්ධියෙ අකම්පියමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. කොසජ්ජෙ අකම්පියමණ්ඩො විරියබලං, කොසජ්ජං කසටො, කොසජ්ජං කසටං ඡඩ්ඩෙත්වා විරියබලස්ස කොසජ්ජෙ අකම්පියමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. පමාදෙ අකම්පියමණ්ඩො සතිබලං, පමාදො කසටො, පමාදං කසටං ඡඩ්ඩෙත්වා සතිබලස්ස පමාදෙ අකම්පියමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. උද්ධච්චෙ අකම්පියමණ්ඩො සමාධිබලං, උද්ධච්චං කසටො, උද්ධච්චං කසටං ඡඩ්ඩෙත්වා සමාධිබලස්ස උද්ධච්චෙ අකම්පියමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. අවිජ්ජාය අකම්පියමණ්ඩො පඤ්ඤාබලං අවිජ්ජා කසටො, අවිජ්ජං කසටං ඡඩ්ඩෙත්වා පඤ්ඤාබලස්ස අවිජ්ජාය අකම්පියමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං.
Sinhala BJTශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍ය (නො සැලෙන) මණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, අශ්‍රද්ධාකසටය හැරපියා ශ්‍රද්ධාබලයාගේ අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, වීර්‍ය්‍යබලය කුසීදභාවයෙහි අකම්ප්‍යමණ්ඩ යැ කුසීදභාවය කසට යැ කෞසිද්‍යකසටය හැරපියා වීර්‍ය්‍යබලයාගේ කුසීදභාවයෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ ප්‍රමාදකසටය හැරපියා ස්මෘතිබලයාගේ ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යබල යැ ඖද්ධත්‍යය කසට යැ, ඖද්ධත්‍යකසටය හැරපියා සමාධිබලයාගේ ඖද්ධත්‍යයෙහි අකමප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම, ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, අවිද්‍යාකසටය හැරපියා ප්‍රඥාබලයාගේ අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
Pali BJTඋපට්ඨානමණ්ඩො සතිසම්බොජ්ඣඞ්ගො, පමාදො කසටො, පමාදං කසටං ඡඩ්ඩෙත්වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උපට්ඨානමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. පවිචයමණ්ඩො ධම්මවිජයසම්බොජ්ඣඞ්ගො, අවිජ්ජා කසටො, අවිජ්ජං කසටං ඡඩ්ඩෙත්වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පවිචයමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං පග්ගහමණ්ඩො විරියසම්බොජ්ඣඞ්ගො, කොසජ්ජං කසටො, කොසජ්ජං කසටං ඡඩ්ඩෙත්වා විරියසම්බොජ්ඣඞ්ගස්ස පග්ගහමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. ඵරණමණ්ඩො පීතිසම්බොජ්ඣඞ්ගො, පරිළාහො කසටො, පරිළාහං කසටං ඡඩ්ඩෙත්වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස ඵරණමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. උපසමමණ්ඩො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, දුට්ඨුල්ලං කසටො, දුට්ඨුල්ලං කසටං ඡඩ්ඩෙත්වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උපසමමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං. අවික්ඛෙපමණ්ඩො සමාධිසම්බොජ්ඣඞ්ගො, උද්ධච්චං කසටො, උද්ධච්චං කසටං ඡඩ්ඩෙත්වා සමාධිසමොජ්ඣඞ්ගස්ස අවික්ඛෙපමණ්ඩ පිවතීති මණ්ඩපෙය්යං. පටිසඞ්ඛානමණ්ඩො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, අප්පටිසඞ්ඛා කසටො, අප්පටිසඞ්ඛං කසටං ඡඩ්ඩෙත්වා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගස්ස පටිසඞ්ඛානමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං.
Sinhala BJTස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ප්‍රමාදකසටය හැරපියා ස්මෘතිසම්බොධ්‍යඞ්ගයාගේ උපස්ථානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචය (විමසීම්) මණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, අවිද්‍යාකසටය හැරපියා ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයාගේ ප්‍රවිච මණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහමණ්ඩ යැ, කෞසීද්‍යය කසට යැ, කෞසීද්‍යකසටය හැරපියා වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයාගේ ප්‍රග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණමණ්ඩ යැ, පරිදාහය කසට යැ, පරිදාහකසටය හැරපියා ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයාගේ සඵරණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමමණ්ඩ යැ, දුට්ඨුල්ලය කසට යැ, දුට්ඨුල්ලකසටය හැරපියා ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයාගේ ව්‍යුපශමමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඖද්ධත්‍යයකසටය හැරපියා සමාධිසම්බෝධ්‍යඞ්ගයාගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පටිසඞ්ඛාන (ප්‍රත්‍යවේක්‍ෂා) මණ්ඩ යැ, අප්පටිසඞ්ඛාව කසට යැ, අප්පටිසඞ්ඛාකසටය හැරපියා උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයාගේ පටිසඞ්ඛානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
Pali BJTදස්සනමණ්ඩො සම්මාදිට්ඨි, මිච්ඡාදිට්ඨි කසටො, මිච්ඡං දිට්ඨිං කසටං ඡඩ්ඩෙත්වා සම්මා දිට්ඨියා දස්සනමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං, අභිනිරොපනමණ්ඩො සම්මාසඞ්කප්පො, මිච්ඡාසඞ්කප්පො කසටො, මිච්ඡාසඞ්කප්පං කසටං ඡඩ්ඩෙත්වා සම්මාසඞ්කප්පස්ස අභිනිරොපනමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං, පරිග්ගහමණ්ඩො සම්මාවාචා, මිච්ඡාවාචා කසටො, මිච්ඡාවාචං කසටං ඡඩ්ඩෙත්වා සමාමාවාචාය පරිග්ගහමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං, සමුට්ඨානමණ්ඩො සම්මාකම්මන්තො, මිච්ඡාකම්මන්තො කසටො, මිච්ඡාකම්මන්තං කසටං ඡඩ්ඩෙත්වා සම්මාකම්මන්තස්ස සමුට්ඨානමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං, වොදානමණ්ඩො සම්මාආජීවො, මිච්ඡාආජීවො කසටො මිච්ඡාආජීවං කසටං ඡඩ්ඩෙත්වා සම්මාආජීවස්ස වොදානමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං, පග්ගහමණ්ඩො සම්මාවායාමො, මිච්ඡාවායාමො කසටො, මිච්ඡාවායාමං කසටං ඡඩ්ඩෙත්වා සාමාවායාමස්ස පග්ගහමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං, උපට්ඨානමණ්ඩො සම්මාසති, මිච්ඡාසති කාසටො, මිච්ඡාසතිං කසටං ඡඩ්ඩෙත්වා සම්මාසතියා උපට්ඨානමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං, අවික්ඛෙපමණ්ඩා සම්මාසමාධි, මිච්ඡාසමාධි කසටො, මිච්ඡාසමාධිං කසටං ඡඩ්ඩෙත්වා සම්මාසමාධිස්ස අවික්ඛෙපමණ්ඩං පිවතීති මණ්ඩපෙය්යං.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, මිථ්‍යාදෘෂ්ටිය කසට යැ, මිථ්‍යාදෘෂ්ටිකසටය හැරපියා සම්‍යග්දෘෂ්ටිහුගේ දර්‍ශනමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්සංකල්පය අභිනිරෝපණ (අරමුණට නැඟීම) මණ්ඩ යැ, මිථ්‍යාසංකල්පය කසට යැ, මිථ්‍යාසංකල්පකසටය හැරපියා සම්‍යක්සංකල්පයාගේ අභිනිරෝපණමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යග්වචනය පරිග්‍රහමණ්ඩ යැ, මිථ්‍යාවචනය කසට යැ, මිථ්‍යාවචනකසටය හැරපියා සම්‍යග්වචනයාගේ පරිග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, මිථ්‍යාකර්‍මාන්තය කසට යැ, මිත්‍යාකර්‍මාන්තකසටය හැරපියා සම්‍යක්කර්‍මාන්තයාගේ සමුත්‍ථානමණ්ඩය, පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, මිථ්‍යාආජීවය කසට යැ, මිථ්‍යාජීවකසටය හැරපියා සම්‍යගාජීවයාගේ ව්‍යවදානමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩය යැ, මිථ්‍යාව්‍යායාමය කසට යැ, මිත්‍යාව්‍යායාමකසටය හැරපියා සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, මිථ්‍යාස්මෘතිය කසට යැ, මිථ්‍යාස්මෘතිකසටය හැරපියා සම්‍යක්ස්මෘතිහුගේ උපස්ථානමණ්ඩලය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්ය නම. සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යැ, මිථ්‍යාසමාධිය කසට යැ, මිථ්‍යාසමාධිකසටය හැරපියා සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂෙපමණ්ඩය පානය කෙරේ නු’ යි මණ්ඩපෙය්‍ය නමි.
Pali BJTඅත්ථි මණ්ඩො, අත්ථි පෙය්යං, අත්ථි කසටො;
Sinhala BJTමණ්ඩ (ප්‍රසන්න) යෙක් ඇත, පියයුත්තෙක් ඇත, කසටයෙක් ඇති.
Pali BJTඅධිමොක්ඛමණ්ඩො සද්ධින්ද්රියං, අස්සද්ධියං කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, පග්ගහමණ්ඩො විරියින්දියං, කොසජ්ජං කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, උපට්ඨානමණ්ඩා සතින්ද්රියං පමාදො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, අවික්ඛෙපමණ්ඩො සමාධින්ද්රියං, උද්ධච්චං කසටො, යො තත්ථ අත්ථරසො, ධම්මරසො විමුත්තිරසො ඉදං පෙය්යං. දස්සමණ්ඩො පඤ්ඤින්ද්රියං, අවිජ්ජා කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමෝක්‍ෂමණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, ඒ ශ්‍රද්ධේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරස (සම්පත්ති)යෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියුයුතු වෙයි. වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහමණ්ඩය යැ, කෞසීද්‍යය කසට යැ, ඒ වීර්ය්‍යේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ස්මෘතීන්‍ද්‍රිය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධීන්‍ද්‍රිය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධීන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රඥේන්‍ද්‍රිය දර්‍ශනමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ප්‍රඥේන්‍ද්‍රියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියමණ්ඩො සද්ධාබලං, අස්සද්ධියං කසටො, යො තත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, කොසජ්ජෙ අකම්පියමණ්ඩො විරියබලං, කොසජ්ජං කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, පමාදෙ අකම්පියමණ්ඩො සතිබලං, පමාදො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං උද්ධච්චෙ අකම්පියමණ්ඩො සමාධිබලං, උද්ධච්චං කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, අවිජ්ජාය අකම්පියමණ්ඩො පඤ්ඤාබලං, අවිජ්ජා කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං.
Sinhala BJTශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අශ්‍රද්ධාව කසට යැ, ඒ ශ්‍රද්ධාබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද මේ පියයුතු වෙයි. වීර්‍ය්‍යබලය කෞසීද්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, කෞසීද්‍යායකසට යැ, ඒ වීර්‍ය්‍යබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ. ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතිබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධිබලයයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ප්‍රඥාබලයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.
Pali BJTඋපට්ඨානමණ්ඩො සතිසම්බොජ්ඣඞ්ගො, පාමාදො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, පවිචයමණ්ඩො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, අවිජ්ජා කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, පග්ගහමණ්ඩො විරියසම්බොජ්ඣඞ්ගො, කොසජ්ජං කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, ඵරණමණ්ඩො පීතිසම්බොජ්ඣඞ්ගො, පරිළාහො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, උපසමමණ්ඩො පස්සද්ධි සම්බොඣඞ්ගො, දුට්ඨුල්ලං කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, අවික්ඛෙපමණ්ඩො සමාධිසම්බොජ්ඣඞ්ගො, උද්ධච්චං කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, පටිසඞ්ඛානමණ්ඩො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො, අපටිසඞ්ඛා කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං.
Sinhala BJTස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ප්‍රමාදය කසට යැ, ඒ ස්මෘතිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචයමණ්ඩ යැ, අවිද්‍යාව කසට යැ, ඒ ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රගහමණ්ඩ යැ, කෞසීද්‍යය කසට යැ, ඒ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණමණ්ඩ යැ, පරිදාහය කසට යැ, ඒ ප්‍රීතිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමමණ්ඩ යැ, දුට්ඨුල්ලය කසට යැ, ඒ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, ඖද්ධත්‍යය කසට යැ, ඒ සමාධිසම්බොධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය ප්‍රත්‍යවේක්‍ෂාමණ්ඩ යැ, ප්‍රතිවේක්‍ෂා නො කිරීම කසට යැ, ඒ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි.
Pali BJTදස්සනමණ්ඩො සම්මාදිට්ඨි, මිච්ඡාදිට්ඨි කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, අභිනිරොපනමණ්ඩො සම්මාසඞ්කප්පො, මිච්ඡාසඞ්කප්පො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, පරිග්ගහමණ්ඩො සම්මාවාචා, මිච්ඡාවාචා කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, සමුට්ඨානමණ්ඩො සම්මාකම්මන්තො, මිච්ඡාකම්මන්තො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, වොදානමණ්ඩො සම්මාආජීවො, මිච්ඡාආජීවො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, පග්ගහමණ්ඩො සම්මාවායාමො මිච්ඡාවායාමො කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, උපට්ඨානමණ්ඩො සම්මාසති, මිච්ඡාසති කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං, අවික්ඛෙපමණ්ඩො සම්මාසමාධි, මිච්ඡාසමාධි කසටො, යො තත්ථ අත්ථරසො ධම්මරසො විමුත්තිරසො, ඉදං පෙය්යං,
Sinhala BJTසම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, මිථ්‍යාදෘෂ්ටිය කසට යැ, ඒ සම්‍යග්දෘෂ්ටියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්සංකල්පය අභිනිරෝපණමණ්ඩ යැ, මිථ්‍යාසංකල්පය කසට යැ, ඒ සම්‍යක්සංකල්පයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යග්වචනය පරිග්‍රහ (වාක්සංවර) මණ්ඩ යැ, මිථ්‍යාවචනය කසට යැ, ඒ සම්‍යග්වචනයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, මිථ්‍යාකර්‍මාන්තය කසට යැ, ඒ සම්‍යක්කර්‍මාන්තයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, මිථ්‍යාආජීවය කසට යැ, ඒ සම්‍යගාජීවයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩ යැ, මිථ්‍යාව්‍යායාමය කසට යැ, ඒ සම්‍යග් ව්‍යායාමයෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, මිථ්‍යාස්මෘතිය කසට යැ, ඒ සම්‍යක්ස්මෘතියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වෙයි. සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යැ, මිථ්‍යාසමාධිය කසට යැ, ඒ සම්‍යක්සමාධියෙහි යම් අර්‍ත්‍ථරසයෙක් ධර්‍මරසයෙක් විමුක්තිරසයෙක් වේ ද, මේ පියයුතු වේ.
Pali BJTදස්සනමණ්ඩො සම්මාදිට්ඨි, අභිනිරොපනමණ්ඩො සම්මාසඞ්කප්පො, පරිග්ගහමණ්ඩො සම්මාවාචා, සමුට්ඨානමණ්ඩො සම්මාකම්මන්තො, වොදානමණ්ඩො සම්මාආජීවො, පග්ගහමණ්ඩො සම්මාවායාමො, උපට්ඨානමණ්ඩො සම්මාසති, අවික්ඛෙපමණ්ඩො සම්මාසමාධි.
Sinhala BJTසම්‍යග්දෘෂ්ටිය දර්‍ශනමණ්ඩ යැ, සම්‍යක්සංකල්පය අභිනිරෝපණමණ්ඩ යැ, සම්‍යග්වචනය පරිග්‍රහමණ්ඩ යැ, සම්‍යක්කර්‍මාන්තය සමුත්‍ථානමණ්ඩ යැ, සම්‍යගාජීවය ව්‍යවදානමණ්ඩ යැ, සම්‍යග්ව්‍යායාමය ප්‍රග්‍රහමණ්ඩ යැ, සම්‍යක් ස්මෘතිය උපස්ථානමණ්ඩ යැ, සම්‍යක්සමාධිය අවික්‍ෂේපමණ්ඩ යි.
Pali BJTඋපට්ඨානමණ්ඩො සතිසම්බොජ්ඣඞ්ගො, පවිචයමණ්ඩො ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො පග්ගහමණ්ඩො විරියසම්බොජ්ඣඞ්ගො, ඵරණමණ්ඩො පීතිසම්බොජ්ඣඞ්ගො උපසමමණ්ඩො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, අවික්ඛෙපමණ්ඩො සමාධිසම්බොජ්ඣඞ්ගො, පටිසඞ්ඛානමණ්ඩො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො.
Sinhala BJTස්මෘතිසම්බොධ්‍යඞ්ගය උපස්ථානමණ්ඩ යැ, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය ප්‍රවිචයමණ්ඩ යැ, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය ප්‍රග්‍රහමණ්ඩ යැ, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ස්ඵරණ (පැතිරීම්) මණ්ඩ යැ, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය ව්‍යුපශමණ්ඩ යැ, සමාධිසම්බෝධ්‍යඞ්ගය අවික්‍ෂේපමණ්ඩ යැ, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය පටිසඞ්ඛානමණ්ඩ යි.
Pali BJTඅස්සද්ධියෙ අකම්පියමණ්ඩො සද්ධාබලං, කොසජ්ජෙ අකම්පියමණ්ඩො විරියබලං, පමාදෙ අකම්පියමණ්ඩො සතිබලං, උද්ධච්චෙ අකම්පියමණ්ඩො සමාධිබලං, අවිජ්ජාය අකම්පියමණ්ඩො පඤ්ඤාබලං.
Sinhala BJTශ්‍රද්ධාබලය අශ්‍රද්ධායෙහි අකම්ප්‍ය (නො සැලෙන) මණ්ඩ යැ, වීර්‍ය්‍යබලය කෞසීද්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ස්මෘතිබලය ප්‍රමාදයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, සමාධිබලය ඖද්ධත්‍යයෙහි අකම්ප්‍යමණ්ඩ යැ, ප්‍රඥාබලය අවිද්‍යායෙහි අකම්ප්‍යමණ්ඩ යි.
Pali BJTඅධිමොක්ඛමණ්ඩො සද්ධාබලං, පග්ගහමණ්ඩො විරියබලං, උපට්ඨානමණ්ඩො සතිබලං, අවික්ඛෙපමණ්ඩො සමාධිබලං, දස්සනමණ්ඩො පඤ්ඤාබලං.
Sinhala BJTශ්‍රද්ධාබලය අධිමෝක්‍ෂමණ්ඩ යැ, වීර්‍ය්‍යබලය ප්‍රග්‍රහමණ්ඩ යැ, ස්මෘතිබලය උපස්ථානමණ්ඩ යැ, සමාධිබලය අවික්‍ෂේපමණ්ඩ යැ, ප්‍රඥාබලය දර්‍ශනමණ්ඩ යි.
Pali BJTආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියං{1} මණ්ඩො{2} අකම්පියට්ඨෙන බලං{3} මණ්ඩො, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගො{4} මණ්ඩො, හෙතුට්ඨෙන{5} මග්ගො මණ්ඩො, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානං{6} මණ්ඩො, පදහනට්ඨෙන සම්මප්පධානං{7} මණ්ඩො, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදො{8} මණ්ඩො, තථට්ඨෙන සච්චං{9} මණ්ඩො, අවික්ඛෙපට්ඨෙන සමථො මණ්ඩො අනුපස්සනට්ඨෙන විපස්සනා මණ්ඩො, එකරසට්ඨෙන සමථවිපස්සනා මණ්ඩො, අනතිවත්තනට්ඨෙන යුගනද්ධං{10} මණ්ඩො, සංවරට්ඨෙන සීලවිසුද්ධි මණ්ඩො, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි මණ්ඩො, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි මණ්ඩො, මුත්තට්ඨෙන විමොක්ඛො මණ්ඩො, පටිවෙධට්ඨෙන විජ්ජා මණ්ඩො, පරිච්චාගට්ඨෙන විමුත්ති මණ්ඩො, සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං මණ්ඩො, පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණං මණ්ඩො.
Sinhala BJTඅධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රිය මණ්ඩ යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බල මණ්ඩ යැ, නිර්‍ය්‍යාණාර්‍ත්‍ථයෙන් බෝධ්‍යඞ්ග මණ්ඩ යැ, හෙත්‍වර්‍ත්‍ථයෙන් මාර්‍ග මණ්ඩ යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් සතිපට්ඨාන මණ්ඩ යැ, ප්‍රදහනාර්‍ත්‍ථයෙන් සම්‍යක්ප්‍රධාන මණ්ඩ යැ, සමෘද්ධි වන අර්‍ත්‍ථයෙන් ඍද්ධිපාද මණ්ඩ යැ, තථාර්‍ත්‍ථයෙන් සත්‍යය මණ්ඩ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ශමථ මණ්ඩ යැ, අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව මණ්ඩ යැ, ඒකරසාර්‍ත්‍ථයෙන් ශමථ-විදර්‍ශනා මණ්ඩ යැ, අනතිවර්‍තනාර්‍ත්‍ථයෙන් යුගනද්ධ මණ්ඩ යැ, සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය මණ්ඩ යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් චිත්තවිශුද්ධිය මණ්ඩ යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් දෘෂ්ටිවිශුද්ධිය මණ්ඩ යැ, මුක්තාර්‍ත්‍ථයෙන් විමෝක්‍ෂය මණ්ඩ යැ, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් විද්‍යාව මණ්ඩ යැ, පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් විමුක්තිය මණ්ඩ යැ, සමුච්ඡේදාර්‍ත්‍ථයෙන් ක්‍ෂයඥානය මණ්ඩ යැ, ප්‍රතිප්‍රශ්‍රබ්ධ්‍යර්‍ත්‍ථයෙන් අනුත්පාද ඥානය මණ්ඩ යි.
Pali BJTඡන්දො මූලට්ඨෙන මණ්ඩො, මනසිකාරො සමුට්ඨානට්ඨෙන මණ්ඩො, ඵස්සො සමොධානට්ඨෙන මණ්ඩො, වෙදනා සමොසරණට්ඨෙන මණ්ඩො, සමාධි පමුඛට්ඨෙන මණ්ඩො, සති ආධිපතෙය්යට්ඨෙන මණ්ඩො, පඤ්ඤා තදුත්තරට්ඨෙන{11} මණ්ඩො, විමුත්ති සාරට්ඨෙන මණ්ඩො, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන මණ්ඩොති.
Sinhala BJTඡන්‍දය මූලාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, මනස්කාරය සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ස්පර්‍ශය සමවධානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, වේදනාව සමෝසරණාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, සමාධිය ප්‍රමුඛාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ස්මෘතිය අධිපතිභාවාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, ප්‍රඥාව තදුත්තරාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, විමුක්තිය සාරාර්‍ත්‍ථයෙන් මණ්ඩ යැ, අමතෝගධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය පර්‍ය්‍යවසානාර්‍ත්‍ථයෙන් මණ්ඩ යයි,
Pali BJTමණ්ඩපෙය්යකථා සමත්තා.
Sinhala BJTමණ්ඩපෙය්‍යකථා නිමි.
Pali BJTචතුත්ථකභාණවාරං
Sinhala BJTසතරවැනි බණවර යි.
Pali BJTමහාවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි මහාවර්‍ගය යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං භවති:
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඤාණ{12} දිට්ඨි ච අස්සාසා ඉන්ද්රියං විමොක්ඛ පඤ්චමා, ගතිකම්මවිපල්ලාසා වග්ගො මණ්ඩෙන තෙ දසා’ති.
Sinhala BJTඥානකථා යැ, දෘෂ්ටිකථා යැ, අනාපානාස්මෘතිකථා යැ, ඉන්‍ද්‍රියකථා යැ, පස්වැනි වීමෝක්‍ෂකථා යැ, ගතිකථා යැ, කර්‍මකථා යැ, විපර්‍ය්‍යාසකථා යැ, මණ්ඩපෙය්‍යකථා හා සමග මාර්‍ගකථා යැ යන ඒ දශකථාවෝ ඒ මහාවර්‍ගයාගේ උද්දානය වේ.
Pali BJTඑස නිකායධරට්ඨපිතො{13} අසමො පඨමො පවරො වරවග්ගො’ති{14}
Sinhala BJTතෙල නිකායධරයන් විසින් තබනලද අසම වූ ප්‍රවර වූ උතුම් වූ පළමුවැනි වර්‍ගය යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTඛුද්දකනිකායො
Sinhala BJTකුදුගත්සඟිය
Pali BJTපටිසම්භිදාමග්ගො
Sinhala BJTපටිසම්භිදාමාර්‍ගය
Pali BJT2. යුගනද්ධවග්ගො
Sinhala BJT2. යුගනද්ධ වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTයුගනද්ධකථා
Sinhala BJTයුගනද්ධ කථා
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛු ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳතෙරුනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ මේ වදාළහ:
Pali BJTයො හි කොචි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා මම සන්තිකෙ අරහත්තපත්තං{1} බ්යාකරොති, සබ්බො සො{2} චතූහි මග්ගෙහි එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි චතූහි:
Sinhala BJTඇවැත්නි, යම්කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මා සමීපයෙහි තමා රහත්බවට පැමිණීම ප්‍රකාශ කෙරේ නම් සර්‍වප්‍රකාරයෙන් සතර ප්‍රතිපදාමාර්‍ගයෙන් හෝ මොවුනතුරෙහි එක්තරයෙකින් හෝ ප්‍රකාශ කෙරේ. කවර සතර ප්‍රතිපදාමාර්‍ගයෙකින යත්:
Pali BJTඉධාවුසො භික්ඛු සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති, තස්ස සමථපුබ්බඞ්ගං විපස්සනා භාවයතො මග්ගො සඤ්ජායති, සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා{3} පහීයන්ති. අනුසයා බ්යන්තීහොන්ති.{4}
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ තෙම ශමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනාව වඩයි. ශමථපූර්‍වඞ්ගම වූ විදර්‍ශනා වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙහි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත (කෙළවර) වෙත්.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු විපස්නාපුබ්බඞ්ගං සමථං භාවෙති, තස්ස විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවයතො මග්ගො සඤ්ජායති, සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා{3} පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTතවද අනෙකක් කියමි: ඇවැත්නි, මහණ තෙම විදර්‍ශනා පූර්‍වඞ්ගම වූ ශමථය වඩයි, විදර්‍ශනා පූර්‍වඞ්ගම ශමථය වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සමථවිප්පනං යුගනද්ධං{5} භාවෙති, තස්ස සමථවිපස්සනං යුගනද්ධං භාවයතො මග්ගො සඤ්ජායති, සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණ තෙම ශමථ–විදර්‍ශනා යුගනද්ධ (යුගළු) කොට වඩයි, ශමථ විදර්‍ශනා යුගනද්ධ කොට වඩන ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛුනො ධම්මුද්ධච්චවිග්ගහිතං මානසං{1} හොති, සො ආවුසො සමයො යං තං චිත්තං අජ්ඣත්තමෙව{2} සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති, තස්ස මග්ගො සඤ්ජායති; සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති, තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො පහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTතවද ඇවැත්නි, මහණට ඕභාසාදිධර්‍මයෙහි වික්‍ෂෙපසඞ්ඛ්‍යාත උද්ධතභාවයෙන් විරෝධයට පමුණුවනලද සිත වෙයි, යම් කලෙක ඒ (විදර්‍ශනාවීථීයට බැසැගෙන සිටි) සිත ගෝචරජ්ඣත්ත සඞ්ඛ්‍යාත අරමුණෙහි මැ පිහිටා ද මොනොවට හිඳී ද එකඟ වේ ද මොනොවට සිටී ද, ඇවැත්නි, ඒ විදර්‍ශනාවීථීයට පිළිපන් සමය වෙයි. ඕහට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය ඇසුරු කෙරෙයි වඩයි පුනපුනා වඩයි, ඒ මාර්‍ගය ඇසුරු කරන වඩන පුනපුනා වඩන ඕහට සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTයො හි කොචි ආවුසො භික්ඛු වා භික්ඛුනී වා මම සන්තිකෙ අරහත්තපත්තං බ්යාකරොති, සබ්බො සො{3} ඉමෙහි චතූහි මග්ගෙහි එතෙසං වා අඤ්ඤතරෙනාති.{a}
Sinhala BJTඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ මෙහෙණක් හෝ මා සමීපයෙහි තමා රහත්බවට පැමිණීම ප්‍රකාශ කෙරේ නම් මේ සතර ප්‍රතිපදාමාර්‍ගයෙන් හෝ මොවුනතුරෙහි එක්තරයෙකින් හෝ ප්‍රකාශ කෙරේ යයි.
Pali BJTකථං සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති: නෙක්ඛම්මවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, තත්ථ ජාතෙ ධම්මෙ අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්නා, දුක්ඛතො අනුපස්සනට්ඨෙන විපස්සනා, අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා. ඉති පඨමං සමථො, පච්ඡා විපස්සනා තෙන වුච්චති “සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති{4}
Sinhala BJTකිසෙයින් ශමථපූර්‍වඞ්ගම විදර්‍ශනා වඩාද යත්: නෛෂ්ක්‍රම්‍යවශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ, ඒ සමාධියෙහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් අනිත්‍යානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යැ, අනාත්‍මානුදර්‍ශනස්වභාවයෙන් විදර්‍ශනා යි. මෙසෙයින් පළමු වැ ශමථය වෙයි. පසු වැ විදර්‍ශනා වේ. එයින් කියනු ලැබෙයි: ‘සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති’
Pali BJTභාවෙතීති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTභාවෙති යනු භාවනා සතරෙකි: ඒ ශමථයෙහි උපන් (චිත්තචෛතසික) ධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ, තදුපගවිර්‍ය්‍යධුරස්වභාවයෙන් භාවනා යැ, ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTමග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති: දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මග්ගො සඤ්ජායති, අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මග්ගො සඤ්ජායති, පරිග්ගහට්ඨෙන සම්මාවාචා මග්ගො සඤ්ජායති, සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තො මග්ගො සඤ්ජායති, වොදානට්ඨෙන සම්මාආජීවො මග්ගො සඤ්ජායති, පග්ගහට්ඨෙන සම්මාවායාමො මග්ගො සඤ්ජායති, උපට්ඨානට්ඨෙන සම්මාසති මග්ගො සඤ්ජායති, අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මග්ගො සඤ්ජායති. එවං මග්ගො සඤ්ජායති.
Sinhala BJTමග්‍ගො සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ‍්ටිසඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි, අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක්සංකල්‍ප සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. පරිග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්වචන සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. සමුත්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්කර්‍මාන්ත සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. ව්‍යවදානාර්‍ත්‍ථයෙන් සම්‍යගාජීව සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් සම්‍යග්ව්‍යායාම සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. උපස්‍ථානාර්‍ත්‍ථයෙන් සම්‍යක්ස්මෘති සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි. අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. මෙසෙයින් මාර්‍ගය උපදි.
Pali BJT“සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති.” ආසෙවතීති කථං ආසෙවති: ආවජ්ජන්තො ආසෙවති, ජානන්තො ආසෙවති, පස්සන්තො ආසෙවති, පච්චවෙක්ඛන්තො ආසෙවති, චිත්තං අධිට්ඨහන්තො ආසෙවති, සද්ධාය අධිමුච්චන්තො ආසෙවති, විරියං පග්ගණ්හන්තො ආසෙවති, සතිං උපට්ඨපෙන්තො{5} ආසෙවති, චිත්තං සමාදහන්තො ආසෙවති, පඤ්ඤාය පජානන්තො ආසෙවති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො ආසෙවති, පරිඤ්ඤෙය්යං පරිජානන්තො ආසෙවති, පහාතබ්බං පජහන්තො ආසෙවති, භාවෙතබ්බං භාවෙන්තො ආසෙවති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො ආසෙවති. එවං ආසෙවති.
Sinhala BJT“සො තං මග්ගං ආසේවති භාවෙති බහුලීකරෝති” ආසේවති යනු: කිසෙයින් ඇසුරු කෙරෙයි යත්: ආවර්‍ජනා කෙරෙමින් ඇසුරු කෙරෙයි, දනිමින් ඇසුරු කෙරෙයි, දක්මින් ඇසුරු කෙරෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ඇසුරු කෙරෙයි, සිත පිහිටුවමින් ඇසුරු කෙරෙයි, සැදැහැයෙන් නිශ්චය කෙරෙමින් ඇසුරු කෙරෙයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් ඇසුරු කෙරෙයි, සිහි එළවා තබමින් ඇසුරු කෙරෙයි, සිත අරමුණෙහි සම වැ තබමින් ඇසුරු කෙරෙයි, ප්‍රඥායෙන් දැනගනිමින් ඇසුරු කෙරෙයි, ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත අභිජානනය කෙරෙමින් ඇසුරු කෙරෙයි, සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත පරිජානනය කෙරෙමින් ඇසුරු කෙරෙයි, දුරු කළයුත්ත දුරුකෙරෙමින් ඇසුරු කෙරෙයි, වැඩියයුත්ත වඩමින් ඇසුරු කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂකටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් ඇසුරු කෙරෙයි, මෙසෙයින් ඇසුරු කෙරේ.
Pali BJTභාවෙතීති කථං භාවෙති: ආවජ්ජන්තො භාවෙති, ජානන්තො භාවෙති, පස්සන්තො භාවෙති, පච්චවෙක්ඛන්තො භාවෙති, චිත්තං අධිට්ඨහන්තො භාවෙති, සද්ධාය අධිමුච්චන්තො භාවෙති, විරියං පග්ගණ්හන්තො භාවෙති, සතිං උපට්ඨපෙන්තො භාවෙති, චිත්තං සමාදහන්තො භාවෙති, පඤ්ඤාය පජානන්තො භාවෙති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො භාවෙති, පරිඤ්ඤෙය්යං පරිජානන්තො භාවෙති, පහාතබ්බං පජහන්තො භාවෙති, භාවෙතබ්බං භාවෙන්තො භාවෙති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො භාවෙති. එවං භාවෙති.
Sinhala BJTභාවෙති යනු: කිසෙයින් වඩා ද යත්: ආවර්‍ජනා කෙරෙමින් වඩයි, දනිමින් වඩයි, දකිමින් වඩයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් වඩයි, සිත පිහිටුවමින් වඩයි, ශ්‍රද්ධායෙන් නිශ‍්චය කෙරෙමින් වඩයි,වීර්‍ය්‍යය දැඩි කොට ගන්මින් වඩයි, සිහි එළවා තබමින් වඩයි, සිත අරමුණෙහි සම වැ තබමින් වඩයි, ප්‍රඥායෙන් දැනගනිමින් වඩයි, අභිඥේයය අභිජානනය කෙරෙමින් වඩයි, පරිඥේයය පරිජානනය කෙරෙමින් වඩයි, ප්‍රහාතව්‍යය ප්‍රජහනය කෙරෙමින් වඩයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් වඩයි, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් වඩයි, මෙසෙයින් වඩා.
Pali BJTබහුලීකරොතීති කථං බහුලීකරොති: ආවජ්ජන්තො බහුලීකරොති, ජානන්තො බහුලීකරොති, පස්සන්තො බහුලීකරොති, පච්චවෙක්ඛන්තො බහුලීකරොති, චිත්තං අධිට්ඨහන්තො බහුලීකරොති, සද්ධාය අධිමුච්චන්තො බහුලීකරොති, විරියං, පග්ගණ්හන්තො බහුලීකරොති, සතිං උපට්ඨපෙන්තො බහුලීකරොති, චිත්තං සමාදහන්තො බහුලීකරොති, පඤ්ඤාය පජානන්තො බහුලීකරොති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො බහුලීකරොති, පරිඤ්ඤෙයං පරිජානන්තො බහුලීකරොති, පහාතබ්බං පජාහන්තො බහුලීකරොති, භාවෙතබ්බං භාවෙන්තො බහුලීකරොති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො බහුලීකරොති, එවං බහුලීකරොති.
Sinhala BJTබහුලීකරෝති යනු: කිසෙයින් පුනපුනා වඩා ද යත්: ආවර්‍ජනා කෙරෙමින් පුනපුනා වඩයි, දනිමින් පුනපුනා වඩයි, දකිමින් පුනපුනා වඩයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් පුනපුනා වඩයි, සිත පිහිටුවමින් පුනපුනා වඩයි, සැදැහැයෙන් නිශ්චය කෙරෙමින් පුනපුනා වඩයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් පුනපුනා වඩයි, සිහි එළවා තබමින් පුනපුනා වඩයි, සිත අරමුණෙහි සම වැ තබමින් පුනපුනා වඩයි, ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් පුනපුනා වඩයි, අභිඥේයය අභිජානනය කෙරෙමින් පුනපුනා වඩයි, පරිඥේයය පරිජානනය කෙරෙමින් පුනපුනා වඩයි, ප්‍රහාතව්‍යය ප්‍රජහනය කෙරෙමින් පුනපුනා වඩයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් පුනපුනා වඩයි, සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් පුනපුනා වඩයි, මෙසෙයින් පුනපුනා වඩා.
Pali BJTතස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා{1} පහීයන්ති අනුසයා බ්යත්තීහොන්තී’ති කථං සංයොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති: සොතාපත්තිමග්ගෙන සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො ඉමානි තීණි සඤ්ඤොජනානි පහීයන්ති, දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො ඉමෙ ද්වෙ අනුසායා බ්යන්තීහොන්ති. සකදාගාමිමග්ගෙන ඔළාරිකං කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං ඉමානි ද්වෙ සඤ්ඤොජනානි පහීයන්ති, ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද්වෙ අනුසයා බ්යන්තීහොන්ති. අනාගාමිමග්ගෙන අණුසහගතං කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං ඉමානි ද්වෙ සඤ්ඤොජනානි පහීයන්ති, අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද්වෙ අනුසයා බ්යන්තීහොන්ති. අරහත්තමග්ගෙන රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා ඉමානි පඤ්ච සඤ්ඤොජනානි පහීයන්ති, මානානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො ඉමෙ තයො අනුසයා බ්යන්තීහොන්ති, එවං සංයොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTතස්ස තං මග්ගං ආසේවතෝ භාවයතො බහුලීකරෝතෝ සඤ්ඤොජනා පහීයන්ති අනුසයා බ්‍යන්තීහොන්තී යනු: කිසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද; අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත් ද යත්: සෝවන්මගින් සත්කායද්‍රෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ යන මේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, ද්‍රෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. සෙදගැමිමගින් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අනගැමිමගින් අණු සහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති. අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. රහත්මගින් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ යන මේ සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ වෙති, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ යන මේ තුන් අනුශයධර්‍මයෝ විගතාන්ත වෙති, මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTඅබ්යාපාදවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි -පෙ- ආලොකෙසඤ්ඤාවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන, පටිනිස්සග්ගානුපස්සී පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, තත්ථ ජාතෙ ධම්මෙ අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්සනා, දුක්ඛතො අනුපස්සනට්ඨෙන විපස්සනා, අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා, ඉති පඨමං සමථො, පච්ඡා විපස්සනා. තෙන වුච්චති: “සමථපුම්බඞ්ගමං විපස්සනං භාවෙති”{2}
Sinhala BJTඅව්‍යාපාද වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ ... ආලෝකසංඥා වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ ... පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්‍වාස කිරීම් වශයෙන්, පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව අවික්‍ෂේප සඞ්ඛ්‍යාත සමාධි යැ. ඒ ශමථයෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් අනිත්‍යානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, අනාත්මානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. මෙසෙයින් පළමු වැ ශමථය වෙයි, පසු වැ විදර්‍ශනා වේ. එයින් කියනු ලැබෙයි: ‘සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති’
Pali BJTභාවෙතීති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනිතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTභාවෙති යනු: භාවනා සතරෙකි: ඒ ශමථයෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා යැ, තදූපගවිර්‍ය්‍යධූරාර්‍ත්‍ථයෙන් භාවනා යැ, ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි.
Pali BJTමග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති: දස්සනට්ඨෙන සම්මාදිට්ඨි මග්ගො සඤ්ජායති, අභිනිරොපනට්ඨෙන සම්මාසඞ්කප්පො මග්ගො සඤ්ජායති -පෙ- අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධි මග්ගො සඤ්ජායති. එවං මග්ගො සඤ්ජායති.
Sinhala BJTමග්ගෝසඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: දර්‍ශනාර්‍ත්‍ථයෙන් සම්‍යග්ද්‍රෘෂ්ටි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. අභිනිරෝපණාර්‍ත්‍ථයෙන් සම්‍යක් සංකල්‍ප සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදි ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සම්‍යක්සමාධි සඞ්ඛ්‍යාත මාර්‍ගය උපදී. මෙසෙයින් මාර්‍ගය උපදී.
Pali BJT“සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති.” ආසෙවතීති කථා ආසෙවති: ආවජ්ජන්තො ආසෙවති, ජානන්තො ආසෙවති -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො ආසෙවති. එවං ආසෙවති.
Sinhala BJT‘සො තං මග්ගං ආසේවති භාවෙති බහුලීකරෝති’ ආසේවති යනු: කිසෙයින් ආසේවන කෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් ආසේවන කෙරෙයි, දනිමින් ආසේවන කෙරෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් ආසේවන කෙරේ. මෙසෙයින් ආසේවන කෙරේ.
Pali BJTභාවෙතීති කථං භාවෙති: ආවජ්ජන්තො භාවෙති, ජානන්තො භාවෙති -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො භාවෙති. එවං භාවෙති.
Sinhala BJTභාවෙති යනු කිසෙයින් භාවනා කෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් භාවනා කෙරෙයි, දනිමින් භාවනා කෙරෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් භාවනා කෙරේ. මෙසෙයින් භාවනා කෙරේ.
Pali BJTබහුලීකරොතීති කථං බහුලීකරොති: ආවජ්ජන්තො බහුලීකරොති, ජානන්තො බහුලීකරොති -පෙ- සච්ඡිකරොන්තො බහුලීකරොති, එවං බහුලීකරොති.
Sinhala BJTබහුලීකරෝති යනු: කිසෙයින් බහුලකෙරේ ද යත්: ආවර්‍ජනා කෙරෙමින් බහුල කෙරෙයි, දනිමින් බහුල කෙරෙයි ... සාක්‍ෂාත් කෙරෙමින් බහුල කෙරේ. මෙසෙයින් බහුල කෙරේ.
Pali BJTතස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සඤ්ඤොජනා පහීයන්ති අනුසයා බ්යත්තිහොන්තී’ති කථං සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති: සොතාපත්තිමග්ගෙන සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො ඉමානි තීණි සඤ්ඤොජනානි පහීයන්ති, දිට්ඨානුසයො විචිකිච්ඡානුසසො ඉමෙ ද්වෙ අනුසයා බ්යන්තීහොන්ති. සකදාගාමිමග්ගෙන ඔළාරිකං කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං ඉමානි ද්වෙ සඤ්ඤොජනානි පහීයන්ති, ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද්වෙ අනුසයා බ්යන්තීහොන්ති. අනාගාමිමග්ගෙන අණුසහගතං කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං ඉමානි ද්වෙ සඤ්ඤොජනානි පහීයන්ති, අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයො ඉමෙ ද්වෙ අනුසයා බ්යන්තීහොන්ති. අරහත්තමග්ගෙන රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා ඉමානි පඤ්ච සඤ්ඤොජනානි පහීයන්ති, මානානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො, ඉමෙ තයො අනුසයා බ්යන්තීහොන්ති, එවං සඤ්ඤොජනානි පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJT“තස්ස තං මග්ගං ආසේවතෝ භාවයතො බහුලීකරෝතෝ සඤ්ඤොජනා පහීයන්තී අනුසයා බ්‍යන්තීහොන්තී යනු: කිසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙත් ද, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත් ද යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සත්කායද්‍රෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ යන මේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, ද්‍රෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරික වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, ඖදාරික වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අනාගාමිමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ යන මේ සංයෝජනයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අණුසහගත වූ කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ යන මේ අනුශයධර්‍මයෝ දෙදෙන විගතාන්ත වෙති. අර්‍හන්මාර්‍ගයෙන් රූපරාග යැ අරූපරාග යැ මාන යැ ඖද්ධත්‍ය යැ අවිද්‍යා යැ යන මේ සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ වෙති, මානානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යැ යන මේ තුන් අනුශය ධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTඑවං සමථපුබ්බඞ්ගමං විපස්සනං භාවෙති.
Sinhala BJTමෙසෙයින් ශමථපූර්‍වඞ්ගම විදර්‍ශනා වඩා.
Pali BJTකථං විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති: අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්සනා, දුක්ඛතො අනුපස්සනට්ඨෙන විපස්සනා, අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා, තත්ථ ජාතානං ධම්මානඤ්ච වොස්සග්ගාරම්මණතා{1} චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි. ඉති පඨමං විපස්සනා පච්ඡා සමථො. තෙන වුච්චති: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති.”{2}
Sinhala BJTකිසෙයින් විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථය වඩා ද යත්: අනිත්‍යානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, දුඃඛානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, අනාත්මානුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත (උපචාරඅර්‍පණාහෙද) අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති” යනු.
Pali BJTභාවෙතීති චතස්සො භාවනා, -පෙ- ආසෙවනට්ඨෙන භාවනා. මග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති -පෙ- එවං මග්ගො සඤ්ජායති. එවං සඤ්ඤොජනා පහීයන්ති. අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTභාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝසඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: ... මෙසෙයින් මාර්‍ගය උපදී. මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTරූපං අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්සනා, රූපං දුක්ඛතො අනුපස්සනට්ඨෙන විපස්සනා, රූපං අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා. තත්ථ ජාතානං ධම්මානඤ්ච වොස්සග්ගාරම්මණතා{1} චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි. ඉති පඨමං විපස්සනා, පච්ඡා සමථො. තෙන වුච්චති: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති”{2}
Sinhala BJTරූපය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, රූපය දුඃඛ හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, රූපය අනාත්ම හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති” යනු.
Pali BJTභාවෙතීති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා. මග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති -පෙ- එවං මග්ගො සඤ්ජායති. -පෙ- එවං සංයොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTභාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායතී යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදි ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTවෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්සනා, ජරාමරණං දුක්ඛතො -පෙ- අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා. තත්ථ ජාතානං ධම්මානඤ්ච වොස්සග්ගාරම්මණතා චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි. ඉති පඨමං විපස්සනා, පච්ඡා සමථො. තෙන වුච්චති: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති”.
Sinhala BJTවේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස ... ජරාමරණය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යැ, ජරාමරණය දුඃඛ හෙයින් ... අනාත්ම හෙයින් අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනා යි. ඒ විදර්‍ශනායෙහි උපන් (චිත්තචෛත්ත) ධර්‍මයන් ද නිර්‍වාණාලම්බන බැවින් (උපදවනලද) චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ. මෙසෙයින් පළමු වැ විදර්‍ශනා වෙයි, පසු වැ ශමථය වේ. එයින් කියනු ලැබෙයි: “විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති”යනු.
Pali BJTභාවෙතීති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා. මග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති -පෙ- එවං මග්ගො සඤ්ජායති. එවං සංයොජනා පහීයන්ති අනුසයා බ්යන්තීහොන්ති.
Sinhala BJTභාවෙති යනු: භාවනා සතරෙකි: ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත් ... මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්.
Pali BJTඑවං විපස්සනාපුබ්බඞ්ගමං සමථං භාවෙති.
Sinhala BJTමෙසෙයින් විදර්‍ශනාපූර්‍වඞ්ගම ශමථය වඩා.
Pali BJTකථං සමථවිපස්සනං යුගනද්ධං{3} භාවෙති: සොළසහි ආකාරෙහි සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: ආරම්මණට්ඨෙන, ගොචරට්ඨෙන, පහානට්ඨෙන, පරිච්චාගට්ඨෙන, වුට්ඨානට්ඨෙන, විවට්ටනට්ඨෙන, සන්තට්ඨෙන, පණීතට්ඨෙන, විමුත්තට්ඨෙන, අනාසවට්ඨෙන, තරණට්ඨෙන, අනිමිත්තට්ඨෙන, අප්පණිහිතට්ඨෙන, සුඤ්ඤතට්ඨෙන, එකරසට්ඨෙන, අනතිවත්තනට්ඨෙන, යුගනද්ධට්ඨෙන.
Sinhala BJTකිසෙයින් ශමථ විදර්‍ශනා යුගනද්ධ (යුගළු) කොට වඩා ද යත්: සොළොස් අයුරෙකින් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩයි. ආලම්බන වශයෙන්, ගෝචර වශයෙන්, ප්‍රහාණ වශයෙන්, පරිත්‍යාග වශයෙන්, ව්‍යුත්‍ථාන වශයෙන, නිවර්‍තන වශයෙන්, ශාන්ත වශයෙන්, ප්‍රණීත වශයෙන, විමුක්ති වශයෙන්, අනාස්‍රව වශයෙන්, අතික්‍රමණ වශයෙන්, නිමිත්තරහිතාර්‍ත්‍ථයෙන, ප්‍රණිධිරහිතාර්‍ත්‍ථයෙන, ශූන්‍යතාර්‍ත්‍ථයෙන, ඒකකෘත්‍යාර්‍ත්‍ථයෙන, අනතික්‍රමණාර්‍ත්‍ථයෙන, යුගනද්ධාර්‍ත්‍ථයෙනි.
Pali BJTකථං ආරම්මණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධාරම්මණා, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධාරම්මණා. ඉති ආරම්මණට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති.{4} තෙන වුච්චති ‘ආරම්මණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං{3} භාවෙති’.
Sinhala BJTකිසෙයින් ආලම්බන වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපයසමාධිය නිරෝධාලම්බන වෙයි, අවිද්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධාලම්බන වෙයි. මෙසෙයින් ආලම්බනාර්‍ත්‍ථයෙන් ශමථවිදර්‍ශනාවෝ එකකෘත්‍ය වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘ආරම්මණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු.
Pali BJTභාවෙතීති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා. මග්ගො සඤ්ජායතීති කථං මග්ගො සඤ්ජායති -පෙ- එවං මග්ගො සඤ්ජායති -පෙ- එවං සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති. එවං ආරම්මණට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.
Sinhala BJTභාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවනාර්‍ත්‍ථයෙන් භාවනා යි. මග්ගෝ සඤ්ජායති යනු: කිසෙයින් මාර්‍ගය උපදී ද යත්: මෙසෙයින් මාර්‍ගය උපදී ... මෙසෙයින් සංයෝජනයෝ ප්‍රහීණ වෙති, අනුශයධර්‍මයෝ විගතාන්ත වෙත්. මෙසෙයින් ආලම්බනාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා.
Pali BJTකථං ගොචරට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චං පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ්ජං පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධගොචරො. ඉති ගොචරට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති: ‘ගොචරට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ (භාවෙතීති -පෙ-)
Sinhala BJTකිසෙයින් ගෝචර වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යය දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාව දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ගෝචරාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘ගෝචරට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු. (භාවෙති යනු ...)
Pali BJTකථං පහානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච පජහතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ්ජාසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච පජහතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධගොචරා. ඉති පහානට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති: ‘පහානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් ප්‍රහාණ වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද දුරු කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද දුරු කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි, මෙසෙයින් ප්‍රහාණාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පහානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …
Pali BJTකථං පරිච්චාගට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති: උද්ධච්චසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච පරිච්චජතො චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි නිරොධගොචරො, අවිජ්ජාසහගතකිලෙසෙ ච ඛන්ධෙ ච පරිච්චජතො අනුපස්සනට්ඨෙන විපස්සනා නිරොධගොචරා. ඉති පරිච්චාගට්ඨෙන සමථවිපස්සනා එකරසා හොන්ති, යුගනද්ධා හොන්ති, අඤ්ඤමඤ්ඤං නාතිවත්තන්ති. තෙන වුච්චති: ‘පරිච්චාගට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති.’ -පෙ-
Sinhala BJTකිසෙයින් පරිත්‍යාග වශයෙන් ශමථ–විදර්‍ශනා යුගනද්ධ කොට වඩා ද යත්: ඖද්ධත්‍යසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද පරිත්‍යාග කරන යෝගීහට චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපසමාධිය නිරෝධගෝචර වෙයි, අවිද්‍යාසහගත ක්ලේශයන් ද ස්කන්‍ධයන් ද පරිත්‍යාග කරන යෝගීහට අනුදර්‍ශනාර්‍ත්‍ථයෙන් විදර්‍ශනාව නිරෝධගෝචර වෙයි. මෙසෙයින් පරිත්‍යාගාර්‍ත්‍ථයෙන් ශමථ–විදර්‍ශනාවෝ ඒකරස වෙති, යුගනද්ධ වෙති, ඔවුනොවුන් නො ඉක්ම පවතිත්. එයින් කියනු ලැබෙයි: ‘පරිච්චාගට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති’ යනු …