Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසබ්බකිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති, ඡන්දවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, ඡන්දවසෙන පාමොජ්ජං උප්පජ්ජති, පාමොජ්ජවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්දියං අධිමත්තං හොති, පාමොජ්ජවසෙන පීති උප්පජ්ජති, පීතිවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, පීතිවසෙන පස්සද්ධි උප්පජ්ජති, පස්සද්ධිවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්දියං අධිමත්තං හොති. පස්සද්ධිවසෙන සුඛං උප්පජ්ජති, සුඛවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්දියං අධිමත්තං හොති, සුඛවසෙන ඔභාසො උප්පජ්ජති, ඔභාසවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, ඔභාසවසෙන සංවෙගො උප්පජ්ජති, සංවෙගවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, සංවෙජෙත්වා{1} චිත්තං සමාදහති, සමාධිවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, තථා සමාහිතං චිත්තං සාධුකං පග්ගණ්හාති, පග්ගහවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, තථා පග්ගහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛති, උපෙක්ඛාවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති. උපෙක්ඛාවසෙන නානත්තකිලෙසෙහි චිත්තං විමුච්චති, විමොක්ඛවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, විමුත්තත්තා තෙ ධම්මා එකරසා හොන්ති, එකරසට්ඨෙන{2} භාවනාවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, භාවිතත්තා තතො පණීතතරෙ විවට්ටන්ති{3} විවට්ටනාවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, විවට්ටිතත්තා තතො වොස්සජති{4} වොස්සග්ගවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, වොස්සජ්ජිතත්තා තතො නිරුජ්ඣන්ති, නිරොධවසෙන පඤ්ඤාවසෙන පඤ්ඤින්ද්රියං අධිමත්තං හොති, නිරොධවසෙන ද්වෙ වොස්සග්ගා: පරිච්චාගවොස්සග්ගො ච, පක්ඛන්දනවොස්සග්ගො ච, කිලෙසෙ ච ඛන්ධෙ ච පරිච්චජතීති පරිච්චාගවොස්සග්ගො, නිරොධනිබ්බානධාතුයා චිත්තං පක්ඛන්දතීති පක්ඛන්දනවොස්සග්ගො, නිරොධවසෙන ඉමෙ ද්වෙ වොස්සග්ගා.
Sinhala BJTසර්‍වක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී, ඡන්‍දවශයෙන් ප්‍රඥා වශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වෙයි. ඡන්‍දවශයෙන් ප්‍රාමෝද්‍යය උපදී, ප්‍රාමෝද්‍ය වශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. ප්‍රාමෝද්‍යවශයෙන් ප්‍රීතිය උපදී, ප්‍රීතිවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. ප්‍රීති වශයෙන් ප්‍රශ්‍රබ්ධිය උපදී. ප්‍රශ්‍රබ්ධිවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. ප්‍රශ්‍රබ්ධිවශයෙත් සුඛය උපදී, සුඛවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. සුඛවශයෙන් අවභාසය උපදී, අවභාස වශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. අවභාස වශයෙන් සංවේගය උපදී, සංවේගවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. සංවේග දනවා සිත සමාහිත කෙරෙයි, සමාධිවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. එසේ සමාහිත වූ සිත මොනොවට ප්‍රග්‍රහ කෙරෙයි. ප්‍රග්‍රහවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. එසේ ප්‍රගෘහිත වූ සිත මොනොවට අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, උපේක්‍ෂා වශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. උපේක්‍ෂාවශයෙන් නානාස්වභාව වූ කෙලෙසුන් කෙරෙන් සිත මිදෙයි, විමොක්‍ෂවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. විමුක්ත බැවින් ඒ (ඡන්‍දාදි) ධර්‍මයෝ එකකෘත්‍ය වෙති, එකකෘත්‍ය වූ භාවනාවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. භාවිත බැවින් එයට වඩා ප්‍රණීතතර වූ අරමුණෙහි නවතිත්. විවර්‍තනාවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. විවර්තිත බැවින් එයින් මැ (කෙලෙසුන් ද ස්කන්‍ධයන් ද) දුරු කෙරෙයි. වොස්සග්ගවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ දුරැලූ බැවින් එකරුණින් මැ කෙලෙසුන් හා ස්කන්‍ධයන් හා අනුත්පාද නිරෝධවශයෙන් නිරුද්ධ වෙති. නිරෝධවශයෙන් ප්‍රඥාවශයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අධිමාත්‍ර වේ. නිරෝධවශයෙන් වොස්සග්ගයෝ දෙදෙනෙකි: පරිච්චාගවොස්සග්ග යැ පක්ඛන්‍දවොස්සග්ග යි. කෙලෙසුන් ද ස්කන්‍ධයන් ද දුරු කෙරේ නු යි පරිච්චාගවොස්සග්ග නම, නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරේ නු යි පක්ඛන්‍දනවොස්සග්ග නමි. නිරෝධවශයෙන් මේ වොස්සග්ගයෝ දෙදෙන වෙත්.
Pali BJTඑවං අධිමත්තට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTමෙසේ අධිමාත්‍රාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
Pali BJTභාණවාරො දුතියො{5}
Sinhala BJTදෙවැනි බණවර යි.
Pali BJTකථං අධිට්ඨානට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTකිසෙයින් අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTසද්ධින්ද්රියස්ස භාවනාය ඡන්දො උප්පජ්ජති, ඡන්දවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිට්ඨාති, ඡන්දවසෙන පාමොජ්ජං උප්පජ්ජති, පාමොජ්ජවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිට්ඨාති. -පෙ-
Sinhala BJTශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ භාවනායෙහි කුශලච්ඡන්‍දය උපදී. ඡන්‍දවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය පිහිටයි. ඡන්‍දවශයෙන් ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රාමෝද්‍යවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශද්ධෙන්‍ද්‍රිය පිහිටයි ...
Pali BJTඑවං අධිට්ඨානට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTමෙසෙයින් අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ යි.
Pali BJTකථං පරියාදානට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTකිසෙයින් පර්‍ය්‍යාදානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTඅධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං අස්සද්ධියං පරියාදියති. අස්සද්ධියපරිළාහං පරියාදියති. පග්ගහට්ඨෙන විරියින්ද්රියං කොසජ්ජං පරියාදියති, කොසජ්ජපරිළාහං පරියාදියති. උපට්ඨානට්ඨෙන සතින්ද්රියං පමාදං පරියාදියති, පමාදපරිළාහං පරියාදියති. අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං උද්ධච්චං පරියාදියති, උද්ධච්චපරිළාහං පරියාදියති. දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං අවිජ්ජං පරියාදියති, අවිජ්ජාපරිළාහං පරියාදියති.
Sinhala BJTඅධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ අශ්‍රද්ධාව ක්‍ෂය කෙරෙයි, අශ්‍රද්ධාපරිදාහය ක්‍ෂය කෙරෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය තෙමේ කුසීද බව ක්‍ෂය කෙරෙයි, කෞසීද්‍යාපරිදාහය ක්‍ෂය කෙරෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය තෙමේ ප්‍රමාදය ක්‍ෂය කෙරෙයි, ප්‍රමාද පරිදාහය ක්‍ෂය කෙරෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය තෙමේ උද්ධතභාවය ක්‍ෂය කෙරෙයි, ඖද්ධත්‍යපරිදාහය ක්‍ෂය කෙරෙයි, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ අවිද්‍යාව ක්‍ෂය කෙරෙයි, අවිද්‍යාපරිදාහය ක්‍ෂය කෙරෙයි.
Pali BJTනෙක්ඛම්මෙ පඤ්චින්ද්රියානි කාමච්ඡන්දං පරියාදියන්ති, අබ්යාපාදෙ පඤ්චින්ද්රියානි බ්යාපාදං පරියාදියන්ති. ආලොකසඤ්ඤාය පඤ්චින්ද්රියානි ථීනමිද්ධං පරියාදියන්ති. අවික්ඛෙපෙ පඤ්චින්ද්රියානි උද්ධච්චං පරියාදියන්ති. -පෙ- අරහත්තමග්ගෙ පඤ්චින්ද්රියානි සබ්බකිලෙසෙ පරියාදියන්ති.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ කාමච්ඡන්‍දය ක්‍ෂය කෙරෙති, අව්‍යාපාදයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ව්‍යාපාදය ක්‍ෂය කෙරෙති, ආලෝකසංඥායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ථීනමිද්ධය ක්‍ෂය කෙරෙති, අවික්‍ෂෙපයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ උද්ධතභාවය ක්‍ෂය කෙරෙති ... අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ හැම කෙලෙසුන් ක්‍ෂය කෙරෙත්.
Pali BJTඑවං පරියාදානට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTමෙසෙයින් පර්‍ය්‍යාදානාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
Pali BJTකථං පතිට්ඨාපකට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTකිසෙයින් ප්‍රතිෂ්ඨාපකාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTසද්ධො සද්ධින්ද්රියං අධිමොකෙඛ පතිට්ඨාපෙති, සද්ධස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛෙ පතිට්ඨාපෙති. විරියවා විරියින්ද්රියං පග්ගහෙ පතිට්ඨාපෙති, විරියවතො විරියින්ද්රියං පග්ගහෙ පතිට්ඨාපෙති. සතිමා සතින්ද්රියං උපට්ඨානෙ පතිට්ඨාපෙති, සතිමතො සතින්ද්රියං උපට්ඨානෙ පතිට්ඨාපෙති. සමාහිතො සමාධින්ද්රියං අවික්ඛෙපෙ පතිට්ඨාපෙති, සමාහිතස්ස සමාධින්ද්රියං අවික්ඛෙපෙ පතිට්ඨාපෙති. පඤ්ඤවා පඤ්ඤින්ද්රියං දස්සනෙ පතිට්ඨාපෙති, පඤ්ඤවතො පඤ්ඤින්ද්රියං දස්සනෙ පතිට්ඨාපෙති.
Sinhala BJTශ්‍රද්ධා ඇත්තේ ශ්‍රද්ධේද්‍රිය අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි, ශ්‍රද්ධා ඇතියහුගේ ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂයෙහි පිහිටුවයි, වීර්‍ය්‍ය ඇත්තේ විය්‍යෙර්‍න්‍ද්‍රියය ප්‍රග්‍රහයෙහි පිහිටුවයි, වීර්‍ය්‍ය ඇතියහුගේ විය්‍යෙර්‍න්‍ද්‍රියය ප්‍රග්‍රහයෙහි පිහිටුවයි, සිහි ඇත්තේ ස්මෘතීන්‍ද්‍රියය උපට්ඨානයෙහි පිහිටුවයි, සිහි ඇතියහුගේ ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානයෙහි පිහිටුවයි, සමාහිත වූයේ සමාධීන්‍ද්‍රියය අවික්‍ෂෙපයෙහි පිහිටුවයි, සමාහිත වූවහුගේ සමාධීන්‍ද්‍රියය අවික්‍ෂෙයෙහි පිහිටුවයි, ප්‍රඥා ඇත්තේ ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනයෙහි පිහිටුවයි, ප්‍රඥා ඇතියහුගේ ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනයෙහි පිහිටුවා.
Pali BJTයොගාවචරො පඤ්චින්ද්රියානි නෙක්ඛම්මෙ පතිට්ඨාපෙති, යොගාවචරස්ස පඤ්චින්ද්රියානි නෙක්ඛම්මෙ පතිට්ඨාපෙති. යොගාවචරො පඤ්චින්ද්රියානි අබ්යාපාදෙ පතිට්ඨාපෙති, යොගාවචරස්ස පඤ්චින්ද්රියානි අබ්යාපාදෙ පතිට්ඨාපෙති. යොගාවචරො පඤ්චින්ද්රියානි ආලොකසඤ්ඤාය පතිට්ඨාපෙති. යොගාවචරස්ස පඤ්චින්ද්රියානි ආලොකසඤ්ඤාය පතිට්ඨාපෙති. යොගාවචරො පඤ්චින්ද්රියානි අවික්ඛෙපෙ පතිට්ඨාපෙති, යොගාවචරස්ස පඤ්චින්ද්රියානි අවික්ඛෙපෙ පතිට්ඨාපෙති -පෙ- යොගාවචරො පඤ්චින්ද්රියානි අරහත්තෙ පතිට්ඨාපෙති, යොගාවචරස්ස පඤ්චින්ද්රියානි අරහත්තෙ පතිට්ඨාපෙති.
Sinhala BJTයෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් නෛෂ්ක්‍රම්‍යයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් නෛෂ්ක්‍රම්‍යයෙහි පිහිටුවයි, යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් අව්‍යාපාදයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් අව්‍යාපාදයෙහි පිහිටුවයි, යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් ආලෝකසංඥායෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් ආලෝකසංඥායෙහි පිහිටුවයි, යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් අවික්‍ෂෙපයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් අවික්‍ෂෙපයෙහි පිහිටුවයි ... යෝගාවචර තෙම පඤ්චේන්‍ද්‍රියයන් අර්‍හත්ත්‍වයෙහි පිහිටුවයි, යෝගාවචරයාගේ පඤ්චේන්‍ද්‍රියයන් අර්‍හත්ත්‍වයෙහි පිහිටුවා.
Pali BJTඑවං පතිට්ඨාපකට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTමෙසෙයින් ප්‍රතිෂ්ඨාපකාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
Pali BJTචතුත්ථසුත්තනිද්දෙසො.
Sinhala BJTචතුර්‍ත්‍ථසූත්‍ර නිර්දේශ යි.
Pali BJTපුථුජ්ජනො සමාධිං භාවෙන්තො{1} කතිහාකාරෙහි උපට්ඨානකුසලො හොති, සෙක්ඛො{2} සමාධිං භාවෙන්තො කතිහාකාරෙහි උපට්ඨානකුසලො හොති, වීතරාගො සමාධිං භාවෙන්තො කතිහාකාරෙහි උපට්ඨානකුසලො හොති:
Sinhala BJTපෘථග්ජන තෙම (නිර්වේදභාගිය) සමාධිය වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, ශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, වීතරාග (රහත්) තෙම සමාධිය වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
Pali BJTපුථුජ්ජනො සමාධිං භාවෙන්තො සත්තහි ආකාරෙහි උපට්ඨානකුසලො හොති. සෙක්ඛො සමාධිං භාවෙන්තො අට්ඨහි ආකාරෙහි උපට්ඨානකුසලො හොති. වීතරාගො සමාධිං භාවෙන්තො දසහි ආකාරෙහි උපට්ඨානකුසලො හොති.
Sinhala BJTපෘථග්ජන තෙම සමාධිය වඩනුයේ සත් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි. ශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ අට අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම සමාධිය වඩනුයේ දස අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
Pali BJTපුථුජ්ජනො සමාධිං භාවෙන්තො කතමෙහි සත්තහාකාරෙහි උපට්ඨානකුසලො හොති:
Sinhala BJTපෘථග්ජන තෙම සමාධිය වඩනුයේ කවර සත් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි යත්:
Pali BJTආවජ්ජිතත්තා ආරම්මණූපට්ඨානකුසලො හොති, සමථනිමිත්තූපට්ඨානකුසලො හොති, පග්ගහනිමිත්තූපට්ඨානකුසලො හොති, අවික්ඛෙපූපට්ඨානකුසලො හොති, ඔභාසූපට්ඨානකුසලො හොති, සම්පහංසනූපට්ඨානකුසලො හොති, උපෙක්ඛූපට්ඨානකුසලො හොති. පුථුජ්ජනො සමාධිං භාවෙන්තො ඉමෙහි සත්තහාකාරෙහි උපට්ඨානකුසලො හොති.
Sinhala BJTආවර්‍ජනා කළ බැවින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ශමථ නිමිත්තට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ප්‍රග්‍රහනිමිත්තට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අවික්‍ෂේපයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අවභාසයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, සම්ප්‍රහර්‍ෂණයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, උපේක්‍ෂාවට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, පෘථග්ජන තෙම සමාධිය වඩනුයේ මේ සත් අයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
Pali BJTසෙක්ඛො සමාධිං භාවෙන්තො කතමෙහි අට්ඨහා’කාරෙහි උපට්ඨානකුසලො හොති:
Sinhala BJTශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ කවර අට අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි යත්:
Pali BJTආවජ්ජිතත්තා ආරම්මණූපට්ඨානකුසලො හොති, -පෙ- උපෙක්ඛූපට්ඨානකුසලො හොති, එකත්තුපට්ඨානකුසලො හොති. සෙක්ඛො සමාධිං භාවෙන්තො ඉමෙහි අට්ඨාහාකාරෙහි උපට්ඨානකුසලො හොති.
Sinhala BJTඅවර්‍ජනා කළ බැවින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි ... උපේක්‍ෂාවට එළඹසිටීමෙහි නිපුණ වෙයි. (නෛෂ්ක්‍රම්‍යාදි) ඒකත්‍වයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ශෛක්‍ෂ තෙම සමාධිය වඩනුයේ මේ අට අයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
Pali BJTවීතරාගො සමාධිං භාවෙන්තො කතමෙහි දසහාකාරෙහි උපට්ඨානකුසලො හොති:
Sinhala BJTවීතරාග තෙම සමාධිය වඩනුයේ කවර දස අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි යත්:
Pali BJTආවජ්ජිතත්තා ආරම්මණූපට්ඨානකුසලො හොති -පෙ- එකත්තූපට්ඨානකුසලො හොති, ඤාණූපට්ඨානකුසලො හොති, විමුත්තුපට්ඨානකුසලො{1} හොති. වීතරාගො සමාධිං භාවෙන්තො ඉමෙහි දසහා’කාරෙහි උපට්ඨානකුසලො හොති.
Sinhala BJTඅවර්‍ජනා කළ බැවින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි ... ඒකත්‍වයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, (අසම්මෝහ) ඥානයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, (අර්‍හත්ඵල) විමුක්තියට එළඹසිටීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම සමාධිය වඩනුයේ මේ දස අයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ.
Pali BJTපුථුජ්ජනො විපස්සනං භාවෙන්තො{2} කතිහා’කාරෙහි උපට්ඨානකුසලො හොති, කතිහා’කාරෙහි අනුපට්ඨානකුසලො හොති, සෙක්ඛො{3} විපස්සනං භාවෙන්තො කතිහාකාරෙහි උපට්ඨානකුසලො හොති, කතිහා’කාරෙහි අනුපට්ඨානකුසලො හොති, වීතරාගො විපස්සනං භාවෙන්තො කතිහා’කාරෙහි උපට්ඨානකුසලො හොති, කතිහාකාරෙහි අනුපට්ඨානකුසලො හොති:
Sinhala BJTපෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වේ ද, කිහි අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද, ශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කිහි අසුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද, වීතරාග (රහත්) තෙම විදර්‍ශනා වඩනුයේ කිහි අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කිහි අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
Pali BJTපුථුජ්ජනො විපස්සනං භාවෙන්තො නවහාකාරෙහි උපට්ඨානකුසලො හොති, නවහාකාරෙහි අනුපට්ඨානකුසලො හොති, සෙක්ඛො විපස්සනං භාවෙන්තො දසහාකාරෙහි උපට්ඨානකුසලො හොති, දසහාකාරෙහි අනුපට්ඨානකුසලො හොති. වීතරාගො විපස්සනං භාවෙන්තො ද්වාදසහි ආකාරෙහි උපට්ඨානකුසලො හොති, ද්වාදසහි ආකාරෙහි අනුපට්ඨානකුසලො හොති.
Sinhala BJTපෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ නව අයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, නව අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ දස අයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, දස අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම විදර්‍ශනා වඩනුයේ දොළොස් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, දොළොස් අයුරෙකින් අරමුණට නො එළඹ සිටීමෙහි නිපුණ වේ.
Pali BJTපුථුජ්ජනො විපස්සනං භාවෙන්තො{2} කතමෙහි නවහාකාරෙහි උපට්ඨානකුසලො හොති, කතමෙහි නවහා’කාරෙහි අනුපට්ඨානකුසලො හොති:
Sinhala BJTපෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ කවර නව අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කවර නව අයුරෙකින් අරමුණට නො එළඹ සිටීමෙහි නිපුණ වේ ද යත්:
Pali BJTඅනිච්චතො උපට්ඨානකුසලො හොති, නිච්චතො අනුපට්ඨානකුසලො හොති, දුක්ඛතො උපට්ඨානකුසලො හොති, සුඛතො අනුපට්ඨානකුසලො හොති, අනත්තතො උපට්ඨානකුසලො හොති, අත්තතො අනුපට්ඨානකුසලො හොති, ඛයතො උපට්ඨානකුසලො හොති, ඝනතො අනුපට්ඨානකුසලො හොති, වයතො උපට්ඨානකුසලො හොති, ආයූහනානුපට්ඨානකුසලො හොති. විපරිනාමුපට්ඨානකුසලො හොති, ධුවතො අනුපට්ඨානකුසලො හොති, අනිමිත්තුපට්ඨානකුසලො හොති, නිමිත්තානුපට්ඨානකුසලො හොති. අප්පණිහිතුපට්ඨානකුසලො හොති, පණිධානුපට්ඨානකුසලො හොති, සුඤ්ඤතූපට්ඨානකුසලො හොති, අභිනිවෙසානුපට්ඨානකුසලො හොති. පුථුජ්ජනො විපස්සනං භාවෙන්තො ඉමෙහි නවහාකාරෙහි උපට්ඨානකුසලො හොති, ඉමෙහි නවහාකාරෙහි අනුපට්ඨානකුසලො හොති.
Sinhala BJTඅනිත්‍ය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිත්‍ය විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. දුඃඛ විසින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, සුඛ විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. අනාත්ම විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ආත්ම විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ක්‍ෂය විසින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වෙයි, ඝන විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි, ව්‍යය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ආයූහනයට නො එළඹ සිටීමෙහි නිපුණ වෙයි. විපරිණාමයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ධ්‍රැව විසින් නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. අනිමිත්තයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිමිත්තයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. අප්‍රණිහිතයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, ප්‍රණිධියට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි, ශුන්‍යතයට එළිඹසිටීමෙහි නිපුණ වෙයි, අභිනිවේශයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. පෘථග්ජන තෙම විදර්‍ශනා වඩනුයේ මේ නවඅයුරින් අරමුණට එළඹසිටීමෙනි නිපුණ වෙයි, මේ නවඅයුරින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ.
Pali BJTසෙක්ඛො විපස්සනං භාවෙන්තො කතමෙහි දසහා’කාරෙහි උපට්ඨානකුසලො හොති, කතමෙහි දසහා’කාරෙහි අනුපට්ඨානකුසලො හොති:
Sinhala BJTශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ කවර දසඅයුරෙකින් අරමුණට එළඹ සිටීමෙහි නිපුණ වේ ද, කවර දසඅයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
Pali BJTඅනිච්චතො උපට්ඨානකුසලො හොති, නිච්චතො අනුපට්ඨානකුසලො හොති -පෙ- සුඤ්ඤතූපට්ඨානකුසලො හොති, අභිනිවෙසානුපට්ඨානකුසලො හොති. ඤාණූපට්ඨානකුසලො හොති, අඤ්ඤාණානුපට්ඨානකුසලො හොති. සෙක්ඛො විපස්සනං භාවෙන්තො ඉමෙහි දසහාකාරෙහි උපට්ඨානකුසලො හොති, ඉමෙහි දසහාකාරෙහි අනුපට්ඨානකුසලො හොති.
Sinhala BJTඅනිත්‍ය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිත්‍ය විසින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි ... ශුන්‍යතයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අභිනිවේශයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ඥානයට එළඹසිටීමෙහි නිපුණ වෙයි, අඥානයට නො එළඹසිටීමෙහි නිපුණ වෙයි. ශෛක්‍ෂ තෙම විදර්‍ශනා වඩනුයේ මේ දසඅයුරින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, මේ දසඅයුරින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ.
Pali BJTවීතරාගො විපස්සනං භාවෙන්තො කතමෙහි ද්වාදසහි ආකාරෙහි උපට්ඨානකුසලො හොති, කතමෙහි ද්වාදසහි ආකාරෙහි අනුපට්ඨානකුසලො හොති:
Sinhala BJTවීතරාග තෙම විදර්‍ශනා වඩනුයේ කවර දොළොස් අයුරෙකින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වේ ද, කවර දොළොස්අයුරෙකින් අරමුණට නො එළඹසිටීමෙහි නිපුණ වේ ද යත්:
Pali BJTඅනිච්චතො උපට්ඨානකුසලො හොති, නිච්චතො අනුපට්ඨානකුසලො හොති -පෙ- ඤාණූපට්ඨානකුසලො හොති, අඤ්ඤාණානුපට්ඨානකුසලො හොති, විසඤ්ඤෙගූපට්ඨානකුසලො හොති, සඤ්ඤෙගානුපට්ඨානකුසලො හොති. නිරොධූපට්ඨානකුසලො හොති, සඞ්ඛාරානුපට්ඨානකුසලො හොති. වීතරාගො විපස්සනං භාවෙන්තො ඉමෙහි ද්වාදසහි ආකාරෙහි උපට්ඨානකුසලො හොති, ඉමෙහි ද්වාදසහි ආකාරෙහි අනුපට්ඨානකුසලො හොති.
Sinhala BJTඅනිත්‍ය විසින් අරමුණට එළඹසිටීමෙහි නිපුණ වෙයි, නිත්‍ය විසින් අරමුණට නො එළඹීමෙහි නිපුණ වෙයි ... ඥානයට එළඹීමෙහි නිපුණ වෙයි, අඥානයට නො එළඹීමෙහි නිපුණ වෙයි. විසංයෝගයට එළඹීමෙහි නිපුණ වෙයි, සංයෝගයට නො එළඹීමෙහි නිපුණ වෙයි. නිරෝධයට එළඹීමෙහි නිපුණ වෙයි, සංස්කාරයනට නො එළඹීමෙහි නිපුණ වෙයි. වීතරාග තෙම විදර්‍ශනා වඩනුයේ මේ දොළොස් අයුරින් අරමුණට එළඹීමෙහි නිපුණ වෙයි, මේ දොළොස් අයුරින් අරමුණට නො එළඹීමෙහි නිපුණ වේ.
Pali BJTආවජ්ජිතත්තා ආරම්මණූපට්ඨානකුසලවසෙන ඉන්ද්රියානි සමොධානෙති, ගොචරඤ්ච පජානාති, සමත්ථඤ්ච පටිවිජ්ඣති -පෙ- ධම්මෙ සමොධානෙති, ගොචරඤ්ච පජානාති, සමත්ථඤ්ච පටිවිජ්ඣති.
Sinhala BJTආවර්‍ජනා කළ බැවින් අලම්බනෝපස්ථානයෙහි කෞශල්‍ය (නිපුණ බව) වශයෙන් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, (අරමුණෙහි පිහිටුවයි) අරමුණ ද දැනගනී, ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරෙයි ... ධර්‍මයන් සමවධාන කෙරෙයි, අරමුණ ද දැනගනී, ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
Pali BJTඉන්ද්රියානි සමොධානෙතීති කථං ඉන්ද්රියානි සමොධානෙති: අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං සමොධානෙති, -පෙ- සමථනිමිත්තූපට්ඨානකුසලවසෙන -පෙ- පග්ගහනිමිත්තූපට්ඨානකුසලවසෙන -පෙ- අවික්ඛෙපූපට්ඨානකුසලවසෙන -පෙ- ඔභාසූපට්ඨානකුසලවසෙන -පෙ- සම්පහංසනූපට්ඨානකුසලවසෙන -පෙ- උපෙක්ඛුපට්ඨානකුසලවසෙන -පෙ- එකත්තුපට්ඨානකුසලවසෙන -පෙ- ඤාණුපට්ඨානකුසලවසෙන -පෙ- විමුත්තුපට්ඨාන{1} කුසලවසෙන -පෙ-.
Sinhala BJTඉන්‍ද්‍රියානි සමෝධානෙති යනු: කිසෙයින් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි යත්: අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි ... සමථනිමිත්තෝපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... ප්‍රග්‍රහනිමිත්තෝපස්ථාන යෙහි කෞශල්‍යවශයෙන් ... අවික්‍ෂේපොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... අවභාසොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... සම්ප්‍රහර්‍ෂණොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... උපේක්‍ෂාපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් එකත්‍වොපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් ... ඥානෝපස්ථානයෙහි කෞශල්‍ය වශයෙන් ... විමුක්ත්‍යුපස්ථානයෙහි කෞශල්‍යවශයෙන් …
Pali BJTඅනිච්චතො උපට්ඨානකුසලවසෙන -පෙ- නිච්චතො අනුපට්ඨානකුලවසෙන -පෙ- දුක්ඛතො උපට්ඨානකුසලවසෙන -පෙ- සුඛතො අනුපට්ඨානකුසලවසෙන -පෙ- අනත්තතො උපට්ඨානකුසලවසෙන -පෙ- අත්තතො අනුපට්ඨානකුසලවසෙන -පෙ- ඛයතො උපට්ඨානකුසලවසෙන -පෙ- ඝනතො අනුපට්ඨානකුසලවසෙන -පෙ- වයතො උපට්ඨානකුසලවසෙන -පෙ- ආයූහනානුපට්ඨානකුසලවසෙන -පෙ- විපරිනාමූපට්ඨානකුසලවසෙන -පෙ- ධුවතො අනුපට්ඨානකුසලවසෙන -පෙ- අනිමිත්තූපට්ඨානකුසලවසෙන -පෙ- නිමිත්තානුපට්ඨානකුසලවසෙන -පෙ- අප්පණිහිතූපට්ඨානකුසලවසෙන -පෙ- පණිධානුපට්ඨාන{2}කුසලවසෙන -පෙ- සුඤ්ඤතූපට්ඨානකුසලවසෙන -පෙ- අභිනිවෙසානුපට්ඨානකුසලවසෙන -පෙ- ඤාණුපට්ඨානකුසලවසෙන -පෙ- අඤ්ඤාණානුපට්ඨානකුසලවසෙන -පෙ- විසඤ්ඤොගූපට්ඨානකුසලවසෙන -පෙ- සඤ්ඤොගානුපට්ඨානකුසලවසෙන -පෙ- නිරොධූපට්ඨානකුසලවසෙන -පෙ- සඞ්ඛාරානුපට්ඨානකුසලවසෙන ඉන්ද්රියානි සමොධානෙති, ගොචරඤ්ච පජානාති, සමත්ථඤ්ච පටිවිජ්ඣති.
Sinhala BJTඅනිත්‍ය විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... නිත්‍ය විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... දුඃඛ විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... සුඛ විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... අනාත්ම විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍ය වශයෙන් ... ආත්ම විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ක්‍ෂය විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ඝන විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ව්‍යය විසින් අරමුණට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ආයූහනයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... විපරිණාමයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ධ්‍රැව විසින් අරමුණට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... අනිමිත්තයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... නිමිත්තයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් .. අප්‍රණිහිතයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ප්‍රණීධියට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ශුන්‍යතයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... අභිනිවේශයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ඥානයට එළඹසිටීමෙහි කෞශල්‍යවශයෙන් ... අඥානයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... විසංයෝගයට එළඹසිටීමෙහි කෞශල්‍යවශයෙන් ... සංයෝගයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... නිරෝධයට එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... සංස්කාරනයට නො එළඹීමෙහි කෞශල්‍යවශයෙන් ... ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, අරමුණ ද දැනගනී, ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
Pali BJTචතුසට්ඨියා ආකාරෙහි තිණ්ණන්නං ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං, කතමෙසං තිණ්ණන්නං ඉන්ද්රියානං: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස අඤ්ඤින්ද්රියස්ස අඤ්ඤාතාවින්ද්රියස්ස.
Sinhala BJTසූසැට අයුරෙකින් තුන් ඉන්‍ද්‍රියයාගේ වශීභාවයෙහි පැවැති ප්‍රඥාව ආශ්‍රවයන්ගේ ක්‍ෂයඥාන වෙයි. කවර තුන් ඉන්‍ද්‍රිය කෙනකුන්ගේ ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයාගේ යැ අඤ්ඤින්‍ද්‍රියයාගේ යැ අඤ්ඤාතාවින්‍ද්‍රියයාගේයි.
Pali BJTඅනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤින්ද්රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤාතාවින්ද්රියං කති ඨානානි ගච්ඡති:
Sinhala BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤාතාවින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද යත්:
Pali BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං එකං ඨානං ගච්ඡති, සොතිපත්තිමග්ගං. අඤ්ඤින්ද්රියං ඡ ඨානානි ගච්ඡති, සොතාපත්තිඵලං. සකදාගාමිමග්ගං සකදාගාමිඵලං අනාගාමිමග්ගං අනාගාමිඵලං අරහත්තමග්ගං, අඤ්ඤාතාවින්ද්රියං එකං ඨානං ගච්ඡති, අරහත්තඵලං.
Sinhala BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය එක් තැනෙක උපදී. සෝතාපත්තිමාර්‍ගයෙහි යැ, අඤ්ඤින්‍ද්‍රිය සතැනෙක උපදී: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි යැ, සකෘදාගාමිමාර්‍ගයෙහි යැ සකෘදාගාමිඵලයෙහි යැ අනාගාමිමාර්‍ගයෙහි යැ අනාගාමිඵලයෙහි යැ අර්‍හන්මාර්‍ගයෙහි යි. අඤ්ඤාතාවින්‍ද්‍රිය එක් තැනෙක උපදී. අර්‍හත්ඵලයෙහි යි.
Pali BJTසොතාපත්තිමග්ගක්ඛණෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති, විරියින්ද්රියං පග්ගහපරිවාරං හොති, සතින්ද්රියං උපට්ඨානපරිවාරං හොති, සමාධින්ද්රියං අවික්ඛෙපපරිවාරං හොති, පඤ්ඤින්ද්රියං දස්සනපරිවාරං හොති, මනින්ද්රියං විජානනපරිවාරං හොති, සොමනස්සින්ද්රියං අභිසන්දනපරිවාරං{1} හොති, ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති. සොතාපත්තිමග්ගක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව කුසලා හොන්ති ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව නිය්යානිකා හොන්ති, සබ්බෙව අපචයගාමිනො හොන්ති, සබ්බෙව ලොකුත්තරං හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති. සොතාපත්තිමග්ගක්ඛණෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස ඉමානි අට්ඨින්දියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති. තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච.{2}
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය තෙමේ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, ස්මෘතීන්‍ද්‍රිය තෙමේ උපස්ථානාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, සමාධීන්‍ද්‍රිය තෙමේ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, ප්‍රඥේන්‍ද්‍රිය තෙමේ දර්‍ශනාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, මනින්‍ද්‍රිය තෙමේ විජානනාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, සෝමනස්සින්‍ද්‍රිය තෙමේ අභිසන්‍දන (චිත්තචෛතසිකයන් තෙමන) අර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි, ජීවිතින්‍ද්‍රිය තෙමේ ප්‍රවෘත්තිසන්තතියට අධිපති භාවයෙන් පිරිවර වෙයි, ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුසල් වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණාලම්බන වෙති, ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පිරිවර වෙති, අන්‍යයෝන්‍යභාවයෙන් පිරිවර වෙති, නිශ්‍රයභාවයෙන් පිරිවර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පිරිවර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙති, ඒ අෂ්ටෙන්‍ද්‍රිය ධර්‍මයෝ මැ ඒ අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
Pali BJTසොතාපත්තිඵලක්ඛණෙ -පෙ- අරහත්තඵලක්ඛණෙ අඤ්ඤාතාවින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති -පෙ- ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති. අරහත්තඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්ති ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති. අරහත්තඵලක්ඛණෙ අඤ්ඤාතාවින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති. -පෙ- තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච. ඉති ඉමානි අට්ඨට්ඨකානි{3} චතුසට්ඨි හොන්ති.
Sinhala BJTස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි ... අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රිය තෙමේ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් පිරිවර වෙයි ... ජීවිතින්‍ද්‍රිය තෙමේ ප්‍රවෘත්තිසත්නතියට අධිපතිභාවයෙන් පිරිවර වෙයි, අර්‍හත්ඵලක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝමැ නිර්‍වාණාලම්බන වෙති, අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤතාවින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පිරිවර වෙති ... ඒ ධර්‍මයෝ මැ ඒ අඤ්ඤාතාවින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙති. මෙසේ මේ අෂ්ටකයෝ අටදෙන සූසැටක් වෙත්.
Pali BJTආසවාති කතමෙ තෙ ආසවා: කාමාසවො භවාසවො දිට්ඨාසවො අවිජ්ජාසවො.
Sinhala BJTආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
Pali BJTකත්ථෙතෙ ආසවා ඛීයන්ති: සොතාපත්තිමග්ගෙන අනවසෙසො දිට්ඨාසවො ඛීයති, අපායගමනීයො කාමාසවො ඛීයති, අපායගමනීයො භවාසවො ඛීයති, අපායගමනීයො අවිජ්ජාසවො ඛීයති; එත්ථෙ’ත ආසවා ඛීයන්ති. සකදාගාමිමග්ගෙන ඔළාරිකො කාමාසවො ඛීයති, තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති. එත්ථෙ’තෙ ආසවා ඛීයන්ති. අනාගාමිමග්ගෙන අනවසෙසො කාමාසවො ඛීයති, තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති. එත්ථෙ’තෙ ආසවා ඛීයන්ති; අරහත්තමග්ගෙන අනවසෙසො භවාසවො ඛීයති, අනවසෙසො අවිජ්ජාසවො ඛීයති. එත්ථෙ’තෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTකොතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් නිරවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. අපායගමනීය වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගමනීය වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගමනීය වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති. සකෘදාගාමිමාර්‍ගයෙන් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති, අනාගාමීමාර්‍ගයෙන් නිරවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, තදේකස්ථ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, තදේකස්ථ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙති, අර්‍හන්මාර්‍ගයෙන් නිරවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, නිරවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, මෙතැන්හි තෙල ආස්‍රවයෝ ක්‍ෂය වෙත්.
Pali BJTන තස්ස අද්දිට්ඨ{1}මිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්යං තථාගතො තෙන සමන්තචක්ඛූ’ති.
Sinhala BJTඒ තථාගතයන් වහන්සේ විසින් නුවණැසින් නො දක්නා කිසි ධර්‍මජාතයෙක් මේ ත්‍රෛධාතුකලෝකධාතුයෙහි නැත, තවද නො දත් (අනාගතයෙහි) නො දතයුතු කිසි ධර්‍මජාතයෙක් නැත, දතයුතු වූ යම් ධර්‍මජාතයෙක් ඇද්ද ඒ සියල්ල වෙසෙයින් දතුවහ. එහෙයින් තථාගතයන් වහන්සේ ‘සමන්තචක්ඛු’ නම් වෙත්.
Pali BJTසමන්තචක්ඛූති කෙනට්ඨෙන සමන්තචක්ඛු: චුද්දස බුද්ධඤාණානි: දුක්ඛෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං බුද්ධඤාණං, -පෙ- සබ්බඤ්ඤුතඤාණං බුද්ධ ඤාණං, අනාවරණඤාණං, බුද්ධ ඤාණං, ඉමානි චුද්දස බුද්ධඤාණානි. ඉමෙසං චුද්දසන්නං බුද්ධඤාණානං අට්ඨ ඤාණානි සාවකසාධාරණානි, ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි.
Sinhala BJTසමන්තචක්ඛු යනු: කවර අරුතින් ‘සමන්තචක්ඛු’ වෙයි යත්: බුද්ධඥාන තුදුසෙකි: දුඃඛසත්‍යයෙහි ඥානය බුද්ධිඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ ... සර්‍වඥතාඥානය බුද්ධඥාන යැ අනාවරණඥානය බුද්ධඥාන යි. මොහු තුදුස් බුද්ධඥානයෝ යි. මේ තුදුස් බුද්ධඥානයන් අතුරින් ඥානයෝ අටදෙනෙක් ශ්‍රාවකසාධාරණ වෙති. ඥානයෝ සදෙනෙක් ශ්‍රාවකයන් හා සමග අසාධාරණ වෙත්.
Pali BJT‘යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨො ඤාතො, අඤ්ඤාතො දුක්ඛට්ඨො නත්ථි’ති සමන්තචක්ඛු. යං සමන්තචක්ඛු, තං පඤ්ඤින්ද්රියං, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං.
Sinhala BJTයම් පමණ දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය වේ ද ඒ දන්නාලද යැ නො දන්නාලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැත් නු යි ‘සමන්තචක්ඛු’ යැ යමක් සමන්තචක්ඛු වේ ද ඒ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වේ.
Pali BJT‘යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨො දිට්ඨො විදිතො සච්ඡිකතො ඵස්සිතො පඤ්ඤාය, අඵස්සිතො පඤ්ඤාය දුක්ඛට්ඨො නත්ථි’ති සමන්තචක්ඛු. යං සමන්තචක්ඛු, තං පඤ්ඤින්ද්රියං, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං.
Sinhala BJTයම් පමණ දුඃඛයාගේ දුඃඛාර්‍ත්‍ථය වේ ද ඒ දක්නාලද යැ ප්‍රකට කරන ලද යැ සාක්‍ෂාත් කරනලද යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ ප්‍රඥායෙන් නො පහස්නාලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැත් නු යි ‘සමන්තචක්ඛු’ යැ. යමක් ‘සමන්තචක්ඛු’ වේ ද, ඒ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වේ.
Pali BJT‘යාවතා සමුදයස්ස සමුදයට්ඨො -පෙ- යාවතා නිරොධස්ස නිරොධට්ඨො -පෙ- යාවතා මග්ගස්ස මග්ගට්ඨො -පෙ- යාවතා අත්ථපටිසම්භිදාය අත්ථපටිසම්භිදට්ඨො -පෙ- යාවතා ධම්මපටිසම්භිදාය ධම්මපටිසම්භිදට්ඨො -පෙ- යාවතා නිරුත්තිපටිසම්භිදාය නිරුත්තිපටිසම්භිදට්ඨො -පෙ- යාවතා පටිභානපටිසම්භිදාය -පෙ- යාවතා ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණං -පෙ- යාවතා සත්තානං ආසයානුසයෙ ඤාණං -පෙ- යාවතා යමකපාටිහීරෙ ඤාණං -පෙ- යාවතා මහාකරුණාසමාපත්තියා ඤාණං -පෙ- යාවතා සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තං{2} ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, අඵස්සිතං පඤ්ඤාය නත්ථි’ති සමන්තචක්ඛු. යං සමන්තචක්ඛු, තං පඤ්ඤින්ද්රියං, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං.
Sinhala BJTයම් පමණ සමුදයාගේ සමුදයාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ නිරෝධයාගේ නිරෝධාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ මාර්‍ගයාගේ මාර්‍ගාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ අර්‍ත්‍ථප්‍රතිසංවිදාවගේ අර්‍ත්‍ථප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ ධර්‍මප්‍රතිසංවිදාවගේ ධර්‍මප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ නිරුක්තිප්‍රතිසංවිදාවගේ නිරුක්තිප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ ප්‍රතිභානප්‍රතිසංවිදාවගේ ප්‍රතිභානප්‍රතිසංවිදාර්‍ත්‍ථය වේ ද ... යම් පමණ ඉන්‍ද්‍රියපරාවරතාඥානය වේ ද ... යම් පමණ සත්ත්‍වයන්ගේ ආශය අනුශය දන්නා ඥානය වේ ද ... යම් පමණ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය වේ ද ... යම් පමණ මහාකරුණාසමාපත්තිඥානය වේ ද .... යම් පමණ මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවකලෝකයා විසින් මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව විසින් දක්නාලද රූපායතනයෙක් අසනලද ශබ්දායතනයෙක් ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් දන්නා ලද ධර්‍මායතනයෙක් (සොයා හෝ නො සොයා හෝ) ලබනලද්දෙක් (ලබන ලද හෝ නො ලබනලද හෝ) සොයන ලද්දෙක් සිතින් විමසනලද්දෙක් වේ ද ඒ දන්නාලද යැ දක්නාලද යැ ප්‍රකට කරනලද යැ සාක්‍ෂාත් කරන ලද යැ ප්‍රඥායෙන් පහස්නාලද යැ, ප්‍රඥායෙන් නො පහස්නාලද්දෙක් නැත් නු යි ‘සමන්තචක්ඛු’ යැ. යමක් ‘සමන්තචක්ඛු’ වේ ද, ඒ ප්‍රඥේන්‍ද්‍රිය වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය වෙයි, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වේ.
Pali BJTසද්දහන්තො පග්ගණ්හාති, පග්ගණ්හන්තො සද්දහති. සද්දහන්තො උපට්ඨාපෙති, උපට්ඨාපෙන්තො සද්දහති. සද්දහන්තො සමාදහති, සමාදහන්තො සද්දහති සද්දහන්තො පජානාති, පජානන්තො සද්දහති. පග්ගණ්හන්තො උපට්ඨාපෙති, උපට්ඨාපෙන්තො පග්ගණ්හාති. පග්ගණ්හන්තො සමාදහති, සමාදහන්තො පග්ගණ්හාති. පග්ගණ්හන්තො පජානාති, පජානන්තො පග්ගණ්හාති. පග්ගණන්තො සද්දහති, සද්දහන්තො පග්ගණ්හාති. උපට්ඨාපෙන්තො සමාදහති, සමාදහන්තො උපට්ඨාපෙති. උපට්ඨාපෙන්තො පජානාති, පජානන්තො උපට්ඨාපෙති. උපට්ඨාපෙන්තො සද්දහති, සද්දහන්තො උපට්ඨාපෙති. උපට්ඨාපෙන්තො පග්ගණ්හාති, පග්ගණ්හන්තො උපට්ඨාපෙති. සමාදහන්තො පජානාති, පජානන්තො සමාදහති. සමාදහන්තො සද්දහති, සද්දහන්තො සමාදහති. සමාදහන්තො පග්ගණ්හාති, පග්ගණ්හන්තො සමාදහති. සමාදහන්තො උපට්ඨාපෙති, උපට්ඨාපෙන්තො සමාදහති. පජානන්තො සද්දහති, සද්දහන්තො පජානාති. පජානන්තො පග්ගණ්හාති. පග්ගණ්හන්තො පජානාති. පජානන්තො උපට්ඨාපෙති උපට්ඨාපෙන්තො පජානාති. පජානන්තො සමාදහති, සමාදහන්තො පජානාති.
Sinhala BJTහදහනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ හදහයි, හදහනුයේ (අරමුණෙහි සිත) එළවයි, (අරමුණෙහි සිත) එළවනුයේ හදහයි, හදහනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ හදහයි, හදහනුයේ දැනගනී, දැනගනුයේ හදහයි, ප්‍රග්‍රහ කරනුයේ සිත එළවයි, සිත එළවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ දැනගනී, දැනගනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ හදහයි, හදහනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, සිත් එළවනුයේ සිත පිහිටුවයි. සිත පිහිටුවනුයේ සිත එළවයි, සිත එළවනුයේ දැනගනී, දැනගනුයේ සිත එළවයි, සිත එළවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ සිත එළවයි, සිත පිහිටුවනුයේ දැනගනී, දැනගනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ හදහයි, හදහනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ සිත එළවයි, සිත එළවනුයේ සිත පිහිටුවයි, දැනගනුයේ හදහයි, හදහනුයේ දැනගනී, දැනගනුයේ ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහ කරනුයේ දැනගනී, දැනගනුයේ සිත එළවයි, සිත එළවනුයේ දැනගනී, දැනගනුයේ සිත පිහිටුවයි, සිත පිහිටුවනුයේ දැනගනී.
Pali BJTසද්දහිතත්තා පග්ගහිතං, පග්ගහිතත්තා සද්දහිතං; සද්දහිතත්තා උපට්ඨිපිතං, උපට්ඨාපිතත්තා සද්දහිතං; සද්දහිතත්තා සමාදහිතං, සමාදහිතත්තා සද්දහිතං; සද්දහිතත්තා පජානිතං, පජානිතත්තා සද්දහිතං; පග්ගහිතත්තා උපට්ඨාපිතං, උපට්ඨාපිතත්තා පග්ගහිතං; පග්ගහිතත්තා සමාදහිතං, සමාදහිතත්තා පග්ගහිතං; පග්ගහිතත්තා පජානිතං, පජානිතත්තා පග්ගහිතං; පග්ගහිතත්තා සද්දහිතං, සද්දහිතත්තා පග්ගහිතං; උපට්ඨාපිතත්තා සමාදහිතං, සමාදහිතත්තා උපට්ඨාපිතං; උපට්ඨාපිතත්තා පජානිතං, පජානිතත්තා උපට්ඨාපිතං; උපට්ඨාපිතත්තා සද්දහිතං, සද්දහිතත්තා උපට්ඨාපිතං; උපට්ඨාපිතත්තා පග්ගහිතං, පග්ගහිතත්තා උපට්ඨාපිතං; සමාදහිතත්තා පජානිතං, පජානිතත්තා සමාදහිතං; සමාදහිතත්තා සද්දහිතං, සද්දහිතත්තා සමාදහිතං; සමාදහිතත්තා පග්ගහිතං, පග්ගහිතත්තා සමාදහිතං; සමාදහිතත්තා උපට්ඨාපිතං, උපට්ඨාපිතත්තා සමාදහිතං; පජානිතත්තා සද්දහිතං, සද්දහිතත්තා පජානිතං; පජානිතත්තා පග්ගහිතං, පග්ගහිතත්තා පජානිතං; පජානිතත්තා උපට්ඨාපිතං, උපට්ඨාපිතත්තා පජානිතං; පජානිතත්තා සමාදහිතං, සමාදහිතත්තා පජානිතං.
Sinhala BJTහදහනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහකරනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් අරමුණෙති එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් දන්නාලද, දන්නාලද වන බැවින් හදහනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් අරමුණෙහි එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් දන්නාලද, දන්නාලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; ප්‍රග්‍රහ කරනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද; අරමුණෙහි එළවනලද වන බැවින් පිහිටුවනලද, සමාදහිත බැවින් අරමුණෙහි එළවනලද; අරමුණෙහි එළවනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් අරමුණෙහි එළවනලද; අරමුණෙහි එළවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් අරමුණෙනි එළවනලද; අරමුණෙහි එළවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහ කරනලද වන බැවින් අරමුණෙහි එළවනලද; (අරමුණෙහි) පිහිටුවනලද වන බැවින් දන්නාලද, දන්නාලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් හදහනලද; හදහනලද වන බැවින් පිහිටුවනලද; පිහිටුවනලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහ කරනලද වන බැවින් පිහිටුවනලද; පිහිටුවනලද වන බැවින් අරමුණෙහි එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් පිහිටුවනලද; දන්නාලද වන බැවින් හදහනලද, හදහනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් ප්‍රග්‍රහ කරනලද, ප්‍රග්‍රහ කරනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් අරමුණෙකි එළවනලද, අරමුණෙහි එළවනලද වන බැවින් දන්නාලද; දන්නාලද වන බැවින් පිහිටුවනලද, පිහිටුවනලද වන බැවින් දන්නාලද.
Pali BJTයං බුද්ධචක්ඛු, තං බුද්ධඤාණං; යං බුද්ධඤාණං, තං බුද්ධචක්ඛු, යෙන චක්ඛුනා තථාගතො සත්තෙ පස්සති අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො{1} අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො.
Sinhala BJTයමක් ‘බුද්ධචක්ඛු’ වේ ද, ඒ බුද්ධඥාන වෙයි, යමක් බුද්ධඥාන වේ ද, ඒ බුද්ධචක්ඛු වෙයි, යම් නුවණැසෙකින් තථාගතයන් වහන්සේ සත්ත්‍වයන් අල්ප වූ (රාගාදි) රජස් ඇතියන් මහත් වූ රාගාදි රජස් ඇතියන් තියුණු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය ඇතියන් මෘදු වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය ඇතියන් සුන්‍දර වූ ශ්‍රද්ධාදි ආකාර ඇතියන් ගර්හිත වූ ශ්‍රද්ධාදි ආකාර ඇතියන් සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවියහැකි ඇතැමකුන් පරලෝකවද්‍යයෙහි භය දක්නාසුල්ලන් ඇතැමකුන් පරලෝකවද්‍යයහි භය නො දක්නාසුල්ලන් දකිත් ද ඒ බුද්ධචක්‍ෂුස යි.
Pali BJTඅප්පරජක්ඛෙ මහාරජක්ඛෙති සද්ධො පුග්ගලො අප්පරජක්ඛො, අස්සද්ධො පුග්ගලො මහාරජක්ඛො; ආරද්ධවිරියො පුග්ගලො අප්පරජක්ඛො, කුසීතො පුග්ගලො මහාරජක්ඛො; උපට්ඨිතසති{1}, පුග්ගලො අප්පරජක්ඛො, මුට්ඨස්සති පුග්ගලො මහාරජක්ඛො; සමාහිතො පුග්ගලො අප්පරජක්ඛො; අසමාහිතො පුග්ගලො මහාරජක්ඛො; පඤ්ඤවා පුග්ගලො අප්පරජක්ඛො, දුප්පඤ්ඤො පුග්ගලො මහාරජක්ඛො.
Sinhala BJTඅප්පරජක්ඛෙ මහාරජක්ඛෙ යනු: සැදැහැති පුද්ගල තෙම අල්පරජස්ක යැ සැදැහැ නැති පුද්ගල තෙම මහාරජස්ක යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ කුසීත වූ පුද්ගල තෙම මහාරජස්ක යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මහාරජස්ක යැ සමාහිත වූ පුද්ගල තෙම අල්පරජස්ක යැ සමාහිත නො වූ පුද්ගල තෙම මහාරජස්ක යැ ප්‍රඥා ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ ප්‍රඥා නැති පුද්ගල තෙම මහාරජස්ක යි.
Pali BJTතික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙති. සද්ධො පුග්ගලො තික්ඛින්ද්රියො, අස්සද්ධො පුග්ගලො මුදින්ද්රියො; -පෙ- පඤ්ඤවා පුග්ගලො තික්ඛින්ද්රියො, දුප්පඤ්ඤො පුග්ගලො මුදින්ද්රියො.
Sinhala BJTතික්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම තියුණු ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ... ප්‍රඥා ඇති පුද්ගල තෙම තියුණු ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ප්‍රඥා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යි.
Pali BJTස්වාකාරෙ ද්වාකාරෙති සද්ධො පුග්ගලො ස්වාකාරො, අස්සද්ධො පුග්ගලො ද්වාකාරො; -පෙ- පඤ්ඤවා පුග්ගලො ස්වාකාරො, දුප්පඤ්ඤො පුග්ගලො ද්වාකාරො.
Sinhala BJTස්වාකාරෙ ද්වාකාරෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම සුන්‍දරආකාර ඇත්තේ යැ. ශ්‍රද්ධා නැති පුද්ගල තෙම ගර්හිත ආකාර ඇත්තේ යැ ... ප්‍රඥා ඇති පුද්ගල තෙම සුන්‍දර ආකාර ඇත්තේ යැ ප්‍රඥා නැති පුද්ගල තෙම ගර්තිත ආකාර ඇත්තේ යි.
Pali BJTසුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙති සද්ධො පුග්ගලො සුවිඤ්ඤාපයො, අස්සද්ධො පුග්ගලො දුවිඤ්ඤාපයො -පෙ- පඤ්ඤවා පුග්ගලො සුවිඤ්ඤාපයො, දුප්පඤ්ඤො පුග්ගලො දුවිඤ්ඤාපයො.
Sinhala BJTසුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම සුවසේ හැඟැවිය හැක්කේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම දුකසේ හැඟැවිය හැක්කේ යැ ... ප්‍රඥා ඇති පුද්ගල තෙම සුවෙස් හැඟැවිය හැක්කේ යැ ප්‍රඥා නැති පුද්ගල තෙම දුකසේ හැඟැවිය හැක්කේ යි.
Pali BJTඅප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනොති සද්ධො පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවී, අස්සද්ධො පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවී -පෙ- පඤ්ඤවා පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවී, දුප්පඤ්ඤො පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවී.
Sinhala BJTඅප්පේකච්චේ පරලෝකවජ්ජභයදස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු නො වෙයි. ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු යැ කුසීද පුද්ගල තෙම පරලෝකවද්‍යාභය දක්නාසුලු නො වෙයි ... ප්‍රඥා ඇති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු යැ ප්‍රඥා නැති පුද්ගල තෙම පරලෝකවද්‍යභය දක්නාසුලු නො වේ.
Pali BJTලොකොති ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො විපත්තිභවලොකො විපත්තිසම්භවලොකො සම්පත්තිභවලොකො සම්පත්තිසම්භවලොකො.
Sinhala BJTලෝකෝ යනු: ස්කන්‍ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ විපත්තීභව (අපාය) ලෝක යැ විපත්තීසම්භව (අපායෝපගකර්‍ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භව (සුගතූපගකම්ම) ලෝක යි.
Pali BJTඑකො ලොකො: සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා, ද්වෙ ලොකා: නාමඤ්ච රූපඤ්ච, තයො ලොකා, තිස්සො වෙදනා, චත්තාරො ලොකා: චත්තාරො ආහාරා, පඤ්ච ලොකා: පඤ්චුපාදානක්ඛන්ධා, ඡ ලොකා: ඡ අජ්ඣත්තිකානි ආයතනානි, සත්ත ලොකා: සත්ත විඤ්ඤාණට්ඨිතියො, අට්ඨ ලොකා: අට්ඨ ලොකධම්මා, නව ලොකා: නව සත්තාවාසා, දස ලොකා: දසායතනානි, ද්වාදස ලොකා: ද්වාදසායතනානි, අට්ඨාරස ලොකා: අට්ඨාරසධාතුයො.
Sinhala BJTලෝ එකෙක් වෙයි: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ, ලොව්හු දෙදෙනෙක් වෙති: නාමය හා රූපය හා යැ, ලොව්හු තිදෙනෙක් වෙති: තුන් වේදනා යැ, ලොව්හු සතර දෙනෙක් වෙති: සතර ආහාරයෝ යැ, ලොව්හු පස්දෙනෙක් වෙති: පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ, ලොව්හු සදෙනෙක් වෙති: ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ, ලොව්හු සත් දෙනෙක් වෙති: සප්තවිඥානස්ථිතීහු යැ, ලොව්හු අටදෙනෙක් වෙති: අෂ්ටලෝකධර්‍මයෝ යැ, ලොව්හු නවදෙනෙක් වෙති: නවසත්ත්‍වාසයෝ යැ, ලොව්හු දසදෙනෙක් වෙති: දශආයතනයෝ යැ, ලොව්හු දොළොස් දෙනෙකි. දොළොස් ආයතනයෝ යැ, ලොව්හු අටළොස් දෙනෙකි: අටළොස්ධාතූහු යි.
Pali BJTවජ්ජන්ති සබ්බෙ කිලෙසා වජ්ජා, සබ්බෙ දුච්චරිතා වජ්ජා, සබ්බෙ අභිසඞ්ඛාරා වජ්ජා, සබ්බෙ භවගාමීකම්මා වජ්ජා. ඉති ඉමස්මිඤ්ච ලොකෙ ඉමස්මිඤ්ච වජ්ජෙ තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොන්ති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ.
Sinhala BJTවජ්ජං යනු: හැම කෙලෙස්හු වද්‍යයෝ සැ, හැම දුසිරිත්හු වද්‍යයෝ යැ. හැම අභිසංස්කාරයෝ වද්‍යයෝ යැ, හැම භවගාමීකර්‍මයෝ වද්‍යයෝ යි. මෙසේ මෙලෙව්හි ද මේ වද්‍යයෙහි ද බලවත් වූ ‘භය’ සංඥාවෝ ඔසවනලද අසිපත් ඇති වධකයකු කෙරෙහි සෙයින් එළඹසිටියාහු වෙති.
Pali BJTඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි ඉමානි පඤ්චින්ද්රියානි ජානාති පස්සති අඤ්ඤාති පටිවිජ්ඣතී’ති.
Sinhala BJTමේ පනස් අයුරින් මේ පඤ්චේන්‍ද්‍රියයන් (තථාගතයෝ) දැනගනිති, දකිති, හාත්පසින් දැනගනිති, ප්‍රතිවේධ කෙරෙත්.
Pali BJTතතියො භාණවාරො.
Sinhala BJTතුන්වැනි බණවර යි.
Pali BJTඉන්ද්රියකථා සමත්තා.
Sinhala BJTඉන්‍ද්‍රියකථා නිමි.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTවිමොක්ඛකථා
Sinhala BJTවිමෝක්‍ෂකථා
Pali BJT[සාවත්ථිනිදානං]{1}
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5-1. “තයොමෙ භික්ඛවෙ, විමොක්ඛා, කතමෙ තයො: සුඤ්ඤතො විමොක්ඛො, අනිමිත්තො විමොක්ඛො, අප්පණිහිතො විමොක්ඛො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො විමොක්ඛො.”
Sinhala BJT5-1. ”මහණෙනි, මේ විමෝක්‍ෂයෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක් ද යත්: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යි. මහණෙනි, මොහු තුන්විමෝක්‍ෂයෝ යි.”
Pali BJTඅපිච- අට්ඨසට්ඨි විමොක්ඛා: සුඤ්ඤතො විමොක්ඛො, අනිමිත්තො විමොක්ඛො, අප්පණිහිතො විමොක්ඛො, අජ්ඣත්තවුට්ඨානො විමොක්ඛො, බහිද්ධාවුට්ඨානො විමොක්ඛො, දුභතොවුට්ඨානො විමොක්ඛො, අජ්ඣත්තවුට්ඨානා චත්තාරො විමොක්ඛා, බහිද්ධාවුට්ඨානා චත්තාරො විමොක්ඛා, දුභතොවුට්ඨානා චත්තාරො විමොක්ඛා, අජ්ඣත්තවුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛො, බහිද්ධාවුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා, දුභතොවුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා, අජ්ඣත්තවුට්ඨානපටිප්පස්සද්ධි{2} චත්තාරො විමොක්ඛා, බහිද්ධාවුට්ඨානපටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා, දුභතොවුට්ඨානපටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා. ‘රූපී රූපානි පස්සතී’ති විමොක්ඛා, ‘අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධාරූපානි පස්සතී’ති විමොක්ඛො, ‘සුභන්තෙ’ව අධිමුත්තො හොතී’ති විමොක්ඛො. ආකාසානඤ්චායතනසමාපත්තිවිමොක්ඛො, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවිමොක්ඛො, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවිමොක්ඛො, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවිමොක්ඛො, සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තිවිමොක්ඛො. සමයවිමොක්ඛො, අසමයවිමොක්ඛො, සාමයිකො{3} විමොක්ඛො, අසාමයිකො විමොකෙඛා. කුප්පො විමොක්ඛො අකුප්පො විමොක්ඛො. ලොකියො විමොක්ඛො, ලොකුත්තරො විමොක්ඛො, සාසවො විමොක්ඛො, අනාසවො විමොක්ඛො. සාමිසො විමොක්ඛො, නිරාමිසො විමොක්ඛො, නිරාමිසා{4} නිරාමිසතරො විමොක්ඛො, පණිහිතො විමොක්ඛො, අප්පණිහිතො විමොක්ඛො, පණිහිතපටිප්පස්සද්ධි විමොක්ඛො, සඤ්ඤුත්තො විමොක්ඛො, විසඤ්ඤුත්තො විමොක්ඛො, එකත්තවිමොක්ඛො, නානත්තවිමොක්ඛො, සඤ්ඤාවිමොක්ඛො, ඤාණවිමොක්ඛො, සීතිසියාවිමොක්ඛො,{5} ඣානවිමොක්ඛො, අනුපාදා චිත්තස්ස විමොක්ඛො.
Sinhala BJTතවද විමෝක්‍ෂයෝ අට සැට දෙනෙක් වෙති: ශුන්‍යතවිමෝක්‍ෂ යැ අනිමිත්තවිමෝක්‍ෂ යැ අප්‍රණිහිතවිමෝක්‍ෂ යැ (සතර ධ්‍යානයෝ අධ්‍යාත්මයෙහි නීවරණාදියෙන් නැඟීසිටුනා හෙයින්) අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ යැ (සතර අරූපසමාපත්තිහු ආලම්බනයන් කෙරෙන් නැඟිසිටුනා හෙයින්) බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ යැ දුභතෝවුට්ඨාන (සමුච්ඡේද) විමොක්ඛ යැ අජ්ඣත්තවුට්ඨාන වූ ධ්‍යාන සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨාන වූ අරූපසමාපත්ති සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ යැ අජ්ඣත්තවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ යැ අජ්ඣත්නවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ බහිද්ධාවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ දුභතෝවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ යැ රූපධ්‍යාන ඇත්තේ (කසිණාදි බාහිර) රූපයන් (ධ්‍යානචක්‍ෂුසින්) දකී නු’යි විමෝක්‍ෂ යැ අධ්‍යාත්මයෙහි ‘රූප’ යැ යන සංඥා නැත්තේ බාහිරරූපයන් දකී නු’යි විමෝක්‍ෂ යැ ‘ශුභ’ යැ යි අධිමුක්ත වේ නු’යි විමෝක්‍ෂ යැ ආකාසානඤ්චායතනසමාපත්ති විමෝක්‍ෂ යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්ති විමෝක්‍ෂ යැ ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති විමෝක්‍ෂ යැ නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති විමෝක්‍ෂ යැ සංඥාවේදයිත නිරෝධසමාපත්ති විමෝක්‍ෂ යැ සමය විමෝක්‍ෂ යැ අසමය විමෝක්‍ෂ යැ සාමයිකව විමෝක්‍ෂ යැඅසාමයික විමෝක්‍ෂ යැ කොප්‍යවිමෝක්‍ෂ යැ අකෝප්‍ය විමෝක්‍ෂ යැ ලෞකික විමෝක්‍ෂ යැ ලෝකෝත්තර විමෝක්‍ෂ යැ සාස්‍රව විමෝක්‍ෂ යැ අනාස්‍රව විමෝක්‍ෂ යැ සාම්ෂ විමෝක්‍ෂ යැ නිරාමිෂ විමෝක්‍ෂ යැ නිරාමිෂයට වඩා අතිශයින් නිරාමිෂ වූ විමෝක්‍ෂ යැ ප්‍රණීහිත විමෝක්‍ෂ යැ අප්‍රණිහිත විමෝක්‍ෂ යැ ප්‍රණිධි සන්හිඳීම් සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ යැ සංයුක්ත විමෝක්‍ෂ යැ විසංයුක්ත විමෝක්‍ෂ යැ ඒකත්‍ව විමෝක්‍ෂ යැ නානාත්‍ව විමෝක්‍ෂ යැ සංඥා විමෝක්‍ෂ යැ ඥානවිමෝක්‍ෂ යැ (විදර්‍ශනාඥානය මැ) ‘සිහිල් වන්නේ යැ’යි පවත්නා විමෝක්‍ෂ යැ ධ්‍යාන විමෝක්‍ෂ යැ උපාදාන නො කොට චිත්තයාගේ විමෝක්‍ෂය යි.
Pali BJTවිමොක්ඛුද්දෙසො.
Sinhala BJTවිමෝක්‍ෂෝද්දේශ යි.
Pali BJTකතමො සුඤ්ඤතො විමොක්ඛො: “ඉධ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: ‘සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වා’ති. ‘සො තත්ථ අභිනිවෙසං න කරොතී’ති සුඤ්ඤතො විමොක්ඛො. අයං සුඤ්ඤතො විමොක්ඛො.
Sinhala BJTශුන්‍යතවිමෝක්‍ෂ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හෝ ශුන්‍ය වේ’ යයි. හෙතෙම එහි අභිනිවේශ නො කෙරේ නු’යි ශුන්‍යත විමෝක්‍ෂ නම. මේ ශුන්‍යතවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අනිමිත්තො විමොක්ඛො: ඉධ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: ‘සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වා’ති. සො තත්ථ නිමිත්තං න කරොතී’ති අනිමිත්තො විමොක්ඛො. අයං අනිමිත්තො විමොක්ඛො.
Sinhala BJTඅනිමිත්තවිමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්‍මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හේ ශුන්‍ය වේ” යයි. හෙතෙම එහි (නිත්‍ය) නිමිත්ත නො කෙරේ නු’යි අනිමිත්තවිමෝක්‍ෂ නම්, මේ අනිමිත්තවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අප්පණිහිතො විමොක්ඛො: ඉධ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: ‘සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වා’ති. සො තත්ථ පණිධිං න කරොතී’ති අප්පණිහිතො විමොක්ඛො. අයං අප්පණිහිතො විමොක්ඛො.
Sinhala BJTඅප්‍රණිහිතවිමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්‍මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ පඤ්චස්කඣය තෙම ආත්මයෙන් හෝ ආත්මීයයෙන් හේ ශුන්‍ය වේ” යයි. හෙතෙම එහි ප්‍රණිධි නො කෙරේ නු’යි අප්‍රණිහිතවිමෝක්‍ෂ නම, මේ අප්‍රණිහිතවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අජ්ඣත්තවුට්ඨානො විමොක්ඛො: චත්තාරි ඣානානි. අයං අජ්ඣත්තවුට්ඨානො විමොක්ඛො.
Sinhala BJTඅජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ කවරෙ යත්: සතර ධ්‍යානයෝ යි. මේ අජ්ඣත්තවුට්ඨානවිමෝක්ඛ නම් වෙයි.
Pali BJTකතමො බහිද්ධාවුට්ඨානො විමොක්ඛො: චතස්සො අරූපසමාපත්තියො, අයං බහිද්ධාවුට්ඨානො විමොක්ඛො.
Sinhala BJTබහිද්ධාවුට්ඨානවිමෝක්ඛ කවරෙ යත්: සතර අරූපසමාපත්තීහු යි. මේ බහිද්ධාවුට්ඨානවිමෝක්ඛ නම් වෙයි.
Pali BJTකතමො දුභතොවුට්ඨානො විමොක්ඛො: චත්තාරො අරියමග්ගා. අයං දුභතොවුට්ඨානො විමොක්ඛො.
Sinhala BJTදුභතොවුට්ඨානවිමෝක්‍ෂ කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ යි. මේ දුභතෝවුට්ඨානවිමොක්ඛ නම් වෙයි.
Pali BJTකතමෙ අජ්ඣත්තවුට්ඨානා විමොක්ඛො: පඨමං ඣානං{1} නීවරණෙහි වුට්ඨාති, දුතියං ඣානං විතක්කවිචාරෙහි වුට්ඨාති, තතියං ඣානං පීතියා වුට්ඨාති, චතුත්ථං ඣානං සුඛදුක්ඛෙහි වුට්ඨාති. ඉමෙ අජ්ඣත්තවුට්ඨානා චත්තාරො විමොක්ඛා.
Sinhala BJTඅධ්‍යාත්මව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ප්‍රථමධ්‍යානය (අධ්‍යාත්මයෙහි) නීවරණයන් කෙරෙන් නැඟෙයි, ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරයන් කෙරෙන් නැඟෙයි, තෘතීයධ්‍යානය ප්‍රීතිය කෙරෙන් නැඟෙයි, චතුර්‍ත්‍ථධ්‍යානය සුඛදුඃඛයන් කෙරෙන් නැඟේ. මොහු අධ්‍යාත්මව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ බහිද්ධාවුට්ඨානා චත්තාරො විමොක්ඛා: ආකාසානඤ්චායතනසමාපත්ති රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය වුට්ඨාති, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති ආකාසානඤ්චායතනසඤ්ඤාය වුට්ඨාති, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය වුට්ඨාති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය වුට්ඨාති. ඉමෙ බහිද්ධාවුට්ඨානා චත්තාරො විමොක්ඛා.
Sinhala BJTබහිර්ව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ආකාසානඤ්චායතන සමාපත්තිය රූපසංඥායෙන් ප්‍රතිඝසංඥායෙන් නානාත්‍වසංඥායෙන් නැඟෙයි, විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ආකාසානඤ්චායතනසංඥාව කෙරෙන් නැඟෙයි, ආකිඤ්ඤඤ්ඤායතන සමාපත්තිය විඤ්ඤාණඤ්චායතනසංඥාව කෙරෙන් නැඟෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ආකිඤ්ඤඤ්ඤායතනසංඥාව කෙරෙන් නැඟේ. මොහු බහිර්ව්‍යුත්‍ථාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ දුභතො වුට්ඨානා චත්තාරො විමොක්ඛා: සොතාපත්තිමග්ගො සක්කායදිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසා දිට්ඨානුසයා විචිකිච්ඡානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති; සකදාගාමිමග්ගො ඔළාරිකා කාමාරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා ඔළාරිකා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති; අනාගාමිමග්ගො අණුසහගතා කාමරාගසඤ්ඤොජනා පටිඝසඤ්ඤොජනා අණුසහගතා කාමරාගානුසයා පටිඝානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි වුට්ඨාති,
Sinhala BJTදුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගය සත්කායදෘෂ්ටිවිචිකිත්සාශීලව්‍රතපරාමර්‍ශ කෙරෙන් දෘෂ්ට්‍යනුශය කෙරෙන් විචිකිත්සානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි, සකෘදාගාමිමාර්‍ගය ඖදාරික වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් ඖදාරික වූ කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි, අනාගාමිමාර්‍ගය අණුසහගත වූ කාමරාගසංයෝජනය කෙරෙන් ප්‍රතිඝසංයෝජනය කෙරෙන් අණුසහගත වූ කාමරාගානුශය කෙරෙන් ප්‍රතිඝානුශය කෙරෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි, බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟෙයි,
Pali BJTඅරහත්තමග්ගො රූපරාගා අරූපරාගා මානා උද්ධච්චා අවිජ්ජාය මානානුසයා භවරාගානුසයා අවිජ්ජානුසයා වුට්ඨාති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච වුට්ඨාති, බහිද්ධා ච සබ්බනිමිත්තෙමි වුට්ඨාති, ඉමෙ දුභතො වුට්ඨානා චත්තාරො විමොක්ඛා.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගය රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යායෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් නැඟෙයි, එය අනුව පවත්නා කෙලෙසුන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නැඟෙයි. බාහිර වූත් සියලු නිමිති කෙරෙන් නැඟේ. මොහු දුභතෝවුට්ඨාන වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ අජ්ඣත්තවුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා: පඨමං ඣානං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච, දුතියං ඣානං පටිලාභත්ථාය -පෙ- තතියං ඣානං පටිලාභත්ථාය -පෙ- චතුත්ථං ඣානං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච, ඉමෙ අජ්ඣත්තවුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා.
Sinhala BJTඅධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ප්‍රථමධ්‍යානය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද, ද්විතීයධ්‍යානය ලැබීම පිණිස ... තෘතීයධ්‍යානය ලැබීම පිණිස ... චතුර්‍ත්‍ථධ්‍යානය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද යන මොහු අධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ බහිද්ධාවුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා: ආකාසානඤ්චායතනසමාපත්තිං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං පටිලාභත්ථාය විතක්කො ච විචාරො ච පීති ච සුඛඤ්ච චිත්තෙකග්ගතා ච, ඉමෙ බහිද්ධාවුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා.
Sinhala BJTබාහිර ව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ආකාසානඤ්චායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද, විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ... ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලැබීම පිණිස විතර්‍කය ද විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද යන මොහු බාහිර ව්‍යුත්‍ථානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ දුභතො වුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා: සොතාපත්තිමග්ගං පටිලාභත්ථාය අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා, සකදාගාමිමග්ගං පටිලාභත්ථාය -පෙ- අනාගාමිමග්ගං -පෙ- අරහත්තමග්ගං පටිලාභත්ථාය අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා. ඉමෙ දුභතො වුට්ඨානානං අනුලොමා චත්තාරො විමොක්ඛා.
Sinhala BJTදුභතෝවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගය ලැබීම පිණිස අනිත්‍යානුදර්‍ශනය දුඃඛානුදර්‍ශනය අනාත්මානුදර්‍ශනය යැ, සකෘදාගාමිමාර්‍ගය ලැබීම පිණිස ... අනාගාමිමාර්‍ගය ලැබීම පිණිස ... අර්‍හන්මාර්‍ගය ලැබීම පිණිස අනිත්‍යානුදර්‍ශනය දුඃඛානුදර්‍ශනය අනාත්මානුදර්‍ශනය යි. මොහු දුභතෝවුට්ඨානයන්ට අනුලොම් වූ සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ අජ්ඣත්තවුට්ඨාන{1} පටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා: පඨමස්ස ඣානස්ස{2} පටිලාභො වා විපාකො වා, දුතියස්ස ඣානස්ස -පෙ- තතියස්ස ඣානස්ස -පෙ- චතුත්ථස්ස ඣානස්ස පටිලාභො වා විපාකො වා, ඉමෙ අජ්ඣත්තවුට්ඨානපටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා.
Sinhala BJTඅධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ප්‍රථමධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ, ද්විතීයධ්‍යානයාගේ ... තෘතීයධ්‍යානයාගේ ... චතුර්‍ත්‍ථධ්‍යානයාගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යි. මොහු අධ්‍යාත්මව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ බහිද්ධා වුට්ඨාන{3} පටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා: ආකාසානඤ්චායතනසමාපත්තියා පටිලාභො වා විපාකො වා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා පටිලාභො වා විපාකො වා, ඉමෙ බහිද්ධාවුට්ඨානපටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා.
Sinhala BJTබාහිර ව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ආකාසානඤ්චායතන සමාපත්තියගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යැ, විඤ්ඤාණඤ්චායතන සමාපත්තියගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියගේ ප්‍රතිලාභය හෝ විපාකය හෝ යි. මොහු බාහිර ව්‍යුත්‍ථානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකතමෙ දුභතො වුට්ඨානපටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා: සොතාපත්තිමග්ගස්ස සොතාපත්තිඵලං, සකදාගාමිමග්ගස්ස සකදාගාමිඵලං, අනාගාමිමග්ගස්ස අනාගාමිඵලං, අරහත්තමග්ගස්ස අරහත්තඵලං. ඉමෙ දුභතො වුට්ඨානපටිප්පස්සද්ධි චත්තාරො විමොක්ඛා.
Sinhala BJTදුභතෝවුට්ඨනයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ කවරහ යත්: ස්‍රෝතාපත්තිමාර්‍ගයට ස්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමිමාර්‍ගයට සකෘදාගාමිඵල යැ අනාගාමිමාර්‍ගයට අනාගාමිඵල යැ අර්‍හන්මාර්‍ගයට අර්‍භන්ඵල යි. මොහු දුභතෝවුට්ඨානයන්ගේ සන්හිඳීම් සඞ්ඛ්‍යාත සතර විමෝක්‍ෂයෝ වෙති.
Pali BJTකථං ‘රූපී රූපානි පස්සතී’ති විමොක්ඛො: ඉධෙකච්චො අජ්ඣත්තං පච්චත්තං නීලමිත්තං මනසිකරොති, නීලසඤ්ඤං පටිලභති, සො තං නිමිත්තං සුග්ගහිතං කරොති, සූපධාරිතං උපධාරෙති, ස්වාවත්ථිතං අවත්ථා පෙති{1} සො තං නිමිත්තං සුග්ගහිතං කත්වා සූපධාරිතං උපධාරෙත්වා ස්වාවත්ථිතං අවත්ථාපෙත්වා බහිද්ධා නීලනිමිත්තෙ චිත්තං උපසංහරති, නීලසඤ්ඤං පටිලභති. සො තං නිමිත්තං සුග්ගහිතං කරොති, සූපධාරිතං උපධාරෙති, ස්වාවත්ථිතං අවත්ථාපෙති,{1} සො තං නිමිත්තං සුග්ගහිතං කත්වා සූපධාරිතං උපධාරෙත්වා ස්වාවත්ථිතං{2} අවත්ථාපෙත්වා ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස එවං හොති: ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච උභයමිදං රූප’න්ති රූපසඤ්ඤී හොති.
Sinhala BJTකිසෙයින් රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී නු’යි විමෝක්‍ෂ වෙයි යත්: මෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා නීලනිමිත්ත මෙනෙහි කෙරෙයි, ‘නීල’ යැ යන සංඥාව ලබයි. හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට බාහිර වූ නීල (කසිණ) නිමිත්තෙහි සිත එළවයි. ‘නීල’ යැ යන සංඥාව ලබයි. හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ග්නනා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “අධ්‍යාත්ම වූත් බාහිර වූත් මෙදෙක රූප වේ” යයි. ‘රූප’ යැ යන සංඥා ඇත්තේ වෙයි.
Pali BJTඉධෙකච්චො අජ්ඣත්තං පච්චත්තං පීතනිමිත්තං -පෙ- ලොහිතනිමිත්තං -පෙ- ඔදාතනිමිත්තං මනසිකරොති, ඔදාතනිමිත්තං පටිලභති, සො තං නිමිත්තං සුග්ගහිතං කරොති, සූපධාරිතං උපධාරෙති, ස්වාවත්ථිතං අවත්ථාපෙති;{1} සො තං නිමිත්තං සුග්ගහිතං කත්වා සූපධාරිතං උපධාරෙත්වා ස්වාවත්ථිතං අවත්ථාපෙත්වා බහිද්ධා ඔදාතනිමිත්තෙ චිත්තං උපසංහරති, ඔදාතසඤ්ඤං පටිලභති. සො තං නිමිත්තං සුග්ගහිතං කරොති, සූපධාරිතං උපධාරෙති, ස්වාවත්ථිතං අවත්ථාපෙති, සො තං නිමිත්තං සුග්ගහිතං කත්වා සූපධාරිතං උපධාරෙත්වා ස්වාවත්ථිතං අවත්ථාපෙත්වා ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස එවං හොති: ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච උභයමිදං රූප’න්ති රූපසඤ්ඤී හොති. එවං ‘රූපී රූපානි පස්සතී’ති විමොක්ඛො.
Sinhala BJTමෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා පීත නිමිත්ත ... ලෝහිතනිමිත්ත ... ඕදාත නිමිත්ත මෙනෙහි කෙරෙයි, ඕදාත නිමිත්ත ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට බාහිර වූ ඕදාත (කසිණ) නිමිත්තෙහි සිත එළවයි. ඕදාත යැ යන සංඥාව ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි. සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙහි, බහුල කෙරෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි. “අධ්‍යාත්ම වූත් බාහිර වූත් මෙදෙක රූප වේ” යයි. ‘රූප’ යැ යන සංඥා ඇත්තේ වෙයි. මෙසෙයින් ‘රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී නු’යි විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකථං ‘අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සතී’ති විමොක්ඛො: ඉධෙකච්චො අජ්ඣත්තං පච්චත්තං නීලනිමිත්තං න මනසිකරොති, නීලසඤ්ඤං න පටිලභති, බහිද්ධා නීලනිමිත්තෙ චිත්තං උපසංහරති, නීලං සඤ්ඤං පටිලභති; සො තං නිමිත්තං සුග්ගහිතං කරොති, සූපධාරිතං උපධාරෙති, ස්වාවත්ථිතං අවත්ථාපෙති. සො තං නිමිත්තං සුග්ගහිතං කත්වා සූපධාරිතං උපධාරෙත්වා ස්වාවත්ථිතං අවත්ථාපෙත්වා ආසෙවති භාවෙති බහුලීකරොති, තස්ස එවං හොති: ‘අජ්ඣත්තං අරූපං{3} බහිද්ධා රූපමිද’න්ති රූපසඤ්ඤී හොති.
Sinhala BJTකිසෙයින් “අධ්‍යාත්මයෙහි ‘රූප’ යැ යන සංඥා නැත්තේ බාහිර රූපයන් දකී” නු’යි විමෝක්‍ෂ වෙයි යත්: මෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා නීලනිමිත්ත නො මෙනෙහි කෙරෙයි, ‘නීල’ යැ යන සංඥාව නො ලබයි, බාහිර වූ නීල නිමිත්තෙහි සිත එළවයි, ‘නීල’ යැ යන සංඥාව ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “අධ්‍යාත්මයෙහි ‘රූප’ නොවෙයි මේ බාහිර රූපය වේ” යයි රූපය යන සංඥා ඇත්තේ වෙයි.
Pali BJTඉධෙකච්චො අජ්ඣත්තං පච්චත්තං පීතනිමිත්තං -පෙ- ලොහිතනිමිත්තං -පෙ- ඔදාතනිමිත්තං න මනසි කරොති, ඔදාතසඤ්ඤං න පටිලභති, බහිද්ධා ඔදාතනිමිත්තෙ චිත්තං උපසංහරති, ඔදාතසඤ්ඤං පටිලභති; සො තං නිමිත්තං සුග්ගහිතං කත්වා සූපධාරිතං උපධාරෙත්වා ස්වාවත්ථිතං අවත්ථාපෙත්වා ආසෙවති භාවෙති බහුලීකරොති, තස්ස එවං හොති: ‘අජ්ඣත්තං අරූපං බහිද්ධා රූපමිද’න්ති රූපසඤ්ඤී, හොති. එවං ‘අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සතී’ති විමොක්ඛා.
Sinhala BJTමෙසස්නෙහි ඇතැමෙක් තමා කෙරෙහි පවත්නා තමා පිණිස පවත්නා ‘පීත’ නිමිත්ත ... ‘ලෝහිත’ නිමිත්ත ... ‘ඕදාත’ නිමිත්ත නො මෙනෙහි කෙරෙයි, ‘ඕදාත’ යැ යන සංඥාව නො ලබයි, බාහිර වූ ඕදාත නිමිත්තෙහි සිත එළවයි, ‘ඕදාත’ යැ යන සංඥාව ලබයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කෙරෙයි, සූපධාරිත කොට විමසයි, සුනිශ්චිත කොට නිශ්චය කෙරෙයි, හෙතෙම ඒ නිමිත්ත මොනොවට ගන්නා ලද්දක් කොට සූපධාරිත කොට විමසා සුනිශ්චිත වැ නිශ්චය කොට ආසේවන කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “අධ්‍යාත්මයෙහි රූප නොවෙයි, මේ බාහිර රූපය වේ” යයි රූපය යන සංඥා ඇත්තේ වෙයි. මෙසෙසින් ‘අධ්‍යාත්මයෙහි රූපය යන සංඥා නැත්තේ බාහිර රූපයන් දකී නු’යි විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකථං සුභන්තෙ’ව අධිමුත්තො{1} හොතීති විමොක්ඛො: ඉධ භික්ඛු මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං.{2} ඉති උද්ධමධො තිරියං සබ්බාධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන{3} ඵරිත්වා විහරති, මෙත්තාය භාවිතත්තා සත්තා අප්පටිකූලා{4} හොන්ති. කරුණා සහගතෙන චෙතසා එකං දිසං -පෙ- කරුණාය භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති. මුදිතා සහගතෙන චෙතසා එකං දිසං -පෙ- මුදිතාය භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති. උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං -පෙ- උපෙක්ඛාය භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති. එවං ‘සුභන්තෙ’ව අධිමුත්තො හොතී’ති විමොක්ඛා.
Sinhala BJTකිසෙයින් ‘ශුභ’ යයි අධිමුක්ත වේ නු යි විමෝක්‍ෂ වේ ද යත්: මේ සස්නෙහි මහණ තෙමෙ මෛත්‍රී සහගිය සිතින් එක් දිශායෙක් හි සත්ත්‍වයන් අරමුණු කෙට වෙසෙයි, එසෙයින් දෙවැනි තුන්වැනි සතරවැනි දිශායෙහි සත්ත්‍වයන් අරමුණු කොට වෙසෙයි, මෙසෙයින් උඩ යට සරස හැමතන්හි හැම සතුන් ඇති ලොව සියල්ලන් ආත්මසමතායෙන් යුතු වැ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෛත්‍රීසහගිය සිතින් අරමුණු කොට වෙසෙයි, මෛත්‍රිය වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙති. කරුණාසහගිය සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ... කරුණාව වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙති. මෘදුතා සහගිය සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ... මෘදුතාව වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙති. උපේක්‍ෂා සහගිය සිතින් එක් දිශායෙක්හි සත්ත්‍වයන් ... උපේක්‍ෂාව වැඩූ බැවින් සත්ත්‍වයෝ නො පිළිකුල් වෙත්. මෙසෙයින් ‘ශුභ’ යැ යි අධිමුක්ත වේ’ නු යි විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො ආකාසානඤ්චායතනසමාපත්තිවිමොක්ඛො: ඉධ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං ආකාසානඤ්චායතනසමාපත්තිවිමොක්ඛො.
Sinhala BJTආකාසානඤ්චායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මේ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ ආකාසානඤ්චායතන සමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවිමොක්ඛො: ඉධ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවිමොක්ඛො.
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවිමොක්ඛො: ඉධ භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවිමොක්ඛො.
Sinhala BJTආකිඤ්චඤ්ඤායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මේ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තාවිමොක්ඛො: ඉධ භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවිමොක්ඛො.
Sinhala BJTනේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තිවිමොක්ඛො: ඉධ භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තිවිමොක්ඛො.
Sinhala BJTසංඥාවේදයිතනිරෝධ සමාපත්ති සඞ්ඛ්‍යාත විමෝක්‍ෂ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම සර්‍වාකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වාසය කෙරෙයි. මේ සංඥාවේදයිතනිරෝධ සමාපත්ති විමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො සමයවිමොක්ඛො: චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො අයං සමයවිමොක්ඛො.
Sinhala BJTසමයවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සමයවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අසමයවිමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං අසමයවිමොක්ඛො.
Sinhala BJTඅසමයවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අසමයවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො සාමයිකො විමොක්ඛො: චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො. අයං සාමයිකො විමොක්ඛො.
Sinhala BJTසාමයිකවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ සාමයිකවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අසාමයිකො විමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං අසාමයිකො විමොක්ඛො.
Sinhala BJTඅසාමයිකවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අසාමයිකවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො කුප්පො විමොක්ඛො: චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො. අයං කුප්පො විමොක්ඛො.
Sinhala BJTකොප්‍යවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ කොප්‍යවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො අකුප්පො විමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං අකුප්පො විමොක්ඛො.
Sinhala BJTඅකෝප්‍යවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ අකෝප්‍යවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො ලොකියො විමොක්ඛො: චත්තාරි ච ඣානානි, චතස්සො ච අරූපසමාපත්තියො. අයං ලොකියො විමොක්ඛො.
Sinhala BJTලෞකිකවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ධ්‍යානයෝ ද සතර අරූපසමාපත්තිහු ද යන මේ ලෞකිකවිමෝක්‍ෂ නම් වෙයි.
Pali BJTකතමො ලොකුත්තරො විමොක්ඛො: චත්තාරො ච අරියමග්ගා, චත්තාරි ච සාමඤ්ඤඵලානි, නිබ්බානඤ්ච. අයං ලොකුත්තරො විමොක්ඛො.
Sinhala BJTලෝකෝත්තරවිමෝක්‍ෂ නම් කවරෙ යත්: සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මේ ලෝකෝත්තරවිමෝක්‍ෂ නම් වෙයි.