Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනෙක්ඛම්මෙ{1}, පඤ්චින්ද්රියානි කාමච්ඡන්දතො නිස්සටානි හොන්ති, අබ්යාපාදො පඤ්චින්ද්රියානි බ්යාපාදතො නිස්සටානි හොන්ති, ආලොකසඤ්ඤාය පඤ්චින්ද්රියානි ථීනමිද්ධතො නිස්සටානි හොන්ති, අවික්ඛෙපෙ පඤ්චින්ද්රියානි උද්ධච්චතො නිස්සටානි හොන්ති, ධම්මවවත්ථානෙ පඤ්චින්ද්රියානි විචිකිච්ඡාය නිස්සටානි හොන්ති, ඤාණෙ පඤ්චින්ද්රියානි අවිජ්ජාය නිස්සටානි හොන්ති, පාමොජ්ජො පඤ්චින්ද්රියානි අරතියා නිස්සටානි හොන්ති.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ කාමච්ඡන්‍දය කෙරෙන් නික්මුණාහු වෙති. අව්‍යාපාදයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ව්‍යාපාදයෙන් නික්මුණාහු වෙති. ආලෝකසංඥායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ථීනමිද්ධය කෙරෙන් නික්මුණාහු වෙති. අවික්‍ෂෙපයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඖද්ධත්‍යය කෙරෙන් නික්මුණාහු වෙති. ධර්‍මනිශ්චයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විචිකිත්සාව කෙරෙන් නික්මුණාහු වෙති. ඥානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අවිද්‍යාව කෙරෙන් නික්මුණාහු වෙති. ප්‍රාමෝද්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අරතිය කෙරෙන් නික්මුණාහු වෙති.
Pali BJTපඨමෙ ඣානෙ පඤ්චින්ද්රියානි නීවරණෙහි නිස්සටානි හොන්ති, දුතියෙ ඣානෙ පඤ්චින්ද්රියානි විතක්කවිචාරෙහි නිස්සටානි හොන්ති, තතියෙ ඣානෙ පඤ්චින්ද්රියානි පීතියා නිස්සටානි හොන්ති, චතුත්ථෙ ඣානෙ පඤ්චින්ද්රියානි සුඛදුක්ඛෙහි නිස්සටානි හොන්ති, ආකාසානඤ්චායතනසමාපත්තියා පඤ්චින්ද්රියානි රූපසඤ්ඤාය පටිඝසඤ්ඤාය නානත්තසඤ්ඤාය නිස්සටානි හොන්ති, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා පඤ්චින්ද්රියානි ආකාසානඤ්චායතනඤ්ඤාය නිස්සටානි හොන්ති, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියා පඤ්චින්ද්රියානි විඤ්ඤාණඤ්චායතනඤ්ඤාය නිස්සටානි හොන්ති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා පඤ්චින්ද්රියානි ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤායතනසඤ්ඤාය නිස්සාටානි හොන්ති.
Sinhala BJTප්‍රථමධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නීවරණයන් කෙරෙන් නික්මුණාහු වෙති. ද්විතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විතර්‍කවිචාරයන් කෙරෙන් නික්මුණාහු වෙති. තෘතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ප්‍රීතිය කෙරෙන් නික්මුණාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සුඛදුඃඛයන් කෙරෙන් නික්මුණාහු වෙති. ආකාසානඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ රූපසංඥා, ප්‍රතිඝසංඥා, නානාත්‍වසංඥා කෙරෙන් නික්මුණාහු වෙති. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආකාසානඤ්චායතනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ විඤ්ඤාණඤ්චායතනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආකිඤ්චඤ්ඤායතන සංඥාව කෙරෙන් නික්මුණාහු වෙත්.
Pali BJTඅනිච්චානුපස්සනාය පඤ්චින්ද්රියානි නිච්චසඤ්ඤාය නිස්සටානි හොන්ති, දුක්ඛානුපස්සනාය පඤ්චින්ද්රියානි සුඛසඤ්ඤාය නිස්සටානි හොන්ති, අනත්තානුපස්සනාය පඤ්චින්ද්රියානි අත්තසඤ්ඤාය නිස්සටානි හොන්ති, නිබ්බිදානුපස්සනාය පඤ්චින්ද්රියානි නන්දියා නිස්සටානි හොන්ති, විරාගානුපස්සනාය පඤ්චින්ද්රියානි රාගතො නිස්සටානි හොන්ති, නිරොධානුපස්සනාය පඤ්චින්ද්රියානි සමුදයතො නිස්සටානි හොන්ති, පටිනිස්සග්ගානුපස්සනාය පඤ්චින්ද්රියානි ආදීනවතො නිස්සටානි හොන්ති, ඛයානුපස්සනාය පඤ්චින්ද්රියානි ඝනසඤ්ඤාය නිස්සටානි හොන්ති, වයානුපස්සනාය පඤ්චින්ද්රියානි ආයූහනතො නිස්සටානි හොන්ති, විපරිනාමානුපස්සනාය පඤ්චින්ද්රියානි ධුවසඤ්ඤාය නිස්සටානි හොන්ති, අනිමිත්තානුපස්සනාය පඤ්චින්ද්රියානි නිමිත්තතො නිස්සටානි හොන්ති, අප්පණිහිතානුපස්සනාය පඤ්චින්ද්රියානි පණිධියා නිස්සටානි හොන්ති, සුඤ්ඤතානුපස්සනාය පඤ්චින්ද්රියානි අභිනිවෙසතො නිස්සටානි හොන්ති, අධිපඤ්ඤාධම්මවිපස්සනාය පඤ්චින්ද්රියානි සාරාදානාභිනිවෙසතො නිස්සටානි හොන්ති, යථාභූතඤාණදස්සනෙ පඤ්චින්ද්රියානි සම්මොහාභිනිවෙසතො නිස්සටානි හොන්ති ආදීනවානුපස්සනාය පඤ්චින්ද්රියානි ආලයාභිනිවෙසතො නිස්සටානි හොන්ති, පටිසඞ්ඛානුපස්සනාය පඤ්චින්ද්රියානි අප්පටිසඞ්ඛාය නිස්සටානි හොන්ති, විවට්ටනානුපස්සනාය පඤ්චින්ද්රියානි සඤ්ඤොගාභිනිවෙසතො නිස්සටානි හොන්ති.
Sinhala BJTඅනිත්‍යානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිත්‍යසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. දුඃඛානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සුඛසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. අනාත්මානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආත්මසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. නිර්වේදානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නන්‍දිය කෙරෙන් නික්මුණාහු වෙති. විරාගානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ රාගය කෙරෙන් නික්මුණාහු වෙති. නිරෝධානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සමුදය කෙරෙන් නික්මුණාහු වෙති. පටිනිසග්ගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආදීනවය කෙරෙන් නික්මුණාහු වෙති. ක්‍ෂයානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඝනසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. ව්‍යයානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආයූහනය කෙරෙන් නික්මුණාහු වෙති. විපරිණාමානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ධ්‍රැවසංඥාව කෙරෙන් නික්මුණාහු වෙති. අනිමිත්තානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිමිත්ත කෙරෙන් නික්මුණාහු වෙති. අප්‍රණිහිතානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ප්‍රණිධිය කෙරෙන් නික්මුණාහු වෙති. ශුන්‍යතානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ නිත්‍යසාරග්‍රහණාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. යථාභූතඥානදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සම්මුඨාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. ආදීනවානුදර්‍ශනයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ආලයාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙති. පටිසඞ්ඛානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අප්පටිසඞ්ඛ්‍යාව (අසමවාහිතභාවය) කෙරෙන් නික්මුණාහු වෙති. විවට්ටානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ සංයෝගාභිනිවේශය කෙරෙන් නික්මුණාහු වෙත්.
Pali BJTසොතාපත්තිමග්ගෙ පඤ්චින්ද්රියානි දිට්ඨෙකට්ඨෙහි කිලෙසෙහි නිස්සටානි හොන්ති, සකදාමිමග්ගෙ පඤ්චින්ද්රියානි ඔළාරිකෙහි කිලෙසෙහි නිස්සටානි හොන්ති, අනාගාමිමග්ගෙ පඤ්චින්ද්රියානා අණුසහගතෙහි කිලෙසෙහි නිස්සටානි හොන්ති, අරහත්තමග්ගෙ පඤ්චින්ද්රියානි සබ්බකිලෙසෙහි නිස්සටානි හොන්ති, සබ්බෙසඤ්ඤෙව ඛීණාසවානං තත්ථ තත්ථ පඤ්චින්ද්රියානි නිස්සටානි චෙව හොන්ති සුනිස්සටානි ච පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ දෘෂ්ටිය සමග එක් වැ සිටි කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. සකෘදාගාමි මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ ඖදාරික වූ කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. අනාගාමිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ අණුසහගත වූ කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණාහු වෙති. හැම රහත්නට මැ ඒ ඒ තන්හි පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු ද මොනොවට නික්මුණාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
Pali BJTඉමෙහි අසීතිසතංආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං හොති. ඉමෙහි අසීතිසතං ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං පජානාති.
Sinhala BJTමේ එක්සියඅසූ අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වෙයි, මේ එක්සියඅසූ අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී.
Pali BJTදුතියසුත්තනිද්දෙසො.
Sinhala BJTද්විතීයසූත්‍රනිර්දේශය යි.
Pali BJTභානවාර පඨමො.
Sinhala BJTපළමුවන බණවර යි
Pali BJT4-3. තතියසුත්තං
Sinhala BJT4-3. තෘතීය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT“පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි, කතමානි පඤ්ච: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං.
Sinhala BJT“මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, ස්මෘතීන්‍ද්‍රිය යැ, සමාධීන්‍ද්‍රිය යැ, ප්‍රඥේන්‍ද්‍රිය යි.
Pali BJTකත්ථ ච භික්ඛවෙ, සද්ධින්ද්රියං දට්ඨබ්බං: චතුසු සොතාපත්තියඞ්ගෙසු එත්ථ සද්ධින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, විරියින්ද්රියං දට්ඨබ්බං, චතුසු සම්මප්පධානෙසු, එත්ථ විරියින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, සතින්ද්රියං දට්ඨබ්බං, චතුසු සතිපට්ඨානෙසු, එත්ථ සතින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, සමාධින්ද්රියං දට්ඨබ්බං. චතුසු ඣානෙසු, එත්ථ සමාධින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, චතුසු අරියසච්චෙසු එත්ථ පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං;{*}
Sinhala BJTමහණෙනි, කොතැන්හි ලා ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ශ්‍රොතාපත්තිඅඞ්ගයන්හි යැ, මෙහි ලා ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර සම්‍යක්ප්‍රධානයන්හි යැ, මෙහි ලා වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ස්මෘතීන්‍ද්‍රියය දතයුතු ද යත්: සතරසතිපට්ඨානයන්හි යැ, මෙහි ලා ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා සමාධීන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ධ්‍යානයන්හි යැ, මෙහි ලා සමාධීන්‍ද්‍රියය දතයුතු යැ. මහණෙනි, කොතැන්හි ලා ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු ද යත්: සතර ආර්‍ය්‍යසත්‍යයන්හි යැ මෙහි ලා ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.”
Pali BJTචතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන කතිහාකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි: චතුසු සම්මප්පධානෙසු විරියින්ද්රියස්ස වසෙන කතිහාකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි, චතුසු සතිපට්ඨානෙසු සතින්ද්රියස්ස වසෙන කතිහාකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි, චතුසු ඣානෙසු සමාධින්ද්රියස්ස වසෙන කතිහාකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි, චතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන කතිහාකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTසතර ශ්‍රොතාපත්තිඅඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද, සතර ආර්‍ය්‍යසත්‍යයන්හි පඤ්චෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTචතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි, චතුසු සම්මප්පධානෙසු විරියින්ද්රියස්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි, චතුසු සතිපට්ඨානෙසු සතින්ද්රියස්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි, චතුසු ඣානෙසු සමාධින්ද්රියස්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි, චතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTසතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ, සතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහ. සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.
Pali BJTචතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTසතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTසප්පුරිසසංසෙවෙ සොතිපත්තියඞ්ගෙ අධිමොක්ඛාධිපතෙය්යට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, සද්ධින්ද්රියස්ස වසෙන පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, සද්ධම්මසවනෙ සොතිපත්තියඞ්ගෙ -පෙ- යොනිසො මනසිකාරෙ සොතිපත්තියඞ්ගෙ -පෙ- ධම්මානුධම්මපටිපත්තියා සොතිපත්තියඞ්ගෙ අධිමොක්ඛාධිපතෙය්යට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, සද්ධින්ද්රියස්ස වසෙන පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTසත්පුරුෂසංසේවා සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථ (එළඹසිටුනාස්වභාව) යෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ. සද්ධර්‍මශ්‍රවණ සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... යෝනිසෝමනසිකාර සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.
Pali BJTචතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTසතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.
Pali BJTචතුසු සම්මප්පධානෙසු විරියින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTසතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTඅනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාපාදාය සම්මප්පධානෙ පග්ගහාධිපතෙය්යට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, විරියින්ද්රියස්ස වසෙන උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය සම්මප්පධානෙ -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය සම්මප්පධානෙ -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සම්මප්පධානෙ පග්ගහාධිපතෙය්යට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, විරියින්ද්රියස්ස වසෙන උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTනූපන් ලාමක වූ අකුශලධර්‍මයන් නූපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතින්‍ද්‍රිය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, උපන් ලාමක වූ අකුශලධර්‍මයන් ප්‍රහාණය කරනු පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... උපන් කුශලධර්‍මයන් සිටුනා පිණිස නො නස්නා පිණිස බහුලභාවය පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු.
Pali BJTචතුසු සම්මප්පධානෙසු විරියින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTසතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු යි.
Pali BJTචතුසු සතිපට්ඨානෙසු සතින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTසතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTකායෙ කායානුපස්සනාසතිපට්ඨානෙ උපට්ඨානාධිපතෙය්යට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, සතින්ද්රියස්ස වසෙන අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානෙ -පෙ- චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානෙ උපට්ඨානාධිපතෙය්යට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, සතින්ද්රියස්ස වසෙන අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්දියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTකයෙහි කායානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපති භාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ; ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, වේදනාවන්හි වේදනානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... චිත්තයෙහි චිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු.
Pali BJTචතූසු සතිපට්ඨානෙසු සතින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTසතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.
Pali BJTචතූසු ඣානෙසු සමාධින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTසතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTපඨමෙ ඣානෙ අවික්ඛෙපාධිපතෙය්යට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, සමාධින්ද්රියස්ස වසෙන දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, දුතියෙ ඣානෙ -පෙ- තතියෙ ඣානෙ -පෙ- චතුත්ථෙ ඣානෙ අවික්ඛෙපාධිපතෙය්යට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, සමාධින්ද්රියස්ස වසෙන දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTප්‍රථමධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මාතීන්‍ද්‍රියය දතයුතු යැ. ද්වීතීයධ්‍යානයෙහි ... තෘතීයධ්‍යානයෙහි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දත්යුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්‍ය්‍යෙන්‍ද්‍රිය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු.
Pali BJTචතුසු ඣානෙසු සමාධින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTසතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.
Pali BJTචතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTසතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTදුක්ඛෙ අරියසච්චෙ දස්සනාධිපතෙය්යට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන දට්ඨබ්බං. පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දුක්ඛසමුදයෙ අරියසච්චෙ -පෙ- දුක්ඛ නිරොධෙ අරියසච්චෙ -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චෙ දස්සනාධිපතෙය්යට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, පඤ්ඤින්දියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTදුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
Pali BJTචතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චින්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTසතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ දතයුත්තාහු වෙත්.
Pali BJTචතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා, චතුසු සම්මප්පධානෙසු -පෙ- චතුසු සතිපට්ඨානෙසු -පෙ- චතුසු ඣානෙසු -පෙ- චතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා: චතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා, චතුසු සම්මප්පධානෙසු -පෙ- චතුසු සතිපට්ඨානෙසු -පෙ- චතුසු ඣානෙසු -පෙ- චතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා.
Sinhala BJTසතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද, සතර සම්‍යක්ප්‍රධානයන්හි ... සතර සතිපට්ඨානයන්හි ... සතර ධ්‍යානයන්හි ... සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්: සතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු යැ, සතර සම්‍යක්ප්‍රධානයන්හි ... සතරසතිපට්ඨානයන්හි ... සතර ධ්‍යානයන්හි ... සතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා.
Sinhala BJTසතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
Pali BJTසප්පුරිසසංසෙවෙ සොතාපත්තියඞ්ගෙ අධිමොක්ඛාධිපතෙය්යට්ඨෙන සද්ධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, සද්ධින්ද්රියස්ස වසෙන පග්ගහට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, උපට්ඨානට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස චරියා දට්ඨබ්බා. සද්ධම්මසවනෙ සොතාපත්තියඞ්ගෙ -පෙ- යොනිසොමනසිකාරෙ සොතාපත්තියඞ්ගෙ -පෙ- ධම්මානුධම්මපටිපත්තියා සොතාපත්තියඞ්ගෙ අධිමොක්ඛාධිපතෙය්යට්ඨෙන සද්ධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, සද්ධින්ද්රියස්ස වසෙන පග්ගහට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, උපට්ඨානට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස චරියා දට්ඨබ්බා.
Sinhala BJTසත්පුරුෂසංසේවා සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. සද්ධර්‍මශ්‍රවණ සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... යෝනිසෝමනසිකාර සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි ... ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත ශ්‍රෝතාපත්ත්‍යඞ්ගයෙහි අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු සොතාපත්තියඞ්ගෙසු සද්ධින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා.
Sinhala BJTසතර ශ්‍රොතාපත්ත්‍යඞ්ගයන්හි ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු සම්මප්පධානෙසු විරියින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං චරියා දට්ඨබ්බා:
Sinhala BJTසතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
Pali BJTඅනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය සම්මප්පධානෙ පග්ගහාධිපතෙය්යට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, විරියින්ද්රියස්ස වසෙන උපට්ඨානට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය සම්මප්පධානෙ -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය සම්මප්පධානෙ -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සම්මප්පධානෙ පග්ගහාධිපතෙය්යට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා. -පෙ-
Sinhala BJTනූපන් ලාමක වූ අකුශලධර්‍මයන් නූපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපන් ලාමක වූ අකුශල ධර්‍මයන් ගේ ප්‍රහාණය පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ... උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස සම්‍යක්ප්‍රධානයෙහි ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. ...
Pali BJTචතුසු සම්මප්පධානෙසු විරියින්ද්රිස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා.
Sinhala BJTසතර සම්‍යක්ප්‍රධානයන්හි වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු සතිපට්ඨානෙසු සතින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා:
Sinhala BJTසතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
Pali BJTකායෙ කායානුපස්සනාසතිපට්ඨානෙ උපට්ඨානාධිපතෙය්යට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, සතින්ද්රියස්ස වසෙන අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, පග්ගහට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානෙ -පෙ- චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානෙ උපට්ඨානාධිපතෙය්යට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා -පෙ-
Sinhala BJTකයෙහි කායානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂෙපස්වාභාවයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, දර්‍ශනස්වාභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමෝක්‍ෂාස්වාභාවයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහස්වාභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, වේදනාවන්හි වේදනානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... චිත්තයෙහි චිත්තානුපස්සනා සඞ්ඛ්‍යාත සතිපට්ඨානයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුපස්සනා සඞ්ඛ්ය්‍යාත සතිපට්ඨානයෙහි උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු සතිපට්ඨානෙසු සතින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා.
Sinhala BJTසතර සතිපට්ඨානයන්හි ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු ඣානෙසු සමාධින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා:
Sinhala BJTසතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
Pali BJTපඨමෙ ඣානෙ අවික්ඛෙපාධිපතෙය්යට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, සමාධින්ද්රියස්ස වසෙන දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, පග්ගහට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, උපට්ඨානට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා. දුතියෙ ඣානෙ -පෙ- තතියෙ ඣානෙ -පෙ- චතුත්ථෙ ඣානෙ අවික්ඛෙපාධිපතෙය්යට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා -පෙ-
Sinhala BJTප්‍රථමධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාන්‍ද්‍රියෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ද්වීතීයධ්‍යානයෙහි ... තෘතීයධ්‍යානයෙහි ... චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අවික්‍ෂේපාධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු. ....
Pali BJTචතුසු ඣානෙසු සමාධින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා:
Sinhala BJTසතර ධ්‍යානයන්හි සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන කතමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා.
Sinhala BJTසතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් කවර විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු ද යත්:
Pali BJTදුක්ඛෙ අරියසච්චෙ දස්සනාධිපතෙය්යට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, පග්ගහට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, උපට්ඨානට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, දුක්ඛසමුදයෙ අරියසච්චෙ -පෙ- දුක්ඛනිරොධෙ අරියසච්චෙ -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චෙ දස්සනාධිපතෙය්යට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, පග්ගහට්ඨෙන විරියින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, උපට්ඨානට්ඨෙන සතින්ද්රියස්ස චරියා දට්ඨබ්බා, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියස්ස චරියා දට්ඨබ්බා.
Sinhala BJTදුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වීර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු යැ, අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියයාගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචතුසු අරියසච්චෙසු පඤ්ඤින්ද්රියස්ස වසෙන ඉමෙහි වීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං චරියා දට්ඨබ්බා.
Sinhala BJTසතර ආර්‍ය්‍යසත්‍යයන්හි ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් මේ විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ චර්‍ය්‍යාව දතයුතු.
Pali BJTචාරො ච විහාරො ච අනුබුද්ධො හොති පටිවිද්ධො, යථාචරන්තං යථාවිහරන්තං විඤ්ඤූ සබ්රහ්මචාරී ගම්භීරෙසු ඨානෙසු ඔකප්පෙය්යුං: අද්ධා අයමායස්මා පත්තො වා පාපුණිස්සති වා.
Sinhala BJTචර්‍ය්‍යාව ද විහරණය ද අනුමානයෙන් දන්නා ලද්දේ ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද්දේ වෙයි. යම් පරිද්දෙකින් හැසිරෙන්නහු යම් පරිද්දෙකින් වෙසෙන්නහු ‘එකත්නෙන් මේ ආයුෂ්මත් තෙම අධිගම කෙළේ යැ’යි හෝ අධිගම කරන්නේ යැ’යි හෝ නුවණැති සබ්‍රම්සරහු ධ්‍යානාදි ගැඹුරු තන්හි හදහන්නාහු යි.
Pali BJTචරියාති අට්ඨ චරියායො: ඉරියාපථචරියා, ආයතනචරියා, සතිචරියා, සමාධිචරියා, ඤාණචරියා, මග්ගචරියා, පත්තිචරියා, ලොකත්ථචරියා’ති.{1}
Sinhala BJTචරියා යනු: චර්‍ය්‍යාවෝ අටදෙනෙකි. ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්‍ගචර්‍ය්‍යා යැ ඵලචර්‍ය්‍යා යැ ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා යි.
Pali BJTඉරියාපථචරියාති චතුසු{2} ඉරියාපථෙසු.
Sinhala BJTඉරියාපථචරියා යනු: සතර ඉරියව්හි යැ.
Pali BJTආයතනචරියාති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු.
Sinhala BJTආයතනචරියා යනු: සවැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි යැ.
Pali BJTසතිචරියාති චතුසු සතිපට්ඨානෙසු.
Sinhala BJTසතිචරියා යනු: සතරසතිපට්ඨානයන්හි යැ.
Pali BJTසමාධිචරියාති චතුසු ඣානෙසු.
Sinhala BJTසමාධිචරියා යනු: සතර ධ්‍යානයන්හි යැ.
Pali BJTඤාණචරියාති චතුසු අරියසච්චෙසු.
Sinhala BJTඤාණචරියා යනු: සතර ආර්‍ය්‍යසත්‍යයන්හි යැ.
Pali BJTමග්ගචරියාති චතුසු අරියමග්ගෙසු.
Sinhala BJTමග්ගචරියා යනු: සතර ආර්‍ය්‍යමාර්‍ගයන්හි යැ.
Pali BJTපත්තිචරියාති චතුසු සාමඤ්ඤඵලෙසු.
Sinhala BJTපත්තිචරියා යනු: සතර ශ්‍රාමණ්‍යඵලයන්හි යැ.
Pali BJTලොකත්ථචරියාති තථාගතෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු, පදෙසෙ{1} පච්චෙකබුද්ධෙසු, පදෙසෙ{2} සාවකෙසු.
Sinhala BJTලෝකත්‍ථචරියා යනු: තථාගත වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහි (නිප්පදේසයෙහි) ප්‍රත්‍යෙකබුද්ධයන් කෙරෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා පිළිබඳ) එකදෙශයෙක්හි, ශ්‍රාවකයන් කෙරෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යා පිළිබඳ) එකදෙශයෙක්හි යැ.
Pali BJTඉරියාපථචරියා ච පණිධිසම්පන්නානං, ආයතනචරියා ච ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං. සතිචරියා ච අප්පමාදවිහාරීනං. සමාධිචරියා ච අධිචිත්තමනුයුත්තානං, ඤාණචරියා ච බුද්ධිසම්පන්නානං, මග්ගචරියා ච සම්මාපටිපන්නානං,{3} පත්තිචරියා ච අධිගතඵලානං, ලොකත්ථචරියා ච තථාගතානං අරහන්තානං සම්මාසම්බුද්ධානං, පදෙසෙ{1} පච්චෙකබුද්ධානං, පදෙසෙ{1} සාවකානං, ඉමා අට්ඨ චරියායො.
Sinhala BJTප්‍රණිධිසම්පන්නයට ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යාව ද ඉන්‍ද්‍රියයන්හි පියනලද දොර ඇතියනට ආයතනචර්‍ය්‍යාව ද අප්‍රමාදවිහාර ඇතියනට ස්මෘතිචර්‍ය්‍යාව ද සමාධියෙහි අනුයුක්තයනට සමාධිචර්‍ය්‍යාව ද බුද්ධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යයාව ද සම්‍යක්ප්‍රතිපන්නයනට මාර්‍ගචර්‍ය්‍යාව ද පැමිණි ඵල ඇතියනට ප්‍රාප්තිචර්‍ය්‍යාව ද තථාගත වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයනට (නිප්පදේසයෙහි) ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව ද ප්‍රත්‍යෙකබුද්ධයනට ඒකදේශයෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව) ද ශ්‍රාවකයන්ට ඒකදේශයෙහි (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාව) ද යන මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.
Pali BJTඅපරිපි අට්ඨ චරියායො: අධිමුච්චන්තො සද්ධාය චරති, පග්ගණ්හන්තො විරියෙන චරති, උපට්ඨාපෙන්තො සතියා චරති, අවික්ඛෙපං කරොන්තො සමාධිනා චරති, පජානන්තො පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණචරියාය{4} චරති, එවං පටිපන්නස්ස කුසලා ධම්මා ආයාපෙන්තීති{5} ආයතනචරියාය චරති, එවං පටිපන්නො විසෙසමධිගච්ඡතීති විසෙසචරියාය චරති, ඉමා අට්ඨ චරියායො.
Sinhala BJTඅනෙකුදු චර්‍ය්‍යාවෝ අටදෙනෙකි: නිශ්චය කරනුයේ ශ්‍රද්ධාවශයෙන් පවතී. ප්‍රගහ කරනුයේ වීර්‍ය්‍යවශයෙන් පවතී. (අරමුණෙහි) එළවනුයේ ස්මෘතිවශයෙන් පවතී. අවික්‍ෂේප කරනුයේ සමාධිවශයෙන් පවතී. දැනගන්නේ ප්‍රඥාවශයෙන් පවතී. (ආවර්‍ජන සිතින්) විජානනය කරනුයේ විඥානචර්‍ය්‍යායෙන් පවතී. මෙසෙයින් පිළිපන්නහුට කුශලධර්‍මයෝ අතිශයින් යැපෙත් නු යි ආයතනචර්‍ය්‍යාවශයෙන් පවතී. මෙසෙයින් පිළිපන්නේ විශේෂයට පැමිණේ නු යි විශේෂචර්‍ය්‍යාවශයෙන් පවතී. මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.
Pali BJTඅපරාපි අට්ඨ චරියායො: දස්සනචරියා ච සම්මාදිට්ඨියා, අභිනිරොපනචරියා ච සම්මාසඞ්කප්පස්ස, පරිග්ගහචරියා ච සම්මාවාචාය, සමුට්ඨානචරියා ච සම්මාකම්මන්තස්ස, වොදානචරියා ච සම්මාආජීවස්ස, පග්ගහචරියා ච සම්මාවායාමස්ස. උපට්ඨානචරියා ච සම්මාසතියා, අවික්ඛෙපචරියා ච සම්මාසමාධිස්ස, ඉමා අට්ඨ චරියායො.
Sinhala BJTඅනෙකුදු චර්‍ය්‍යාවෝ අටදෙනෙකි: සම්‍යග්දෘෂ්ටියගේ දර්‍ශනචර්‍ය්‍යා යැ. සම්‍යක්සංකල්පයාගේ අභිනිරෝපණ (අරමුණට නැගීම්) චර්‍ය්‍යා යැ සම්‍යග්වචනයාගේ පරිග්‍රහචර්‍ය්‍යා යැ සම්‍යග්කර්‍මාන්තයාගේ සමුත්‍ථානචර්‍ය්‍යා යැ සම්‍යගාජීවයාගේ පරිශුද්ධචර්‍ය්‍යා යැ සම්‍යග්ව්‍යායාමයාගේ ප්‍රග්‍රහචර්‍ය්‍යා යැ සම්‍යක්ස්මෘතියගේ උපස්ථානචර්‍ය්‍යා යැ සම්‍යක්සමාධිහුගේ අවික්‍ෂේපචර්‍ය්‍යා යි. මොහු චර්‍ය්‍යාවෝ අටදෙන වෙත්.
Pali BJTවිහාරොති අධිමුච්චන්තො සද්ධාය විහරති, පග්ගණ්හන්තො විරියෙන විහරති, උපට්ඨාපෙන්තො සතියා විහරති, අවික්ඛෙපං කරොන්තො සමාධිනා විහරති, පජානන්තො පඤ්ඤාය විහරති.
Sinhala BJTවිහාරො යනු: නිශ්චය කරනුයේ ශ්‍රද්ධාවශයෙන් වෙසෙයි, ප්‍රගහකරනුයේ වීර්‍ය්‍යවශයෙන් වෙසෙයි, (අරමුණෙහි) එළවනුයේ ස්මෘතිවශයෙන් වෙසෙයි, අවික්‍ෂේප කරනුයේ සමාධිවශයෙන් වෙසෙයි. දැනගන්නේ ප්‍රඥා වශයෙන් වෙසෙයි.
Pali BJTඅනුබුද්ධොති සද්ධින්ද්රියස්ස අධිමොක්ඛට්ඨො අනුබුද්ධො හොති, විරියින්ද්රියස්ස පග්ගහට්ඨො අනුබුද්ධො හොති, සතින්ද්රියස්ස උපට්ඨානට්ඨො අනුබුද්ධො හොති, සමාධින්ද්රියස්ස අවික්ඛෙපට්ඨො අනුබුද්ධො හොති, පඤ්ඤින්ද්රියස දස්සනට්ඨො අනුබුද්ධො හොති.
Sinhala BJTඅනුබුද්ධෝ යනු: ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහස්වභාවය අනුමානයෙන් දන්නා ලද වෙයි, ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි, සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂේපස්වභාවය අනුමානයෙන් දන්නාලද වෙයි, ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය අනුමානයෙන් දන්නාලද වේ.
Pali BJTපටිවිද්ධොති සද්ධින්ද්රියස්ස අධිමොක්ඛට්ඨො පටිවිද්ධො හොති, විරියින්ද්රියස්ස පග්ගහට්ඨො පටිවිද්ධො හොති, සතින්ද්රියස්ස උපට්ඨානට්ඨො පටිවිද්ධො හොති, සමාධින්ද්රියස්ස අවික්ඛෙපට්ඨො පටිවිද්ධො හොති, පඤ්ඤින්ද්රියස්ස දස්සනට්ඨො පටිවිද්ධො හොති.
Sinhala BJTපටිවිද්ධො යනු: ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අධිමෝක්‍ෂස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වෙයි., වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රග්‍රහස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද වෙයි, ස්මෘතීන්‍ද්‍රියයාගේ උපස්ථානස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ අවික්‍ෂේපස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා ලද වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ දර්‍ශනස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නාලද වේ.
Pali BJTයථාචරන්තන්ති{1} එවං සද්ධාය චරන්තං, එවං විරියෙන චරන්තං, එවං සතියා චරන්තං, එවං සමාධිනා චරන්තං, එවං පඤ්ඤාය චරන්තං.
Sinhala BJTයථා චරන්තං යනු: මෙසේ ශ්‍රද්ධාවශයෙන් පවත්නහු, මෙසේ වීර්‍ය්‍යවශයෙන් පවත්නහු, මෙසේ ස්මෘතිවශයෙන් පවත්නහු, මෙසේ සමාධිවශයෙන් පවත්නහු, මෙසේ ප්‍රඥාවශයෙන් පවත්නහු යැ.
Pali BJTයථාවිහරන්තන්ති එවං සද්ධාය විහරන්තං, එවං විරියෙන විහරන්තං, එවං සතියා විහරන්තං, එවං සමාධිනා විහරන්තං, එවං පඤ්ඤාය විහරන්තං.
Sinhala BJTයථා විහරන්තං යනු: මෙසේ ශ්‍රද්ධාවශයෙන් වෙසෙන්නහු, මෙසේ වීර්‍ය්‍යවශයෙන් වෙසෙන්නහු, මෙසේ ස්මෘතිවශයෙන් වෙසෙන්නහු, මෙසේ සමාධිවශයෙන් වෙසෙන්නහු, මෙසේ ප්‍රඥාවශයෙන් වෙසෙන්නහු යැ.
Pali BJTවිඤ්ඤූති විඤ්ඤූ විභාවී මෙධාවී පණ්ඩිතා බුද්ධිසම්පන්නා.
Sinhala BJTවිඤ්ඤූ යනු: විඥ වූවාහු වීමංසක වූවාහු ධාරණප්‍රඥා ඇත්තාහු පණ්ඩිත වූවාහු බුද්ධිමත් වූවාහු යැ.
Pali BJTසබ්රහ්මචාරීති එකකම්මං,{2} එකුද්දෙසො සමසික්ඛතා.{3}
Sinhala BJTසබ්‍රහ්මචාරී යනු: ඒකකර්‍ම ඒකෝද්දේශ සමානශික්‍ෂා ඇති බව යි.
Pali BJTගම්භීරෙසු ඨානෙසූති ගම්භීරානි ඨානානි වුච්චන්ති: ඣානා{4} ච විමොක්ඛා ච සමාධි{5} ච සමාපත්තියො ච මග්ගා ච ඵලානි ච අභිඤ්ඤායො ච පටිසම්භිදා ච.
Sinhala BJTගම්භීරෙසු ඨානෙසු යනු: ධ්‍යානයෝ ද විමෝක්‍ෂයෝ ද සමාධීහු ද සමාපත්තීහු ද මාර්‍ගයෝ ද ඵලයෝ ද අභිඥාවෝ ද ප්‍රතිසංවිදාවෝ ද ගම්භීරස්ථානහ යි කියනු ලැබෙත්.
Pali BJTඔකප්පෙය්යුන්ති සද්දහෙය්යුං අධිමුච්චෙය්යුං.
Sinhala BJTඔකප්පෙය්‍යුං යනු: හදහන්නාහු යැ අධිමුක්ත වන්නාහු යි.
Pali BJTඅද්ධාති එකංසවචනමෙතං, නිස්සංසයවචනමෙතං, නික්කඞ්ඛවචනමෙතං,{6} අද්වෙජ්ඣවචනමෙතං, අද්වෙළ්හකවචනමෙතං, නියොගවචනමෙතං{7}, අපණ්ණකවචනමෙතං, අවත්ථාපනවචනමෙතං ‘අද්ධා’ති.
Sinhala BJTඅද්ධා යනු: තෙල ‘අද්ධා’ යනු ඒකාන්තවචන යැ නිස්සංශයවචන ය නිසැක වචන යැ අද්වෛධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ අවිරුද්ධවචන යැ සනිටුහන් වචන යි.
Pali BJTආයස්මාති පියවචනමෙතං, ගරු වචනමෙතං, සගාරවසප්පතිස්සාධිවචන{8} මෙතං ‘ආයස්මා, ති.
Sinhala BJTආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවසප්‍රතිශ්‍රයාධිවචන යි.
Pali BJTපත්තො වාති අධිගතො වා{9}.
Sinhala BJTපත්තෝ වා යනු: පැමිණියේ හෝ යැ.
Pali BJTපාපුණිස්සති වාති අධිගමිස්සති වා.{10}
Sinhala BJTපාපුණිස්සති වා යනු: පැමිණෙන්නේ හෝ යි.
Pali BJTතතියසුත්තනිද්දෙසො.
Sinhala BJTතෘතීයසූත්‍රනිර්දේශ යි.
Pali BJT4-4. චතුත්ථසුත්තං
Sinhala BJT4-4. චතුර්‍ත්‍ථ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]{11}
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි: කතමානි පඤ්ච: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි.
Sinhala BJTමහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ විය්‍යෙර්‍න්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි.
Pali BJTඉමානි පඤ්චින්ද්රියානි කතිහාකාරෙහි කෙනට්ඨෙන{12} දට්ඨබ්බානි: ඉමානි පඤ්චින්ද්රියානි ඡහාකාරෙහි තෙනට්ඨෙන{13} දට්ඨබ්බානි. ආධිපතෙය්යට්ඨෙන, ආදිවිසොධනට්ඨෙන, අධිමත්තට්ඨෙන, අධිට්ඨානට්ඨෙන, පරියාදානට්ඨෙන, පතිට්ඨාපකට්ඨෙන.
Sinhala BJTමේ පඤ්චේන්‍ද්‍රියයෝ කිහි අයුරෙකින් කවර අරුතෙකින් දතයුත්තාහු ද යත්: මෙ පඤ්චේන්‍ද්‍රියයෝ සඅයුරෙකින් එ මැ අරුතින් දතයුත්තාහ. අධිපතිභාවාර්‍ත්‍ථයෙන ආදිවිශෝධනාර්‍ත්‍ථයෙන අධිමාත්‍රාර්‍ත්‍ථයෙන අධිෂ්ඨානාර්‍ත්‍ථයෙන පර්‍ය්‍යාදානාර්‍ත්‍ථයෙන ප්‍රතිෂ්ඨාපකාර්‍ත්‍ථයෙනි.
Pali BJTකථං ආධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTකිසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTඅස්සද්ධියං පජහතො අධිමොක්ඛාධිපතෙය්යට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, සද්ධින්දියස්ස වසෙන පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTඅශ්‍රද්ධාව දුරුකරන්නාහට අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ එළඹසිටුනා අර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු.
Pali BJTකොසජ්ජං පජහතො පග්ගහාධිපතෙය්යට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, විරියින්ද්රියස්ස වසෙන උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTකෞසීද්‍යය දුරු කරන්නාහට ප්‍රග්‍රහාධිපතිභාවාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ වීය්‍යෙර්‍න්‍ද්‍රියයාගේ වශයෙන් එළඹසිටීම් අර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු.
Pali BJTපමාදං පජහතො උපට්ඨානාධිපතෙය්යට්ඨෙන සතින්ද්රියං දට්ඨතබ්බං, සතින්ද්රියස්ස වසෙන අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTප්‍රමාදය දුරු කරන්නාහට උපස්ථානාධිපතිහාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු.
Pali BJTඋද්ධච්චං පජහතො අවික්ඛෙපාධිපතෙය්යට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං සමාධින්ද්රියස්ස වසෙන දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTඖද්ධත්‍යය දුරුකරන්නාහට අවික්‍ෂේපාධිපතිභාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු.
Pali BJTඅවිජ්ජං පජහතො දස්සනාධිපතෙය්යට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTඅවිද්‍යාව දුරුකරන්නාහට දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙත් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
Pali BJTකාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන අධිමොක්ඛාධිපතෙය්යට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, සද්ධින්ද්රියස්ස වසෙන පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTකාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍දියය දතයුතු.
Pali BJTකාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන පග්ගහාධිපත්යෙට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, විරියින්ද්රියස්ස වසෙන උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං,
Sinhala BJTකාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් ප්‍රග්‍රහාධිපති – භාවාර්‍ත්‍ථයෙන් විය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ වීය්‍යෙර්‍න්‍ද්‍රියයාගේ වශයෙන් උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු.
Pali BJTකාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන උපට්ඨානාධිපතෙය්යට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, සතින්ද්රියස්ස වසෙන අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTකාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් උපස්ථානාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු.
Pali BJTකාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන අවික්ඛෙපාධිපතෙය්යට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, සමාධින්ද්රියස්ස වසෙන දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTකාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් අවික්‍ෂේපධිපතිභාවාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු.
Pali BJTකාමච්ඡන්දං පජහතො නෙක්ඛම්මවසෙන දස්සනාධිපතෙය්යට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTකාමච්ඡන්‍දය දුරු කරන්නාහට නෛෂ්ක්‍රම්‍ය වශයෙන් දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
Pali BJTබ්යාපාදං පජහතො අබ්යාපාදවසෙන -පෙ- ථීනමිද්ධං පජහතො ආලොකසඤ්ඤාවසෙන -පෙ- සබ්බකිලෙසෙ පජහතො අරහත්තමග්ගවසෙන අධිමොක්ඛාධිපතෙය්යට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, සද්ධින්ද්රියස්ස වසෙන පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, -පෙ- සබ්බකිලෙසෙ පජහතො අරහත්තමග්ගවසෙන දස්සනාධිපතෙය්යට්ඨෙන පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං, පඤ්ඤින්ද්රියස්ස වසෙන අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං දට්ඨබ්බං, පග්ගහට්ඨෙන විරියින්ද්රියං දට්ඨබ්බං, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං දට්ඨබ්බං, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං දට්ඨබ්බං.
Sinhala BJTව්‍යාපාදය දුරු කරන්නාහට අව්‍යාපාද වශයෙන් ... ථීනමිද්ධය දුරු කරන්නාහට ආලෝකසංඥා වශයෙන් ... හැම කෙලෙසුන් දුරු කරන්නාහට අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් අධිමෝක්‍ෂාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ශ්‍රද්ධේන්‍ද්‍රියාගේ වශයෙන් ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රිය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ... හැම කෙලෙසුන් දුරු කරන්නාහට අර්‍හන්මාර්‍ගයාගේ වශයෙන් දර්‍ශනාධිපතිභාවාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් අධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය දතයුතු යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය දතයුතු යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය දතයුතු යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රියය දතයුතු.
Pali BJTඑවං අධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTමෙසෙයින් අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ යි.
Pali BJTඑවං ආදිවිසොධනට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTකිසෙයින් ආදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTඅධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං අස්සද්ධිය{1}සංවරට්ඨෙන සීලවිසුද්ධි සද්ධින්ද්රියස්ස ආදිවිසොධනා, පග්ගහට්ඨෙන විරියින්ද්රියං කොසජ්ජ{2} සංවරට්ඨෙන සීලවිසුද්ධි විරියින්ද්රියස්ස ආදිවිසොධනා, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං පමාද{3} සංවරට්ඨෙන සීලවිසුද්ධි සතින්ද්රියස්ස ආදිවිසොධනා, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං උද්ධච්ච{4} සංවරට්ඨෙන සීලවිසුද්ධි සමාධින්ද්රියස්ස ආදිවිසොධනා දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං අවිජ්ජා{5} සංවරට්ඨෙන සීලවිසුද්ධි පඤ්ඤින්ද්රියස්ස ආදිවිසොධනා.
Sinhala BJTඅධිමෝක්‍ෂාර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය වෙයි. අශ්‍රද්ධා සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදි (ශීල) විශෝධන යැ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙන් වීය්‍යෙර්‍න්‍ද්‍රියය වෙයි. කෞසීද්‍යා සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය වීය්‍යෙර්‍න්‍ද්‍රියට ආදිවිශොධන යැ උපස්ථානාර්‍ත්‍ථයෙන් ස්මෘතීන්‍ද්‍රියය වෙයි. ප්‍රමාද සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ස්මෘතීන්‍ද්‍රියට ආදිවිශොධන යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් සමාධීන්‍ද්‍රිය වෙයි. ඖද්ධත්‍යසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය සමාධීන්‍ද්‍රියට ආදිවිශොධන යැ දර්‍ශනාර්‍ත්‍ථයෙන් ප්‍රඥේන්‍ද්‍රියය වෙයි, අවිද්‍යාසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය ප්‍රඥේන්‍ද්‍රියට ආදිවිශොධන යි.
Pali BJTනෙක්ඛම්මෙ පඤ්චින්ද්රියානි කාමච්ඡන්ද{6} සංවරට්ඨෙන සීලවිසුද්ධි පඤ්චන්නං ඉන්ද්රියානං ආදිවිසොධනා, අබ්යාපාදෙ පඤ්චින්ද්රියානි බ්යාපාද{7} සංවරට්ඨෙන සීලවිසුද්ධි පඤ්චන්නං ඉන්ද්රියානං ආදිවිසොධනා, ආලොකසඤ්ඤාය පඤ්චින්ද්රියානි ථීනමිද්ධ{8} සංවරට්ඨෙන සීලවිසුද්ධි පඤ්චන්නං ඉන්ද්රියානං ආදිවිසොධනා, අරහත්තමග්ගෙ පඤ්චින්ද්රියානි සබ්බකිලෙස{9} සංවරට්ඨෙන සීලවිසුද්ධි පඤ්චන්නං ඉන්ද්රියානං ආදිවිසොධනා.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, කාමච්ඡන්‍දසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යැ, අව්‍යාපාදයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, ව්‍යාපාද සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යැ, ආලෝකසංඥායෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, ථීනමිද්ධ සංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යැ අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වෙති, සර්‍වක්ලේශසංවරාර්‍ත්‍ථයෙන් ශීලවිශුද්ධිය පඤ්චේන්‍ද්‍රියනට ආදිවිශොධන යි.
Pali BJTආදිවිසොධනට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි.
Sinhala BJTමෙසෙසින් ආදිවිශෝධනාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහ.
Pali BJTකථං අධිමත්තට්ඨෙන ඉන්ද්රියානි දට්ඨබ්බානි:
Sinhala BJTකිසෙයින් අධිමාත්‍රාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ දතයුත්තාහු ද යත්:
Pali BJTසද්ධින්ද්රියස්ස භාවනාය ඡන්දො උප්පජ්ජති, {*}ඡන්දවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, ඡන්දවසෙන පාමොජ්ජං උප්පජ්ජති, පාමොජ්ජවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, පාමොජ්ජවසෙන පීති උප්පජ්ජති, පීතිවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, පීතිවසෙන පස්සද්ධි උප්පජ්ජති, පස්සද්ධිවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, පස්සද්ධිවසෙන සුඛං උප්පජ්ජති, සුඛවෙසන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, සුඛවසෙන ඔභාසො උප්පජ්ජති, ඔභාසවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, ඔභාසවසෙන සංවෙගො උප්පජ්ජති, සංවෙගවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, සංවෙජෙත්වා චිත්තං සමාදහති, සමාධිවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති. තථා සමාහිතං චිත්තං සාධුකං පග්ගණ්හාති, පග්ගහවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, තථාපග්ගහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛති. උපෙක්ඛාවසෙන සද්ධාවසෙන
Sinhala BJTශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ භාවනායෙහි කුශලච්ඡන්‍දය උපදී. ඡන්‍ද වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර (බලවත්) වෙයි, ඡන්‍ද වශයෙන් ප්‍රාමෝද්‍යය උපදී. ප්‍රාමෝද්‍යවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, ප්‍රාමෝද්‍යවශයෙන් ප්‍රීතිය උපදී, ප්‍රීතිවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, ප්‍රශ්‍රබ්ධිවශයෙන් සුඛය උපදී, සුඛවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, සුඛවශයෙන් ඥානාවභාසය උපදී. අවභාසවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, අවභාස වශයෙන් සංවේගය උපදී, සංවේගවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, සංවේග උපදවා සිත සමාහිත කෙරෙයි, සමාධි වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, එසෙයින් සමාහිත වූ සිත (ලීනෝද්ධතභාවයෙන් මුදා) මොනොවට ප්‍රග්‍රහ කෙරෙයි, ප්‍රග්‍රහවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, එසෙයින් ප්‍රග්‍රහ කරන ලද සිත මොනොවට අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, උපේක්‍ෂාවශයෙන් ශ්‍රද්ධාවශයෙන්
Pali BJTසද්ධින්ද්රියං අධිමත්තං හොති, උපෙක්ඛාවසෙන නානත්තකිලෙසෙහි චිත්තං විමුච්චති, විමොක්ඛවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, විමුත්තත්තා තෙ ධම්මා එකරසා හොන්ති, එකරසට්ඨෙන භාවනාවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, භාවිතත්තා තතො පණීතතරෙ විවට්ටන්ති, විවට්ටනාවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, විවට්ටිතත්තා තතො වොස්සජති.{1} වොස්සග්ගවසෙන{2} සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, වොස්සජ්ජිතත්තා{3} තතො නිරුජ්ඣන්ති, නිරොධවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති, නිරොධවසෙන ද්වෙ වොස්සග්ගා: පරිච්චාගවොස්සග්ගො ච පක්ඛන්දනවොස්සග්ගො ච, කිලෙස ච ඛන්ධෙ ච පරිච්චජතීති පරිච්චාගවොස්සග්ගො, නිරොධනිබ්බානධාතුයා චිත්තං පක්ඛන්දතීති පක්ඛන්දනවොස්සග්ගො, නිරොධවසෙන ඉමෙ ද්වෙ වොස්සග්ගා.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, උපේක්‍ෂාවශයෙන් නානාස්වභාව වූ කෙලෙසුන් කෙරෙන් සිත මිදෙයි, විමොක්‍ෂවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, (නානාස්වභාව කෙලෙසුන් කෙරෙන්) විමුක්ත බැවින් ඒ (ඡන්‍දාදි) ධර්‍මයෝ ඒකරස (එකකෘත්‍ය) වෙති. ඒකරසාර්‍ත්‍ථයෙන් භාවනාවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, භාවිත බැවින් ඒ විදර්‍ශනාලම්බනයට වඩා ප්‍රණීතතර (නිර්‍වාණාලම්බන) යෙහි නවතිත්, විවර්‍තන වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, විවර්‍තතිත (නැවැතුණු) බැවින් එහෙයින් මැ (කෙලෙසුන් හා ස්කන්‍ධයන් හා) දුරු කෙරෙයි, දුරැලීම් වශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, දුරැලූ බැවින් එකරුණෙන් මැ (කෙලෙස් හා ස්කන්‍ධයෝ හා) නිරුද්ධ වෙති, නිරෝධවශයෙන් ශ්‍රද්ධාවශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමාත්‍ර වෙයි, නිරෝධවශයෙන් වොස්සග්ග දෙකෙකි: පරිච්චාගවොස්සග්ග යැ පක්ඛන්‍දනවොස්සග්ග යි. කෙලෙසුන් හා ස්කන්‍ධයන් හා දුරු කෙරේ නු යි පරිච්චාගවොස්සග්ග නම. නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත ප්‍රස්කන්‍දනය කෙරේ නු යි පක්ඛන්‍දන වොස්සග්ග නමි. නිරෝධවශයෙන් මේ වොස්සග්ගයෝ දෙදෙන වෙත්.
Pali BJTඅස්සද්ධියස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- අස්සද්ධියපරිළාහස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- දිට්ඨෙකට්ඨානං කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- ඔළාරිකානං කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- අණුසහගතානං කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- සබ්බකිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති, ඡන්දවසෙන සද්ධාවසෙන සද්ධින්ද්රියං අධිමත්තං හොති -පෙ-
Sinhala BJTඅශ්‍රද්ධාභාවයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අශ්‍රද්ධාපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... දෘෂ්ටිය හා ඒකස්වභාව වූ ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අණුසහගත ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දස උපදී, ඡන්‍දවශයෙන් ශ්‍රද්ධා වශයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රිය අධිමාත්‍ර වෙයි ...
Pali BJTවිරියින්ද්රියස්ස භාවනාය ඡන්දො උප්පජ්ජති -පෙ- කොසජ්ජස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- කොසජ්ජපරිළාහස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- දිට්ඨෙකට්ඨානං කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- සබ්බ කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ-
Sinhala BJTවීය්‍යෙර්‍න්‍ද්‍රියාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... කෞසීද්‍යයාගේ දුරැලීම පිණිස ඡන්‍දය උපදී .... කෞසීද්‍යපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... දෘෂ්ටිය හා ඒකස්වභාව වූ ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සර්‍වක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍ද්‍රය උපදී ...
Pali BJTසතින්ද්රියස්ස භාවනාය ඡන්දො උප්පජ්ජති -පෙ- පමාදස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- පමාදපරිළාහස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- සබ්බකිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ-
Sinhala BJTස්මෘතීන්‍ද්‍රියයාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... ප්‍රමාදයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... ප්‍රමාදපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ...
Pali BJTසමාධින්ද්රියස්ස භාවනාය ඡන්දො උප්පජ්ජති -පෙ- උද්ධච්චස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- උද්ධච්ච පරිළාහස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- සබ්බකිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ-
Sinhala BJTසමාධීන්‍ද්‍රියයාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... ඖද්ධත්‍යයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... ඖද්ධත්‍යපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ...
Pali BJTපඤ්ඤින්ද්රියස්ස භාවනාය ඡන්දො උප්පජ්ජති -පෙ- අවිජ්ජාය පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- අවිජ්ජාපරිළාහස්ස පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- දිට්ඨෙකට්ඨානං කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- ඔළාරිකානං කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ- අණුසහගතානං කිලෙසානං පහානාය ඡන්දො උප්පජ්ජති -පෙ-
Sinhala BJTප්‍රඥේන්‍ද්‍රියයාගේ භාවනායෙහි ඡන්‍දය උපදී ... අවිද්‍යාවගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අවිද්‍යාපරිදාහයාගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... දෘෂ්ටිය හා ඒකස්වභාව වූ ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී .... ඖදාරික ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ... අණුසහගත ක්ලේශයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදී ...