Pali BJTබලානි සමොධානෙතීති කථං බලානි සමොධානෙති: අස්සද්ධියෙ අකම්පියට්ඨෙන සද්ධාබලං සමොධානෙති, කොසජ්ජෙ අකම්පියට්ඨෙන විරියබලං සමොධානෙති, පමාදෙ අකම්පියට්ඨෙන සතිබලං සමොධානෙති, උද්ධච්චෙ අකම්පියට්ඨෙන සමාධිබලං සමොධානෙති, අවිජ්ජාය අකම්පියට්ඨෙන පඤ්ඤාබලං සමොධානෙති. අයං පුග්ගලො ඉමානි බලානි ඉමස්මිං ආරම්මණෙ සමොධානෙති. තෙන වුච්චති: ‘බලානි සමොධානෙතී’ති. ගොචරඤ්ච පජානාතීති -පෙ- තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති.
Sinhala BJTබලානි සමෝධානෙති යනු: කිසෙයින් බලයන් සමවධාන කෙරේ ද යත්: අශ්‍රද්ධායෙහි සලනු නො හැකි ස්වභාවයෙන් ශ්‍රද්ධාබලය සමවධාන කෙරෙයි. කෞසීද්‍යයෙහි සලනු නො හැකි ස්වභාවයෙන් වීර්‍ය්‍යබලය සමවධාන කෙරෙයි. ප්‍රමාදයෙහි සලනු නො හැකි ස්වභාවයෙන් ස්මෘතිබලය සමවධාන කෙරෙයි. උද්ධතභාවයෙහි සලනු නො හැකි ස්වභාවයෙන් සමාධිබලය සමවධාන කෙරෙයි. අවිද්‍යායෙහි සලනු නො හැකි ස්වභාවයෙන් ප්‍රඥාබලය සමවධාන කෙරේ. මේ පුද්ගල තෙම මේ බලයන් මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘බලානි සමෝධානෙති’ යි. ගෝචරඤ්ච පජානාති යනු: එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි.
Pali BJTබොජ්ඣඞ්ගෙ සමොධානෙතීති කථං බොජ්ඣඞ්ගෙ සමොධානෙති: උපට්ඨානට්ඨෙන සතිසම්බොජ්ඣඞ්ගං සමොධානෙති, පවිචයට්ඨෙන ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං සමොධානෙති, පග්ගහට්ඨෙන විරියසම්බොජ්ඣඞ්ගං සමොධානෙති, ඵරණට්ඨෙන පීතිසම්බොජ්ඣගං සමොධානෙති, උපසමට්ඨෙන පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං සමොධානෙති, අවික්ඛෙපට්ඨෙන සමාධිසම්බොජ්ඣඞ්ගං සමොධානෙති පටිසඞ්ඛානට්ඨෙන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං සමොධානෙති, අයං පුග්ගලො ඉමෙ බොජ්ඣඞ්ගෙ ඉමස්මිං ආරම්මණෙ සමොධානෙති. තෙන වුච්චති: ‘බොජ්ඣඞ්ගෙ සමොධානෙතී’ති. ගොචරඤ්ච පජානාතීති -පෙ- තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති.
Sinhala BJTබොජ්ඣඞ්ගෙ සමෝධානෙති යනු: කිසෙයින් බෝධ්‍යඞ්ගයන් සමවධානය කෙරේ ද යත්: එළඹසිටුනා ස්වභාවයෙන් ස්මෘතිසම්බොධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. ප්‍රවිචයස්වභාවයෙන් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. පැතිරීම් ස්වභාවයෙන් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. ව්‍යුපශමස්වභාවයෙන් ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සමාධිසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරෙයි. සමවහිතස්වභාවයෙන් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය සමවධාන කෙරේ. මේ පුද්ගල තෙම මේ බෝධ්‍යඞ්ගයන් මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘බොජ්ඣඞ්ගෙ සමෝධානෙති’ යි. ගෝචරඤ්ච පජානාති යනු: ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣතී’යි.
Pali BJTමග්ගං සමොධානෙතීති කථං මග්ගං සමොධානෙති: දස්සනට්ඨෙන සම්මාදිට්ඨිං සමොධානෙති, අවික්ඛෙපට්ඨෙන සම්මාසඞ්කප්පං සමොධානෙති, පරිග්ගහට්ඨෙන සම්මාවාචං සමොධානෙති, සමුට්ඨානට්ඨෙන සම්මාකම්මන්තං සමොධානෙති, වොදානට්ඨෙන සම්මාආජීවං සමොධානෙති, පග්ගහට්ඨෙන සම්මාවායාමං සමොධානෙති, උපට්ඨානට්ඨෙන සම්මාසතිං සමොධානෙති, අවික්ඛෙපට්ඨෙන සම්මාසමාධිං සමොධානෙති. අයං පුග්ගලො ඉමං මග්ගං ඉමස්මිං ආරම්මණෙ සමොධානෙති. තෙන වුච්චති: ‘මග්ගං සමොධානෙතී’ති. ගොචරඤ්ච පජානාතීති -පෙ- තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති.
Sinhala BJTමග්ගං සමෝධානෙති යනු: කිසෙයින් මාර්‍ගය සමවධාන කෙරේ ද යත්: දර්‍ශනස්වභාවයෙන් සම්‍යග්දෘෂ්ටිය සමවධාන කෙරෙයි. අභිනිරෝපණ ස්වභාවයෙන් සම්‍යක්සංකල්පය සමවධාන කෙරෙයි. පරිග්‍රහස්වභාවයෙන් සම්‍යග්වචනය සමවධාන කෙරෙයි. සමුත්‍ථානස්වභාවයෙන් සම්‍යක්කර්‍මාන්තය සමවධාන කෙරෙයි. පරිශුද්ධස්වභාවයෙන් සම්‍යගාජීවය සමවධාන කෙරෙයි. ප්‍රග්‍රහස්වභාවයෙන් සම්‍යග්ව්‍යායාමය සමවධාන කෙරෙයි. එළඹසිටුනාස්වභාවයෙන් සම්‍යක්ස්මෘතිය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සම්‍යක්සමාධිය සමවධාන කෙරේ. මේ පුද්ගල තෙම මේ මාර්‍ගය මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘මග්ගං සමෝධානෙති’යි. ගෝචරඤ්ච පජානාති යනු: ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි.
Pali BJTධම්මෙ සමොධානෙතීති කථං ධම්මෙ සමොධානෙති: ආධිපතෙය්යට්ඨෙන{1} ඉන්ද්රියානි සමොධානොති, අකම්පියට්ඨෙන බලානි සමොධානෙති, නිය්යානට්ඨෙන බොජ්ඣඞ්ගෙ සමොධානෙති, හෙතුට්ඨෙන මග්ගං සමොධානෙති, උපට්ඨානට්ඨෙන සතිපට්ඨානං සමොධානෙති, පදහනට්ඨෙන සම්මප්පධානං සමොධානෙති, ඉජ්ඣනට්ඨෙන ඉද්ධිපාදං සමොධානෙති, තථට්ඨෙන සච්චං සමොධානෙති, අවික්ඛෙපට්ඨෙන සමථං සමොධානෙති, අනුපස්සනට්ඨෙන විපස්සනං සමොධානෙති, එකරසට්ඨෙන සමථවිපස්සනං සමොධානෙති, අනතිවත්තනට්ඨෙන යුගනද්ධං{2} සමොධානෙති, සංවරට්ඨෙන සීලවිසුද්ධිං සමොධානෙති, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධිං සමොධානෙති, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධිං සමොධානෙති, විමුත්තට්ඨෙන{3} විමොක්ඛං සමොධානෙති, පටිවෙධට්ඨෙන විජ්ජං සමොධානෙති, පරිච්චාගට්ඨෙන විමුත්තිං සමොධානෙති, සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං සමොධානෙති, පටිපස්සද්ධට්ඨෙන{4} අනුප්පාදෙ ඤාණං සමොධානෙති, ඡන්දං මූලට්ඨෙන සමොධානෙති, මනසිකාරං සමුට්ඨානට්ඨෙන සමොධානෙති, ඵස්සං සමොධානට්ඨෙන සමොධානෙති, වෙදනං සමොසරණට්ඨෙන සමොධානෙති, සමාධිං පමුඛට්ඨෙන සමොධානෙති, සතිං ආධිපතෙය්යට්ඨෙන{1} සමොධානෙති, පඤ්ඤං{5} තතුත්තරට්ඨෙන සමොධානෙති, විමුත්තිං සාරට්ඨෙන සමොධානෙති, අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන සමොධානෙති. අයං පුග්ගලො ඉමෙ ධම්මෙ ඉමස්මිං ආරම්මණෙ සමොධානෙති. තෙන වුච්චති: ‘ධම්මෙ සමොධානෙතී’ති.
Sinhala BJTධම්මේ සමෝධානෙති යනු: කිසෙයින් ධර්‍මයන් සමවධාන කෙරේ ද යත්: ආධිපත්‍යස්වභාවයෙන් ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි, අකම්ප්‍යස්වභාවයෙන් බලයන් සමවධාන කෙරෙයි, නිර්‍ය්‍යාණ ස්වභාවයෙන් බෝධ්‍යඞ්ගයන් සමවධාන කෙරෙයි, හේතු ස්වභාවයෙන් මාර්‍ගය සමවධාන කෙරෙයි, (අරමුණට) එළඹ සිටීම් ස්වභාවයෙන් සතිපට්ඨානය සමවධාන කෙරෙයි. ප්‍රදහන ස්වභාවයෙන් සම්‍යක්ප්‍රධානය සමවධාන කෙරෙයි, සමෘද්ධ වන ස්වභාවයෙන් ඍද්ධිපාදය සමවධාන කෙරෙයි, තථස්වභාවයෙන් සත්‍යය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සමථය සමවධාන කෙරෙයි. අනුපස්සනාස්වභාවයෙන් විදර්‍ශනාව සමවධාන කෙරෙයි, එකකෘත්‍යස්වභාවයෙන් ශමථවිදර්‍ශනා සමවධාන කෙරෙයි, නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් යුගනද්ධය (ශමථ-විදර්‍ශනා) සමවධාන කෙරෙයි, සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධිය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් චිත්තවිශුද්ධිය සමවධාන කෙරෙයි, දර්‍ශනස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධිය සමවධාන කෙරෙයි. විමුක්තිස්වභාවයෙන් විමෝක්‍ෂය සමවධාන කෙරෙයි, ප්‍රතිවේධස්වභාවයෙන් විද්‍යාව සමවධාන කෙරෙයි, පරිත්‍යාගස්වභාවයෙන් විමුක්තිය සමවධාන කෙරෙයි, සමුච්ඡේදස්වභාවයෙන් ක්‍ෂයඥානය සමවධාන කෙරෙයි, ප්‍රතිප්‍රශ්‍රබ්ධිස්වභාවයෙන් අනුත්පාද ඥානය සමවධාන කෙරෙයි, ඡන්‍දය මූලස්වභාවයෙන් සමවධාන කෙරෙයි, මනසිකාරය සමුත්‍ථානස්වභාවයෙන් සමවධාන කෙරෙයි, ස්පර්‍ශය සමවධානස්වභාවයෙන් සමවධාන කෙරෙයි, වේදනාව සමවසරණස්වභාවයෙන් සමවධාන කෙරෙයි, සමාධිය ප්‍රමුඛස්වභාවයෙන් සමවධාන කෙරෙයි, ස්මෘතිය ආධිපත්‍යස්වභාවයෙන් සමවධාන කෙරෙයි, ප්‍රඥාව තතුත්තර ස්වභාවයෙන් සමවධාන කෙරෙයි, විමුක්තිය සාරස්වභාවයෙන් සමවධාන කෙරෙයි, අමතෝගධනිර්‍වාණය පර්‍ය්‍යවසානස්වභාවයෙන් සමවධාන කෙරෙයි, මේ පුද්ගල තෙම මේ ධර්‍මයන් මේ අරමුණෙහි සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි ‘ධම්මේ සමෝධානෙති’යි
Pali BJTගොචරඤ්ච පජානාතීති තං තස්ස ආරම්මණං, තං තස්ස ගොචරං: යං තස්ස ගොචරං, තං තස්ස ආරම්මණං, පජානාතීති පුග්ගලො, පජානතා පඤ්ඤා.
Sinhala BJTගෝචරඤ්ච පජානාති යනු: යමක් ඒ පුද්ගලහට ආලම්බන වේ ද ඒ ආලම්බන තෙම ඒ පුද්ගලහට ගෝචර වෙයි, යමක් ඒ පුද්ගලහට ගෝචර වේ ද ඒ ගෝචරය තෙම ඒ පුද්ගලහට ආලම්බන වේ. පජානාති යනු: (හෙතෙම) පුද්ගල යැ, පජානනා ප්‍රඥා යැ, පුද්ගල ප්‍රඥායෙන් දැනගනී යනු යි.
Pali BJTසමන්ති ආරම්මණස්ස උපට්ඨානං සමං, චිත්තස්ස අවික්ඛෙපො සමං, චිත්තස්ස අධිට්ඨානං සමං, චිත්තස්ස වොදානං සමං. අත්ථොති අනවජ්ජට්ඨො නික්කිලෙසට්ඨො වොදානට්ඨො පරමට්ඨො. පටිවිජ්ඣතීති ආරම්මණස්ස උපට්ඨානට්ඨං පටිවිජ්ඣති, චිත්තස්ස අවික්ඛෙපට්ඨං පටිවිජ්ඣති, චිත්තස්ස අධිට්ඨානට්ඨං පටිවිජ්ඣති, චිත්තස්ස වොදානට්ඨං පටිවිජ්ඣති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (1)
Sinhala BJTසමං යනු: අරමුණු එළඹසිටීම ශම යැ, චිත්තයාගේ අවික්‍ෂේපය ශම යැ, චිත්තයාගේ අධිෂ්ඨානය ශම යැ, චිත්තයාගේ ව්‍යවදානය ශම යි. අත්‍ථො යනු: අනවද්‍යස්වභාව යැ නික්ලේශස්වභාව යැ ව්‍යවදානස්වභාව යැ උත්තමස්වභාව යි. පටිවිජ්ඣති යනු: ආලම්බනයාගේ එළඹසිටීම ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ අවික්‍ෂේපස්වභාවය ප්‍රතිවේධ කෙරෙයි, චිත්තායාගේ අධිෂ්ඨාන ස්වභාවය ප්‍රතිවේධ කෙරෙයි, චිත්තයාගේ පරිශුද්ධස්වභාවය ප්‍රතිවේධ කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (1)
Pali BJTකථං රස්සං අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති:
Sinhala BJTකිසෙයින් ලුහුඬු කොට ආශ්වාස කරනුයේ ‘ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි’යි දැනගනී ද, ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරනුයේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමි’යි දැනගනී ද යත්:
Pali BJTරස්සං අස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසති, රස්සං පස්සාසං ඉත්තරසඞ්ඛාතෙ පස්සසති, රස්සං අස්සාසපස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි, රස්සං අස්සාසපස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි ඡන්දො උප්පජ්ජති.
Sinhala BJTලුහුඬු වූ ආශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කෙරෙයි, ලුහුඬු වූ ප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි, ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්රශ්වාස කරන්නාහට ද ඡන්‍දය උපදී.
Pali BJTඡන්දවසෙන තතො සුඛුමතරං රස්සං අස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසති, ඡන්දවසෙන තතො සුඛුමුතරං රස්සං පස්සාසං ඉත්තරසඞ්ඛාතෙ පස්සසති, ඡන්දවසෙන තතො සුඛුමතරං රස්සං අස්සාසපස්සාසං ඉත්තර සඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි ඡන්දවසෙන තතො සුඛුමතරං රස්සං අස්සාසපස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි පාමොජ්ජං උප්පජ්ජති.
Sinhala BJTඡන්‍දවශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාසකරන්නාහට ද ප්රශ්වාස කරන්නාහට ද ප්‍රාමෝද්‍යය උපදී.
Pali BJTපාමොජ්ජවසෙන තතො සුඛුමතරං රස්සං අස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසති, පාමොජ්ජවසෙන තතො සුඛුමතරං රස්සං පස්සාසං ඉත්තරසඞ්ඛාතෙ පස්සසති, පාමොජ්ජවසෙන තතො සුඛුමතරං රස්සං අස්සාසපස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි. පාමොජ්ජවසෙන තතො සුඛුමතරං රස්සං අස්සාසපස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි රස්සා අස්සාසපස්සාසා චිත්තං විවට්ටති, උපෙක්ඛා සණ්ඨාති.
Sinhala BJTප්‍රාමෝද්‍යවශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසය අල්පසඞ්ඛ්‍යාත කාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්රශ්වාස කරන්නාහට ද ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසයෙන් සිත පෙරැළෙයි. උපේක්‍ෂාව පිහිටයි.
Pali BJTඉමෙහි නවහාකාරෙහි රස්සා අස්සාසපස්සාසා කායො, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං කායො උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති: ‘කායෙ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’ති.
Sinhala BJTමේ නව අයුරින් ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම, (අරමුණට) එළඹසිටීම ස්මෘති නම, අනුපස්සනාව ඥාන නම, කය උපස්ථාන යැ ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං කායං අනුපස්සති: අනුපස්සති: -පෙ- එවං තං කායං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා. රස්සං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො විදිතා වෙදනා උප්පජ්ජන්ති -පෙ- රස්සං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති -පෙ- තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (2)
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි. ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාසවශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති ... ලුහුඬු වූ ආශ්වාසප්‍රශ්වාස වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතාසඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (2)
Pali BJTකථං ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති:
Sinhala BJTකිසෙයින් ‘සියලු ආශ්වාසප්‍රශ්වාසකය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සියලු ආශ්වාසප්‍රශ්වාසකය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTකායොති ද්වෙ කායා: නාමකායො ච රූපකායො ච කතමො නාම කායො: වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො, නාමඤ්ච නාමකායො ච, යෙ ච වුච්චන්ති චිත්තසඞ්ඛාරා, අයං නාමකායො. කතමො රූපකායො: චත්තාරො ච මහාභූතා චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපං අස්සාසො ච පස්සාසො ච නිමිත්තඤ්ච උපනිබන්ධනා, යෙ ච වුච්චන්ති කායසඞ්ඛාරා, අයං රූපකායො.
Sinhala BJTකායෝ යනු: දෙ කයෙකි: නාමකය ද රූපකය දැ යි. නාමකය කවරෙ යත්: වේදනා යැ සංඥා යැ චේතනා යැ ස්පර්‍ශ යැ මනසිකාර යි. නාමය ද නාමකාය ද යම් ධර්‍ම කෙනෙක් චිත්තසංස්කාරයහ යි කියනු ලැබෙත් නම් ඔහු දැ යි මේ නාමකය නම් වෙයි. රූපකාය කවරෙ යත්: සතර මහාභූත යැ සතර මහාභූතයන් නිසා පවත්නා රූප යැ ආශ්වාස යැ ප්‍රශ්වාස යැ නිමිත්ත යැ උපනිබන්‍ධනා (ආශ්වාසප්‍රශ්වාසයන් ස්පර්‍ශ කරන තැන) යැ, යම් ධර්‍ම කෙනෙක් කායසංස්කාරයහ’යි කියනු ලැබෙත් නම් ඔහු යැ යන මේ රූපකාය නමි.
Pali BJTකථං තෙ කායා පටිවිදිතා හොන්ති: දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තෙ කායා පටිවිදිතා හොන්ති, දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තෙ කායා පටිවිදිතා හොන්ති, රස්සං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තෙ කායා පටිවිදිතා හොන්ති, රස්සං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තෙ කායා පටිවිදිතා හොන්ති.
Sinhala BJTකිසෙයින් ඒ (ආශ්වාසප්‍රශ්වාස) කායයෝ දන්නාලද්දාහු වෙත් ද යත්: දික් කොට ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. දික් කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. ලුහුඬු කොට ආශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නාලද්දාහු වෙති. ලුහුඬු කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ කායයෝ දන්නා ලද්දාහු වෙත්.
Pali BJTආවජ්ජතො තෙ කායා පටිවිදිතා හොන්ති, පජානතො තෙ කායා පටිවිදිතා හොන්ති, පස්සතො තෙ කායා පටිවිදිතා හොන්ති, පච්චවෙක්ඛතො තෙ කායා පටිවිදිතා හොන්ති, චිත්තං අධිට්ඨහතො තෙ කායා පටිවිදිතා හොන්ති, සද්ධාය අධිමුච්චතො තෙ කායා පටිවිදිතා හොන්ති, විරියං පග්ගණ්හතො තෙ කායා පටිවිදිතා හොන්ති, සතිං උපට්ඨාපයතො තෙ කායා පටිවිදිතා හොන්ති, චිත්තං සමාදහතො තෙ කායා පටිවිදිතා හොන්ති, පඤ්ඤාය පජානතො තෙ කායා පටිවිදිතා හොන්ති, අභිඤ්ඤෙය්යං අභිජානතො තෙ කායා පටිවිදිතා හොන්ති, පරිඤ්ඤෙය්යං පරිජානතො තෙ කායා පටිවිදිතා හොන්ති, පහාතබ්බං පජහතො තෙ කායා පටිවිදිතා හොන්ති, භාවෙතබ්බං භාවයතො තෙ කායා පටිවිදිතා හොන්ති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොතො තෙ කායා පටිවිදිතා හොන්ති, එවං තෙ කායා පටිවිදිතා හොන්ති.
Sinhala BJTආවර්‍ජනා කරන්නාහට ඒ (ආශ්වාසප්‍රශ්වාස) කායයෝ ප්‍රකට වූවාහු වෙති. දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. දක්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. චිත්තය අධිෂ්ඨාන කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ශ්‍රද්ධායෙහි අධිමුක්තයහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. වීර්‍ය්‍යය දැඩි කොට ගන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සිහි එළවන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සිත (අරමුණෙහි) පිහිටුවන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රඥායෙන් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සාමාන්‍යලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. සාක්‍ෂාත්කර්‍තවය්‍ය සාක්‍ෂාත් කරන්නාහට ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙති. මෙසෙයින් ඒ කායයෝ ප්‍රකට වූවාහු වෙත්.
Pali BJTසබ්බකායපටිසංවෙදී අස්සාසපස්සාසො කායො, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, කායො උපට්ඨානං නො සති, උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති. තෙන වුච්චති: ‘කායො කායානුපස්සනා සතිපට්ඨානභාවනා’ති.
Sinhala BJTසියලු ආශ්වාසප්‍රශ්වාසකය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම. (ආශ්වාසප්‍රශ්වාසයන්ට) එළඹ සිටීම ස්මෘති නම. අනුපස්සනාව ඥාන නම කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං කායං අනුපස්සති: අනුපස්සති: -පෙ- එවං තං කායං අනුපස්සති. භාවෙතීති චතස්සො භාවනා: -පෙ- ආසෙවනට්ඨෙන භාවනා. සබ්බකායපටිසංවෙදී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධිං අවික්ඛෙපට්ඨෙන චිත්ත විසුද්ධි, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි, යො තත්ථ සංවරට්ඨො, අයං අධිසීලසික්ඛා, යො තත්ථ අවික්ඛෙපට්ඨො, අයං අධිචිත්තසික්ඛා, යො තත්ථ දස්සනට්ඨො, අයං අධිපඤ්ඤාසික්ඛා, ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛති, ජානන්තො සික්ඛති, පස්සන්තො සික්ඛති පච්චවෙක්ඛන්තො සික්ඛති, චිත්තං අධිට්ඨහන්තො සික්ඛති සද්ධාය අධිමුච්චන්තො සික්ඛති, විරියං පග්ගණ්හන්තො සික්ඛති, සතිං උපට්ඨපෙන්තො සික්ඛති, චිත්තං සමාදහන්තො සික්ඛති, පඤ්ඤාය පජානන්තො සික්ඛති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො සික්ඛති, පරිඤ්ඤෙය්යං පරිජානන්තො සික්ඛති, පහාතබ්බං පජහන්තො සික්ඛති, භාවෙතබ්බං භාවෙන්තො සික්ඛති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛති.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත් ... මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ. භාවෙති යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන් ගේ සංවරස්භාවයෙන් ශීලවිශුද්ධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් චිත්තවිශුද්ධි යැ දර්‍ශන ස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධි යි. එහි යම් සංවරස්භාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා යැ. එහි යම් අවික්‍ෂේපස්වභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා යැ. එහි යම් දර්‍ශනස්වභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි, දනිමින් හික්මෙයි, දකිමින් හික්මෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි, අධිෂ්ඨාන කෙරෙමින් හික්මෙයි, ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙමින් හික්මෙයි, වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි, සිහි එළවමින් හික්මෙයි, සිත (අරමුණෙහි) පිහිටුවමින් හික්මෙයි, ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් හික්මෙයි, ස්වලක්‍ෂණ විසින් දතයුත්ත ස්වලක්‍ෂණ විසින් දනිමින් හික්මෙයි, සාමාන්‍ය ලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍ය ලක්‍ෂණ විසින් දනිමින් හික්මෙයි, ප්‍රහාතව්‍යය ප්‍රහාණය කෙරෙමින් හික්මෙයි, භාවිතව්‍යය භාවනා කෙරෙමින් හික්මෙයි,සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මේ.
Pali BJTසබ්බකායපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො විදිතා වෙදනා උප්පජ්ජන්ති -පෙ- සබ්බකායපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති -පෙ- තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (3)
Sinhala BJTසියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව යයි කියනලද අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට වූ වේදනාවෝ උපදිති ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව යයි කියන ලද අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් සමෝධානය කෙරෙයි ... එයින් කියනු ලැබෙයි: “සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (3)
Pali BJTකථං ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTකිසෙයින් ‘කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTකතමො කායසඞ්ඛාරො: දීඝං අස්සාසා කායිකා, එතෙ ධම්මා කායපටිබද්ධා කායසඞ්ඛාරා, තෙ කායසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වූපසමෙන්තො සික්ඛති. දීඝං පස්සාසා කායිකා, එතෙ ධම්මා කායපටිබද්ධා කායසඞ්ඛාරා, තෙ කායසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වූපසමෙන්තො සික්ඛති. රස්සං අස්සාසා -පෙ- රස්සං පස්සාසා -පෙ- සබ්බකායපටිසංවෙදී අස්සාසා -පෙ- සබ්බකායපටිසංවෙදී පස්සාසා කායිකා, එතෙ ධම්මා කායපටිබද්ධා කායසඞ්ඛාරා, තෙ කායසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වූපසමෙන්තො සික්ඛති.
Sinhala BJTකායසංස්කාර කවරෙ යත්: රූපකයෙහි උපන් දීර්‍ඝ යයි කියන ලද ආශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. රූපකයෙහි උපන් දීර්‍ඝ යයි කියන ලද ප්‍රශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. හ්‍රස්ව යයි කියන ලද ආශ්වාසයෝ ... හ්‍රස්ව යයි කියනලද ප්‍රශ්වාසයෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ ආශ්වාසයෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කරන්නා වූ කායික ප්‍රශ්වාස කෙනෙක් වෙත් ද තෙල ධර්‍මයෝ කය පිළිබඳ වූවාහු කායසංස්කාර නම් වෙති. ඒ කායසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි.
Pali BJTයථාරූපෙහි කායසඞ්ඛාරෙහි යා කායාස්ස ආනමනා විනමනා සන්නමනා පනමනා ඉඤ්ජනා ඵන්දනා චලනා පකම්පනා,{1} ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. යථාරූපෙහි කායසඞ්ඛාරෙහි යා කායස්ස න ආනමනා න විනමනා න සන්නමනා න පනමනා{2} අනිඤ්ජනා අඵන්දනා අචලනා අකම්පනා, ‘සන්තං සුඛුමං පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ඉති කිර පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. එවං සන්තෙ වාතූපලද්ධියා{3} ච පභාවනා න හොති, අස්සාසපස්සාසානඤ්ච පභාවනා න හොති, ආනාපානසතියා ච පභාවනා න හොති, ආනාපානසතිසමාධිස්ස ච පභාවනා න හොති, න ච නං තං{4} සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජන්තිපි වුට්ඨහන්තිපි. ඉති කිර ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. එවං සන්තෙ වාතූපලද්ධියා{3} ච පභාවනා හොති, අස්සාසපස්සානඤ්ච පභාවනා හොති, ආනාපානසතියා ච පභාවනා හොති, ආනාපානසතිසමාධිස්ස ච පභාවනා හොති, තඤ්ච නං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජන්තිපි වුට්ඨහන්තිපි.
Sinhala BJTයම්බඳු කායසංස්කාර කෙනකුන් කරණ කොටගෙන කය පිළිබඳ යම් ආපසු නැමීමෙක් දෙපසට නැමීමෙක් මොනොවට නැමීමෙක් පෙරට නැමීමෙක් කම්පනයෙක් මඳ වූ චලනයෙක් බලවත් චලනයෙක් ප්‍රකම්පනයෙක් වේ ද එබඳු කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. යම්බඳු කායසංස්කාර කෙනකුන් කරණ කොට ගෙන කය පිළිබඳ යම් ආපසු නො නැමීමෙක් දෙපසට නො නැමීමෙක් මොනොවට නො නැමීමෙක් පෙරට නො නැමීමෙක් අතිඤ්ජනයෙක් අඵන්‍දනයෙක් අචලනයෙක් අකම්පනයෙක් වේ ද එබඳු වූ ශාන්ත වූ සූක්‍ෂම වූ කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ඉදින් මෙසෙයින් ‘කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී හික්මේ ද ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද මෙසේ ඇති කල්හි වාතොපලබ්ධ විඥානයාගේ ද ඉපදීමෙක් නො වේ නම් ආශ්වාසප්‍රශ්වාසයන්ගේ ද ඉපදීමෙක් නො වේ නම් ආනාපානස්මෘතිගේ ද ඉපදීමෙක් නො වේ නම් ආනාපානස්මෘති සමාධිහුගේ ද ඉපදීමෙක් නො වේ නම් නුවණැතියෝ ඒ සමවතට සමවදනාහු ද (ඉන්) නැඟීසිටුනාහු ද නො ද වෙති. ඉදින් මෙසෙයින් ‘කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද මෙසේ ඇති කල්හි වාතොපලබ්ධවිඥානයාගේ ද ඉපදීම වේ නම් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ද ඉපදීම වේ නම් ආනාපානස්මෘතියගේ ද ඉපදීම වේ නම් ආනාපානස්මෘතිසමාධිහුගේ ද ඉපදීම වේ නම් නුවණැතියෝ වැළිත් ඒ සමවතට සමවදනාහු ද ඉන් නැඟී සිටුනාහු ද වෙත්.
Pali BJTයථා කථං විය: සෙය්යථාපි කංසෙ ආකොටිතෙ පඨමං ඔළාරිකා සද්දා පවත්තන්ති, ඔළාරිකානං සද්දානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ සද්දෙ අථ පච්ඡා සුඛුමකා සද්දා පවත්තන්ති, සුඛුමකානං සද්දානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා නිරුද්ධෙපි සුඛුමෙ සද්දෙ අථ පච්ඡා සුඛුමසද්දනිමිත්තාරම්මණකාපි{5} චිත්තං සූපධාරිතත්තා පවත්තති. එවමෙව පඨමං ඔළාරිකා අස්සාසපස්සාසා පවත්තන්ති ඔළාරිකානං අස්සාසපස්සාසානං නිමිත්තං සුග්ගහිත්තා සුමනසිකත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි ඔළාරිකෙ අස්සාසපස්සාසෙ අථ පච්ඡා සුඛුමකො අස්සාසපස්සාසා පවත්තන්තී, සුඛුමකානං අස්සාසපස්සාසානං නිමිත්තං සුග්ගහිතත්තා සුමනසිකතත්තා සූපධාරිතත්තා නිරුද්ධෙපි සුඛුමකෙ අස්සාසපස්සාසෙ අථ පච්ඡා සුඛුමකඅස්සාසපස්සාසානං නිමිත්තාරම්මණකාපි{6} චිත්තං න වික්ඛෙපං ගච්ඡති.
Sinhala BJTඒ කිසෙයින යත්: යම්සේ කස්බඳුන පහළ කල්හි, පළමු වැ ඖදාරික ශබ්දයෝ පවතිත්. ඔදාරික වූ ශබ්දයන්ගේ නිමිත්ත මොනොවට ගන්නා ලද බැවින් මොනොවට මෙනෙහි කරන ලද බැවින් මොනොවට සිත්හි තබන ලද බැවින් ඖදාරික ශබ්දය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂම වූ ශබ්දයෝ පවතිත්. සූක්‍ෂමශබ්දයන්ගේ නිමිත්ත මොනොවට ගන්නාලද බැවින් මොනොවට මෙනෙහි කරනලද බැවින් මොනොවට සිත්හි තබන ලද බැවින් සූක්‍ෂමශබ්දය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂමශබ්දනිමිත්තාලම්බන බැවිනුදු සිත පවතී ද, එසෙයින් මැ පළමු වැ ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාසයෝ පවතිත්. ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ නිමිත්ත මොනොවට ගන්නාලද බැවින් මොනොවට මෙනෙහි කරන ලද බැවින් මොනොවට සිත්හි තබනලද බැවින් ඖදාරික වූ ආශ්වාසප්‍රශ්වාසය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසයෝ පවතිත්. සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසයන් ගේ නිමිත්ත මොනොවට ගන්නාලද බැවින් මොනොවට මෙනෙහි කරනලද බැවින් මොනොවට සිත්හි තබන ලද බැවින් සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසය නිරුද්ධ කල්හිදු එයින් පසු සූක්‍ෂම වූ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ නිමිත්තාලම්බන බැවිනුදු සිත වික්‍ෂේපයට නො යෙයි.
Pali BJTඑවං සන්තෙ වාතූපලද්ධියා ච පභාවනා හොති, අස්සාසපස්සාසානඤ්ච පභාවනා හොති, ආනාපානසතියා ච පභාවනා හොති, ආනාපානසතිසමාධිස්ස ච පභාවනා හොති, තඤ්ච නං සමාපත්තිං පණ්ඩිතා සමාපජ්ජන්තිපි වුට්ඨහන්තිපි.
Sinhala BJTමෙසේ ඇති කල්හි වාතොපලබ්ධවිඥානයාගේ ද ඉපදීම වෙයි, ආශ්වාසප්‍රශ්වාසයන්ගේ ද ඉපදීම වෙයි, ආනාපානස්මෘතියගේ ද ඉපදීම වෙයි. ආනාපානස්මෘතිසමාධිහුගේ ද ඉපදීම වෙයි. නුවණැතියෝ වැළිත් ඒ සමවතට සමවදනාහු ද ඉන් නැඟීසිටුනාහු ද වෙත්.
Pali BJTපස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසපස්සාසා කායො, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, කායො උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, කාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති, තෙන වුච්චති: ‘කායෙ කායානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘පස්සම්භයං කායසඞ්ඛාරං’යී කියන ලද ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම, (අරමුණට) එළඹසිටීම ස්මෘති නම, අනුපස්සනාව ඥාන නම, කය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි, ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ආශ්වාසප්‍රශ්වාස කය අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං කායං අනුපස්සති. -පෙ- එවං තං කායං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාපස්සාසානං{1} සංවරට්ඨෙන සීලවිසුද්ධි, අවික්ඛෙපට්ඨෙන චිත්තවිසුද්ධි, දස්සනට්ඨෙන දිට්ඨිවිසුද්ධි, යො තත්ථ සංවරට්ඨො, අයං අධිසීලසික්ඛා. යො තත්ථ අවික්ඛෙපට්ඨො අයං අධිචිත්තසික්ඛා, යො තත්ථ දස්සනට්ඨො අයං අධිපඤ්ඤාසික්ඛා, ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛති, -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛති.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත්. ... මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි: ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි. ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවර ස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ අවික්‍ෂේප ස්වභාවයෙන් චිත්තවිශුද්ධි යැ දර්‍ශන ස්වභාවයෙන් දෘෂ්ටිවිශුද්ධි යි. එහි යම් සංවරස්වභාවයෙක් වේ ද මේ අධිශීල ශික්‍ෂා යැ එහි යම් අවික්‍ෂේප ස්වභාවයෙක් වේ ද මේ අධිචිත්ත ශික්‍ෂා යැ එහි යම් දර්‍ශන ස්වභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි ... සාක්‍ෂාත්කර්‍තවය්‍ය සාක්‍ෂාත් කෙරෙමින් හික්මේ.
Pali BJTපස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො විදිතා වෙදනා උප්පජ්ජන්ති -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං, පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති -පෙ- තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (4)
Sinhala BJT‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට වූ වේදනාවෝ උපදිති. ... ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව වූ අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි ... එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (4)
Pali BJTඅට්ඨ අනුපස්සනෙ{2} ඤාණානි, අට්ඨ ච උපට්ඨානානුස්සතියො,{3} චත්තාරි සුත්තන්තිකවත්ථුනි කායෙ කායානුපස්සනාය.
Sinhala BJTකයෙහි කය අනුවැ බැලීමෙහි අනුදර්‍ශනාඥානයෝ අට දෙනෙක, උපස්ථානානුස්මෘතීහු ද අටදෙනෙක, සෞත්‍රාන්තික වස්තූහු සතරදෙනෙකි.
Pali BJTපඨමචතුක්කං
Sinhala BJTප්‍රථමචතුෂ්කය යි.
Pali BJTකථං පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, ‘පීතිපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTකිසෙයින් ‘ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTකතමා පීති: දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො උප්පජ්ජති පීතිපාමොජ්ජං, යා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමන්තා චිත්තස්ස දීඝං පස්සාවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො උප්පජ්ජති පීති පාමොජ්ජං -පෙ- රස්සං අස්සාසවසෙන -පෙ- රස්සං පස්සාසවසෙන -පෙ- සබ්බකායපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- සබ්බකායපටිසංවෙදී පස්සාසවසෙන -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසවසෙන -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො උප්පජ්ජති පීතිපාමොජ්ජං. යා පීති පාමොජ්ජං ආමොදනා පමොදනා භාසො පහාසො විත්ති{4} ඔදග්යං{5} අත්තමන්තා චිත්තස්ස අයං පීති.
Sinhala BJTප්‍රීති කවරැ යත්: ‘දීඝං’යි කියන ලද ආශ්වාසයා ගේ වශයෙන් චිත්තයාගේ එකඟ බව වූ අවික්‍ෂේපය දන්නාහට ප්‍රීතිප්‍රාමෝද්‍යය උපදී. යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් (ධනය වැනි බැවින්) විත්තියක් උදග්‍රබවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද, ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟබව වු අවික්‍ෂේපය දන්නාහට ප්‍රීතිය ප්‍රාමෝද්‍ය උපදී ... ‘රස්සං’ යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ‘රස්සං’යි ... කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් … ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් … ‘පස්සම්භයං කායසඞ්ඛාරං’යී කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ එකඟබව වූ අවික්‍ෂේපය දන්නාහට ප්‍රීතිය ප්‍රාමෝද්‍ය උපදී. යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් විත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමනබවෙක් වේ ද මේ ප්‍රීති නමු.
Pali BJTකථං සා පීති{1} පටිවිදිතා හොති දීඝං අස්සාසවසෙන{2} චිත්තස්ස එකග්ගං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිවිදිතා හොති. දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිවිදිතා හොති. රස්සං අස්සාසවසෙන -පෙ- රස්සං පස්සාසවසෙන -පෙ- සබ්බකායපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- සබ්බකායපටිසංවෙදී පස්සාසවසෙන -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං අස්සාසවසෙන -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිවිදිතා හොති, ආවජ්ජතො සා පීති පටිවිදිතා හොති, ජානතො -පෙ- පස්සතො -පෙ- පච්චවෙක්ඛතො -පෙ- චිත්තං අධිට්ඨහතො -පෙ- සද්ධාය අධිමුච්චතො -පෙ- විරියං පග්ගණ්හතො -පෙ- සතිං උපට්ඨාපයතො -පෙ- චිත්තං සමාදහතො -පෙ- පඤ්ඤාය පජානතො -පෙ- අභිඤ්ඤෙය්යං අභිජානතො -පෙ- පරිඤ්ඤෙය්යං පරිජානතො -පෙ- පහාතබ්බං. පජහතො -පෙ- භාවෙතබ්බං භාවයතො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරාතො සා පීති පටිවිදිතා හොති. එවං සා පීති පටිවිදිතා හොති.
Sinhala BJTකිසෙයින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වේ ද යත්: ‘දීඝං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වෙයි. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වෙයි. ‘රස්සං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘රස්සං’යී කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘සබ්බකායපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං කායසඞ්කාරං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං කායසඞ්කාරං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වෙයි. ආවර්‍ජනා කරන්නාහට ඒ ප්‍රීතිය ප්‍රකට වූවා වෙයි. දන්නාහට .. දක්නාහට ... ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාහට ... චිත්තය අධිෂ්ඨාන කරන්නාහට ... ශ්‍රද්ධායෙහි අධිමුක්තයහට ... වීර්‍ය්‍යය දැඩි කොට ගන්නාහට ... සිහි එළවන්නාහට ... සිත (අරමුණෙහි) පිහිටුවන්නාහට ... ප්‍රඥායෙන් ප්‍රකට කොට දන්නාහට ... ස්වභාවලක්‍ෂණ විසින් දතයුත්ත ස්වභාවලක්‍ෂණ විසින් දන්නාහට ... සාමාන්‍ය ලක්‍ෂණ විසින් දතයුත්ත සාමාන්‍යලක්‍ෂණ විසින් දන්නාහට ... ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන්නාහට ... භාවිතව්‍යය භාවනා කරන්නාහට ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කරන්නාහට ඒ ප්‍රීතිය ප්‍රකට වූවා වෙයි. මෙසෙයින් ඒ ප්‍රීතිය ප්‍රකට කොට දන්නාලද වේ.
Pali BJTපීතිපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන වෙදනා, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, වෙදනා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපස්සති. තෙන වුච්චති: ‘වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනාති.
Sinhala BJT‘පීතිපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් වේදනා වෙයි. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ. වේදනාව උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං වෙදනං අනුපස්සති: අනිච්චතො අනුපස්සති -පෙ- එවං තං වෙදනං අනුපස්සති, භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
Pali BJTපීතිපටිසංවෙදී අස්සාසපස්සාසානං{3} සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- පීතිපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති, තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ ති.
Sinhala BJT‘පීතිපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි වෙයි ... ‘පීතිපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (1)
Pali BJTකථං ‘සුඛපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති,{4} ‘සුඛපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTකිසෙයින් ‘සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTසුඛන්ති ද්වෙ සුඛානි: කායිකඤ්ච සුඛං, චෙතසිකඤ්ච සුඛං. කතමං කායිකං සුඛං. යං කායිකං සාතං කායිකං සුඛං කායසම්ඵස්සජං සාතං සුඛං{5} වෙදයිතං කායසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං කායිකං සුඛං. කතමං චෙතසිකං සුඛං: යං චෙතසිකං සාතං{6} චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉදං චෙතසිකං සුඛං.
Sinhala BJTසුඛං යනු: සුඛයෝ දෙදෙනෙකි: කායිකසුඛය ද චෛතසිකසුඛය දැ’යි. කායිකසුඛය කවරැ යත්: යම් කායිකසාතයෙක් (මිහිරෙක්) කායිකසුඛයෙක් කායසම්ඵස්සයෙන් උපන් සාත-සුඛවේදයිතයෙක් කායසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ කායිකසුඛ නම් වෙයි. චෛතසික සුඛ කවරැ යත්: යම් චෛතසිකසාතයෙක් චෛතසිකසුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද මේ චෛතසිකසුඛ නම් වේ.
Pali BJTකථං තෙ සුඛෙ පටිවිදිතා හොන්ති: දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තෙ සුඛෙ පටිවිදිතා හොන්ති, දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තෙ සුඛෙ පටිවිදිතා හොන්ති -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොතො තෙ සුඛෙ පටිවිදිතා හොන්ති, එවං තෙ සුඛෙ පටිවිදිතා හොන්ති.
Sinhala BJTකිසෙයින් ඒ සුඛයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙත් ද යත්: ‘දීඝං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවිපෙක්‍ෂය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සුඛයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙති. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සුඛයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙති ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කරන්නාහට ඒ සුඛයෝ ප්‍රකට වූවාහු වෙති. මෙසෙයින් ඒ සුඛයෝ ප්‍රකට වූවාහු වෙත්.
Pali BJTසුඛපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන වෙදනා, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං. වෙදනා උපට්ඨානං නො සති, සතිඋපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපස්සති. තෙන වුච්චති: ‘වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘සුඛපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් වේදනා වෙයි. (අරමුණට) එළඹසිටීම ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථානද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං වෙදනං අනුපස්සති: අනිච්චතො අනුපස්සති -පෙ- එවං තං වෙදනං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTසුඛපටිසංවෙදී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- සුඛපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානතො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (2)
Sinhala BJT‘සුඛපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි වෙයි ... ‘සුඛපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි; ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි (2)
Pali BJTකථං ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTකිසෙයින් චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘චිත්තසංස්කාරය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTකතමො චිත්තසඞ්ඛාරො: දීඝං අස්සාසවසෙන සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා; දීඝං පස්සාසවසෙන සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා -පෙ- සුඛපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- සුඛපටිසංවෙදී පස්සාසවසෙන සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා. අයං චිත්තසඞ්ඛාරො.
Sinhala BJTචිත්තසංස්කාරය කවරැ යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති ... ‘සුඛපටිසංවේදි’ කියනලද ආශ්වාසයාගේ වශයෙන් - ‘සුඛපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. මේ චිත්තසංස්කාර නම් වේ.
Pali BJTකථං තෙ චිත්තසඞ්ඛාරා පටිවිදිතා හොන්ති: දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තෙ චිත්තසඞ්ඛාරා පටිවිදිතා හොන්ති, දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන තෙ චිත්තසඞ්ඛාරා පටිවිදිතා හොන්ති. -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොතො තෙ චිත්තසඞ්ඛාරා පටිවිදිතා හොන්ති. එවං තෙ චිත්තසඞ්ඛාරා පටිවිදිතා හොන්ති.
Sinhala BJTකිසෙයින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙත් ද යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට කොට දන්නා ලද්දාහු වෙති. ‘දීඝං’ යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි, ඒ සිහියෙන් ඒ නුවණින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට කොට දන්නාලද්දාහු වෙති ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කරන්නාහට ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට වූවාහු වෙති. මෙසෙයින් ඒ චිත්තසංස්කාරයෝ ප්‍රකට වූවාහු වෙත්.
Pali BJTචිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන වෙදනා, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, වෙදනා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපාස්සති තෙන වුච්චති: වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් වේදනා වෙයි. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි; ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං වෙදනං අනුපස්සති. අනිච්චතො අනුපස්සති, -පෙ- එවං තං වෙදනං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
Pali BJTචිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (3)
Sinhala BJT‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවර ස්වභාවයෙන් ශීලවිශුද්ධි වෙයි … ‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (3)
Pali BJTකථං පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති:
Sinhala BJTකිසෙයින් ‘චිත්තසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද ‘චිත්තසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTකතමො චිත්තසඞ්ඛාරො: දීඝං අස්සාසවසෙන සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා. තෙ චිත්තසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වූපසමෙන්තො සික්ඛති, දීඝං පස්සාසවසෙන සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා, තෙ චිත්තසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වූපසමෙන්තො සික්ඛති, චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සාසවසෙන සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා, එතෙ ධම්මා චිත්තපටිබද්ධා චිත්තසඞ්ඛාරා, තෙ චිත්තසඞ්ඛාරෙ පස්සම්භෙන්තො නිරොධෙන්තො වූපසමෙන්තො සික්ඛති.
Sinhala BJTචිත්තසංස්කාරය කවරැ යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ඒ චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. ‘දීඝං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ඒ චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මෙයි. ‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘චිත්තසඞ්ඛාරපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් සංඥාවත් වේදනාවත් චෛතසික වෙති. තෙල ධර්‍මයෝ සිත පිළිබඳ වූවාහු චිත්තසංස්කාර වෙති. ඒ චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් නිරුද්ධ කෙරෙමින් ව්‍යුපශමනය කෙරෙමින් හික්මේ.
Pali BJTපස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සාසපස්සාසවසෙන වෙදනා, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, වෙදනා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං වෙදනං අනුපස්සති. තෙන වුච්චති: ‘වෙදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියන ලද ආශ්වාසයාගේ වශයෙන් වේදනා වෙයි. (අරමුණට) එළඹසිටීම ස්මෘති යැ. අනුපස්සනාව ඥාන යැ, වේදනාව උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි, ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ වේදනාව අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘වේදනාසු වෙදනානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කතං තං වෙදනං අනුපස්සති: අනිච්චතො අනුපස්සති -පෙ- එවං තං වෙදනං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි. ... මෙසෙයින් ඒ වේදනාව අනුපස්සනා කෙරේ. භාවනා යනු භාවනා සතරෙකි: ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTපස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (4)
Sinhala BJT‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (4)
Pali BJTඅට්ඨ අනුපස්සනෙ ඤාණානි, අට්ඨ ච උපට්ඨානානුස්සතියො, චත්තාරි සුත්තන්තිකවත්ථුනි වෙදනාසු වෙදනානුපස්සනාය.
Sinhala BJTවේදනාවන්හි වේදනාව අනුවැ බැලීමෙහි අනුදර්‍ශනාඥානයෝ අට දෙනෙක, උපස්ථානානුස්මෘතීහු ද අටදෙනෙක, සෞත්‍රාන්තික වස්තූහු සතර දෙනෙකි.
Pali BJTදුතියචතුක්කං
Sinhala BJTද්වීතීයචතුෂකය යි.
Pali BJTකථං ‘චිත්තපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, චිත්තපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTකිසෙයින් ‘චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී’යි හික්මේ ද ‘චිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී’යි හික්මේ ද යත්:
Pali BJTකතමං තං චිත්තං: දීඝං අස්සාසවසෙන විඤ්ඤාණං චිත්තං,{1} යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො{2} මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජාමනො{3} විඤ්ඤාණධාතු,{4} දීඝං පස්සාසවසෙන -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සාසවසෙන -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සාවසෙන විඤ්ඤාණං චිත්තං{1} යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනො{3} විඤ්ඤාණධාතු{4} ඉදං චිත්තං.
Sinhala BJTඒ චිත්තය කවරැ යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් විඥානය චිත්ත නම. යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, ‘දීඝං’ යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් විඥානය චිත්ත නම. යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද මේ චිත්ත නම් වේ.
Pali BJTකථං තං චිත්තං පටිවිදිතං හොති: දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තං චිත්තං පටිවිදිතං හොති, දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන තං චිත්තං පටිවිදිතං හොති -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකරොතො තං චිත්තං පටිවිදිතං හොති, එවං තං චිත්තං පටිවිදිතං හොති.
Sinhala BJTකිසෙයින් ඒ චිත්තය ප්‍රකට කොට දන්නාලද වේ ද යත්: ‘දීඝං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සිත ප්‍රකට කොට දන්නාලද වෙයි. ‘දීඝං’ කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ සිත ප්‍රකට කොට දන්නා ලද වෙයි ... සාක්‍ෂාත්කර්‍තවය්‍ය සාක්‍ෂාත් කරන්නාහට ඒ සිත ප්‍රකට වූයේ වෙයි. මෙසෙයින් ඒ සිත ප්‍රකට කොට දන්නාලද වේ.
Pali BJTචිත්තපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන විඤ්ඤාණං චිත්තං,{1} උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, චිත්තං උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන විඤ්ඤාණෙන තං චිත්තං අනුපස්සති. තෙන වුච්චති: ‘චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘චිත්තපටිසංවේදී’ යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් විඥානය චිත්ත නම. (අරමුණට) එළඹසිටීම ස්මෘති යැ. අනුපස්සනාව ඥාන යැ. චිත්තය උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනා සතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං චිත්තං අනුපස්සති: අනිච්චතො අනුපස්සති -පෙ- එවං තං චිත්තං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ සිත අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි ... මෙසෙයින් ඒ සිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTචිත්තපටිසංවෙදී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි. -පෙ- චිත්තපටිසංවෙදී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ ති. (1)
Sinhala BJT‘චිත්තපටිසංවේදී’යි කියනලද ආශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘චිත්තපටිසංවේදී’ යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි. (1)
Pali BJTකථං ‘අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති:
Sinhala BJTකිසෙයින් ‘සිත ප්‍රමුදිත කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මේ ද, ‘සිත ප්‍රමුදිත කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේ ද යත්:
Pali BJTකතමො{5} චිත්තස්ස අභිප්පමොදො. දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො උප්පජ්ජති චිත්තස්ස අභිප්පමොදො. යා චිත්තස්ස ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති{6} ඔදග්යං අත්තමන්තා චිත්තස්ස. දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො උප්පජ්ජති චිත්තස්ස අභිප්පමොදො, යා චිත්තස්ස ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමන්තා චිත්තස්ස -පෙ- චිත්තපටිසංවෙදී අස්සාසවසෙන -පෙ- චිත්තපටිසංවෙදී පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො උප්පජ්ජති චිත්තස්ස අභිප්පමොදො, යා චිත්තස්ස ආමොදනා පමොදනා හාසො පහාසො විත්ති ඔදග්යං අත්තමන්තා චිත්තස්ස, අයං චිත්තස්ස අභිප්පමොදො.
Sinhala BJTචිත්තයාගේ ප්‍රමෝදය (අධික තුෂ්ටිය) කවර යත්: ‘දීඝං’ යී කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට චිත්තයාගේ ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් (ධනය වැනි බැවින්) චිත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද, ‘දීඝං’ යී කියන ලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට චිත්තයාගේ ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් චිත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද ... ‘චිත්තපටිසංවේදී’ යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් ... ‘චිත්තපටිසංවේදී’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට චිත්තයාගේ ප්‍රමෝදය උපදී. චිත්තයාගේ යම් ආමෝදනාකාරයෙක් ප්‍රමෝදනාකාරයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් චිත්තියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සියමන බවෙක් වේ ද මේ චිත්තයාගේ ප්‍රමෝදය යි.
Pali BJTඅභිප්පමොදයං චිත්තං අස්සාසපස්සාසවසෙන විඤ්ඤාණං චිත්තං, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං. චිත්තං උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං චිත්තං අනුපස්සති. තෙන වුච්චති: ‘චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘අභිප්පමෝදයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් විඥානය චිත්ත නම. උපස්ථානය ස්මෘති යැ. අනුපස්සනාව ඥාන යැ. චිත්තය උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘතිද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ සිත අනුපස්සනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තං චිත්තං අනුපස්සති: -පෙ- එවං තං චිත්තං අනුපස්සති, භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් එ සිත අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් එ සිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTඅභිප්පමොදයං චිත්තං අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- අභිප්පමොදයං චිත්තං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති, තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (2)
Sinhala BJT‘අභිප්පමෝදයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘අභිප්පමෝදයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි. (2)
Pali BJTකථං ‘සමාදහං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සමාදහං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති:
Sinhala BJTකිසෙයින් ‘සිත (අරමුණෙහි) පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි’යි හික්මේ ද, ‘සිත පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේ ද යත්:
Pali BJTකතමො සමාධි.{1} දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති{2}. අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා{3} සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි. දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි -පෙ- සමාදහං චිත්තං අස්සාසවසෙන -පෙ- සමාදහං චිත්තං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, යා චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං සම්මාසමාධි, අයං සමාධි.
Sinhala BJTසමාධි කවරැ යත්: ‘දීඝං’ යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි නම. චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් නො විසිර යෑමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද, ‘දීඝං’ යි කියන ලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි නම ... ‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසයාගේ වශයෙන් … ‘සමාදහං චිත්තං’යි කියනලද ප්‍රශ්වාසයාගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය සමාධි නම. චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත් ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද මේ සමාධි නම් වේ.
Pali BJTසමාදහං චිත්තං අස්සාසපස්සාසවසෙන විඤ්ඤාණං චිත්තං, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, චිත්තං උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං චිත්තං අනුපස්සති, තෙන වුච්චති: ‘චිත්තෙ චිත්තානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයාගේ වශයෙන් විඥානය චිත්ත නම. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ. චිත්තය උපස්ථාන වෙයි, ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් එසිත අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘චිත්තේ චිත්තානුපස්සනාසතිපට්ඨානභාවනා’ යි.
Pali BJTඅනුපස්සතීති කථං තං චිත්තං අනුපස්සති: -පෙ- එවං තං චිත්තං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් එසිත අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් එසිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... අසේවනාස්වභාවයෙන් භාවනා යි.
Pali BJTසමාදහං චිත්තං අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- සමාදහං චිත්තං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (3)
Sinhala BJT‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘සමාදහං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (3)
Pali BJTකථං ‘විමොචයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTකිසෙයින් ‘සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJT‘රාගතො විමොචයං චිත්තං අස්සසිස්සාමී’ති, සික්ඛති ‘රාගතො විමොචයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති, ‘දොසතො විමොචයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘දොසතො විමොචයං චිත්තං පස්සසිස්සා’මීති. සික්ඛති, ‘මොහතො විමොචයං චිත්තං අස්සසිස්සාමී’ති සික්ඛති -පෙ- මානතො විමොචයං චිත්තං -පෙ- දිට්ඨියා විමොචයං චිත්තං -පෙ- විචිකිච්ඡාය විමොචයං චිත්තං -පෙ- ථිනතො{1} විමොචයං චිත්තං -පෙ- උද්ධච්චතො විමොචයං චිත්තං -පෙ- අහිරිකතො විමොචයං චිත්තං -පෙ- ‘අනොත්තප්පතො විමොචයං චිත්තං අස්සසිස්සාමී’ති. සික්ඛති, ‘අනොත්තප්පතො විමොචයං චිත්තං පස්සසිස්සාමී’ති සික්ඛති, විමොචයං චිත්තං අස්සාසපස්සාසවසෙන විඤ්ඤාණං චිත්තං, උපට්ඨානං සති -පෙ-
Sinhala BJT‘රාගයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘රාගයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘ද්වේෂයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘ද්වේෂයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘මෝහයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘මානයෙන් සිත මුදමින් ... දෘෂ්ටියෙන් සිත මුදමින් ... විචිකිත්සායෙන් සිත මුදමින් ... ස්ත්‍යානයෙන් සිත මුදමින් ... ඖද්ධත්‍යයෙන් සිත මුදමින් ... අහිරිකයෙන් සිත මුදමින් ... අනොත්තප්පයෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. අනොත්තප්පයෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ. ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් විඥානය චිත්ත නම. උපස්ථානය ස්මෘති යැ ...
Pali BJTඅනුපස්සතීති කථං තං චිත්තං අනුපස්සති. -පෙ- එවං තං චිත්තං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් එ සිත අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් එ සිත අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි … ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTවිමොචයං චිත්තං අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- විමොචයං චිත්තං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (4)
Sinhala BJT‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘විමොචයං චිත්තං’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි. (4)
Pali BJTඅට්ඨ අනුපස්සනෙ ඤාණානි, අට්ඨ ච උපට්ඨානානුස්සතියො, චත්තාරි සුත්තන්තිකවත්ථූනි චිත්තෙ චිත්තානුපස්සනාය.
Sinhala BJTසිතෙහි සිත අනුවැ බැලීමෙහි අනුදර්‍ශනාඥානයෝ අටදෙනෙක, උපස්ථානානුස්මෘතීහු අටදෙනෙක, සෞත්‍රාන්තිකවස්තූහු සතර දෙනෙකි.
Pali BJTතතියචතුක්කං.
Sinhala BJTතෘතීයචතුෂ්කය යි.
Pali BJTකථං ‘අනිච්චානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘අනිච්චානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති: අනිච්චන්ති කිං අනිච්චං පඤ්චක්ඛන්ධා අනිච්චා. කෙනට්ඨෙන අනිච්චා, උප්පාදවයට්ඨෙන අනිච්චා. පඤ්චන්නං ඛන්ධානං උදයං පස්සනොතා කති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති, උදයබ්බයං පස්සන්තො කති ලක්ඛණානි පස්සති: පඤ්චන්නං ඛන්ධානං උදයං පස්සන්තො පඤ්චවීසති ලක්ඛණානි පස්සති, වයං පස්සන්තො පඤ්චවීසති ලක්ඛණානි පස්සති, පඤ්චන්නං ඛන්ධානං උදයබ්බයං පස්සන්තො ඉමානි පඤ්ඤාස ලක්ඛණානි පස්සති.
Sinhala BJTකිසෙයින් අනිත්‍යානුදර්ශී (අනිත්‍ය අනු වැ බලනසුලු) වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්: අනිච්චං යනු: අනිත්‍ය කවර යත්: පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. කවර අරුතින් අනිත්‍යයහ යත්: උත්පාදව්‍යයස්වභාවයෙන් අනිත්‍යයහ. පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දක්නේ ද යත්: පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දක්නේ පස්විසි ලක්‍ෂණයන් දකී. පඤ්චස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නේ මේ පනස් ලක්‍ෂණයන් දකී.
Pali BJT‘රූපෙ අනිච්චානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘රූපෙ අනිච්චානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ‘ජරාමරණෙ අනිච්චානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘චක්ඛුස්මිං අනිච්චානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති, ‘ජරාමරණෙ අනිච්චානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJT‘රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘රූපයෙහි අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි ... චක්‍ෂුසෙහි ... ‘ජරාමරණයෙහි අනිත්‍යානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘ජරාමරණයෙහි අනිත්‍යානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
Pali BJTඅනිච්චානුපස්සී අස්සාසපස්සාසවසෙන ධම්මා, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, ධම්මා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තෙ ධම්මෙ අනුපස්සති, තෙන වුච්චති: ‘ධම්මෙසු ධම්මානුපස්සනා සතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘අනිච්චානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ. ධර්‍මයෝ උපස්ථානය ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ යි.
Pali BJTඅනුපස්සතීති කථං තෙ ධම්මෙ අනුපස්සති: -පෙ- එවං තෙ ධම්මෙ අනුපස්සති, භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTඅනිච්චානුපස්සී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- අනිච්චානුපස්සී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති, තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (1)
Sinhala BJT‘අනිච්චානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘අනිච්චානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි (1)
Pali BJTකථං ‘විරාගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘විරාගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති:
Sinhala BJTකිසෙයින් විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTරූපෙ ආදීනවං දිස්වා රූපවිරාගෙ ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං ‘රූපෙ විරාගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘රූපෙ විරාගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ ආදීනවං දිස්වා ජරාමරණවිරාගෙ ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං, ‘ජරාමරණෙ විරාගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘ජරාමරණෙ විරාගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති,
Sinhala BJTරූපයෙහි ආදීනව දැක රූපවිරාගයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘රූපයෙහි විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘රූපයෙහි විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි-සංස්කාරයන්හි - විඥානයෙහි - චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි ආදීනව දැක ජරාමරණවිරාගයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි, ජරාමරණයෙහි විරාගානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි, ‘ජරාමරණයෙහි විරාගානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
Pali BJTවිරාගානුපස්සී අස්සාසපස්සාසවසෙන ධම්මා, උපට්ඨානං සති, අනුපස්සනාඤාණං, ධම්මා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තෙ ධම්මෙ අනුපස්සති, තෙන වුච්චති: ‘ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ ති.
Sinhala BJTවිරාගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ, අනුපස්සනාව ඥාන යැ ධර්‍ම උපස්ථාන වෙයි. ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘ධම්මේසු ධම්මානුපස්සනාපතිපට්ඨානභාවනා’ යි.
Pali BJTඅනුපස්සතීති කථං තෙ ධම්මෙ අනුපස්සති -පෙ- එවං තෙ ධම්මෙ අනුපස්සති. භාවනාති. චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවන ස්වභාවයෙන් භාවනා යි.
Pali BJTවිරාගානුපස්සී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- විරාගානුපස්සී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ ති. (2)
Sinhala BJT‘විරාගානුපස්සී’යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ සංවරස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘විරාගානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ප්‍රකට කොට දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරේ. එයින් කියනු ලැබෙයි: ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි. (2)
Pali BJTකථං ‘නිරොධානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘නිරොධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති:
Sinhala BJTකිසෙයින් නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්:
Pali BJTරූපෙ ආදීනවං දිස්වා රූපනිරොධෙ ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො{1}, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං ‘රූපෙ නිරොධානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘රූපෙ නිරොධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති, වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ -පෙ- චක්ඛුස්මිං -පෙ- ජරාමරණෙ ආදීනවං දිස්වා ජරාමරණෙනිරොධෙ ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො,{1} චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං, ‘ජරාමරණෙ නිරොධානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ජරාමරණෙ නිරොධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති
Sinhala BJTරූපයෙහි ආදීනව දැක රූපනිරෝධයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘රූපයෙහි නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘රූපයෙහි නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මෙයි, වේදනායෙහි ... සංඥායෙහි - සංස්කාරයන්හි - විඥානයෙහි - චක්‍ෂුසෙහි ... ජරාමරණයෙහි ආදීනව දැක ජරාමරණනිරෝධයෙහි උපන් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ජරාමරණයෙහි නිරෝධානුදර්ශී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ජරාමරණයෙහි නිරෝධානුදර්ශී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
Pali BJTකතිහාකාරෙහි අවිජ්ජාය ආදීනවො හොති, කතිහාකාරෙහි අවිජ්ජා නිරුජ්ඣති: පඤ්චහාකාරෙහි අවිජ්ජාය ආදීනවො හොති, අට්ඨහාකාරෙහි අවිජ්ජා නිරුජ්ඣති.
Sinhala BJTකිහි අයුරෙකින් අවිද්‍යායෙහි ආදීනව වේ ද? කිහි අයුරෙකින් අවිද්‍යාව නිරුද්ධ වේ ද යත්: පස් අයුරෙකින් අවිද්‍යායෙහි ආදීනව වෙයි. අට අයුරෙකින් අවිද්‍යාව නිරුද්ධ වේ.
Pali BJTකතමෙහි පඤ්චහාකාරෙහි අවිජ්ජාය ආදීනවො හොති: අනිච්චට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති, දුක්ඛට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති, අනත්තට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති, සන්තාපට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති, විපරිනාමපට්ඨෙන අවිජ්ජාය ආදීනවො හොති, ඉමෙහි පඤ්චහාකාරෙහි අවිජ්ජාය ආදීනවො හොති.
Sinhala BJTකවර පස්අයුරෙකින් අවිද්‍යායෙහි ආදීනව වේ ද යත්: අනිත්‍යස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. අනාත්මස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. සන්තාපස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වෙයි. විපරිණාමස්වභාවයෙන් අවිද්‍යායෙහි ආදීනව වේ. මේ පස්අයුරින් අවිද්‍යායෙහි ආදීනව වේ.
Pali BJTකතමෙහි අට්ඨහාකාරෙහි අවිජ්ජා නිරුජ්ඣති: නිදානනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති, සමුදයනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති, ජාතිනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති, පහවනිරොධෙන{1} අවිජ්ජා නිරුජ්ඣති, හෙතුනිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති පච්චය නිරොධෙන අවිජ්ජා නිරුජ්ඣති, ඤාණුප්පාදෙන අවිජ්ජා නිරුජ්ඣති, නිරොධුපට්ඨානෙන අවිජ්ජා නිරුජ්ඣති. ඉමෙහි අට්ඨහාකාරෙහි අවිජ්ජා නිරුජ්ඣති.
Sinhala BJTකවර අටඅයුරෙකින් අවිද්‍යාව නිරුද්ධ වේ ද යත්: මූලප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ආසන්නප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, මූලප්‍රත්‍යයාගේ උත්පත්තිනිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි, ජනක ප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි: උපස්ථම්භකප්‍රත්‍යය නිරෝධයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. (විදර්‍ශනා-මාර්‍ග) ඥානෝත්පාදයෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. නිරෝධය එළඹසිටීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙයි. මේ අට අයුරින් අවිද්‍යාව නිරුද්ධ වේ.
Pali BJTඉමෙහි පඤ්චහාකාරෙහි අවිජ්ජාය ආදීනවං දිස්වා ඉමෙහි අට්ඨහාකාරෙහි අවිජ්ජානිරොධෙ{2} ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො, චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං අවිජ්ජාය ‘නිරොධානුස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, අවිජ්ජාය නිරොධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTමේ පස් අයුරින් අවිද්‍යායෙහි ආදීනව දැක මේ අට අයුරින් අවිද්‍යානිරෝධයෙහි හටගත් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධාධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘අවිද්‍යාවගේ නිරෝධය අනුවැ බලමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ‘අවිද්‍යාවගේ නිරෝධය අනුවැ බලමින් ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ.
Pali BJTකතිහාකාරෙහි සඞ්ඛාරෙසු ආදීනවො හොති, කතිහාකාරෙහි සඞ්ඛාරා නිරුජ්ඣති: -පෙ- කතිහාකාරෙහි විඤ්ඤාණෙ ආදීනවො හොති, කතිහාකාරෙහි විඤ්ඤාණං නිරුජ්ඣති: -පෙ- කතිහාකාරෙහි නාමරූපෙ ආදීනවො හොති, කතිහාකාරෙහි නාමරූපං නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි සළායතනෙ ආදීනවො හොති, කතිහාකාරෙහි සළායතනං නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි ඵස්සෙ ආදීනවො හොති, කතිහාකාරෙහි ඵස්සො නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි වෙදනාය ආදීනවො හොති, කතිහාකාරෙහි වෙදනා නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි තණ්හාය ආදීනවො හොති, කතිහාකාරෙහි තණ්හා නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි උපාදානෙ ආදීනවො හොති, කතිහාකාරෙහි උපාදානං නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි භවෙ ආදීනවො හොති, කතිහාකාරෙහි භවො නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි ජාතියා ආදීනවො හොති, කතිහාකාරෙහි ජාති නිරුජ්ඣති -පෙ- කතිහාකාරෙහි ජරාමරණෙ ආදීනවො හොති, කතිහාකාරෙහි ජරාමරණං නිරුජ්ඣති: පඤ්චහාකාරෙහි ජරාමරණෙ ආදීනවො හොති, අට්ඨහාකාරෙහි ජරාමරණං නිරුජ්ඣති.
Sinhala BJTකිහි අයුරෙකින් ‘සංස්කාරයන්හි ආදීනව වේ ද, කිහි අයුරෙකින් සංස්කාරයෝ නිරුද්ධ වෙත් ද, ... කිහි අයුරෙකින් විඥානයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් විඥානය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් නාමරූපයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් නාමරූපය නිරුද්ධ වේ ද? කිහි අයුරෙකින් සළායතනයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් සළායතනය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් ස්පර්‍ශයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් ස්පර්‍ශය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් වේදනායෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් වේදනාව නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් තෘෂ්ණාවගේ ආදීනව වේ ද, කිහි අයුරෙකින් තෘෂ්ණාව නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් උපාදානයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් උපාදානය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් භවයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් භවය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් ජාතියෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් ජාතිය නිරුද්ධ වේ ද, කිහි අයුරෙකින් ජරාමරණයෙහි ආදීනව වේ ද, කිහි අයුරෙකින් ජරාමරණය නිරුද්ධ වේ ද යත්: පස් අයුරෙකින් ජරාමරණයෙහි ආදීනව වෙයි. අට අයුරෙකින් ජරාමරණය නිරුද්ධ වේ.
Pali BJTකතමෙහි පඤ්චහාකාරෙහි ජරාමරණෙ ආදීනවො හොති: අනිච්චට්ඨෙන ජරාමරණෙ ආදීනවො හොති, දුක්ඛට්ඨෙන -පෙ- අනත්තට්ඨෙන -පෙ- සන්තාපට්ඨෙන -පෙ- විපරිනාමට්ඨෙන ජරාමරණෙ ආදීනවො හොති, ඉමෙහි පඤ්චහාකාරෙහි ජරාමරණෙ ආදීනවො හොති.
Sinhala BJTකවර පස් අයුරින් ජරාමරණයෙහි ආදීනව වේ ද යත්: අනිත්‍යය ස්වභාවයෙන් ජරාමරණයෙහි ආදීනව වෙයි. දුඃඛස්වභාවයෙන් ... අනාත්ම ස්වභාවයෙන් ... සන්තාපස්වභාවයෙන් ... විපරිණාමස්වභාවයෙන් ජරාමරණයෙහි ආදීනව වෙයි. මේ පස් අයුරින් ජරාමරණයෙහි ආදීනව වේ.
Pali BJTකතමෙහි අට්ඨහාකාරෙහි ජරාමරණං නිරුජ්ඣති: නිදානනිරොධෙන ජරාමරණං නිරුජ්ඣති, සමුදයනිරොධෙන -පෙ- ජාතිනිරොධෙන -පෙ- පහවනිරොධෙන{1} -පෙ- හෙතුනිරොධෙන -පෙ- පච්චය නිරොධෙන -පෙ- ඤාණුප්පාදෙන -පෙ- නිරොධුපට්ඨානෙන ජරාමරණං නිරුජ්ඣති. ඉමෙහි අට්ඨහාකාරෙහි ජරාමරණං නිරුජ්ඣති.
Sinhala BJTකවර අට අයුරින් ජරාමරණය නිරුද්ධ වේ ද යත්: නිදානනිරෝධයෙන් ජරාමරණය නිරුද්ධ වෙයි. සමුදයනිරොධයෙන් ... ජාතිනිරෝධයෙන් ... පභවනිරෝධයෙන් ... හෙතුනිරොධයෙන් ... ප්‍රත්‍යයනිරෝධයෙන් ... ඥානෝත්පාදයෙන් ... නිරෝධය එළඹසිටීමෙන් ජරාමරණය නිරුද්ධ වෙයි. මේ අට අයුරින් ජරාමරණය නිරුද්ධ වේ.
Pali BJTඉමෙහි පඤ්චහාකාරෙහි ජරාමරණෙ ආදීනවං දිස්වා ඉමෙහි අට්ඨහාකාරෙහි ජරාමරණනිරොධෙ ඡන්දජාතො හොති සද්ධාධිමුත්තො,{2} චිත්තඤ්චස්ස ස්වාධිට්ඨිතං ජරාමරණෙ ‘නිරොධානුස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ජරාමරණෙ නිරොධානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJTමේ පස් අයුරින් ජරාමරණයෙහි ආදීනව දැක මේ අට අයුරින් ජරාමරණනිරෝධයෙහි හටගත් ඡන්‍ද ඇත්තේ ශ්‍රද්ධායෙහි අධිමුක්ත වෙයි. ඔහුගේ සිත ද මොනොවට පිහිටියේ වෙයි. ‘ජරාමරණයෙහි නිරෝධය අනුවැ බලමින් ආශ්වාස කරන්නෙමී’ හික්මෙයි. ජරාමරණයෙහි නිරෝධය අනුවැ බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි.
Pali BJTනිරොධානුපස්සී අස්සාසපස්සාසවසෙන ධම්මා, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, ධම්මා උපට්ඨානං නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තෙ ධම්මෙ අනුපස්සති. තෙන වුච්චති: ‘ධම්මෙසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJT‘නිරෝධානුපස්සී’ යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් ධර්‍මයෝ වෙති. උපස්ථානය ස්මෘති යැ අනුපස්සනාව ඥාන යැ ධර්‍ම උපස්ථාන වෙයි . ස්මෘති නො වෙයි. ස්මෘතිය උපස්ථාන ද ස්මෘති ද වෙයි. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. එයින් කියනු ලැබෙයි. “ධම්මේසු ධම්මානුපස්සනාසතිපට්ඨානභාවනා’යි.
Pali BJTඅනුපස්සතීති කථං තෙ ධම්මෙ අනුපස්සති -පෙ- එවං තං ධම්මං අනුපස්සති. භාවනාති චතස්සො භාවනා -පෙ- ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරේ ද යත්: ... මෙසෙයින් ඒ ධර්‍මයන් අනුපස්සනා කෙරෙයි. භාවනා යනු: භාවනා සතරෙකි ... ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTනිරොධානුපස්සී අස්සාසපස්සාසානං සංවරට්ඨෙන සීලවිසුද්ධි -පෙ- නිරොධානුපස්සී අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො -පෙ- පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති. (3)
Sinhala BJT‘නිරෝධානුපස්සී’යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් සංවර ස්වභාවයෙන් ශීලවිශුද්ධි යැ ... ‘නිරෝධානුපස්සී’ යි කියනලද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්‍රතා සඞ්ඛ්‍යාත අවික්‍ෂේපය ප්‍රකට කොට දන්නාහට ... ප්‍රකට කොට දන්නේ ඉන්‍ද්‍රියයන් සමවධාන කෙරෙයි. එයින් කියනු ලැබෙයි. සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’යි.
Pali BJTකථං ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති:
Sinhala BJTකිසෙයින් ‘පටිනිස්සග්ගානුපස්සී වැ ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘පටිනිස්සග්ගානුපස්සී වැ ප්‍රශ්වාස කරන්නෙමී’ හික්මේ ද යත්: