Pali BJTඉමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි.
Sinhala BJTමොහු අටළොස් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ යි.
Pali BJTකතමං සොළස දිට්ඨියො:
Sinhala BJTසොළොස් දෘෂ්ටීහු කවරහ යත්:
Pali BJTඅස්සාදදිට්ඨි, අත්තානුදිට්ඨි, මිච්ඡාදිට්ඨි, සක්කායදිට්ඨි, සක්කාය වත්ථුකා සස්සතදිට්ඨි, සක්කායවත්ථුකා උච්ඡෙදදිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි, පුබ්බන්තානු දිට්ඨි, අපරන්තානුදිට්ඨි, සඤ්ඤොජනිකා දිට්ඨි, අහ’න්ති මානවිනිබන්ධා දිට්ඨි, මම’න්ති මානවිනිබන්ධා දිට්ඨි, අත්තවාදපටිසංයුත්තා දිට්ඨි, ලොකවාදපටිසංයුත්තා දිට්ඨි, භවදිට්ඨි, විභවදිට්ඨි.
Sinhala BJTආස්වාදදෘෂ්ටි යැ අත්මානුදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටි යැ සත්කායදෘෂ්ටි යැ සත්කායවස්තුක වූ ශාශ්වතදෘෂ්ටි යැ සත්කාය වස්තුක වූ උච්ඡේදදෘෂ්ටි යැ අන්තග්‍රාහික දෘෂ්ටි යැ පූර්‍වාන්තානුදෘෂ්ටි යැ අපරාන්තානුදෘෂ්ටි යැ සංයෝජනිකදෘෂ්ටි යැ ‘මම’ යයි (උපන්) මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ ‘මාගේ යැ’යි (උපන්) මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ ආත්මවාදයෙන් බැඳුණු දෘෂ්ටි යැ ලෝකවාදයෙන් බැඳුණු දෘෂ්ටි යැ භවදෘෂ්ටි යැ විභවදෘෂ්ටි යි.
Pali BJTඉමා සොළස දිට්ඨියො.
Sinhala BJTමොහු සොළොස් දෘෂ්ටීහු වෙත්.
Pali BJTකතමෙ තීණි සතං දිට්ඨාභිනිවෙසා:{*}
Sinhala BJTතුන්සියයක් දෘෂ්ට්‍යභිනිවේශයෝ කවරහ යත්:
Pali BJTඅස්සාදදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTකිහි අයුරෙකින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය (බැසැ ගැනීම) වේ ද?
Pali BJTඅත්තානුදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTමිච්ඡාදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් මිථ්‍යාදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTසක්කායදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් සත්කායදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTසක්කායවත්ථුකාය සස්සතදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTසක්කායවත්ථුකාය උච්ඡෙදදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTඅන්තග්ගාහිකාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTපුබ්බන්තානුදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTඅපරන්තානුදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් අපරාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTසඤ්ඤොජනිකාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTකිහි අයුරෙකින් සංයෝජනිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTඅහ’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් ‘මම’ යයි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTමමන්ති මානවිනිබන්ධාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් ‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTඅත්තවාදපටිසංයුත්තාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් ආත්මවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTලොකවාදපටිසංයුත්තාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් ලොකවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTභවදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් භවදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?
Pali BJTවිභවදිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිහි අයුරෙකින් විභවදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
Pali BJTඅස්සාදදිට්ඨියා පඤ්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTපන්තිස් අයුරෙකින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTඅත්තානුදිට්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTවිසි අයුරෙකින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTමිච්ඡාදිට්ඨියා දසහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTදස අයුරෙකින් මිථ්‍යාදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTසක්කායදිට්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTවිසි අයුරෙකින් සත්කායදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTසක්කායවත්ථුකාය සස්සතදිට්ඨායා පන්නරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTපසළොස් අයුරෙකින් සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTසක්කායවත්ථුකාය උච්ඡෙදදිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති
Sinhala BJTපස් අයුරෙකින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTඅන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්ඤාසාය අකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTපනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTපුබ්බන්තානුදිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTඅටළොස් අයුරෙකින් පූර්‍වාන්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTඅපරන්තානුදිට්ඨියා චතුචත්තාලීසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTසියුසාලිස් අයුරෙකින් අපරාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTසඤ්ඤොජනිකාය දිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙරසො හොති.
Sinhala BJTඅටළොස් අයුරෙකින් සංයෝජනිකදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTඅහ’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTඅටළොස් අයුරෙකින් ‘මම’ යයි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTමම’න්ති මානවිනිබන්ධාය දිට්ඨියා අට්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTඅටළොස් අයුරෙකින් ‘මාගේ’යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTඅත්තවාදපටිසංයුත්තාය දිට්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTවිසි අයුරෙකින් ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTලොකවාදපටිසංයුත්තාය දිට්ඨියා අට්ඨහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTඅට අයුරෙකින් ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTභවදිට්ඨියා එකෙන ආකාරෙන{1} අභිනිවෙසො හොති.
Sinhala BJTඑක් අයුරෙකින් භවදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJTවිභවදිට්ඨියා එකෙන ආකාරෙන{1} අභිනිවෙසො හොති.
Sinhala BJTඑක් අයුරෙකින් විභවදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.
Pali BJT2-1. අස්සාදදිට්ඨි
Sinhala BJT2-1. ආස්වාදදෘෂ්ටිය
Pali BJTඅස්සාදදිට්ඨියා කතමෙහි පඤ්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකවර පන්තිස් අයුරින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:
Pali BJT‘යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපස්ස අස්සාදො’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි. දිට්ඨි න අස්සාදො, අස්සාදො න දිට්ඨි, අඤ්ඤදිට්ඨි, අඤ්ඤො අස්සාදො; යා ච දිට්ඨි, යො ච අස්සාදො, අයං වුච්චති අස්සාදදිට්ඨි.
Sinhala BJT‘රූපස්කන්‍ධය පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ රූපයාගේ ආස්වාද යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, ආස්වාදය අනෙකෙක; යම් දෘෂ්ටියෙකුත් යම් ආස්වාදයෙකුත් වේ ද, මේ ‘ආස්වාදදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
Pali BJTඅස්සාදදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි{1} දිට්ඨිවිපත්ති, තාය දිට්ඨිවිපත්තියා සමන්නාගතො පුග්ගලො දිට්ඨිවිපන්නො, දිට්ඨිවිපන්නො පුග්ගලො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු: දිට්ඨි හිස්ස පාපිකා යො දිට්ඨියා රාගො{2}, සො න දිට්ඨි, දිට්ඨි න රාගො, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤො රාගො, යා ච දිට්ඨි යො ච රාගො, අයං වුච්චති දිට්ඨිරාගො, තාය ච දිට්ඨියා තෙන ච රාගෙන සමන්නාගතො පුග්ගලො දිට්ඨිරාගරත්තො{3} දිට්ඨිරාගරත්තෙ පුග්ගලෙ දින්නං දානං න මහප්ඵලං හොති න මහානිසංසං තං කිස්ස හෙතු: දිට්ඨි හිස්ස පාපිකං.
Sinhala BJTආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියෙක, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියෙක, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමෙ දෘෂ්ටිවිපන්න නම දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. එ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියෙකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දිට්ඨිරාග ය’යි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම දෘෂ්ටිරාගරක්ත නම. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දෙන ලද දානය මහත්ඵල නො වෙයි, මහානෘශංස නො වේ. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
Pali BJTඅස්සාදදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස ද්වෙ ගතියො: නිරයො වා තිරච්ඡානයොනි වා මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං.{4} සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා යා ච පත්ථනා, යො ච පණිධි, යෙ ච සඞ්ඛාරා, සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හිස්ස පාපිකා. සෙය්යථාපි නිම්බබීජං වා කොසාතකීබීජං වා තිත්තකාලාබුබීජං{5} වා අල්ලාය පඨවියා නික්ඛිත්තං යඤ්චෙව පඨවිරසං උපාදියති, යඤ්ච ආපොරසං උපාදියති, සබ්බං තං තිත්තකත්තාය{6} කටුකත්තාය{7} අසාතත්තාය{8} සංවත්තති තං කිස්ස හෙතු: බීජං හිස්ස පාපකං. එවමෙව මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා, සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු දිට්ඨි හිස්ස පාපිකා.
Sinhala BJTමිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි. නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ට බව පිණිස අකාන්ත බව පිණිස අමනාප බව පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක වූ ද එහෙයිනි. යම්සේ කොසොඹ බිජුවටෙක් හෝ තිත්ත වැටකොළු බිජුවටෙක් හෝ තෙත් වූ පොළොව්හි රෝපණය කරන ලද්දේ යම් පෘථිවිරසයෙකුත් ගනු ලැබේද යම් අබ්රසයෙකුත් ගනු ලැබේ ද එ හැම තිත්ත බවට කටුක බවට නො මිහිරි බවට වැටෙයි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඒ කොසොඹ ආදියෙහි බිජුවට ලාමක ද එහෙයිනි. එපරිද්දෙන් මැ මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරනලද ගන්නාලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද එ හැම ධර්‍මයෝ අනිෂ්ට බවට අකාන්ත බවට අමනාප බවට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
Pali BJTඅස්සාදදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි{9} දිට්ඨිගතං, දිට්ඨිගහනං, දිට්ඨිකන්තාරං, දිට්ඨිවිසූකං, දිට්ඨිවිප්ඵන්දිතං, දිට්ඨිසඤ්ඤොජනං, දිට්ඨිසල්ලං, දිට්ඨිසම්බාධො, දිට්ඨිපළිබොධො, දිට්ඨිබන්ධනං, දිට්ඨිපපාතො, දිට්ඨානුසයො, දිට්ඨිසන්තාපො දිට්ඨිපරිළාහො, දිට්ඨිගන්ථො, දිට්ඨූපාදානං, දිට්ඨාභිනිවෙසො, දිට්ඨිපරාමාසො,{10} ඉමෙහි අට්ඨාරසහි ආකාරෙහි පරියුට්ඨිතචිත්තස්ස සඤ්ඤොගො.
Sinhala BJTආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිගතයෙක, දෘෂ්ටිගහනයෙක, දෘෂ්ටිකාන්තාරයෙක, දෘෂ්ටි නැමැති හුලෙක, දෘෂ්ටියගේ විරූප චලනයෙක, දෘෂ්ටිසංයෝජනයෙක්, දෘෂ්ටිශල්‍යයෙක, දෘෂ්ටිසම්බාධයෙක, දෘෂ්ටිපරිබෝධයෙක, දෘෂ්ටිබන්‍ධනයෙක, දෘෂ්ටිප්‍රපාතයෙක, දෘෂ්ට්‍යනුශයෙක, දෘෂ්ටිසන්තාපයෙක, දෘෂ්ටිපරිදාහයෙක, දෘෂ්ටිග්‍රන්‍ථයෙක, දෘෂ්ට්‍යුපාදානයෙක, දෘෂ්ට්‍යභිනිවේශයෙක, දෘෂ්ටිපරාමර්‍ශයෙකි. මේ අටළොස් අයුරින් සමුදාචාරයට පැමිණි සිත් ඇත්තහුගේ (සසර) සංයෝගය වේ.
Pali BJTඅත්ථි සඤ්ඤොජනාති චෙව දිට්ඨියො ච, අත්ථි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJTදෘෂ්ටි ද වූ සංයෝජනයෝ ද ඇත. දෘෂ්ටි නො වූ සංයෝජනයෝ ද ඇති.
Pali BJTකතමානි සඤ්ඤොජනානි චෙව දිට්ඨියො ච: සක්කායදිට්ඨි සීලබ්බතපරාමාසො, ඉමානි සඤ්ඤොජනානි චෙව දිට්ඨියො ච.
Sinhala BJTදෘෂ්ටි ද වූ සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි යැ ශීලව්‍රතපරාමර්‍ශ යි. මොහු දෘෂ්ටි ද වූ සංයෝජනයෝ යි.
Pali BJTකතමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො: කාමරාගසඤ්ඤොජනං පටිඝසඤ්ඤොජනං මානසඤ්ඤොජනං විචිකිච්ඡාසඤ්ඤොජනං භවරාගසඤ්ඤොජනං ඉස්සාසඤ්ඤොජනං මච්ඡරියසඤ්ඤොජනං අනුනයසඤ්ඤොජනං අවිජ්ජාසඤ්ඤොජනං, ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො,{*}
Sinhala BJTදෘෂ්ටි නො වූ සංයෝජනයෝ කවරහ යත්: කාමරාග සංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ විචිකිත්සා සංයෝජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යා සංයෝජන යැ මාත්සර්‍ය්‍ය සංයෝජන යැ අනුනයසංයෝජන යැ අවිද්‍යාසංයෝජන යි. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJTයං වෙදනං පටිච්ච -පෙ- යං සඤ්ඤං පටිච්ච -පෙ- යං සඞ්ඛාරෙ පටිච්ච -පෙ- යං විඤ්ඤාණං පටිච්ච -පෙ- යං චක්ඛුං පටිච්ච -පෙ- යං සොතං පටිච්ච -පෙ- යං ඝානං පටිච්ච -පෙ- යං ජිව්හං පටිච්ච -පෙ- යං කායං පටිච්ච -පෙ- යං මනං පටිච්ච -පෙ- යං රූපෙ පටිච්ච -පෙ- යං සද්දෙ පටිච්ච -පෙ- යං ගන්ධෙ පටිච්ච -පෙ- යං රසෙ පටිච්ච -පෙ- යං ඵොට්ඨබ්බෙ පටිච්ච -පෙ- යං ධම්මෙ පටිච්ච -පෙ- යං චක්ඛුවිඤ්ඤාණං පටිච්ච -පෙ- යං සොතවිඤ්ඤාණං පටිච්ච -පෙ- යං ඝානවිඤ්ඤාණං පටිච්ච -පෙ- යං ජිව්හාවිඤ්ඤාණං පටිච්ච -පෙ- යං කායවිඤ්ඤාණං පටිච්ච -පෙ- යං මනො විඤ්ඤාණං පටිච්ච -පෙ- යං චක්ඛුසම්ඵස්සං පටිච්ච -පෙ- යං සොතසම්ඵස්සං පටිච්ච -පෙ- යං ඝානසම්ඵස්සං පටිච්ච -පෙ- යං ජිව්හාසම්ඵස්සං පටිච්ච -පෙ- යං කායසම්ඵස්සං පටිච්ච -පෙ- යං මනොසම්ඵස්සං පටිච්ච -පෙ- යං චක්ඛුසම්ඵස්සජං වෙදනං පටිච්ච -පෙ- යං සෙතසම්ඵස්සජං වෙදනං පටිච්ච -පෙ- ඝානසම්ඵස්සජං වෙදනං පටිච්ච -පෙ- යං ජිව්හාසම්ඵස්සජං වෙදනං පටිච්ච -පෙ- යං කායසම්ඵස්සජං වෙදනං පටිච්ච -පෙ- යං මනොසම්ඵස්සජං වෙදනං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං මනොසම්ඵස්සජාය වෙදනාය අස්සාදො’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි. දිට්ඨි න අස්සාදො අස්සාදො න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤො අස්සාදො. යා ච දිට්ඨි යො ච අස්සාදො, අයං වුච්චති අස්සාදදිට්ඨි.
Sinhala BJTවේදනාව නිසා ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා ... චක්‍ෂුස නිසා ... ශ්‍රෝත්‍රය නිසා ... ඝ්‍රාණය නිසා ... ජිහ්වාව නිසා ... කාය නිසා ... මනස නිසා ... රූපයන් නිසා ... ශබ්දයන් නිසා ... ගන්‍ධයන් නිසා ... රසයන් නිසා ... ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා ... ධර්‍මයන් නිසා ... චක්‍ෂුර්විඥානය නිසා ... ශ්‍රෝත්‍රවිඥානය නිසා ... ඝ්‍රාණ විඥානය නිසා ... ජිහ්වාවිඥානය නිසා ... කාය විඥානය නිසා ... මනෝවිඥානය නිසා ... චක්ඛුසම්ඵස්සය නිසා ... සෝතසම්ඵස්සය නිසා ... ඝානසම්ඵස්සය නිසා ... ජිව්හාසම්ඵස්සය නිසා ... කායසම්ඵස්සය නිසා ... මනෝසම්ඵස්සය නිසා ... චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද මේ මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාවගේ ආස්වාද යි. අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය ආස්වාද නො වෙයි. ආස්වාදය දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටි අනෙකෙක, ආස්වාදය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් ආස්වාදයෙකුත් වේ ද මේ ‘ආස්වාද දෘෂ්ටි යැ’යි කියනු ලැබේ.
Pali BJTඅස්සාදදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති. තාය දිට්ඨිවිපත්තියා සමන්නාගතො පුග්ගලො දිට්ඨිවිපන්නො, දිට්ඨිවිපන්නො පුග්ගලො න සෙවිතබ්බො න භජිතබ්බො න පයිරුපාසිතබ්බො. තං කිස්ස හෙතු දිට්ඨි හිස්ස පාපිකා. යො දිට්ඨියා රාගො, සො න දිට්ඨි, දිට්ඨි න රාගො, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤො රාගො. යා ච දිට්ඨි, යො ච රාගො, අයං වුච්චති දිට්ඨිරාගො. තාය ච දිට්ඨියා තෙන ච රාගෙන සමන්නාගතො පුග්ගලො දිට්ඨිරාගරත්තො දිට්ඨිරාගරත්තෙ පුග්ගලෙ දින්නං දානං න මහප්ඵලං හොති න මහානිසංසං තං කිස්ස හෙතු: දිට්ඨි හිස්ස පාපිකා.
Sinhala BJTආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ, ඒ දෘෂ්ටිවිපත්තියෙන් සමන්‍වාගත පුද්ගල තෙමේ ‘දෘෂ්ටිවිපන්න’ නම. දෘෂ්ටිවිපන්න පුද්ගල තෙම සේවනය නො කටයුත්තේ යැ, භජනය නො කටයුත්තේ යැ, පර්‍ය්‍යුපාසනය නො කටයුත්තේ යි. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. දෘෂ්ටියෙහි (උපදනා) යම් රාගයෙක් වේ ද හේ දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය රාග නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක. රාගය අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් රාගයෙකුත් වේ ද මේ ‘දෘෂ්ටිරාග’ යයි කියනු ලැබේ. ඒ දෘෂ්ටියෙනුදු ඒ රාගයෙනුදු සමන්‍වාගත පුද්ගල තෙම ‘දෘෂ්ටිරාගරක්ත’ නම් වෙයි. දෘෂ්ටිරාගරක්ත පුද්ගලයා කෙරෙහි දුන් දන් මහත්ඵල නො වෙයි. මහ අනුසස් ඇත්තේ නො වෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි.
Pali BJTඅස්සාදදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස ද්වෙව ගතියො: නිරයො වා තිරච්ඡානයොනි වා, මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හිස්ස පාපිකා. සෙය්යථාපි නිම්බබීජං වා කොසාතකීබීජං වා තිත්තකාලාබුබීජං වා අල්ලාය පඨවියා නික්ඛිත්තං යඤ්චෙව පඨවිරසං උපාදියති, යඤ්ච ආපොරසං උපාදියති, සබ්බං තං තිත්තකත්තාය කටුකත්තාය අසාතත්තාය සංවත්තති. තං කිස්ස හෙතු: බීජං හිස්ස පාපකං.{1} එවමෙව මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යා ච චෙතනා යා ච පත්ථනා යො ච පණිධි යෙ ච සඞ්ඛාරා, සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු: දිට්ඨි හිස්ස පාපිකා අස්සාදදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං -පෙ- දිට්ඨාභිනිවෙසො දිට්ඨිපරාමාසො. ඉමෙහි අට්ඨාරසහි ආකාරෙහි පරියුට්ඨිතචිත්තස්ස සඤ්ඤොගො.
Sinhala BJTආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි, නිරය හෝ තිර්‍ය්‍යග්යෝනි හෝ යි. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් මනඃකර්‍මයෙක් වේ ද යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ටයට අකාන්තයට අමනාපයට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින් යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. යම්සේ කොසොඹබිජුවටෙක් වේවයි තිත්ත වැටකොළු බිජුවටෙක් වේවයි තිත්තලබුබිජුවටෙක් වේවයි තෙත් පොළොව්හි රෝපණය කරන ලද්දේ යම් පෘථිවිරසයෙකුත් ගන්නා ලැබේ ද, යම් අබ්රසයෙකුත් ගන්නා ලැබේ ද, එ හැම තිත්ත බවට කටුක බවට අමධුර බවට වැටෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඒ කොසොඹ ආදිහුගේ බිජුවට ලාමක ද එහෙයිනි. එසෙයින් මැ මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගල විසින් දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නා ලද යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ට්‍යනුරූප වැ පුරන ලද ගන්නාලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, යම් චේතනාවකුත් යම් ප්‍රාර්‍ත්‍ථනාවකුත් යම් ප්‍රණිධියෙකුත් යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ටයට අකාන්තයට අමනාපයට අහිතයට දුකට වැටෙත්. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් ඔහුගේ දෘෂ්ටිය ලාමක ද එහෙයිනි. ආස්වාදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිගත යැ දෘෂ්ටිගහන යැ ... දෘෂ්ට්‍යභිනිවෙශ යැ දෘෂ්ටිපරාමර්‍ශ යි. මේ අටළොස් අයුරින් සමුදාචාරයට පැමිණි සිත් ඇත්තහුගේ සංයෝගය වේ.
Pali BJTඅත්ථි සඤ්ඤොජනානි චෙව දිට්ඨියො ච, අත්ථි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. කතමානි සඤ්ඤොජනානි චෙව දිට්ඨියෙ ච: සක්කායදිට්ඨි, සීලබ්බතපරාමාසො,{2} ඉමානි සඤ්ඤොජනානි චෙව දිට්ඨියෙ ච.
Sinhala BJTදෘෂ්ටි ද වූ සංයෝජනයෝ ඇත. දෘෂ්ටි නො වූ සංයෝජනයෝ ද ඇති. දෘෂ්ටි ද වූ සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි යැ ශීලව්‍රතපරාමර්‍ශ යි. මොහු දෘෂ්ටි වූ ද සංයෝජනයෝ යි.
Pali BJTකතමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො: කාමරාගසඤ්ඤොජනං, පටිඝසඤ්ඤොජනං, මානසඤ්ඤොජනං, විචිකිච්ඡාසඤ්ඤොජනං, භවරාගසඤ්ඤොජනං, ඉස්සාසඤ්ඤොජනං, මච්ඡරියසඤ්ඤොජනං, අනුනයසඤ්ඤොජනං, අවිජ්ජාසඤ්ඤොජනං, ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJTදෘෂ්ටි නො වූ සංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ විචිකිත්සාසංයෝජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යාසංයෝජන යැ මාත්සර්‍ය්‍යසංයොජන යැ අනූනයසංයෝජන යැ අවිද්‍යාසංයෝජන යි. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJTඅස්සාදදිට්ඨියා ඉමෙහි පඤ්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTමේ පන්තිස් අයුරින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.
Pali BJT2-2. අත්තානුදිට්ඨි.
Sinhala BJT2-2. ආත්මානුදෘෂ්ටිය
Pali BJTඅත්තානුදිට්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTකවර විසි අයුරින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී,{3} සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මි වා අත්තානං, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමෙ ලොව්හි (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන් ) දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
Pali BJTකථං රූපං අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො පඨවීකසිණං{1} අත්තතො සමනුපස්සති, යං පඨවීකසිණං, සො අහං, යො අහං, තං පඨවීකසිණ’න්ති පඨවීකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො ‘යා අච්චි.{2} සො වණ්ණො, යො වණ්ණො, සා අච්චී’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො පඨවීකසිණං අත්තතො සමනුපස්සති, ‘යං පඨවීකසිණං, සො අහං; යො අහං තං පඨවීකසිණ’න්ති පඨවීකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා රූපවත්ථුකා අත්තානු දිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස ද්වෙව ගතියො -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJTකිසෙයින් රූපය ආත්ම වශයෙන් දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් පඨවීකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවීකසිණයෙක් වේ ද හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවීකසිණ යැ යි පඨවීකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් පඨවිකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවිකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවිකසිණ යැ යි පඨවිකසිණයත් තමාත් එකක් මැ කොටැ දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යමක් දෘෂ්ටි වේ ද යමෙකුත් වස්තු වේ ද මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටියැ දෘෂ්ටිවිපත්ති යැ ... ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJTඉධෙකච්චො ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං සො අහං, යො අහං, තං ඔදාතකසිණං’න්ති ඔදාතකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො’යා අච්චි සො වණ්ණො යො වණ්ණො සා අච්චි’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො -පෙ- ඔදාතකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු වත්ථු න දිට්ඨි. අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා රූපවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපං අත්තතො සමනුපස්සති.
Sinhala BJTමෙ ලොව්හි ඇතැමෙක් ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් ඕදාතකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද, හේ ඔදාතකසිණ යැ’යි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද, හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද, හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් ... ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක. වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් වස්තුවකුත් වේ ද, මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී.
Pali BJTකථං රූපවන්තං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමිනා රූපෙන රූපවා’ති රූපවන්තං අත්තානං සමනුපස්සති, ස්යෙථාපි රුක්ඛො ඡායාසම්පන්නො අස්ස, තමෙන{3} පුරිසො එවං වදෙය්ය: ‘ අයං රුක්ඛො, අයං ඡායා, අඤ්ඤො රුක්ඛො, අඤ්ඤා ඡායා; සො ඛො පනායං රුක්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන්තං රුක්ඛං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන අයං අත්තා ඉමිනා රූපෙන රූපවා’ති රූපවන්තං අත්තානං සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤාං වත්ථු; යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං දුතියා රූපවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපවන්තං අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්ම මේ (ශරීරය කසිණ) රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද, ඒ වෘක්‍ෂය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ. ‘මේ වෘක්‍ෂය යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක ඡායාව අනෙකක, වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් යැ’යි (මෙසේ) වෘක්‍ෂය ඡායාවක් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව-සංඥාව-සංස්කාරයන්-විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මෙ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්මය මේ රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටි යැ වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ දෙවනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී.
Pali BJTකථං අත්තනි රූපං සමනුපස්සති: ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා ඉමස්මිං ච පන අත්තනි ඉදං රූප’න්ති අත්තනි රූපං සමනුපස්සති. සෙය්යථාපි පුප්ඵං ගන්ධසම්පන්නං අස්ස, තමෙන{1} පුරිසො එවං වදෙය්ය: ඉදං පුප්ඵං, අයං ගන්ධො, අඤ්ඤං පුප්ඵං, අඤ්ඤො ගන්ධො, සො ඛො පනායං ගන්ධො ඉමස්මිං පුප්ඵෙ’ති පුප්ඵස්මිං ගන්ධං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිං ච පන අත්තනි ඉදං රූප’න්ති අත්තනි රූපං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු: යා ච දිට්ඨි, යඤ්ච වත්ථු; අයං තතියා රූපවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති: -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං අත්තනි රූපං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මයෙහි ලා රූපය දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: මේ වූකලී මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ රූප යැ’යි ආත්මයෙහි ලා රූපය දකී. යම්සේ ගන්‍ධසම්පන්න වූ පුෂ්පයෙක් වන්නේ ද, ඒ පුෂ්පය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් ඒ මේ ගන්‍ධය තෙමේ මේ පුෂ්පයෙහි වේ යයි. මෙසේ පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මේ වූ කලී මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ රූපය වේ’යැයි ආත්මයෙහි ලා රූපය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ තුන් වනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා රූපය දකී.
Pali BJTකථං රූපස්මිං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමස්මිං රූපෙ’ති රූපවන්තං අත්තානං සමනුපස්සති, සෙය්යථාපි මණි කරණ්ඩකෙ පක්ඛිත්තො අස්ස, තමෙන{1} පුරිසො එවං වදෙය්ය: ‘අයං මණි අයං කරණ්ඩකො; අඤ්ඤො මණි, අඤ්ඤො කරණ්ඩකො, සො ඛො පනායං මණි ඉමස්මිං කරණ්ඩකෙ’ති කරණ්ඩකස්මිං මණිං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමස්මිං රූපෙ’ති රූපස්මිං අත්තානං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි: අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි, යඤ්ච වත්ථු, අයං චතුත්ථා රූපවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපස්මිං අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් රූපයෙහි ලා ආත්මය දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ රූපයෙහි වේ’ යයි රූපයෙහි ලා ආත්මය දකී. යම්සේ කරඬුවෙක බහාලන ලද මැණිකෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ය: ‘මේ මැණික යැ, මේ කරඬුව යැ, මැණික අනෙකෙක කරඬුව අනෙකෙකි. වැළිත් ඒ මේ මැණික තෙමේ මේ කරඬුවෙහි වේ යයි මෙසේ කරඬුවෙහි ලා මැණික දකී ද, එරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ වැළිත් මාගේ මේ ආත්මය මේ රූපයෙහි වේ යයි රූපයෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ සතර වනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපයෙහි ලා ආත්මය දකී.
Pali BJTකථං වෙදනං අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො චක්ඛුසම්ඵස්සජං වෙදනං -පෙ- සොතසම්ඵස්සජං වෙදනං -පෙ- ඝානසම්ඵස්සජං වෙදනං -පෙ- ජිව්හාසම්ඵස්සජං වෙදනං -පෙ- කායසම්ඵස්සජං වෙදනං -පෙ- මනොසම්ඵස්සජං වෙදනං අත්තතො සමනුපස්සති, ‘යා මනොසම්ඵස්සජා වෙදනා, සො අහං; යො අහං, සා මනොසම්ඵස්සජා වෙදනා’ති මනොසම්ඵස්සජං වෙදනඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති: සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො යා අච්චි සො වණ්ණො, යො වණ්ණො සා අච්චි’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති එවමෙව ඉධෙකච්චො මනොසම්ඵස්සජං වෙදනං අත්තතො සමනුපස්සති ‘යා මනොසම්ඵස්සජා වෙදනා සො අහං, යො අහං සා මනොසම්ඵස්සජා වෙදනා’ති මනො සම්ඵස්සජං වෙදනඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා වෙදනාවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං වෙදනං අත්තතො සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් වේදනාව ආත්මවශයෙන් දකී ද යත්: මෙලොව ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද, හේ මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ’ යයි මනෝසම්ඵස්සජ වේදනාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන පහනක්හුගේ යම් සිළුයෙක් වේ ද, ඒ වර්‍ණ යැ, යම් වර්‍ණයෙක් වේ ද, ඒ සිළු යැ’ යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද, ඒ මනෝසම්ඵස්සජ වේදනා වේ’ යයි මනෝසම්ඵස්සජ වේදනාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවන වූ වේදනා වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. අත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටි යැ දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් වේදනාව ආත්මයවශයෙන් දකී.
Pali BJTකථං වෙදනාවන්තං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො සඤ්ඤාං සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමාය වෙදනාය වෙදනාවා’ති වෙදනාවන්තං අත්තානං සමනුපස්සති. සෙය්යථාපි රුක්ඛො ඡායාසම්පන්නො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘අයං රුක්ඛො අයං ඡායා, අඤ්ඤො රුක්ඛො අඤ්ඤා ඡායා, සො ඛො පනායං රුක්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන්තං රුක්ඛං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමාය වෙදනාය වෙදනාවා’ති වෙදනාවන්තං අත්තානං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි, යඤ්ච වත්ථු; අයං දුතියා වෙදනාවත්ථුකා අත්තානුදිට්ඨි අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං වෙදනාවන්තං අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මය වේදනාවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ වේදනායෙන් වේදනාවත් යැ’යි ආත්මය වේදනාවත් කොට දකි. යම්සේ ඡායාසම්පන්න රුකෙක් වන්නේ ද එරුක ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: ‘මේ රුක යැ, මේ සෙවණලු යැ, රුක අනෙකෙක, සෙවණැල්ල අනෙකෙකි. වැළිත් ඒ මේ රුක මේ සෙවණලුයෙන් සෙවණලු ඇත්තේ යැ’යි (මෙසේ) රුක සෙවණලු ඇත්තක් කොට දකී ද එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ වේදනායෙන් වේදනාවත් වේ’යයි ආත්මය වේදනාවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ දෙවනුව වූ වේදනා වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය වේදනාවත් කොට දකී.
Pali BJTකථං අත්තනි වෙදනං සමනුපස්සති: ඉධෙකච්චො සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිඤ්ච පන අත්තනි අයං වෙදනා’ති අත්තනි වෙදනං සමනුපස්සති, සෙය්යථාපි පුප්ඵං ගන්ධසම්පන්නං අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘ඉදං පුප්ඵං, අයං ගන්ධො, අඤ්ඤං පුප්ඵං අඤ්ඤො ගන්ධො; සො ඛො පනායං ගන්ධො ඉමස්මිං පුප්ඵෙ’ති පුප්ඵස්මිං ගන්ධං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා: ඉමස්මිං ච පන අත්තනි අයං වෙදනා’ති අත්තනි වෙදනං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි, යඤ්ච වත්ථු; අයං තතියා වෙදනාවත්ථුකා අත්තානුදිට්ඨි අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං අත්තනි වෙදනං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මයෙහි ලා වේදනාව දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ වේදනාව වේ’යයි ආත්මයෙහි ලා වේදනාව දකී. යම්සේ ගන්‍ධසම්පන්නපුෂ්පයෙක් වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත්, ඒ මේ ගන්‍ධය තෙමේ මේ පුෂ්පයෙහි වේ’ යයි මෙසේ පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ වේදනාව වේ’ යයි ආත්මයෙහි ලා වේදනාව දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ තුන්වනු වූ වේදනාවස්තුකආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා වේදනාව දකී.
Pali BJTකථං වෙදනාය අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමාය වෙදනායා’ති වෙදනාය අත්තානං සමනුපස්සති. ‘සෙය්යථාපි මණි කරණ්ඩකෙ පක්ඛිත්තො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘අයං මණි, අයං කරණ්ඩකො; අඤ්ඤො මණි, අඤ්ඤො කරණ්ඩකො, සො ඛො පනායං මණි ඉමස්මිං කරණ්ඩකෙ’ති කරණ්ඩකස්මිං මණිං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං අත්තතො සමනුපස්සති තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමාය වෙදනායා’ති වෙදනාය අත්තානං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං චතුත්ථා වෙදනා වත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති තාය දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො, එවං වෙදනාය අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් වේදනායෙහි ලා ආත්මය දකී ද යත්: මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ. වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ වේදනායෙහි වේ’ යයි වේදනායෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලන ලද්දේ වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: මේ මැණිකැ මේ කරඬු යැ, මැණික අනෙකෙක කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික කරඬුයෙහි වේ යයි (මෙසේ) කරඬුයෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ වේදනායෙහි වේ’ යයි වේදනායෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ සතරවනු වූ වෙදනාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් වේදනායෙහි ලා ආත්මය දකී.
Pali BJTකථං සඤ්ඤං අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො චක්ඛුසම්ඵස්සජං සඤ්ඤං -පෙ- සෙතසම්ඵස්සජං සඤ්ඤං -පෙ- ඝානසම්ඵස්සජං සඤ්ඤං -පෙ- ජිව්හාසම්ඵස්සජං සඤ්ඤං -පෙ- කායසම්ඵස්සජං සඤ්ඤං -පෙ- මනො සම්ඵස්සජං සඤ්ඤං අත්තතො සමනුපස්සති. ‘යා මනොසම්ඵස්සජා සඤ්ඤා, සො අහං; යො අහං සා මනොසම්ඵස්සජා සඤ්ඤා’ති මනොසම්ඵස්සජං සඤ්ඤඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො යා අච්චි, සො වණ්ණො; යො වණ්ණො, සා අච්චී’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො මනොසම්ඵස්සජං සඤ්ඤං අත්තතො සමනුපස්සති, යා මනොසම්ඵස්සජා සඤ්ඤා සො අහං, යෙ අහං සා මනොසම්ඵස්සජා සඤ්ඤා’ති මනොසම්ඵස්සජං සඤ්ඤඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි, යඤ්ච වත්ථු, අයං පඨමා සඤ්ඤාවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං සඤ්ඤං අත්තතො සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් සංඥාව ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව ... සෝතසම්ඵස්සයෙන් උපන් සංඥාව ... ඝානසම්ඵස්සයෙන් උපන් සංඥාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥාව ... කායසම්ඵස්සයෙන් උපන් සංඥාව ... මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව ආත්මවශයෙන් දකී. ‘යමක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥා වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද, හේ මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ’ යයි මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හුගේ යමක් සිළුව වේ ද, ඒ වර්‍ණ ය, යමෙක් වර්‍ණය වේ ද, ඒ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව ආත්මවශයෙන් දකී. ‘යමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ ද, හේ මම් වෙමි, යමක් මම් වේ ද මෝ මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ’ යයි මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංඥාව ආත්මවශයෙන් දකී.
Pali BJTකථං සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං වෙදනං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං කො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමාය සඤ්ඤාය සඤ්ඤාවා’ති සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්සති, සෙය්යථාපි රුක්ඛො ඡායාසම්පන්නො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘අයං රුක්ඛො, අයං ඡායා, අඤ්ඤො රුක්ඛො අඤ්ඤා ඡායා, සො ඛො පනායං රුක්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන්තං රුක්ඛං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං වෙදනං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සෙ ඛො පන මෙ අයං අත්තා ඉමාය සඤ්ඤාය සඤ්ඤාවා’ති සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤාං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං දුතියා සඤ්ඤාවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං සඤ්ඤාවන්තං අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මය සංඥාවත් කොට දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංඥායෙන් සංඥාවත් වේ’යයි ආත්මය සංඥාවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙක; වැළිත් මේ වෘක්‍ෂය තෙමේ මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද එපරිද්දෙන් මැ මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංඥායෙන් ‘සංඥාවත් වේ’ යයි ආත්මය සංඥාවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නොවෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ දෙවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංඥාවත් කොට දකී.
Pali BJTකථං අත්තනි සඤ්ඤං සමනුපස්සති: ඉධෙකච්චො සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං වෙදනං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිං ච පන අත්තනි අයං සඤ්ඤා’ති අත්තනි සඤ්ඤං සමනුපස්සති. සෙය්යථාපි පුප්ඵං ගන්ධසම්පන්නං අස්ස, තමෙනපුරිසො, එවං වදෙය්ය: ‘ඉදං පුප්ඵං, අයං ගන්ධො, අඤ්ඤං පුප්ඵං, අඤ්ඤො ගන්ධො, සො ඛො පනායං ගන්ධො ඉමස්මිං පුප්ඵෙ’ති පුප්ඵස්මිං ගන්ධං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං වෙදනං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති. ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිං ච පන අත්තනි අයං සඤ්ඤා’ති අත්තනි සඤ්ඤං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි, යඤ්ච වත්ථු, අයං තතියා සඤ්ඤාවත්ථුකා අත්තානුදිට්ඨි අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං අත්තනි සඤ්ඤං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මයෙහි ලා සංඥාව දකී ද යත්: මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ වැළිත් මේ ආත්මයෙහි මේ සංඥාව වේ’ යයි ආත්මයෙහි ලා සංඥාව දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ; පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් ඒ මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’ යයි (මෙසේ) පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ සංඥාව වේ’යයි ආත්මයෙහි ලා සංඥාව දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. මේ තුන්වනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා සංඥාව දකී.
Pali BJTකථං සඤ්ඤාය අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං වෙදනං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමාය සඤ්ඤායා’ති සඤ්ඤාය අත්තානං සමනුපස්සති. ස්යෙථාපි මණි කරණ්ඩකෙ පක්ඛිත්තො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘අයං මණි, අයං කරණ්ඩකො අඤ්ඤො මණි, අඤ්ඤො කරණ්ඩකො, සො ඛො පනායං මණි ඉමස්මිං කරණ්ඩකෙ’ති කරණ්ඩකස්මිං මණිං සමනුපස්සති, එවමෙව ඉධෙකච්චො සඞ්ඛාරෙ විඤ්ඤාණං රූපං වෙදනං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමාය සඤ්ඤායා’ති සඤ්ඤාය අත්තානං සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු අයං චතුත්ථා සඤ්ඤාවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං සඤ්ඤාය අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් සංඥායෙහි ලා ආත්මය දකී ද යත්: මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංඥායෙහි වේ’ යයි සංඥායෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලන ලද්දේ වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ මැණික, මේ කරඬුව, මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි; වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංඥායෙහි වේ’යයි සංඥායෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි; වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් යම් වස්තුවක් හා වේ ද මේ සතරවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටිය නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංඥායෙහි ලා ආත්මය දකී.
Pali BJTකථං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො චක්ඛුසම්ඵස්සජං චෙතනං -පෙ- සොතසම්ඵස්සජං චෙතනං -පෙ- ඝානසම්ඵස්සජං චෙතනං -පෙ- ජිව්හාසම්ඵස්සජං චෙතනං -පෙ- කායසම්ඵස්සජං චෙතනං -පෙ- මනොසම්ඵස්සජං චෙතනං අත්තතො සමනුපස්සති: ‘යා මනොසම්ඵස්සජා චෙතනා සො අහං, යො අහං සා මනොසම්ඵස්සජා චෙතනා’ති මනොසම්ඵස්සජං චෙතනඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො යා අච්චි, සො වණ්ණො; යො වණ්ණො, සා අච්චී’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො මනොසම්ඵස්සජං චෙතනං අත්තතො සමනුපස්සති; ‘යා මනොසම්ඵස්සජා චෙතනා සො අහං යො අහං සා මනොසම්ඵස්සජා චෙතනා’ති මනොසම්ඵස්සජං චෙතනඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා සඞ්ඛාරවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් සංස්කාරයන් ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් චේතනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් චේතනාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනාව … කායසම්ඵස්සයෙන් උපන් චේතනාව … මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව … ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද හෝ මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා වේ’ යයි මනෝසම්ඵස්සජචේතනාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හුගේ යම් සිළුවක් වේ ද ඒ වර්‍ණ වෙයි. යමෙක් වර්‍ණය වේ ද ඒ සිළුව වේ’යයි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෛක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව ආත්ම වශයෙන් දකී. ‘යමක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ ද හේ මම් වෙමි. යමෙක් මම් වේ ද හෝ මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ’ යයි මනෝසම්ඵස්සජචේතනාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ පළමුවනු වූ සංස්කාර වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංස්කාරයන් ආත්මවශයෙන් දකී.
Pali BJTකථං සඞ්ඛාරවන්තං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො විඤ්ඤාණං රූපං වෙදනං සඤ්ඤං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමෙහි සඞ්ඛාරෙහි සඞ්ඛාරවා’ති සඞ්ඛාරවන්තං අත්තානං සමනුපස්සති. සෙය්යථාපි රුක්ඛො ඡායාසම්පන්නො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: අයං රුක්ඛො, අයං ඡායා, අඤ්ඤො රුක්ඛො, අඤ්ඤා ඡායා; සො ඛො පනායං රුක්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන්තං රුක්ඛං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො විඤ්ඤාණං රූපං වෙදනං සඤ්ඤං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘ අයං ඛො මෙ අත්තා සො ඛො පන මෙ අයං අත්තා ඉමෙහි සඞ්ඛාරෙහි සඞ්ඛාරවාති සංඛාරවන්තං අත්තානං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු: යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං දුතියා සඞ්ඛාරවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං සඞ්ඛාරවන්තං අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මය සංස්කාරවත් කොට දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්ගෙන් සංස්කාරවත් වේ’ යයි ආත්මය සංස්කාරවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි මෙසේ වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලො වැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංස්කාරයන්ගෙන් සංස්කාරවත් වේ’යයි ආත්මය සංස්කාරවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ දෙවනු වූ සංස්කාර වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංස්කාරවත් කොට දකී.
Pali BJTකථං අත්තනි සඞ්ඛාරෙ සමනුපස්සති: ඉධෙකච්චො විඤ්ඤාණං රූපං වෙදනං සඤ්ඤං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිඤ්ච පන අත්තනි ඉමෙ සඞ්ඛාරාති අත්තනි සඞ්ඛාරෙ සමනුස්සති. සෙය්යථාපි පුප්ඵං ගන්ධසම්පන්නං අස්ස, තමෙන පුරිසො එවං වදෙය්ය: ‘ඉදං පුප්ඵං අයං ගන්ධො, අඤ්ඤං පුප්ඵං අඤ්ඤො ගන්ධො, සො ඛො පනායං ගන්ධො ඉමස්මිං පුප්ඵෙ’ති පුප්ඵස්මිං ගන්ධං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො විඤ්ඤාණං රූපං වෙදනං සඤ්ඤං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිඤ්ච පන අත්තනි ඉමෙ සඞ්ඛාරා’ති අත්තනි සඞ්ඛාරෙ සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු. යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං තතියා සඞ්ඛාරවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං අත්තනි සඞ්ඛාරෙ සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මයෙහි ලා සංස්කාරයන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ සංස්කාරයෝ වෙතී’ ආත්මයෙහි ලා සංස්කාරයන් දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධය යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’යයි පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් ‘මේ ආත්මයෙහි මේ සංස්කාරයෝ වෙතී’ ආත්මයෙහි ලා සංස්කාරයන් දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ තුන්වනු වූ සංස්කාරවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා සංස්කාරයන් දකී.
Pali BJTකථං සඞ්ඛාරෙසු අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො විඤ්ඤාණං රූපං වෙදනං සඤ්ඤං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමෙසු සඞ්ඛාරෙසූ’ති සඞ්ඛාරෙසු අත්තානං සමනුපස්සති. සෙය්යථාපි මණි කරණ්ඩකෙ පක්ඛිත්තො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘අයං මණි, අයං කරණ්ඩකො; අඤ්ඤො මණි, අඤ්ඤො කරණ්ඩකො; සො ඛො පනායං මණි ඉමස්මිං කරණ්ඩකෙ’ති කරණ්ඩකස්මිං මණිං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො විඤ්ඤාණං රූපං වෙදනං සඤ්ඤං අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමෙසු සඞ්ඛාරෙසූ’ති සඞ්ඛාරෙසු අත්තානං සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං චතුත්ථා සඞ්ඛාරවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං සඞ්ඛාරෙසු අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් සංස්කාරයන්හි ලා ආත්මය දකී ද යත්: මෙලොව ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්හි වේ’යයි සංස්කාරයන්හි ලා ආත්මය දකී. යම්සේ මෑණිකෙක් කරඬුවෙක බහාලනලද්දේ වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ මැණිකැ, මෙ කරඬුවැ. මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි (මෙසේ) කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්හි වේ’යයි සංස්කාරයන්හි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දාෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ සතර වනු වූ සංස්කාරවස්තුක ආත්මානුදාෂ්ටි වේ. ආත්මානුදාෂ්ටිය මිථ්‍යාදාෂ්ටි යැ … මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංස්කාරයන්හි ලා ආත්මය දකී.
Pali BJTකථං විඤ්ඤාණං අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො චක්ඛුවිඤ්ඤාණං -පෙ- සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං අත්තතො සමනුපස්සති: ‘යං මනොවිඤ්ඤාණං සො අහං, යො අහං තං මනොවිඤ්ඤාණ’න්ති මනොවිඤ්ඤාණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො යා අච්චි සො වණ්ණො යො වණ්ණො සා අච්චී’ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො මනොවිඤ්ඤාණං අත්තතො සමනුපස්සති: ‘යං මනොවිඤ්ඤාණං සො අහං, යො අහං තං මනොවිඤ්ඤාණ’න්ති මනොවිඤ්ඤාණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා විඤ්ඤාණවත්ථුකා අත්තානුදිට්ඨි, අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි, -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් විඥානය ආත්මවශයෙන් දකී ද යත්: මෙලොව ඇතැමෙක් චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍රවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය, ආත්මවශයෙන් දකී. යමෙක් මනෝවිඥාන වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද ඒ මනෝවිඥාන වේ’ යයි මනෝවිඥානයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණ වේ ද; ඒ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් මනෝවිඥානය ආත්මවශයෙන් දකී. යමෙක් මනෝවිඥාන වේ ද හේ මම වෙමි. යමෙක් මම් වේ ද හේ මනෝවිඥාන වේ’ යයි මනෝවිඥානයත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශයදෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් විඥානය ආත්මවශයෙන් දකී.
Pali BJTකථං විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, තස්ස එවං හෙති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමිනා විඤ්ඤාණෙන විඤ්ඤාණවා’ති විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති. සෙය්යථාපි රුක්ඛො ඡායා සම්පන්නො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: අයං රුක්ඛො, අයං ඡායා, අඤ්ඤො රුක්ඛො, අඤ්ඤා ඡායා; සො ඛො පනායං රුක්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන්තං රුක්ඛං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො රූප වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමිනා විඤ්ඤාණෙන විඤ්ඤාණවා’ති විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු නදිට්ඨි. අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු: යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං දුතියා විඤ්ඤාණවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං විඤ්ඤාණවන්තං අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මය විඥානවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙන් විඥානවත් වේ’යයි ආත්මය විඥානවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි, මෙසේ වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙන් විඥානවත් වේ’ යයි ආත්මය විඥානවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ දෙවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය විඥානවත් කොට දකී.
Pali BJTකථං අත්තනි විඤ්ඤාණං සමනුපස්සති: ඉධෙකච්චො රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිං ච පන අත්තනි ඉදං විඤ්ඤාණ’න්ති අත්තනි විඤ්ඤාණං සමනුපස්සති. සෙය්යථාපි පුප්ඵං ගන්ධසම්පන්නං අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘ඉදං පුප්ඵං, අයං ගන්ධො: අඤ්ඤං පුප්ඵං අඤ්ඤො ගන්ධො, සො ඛො පනායං ගන්ධො ඉමස්මිං පුප්ඵොති පුප්ඵස්මිං ගන්ධං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, ඉමස්මිං ච පන අත්තනි ඉදං විඤ්ඤාණ’න්ති අත්තනි විඤ්ඤාණං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං තතියා විඤ්ඤාණවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං අත්තනි විඤ්ඤාණං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් ආත්මයෙහි ලා විඥානය දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ විඥානය වේ’ යයි විඥානය ආත්මයෙහි ලා දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධය යැ; පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි, වැළිත් මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’ යයි (මෙසේ) ගන්‍ධය පුෂ්පයෙහි ලා දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් ‘මේ ආත්මයෙහි මේ විඥානය වේ’ යයි ආත්මයෙහි ලා විඥානය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තුව නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ තුන්වනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා විඥානය දකී.
Pali BJTකථං විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති. ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමස්මිං විඤ්ඤාණෙ’ති විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති. සෙය්යථාපි මණි කරණ්ඩකෙ පක්ඛිත්තො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘අයං මණි, අයං කරණ්ඩකො; අඤ්ඤො මණි, අඤ්ඤො කරණ්ඩකො; සො ඛො පනායං මණි ඉමස්මිං කරණ්ඩකෙ’ති කරණ්ඩකස්මිං මණිං සමනුපස්සති. එවමෙව ඉධෙකච්චො රූපං වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති. තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමස්මිං විඤ්ඤාණෙ’ති විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති. අභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං චතුත්ථා විඤ්ඤාණවත්ථුකා අත්තානුදිට්ඨි. අත්තානුදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං විඤ්ඤාණස්මිං අත්තානං සමනුපස්සති.
Sinhala BJTකිසෙයින් විඥානයෙහි ලා ආත්මය දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ විඥානයෙහි වේ’යයි විඥානයෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලනලද්දේ වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ මැණිකැ, මේ කරඬුවැ, මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි (මෙසේ) කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් රූපය. වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙහි වේ’යයි විඥානයෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ සතරවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් විඥානයෙහි ලා ආත්මය දකී.
Pali BJTඅත්තානුදිට්ඨියා ඉමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTආත්මානුදෘෂ්ටියෙහි මේ විසි අයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-3. මිච්ඡාදිට්ඨි
Sinhala BJT2-3. මිථ්‍යාදෘෂ්ටිය
Pali BJTමිච්ඡාදිට්ඨියා කතමෙහි දසහාකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTමිථ්‍යාදෘෂ්ටියෙහි කවර දස අයුරෙකින් අභිනිවේශ වෙයි යත්:
Pali BJT‘නත්ථි දින්න’න්ති වත්ථු{1} එවංවාදො මිච්ඡාභිනිවෙසපරාමාසො{2} දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඨමා මිච්ඡාවත්ථුකා මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි, න ච දිට්ඨියො.
Sinhala BJT‘දානයෙහි ඵල නැත’ යනු වස්තු යැ. මෙ බඳු වාද ඇති මිථ්‍යාභිනිවේශයාගේ පරාමර්‍ශය දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ මිථ්‍යාවස්තුක මිථ්‍යාදෘෂ්ටි වේ. මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘නත්ථි යිට්ඨ’න්ති වත්ථු -පෙ- ‘නත්ථි හුත’න්ති වත්ථු -පෙ- ‘නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො’ති වත්ථු -පෙ- ‘නත්ථි අයං ලොකො’ති වත්ථු -පෙ- නත්ථි පරො ලොකො’ති වත්ථු -පෙ- ‘නත්ථි මාතා’ති වත්ථු -පෙ- ‘නත්ථි පිතා’ති වත්ථු -පෙ- ‘නත්ථි සත්තා ඔපපාතිකා’ති වත්ථු -පෙ- ‘නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පටිවෙදෙන්තී’ති වත්ථු, එවංවාදො මිච්ඡාභිනිවෙසපරාමාසො දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං දසමා මිච්ඡාවත්ථුකා මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- මිච්ඡාදිට්ඨිකස්ස පුරිසපුග්ගලස්ස ද්වෙව ගතියො -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. මිච්ඡාදිට්ඨියා ඉමෙහි දසහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘යාගයෙහි ඵල නැත’ යනු වස්තු යැ. ... ‘මහායාගයෙහි ඵල නැත’ යනු වස්තු යැ ... ‘සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵල විපාක නැත’ යනු වස්තු යැ ... (පෙර කළ කර්‍මයෙන්) ‘මෙලොව නැත’ යනු වස්තු යැ ... (මෙහි කළ කර්‍මයෙන්) ‘පරලොව නැත’ යනු වස්තු යැ ... ‘මවු නැත’ යනු වස්තු යැ ... ‘පියා නැත’ යනු වස්තු යැ ... ‘ඕපපාතිකසත්ත්‍වයෝ නැත’ යනු වස්තු යැ ... ‘යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එ බඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණබ්‍රාහ්මණයෝ ලොවැ නැත’ යනු වස්තු යැ මෙ බඳු වාද ඇති මිථ්‍යාභිනිවේශයාගේ පරාමර්‍ශය දෘෂ්ටි නමි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ දසවනු වූ මිථ්‍යාවස්තුක මිථ්‍යාදෘෂ්ටි වේ. මිථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිවිපත්ති යැ ... මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂ පුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මිථ්‍යාදෘෂ්ටියෙහි මේ දසඅයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-4. සක්කායදිට්ඨි.
Sinhala BJT2-4. සත්කායදෘෂ්ටිය
Pali BJT‘සක්කායදිට්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTසත්කායදෘෂ්ටියෙහි කවර විසි අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ, රූප ආත්මයෙහි ලා හෝ, ආත්මය රූපයෙහි ලා හෝ වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි ලා හෝ, ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
Pali BJTකථං රූපං අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො පඨවීකසිණං -පෙ- ඔදාතකසිණං අත්තතො සමනුපස්සති. ‘යං ඔදාතකසිණං සො අහං යො අහං තං ඔදාතකසිණන්ති ඔදාතකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො -පෙ- එවමෙව ඉධෙකච්චො ඔදාතකසිණං අත්තනො සමනුපස්සති, අභිනිවෙසපරාමාසො දිට්ඨි -පෙ- අයං පඨමා රූපවත්ථුකා සක්කායදිට්ඨි සක්කායදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපං අත්තනො සමනුපස්සති -පෙ- සක්කායදිට්ඨියා ඉමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිසෙයින් රූපය ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඔදාතකසිණ වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන පහනක්හුගේ ... එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෛක් ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... මේ පළමුවන වූ රූපවස්තුකසත්කායදෘෂ්ටි වේ. සත්කාය දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි ය ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී. සත්කායදෘෂ්ටියෙහි මේ විසිඅයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-5. සක්කායවත්ථුකා සස්සතදිට්ඨි.
Sinhala BJT2-5. සත්කායවස්තුකශාශ්වතදෘෂ්ටිය
Pali BJTසක්කායවත්ථුකාය සස්සතදිට්ඨියා කතමෙහි පන්නරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTසත්කායවස්තුකශාශ්වතදෘෂ්ටියෙහි කවර පසළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනාවන්තං වා අත්තානං -පෙ- සඤ්ඤාවන්තං වා අත්තානං -පෙ- සඞ්ඛාරවන්තං වා අත්තානං -පෙ- විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං.
Sinhala BJTමෙලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ ආත්මය වේදනාවත් කොට හෝ ... ආත්මය සංඥාවත් කොට හෝ ... ආත්මය සංස්කාරවත් කොට හෝ ... ආත්මය විඥානවත් කොට හෝ ... විඥානය ආත්මයෙහි ලා හෝ .. ආත්මය විඥානයෙහි ලා හෝ දකී.
Pali BJTකථං රූපවන්තං අත්තානං සමනුපස්සති: ඉධෙකච්චො වෙදනං සඤ්ඤං සඞ්ඛාරෙ විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, තස්ස එවං හොති: ‘අයං ඛො මෙ අත්තා, සො ඛො පන මෙ අයං අත්තා ඉමිනා රූපෙන රූපවා’ති රූපවන්තං අත්තානං සමනුපස්සති. සෙය්යථාපි රුක්ඛො ඡායාසම්පන්නො අස්ස, තමෙනපුරිසො එවං වදෙය්ය: ‘අයං රුක්ඛො, අයං ඡායා, අඤ්ඤො රුක්ඛො, අඤ්ඤා ඡායා. සො ඛො පනායං රුක්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන්තං රුක්ඛං සමනුපස්සති, එවමෙව ඉධෙකච්චො වෙදනං -පෙ- අයං පඨමා සක්කායවත්ථුකා සස්සතදිට්ඨි සස්සතදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපවන්තං අත්තානං සමනුපස්සති. -පෙ- සක්කායවත්ථුකාය සස්සතදිට්ඨියා ඉමෙහි පන්නරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ රූපයෙන් රූපවත් වේ’යයි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මොලොව ඇතැමෙක් වේදනාව ... මේ පළමුවනු වූ සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටි නම. ශාශ්වතදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී ... සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි මේ පසළොස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT2-6. සක්කායවත්ථුකා උච්ඡෙදදිට්ඨි.
Sinhala BJT2-6. සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටිය
Pali BJTසක්කායවත්ථුකාය උච්ඡෙදදිට්ඨියා කතමෙහි පඤ්චහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකවර පස් අයුරෙකින් සත්කාය වස්තුක උච්ඡේද දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
Pali BJTඉධ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූප අත්තතො සමනුපස්සති, වෙදනං අත්තතො සමනුපස්සති, සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.
Sinhala BJTමෙ ලොවැ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් දකී. වේදනාව ආත්මවශයෙන් දකී, සංඥාව ආත්මවශයෙන් දකී, සංස්කාරයන් ආත්මවශයෙන් දකී, විඥානය ආත්මවශයෙන් දකී.
Pali BJTකථං රූපං අත්තතො සමනුපස්සති: ඉධෙකච්චො පඨවීකසිණං -පෙ- ඔදාතකසිණං අත්තතො සමනුපස්සති: යං ඔදාතකසිණං සො අහං යො අහං තං ඔදාතකසිණ’න්ති ඔදාතකසිණඤ්ච අත්තඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො -පෙ- අයං පඨමා සස්සතවත්ථුකා උච්ඡෙදදිට්ඨි, උච්ඡෙදදිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. එවං රූපං අත්තතො සමනුපස්සති -පෙ- සක්කායවත්ථුකාය උච්ඡෙදදිට්ඨියා ඉමෙහි පඤ්චහි ආකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTකිසෙයින් රූපය ආත්මවශයෙන් දක්නේ ද යත්: මෙලොවැ ඇතැමෙක් පඨවිකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. යමෙක් ඕදාතකසිණය වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද ඒ ඔදාතකසිණ වේ’ යයි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ ... මේ පළමුවනු වු සත්කාය වස්තුක උච්ඡේදදෘෂ්ටි නම. උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී ... මේ පස් අයුරින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ.
Pali BJT2-7. අන්තග්ගාහිකාදිට්ඨි
Sinhala BJT2-7. අන්තග්‍රාහිකදෘෂ්ටිය
Pali BJTඅන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්ඤාසාය ආකාරෙහි අභිනිවෙසො හොති:
Sinhala BJTකවර පනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:
Pali BJTසස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති. ‘අසස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති. අන්තවා ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා -පෙ- ‘අනන්තවා ලෙකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා -පෙ- ‘තං ජීවං තං සරීරන්ති අන්තග්ගාහිකාය දිට්ඨියා -පෙ- ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති අන්තග්ගාහිකාය දිට්ඨියා -පෙ- හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා -පෙ- ‘න හොති තථාගතො පරං මරණා’ති -පෙ- ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති -පෙ- ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යී අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වේ’ යයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො වේ’යයි ... සත්ත්‍වතෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි ... ‘සත්ත්‍වතෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද යත්:
Pali BJT‘සස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති -පෙ- ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන්තග්ගාහිකාය දිට්ඨියා පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJTලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වෙයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වේ.
Pali BJT‘සස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ලොකො චෙව සස්සතඤ්චා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගා හිකා දිට්ඨි. දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි; අඤ්ඤා දිට්ඨි අඤ්ඤං වත්ථු; යා ච දිට්ඨි යඤ්ච වත්ථු. අයං පඨමා ‘සස්සතො ලොකො’ති අන්තග්ගාහිකා දිට්ඨි. අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘ලෝකය ශාශ්වත යැ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.
Pali BJT‘වෙදනා ලොකො චෙව සස්සතා චා’ති -පෙ- ‘සඤ්ඤා ලොකො චෙව සස්සතා චා’ති -පෙ- ‘සඤ්ඤා ලොකො චෙව සස්සතා චා’ති -පෙ- ‘සඞ්ඛාරා ලොකො චෙව සස්සතා චා’ති -පෙ- ‘විඤ්ඤාණං ලොකො චෙව සස්සතඤ්චා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි, දිට්ඨි න වත්ථු, වත්ථු න දිට්ඨි, අඤ්ඤා දිට්ඨි, අඤ්ඤං වත්ථු, යා ච දිට්ඨි යඤ්ච වත්ථු, අයං පඤ්චමී ‘සස්සතො ලොකො’ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො. ‘සස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා ඉමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති.
Sinhala BJT‘වේදනාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... ‘සංඥාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... සංස්කාරයෝ ලෝක ද ශාශ්වත ද වෙතී ...‘ විඥානය ලෝක ද ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පස්වනු වූ ‘ලෝකය ශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය ශාශ්වත යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.
Pali BJT‘අසස්සතො ලොකො’ති අන්තග්ගාහිකාය දිට්ඨියා කතමෙහි පඤ්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ලොකො චෙව අසස්සතඤ්චා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි, තාය දිට්ඨියා සො අන්තො ගහිතො’ති අන්තග්ගාහිකා දිට්ඨි -පෙ- අයං පඨමා අසස්සතො ලොකො’ති අන්තග්ගාහිකා දිට්ඨි, අන්තග්ගාහිකා දිට්ඨි මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති -පෙ- ඉමානි සඤ්ඤොජනානි න ච දිට්ඨියො.
Sinhala BJT‘ලෝක අශාශ්වත යැ’ යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... මේ පළමු වනු වූ ‘ලෝකය අශාශ්වත යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.