Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1801-1900 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමො සාසවො විමොක්ඛො: චත්තාරි ච ඣානානි, චත්තස්සො ච අරූපසමාපත්තියො. අයං සාසවො විමොක්ඛො.
Sinhala BJTසාස්‍රවවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සාස්‍රවවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අනාසවො විමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං අනාසවො විමොක්ඛො.
Sinhala BJTඅනාස්‍රවවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අනාස්‍රවවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො සාමිසො විමොක්ඛා: රූපපටිසඤ්ඤුත්තො{1} විමොක්ඛො. අයං සාමිසො විමොක්ඛො.
Sinhala BJTසාමිෂවිමෝක්‍ෂ නම් කවරෙ යත්: රූපධ්‍යාන ප්‍රතිසංයුක්ත වූ විමෝක්‍ෂය යි. මේ සාමිෂවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො නිරාමිසො විමොක්ඛො: අරූපපටිඤ්ඤුත්තො{2} විමොක්ඛො. අයං නිරාමිසො විමොක්ඛො.
Sinhala BJTනිරාමිෂවිමෝක්‍ෂ නම් කවරෙ යත්: අරූපසමාපත්ති ප්‍රතිසංයුක්ත වූ විමෝක්‍ෂය යි. මේ නිරාමිෂවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො නිරාමිසා{3} නිරාමිසතරො විමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං නිරාමිසා නිරාමිසතරො විමොක්ඛො.
Sinhala BJTනිරාමිෂයට වඩා අතිශයින් නිරාමිෂ වූ විමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ නිරාමිෂයට වඩා නිරාමිෂතර වූ විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො පණිහිතො විමොක්ඛො: චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො, අයං පණිහිතො විමොක්ඛො.
Sinhala BJTප්‍රණිහිතවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ ප්‍රණිහිතවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අප්පණිහිතො විමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච අයං අප්පණිහිතො විමොක්ඛො.
Sinhala BJTඅප්‍රණිහිතවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අප්‍රණිහිතවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො පණිහිතපටිප්පස්සද්ධි{4} විමොක්ඛො: පඨමස්ස ඣානස්ස{5} පටිලාභො වා විපාකොවා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනනසමාපත්තියා පටිලාභො වා විපාකො වා. අයං පණිහිතපටිප්පස්සද්ධිපිමොක්ඛො.
Sinhala BJTප්‍රණිධි සන්හිඳීම් සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ නම් කවරැ යත්: ප්‍රථමධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යි. මේ ප්‍රණිධි සන්හිඳීම් සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො සඤ්ඤුත්තො විමොක්ඛො: චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො. අයං සඤ්ඤුත්තො විමොක්ඛො.
Sinhala BJTසංයුක්තවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සංයුක්තවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො විසඤ්ඤුත්තො විමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං විසඤ්ඤුත්තො විමොක්ඛො.
Sinhala BJTවිසංයුක්තවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ විසංයුක්තවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො එකත්තවිමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං එකත්තවිමොක්ඛො.
Sinhala BJTඒකත්‍වවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ ඒකත්‍වවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො නානත්තවිමොක්ඛො: චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො. අයං නානත්තවිමොක්ඛො,
Sinhala BJTනානාත්‍වවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ නානාත්‍වවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො සඤ්ඤාවිමොක්ඛො: සියා එකො සඤ්ඤාවිමොක්ඛො දස සඤ්ඤාවිමොක්ඛා හොන්ති, දස සඤ්ඤාවිමොක්ඛා එකො සඤ්ඤාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.{1}
Sinhala BJTසංඥාවිමෝක්‍ෂ නම් කවරෙ යත්: එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ චෙතී ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තුවශයෙන්, පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTසියාති කථඤ්ච සියා: අනිච්චානුපස්සනා ඤාණං{2} නිච්චතො සඤ්ඤාය මුච්චතීති{3} සඤ්ඤාවිමොක්ඛො, දුක්ඛානුපස්සනා ඤාණං සුඛතො සඤ්ඤාය මුච්චතීති{3} සඤ්ඤාවිමොක්ඛො, අනත්තානුපස්සනා ඤාණං අත්තතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො, නිබ්බිදානුපස්සනා ඤාණං නන්දියා සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො, විරාගානුපස්සනා ඤාණං රාගතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො, නිරොධානුපස්සනා ඤාණං සමුදයතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො. පටිනිස්සග්ගානුපස්සනා ඤාණං ආදානතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො, අනිමිත්තානුපස්සනා ඤාණං නිමිත්තතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො අප්පණිහිතානුපස්සනා ඤාණං පණිධියා සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො, සුඤ්ඤතානුපස්සනා ඤාණං අභිනිවෙසතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො.
Sinhala BJTසියා යනු: කිසෙයින් වන්නේ ද යත් : අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය වශයෙන් පැවැති සංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, දුක්ඛානුපස්සනාඤාණය සුඛසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, අනත්තානුපස්සනාඤාණය ආත්මසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, නිබ්බිදානුපස්සනාඤාණය නන්‍දි වශයෙන් පැවැති සංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, විරාගානුපස්සනා ඤාණය රාගසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, නිරෝධානුපස්සනා ඤාණය සමුදයසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, පටිනිස්සග්ගානුපස්සනා ඤාණය ආදානසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, අනිමිත්තානුපස්සනා ඤාණය නිමිත්තසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, අප්පණිහිතානුපස්සනා ඤාණය ප්‍රණිධිසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම, සුඤ්ඤතානුපස්සනා ඤාණය අභිනිවේශසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නමි.
Pali BJTඑවං සියා එකො සඤ්ඤාවිමොක්ඛො දස සඤ්ඤාවිමොක්ඛා හොන්ති, දස සඤ්ඤාවිමොමොක්ඛා එකො සඤ්ඤාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTමෙසෙයින් එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ වෙති ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා ඤාණං නිච්චතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤා විමොක්ඛො -පෙ- රූපෙ සුඤ්ඤතානුස්සනා ඤාණං අභිනිවෙසතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො. එවං සියා එකො සඤ්ඤා විමොක්ඛො දසසඤ්ඤාවිමොක්ඛා හොන්ති, දස සඤ්ඤාවිමොක්ඛා එකො සඤ්ඤාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනා ඤාණය නිත්‍යසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනා ඤාණය අභිනිවේශ සංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ වෙති ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTවෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා ඤාණං නිච්චතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො -පෙ- ජරාමරණෙ සුඤ්ඤතානුපස්සනා ඤාණං අභිනිවෙසතො සඤ්ඤාය මුච්චතීති සඤ්ඤාවිමොක්ඛො, එවං සියා එකො සඤ්ඤාවිමොක්ඛො දස සඤ්ඤාවිමොක්ඛා හොන්ති. දස සඤ්ඤාවිමොක්ඛා එකො සඤ්ඤාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන. අයං සඤ්ඤාවිමොක්ඛො.
Sinhala BJTවේදනායෙහි ... සංඥායෙහිය ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනාඤාණය නිතත්‍යසංඥායෙන් මිදේ නු’යි සංඥාවිමෝක්‍ෂ නම ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශසංඥායෙන් මිදේ නු’ යි සංඥාවිමෝක්‍ෂය නමි. මෙසෙයින් එක් සංඥාවිමෝක්‍ෂය දශසංඥාවිමෝක්‍ෂයෝ වෙති ද දශසංඥාවිමෝක්‍ෂයෝ එක් සංඥාවිමෝක්‍ෂය වේ යයි ද වස්තුවශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි. මේ සංඥාවිමෝක්‍ෂය නමි.
Pali BJTකතමො ඤාණවිමොක්ඛො: සියා එකො ඤාණවිමොක්ඛො දස ඤාණවිමොක්ඛා හොන්ති. දස ඤාණවිමොක්ඛා එකො ඤාණවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.{1}
Sinhala BJTඥානවිමෝක්‍ෂය නම් කවරෙ යත්: එක් ඥානවිමෝක්‍ෂය දශඥානවිමෝක්‍ෂයෝ වෙති ද, දශඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යි.
Pali BJTසියාති කථඤ්ච සියා: අනිච්චානුපස්සනා යථාභූතං ඤාණං නිච්චතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, දුක්ඛානුපස්සනා යථාභූතං ඤාණං සුඛතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො. අනත්තානුපස්සනා යථාභූතං ඤාණං අත්තනො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, නිබ්බිදානුපස්සනා යථාභූතං ඤාණං නන්දියා සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, විරාගානුපස්සනා යථාභූතං ඤාණං රාගතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, නිරොධානුපස්සනා යථාභූතං ඤාණං සමුදයතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, පටිනිස්සග්ගානුපස්සනා යථාභූතං ඤාණං ආදානතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, අනිමිත්තානුපස්සනා යථාභූතං ඤාණං නිමිත්තතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, අප්පණිහිතානුපස්සනා යථාභූතං ඤාණං පණිධියා සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො, සුඤ්ඤතානුපස්සනා යථාභූතං ඤාණං අභිනිවෙසතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො.
Sinhala BJTසියා යනු: කිසෙයින් වන්නේ ද යත් : අනිච්චානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය නිත්‍ය වශයෙන් පැවැති සම්මෝහ සඞ්ඛ්‍යාත නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, දුක්ඛානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය සුඛ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, අනත්තානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය ආත්ම වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, නිබ්බිදානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය නන්‍දි වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, විරාගානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය රාග වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, නිරෝධානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය සමුදය වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, පටිනිස්සග්ගානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය ආදාන වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, අනිමිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය නිමිත්ත වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, අප්පණිහිතානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය ප්‍රණිධි වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම, සුඤ්ඤතානුපස්සනා සඞ්ඛ්‍යාත යථාභූතඥානය අභිනිවේශ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නමි.
Pali BJTඑවං සියා එකො ඤාණවිමොක්ඛො දස ඤාණවිමොක්ඛා හොන්ති, දස ඤාණවිමොක්ඛා එකො ඤාණවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTමෙසෙයින් එක් ඥානවිමෝක්‍ෂය දශ ඥානවිමෝක්‍ෂයෝ වෙතී ද දශ ඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යි.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා යථාභූතං ඤාණං නිච්චතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති, ඤාණවිමොක්ඛො -පෙ- රූපෙ සුඤ්ඤතානුපස්සනා යථාභූතං ඤාණං අභිනිවෙසතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො. එවං සියා එකො ඤාණවිමොක්ඛො දස ඤාණවිමොක්ඛා හොන්ති, දසඤාණවිමොක්ඛො එකො ඤාණවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය නිත්‍ය වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය අභිනිවේශ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් ඥානවිමෝක්‍ෂය දශඥානවිමෝක්‍ෂයෝ වෙතී ද දශඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTවෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා යථාභූතං ඤාණං නිච්චතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො -පෙ- ජරාමරණෙ සුඤ්ඤතානුපස්සනා යථාභූතං ඤාණං අභිනිවෙසතො සම්මොහා අඤ්ඤාණා මුච්චතීති ඤාණවිමොක්ඛො එවං සියා එකො ඤාණවිමොක්ඛො දස ඤාණවිමොක්ඛා හොන්ති, දස ඤාණවිමොක්ඛා එකො ඤාණවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන, අයං ඤාණවිමොක්ඛො.
Sinhala BJTවේදනායෙහි ... සංඥාවෙයි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය නිත්‍ය වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නම ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත යථාභූතඥානය අභිනිවේශ වශයෙන් පැවැති සම්මෝහය වූ නො දැනීමෙන් මිදේ නු’යි ඥානවිමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් ඥානවිමෝක්‍ෂය දශඥානවිමෝක්‍ෂයෝ වෙති ද දශඥානවිමෝක්‍ෂයෝ එක් ඥානවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යි. මේ ඥානවිමෝක්‍ෂ නම් වේ.
Pali BJTකතමො සීතිසියා විමොක්ඛා: සියා එකො සීතිසියාවිමොක්ඛො දස සීතිසියාවිමොක්ඛා හොන්ති, දස සීතිසියාවිමොක්ඛා එකො සීතිසියාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTශීතීස්‍යාද්විමෝක්‍ෂ නම් කවරෙ යත් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි
Pali BJTසියාති කථඤ්ච සියා: අනිච්චානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං{1} නිච්චතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො. දුක්ඛානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං සුඛතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො. අනත්තානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං අත්තතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියා විමොක්ඛො. නිබ්බිදානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං නන්දියා සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො, විරාගානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං රාගතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියා විමොක්ඛො. නිරොධානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං සමුදයතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො. පටිනිද්දග්ගානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං ආදානතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො. අනිමිත්තානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං නිමිත්තතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො. අප්පණිහාතානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං පණිධියා සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො. සුඤ්ඤතානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං අභිනිවෙසතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියා විමොක්ඛො.
Sinhala BJTසියා යනු: කිසෙයික් වන්නේ ද යත්: අනිච්චානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර (උතුම්) වූ ශීතිභාව (නිර්‍වාණ) ඥානය නිත්‍ය වශයෙන් පැවැති (ක්ලේශ සඞ්ඛ්‍යාත) සන්තාපපරිදාහදරථයෙන් (තැවීම්දැවීම් උණුසුමින්) මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, දුක්ඛානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය සුඛ වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, අනත්තානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාව ඥානය ආත්ම වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, නිබ්බිදානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාව ඥානය නන්‍දි වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, විරාගානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය රාග වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, නිරෝධානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය සමුදය වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, පටිනිස්සග්ගානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය ආදාන වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, අනිමිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය නිමිත්ත වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, අප්පණිහිතානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය ප්‍රණිධි වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම, සුඤ්ඤාතානුපස්සනා සඞ්ඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය අභිනිවේශ වශයෙන් පැවැති සන්තාපපරිදාහදරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නමි.
Pali BJTඑවං සියා එකො සීතිසියාවිමොක්ඛො දස සීතිසියාවිමොක්ඛා හොන්ති, දස සීතිසියාවිමොක්ඛා එකො සීතිසියාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTමෙසෙයින් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශ ශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායෙන් වන්නේ යැ.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං නිච්චතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො, -පෙ- රූපෙ සුඤ්ඤතානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං අභිනිවෙසතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො. එවං සියා එකො සීතිසියාවිමොක්ඛො දස සීතිසියාවිමොක්ඛා හෙන්ති, දස සීතිසියාවිමොක්ඛා එකො සීතිසියාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත අනුත්තර ශීතිභාවඥානය නිත්‍ය වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය අභිනිවේශ වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නමි. මෙසෙයින් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTවෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ අනිච්චානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං නිච්චතො සන්තාපපරිළාහදරථා වුච්චතීති සීතිසියාවිමොක්ඛො -පෙ- ජරාමරණෙ සුඤ්ඤතානුපස්සනා අනුත්තරං සීතිභාවං ඤාණං අභිනිවෙසතො සන්තාපපරිළාහදරථා මුච්චතීති සීතිසියාවිමොක්ඛො.
Sinhala BJTවේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි අනිච්චානුපස්සනා සංඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය නිත්‍ය වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනා සංඛ්‍යාත අනුත්තරශීතිභාවඥානය අභිනිවේශ වශයෙන් පැවැති සන්තාපපරිදාහරථයෙන් මිදේ නු’යි ශීතීස්‍යාද්විමෝක්‍ෂ නමි.
Pali BJTඑවං සියා එකො සීතිසියාවිමොක්ඛො දස සීතිසියාවිමොක්ඛා හොන්ති, දස සීතිසියාවිමොක්ඛා එකො සීතිසියාවිමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන. අයං සීතිසියාවිමොක්ඛො.
Sinhala BJTමෙසෙයින් එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ වෙතී ද දශශීතීස්‍යාද්විමෝක්‍ෂයෝ එක් ශීතීස්‍යාද්විමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන්, පර්‍ය්‍යායයෙන් වන්නේ යි. මේ ශීතීස්‍යාද්විමෝක්‍ෂ නම් වේ.
Pali BJTකතමො ඣානවිමොක්ඛො: නෙක්ඛම්මං ඣායතීති{1} ඣානං කාමච්ඡන්දං ඣාපෙතීති ඣානං, ඣායන්තො{2} මුච්චතීති ඣානවිමොක්ඛො, ඣාපෙන්තො මුච්චතීති ඣානවිමොක්ඛො. ඣායන්තීති{3} ධම්මා, ඣාපෙතීති කිලෙසෙ, ඣාතෙ{4} ඣාපෙ ච ජානාතීති ඣානවිමොක්ඛො. අබ්යාපාදො ඣායතීති{1} ඣානං, බ්යාපාදං ඣාපෙතීති ඣානං, ඣායන්තො{2} මුච්චතීති ඣානවිමොක්ඛො, ඣාපෙන්තො මුච්චතීති ඣානවිමොක්ඛො. ඣායන්තීති{3} ධම්මා’ ඣාපෙතීති කිලෙසෙ, ඣාතෙ{4} ච ඣාපෙ ච ජානාතීති ඣානවිමොක්ඛො ආලොකසඤ්ඤා ඣායතීති ඣානං, ථීනමිද්ධං ඣාපෙතීති ඣානං -පෙ- අවික්ඛෙපො ඣායතීති ඣානං, උද්ධච්චං ඣාපෙතීති ඣානං -පෙ- ධම්මවවත්ථානං ඣායතීති ඣානං, විචිකිච්ඡං ඣාපෙතීති ඣානං -පෙ- ඤාණං ඣායතීති ඣානං, අවිජ්ජං ඣාපෙතීති ඣානං, -පෙ- පාමොජ්ජං ඣායතීති ඣානං, අරතිං ඣාපෙතීති ඣානං -පෙ- පඨමං ඣානං, ඣායතීති ඣානං, නීවරණෙ{5} ඣාපෙතීති ඣානං -පෙ- අරහත්තමග්ගො ඣායතීති ඣානං, සබ්බකිලෙසෙ ඣාපෙතීති ඣානං, ඣායන්තො මුච්චතීති ඣානවිමොක්ඛො, ඣාපෙන්තො මුච්චතීති ඣානවිමොක්ඛො. ඣායන්තීති ධම්මා, ඣාපෙතීති කිලෙසෙ, ඣාතෙ ච ඣාපෙ ච ජානාතීති ඣානවිමොක්ඛො. අයං ඣානවිමොක්ඛො.
Sinhala BJTධ්‍යානවිමෝක්‍ෂ නම් කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍ය තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, කාමච්ඡන්‍දය දවා නු’යි ධ්‍යාන නම, ධ්‍යාන කරනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, දවනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, ඣායන්ති යනු: ධර්‍මයෝ යැ, ඣාපේති යනු: කෙලෙසුන් යැ, ධ්‍යාන කළ ධර්‍මයන් ද දැවුණු කෙලෙසුන් ද දනී නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, අව්‍යාපාද තෙමේ ඣාන කෙරේ නු’යි ධ්‍යාන නම, ව්‍යාපාදය දවා නු’යි ධ්‍යාන නම, ධ්‍යාන කරනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, දවනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, ඣායන්ති යනු: ධර්‍මයෝ යැ, ඣාපේති යනු : කෙලෙසුන් යැ, ධ්‍යාන කළ ධර්‍මයන් ද දැවුණු කෙලෙසුන් ද දනී නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම. ආලෝකසංඥා තොමෝ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නමු, ථීනමිද්ධය දවා නු’යි ධ්‍යාන නමු ... අවික්‍ෂේප තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, ඖද්ධත්‍යය දවා නු’යි ධ්‍යාන නම ... ධම්මවවත්‍ථාන තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන තම, විචිකිත්සාව දවා නු’යි ධ්‍යාන නම ... ඥාන තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, අවිද්‍යාව දවා නු’යි ධ්‍යාන නම ... ප්‍රාමෝද්‍ය තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, අරතිය දවා නු’යි ධ්‍යාන නම ... ප්‍රථමධ්‍යාන තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, නීවරණයන් දවා නු’යි ධ්‍යාන නම ... අර්‍හන්මාර්‍ග තෙමේ ධ්‍යාන කෙරේ නු’යි ධ්‍යාන නම, හැම කෙලෙසුන් දවා නු’යි ධ්‍යාන නම ... ධ්‍යාන කරනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම, දවනුයේ මිදේ නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නම. ඣායන්ති යනු: ධර්‍මයෝ යැ, ඣාපේති යනු: කෙලෙසුන් යැ, ධ්‍යාන කළ දහමුදු දැවුණු කෙලෙසුනුදු දනී නු’යි ධ්‍යානවිමෝක්‍ෂ නමි. මේ ධ්‍යානවිමෝක්‍ෂ නම් වේ.
Pali BJTකතමො අනුපාදාචිත්තස්ස විමොක්ඛො: සියා එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො දස අනුපාදාචිත්තස්ස විමොක්ඛා හොන්ති, දස අනුපාදාචිත්තස්ස විමොක්ඛා එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTඅනුපාදාචිත්තවිමෝක්‍ෂ කවරෙ යත්: එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTසියාති කථඤ්ච සියා: අනිච්චානුපස්සනා ඤාණං නිච්චතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. දුක්ඛානුපස්සනා ඤාණං සුඛතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො, අනත්තානුපස්සනා ඤාණං අත්තතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. නිබ්බිදානුපස්සනා ඤාණං නන්දියා උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. විරාගානුපස්සනා ඤාණං රාගතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. නිරොධානුපස්සනා ඤාණං සමුදයතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. පටිනිස්සග්ගානුපස්සනා ඤාණං ආදානතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. අනිමිත්තානුපස්සනා ඤාණං නිමිත්තතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. අප්පණිහිතානුපස්සනා ඤාණං පණිධියා උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. සුඤ්ඤතානුපස්සනා ඤාණං අභිනිවෙසතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො.
Sinhala BJTසියා යනු: කිසෙයින් වන්නේ යැ යත්: අනිච්චානුපස්සනාඤාණය නිත්‍ය වශයෙන් පැවැති උපාදානයෙන් (ග්‍රහණයෙන්) මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, දුක්ඛානුපස්සනාඤාණය සුඛ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, අනත්තානුපස්සනාඤාණය ආත්මවශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, නිබ්බිදානුපස්සනාඤාණය නන්‍දි වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, විරාගානුපස්සනාඤාණය රාග වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, නිරෝධානුපස්සනාඤාණය සමුදය වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, පටිනිස්සග්ගානුපස්සනාඤාණය ආදානවශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, අනිමිත්තානුපස්සනාඤාණය නිමිත්ත වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, අප්පණිහිතානුපස්සනාඤාණය ප්‍රණිධි වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ, සුඤ්ඤාතානුපස්සනාඤාණය අභිනිවේශ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යි.
Pali BJTඑවං සියා එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො දස අනුපාදාචිත්තස්ස විමොක්ඛා හොන්ති, දස අනුපාදාචිත්තස්ස විමොක්ඛා එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛා එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTමෙසෙයින් එක් අනුපාදාවිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාවිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාවිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාවිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTරූපෙ අනිච්චානුපස්සනා ඤාණං නිච්චතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. -පෙ- රූපෙ සුඤ්ඤතානුපස්සනා ඤාණං අභිනිවෙසතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. එවං සියා එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො දස අනුපාදාචිත්තස්ස විමොක්ඛො හොන්ති, දස අනුපාදාචිත්තස්ස විමොක්ඛො එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTරූපයෙහි අනිච්චානුපස්සනාඤාණය නිත්‍යවශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යැ ... රූපයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යි. මෙසෙයින් එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTවෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ සුඤ්ඤතානුපස්සනා ඤාණං අභිනිවෙසතො උපාදානා මුච්චතීති අනුපාදාචිත්තස්ස විමොක්ඛො. එවං සියා එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො දස අනුපාදාචිත්තස්ස විමොක්ඛො හොන්ති, දස අනුපාදාචිත්තස්ස විමොක්ඛො එකො අනුපාදාචිත්තස්ස විමොක්ඛො හොති වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTවේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි සුඤ්ඤතානුපස්සනාඤාණය අභිනිවේශ වශයෙන් පැවැති උපාදානයෙන් මිදේ නු’යි අනුපාදාචිත්තවිමෝක්‍ෂ යි. මෙසෙයින් එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ වෙතී ද දශඅනුපාදාචිත්තවිමෝක්‍ෂයෝ එක් අනුපාදාචිත්තවිමෝක්‍ෂය වේ යයි ද වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් වන්නේ යි.
Pali BJTඅනිච්චානුපස්සනා ඤාණං කතීහුපාදානෙහි{1} මුච්චති. දුක්ඛානුපස්සනා ඤාණං කතීහුපාදානෙහි මුච්චති. අනත්තානුපස්සනා ඤාණං කතීහුපාදානෙහි මුච්චති. නිබ්බිදානුපස්සනා ඤාණං -පෙ- විරාගානුපස්සනා ඤාණං -පෙ- නිරොධානුපස්සනා ඤාණං -පෙ- පටිනිස්සග්ගානුපස්සනා ඤාණං -පෙ- අනිමිත්තානුපස්සනා ඤාණං -පෙ- අප්පණිහිතානුපස්සනා ඤාණං -පෙ- සුඤ්ඤතානුපස්සනා ඤාණං කතීහුපාදානෙහි මුච්චතීති.
Sinhala BJTඅනිච්චානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද, දුක්ඛානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද, අනත්තතානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද, නිබ්බිදානුපස්සනාඤාණය ... විරාගානුපස්සනාඤාණය ... නිරෝධානුපස්සනාඤාණය ... පටිනිස්සග්ගානුපස්සනාඤාණය ... අනිමිත්තානුපස්සනාඤාණය ... අප්පණිහිතානුපස්සනාඤාණය ... සුඤ්ඤතානුපස්සනාඤාණය කෙතෙක් උපාදානයන් කෙරෙන් මිදේ ද යත්:
Pali BJTඅනිච්චානුපස්සනා ඤාණං තීහුපාදානෙහි මුච්චති. දුක්ඛානුපස්සනා ඤාණං එකූපාදානා{2} මුච්චති අනත්තානුපස්සනා ඤාණං තීහුපාදානෙහි මුච්චති නිබ්බිදානුපස්සනා ඤාණං එකූපාදානා මුච්චති, විරාගානුපස්සනා ඤාණං එකූපාදානා මුච්චති, නිරොධානුපස්සනා ඤාණං චතූහුපාදානෙහි මුච්චති, පටිනිස්සග්ගානුපස්සනා ඤාණං චතූහුපාදානෙහි මුච්චති, අනිමිත්තානුපස්සනා ඤාණං තීහුපාදානෙහි මුච්චති, අප්පණිහිතානුපස්සනා ඤාණං එකූපපාදානා මුච්චති, සුඤ්ඤතානුපස්සනා ඤාණං තීහුපාදානෙහි මුච්චතීති.
Sinhala BJTඅනිච්චානුපස්සනාඤාණය තුන් උපාදානයෙකින් මිදෙයි, දුක්ඛානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, අනත්තතානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, නිබ්බිදානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, විරාගානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, නිරෝධානුපස්සනාඤාණය සතර උපාදානයෙකින් මිදෙයි, පටිනිස්සග්ගානුපස්සනාඤාණය සතර උපාදානයෙකින් මිදෙයි, අනිමිත්තානුපස්සනාඤාණය තුන් උපාදානයෙකින් මිදෙයි, අප්පණිහිතානුපස්සනාඤාණය එක් උපාදානයෙකින් මිදෙයි, සුඤ්ඤතානුපස්සනාඤාණය තුන් උපාදානයෙකින් මිදෙයි,
Pali BJTඅනිච්චානුපස්සනා ඤාණං කතමෙහි තීහුපාදානෙහි මුච්චති දිට්ඨුපාදානා සීලබ්බතූපාදානා{3} අත්තවාදූපාදානා. අනිච්චානුපස්සනා ඤාණං ඉමෙහි තීහුපාදානෙහි මුච්චති.
Sinhala BJTඅනිච්චානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත් දෘෂ්ට්‍යුපාදනයෙන ශීලව්‍රතෝපාදානයෙන ආත්මවාදෝපාදානයෙනි. අනිච්චානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙකින් මිදෙයි.
Pali BJTදුක්ඛානුපස්සනා ඤාණං කතමා එකූපාදානා මුච්චති: කාමූපාදානා. දුක්ඛානුපස්සනා ඤාණං ඉදං එකූපාදානා{4} මුච්චති.
Sinhala BJTදුක්ඛානුපස්සනාඤාණය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි. දුක්ඛානුපස්සනාඤාණය මේ එක් උපාදානයෙන් මිදෙයි.
Pali BJTඅත්තානුපස්සනා ඤාණං කතමෙහි තීහුපාදානෙහි මුච්චති: දිට්ඨුපාදානා සීලබ්බතූපාදානා අත්තවාදුපාදානා. අනත්තානුපස්සනා ඤාණං ඉමෙහි තීහුපාදානෙහි මුච්චති.
Sinhala BJTඅනත්තානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත්: දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. අනත්තානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙකින් මිදෙයි.
Pali BJTනිබ්බිදානුපස්සනා ඤාණං කතමා එකූපාදානා මුච්චති: කාමූපදානා නිබ්බිදානුපස්සනා ඤාණං ඉදං එකූපාදානා මුච්චති.
Sinhala BJTනිබ්බිදානුපස්සනාඤාණය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි. නිබ්බිදානුපස්සනාඤාණය මේ එක් උපාදානයෙකින් මිදෙයි.
Pali BJTවිරාගානුපස්සනා ඤාණං කතමා එකූපාදානා මුච්චති: කාමූපදානා. විරාගානුපස්සනා ඤාණං ඉදං එකූපාදානා මුච්චති.
Sinhala BJTවිරාගානුපස්සනාඤාණය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි. විරාගානුපස්සනාඤාණය මේ එක් උපාදානයෙන් මිදෙයි.
Pali BJTනිරොධානුපස්සනා ඤාණං කතමෙහි චතූහුපාදානෙහි මුච්චති කාමූපදානා දිට්ඨුපාදානා සිලබ්බතූපාදානා අත්තවාදූපාදානා නිරොධානුපස්සනා ඤාණං ඉමෙහි චතූහුපාදානෙහි මුච්චති.
Sinhala BJTනිරෝධානුපස්සනාඤාණය කවර සතර උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙන, දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. නිරෝධානුපස්සනාඤාණය මේ සතර උපාදානයෙන් මිදෙයි.
Pali BJTපටිනිස්සග්ගානුපස්සනා ඤාණං කතමෙහි චතූහුපාදානෙහි මුච්චති: කාමූපදානා දිට්ඨුපාදානා සීලබ්බතූපාදානා අත්තවාදූපාදානා. පටිනිස්සග්ගානුපස්සනා ඤාණං ඉමෙහි චතූහුපාදානෙහි මුච්චති.
Sinhala BJTපටිනිස්සග්ගානුපස්සනාඤාණය කවර සතර උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙන, දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. පටිනිස්සග්ගානුපස්සනාඤාණය මේ සතර උපාදානයෙන් මිදෙයි.
Pali BJTඅනිමිත්තානුපස්සනා ඤාණං කතමෙහි තීහුපාදානෙහි මුච්චති: දිට්ඨුපාදානා සිලබ්බතූපාදානා අත්තවාදූපාදානා. අනිමිත්තානුපස්සනා ඤාණං ඉමෙහි තීහුපාදානෙහි මුච්චති.
Sinhala BJTඅනිමිත්තානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත්: දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි, අනිමිත්තානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙන් මිදෙයි.
Pali BJTඅප්පණිහිතානුපස්සනා ඤාණං කතමා එකූපාදානා මුච්චති. කාමූපදානා අප්පණිහිතානුපස්සනා ඤාණං ඉදං එකූපාදානා මුච්චති.
Sinhala BJTඅප්පණිහිතානුපස්සනාඤාණ ය කවර එක් උපාදානයෙකින් මිදෙයි යත්: කාමෝපාදානයෙනි අප්පණිහිතානුපස්සනාඤාණ ය මේ එක් උපාදානයෙන් මිදෙයි.
Pali BJTසුඤ්ඤතානුපස්සනා ඤාණං කතමෙහි තීහුපාදානෙහි මුච්චති: දිට්ඨුපාදානා සිලබ්බතූපාදානා අත්තවාදූපාදානා. සුඤ්ඤතානුපස්සනා ඤාණං ඉමෙහි තීහුපාදානෙහි මුච්චති.
Sinhala BJTසුඤ්ඤතානුපස්සනාඤාණය කවර තුන් උපාදානයෙකින් මිදෙයි යත්: දෘෂ්ට්‍යුපාදනයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. සුඤ්ඤතානුපස්සනාඤාණය මේ තුන් උපාදානයෙන් මිදෙයි
Pali BJTයඤ්ච අනිච්චානුපස්සනා ඤාණං, යඤ්ච අනත්තානුපස්සනා ඤාණං, යඤ්ච අනිමිත්තානුපස්සනා ඤාණං, යඤ්ච සුඤ්ඤතානුපස්සනා ඤාණං, ඉමානි චත්තාරි ඤාණානි තීහුපාදානෙහි මුච්චන්ති: දිට්ඨුපාදානා සීලබ්බතූපාදානා අත්තවාදූපාදානා. යඤ්ච දුක්ඛානුපස්සනා ඤාණං, යඤ්ච නිබ්බිදානුපස්සනා ඤාණං, යඤ්ච විරාගානුපස්සනා ඤාණං, යඤ්ච අප්පණිහිතානුපස්සනා ඤාණං, ඉමානි චත්තාරි ඤාණානි එකූපාදානා මුච්චන්ති: කාමූපදානා. යඤ්ච නිරොධානුපස්සනා ඤාණං, යඤ්ච පටිනිස්සග්ගානුපස්සනා ඤාණං, ඉමානි ද්වෙ ඤාණානි චතූහුපාදානෙහි මුච්චන්ති: කාමූපදානා දිට්ඨුපාදානා සිලබ්බතූපාදානා අත්තවාදූපාදානා. අයං අනුපාදා{1} චිත්තස්ස විමොක්ඛො.
Sinhala BJTයම් අනිච්චානුපස්සනාඤාණයෙකුත් යම් අනත්තතානුපස්සනාඤාණයෙකුත් යම් අනිමිත්තානුපස්සනාඤාණයෙකුත් යම් සුඤ්ඤතානුපස්සනාඤාණයෙකුත් වේ ද, මේ සතර ඥානයෝ තුන් උපාදානයෙකින් මිදෙති. දෘෂ්ට්‍යුපාදානයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. යම් දුක්ඛානුපස්සනාඤාණයෙකුත් යම් නිබ්බිදානුපස්සනාඤාණයෙකුත් යම් විරාගානුපස්සනාඤාණයෙකුත් යම් අප්පණිහිතානුපස්සනාඤාණයෙකුත් වේ ද, මේ සතර ඥානයෝ එක් උපාදානයෙකින් මිදෙති: කාමෝපාදානයෙනි. යම් නිරෝධානුපස්සනාඤාණයෙකුත් යම් පටිනිස්සග්ගානුපස්සනාඤාණයෙකුත් වේ ද, මේ ඤාණයෝ දෙදෙන සතර උපාදානයෙකින් මිදෙති: කාමෝපාදානයෙන, දෘෂ්ට්‍යුපාදානයෙන, ශීලව්‍රතෝපාදානයෙන, ආත්මවාදෝපාදානයෙනි. මේ අනුපාදාචිත්තවිමෝක්‍ෂයි.
Pali BJTවිමෙක්ඛකථාය පඨමකභාණවාරං.{2}
Sinhala BJTවිමෝක්‍ෂකථායෙහි පළමු වන බණවර යි.
Pali BJTතීණි පනිමානි විමොක්ඛමුඛානි, ලොකනිය්යානාය සංවත්තන්ති: සබ්බසඞ්ඛාරෙ පරිච්ඡෙදපරිවටුමතො{3} සමනුපස්සනතාය අනිමිත්තාය ච ධාතුයා චිත්තසම්පක්ඛන්දනතාය, සබ්බසඞ්ඛාරෙසු මනොසමුත්තෙජනතාය අප්පණිහිතාය ච ධාතුයා චිත්තසම්පක්ඛන්දනතාය, සබ්බධම්මෙ පරතො සමනුපස්සනතාය, සුඤ්ඤතාය ච ධාතුයා චිත්තසම්පක්ඛන්දනතාය ඉමානි තීණි විමොක්ඛමුඛානි ලොකනිය්යානාය සංවත්තන්ති.
Sinhala BJTමේ තුන් විමෝක්‍ෂමුඛයෝ (ත්‍රෛධාතුක) ලෝකයෙන් නික්මීම පිණිස පවතිත්: හැම සංස්කාරයන් පරිච්ඡේද වශයෙන් පර්‍ය්‍යන්ත වශයෙන් නුවණින් විමසන බැවින් ද අනිමිත්ත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසෙන බැවින් ද (ලෝකනිර්‍ය්‍යාණය වෙයි), හැම සංස්කාරයන්හි සිත සංවේග කරන බැවින් ද අප්‍රණිහිත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසෙන බැවින් ද (ලෝකනිර්‍ය්‍යාණය වෙයි), හැම ධර්‍මයන් අනාත්ම වශයෙන් නුවණින් විමසන බැවින් ද ශුන්‍යත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත පිවිසෙන බැවින් ද (ලෝකනිර්‍ය්‍යාණය වෙයි), මේ තුන් විමෝක්‍ෂමුඛයෝ ලෝකනිර්‍ය්‍යාණය පිණිස පවතිත්.
Pali BJTඅනිච්චතො මනසිකරොතො කථං සඞ්ඛාරා උපට්ඨහන්ති.{4} දුක්ඛතො මනසිකරොතො කථං සඞ්ඛාරා උපට්ඨහන්ති. අනත්තතො මනසිකරොතො කථං සඞ්ඛාරා උපට්ඨහන්ති. අනිච්චතො මනසිකරොතො ඛයතො සඞ්ඛාරා උපට්ඨහන්ති, දුක්ඛතො මනසිකරොතො භයතො සඞ්ඛාරා උපට්ඨහන්ති, අනත්තතො මනසිකරොතො සුඤ්ඤතො සඞ්ඛාරා උපට්ඨහන්ති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට ක්‍ෂය විසින් සංස්කාරයෝ වටහති. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට භය විසින් සංස්කාරයෝ වටහති. අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට ශුන්‍ය විසින් සංස්කාරයෝ වටහත්.
Pali BJTඅනිච්චතො මනසිකරොතො කිංබහුලං චිත්තං හොති, දුක්ඛතො මනසිකරොතො කිංබහුලං චිත්තං හොති, අනත්තතො මනසිකරොතො කිංබහුලං චිත්තං හොති: අනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලං චිත්තං හොති: දුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලං චිත්තං හොති, අනත්තතො මනසිකරොතො වෙදබහුලං චිත්තං හොති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නාහට අධිමෝක්‍ෂය බහුල කොට ඇති සිත වෙයි, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට ප්‍රශ්‍රබ්ධිය බහුල කොට ඇති වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට තුෂ්ටිය බහුල කොට ඇති සිත වේ.
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛබහුලො කතමින්ද්රියං පටිලභති, දුක්ඛතො මනසිකරොන්තො පස්සද්ධිබහුලෙ කතමින්ද්රියං පටිලභති, අනත්තතො මනසිකරොන්තො වෙදබහුලො කතමින්ද්රියං පටිලභති: අනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛෙබහුලො සද්ධින්ද්රියං පටිලභති, දුක්ඛතො මනසිකරොන්තො පස්සද්ධිබහුලො සමාධින්ද්රියං පටිලභති, අනත්තතො මනසිකරොන්තො වෙදබහුලො පඤ්ඤින්ද්රියං පටිලභති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අධිමෝක්‍ෂය බහුලකොට ඇතියේ කවර ඉන්‍ද්‍රියයක් ලබා ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ ප්‍රශ්‍රබ්ධිය බහුල කොට ඇතියේ කවර ඉන්‍ද්‍රියයක් ලබා ද, අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ තුෂ්ටිය බහුල කොට ඇතියේ කවර ඉන්‍ද්‍රියයක් ලබා ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරනුයේ අධිමෝක්‍ෂය බහුල කොට ඇතියේ ශ්‍රද්ධේන්‍ද්‍රිය ලබයි, දුඃඛ හෙයින් මෙනෙහිකරනුයේ ප්‍රශ්‍රබ්ධිය බහුල කොට ඇති යේ සමාධීන්‍ද්‍රිය ලබයි, අනාත්ම හෙයින් මෙනෙහිකරනුයේ තුෂ්ටිය බහුල කොට ඇතියේ ප්‍රඥේන්‍ද්‍රිය ලබා.
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලස්ස කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය කතින්ද්රියානි තදන්වයානි{1} හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනාය කො භාවෙති:
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂය බහුලයාහට කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති කොට ඇත්තේ වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ එය අනුව යන්නාහු වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෝ වෙත් ද, ඒකකෘත්‍යයෝ වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද,
Pali BJTදුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලස්ස කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය කතින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කො භාවෙති.
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති කොට ඇත්තේ වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ එය අනුව යන්නාහු වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද,
Pali BJTඅනත්තතො මනසිකරොතො වෙදබහුලස්ස කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය කතින්ද්රියා තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කො භාවෙති.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර ඉන්‍ද්‍රියයක් අධිපති කොට ඇත්තේ වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ එය අනුව යන්නාහු වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලස්ස සද්ධින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, යො සම්මාපටිපන්නො සො භාවෙති, නත්ථි මිච්ඡාපටිපන්නස්ස ඉන්ද්රියභාවනා.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයා හට ශ්‍රදෙධින්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රිය කෙනෙක් තදනුකූල වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, (විමුක්තිරසයෙන්) ඒකරසාර්‍ත්‍වයෙන් භාවනාව වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හෙතෙම භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට ඉන්‍ද්‍රියභාවනා නැති.
Pali BJTදුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලස්ස සමාධින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, යො සම්මාපටිපන්නො සො භාවෙති, නත්ථි මිච්ඡාපටිපන්නස්ස ඉන්ද්රියභාවනා.
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහි කරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට සමාධීන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි. යමෙක් සම්‍යක් ප්‍රතිපන්න වේ ද හෙතෙම භාවනා කෙරෙයි. මිථ්‍යාප්‍රතිපන්නයාහට ඉන්‍ද්‍රියභාවනා නැති.
Pali BJTඅනත්තතො මනසිකාරොතො වෙදබහුලස්ස පඤ්ඤින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, යො සම්මාපටිපන්නො සො භාවෙති, නත්ථි මිච්ඡාපටිපන්නස්ස ඉන්ද්රියභාවනා.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහි කරන්නා වූ තුෂ්ටිබහුලයාහට ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍වයෙන් භාවනාව වෙයි, යමෙක් සම්‍යක්ප්‍රතිපන්න වේ ද හෙතෙම භාවනා කෙරෙයි, මිථ්‍යාප්‍රතිපන්නයාහට ඉන්‍ද්‍රියභාවනා නැති.
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලස්ස කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය කතින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති. පටිවෙධකාලෙ කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, පටිවෙධාය කතින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති. නිස්සයපච්චයා හොන්ති. සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කෙනට්ඨෙන පටිවෙධො:
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නා වූ අධිමෝක්‍ෂ බහුලයා හට කවර ඉන්‍ද්‍රියෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, (සත්‍ය) ප්‍රතිවේධ කාලයෙහි කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති වේද, සත්‍යප්‍රතිවේධය පිණිස කෙතෙක් කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවර අර්‍ත්‍ථයෙකින් ප්‍රතිවේධය වේ ද යත්:
Pali BJTදුක්ඛතො මසිකරොතො පස්සද්ධිබහුලස්ස කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය කතින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තතපච්චයා හොන්ති. පටිවෙධකාලෙ කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, පටිවෙධාය කතින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කෙනට්ඨෙන පටිවෙධො:
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහි කරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට කවර ඉන්‍ද්‍රියෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ප්‍රතිවේධ කාලයෙහි කවර ඉන්‍ද්‍රියෙක් අධිපති වේ ද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙන් භාවනා වේ ද, කවර අර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධ වෙයි යත්:
Pali BJTඅනත්තතො මනසිකරොතො වෙදබහුලස්ස කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය කතින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිවෙධකාලෙ කතමින්ද්රියං ආධිපතෙය්යං හොති, පටිවෙධාය කතින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, කෙනට්ඨෙන භාවනා, කෙනට්ඨෙන පටිවෙධො.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයාහට කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ප්‍රතිවේධ කාලයෙහි කවර ඉන්‍ද්‍රියයෙක් අධිපති වේද, ප්‍රතිවේධය පිණිස කෙතෙක් ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙන් භාවනා වේ ද, කවර අර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධ වෙයි යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලස්ස සද්ධින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිවෙධකාලෙ පඤ්ඤින්ද්රියං ආධිපතෙය්යං හොති, පටිවෙධාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, දස්සනට්ඨෙන පටිවෙධො. එවං පටිවිජ්ඣන්තොපි භාවෙති, භාවෙන්තොපි පටිවිජ්ඣති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නා වූ අධිමෝක්‍ෂ බහුලයා හට ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිපති වේ ද, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ප්‍රතිවේධ කාලයෙහි ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි, මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද, ප්‍රතිවේධ කෙරේ.
Pali BJTදුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලස්ස සමාධින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයාහොන්ති. අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිවෙධකාලෙ පඤ්ඤින්ද්රියං ආධිපතෙය්යං හොති, පටිවෙධාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනා, දස්සනට්ඨෙන පටිවෙධො, එවං පටිවිජ්ඣන්තොපි භාවෙති, භාවෙන්තොපි පටිවිජ්ඣති.
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහි කරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයාහට සමාධීන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ප්‍රතිවේධ කාලයෙහි ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, ප්‍රතිවේධය පිණිස සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති ද, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි, මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද, භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද, ප්‍රතිවේධ කෙරේ.
Pali BJTඅනත්තතො මනසිකාරෙතො වෙදබහුලස්ස පඤ්ඤින්ද්රියං ආධිපතෙය්යං හොති, භාවනාය චත්තාරින්ද්රියානි තදත්වායානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, පටිවෙධකාලෙ{1}, පඤ්ඤින්ද්රියං ආධිපතෙය්යං හොති, පටිවෙධාය චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති එකරසට්ඨෙන භාවනා, දස්සනට්ඨෙන පටිවෙධො, එවං පටිවිජ්ඣන්තොපි භාවෙති, භාවෙන්තොපි පටිවිජ්ඣති.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහි කරන්නා වූ තුෂ්ටිබහුලයාහට ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වෙයි, භාවනායෙහි සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමි වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ප්‍රතිවේධ කාලයෙහි ප්‍රඥේන්‍ද්‍රිය අධිපති වේද, ප්‍රතිවේධය පිණිස සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙත් ද, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙති, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ඒකරස වෙති, ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනා වෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රතිවේධය වෙයි, මෙසෙයින් ප්‍රතිවේධ කරනුයේ ද භාවනා කෙරෙයි, භාවනා කරනුයේ ද ප්‍රතිවේධ කෙරේ.
Pali BJTඅනිච්චතො මනසිකරොතො කතමින්ද්රියං අධිමත්තං හොති, කතමින්ද්රියස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො{2} හොති දුක්ඛතො මනසිකාරොතො කතමින්ද්රියං අධිමත්තං හොති, කතමින්ද්රියස්ස අධිමත්තත්තා කායසක්ඛී{3} හොති. අනත්තතො මනසිකරොතො කතමින්ද්රියං අධිමත්තං හොති, කතමින්ද්රියස්ස අධිමත්තත්තා දිට්ඨිප්පත්තො හොති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට කවර ඉන්‍ද්‍රියයෙක් බලවත් වේ ද, කවර ඉන්‍ද්‍රියයක් බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වේ ද, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට කවර ඉන්‍ද්‍රියයෙක් බලවත් වේ ද, කවර ඉන්‍ද්‍රියයක් බලවත් බැවින් කායසාක්‍ෂි වේ ද, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට කවර ඉන්‍ද්‍රියයෙක් බලවත් වේ ද, කවර ඉන්‍ද්‍රියයක් බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වෙයි යත්:
Pali BJTඅනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො,{2} හොති, දුක්ඛතො මනසිකරොතො සමාධින්ද්රියං අධිමත්තං හොති, සමාධින්ද්රියස්ස අධිමත්තත්තා කායසක්ඛි හොති, අනත්තතො මනසිකරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤින්ද්රියස්ස අධිමත්තත්තා දිට්ඨිප්පත්තො හොති.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි, දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි, අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත ව
Pali BJT‘සද්දහන්තො විමුත්තො’ති{4} සද්ධාවිමුත්තො,{2} ඵුට්ඨත්තා සච්ඡිකතො’ති{5} කායසක්ඛි, ‘දිට්ඨත්තා පත්තො’ති දිට්ඨිප්පත්තො. සද්දහන්තො විමුච්චති’ති{6} සද්ධාවිමුත්තො,{2} ඣානඵස්සං පඨමං ඵුසති, පච්ඡා නිරොධං නිබ්බානං සච්ඡිකරොතී’ති කායසක්ඛි, දුක්ඛා සඞ්ඛාරා, සුඛො නිරොධො’ති ඤාතං.{7} හොති දිට්ඨං විදිතං සච්ඡිකං ඵස්සිතං පඤ්ඤායා’ති දිට්ඨිප්පත්තො.
Sinhala BJTහදහමින් මිදුණේ නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ (ධ්‍යානස්පර්‍ශය) ස්පර්‍ශ කළ බැවින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද නු’යි කායසාක්‍ෂි යැ (ප්‍රඥේන්‍ද්‍රියයෙන්) දක්නා ලද බැවින් (නිවනට) පැමිණියේ නු’යි දෘෂ්ටිප්‍රාප්ත යි. හදහමින් මිදේ නු’යි ශ්‍රද්ධාවිමුක්ත යැ ධ්‍යානස්පර්‍ශය පළමු වැ ස්පර්‍ශ කෙරෙයි, පසුව නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණය සාක්‍ෂාත් කෙරේ නු’යි කායසාක්‍ෂි යැ සංස්කාරයෝ දුඃඛයෝ යැ නිරෝධය සුඛ යැ’යි ප්‍රඥායෙන් දන්නා ලද දක්නා ලද ප්‍රකට කරන ලද සාක්‍ෂාත් කරන ලද ස්පර්‍ශ කරන ලද වේනු’යි දෘෂ්ටිප්‍රාප්ත යි.
Pali BJTයො චායං පුග්ගලො සද්ධාවිමුත්තො, යො ච කායසක්ඛි, යො ච දිට්ඨිප්පත්තො. සියා ඉමෙ තයො පුග්ගලා සද්ධාවිමුත්තාපි කාසසක්ඛිපි දිට්ඨිප්පත්තාපි වත්ථුවසෙන පරියායෙන.{8}
Sinhala BJTයමෙකුත් ශ්‍රද්ධාවිමුක්තපුද්ගල වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මේ පුද්ගලයෝ තිදෙන වස්තුවශයෙන් පර්‍ය්‍යායයෙන් ශ්‍රද්ධාවිමුක්ත ද වන්නාහ, කායසාක්‍ෂි ද වන්නාහ, දෘෂ්ටිප්‍රාප්ත ද වන්නාහු යි.
Pali BJTසියාති කථඤ්ච සියා අනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො හොති, දුක්ඛතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො හොති, අනත්තතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො හොති, එවං ඉමෙ තයො පුග්ගලා සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තා.
Sinhala BJTසියා යනු: කිසෙයින් වන්නේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. මෙසෙයින් මේ තුන් පුඟුලෝ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වන්නාහ.
Pali BJTදුක්ඛතො මනසිකරොතො සමාධින්ද්රියං අධිමත්තං හොති, සමාධින්ද්රියස්ස අධිමත්තත්තා කායසක්ඛි හොති, අනත්තතො නසිකරොතො සමාධින්ද්රියං අධිමත්තං හොති, සමාධින්ද්රියස්ස අධිමත්තත්තා කායසක්ඛා හොති, අනිච්චතො මනසිකරොතො සමාධින්ද්රියං අධිමත්තං හොති, සමාධින්ද්රියස්ස අධිමත්තත්තා කායසක්ඛි හොති, එවං ඉමෙ තයො පුග්ගලා සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛී.
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධින්‍ද්‍රිය බලවත් වෙයි, සමාධින්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට සමාධින්‍ද්‍රිය බලවත් වෙයි, සමාධින්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි. අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට සමාධින්‍ද්‍රිය බලවත් වෙයි, සමාධින්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වේ. වෙසෙයින් මේ තුන් පුඟුලෝ සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වන්නාහ.
Pali BJTඅනත්තතො මනසිකරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤාන්ද්රියස්ස අධිමත්තත්තා දිට්ඨිප්පත්තො හොති. අනිච්චතො මනසිකරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤින්ද්රියස්ස අධිමත්තත්තා දිට්ඨිප්පත්තො හොති, දුක්ඛතො මනසිකරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤින්ද්රියස්ස අධිමත්තත්තා දිට්ඨිප්පත්තො හොති, එවං ඉමෙ තයො පුග්ගලා පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වෙයි. අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ. මෙසෙයින් මේ තුන් පුඟුලෝ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වන්නාහ.
Pali BJTයො චායං පුග්ගලො සද්ධාවිමුත්තො. යො ච කායසක්ඛි, යො ච දිට්ඨිප්පත්තො. එවං සියා ඉමෙ තයො පුග්ගලා සද්ධාවිමුත්තා’පි කායසක්ඛිපි දිට්ඨිප්පත්තාපි වත්ථුවසෙන පරියායෙන.
Sinhala BJTයමෙකුත් ශ්‍රද්ධාවිමුක්තපුද්ගල වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මෙසෙයින් මේ පුද්ගලයෝ තිදෙන වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් ශ්‍රද්ධාවිමුක්ත ද කායසාක්‍ෂි ද දෘෂ්ටිප්‍රාප්ත ද වන්නාහු යි.
Pali BJTයො චායං පුග්ගලො සද්ධාවිමුත්තො යො ච කායසක්ඛි, යො ච දිටට්ඨිප්පෙත්තො, සියා ඉමෙ තයො පුග්ගලා අඤ්ඤො යෙව සද්ධාවිමුත්තො. අඤ්ඤො කායසක්ඛි, අඤ්ඤො දිට්ඨිප්පත්තො.
Sinhala BJTයම් ද පුද්ගලයෙක් ශ්‍රද්ධාවිමුක්ත වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මේ පුද්ගලයෝ ති දෙන අනෙකෙක් මැ ශ්‍රද්ධාවිමුක්ත වන්නේ යැ අනෙකෙක් මැ කායසාක්‍ෂි වන්නේ යැ අනෙකෙක් මැ දෘෂ්ටිප්‍රාප්ත වන්නේ යි.
Pali BJTසියාති කථඤ්ච සියා අනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සද්ධාවිමුත්තො හොති, දුක්ඛතො මනසිකරොතො සමාධින්ද්රියං අධිමත්තං හොති, සමාධින්ද්රියස්ස අධිමත්තත්තා කායසසක්ඛි හොති. අනත්තතො මනසිකරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤින්ද්රියස්ස අධිමිත්තත්තා දිට්ඨිප්පත්තො හොති.
Sinhala BJTසියා යනු: කිසෙයින් වන්නේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ශ්‍රද්ධාවිමුක්ත වෙයි. දුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත් බැවින් කායසාක්‍ෂි වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් දෘෂ්ටිප්‍රාප්ත වේ.
Pali BJTහෙයා චායං පුග්ගලො සද්ධාවිමුත්තො, යො ච කායසක්ඛි. යො ච දිට්ඨිප්පත්තො. එවං සියා ඉමෙ තයො පුග්ගලා සද්ධාවිමුත්තාපි කායසක්ඛිපි දිට්ඨිප්පත්තාපි වත්ථුවසෙන පරියායෙන, අඤ්ඤා යෙව සද්ධාවිමුත්තො අඤ්ඤො කායසක්ඛි, අඤ්ඤො දිට්ඨිප්පත්තො.
Sinhala BJTයම් පුද්ගලයෙක් ශ්‍රද්ධාවිමුක්ත වේ ද යමෙකුත් කායසාක්‍ෂි වේ ද යමෙකුත් දෘෂ්ටිප්‍රාප්ත වේ ද මෙසෙයින් මේ පුද්ගලයෝ තිදෙන වස්තු වශයෙන් පර්‍ය්‍යායයෙන් ශ්‍රද්ධාවිමුක්ත ද වන්නේ යැ කායසාක්‍ෂි ද වන්නේ යැ දෘෂ්ටිප්‍රාප්ත ද වන්නේ යැ, අනෙකෙක් මැ ශ්‍රද්ධාවිමුක්ත වන්නේ යැ අනෙකෙක් මැ කායසාක්‍ෂි වන්නේ යැ අනෙකෙක් මැ දෘෂ්ටිප්‍රාප්ත වන්නේ යි.
Pali BJTඅනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිමග්ගං පටිලභති, තෙන වුච්චති සද්ධානුසාරී. චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, සද්ධින්ද්රියස්ස වසෙන චතුත්තං ඉන්ද්රියානං භාවනා හොති. යෙ හි කෙචි සද්ධින්ද්රියස්ස වසෙන සොතාපත්තිමග්ගං පටිලභන්ති, සබ්බෙ තෙ සද්ධානුසාරිනො.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබයි, එයින් කියනු ලැබෙයි ‘ශ්‍රද්ධානුසාරී’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රතයෝ වෙත්. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයන්ගේ භාවනා වෙයි. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබත් ද එ හැම දෙන ‘ශ්‍රද්ධානුසාරී’ වෙති.
Pali BJTඅනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිඵලං සච්ඡිකතං හොති, තෙන වුච්චති සද්ධාවිමුත්තො චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොනත්ති. නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, සද්ධින්ද්රියස්ස වසෙන චත්තාරින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි, යෙ හි කෙචි සද්ධින්ද්රියස්ස වසෙන හෙසාතාපත්තිඵලං සච්ඡිකතා, සබ්බෙ තෙ සද්ධාවිමුත්තා.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරන ලද වෙයි, එයින් කියනු ලැබෙයි ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙති, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙත්. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත් කළාහු ද එහැම දෙන ශ්‍රද්ධාවිමුක්ත වෙති.
Pali BJTඅනිච්චතො මනසිකරොතො සද්ධින්ද්රියං අධිමත්තං හොති, සද්ධින්ද්රියස්ස අධිමත්තත්තා සකදාගාමිමග්ගං පටිලභති -පෙ- සකදාගාමිඵලං සච්ඡිකතං හොති -පෙ- අනාගාමිමග්ගං පටිලභති -පෙ- අනාගාමිඵලං සච්ඡිකතං හොති -පෙ- අරහත්තමග්ගං පටිලභති -පෙ- අරහත්තං.{1} සච්ඡිකතං හොති. තෙන වුච්චති සද්ධාවිමුත්තො, චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති -පෙ- සම්පයුත්තපච්චයා හොන්ති, සද්ධින්ද්රියස්ස වසෙන චත්තාරින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි, යෙ හි කෙචි සද්ධින්ද්රියස්ස වසෙන අරහත්තං සච්ඡිකතා{2} සබ්බෙ තෙ සද්ධාවිමුත්තා.
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහි කරන්නාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් බැවින් සකෘදාගාමිමාර්‍ගය ලබයි ... සකෘදාගාමිඵලය සාක්‍ෂාත් කරන ලද වෙයි ... අර්‍හන්මාර්‍ගය ලබයි ... අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරන ලද වෙයි, එයින් කියනු ලැබෙයි ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති ... සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙති. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් අර්‍හත්ඵලය සාක්‍ෂාත් කළාහු ද එහැම දෙන ශ්‍රද්ධාවිමුක්ත වෙත්.
Pali BJTදුක්ඛතො මනසිකරොතො සමාධින්ද්රියං අධිමත්තං හොති, සමාධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිමග්ගං පටිලභති, තෙන වුච්චති කායසක්ඛි; චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති. සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති. නිස්සයපච්චයා හොන්ති. සම්පයුත්තපච්චයා හොන්ති. සමාධින්ද්රියස්ස චතුන්නං ඉන්ද්රියානං භාවනා හොති යෙ හි කෙචි සමාධින්ද්රියස්ස වසෙන සොතාපත්තිමග්ගං පටිලභන්ති, සබ්බෙ තෙ කායක්ඛි.
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහිකරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත්බැවින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබයි, එයින් කියනු ලැබෙයි ‘කායසාක්‍ෂි’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයන්ගේ භාවනා වෙයි, යම් කිසි කෙනෙක් සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබත් ද එහැම දෙන ‘කායසාක්‍ෂි’ වෙත්.
Pali BJTදුක්ඛතො මනසිකරොතො සමාධින්ද්රියං අධිමත්තං හොති, සමාධින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිඵලං සච්ඡිකතං හොති -පෙ- සකදාගාමග්ගං පටිලභති -පෙ- සකදාගාමිඵලං සච්ඡිකතං හොති -පෙ- අනාගාමිමග්ගං පටිලභති -පෙ- අනාගාමිඵලං සච්ඡිකතං හොති -පෙ- අරහත්තමග්ගං පටිලභති -පෙ- අරහත්තං සච්ඡිකතං හොති. තෙන වුච්චති කායසක්ඛි; චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති. නිස්සයපපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා සමාධින්ද්රියස්ස වසෙන චත්තාරින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි, යෙහි කෙචි සමාධින්ද්රියස්ස වසෙන අරහත්තං සච්ඡිකතා, සබ්බෙ තෙ කායසක්ඛි,
Sinhala BJTදුඃඛ හෙයින් මෙනෙහි කරන්නාහට සමාධීන්‍ද්‍රිය බලවත් වෙයි, සමාධීන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිඵලය පසක් කරන ලද වෙයි ... සකෘදාගාමි මාර්‍ගය ලබයි ... සකෘදාගාමිඵලය පසක් කරන ලද වෙයි ... අනාගාමිමාර්‍ගය ලබයි ... අනාගාමිඵලය පසක් කරන ලද වෙයි ... අර්‍හන්මාර්‍ගය ලබයි ... අර්‍හත්ඵලය පසක් කරන ලද වෙයි, එයින් කියනු ලැබෙයි ‘කායසාක්‍ෂි’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍ය ප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙත්. යම් කිසි කෙනෙක් සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් අහීත්ඵලය පසක් කළාහු ද එහැම දෙන ‘කායසාක්‍ෂි’ වෙත්.
Pali BJTඅනත්තතො මනසිකරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤින්ද්රියස්ස අධිමත්තා සොතාපත්ති මග්ගං පටිලභති, තෙන වුච්චති ධම්මානුසාරී; චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති. සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති; පඤ්ඤින්ද්රියස්ස වසෙන චතුන්නං ඉන්ද්රියානං භාවනා හොති, යෙ හි කෙචි පඤ්ඤින්ද්රියස්ස වසෙන සොතාපත්තිමග්ගං පටිලභන්ති සබ්බෙ තෙ ධම්මානුසාරිනො.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබයි, එයින් කියනු ලැබෙයි ‘ධර්‍මානුසාරී’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයන්ගේ භාවනා වෙයි. යම් කිසි කෙනෙක් ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබත් ද, එහැම දෙන ‘ධර්‍මානුසාරී’ වෙත්.
Pali BJTඅනත්තතො මනසිකාරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤින්ද්රියස්ස අධිමත්තත්තා සොතාපත්තිඵලං සච්ඡිකතං හොති; තෙන වුච්චති දිට්ඨිප්පත්තො: චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති. නිස්සයපච්චයා හොන්ති. සම්පයුත්තපච්චයා හොන්ති, පඤ්ඤින්ද්රියස්ස වසෙන චත්තාරින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි, යෙ හි කෙචි පඤ්ඤින්ද්රියස්ස වසෙන සොතාපත්තිඵලං සච්ඡිකතං, සබ්බෙ තෙ දිට්ඨිප්පන්නා.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහි කරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත්කෘත වෙයි, එයින් කියනු ලැබෙයි ‘දෘෂ්ටිප්‍රාප්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙති, යම් කිසි කෙනෙක් ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ස්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත්කෘත වෙත් ද එහැම දෙන ‘දෘෂ්ටිප්‍රාප්ත’ වෙත්.
Pali BJTඅනත්තතො මනසිකාරොතො පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පඤ්ඤින්ද්රියස්ස අධිමත්තත්තා සකදාගාමිමග්ගං පටිලභති -පෙ- සකදාගාමිඵලං සච්ඡිකතං හොති -පෙ- අනාගාමිමග්ගං පටිලභති -පෙ- අනාගාමිඵලං සච්ඡිකතං හොති -පෙ- අරහත්තමග්ගං පටිලභති -පෙ- අරහත්තං සච්ඡිකතං හොති, තෙන වුච්චති දිට්ඨිප්පත්තො; චත්තාරින්ද්රියානි තදන්වයානි හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති. නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති. පඤ්ඤින්ද්රියස්ස වසෙන චත්තාරින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි, යෙ හි කෙචි පඤ්ඤින්ද්රියස්ස වසෙන අරහත්තං සච්ඡිකතා. සබ්බෙ තෙ දිට්ඨිප්පත්තා.
Sinhala BJTඅනාත්ම හෙයින් මෙනෙහිකරන්නාහට ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය බලවත් බැවින් සකෘදාගාමිමාර්‍ගය ලබයි ... සකෘදාගාමිඵලය සාක්‍ෂාත්කෘත වෙයි ... අනාගාමිමාර්‍ගය ලබයි ... අනාගාමිඵලය සාක්‍ෂාත්කෘත වෙයි ... අර්‍හත්මාර්‍ගය ලබයි ... අර්‍හත්ඵලය සාක්‍ෂාත්කෘත වෙයි, එයින් කියනු ලැබෙයි ‘දෘෂ්ටිප්‍රාප්ත’ යි. සතර ඉන්‍ද්‍රියයෝ තදනුගාමී වෙති, සහජාතප්‍රත්‍යයයෝ වෙති, අන්‍යො’න්‍යප්‍රත්‍යයයෝ වෙති, නිශ්‍රයප්‍රත්‍යයයෝ වෙති, සම්ප්‍රයුක්තප්‍රත්‍යයයෝ වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් සතර ඉන්‍ද්‍රියයෝ වඩනලද්දාහු මොනොවට වඩනලද්දාහු වෙති. යම් කිසි කෙනෙක් ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අර්‍හත්ඵලය සාක්‍ෂාත්කෘත වෙත් ද එහැම දෙන ‘දෘෂ්ටිප්‍රාප්ත’ වෙත්.
Pali BJTයෙ හි කෙචි නෙක්ඛම්මං{1}, භාවිතා වා භාවෙන්ති වා භාවිස්සන්ති වා. අධිගතා වා අධිගච්ඡන්ති වා අධිගමිස්සන්ති වා, පත්තා වා පාපුණන්නා වා පාපුණිස්සන්ති වා. පටිලද්ධා වා පටිලභන්ති වා පටිලභිස්සන්ති වා පටිවිද්ධා වා පටිවිජ්ඣන්ති වා පටිවිජ්ඣිස්සන්ති වා. සච්ඡිකතා වා සච්ඡිකරොන්ති වා සච්ඡිකරිස්සන්ති වා, ඵස්සිතා වා ඵස්සන්ති වා ඵස්සිස්සන්ති වා, වසිප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා, පාරමිප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා, වෙසාරජ්ජප්පත්තා වා පාපුණන්තා වා පාපුණිස්සන්ති වා සබ්බෙ තෙ සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තා{2}, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛි, පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTයම් කිසි කෙනෙක් නෛෂ්ක්‍රම්‍යය වැඩුහු ද වඩත් ද වඩන්නාහු ද, අධිගම කළාහු ද අධිගම කෙරෙත් ද අධිගම කරන්නාහු ද පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, ලැබූහු ද ලබත් ද ලබන්නාහු ද, ප්‍රතිවේධ කළාහු ද ප්‍රතිවේධ කෙරෙත් ද ප්‍රතිවේධ කරන්නාහු ද ප්‍රත්‍යක්‍ෂ කළාහු ද ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු ද (ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළාහු ද ස්පර්‍ශ කෙරෙත් ද ස්පර්‍ශ කරන්නාහු ද, වශීභාවයට පැමිණියාහු දපැමිණෙත් ද පැමිණෙන්නාහු ද, විශාරදභාවයට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමෘධින්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
Pali BJTයෙ හි කෙචි අබ්යාපාදං -පෙ- ආලොකසඤ්ඤං -පෙ- අවික්ඛෙපං -පෙ- ධම්මවවත්ථානං -පෙ- ඤාණං -පෙ- පාමොජ්ජං{3} -පෙ- පඨමං ඣානං{4} -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- ආකාසානඤ්චායතනසමාපත්තිං -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං -පෙ- අනිච්චානුපස්සනාං -පෙ- දුක්ඛානුපස්සනං -පෙ- අනත්තානුපස්සනං -පෙ- නිබබිදානුපස්සනං -පෙ- විරාගානුපස්සනං -පෙ- නිරොධානුපස්සනං -පෙ- පටිනිස්සග්ගානුපස්සනං -පෙ- ඛයානුපස්සනං -පෙ- වයානුපස්සනං -පෙ- විපරිනාමානුපස්සනං -පෙ- අනිමිත්තානුපස්සනං -පෙ- අප්පණිහිතානුපස්සනං -පෙ- සුඤ්ඤතානුපස්සනං -පෙ- අධිපඤ්ඤාධම්මවිපස්සනං -පෙ- යථාභූතඤාණදස්සනං -පෙ- ආදීනවානුපස්සනං -පෙ- පටිසඞ්ඛානුපස්සනං -පෙ- විවට්ටනානුස්සනං -පෙ- සොතාපත්තිමග්ගං -පෙ- සකදාගාමිමග්ගං -පෙ- අනාගාමිමග්ගං -පෙ- අරහත්තමග්ගං -පෙ- යෙ හි කෙචි චත්තාරො සතිපට්ඨානෙ -පෙ- චත්තාරො සම්මප්පධානෙ -පෙ- චත්තාරො ඉද්ධිපාදෙ -පෙ- පඤ්චින්ද්රියානි -පෙ- පඤ්ච බලානි -පෙ- සත්ත බොජ්ඣඞ්ගෙ -පෙ- අරියං අට්ඨඞ්ගිකං මග්ගං -පෙ- යෙ හි කෙචිඅටට්ඨ විමොක්ඛෙ භාවිතා වා භාවෙන්ති වා භාවිස්සන්ති වා, අධිගතා වා අධිගච්ඡන්ති වා අධිගමිස්සන්ති වා.
Sinhala BJTයම් කිසි කෙනෙක් අව්‍යාපාදය ... ආලෝකසංඥාව ... අවික්‍ෂේපය ... ධර්‍මනිශ්චය ... ඥානය ... ප්‍රාමෝද්‍යය ... ප්‍රථමධ්‍යානය ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය ... ආකාසානඤ්චායතනසමාපත්තිය ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය ... අනිච්චානුපස්සනාව ... දුක්ඛානුපස්සනාව ... අනත්තානුපස්සනාව ... නිබ්බිදානුපස්සනාව ... විරාගානුපස්සනාව ... නිරෝධානුපස්සනාව ... පටිනිස්සග්ගානුපස්සනාව ... ඛයානුපස්සනාව ... වයානුපස්සනාව ... විපරිනාමානුපස්සනාව ... අනිමිත්තානුපස්සනාව ... අප්පර්‍ණහිතානුපස්සනාව ... සුඤ්ඤතානුපස්සනාව ... අධිපඤ්ඤාධම්මවිපස්සනාව ... යථාභූතඤාණදස්සනය ... ආදීනවානුපස්සනාව ... පටිසඞ්ඛානුපස්සනාව ... විවට්ටානුපස්සනාව ... ස්‍රෝතාපත්තිමාර්‍ගය ... සකෘදාගාමිමාර්‍ගය ... අනාගාමිමාර්‍ගය ... අර්‍හන්මාර්‍ගය ... යම් කිසි කෙනෙක් සතරසතිපට්ඨානයන් ... සතර සම්‍යක්ප්‍රධානයන් ... සතර ඍද්ධිපාදයන් ... පඤේචන්‍ද්‍රියයන් ... පඤ්චබලයන් ... සප්තබෝධ්‍යඞ්ගයන් ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ... යම් කිසි කෙනෙක් අෂ්ටවිමෝක්‍ෂයන් වැඩුහු ද වඩත් ද වඩන්නාහු ද, අධිගම කළාහු ද අධිගම කෙරෙත් ද අධිගම කරන්නාහු ද,
Pali BJTපත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා, පටිලද්ධා වා පටිලභන්ති වා පටිලභිස්සන්ති වා, පටිවිද්ධා වා පටිවිජ්ඣන්ති වා පටිවිජ්ඣිස්සන්ති වා, සච්ඡිකතා වා සච්ඡිකරොන්ති වා සච්ඡිකරිස්සන්ති වා, ඵස්සිතා වා ඵස්සන්ති වා ඵස්සිස්සන්ති වා, වසිප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා පාරමිප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා, වෙසාරජ්ජප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා සබ්බෙ තෙ සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තා, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛී, පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTපැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, ලැබූහු ද ලබත් ද ලබන්නාහු ද, ප්‍රතිවේධ කළාහු ද ප්‍රතිවේධ කෙරෙත් ද ප්‍රතිවේධ කරන්නාහු ද, ප්‍රත්‍යක්‍ෂ කළාහු ද ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද ප්‍රත්‍යක්‍ෂ කරන්නාහු ද, (ඥාන පහසින්) පැහැසුහූ ද පහසිත් ද පහස්නාහු ද, ඉසුරු බවට පැමිණියාහු ද, පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, පරතෙරට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, විශාරද බවට පැමිණියාහු ද පැමිණෙත් ද, පැමිණෙන්නාහු ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
Pali BJTයෙ හි කෙචි චතස්සො පටිසම්භිදා පත්තා වා පාපුණන්ති පාපුණිස්සන්ති වා -පෙ- සබ්බෙ තෙ සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තා, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛී, පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTයම් කිසි කෙනෙක් සතර ප්‍රතිසංවිදාවනට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද ... එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
Pali BJTයෙ හි කෙචි තිස්සො විජ්ජා පටිවිද්ධා වා පටිවිජ්ඣන්ති වා පටිවිජ්ඣිස්සන්ති වා, -පෙ- සබ්බෙ තෙ සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තා, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛී, පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTයම් කිසි කෙනෙක් ත්‍රිවිද්‍යාවන් ප්‍රතිවේධ කළාහුද ප්‍රතිවේධ කෙරෙත් ද ප්‍රතිවේධ කරන්නාහු ද ... එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
Pali BJTයෙ හි කෙචි තිස්සො සික්ඛා සික්ඛිතා වා සික්ඛන්ති වා සික්ඛිස්සන්ති වා සච්ඡිකතා වා සච්ඡිකරොන්ති වා සච්ඡිකරිස්සන්ති වා, ඵස්සිතා වා ඵස්සන්ති වා ඵස්සිස්සන්ති වා, වසිප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා, පාරමිප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා, වෙසාරජ්ජප්පත්තා වා පාපුණන්ති වා පාපුණිස්සන්ති වා, සබ්බෙ තෙ සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තා, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛී, පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTයම් කිසි කෙනෙක් ත්‍රිවිධශික්‍ෂාවන් හික්මුණාහු ද හික්මෙත් ද හික්මෙන්නාහු ද, සාක්‍ෂාත් කළාහු ද සාක්‍ෂාත් කෙරෙත් ද සාක්‍ෂාත් කරන්නාහු ද, (නුවණපහසින්) පැහැසූහු ද පහසිත් ද පහස්නාහු ද, ඉසුරු බවට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, අවසනට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, වෙසරද බවට පැමිණියාහු ද පැමිණෙත් ද පැමිණෙන්නාහු ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
Pali BJTයෙ හි කෙචි දුක්ඛං පරිජානන්ති -පෙ- සමුදයං පජහන්ති -පෙ- නිරොධං සච්ඡිකරොන්ති -පෙ- මග්ගං භාවෙන්ති, සබ්බෙ තෙ සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තා, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛී, පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තා.
Sinhala BJTයම් කිසි කෙනෙක් දුඃඛසත්‍යය (ඥාතතීරණපරිඥායෙන්) දැනගනිත් ද ... සමුදයසත්‍යය ... දුරුකෙරෙත් ද ... නිරෝධසත්‍යය සාක්‍ෂාත් කෙරෙත් ද, මාර්‍ගසත්‍යය වඩත් ද, එ හැම දෙන ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙති, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙති, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වෙත්.
Pali BJTකතිහාකාරෙහි සච්චපටිවෙධො හොති. කතිහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති: චතූහාකාරෙහි සච්චපටිවෙධො හොති, චතූහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති. දුක්ඛසච්චං පරිඤ්ඤා පටිවෙධං පටිවිජ්ඣති, සමුදයසච්චං පහානපටිවෙධං පටිවිජ්ඣති, නිරොධසච්චං සච්ඡිකිරියාපටිවෙධං පටිවිජ්ඣති, මග්ගසච්චං භාවනාපටිවෙධං පටිවිජ්ඣති. ඉමෙහි චතූහාකාරෙහි සච්චපටිවෙධො හොති, ඉමෙහි චතූහාකාරෙහි සච්චානි පටිවිජ්ඣන්තො සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තො, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛි, පඤ්ඤින්ද්රියස්ස වසෙන දිට්ඨිප්පත්තො.
Sinhala BJTකිසි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද යත්: සියු අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, සියු අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගයසත්‍යය භාවනාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරේ. මේ සියු අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි, මේ සියු අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙයි, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වේ.
Pali BJTකතිහාකාරෙහි සච්චපටිවෙධො හොති. කතිහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති. නවහාකාරෙහි සච්චපටිවෙධො හොති, නවහාකාරෙහි සච්චානි පටිවිජ්ඣති: දුක්ඛසච්චං පරිඤ්ඤාපටිවෙධං පටිවිජ්ඣති, සමුදයසච්චං පහානපටිවෙධං පටිවිජ්ඣති. නිරොධසච්චං සච්ඡිකිරියාපටිවෙධං පටිවිජ්ඣති, මග්ගසච්චං භාවනාපටිවෙධං පටිවිජ්ඣති, අභිඤ්ඤාපටිවෙධො ච සබ්බධම්මානං, පරිඤ්ඤාපටිවෙධො ච සබ්බසඞ්ඛාරානං, පහානපටිවෙධො ච සබ්බාකුසලානං, භාවනාපටිවෙධො ච චතුන්නං මග්ගානං, සච්ඡිකිරියා පටිවෙධො ච නිරොධස්ස. ඉමෙහි නවහාකාරෙහි සච්චපටිවෙධො හොති, ඉමෙහි නවහාකාරෙහි සච්චානි පටිවිජ්ඣන්තො සද්ධින්ද්රියස්ස වසෙන සද්ධාවිමුත්තො, සමාධින්ද්රියස්ස වසෙන කායසක්ඛී, පඤ්ඤින්දියස්ස වසෙන දිට්ඨිප්පත්තො.
Sinhala BJTකිසි අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වේ ද, කිහි අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද යත්: නව අයුරෙකින් සත්‍යප්‍රතිවේධය වෙයි, නව අයුරෙකින් සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි: දුඃඛසත්‍යය පරිඥාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, සමුදයසත්‍යය ප්‍රහාණප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, මාර්‍ගයසත්‍යය භාවනාප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කෙරෙයි, හැම ධර්‍මයන්ගේ අභිඥාප්‍රතිවේධය ද, හැම සංස්කාරයන්ගේ පරිඥාප්‍රතිවේධය ද, හැම අකුශලයන්ගේ ප්‍රහාණප්‍රතිවේධය ද, සතර මාර්‍ගයන්ගේ භාවනාප්‍රතිවේධය ද, නිරෝධයාගේ සාක්‍ෂාත්ක්‍රියාප්‍රතිවේධය ද යන මේ නව අයුරින් සත්‍යප්‍රතිවේධය වෙයි, මේ නව අයුරින් සත්‍යයන් ප්‍රතිවේධ කරනුයේ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ශ්‍රද්ධාවිමුක්ත වෙයි, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කායසාක්‍ෂි වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් දෘෂ්ටිප්‍රාප්ත වේ.
Pali BJTදුතියක භාණවාරං.
Sinhala BJTදෙ වැනි බණවර යි.
Pali BJTඅනිච්චතො මනසිකරොතො කථං සඞ්ඛාරා උපට්ඨහන්ති,{1} දුක්ඛතො මනසිකරොතො කථං සඞ්ඛාරා උපට්ඨහන්ති, අනත්තතො මනසිකරොතො කථං සඞ්ඛාරා උපට්ඨහන්ති: (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, අනාත්ම හෙයින් මෙනෙහි කරනුවහට කිසෙයින් සංස්කාරයෝ වටහත් ද, යත්: (1)
Pali BJTඅනිච්චතො මනසිකරොතො ඛයතො සඞ්ඛාරා උපට්ඨහන්ති, දුක්ඛතො මනසිකරොතො භයතො සඞ්ඛාරා උපට්ඨහන්ති, අනත්තතො මනසිකරොතො සුඤ්ඤතො සඞ්ඛාරා උපට්ඨහන්ති. (2)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට ක්‍ෂය විසින් සංස්කාරයෝ වටහති, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට භය විසින් සංස්කාරයෝ වටහති, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට ශුන්‍ය විසින් සංස්කාරයෝ වටහත්. (2)
Pali BJTඅනිච්චතො මනසිකරොතො කිංබහුලං චිත්තං හොති, දුක්ඛතො මනසිකරොතො කිංබහුලං චිත්තං හොති, අනත්තතො මනසිකරොතො කිංබහුලං චිත්තං හොති: (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට සිත කුමක් බහුල කොට ඇත්තේ වේ ද යත්: (1)
Pali BJTඅනිච්චතො මනසිකරොතො අධිමොක්ඛබහුලං චිත්තං හොති, දුක්ඛතො මනසිකරොතො පස්සද්ධිබහුලං චිත්තං හොති, අනත්තතො මනසිකරොතො වෙදබහුලං චිත්තං හොති. (2)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරනුවහට අධිමෝක්‍ෂබහුල වූ සිත වෙයි, දුඃඛ හෙයින් මෙනෙහිකරනුවහට ප්‍රශ්‍රබ්ධිබහුල වූ සිත වෙයි, අනාත්ම හෙයින් මෙනෙහිකරනුවහට තුෂ්ටිබහුල වූ සිත වේ. (2)
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛබහුලො කතමං විමොක්ඛං පටිලභති, දුක්ඛතො මනසිකරොන්තො පස්සද්ධිබහුලො කතමං විමොක්ඛං පටිලභති, අනත්තතො මනසිකරොන්තො වෙදබහුලො කතමං විමොක්ඛං පටිලභති: (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයා කවර විමෝක්‍ෂයක් ලබා ද, දුඃඛ හෙයින් මෙනෙහිකරන්නා වූ ප්‍රශ්‍රබ්ධිබහුලයා කවර විමෝක්‍ෂයක් ලබා ද, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයා කවර විමෝක්‍ෂයක් ලබා ද යත්: (1)
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛබහුලො අනිමිත්තං විමොක්ඛං පටිලභති, දුක්ඛතො මනසිකරොන්තො පස්සද්ධිබහුලො අප්පණිහිතං විමොක්ඛං පටිලභති, අනත්තතො මනසිකරොන්තො වෙදබහුලො සුඤ්ඤතං විමොක්ඛං පටිලභති. (2)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයා අනිමිත්තවිමෝක්‍ෂය ලබයි, දුඃඛ හෙයින් මෙනෙහිකරන් වූ ප්‍රශ්‍රබ්ධිබහුලයා අප්‍රණිහිතවිමෝක්‍ෂය ලබයි, අනාත්ම හෙයින් මෙනෙහිකරන්නා වූ තුෂ්ටිබහුලයා ශුන්‍යතවිමෝක්‍ෂය ලබා. (2)
Pali BJTඅනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛබහුලස්ස කතමො විමොක්ඛො ආධිපතෙය්යො හොති, භාවනාය කති විමොක්ඛා තදන්වයා හොන්ති, සහජාතපච්චයා හොන්ති, අඤ්ඤමඤ්ඤපච්චයා හොන්ති, නිස්සයපච්චයා හොන්ති, සම්පයුත්තපච්චයා හොන්ති, එකරසා හොන්ති. කෙනට්ඨෙන භාවනා, කො භාවෙති. (1)
Sinhala BJTඅනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නා වූ අධිමෝක්‍ෂබහුලයාහට කවර විමෝක්‍ෂයෙක් අධිපති වේ ද, භාවනායෙහි කෙතෙක් විමෝක්‍ෂයෝ තදනුගාමි වෙත් ද, සහජාතප්‍රත්‍යයෝ වෙත් ද, අන්‍යො’න්‍යප්‍රත්‍යයෝ වෙත් ද, නිශ්‍රය ප්‍රත්‍යයෝ වෙත් ද, සම්ප්‍රයුක්තප්‍රත්‍යයෝ වෙත් ද, ඒකරස වෙත් ද, කවර අර්‍ත්‍ථයෙකින් භාවනා වේ ද, කවරෙක් භාවනා කෙරේ ද යත්: