Pali BJT“අනුගච්ඡනා ච අස්සාසං පස්සාසං අනුගච්ඡනා, සති අජ්ඣත්තවික්ඛෙපා කඞ්ඛනා බහිද්ධා වික්ඛෙපපත්ථනා{1} (1)
Sinhala BJTආශ්වාසය අනුව යන්නා වූ අධ්‍යාත්මවික්‍ෂේපයට හේතු වූ ස්මෘතිය ද, ප්‍රශ්වාසය අනුව යන්නා වූ බාහ්‍යවික්‍ෂෙපයට හේතු වූ ස්මෘතිය ද, අධ්‍යාත්මවික්‍ෂේපය (ආශ්වාසය) පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනාව ද, බාහ්‍යවික්‍ෂෙපය (ප්‍රශ්වාසය) පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනාව ද (1)
Pali BJTඅස්සාසෙනාභිතුන්නස්ස පස්සාසපටිලාභෙ මුච්ඡනා, පස්සාසෙනාභිතුන්නස්ස අස්සාසපටිලාභෙ මුච්ඡනා{2} (2)
Sinhala BJTආශ්වාසයෙන් මඩනාලද්දහුගේ ප්‍රාශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම ද, ප්‍රශ්වාසයෙන් මඩනාලද්දහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම ද, යන (2)
Pali BJTඡ එතෙ උපක්කිලෙසා ආනාපානසති{3} සමාධිස්ස, යෙහි වික්ඛිප්පමානස්ස{4} නො ච{5} චිත්තං විමුච්චති විමොක්ඛං අප්පජානන්තා තෙ හොන්ති පරපත්තියා’ති. (3)
Sinhala BJTමොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්‍ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්‍රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ. විමෝක්‍ෂය නො දන්නා වූ ඔහු පරප්‍රත්‍යයට (මෙරමා හැදහීමට) සුදුසු වෙත්. (3)
Pali BJTපඨමං ඡක්කං.
Sinhala BJTප්‍රථම ෂට්කය යි.
Pali BJTනිමිත්තං ආවජ්ජතො අස්සාසෙ චිත්තං විකම්පති, සමාධිස්ස පරිපන්ථො: අස්සාසං ආවජ්ජතො නිමිත්තෙ චිත්තං විකම්පති, සමාධිස්ස පරිපන්ථො: නිමිත්තං ආවජ්ජතෙ පස්සාසෙ චිත්තං විකම්පති, සමාධිස්ස පරිපන්ථො: පස්සාසං ආවජ්ජතො නිමිත්තෙ චිත්තං විකම්පති, සමාධිස්ස පරිපන්ථො: අස්සාසං ආවජ්ජතො පස්සාසෙ චිත්තං විකම්පති, සමාධිස්ස පරිපන්ථො: පස්සාසං ආවජ්ජතො අස්සාසෙ චිත්තං විකම්පති, සමාධිස්ස පරිපන්ථො:
Sinhala BJT(ආශ්වාස) නිමිත්ත ආවර්‍ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. ආශ්වාසය ආවර්‍ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙක. (ප්‍රශ්වාස) නිමිත්ත ආවර්‍ජනා කරන්නාහට ප්‍රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නාහට නිමිත්තයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙකි. ආශ්වාසය ආවර්‍ජනා කරන්නාහට ප්‍රශ්වාසයෙහි සිත සැලෙයි, ඒ සමාධියට උවදුරෙක . ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නාහට ආශ්වාසයෙහි සිත සැලෙයි. ඒ සමාධියට උවදුරෙකි.
Pali BJT“නිමිත්තං ආවජ්ජමානස්ස අස්සාසෙ වික්ඛිප්පතෙ{6} මනො අස්සාසං ආවජ්ජමානස්ස නිමිත්තෙ චිත්තං විකම්පති (4)
Sinhala BJTනිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි විසිරෙයි. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (4)
Pali BJTනිමිත්තං ආවජ්ජමානස්ස පස්සාසෙ වික්ඛිප්පතෙ මනො, පස්සාසං ආවජ්ජමානස්ස නිමිත්තෙ චිත්තං විකම්පති, (5)
Sinhala BJTනිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි විසිරෙයි. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත නිමිත්තයෙහි සැලෙයි. (5)
Pali BJTඅස්සාසං ආවජ්ජමානස්ස පස්සාසෙ වික්ඛිප්පතෙ මනො, පස්සාසං ආවජ්ජමානස්ස අස්සාසෙ චිත්තං විකම්පති. (6)
Sinhala BJTආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත ප්‍රශ්වාසයෙහි විසිරෙයි. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ සිත ආශ්වාසයෙහි සැලෙයි. (6)
Pali BJTඡ එතෙ උපක්කිලෙසා ආනාපානසතිසමාධිස්ස, යෙහි වික්ඛිප්පමානස්ස නො ච චිත්තං විකම්පති, විමොක්ඛං අප්පජානන්තා තෙ හොන්ති පරපත්තියා”ති, (7)
Sinhala BJTමොහු සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශ වෙති. යම් උපක්ලේශ කෙනකුන් විසින් වික්‍ෂේපයට පමුණුවනුලබන්නහුගේ සිත (කෙලෙසුන් කෙරෙන්) නො මිදේ නම් (ආශ්වාසප්‍රශ්වාසාලම්බනයෙහි ද) නො බැඳේ නම් ඔහු යැ විමෝක්‍ෂය නො දන්නා වූ ඔහු පරප්‍රත්‍යයට සුදුසු වෙත්. (7)
Pali BJTදුතියං ඡක්කං.
Sinhala BJTද්විතීය ෂට්කය යි.
Pali BJTඅතීතානුධාවනං චිත්තං වික්ඛෙපානුපතිතං සමාධිස්ස පරිපන්ථො, අනාගතපටිකඞ්ඛනං චිත්තං විකම්පිතං{1} සමාධිස්ස පරිපන්ථො, ලීනං චිත්තං කොසජ්ජානුපතිතං සමාධිස්ස පරිපන්ථො, අතිපග්ගහිතං චිත්තං උද්ධච්චානුපතිතං සමාධිස්ස පරිපන්ථො, අභිනතං{2} චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්ථො, අපනතං{3} චිත්තං බ්යාපාදානුපතිතං සමාධිස්ස පරිපන්ථො.
Sinhala BJTඅතීත (ආශ්වාසප්‍රශ්වාස) ය ලුහුබඳනා සිත වික්‍ෂේපය අනුව ගියේ සමාධියට උවදුරෙක, අනාගත (ආශ්වාසප්‍රශ්වාස) ය ප්‍රාර්‍ත්‍ථනාකරනු ලබන සිත සැලුණේ සමාධියට උවදුරෙක, ලීන වූ සිත කෞසීද්‍යය අනුව ගියේ සමාධියට උවදුරෙක, ඉතා දැඩිව ගන්නා සිත ඖද්ධත්‍යය අනුව ගියේ සමාධියට උවදුරෙක, වෙසෙසින් නැමුණු සිත රාගය අනුව ගියේ සමාධියට උවදුරෙක, නතු නො වූ සිත ව්‍යාපාදය අනුව ගියේ සමාධියට උවදුරෙකි.
Pali BJT“අතීතානුධාවනං චිත්තං - අනාගතපටිකඞ්ඛනං ලීනං, අතිපග්ගහිතං අභිනතං{2} - අපනතං{3} චිත්තං න සමාධියති. (8)
Sinhala BJTඅතීතය ලුහුබඳනා සිත ද අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන සිත ද ලීන සිත ද ඉතා දැඩි වැ ගන්නා ලද සිත ද වෙසෙසින් නැමුණු සිත ද සමාහිත නො වෙත් (8)
Pali BJTඡ එතෙ උපක්කිලෙසා - ආනාපානසතිසමාධිස්ස, යෙහි උපක්කිලිට්ඨසඞ්කප්පො - අධිචිත්තං නප්පජානාති”ති. (9)
Sinhala BJTයම් උපක්ලේශ කෙනකුන් විසින් කෙලසනලද සංකල්ප ඇත්තේ අධිචිත්තය නො දනී නම් තෙල සදෙන ආනාපානස්මෘතිසමාධියට උපක්ලේශයෝ යි.(9)
Pali BJTතතියං ඡක්කං.
Sinhala BJTතෘතීය ෂට්කය යි.
Pali BJTඅස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, පස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධා වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච: අස්සාසපටිකඞ්ඛනාය නිකන්තියා තණ්හාචරියාය කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, පස්සාසපටිකඞ්ඛනාය නිකන්තියා තණ්හාචරියාය කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච: අස්සාසෙනාභිතුන්නස්ස පස්සාසපටිලාභෙ මුච්ඡිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, පස්සාසෙනාභිතුන්නස්ස අස්සාසපටිලාභෙ මුච්ඡිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච: නිමිත්තං ආවජ්ජතො අස්සාසෙ චිත්තං විකම්පිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිචා ච, අස්සාසං ආවජ්ජතො නිමිත්තෙ චිත්තං විකප්පිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච: නිමිත්තං ආවජ්ජතො පස්සාසෙ චිත්තං විකම්පිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, පස්සාසං ආවජ්ජතො නිමිත්තෙ චිත්තං විකම්පිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධාච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච: අස්සාසං ආවජ්ජතො පස්සාසෙ චිත්තං විකම්පිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, පස්සාසං ආවජ්ජතො අස්සාසෙ චිත්තං විකම්පිතත්තා කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච: ඵන්දිතා ච අතීතානුධාවනෙන චිත්තෙන වික්ඛෙපානුපතිතෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, අනාගතපටිකඞ්ඛනෙන චිත්තෙන විකම්පිතෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතාච ඵන්දිතා ච, ලීනෙන චිත්තෙන කොසජ්ජානුපතිතෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, අතිපග්ගහිතෙන චිත්තෙන උද්ධච්චානුපතිතෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච: අතිපග්ගහිතෙන චිත්තෙන උද්ධච්චානුපතිතෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච; අභිනතෙන චිත්තෙන රාගානුපතිතෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච, අපනතෙන චිත්තෙන බ්යාපාදානුපතිතෙන කායොපි චිත්තම්පි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච.
Sinhala BJTආශ්වාසයාගේ ආදිමධ්‍යපර්‍ය්‍යවසානය සිහියෙන් අනු වැ යන්නහුගේ අධ්‍යාත්මයෙහි වික්‍ෂේපයට ගිය සිතින් කය ත් සිත ත් (මහත් කැළඹීමෙන්) දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසයාගේ ආදිමධ්‍යපර්‍ය්‍යවසානය සිහියෙන් අනු වැ යන්නහුගේ බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂේපයට ගිය සිතින් කය ත් සිත ත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ නිකාන්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාචර්‍ය්‍යායෙන් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ නිකාන්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණාචර්‍ය්‍යායෙන් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසයෙන් පීඩිත වූවහුගේ ප්‍රශ්වාසප්‍රතිලාභයෙහි ඇලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසයෙන් පීඩිත වූවහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ ආශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ නිමිත්තෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නිමිත්ත ආවර්‍ජනා කරන්නහුගේ ප්‍රශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ නිමිත්තෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ආශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ ප්‍රශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ප්‍රශ්වාසය ආවර්‍ජනා කරන්නහුගේ ආශ්වාසයෙහි සිත වෙසෙසින් සැලුණු බැවින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. වික්‍ෂේපය අනු වැ ගිය අතීතය ලුහුබඳනා සිතින් කය ත් සිත ත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ විකම්පිත වු සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ලීන වූ කෞසීද්‍යය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. ඉතා දැඩි වැ ගන්නා ලද ඖද්ධත්‍යය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. වෙසෙසින් නැමුණ රාගය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙති. නතු වූ ව්‍යාපාදය අනු වැ ගිය සිතින් කයත් සිතත් දරථ සහිත වූවාහු ද කම්පිත වූවාහු ද සැලුණාහු ද වෙත්.
Pali BJT“ආනාපානසති යස්ස පරිපුණ්ණං{1} අභාවිතා කායොපි ඉඤ්ජිතො හොති චිත්තම්පි හොති ඉඤ්ජිතං කායොපි ඵන්දිතො හොති චිත්තම්පි හොති ඵන්දිතං (10)
Sinhala BJTයමක්හු විසින් ආනාපානස්මෘතිය පරිපූර්‍ණ කොට අභාවිත වූවා ද (ඔහුගේ) කයත් කම්පිත වූයේ වෙයි. සිතත් කම්පිත වූයේ වෙයි. කයත් සැලුණේ වෙයි. සිතත් සැලුණේ වේ. (10)
Pali BJTආනාපානසති යස්ස පරිපුණ්ණං සුභාවිතා කායොපි අනිඤ්ජිතො හොති චිත්තම්පි හොති අනිඤ්ජිතං කායොපි අඵන්දිතො හොති චිත්තම්පි හොති අඵන්දිත”න්ති, (11)
Sinhala BJTයමක්හු විසින් ආනාපානස්මෘතිය පරිපූර්‍ණ කොට මොනොවට වඩන ලද ද (ඔහුගේ) කයත් කම්පිත නො වූයේ වෙයි. සිතත් කම්පිත නො වූයේ වෙයි. කයත් නො සැලුණේ වෙයි. සිතත් නො සැලුණේ වේ. (11)
Pali BJTතෙහි ච පන නීවරණෙහි විසුද්ධචිත්තස්ස සොළසවත්ථුකං ආනාපානසතිසමාධිං භාවයතො ඛණිකසමොධානා ඉමෙ අට්ඨාරස උපක්කිලෙසා උප්පජ්ජන්ති.
Sinhala BJTතවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුකආනාපානස්මෘතිසමාධිය වඩන්නහුට ක්‍ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොට ගෙන මේ අටළොස් උපක්ලේශයෝ උපදිත්.
Pali BJTඋප්පක්කිලෙසඤාණ නිද්දෙසො.
Sinhala BJTඋපක්ලේශඥානනිර්දේශ යි.
Pali BJT3-4. වොදානඤාණානි
Sinhala BJT3-4. ව්‍යවදානඥාන
Pali BJTකතමානි තෙරස වොදානෙ ඤාණානි: අතීතානුධාවනං චිත්තං වික්ඛෙපානුපතිතං, තං විවජ්ජයිත්වා එකට්ඨානෙ සමාදහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, අනාගතපටිකඞ්ඛනං චිත්තං විකම්පිතං,{2} තං විවජ්ජයිත්වා තත්ථෙව අධිමොචෙති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, ලීනං චිත්තං කොසජ්ජානුපතිතං, තං පග්ගණහිත්වා කොසජ්ජං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති. අතිපග්ගහිතං චිත්තං උද්ධච්චානුපතිතං, තං නිග්ගණ්හිත්වා{3} උද්ධච්චං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, අභිනතං චිත්තං රාගානුපතිතං, තං සම්පජානො හුත්වා රාගං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති අපනතං චිත්තං බ්යාපාදානුපතිතං, තං සම්පජානො හුත්වා, බ්යාපාදං පජහති, එවම්පි චිත්තං න වික්ඛෙපං ගච්ඡති, ඉමෙහි ඡහි ඨානෙහි පරිසුද්ධං චිත්තං පරියොදාතං එකත්තගතං හොති.
Sinhala BJTතෙළෙස් ව්‍යවදානඥානයෝ කවරහ යත්: අතීතය ලුහුබඳනා වික්‍ෂේපය අනු වැ ගිය සිතෙක් වේ ද, එය හැරපියා (ආශ්වාසප්‍රශ්වාසයන් අතුරෙන්) එක්තැනෙක පිහිටුවයි. මෙසේත් සිත වික්‍ෂේපයට නො යෙයි. අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කරන වෙසෙසින් කම්පිත වූ සිතෙක් වේ ද, එය හැරපියා එහි මැ සනිටුහන් කෙරෙයි. මෙසේ ත් සිත වික්‍ෂේපයට නො යෙයි. ලීන වූ කෞසීද්‍යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය ප්‍රග්‍රහණය කොට කෞසීද්‍යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්‍ෂේපයට නො යෙයි. ඉතා දැඩි කොට ගන්නා ලද ඖද්ධත්‍යය අනු වැ ගිය සිතෙක් වේ ද, එය නිග්‍රහ කොට ඖද්ධත්‍යය දුරු කෙරෙයි, මෙසේ ත් සිත වික්‍ෂේපයට නො යෙයි. වෙසෙසින් නැමුණ රාගය අනු වැ ගිය සිතෙක් වේ ද, එය සම්‍යග්ඥාන ඇති වැ ඒ රාගය දුරු කෙරෙයි, මෙසේත් සිත වික්‍ෂේපයට නො යෙයි. නතු නො වූ ව්‍යාපාදයට අනු වැ ගිය සිතෙක් වේ ද, සම්‍යග්ඥාන ඇති වැ ඒ ව්‍යාපාදය දුරු කෙරෙයි. මෙසේත් සිත වික්‍ෂේපයට නො යෙයි. මේ සකරුණින් පිරිශුද්ධ වූ සිත ප්‍රභාස්වර වූයේ ඒකත්‍වයට ගියේ වේ.
Pali BJTකතමෙ තෙ එකත්තා: දාන වොස්සග්ගුපට්ඨානෙකත්තං,{4} සමථනිමිත්තු පට්ඨානෙකත්තං, වයලක්ඛණුපට්ඨානෙකත්තං, නිරොධුපට්ඨානෙකත්තං.
Sinhala BJTඒ ඒකත්‍වයෝ කවරහ යත්: දානවස්තුපරිත්‍යාගයාගේ එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යැ. ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යැ. භඞ්ගලක්‍ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යැ නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්‍ව යයි.
Pali BJTදානවොස්සග්ගුපට්ඨානෙකත්තං චාගාධිමුත්තානං, සමථනිමිත්තුපට්ඨානෙකත්තඤ්ච අධිචිත්තමනුයුත්තානං, වයලක්ඛණුපට්ඨානෙකත්තඤ්ච විපස්සකානං, නිරොධුපට්ඨානෙකත්තඤ්ච අරියපුග්ගලානං, ඉමෙහි චතූහි ඨානෙහි එකග්ගගතං චිත්තං පටිපදාවිසුද්ධිපක්ඛන්තඤ්චෙව{5} හොති, උපෙක්ඛානුබ්රූහිතඤ්ච ඤාණෙන ච සම්පහංසිතං.
Sinhala BJTදානවස්තුපරිත්‍යාගයාගේ එළඹසිටීමෙන් වු ඒකත්‍වය දානයෙහි අධිමුක්තයනට වෙයි. විදර්‍ශනාපාදකසමාධිය අනු වැ යෙදුණවුනට ශමථනිමිත්ත එළඹසිටීමෙන් වූ ඒකත්‍වය ද විදර්‍ශකයනට භඞ්ගලක්‍ෂණය එළඹසිටීමෙන් වූ ඒකත්‍වය ද ආර්‍ය්‍යපුද්ගලයනට නිරෝධය එළඹසිටීමෙන් වූ ඒකත්‍වය ද වෙයි. මේ සතර කරුණින් ඒකත්‍වයට ගිය සිත ප්‍රතිපද්විශුද්ධියට පිවිසියේ ද වෙයි. උපේක්‍ෂායෙන් වඩනලද්දේත් ඥානයෙන් විශෝධිත වූයේත් වේ.
Pali BJTපඨමස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං.
Sinhala BJTප්‍රථමධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යත්: ප්‍රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ උපේක්‍ෂානුබ්‍රෑහණය මධ්‍ය යැ සම්ප්‍රහර්‍ෂණය පර්‍ය්‍යවසාන යි.
Pali BJTපඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස කති ලක්ඛණානි: ආදිස්ස තීණි ලක්ඛණානි: යො තස්ස පරිපන්ථො තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති: යඤ්ච පරිපන්ථකො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති, පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං ආදිකල්යාණඤ්චෙව හොති ලක්ඛණසම්පන්නඤ්ච.
Sinhala BJTප්‍රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ. ආදිහුගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: ආදිහුගේ ලක්‍ෂණ තුනෙකි. යමෙක් ඒ ප්‍රථමධ්‍යානයට පරිපන්‍ථ වේ නම් එයින් සිත විශුද්ධ වෙයි. විශුද්ධ බැවින් සිත මධ්‍යමශමථනිමිත්තට (අර්‍පණාසමාධියට) පැමිණෙයි. පිළිපන් බැවින් එහි සිත පිවිසෙයි. පරිපන්‍ථයෙන් යම් චිත්තවිශුද්ධියකුත් වේ ද විශුද්ධ බැවින් චිත්තය මධ්‍යමශමථනිමිත්තට යම් බැසගැනීමකුත් වේ ද පිළිපන් බැවින් එහි යම් සිත පිවිසගැනීමකුත් වේ ද, ප්‍රතිපද්විශුද්ධිය ප්‍රථමධ්‍යානයාගේ ආදි යැ ආදිහුගේ මේ තුන් ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය ආදිකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ යයි.
Pali BJTපඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි. මජ්ඣස්ස තීණි ලක්ඛණානි: විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති: යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති, පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස ඉමානි තීණි ලක්ඛණානි, තෙන වුච්චති පඨමං ඣානං මජ්ඣෙකල්යාණඤ්චෙව හොති ලක්ඛණසම්පන්නඤ්ච.
Sinhala BJTඋපේක්‍ෂානුබ්‍රෑහණය ප්‍රථමධ්‍යානයාගේ මධ්‍යය වෙයි. මධ්‍යයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: මධ්‍යයාගේ ලක්‍ෂණ තුනෙකි. විශුද්ධ සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ශමථයට පිළිපන් සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ඒකත්‍වයෙන් එළඹසිටි සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. යම් විශුද්ධ සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ ද යම් ශමථයට පිළිපන් සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ ද, යම් ඒකත්‍වයෙන් එළඹ සිටි සිත අධ්‍යුපේක්‍ෂා කෙරේ ද. ඒ උපේක්‍ෂානුබ්‍රෑහණය ප්‍රථමධ්‍යානයාගේ මධ්‍යය වෙයි. මධ්‍යයාගේ මේ තුන් ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය මධ්‍යකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
Pali BJTපඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං පරියොසානස්ස කති ලක්ඛණානි: පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සම්පහංසනා, තදුපගවිරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා: පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං. පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛාණානි, තෙන වුච්චති පඨමං ඣානං පරියොසානකල්යාණඤ්චෙව හොති ලක්ඛණසම්පන්නඤ්ච.
Sinhala BJTසම්ප්‍රහර්‍ෂණය ප්‍රථමධ්‍යානයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ සතරෙකි. ඒ භාවනාවිශේෂයෙහි උපන් (සමාධිප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ තදනුච්ඡවිකවීර්‍ය්‍යධුර ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ ආසේවන ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යි සම්ප්‍රහර්‍ෂණය ප්‍රථමධ්‍යානයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ මේ සතර ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘ප්‍රථමධ්‍යානය පර්‍ය්‍යවසානකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
Pali BJTඑවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
Sinhala BJTමෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ විතර්‍කසම්පන්න ද විචාරසම්පන්න ද ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
Pali BJTදුතියස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: දුතියස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං. -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං පීතිසම්පන්නඤ්චෙව හොති සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
Sinhala BJTද්විතීයධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ප්‍රතිපද්විශුද්ධිය ද්විතීයධ්‍යානයාගේ ආදි යැ. උපේක්‍ෂානුබ්‍රෑහණය මධ්‍ය යැ සම්ප්‍රහර්‍ෂණය පය්‍යවසාන යි ... මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
Pali BJTතතියස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං සුඛසම්පන්නඤ්චෙව හොති චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
Sinhala BJTතෘතියධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: … මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
Pali BJTචතුත්ථස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං උපෙක්ඛාසම්පන්නඤ්චෙව හොති චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
Sinhala BJTචතුර්‍ත්‍ථධ්‍යානයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: … මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ උපේක්‍ෂාසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
Pali BJTආකාසානඤ්චායතනසමාපත්තියා -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං උපෙක්ඛාසම්පන්නඤ්චෙව හොති චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච -පෙ- පඤ්ඤාසම්පන්නඤ්ච.
Sinhala BJTආකාසානඤ්චායතනසමාපත්තිහුගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිහුගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිහුගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිහුගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ... මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ උපේක්‍ෂාසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ... ප්‍රඥාසම්පන්න ද වේ.
Pali BJTඅනිච්චානුපස්සනාය කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: -පෙ- එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
Sinhala BJTඅනිච්චානුපස්සනාවගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ... මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ විර්‍තකසම්පන්න ද විචාරසම්පන්න ද ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
Pali BJTදුක්ඛානුපස්සනාය -පෙ- අනත්තානුපස්සනාය -පෙ- නිබ්බිදානුපස්සනාය -පෙ- විරාගානුපස්සනාය -පෙ- නිරොධානුපස්සනාය -පෙ- පටිනිස්සග්ගානුපස්සනාය -පෙ- ඛයානුපස්සනාය -පෙ- වයානුපස්සනාය -පෙ- විපරිණාමානුපස්සනාය -පෙ- අනිමිත්තානුපස්සනාය -පෙ- අප්පණිහිතානුපස්සනාය -පෙ- සුඤ්ඤතානුපස්සනාය -පෙ- අධිපඤ්ඤාධම්මවිපස්සනාය -පෙ- යථාභූතඤාණදස්සනාය -පෙ- ආදීනවානුපස්සනාය -පෙ- පටිසඞ්ඛානුපස්සනාය -පෙ- විවට්ටනානුපස්සනාය -පෙ-
Sinhala BJTදුක්ඛානුපස්සනාවගේ ... අනත්තානුපස්සනාවගේ ... නිබ්බිදානුපස්සනාවගේ ... විරාගානුපස්සනාවගේ ... නිරෝධානුපස්සනාවගේ ... පටිනිස්සානුපස්සනාවගේ ... ඛයානුපස්සනාවගේ ... වයානුපස්සනාවගේ ... විපරිණාමානුපස්සනාවගේ ... අනිමිත්තානුපස්සනාවගේ ... අප්පණිහිතානුපස්සනාවගේ ... සුඤ්ඤතානුපස්සනාවගේ ... අධිපඤ්ඤාධම්මවිපස්සනාවගේ … යථාභූතඥාණදස්සනයාගේ … ආදීනවානුපස්සනාවගේ ... පටිසඞ්ඛානුපස්සනාවගේ ... විවට්ටානුපස්සනාවගේ ...
Pali BJTසොතාපත්තිමග්ගස්ස -පෙ- සකදාගාමිමග්ගස්ස -පෙ- අනාගාමිමග්ගස්ස -පෙ- අරහත්තමග්ගස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං: අරහත්තමග්ගස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං. අරහත්තමග්ගස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස කති ලක්ඛණානි: ආදිස්ස තීණි ලක්ඛණානි: යො තස්ස පරිපන්ථො තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති: යඤ්ච පරිපන්ථකො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති, අරහත්තමග්ගස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි, තෙන වුච්චති අරහත්තමග්ගො ආදිකල්යාණො චෙව හොති ලක්ඛණසම්පන්නො ච.
Sinhala BJTශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ... සකෘදාගාමීමාර්‍ගයාගේ ... අනාගාමීමාර්‍ගයාගේ ... අර්‍හන්මාර්‍ගයාගේ ආදිය කවරෙ යැ මධ්‍යය කවරෙ යැ පර්‍ය්‍යවසානය කවරෙ යැ යත්: ප්‍රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදි යැ උපේක්‍ෂානුබ්‍රෑහණය මධ්‍යය යැ සම්ප්‍රහර්‍ෂණය පර්‍ය්‍යාවසාන යි. ප්‍රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදිය වෙයි. ආදිහුගේ ලක්‍ෂණ කෙතෙක් ද ආදිහුගේ ලක්‍ෂණ තුනෙකි. යම් ධර්‍මයෙක් ඒ ප්‍රතිපද්විශුද්ධියට පරිපන්‍ථ වේ ද එයින් සිත විශුද්ධ වෙයි. විශුද්ධ බැවින් සිත මධ්‍යමශමථනිමිත්තට පැමිණෙයි. පිළිපන් බැවින් එහි සිත පිවිසගනී. පරිපන්‍ථයෙන් යම් චිත්තවිශුද්ධියෙකුත් වේ ද විශුද්ධ බැවින් සිත මධ්‍යමශමථනිමිත්තට යම් පැමිණීමෙකුත් වේ ද පිළිපන් බැවින් එහි යම් සිත පිවිසගැනීමෙකුත් වේ ද ඒ ප්‍රතිපද්විශුද්ධිය අර්‍හන්මාර්‍ගයාගේ ආදිය වෙයි. ආදිහුගේ මේ තුන් ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘අර්‍හන්මාර්‍ගය ආදිකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
Pali BJTඅරහත්තමග්ගස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි. මජ්ඣස්ස තීණි ලක්ඛණානි: විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති: යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති තෙන වුච්චති අරහත්තමග්ගො මජ්ඣෙකල්යාණො චෙව හොති ලක්ඛණසම්පන්නො ච.
Sinhala BJTඋපේක්‍ෂානුබ්‍රෑහණය අර්‍හන්මාර්‍ගයාගේ මධ්‍යය වෙයි, මධ්‍යයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: මධ්‍යයාගේ ලක්‍ෂණ තුනෙකි: විශුද්ධ සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ශමථයට පිළිපන් සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. ඒකත්‍වයෙන් එළඹ සිටී සිත අධ්‍යුපේක්‍ෂා කෙරෙයි. යම් විශුද්ධ සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් යම් ශමථයට පිළිපන් සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් යම් ඒකත්‍වයෙන් එළඹසිටි සිතක් අධ්‍යුපේක්‍ෂා කෙරේ නම් එයින් කියනු ලැබෙයි: ‘අර්‍හන්මාර්‍ගය මධ්‍යකල්‍යාණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’ යයි.
Pali BJTඅරහත්තමග්ගස්ස සම්පහංසනා පරියොසානං පරියොසානස්ස කති ලක්ඛණානි: පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සම්පහංසනා, තදුපගවිරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා: අරහත්තමග්ගස්ස සම්පහංසනා පරියොසානං. පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි, තෙන වුච්චති අරහත්තමග්ගො පරියොසානකල්යාණො චෙව හොති ලක්ඛණසම්පන්නො ච. එවං තිවත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච විරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්ච.
Sinhala BJTසම්ප්‍රහර්‍ෂණය අර්‍හන්මාර්‍ගයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ කෙතෙක් ද යත්: පර්‍ය්‍යවසානයාගේ ලක්‍ෂණ සතරෙකි. ඒ භාවනා විශෙෂයෙහි උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ ඉන්‍ද්‍රියයන් ගේ එකකෘත්‍යස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරවස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යැ, ආසේවනස්වභාවයෙන් සම්ප්‍රහර්‍ෂණ යි. සම්ප්‍රහර්‍ෂණය අර්‍හන්මාර්‍ගයාගේ පර්‍ය්‍යවසානය වෙයි. පර්‍ය්‍යවසානයාගේ මේ සතර ලක්‍ෂණයෝ වෙති. එයින් කියනු ලැබෙයි. ‘අර්‍හන්මාර්‍ගය පර්‍ය්‍යවසානලක්‍ෂණ ද ලක්‍ෂණසම්පන්න ද වේ’යයි. මෙසෙයින් ත්‍රිවිධභාවයට ගිය සිත ත්‍රිවිධකල්‍යාණ ඇත්තේ දශලක්‍ෂණසම්පන්න වූයේ විතර්‍කසම්පන්න ද විචාර සම්පන්න ද ප්‍රීතිසම්පන්න ද සුඛසම්පන්න ද චිත්තයාගේ අධිෂ්ඨානසම්පන්න ද ශ්‍රද්ධාසම්පන්න ද වීර්‍ය්‍යසම්පන්න ද ස්මෘතිසම්පන්න ද සමාධිසම්පන්න ද ප්‍රඥාසම්පන්න ද වේ.
Pali BJTනිමිත්තං අස්සාසපස්සාසා අනාරම්මණාමෙකචිත්තස්ස,{1} අජානතො ච තයො ධම්මෙ භාවනා නූපලබ්භති. (1)
Sinhala BJTනිමිත්ත යැ ආශ්වාසප්‍රශ්වාසයෝ යැ යන මොහු එක් සිතට අරමුණු නො වන්නාහු වෙති. (නිමිත්තාදි) තුන් ධර්‍මයන් නො දන්නාහට (ආනාපානසතිසමාධි) භාවනාව නො ලැබෙයි (1)
Pali BJTනිමිත්තං අස්සාසපස්සාසා අනාරම්මණාමෙකචිත්තස්ස, ජානතො ච තයො ධම්මෙ භාවනා උපලබ්භතී’ති. (2)
Sinhala BJTනිමිත්ත යැ ආශ්වාසප්‍රශ්වාසයෝ යැ යන මොහු එක් සිතට අරමුණු නො වන්නාහු වෙති. (නිමිත්තාදි) තුන් ධර්‍මයන් දන්නාහට වැළිත් (ආනාපානසතිසමාධි) භාවනාව ලැබේ යයි. (2)
Pali BJTකථං ඉමෙ තයො ධම්මා එකචිත්තස්ස ආරම්මණා න හොන්ති, න චිමෙ තයො ධම්මා අවිදිතා හොන්ති, න ච චිත්තං වික්ඛෙපං ගච්ඡති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති, විසෙසමධිගච්ඡති:
Sinhala BJTකිසෙයින් මේ තුන් ධර්‍මයෝ එක් සිතට අරමුණු නො වන්නාහු ද, මේ තුන් ධර්‍මයෝ නො ද අවිදිතයෝ වෙත් ද, සිත වික්‍ෂේපයට නො ද යෙයි. ප්‍රදහන ද පැනෙයි. ප්‍රයෝගය (නීවරණවිෂ්කම්භකධ්‍යානය) ද සාධයි. මාර්‍ගයට පැමිණෙයි යත්:
Pali BJTසෙය්යථාපි රුක්ඛො සමෙ භූමිභාගෙ නික්ඛිත්තො,{2} තමෙනං පුරිසො කකචෙන ඡින්දෙය්ය, රුක්ඛෙ ඵුට්ඨකකචදන්තානං වසෙන පුරිසස්ස සති උපට්ඨිතා හොති, න ආගතෙ වා ගතෙ වා කකචදන්තෙ මනසිකරොති, න ආගතා වා ගතා වා කකචදන්තා අවිදිතා හොන්ති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති. යථා රුක්ඛො සමෙ භූමිභාගෙ නික්ඛිත්තො, එවං උපනිබන්ධනානිමිත්තං. යථා කකචදන්තා, එවං අස්සාසපස්සාසා. යථා රුක්ඛෙ ඵුට්ඨකකවදන්තානං වසෙන පුරිසස්ස සති උපට්ඨිතා හොති න ආගතෙ වා ගතෙ වා කකචදන්තෙ මනසි කරොති, න ආගතා වා ගතා වා කකචදන්තා අවිදිතා හොන්ති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති. එවමෙව භික්ඛු නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා සතිං උපට්ඨපෙත්වා නිසින්නො හොති, න ආගතෙ වා ගතෙ වා අස්සාසපස්සාසෙ මනසි කරොති, න ආගතා වා ගතා වා අස්සාසපස්සාසා අවිදිතා හොන්ති, පධානඤ්ච පඤ්ඤායති. පයොගඤ්ච සාධෙති, විසෙසමධිගච්ඡති.
Sinhala BJTයම්සේ සම වූ භූමිභාගයෙහි රෝපණය කරන ලද වෘක්‍ෂයෙක් වේ ද, ඒ මේ වෘක්‍ෂය පුරුෂයෙක් තෙම කියතින් සිඳුනේ නම් වෘක්‍ෂයෙහි ස්පර්‍ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ සිහිය එළඹසිටියා වෙයි. (වෘක්‍ෂය ස්පර්‍ශ කොට තමා වෙතට) ආවා වූ හෝ (වෘක්‍ෂය ස්පර්‍ශ කොට පරභාගයට) ගියා වූ හෝ කියත්දත් නො මෙනෙහි කෙරෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ කියත්දත් නො දන්නා ලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝගය ද සාධයි. සම වූ භූමිභාගයෙහි රෝපණය කරනලද වෘක්‍ෂය යම්බඳු ද උපනිබන්‍ධනා (ස්මෘති) නිමිත්ත එබඳු යැ කියත් දත් යම් බඳු ද ආශ්වාසප්‍රශ්වාසයෝ එබඳු යැ. යම්සේ වෘක්‍ෂයෙහි ස්පර්‍ශ කරන ලද කියත්දත් වශයෙන් පුරුෂයාගේ ස්මෘතිය එළඹසිටියා වේ ද ආගිය කියත්දත් නො මෙනෙහි කෙරේ ද ආගිය කියත්දත් නොදන්නාලද්දාහු නො වෙත් ද ප්‍රදහනත් පැනේ ද ප්‍රයෝගයත් සාදා ද, එසෙයින් මැ මහණ තෙම නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ සිහි එළවා හුන්නේ වෙයි. ආවා වූ හෝ ගියා වූ හෝ ආශ්වාසප්‍රශ්වාසයන් නො දන්නාලද්දාහු නො වෙති, ප්‍රදහන ද පැනෙයි, ප්‍රයෝග ද සාධයි, විශේෂයට (මාර්‍ගයට) පැමිණේ.
Pali BJTපධානන්ති{1} කතමං පධානං: ආරද්ධවිරියස්ස කායොපි චිත්තම්පි කම්මනියං හොති, ඉදං පධානං. කතමො පයොගො: ආරද්ධවිරියස්ස උපක්කිලෙසා පහීයන්ති, විතක්කා වූපසමන්ති. අයං පයොගො. කතමො විසෙසො: ආරද්ධවිරියස්ස සඤ්ඤොජනා පහීයන්ති, අනුසයා බ්යන්තීහොන්ති{2} අයං විසෙසො.
Sinhala BJTපධානං යනු: ප්‍රදහන යනු කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍යය ඇත්තහුගේ කයත් සිතත් කර්‍මණ්‍ය වෙයි. මේ ප්‍රදහන වෙයි. ප්‍රයෝග කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ උපක්ලේශයෝ ප්‍රහීණ වෙති. විතර්‍කයෝ සන්හිඳෙත්. මේ ප්‍රයෝගය වෙයි. විශේෂ කවරෙ යත්: ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙති. අනුශයයෝ විගත වෙත්. මේ විශේෂය වෙයි.
Pali BJTඑවං ඉමෙ තයො ධම්මා එකචිත්තස්ස ආරම්මණා න හොන්ති, න චිමෙ{3} තයො ධම්මා අවිදිතා හොන්ති, න ච චිත්තං වික්ඛෙපං ගච්ඡති, පධානඤ්ච පඤ්ඤායති, පයොගඤ්ච සාධෙති, විසෙසමධිගච්ඡති.
Sinhala BJTමෙසෙයින් මේ තුන් ධර්‍මයෝ එක් සිතට අරමුණු නො වෙති. මේ තුන් ධර්‍මයෝ නො දන්නාලද්දාහු නො ද වෙති. සිත වික්‍ෂේපයට නො ද යෙයි. ප්‍රදහන ද පැනෙයි. ප්‍රයෝගය ද සාධයි. විශේෂයට පැමිණේ.
Pali BJTආනාපානසති යස්ස පරිපුණ්ණා සුභාවිතා, අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා”ති. (3),
Sinhala BJTයමක්හු විසින් ආනාපානස්මෘතිය බුදුන් වදාළ සෙයින් පරිපූර්‍ණ වූවා මොනොවට වඩනලද ද පිළිවෙළින් ප්‍රගුණ කරන ලද ද හෙතෙම වලායෙන් මිදුණු සඳ සෙයින් මෙලොව දීප්ත කෙරේ. (3)
Pali BJTආනන්ති අස්සාසො, නො පස්සාසො. අපානන්ති පස්සාසො, නො අස්සාසො. අස්සාසවසෙන උපට්ඨානං සති, පස්සාසවසෙන උපට්ඨානං සති. යො අස්සසති, තස්සුපට්ඨාති: යො පස්සසති, තස්සුපට්ඨාති.
Sinhala BJTආන යනු. ආශ්වාස යැ ප්‍රශ්වාසය නො වෙයි. අපාන යනු: ප්‍රශ්වාස යැ ආශ්වාසය නො වෙයි, ආශ්වාස වශයෙන් එළඹසිටීම ස්මෘති යැ, ප්‍රශ්වාස වශයෙන් එළඹ සිටීම ස්මෘති යි. යමෙක් ආශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ආශ්වාසයට එළඹසිටියි. යමෙක් ප්‍රශ්වාස කෙරේ ද ඔහුගේ සිහිය ප්‍රශ්වාසයට එළඹසිටී.
Pali BJTපරිපුණ්ණාති පරිග්ගහට්ඨෙන පරිපුණ්ණා, පරිවාරට්ඨෙන පරිපුණ්ණා, පරිපූරට්ඨෙන පරිපුණ්ණා.
Sinhala BJTපරිපුණ්ණා යනු: පරිග්‍රහස්වභාවයෙන් පරිපූර්‍ණ යැ පරිවාරස්වභාවයෙන් පරිපූර්‍ණ යැ (භාවනා) පරිපූර ස්වභාවයෙන් පරිපූර්‍ණ යි.
Pali BJTසුභාවිතාති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනට්ඨෙන භාවනා. තස්සිමෙ චත්තාරො භාවනට්ඨා යානීකතා{4} හොන්ති වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා.
Sinhala BJTසුභාවිතා යනු: භාවනා සතරෙකි: ඒ භවානා විශෙෂයෙහි උපන් (සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත යුගනද්ධ) ධර්‍මයන් (ඔවුනොවුන්) නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියයන්ගෙන් ඒකකෘත්‍යස්වභාවයෙන් භාවනා යැ තදනුච්ඡික වීර්‍ය්‍යධූර ස්වභාවයෙන් භාවනා යැ. ආසේවන ස්වභාවයෙන් භාවනා යි. ඔහු විසින් මේ සතර භාවනාර්‍ත්‍ථයෝ යුක්තයානයක් මෙන් කරනලද්දාහු (ප්‍රතිෂ්ඨාර්‍ත්‍ථයෙන්) වාස්තුවක් මෙන් කරනලද්දාහු එළඹසිටියාහු හාත්පසින් රැස්කරන ලද්දාහු මොනොවට කරන ලද්දාහු වෙත්.
Pali BJTයානීකතාති යත්ථ යත්ථ ආකඞ්ඛති, තත්ථ තත්ථ වසිප්පත්තො හොති බලප්පත්තො වෙසාරජ්ජප්පත්තො. තස්ස{5} තෙ ධම්මා ආවජ්ජනපටිබද්ධා{6} හොන්ති ආකඞ්ඛනපටිබද්ධා{7} මනසිකාරපටිපද්ධා චිත්තුප්පාදපටිබද්ධා. තෙන වුච්චති: ‘යානීකතා’ති.
Sinhala BJTයානීකතා යනු:යම් යම් ධ්‍යානවිදර්‍ශනායෙක් හි කැමැති වේ නම් ඒ ඒ ධ්‍යානවිදර්‍ශනායෙහි වශයට පැමිණියේ බලයට පැමිණියේ විශාරද බවටපැමිණියේ වෙයි. ඔහුගේ ඒ (ශමථවිදර්‍ශනා) ධර්‍මයෝ ආවර්‍ජනප්‍රතිබද්ධ වූවාහු ආකාඞ්ක්‍ෂාප්‍රතිබද්ධ වූවාහු මනසිකාරප්‍රතිබද්ධ වූවාහු චිත්තෝත්පාද ප්‍රතිබද්ධ වූවාහු වෙත්. එයින් කියනු ලැබෙයි: ‘යානීකතා’ යි.
Pali BJTවත්ථුකතාති යස්මිං යස්මිං වත්ථුස්මිං චිත්තං ස්වාධිට්ඨිතං හොති තස්මිං තස්මිං වත්ථුස්මිං සති සූපට්ඨිතා{8} හොති. යස්මිං යස්මිං වා පන වත්ථුස්මිං සති සූපට්ඨිතා හොති, තස්මිං තස්මිං වත්ථුස්මිං චිත්තං ස්වාධිට්ඨිතං හොති. තෙන වුච්චති: ‘වත්ථුකතා’ති.
Sinhala BJTවත්‍ථුකථා යනු: යම් යම් වස්තුයෙකැ සිත මොනොවට පිහිටියේ වේ ද ඒ ඒ වස්තුයෙහි සිහි එළඹසිටියා වෙයි. තවද යම් යම් වස්තුයෙකැ සිහි එළඹසිටියා වේ ද ඒ ඒ වස්තුයෙහි සිත මොනොවට පිහිටියේ වෙයි. එයින් කියනු ලැබෙයි. ‘වත්‍ථුකථා’ යි.
Pali BJTඅනුට්ඨිතාති{9} යෙන යෙන චිත්තං අභිනීහරති, තෙන තෙන සති අනුපරිවත්තති. නෙ යෙන වා පන සති අනුපරිවත්තති, තෙන තෙන චිත්තං අභිනීහරති. තෙන වුච්චති: ‘අනුට්ඨිතා’ති.
Sinhala BJTඅනුට්ඨිතා යනු: යම් යම් භාවනාවිශේෂයෙක්හි සිත එළවා ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිහිය අනුකූල වැ පවතී. තවද යම් යම් භාවනාවිශේෂයෙක්හි සිහිය අනුකූල වැ පෙරළේ ද ඒ ඒ භාවනාවිශේෂයෙහි සිත එළවයි. එයින් කියනු ලැබෙයි ‘අනුට්ඨිතා’ යි.
Pali BJTපරිචිතාති පරිග්ගහට්ඨෙන පරිචිතා, පරිවාරට්ඨෙන පරිචිතා පරිපූරට්ඨෙන පරිචිතා, සතියා පරිගණ්හන්තො ජානාති පාපකෙ අකුසලෙ ධම්මෙ. තෙන වුච්චති: ‘පරිචිතා’ති.{1}
Sinhala BJTපරිචිතා යනු: පරිග්‍රහස්වභාවයෙන් හාත්පසින් රැස්කරන ලද්දාහු යැ පරිවාරස්වභාවයෙන් හාත්පසින් රැස් කරන ලද්දාහු යැ පරිපූරස්වභාවයෙන් හාත්පසින් රැස්කරන ලද්දාහු යැ ස්මෘතියෙන් පරිග්‍රහ කරනුයේ ලාමක අකුශල ධර්‍මයන් දිනා නු යි පරිචිතයෝ යි.
Pali BJTසුසමාරද්ධාති චත්තාරො සුසමාරද්ධා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සුසමාරද්ධා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සුසමාරද්ධා, තදුපගවිරියවාහනට්ඨෙන සුසමාරද්ධා, තප්පච්චනීකානං කිලෙසානං සමුග්ඝාතත්තා{2} ‘සුසමාදරද්ධා’.
Sinhala BJTසුසමාරද්ධා යනු: සුසමාරබ්ධයෝ (මොනොවට කරනලද්දාහු) සතර දෙනෙකි: ඒ භාවනාවිශේෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් සුසමාරබ්ධ යැ, ඉන්‍ද්‍රියයන්ගේ ඒකකෘත්‍යස්වභාවයෙන් සුසරමාබද්ධ යැ. තදනුච්ඡවිකවීර්‍ය්‍යධූරස්වභාවයෙන් සුසමාරබ්ධ යැ, ඒ ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගයන්ට ප්‍රතිපක්‍ෂ වූ ක්ලේශයන් මොනොවට නැසූ බැවින් සුසමාරබ්ධ යි.
Pali BJTසුසමන්ති අත්ථි සමං, අත්ථි සුසමං. කතමං සමං: යෙ තත්ථ ජාතා අනවජ්ජා කුසලා බොධිපක්ඛියා,{3} ඉදං සමං. කතමං සුසමං: යං තෙසං තෙසං ධම්මානං ආරම්මණං නිරොධො නිබ්බානං, ඉදං සුසමං, ඉති ඉදඤ්ච සමං ඉදඤ්ච සුසමං ඤාතං හොති දිට්ඨං{4} විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, ආරද්ධං හොති විරියං අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා,{5} පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. තෙන වුච්චති: ‘සුසමාරද්ධා’ති.
Sinhala BJTසුසමං යනු: ශමයෙක් ඇති සුශමයෙක් ඇති. ‘ශම’ නම් කවරෙ යත්: ඒ භාවනාවිශේෂයෙහි උපන් යම් නිරවද්‍ය කුශල වූ බොධිපාක්‍ෂිකධර්‍ම කෙනෙක් වෙත් ද මේ ශම නම. ‘සුශම’ නම් කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ට අරමුණු වූ යම් නිරෝධ සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, මේ සුශම නමි. මෙසෙයින් මේ ශමයත් මේ සුශමයත් දන්නා ලද්දේ දක්නා ලද්දේ විදිත වූයේ ප්‍රඥායෙන් සාක්‍ෂාත් කරන ලද්දේ ස්පර්‍ශ කරන ලද්දේ වෙයි. නො හැකුළුණු වීර්‍ය්‍යය පටන්ගන්නාලද වෙයි, නො නට සිහි එළඹසිටියා වෙයි. දරථ රහිත කය නිවුණේ වෙයි. එකඟ වූ සිත (අරමුණෙහි) සම වැ තබනලද යැ. එයින් කියනු ලැබෙයි ‘සුසමාරද්ධා’යි.
Pali BJTඅනුපුබ්බං පරිචිතාති දීඝං අස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පචිඡිමා පච්ඡිමා අනුපරිචිතා, දීඝං පස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. රස්සං අස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. රස්සං පස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා, පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. පටිනිස්සග්ගානුපස්සී පස්සාසවසෙන පුරිමා පුරිමා පරිචිතා පච්ඡිමා පච්ඡිමා අනුපරිචිතා. සබ්බාපි සොළසවත්ථුකා ආනාපානසතියො අඤ්ඤමඤ්ඤං පරිචිතා චෙව හොන්ති අනුපරිචිතා ච. තෙන වුච්චති: ‘අනුපුබ්බං පරිචිතා’ති.
Sinhala BJTඅනුපුබ්බං පරිචිතා යනු: දීර්‍ඝ කොට ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුන පුනා ප්‍රගුණ කරන ලද යැ, දීර්‍ඝ කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, හ්‍රස්ව කොට ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ. පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ. පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, ... පටිනිස්සජනය අනු වැ බලමින් ආශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, පටිනිස්සජනය අනු වැ බලමින් ප්‍රශ්වාස කිරීම් වශයෙන් පළමු පළමු සතිය ප්‍රගුණ කරන ලද යැ පැසුළු පැසුළු සතිය පුනපුනා ප්‍රගුණ කරන ලද යැ, හැම ෂෝඩශවස්තුක ආනාපානස්මෘතීහු ඔවුනොවුන් ප්‍රගුණ කරන ලද්දාහු ද පුනපුනා ප්‍රගුණ කරන ලද්දාහු ද වෙත්, එයින් කියනු ලැබෙයි. අනුපුබ්බං පරිචිතා’යි.
Pali BJTයථාති දස යථත්ථා: අත්තදමථට්ඨො යථත්ථො, අත්තසමථට්ඨො යථත්ථො, අත්තපරිනිබ්බාපනට්ඨො යථත්ථො, අභිඤ්ඤට්ඨො{6} යථත්ථො, පරිඤ්ඤට්ඨො යථත්ථො, පහානට්ඨො යථත්ථො, භාවනට්ඨො යථත්ථො, සච්ඡිකිරියට්ඨො යථත්ථො සච්චාභිසමයට්ඨො යථත්ථො, නිරොධෙ පතිට්ඨාපකට්ඨො යථත්ථො.
Sinhala BJTයථා යනු: යථාස්වභාවයෝ දශ දෙනෙකි: ආත්මදමනස්වභාවය යථාස්වභාව යැ ආත්මශමනස්වභාවය යථාස්වභාව යැ ආත්මපරිනිර්‍වාපණස්වභාවය යථාස්වභාව යැ අභිඥාස්වභාවය යථාස්වභාව යැ පරිඥාස්වභාවය යථාස්වභාව යැ ප්‍රහාණස්වභාවය යථාස්වභාව යැ භාවනාස්වභාවය යථාස්වභාව යැ සාක්‍ෂාත්ක්‍රියාස්වභාවය යථාස්වභාව යැ සත්‍යප්‍රතිවේධස්වභාවය යථාස්වභාව යැ නිරෝධයෙහි පිහිටුවන ස්වභාවය යථාස්වභාව යි.
Pali BJTබුද්ධොති යො සො භගවා සයම්භු අනාචරියකො පුබ්බෙ{1} අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි,{2} තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං.
Sinhala BJTබුද්ධෝ යනු: යමෙක් භාග්‍යවත් වූයේ තෙමේ (සත්‍යයන්) අවබෝධ කෙළේ ආචාර්‍ය්‍යයන් නැත්තේ පෙර නො ඇසූවිරූ දහම්හි තෙමේ සත්‍යයන් අවබෝධ කෙළේ ඒ සත්‍යයන්හි දු සර්‍වඥත්‍වයට පැමිණියේ බලධර්‍මයන්හිදු වශීභාවයට පැමිණියේ වේ ද හේ යැ.
Pali BJTබුද්ධොති කෙනට්ඨෙන බුද්ධො: ‘බුජ්ඣිතා සච්චානී’ති බුද්ධො, ‘බොධෙතා{3} පජායා’ති බුද්ධො, සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො අනඤ්ඤනෙය්යාතාය බුද්ධො, විසවිතාය{4} බුද්ධො, ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධො, නිරුපලෙපසඞ්ඛාතෙන{5} බුද්ධො, ‘එකන්තවීතරාගො’ති බුද්ධො, ‘එකන්තවීතදොසො’ති බුද්ධො, ‘එකන්තවීතමොහො’ති බුද්ධො, ‘එකන්තනික්කිලෙසො’ති බුද්ධො, ‘එකායනමග්ගංගතො’ති බුද්ධො, ‘එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති බුද්ධො, අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභා බුද්ධො. ‘බුද්ධො’ති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති, යදිදං ‘බුද්ධො’ති.
Sinhala BJTබුද්ධෝ යනු: කවර අර්‍ත්‍ථයෙන් බුද්ධ වෙයි යත්: සත්‍යයන් අවබෝධ කෙළේ නු යි බුද්ධ යැ ප්‍රජාවට අවබෝධ කරවා නු යි බුද්ධ යැ, සර්‍වඥ බැවින් බුද්ධ යැ, සියල්ල දක්නාසුලු බැවින් බුද්ධ යැ, අනුන් විසින් අවබෝධ නො කැරැවිය යුතු බැවින් බුද්ධ යැ, (නානාගුණ) විස්වනය කරන හෙයින් බුද්ධ යැ, ක්‍ෂීණාස්‍රව සඞ්ඛ්‍යායෙන් බුද්ධ යැ, තෘෂ්ණාලේප රහිත සඞ්ඛ්‍යායෙන් බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතරාග නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතදෝස නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නු යි බුද්ධ යැ, ඒකාන්තයෙන් නික්ලේශ නු යි බුද්ධ යැ, එකාන්තමාර්‍ගයට ගියේ නු යි බුද්ධ යැ, එකලා වැ අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බෝධ කෙළේ නු යි බුද්ධ යැ, අබුද්ධිය නැසූ බැවින් බුද්ධිප්‍රතිලාභ හෙයින් බුද්ධ යැ, බුද්ධ යන තෙල නාමය මව විසින් නො කරනලද යැ පියා විසින් නො කරනලද යැ බෑයා විසින් නො කරන ලද යැ බූන විසින් නො කරනලද යැ සගයහළුවන් විසින් නො කරන ලද යැ නෑ සහලේනෑයන් විසින් නො කරනලද යැ මහණබමුණන් විසින් නො කරනලද යැ දෙවියන් විසින් නො කරනලද යැ. යම් බුද්ධ යන නමෙක් වී ද තෙල බුද්ධ නාමය භාග්‍යවත් බුදුවරයනට විමෝක්‍ෂාන්තයෙහි බෝමුල සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය හා සමග අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන ප්‍රඥප්තියකි.
Pali BJTදෙසිතාති අත්තදමථට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො, අත්තසමථට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො, අත්තපරිනිබ්බාපනට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො -පෙ- නිරොධෙ පතිට්ඨාපකට්ඨො යථත්ථො යථා බුද්ධෙන දෙසිතො,
Sinhala BJTදේසිතා යනු: ආත්ම දමනස්වභාවය වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද, ආත්මශමනස්වභාවය වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද, ආත්මපරිනිර්‍වාපණස්වභාව වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද ... නිරෝධයෙහි පිහිටුවන ස්වභාව වූ යථාස්වභාවය යම් ප්‍රකාරයෙකින් බුදුන් විසින් දේශනා කරනලද ද,
Pali BJTසො ති{6} ගහට්ඨො වා හොති පබ්බජිතො වා.
Sinhala BJTසො යනු: ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වෙයි.
Pali BJTලොකොති ඛන්ධලොකො ධාතුලොකො ආයතනලොකො විපත්තිභවලොකො විපත්තිසම්භවලොකො සම්පත්තිභවලොකො සම්පත්තිසම්භවලොකො එකො ලොකො: සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා -පෙ- අට්ඨාරස ලොකා: අට්ඨාරස ධාතුයො.
Sinhala BJTලෝකෝ යනු: ස්කන්‍ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ විපත්තිභව (අපාය) ලෝක යැ විපත්තිසම්භව (අපායූපගකර්‍ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භවලෝක යැ එක් ලොවෙක: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ; ... අටළොස් ලොවෙක. අටළොස් ධාතූහු යැ.
Pali BJT‘පභාසෙති’ති අත්තදමථට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, අත්තසමථට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, අත්තපරිනිබ්බානට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, අභිඤ්ඤනට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, පරිඤ්ඤට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, පහානට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, භාවනට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, සච්ඡිකිරියට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති, සච්චාභිසමයට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති නිරොධෙ පතිට්ඨාපකට්ඨං යථත්ථං අභිසම්බුද්ධත්තා සො ඉමං ලොකං ඔභාසෙති භාසෙති පභාසෙති,
Sinhala BJTපභාසෙති යනු: ආත්මදමනස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මේ ලෝකය අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරෙයි. ආත්මශමන ස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරෙයි. ආත්මපරිනිර්‍වාණස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරෙයි ... නිරෝධයෙහි පිහිටුවන ස්වභාව වූ යථාස්වභාවය ප්‍රතිවේධ කළ බැවින් හෙතෙම මෙ ලොව අවභාසනය කෙරෙයි, භාසනය කෙරෙයි, ප්‍රභාසනය කෙරේ.
Pali BJTඅබ්භාමුත්තොව චන්දිමාති යථා අබ්භා එවං කිලෙසා, යථා චන්දො එවං අරියඤාණං, යථා චන්දිමො දෙවපුත්තො එවං භික්ඛු, යථා චන්දො අබ්භා මුත්තො මහිකා මුත්තො{1} ධූමරජා මුත්තො{2} රාහුගහණා{3} විප්පමුත්තො භාසතෙ{4} ච තපතෙ{5} ච විරොචතෙ{6} ච, එවමෙව භික්ඛු සබ්බකිලෙසෙහි විප්පමුත්තො භාසතෙ ච තපතෙ ච විරොචතෙ ච. තෙන වුච්චති: ‘අබ්භා මුත්තොව චන්දිමා’ති. ඉමානි තෙරස වොදානෙ ඤාණානි.
Sinhala BJTඅබ්භාමුත්තොව චන්‍දිමා යනු: වලාවෝ යම් බඳු ද කෙලෙස් එබඳු යැ චන්‍ද්‍රයා යම් බඳු ද ආර්‍ය්‍යඥානය එබඳු යැ චන්‍දිම දිව්‍යපුත්‍ර යම් බඳු ද මහණ එබඳු යැ යම්සේ චන්‍ද්‍ර තෙම වලායෙන් මිදුණේ මිහිදුමින් මිදුණේ දුම්රජසින් මිදුණේ රාහුග්‍රහණයෙන් මිදුණේ බැබැළේ ද තැවේ ද දිලේ ද එසෙයින් මැ මහණ තෙම හැම කෙලෙසුන් කෙරෙන් වෙසෙසින් මිදුණේ බැබැලෙන්නේ ද තැවෙන්නේ ද දිලෙන්නේ ද වෙයි. එයින් කියනු ලැබෙයි: ‘අබ්භා මුත්තොව චන්‍දිමා’යි. මොහු තෙළෙස් ව්‍යවදානඥානයෝ යි.
Pali BJTවොදානඤාණනිද්දෙසො.
Sinhala BJTව්‍යවදානඥානනිර්දේශ යි.
Pali BJT3-5. සතොකාරිඤාණානි
Sinhala BJT3-5. සතෝකාරිඥානනිර්දේශය
Pali BJTකතමානි බත්තිංස සතොකාරිස්ස{7} ඤාණානි:
Sinhala BJTසතොකාරිහු (සිහි ඇති වැ කරන්නාහු) ගේ දෙතිස් ඥානයෝ කවරහ යත්:
Pali BJTඉධ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සතොව අස්සසති, සතො පස්සසතිං, දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති, ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති, ‘පීතිපටිසංවෙදී අස්සසිස්සාමී’ති -පෙ- ‘සුඛපටිසංවෙදී -පෙ- චිත්තසඞ්ඛාරපටිසංවෙදී -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං -පෙ- චිත්තපටිසංවෙදී -පෙ- අභිප්පමොදයං චිත්තං -පෙ- සමාදහං චිත්තං -පෙ- විමොචයං චිත්තං -පෙ- අනිච්චානුපස්සී -පෙ- විරාගානුපස්සී -පෙ- නිරොධානුපස්සී -පෙ- පටිනිස්සාග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති. ‘පටිනිස්සාග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති,
Sinhala BJTමෙසස්නෙහි මහණ තෙම අරනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශූන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ (උඩු) කය ඍජු කොට තබා කමටහනට අභිමුඛ වැ සිහි එළවාතබා හිඳියි. හෙතෙම සිහි ඇති වැ මැ ආශ්වාස කෙරෙයි. සිහි ඇති වැ මැ ප්‍රශ්වාස කෙරෙයි. දික් කොට හෝ ආශ්වාස කරන්නේ දික් කොට ආශ්වාස කෙරෙමී දනියි. දික් කොට හෝ ප්‍රශ්වාස කරන්නේ දික් කොට ප්‍රශ්වාස කෙරෙමී දනියි. ලුහුඬු කොට හෝ ආශ්වාස කරන්නේ ලුහුඬු කොට ආශ්වාස කෙරෙමී දනියි. ලුහුඬු කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමී දනියි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. සියලු ආශ්වාසප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මෙයි. (ඖදාරික ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත) කායසංස්කාරය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි. කායසංස්කාරය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ... සුඛය ප්‍රකට කෙරෙමින් ... චිත්තසංස්කාරය (වේදනාසංඥාස්කන්‍ධ) ප්‍රකට කෙරෙමින් ... චිත්තසංස්කාරය සන්හිඳුවමින් ... චිත්තය ප්‍රකට කෙරෙමින් ... සිත සතුටු කෙරෙමින් ... සිත (අරමුණෙහි) සම වැ තබමින් ... සිත (නීවරණයෙන්) මුදමින් ... අනිත්‍යය අනු වැ බලමින් ... විරාගය අනු වැ බලමින් ... නිරෝධය අනු වැ බලමින් ... පටිනිස්සජනය අනු වැ බලමින් ආශ්වාස කරන්නෙමී හික්මෙයි, පටිනිස්සජනය අනු වැ බලමින් ප්‍රශ්වාස කරන්නෙමී හික්මේ.
Pali BJTඉධාති ඉමිස්සා දිට්ඨියා, ඉමිස්සා ඛන්තියා, ඉමිස්සා රුචියා, ඉමස්මිං ආදායෙ, ඉමස්මිං ධම්මෙ, ඉමස්මිං විනයෙ, ඉමස්මිං ධම්මවිනයෙ, ඉමස්මිං පාවචනෙ, ඉමස්මිං බ්රහ්මචරියෙ, ඉමස්මිං සත්ථුසාසනෙ. තෙන වුච්චති: ‘ඉධා’ති.
Sinhala BJTඉධ යනු: (බුදුන්ගේ) මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශානයෙහි යි. එයින් කියනු ලැබෙයි: ‘ඉධ’ යි.
Pali BJTභික්ඛූති පුථුජ්ජනකල්යාණකො වා හොති භික්ඛු සෙක්ඛො වා අරහා වා අකුප්පධම්මො.
Sinhala BJTභික්ඛු යනු: පෘථග්ජනකල්‍යාණක මහණ හෝ වෙයි. ශෛක්‍ෂ මහණ හෝ වෙයි. අකෝප්‍ය (අර්‍හත්ඵල) ධර්‍ම ඇති රහතුන් වහන්සේ හෝ වෙත්.
Pali BJTඅරඤ්ඤන්ති නික්ඛමිත්වා බභි ඉන්දඛීලා, සබ්බමෙතං අරඤ්ඤං.
Sinhala BJTඅරඤ්ඤං යනු: ඉන්‍ද්‍රකීලයෙන් නික්ම පිටත්හි තෙල සියල්ල අරණ්‍ය වේ.
Pali BJTරුක්ඛමූලන්ති යත්ථ භික්ඛුනො ආසනං පඤ්ඤත්තං හොති, මඤ්චො වා පීඨං වා භිසි වා තට්ටිකා වා චම්මඛණ්ඩො{1} වා තිණසන්ථාරො{2} වා පණ්ණසන්ථාරො{2} වා පලාලසන්ථාරො{3} වා තත්ථ භික්ඛු චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති.
Sinhala BJTරුක්ඛමූලං යනු: යම් රුක්මුලෙකැ මහණහට මැස්සෙක් වේවයි පුටුයෙක් වේවයි බිස්සෙක් වේවයි තට්ටිකායෙක් වේවයි සම්කඩෙක් වේවයි ඇතිරියෙක් වේවයි කොළඇතිරියෙක් වේවයි පිදුරුඇතිරියෙක් වේවයි අසුනෙක් පනවනලද වේ ද, එහි මහණ තෙම සක්මන් කෙරේ හෝ සිටුනේ හෝ හිඳිනේ හෝ ශයනය හෝ කෙරේ.
Pali BJTසුඤ්ඤන්ති කෙනචි අනාකිණ්ණං හොති ගහට්ඨෙහි වා පබ්බජිතෙහි වා.
Sinhala BJTසුඤ්ඤං යනු: ගිහීන් විසින් හෝ පැවිද්දන් විසින් හෝ කිසිවකු විසින් අනාකීර්‍ණ වූයේ වෙයි.
Pali BJTඅගාරන්ති{4} විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහා.
Sinhala BJTඅගාරං යනු: විහාර යැ ගරුඩාකාරසෙවෙනි ඇති ගේ යැ ප්‍රාසාද යැ සඳලු ඇති ගේ යැ ගුහා යි.
Pali BJTනිසීදති පල්ලඞ්කං ආභුජිත්වාති නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා.
Sinhala BJTනිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා යනු: පලක් බැඳ හිඳිනේ වෙයි.
Pali BJTඋජුං කායං පණිධායාති උජුකො හොති කායො ඨිතො{5} පණිහිතො.{6}
Sinhala BJTඋජුං කායං පනිධාය යනු: කය මොනොවට තබනලද්දේ ඍජු වැ සිටියේ වෙයි.
Pali BJTපරිමුඛං සතිං උපට්ඨපෙත්වාති: පරීති පරිග්ගහට්ඨො, මුඛන්ති නිය්යානට්ඨො, සතීති උපට්ඨානට්ඨො. තෙන වුච්චති: ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්වා’ති.
Sinhala BJTපරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා යනු: පරි යනු: පරිග්‍රාහාර්‍ත්‍ථ යැ, මුඛං යනු: නීර්‍ය්‍යණාර්‍ත්‍ථ යැ, සති යනු: උපස්ථානාර්‍ත්‍ථ යැ, එයින් කියනු ලැබෙයි: ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’යි.
Pali BJTසතොව අස්සසති සතො පස්සසතීති{7} බත්තිංසාය{8} ආකාරෙහි සතොකාරී හොති:{9} දීඝං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති{10} උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති, දීඝං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති, රස්සං අස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති, රස්සං පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සාසවසෙන -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො සති උපට්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති,
Sinhala BJTසතෝව අස්සසති සතෝ පස්සසති: යනු දෙතිස් අයුරින් සිහි ඇති වැ කරනසුලු වෙයි. දික් කොට ආශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. දික්කොට ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ලුහුඬු කොට ආශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ලුහුඬු කොට ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹ සිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වෙයි. ... පටිනිස්සජනය අනු වැ දක්නේ ආශ්වාස කිරීම් වසයෙන් ... පටිනිස්සජනය අනු වැ දක්නේ ප්‍රශ්වාස කිරීම් වසයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට සිහි එළඹසිටියා වෙයි. ඒ සිහියෙන් ඒ නුවණින් සිහි ඇති වැ කරනසුලු වේ.
Pali BJTකථං දීඝං අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති: දීඝං අස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසති, දීඝං පස්සාසං අද්ධානසඞ්ඛාතෙ පස්සසති, දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි: දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි ඡන්දො උප්පජ්ජති.
Sinhala BJTකිසෙයින් දික් කොට ආශ්වාස කරන්නේ දික් කොට ආශ්වාස කෙරෙමී දනී ද, දික් කොට ප්‍රශ්වාස කරන්නේ දික්කොට ප්‍රශ්වාස කෙරෙමී දනී ද යත්: දීර්‍ඝ වූ ආශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කෙරෙයි. දීර්‍ඝ වූ ප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. දීර්‍ඝ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස ද කෙරෙයි, ප්‍රශ්වාස ද කෙරෙයි. දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාස දීර්‍ඝකාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්‍රශ්වාස කරන්නාහට ද ඡන්‍දය උපදියි.
Pali BJTඡන්දවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසති, ඡන්දවසෙන තතො සුඛුමතරං දීඝං පස්සාසං අද්ධානසඞ්ඛාතෙ පස්සසති, ඡන්දවසෙන තතොසුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි. ඡන්දවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි පාමොජ්ජං උප්පජ්ජති.
Sinhala BJTඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස ද කෙරෙයි. ප්‍රශ්වාස ද කෙරෙයි. ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්‍රශ්වාස කරන්නාහට ද ප්‍රාමෝද්‍යය උපදියි.
Pali BJTපාමොජ්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසති, පාමොජ්ජවසෙන තතො සුඛුමතරං දීඝං පස්සාසං අද්ධානසඞ්ඛාතෙ පස්සසති, පාමොජ්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතිපි පස්සසතිපි, පාමොජ්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස්සාසපස්සාසං අද්ධානසඞ්ඛාතෙ අස්සසතොපි පස්සසතොපි දීඝං අස්සාසපස්සාසපි චිත්තං විවට්ටති{1} උපෙක්ඛො සණ්ඨාති.
Sinhala BJTප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ප්‍රශ්වාස කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස ද කෙරෙයි. ප්‍රශ්වාස ද කෙරෙයි. ප්‍රාමෝද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ වූ ආශ්වාසප්‍රශ්වාසය දීර්‍ඝකාලයෙහි ආශ්වාස කරන්නාහට ද ප්‍රශ්වාස කරන්නාහට ද දීර්‍ඝ යැ යි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයන් කෙරෙනුදු සිත පෙරැළෙයි. උපේක්‍ෂාව පිහිටා සිටියි.
Pali BJTඉමෙහි නවහාකාරෙහි දීඝං අස්සාසපස්සාසා කායො, උපට්ඨානං සති, අනුපස්සනා ඤාණං, කායො උපට්ඨානං, නො සති, සති උපට්ඨානඤ්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස්සති, තෙන වුච්චති: ‘කායෙ කායානුපස්සනාසතිපට්ඨානභාවනා’ති.
Sinhala BJTමේ නව අයුරින් දීර්‍ඝ යයි කියන ලද ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම. (අරමුණට) එළඹසිටීම සති නම. අනුපස්සනාව ඥාන නම. කය උපස්ථාන යැ සති නො වෙයි. සතිය උපස්ථාන ද සති ද වෙයි. ඒ සතියෙන් ඒ ඥානයෙන් ඒ කය අනු වැ ගොස් බලයි. එයින් කියනු ලැබෙයි: ‘කායේ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’ යි.
Pali BJTඅනුපස්සතීති කථං තං කායං අනුපස්සති: අනුපස්සති: අනිච්චතො අනුපස්සති, නො නිච්චතො: දුක්ඛතො අනුපස්සති, නො සුඛතො: අනත්තතො අනුපස්සති, නො අත්තතො: නිබ්බින්දති, නො නන්දති, නො විරජ්ජති, නො රජ්ජති, නිරොධෙති, නො සමුදෙති, පටිනිස්සජ්ජති, නො ආදියති: අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති. එවං තං කායං අනුපස්සති.
Sinhala BJTඅනුපස්සති යනු: කිසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ ද යත්: අනිත්‍ය හෙයින් අනුපස්සනා කෙරෙයි, නිත්‍ය හෙයින් අනුපස්සනා නො කෙරෙයි. දුඃඛ හෙයින් අනුපස්සනා කෙරෙයි, සුඛ හෙයින් අනුපස්සනා නො කෙරෙයි, අනාත්ම හෙයින් අනුපස්සනා කෙරෙයි, ආත්ම හෙයින් අනුපස්සනා නො කෙරෙයි, කලකෙරෙයි, සතුටු නො වෙයි, විරක්ත වෙයි, නො ඇලෙයි, නිරුද්ධ කෙරෙයි, සමුදය නො කෙරෙයි, හැරපියයි. ග්‍රහණය නො කෙරෙයි. අනිත්‍ය හෙයින් අනුපස්සනා කරන්නේ නිත්‍ය සංඥාව දුරු කෙරෙයි. දුඃඛ හෙයින් අනුපස්සනා කරන්නේ සුඛසංඥාව දුරු කෙරෙයි, අනාත්ම හෙයින් අනුපස්සනා කරන්නේ ආත්මසංඥාව දුරු කෙරෙයි, කලකිරෙනුයේ නන්‍දිය දුරු කෙරෙයි. විරක්ත වනුයේ රාගය දුරු කෙරෙයි. නිරුද්ධ කරනුයේ සමුදය දුරු කෙරෙයි. පටිනිස්සජනය කරනුයේ ග්‍රහණය දුරු කෙරෙයි. මෙසෙයින් ඒ කය අනුපස්සනා කෙරේ.
Pali BJTභාවනාති චතස්සො භාවනා: තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන භාවනා ඉන්ද්රියානං එකරසට්ඨෙන භාවනා, තදුපගවිරියවාහනට්ඨෙන භාවනා, ආසෙවනට්ඨෙන භාවනා.
Sinhala BJTභාවනා යනු: භාවනා සතරෙකි: ඒ භාවනා විශෙෂයෙහි උපන් යුගනද්ධධර්‍මයන් නො ඉක්ම පවත්නා ස්වභාවයෙන් භාවනා යැ, ඉන්‍ද්‍රියන්ගේ ඒකකෘත්‍යභාවයෙන් භාවනා යැ, තදනුච්ඡවිකවීර්‍ය්‍යධුරස්වභාවයෙන් භාවනා යැ, ආසේවනස්වභාවයෙන් භාවනා යි.
Pali BJTදීඝං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානතො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති, විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති, විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති.
Sinhala BJTදීර්‍ඝ යයි කියන ලද ආශ්වාසප්‍රශ්වාස වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දන්නාහට ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙති. ප්‍රකට කොට දන්නාලද සංඥාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙති. ප්‍රකට කොට දන්නාලද විතර්‍කයෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
Pali BJTකථං විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති: කථං වෙදනාය උප්පාදො විදිතො හොති: ‘අවිජ්ජාසමුදයා වෙදනාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන වෙදනාය උප්පාදො විදිතො හොති. ‘තණ්හාසමුදයා වෙදනාසමුදයො’ති -පෙ- කම්මසමුදයා වෙදනාසමුදයො’ති -පෙ- ඵස්සසමුදයා වෙදනාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන වෙදනාය උප්පාදො විදිතො හොති. නිබ්බත්තිලක්ඛණං පස්සතොපි වෙදනාය උප්පාදො විදිතො හොති. එවං වෙදනාය උප්පාදො විදිතො හොති.
Sinhala BJTකිසෙයින් ප්‍රකට කොට දන්නා ලද වේදනාවෝ උපදිත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත් ද: කිසෙයින් වේදනාවගේ උත්පාදය දන්නාලද වේ ද යත්: අවිද්‍යාසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ප්‍රත්‍යසමුදයස්වභාවයෙන් වේදනාවගේ උත්පාදය දන්නාලද වෙයි. තෘෂ්ණාසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ... කර්‍මසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ස්පර්‍ශසමුදයෙන් වෙදනාසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදය ස්වභාවයෙන් වේදනාවගේ උත්පාදය දන්නාලද වෙයි. නිර්‍වෘත්තිලක්‍ෂණය දක්නහු විසින් ද වේදනාවගේ උත්පාදය දන්නාලද වේ. මෙසෙයින් වේදනාවගේ උත්පාදය දන්නාලද්දේ වේ.
Pali BJTකථං වෙදනාය උපට්ඨානං විදිතං හොති: අනිච්චතො මනසිකරොතො ඛයතුපට්ඨානං විදිතං හොති, දුක්ඛතො මනසිකරොතො භයතුපට්ඨානං විදිතං හොති, අනත්තතො මනසිකරොතො සුඤ්ඤතුපට්ඨානං විදිතං හොති. එවං වෙදනාය උපට්ඨානං විදිතං හොති.
Sinhala BJTකිසෙයින් වේදනාවගේ වැටහීම දන්නාලද වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ක්‍ෂය වශයෙන් වැටහීම දන්නාලද වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නහු විසින් භය වශයෙන් වැටහීම දන්නාලද වෙයි. අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ශූන්‍යවශයෙන් වැටහීම දන්නාලද වෙයි. මෙසෙයින් වේදනාවගේ වැටහීම දන්නාලද වේ.
Pali BJTකථං වෙදනාය අත්ථඞ්ගමො විදිතො හොති: ‘අවිජ්ජානිරොධා වෙදනානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන වෙදනාය අත්ථඞ්ගමො විදිතො හොති. ‘තණ්හානිරොධා වෙදනානිරොධො’ති -පෙ- ‘කම්මනිරොධා වෙදනානිරොධො’ති -පෙ- ඵස්සනිරොධා වෙදනානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන වෙදනාය අත්ථඞ්ගමො විදිතො හොති, විපරිණාමලක්ඛණං පස්සතොපි වෙදනාය අත්ථඞ්ගමො විදිතො හොති එවං වෙදනාය අත්ථඞ්ගමො විදිතො හොති.
Sinhala BJTකිසෙයින් වේදනාවගේ විනාශය දන්නාලද වේ ද යත්: අවිද්‍යානිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් වේදනාවගේ විනාශය දන්නාලද වෙයි. තෘෂ්ණානිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ... කර්‍මනිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ... ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් වේදනාවගේ විනාශය දන්නාලද වෙයි. විපරිණාමලක්‍ෂණය දක්නහු විසින් ද වේදනාවගේ විනාශය දන්නාලද වේ. මෙසෙයින් වේදනාවගේ විනාශය දන්නා ලද වේ.
Pali BJTඑවං විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති.
Sinhala BJTමෙසෙයින් ප්‍රකට කොට දන්නාලද වේදනාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
Pali BJTකථං විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. කථං සඤ්ඤාය උප්පාදො විදිතො හොති: ‘අවිජ්ජාසමුදයා සඤ්ඤාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන සඤ්ඤාය උප්පාදො විදිතො හොති, ‘තණ්හාසමුදයා සඤ්ඤාසමුදයො’ති -පෙ- ‘කම්මසමුදයා සඤ්ඤාසමුදයො’ති -පෙ- ‘ඵස්සසමුදයා සඤ්ඤාසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන සඤ්ඤාය උප්පාදො විදිතො හොති, නිබ්බත්තිලක්ඛණ පස්සතොපි සඤ්ඤාය උප්පාදො විදිතො හොති, එවං සඤ්ඤාය උප්පාදො විදිතො හොති.
Sinhala BJTකිසෙයින් ප්‍රකට කොට දන්නාලද සංඥාවෝ උපදිත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත් ද: කිසෙයින් සංඥාවගේ උත්පාදය දන්නාලද වේ ද යත්: අවිද්‍යාසමුදයෙන් සංඥාසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් සංඥාවගේ උත්පාදය දන්නාලද වෙයි. තෘෂ්ණාසමුදයෙන් සංඥාසමුදය වේ යයි ... කර්‍මසමුදයෙන් සංඥාසමුදය වේ යයි ... ස්පර්‍ශසමුදයෙන් සංඥාසමුදය වේ යයි ... ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් සංඥාවගේ උත්පාදය දන්නාලද වෙයි. නිර්‍වෘත්ති ලක්‍ෂණය දක්නහු විසින් ද සංඥාවගේ උත්පාදය දන්නාලද වෙයි. මෙසෙයින් සංඥාවගේ උත්පාදය දන්නාලද්දේ වේ.
Pali BJTකථං සඤ්ඤාය උපට්ඨානං විදිතං හොති: අනිච්චතො මනසිකරොතො ඛයතුපට්ඨානං විදිතං හොති, දුක්ඛතො මනසිකරොතො භයතුපට්ඨානං විදිතං හොති, අනත්තතො මනසිකරොතො සුඤ්ඤතුපට්ඨානං විදිතං හොති. එවං සඤ්ඤාය උපට්ඨානං විදිතං හොති.
Sinhala BJTකිසෙයින් සංඥාවගේ වැටහීම දන්නාලද වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ක්‍ෂයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නහු විසින් භයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. අනාත්ම හෙයින් මෙනෙහිකරන්නහු විසින් ශූන්‍යවශයෙන් වැටහීම දන්නා ලද වෙයි. මෙසෙයින් සංඥාවගේ වැටහීම දන්නාලද්දේ වේ.
Pali BJTකථං සඤ්ඤාය අත්ථඞ්ගමො විදිතො හොති: ‘අවිජ්ජානිරොධා සඤ්ඤානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන සඤ්ඤාය අත්ථඞ්ගමො විදිතො හොති. ‘තණ්හානිරොධා සඤ්ඤානිරොධා’ති -පෙ- ‘කම්මනිරොධා සඤ්ඤානිරොධො’ති -පෙ- ‘ඵස්සනිරොධා සඤ්ඤානිරොධො’ති පච්චයනිරොධට්ඨෙන සඤ්ඤාය අත්ථඞ්ගමො විදිතො හොති, විපරිණාමලක්ඛණං පස්සතොපි සඤ්ඤාය අත්ථඞ්ගමො විදිතො හොති එවං සඤ්ඤාය අත්ථඞ්ගමො විදිතො හොති.
Sinhala BJTකිසෙයින් සංඥාවගේ විනාශය දන්නාලද වේ ද යත්: අවිද්‍යානිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් සංඥාවගේ විනාශය දන්නා ලද වෙයි. තෘෂ්ණානිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ... කර්‍මනිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ... ස්පර්‍ශනිරෝධයෙන් සංඥානිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් සංඥාවගේ විනාශය දන්නාලද වෙයි. විපරිණාමලක්‍ෂණය දක්නහු විසින් ද සංඥාවගේ විනාශය දන්නා ලද වෙයි. මෙසෙයින් සංඥාවගේ විනාශය දන්නා ලද්දේ වේ.
Pali BJTඑවං විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති.
Sinhala BJTමෙසෙයින් ප්‍රකට කොට දන්නාලද සංඥාවෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වටහති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
Pali BJTකථං විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. කථං විතක්කානං උප්පාදො විදිතො හොති: ‘අවිජ්ජාසමුදයා විතක්කසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන විතක්කානං උප්පාදො විදිතො හොති, ‘තණ්හාසමුදයා විතක්කසමුදයො’ති -පෙ- ‘කම්මසමුදයා විතක්කසමුදයො’ති -පෙ- ‘සඤ්ඤාසමුදයා විතක්කසමුදයො’ති පච්චයසමුදයට්ඨෙන විතක්කානං උප්පාදො විදිතො හොති, නිබ්බත්තිලක්ඛණ පස්සතොපි විතක්කානං උප්පාදො විදිතො හොති, එවං විතක්කානං උප්පාදො විදිතො හොති.
Sinhala BJTකිසෙයින් ප්‍රකට කොට දන්නාලද විතර්‍කයෝ උපදිත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු වැටහෙත් ද, ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත් ද, කිසෙයින් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වේ ද යත්: අවිද්‍යාසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වෙයි. තෘෂ්ණාසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ... කර්‍මසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ... සංඥාසමුදයෙන් විතර්‍කසමුදය වේ යයි ප්‍රත්‍යයසමුදයස්වභාවයෙන් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වෙයි. නිර්‍වෘත්ති ලක්‍ෂණය දක්නහු විසින් ද විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද වෙයි. මෙසෙයින් විතර්‍කයන්ගේ උත්පාදය දන්නාලද්දේ වේ.
Pali BJTකථං විතක්කානං උපට්ඨානං විදිතං හොති: අනිච්චතො මනසිකරොතො ඛයතුපට්ඨානං විදිතං හොති, දුක්ඛතො මනසිකරොතො භයතුපට්ඨානං විදිතං හොති, අනත්තතො මනසිකරොතො සුඤ්ඤතුපට්ඨානං විදිතං හොති. එවං විතක්කානං උපට්ඨානං විදිතං හොති.
Sinhala BJTකිසෙයින් විතර්‍කයන්ගේ වැටහීම දන්නාලද වේ ද යත්: අනිත්‍ය හෙයින් මෙනෙහිකරන්නහු විසින් ක්‍ෂයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. දුඃඛ හෙයින් මෙනෙහිකරන්නහු විසින් භයවශයෙන් වැටහීම දන්නාලද වෙයි. අනාත්ම හෙයින් මෙනෙහි කරන්නහු විසින් ශූන්‍ය වශයෙන් වැටහීම දන්නාලද වෙයි. මෙසෙයින් විතර්‍කයන්ගේ වැටහීම දන්නාලද්දේ වේ.
Pali BJTකථං විතක්කානං අත්ථඞ්ගමො විදිතො හොති: ‘අවිජ්ජානිරොධා විතක්කනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන විතක්කානං අත්ථඞ්ගමො විදිතො හොති. ‘තණ්හානිරොධා විත්තකනිරොධො’ති -පෙ- ‘කම්මනිරොධා විතක්කනිරොධො’ති -පෙ- ‘සඤ්ඤානිරොධා විතක්කනිරොධො’ති පච්චයනිරොධට්ඨෙන විතක්කානං අත්ථඞ්ගමො විදිතො හොති, විපරිණාමලක්ඛණං පස්සතොපි විතක්කානං අත්ථඞ්ගමො විදිතො හොති. එවං විතක්කානං අත්ථඞ්ගමො විදිතො හොති.
Sinhala BJTකිසෙයින් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වේ ද යත්: අවිද්‍යානිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වෙයි. තෘෂ්ණානිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ... කර්‍මනිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ... සංඥානිරෝධයෙන් විතර්‍කනිරෝධය වේ යයි ප්‍රත්‍යයනිරෝධස්වභාවයෙන් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වෙයි. විපරිණාමලක්‍ෂණය දක්නහු විසින් ද විතර්‍කයන්ගේ විනාශය දන්නාලද වෙයි. මෙසෙයින් විතර්‍කයන්ගේ විනාශය දන්නාලද්දේ වේ.
Pali BJTඑවං විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති.
Sinhala BJTමෙසෙයින් ප්‍රකට කොට දන්නාලද විතර්‍කයෝ උපදිති. ප්‍රකට කොට දන්නාලද්දාහු වටහති. ප්‍රකට කොට දන්නාලද්දාහු විනාශයට යෙත්.
Pali BJTදීඝං අස්සාසපස්සාසවසෙන චිත්තස්ස එකග්ගතං අවික්ඛෙපං පජානන්තො ඉන්ද්රියානි සමොධානෙති, ගොචරඤ්ච පජානාති, සමත්ථඤ්ච පටිවිජ්ඣති. [බලානි -පෙ- බොජ්ඣඞ්ගෙ -පෙ- මග්ගං] -පෙ- ධම්මෙ සමොධානෙති, ගොචරඤ්ච පජානාති, සමත්ථඤ්ච පටිවිජ්ඣති.
Sinhala BJTදීර්‍ඝ යයි කියන ලද ආශ්වාසප්‍රශ්වාසවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපය දැනගන්නේ ඉන්‍ද්‍රියයන් (අරමුණෙහි) පිහිටුවයි. ආලම්බනය ද දැනගනියි. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරෙයි ... මාර්‍ගය සමවධානය කෙරෙයි. ධර්‍මයන් සමවධානය කෙරෙයි. ගෝචරය ද දැනගනියි. ශමාර්‍ත්‍ථය ද ප්‍රතිවේධ කෙරේ.
Pali BJTඉන්ද්රියානි සමොධෙන්තීති කථං ඉන්ද්රියානි සමොධානෙති: අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රියං සමොධානෙති, පග්ගහට්ඨෙන විරියින්ද්රියං සමොධානෙති, උපට්ඨානට්ඨෙන සතින්ද්රියං සමොධානෙති, අවික්ඛෙපට්ඨෙන සමාධින්ද්රියං සමොධානෙති, දස්සනට්ඨෙන පඤ්ඤින්ද්රියං සමොධානෙති. අයං පුග්ගලො ඉමානි ඉන්ද්රියානි ඉමස්මිං ආරම්මණෙ සමොධානෙති. තෙන වුච්චති: ‘ඉන්ද්රියානි සමොධානෙතී’ති.
Sinhala BJTඉන්‍ද්‍රියානි සමෝධානෙති යනු: කිසෙයින් ඉන්‍ද්‍රියයන් සමවධානය කෙරේ ද යත්: අධිමෝක්‍ෂ ස්වභාවයෙන් ශ්‍රද්ධේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි ප්‍රග්‍රහස්වභාවයෙන් වීර්ය්‍යේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. එළඹ සිටීම් ස්වභාවයෙන් ස්මෘතීන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. අවික්‍ෂේපස්වභාවයෙන් සමාධීන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. දර්‍ශනස්වභාවයෙන් ප්‍රඥේන්‍ද්‍රියය සමවධාන කෙරෙයි. මේ පුද්ගල තෙම මේ ඉන්‍ද්‍රියයන් මේ අරමුණෙහි සමවධාන කෙරෙයි. (පිහිටුවයි) එයින් කියනු ලැබෙයි. ‘ඉන්‍ද්‍රියානි සමෝධානෙති’ යි.
Pali BJTගොචරඤ්ච පජානාතීති තං තස්ස ආරම්මණං, තං තස්ස ගොචරං: යං තස්ස ගොචරං, තං තස්ස ආරම්මණං, පජානාතීති පුග්ගලො, පජානතා පඤ්ඤා.
Sinhala BJTගෝචරඤ්ච පජානාති යනු: යමෙක් ඔහුට ආලම්බන වේ ද ඒ ඔහුට ගෝචර වෙයි. යමෙක් ඔහුට ගෝචර වේ ද ඒ ඔහුට ආලම්බන වේ. පජානාතීති පුග්ගලො පජානනා පඤ්ඤා යනු: පුද්ගල තෙම ප්‍රඥායෙන් දැනගනී.
Pali BJTසමන්ති ආරම්මණස්ස උපට්ඨානං සමං, චිත්තස්ස අවික්ඛෙපො සමං, චිත්තස්ස අධිට්ඨානං සමං, චිත්තස්ස වොදානං සමං. අත්ථොති අනවජ්ජට්ඨො නික්කිලෙසට්ඨො වොදානට්ඨො පරමට්ඨො.
Sinhala BJTසමං යනු: ආලම්බනයාගේ එළඹසිටීම ශම යැ චිත්තයාගේ අවික්‍ෂේපය ශම යැ චිත්තයාගේ අධිෂ්ඨානය ශම යැ චිත්තයාගේ ව්‍යවදානය ශම යි. අත්‍ථො යනු: අනවද්‍යස්වභාව යැ නික්ලේශස්වභාව යැ පරිශුද්ධස්වභාව යැ උත්තමස්වභාව යි.
Pali BJTපටිවිජ්ඣතීති ආරම්මණස්ස උපට්ඨානට්ඨං පටිවිජ්ඣති, චිත්තස්ස අවික්ඛෙපට්ඨං පටිවිජ්ඣති, චිත්තස්ස අධිට්ඨානට්ඨං පටිවිජ්ඣති, චිත්තස්ස වොදානට්ඨං පටිවිජ්ඣති. තෙන වුච්චති: ‘සමත්ථඤ්ච පටිවිජ්ඣතී’ති.
Sinhala BJTපටිවිජ්ඣති යනු: ආලම්බනයාගේ එළඹසිටීම ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ අවික්‍ෂේපස්වභාව ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ අධිෂ්ඨාන ස්වභාව ප්‍රතිවේධ කෙරෙයි. චිත්තයාගේ පරිශුද්ධස්වභාව ප්‍රතිවේධ කෙරේ. එයින් කියනු ලැබෙයි. ‘සමත්‍ථඤ්ච පටිවිජ්ඣති’ යි.