Pali BJT‘වෙදනා ලොකො චෙව අසස්සතා චා’ති -පෙ- ‘සඤ්ඤා ලොකො චෙව අසස්සතො චා’ති -පෙ- ‘සඞ්ඛාරා ලොකො චෙව අසස්සතා චා’ති -පෙ- විඤ්ඤාණං ලොකො චෙව අසස්සතඤ්චා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි. තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. ‘අසස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාගෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘වේදනාව ලෝක ද අශාශ්වත ද වේ’ යයි ... සංඥාව ලෝක ද අශාශ්වත ද වේ යයි ... සංස්කාරයෝ ලෝක ද අශාශ්වත ද වෙත්’ යයි ... විඥානය ලෝක ද අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යු අන්තග්‍රාහික දෘෂ්ටි නම. ... අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය අශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘අන්තවා ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ඉධෙකච්චො පරිත්තං ඔකාසං නීලකතො එරති, තස්ස එවං හොති: ‘අන්තවා අයං ලොකො පරිවටුමො’ති අන්තසඤ්ඤී හොති. ‘යං එරති, තං වත්ථු චෙව ලොකෙ ච, යෙන එරති, සො අත්තා චෙව ලොකො චා’නි අභිනිවෙසපරාමාසෙ දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තෙ ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘අන්තවා ලොකො’ති අන්තග්ගාහිකාදිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොවැ ඇතැමෙක් අල්ප අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ ය’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණරූපය වස්තු (අරමුණු) ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත් ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමුවනු වූ ‘ලෝකය අන්තවත් යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJTඉධෙකච්චො පරිත්තං ඔකාසං පීතකතො එරති -පෙ- ලොහිතකතො එරති -පෙ- ඔදාතකතො එරති -පෙ- ඔභාසකතො ඵරති, තස්ස එවං හොති: ‘අන්තවා අයං ලොකො පරිවටුමො’ති අන්තසඤ්ඤී හොති. ‘යං ඵරති තං වත්ථු චෙව ලොකො ච, යෙන ඵරති, සො අත්තා චෙව ලොකො චා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි. තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- ‘අන්තවා ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTමෙ ලොවැ ඇතැමෙක් මඳ අවකාශයෙක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාත වශයෙන් අරමුණු කෙරෙයි ... අවභාසවශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද, ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි. යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත ආත්ම ද ලෝක ද වේ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම, ... ‘ලෝකය අන්තවත් වැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT’අනන්තවා ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ඉධෙකච්චො විපුලං ඔකාසං නීලකතො එරති. තස්ස එවං හොති: ‘අනන්තවා අයං ලොකො අපරියන්තො’ති අනන්තසඤ්ඤී හොති. ‘යං එරති, තං වත්ථු චෙව ලොකො ච, යෙන එරති, සො අත්තා චෙව ලොකො චා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘අනන්තවා ලොකො’ති අන්තග්ගාහිකා දිට්ඨි. අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මෙලොව අන්ත නැත්තේ යැ පරිච්ඡේද නැත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණ රූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණ රූපය වස්තු ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටි වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘ලෝකය අන්ත නැත්තේ යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහික දෘෂ්ටි මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJTඉධෙකච්චො විපුලං ඔකාසං පීතකතො එරති -පෙ- ලොහිතකතතො එරති -පෙ- ඔදාතකතො ඵරති -පෙ- ඔභාසකතො ඵරති, තස්ස එවං හොති. ‘අනන්තවා අයං ලොකො අපරියන්තො’ති අනත්තසඤ්ඤී හොති. ‘යං එරති, තං වත්ථු චෙව ලොකො ච, යෙන එරති, සො අත්තා චෙව ලොකො චා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- ‘අනන්තවා ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTමෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාතවශයෙන් අරමුණු කෙරෙයි ... අවභාස වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙලොව අන්තවත් නො වෙයි පරිච්ඡේද නැත්තේ යැ’යි අනන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණ කෙරේ ද ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණ කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි යැ ... ලෝකය අන්තනැත්තේ ය’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘තං ජීවං තං සරීර’න්ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ජිවඤ්චෙව සරීරඤ්ච. යං ජීවං තං සරීරං, යං සරීරං තං ජීවන්ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘තං ජීවං තං සරීර’න්ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස්අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපය ජීව ද ශරීර ද වෙයි. යමෙක් ජීව ද හේ ශරීර යැ, යමෙක් ශරීර ද හේ ජීව යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘වෙදනා ජීවං{1} චෙව සරීරඤ්ච -පෙ- සඤ්ඤා ජීවං චෙව සරීරඤ්ච -පෙ- සඞ්ඛාරා ජීවං චෙව සරීරඤ්ච -පෙ- ‘විඤ්ඤාණං ජීවඤ්චෙව සරීරඤ්ච, යං ජීවං තං සරීරං, යං සරීරං තං ජිව’න්ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- ‘තං ජීවං තං සරීර’න්ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTවේදනාව ජීව ද ශරීර ද වෙයි, සංඥාව ජීව ද ශරීර ද වෙයි, සංස්කාරයෝ ජීව ද ශරීර ද වෙයි, විඥානය ජීව ද ශරීර ද වෙයි. යමෙක් ජීව වේ ද, හේ ශරීර යැ, යමෙක් ශරීර වේ ද හේ ජීව යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... ‘හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං සරීරං න ජීවං, ජීවං න සරීරං. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි. දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති අන්තග්ගාහිකා දිට්ඨි අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං අත්තනි රූපං සමනුපස්සති.
Sinhala BJT‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය ශරීර යැ ජීව නො වෙයි, ජීවය ශරීර නො වෙයි, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJTවෙදනා සරීරං න ජීවං -පෙ- සඤ්ඤා සරීරං න ජීවං -පෙ- සඞ්ඛාරා සරීරං න ජීවං -පෙ- විඤ්ඤාණං සරීරං න ජීවං, ජීවං න සරීරං. අඤ්ඤං ජීවං, අඤ්ඤං සරීර’න්ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘වේදනාව ශරීර යැ ජීව නො වෙයි ... සංඥාව ශරීර යැ ජීව නො වෙයි ... සංස්කාරයෝ ශරීර යැ ජීව නො වෙයි ... විඥානය ශරීර යැ ජීව නො වෙයි. ජීවය ශරීර නො වෙයි. ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම ... ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘හොති තථාගතො පරම්මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ඉධෙව මරණධම්මං, තථාගතො කායස්ස භෙදා හොති’පි තිට්ඨතිපි උප්පජ්ජතිපි නිබ්බත්තතිපී’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘හොති තථාගතො පරංමරණා’ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි’ යන අන්තග්‍රාහික දෘෂ්ටියෙහි කවර පස්අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය මෙලොව්හි මැ නැසෙන සැහැවි යැ, සත්ත්‍ව තෙම ශරීරභේදයෙන් මත්තෙහි විද්‍යාමාන වන්නේ ද (ශාශ්වත බැවින්) සිටුනේ ද, අණ්ඩජ ජරායුජ විසින්) උපදනේ ද (සංසේදජ ඕපපාතික විසින්) ස්කන්‍ධ පහළ වන්නේ ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි’ යන අන්තග්‍රාහික දෘෂ්ටි වේ. අන්තග්‍රාහික දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘වෙදනා ඉධෙව මරණධම්මා -පෙ- සඤ්ඤා ඉධෙව මරණධම්මා -පෙ- සඞ්ඛාරා ඉධෙව මරණධම්මා -පෙ- විඤ්ඤාණං ඉධෙව මරණධම්මං, තථාගතො කායස්ස භෙදා හොතිපි තිට්ඨතිපි උප්පජ්ජතිපි නිබ්බත්තතිපී’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- ‘හොති තථාගතො පරම්මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘වේදනාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංඥාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනසැහැවියහ ... විඥානය මෙහි මැ නැසෙනසැහැවි යැ. සත්ත්‍ව තෙම ශරීරභේදයෙන් මත්තෙහි විද්‍යාමාන වන්නේ ද සිටුනේ ද උපදනේ ද පහළවන්නේ ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. … ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘න හොති තථාගතො පරංමරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති. ‘රූපං ඉධෙව මරණධම්මං, තථාගතොපි කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති තථාගතො පරංමරණාති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපය මෙහි මැ නැසෙනසැහැවි යැ සත්ත්‍ව තෙමේ ද ශරීරභේදයෙන් මත්තෙහි සිඳෙයි වැනැසෙයි සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි අභිනිවේශපරාමර්‍ශ දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. දෘෂ්ටිය වස්තු නො වෙයි වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටි අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමු වනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘වෙදනා ඉධෙව මරණධම්මා -පෙ- සඤ්ඤා ඉධෙව මරණධම්මා -පෙ- සඞ්ඛාරා ඉධෙව මරණධම්මා -පෙ- විඤ්ඤාණං ඉධෙව මරණධම්මං, තථාගතොපි කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති න හොති තථාගතො පරංමරණා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- ‘න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘වේදනාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංඥාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනසැහැවියහ ... විඥානය මෙහි මැ නැසෙනසැහැවි යැ. සත්ත්‍ව තෙමෙ ද ශරීරභේදයෙන් මත්තෙහි සිඳෙයි වැනැසෙයි ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘හොති ච න ච හොති තථාගතො පරංමරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ඉධෙව මරණධම්මං, තථාගතො කායස්ස භෙදා හොති ච න ච හොතී’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු. වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකි දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘සත්ත්ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත් රූපය මෙහි මැ නැසෙන ස්වභාව ඇත්තේ යැ, සත්ත්‍ව තෙමේ ශරීභෙදයෙන් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටියැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘වෙදනා ඉධෙව මරණධම්මා -පෙ- සඤ්ඤා ඉධෙව මරණධම්මා -පෙ- සඞ්ඛාරා ඉධෙව මරණධම්මා -පෙ- විඤ්ඤාණං ඉධෙව මරණධම්මං, තථාගතො කායස්ස භෙදා හොති ච න ච හොතී’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘වේදනාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංඥාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනපියවි ඇත්තාහ ... විඥානය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ. සත්ත්‍ව තෙම ශරීර භේදයෙන් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටියැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘නෙව හොති න න හොති තථාගතො පරංමරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති. ‘රූපං ඉධෙව මරණධම්මං, තථාගතො කායස්ස භෙදා{1} පරං මරණා නෙව හොති න න හොතී’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණාති අන්තග්ගාහිකා දිට්ඨි. අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJTසත්ත්ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ, සත්ත්‍ව තෙම කාබුන් මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘වෙදනා ඉධෙව මරණධම්මා -පෙ- සඤ්ඤා ඉධෙව මරණධම්මා -පෙ- සඞ්ඛාරා ඉධෙව මරණධම්මා -පෙ- විඤ්ඤාණං ඉධෙවමරණධම්මං, තථාගතො කායස්ස භෙදා නෙව හොති න න හොතී’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථූ, අයං පඤ්චමී ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘වේදනාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංඥාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙන පියවි ඇත්තාහ ... විඥානය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ, සත්ත්‍ව තෙම කාබුන්මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ පස්වනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJTඅන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTඅන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පනස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-8. පුබ්බන්තානුදිට්ඨි
Sinhala BJT2-8. පූර්‍වාන්තදෘෂ්ටිය
Pali BJTපුබ්බන්තානුදිට්ඨියා කතමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTපූර්‍වාන්තානුදෘෂ්ටියෙහි කවර අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJTචත්තාරො සස්සතවාදා, චත්තාරො එකච්චසස්සතිකා, චත්තාරො අන්තානන්තිකා, චත්තාරො අමරාවික්ඛෙපිකා, ද්වෙ අධිච්චසමුප්පන්නිකා.
Sinhala BJTචතුර්විධ ශාශ්වතවාද යැ චතුර්විධ ඒකත්‍යශාශ්වතවාද යැ චතුර්විධ අන්තානන්තිකවාද යැ චතුර්විධ අමරාවික්‍ෂේපිකවාද යැ ද්විවිධ අධීත්‍යසමුත්පන්නිකවාද යි.
Pali BJTපුබ්බන්තානුදිට්ඨියා ඉමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTපූර්‍වාන්තානුදෘෂ්ටියෙහි මේ අටළොස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-9. අපරන්තානුදිට්ඨි
Sinhala BJT2-9. අපරාන්තානුදෘෂ්ටිය
Pali BJTඅපරන්තානුදිට්ඨියා කතමෙහි චතුචත්තාලිසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTඅපරාන්තානුදෘෂ්ටියෙහි කවර සියුසාලිස්අයුරින් අභිනිවේශය වෙයි යත්:
Pali BJTසොළස සඤ්ඤීවාදා, අට්ඨ අසඤ්ඤීවාදා, අට්ඨ නෙවසඤ්ඤී නාසඤ්ඤීවාදා, සත්ත උච්ඡෙදවාදා, පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා.
Sinhala BJTෂෝඩශප්‍රකාර සංඥීවාද යැ අෂ්ටප්‍රකාර අසංඥීවාද යැ අෂ්ටප්‍රකාර නෛවසංඥීනාසංඥීවාද යැ සප්තප්‍රකාර උච්ඡේදවාද යැ පඤ්චප්‍රකාර දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද යි.
Pali BJTඅපරන්තානුදිට්ඨියා ඉමෙහි චතුචත්තාලිසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTඅපරාන්තානුදෘෂ්ටියෙහි මේ සියුසාලිස්අයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-10. සඤ්ඤොජනිකා දිට්ඨි
Sinhala BJT2-10. සංයෝජනිකදෘෂ්ටි
Pali BJTසඤ්ඤොජනිකාය දිට්ඨියා කතමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTසංයෝජනිකදෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJTයා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං -පෙ- දිට්ඨාභිනිවෙසො, දිට්ඨිපරාමාසො.
Sinhala BJTයම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් ... දෘෂ්ට්‍යභිනිවේශයෙක් දෘෂ්ටිපරාමර්‍ශයෙක් වේ ද,
Pali BJTසඤ්ඤොජනිකාය දිට්ඨියා ඉමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTසංයෝජනිකදෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-11. අහන්තිමානවිනිබන්ධා දිට්ඨි
Sinhala BJT2-11. අහන්තිමානවිනිබන්‍ධදෘෂ්ටිය
Pali BJT‘අහ’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා කතමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJT‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJT‘චක්ඛුං අහ’න්ති අභිනිවෙසපරාමාසො ‘අහන්ති මානවිනිබන්ධා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘අහ’න්ති මානවිනිබන්ධා දිට්ඨි, මානවිනිබන්ධා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘ඇස මම වෙමි’ අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘සොතං අහ’න්ති -පෙ- ‘ඝානං අහ’න්ති -පෙ- ‘ජිව්හා අහ’න්ති -පෙ- ‘කායො අහ’න්ති -පෙ- ‘මනො අහ’න්ති -පෙ- ‘රූපා අහ’න්ති -පෙ- ‘ධම්මා අහ’න්ති -පෙ- ‘චක්ඛුවිඤ්ඤාණං අහ’න්ති -පෙ- මනොවිඤ්ඤාණං අහං’න්ති අභිනිවෙසපරාමාසො ‘අහ’න්ති මානවිනිබන්ධා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං අට්ඨාරසමී ‘අහ’න්ති මානවිනිබන්ධා දිට්ඨි, මාන විනිබන්ධා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘කන මම වෙමි’ ... නැහැය මම වෙමි’ ... ‘දිව මම වෙමි’ ... ‘කය මම වෙමි’ ... ‘මනස මම වෙමි’ ... ‘රූපයෝ මම වෙමි’ ... ‘ධර්‍මයෝ මම වෙමි’ ... ‘චක්‍ෂුර්විඥානය මම වෙමි’ ... ‘මනෝවිඥානය මම වෙමි’ ... ‘අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT’අහ’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා ඉමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-12. මමන්තිමානවිනිබන්ධා දිට්ඨි
Sinhala BJT2-12. මමන්තිමානවිනිබන්‍ධදෘෂ්ටිය
Pali BJT‘මම’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා කතමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJT‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJT‘චක්ඛුං මම’න්ති අභිනිවෙසපරාමාසො ‘මම’න්ති මානවිනිබන්ධා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා ‘මම’න්ති මානවිනිබන්ධා දිට්ඨි, මානවිනිබන්ධා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘ඇස මාගේ යැ’යි අභිනිවේශපරාමර්‍ශය ‘මාගේ යැ’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘සොතං මම’න්ති -පෙ- ‘ඝානං මම’න්ති -පෙ- ‘ජිව්හා මම’න්ති -පෙ- ‘කායො මම’න්ති -පෙ- ‘මනො මම’න්ති -පෙ- ‘රූපා මම’න්ති -පෙ- ‘ධම්මා මම’න්ති -පෙ- ‘චක්ඛුවිඤ්ඤාණං මම’න්ති -පෙ- ‘මනොවිඤ්ඤාණං මම’න්ති ‘අභිනිවෙසපරාමාසො මම’න්ති මානවිනිබන්ධා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං අට්ඨාරසමී ‘මම’න්ති මානවිනිබන්ධා දිට්ඨි, මානවිනිබන්ධා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘කන මාගේ යැ’ යි ... ‘නැහැය මාගේ යැ’ යි ... ‘දිව මාගේ යැ’ යි ... ‘කය මාගේ යැ’ යි ... ‘මනස මාගේ යැ’ යි ... ‘රූපයෝ මාගේ යැ’ යි ... ‘ධර්‍මයෝ මාගේ යැ’ යි ... ‘චක්‍ෂුර්විඥානය මාගේ යැ’ යි ... ‘මනෝවිඥානය මාගේ යැ’ යි අභිනිවේශපරාමර්‍ශය ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් වස්තුවකුත් වේ ද, මේ අටළොස්වනු වූ ‘මම’ යි මානයෙන් බැඳුණු දෘෂ්ටි වේ. මානයෙන් බැඳුණු දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT“මම’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා ඉමෙහි අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘මම’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි මේ අටළොස්අයුරෙකින් අභිනිවේශය වේ.
Pali BJT2-13. අත්තවාදපටිසංයුත්තා දිට්ඨි.
Sinhala BJT2-13. ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය
Pali BJTඅත්තවාදපටිසංයුත්තාය දිට්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං -පෙ- වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං -පෙ-
Sinhala BJTමෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නා සුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නා සුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ... වේදනාව සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ ...
Pali BJTකථං රූපං අත්තතො සමනුපස්සති:
Sinhala BJTකිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්:
Pali BJTඉධෙකච්චො පඨවීකසිණං -පෙ- ඔදාතකසිණං අත්තතො සමනුපස්සති, ‘යං ඔදාතකසිණං සො අහං, යො අහං තං ඔදාතකසිණ’න්ති ඔදාතකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි ‘තෙලප්පදීපස්ස ඣායතො යා අච්චි, සො වණ්ණො යො වණ්ණො සා අච්චි’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො ඔදාතකසිණං අත්තතො සමනුපස්සති -පෙ- අයං පඨමා රූපවත්ථුකා අත්තවාදපටිසංයුත්තා දිට්ඨි අත්තවාදපටිසංයුත්තා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපං අත්තතො සමනුපස්සති -පෙ-
Sinhala BJTමෙලොව ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. “යමෙක් ඔදාතකසිණ වේ ද, හේ මම වෙමි. යමෙක් මම වේ ද හේ ඕදාතසකසිණ වේ”යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ වෙයි, යමෙක් වර්‍ණ වේ ද හෝ සිළුව වේ” යයි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දක්නේ ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් ඕදාතකසිණය ආත්ම වශයෙන් දකී ... මේ පළමුවනු වූ රූපවස්තුකආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි වේ. ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ...
Pali BJTඅත්තවාදපටිසංයුත්තාය දිට්ඨියා ඉමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-14. ලොකවාදපටිසංයුත්තා දිට්ඨි
Sinhala BJT2-14. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය
Pali BJTලොකවාදපටිසංයුත්තාය දිට්ඨියා කතමෙහි අට්ඨහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි කවර අටඅයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJT‘සස්සතො අත්තා ච ලොකො චා’ති අභිනිවෙසපරාමාසො ලොකවාදපටිසංයුත්තා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි, යඤ්ච වත්ථු. අයං පඨමා ලොකවාදපටිසංයුත්තා දිට්ඨි. ලොකවාදපටිසංයුත්තා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT“ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ”යි අභිනිවේශපරාමර්‍ශය ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටි වේ. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘අසස්සතො අත්තා ච ලොකො චා’ති -පෙ- ‘සස්සතො ච අසස්සතො ච අත්තා ච ලොකො චා’ති -පෙ- ‘නෙව සස්සතො නාසස්සතො අත්තා ච ලොකො චා’ති -පෙ- ‘අන්තවා අත්තා ච ලොකො චා’ති -පෙ- ‘අනන්තවා අත්තා ච ලොකො චා’ති -පෙ- ‘අන්තවා ච අනන්තවා ච අත්තා ච ලොකො චා’ති -පෙ- ‘නෙව අන්තවා න අනන්තවා අත්තා ච ලොකො චා’ති අභිනිවෙසපරාමාසො ලොකවාදපටිසංයුත්තා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං අට්ඨමී ලොකවාදපටිසංයුත්තා දිට්ඨි, ලොකවාදපටිසංයුත්තා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT“ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ”යි ... “ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වේ” යයි … “ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ අශාශ්වත නො වේ” යයි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යැ” යි ... “ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ ද අන්ත නැත්තේ ද වේ” යයි ... ආත්මයත් ලෝකයත් නො මැ අන්ත ඇත්තේ අන්ත නැත්තේ නො වේ” යයි අභිනිවේශපරාමර්‍ශය ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ අටවනු වූ ලෝකවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි වේ. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJTලොකවාද පටිසංයුත්තාය දිට්ඨියා ඉමෙහි අට්ඨිහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි මේ අටඅයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-15, 2-16. භවදිට්ඨි - විභවදිට්ඨියො.
Sinhala BJT2-15, 2-16. භව - විභව දෘෂ්ටි
Pali BJTඔලීයනාභිනිවෙසො{1} භවදිට්ඨි, අතිධාවනාභිනිවෙසො විභවදිට්ඨි, අස්සාදදිට්ඨියා පඤ්චතිංසාය අකාරෙහි අභිනිවෙසො කති භවදිට්ඨියො, කති විභවදිට්ඨියො: අත්තානුදිට්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො කති භවදිට්ඨියො, කති විභවදිට්ඨියො -පෙ- ලොකවාදපටිසංයුත්තාය දිට්ඨියා අට්ඨහි ආකාරෙහි අභිනිවෙසො කති භවදිට්ඨියො, කති විභවදිට්ඨියො:
Sinhala BJT(ශාශ්වතසංඥා හෙයින් නිර්‍වාණයෙන් සිත) හැකිළීමෙහි අභිනිවේශය භවදෘෂ්ටි නම. (උච්ඡේදසංඥා හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවනයෙහි අභිනිවේශය විභවදෘෂ්ටි නමි. ආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභවදෘෂ්ටීහු කෙතෙක් ද, ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අටඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටීහු කෙතෙක් ද, විභව දෘෂ්ටීහු කෙතෙක් ද යත්:
Pali BJTඅස්සාදදිට්ඨියා පඤ්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො. අත්තානුදිට්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො පන්නරස භවදිට්ඨියො, පඤ්ච විභවදිට්ඨියො, මිච්ඡාදිට්ඨියා දසහි ආකාරෙහි අභිනිවෙසො සබ්බාව තා විභවදිට්ඨියො. සක්කායදිට්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො පන්නරස භවදිට්ඨියො, පඤ්ච විභවදිට්ඨියො. සක්කායවත්ථුකාය සස්සතදිට්ඨියා පන්නරසහි ආකාරෙහි අභිනිවෙසො සබ්බාව තා භවදිට්ඨියො. සක්කායවත්ථුකාය උච්ඡෙදදිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සබ්බාව තා විභදිට්ඨියො.
Sinhala BJTආස්වාදදෘෂ්ටියෙහි පන්තිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. ආත්මානුදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. මිථ්‍යාදෘෂ්ටියෙහි දසඅයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටීහු වෙති සත්කායදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක, විභවදෘෂ්ටි පසෙකි. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි පසළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටි වෙයි. සත්කායවස්තුකඋච්ඡේදදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු වෙති.
Pali BJTසස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සබ්බාව තා භවදිට්ඨියො. ‘අසස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සබ්බාව තා විභවදිට්ඨියො. ‘අන්තවා ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො. ‘අන්තවා ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො. සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො. තං ජීවං තං සරීර’න්ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සබ්බාව තා විභවදිට්ඨියො. ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සබ්බාව තා භවදිට්ඨියො. ‘හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සබ්බාව තා භවදිට්ඨියො. ‘න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චාහාකාරෙහි අභිනිවෙසො සබ්බාව තා විභවදිට්ඨියො. ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො. ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො, සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො.
Sinhala BJT“ලෝකය ශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “ලෝකය අශාශ්වත යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභව දෘෂ්ටීහු යැ. “ලෝකය අන්ත ඇත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටි හු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “ලෝකය අන්ත නැත්තේ යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම භවදෘෂ්ටීහු යැ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරෙකින් අභිනිවේශය වෙයි. එහැම විභවදෘෂ්ටීහු යැ. “‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහ. “සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි” යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි පස්අයුරින් අභිනිවේශය භවදෘෂ්ටීහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු යැ.
Pali BJTපුබ්බන්තානුදිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො, සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො. අපරන්තානුදිට්ඨියා චතුචත්තාලීසාය ආකාරෙහි අභිනිවෙසො, සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො. සඤ්ඤොජනිකාය දිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො, සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො. ‘අහ’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො, සබ්බාව තා විභවදිට්ඨියො. ‘මම’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො. සබ්බාව තා භවදිට්ඨියො. අත්තවාදපටිසංයුත්තාය දිට්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො, පන්නරස භවදිට්ඨියො, පඤ්ච විභවදිට්ඨියො. ලොකවාදපටිසංයුත්තාය දිට්ඨියා අට්ඨහි ආකාරෙහි අභිනිවෙසො සියා භවදිට්ඨියො, සියා විභවදිට්ඨියො.
Sinhala BJTපූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. අපරාන්තානුදෘෂ්ටියෙහි සියුසාලිස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. සංයෝජනිකදෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටිහු ද වන්නාහ. “මම” යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරින් අභිනිවේශය වෙයි. එ හැම විභවදෘෂ්ටිහු යැ. “මාගේ යැ”යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි. එ හැම භවදෘෂ්ටිහු යැ ආත්මවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි විසිඅයුරෙකින් අභිනිවේශය වෙයි. (එහි) භවදෘෂ්ටි පසළොසෙක. විභවදෘෂ්ටි පසෙකි. ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අට අයුරින් අභිනිවේශය භවදෘෂ්ටිහු ද වන්නාහ. විභවදෘෂ්ටීහු ද වන්නාහු ය.
Pali BJTසබ්බාව තා දිට්ඨියො අස්සාදදිට්ඨියො. සබ්බාව තා දිට්ඨියො අත්තානු දිට්ඨියො. සබ්බාව තා දිට්ඨියො මිච්ඡාදිට්ඨියො. සබ්බාව තා දිට්ඨියො සක්කායදිට්ඨියො. සබ්බාව තා දිට්ඨියො අන්තග්ගාහිකා දිට්ඨියො. සබ්බාව තා දිට්ඨියො සඤ්ඤොජනිකා දිට්ඨියො. සබ්බාව තා දිට්ඨියො අත්තවාදපටිසංයුත්තා දිට්ඨියො.
Sinhala BJTඑහැම දෘෂ්ටිහු ආස්වාද දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මානුදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු මිථ්‍යාදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සත්කායදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු අන්තග්‍රාහිකදෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු සංයොජනික දෘෂ්ටි වෙති. එහැම දෘෂ්ටීහු ආත්මවාදප්‍රතිසංයුක්ත දෘෂ්ටි වෙත්.
Pali BJT“භවඤ්ච දිට්ඨිං විභවඤ්ච දිට්ඨිං{1} එතං ද්වයං තක්කිකා නිස්සිතා සෙ{2} තෙසං නිරොධම්හි න හත්ථි{3} ඤාණං යත්ථායං ලොකො විපරීතසඤ්ඤී”ති.
Sinhala BJT“තාර්කිකයෝ තුමූ භවදෘෂ්ටිය ද, විභවදෘෂ්ටිය ද යන මෙ දෙක ඇසුරු කළාහු වෙති. යම් කරුණෙකින් මේ ලෝවැසි තෙම යම් නිරෝධ සුඛයෙක්හි විපරීතසංඥා ඇත්තේ ද, ඔවුනට ඒ නිරෝධයෙහි ඥානයෙක් නැද්ද එහෙයිනි.”
Pali BJT“ද්වීහි භික්ඛවෙ දිට්ඨිගතෙහි පරියුට්ඨිතා දෙවමනුස්සා ඔලීයන්ති{4} එකෙ, අතිධාවන්ති එකෙ, චක්ඛුමන්තො ච පස්සන්ති.
Sinhala BJT“මහණෙනි, ද්විවිධ දෘෂ්ටිගතයන් විසින් සමුදාචාරයට පත් දෙවිමිනිස්සු ඇතැම් කෙනෙක් ඔලීයන (ශාශ්වත සංඥා හෙයින් නිර්‍වාණයෙන් හැකිළීම) කෙරෙති. ඇතැම් කෙනෙක් (උච්ඡේද හෙයින් නිරොධගාමිනීප්‍රතිපදායෙහි) අතිධාවන කෙරෙත්. නුවණැස් ඇත්තාහු මැ දකිත්.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, ඔලීයන්ති එකෙ: භවාරාමා භික්ඛවෙ, දෙවමනුස්සා භවරතා භවසම්මුදිතා, තෙසං භවනිරොධාය ධම්මෙ දෙසියමානෙ චිත්තං න පක්ඛන්දති නප්පසීදති{5} න සන්තිට්ඨති නාධිමුච්චති. එවං ඛො භික්ඛවෙ ඔලීයන්ති එකෙ.
Sinhala BJTමහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙති යත් මහණෙනි, දෙවිමිනිස්සු භවය අභිරමණස්ථානය කොට ඇත්තාහු යැ. භවයෙහි ඇලුණාහු යැ, භවයෙන් සතුටු වූවාහු යැ. භවනිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි ඔවුන්ගේ සිත (ධර්‍මදේශනාවට හෝ භව නිරෝධයට) නො පිවිසෙයි. නො පහදී. නො පිහිටයි. අධිමුක්ත නො වේ. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් ඔලීයන කෙරෙත්.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අතිධාවන්ති එකෙ: භවෙනෙව{6} ඛො පනෙකෙ අට්ටීයමානා.{7} හරායමානා ජිගුච්ඡමානා විභවං අභිනන්දන්ති: ‘යතො කිර භො අයං අත්තා කායස්ස භෙදා{8} උච්ඡිජ්ජති විනස්සති න හොති පරං මරණා, එතං සන්තං එතං පණීතං එතං යාථාවන්ති{9} එවං ඛො භික්ඛවෙ අතිධාවන්ති එකෙ.
Sinhala BJTමහණෙනි, කිසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙති යත්: තවද අතැම් කෙනෙක් භවයෙන් මැ පෙළෙනු ලබන්නාහු ලජ්ජාවට පැමිණෙන්නාහු ජුගුප්සාවට පැමිණෙන්නාහු උච්ඡේදයට සතුටු වෙත්. භවත්නි, යම් තැනක පටන් මේ ආත්මය කාබුන් මරණින් මත්තෙහි සිඳේ ද වැනැසේ ද මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ ද තෙල (සිඳීම) ශාන්ත යැ තෙල ප්‍රණීත යැ තෙල යථාස්වාභාවය ල’යි. මහණෙනි, මෙසෙයින් ඇතැම් කෙනෙක් අතිධාවන කෙරෙත්.
Pali BJTකථඤ්ච භික්ඛවෙ චක්ඛුමන්තො ච පස්සන්ති: ඉධ භික්ඛවෙ භික්ඛූ භූතං භූතතො පස්සති, භූතං භූතතො දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති. එවං ඛො භික්ඛවෙ චක්ඛුමන්තො ච පස්සන්ති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් ඇස් අත්තාහු මැ දකිති යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙම භූතය (හේතුයෙන් උපන් ස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත දුඃඛය) භූත (දුඃඛ) වශයෙන් දකී. භූතය භූතවශයෙන් දැක භූතයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ. මහණෙනි, මෙසෙයින් ඇස් ඇත්තාහු මැ දකිත්.
Pali BJT‘යො භූතං භූතතො දිස්වා භූතස්ස ච අතික්කමං, යථාභූතෙ’ධිමුච්චති භවතණ්හා පරික්ඛයා’ (1)
Sinhala BJT“යමෙක් භූතය භූතවශයෙන් දැක භූතයාගේ ඉක්මවීම (නිරෝධය) ද දැක භවතෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙන් යථාස්වභාව වූ නිරෝධයෙහි අධිමුක්ත වේ ද, (1)
Pali BJTස චෙ{10} භූත පරිඤ්ඤාතො{11} වීතතණ්හො භවාභවෙ භූතස්ස විභවා භික්ඛු නාගච්ඡති පුනබ්භව”න්ති (2)
Sinhala BJTඒ අර්‍හත් තෙමේ ඒකාන්තයෙන් භූත සඞ්ඛ්‍යාත දුඃඛය පිරිසිඳ දත්තේ කුදුමහත් භවයෙහි පහවූ තෘෂ්ණා ඇත්තේ භූත සඞ්ඛ්‍යාත වර්‍තත දුඃඛයාගේ සිඳීමෙන් පුනර්‍භවයට නො පැමිණේ’ යයි. (2)
Pali BJTතයො පුග්ගලා විපන්නදිට්ඨි, තයො පුග්ගලා සම්පන්නදිට්ඨි.
Sinhala BJTපුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු යැ.
Pali BJTකතමෙ තයො පුග්ගලා විපන්නදිට්ඨි. තිත්ථියො ච තිත්ථියසාවකො ච යො ච මිච්ඡාදිට්ඨිකො. ඉමෙ තයො පුග්ගලා විපන්නදිට්ඨි.
Sinhala BJTකවර පුද්ගලයෝ තිදෙනෙක් විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තීර්‍ත්‍ථක යැ තීර්‍ත්‍ථකශ්‍රාවක යැ යමෙකුත් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු විරූපභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.
Pali BJTකතමෙ තයො පුග්ගලා සම්පන්නදිට්ඨි. තථාගතො ච තථාගතසාවකො ච යො ච සම්මාදිට්ඨිකො, ඉමෙ තයො පුග්ගලා සම්පන්නදිට්ඨි.
Sinhala BJTකවර පුද්ගලයෝ තිදෙනෙක් සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තාහු ද යත්: තථාගත යැ තථාගතශ්‍රාවක යැ යමෙකුත් සම්‍යග්දෘෂ්ටි ඇත්තේ නම් හේ යැ. මොහු සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇති තුන් පුඟුලෝ යි.
Pali BJT‘කොධනො උපනාහී ච පාපමක්ඛී ච යො නරො, විපන්නදිට්ඨි මායාවී තං ජඤ්ඤා වසලො ඉති, (1)
Sinhala BJTයම් මිනිසෙක් කිපෙනසුලු ද බද්ධවෛර ඇත්තේ ද ලාමක වූ මකුගුණ ඇත්තේ ද විරූපභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද කළ වරද වසනසුලු ද ඔහු ‘වසල’ යයි දන්නේ යැ. (1)
Pali BJTඅක්කොධනො අනුපනාහී විසුද්ධො{1} සුද්ධතං ගතො, සම්පන්නදිට්ඨි මෙධාවී තං ජඤ්ඤා අරියො ඉතී’ති, (2)
Sinhala BJT(යමෙක්) නො කිපෙනසුලු ද බද්ධවෛර නැත්තේ ද (ඥානදර්‍ශනවිශුද්ධියෙන්) විශුද්ධ වූයේ ද, (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශුද්ධභාවයට ගියේ ද සුන්‍දරභාවයට ගිය දෘෂ්ටි ඇත්තේ ද ප්‍රඥා ඇත්තේ ද ඔහු ‘ආර්‍ය්‍ය’ යයි දන්නේ ය’යි. (2)
Pali BJTතිස්සො විපන්නදිට්ඨියො, තිස්සො සම්පන්නදිට්ඨියො.
Sinhala BJTවිපන්නදෘෂ්ටීහු තිදෙනෙක, සම්පන්නදෘෂ්ටීහු තිදෙනෙකි.
Pali BJTකතමා තිස්සො විපන්නදිට්ඨියො: ‘එතං මමා’ති{2} විපන්නදිට්ඨි ‘එසො’හමස්මීති විපන්නදිට්ඨි, ‘එසො මෙ අත්තා’ති විපන්නදිට්ඨි, ඉමා තිස්සො විපන්නදිට්ඨියො.
Sinhala BJTතුන් විපන්නදෘෂ්ටීහු කවරහ යත්: ‘තෙල මාගේ යැ’ යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මම වෙමි” යනු විපන්නදෘෂ්ටි යැ “තෙල මාගේ ආත්ම යැ” යනු විපන්නදෘෂ්ටි යි. මොහු තුන් විපන්නදෘෂ්ටීහු වෙත්.
Pali BJTකතමා තිස්සො සම්පන්නදිට්ඨියො. ‘නෙතං මමා’ති{2} සම්පන්නදිට්ඨි, ‘නෙසො හමස්මී’ති සම්පන්නදිට්ඨි, ‘න මෙසො අත්තා’ති සම්පන්නදිට්ඨි, ඉමා තිස්සො සම්පන්නදිට්ඨියො.
Sinhala BJTතුන් සම්පන්නදෘෂ්ටීහු කවරහ යත්: “තෙල මාගේ නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යැ, “තෙල මම නො වෙමි” යනු සම්පන්නදෘෂ්ටි යැ. “තෙල මාගේ ආත්මය නො වෙයි” යනු සම්පන්නදෘෂ්ටි යි. මොහු තුන් සම්පන්නදෘෂ්ටීහු වෙත්.
Pali BJT‘එතං මමා’ති{2} කා දිට්ඨි. කති දිට්ඨියො: කතමන්තානුග්ගහිතා තා දිට්ඨියො. ‘එසො හමස්මී’ති කා දිට්ඨි. කති දිට්ඨියො. කතමන්තානුග්ගහිතා තා දිට්ඨියො. ‘එසො මෙ අත්තා’ති කා දිට්ඨි. කති දිට්ඨියො. කතමන්තානුග්ගහිතා තා දිට්ඨියො.
Sinhala BJT“තෙල මාගේ යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මම වෙමි” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද, “තෙල මාගේ ආත්ම යැ” යනු කවර දෘෂ්ටි ද, දෘෂ්ටීහු කෙතෙක් ද, ඒ දෘෂ්ටීහු කවර අන්තයෙකින් අනුගෘහීත වූවාහු ද යත්:
Pali BJT‘එතං මමා’ති පුබ්බන්තානුදිට්ඨි, අට්ඨාරස දිට්ඨියො, පුබ්බන්තානුග්ගහිතා තා දිට්ඨියො, ‘එසො හමස්මී’ති අපරන්තානුදිට්ඨි, චතුචත්තාළීසං දිට්ඨියො, අපරාන්තනුග්ගහිතා තා දිට්ඨියො, ‘එසො මෙ අත්තා’ති වීසතිවත්ථුකා අත්තානුදිට්ඨි, වීසති වත්ථුකා සක්කායදිට්ඨි, සක්කායදිට්ඨිප්පමුඛානි{3} ද්වාසට්ඨිදිට්ඨිගතානි, පුබ්බන්තාපරන්තානුග්ගහිතා තා දිට්ඨියො.
Sinhala BJT“තෙල මාගේ යැ” යනු පූර්‍වාන්තානුදෘෂ්ටි යැ දෘෂ්ටි අටළොසෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මම වෙමි” යනු අපරාන්තානුදෘෂ්ටි යැ. දෘෂ්ටි සියුසාලිසෙකි. ඒ දෘෂ්ටීහු අපරාන්තයෙන් අනුගෘහිතයහ. “තෙල මාගේ ආත්ම යැ” යනු විංශද්වස්තුක ආත්මානුදෘෂ්ටි යැ. විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, සත්කායදෘෂ්ටිය ප්‍රමුඛ කොට ඇති දෘෂ්ටිගත දෙසැටෙකි. ඒ දෘෂ්ටීහු පූර්‍වාන්තාපරාන්තයෙන් අනුගෘහීත වෙත්.
Pali BJT‘යෙ කෙචි භික්ඛවෙ, මයි නිට්ඨං ගතා, සබ්බෙ තෙ දිට්ඨිසම්පන්නා, තෙසං දිට්ඨිසම්පන්නාය පඤ්චන්නං ඉධ නිට්ඨා, පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා.
Sinhala BJTමහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි (‘භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ’යි) මාර්‍ගඥානවශයෙන් නිෂ්ඨාවට ගියාහු ද ඒ සියල්ලෝ දෘෂ්ටිසම්පන්නයෝ යි. එ දෘෂ්ටිසම්පන්නයන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා (පරිනිර්‍වාණය) වෙයි. පස්දෙනෙකුන්හට මේ කාමභවය හැරපියා නිෂ්ඨා වෙයි.
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා: සත්තක්ඛත්තුපරමස්ස, කොලංකොලස්ස, එකබීජිස්ස, සකදාගාමිස්ස, යො ච දිට්ඨෙව ධම්මෙ අරහා. ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා.
Sinhala BJTකවර පස්දෙනෙකුන්හට මෙහි නිෂ්ඨා වේ ද යත්: සත්තක්ඛත්තුපරමහට යැ කොලංකොලහට යැ ඒකබීජහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මේ පස්දෙනාහට මෙහි නිෂ්ඨා වේ.
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා: අන්තරාපරිනිබ්බායිස්ස, උපහච්චපරිනිබ්බායිස්ස, අසඞ්ඛාරපරිනිබ්බායිස්ස, සසඞ්ඛාරපරිනිබ්බායිස්ස, උද්ධංසොතස්ස අකනිට්ඨගාමිනො, ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා.
Sinhala BJTකවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වේ ද යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසෝත අකනිට්ඨාගාමීහට යැ යන මේ පස්දෙනාහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.
Pali BJTයෙ කෙචි භික්ඛවෙ මයි නිට්ඨං ගතා, සබ්බෙ තෙ දිට්ඨිසම්පන්නා, තෙසං දිට්ඨිසම්පන්නානං ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා, ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා.
Sinhala BJTමහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි නිෂ්ඨාවට ගියාහු ද එහැම දෙන දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියාහු යැ. ඒ දෘෂ්ටියෙන් සුන්‍දර බවට ගියවුන් අතුරින් මොවුන් පස්දෙනහට ඉධනිෂ්ඨා යැ මොවුන් පස්දෙනහට ඉධවිහාය නිත්මා යි.
Pali BJTයෙ කෙචි භික්ඛවෙ මයි අවෙච්චප්පසන්නා, සබ්බෙ තෙ සොතාපන්නා, තෙසං සොතාපන්නානං පඤ්චන්නං ඉධ නිට්ඨා, පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා.
Sinhala BJTමහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ප්‍රසන්නයෝ වෙත් ද, එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රෝතසට පැමිණියාහු යැ. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රෝතසට පැමිණියවුන් අතුරින් පස්දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. පස් දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි.
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා: සත්තක්ඛත්තුපරමස්ස, කොලංකොලස්ස, එකබීජිස්ස, සකදාගාමිස්ස, යො ච දිට්ඨෙව ධම්මෙ අරහා, ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා.
Sinhala BJTකවර පස් දෙනකුන්හට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි යත්: සත්තක්ඛත්තුපරමහට යැ. කොලංකොලහට යැ ඒකබීජිහට යැ සකෘදගාමීහට යැ යමෙකුත් මේ අත්බැව්හි මැ අර්‍හත් වේ ද ඔබට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වේ.
Pali BJTකතමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා: අන්තරාපරිනිබ්බායිස්ස, උපහච්චපරිනිබ්බායිස්ස, අසඞ්ඛාරපරිනිබ්බායිස්ස, සසඞ්ඛාර පරිනිබ්බායිස්ස, උද්ධංසොතස්ස අකනිට්ඨගාමිනො, ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා.
Sinhala BJTකවර පස්දෙනකුන්හට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වෙයි යත්: අන්තරාපරිනිබ්බායීහට යැ උපහච්චපරිනිබ්බායීහට යැ අසඞ්කාරපරිනිබ්බායීහට යැ සසඞ්කාරපරිනිබ්බායීහට යැ උද්ධංසෝතඅකනිට්ඨගාමීහට යැ යන මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨාව වේ.
Pali BJTයෙ කෙචි භික්ඛවෙ මයි අවෙච්චප්පසන්නා, සබ්බෙ තෙ සොතාපත්තා, තෙසං සොතාපන්නානං ඉමෙසං පඤ්චන්නං ඉධ නිට්ඨා, ඉමෙසං පඤ්චන්නං ඉධ විහාය නිට්ඨා.”
Sinhala BJTමහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි අචල ප්‍රසාදයෙන් ප්‍රසන්නයෝ වෙත් ද එහැම දෙන ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියාහු වෙති. ඒ ආර්‍ය්‍යමාර්‍ගශ්‍රොත්‍රසට පැමිණියවුන් අතුරෙන් මොවුන් පස්දෙනහට මේ කාමධාතුයෙහි නිෂ්ඨා වෙයි. මොවුන් පස්දෙනහට මේ කාමධාතුව හැරපියා නිෂ්ඨා වේ යයි.
Pali BJTදිට්ඨිකතා සමත්තා.
Sinhala BJTදෘෂ්ටිකථා නිමි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTආනාපානසතිකථා.
Sinhala BJTආනාපානස්මෘති කථා
Pali BJT3-1. ගණනුද්දෙසො
Sinhala BJT3-1. ගණනවාරය
Pali BJTසොළසවත්ථුකං ආනාපානසති සමාධිං{1} භාවයතො සමධිකානි{2} ද්වෙ ඤාණසතානි උප්පජ්ජන්ති: අට්ඨ පරිපන්ථෙ ඤාණානි, අට්ඨ{3} උපකාරෙ ඤාණානි, අට්ඨාරස උපක්කිලෙසෙ ඤාණානි, තෙරස වොදානෙ ඤාණානි, බත්තිංස{4} සතොකාරිස්ස{5} ඤාණානි, චතුවීසති සමාධිවසෙන ඤාණානි, ද්වෙසත්තති විපස්සනාවසෙන ඤාණානි, අට්ඨ නිබ්බිදාඤාණානි, අට්ඨ නිබ්බිදානුලොමඤාණානි, අට්ඨ නිබ්බිදාපටිප්පස්සද්ධාඤාණානි, එකවීසති විමුත්තිසුඛෙ ඤාණානි.
Sinhala BJTෂෝඩශවස්තුක ආනාපානස්මෘති සමාධිය වඩන්නහුට සාතිරෙක දෙසියක් ඥානයෝ උපදිති. උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අට දෙනෙක, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙනෙක, උපක්ලේශ අරමුණු කොට පැවැති ඥානයෝ අටළොසෙක, වෝදානඥාන තුදුසෙක, සිහි ඇති වැ කරන්නහුගේ ඥාන දෙතිසෙක, සමාධිවශයෙන් පැවැති ඥානයෝ සූවිස්සෙක, විදර්‍ශනාවශයෙන් පැවැති ඥානයෝ දෙසැත්තෑවෙක, නිර්වේදඥානයෝ අටදෙනෙක, නිර්වේදයට අනුලොම් වූ ඥානයෝ අටදෙනෙක, නිර්වේදයාගේ සන්හිඳීමෙහි ඥානයෝ අටදෙනෙක, විමුක්තිසුඛසම්ප්‍රයුක්තඥානයෝ එක්විස්සෙකි.
Pali BJTගණනුද්දෙසො සමත්තො
Sinhala BJTගණනවාරය නිමි.
Pali BJT3-2. පරිපන්ථ - උපකාරසොළස ඤාණානි
Sinhala BJT3-2. පරිපන්‍ථ උපකාර ෂොඩශඥානයෝ
Pali BJTකතමානි අට්ඨ පරිපන්ථෙ ඤාණානි, අට්ඨ ච උපකාරෙ ඤාණානි.
Sinhala BJTඋවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන, උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන කවරහ යත්:
Pali BJTකාමච්ඡන්දො සමාධිස්ස පරිපන්ථො, නෙක්ඛම්මං සමාධිස්ස උපකාරං: බ්යාපාදො සමාධිස්ස පරිපන්ථො, අබ්යාපාදො සමාධිස්ස උපකාරං: ථිනමිද්ධං{6} සමාධිස්ස පරිපන්ථො, ආලොකසඤ්ඤා සමාධිස්ස උපකාරං: උද්ධච්චං සාමධිස්ස පරිපන්ථො, අවික්ඛෙපො සමාධිස්ස උපකාරං: විචිකිච්ඡා සමාධිස්ස පරිපන්ථො, ධම්මවවත්ථානං සමාධිස්ස උපකාරං: අවිජ්ජා සාමධිස්ස පරිපන්ථො, ඤාණං සමාධිස්ස උපකාරං, අරති සමාධිස්ස පරිපන්ථො, පාමොජ්ජං සමාධිස්ස උපකාරං: සබ්බෙපි අකුසලා ධම්මා සමාධිස්ස පරිපන්ථා, සබ්බෙපි කුසලා ධම්මා සමාධිස්ස උපකාරා. ඉමානි අට්ඨ පරිපන්ථෙ ඤාණානි, අට්ඨ ච උපකාරෙ ඤාණානි.
Sinhala BJTකාමච්ඡන්‍දය සමාධියට උවදුරු යැ, නෛෂ්ක්‍රම්‍යය සමාධියට උපකාර යැ. ව්‍යාපාදය සමාධියට උවදුරු යැ, අව්‍යාපදාය සමාධියට උපකාර යැ. ථිනමිද්ධය සමාධියට උවදුරු යැ, ආලෝකසංඥාව සමාධියට උපකාර යැ. ඖද්ධත්‍යය සමාධියට උවදුරු යැ, අවික්‍ෂේපය සමාධියට උපකාර යැ. විචිකිත්සාව සමාධියට උවදුරු යැ, ධර්‍මවිනිශ්චය සමාධියට උපකාර යැ. අවිද්‍යාව සමාධියට උවදුරු යැ, ඥානය සමාධියට උපකාර යැ. අරතිය සමාධියට උවදුරු යැ, ප්‍රාමෝද්‍යය සමාධියට උපකාර යැ. හැම අකුශලධර්‍මයෝ සමාධියට උවදුරු වෙති. හැම කුශලධර්‍මයෝ සමාධියට උපකාර වෙත්. මොහු උවදුරු අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද උපකාර අරමුණු කොට පැවැති ඥානයෝ අටදෙන ද වෙත්.
Pali BJTඉමෙහි සොළසහි ආකාරෙහි උදුචිතං චිත්තං{7} සමුදුචිතං{8} එකත්තෙ සන්තිට්ඨති, නීවරණෙහි විසුජ්ඣති.
Sinhala BJTමේ සොළොස් අයුරින් මතුමත්තෙහි කළ පරිචය ඇති මොනොවට මතුමත්තෙහි කළ පරිචය ඇති සිත ඒකත්‍වයෙහි පිහිටයි, නීවරණයන් කෙරෙන් විශුද්ධ වෙයි.
Pali BJTකතමෙ තෙ එකත්තා: නෙක්ඛම්මං එකත්තං, අබ්යාපාදො එකත්තං, ආලොකසඤ්ඤා එකත්තං, අවික්ඛෙපො එකත්තං, ධම්මවවත්ථානං එකත්තං, ඤාණං එකත්තං, පාමොජ්ජං එකත්තං, සබ්බෙපි කුසලා ධම්මා එකත්තා.
Sinhala BJTමේ ඒකත්‍වයෝ කවරහ යත්: නෛෂ්ක්‍රම්‍යය ඒකත්‍ව යැ අව්‍යාපාදය ඒකත්‍ව යැ ආලෝකසංඥාව ඒකත්‍ව යැ අවික්‍ෂේපය ඒකත්‍ව යැ ධර්‍මවිනිශ්චය ඒකත්‍ව යැ ඥානය ඒකත්‍ව යැ ප්‍රාමෝද්‍යය ඒකත්‍ව යැ හැම කුශලධර්‍මයෝ ඒකත්‍වයෝ යි.
Pali BJTකතමෙ{9} තෙ නීවරණා: කාමච්ඡන්දො නීවරණං, බ්යාපාදො නීවරණං, ථිනමිද්ධං නීවරණං, උද්ධච්චකුක්කුච්චං නීවරණං, විචිකිච්ඡා නීවරණං, අවිජ්ජා නීවරණං, අරති නීවරණං, සබ්බෙපි අකුසලා ධම්මා නීවරණා.
Sinhala BJTඒ නීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්‍දය නීවරණ යැ ව්‍යාපාදය නීවරණ යැ ථීනමිද්ධය නීවරණ යැ උද්ධච්චකුක්කුච්චය නීවරණ යැ විචිකිච්ඡාව නීවරණ යැ අවිජ්ජාව නීවරණ යැ අරතිය නීවරණ යැ හැම අකුශලධර්‍මයෝ නීවරණයෝ යි.
Pali BJTනීවරණා’ති කෙනට්ඨෙන{1} නීවරණා: නිය්යානාවරණට්ඨෙන{2} නීවරණා.
Sinhala BJTනීවරණා යනු: කවර අරුතින් නීවරණ වෙයි යත්: නිර්‍ය්‍යාණාවරණාර්‍ත්‍ථයෙන් නීවරණ යැ:
Pali BJTකතමෙ තෙ නිය්යානා: නෙක්ඛම්මං අරියානං නිය්යානං, තෙන ච නෙක්ඛම්මෙන අරියා නීයන්ති:{3} කාමච්ඡන්දො නිය්යානාවරණං, තෙන ච කාමච්ඡන්දෙන නිවුතත්තා නෙක්ඛම්මං අරියානං නිය්යානං නප්පජානාතීති{4} කාමච්ඡන්දො නිය්යානාවරණං, අබ්යාපාදො අරියානං නිය්යානං, තෙන ච අබ්යාපාදෙන අරියා නීයන්ති:{3} බ්යාපාදො නිය්යානාවරණං, තෙන ච බ්යාපාදෙන නිවුතත්තා අබ්යාපාදං අරියානං නිය්යානං නප්පජානාතීති{4}, බ්යාපාදො නිය්යානාවරණං. අලොකසඤ්ඤා අරියානං නිය්යානං, තාය ච අලොකසඤ්ඤා අරියා නීයන්ති: ථිනමිද්ධං නිය්යානාවරණං, තෙන ච ථිනමිද්ධෙන නිවුතත්තා අලොකසඤ්ඤං අරියානං නිය්යානං නප්පජානාතීති ථිනමිද්ධං නිය්යානාවරණං. අවික්ඛෙපො අරියානං නිය්යානං, තෙන ච අවික්ඛෙපෙන අරියා නීයන්ති: උද්ධච්චං නිය්යානාවරණං, තෙන ච උද්ධච්චෙන නිවුතත්තා අවික්ඛෙපං අරියානං නිය්යානං නප්පජානාතීති උද්ධච්චං නිය්යානාවරණං. ධම්මවවත්ථානං අරියානං නිය්යානං, තෙන ච ධම්මවවත්ථානෙන අරියා නීයන්ති: විචිකිච්ඡා නිය්යානාවරණං, තාය ච විචිකිච්ඡාය නිවුතත්තා ධම්මවවත්ථානං අරියානං නිය්යානං නප්පජානාතීති විචිකිච්ඡා නිය්යානාවරණං, ඤාණං අරියානං නිය්යානං, තෙන ච ඤාණෙන අරියා නීයන්ති: අවිජ්ජා නිය්යානාවරණං, තාය ච අවිජ්ජාය නිවුතත්තා ඤාණං අරියානං නිය්යානං නප්පජානාතීති අවිජ්ජා නිය්යානාවරණං, පාමොජ්ජං{5} අරියානං නිය්යානං තෙන ච පාමොජ්ජෙන අරියා නීයන්ති: අරති නිය්යානාවරණං, තාය ච අරතියා නිවුතත්තා පාමොජ්ජං අරියානං නිය්යානං නප්පජානාතීති අරති නිය්යානාවරණං, සබ්බෙපි කුසලා ධම්මා අරියානං නිය්යානං, තෙහි ච කුසලෙහි ධම්මෙහි අරියා නීයන්ති: සබ්බෙපි අකුසලා ධම්මා නිය්යානාවරණං, තෙහි ච අකුසලෙහි ධම්මෙහි නිවුතත්තා කුසලෙ ධම්මෙ අරියානං නිය්යානං නප්පජානාතීති සබ්බෙපි අකුසලා ධම්මා නිය්යානාවරණා.
Sinhala BJTඒ නිර්‍ය්‍යාණයෝ කවරහ යත්: නෙෂ්ක්‍රම්‍යය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ නෛෂ්ක්‍රම්‍යය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (කාමයෙන්) නික්ම යෙති. කාමච්ඡන්‍දය නිර්‍ය්‍යාණාවරණයෙක. ඒ කාමච්ඡන්‍දයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ නෛෂ්ක්‍රම්‍යය නො දනී නු යි කාමච්ඡන්‍දය නිර්‍ය්‍යාණාවරණ යැ. අව්‍යාපාදය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අව්‍යාපාදය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ව්‍යාපාදයෙන්) නික්ම යෙති. ව්‍යාපාදය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ව්‍යාපාදයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ අව්‍යාපාදය නො දනී නු යි ව්‍යාපාදය නිර්‍ය්‍යාණාවරණ යැ. ආලෝකසංඥාව ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අලෝකසංඥාව හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ථීනමිද්ධයෙන්) නික්ම යෙති. ථිනමිද්ධය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ථිනමිද්ධයෙනු දු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ආලෝකසංඥාව නො ද නී නු යි. ථීනමිද්ධය නිර්‍ය්‍යාණාවරණ යැ. අවික්‍ෂේපය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ අවික්‍ෂේපය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (ඖද්ධත්‍යයෙන්) නික්ම යෙති. ඖද්ධත්‍යය නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ ඖද්ධත්‍යයෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ අවික්‍ෂේපය නො ද නී නු යි. ඖද්ධත්‍යය නිර්‍ය්‍යාණාවරණ යැ. ධර්‍මවිනිශ්චය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ධර්‍මවිනිශ්චය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (විචිකිත්සායෙන්) නික්ම යෙති. විචිකිත්සාව නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ විචිකිත්සායෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ධර්‍මවිනිශ්චය නො ද නී නු යි විචිකිත්සාව නිර්‍ය්‍යාණාවරණ යැ. ඥානය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ඥානය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (අවිද්‍යායෙන්) නික්ම යෙති. අවිද්‍යාව නිර්‍ය්‍යාණයට ආවරණයෙක. ඒ අවිද්‍යායෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ඥානය නො ද නී නු යි අවිද්‍යාව නිර්‍ය්‍යාණාවරණ යැ. ප්‍රාමෝද්‍යය ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ ප්‍රාමෝද්‍යය හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (අරතියෙන්) නික්ම යෙති. අරතිය නිර්‍ය්‍යාණාවරණයෙක. ඒ අරතියෙනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ ප්‍රාමෝද්‍යය නො ද නී නු යි අරතිය නිර්‍ය්‍යාණාවරණ යැ. හැම කුශලධර්‍මයෝ ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණයෙක. ඒ කුශලධර්‍මයන් හේතුකොටගෙන ද ආර්‍ය්‍යයෝ (හැම අකුශලයෙන්) නික්ම යෙති. හැම අකුශල ධර්‍මයෝ නිර්‍ය්‍යාණාවරණයෝ යැ. ඒ අකුශලධර්‍මයන් විසිනුදු වැසුණු බැවින් ආර්‍ය්‍යයන්ගේ නිර්‍ය්‍යාණය වූ කුශලධර්‍මයන් නො ද නී නු යි හැම අකුශලධර්‍මයෝ නිර්‍ය්‍යාණාවරණයෝ යැ.
Pali BJTසොළසඤාණනිද්දෙසො සමත්තො.
Sinhala BJTෂෝඩශඥානනිර්දේශය නිමි.
Pali BJT3-3. උපක්කිලෙසඤාණානි.
Sinhala BJT3-3. උපක්ලේශඥාන
Pali BJTඉමෙහි ච පන නීවරණෙහි විසුද්ධචිත්තස්ස සොළසවත්ථුකං{6} ආනාපානසතිසමාධිං භාවයතො ඛණිකසමොධානා කතමෙ අට්ඨාරස උපක්කිලෙසා උප්පජ්ජන්ති:
Sinhala BJTතවද මේ නීවරණයන් කෙරෙන් (උපචාරභූමියෙහි) විශුද්ධ වූ සිත් ඇති, ෂෝඩශවස්තුක ආනාපානස්මෘතිය වඩන්නහුට ක්‍ෂණිකසමවධානය (උපක්ලේශසමාගමය) හේතුකොටගෙන කවර අටළොස් උපක්ලේශයෝ උපදනාහු ද යත්:
Pali BJTඅස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තවික්ඛෙපගතං චිත්තං සමාධිස්ස පරිපන්ථො, පස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධාවික්ඛෙපගතං චිත්තං සමාධිස්ස පරිපන්ථො, අස්සාසපටිකඞ්ඛනා නිකන්තිතණ්හාචරියා සමාධිස්ස පරිපන්ථො, පස්සාසපටිකඞ්ඛනා නිකන්තිතණ්හාචරියා සමාධිස්ස පරිපන්ථො, අස්සාසෙනාභිතුන්නස්ස පස්සාසපටිලාභෙ මුච්ඡනා සමාධිස්ස පරිපන්ථො, පස්සාසෙනාභිතුන්නස්ස අස්සාසපටිලාභෙ මුච්ඡනා සමාධිස්ස පරිපන්ථො.
Sinhala BJTආශ්වාසයාගේ ආදි-මධ්‍ය-පර්‍ය්‍යවසානය සිහියෙන් අනුව යන්නහුගේ අධ්‍යාත්මයෙහි වික්‍ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසයාගේ ආදි-මධ්‍ය-පර්‍ය්‍යවසානය සිහියෙන් අනුව යන්නහුගේ වාහ්‍යායතනයෙහි වික්‍ෂේපයට ගිය සිත සමාධියට උවදුරෙක. ආශ්වාසය පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නිකාමය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ප්‍රශ්වාසය පිළිබඳ ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නිකාමනය වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උවදුරෙක. ආශ්වාසයෙන් පෙළුණහුගේ ප්‍රශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි. ප්‍රශ්වාසයෙන් පෙළුණහුගේ ආශ්වාසප්‍රතිලාභයෙහි ඇලීම සමාධියට උවදුරෙකි.