Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTදුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලස්ස කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය කති විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති කෙනට්ඨෙන භාවනා, කො භාවෙති. (2)
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙත් ද, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්:
Pali BJTඅනත්තතො මනසිකරොන්තො වෙදබහුලස්ස කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය කති විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති. කෙනට්ඨෙන භාවනා, කො භාවෙති. (3)
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්: (3)
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලස්ස අනිමිත්තො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති. සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, යො සම්මාපටිපන්නො සො භාවෙති, නත්ථි මිච්ඡාපටිපන්නස්ස විමොක්ඛභාවනා. (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයාහට අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හේ භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට විමෝක්‍ෂභාවනා නැති. (1)
Pali BJTදුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලස්ස අප්පණිහිතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති. එකරසට්ඨෙන භාවනා, යො සම්මාපටිපන්නො සො භාවෙති, නත්ථි මිච්ඡාපටිපන්නස්ස විමොක්ඛභාවනා. (2)
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හේ භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට විමෝක්‍ෂභාවනා නැති. (2)
Pali BJTඅනත්තතො මනසිකරොතො වෙදබහුලස්ස සුඤ්ඤතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති. සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, යො සම්මාපටිපන්නො සො භාවෙති, නත්ථි මිච්ඡාපටිපන්නස්ස විමොක්ඛභාවනා. (3)
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි. යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හේ භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට විමෝක්‍ෂභාවනා නැති. (3)
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලස්ස කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය කති විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති: පටිවෙධකාලෙ කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති: පටිවෙධාය කතිවිමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති. අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කෙනට්ඨෙන පටිවෙධො: (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂ බහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, ප්‍රතිවේධකාලයෙහි කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අරුතෙකින් භාවනා වේ ද, කවර අරුතෙකින් ප්‍රතිවේධය වේ ද යත්: (1)
Pali BJTදුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලස්ස කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය කති විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති: පටිවෙධකාලෙ කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති: පටිවෙධාය කතිවිමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, -පෙ- එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කෙනට්ඨෙන පටිවෙධො:
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයයයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, ප්‍රතිවේධකාලයෙහි කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, ... ඒකරස වෙත් ද, කවර අරුතෙකින් භාවනා වේ ද, කවර අරුතෙකින් ප්‍රතිවේධය වේ ද යත්:
Pali BJTඅනත්තතො මනසිකරොතො වෙදබහුලස්ස කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය කති විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්ත පච්චයා හොන්ති, එකරසා හොන්ති: පටිවෙධකාලෙ කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති: පටිවෙධාය කතිවිමොක්ඛා තදන්වයා හොන්ති -පෙ- එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කෙනට්ඨෙන පටිවෙධො: (3)
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, ප්‍රතිවේධ කාලයෙහි කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද ... ඒකරස වෙත් ද, කවර අරුතෙකින් භාවනා වේ ද, කවර අරුතෙකින් ප්‍රතිවේධය වේ ද යත්: (3)
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලස්ස අනිමිත්තො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, පටිවෙධකාලෙ{1} අනිමිත්තො විමොක්ඛො ආධිපතෙය්යො හොති, පටිවෙධාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, දස්සනට්ඨෙන පටිවෙධො, එවං පටිවිජ්ඣන්තොපි භාවෙති, භාවෙන්තොපි පටිවිජ්ඣති. (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයාහට අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ප්‍රතිවේධ කාලයෙහි අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙති, ප්‍රතිවේධය පිණිස (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි. මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ. (1)
Pali BJTදුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලස්ස අප්පණිහිතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, පටිවෙධකාලෙ.{1} අප්පණිහිතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, පටිවෙධාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති -පෙ- එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, දස්සනට්ඨෙන පටිවෙධො, එවං පටිවිජ්ඣන්තොපි භාවෙති, භාවෙන්තොපි පටිවිජ්ඣති. (2)
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ප්‍රතිවේධ කාලයෙහි අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති ... ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි. මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ. (2)
Pali BJTඅනත්තතො මනසිකරොතො වෙදබහුලස්ස සුඤ්ඤතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, පටිවෙධකාලෙ සුඤ්ඤතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, පටිවෙධාය ද්වෙ විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති -පෙ- එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, දස්සනට්ඨෙන පටිවෙධො, එවං පටිවිජ්ඣන්තොපි භාවෙති, භාවෙන්තොපි පටිවිජ්ඣති. (3)
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වෙයි, භාවනායෙහි (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ප්‍රතිවේධ කාලයෙහි ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස (සෙසු) විමෝක්‍ෂයෝ දෙදෙන තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයෝ වෙති ... ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි. මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ. (3)
Pali BJTඅනිච්චතො මනසිකරොතො කතමො විමොක්ඛො අධිමත්තො හොති, කතමවිමොක්ඛස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො{2} හොති: දුක්ඛතො මනසිකරොතො කතමො විමොක්ඛො අධිමත්තො හොති, කතමවිමොක්ඛස්ස අධිමත්තත්තා කායසක්ඛී හොති: අනත්තතො මනසිකරොතො කතමො විමොක්ඛො අධිමත්තො හොති, කතමවිමොක්ඛස්ස අධිමත්තත්තා දිට්ඨිප්පත්තො හොති: (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට කවර විමෝක්‍ෂයෙක් බලවත් වේ ද, කවර විමෝක්‍ෂයෙක්හු බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වේ ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට කවර විමෝක්‍ෂයෙක් බලවත් වේ ද, කවර විමෝක්‍ෂයෙක්හු බලවත් බැවින් කායසාක්‍ෂි වේ ද, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට කවර විමෝක්‍ෂයෙක් බලවත් වේ ද, කවර විමෝක්‍ෂයෙක්හු බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ ද යත්: (1)
Pali BJTඅනිච්චතො මනසිකරොතො අනිමිත්තො විමොක්ඛො අධිමත්තො හොති, අනිමිත්තවිමොක්ඛස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො{1} හොති, දුක්ඛතො මනසිකරොතො අප්පණිහිතො විමොක්ඛො අධිමත්තො හොති, අප්පණිහිතවිමොක්ඛස්ස අධිමත්තත්තා කායසක්ඛී හොති, අනත්තතො මනසිකරොතො සුඤ්ඤතො විමොක්ඛො අධිමත්තො හොති, සුඤ්ඤතවිමොක්ඛස්ස අධිමත්තත්තා දිට්ඨිප්පත්තො හොති. (2)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට අනිමිත්තවිමෝක්‍ෂය බලවත් වෙයි. අනිමිත්තවිමෝක්‍ෂය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට අප්‍රණිහිතවිමෝක්‍ෂය බලවත් වෙයි, අප්‍රණිහිතවිමෝක්‍ෂය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට ශුන්‍යතවිමෝක්‍ෂය බලවත් වෙයි, ශුන්‍යතවිමෝක්‍ෂය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ. (2)
Pali BJT“සද්දහන්තො විමුත්තො’ති{2} සද්ධාවිමුත්තො,{1} ‘ඵුට්ඨත්තා සච්ඡිකතො’ති{3}, කායසක්ඛී, ‘දිට්ඨත්තාපත්තො’ති දිට්ඨිප්පත්තො. සද්දහන්තො විමුච්චතීති{4}. සද්ධාවිමුත්තො, ‘ඣානඵස්සං පඨමං ඵුසති, පච්ඡා නිරොධං නිබ්බානං සච්ඡිකරොතී’ති කායසක්ඛී, ‘දුක්ඛා සඞ්ඛාරා, සුඛො නිරොධො’ති ඤාතං{5}, හොති දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤායා’ති දිට්ඨිප්පත්තො. -පෙ-{*}
Sinhala BJTහදහමින් විමුක්ත නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ (ධ්‍යානස්පර්‍ශය) පහස්නා ලද බැවින් (නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කරනලදනු’යි කායසාක්‍ෂි යැ (ප්‍රඥේන්‍ද්‍රියයෙන්) දක්නා ලද බැවින් (නිවනට) පැමිණියේ නු’යි දෘෂ්ටිප්‍රාප්ත යැ හදහමින් මිදේ නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ ධ්‍යානස්පර්‍ශය පළමු වැ ස්පර්‍ශ කෙරෙයි, පසු වැ නිරෝධසඞ්ඛ්‍යාත නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කෙරේ නු’යි කායසාක්‍ෂි යැ ‘සංස්කාරයෝ දුඃඛයෝ යැ නිරෝධය සුඛය’ යැයි දන්නා ලද, දක්නාලද, ප්‍රකට කරණ ලද, ප්‍රත්‍යක්‍ෂ කරන ලද, ස්පර්‍ශකරන ලද වේ නු’යි දෘෂ්ටිප්‍රාප්ත වේ ...
Pali BJTයෙ හි කෙචි නෙක්ඛම්මං භාවිතා වා භාවෙන්ති වා භාවිස්සන්ති වා -පෙ- සබ්බෙ තෙ අනිමිත්තවිමොක්ඛස්ස වසෙන සද්ධාවිමුත්තා, අප්පණිහිතවිමොක්ඛස්ස වසෙන කායසක්ඛී, සුඤ්ඤතවිමොක්ඛස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTයම් කිසි කෙනෙක් නෛෂ්ක්‍රම්‍යය වැඩුහු ද වඩත් ද වඩන්නාහු ද ... එ හැම දෙන අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්තයෝ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂිහු යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්තයෝ යි.
Pali BJTයෙ හි කෙචි අබ්යාපාදං -පෙ- ආලොකසඤ්ඤං -පෙ- අවික්ඛෙපං -පෙ- යෙ හි කෙචි දුක්ඛං පරිජානන්ති -පෙ- සමුදයං පජහන්ති -පෙ- නිරොධං සච්ඡිකරොන්ති -පෙ- මග්ගං භාවෙන්ති, සබ්බෙ තෙ අනිමිත්තවිමොක්ඛස්ස වසෙන සද්ධාවිමුත්තා, අප්පණිහිතවිමොක්ඛස්ස වසෙන කායසක්ඛී, සුඤ්ඤතවිමොක්ඛස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTයම් කිසි කෙනෙක් අව්‍යාපාදය ... අලෝකසංඥාව ... අවික්‍ෂේපය ... යම් කිසි කෙනෙක් දුඃඛ්‍ය පරිජානනය කෙරෙත් ද ... සමුදය දුරු කෙරෙත් ද ... නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද ... මාර්‍ගය වඩත් ද, එ හැම දෙන අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්තයෝ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂීහු යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්තයෝ යි.
Pali BJTකතිහාකාරෙහි සච්චපටිවෙධො{6} හොති, කතිහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති: චතූහාකාරෙහි සච්චපටිවෙධො හොති, චතූහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති.
Sinhala BJTකිහි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද: සියු අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, සියු අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ.
Pali BJTදුක්ඛසච්චං පරිඤ්ඤාපටිවෙධං පටිවිජ්ඣති, සමුදයසච්චං පහානපටිවෙධං පටිවිජ්ඣති, නිරොධසච්චං සච්ඡිකිරියාපටිවෙධං පටිවිජ්ඣති, මග්ගසච්චං භාවනාපටිවෙධං පටිවිජ්ඣති. ඉමෙහි චතූහාකාරෙහි සච්චපටිවෙධො හොති, ඉමෙහි චතූහාකාරෙහි සච්චානි පටිවිජ්ඣන්තො අනිමිත්තවිමොක්ඛස්ස වසෙන සද්ධාවිමුත්තො, අප්පණිහිතවිමොක්ඛස්ස වසෙන කායසක්ඛී, සුඤ්ඤතවිමොක්ඛස්ස වසෙන දිට්ඨිප්පත්තො.
Sinhala BJTදුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියා ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගසත්‍යය භාවනාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරේ. මේ සියු අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි. මේ සියු අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂි යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත යි.
Pali BJTකතිහාකාරෙහි සච්චපටිවෙධො හොති: කතිහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති: නවහාකාරෙහි සච්චපටිවෙධො හොති, නවහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති: දුක්ඛසච්චං පරිඤ්ඤාපටිවෙධං පටිවිජ්ඣති -පෙ- අභිඤ්ඤාපටිවෙධො ච සබ්බධම්මානං, පරිඤ්ඤාපටිවෙධො ච සබ්බසඞ්ඛාරානං, පහානපටිවෙධො ච සබ්බකුසලානං, භාවනාපටිවෙධො ච චතුන්නං මග්ගානං, සච්ඡිකිරියාපටිවෙධො ච නිරොධස්ස. ඉමෙහි නවහාකාරෙහි සච්චපටිවෙධො හොති, ඉමෙහි නවහාකාරෙහි සච්චානි පටිවිජ්ඣන්තො අනිමිත්තවිමොක්ඛස්ස වසෙන සද්ධාවිමුත්තො, අප්පණිහිතවිමොක්ඛස්ස වසෙන කායසක්ඛී, සුඤ්ඤතවිමොක්ඛස්ස වසෙන දිට්ඨිප්පත්තො.
Sinhala BJTකිහි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධය කෙරේ ද: නව අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, නව අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි, දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි ... හැම ධර්‍මයන්ගේ අභිඥාප්‍රතිවේධය ද හැම සංස්කාරයන්ගේ පරිඥාප්‍රතිවේධය ද හැම අකුශලයන්ගේ ප්‍රහාණප්‍රතිවේධය ද සතර මාර්‍ගයන්ගේ භාවනා ප්‍රතිවේධය ද නිරෝධයාගේ සාක්‍ෂාත් ක්‍රියාප්‍රතිවේධය ද යන මේ නව අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි. මේ නව අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත යැ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් කායසාක්‍ෂි යැ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත යි.
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො කතමෙ ධම්මෙ යථාභූතං ජානාති{1} පස්සති, කථං සම්මාදස්සනං හොති, කථං තදන්වයෙන සබ්බෙ සඞ්ඛාරා අනිච්චතො සුදිට්ඨා හොන්ති, කත්ථ කඞ්ඛා පහීයති, (1)
Sinhala BJTඅනිත්‍ය විසින් මෙනෙහිකරනුයේ කවර ධර්‍මයන් යථාස්වභාවයෙන් දනී ද, දකී ද, කිසෙයින් සම්‍යග්දර්‍ශනය වේ ද, කිසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ අනිත්‍ය හෙයින් මොනොවට දක්නාලද්දාහු වෙත් ද, කොහි සැකය ප්‍රහීණ වේ ද: (1)
Pali BJTදුක්ඛතො මනසිකරොන්තො කතමෙ ධම්මෙ යථාභූතං ජානාති පස්සති, කථං සම්මාදස්සනං හොති, කථං තදන්වයෙන සබ්බෙ සඞ්ඛාරා දුක්ඛතො සුදිට්ඨා හොන්ති, කත්ථ කඞ්ඛා පහීයති. (2)
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ කවර ධර්‍මයන් යථාස්වභාවයෙන් දනී ද, දකී ද, කිසෙයින් සම්‍යග්දර්‍ශනය වේ ද, කිසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ දුඃඛ හෙයින් මොනොවට දක්නාලද්දාහු වෙත් ද, කොහි සැකය ප්‍රහීණ වේ ද: (2)
Pali BJTඅනත්තතො මනසිකරොන්තො කතමෙ ධම්මෙ යථාභූතං ජානාති පස්සති, කථං සම්මාදස්සනං හොති, කථං තදන්වයෙන සබ්බෙ ධම්මා අනත්තතො සුදිට්ඨා හොන්ති, කත්ථ කඞ්ඛා පහීයති. (3)
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ කවර ධර්‍මයන් යථාස්වභාවයෙන් දනී ද, දකී ද, කිසෙයින් සම්‍යග්දර්‍ශනය වේ ද, කිසෙයින් එය අනුව යෑමෙන් හැම ධර්‍මයෝ අනාත්ම හෙයින් මොනොවට දක්නාලද්දාහු වෙත් ද, කොහි සැකය ප්‍රහීණ වේ ද යත්: (3)
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො නිමිත්තං යථාභූතං ජානාති පස්සති, තෙන වුච්චති සම්මාදස්සනං. එවං තදන්වයෙන සබ්බෙ සඞ්ඛාරා අනිච්චතො සුදිට්ඨා හොන්ති, එත්ථ කඞ්ඛා පහීයති. (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරනුයේ නිමිත්ත යථාස්වභාවයෙන් දනී, දකී. එයින් කියනු ලැබෙයි ‘සම්‍යග්දර්‍ශන’ යනු. මෙසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ අනිත්‍ය හෙයින් මොනොවට දක්නා ලද්දාහු වෙති, මෙහි සැකය ප්‍රහීණ වේ. (1)
Pali BJTදුක්ඛතො මනසිකරොන්තො පවත්තං යථාභූතං ජානාති පස්සති, තෙන වුච්චති සම්මාදස්සනං. එවං තදන්වයෙන සබ්බෙ සඞ්ඛාරා දුක්ඛතො සුදිට්ඨා හොන්ති, එත්ථ කඞ්ඛා පහීයති. (2)
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ ප්‍රවෘත්තිය යථාස්වභාවයෙන් දනී, දකී. එයින් කියනු ලැබෙයි ‘සම්‍යග්දර්‍ශන’ යි. මෙසෙයින් එය අනුව යෑමෙන් හැම සංස්කාරයෝ දුඃඛ හෙයින් මොනොවට දක්නා ලද්දාහු වෙති, මෙහි සැකය ප්‍රහීණ වේ. (2)
Pali BJTඅනත්තතො මනසිකරොන්තො නිමිත්තඤ්ච පවත්තඤ්ච යථාභූතං ජානාති පස්සති, තෙන වුච්චති සම්මාදස්සනං එවං තදන්වයෙන සබ්බෙ ධම්මා අනත්තතො සුදිට්ඨා හොන්ති, එත්ථ කඞ්ඛා පහීයති. (3)
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ නිමිත්තත් ප්‍රවෘත්තියත් යථාස්වභාවයෙන් දනී, දකී. එයින් කියනු ලැබෙයි ‘සම්‍යග්දර්‍ශන’ යි. මෙසෙයින් එය අනුව යෑමෙන් හැම ධර්‍මයෝ අනාත්ම හෙයින් මොනොවට දක්නා ලද්දාහු වෙති, මෙහි සැකය ප්‍රහීණ වේ. (3)
Pali BJTයඤ්ච යථාභූතං ඤාණං, යඤ්ච සම්මාදස්සනං, යා ච කඞ්ඛාවිතරණා, ඉමෙ ධම්මා නානත්ථා{2} චෙව නානාබ්යඤ්ජනා ච; උදාහු එකත්ථා, බ්යඤ්ජනමෙව නානන්ති: යඤ්ච යථාභූතං ඤාණං, යඤ්ච සම්මාදස්සනං, යා ච කඞ්ඛාවිතරණා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTයම් යථාභූතඥානයෙකුත් වේ ද, යම් සම්‍යග්දර්‍ශනයෙකුත් වේ ද, යම් සැකදුරු කිරීමෙකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථද ඇත්තාහු මැ නානා ව්‍යඤ්ජන ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන නානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් යථාභූතාඥානයෙකුත් වේ ද, යම් සම්‍යග්දර්‍ශනයෙකුත් වේ ද යම් සැක දුරු කිරීමෙකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ ව්‍යඤ්ජන මැ වෙනසි.
Pali BJTඅනිච්චතො මනසිකරොතො කිං භයතො උපට්ඨාති: දුක්ඛතො මනසිකරොතො කිං භයතො උපට්ඨාති: අනත්තතො මනසිකරොතො කිං භයතො උපට්ඨාති:
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කුමක් භය හෙයින් වටහා ද, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට කුමක් භය හෙයින් වටහා ද, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට කුමක් භය හෙයින් වටහා ද යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොතො නිමිත්තං භයතො උපට්ඨාති, දුක්ඛතො මනසිකරොතො පවත්තං භයතො උපට්ඨාති, අනත්තතො මනසිකරොතො නිමිත්තඤ්ච පවත්තඤ්ච භයතො උපට්ඨාති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට නිමිත්ත භය හෙයින් වටහයි, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රවෘත්තිය භය හෙයින් වටහයි, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට නිමිත්තත් ප්‍රවෘත්තියත් භය හෙයින් වටහා.
Pali BJTයා ච භයතුපට්ඨානෙ පඤ්ඤා, යඤ්ච ආදීනවෙ ඤාණං, යා ච නිබ්බිදා, ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච: උදාහු එකත්ථා බ්යඤ්ජනමෙව නානන්ති: යා ච භයතුපට්ඨානෙ පඤ්ඤා, යඤ්ච ආදීනවෙ ඤාණං, යා ච නිබ්බිදා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTයම් භයතුපට්ඨාන ප්‍රඥාවකුත් වේ ද, යම් ආදීනව ඥානයෙකුත් වේ ද, යම් නිබ්බිදාවකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද ඇත්තාහු මැ නානා ව්‍යඤ්ජනත් ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන නානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් භයතුපට්ඨාන ප්‍රඥාවකුත් වේ ද, යම් ආදීනව ඥානයෙකුත් වේ ද, යම් නිබ්බිදාවකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ ව්‍යඤ්ජන මැ වෙනසි.
Pali BJTයා ච අනත්තානුපස්සනා, යා ච සුඤ්ඤතානුපස්සනා, ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච: උදාහු එකත්ථා, බ්යඤ්ජනමෙව නානන්ති: යා ච අනත්තානුපස්සනා, යා ච සුඤ්ඤතානුපස්සනා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නානං.
Sinhala BJTයම් අනත්තානුපස්සනාවකුත් වේ ද, යම් සුඤ්ඤතානුපස්සනාවකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද ඇත්තාහු මැ නානා ව්‍යඤ්ජන ද ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජන නානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් අනත්තානුපස්සනාවකුත් යම් සුඤ්ඤතානුපස්සනාවකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ. ව්‍යඤ්ජන මැ වෙනසි.
Pali BJTඅනිච්චතො මනසිකරොතො, කිං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති: දුක්ඛතො මනසිකරොතො කිං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති: අනත්තතො මනසිකරොතො කිං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට කුමක් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට කුමක් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට කුමක් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී ද යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොතො නිමිත්තං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති, දුක්ඛතො මනසිකරොතො පවත්තං පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති, අනත්තතො මනසිකරොතො නිමිත්තඤ්ච පවත්තඤ්ච පටිසඞ්ඛා ඤාණං උප්පජ්ජති. (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට සංස්කාර නිමිත්ත ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රවෘත්තිය ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට නිමිත්තත් ප්‍රවෘත්තියත් ප්‍රත්‍යවේක්‍ෂා කොට ඥානය උපදී. (1)
Pali BJTයා ච මුඤ්චිතුකම්යතා{1} යා ච පටිසඞ්ඛානුපස්සනා යා ච සඞ්ඛාරුපෙක්ඛා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච, උදාහු එකත්ථා බ්යඤ්ජනමෙව නානන්ති: යා ච මුඤ්චිතුකම්යතා යා ච පටිසඞ්ඛානුපස්සනා යා ච සඞ්ඛාරුපෙක්ඛා ඉමෙ ධම්මා එකත්ථා, බ්යාඤ්ජනමෙව නානං, (2)
Sinhala BJTයම් මුඤ්චිතුකම්‍යතා ඥානයෙකුත් වේ ද, යම් පටිසඞ්ඛානුපස්සනා ඥානයෙකුත් වේ ද, යම් සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් ඇත්තාහු ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජනනානාත්‍ව මැ ඇත්තාහු ද යත්: යම් මුඤ්චිතුකම්‍යතා ඥානයෙකුත් වේ ද, යම් පටිසඞ්ඛානුපස්සනා ඥානයෙකුත් වේ ද, යම් සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ. ව්‍යඤ්ජන මැ වෙනසි. (2)
Pali BJTඅනිච්චතො මනසිකරොතො කුතො චිත්තං වුට්ඨාති, කත්ථ චිත්තං පක්ඛන්දති: දුක්ඛතො මනසිකරොතො කුතො චිත්තං වුට්ඨාති, කත්ථ චිත්තං පක්ඛන්දති: අනත්තතො මනසිකරොතො කුතො චිත්තං වුට්ඨාති, කත්ථ චිත්තං පක්ඛන්දති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට කොයින් සිත නැඟීසිටී ද, කොහි සිත පිවිසගනී ද, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට කොයින් සිත නැඟීසිටී ද, කොහි සිත පිවිසගනී ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට කොයින් සිත නැඟීසිටී ද, කොහි සිත පිවිසගනී ද යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොතො නිමිත්තා චිත්තං වුට්ඨාති, අනිමිත්තෙ චිත්තං පක්ඛන්දති, දුක්ඛතො මනසිකරොතො පවත්තා චිත්තං වුට්ඨාති, අප්පවත්තෙ චිත්තං පක්ඛන්දති, අනත්තතො මනසිකරොතො නිමිත්තා ච පවත්තා ච චිත්තං වුට්ඨාති, අනිමිත්තෙ අප්පවත්තෙ නිරොධ{2} නිබ්බානධාතුයා චිත්තං පක්ඛන්දති. (3)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට සංස්කාර නිමිත්ත කෙරෙන් සිත නැඟීසිටියි, අනිමිත්ත සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි සිත පිවිසගනියි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රවෘත්තියෙන් සිත නැඟී සිටියි, අප්‍රවෘත්තියෙහි සිත පිවිසගනියි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට නිමිත්ත කෙරෙන් ද ප්‍රවෘත්තිය කෙරෙන් ද සිත නැඟී සිටියි, අනිමිත්තයෙහි අප්‍රවෘත්තියෙහි නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසගනී. (3)
Pali BJTයා ච බහිද්ධාවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා යෙ ච ගොත්රභූධම්මා, ඉමෙ ධ’ම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච, උදාහු එකත්ථා බ්යඤ්ජනමෙව නානන්ති: යා ච බහිද්ධාවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා යෙ ච ගොත්රභූධම්මා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නානං. (4)
Sinhala BJTසංස්කාරනිමිත්ත කෙරෙන් නැඟී පරාම්මුඛ වැ සිටුනා යම් ප්‍රඥාවකුත් වේ ද, යම් ගෝත්‍රභූ ධර්‍ම කෙනෙකුත් වෙත් ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් ඇත්තාහු ද නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජනනානාත්‍ව මැ ඇත්තාහු ද, යත්: යම් බහිද්ධා වුට්ඨාන විවට්ටන ප්‍රඥාවකුත් වේ ද, යම් ගෝත්‍රභූ ධර්‍ම කෙනෙකුත් වෙත් ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ. ව්‍යඤ්ජන මැ වෙනසි. (4)
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො කතමෙන විමොක්ඛෙන විමුච්චති: දුක්ඛතො මනසිකරොන්තො කතමෙන විමොක්ඛෙන විමුච්චති: අනත්තතො මනසිකරොන්තො කතමෙන විමොක්ඛෙන විමුච්චති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරනුයේ කවර විමෝක්‍ෂයෙකින් මිදේ ද, දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ කවර විමෝක්‍ෂයෙකින් මිදේ ද, අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ කවර විමෝක්‍ෂයෙකින් මිදේ ද යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො අනිමිත්තවිමොක්ඛෙන විමුච්චති, දුක්ඛතො මනසිකරොන්තො අප්පණිහිතවිමොක්ඛෙන විමුච්චති, අනත්තතො මනසිකරොන්තො සුඤ්ඤතවිමොක්ඛෙන විමුච්චති. (5)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරනුයේ අනිමිත්ත විමෝක්‍ෂයෙන් මිදෙයි, දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ අප්‍රණිහිත විමෝක්‍ෂයෙන් මිදෙයි, අනාත්ම හෙයින් මෙනෙහි කරනුයේ ශුන්‍යත විමෝක්‍ෂයෙකින් මිදේ (5)
Pali BJTයා ච දුභතොවුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා යඤ්ච මග්ගෙ ඤාණං, ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච, උදාහු එකත්ථා, බ්යඤ්ජනමෙව නානන්ති යා ච දුභතොවුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා යඤ්ච මග්ගෙ ඤාණං ඉමෙ ධම්මා එකත්ථා, බ්යාඤ්ජනමෙව නානං. (6)
Sinhala BJTකෙලෙසුන් කෙරෙන් ද සංස්කාරනිමිත්ත කෙරෙන් ද යන දෙකින් නැඟී පරාම්මුඛ වැ සිටුනා යම් ප්‍රඥාවකුත් වේ ද, යම් මාර්‍ගඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් ඇත්තාහු ද නොහොත් ඒකාර්‍ත්‍ථ වූවාහු ව්‍යඤ්ජනනානාත්‍ව මැ ඇත්තාහු ද, යත්: යම් දුභතෝවුට්ඨානවිවට්ටන ප්‍රඥාවකුත් වේ ද, යම් මාර්‍ගඥානයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ ඒකාර්‍ත්‍ථ ඇත්තාහු යැ ව්‍යඤ්ජන මැ වෙනසි. (6)
Pali BJTකතිහාකාරෙහි තයො විමොක්ඛා නානාඛණෙ{1} හොන්ති; කතිහාකාරෙහි තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති: චතූහාකාරෙහි තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති, සත්තහාකාරෙහි තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති.
Sinhala BJTකිහි අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද, කිහි අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත් ද යත්: සතර අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙති, සත් අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත්.
Pali BJTකතමෙහි චතූහාකාරෙහි තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති: ආධිපතෙය්යට්ඨෙන අධිට්ඨානට්ඨෙන අභිනීහාරට්ඨෙන නිය්යානට්ඨෙන.
Sinhala BJTකවර සතර අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අධිපතිභාවාර්‍ත්‍ථයෙන, ප්‍රතිෂ්ඨාස්වභාවයෙන, අභිනීහාර (එළැවීම්) ස්වභාවයෙන, නිර්‍ය්‍යාණස්වභාවයෙනි.
Pali BJTකථං ආධිපතෙය්යට්ඨෙන තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති: අනිච්චතො මනසිකරොතො අනිමිත්තො විමොක්ඛො ආධිපතෙය්යො හොති, දුක්ඛතො මනසිකරොතො අප්පණිහිතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, අනත්තතො මනසිකරොතො සුඤ්ඤතො විමොක්ඛො ආධිපතෙය්යො හොති, එවං ආධිපතෙය්යට්ඨෙන තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති, (1)
Sinhala BJTකිසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට අනිමිත්තවිමෝක්‍ෂය අධිපති වෙයි, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට අප්‍රණිහිතවිමෝක්‍ෂය අධිපති වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට ශුන්‍යතවිමෝක්‍ෂය අධිපති වේ. මෙසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (1)
Pali BJTකථං අධිට්ඨානට්ඨෙන තයො විමොක්ඛො නානාඛණෙ හොන්ති: අනිච්චතො මනසිකරොන්තො අනිමිත්තවිමොක්ඛස්ස වසෙන චිත්තං අධිට්ඨාති, දුක්ඛතො මනසිකරොන්තො අප්පණිහිතවිමොක්ඛස්ස වසෙන චිත්තං අධිට්ඨාති අනත්තතො මනසිකරොන්තො සුඤ්ඤතවිමොක්ඛස්ස වසෙන චිත්තං අධිට්ඨාති, එවං අධිට්ඨානට්ඨෙන තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති. (2)
Sinhala BJTකිසෙයින් ප්‍රතිෂ්ඨාස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත පිහිටුවයි. දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත පිහිටුවයි. අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත පිහිටුවා. මෙසෙයින් ප්‍රතිෂ්ඨාස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (2)
Pali BJTකථං අභිනීහාරට්ඨෙන තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති: අනිච්චතො මනසිකරොන්තො අනිමිත්තවිමොක්ඛස්ස වසෙන චිත්තං අභිනීහරති, දුක්ඛතො මනසිකරොන්තො අප්පණිහිතවිමොක්ඛස්ස වසෙන චිත්තං අභිනීහරති, අනත්තතො මනසිකරොන්තො සුඤ්ඤතවිමොක්ඛස්ස වසෙන චිත්තං අභිනීහරති. එවං අභිනීහාරට්ඨෙන තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති. (3)
Sinhala BJTකිසෙයින් අභිනීහාර (එළැවීම්) ස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත එළවයි. දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත එළවයි. අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් සිත එළවා. මෙසෙයින් අභිනීහාරස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (3)
Pali BJTකථං නිය්යානට්ඨෙන තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති: අනිච්චතො මනසිකරොන්තො අනිමිත්තවිමොක්ඛස්ස වසෙන නිරොධං නිබ්බානං නිය්යාති, දුක්ඛතො මනසිකරොන්තො අප්පණිහිතවිමොක්ඛස්ස වසෙන නිරොධං නිබ්බානං නිය්යාති. අනත්තතො මනසිකරොන්තො සුඤ්ඤතවිමොක්ඛස්ස වසෙන නිරොධං නිබ්බානං නිය්යාති, එවං නිය්යානට්ඨෙන තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති, (4)
Sinhala BJTකිසෙයින් නිර්‍ය්‍යාණස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත් ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අනිමිත්තවිමෝක්‍ෂයාගේ වශයෙන් නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරනුයේ අප්‍රණිහිතවිමෝක්‍ෂයාගේ වශයෙන් නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණෙයි. අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ ශුන්‍යතවිමෝක්‍ෂයාගේ වශයෙන් නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණෙයි. මෙසෙයින් නිර්‍ය්‍යාණස්වභාවයෙන් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්. (4)
Pali BJTඉමෙහි චතූහාකාරෙහි තයො විමොක්ඛා නානාඛණෙ හොන්ති.
Sinhala BJTමේ සතර අයුරින් තුන් විමෝක්‍ෂයෝ නානාක්‍ෂණයෙහි වෙත්.
Pali BJTකතමෙහි සත්තහාකාරෙහි තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති: සමොධානට්ඨෙන අධිගමනට්ඨෙන{1} පටිලාභට්ඨෙන පටිවෙධට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵස්සනට්ඨෙන අභිසමයට්ඨෙන.
Sinhala BJTකවර සත් අයුරෙකින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත් ද යත්: සමවධානාර්‍ත්‍ථයෙන, වින්‍දනාර්‍ත්‍ථයෙන, ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන, සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන, ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන, අහිසමයාර්‍ත්‍ථයෙනි.
Pali BJTකථං සමොධානට්ඨෙන අධිගමනට්ඨෙන පටිලාභට්ඨෙන පටිවෙධට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵස්සනට්ඨෙන අභිසමයට්ඨෙන තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති.
Sinhala BJTකිසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන්, වින්‍දනාර්‍ත්‍ථයෙන්, ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන්, ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන්, සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන්, ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන්, අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත් ද යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො; යතො මුච්චති, තත්ථ න පණිදහතීති අප්පණිහිතො විමොක්ඛො; යත්ථ න පණිදහති, තෙන සුඤ්ඤොති සුඤ්ඤතො විමොක්ඛො; යෙන සුඤ්ඤො, තෙන නිමිත්තෙන අනිමිත්තොති අනිමිත්තො විමොක්ඛො, එවං සමොධානට්ඨෙන අධිගමනට්ඨෙන පටිලාභට්ඨෙන පටිවෙධට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵස්සනට්ඨෙන අභිසමයට්ඨෙන තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති. (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ නිමිත්ත කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වෙයි, යම් නිමිත්තෙකින් මිදේ නම් එහි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වෙයි, යම් නිමිත්තෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නම් ඒ නිමිතින් ශුන්‍ය නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ වෙයි, යම් නිමිත්තෙකින් ශුන්‍ය නම් ඒ නිමිතින් නිමිත්ත රහිත නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වේ. මෙසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන් වින්‍දනාර්‍ත්‍ථයෙන් ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සාක්‍ෂාත් ක්‍රියාර්‍ත්‍ථයෙන් ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන් අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙති. (1)
Pali BJTදුක්ඛතො මනසිකරොන්තො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො; යත්ථ න පණිදහති, තෙන සුඤ්ඤොති සුඤ්ඤතො විමොක්ඛො; යෙන සුඤ්ඤො තෙන නිමිත්තෙන අනිමිත්තොති අනිමිත්තො විමොක්ඛො, යෙන නිමිත්තෙන අනිමිත්තො, තත්ථ න පණිදහතීති අප්පණිහිතො විමොක්ඛො, එවං සමොධානට්ඨෙන අධිගමනට්ඨෙන පටිලාභට්ඨෙන පටිවෙධට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵස්සනට්ඨෙන අභිසමයට්ඨෙන තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති. (2)
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ ප්‍රාර්‍ත්‍ථනාව කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වෙයි, යම් දුඃඛයෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නම් ඒ දුඃඛයෙන් ශුන්‍ය නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ වෙයි, යම් දුඃඛ නිමිත්තෙකින් ශුන්‍ය නම් ඒ දුඃඛ නිමිතින් නිමිත්ත රහිත නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වෙයි, යම් දුඃඛ නිමිත්තෙකින් අනිමිත්ත වේ නම් එහි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වේ. මෙසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන් වින්‍දනාර්‍ත්‍ථයෙන් ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන් ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන් අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙති. (2)
Pali BJTඅනත්තතො මනසිකරොන්තො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො; යෙන සුඤ්ඤො, තෙන නිමිත්තෙන අනිමිත්තොති අනිමිත්තො විමොක්ඛො; යෙන නිමිත්තෙන අනිමිත්තො, තත්ථ න පණිදහතීති අප්පණිහිතො විමොක්ඛො; යත්ථ න පණිදහති, තෙන සුඤ්ඤොති සුඤ්ඤතො විමොක්ඛො, එවං සමොධානට්ඨෙන අධිගමනට්ඨෙන පටිලාභට්ඨෙන පටිවෙධට්ඨෙන සච්ඡිකිරියට්ඨෙන ඵස්සනට්ඨෙන අභිසමයට්ඨෙන තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති. (3)
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ අභිනිවේශය කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ වෙයි, යම් අභිනිවේශ නිමිත්තෙකින් ශුන්‍ය වේ නම් ඒ නිමිතින් නිමිත්ත රහිත නු’යි අනිමිත්තවිමෝක්‍ෂ වෙයි, යම් අභිනිවේශ නිමිත්තෙකින් නිමිත්ත රහිත වේ නම් ඒ අභිනිවේශ නිමිත්තෙහි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ වෙයි, යම් අභිනිවේශ නිමිත්තෙක්හි ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ නම් ඒ අභිනිවේශ නිමිතින් ශුන්‍ය නු’යි ශුන්‍යත විමෝක්‍ෂ වේ. මෙසෙයින් සමවධානාර්‍ත්‍ථයෙන් වින්‍දනාර්‍ත්‍ථයෙන් ප්‍රතිලාභාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධාර්‍ත්‍ථයෙන් සාක්‍ෂාත්ක්‍රියාර්‍ත්‍ථයෙන් ඥානස්පර්‍ශනාර්‍ත්‍ථයෙන් අභිසමයාර්‍ත්‍ථයෙන් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත්: (3)
Pali BJTඉමෙහි සත්තහාකාරෙහි තයො විමොක්ඛා එකක්ඛණෙ හොන්ති.
Sinhala BJTමේ සත් අයුරින් තුන් විමෝක්‍ෂයෝ ඒකක්‍ෂණයෙහි වෙත්.
Pali BJTඅත්ථි විමොක්ඛො, අත්ථි මුඛං, අත්ථි විමොක්ඛමුඛං අත්ථි විමොක්ඛපච්චනීකං අත්ථි විමොක්ඛානුලොමං, අත්ථි විමොක්ඛවිවට්ටො, අත්ථි විමොක්ඛභාවනා, අත්ථි විමොක්ඛපටිප්පස්සද්ධි,
Sinhala BJTවිමෝක්‍ෂයෙක් ඇත, මුඛයෙක් ඇත, විමෝක්‍ෂමුඛයෙක් ඇත, විමෝක්‍ෂප්‍රත්‍යනීකයෙක් ඇත, විමෝක්‍ෂානුලෝමයෙක් ඇත, විමෝක්‍ෂ විවර්‍තයෙක් ඇත, විමෝක්‍ෂභාවනායෙක් ඇති, විමෝක්‍ෂප්‍රතිප්‍රශ්‍රබ්ධියෙක් ඇති.
Pali BJTකතමො විමොක්ඛො: සුඤ්ඤතො විමොක්ඛො, අනිමිත්තො විමොක්ඛො, අප්පණිහිතො විමොක්ඛො:
Sinhala BJTවිමෝක්‍ෂ කවරැ යත් : ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යි.
Pali BJTකතමො සුඤ්ඤතො විමොක්ඛො: අනිච්චානුපස්සනාඤාණං නිච්චතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො දුක්ඛානුපස්සනාඤාණං සුඛතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො, අනත්තානුපස්සනාඤාණං අත්තතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො, නිබ්බිදානුපස්සනාඤාණං නන්දියා අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො; විරාගානුපස්සනාඤාණං රාගතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො නිරොධානුපස්සනාඤාණං සමුදයතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො, පටිනිස්සග්ගානුපස්සනාඤාණං ආදානතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො, අනිමිත්තානුපස්සනාඤාණං නිමිත්තතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො, අප්පණිහිතානුපස්සනාඤාණං පණිධියා අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො, සුඤ්ඤතානුපස්සනාඤාණං සබ්බාභිනිවෙසෙහි මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො.
Sinhala BJTශුන්‍යතවිමෝක්‍ෂ කවරැ යත් : අනිච්චානුපස්සනාඤාණය නිත්‍යාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ දුක්ඛානුපස්සනාඤාණය සුඛාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනත්තතානුපස්සනාඤාණය අත්මාභිනිවෙශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ නිබ්බිදානුපස්සනාඤාණය නන්‍ද්‍යභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ විරාගානුපස්සනාඤාණය රාගාභිනිවෙශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ නිරෝධානුපස්සනාඤාණය සමුදයාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානාභිනිවෙශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්තාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රාර්‍ත්‍ථනාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ සුඤ්ඤාතානුපස්සනාඤාණය සියලු අභිනිවේශයන් කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යි.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනාඤාණං නිච්චතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො -පෙ- රූපෙ සුඤ්ඤතානුපස්සනාඤාණං සබ්බාභිනිවෙසෙහි මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනාඤාණං නිච්චතො අභිනිවෙසා මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො -පෙ- ජරාමරණෙ සුඤ්ඤතානුපස්සනාඤාණං සබ්බාභිනිවෙසෙහි මුච්චතීති සුඤ්ඤතො විමොක්ඛො, අයං සුඤ්ඤතො විමොක්ඛො. (1)
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය සියලු අභිනිවේශයෙන් කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යි. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යාභිනිවේශයෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යැ ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය සියලු අභිනිවේශයෙන් කෙරෙන් මිදේ නු’යි ශුන්‍යතවිමෝක්‍ෂ යි. මේ ශුන්‍යතවිමෝක්‍ෂ නම් වේ. (1)
Pali BJTකතමො අනිමිත්තො විමොක්ඛො: අනිච්චානුපස්සනාඤාණං නිච්චතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, දුක්ඛානුපස්සනාඤාණං සුඛතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, අනත්තානුපස්සනාඤාණං අත්තතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, නිබ්බිදානුපස්සනාඤාණං නන්දියා නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, විරාගානුපස්සනාඤාණං රාගතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො නිරොධානුපස්සනාඤාණං සමුදයතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො. පටිනිස්සග්ගානුපස්සනාඤාණං ආදානතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, අනිමිත්තානුපස්සනාඤාණං සබ්බනිමිත්තෙහි මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, අප්පණිහිතානුපස්සනාඤාණං පණිධියා නිමිත්තතා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, සුඤ්ඤතානුපස්සනාඤාණං අභිනිවෙසතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො.
Sinhala BJTඅනිමිත්තවිමෝක්‍ෂ කවරැ යත්: අනිච්චානුපස්සනාඤාණය නිත්‍යනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ දුක්ඛානුපස්සනාඤාණය සුඛනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ අනත්තානුපස්සනාඤාණය ආත්මනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ නිබ්බිදානුපස්සනාඤාණය නන්‍දිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ විරාගානුපස්සනාඤාණය රාගනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ නිරෝධානුපස්සනාඤාණය සමුදයනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ අනිමිත්තානුපස්සනාඤාණය හැම නිමිති කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යි.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනාඤාණං නිච්චතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො -පෙ- රූපෙ අනිමිත්තානුපස්සනාඤාණං සබ්බනිමිත්තෙහි මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, රූපෙ අප්පණිහිතානුපස්සනාඤාණං පණිධියා නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, රූපෙ සුඤ්ඤතානුපස්සනාඤාණං අභිනිවෙසතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනාඤාණං නිච්චතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො -පෙ- ජරාමරණෙ අනිමිත්තානුපස්සනාඤාණං සබ්බනිමිත්තෙහි මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, ජරාමරණෙ අප්පණිහිතානුපස්සනාඤාණං පණිධියා නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, ජරාමරණෙ සුඤ්ඤතානුපස්සනාඤාණං අභිනිවෙසතො නිමිත්තා මුච්චතීති අනිමිත්තො විමොක්ඛො, අයං අනිමිත්තො විමොක්ඛො. (2)
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය නිමිත්තෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ ... රූපයෙහි අනිමිත්තානුපස්සනාඤාණය හැම නිමිති කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ රූපයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යනිමිත්තෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ ... ජරාමරණයෙහි අනිමිත්තානුපස්සනාඤාණය හැම නිමිති කෙරෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධිනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශනිමිත්තයෙන් මිදේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ යි. මේ අනිමිත්තවිමෝක්‍ෂ නම් වේ. (2)
Pali BJTකතමො අප්පණිහිතො විමොක්ඛො: අනිච්චානුපස්සනාඤාණං නිච්චතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, දුක්ඛානුපස්සනාඤාණං සුඛතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, අනත්තානුපස්සනාඤාණං අත්තතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, විරාගානුපස්සනාඤාණං රාගතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, නිරොධානුපස්සනාඤාණං සමුදයතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, පටිනිස්සග්ගානුපස්සනාඤාණං ආදානතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, අනිමිත්තානුපස්සනාඤාණං නිමිත්තතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, අප්පණිහිතානුපස්සනාඤාණං සබ්බපණිධීහි මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, සුඤ්ඤතානුපස්සනාඤාණං අභිනිවෙසතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො.
Sinhala BJTඅප්‍රණිහිතවිමෝක්‍ෂ කවරැ යත් අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය ප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. දුක්ඛානුපස්සනාඤාණය සුඛප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. අනත්තානුපස්සනාඤාණය ආත්මප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. විරාගානුපස්සනාඤාණය රාගප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. නිරෝධානුපස්සනාඤාණය සමුදයප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්තප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ හැම ප්‍රණිධි කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශ ප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යි.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනාඤාණං නිච්චතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො -පෙ- රූපෙ අනිමිත්තානුපස්සනාඤාණං නිමිත්තතො මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, රූපෙ අප්පණිහිතානුපස්සනාඤාණං සබ්බපණිධීහි මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, රූපෙ සුඤ්ඤතානුපස්සනාඤාණං අභිනිවෙසතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො. වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනාඤාණං නිච්චතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, -පෙ- ජරාමරණෙ අනිමිත්තානුපස්සනාඤාණං නිමිත්තතො මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, ජරාමරණෙ අප්පණිහිතානුපස්සනාඤාණං සබ්බපණිධීහි මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, ජරාමරණෙ සුඤ්ඤතානුපස්සනාඤාණං අභිනිවෙසතො පණිධියා මුච්චතීති අප්පණිහිතො විමොක්ඛො, අයං අප්පණිහිතො විමොක්ඛො, (3) අයං විමොක්ඛො, (1)
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ ... රූපයෙහි අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්ත කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ රූපයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය හැම ප්‍රණිධීන් කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ ... ජරාමරණයෙහි අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්ත කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි අප්පණිහිතානුපස්සනාඤාණය හැම ප්‍රණිධීන් කෙරෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ. ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශප්‍රණිධියෙන් මිදේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ යි. මේ අප්‍රණිහිත විමෝක්‍ෂ නම් වේ. (3) මේ විමෝක්‍ෂ යි. (1)
Pali BJTකතමං මුඛං, යෙ තත්ථ ජාතා අනවජ්ජා කුසලා බොධිපක්ඛියා ධම්මා. ඉදං මුඛං. (2)
Sinhala BJTමුඛ කවරැ යත්: ඒ මාර්‍ගවිමෝක්‍ෂයෙහි උපන් යම් (රාගාදි වරද නැති බැවින්) නිවරද වූ කුසල් වූ බෝධිපාක්‍ෂිකධර්‍ම කෙනෙක් වෙත් ද, මේ මුඛ නම් වේ. (2)
Pali BJTකතමං විමොක්ඛමුඛං: යං තෙසං{1} ධම්මානං ආරම්මණං නිරොධො නිබ්බානං, ඉදං විමොක්ඛමුඛං, විමොක්ඛඤ්ච මුඛඤ්ච විමොක්ඛමුඛං{2} ඉදං විමොක්ඛමුඛං. (3)
Sinhala BJTවිමෝක්‍ෂමුඛ කවරැ යත්: ඒ බෝධිපාක්‍ෂික ධර්‍මයන්ට අරමුණු වූ යම් නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, මේ විමෝක්‍ෂමුඛ නම් වෙයි. විමෝක්‍ෂ ද හෙ මැ මුඛ ද හෙ මැ නු’යි විමෝක්‍ෂමුඛ යැ. මේ විමෝක්‍ෂ මුඛ යි. (3)
Pali BJTකතමං විමොක්ඛපච්චනීකං: තීණි අකුසලමූලානි විමොක්ඛපච්චනීකානි, තීණි දුච්චරිතානි විමොක්ඛපච්චනීකානි, සබ්බෙපි අකුසලා ධම්මා විමොක්ඛපච්චනීකා, ඉදං විමොක්ඛපච්චනීකං. (4)
Sinhala BJTවිමෝක්‍ෂප්‍රත්‍යනීක (ප්‍රතිපක්‍ෂ) කවරැ යත්: තුන් අකුශලමූලයෝ විමෝක්‍ෂප්‍රත්‍යනීකයෝ යැ ත්‍රිවිධ දුශ්චරිතයෝ විමෝක්‍ෂප්‍රත්‍යනීකයෝ යැ හැම අකුශලධර්‍මයෝ මැ විමෝක්‍ෂප්‍රත්‍යනීකයෝ යි. මේ විමෝක්‍ෂප්‍රත්‍යනීක නම් වේ. (4)
Pali BJTකතමං විමොක්ඛානුලොමං: තීණි කුසලමූලානි විමොක්ඛානුලොමානි, තීණි සුචරිතානි විමොක්ඛානුලොමානි, සබ්බෙපි කුසලා ධම්මා විමොක්ඛානුලොමා. ඉදං විමොක්ඛානුලොමං. (5)
Sinhala BJTවිමෝක්‍ෂානුලෝම කවරැ යත්: තුන් කුශල මූලයෝ විමෝක්‍ෂානුලෝමයෝ යැ, ත්‍රිවිධ සුචරිතයෝ විමෝක්‍ෂානුලෝමයෝ යැ, හැම කුශල ධර්‍මයෝ මැ විමෝක්‍ෂානුලෝමයෝ යි. මේ විමෝක්‍ෂානුලෝම යි. (5)
Pali BJTකතමො විමොක්ඛවිවට්ටො: සඤ්ඤාවිවට්ටො, චෙතොවිවට්ටො, චිත්තවිවට්ටො, ඤාණවිවට්ටො, විමොක්ඛවිවට්ටො, සච්චවිවට්ටො:
Sinhala BJTවිමෝක්‍ෂාවිවර්‍ත කවරැ යත් : සංඥාවිවර්‍ත යැ චේතෝවිවර්‍ත යැ චිත්තවිවර්‍ත යැ ඥානවිවර්‍ත යැ විමෝක්‍ෂවිවර්‍ත යැ සත්‍යවිවර්‍ත යි.
Pali BJTසඤ්ජානන්තො විවට්ටතීති සඤ්ඤාවිවට්ටො, චෙතයන්තො විවට්ටතීති චෙතොවිවට්ටො, විජානන්තො විවට්ටතීති චිත්තවිවට්ටො, ඤාණං කරොන්තො විවට්ටතීති ඤාණවිවට්ටො වොස්සජ්ජන්තො{1} විවට්ටතීති විමොක්ඛවිවට්ටො, තථට්ඨෙ{2} විවට්ටතීති සච්චවිවට්ටො.
Sinhala BJTහැඳිනගනිමින් පරාවර්‍ත වේ නු’යි සංඥාවිවර්‍ත යැ සිතමින් පරාවර්‍ත වේ නු’යි චේතෝවිවර්‍ත යැ දැනගනිමින් පරාවර්‍ත වේ නු’යි චිත්තවිවර්‍ත යැ ප්‍රකට කෙරෙමින් පරාවර්‍ත වේ නු’යි ඥානවිවර්‍ත යැ (කාමච්ඡන්‍දාදිය) හැරපියමින් පරාවර්‍ත මේ නු’යි විමෝක්‍ෂවිවර්‍ත යැ තථාර්‍ත්‍ථයෙහි පරාවර්‍ත වේ නු’යි සත්‍යවිවර්‍ත යි.
Pali BJTයත්ථ සඤ්ඤාවිවට්ටො, තත්ථ චෙතොවිවට්ටො; යත්ථ චෙතොවිවට්ටො, තත්ථ සඤ්ඤාවිවට්ටො; යත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො, තත්ථ චිත්තවිවට්ටො; යත්ථ චිත්තවිවට්ටො, තත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො, යත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො, තත්ථ ඤාණවිවට්ටො; යත්ථ ඤාණවිවට්ටො, තත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො; යත්ථ සඤ්ඤාවිවට්ටො; චෙතොවිවට්ටො චිත්තවිවට්ටො, ඤාණවිවට්ටො, තත්ථ විමොක්ඛවිවට්ටො, තත්ථ විමොක්ඛවිවට්ටො, තත්ථ සඤ්ඤාවිවට්ටො; චෙතොවිවට්ටො චිත්තවිවට්ටො ඤාණවිවට්ටො. යත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො ඤාණවිවට්ටො විමොක්ඛවිවට්ටො, තත්ථ සච්චවිවට්ටො, යත්ථ සච්චවිවට්ටො, තත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො ඤාණවිවට්ටො විමොක්ඛවිවට්ටො, අයං විමොක්ඛවිවට්ටො. (6)
Sinhala BJTයම් තැනෙක සංඥාවිවර්‍තය වේ ද, එහි චේතෝවිවර්‍තය වෙයි; යම් තැනෙක චේතෝවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය වේ ද එහි චිත්තවවිවර්‍තය වෙයි; යම් තැනෙක චිත්තවවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය වේ ද, එහි ඥානවිවර්‍තය වෙයි; යම් තැනෙක ඥානවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවිවර්‍තය ඥානවිවර්‍තය වේ ද, එහි විමෝක්‍ෂවිවර්‍තය වෙයි; යම් තැනෙක විමෝක්‍ෂවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය ඥානවිවර්‍තය වෙයි; යම් තැනෙක සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය ඥානවිවර්‍තය විමෝක්‍ෂවිවර්‍තය වේ ද, එහි සත්‍යවිවර්‍තය වෙයි; යම් තැනෙක සත්‍යවිවර්‍තය වේ ද, එහි සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය චිත්තවවිවර්‍තය ඥානවිවර්‍තය විමෝක්‍ෂවිවර්‍තය වේ. මේ විමෝක්‍ෂවිවර්‍ත යි. (6)
Pali BJTකතමා විමොක්ඛභාවනා: පඨමස්ස ඣානස්ස{3} ආසෙවනා භාවනා බහුලීකම්මං, දුතියස්ස ඣානස්ස ආසෙවනා භාවනා බහුලීකම්මං, තතියස්ස ඣානස්ස ආසෙවනා භාවනා බහුලීකම්මං, චතුත්ථස්ස ඣානස්ස ආසෙවනා භාවනා බහුලීකම්මං, ආකාසානඤ්චායතනසමාපත්තියා ආසෙවනා භාවනා බහුලීකම්මං, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා ආසෙවනා භාවනා බහුලීකම්මං, සොතාපත්තිමග්ගස්ස ආසෙවනා භාවනා බහුලීකම්මං, සකදාගාමිමග්ගස්ස -පෙ- අනාගාමිමග්ගස්ස -පෙ- අරහත්තමග්ගස්ස ආසෙවනා භාවනා බහුලීකම්මං, අයං විමොක්ඛභාවනා. (7)
Sinhala BJTවිමෝක්‍ෂභාවනා කවරෙ යත්: ප්‍රථමධ්‍යානයෙන් ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ ද්විතීයධ්‍යානයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ තෘතීයධ්‍යානයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ ආකාසානඤ්චායතනසමාපත්තියගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්තියගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ ස්‍රෝතාපත්තිමාර්‍ගයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යැ සකෘදාගාමිමාර්‍ගයාගේ ... අනාගාමිමාර්‍ගයාගේ ... අර්‍හන්මාර්‍ගයාගේ ආසේවන යැ භාවනා යැ බහුල කිරීම යි. මේ විමෝක්‍ෂභාවනා යි. (7)
Pali BJTකතමා විමොක්ඛපටිප්පස්සද්ධි: පඨමස්ස ඣානස්ස පටිලාභො වා විපාකො වා, දුතියස්ස ඣානස්ස පටිලාභො වා විපාකො වා, තතියස්ස ඣානස්ස -පෙ- චතුත්ථස්ස ඣානස්ස -පෙ- ආකාසානඤ්චායතනසමාපත්තියා -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා පටිලාභො වා විපාකො වා, සොතාපත්තිමග්ගස්ස සොතාපත්තිඵලං, සකදාගාමිමග්ගස්ස සකදාගාමිඵලං, අනාගාමිමග්ගස්ස අනාගාමිඵලං, අරහත්තමග්ගස්ස අරහත්තඵලං. අයං විමොක්ඛපටිප්පස්සද්ධි.{4} (8)
Sinhala BJTවිමෝක්‍ෂප්‍රතිප්‍රශ්‍රබ්ධි කවරෙ යත්: ප්‍රථමධ්‍යානයෙන් ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ ද්විතීයධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ තෘතීයධ්‍යානයාගේ ... චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ... ආකාසානඤ්චායතනසමාපත්තිහුගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිහුගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිහුගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිහුගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ ස්‍රෝතාපත්තිමාර්‍ගයට ස්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමිමාර්‍ගයට සකෘදාගාමිඵල යැ අනාගාමිමාර්‍ගයට අනාගාමිඵල යැ අර්‍හන්මාර්‍ගයට අර්‍හත්ඵල යැ යන මේ විමෝක්‍ෂප්‍රතිප්‍රශ්‍රබ්ධි යි. (8)
Pali BJTතතියක භාණවාරං{5}
Sinhala BJTතුන්වැනි බණවර යි.
Pali BJTවිමොක්ඛකථා සමත්තා.
Sinhala BJTවිමෝක්‍ෂකථා නිමි.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJTගතිකථා
Sinhala BJTගතිකථා
Pali BJTගතිසම්පත්තියා ඤාණසම්පයුත්තෙ කතින්නං{1} හෙතූනං පච්චයා උපපත්ති{2} හොති. ඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණසම්පයුත්තෙ කතින්නං හෙතූනං පච්චයා උපපත්ති හොති: රූපාවචරානං දෙවානං කතින්නං හෙතූනං පච්චයා උපපත්ති හොති: අරූපාවචරානං දෙවානං කතින්නං හෙතූනං පච්චයා උපපත්ති හොති.
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද, ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද, රූපාවචර දෙවියනට කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද, අරූපාවචර දෙවියනට කෙතෙක් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත්:
Pali BJTගතිසම්පත්තියා ඤාණසම්පයුත්තෙ අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. ඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණසම්පයුත්තෙ අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. රූපාවචරානං දෙවානං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. අරූපාවචරානං දෙවානං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති.
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි. ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි. රූපාවචර දෙවියනට අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි. අරූපාවචර දෙවියනට අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වෙයි.
Pali BJTගතිසම්පත්තියා ඤාණසම්පයුත්තෙ කතමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති: කුසලකම්මස්ස ජවනක්ඛණෙ තයො හෙතු කුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: කුසලමූලපච්චයාපි සඞ්ඛාරා, නිකන්තික්ඛණෙ ද්වෙ හෙතු අකුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා, පටිසන්ධික්ඛණෙ තයො හෙතූ අබ්යාකතා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: නාමරූපපච්චයාපි විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයාපි නාමරූපං.
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත් : (ත්‍රිහේතුක කාමාවචර) කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි තුන් කුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යය වෙති, එයින් කියනු ලැබෙයි: “කුශලමූල ප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති” යි. (උපදනාවුනට) නිකාන්තික්‍ෂණයෙහි දෙ අකුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යය වෙති, එයින් කියනු ලැබෙයි: “අකුශලමූල ප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති” යි. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් අව්‍යාකෘතහේතූහු එ කෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යය වෙති, එයින් කියනු ලැබෙයි: “නාමරූප ප්‍රත්‍යයෙනුදු විඥානය වෙයි, විඥානපුත්‍යයෙනුදු නාමරූපය වේ” යයි.
Pali BJTපටිසන්ධික්ඛණෙ පඤ්චක්ඛන්ධා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ චත්තාරො මහාභූතා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති. පටිසන්ධික්ඛණෙ තයො ජීවිතසඞ්ඛාරා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ නාමඤ්ච රූපඤ්ච සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති පටිසන්ධික්ඛණෙ ඉමෙ චුද්දස ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTපටිසන්ධික්ඛණෙ චත්තාරො ඛන්ධා අරූපිනො සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති. පටිසන්ධික්ඛණෙ පඤ්චින්ද්රියානි සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ තයො හෙතු සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ නාමඤ්ච විඤ්ඤාණඤ්ච සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ ඉමෙ චුද්දස ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් හේතූහු සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෙන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTපටිසන්ධික්ඛණෙ ඉමෙ අට්ඨවීසති ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අටවිසි ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තනත්‍යයෝ වෙත්.
Pali BJTගතිසම්පත්තියා ඤාණසම්පයුත්තෙ ඉමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. (1)
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ. (1)
Pali BJTඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණසම්පයුත්තෙ කතමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. කුසලකම්මස්ස ජවනක්ඛණෙ තයො හෙතූ කුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: කුසලමූලපච්චයාපි සඞ්ඛාරා, නිකන්තික්ඛණෙ ද්වෙ හෙතූ අකුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා, පටිසන්ධික්ඛණෙ තයො හෙතූ අබ්යාකතා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: ‘නාමරූපපච්චයාපි විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයාපි නාමරූපං.’
Sinhala BJTකැත්මහසලනට බමුණුමහසලනට ගැහැවිමහසලනට කාමාවචර දෙවියන්ට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත් : කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි, තුන් කුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. නිකාන්තික්‍ෂණයෙහි දෙ අකුශලහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් අව්‍යාකෘතහේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙත්, එයින් කියනු ලැබෙයි. ‘නාමරූපපච්චයාපි විඤ්ඤාණං විඤ්ඤාණපච්චයාපි නාමරූපං’ යි.
Pali BJTපටිසන්ධික්ඛණෙ පඤ්චක්ඛන්ධා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ චත්තාරො මහාභූතා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ තයො ජීවිතසඞ්ඛාරා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ නාමඤ්ච රූපඤ්ච සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ ඉමෙ චුද්දස ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTපටිසන්ධික්ඛණෙ චත්තාරො ඛන්ධා අරූපිනො සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති. පටිසන්ධික්ඛණෙ පඤ්චින්ද්රියානි සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ තයො හෙතූ සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ නාමඤ්ච විඤ්ඤාණඤ්ච සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ ඉමෙ චුද්දස ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් හේතූහු සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTපටිසන්ධික්ඛණෙ ඉමෙ අට්ඨවීසති ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අටවිසි ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණසම්පයුත්තෙ ඉමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති (2)
Sinhala BJTකැත්මහසලනට බමුණුමහසලනට ගැහැවිමහසලනට කාමාවචර දෙවියනට ඥානසම්ප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ (2)
Pali BJTරූපාවචරානං දෙවානං කතමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. කුසලකම්මස්ස ජවනක්ඛණෙ තයො හෙතු කුසලා -පෙ- රූපාවචරානං දෙවානං ඉමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. (3)
Sinhala BJTරූපාවචර දෙවියනට කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුසල් වූ තුන් හේතූහු ... රූපාවචර දෙවියනට මේ අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ. (3)
Pali BJTඅරූපාවචරානං දෙවානං කතමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. කුසලකම්මස්ස ජවනක්ඛණෙ තයො හෙතූ කුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාව සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: කුසලමූලපච්චයාපි සඞ්ඛාරා, නිකන්තික්ඛණෙ ද්වෙ හෙතු අකුසලා තස්මිං ඛණෙ ජාත චෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා, පටිසන්ධික්ඛණෙ තයො හෙතූ අබ්යාකතා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: නාමපච්චයාපි විඤ්ඤාණං විඤ්ඤාණපච්චයාපි නාමං.
Sinhala BJTඅරූපාවචර දෙවියනට කවර අට වැදෑරුම් හේතූන්ගේ ප්‍රත්‍යයෙන් ඉපැදීම වේ ද යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුසල් වූ තුන් හේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. නිකාන්තික්‍ෂණයෙහි අකුසල් වූ දෙ හේතූහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘අකුසල මූලපච්චයාපි සඞ්ඛාරා’ යි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අව්‍යාකෘත වූ තුන් හේතුහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘නාමපච්චයාපි විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයාපි නාමං’ යි.
Pali BJTපටිසන්ධික්ඛණෙ චත්තාරො ඛන්ධා අරූපිනො සහජාතපච්චයා හොන්ති අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ පඤ්චින්ද්රියානි සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ තයො හෙතූ සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ නාමඤ්ච විඤ්ඤාණඤ්ච සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ ඉමෙ චුද්දස ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, අරූපාවචරානං දෙවානං ඉමෙසං අට්ඨන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. (4)
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් හේතුහු සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. අරූපාවචර දෙවියනට මේ අට වැදෑරුම් හේතුන්ගේ ප්‍රත්‍යයෙන් ඉපදීම වේ. (4)
Pali BJTගතිසම්පත්තියා ඤාණවිප්පයුත්තෙ කතින්නං හෙතූනං පච්චයා උපපත්ති හොති: ඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණවිප්පයුත්තෙ කතින්නං හෙතූනං පච්චයා උපපත්ති හොති:{1}
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ ද, ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසසන්‍ධික්‍ෂණයෙහි කෙතෙක් හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ ද යත්:
Pali BJTගතිසම්පත්තියා ඤාණවිප්පයුත්තෙ ඡන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති, ඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණවිප්පයුත්තෙ ඡන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති.
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ෂඞ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වෙයි, ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසසන්‍ධික්‍ෂණයෙහි ෂඞ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ.
Pali BJTගතිසම්පත්තියා ඤාණවිප්පයුත්තෙ කතමෙසං ඡන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති: කුසලකම්මස්ස ජවනක්ඛණෙ ද්වෙ හෙතු කුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: කුසලමූලපච්චයාපි සඞ්ඛාරා, නිකන්තික්ඛණෙ ද්වෙ හෙතූ අකුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා. පටිසන්ධික්ඛණෙ ද්වෙ හෙතු අබ්යාකතා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති, තෙන වුච්චති: නාමරූපපච්චයාපි විඤ්ඤාණං විඤ්ඤාණපච්චයාපි නාමරූපං.
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වෙයි යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුසල් වූ දෙ හේතුහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති. එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි නිකාන්තික්‍ෂණයෙහි අකුසල් වු දෙ හේතුහු එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘අකුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අව්‍යාකෘත වු හේතුහු දෙදෙනෙක් එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති. එයින් කියනු ලැබෙයි: ‘නාමරූපපච්චයාපි විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයාපි නාමරූපං’ යි.
Pali BJTපටිසන්ධික්ඛණෙ පඤ්චක්ඛන්ධා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ චත්තාරො මහාභූතා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ තයො ජීවිතසඞ්ඛාරා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ නාමඤ්ච රූපඤ්ච සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ ඉමෙ චුද්දස ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි පඤ්චස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සතර මහාභූතයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි තුන් ජීවිතසංස්කාරයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් රූපයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ තුදුස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTපටිසන්ධික්ඛණෙ චත්තාරො ඛන්ධා{1} අරූපිනො සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ චත්තාරිඉන්ද්රියානි සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ ද්වෙ හෙතු සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ නාමඤ්ච විඤ්ඤාණඤ්ච සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිසන්ධික්ඛණෙ ඉමෙ ද්වාදස ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි අරූපී වූ සතර ස්කන්‍ධයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි හේතුහු දෙදෙනෙක් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමයත් විඥානයත් සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්. ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ දොළොස් ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTපටිසන්ධික්ඛණෙ ඉමෙ ඡබ්බීසති ධම්මා සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, විප්පයුත්තපච්චයා හොන්ති.
Sinhala BJTප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ සවිසි ධර්‍මයෝ සහජාතප්‍රත්‍යයෝ වෙති, අන්‍යෝන්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, විප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත්.
Pali BJTගතිසම්පත්තියා ඤාණවිප්පයුත්තෙ ඉමෙසං ඡන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති. (1)
Sinhala BJTගතිසම්පත්තියෙන් ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ. (1)
Pali BJTඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණවිප්පයුත්තෙ කතමෙසං ඡන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති: කුසලකම්මස්ස ජවනක්ඛණෙ ද්වෙ හෙතු කුසලා තස්මිං ඛණෙ ජාතචෙතනාය සහජාතපච්චයා හොන්ති. තෙන වුච්චති: කුසලමූලපච්චයාපි සඞ්ඛාරා -පෙ- ඛත්තියමහාසාලානං බ්රාහ්මණමහාසාලානං ගහපතිමහාසාලානං කාමාවචරානං දෙවානං ඤාණවිප්පයුත්තෙ ඉමෙසං ඡන්නං හෙතූනං පච්චයා උපපත්ති හොති.
Sinhala BJTක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි කවර ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ ද යත්: කුශලකර්‍මයාගේ ජවනක්‍ෂණයෙහි කුශල වූ හේතුහු දෙදෙනෙක් එකෙණෙහි උපන් චේතනාවට සහජාතප්‍රත්‍යයෝ වෙති, එයින් කියනු ලැබෙයි: ‘කුසලමූලපච්චයාපි සඞ්ඛාරා’ යි. … ක්‍ෂත්‍රියමහාසාරයනට බ්‍රාහ්මණමහාසාරයනට ගෘහපතිමහාසාරයනට කාමාවචර දෙවියනට ඥානවිප්‍රයුක්ත ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි මේ ෂඩ්හේතුන්ගේ ප්‍රත්‍යයෙන් උපප්‍රාප්තිය වේ.
Pali BJTගතිකථා සමත්තා.
Sinhala BJTගතිකථා නිමි.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJTකම්මකථා
Sinhala BJTකර්‍මකථා
Pali BJTඅහොසිකම්මං අහොසිකම්මවිපාකො, අහොසිකම්මං නාහොසිකම්මවිපාකො, අහොසිකම්මං අත්ථිකම්මවිපාකො, අහොසිකම්මං නත්ථිකම්මවිපාකො, අහොසිකම්මං භවිස්සතිකම්මවිපාකො, අහොසිකම්මං නභවිස්සතිකම්මවිපාකො, අත්ථිකම්මං අත්ථිකම්මවිපාකො, අත්ථිකම්මං නත්ථිකම්මවිපාකො, අත්ථිකම්මං භවිස්සතිකම්මවිපාකො, අත්ථිකම්මං නභවිස්සතිකම්මවිපාකො. භවිස්සතිකම්මං භවිස්සතිකම්මවිපාකො, භවිස්සතිකම්මං නභවිස්සතිකම්මවිපාකො.
Sinhala BJTඅභුත්කර්‍ම යැ අභුත්කර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ නාභුත්කර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ අස්තිකර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ නාස්තිකර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, අභුත්කර්‍ම යැ නභවිෂ්‍යත්කර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ අස්තිකර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ නාස්තිකර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, අස්තිකර්‍ම යැ න භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කර්‍ම යැ භවිෂ්‍යත්කර්‍මවිපාක යැ, භවිෂ්‍යත්කර්‍ම යැ න භවිෂ්‍යත්කර්‍මවිපාක යි.