Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපටිනිස්සාග්ගාති ද්වෙ පටිනිස්සග්ගා: පරිච්චාගපටිනිස්සග්ගො ච, පක්ඛන්දනපටිනිස්සග්ගො ච. ‘රූපං පරිච්චජතී’ති පරිච්චාගපටිනිස්සග්ගො ‘රූපනිරොධෙ නිබ්බානෙ චිත්තං පක්ඛන්දතී’ ති පක්ඛන්දනපටිනිස්සග්ගො, රූපෙ පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, රූපෙ ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ‘ජරාමරණං පරිච්චජතී’ති පරිච්චාගපටිනිස්සග්ගො, ‘ජරාමරණනිරොධෙ නිබ්බානෙ චිත්තං පක්ඛන්දතී’ති පක්ඛන්දනපටිනිස්සග්ගො.
Sinhala BJTපටිනිස්සග්ගා යනු: ප්‍රතිනිඃසර්‍ගයෝ දෙදෙනෙකි: පරිත්‍යාගප්‍රතිනිඃසර්‍ග යැ ප්‍රස්කන්‍දනප්‍රතිනිඃසර්‍ග යැ යි. රූපය පරිත්‍යාග කෙරේ නුයි පරිත්‍යාග ප්‍රතිනිඃසර්‍ග වෙයි. රූපනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චිත්තය ප්‍රස්කන්‍දනය කෙරේ නු යි ප්‍රස්කන්‍දනප්‍රතිනිඃසර්‍ග වෙයි. ‘රූපයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘රූපයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ... චක්‍ෂුස ... ජරාමරණය පරිත්‍යාග කෙරේ නු යි පරිත්‍යාගප්‍රනිඃසර්‍ග වෙයි, ජරාමරණනිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි චිත්තය ප්‍රස්කන්‍දන කෙරේ නු යි ප්‍රස්කන්‍දනප්‍රතිසඃර්‍ග වෙයි.
Pali BJT‘ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘ජරාමරණෙ පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සාසපස්සාසවසෙන ධම්මා, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, ධම්මා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තෙ ධම්මෙ අනුපස්සති. තෙන වුච්චති: ‘ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නෙමී’ යි හික්මෙයි. ජරාමරණයෙහි පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ යි හික්මෙයි. පටිනිස්සග්ගානුපස්සී’ යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ, ධර්‍ම උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි. ‘ධම්මේසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ යි.
Pali BJTඅනුපස්සතීති කථං තෙ ධම්මෙ අනුපස්සති: අනිච්චතො අනුපස්සති, නො නිච්චතො -පෙ- පටිනිස්සජ්ජති, නො ආදියති. අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති -පෙ- පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං තං ධම්මෙ අනුපස්සති. භාවනාති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. නිත්‍ය හෙයින් අනුපස්සනා නො කෙරෙයි ... පරිත්‍යාග කෙරෙයි. ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුපස්සනා කරනුයේ නිත්‍යසංඥාව දුරු කෙරෙයි ... පරිත්‍යාග කරනුයේ ආදානය දුරු කෙරෙයි. මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. භාවනා යනු: භාවනා සතරෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනද්ධ (සමාධි-ප්‍රඥා) ධර්‍මයන්ගේ නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTපටිනිස්සග්ගානුපස්සී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි, යො තත්ථ සංවරට්ඨො, අයං අධිසීලසික්ඛා. යො තත්ථ අවික්ඛෙපට්ඨො. අයං අධිචිත්තසික්ඛා, යො තත්ථ දස්සනට්ඨො, අයං අධිපඤ්ඤාසික්ඛා. ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛති, ජානන්තො සික්ඛති -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛති.
Sinhala BJT‘පටිනිස්සග්ගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් චිත්තවිශුද්ධ යැ දර්‍ශනස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධි යැ, එහි යම් සංවරස්වභාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා යැ, එහි යම් අවික්‍ෂේපස්වභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා යැ එහි යම් දර්‍ශනස්වභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කරන්නේ හික්මෙයි දන්නේ හික්මෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කරන්නේ හික්මේ.
Pali BJTපටිනිස්සග්ගානුපස්සී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති -පෙ- පටිනිස්සාග්ගානුපස්සී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති, ගොචරඤ්ච පජානාති, සමත්ථඤ්ච පටිවිජ්ඣති, බලානි සමොධානෙති, බොජ්ඣඞ්ගෙ සමොධානෙති, මග්ගං සමොධානෙති, ධම්මෙ සමොධානෙති, ගොචරඤ්ච පජානාති, සමත්ථඤ්ච පටිවිජ්ඣති.
Sinhala BJT‘පටිනිස්සග්ගානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති, ප්‍රකට කොට දන්නාලද්දාහු වටහති. ප්‍රකට කොට දන්නාලද්දාහු අස්තයට යෙති ... ‘පටිනිස්සග්ගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. ගෝචරය ද ප්‍රකට කොට දැනගනී. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරෙයි. බලයන් සමවධාන කෙරෙයි. බෝධ්‍යඞ්ගයන් සමවධාන කෙරෙයි. මාර්‍ගය සමවධාන කෙරෙයි. ධර්‍මයන් සමවධාන කෙරෙයි. ගෝචරය ද ප්‍රකට කොට දැනගනී. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
Pali BJTඉන්ද්රියානි සමොධානෙතීති කථං ඉන්ද්රියානි සමොධානෙති: අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං සමොධානෙති -පෙ- තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (4)
Sinhala BJTඉන්‍ද්‍රියානි සමෝධානෙති යනු: කිසෙයින් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, යත්: අධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි.
Pali BJTඅට්ඨ අනුපස්සනෙ ඤාණානි, අට්ඨ ච උපට්ඨානානුස්සතියො, චත්තාරි සුත්තන්තිකවත්ථූනි ධම්මෙසු ධම්මානුපස්සනාය.
Sinhala BJTධර්‍මයන්හි ධර්‍මානුදර්‍ශනායෙහි අනුදර්‍ශනාඥානයෝ අටදෙනෙක උපස්ථානානුස්මෘතීහු ද අට දෙනෙක, සෞත්‍රාන්තිකවස්තූහු සතර දෙනෙකි.
Pali BJTඉමානි බත්තිංස සතොකාරිස්ස ඤාණානි.
Sinhala BJTමොහු සතෝකාරීහුගේ දෙතිස් ඥානයෝ යි.
Pali BJTචතුත්ථ චතුක්කං.
Sinhala BJTචතුර්‍ත්‍ථ චතුෂ්කය යි.
Pali BJTසතොකාරිඤාණ නිද්දෙසො.
Sinhala BJTසතෝකාරිඥානනිර්දේශය නිමි.
Pali BJT3-6, 11. ඤාණරාසිඡක්කං.
Sinhala BJT3-6, 11. ඥානරාශිෂට්ක
Pali BJT(6) කතමානි චතුවීසති සමාධිවසෙන ඤාණානි:
Sinhala BJTසමාධිවශයෙන් සූවිසි ඥානයෝ කවරහ යත්:
Pali BJTදීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි -පෙ- විමොචයං චිත්තං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, විමොචයං චිත්තං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි.
Sinhala BJT‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ... ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යැ ‘විමොචයං චිත්තං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි යි.
Pali BJTඉමානි චතුවීසති සමාධිවසෙන ඤාණානි.
Sinhala BJTමොහු සමාධි වශයෙන් සූවිසි ඥානයෝ යි. (1)
Pali BJT(7) කතමානි ද්වෙසත්තති විපස්සනාවසෙන ඤාණානි:
Sinhala BJTවිදර්‍ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ කවරහ යත්:
Pali BJTදීඝං අස්සාසං අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්සනා, දුක්ඛතො අනුපස්සනට්ඨෙන විපස්සනා, අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා. දීඝං පස්සාසං අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්සනා, දුක්ඛතො අනුපස්සනට්ඨෙන විපස්සනා, අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා -පෙ- විමොචයං චිත්තං අස්සාසං -පෙ- විමොචයං චිත්තං පස්සාසං අනිච්චතො අනුපස්සනට්ඨෙන විපස්සනා, දුක්ඛතො අනුපස්සනට්ඨෙන විපස්සනා අනත්තතො අනුපස්සනට්ඨෙන විපස්සනා.
Sinhala BJTදීර්‍ඝ වූ ආශ්වාසය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දීර්‍ඝ වූ ප්‍රශ්වාස අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ ... සිත මුදමින් ආශ්වාසය ... සිත මුදමින් ප්‍රශ්වාසය අනිත්‍ය හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ දුඃඛ හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යැ අනාත්ම හෙයින් අනුදර්‍ශනාස්වභාවයෙන් විදර්‍ශනා යි.
Pali BJTඉමානි ද්වෙසත්තති විපස්සනාවසෙන ඤාණානි.
Sinhala BJTමොහු විදර්‍ශනා වශයෙන් දෙසැත්තෑ ඥානයෝ යි. (2)
Pali BJT(8) කතමානි අට්ඨ නිබ්බිදාඤාණානි:
Sinhala BJTඅෂ්ටනිර්වේදඥානයෝ කවරහ යත්:
Pali BJTඅනිච්චානුපස්සී අස්සාසං යථාභූතං ජානාති පස්සතීති නිබ්බිදාඤාණං, අනිච්චානුපස්සී පස්සාසං යථාභූතං ජානාති පස්සතීති නිබ්බිදාඤාණං -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසං යථාභූතං ජානාති පස්සතීති නිබ්බිදාඤාණං, පටිනිස්සග්ගානුපස්සී පස්සාසං යථාභූතං ජානාති පස්සතීති නිබ්බිදාඤාණං.
Sinhala BJTඅනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාසය කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වැ ආශ්වාසකරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යැ ප්‍රතිනිඃසර්‍ගානු දර්ශීවැ ප්‍රශ්වාස කරනුයේ ඇති සැටියෙන් දනී දකී නු යි නිර්වේදඥාන යි.
Pali BJTඉමානි අට්ඨ නිබ්බිදාඤාණානි.
Sinhala BJTමොහු අෂ්ට නිර්වේදඥානයෝ යි. (3)
Pali BJT(9) කතමානි අට්ඨ නිබ්බිදානුලොමෙ ඤාණානි.
Sinhala BJTඅෂ්ටනිර්වේදානුලෝමඥානයෝ කවරහ යත්:
Pali BJTඅනිච්චානුපස්සී අස්සාසං භයතුපට්ඨානෙ පඤ්ඤා නිබ්බිදානුලොමෙ ඤාණං, අනිච්චානුපස්සී පස්සාසං භයතුපට්ඨානෙ පඤ්ඤා නිබ්බිදානුලොමෙ ඤාණං -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසං භයතුපට්ඨානෙ පඤ්ඤා නිබ්බිදානුලොමෙ ඤාණං, පටිනිස්සග්ගානුපස්සී පස්සාසං භයතුපට්ඨානෙ පඤ්ඤා නිබ්බිදානුලොමෙ ඤාණං.
Sinhala BJTඅනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ ... පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යැ පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නහුට භය හෙයින් වැටහීමේ ප්‍රඥාව නිර්වේදානුලෝමඥාන යි.
Pali BJTඉමානි අට්ඨ නිබ්බිදානුලොමෙ ඤාණානි.
Sinhala BJTමොහු අෂ්ට නිර්‍වෙදානුලොමඥානයෝ යි. (4)
Pali BJT(10) කතමානි අට්ඨ නිබ්බිදාපටිප්පස්සද්ධි ඤාණානි:
Sinhala BJTනිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥානයෝ අටදෙන කවරහ යත්:
Pali BJTඅනිච්චානුපස්සී අස්සාසං පටිසඞ්ඛා සන්තිට්ඨනා පඤ්ඤා නිබ්බිදාපටිප්පස්සද්ධිඤාණං, අනිච්චානුපස්සී පස්සාසං පටිසඞ්ඛා සන්තිට්ඨනා පඤ්ඤා නිබ්බිදාපටිපපස්සද්ධිඤානං -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසං පටිසඞ්ඛා සන්තිට්ඨනා පඤ්ඤා නිබ්බිදාපටිප්පස්සද්ධිඤාණං, පටිනිස්සග්ගානුපස්සී පස්සාසං පටිසඞ්ඛා සන්තිට්ඨනා පඤ්ඤා නිබ්බිදාපටිප්පස්සද්ධිඤාණං.
Sinhala BJTඅනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වෙයි, පටිනිස්සාග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නහුට පටිසඞ්ඛාසන්තිට්ඨනා ප්‍රඥාව නිර්වේදප්‍රතිප්‍රශබ්ධිඥාන වේ.
Pali BJTඉමානි අට්ඨ නිබ්බිදාපටිප්පස්සද්ධිඤාණානි.
Sinhala BJTමොහු නිර්වේදඥානයෝ අටදෙන වෙත්. (5)
Pali BJT(11) කතමානි එකවීසති විමුත්තිසුඛෙ ඤාණානි:
Sinhala BJTඑක්විසි විමුක්තිසුඛඥානයෝ කවරහ යත්:
Pali BJTසොතාපත්තිමග්ගෙන සක්කායදිට්ඨියා පහීනත්තා සමුච්ඡින්නත්තා උප්පජ්ජති විමුත්තිසුඛෙ ඤාණං, විචිකිච්ඡාය පහීනත්තා සමුච්ඡින්නත්තා උප්පජ්ජති විමුත්තිසුඛෙ ඤාණං, සීලබ්බතපරාමාසස්ස -පෙ- දිට්ඨානුසයස්ස -පෙ- විචිකිච්ඡානුසයස්ස පහීනත්තා සමුච්ඡින්නත්තා උප්පජ්ජති විමුත්තිසුඛෙ ඤාණං, සකදාගාමිමග්ගෙන ඔළාරිකස්ස කාමරාගසඤ්ඤොජනස්ස -පෙ- පටිඝසඤ්ඤොජනස්ස -පෙ- ඔළාරිකස්ස කාමරාගානුසයස්ස, පටිඝානුසයස්ස පහීනත්තා සමුච්ඡින්නත්තා උප්පජ්ජති විමුත්තිසුඛෙ ඤාණං, අනාගාමිමග්ගෙන අනුසහගතස්ස කාමරාගසඤ්ඤොජනස්ස -පෙ- පටිඝසඤ්ඤොජනස්ස, අනුසහගතස්ස කාමරාගානුසයස්ස, පටිඝානුසයස්ස පහීනත්තා සමුච්ඡින්නත්තා උප්පජ්ජති විමුත්තිසුඛෙ ඤාණං, අරහත්තමග්ගෙන රූපරාගස්ස -පෙ- අරූපරාගස්ස, මානස්ස, උද්ධච්චස්ස, අවිජ්ජජය මානානුසයස්ස, භවරාගානුසයස්ස. අවිජ්ජානුසයස්ස පහීනත්තා සමුච්ඡින්නත්තා උප්පජ්ජති විමුත්තිසුඛෙ ඤාණං.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් සත්කායදෘෂ්ටිය පුහුන් බැවින් මුලුසුන් කරන ලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. විචිකිත්සාව පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. ශීලව්‍රතපරාමර්‍ශය ... දෘෂ්ට්‍යනුශය විචිකිත්සානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරිකකාමරාගසංයෝජනය ... ප්‍රතිඝසංයෝජනය ඖදාරික වූ කාමරාගානුශය ප්‍රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අනාගාමිමාර්‍ගයෙන් අණුසහගත වූ කාමරාගසංයෝජනය ... ප්‍රතිඝසංයෝජනය අණුසහගත වූ කාමරාගානුශය ප්‍රතිඝානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී. අර්‍හන්මාර්‍ගයෙන් රූපරාගය ... අරූපරාගය මානය ඖදත්‍යය අවිද්‍යාව මානානුශය භවරාගානුශය අවිද්‍යානුශය පුහුන් බැවින් මුලුසුන් කරනලද බැවින් විමුක්තිසුඛඥානය උපදී.
Pali BJTඉමානි එකවීසති විමුත්තිසුඛෙ ඤාණානි.
Sinhala BJTමොහු එක්විසි විමුක්තිඥානයෝ යි.
Pali BJTසොළසවත්ථුකං ආනාපානසතිසමාධිං භාවයතො සමධිකානි ඉමානි ද්වෙ ඤාණසතානි උප්පජ්ජන්ති.
Sinhala BJTෂෝඩශවස්තුක වූ අනාපානසතිසමාධිය වඩන්නාහට සාධික වූ මේ ඥානයෝ දෙසියදෙන උපදිත්.
Pali BJTආනාපානසතිකථා සමත්තා.
Sinhala BJTආනාපානස්මෘතිකථා නිමි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTඉන්ද්රිය කථා.
Sinhala BJTඉන්‍ද්‍රිය කථා.
Pali BJT4-1. පඨමසුත්තං
Sinhala BJT4-1. ප්‍රථම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT“මා විසින් මෙසේ අසනලද නොහොත් මා ගේ ඇසීම මෙසේ යි. කෙසේ ද යත්: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වාසය කරන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්‍ද්‍රියසූත්‍රය වදාළ සේක.
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි, කතමානි පඤ්ච: සද්ධින්ද්රියං විරියින්ද්රියං{1} සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ. පඤ්චින්ද්රියානි.
Sinhala BJTමහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක. කවර පස්දෙනෙක් ද යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්‍මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි.
Pali BJTඉමානි පඤ්චින්ද්රියානි කතිහාකාරෙහි විසුජ්ඣන්ති: ඉමානි පඤ්චින්ද්රියානි පන්නරසහි ආකාරෙහි විසුජ්ඣන්ති. අස්සද්ධෙ පුග්ගලෙ පරිවජ්ජයතො, සද්ධෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, පසාදනීයෙ සුත්තන්තෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සද්ධින්ද්රියං විසුජ්ඣති.
Sinhala BJTමේ පඤ්චේන්‍ද්‍රියයෝ කිහි අයුරෙකින් විශුද‍්ධ වෙත් ද යත්: මේ පඤ්චේන්‍ද්‍රියයෝ පසළොස් අයුරෙකින් විශුද්‍ධ වෙති. ශ්‍රද්ධා නැති පුද්ගලයන් දුරැලන්නාහට ශ්‍රද්ධා ඇති පුද්ගලයන් සෙවුනාහට භජනය කරන්නාහට පර්‍ය්‍යුපාසනය කරන්නාහට ප්‍රසාද එළවන සූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ශ්‍රද්ධේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
Pali BJTකුසීතෙ පුග්ගලෙ පරිවජ්ජයතො, ආරද්ධවිරියෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සම්මප්පධානෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි විරියින්ද්රියං විසුජ්ඣති.
Sinhala BJTකුසීදපුද්ගලයන් දුරැලන්නාහට, ආරබ්ධවීර්‍ය්‍ය පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, සම්‍යක්ප්‍රදහනයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් වීර්ය්‍යේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
Pali BJTමුට්ඨස්සතී පුග්ගලෙ පරිවජ්ජයතො, උපට්ඨිතසති{2}, පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, සතිපට්ඨානෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සතින්ද්රියං විසුජ්ඣති.
Sinhala BJTමුළාසිහි ඇති පුද්ගලයන් දුරැලන්නාහට, එළඹසිටි සිහි ඇති පුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාන කරන්නාහට, සීවටන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ස්මෘතීන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
Pali BJTඅසමාහිතෙ පුග්ගලෙ පරිවජ්ජයතො, සමාහිතෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ඣානවිමොක්ඛෙ පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි සමාධින්ද්රියං විසුජ්ඣති.
Sinhala BJTඅසමාහිත පුද්ගලයන් දුරැලන්නාහට, සමාහිතපුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ධ්‍යාන - විමෝක්‍ෂයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින්‍ සමාධීන්‍ද්‍රිය විශුද්ධ වෙයි.
Pali BJTදුප්පඤ්ඤෙ පුග්ගලෙ පරිවජ්ජයතො, පඤ්ඤවන්තෙ පුග්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො, ගම්භිරඤාණචරියං පච්චවෙක්ඛතො, ඉමෙහි තීහාකාරෙහි පඤ්ඤින්ද්රියං විසුජ්ඣති.
Sinhala BJTප්‍රඥා නැති පුද්ගලයන් දුරැලන්නාහට, ප්‍රඥා ඇති පුද්ගලයන් සේවන - භජන- පර්‍ය්‍යුපාසන කරන්නාහට, ගම්භීරඥානචර්‍ය්‍යා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ තුන් අයුරින් ප්‍රඥේන්‍ද්‍රියය විශුද්ධ වෙයි.
Pali BJTඉති ඉමෙ පඤ්ච පුග්ගලෙ පරිවජ්ජයතො, පඤ්ච පුග්ගලෙ සෙවතො භාජතො පයිරු පාසතො, පසාදනීයෙ සුත්තන්තෙ{3} පච්චවෙක්ඛතො, ඉමෙහි පන්නරසහි ආකාරෙහි ඉමානි පඤ්චින්ද්රියානි විසුජ්ඣන්ති.
Sinhala BJTමෙසෙයින් මේ පඤ‍්‍වපුද්ගලයන් දුරැලන්නාහට, පඤ‍්‍වපුද්ගලයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහට, පඤ්චසූත්‍රාන්තයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට, මේ පසළොස් අයුරින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ විශුද්ධ වෙත්.
Pali BJTකතිහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවීයන්ති{4}, කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං භාවනා හොති: දසහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවීයන්ති,{4} දසහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං භාවනා හොති.
Sinhala BJTකිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනුලැබෙත් ද කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ ද යත්: දසඅයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙති. දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වෙයි.
Pali BJTඅස්සද්ධියං පජහන්තො සද්ධින්ද්රියං භාවෙති. සද්ධින්ද්රියං භාවෙන්තො අස්සද්ධියං පජහති. කොසජ්ජං පජහන්තො විරියින්ද්රියං භාවෙති, විරියින්ද්රියං භාවෙන්තො කොසජ්ජං පජහති. පමාදං පජහන්තො සතින්ද්රියං භාවෙති, සතින්ද්රියං භාවෙන්තො පමාදං පජහති. උද්ධච්චං පජහන්තො සමාධින්ද්රියං භාවෙති, සමාධින්ද්රියං භාවෙන්තො උද්ධච්චං පජහති. අවිජ්ජං පජහන්තො පඤ්ඤින්ද්රියං භාවෙති, පඤ්ඤින්ද්රියං භාවෙන්තො අවිජ්ජං පජහති.
Sinhala BJTශ්‍රද්ධා නැති බව දුරැලනුයේ ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනුයේ ශ්‍රද්ධා නැති බව දුරැලයි. කුසීද බව දුරැලනුයේ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනුයේ කුසීද බව දුරැලයි. ප්‍රමාදය දුරැලනුයේ ස්මෘතීන්‍ද්‍රියය වඩයි, ස්මෘතීන්‍ද්‍රියය වඩනුයේ ප්‍රමාදය දුරැලයි. උද්ධතභාවය දුරැලනුයේ සමාධීන්‍ද්‍රියය වඩයි. සමාධීන්‍ද්‍රියය වඩනුයේ උද්ධතභාවය දුරැලයි. අවිද්‍යාව දුරැලනුයේ ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනුයේ අවිද්‍යාව දුරැලයි.
Pali BJTඉමෙහි දසහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවියන්ති, ඉමෙහි දසහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං භාවනා හොති.
Sinhala BJTමේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනු ලැබෙත්. මේ දස අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනාව වේ.
Pali BJTකතිහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි: දසහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි.
Sinhala BJTකිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද යත්: දස අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු මොනවට වඩනාලද්දාහු වෙති.
Pali BJTඅස්සද්ධියස්ස පහීනත්තා සුප්පහීනත්තා සද්ධින්ද්රියං භාවිතං හොති සුභාවිතං, සද්ධින්ද්රියස්ස භාවිතත්තා සුභාවිතත්තා අස්සද්ධියං පහීනං හොති සුප්පහීනං, කොසජ්ජස්ස පහීනත්තා සුප්පහීනත්තා විරියින්ද්රියං භාවිතං හොති සුභාවිතං, විරියින්ද්රියස්ස භාවිතත්තා සුභාවිතත්තා කොසජ්ජං පහීනං හොති සුප්පහීනං, පමාදස්ස පහීනත්තා සුප්පහීනත්තා සතින්ද්රියං භාවිතං හොති සුභාවිතං, සතින්ද්රියස්ස භාවිතත්තා සුභාවිතත්තා පමාදො පහීනො හොති සුප්පහීනො, උද්ධච්චස්ස පහීනත්තා සුප්පහීනත්තා සමාධින්ද්රියං භාවිතං හොති සුභාවිතං, සමාධින්ද්රියස්ස භාවිතත්තා සුභාවිතත්තා උද්ධච්චං පහීනං හොති සුප්පහීනං, අවිජ්ජජය පහීනත්තා සුප්පහීනත්තා පඤ්ඤින්ද්රියං භාවිතං හොති සුභාවිතං, පඤ්ඤින්ද්රියස්ස භාවිතත්තා සුභාවිතත්තා අවිජ්ජා පහීනා හොති සුප්පහීනා.
Sinhala BJTශ්‍රද්‍ධා නැති බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් ශ්‍රද්‍ධා නැති බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. කුසීද බව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් කුසීද බව ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. ප්‍රමාදය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. ස‍්මෘතීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනා ලද බැවින් ප්‍රමාදය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. උද්ධතභාවය ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් සමාධීන්‍ද්‍රියය වඩනා ලද්දේ මොනොවට වඩනාලද්දේ වෙයි. සමාධීන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනොවට වඩනාලද බැවින් උද්ධතභාවය ප්‍රහීණ වූයේ මොනොවට ප්‍රහීණ වූයේ වෙයි. අවිද්‍යාව ප්‍රහීණ බැවින් මොනොවට ප්‍රහීණ බැවින් ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද්දේ මොනොවට වඩනා ලද්දේ වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩනාලද බැවින් මොනවට වඩනාලද බැවින් අවිද්‍යාව ප්‍රහීණ වූවා මොනොවට ප්‍රහීණ වූවා වෙයි.
Pali BJTඉමෙහි දසහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි.
Sinhala BJTමේ දශ අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙත්.
Pali BJTකතිහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවියන්ති,{1} කතිහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවිතානි චෙව හොන්ති සුභාවිතානි ච, පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච: චතූහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවීයන්ති, චතූහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවිතානි චෙව හොන්ති සුභාවිතානි ච, පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච.
Sinhala BJTකිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙත් ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති යත්: සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සියු අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති.
Pali BJTසොතාපත්තිමග්ගක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවීයන්ති, සොතාපත්තිඵලක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවිතානි චෙව හොන්ති සුභාවිතානි ච,{2} පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච, සකදාගාමිමග්ගක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවීයන්ති, සකදාගාමිඵලක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවිතානි චෙව හොන්ති සුභාවිතානි ච. පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච, අනාගාමිමග්ගක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවීයන්ති, අනාගාමිඵලක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවිතානි චෙ ව හොන්ති සුභාවිතානි ච පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච, අරහත්තමග්ගක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවීයන්ති, අරහත්තඵලක්ඛණෙ පඤ්චින්ද්රියානි භාවිතානි චෙව හොන්ති සුභාවිතානි ච, පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. සකෘදාගාමි මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. සකෘදාගාමි ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අනාගිමීමාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අනාගාමීඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙති. අර්‍හන්‍මාර්‍ගක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. අර්‍හත්ඵලක්‍ෂණයෙහි පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනා ලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
Pali BJTඉති චතස්සො මග්ගවිසුද්ධියො, චතස්සො ඵලවිසුද්ධියො, චතස්සෙ සමුච්ඡෙදවිසුද්ධියො, චතස්සො පටිප්පස්සද්ධිවිසුද්ධියො. ඉමෙහි චතූහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවීයන්ති, ඉමෙහි චතූහාකාරෙහි පඤ්චින්ද්රියානි භාවිතානි චෙව හොන්ති සුභාවිතානි ච, පටිප්පස්සද්ධානි ච සුප්පටිප්පස්සද්ධානි ච.
Sinhala BJTමෙසෙයින් මාර්‍ගවිශුද්ධි සතරෙක, ඵලවිශුද්ධි සතරෙක, සමුච්ඡේද විශුද්ධි සතරෙක, ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිශුද්ධි සතරෙකි. මේ සියු අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනා ලැබෙති. මේ සියු අයුරින් පඤ්චේන්‍ද්‍රියයෝ වඩනාලද්දාහු ද මොනොවට වඩනාලද්දාහු ද සන්හිඳුණාහු ද මොනොවට සන්හිඳුණාහු ද වෙත්.
Pali BJTකතින්නං{1} පුග්ගලානං ඉන්ද්රියභාවනා. කති පුග්ගලා භාවිතින්ද්රියා. අට්ඨන්නං පුග්ගලානං ඉන්ද්රියභාවනා, තයො පුග්ගලා භාවිතින්ද්රියා.
Sinhala BJTකෙතෙක් පුද්ගලයන්ට ඉන්‍ද්‍රියභාවනා වේ ද, කෙතෙක් පුද්ගලයෝ භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත් ද යත්: පුද්ගලයන් අටදෙනකුන්හට ඉන්‍ද්‍රිය භාවනා වෙයි. පුද්ගලයෝ තිදෙනෙක් භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති.
Pali BJTකතමෙසං අට්ඨන්නං පුග්ගලානං ඉන්ද්රියභාවනා: සත්තන්නඤ්ච සෙක්ඛානං පුථුජ්ජනකල්යාණකස්ස ච{2} ඉමෙසං අට්ඨන්නං පුග්ගලානං ඉන්ද්රියභාවනා, කතමෙ තයො පුග්ගලා භාවිතින්ද්රියා: සවනෙන බුද්ධො{3} තථාගතස්ස සාවකො{4} ඛීණාසවො භාවිතින්ද්රියො, සයං භූතට්ඨෙන{5} පච්චෙකබුද්ධො{6} භාවිතින්ද්රියො, අප්පමෙය්යට්ඨෙන තථාගතො අරහං සම්මාසම්බුද්ධො භාවිතින්ද්රියො. ඉමෙ තයො පුග්ගලා භාවිතින්ද්රියා.
Sinhala BJTකවර පුද්ගලයන් අටදෙනෙකුන්හට ඉන්‍ද්‍රියභාවනා වේ ද යත්: සප්‍තශෛක්‍ෂකයනට ද පෘථග්ජනකල්‍යාණකහට දැ යි මේ පුද්ගලයන් අටදෙනාහට ඉන්‍ද්‍රියභාවනා වෙයි. කවර පුද්ගලයෝ තිදෙනෙක් භාවිතඉන්‍ද්‍රිය ඇත්තාහු ද, යත්: ශ්‍රවණයෙන් චතුස්සත්‍යාවබෝධය කළා වූ තථාගතශ්‍රාවක වූ ක්‍ෂීණාස්‍රව තෙමේ භාවිත ඉන්‍ද්‍රිය ඇත්තේ වෙයි. තමා මැ ආර්‍ය්‍යජාතියෙහි ජාතස්වභාවයෙන් පසේබුදුහු භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙති. අප්‍රමේය ස්වභාවයෙන් තථාගත වූ අර්‍හත් වූ සම්මාසම්බුදුහු භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්. මේ පුද්ගලයෝ තිදෙනා භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්.
Pali BJTඉති ඉමෙසං අට්ඨන්නං පුග්ගලානං ඉන්ද්රියභාවනා, ඉමෙ තයො පුග්ගලා භාවිතින්ද්රියා.
Sinhala BJTමෙසෙයින් මේ පුද්ගලයන් අටදෙනාහට ඉන්‍ද්‍රියභාවනා වෙයි. මේ තුන් පුද්ගලයෝ භාවිත ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්.
Pali BJTපඨමසුත්ත නිද්දෙසො.
Sinhala BJTප්‍රථම සූත්‍රාන්තනිර්දේශ යි.
Pali BJT4-2. දුතියසුත්තං
Sinhala BJT4-2. ද්විතීය සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සාවත්‍ථි නිදාන යි]
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං.
Sinhala BJTමහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්‍මෘතින්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි.
Pali BJTයෙ හි කෙචි{7} භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච අදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, නමෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා, න ච පන තෙ{8} ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා{9} බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය (ප්‍රත්‍යය)ත් අස්තඞ්ගමයත් ආශ්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් නො දනිත් ද, මහණෙනි, මා විසින් ඒ මහණහු වේවයි බමුණහු වේවයි ශමිතපාපී ශ්‍රමණයන් කෙරෙහි හෝ ‘ශ්‍රමණ යැයි’ සම්මතයෝ නො වෙති. බාහිතපාපී බ්‍රාහ්මණයන් කෙරෙහි හෝ ‘බ්‍රාහ්මණ යැ’යි සම්මතයෝ නො වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්‍රමණභාවාර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණභාවාර්‍ත්‍ථය හෝ මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ද වාසය කෙරෙති.
Pali BJTයෙ ච ඛො කෙචි{10} භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, තෙ ඛොමෙ{11} භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසුවා බ්රාහ්මණසම්මතා, තෙ ච පනායස්මන්තො{12} සාමඤ්ඤත්ථං වා{13} බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී’ති.
Sinhala BJTතවද මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් යථාස්වභාවයෙන් දැනගනිත් ද, මහණෙනි, මා විසින් වැළිත් ඒ මහණහු වේවයි බමුණහු වේවයි (ශමිතපාපී) ශ්‍රමණයන් කෙරෙහි ‘ශ්‍රමණ යැයි’ සම්මතයෝ වෙති. (බාහිතපාපී) බ්‍රාහ්මණයන් කෙරෙහි ‘බ්‍රාහ්මණ යැ’යි සම්මතයෝ වෙති. තවද තෙල ආයුෂ්මත්හු ශ්‍රමණභාවාර්‍ත්‍ථය ද බ්‍රාහ්මණභාවාර්‍ත්‍ථය ද මෙ අත්බැව්හි මැ තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙත් යයි.
Pali BJTකතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයො හොති, කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයං පජානාති. කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අත්ථඞ්ගමො හොති, කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අත්ථඞ්ගමං පජානාති. කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදො හොති, කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදං පජානාති. කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවො හොති, කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවං පජානාති කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං හොති, කතිහාකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං පජානාති:
Sinhala BJTකිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වේ ද, කිහි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී ද යත්:
Pali BJTචත්තාරීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයො හොති, චත්තාරීසාය ආකාරෙහි සමුදයං පජානාති. චත්තාරීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියජනං අත්ථඞ්ගමො හොති. චත්තාරීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අත්ථඞ්ගමං පජානාති. පඤ්චවීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදො හොති, පඤ්චවීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදං පජානාති, පඤ්චවීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවො හොති, පඤ්චවීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවං පජානාති, අසීතිසතං ආකාරෙහි{1} පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං හොති, අසීතිසතං ආකාරෙහි{1} පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං පජානාති.
Sinhala BJTසතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වෙයි, සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී. පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වෙයි, පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වෙයි. එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී.
Pali BJTකතමෙහි චත්තාරීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයො හොති, කතමෙහි චත්තාරීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයො හොති,
Sinhala BJTකවර සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය වේ ද, කවර සතලිස් අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී ද යත්:
Pali BJTඅධිමොක්ඛත්ථාය ආවජ්ජනාය සමුදයො සද්ධින්ද්රියස්ස සමුදයො හොති, අධිමොක්ඛවසෙන ඡන්දස්ස සමුදයො සද්ධින්ද්රියස්ස සමුදයො හොති, අධිමොක්ඛවසෙන මනසිකාරස්ස සමුදයො සද්ධින්ද්රියස්ස සමුදයො හොති, සද්ධින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං සද්ධින්ද්රියස්ස සමුදයො හොති, පග්ගහත්ථාය ආවජ්ජනාය සමුදයො විරියින්ද්රියස්ස සමුදයො හොති, පග්ගහවසෙන ඡන්දස්ස සමුදයො විරියින්ද්රියස්ස සමුදයො හොති, පග්ගහවසෙන මනසිකාරස්ස සමුදයො විරියින්ද්රියස්ස සමුදයො හොති, විරියින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං විරියින්ද්රියස්ස සමුදයො හොති. උපට්ඨානත්ථාය ආවජ්ජනාය සමුදයො සතින්ද්රියස්ස සමුදයො හොති, උපට්ඨානවසෙන ඡන්දස්ස සමුදයො සතින්ද්රියස්ස සමුදයො හොති, උපට්ඨානවසෙන මනසිකාරස්ස සමුදයො සතින්ද්රියස්ස සමුදයො හොති, සතින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං සතින්ද්රියස්ස සමුදයො හොති, අවික්ඛෙපත්ථාය ආවජ්ජනාය සමුදයො සමාධින්ද්රියස්ස සමුදයො හොති, අවික්ඛෙපවසෙන ඡන්දස්ස සමුදයො සමාධින්ද්රියස්ස සමුදයො හොති, අවික්ඛෙපවසෙන මනසිකාරස්ස සමුදයො සමාධින්ද්රියස්ස සමුදයො හොති, සමාධින්ද්රියස්ස වස්සෙන එකත්තුපට්ඨානං සමාධින්ද්රියස්ස සමුදයො හොති, දස්සනත්ථාය ආවජ්ජනාය සමුදයො පඤ්ඤින්ද්රියස්ස සමුදයො හොති, දස්සනවසෙන ඡන්දස්ස සමුදයො පඤ්ඤින්ද්රියස්ස සමුදයො හොති, දස්සනවසෙන මනසිකාරස්ස සමුදයො පඤ්ඤින්ද්රියස්ස සමුදයොහොති, පඤ්ඤින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස සමුදයො හොති.
Sinhala BJTඅධිමෝක්‍ෂය (ශ්‍රද්ධාව) පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (ඡන්‍දසම්ප්‍රයුක්ත) අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි, අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලත්‍වයෙන් සිටිමි ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (ඡන්‍දසම්ප්‍රයුක්ත) ප්‍රග්‍රහයාගේ වශයෙන් පැවැති ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. (අරමුණට) එළඹසිටීම් වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ස්‍මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ස්‍මෘතීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි.
Pali BJTඅධිමොක්ඛත්ථාය ආවජ්ජනාය සමුදයො සද්ධින්ද්රියස්ස සමුදයො හොති, පග්ගහත්ථාය ආවජ්ජනාය සමුදයො විරියින්ද්රියස්ස සමුදයො හොති. උපට්ඨානත්ථාය ආවජ්ජනාය සමුදයො සතින්ද්රියස්ස සමුදයො හොති, අවික්ඛෙපත්ථාය ආවජ්ජනාය සමුදයො සමාධින්ද්රියස්ස සමුදයො හොති. දස්සනත්ථාය ආවජ්ජනාය සමුදයො පඤ්ඤින්ද්රියස්ස සමුදයො හොති, අධිමොක්ඛවසෙන ඡන්දස්ස සමුදයො සද්ධින්ද්රියස්ස සමුදයො හොති, පග්ගහවසෙන ඡන්දස්ස සමුදයො විරියින්ද්රියස්ස සමුදයො හොති, උපට්ඨානවසෙන ඡන්දස්ස සමුදයො සතින්ද්රියස්ස සමුදයො හොති, අවික්ඛෙපවසෙන ඡන්දස්ස සමුදයො සමාධින්ද්රියස්ස සමුදයො හොති, දස්සනවසෙන ඡන්දස්ස සමුදයො පඤ්ඤින්ද්රියස්ස සමුදයො හොති.
Sinhala BJTඅධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ස්‍මෘතීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ස්මෘතීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් ධර්‍මච්‍ඡන්‍දයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි.
Pali BJTඅධිමොක්ඛවසෙන මනසිකාරස්ස සමුදයො සද්ධින්ද්රියස්ස සමුදයො හොති, පග්ගහවසෙන මනසිකාරස්ස සමුදයො විරියින්ද්රියස්ස සමුදයො හොති, උපට්ඨානවසෙන මනසිකාරස්ස සමුදයො සතින්ද්රියස්ස සමුදයො හොති, අවික්ඛෙපවසෙන මනසිකාරස්ස සමුදයො සමාධින්ද්රියස්ස සමුදයො හොති, දස්සනවසෙන මනසිකාරස්ස සමුදයො පඤ්ඤින්ද්රියස්ස සමුදයො හොති, සද්ධින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං සද්ධින්ද්රියස්ස සමුදයො හොති, විරියින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං විරියින්ද්රියස්ස සමුදයො හොති, සතින්ද්රියස්ස වසෙන එකත්තු පට්ඨානං සතින්ද්රියස්ස සමුදයො හොති, සමාධින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං සමාධින්ද්රියස්ස සමුදයො හොති, පඤ්ඤින්ද්රියස්ස වසෙන එකත්තුපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස සමුදයො හොති.
Sinhala BJTඅධිමෝක්‍ෂයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ප්‍රග්‍රහවශයෙන් මනසිකාරයාගේ සමුදය වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් මනසිකාරයාගේ සමුදය ස්මෘතීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය සමාධීන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් මනසිකාරයාගේ සමුදය ප්‍රඥේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ප්‍රත්‍යය වෙයි. ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටිමි ස්මෘතීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම සමාධීන්‍ද්‍රියයට ප්‍රත්‍යය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකාලම්බනයෙහි අචලභාවයෙන් සිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ප්‍රත්‍යය වේ.
Pali BJTඉමෙහි චත්තාලීසාය ආකාරෙහි පඤ්ඤන්නං ඉන්ද්රියානං සමුදයො හොති, ඉමෙහි චත්තාලීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයං පජානාති.
Sinhala BJTමේ සතලිස් අයුරින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ සමුදය වෙයි. මේ සතලිස් අයුරින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ සමුදය දැනගනී.
Pali BJTකතමෙහි චත්තාලීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අත්ථඞ්ගමො හොති, කතමෙහි චත්තාරීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අත්ථඞ්ගමං පජානාති.
Sinhala BJTකවර සතලිස් අයුරෙකින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වේ ද, කවර සතලිස් අයුරෙකින් පඤ‍්චෙන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී ද යත්:
Pali BJTඅධිමොක්ඛත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, අධිමොක්ඛවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, අධිමොක්ඛවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, සද්ධින්ද්රියස්ස වසෙන එකත්ත අනුපට්ඨානං{1} සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTඅධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අධිමෝක්‍ෂයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
Pali BJTපග්ගහත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, පග්ගහවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, පග්ගහවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, විරියින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
Pali BJTඋපට්ඨානත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, උපට්ඨානවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, උපට්ඨානවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, සතින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTඅරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹ සිටීම් වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹසිටීම් වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකත්‍වයෙහි නො සිටීම ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
Pali BJTඅවික්ඛෙපත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, අවික්ඛෙපවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, අවික්ඛෙපවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, සමාධින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTඅවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජන චිත්තයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂෙපයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් පැවැති ඒකත්‍වයෙහි නො සිටීම සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි.
Pali BJTදස්සනත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො පඤ්ඤින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, දස්සනවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො පඤ්ඤින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, දස්සනවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො පඤ්ඤින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, පඤ්ඤින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTදර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනයාගේ වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
Pali BJTඅධිමොක්ඛත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, පග්ගහත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, උපට්ඨානත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, අවික්ඛෙපත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, දස්සනත්ථාය ආවජ්ජනාය අත්ථඞ්ගමො පඤ්ඤින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTඅධිමෝක්‍ෂය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහ පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අරමුණට එළඹසිටීම පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනය පිණිස පැවැති මනෝද්‍වාරාවර්‍ජනචිත්තයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
Pali BJTඅධිමොක්ඛවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, පග්ගහවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, උපට්ඨානවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, අවික්ඛෙපවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, දස්සනවසෙන ඡන්දස්ස අත්ථඞ්ගමො පඤ්ඤියන්ද්රිස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTඅධිමෝක්‍ෂය වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. උපස්ථාන වශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනවශයෙන් පැවැති ධර්‍මච්ඡන්‍දයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
Pali BJTඅධිමොක්ඛවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, පග්ගහවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, උපට්ඨානවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, අවික්ඛෙපවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, දස්සනවසෙන මනසිකාරස්ස අත්ථඞ්ගමො පඤ්ඤින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTඅධිමෝක්‍ෂය වශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රග්‍රහවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. උපස්ථානවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. අවික්‍ෂේපවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. දර්‍ශනවශයෙන් පැවැති මනසිකාරයාගේ අස්තඞ්ගමය ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
Pali BJTසද්ධින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං සද්ධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති. විරියින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං විරියින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, සතින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං සතින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, සමාධින්ද්රියස්ස වසෙන එකත්තඅනුපට්ඨානං සමාධින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති, පඤ්ඤින්ද්රියස්ස වසෙන එකත්ත අනුපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස අත්ථඞ්ගමො හොති.
Sinhala BJTශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නොසිටීම ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ස්මෘතීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ස්මෘතීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. සමාධීන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම සමාධීන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වෙයි. ප්‍රඥේන්‍ද්‍රියයාගේ වශයෙන් ඒකත්‍වයෙහි නො සිටීම ප්‍රඥේන්‍ද්‍රියයාගේ අස්තඞ්ගමය වේ.
Pali BJTඉමෙහි චත්තාලීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අත්ථඞ්ගමො හොති, ඉමෙහි චත්තාලීසාය ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අත්ථඞ්ගමං පජානාති.
Sinhala BJTමේ සතලිස් අයුරින්‍ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය වෙයි. මේ සතලිස් අයුරින්‍ පඤ්චේන්‍ද්‍රියයන්ගේ අස්තඞ්ගමය දැනගනී.
Pali BJTකතමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදො හොති, කතමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදං පජානාති:
Sinhala BJTකවර පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය වේ ද, කවර පස්විසි අයුරකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී ද යත්:
Pali BJTඅස්සද්ධියස්ස අනුපට්ඨානං සද්ධින්ද්රියස්ස අස්සාදො හොති, අස්සද්ධිය පරිළාහස්ස අනුපට්ඨානං සද්ධින්ද්රියස්ස අස්සාදො හොති, අධිමොක්ඛචරියාය වෙසාරජ්ජං සද්ධින්ද්රියස්ස අස්සාදො හොති, සන්තො ච විහාරාධිගමො සද්ධින්ද්රියස්ස අස්සාදො හොති, යං සද්ධින්ද්රියං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං සද්ධින්ද්රියස්ස අස්සාදො.
Sinhala BJTඅශ්‍රද්ධභාවයාගේ නො එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආස්වාදය වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයාගේ නො එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. අධිමෝක්‍ෂචර්‍ය්‍යායෙහි විශාරද බව ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය (ශමථවිදර්‍ශනාප්‍රතිලාභය) ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශ්‍රද්ධේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ ශ්‍රද්ධේන්‍ද්‍රියට ආස්වාද වේ.
Pali BJTකොසජ්ජස්ස අනුපට්ඨානං විරියින්ද්රියස්ස අස්සාදො හොති, කොසජ්ජපරිළාහස්ස අනුපට්ඨානං විරියින්ද්රියස්ස අස්සාදො හොති, පග්ගහචරියාය වෙසාරජ්ජං විරියින්ද්රියස්ස අස්සාදො හොති, සන්තො ච විහාරාධිගමො විරියින්ද්රියස්ස අස්සාදො හොති, යං විරියින්ද්රියං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං. අයං විරියින්ද්රියස්ස අස්සාදො.
Sinhala BJTකෞසීද්‍යයාගේ නො එළඹසිටීම වීර්‍ය්‍යෙන්‍ද්‍රියට ආස්වාද වෙයි. කෞසීද්‍යපරිදාහයාගේ නො එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ප්‍රග්‍රහචර්‍ය්‍යායෙහි විශාරද බව වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. වීර්ය්‍යේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වීර්ය්‍යේන්‍ද්‍රියයට ආස්වාද වේ.
Pali BJTපමාදස්ස අනුපට්ඨානං සතින්ද්රියස්ස අස්සාදො හොති, පමාදපරිළාහස්ස අනුපට්ඨානං සතින්ද්රියස්ස අස්සාදො හොති, උපට්ඨානචරියාය වෙසාරජ්ජං සතින්ද්රියස්ස අස්සාදො හොති, සන්තො ච විහාරාධිගමො සතින්ද්රියස්ස අස්සාදො හොති, යං සතින්ද්රියං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං සතින්ද්රියස්ස අස්සාදො.
Sinhala BJTප්‍රමාදයාගේ නො එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ප්‍රමාදපරිදාහයාගේ නො එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. උපස්ථානචර්‍ය්‍යායෙහි විශාරද බව ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ස්මෘතීන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ ස්මෘතීන්‍ද්‍රියට ආස්වාද වේ.
Pali BJTඋද්ධච්චස්ස අනුපට්ඨානං සමාධින්ද්රියස්ස අස්සාදො හොති, උද්ධච්චපරිළාහස්ස අනුපට්ඨානං සමාධින්ද්රියස්ස අස්සාදො හොති, අවික්ඛෙපචරියාය වෙසාරජ්ජං සමාධින්ද්රියස්ස අස්සාදො හොති, සන්තො ච විහාරාධිගමො සමාධින්ද්රියස්ස අස්සාදො හොති, යං සමාධින්ද්රියං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං සමාධින්ද්රියස්ස අස්සාදො.
Sinhala BJTඖද්ධත්‍යයාගේ නො එළඹසිටීම සමාධීන්‍ද්‍රියට ආස්වාද වෙයි. ඖද්ධත්‍යපරිදාහයාගේ නො එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. අවික්‍ෂේපචර්‍ය්‍යායෙහි විශාරද බව සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය සමාධීන්‍ද්‍රියයට ආස්වාද වෙයි. සමාධීන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ සමාධීන්‍ද්‍රියයට ආස්වාද වේ.
Pali BJTඅවිජ්ජජය අනුපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස අස්සාදො හොති, අවිජ්ජාපරිළාහස්ස අනුපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස අස්සාදො හොති, දස්සනචරියාය වෙසාරජ්ජං පඤ්ඤින්ද්රියස්ස අස්සාදො හොති, සන්තො ච විහාරාධිගමො පඤ්ඤින්ද්රියස්ස අස්සාදො හොති, යං පඤ්ඤින්ද්රියං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පඤ්ඤින්ද්රියස්ස අස්සාදො.
Sinhala BJTඅවිද්‍යාවගේ නො එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. අවිද්‍යාපරිදාහයාගේ නො එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. දර්‍ශනචර්‍ය්‍යායෙහි විශාරද බව ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ශාන්තවිහාරාධිගමය ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ ප්‍රඥේන්‍ද්‍රියයට ආස්වාද වේ.
Pali BJTඉමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදො හොති, ඉමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදං පජානාති.
Sinhala BJTමේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාද වෙයි. මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආස්වාදය දැනගනී. (1)
Pali BJTකතමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවො හොති, කතමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවං පජානාති:
Sinhala BJTකවර පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වේ ද, කවර පස්විසි අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී ද යත්:
Pali BJTඅස්සද්ධියස්ස උපට්ඨානං සද්ධින්ද්රියස්ස ආදීනවො හොති, අස්සද්ධියපරිළාහස්ස උපට්ඨානං සද්ධින්ද්රියස්ස ආදීනවො හොති, අනිච්චට්ඨෙන සද්ධින්ද්රියස්ස ආදීනවො හොති, දුක්ඛට්ඨෙන සද්ධින්ද්රියස්ස ආදීනවො හොති, අනත්තට්ඨෙන සද්ධින්ද්රියස්ස ආදීනවො හොති.
Sinhala BJTඅශ්‍රද්ධාව එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයාගේ එළඹසිටීම ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍ය ස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. දුඃඛස්භාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියට ආදීනව වෙයි. අනාත්මස්භාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියයට ආදීනව වේ.
Pali BJTකොසජ්ජස්ස උපට්ඨානං විරින්ද්රියස්ස ආදීනවො හොති, කොසජ්ජපරිළාහස්ස උපට්ඨානං විරියින්ද්රියස්ස ආදීනවො හොති, අනිච්චට්ඨෙන විරියින්ද්රියස්ස ආදීනවො හොති, දුක්ඛට්ඨෙන -පෙ- අනත්තට්ඨෙන විරියින්ද්රියස්ස ආදීනවො හොති.
Sinhala BJTකෞසීද්‍යයාගේ එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. කෞසීද්‍යපරිදාහයාගේ එළඹසිටීම වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුක්ඛස්භාවයෙන් ... අනාත්මස්භාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියයට ආදීනව වේ.
Pali BJTපමාදස්ස උපට්ඨානං සතින්ද්රියස්ස ආදීනවො හොති, පමාදපරිළාහස්ස උපට්ඨානං සතින්ද්රියස්ස ආදීනවො හොති, අනිච්චට්ඨෙන සතින්ද්රියස්ස ආදීනවො හොති, දුක්ඛට්ඨෙන -පෙ- අනත්තට්ඨෙන සතින්ද්රියස්ස ආදීනවො හොති. දීනවො හොති.
Sinhala BJTප්‍රමාදයාගේ එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වෙයි. ප්‍රමාදපරිදාහයාගේ එළඹසිටීම ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් ස්මෘතීන්‍ද්‍රියට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්මස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියයට ආදීනව වේ.
Pali BJTඋද්ධච්චස්ස උපට්ඨානං සමාධින්ද්රියස්ස ආදීනවො හොති, උද්ධච්චපරිළාහස්ස උපට්ඨානං සමාධින්ද්රියස්ස ආදීනවො හොති, අනිච්චට්ඨෙන සමාධින්ද්රියස්ස ආදීනවො හොති, දුක්ඛට්ඨෙන -පෙ- අනත්තට්ඨෙන සමාධින්ද්රියස්ස ආදීනවො හොති.
Sinhala BJTඖද්ධත්‍යයාගේ එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. ඖද්ධත්‍යපරිදාහයාගේ එළඹසිටීම සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් සමාධීන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්මස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියයට ආදීනව වේ.
Pali BJTඅවිජ්ජාය උපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස ආදීනවො හොති, අවිජ්ජාපරිළාහස්ස උපට්ඨානං පඤ්ඤින්ද්රියස්ස ආදීනවො හොති, අනිච්චට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස ආදීනවො හොති, දුක්ඛට්ඨෙන -පෙ- අනත්තට්ඨෙන පඤ්ඤින්ද්රියස්ස ආදීනවො හොති.
Sinhala BJTඅවිද්‍යාවගේ එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියට ආදීනව වෙයි. අවිද්‍යාපරිදාහයාගේ එළඹසිටීම ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනිත්‍යස්භාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියයට ආදීනව වෙයි. අනාත්මස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියට ආදීනව වේ.
Pali BJTඉමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවො හොති. ඉමෙහි පඤ්චවීසතියා ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං ආදීනවං පජානාති.
Sinhala BJTමේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව වෙයි. මේ පස්විසි අයුරින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ ආදීනව දැනගනී. (2)
Pali BJTකතමෙහි අසීතිසතං ආකාරෙහි{1} පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං හොති. කතමෙහි අසීතිසතං ආකාරෙහි පඤ්චන්නං ඉන්ද්රියානං නිස්සරණං පජානාති.
Sinhala BJTකවර එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය වේ ද, කවර එක්සියඅසූ අයුරෙකින් පඤ්චේන්‍ද්‍රියයන්ගේ නිස්සරණය දැනගනී ද යත්:
Pali BJTඅධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං අස්සද්ධියා නිස්සටං{2} හොති, අස්සද්ධියපරිළාහා නිස්සටං{2} හොති තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච නිස්සටං හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි නිස්සටං හොති, තතො පණීතතරසද්ධින්ද්රියස්ස පටිලාභා පූරිමතරසද්ධින්ද්රියා නිස්සටං හොති.
Sinhala BJTඅධිමොක්‍ෂස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය අශ්‍රද්ධායෙන් නික්මුණේ වෙයි. අශ්‍රද්ධභාව සඞ්ඛ්‍යාත පරිදාහයෙන් නික්මුණේ වෙයි. එය අනුවැ පවත්නා ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ශ්‍රද්ධෙන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරශ්‍රද්ධේන්‍ද්‍රියය කෙරෙන් නික්මුණේ වේ.
Pali BJTපග්ගහට්ඨෙන විරියින්ද්රියං කොසජ්ජා නිස්සටං හොති, කොස්සජ්ජපරිළාහා නිස්සටං හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච නිස්සටං හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි නිස්සටං හොති, තතො පණීතතර විරියින්ද්රියස්ස පටිලාභා පුරිමතරවිරියින්ද්රියා නිස්සටං හොති.
Sinhala BJTප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය කෞසීද්‍යයෙන් නික්මුණේ වෙයි. කෞසීද්‍යපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තතක ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ වීර්ය්‍යේන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරවීර්ය්‍යේන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
Pali BJTඋපට්ඨානට්ඨෙන සතින්ද්රියා පමාදා නිස්සටං හොති. පමාදපරිළාහා නිස්සටං හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච නිස්සටං හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි නිස්සටං හොති, තතො පණීතතරසතින්ද්රියස්ස පටිලාභා පුරිමතරසතින්ද්රියා නිස්සටං හොති.
Sinhala BJTඋපස්ථානස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියය ප්‍රමාදය කෙරෙන් නික්මුණේ වෙයි. ප්‍රමාදපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තතක ක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද සියලු කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ස්මෘතීන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරස්මෘතීන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
Pali BJTඅවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං උද්ධච්චා නිස්සටං හොති, උද්ධච්ච පරිළාහා නිස්සටං හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච නිස්සටං හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි නිස්සටං හොති, තතො පණීතතරසමාධින්ද්රියස්ස පටිලාභා පුරිමතරසමාධින්ද්රියා නිස්සටං හොති.
Sinhala BJTඅවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියය ඖද්ධත්‍යයෙන් නික්මුණේ වෙයි. ඖද්ධත්‍යපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තකක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ සමාධීන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරසමාධීන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
Pali BJTදස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං අවිජ්ජාය නිස්සටං හොති, අවිජ්ජාපරිළාහා නිස්සටං හොති, තදනුවත්තකකිලෙසෙහි ච ඛන්ධෙහි ච නිස්සටං හොති, බහිද්ධා ච සබ්බනිමිත්තෙහි නිස්සටං හොති, තතො පණීතතරපඤ්ඤින්ද්රියස්ස පටිලාභා පුරිමතරපඤ්ඤින්ද්රියා නිස්සටං හොති.
Sinhala BJTදර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රිය අවිද්‍යායෙන් නික්මුණේ වෙයි. අවිද්‍යාපරිදාහයෙන් නික්මුණේ වෙයි. තදනුවර්‍තකක්‍ලේශයන් කෙරෙන් ද ස්කන්‍ධයන් කෙරෙන් ද නික්මුණේ වෙයි. බාහ්‍ය වූ ද හැම කෙලෙසුන් කෙරෙන් නික්මුණේ වෙයි. එයට වඩා අතිශයින් ප්‍රණීත වූ ප්‍රඥේන්‍ද්‍රියයාගේ ප්‍රතිලාභයෙන් පූර්‍වතරප්‍රඥේන්‍ද්‍රිය කෙරෙන් නික්මුණේ වේ.
Pali BJTපුබ්බභාගෙ පඤ්චහි ඉන්ද්රියෙහි පඨමජ්ඣානවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, පඨමෙ ඣානෙ{1} පඤ්චහි ඉන්ද්රියෙහි{2} දුතියජ්ඣානවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, දුතියෙ ඣානෙ{3} පඤ්චහි ඉන්ද්රියෙහි{2} තතියජ්ඣානවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානා හොන්ති, තතියෙ ඣානෙ පඤ්චහි ඉන්ද්රියෙහි චතුත්ථාජ්ඣානවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානා හොන්ති, චතුත්ථෙ ඣානෙ පඤ්චහි ඉන්ද්රියෙහි ආකාසානඤ්චායතනසමාපත්තිවසෙන{4} පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති. ආකාසානඤ්චායතනසමාපත්තියා පඤ්චහි ඉන්ද්රියෙහි විඤ්ඤාණඤ්චායතනසමාපත්තිවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා පඤ්චහි ඉන්ද්රියෙහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා පඤ්චහි ඉන්ද්රියෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා පඤ්චහි ඉන්ද්රියෙහි අනිච්චානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති,
Sinhala BJTපූර්‍වභාගයෙහි (ප්‍රථමධ්‍යානෝපචාරයෙහි) පැවැති පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ප්‍රථමධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ප්‍රථමධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ද්විතීයධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ද්වීතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් තෘතීයධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. තෘතීයධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් චතුර්‍ත්‍ථධ්‍යානයාගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආකාසානඤ්චායතනසමාපත්තිහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආකාසානඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විඤ්ඤාණඤ්චායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තීහුගේ වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනිත්‍යානුදර්‍ශනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙත්. (3)
Pali BJTඅනිච්චානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි දුක්ඛානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, දුක්ඛානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි අනත්තානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, අනත්තානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි නිබ්බිදානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, නිබ්බිදානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි විරාගානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, විරාගානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි නිරොධානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, නිරොධානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි පටිනිස්සග්ගානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, පටිනිස්සග්ගානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි ඛයානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, ඛයානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි වයානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, වයානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි විපරිනාමානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, විපරිනාමානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි අනිමිත්තානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, අනිමිත්තානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි අප්පණිහිතානු පස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, අප්පණිහිතානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි සුඤ්ඤතානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, සුඤ්ඤතානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි අධිපඤ්ඤාධම්මවිපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති අධිපඤ්ඤාධම්මවිපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි යථාභූතඤාණදස්සනවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, යථාභූතඤාණදස්සනෙ පඤ්චහි ඉන්ද්රියෙහි ආදීනවානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, ආදීනවානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි පටිසඞ්ඛානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, පටිසඞ්ඛානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි විවට්ටනානුපස්සනාවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, විවට්ටනානුපස්සනාය පඤ්චහි ඉන්ද්රියෙහි සොතාපත්තිමග්ගවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, සොතාපත්තිමග්ගෙ පඤ්චහි ඉන්ද්රියෙහි සොතාපත්තිඵලසමාපත්තිවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, සොතාපත්තිඵලසමාපත්තියා පඤ්චහි ඉන්ද්රියෙහි සකදාගාමිමග්ගවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, සකදාගාමිමග්ගෙ පඤ්චහි ඉන්ද්රියෙහි සකදාගාමිඵලසමාපත්තිවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, සකදාගාමිඵලසමාපත්තියා පඤ්චහි ඉන්ද්රියෙහි අනාගාමිමග්ගවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, අනාගාමිමග්ගෙ පඤ්චහි ඉන්ද්රියෙහි අනාගාමිඵලසමාපත්තිවසෙන පඤ්චින්ද්රියානි හොන්ති, අනාගාමිඵලසමාපත්තියා පඤ්චහි ඉන්ද්රියෙහි අරහත්තමග්ගවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, අරහත්තමග්ගෙ පඤ්චහි ඉන්ද්රියෙහි අරහත්තඵලසමාපත්තිවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති.
Sinhala BJTඅනිච්චානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් දුක්ඛානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. දුක්ඛානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනත්තානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනත්තානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නිබ්බිදානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නිබ්බිදානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විරාගානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විරාගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් නිරෝධානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. නිරෝධානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. පටිනිස්සග්ගානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ඛයානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ඛයානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් වයානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. වයානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විපරිණාමානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විපරිණාමානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනිමිත්තානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනිමිත්තානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අප්පණිහිතානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අප්පණිහිතානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සුඤ්ඤතානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සුඤ්ඤතානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අධිපඤ්ඤාධම්මවිපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අධිපඤ්ඤාධම්මවිපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් යථාභූතඤාණදස්සන වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. යථාභූතඤාණදස්සනයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ආදීනවානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ආදීනවානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් පටිසඞ්ඛානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. පටිසඞ්කානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් විවට්ටානුපස්සනා වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. විවට්ටානුපස්සනායෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සෝතාපත්තිමග්ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් ස්‍රෝතාපත්තිඵලසමාපත්තිවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. ස්‍රොතාපත්තිඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සකෘදාගාමි මාර්‍ගවශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සකෘදාගාමීමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් සකෘදාගාමීඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. සකෘදාගාමිඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනාගාමිමාර්‍ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනාගාමීමාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අනාගාමිඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අනාගාමීඵලසමාපත්තියෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අර්‍හන්මාර්‍ග වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙති. අර්‍හන්මාර්‍ගයෙහි පඤ්චේන්‍ද්‍රියයන් කෙරෙන් අර්‍හත්ඵලසමාපත්ති වශයෙන් පඤ්චේන්‍ද්‍රියයෝ නික්මුණාහු වෙත්.