Pali BJTකතමො ච සත්තානං අනුසයො: සත්තානුසයා, කාමරාගානුසයො, පටිඝානුසයො, මානානුසයො, දිට්ඨානුසයො, විචිකිච්ඡානුසයො, භවරාගානුසයො, අවිජ්ජානුසයො.
Sinhala BJTසත්ත්‍වයන්ගේ අනුශය කවරෙ යත්: අනුශයයෝ සත්දෙනෙකි: කාමරාගානුශය යැ ප්‍රතිඝානුශය යැ මානානුශය යැ දෘෂ්ට්‍යනුශය යැ විචිකිත්සානුශය යැ භවරාගානුශය යැ අවිද්‍යානුශය යි.
Pali BJTයං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථ සත්තානං කාමරාගානුසයො අනුසෙති; යං ලොකෙ අප්පියරූපං{1} අසාතරූපං, එත්ථ සත්තානං පටිඝානුසයො අනුසෙති; ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසු අවිජ්ජා අනුපතිතා තදෙකට්ඨො මානො ච දිට්ඨි ච විචිකිච්ඡා ච දට්ඨබ්බා. අයං සත්තානං අනුසයො.
Sinhala BJTයමක් ලෝකයෙහි ප්‍රියස්වභාව සාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්‍වයන්ගේ කාමරාගානුශය ලැගසිටී යමෙක් ලෝකයෙහි අප්‍රියස්වභාව අසාතස්වභාව ඇත්තේ ද මෙහි සත්ත්‍වයන්ගේ ප්‍රතිඝානුශය ලැගසිටී. මෙසෙයින් මේ දෙදහම්හි අවිද්‍යාව අනුවගියා ය. ඒ අවිද්‍යාව හා සමග (සහජෙකට්ඨවශයෙන්) එක් වැ සිටි මානය ද දෘෂ්ටි ද විචිකිත්සාව ද දතයුත්තාහ. මේ සත්ත්‍වයන්ගේ අනුශය වේ.
Pali BJTකතමං ච සත්තානං චරිතං: පුඤ්ඤාභිසඞ්ඛාරො, අපුඤ්ඤාභිසඞ්ඛාරො, ආනෙඤ්ජාභිසඞ්ඛාරො පරිත්තභුමකො වා මහාභූමකො වා, ඉදං සත්තානං චරිතං.
Sinhala BJTසත්ත්‍වයන්ගේ චරිතය කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහාභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්‍වයන්ගේ චරිත යි.
Pali BJTකතමා ච සත්තානං අධිමුත්ති: සන්ති සත්තා හීනාධිමුත්තිකා, සන්ති සත්තා පණීතාධිමුත්තිකා, හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති. අතීතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු භජිංසු පයිරුපාසිංසු, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු භජිංසු පයිරුපාසිංසු, අනාගතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති භජිස්සන්ති පයිරුපාසිස්සන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති භජිස්සන්ති පයිරුපාසිස්සන්ති. අයං සත්තානං අධිමුත්ති.
Sinhala BJTසත්ත්‍වයන්ගේ අධිමුක්ති කවර යත්: හීන වූ අධිමුක්ති (අදහස්) ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. ප්‍රණීත වූ අධිමුක්ති ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. හීනාධිමුක්තික සත්ත්‍වයෝ හීනාධිමුක්තික සත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කෙරෙති. ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයන් සේවන භජන පර්‍ය්‍යුපාසන කෙරෙති. අතීතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්‍වයෝ හීනාධිමුක්තිසත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කළහ. අනාගතකාලයෙහි දු හීනාධිමුක්තිසත්ත්‍වයෝ හීනාධිමුක්තිසත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහ. ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයෝ ප්‍රණීතාධිමුක්තිසත්ත්‍වයන් සේවන - භජන - පර්‍ය්‍යුපාසන කරන්නාහු යි. මේ සත්ත්‍වයන්ගේ අධිමුක්ති යි.
Pali BJTකතමෙ සත්තා අභබ්බා: යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා, කිලෙසාවරණෙන සමන්නාගතා, විපාකාවරණෙන සමන්නාගතා, අසද්ධා අච්ඡන්දිකා, දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමෙ තෙ සත්තා අභබ්බා.
Sinhala BJTඅභව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගතයෝ ද ක්ලේශාවරණයෙන් සමන්‍වාගතයෝ ද විපාකාවරණයෙන් සමන්‍වාගතයෝ ද සැදැහැ නැත්තාහු ද කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද නැත්තාහු ද භවාඞ්ගප්‍රඥා රහිතයෝ ද කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට බැසැගන්නට අභව්‍යයෝ ද මේ සත්ත්‍වයෝ අභව්‍යයෝ යි.
Pali BJTකතමෙ සත්තා භබ්බා: යෙ තෙ සත්තා න කම්මාවරණෙන සමන්නාගතා, න කිලෙසාවරණෙන සමන්නාගතා, න විපාකාවරණෙන සමන්නාගතා, සද්ධා ඡන්දිකා පඤ්ඤාවන්තො, භබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමෙ තෙ සත්තා භබ්බා.
Sinhala BJTභව්‍යසත්ත්‍වයෝ කවරහ යත්: යම් සත්ත්‍ව කෙනෙක් කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූවාහු සැදැහැ ඇත්තාහු කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද ඇත්තාහු ද භවාඞ්ගප්‍රඥා ඇත්තාහු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වනියාම සඞ්ඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට බැසැගන්නට භව්‍ය වෙත් ද මේ සත්ත්‍වයෝ භව්‍යයෝ යි.
Pali BJTඉදං තථාගතස්ස සත්තානං ආසයානුසයෙ ඤාණං.
Sinhala BJTමේ තථාගතයන් වහන්සේගේ සත්ත්‍වයන් පිළිබඳ ආශය අනුශය දන්නා නුවණ යි.
Pali BJTආසයානුසයඤාණනිද්දෙසො.
Sinhala BJTආශයානුශයඥානනිර්දේශ යි.
Pali BJT70. යමකපාටිහීරඤාණං.
Sinhala BJT70. යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය
Pali BJTකතමං තථාගතස්ස යමකපාටිහීරෙ ඤාණං.
Sinhala BJTතථාගතයන් වහන්සේගේ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය කවරෙ යත්:
Pali BJTඉධ තථාගතො යමකපාටිහීරං කරොති අසාධාරණං සාවකෙහි. උපරිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, හෙට්ඨිමකායතො උදකධාරා පවත්තති; හෙට්ඨිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, උපරිමකායතො උදකධාරා පවත්තති; පුරත්ථිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පච්ඡිමකායතො උදකධාරා පවත්තති; පච්ඡිමකායතො අග්ගික්ඛන්ධො පවත්තති, පුරත්ථිමකායතො උදකධාරා පවත්තති; දක්ඛිණක්ඛිතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමක්ඛිතො උදකධාරා පවත්තති; වාමක්ඛිතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණක්ඛිතො උදකධාරා පවත්තති. දක්ඛිණකණ්ණසොතතො අග්ගික්ඛධො පවත්තති, වාමකණ්ණසොතතො උදකධාරා පවත්තති; වාමකණ්ණසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණකණ්ණසොතතො උදකධාරා පවත්තති, දක්ඛිණනාසිකාසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමනාසිකාසොතතො උදකධාරා පවත්තති; වාමනාසිකාසොතතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණනාසිකාසොතතො උදකධාරා පවත්තති; දක්ඛිණංසකූටතො{1} අග්ගික්ඛන්ධො පවත්තති, වාමංසකූටතො{2} උදකධාරා පවත්තති; වාමංසකූටතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණංසකූටතො උදකධාරා පවත්තති; දක්ඛිණහත්ථතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමහත්ථතො උදකධාරා පවත්තති; වාමහත්ථතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණහත්ථතො උදකධාරා පවත්තති; දක්ඛිණපස්සතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමපස්සතො උදකධාරා පවත්තති; වාමපස්සතො අග්ගික්ඛන්ධොපවත්තති, දක්ඛිණපස්සතො උදකධාරා පවත්තති; දක්ඛීණපාදතො අග්ගික්ඛන්ධො පවත්තති, වාමපාදතො උදකධාරා පවත්තති; වාමපාදතො අග්ගික්ඛන්ධො පවත්තති, දක්ඛිණපාදතො උදකධාරා පවත්තති, අඞ්ගුලඞ්ගුලෙහි අග්ගික්ඛන්ධො පවත්තති, අඞ්ගුලන්තරිකාහි උදකධාරා පවත්තති; අඞ්ගුලන්තරිකාහි අග්ගික්ඛන්ධො පවත්තති, අඞ්ගුලඞ්ගුලෙහි උදකධාරා පවත්තති; එකෙකලොමතො අග්ගික්ඛන්ධො පවත්තති, එකෙකලොමතො උදකධාරා පවත්තති, ලොමකූපතො ලොමකූපතො අග්ගික්ඛන්ධො පවත්තති, ලොමකූපතො ලොමකූපතො උදකධාරා පවත්තති, ඡන්නං වණ්ණානං නීලානං පීතකානං ලොහිතකානං ඔදාතානං මඤ්ජිට්ඨානං{3} පභස්සරානං.
Sinhala BJTමෙහි තථාගත තෙම ශ්‍රාවකයන් හා අසාධාරණ වූ යමකප්‍රාතිහාර්‍ය්‍යය කෙරෙයි. උඩුකයින් ගිනිකඳ පවත්වයි, යටිකයින් දියදහර පවත්වයි, යටිකයින් ගිනිකඳ පවත්වයි, උඩුකයින් දියදහර පවත්වයි; පෙරපසින් ගිනිකඳ පවත්වයි, පසුපසින් දියදහර පවත්වයි; පසුපසින් ගිනිකඳ පවත්වයි, පෙරපසින් දියදහර පවත්වයි; දකුණැසින් ගිනිකඳ පවත්වයි, වමැසින් දියදහර පවත්වයි; වමැසින් ගිනිකඳ පවත්වයි, දකුණැසින් දියදහර පවත්වයි; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වයි, වම්කන්සිළින් දියදහර පවත්වයි; වම්කන්සිළින් ගිනිකඳ පවත්වයි, දකුණුකන්සිළින් දියදහර පවත්වයි; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වයි, වම්නැහැසිළින් දියදහර පවත්වයි; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වයි, දකුණුනැහැසිළින් දියදහර පවත්වයි; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වයි, වම්දසරියෙන් දියදහර පවත්වයි; වම්දසරියෙන් ගිනිකඳ පවත්වයි, දකුණුදසරියෙන් දියදහර පවත්වයි; දකුණතින් ගිනිකඳ පවත්වයි, වමතින් දියදහර පවත්වයි; වමතින් ගිනිකඳ පවත්වයි, දකුණතින් දියදහර පවත්වයි; දකුණුපසින් ගිනිකඳ පවත්වයි, වම්පසින් දියදහර පවත්වයි; වම්පසින් ගිනිකඳ පවත්වයි, දකුණුපසින් දියදහර පවත්වයි; දකුණුපයින් ගිනිකඳ පවත්වයි, වම්පයින් දියදහර පවත්වයි; වම්පයින් ගිනිකඳ පවත්වයි, දකුණුපයින් දියදහර පවත්වයි; එකෙකි ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වයි, ඇඟිලි අතුරින් දියදහර පවත්වයි; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වයි, එකෙකි ඇඟිල්ලෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමයෙන් දියදහර පවත්වයි; එකෙකි රෝමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රෝමකූපයෙන් දියදහර පවත්වයි; නීල යැ පීත යැ ලෝහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්‍රභාස්වර යැ යන ෂඩ්වර්‍ණයන්ගේ රස්මිහු යුග්ම වැ පවතිත්.
Pali BJTභගවා චඞ්කමති,{*} නිම්මිතො තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති. භගවා තිට්ඨති, නිම්මිතො චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; භගවා නිසීදති, නිම්මිතො චඞ්කමති වා තිට්ඨති ච නිසීදති වා; නිම්මිතො චඞ්කමති, භගවා තිට්ඨති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; නිම්මිතො තිට්ඨති, භගවා චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; නිම්මිතො නිසීදති, භගවා චඞ්කමති වා නිසීදති වා සෙය්යං වා කප්පෙති; නිම්මිතො සෙය්යං කප්පෙති, භගවා චඞ්කමති වා තිට්ඨති වා නිසීදති වාති’.
Sinhala BJTබුදුහු සක්මන් කෙරෙති, නිර්මිත බුදුහු සිටිති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු සිටිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; බුදුහු හිඳිති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; බුදුහු ශයනය කෙරෙති, නිර්මිත බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හො කෙරෙති; නිර්මිත බුදුහු සක්මන් කෙරෙති, බුදුහු සිටිති හිඳිති ශයනය හො කෙරෙති; නිර්මිත බුදුහු සිටිති, බුදුහු සක්මන් කෙරෙති හිඳිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු හිඳිති, බුදුහු සක්මන් කෙරෙති සිටිති ශයනය හෝ කෙරෙති; නිර්මිත බුදුහු ශයනය කෙරෙති, බුදුහු සක්මන් කෙරෙති සිටිති නිසීදනය හෝ කෙරෙත් යයි.
Pali BJTඉදං තථාගතස්ස යමකපාටිහීරෙ ඤාණං.
Sinhala BJTමේ තථාගතයන් වහන්සේගේ යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන යි.
Pali BJTයමකපටිහීරඤාණනිද්දෙසො
Sinhala BJTයමකප්‍රාතිහාර්‍ය්‍යඥාන නිර්දේශ යි.
Pali BJT71. මහාකරුණාසමාපත්තිඤාණං.
Sinhala BJT71. මහාකරුණාසමාපත්තිඥානය
Pali BJTකතමං තථාගතස්ස මහාකරුණාසමාත්තියා ඤාණං:
Sinhala BJTතථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තිඥානය කවරෙ යත්:
Pali BJTබහුකෙහි ආකාරෙහි පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති: ‘ආදිත්තො ලොකසන්නිවාසො’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ‘උය්යුත්තො ලොකසන්නිවාසො’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ‘පයාතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ‘කුම්මග්ගපටිපන්නො.{1} ‘ලොකසන්නිවාසො’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ‘උපනීයති ලොකො අද්ධුවො’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති, ‘අතාණො{2} ලොකො අනභිස්සරො’ති පස්සන්තායං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීය’න්ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ‘අතායනො{3} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘අලෙණො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘අසරණො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘අසරණීභූතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ-
Sinhala BJTබහුප්‍රකාරයෙන් (නුවණැසින් හා බුදු ඇසින් හා) බලන්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී: ‘ලෝකසන්නිවාසය තෙම (රාගාදීන් විසින්) ආදීප්ත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම (නොයෙක් කටයුත්තෙහි) උත්සාහ සහිත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම මරණයට නික්මැගියේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම නො මඟට පිළිපන්නේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝවැසි තෙම අස්ථිර වූයේ ජරාවශයෙන් මරණයට ගෙනයනු ලැබේ ය’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම අස්වසාලිය හැක්කෙක් නැත්තේ අනාරක්‍ෂක වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම (අයැති යයි ගන්නාලද) සියල්ල හැරපියා යායුතු යැ (එහෙයින් මැ) තමා අයැතියක් නැත්තේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝවැසි තෙම තෘෂ්ණාවට දාස වූයේ නො තිත් වූයේ ඌන වූයේ යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ‘ලෝකසන්නිවාසය තෙම අනාරක්‍ෂක යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී. ලෝකසන්නිවාසය තෙම නිශ්‍රය රහිත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අසරණැ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අසරණ වූයේ යැ’යි දක්නා වූ ...
Pali BJT‘උද්ධතො ලොකො අවුපසන්තො’ති පස්සන්තානං -පෙ- ‘සසල්ලො ලොකසන්නිවාසෙ විද්ධො පුථුසල්ලෙහි, තස්ස නත්ථඤ්ඤො කොචි සල්ලානං උද්ධාතා{4} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘අවිජ්ජන්ධකාරාවරණො ලොකසන්නිවාසො{5} කිලෙසපඤ්ජරපක්ඛිත්තො,{6} තස්ස නත්ථඤ්ඤො කොචි ආලොකං දස්සෙතා අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘අවිජ්ජාගතො ලොකසන්නිවාසො අණ්ඩභූතො{7} පරියොනද්ධො{8} තන්තාකුලකජාතො{9} ගුලාගුණ්ඨිකජාතො{10} මුඤ්ජබබ්බජභූතො{11} අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තතී’ති පස්සන්තානං -පෙ- ‘අවිජ්ජාවිසදොසසංලිත්තො{12} ලොකසන්නිවාසො කිලෙසකලලීභූතො’ති{13} පස්සන්තානං -පෙ-
Sinhala BJT‘ලෝවැසි තෙම නො සන්හුන් වූයේ උද්ධත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම බොහෝ වූ හුලින් විදුනා ලද්දේ සශල්‍ය වූයේ යැ. මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ හුල් උදුරන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම කෙලෙස්මැඳිරියෙහි බහාලන ලද්දේ අවිද්‍යාන්‍ධකාර නැමැති ආවරණ ඇත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අලෝකය දක්වනසුලු අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යාවට පිවිසියේ අවිද්‍යාණ්ඩකෝෂයෙහි උපන්නේ හාත්පසින් බඳනාලද්දේ හූවටක් සෙයින් ආකූල වූයේ ලිහිණිකසල්ලක් බඳු වූයේ මුදුතණබබුස්තණ බඳු වූයේ අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන සසර නො ඉක්මේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අවිද්‍යා සඞ්ඛ්‍යාත විෂදෝෂයෙන් මොනොවට තැවැරුණේ හටගත් කෙලෙස්කලල් ඇත්තේ යැ’යි දක්නා වූ ...
Pali BJT‘රාගදොසමොහජටාජටිතො{14} ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි ජටං විජටෙතා{15} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘තණ්හා සඞ්ඝාටපටිමුක්කො{16} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘තණ්හාජාලෙන ඔත්ථටො{17} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘තණ්හාසො තෙන වුය්හති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘තණ්හාසංයොජනෙන සඤ්ඤුත්තො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘තණ්හානුසයෙන අනුසටො{18} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘තණ්හාසන්තාපෙන සන්තප්පති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- තණ්හාපරිළාහෙන පරිඩය්හති{19} ලොසන්නිවාසො’ති පස්සන්තානං -පෙ-
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම රාගද්වේෂමෝහ සඞ්ඛ්‍යාත ජටායෙන් මැසුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ (කෙලෙස්) ජටා සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නැමැති සගුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණා නමැති දැලින් හාත්පසින් වෙළන ලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාස්‍රෝතසින් අදනාලැබේ ය’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසංයෝජනයෙන් බඳනාලදැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණානුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාසන්තාපයෙන් තවනු ලැබේ’ යැයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණාපරිදාහයෙන් දවනු ලැබේ’ යැයි දක්නා වූ ...
Pali BJT‘දිට්ඨිසඞ්ඝාටපටිමුක්කො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- දිට්ඨිජාලෙන ඔත්ථටො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දිට්ඨිසොතෙන වුය්හති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දිට්ඨිසංයොජනෙන සඤ්ඤුත්තො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දිට්ඨානුසයෙන අනුසටො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දිට්ඨිසන්තාපෙන සන්තප්පති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- දිට්ඨිපරිළාහෙන පරිඩය්හති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ-
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටි නැමැති හඟුළුයෙහි පිවිසියේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිජාලයෙන් වෙළනලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිස්‍රෝතසින් අඳනාලැබේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසංයෝජනයෙන් බඳනා ලදැ’යි දක්නා වූ ...‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ට්‍යනුශයයෙන් අනුගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිසන්තාපයෙන් තැවේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෘෂ්ටිපරිදාහයෙන් දැවේ’ යයි දක්නා වූ ...
Pali BJT‘ජාතියා අනුගතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘ජරාය අනුසටො{1} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘බ්යාධිනා අභිභූතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- මරණෙන අබ්භාහතො{2} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- දුක්ඛෙ පතිට්ඨිතො{3} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ-
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම ජාතියෙන් අනුගත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරායෙන් ලුහුබඳනා ලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ව්‍යාධියෙන් මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මරණයෙන් පහරන ලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දුකෙහි පිහිටියේ යැ’යි දක්නා වූ ...
Pali BJT‘තණ්හාය උඩ්ඩිතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘ජරාපාකාරපරික්ඛිත්තො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘මච්චුපාසෙන{4} පරික්ඛිත්තො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ-. ‘මහාබන්ධනබද්ධො{5} ලොකසන්නිවාසො රාගබන්ධනෙන දොසබන්ධනෙන මොහ බන්ධනෙන මානබන්ධනෙන දිට්ඨිබන්ධනෙන කිලෙසබන්ධනෙන දුච්චරිත බන්ධනෙන, තස්ස නත්ථඤ්ඤො කොචි බන්ධනං මොචෙතා අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘මහාසම්බාධපටිපන්නො ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි ඔකාසං දස්සෙතා අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘මහාපළිබොධෙන පළිබුද්ධො ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි පළිබොධං ඡෙත්තා{6} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘මහාපපාතෙ පතිතො ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි පපාතා උද්ධාතා{7} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘මහාකන්තාරපටිපන්නො ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි කන්තාරං තාරෙතා අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘මහාසංසාරපටිපන්නො ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි සංසාමොචෙතා{8} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘මහාවිදුග්ගෙ සම්පරිවත්තති ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි විදුග්ගා උද්ධාතා{7} අඤ්ඤත්ර මයා’ති -පෙ- ‘මහාපළිපෙ පළිපන්නො ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි පළිපා උද්ධාතා{7} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ-
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම තෘෂ්ණායෙන් නඟනලදුයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ජරා නැමැති ප්‍රාකාරයෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මරණපාශායෙන් පරික්‍ෂිප්ත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහාබන්‍ධනයෙන් බැඳුණේ යැ රාගබන්‍ධනයෙන් ද්වේෂබන්‍ධනයෙන් මොහබන්‍ධනයෙන් මානබන්‍ධනයෙන් දෘෂ්ටිබන්‍ධනයෙන් ක්ලේශබන්‍ධනයෙන් දුශ්චරිතබන්‍ධනයෙන් බැඳුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ බන්‍ධනය මුදනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහත් වූ ක්ලේශසම්බාධයට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයට අවකාශ දක්වන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ලෝකසන්නිවාසය තෙම මහාපළිබෝධයෙන් ඇවුරුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසයාගේ පළිබෝධ සිඳුනා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චගති සඞ්ඛ්‍යාත මහාප්‍රපාතයෙහි වැටුණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ප්‍රපාතයෙන් නඟන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම (ජාත්‍යාදි) මහකතරට පිළිපන්නේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය කතර තරවන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම මහසසරට පිළිපන්නේ යැ, මා තබා ලෝකසන්නිවාසය සසරින් මුදන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සංසාර සඞ්ඛ්‍යාත මහාදුර්‍ගයෙහි පරිවර්‍තන වෙයි, මා තබා ඒ ලෝකසන්නිවාසයය දුර්‍ගයෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම මහමඩෙහි ලැගුණේ යැ, මා තබා එ ලෝකසන්නිවාසය මඬෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ...
Pali BJT‘අබ්භාහතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘ආදිත්තො ලොකසන්නිවාසො රාගග්ගිනා දොසග්ගිනා මොහග්ගිනා ජාතියා ජරාමරණෙන{9} සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, තස්ස නත්ථඤ්ඤො කොචි නිබ්බාපෙතා අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- උන්නීතකො{10} ලොකසන්නිවාසො හඤ්ඤති නිච්චමතාණො{11} පත්තදණ්ඩො
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම (හැම උවදුරින්) මඬනාලද්දේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩිආයාසයෙන් ඇවිළගත්තේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය නිවාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම (ජාතිය විසින් ජරාදි උපද්‍රවයට) ඔසවාගෙනයනලද්දේ පැමිණි දඬුවම් ඇති සොර වූයේ නිරතුරු අනාරක්‍ෂකවැ පෙළේ යැ’යි දක්නා වූ ...
Pali BJTතක්කරො’ති පස්සන්තානං -පෙ- ‘වජ්ජබන්ධනබද්ධො ලොකසන්නිවාසො ආඝාතනපච්චුපට්ඨිතො, තස්ස නත්ථඤ්ඤො කොචි මොචෙතා{1} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘අනාථො ලොකසන්නිවාසො පරමකාපඤ්ඤප්පත්තො{2} තස්ස නත්ථඤ්ඤො කොචි තායෙතා{3} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘දුක්ඛාභිතුන්නො{4} ලොකසන්නිවාසො චිරරත්තපීළිතො’ති{5} පස්සන්තානං -පෙ- ‘නිච්චගධිතො{6} ලොකසන්නිවාසො නිච්චපිපාසිතො’ති{7} පස්සන්තානං -පෙ-
Sinhala BJTලෝකසන්නිවාසය තෙම (රාගාදි) වද්‍යබන්‍ධනයෙන් බඳනාලදුයේ දම්ගෙඩිය කරා එළඹ සිටියේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය මුදාලන අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අනාථ වූයේ පරම දිළිඳු බවට පැමිණේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය රක්නා අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම දුකින් පෙළනලදුයේ දිගුකලක් පෙළුණේ යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම (තෘෂ්ණායෙන්) නිරතුරු ගිජු වූයේ නිරතුරු හටගත් පවස් ඇත්තේ යැ’යි දක්නා වූ ...
Pali BJT’අන්ධො ලොකසන්නිවාසො අචක්ඛුකො’ති පස්සන්තානං -පෙ- ‘හතනෙත්තො ලොකසන්නිවාසො අපරිනායකො’ති පස්සන්තානං -පෙ- ‘විපථපක්ඛන්නො{8} ලොකසන්නිවාසො අඤ්ජසාපරද්ධො, තස්ස නත්ථඤ්ඤො කොචි අරියපථං ආනෙතා අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ- ‘මහොඝපක්ඛන්නො ලොකසන්නිවාසො, තස්ස නත්ථඤ්ඤො කොචි ඔඝා උද්ධාතා{9} අඤ්ඤත්ර මයා’ති පස්සන්තානං -පෙ-
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම (ප්‍රඥාවගේ අභාවයෙන්) අන්‍ධ වූයේ යැ ඇස් නැත්තේ යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම නට ඇස් ඇත්තේ පරිනායකයකු රහිත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම විපරීතමාර්‍ගයට බටුයේ ඍජුමාර්‍ගයෙහි වැරැද්දේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ආර්‍ය්‍යමාර්‍ගයට ගෙන එන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම (කාමාදි) මහාඕඝයට පිවිසියේ යැ, මා තබා ඒ ලෝකසන්නිවාසය ඕඝයෙන් නඟාලන්නා වූ අන් කිසිවෙක් නැතැ’යි දක්නා වූ ...
Pali BJT’ද්වීහි දිට්ඨිගතෙහි පරියුට්ඨිතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘තීහි දුච්චරිතෙහි විප්පටිපන්නො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘චතූහි යොගෙහි යුත්තො{10} ලොකසන්නිවාසො චතුයොගයොජිතො’ ති පස්සන්තානං -පෙ- ‘චතූහි ගන්ථෙහි ගන්ථිතො{11} ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘චතූහි උපාදානෙහි උපාදීයති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘පඤ්චගතිසමාරුළ්හො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘පඤ්චහි කාමගුණෙහි රජ්ජති ලොකසන්නිවාසො’ ති පස්සන්තානං -පෙ- ‘පඤ්චහි නීවරණෙහි ඔත්ථටො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘ඡහි විවාදමූලෙහි විවදති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘ඡහි තණ්හාකායෙහි රජ්ජති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘ඡහි දිට්ඨිගතෙහි පරියුට්ඨිතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘සත්තහි අනුසයෙහි අනුසටො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- සත්තහි සංයොජනෙහි සඤ්ඤුත්තො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘සත්තහි මානෙහි උන්නතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘අට්ඨහි ලොකධම්මෙහි සම්පරිවත්තති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘අට්ඨහි මිච්ඡත්තෙහි නිය්යාතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘අට්ඨහි පුරිසදොසෙහි දුස්සති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘නවහි ආඝාතවත්ථූහි ආඝාතිතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘නවවිධමානෙහි උන්නතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘නවහි තණ්හාමූලකෙහි ධම්මෙහි රජ්ජති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දසහි කිලෙසවත්ථූ කිලිස්සති ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දසහි ආඝාතවත්ථූහි ආඝාතිතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දසහි අකුසලකම්මපථෙහි සමන්නාගතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දසහි සඤ්ඤොජනෙහි සඤ්ඤුත්තො ලොකසන්නිවාසො’ති -පෙ-
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම (ශාශ්වත - උච්ඡේද) දෘෂ්ටි දෙකින් පර්‍ය්‍යුත්‍ථිත වූයේ (හාත්පසින් ගෙන සිටියේ) යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම තුන් දුශ්චරිතයන් විසින් විප්‍රතිපන්න යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම (කාමාදි) සතර යෝගයන් ගෙන් යුක්ත වූයේ සතර යෝගයන් විසින් බඳනා ලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සතර ග්‍රන්‍ථයන් විසින් ගෙතුණේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සතර උපාදානයන් විසින් දැඩි කොට ගන්නාලැබේ’ යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චගතියට සමාරූඪ වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චකාමගුණයන් විසින් රඳනා ලැබේ’යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම පඤ්චනීවරණයන් විසින් වතුරුවනලදැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සවැදෑරුම් විවාදමූලයන්ගෙන් විවාද කෙරේ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සවැදෑරුම් තෘෂ්ණාකායයෙන් ඇලේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ෂඩ්දෘෂ්ටීන් විසින් පර්‍ය්‍යුත්‍ථිත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සප්ත අනුශයයන් විසින් ලුහුබඳනාලද යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම සත් සංයෝජනයන් විසින් සංයුක්ත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම සප්තවිධ මානයන් විසින් උන්නත වූයේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම අෂ්ටලෝකධර්‍මයෙන් පෙරැළේ’යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අෂ්ටමිථ්‍යාත්‍ථයෙන් නිර්‍ය්‍යාත යැ’යි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම අටවැදෑරුම් පුරුෂදෝෂයෙන් දූෂ්‍ය වේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම නවවිධ ආඝාතවස්තුයෙන් ගැටුණේ යැ’යි දක්නා වූ ... ලෝකසන්නිවාසය තෙම නවවිධ මානයෙන් උන්නත වූයේ යැ’යි දක්නා වූ … ලෝකසන්නිවාසය තෙම නව තෘෂ්ණාමූලකධර්‍මයන්ගෙන් ඇලේ’ යයි දක්නා වූ ... ‘ලෝකසන්නිවාසය තෙම දශ ක්ලේශවස්තුයෙන් කෙලෙසේ’යයි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශආඝාතවස්තුයෙන් ගැටුණේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශඅකුශලකර්‍මපථයෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශ සංයෝජනයෙන් බැඳුනේ යැ’යි දක්නා වූ …
Pali BJTදසහි මිච්ඡත්තෙහි නිය්යාතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතො ලොකසන්නිවාසො’ති -පෙ- ‘දසවත්ථුකාය අන්තග්ගාහිකාය{1} දිට්ඨියා සමන්නාගතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘අට්ඨසතතණ්හාපපඤ්චසතෙහි පපඤ්චිතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං -පෙ- ‘ද්වාසට්ඨියා දිට්ඨිගතෙහි පරියුට්ඨිතො ලොකසන්නිවාසො’ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති.
Sinhala BJT‘ලෝකසන්නිවාසය තෙම දශවිධමිථ්‍යාත්‍ථයන් විසින් නිර්‍ය්‍යාත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දශවස්තුක වූ අන්තග්‍රාහිකදෘෂ්ටියෙන් සමන්‍වාගත යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම ‘අටතුරාසියකැ’යි සලකනලද තෘෂ්ණාප්‍රපඤ්චසතයෙන් ප්‍රපඤ්ච කරනලද්දේ යැ’යි දක්නා වූ … ‘ලෝකසන්නිවාසය තෙම දෙසැටමිසදිටුයෙන් පර්‍ය්‍යුත්‍ථිත යැ’යි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ මහාකරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී.
Pali BJT‘අහඤ්චම්හි තිණ්ණො, ලොකො ච අතිණ්ණො; අහඤ්චම්හි මුත්තො, ලොකො ච අමුත්තො; අහඤ්චම්හි දන්තො, ලොකො ච අදන්තො; අහඤ්චම්හි සන්තො, ලොකො ච අසන්තො; අහඤ්චම්හි අස්සත්ථො, ලොකො ච අනස්සත්ථො; අහඤ්චම්හි පරිනිබ්බුතො, ලොකො ච අපරිනිබ්බුතො. පහොමි ඛ්වාහං තිණ්ණො තාරෙතුං, මුත්තො මොචෙතුං, දන්තො දමෙතුං, සන්තො සමෙතුං, අස්සත්ථො අස්සාසෙතුං, පරිනිබ්බුතො පරිනිබ්බාපෙතු’න්ති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති.
Sinhala BJTමම් වූකලි තරණය කෙළෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් තරණය නො කෙළේ යැ, මම් වූකලි මිදුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො මිදුණේ යැ; මම් වූකලි දැමුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො දැමුණේ යැ; මම් වූකලි සිහිල් වූයෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො සිහිල් වූයේ යැ, මම් වූකලි අස්වැසුණෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො අස්වැසුණේ යැ; මම් වූකලි පිරිනිවියෙම් වෙමි, ලෝවැසි තෙමේ වැළිත් නො පිරිනිවියේ යැ; එකත්නෙන් මම් තරණය කෙළෙම් මෙරමා තරවන්නට, මිදුනෙම් මෙරමා මුදන්නට, දැමුණෙම් මෙරමා දමන්නට, සිහිල් වූයෙම් මෙරමා සිහිල් කරන්නට, අස්වැසුණෙම් මෙරමා අස්වසාලන්නට, පිරිනිවියෙම් මෙරමා පිරිනිවාලන්නට සමර්‍ත්‍ථයෙමි දක්නා වූ භාග්‍යවත් බුදුවරයන්ගේ කරුණාව සත්ත්‍වයන් කෙරෙහි බැසැගනී.
Pali BJTඉදං තථාගතස්ස මහාකරුණාසමාපත්තියා ඤාණං.
Sinhala BJTමේ තථාගතයන් වහන්සේගේ මහාකරුණාසමාපත්තියෙහි ඥාන යි.
Pali BJTමහාකරුණාසමාපත්තිඤාණ නිද්දෙසො.
Sinhala BJTමහාකරුණාසමාපත්තිඥානනිර්දේශ යි.
Pali BJT72-73. සබ්බඤ්ඤුත - අනාවරණඤාණානි
Sinhala BJT72-73. සර්‍වඥතා - අනාවරණඥානයෝ
Pali BJTකතමං තථාගතස්ස සබ්බඤ්ඤුතඤාණං:
Sinhala BJTතථාගතයන් වහන්සේගේ සර්‍වතාඥානය කවරෙ යත්:
Pali BJTසබ්බං සඞ්ඛතමසඞ්ඛතං{2} අනවසෙසං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං{3}
Sinhala BJTහැම සඞ්ඛතය අසඞ්ඛතය නිරවශේෂ කොට දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
Pali BJTඅතීතං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTඅතීත වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
Pali BJTඅනාගතං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTඅනාගත වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
Pali BJTපච්චුප්පන්නං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථි අනාවරණඤාණං.
Sinhala BJTප්‍රත්‍යුත්පන්න වූ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ.
Pali BJTචක්ඛුඤ්චෙව{4} රූපා ච එතං සබ්බං{5} ජානාතීති සබ්බඤ්ඤුතඤාණං තත්ථ ආවරණං නත්ථි අනාවරණඤාණං, සොතඤ්චෙව සද්දා ච -පෙ- ඝානඤ්චෙව ගන්ධා ච -පෙ- ජිව්හා චෙව රසා ච -පෙ- කායො චෙව ඵොට්ඨබ්බා ච -පෙ- මනො චෙව ධම්මා ච එතං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං තත්ථ ආවරණං නත්ථි අනාවරණඤාණං,
Sinhala BJTඇස ද රූපයෝ ද යන තෙල සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥානයැ. කන ද ශබ්දයෝ ද ... නැහැය ද ගන්‍ධයෝ ද ... දිව ද රසයෝ ද .. කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද ... මනස ද ධර්‍මයෝ ද යන තෙල සියල්ල දනී නු යි සර්‍වඥාතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනත්තට්ඨං, තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං යාවතා රූපස්ස අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනත්තට්ඨං, තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං. යාවතා වෙදනාය -පෙ- යාවතා සඤ්ඤාය -පෙ- යාවතා සඞ්ඛාරානං -පෙ- යාවතා විඤ්ඤාණස්ස -පෙ- යාවතා චක්ඛුස්ස -පෙ- යාවතා ජරාමරණස්ස අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනත්තට්ඨං, තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යැ, යම්තාක් රූපයාගේ අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යැ. යම්තාක් වේදනාවගේ ... යම්තාක් සංඥාවගේ ... යම්තාක් සංස්කාරයන්ගේ ... යම්තාක් විඥානයාගේ ... යම්තාක් චක්‍ෂුස්හුගේ ... යම්තාක් ජරාමරණයාගේ අනිත්‍යස්වභාව දුඃඛස්වභාව අනාත්මස්වභාව වේ ද ඒ සියල්ල දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨං, තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං, යාවතා පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨං -පෙ- යාවතා පහානස්ස{1} පහානට්ඨං -පෙ- යාවතා භාවනාය භාවනට්ඨං -පෙ- යාවතා සච්ඡිකිරියාය සච්ඡිකිරියට්ඨං -පෙ-
Sinhala BJTයම්තාක් අභිඥාවගේ අභිඥාස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණ ඥාන යැ. යම්තාක් පරිඥාවගේ පරිඥාස්වභාව වේ ද ... යම්තාක් ප්‍රහාණයාගේ ප්‍රහාණස්වභාව .. යම්තාක් භාවනාවගේ භාවනාස්වභාව ... යම්තාක් සාක්‍ෂාත් ක්‍රියාවගේ සාක්‍ෂාත්ක්‍රියාස්වභාව ...
Pali BJTයාවතා ඛන්ධානං ඛන්ධට්ඨං -පෙ- යාවතා ධාතූනං ධාතුට්ඨං -පෙ- යාවතා ආයතනානං ආයතනට්ඨං -පෙ- යාවතා සඞ්ඛතානං සඞ්ඛතට්ඨං -පෙ- යාවතා අසඞ්ඛතස්ස අසඞ්ඛතට්ඨං. තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධස්වභාව ... යම්තාක් ධාතූන්ගේ ධාතුස්වභාව ... යම්තාක් ආයතනයන්ගේ ආයතනස්වභාව ... යම්තාක් සඞ්ඛතයන්ගේ සඞ්ඛතස්වභාව ... යම්තාක් අසඞ්ඛතයාගේ අසඞ්ඛත ස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා කුසලෙ ධම්මෙ සබ්බං{*} ජානාතීති සඤ්ඤුබ්බතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං. යාවතා අකුසලෙ ධම්මෙ -පෙ- යාවතා අබ්යාකතෙ ධම්මෙ -පෙ-
Sinhala BJTයම්තාක් කුශලධර්‍මය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි ආවරණඥාන යැ. යම්තාක් අකුශලධර්‍මය ... යම්තාක් අව්‍යාකෘතධර්‍මය ...
Pali BJTයාවතා කාමාවචරෙ ධම්මෙ -පෙ- යාවතා රූපාවචරෙ ධම්මෙ -පෙ- යාවතා අරූපාවචරෙ ධම්මෙ -පෙ- යාවතා අපරියාපන්නෙ ධම්මෙ සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් කාමාවචරධර්‍මය ... යම්තාක් රූපාවචරධර්‍මය ... යම්තාක් අරූපාවචරධර්‍මය ... යම්තාක් අපර්‍ය්‍යාපන්නධර්‍මය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි ආනාවරණඥාන යි.
Pali BJTයාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨං -පෙ- යාවතා සමුදයස්ස සමුදයට්ඨං -පෙ- යාවතා නිරොධස්ස නිරොධට්ඨං -පෙ- යාවතා මග්ගස්ස මග්ගට්ඨං තං සබ්බං ජානාතීති සඤ්ඤුබ්බතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාව ... යම්තාක් සමුදයාගේ සමුදය ස්වභාව ... යම්තාක් නිරෝධයාගේ නිරෝධස්වභාව ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා අත්ථපටිසම්භිදාය අත්ථපටිසම්භිදට්ඨං -පෙ- යාවතා ධම්මපටිසම්භිදාය ධම්මපටිසම්භිදට්ඨ -පෙ- යාවතා නිරුත්තිපටිසම්භිදාය නිරුත්තිපටිසම්භිදට්ඨං -පෙ- යාවතා පටිභානපටිසම්භිදාය පටිභානපටිසම්භිදට්ඨං, තං සබ්බං ජානාතීති සඤ්ඤුබ්බතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් අත්‍ථපටිසම්භිදාවගේ අත්‍ථපටිසම්භිදා ස්වභාව ... යම්තාක් ධම්මපටිසම්භිදාවගේ ධම්මපටිසම්භිදා ස්වභාව ... යම්තාක් නිරුත්තිපටිසම්භිදාවගේ නිරුත්තිපටිසම්භිදා ස්වභාව ... යම්තාක් පටිභානපටිසම්භිදාවගේ පටිභානපටිසම්භිදාස්වභාව වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැති නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණං -පෙ- යාවතා සත්තානං ආසයානුසයෙ ඤාණං -පෙ- යාවතා යමකපාටිහීරෙ ඤාණං -පෙ- යාවතා මහාකරුණාසමාපත්තියා ඤාණං, තං සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණ ඤාණං.
Sinhala BJTයම්තාක් ඉන්‍ද්‍රියපරාවරතාඥානය ... යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශයඥානය ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය ... යම්තාක් මහාකරුණාසමාපත්තිඥානය වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි අවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්බං ජානාතීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණ ඤාණං.
Sinhala BJTයම්තාක් මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවක ලෝකයා විසින් මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් දක්නාලද රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මායතනයෙක් පැමිණෙන ලද රූපාදියෙක් සොයනලද රූපාදියෙක් මනසින් විමසන ලද රූපාදියෙක් වේ ද එ හැම දනී නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJT1. ‘න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්යං තථාගතො තෙන සමන්තචක්ඛූ’ති.
Sinhala BJT1. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවෙක් නැත. යළි (අතීත වූ) නො දත් කිසිවෙක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත, දතයුතු වු යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ සමන්තචක්ඛු වූහ.
Pali BJTසමන්තචක්ඛූති කෙනට්ඨෙන සමන්තචක්ඛු:
Sinhala BJTසමන්තචක්ඛු යනු: කවර අර්‍ත්‍ථයෙන් සමන්තචක්ඛු වේ ද යත්:
Pali BJTචුද්දස බුද්ධඤාණානි: දුක්ඛෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං බුද්ධඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං බුද්ධඤාණං, අත්ථපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං බුද්ධඤාණං, ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණං බුද්ධඤාණං, ආසයානුසයෙ ඤාණං බුද්ධඤාණං, යමකපාටිහීරෙ ඤාණං බුද්ධඤාණං, මහාකරුණාසමාපත්තියා ඤාණං බුද්ධඤාණං, සබ්බඤ්ඤුතඤාණං බුද්ධඤාණං අනාවරණඤාණං බුද්ධඤාණං, ඉමානි චුද්දස බුද්ධඤාණානි. ඉමෙසං චුද්දසන්නං බුද්ධඤාණානං අට්ඨ ඤාණානි සාවකසාධාරණානි, ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි.
Sinhala BJTබුද්ධඥාන තුදුසෙකි: දුඃඛසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛසමුදයසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි ඥානය බුද්ධඥාන යැ අත්‍ථපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ධම්මපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ නිරුත්තිපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ පටිභානපටිසම්භිදායෙහි ඥානය බුද්ධඥාන යැ ඉන්‍ද්‍රියපරාවරාතාඥානය බුද්ධඥාන යැ ආශයානුශයඥානය බුද්ධඥාන යැ යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය බුද්ධඥාන යැ මහාකරුණාසමාපත්තියෙහි ඥානය බුද්ධඥාන යැ සර්‍වඥතාඥානය බුද්ධඥාන යැ අනාවරණඥානය බුද්ධඥාන යි. මොහු තුදුස් බුද්ධඥානයෝ යි. මේ තුදුස් බුද්ධඥානයන් අතුරෙන් ඥානයෝ අටදෙනෙක් ශ්‍රාවකසාධාරණ වෙති. ඥානයෝ සදෙනෙක් ශ්‍රාවකයන් හා සමග අසාධාරණ වෙත්.
Pali BJTයාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨො සබ්බො ඤාතො, අඤ්ඤාතො දුක්ඛට්ඨො නත්ථීති සබ්බඤ්ඤුතඤාණං. තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාවයෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද්දේ යැ අඥාත වූ දුඃඛස්වභාවයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨො සබ්බො දිට්ඨො -පෙ- සබ්බො විදිතො -පෙ- සබ්බො සච්ඡිකතො -පෙ- සබ්බො ඵස්සිතො පඤ්ඤාය, අඵස්සිතො පඤ්ඤාය දුක්ඛට්ඨො නත්ථීති සබ්බඤ්ඤුතඤාණං. තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් දුඃඛයාගේ දුඃඛස්වභාවයෙක් වේ ද සියල්ල (ඇසින් මෙන් නුවණින්) දක්නා ලද්දේ යැ ... සියල්ල ප්‍රකට කොට දන්නාලද්දේ යැ ... සියල්ල සාක්‍ෂාත් කරනලද්දේ යැ ... සියල්ල නුවණින් ස්පර්‍ශ කරනලද්දේ යැ, නුවණින් ස්පර්‍ශ නො කරනලද දුඃඛාර්‍ත්‍ථයෙක් නැති නු යි සර්‍වඥතාඥාන යැ, එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා සමුදයස්ස සමුදයට්ඨො -පෙ- යාවතා නිරොධස්ස නිරොධට්ඨො -පෙ- යාවතා මග්ගස්ස මග්ගට්ඨො -පෙ- යාවතා අත්ථපටිසම්භිදාය අත්ථ පටිසම්භිදට්ඨො -පෙ- යාවතා ධම්මපටිසම්භිදාය ධම්මපටිසම්භිදට්ඨො -පෙ- යාවතා නිරුත්තිපටිසම්භිදාය නිරුත්තිපටිසම්භිදට්ඨො -පෙ- යාවතා පටිභානපටිසම්භිදාය පටිභානපටිසම්භිදට්ඨො සබ්බො ඤාතො -පෙ- සබ්බො දිට්ඨො -පෙ- සබ්බො විදිතො -පෙ- සබ්බො සච්ඡිකතො -පෙ- සබ්බො ඵස්සිතො පඤ්ඤාය, අඵස්සිතො පඤ්ඤාය පටිභානපටිසම්භිදට්ඨො නත්ථීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් සමුදයාගේ සමුදයස්වභාවයෙක් ... යම්තාක් නිරෝධයාගේ නිරෝධස්වභාවයෙක් ... යම්තාක් මාර්‍ගයාගේ මාර්‍ගස්වභාවයෙක් ... යම්තාක් අත්‍ථපටිසම්භිදාවගේ අත්‍ථපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් ධම්මපටිසම්භිදාවගේ ධම්මපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් නිරුත්තිපටිසම්භිදාවගේ නිරුත්තිපටිසම්භිදාස්වභාවයෙක් ... යම්තාක් පටිභානපටිසම්භිදාවගේ පටිභානපටිසම්භිදා ස්වභාවයෙක් වේ ද සියල්ල නුවණින් දන්නා ලද්දේ යැ - සියල්ල නුවණින් දක්නාලද්දේ යැ - සියල්ල ප්‍රකට කොට දන්නාලද්දේ යැ - සියල්ල සාක්‍ෂාත් කරනලද්දේ යැ - සියල්ල නුවණින් ස්පර්‍ශ කරනලද්දේ යැ - නුවණින් ස්පර්‍ශ නො කරනලද පටිභානසම්භිදාස්වභාවයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණං -පෙ- යාවතා සත්තානං ආසයානුසයෙ ඤාණං -පෙ- යාවතා යමකපාටිහීරෙ ඤාණං -පෙ- යාවතා මහාකරුණාසමාපත්තියා ඤාණං සබ්බං ඤාතං -පෙ- සබ්බං දිට්ඨං -පෙ- සබ්බං විදිතං -පෙ- සබ්බං සච්ඡිකතං -පෙ- සබ්බං ඵස්සිතං පඤ්ඤාය, අඵස්සිතං පඤ්ඤාය මහාකරුණාසමාපත්තියා ඤාණං නත්ථීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙක් ... යම්තාක් සත්ත්‍වයන්ගේ ආශයානුශයඥානයෙක් ... යම්තාක් යමකප්‍රාතිහාර්‍ය්‍යඥානයෙක් ... යම්තාක් මහාකරුණාසමාපත්තිඥානයෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද යැ ... සියල්ල නුවණින් දක්නාලද යැ ... සියල්ල ප්‍රකට කොට දන්නා ලද යැ ... සියල්ල සාක්‍ෂාත් කරන ලද යැ … සියල්ල නුවණින් ස්පර්‍ශ කරන ලද යැ. නුවණින් ස්පර්‍ශ නො කරන ලද මහාකරුණාසමාපත්තිඥානයෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTයාවතා සදෙවකස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, සබ්බං ඤාතං -පෙ- සබ්බං දිට්ඨං -පෙ- සබ්බං විදිතං -පෙ- සබ්බං සච්ඡිකතං -පෙ- සබ්බං ඵස්සිතං පඤ්ඤාය, අඵස්සිතං පඤ්ඤාය නත්ථීති සබ්බඤ්ඤුතඤාණං, තත්ථ ආවරණං නත්ථීති අනාවරණඤාණං.
Sinhala BJTයම්තාක් මරුන් සහිත වූ බඹුන් සහිත වූ සදේවකලෝකයා විසින් මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් දක්නා ලද රූපායතනයෙක් ශබ්දායතනයෙක් ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතනයෙක් ධර්‍මායතනයෙක් පැමිණෙනලද රූපාදියෙක් සොයනලද රූපාදියෙක් මනසින් විමසනලද රූපාදියෙක් වේ ද සියල්ල නුවණින් දන්නාලද යැ ... සියල්ල නුවණින් දක්නාලද යැ ... සියල්ල ප්‍රකට කොට දක්නාලද යැ ... සියල්ල සාක්‍ෂාත් කරන ලද යැ ... සියල්ල නුවණින් ස්පර්‍ශ කරන ලද යැ. නුවණින් ස්පර්‍ශ නො කරන ලද රූපාදියෙක් නැත් නු යි සර්‍වඥතාඥාන යැ. එහි ආවරණයෙක් නැත් නු යි අනාවරණඥාන යි.
Pali BJTන තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්යං තථාගතො තෙන සමන්තචක්ඛූ’ති
Sinhala BJTඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුකලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවෙක් නැත. යළි (අතීත වූ) නො දත් කිසිවෙක් නැත. (අනාගත වූ) නො දැනෙන කිසි (ධර්‍මජාතයෙකු) දු නැත. දතයුතු වු යම් ධර්‍මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ, එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ’යි.
Pali BJTසබ්බඤ්ඤුතඤාණනිද්දෙසො.
Sinhala BJTසර්‍වඥතාඥානනිර්දේශ යි.
Pali BJTඤාණකථාසමත්තා.
Sinhala BJTඥානකථා නිමි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTදිට්ඨිකථා.
Sinhala BJTදෘෂ්ටිකථා.
Pali BJTකා දිට්ඨි{1} කති දිට්ඨිට්ඨානානි, කති දිට්ඨිපරියුට්ඨානානි, කති දිට්ඨියො, කති දිට්ඨාභිනිවෙසා, කතමො දිට්ඨිට්ඨාන සමුග්ඝාතොති.
Sinhala BJTදෘෂ්ටි කවර යැ, දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කෙතෙකැ, දෘෂ්ටිහු කෙතෙකැ, දෘෂ්ටිඅභිනිවෙශයෝ කෙතෙකැ, දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යත්:
Pali BJT1. කාදිට්ඨිති: අභිනිවෙසපරාමාසො දිට්ඨි{2}.
Sinhala BJT1. දෘෂ්ටිය කවර යනු: අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJT2. කතිදිට්ඨිට්ඨානානීති: අට්ඨ දිට්ඨිට්ඨානානි.
Sinhala BJT2. දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිකාරණයෝ අටදෙනෙකි.
Pali BJT3. කතිදිට්ඨිපරියුට්ඨානානීති: අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි,
Sinhala BJT3. දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ අටළොස්දෙනෙකි.
Pali BJT4. කතිදිට්ඨියොති: සොළස දිට්ඨියො.
Sinhala BJT4. දෘෂ්ටීහු කෙතෙකැ යනු: දෘෂ්ටිහු සොළොස්දෙනෙකි.
Pali BJT5. කතිදිට්ඨාභිනිවෙසාති: තීණි සතං{3} දිට්ඨාභිනිවෙසා,
Sinhala BJT5. දෘෂ්ට්‍යභිනිවේශයෝ කෙතෙකැ යනු: දෘෂ්ට්‍යභිනිවෙශ තුන් සියයෙකි.
Pali BJT6. කතමො දිට්ඨිට්ඨානසමුග්ඝාතොති: සොතාපත්තිමග්ගො දිට්ඨිට්ඨානසමුග්ඝාතො.
Sinhala BJT6. දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යනු: සෝවාන්මාර්‍ගය දෘෂ්ටිකාරණසමුද්ඝාතය වේ.
Pali BJTකථං{4} අභිනිවෙසපරාමාසො දිට්ඨි:
Sinhala BJTකිසෙයින් අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි යත්:
Pali BJTරූපං ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙස පරාමාසො දිට්ඨි, වෙදනං ‘එතං මම -පෙ- සඤ්ඤං එතං මම -පෙ- සඞ්ඛාරෙ ‘එතං මම -පෙ- විඤ්ඤාණං ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTරූපය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. වේදනාව ‘තෙල මාගේ යැ ... සංඥාව ‘තෙල මාගේ යැ ... සංස්කාර ‘තෙල මාගේ යැ ... විඥානය ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTචක්ඛු එතං මම -පෙ- සොතං එතං මම -පෙ- ඝානං එතං මම -පෙ- ජිව්හං එතං මම -පෙ- කායං එතං මම -පෙ- මනං’ එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි. රූපෙ{5} එතං මම -පෙ- සද්දෙ එතං මම -පෙ- ගන්ධෙ එතං මම -පෙ- රසෙ එතං මම -පෙ- ඵොට්ඨබ්බෙ එතං මම -පෙ- ධම්මෙ එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTචක්‍ෂුස ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණය ‘තෙල මාගේ යැ ... ජිහ්වාව ‘තෙල මාගේ යැ ... කාය ‘තෙල මාගේ යැ ... මනස ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, රූපයන් ‘තෙල මාගේ යැ ... ශබ්දයන් ‘තෙල මාගේ යැ ... ගන්‍ධයන් ‘තෙල මාගේ යැ ... රසයන් ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ව්‍යයන් ‘තෙල මාගේ යැ ... ධර්‍මයන් ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTචක්ඛුවිඤ්ඤාණං එතං මම -පෙ- සොතවිඤ්ඤාණං එතං මම -පෙ- ඝානවිඤ්ඤාණං එතං මම -පෙ- ජිව්හාවිඤ්ඤාණං එතං මම -පෙ- කායවිඤ්ඤාණං එතං මම -පෙ- මනොවිඤ්ඤාණං ‘එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTචක්‍ෂුර්විඥානය ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රවිඥානය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණවිඥානය ‘තෙල මාගේ යැ ... ජිහ්වාවිඥානය ‘තෙල මාගේ යැ ... කායවිඥානය ‘තෙල මාගේ යැ ... මනෝවිඥානය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTචක්ඛුසම්ඵස්සං එතං මම -පෙ- සොතසම්ඵස්සං එතං මම -පෙ- ඝානසම්ඵස්සං එතං මම -පෙ- ජිව්හාසම්ඵස්සං එතං මම -පෙ- කායසම්ඵස්සං එතං මම -පෙ- මනොසම්ඵස්සං ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTචක්ඛුසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ඝානසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ජිව්හාසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... කායසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... මනෝසම්ඵස්සය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTචක්ඛුසම්ඵස්සජං වෙදනං එතං මම -පෙ- සොතසම්ඵස්සජං වෙදනං -පෙ- ඝානසම්ඵස්සජං වෙදනං -පෙ- ජිව්හාසම්ඵස්සජං වෙදනං -පෙ- කායසම්ඵස්සජං වෙදනං -පෙ- මනොසම්ඵස්සජං වෙදනං ‘එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTචක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTරූපසඤ්ඤං එතං මම -පෙ- සද්දසඤ්ඤං එතං මම -පෙ- ගන්ධසඤ්ඤං එතං මම -පෙ- රසසඤ්ඤං එතං මම -පෙ- ඵොට්ඨබ්බසඤ්ඤං එතං මම -පෙ- ධම්මසඤ්ඤං ‘එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTරූපසංඥාව ‘තෙල මාගේ යැ ... ශබ්දසංඥාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධසංඥාව ‘තෙල මාගේ යැ ... රසසංඥාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටවය්‍යසංඥාව ‘තෙල මාගේ යැ ... ධර්‍මසංඥාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTරූපසඤ්චෙතනං එතං මම -පෙ- සද්දසඤ්චෙතනං එතං මම -පෙ- ගන්ධසඤ්චෙතනං එතං මම -පෙ- රසසඤ්චෙතනං එතං මම -පෙ- ඵොට්ඨබ්බසඤ්චෙතනං එතං මම ධම්මසඤ්චෙතනං’එතං මම එසො හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTරූපසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ශබ්දසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... රසසඤ්චෙතනාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ධර්‍මසඤ්චේතනාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTරූපතණ්හං එතං මම -පෙ- සද්දතණ්හං එතං මම -පෙ- ගන්ධතණ්හං එතං මම -පෙ- රසතණ්හං එතං මම -පෙ- ඵොට්ඨබ්බතණ්හං එතං මම -පෙ- ධම්මතණ්හං ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTරූපතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ශබ්දතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... රසතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ධර්‍මතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTරූපවිතක්කං එතං මම -පෙ- සද්දවිතක්කං එතං මම -පෙ- ගන්ධවිතක්කං එතං මම -පෙ- රසවිතක්කං එතං මම -පෙ- ඵොට්ඨබ්බවිතක්කං එතං මම -පෙ- ධම්මවිතක්කං ‘එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTරූපවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ශබ්දවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ගන්‍ධවිතර්‍කය ‘තෙල මාගේ යැ ... රසවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ධර්‍මවිතර්‍කය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTරූපවිචාරං එතං මම -පෙ- සද්දවිචාරං එතං මම -පෙ- ගන්ධවිචාරං එතං මම -පෙ- රසවිචාරං එතං මම -පෙ- ඵොට්ඨබ්බවිචාරං එතං මම -පෙ- ධම්මවිචාරං ‘ එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTරූපවිචාරය ‘තෙල මාගේ යැ ... ශබ්දවිචාරය ‘තෙල මාගේ යැ ... ගන්‍ධවිචාරය ‘තෙල මාගේ යැ ... රසවිචාරය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ‘තෙල මාගේ යැ ... ධර්‍මවිචාරය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTපඨවීධාතුං එතං මම -පෙ- ආපොධාතුං එතං මම -පෙ- තෙජොධාතුං එතං මම -පෙ- වායොධාතුං එතං මම -පෙ- ආකාසධාතුං එතං මම -පෙ- විඤ්ඤාණධාතුං ‘ එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTපෘථිවීධාතුව ‘තෙල මාගේ යැ ... අබ්ධාතුව ‘තෙල මාගේ යැ ... තේජෝධාතුව ‘තෙල මාගේ යැ ... වායුධාතුව ‘තෙල මාගේ යැ ... ආකාශධාතුව ‘තෙල මාගේ යැ ... විඥානධාතුව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTපඨවීකසිණං එතං මම -පෙ- ආපොකසිණං එතං මම -පෙ- තෙජොකසිණං එතං මම -පෙ- වායොකසිණං එතං මම -පෙ- නීලකසිණං එතං මම -පෙ- පීතකසිණං එතං මම -පෙ- ලොහිතකසිණං එතං මම -පෙ- ඔදාතකසිණං එතං මම -පෙ- ආකාසකසිණං එතං මම -පෙ- විඤ්ඤාණකසිණං ‘ එතං මම එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTපඨවීකසිණය ‘තෙල මාගේ යැ ... ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ... ආකාසකසිණය ... විඤ්ඤාණකසිණය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTකෙසං එතං මම -පෙ- ලොමං එතං මම -පෙ- නඛං එතං මම -පෙ- දන්තං එතං මම -පෙ- තචං එතං මම -පෙ- මංසං එතං මම -පෙ- නහාරුං එතං මම -පෙ- අට්ඨිං එතං මම -පෙ- අට්ඨිමිඤ්ජං එතං මම -පෙ- වක්කං එතං මම -පෙ- හදයං එතං මම -පෙ- යකනං එතං මම -පෙ- කිලොමකං එතං මම -පෙ- පිහකං එතං මම -පෙ- පප්ඵාසං එතං මම -පෙ- අන්තං එතං මම -පෙ- අන්තගුණං එතං මම -පෙ- උදරියං එතං මම -පෙ- කරීසං එතං මම -පෙ- පිත්තං එතං මම -පෙ- සෙම්හං එතං මම -පෙ- පුබ්බං එතං මම -පෙ- ලොහිතං එතං මම -පෙ- සෙදං එතං මම -පෙ- මෙදං එතං මම -පෙ- අස්සුං එතං මම -පෙ- වසං එතං මම -පෙ- ඛෙළං එතං මම -පෙ- සිඞ්ඝානිකං එතං මම -පෙ- ලසිකං එතං මම -පෙ- මුත්තං එතං මම -පෙ- මත්ථලුඞ්ගං ‘එතං මම’ එසො හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTකෙස් ‘තෙල මාගේ යැ ... ලොම් ‘තෙල මාගේ යැ ... නිය ‘තෙල මාගේ යැ ... දත් ‘තෙල මාගේ යැ ... සම් ‘තෙල මාගේ යැ ... මස් ‘තෙල මාගේ යැ ... නහර ‘තෙල මාගේ යැ ... ඇට ‘තෙල මාගේ යැ ... ඇටමිදුළු ‘තෙල මාගේ යැ ... වකුගඩුව ‘තෙල මාගේ යැ ... හදවත ‘තෙල මාගේ යැ ... අක්මාව ‘තෙල මාගේ යැ ... දලබුව ‘තෙල මාගේ යැ ... බඩදිව ‘තෙල මාගේ යැ ... පපුමස ‘තෙල මාගේ යැ ... අතුනු ‘තෙල මාගේ යැ ... අතුනුබහන ‘තෙල මාගේ යැ ... නොපැසුණු අහර ‘තෙල මාගේ යැ ... පැසුණු අහර ‘තෙල මාගේ යැ ... පිත් ‘තෙල මාගේ යැ ... සෙම් ‘තෙල මාගේ යැ ... පූයා ‘තෙල මාගේ යැ ... ලෙහෙ ‘තෙල මාගේ යැ ... සෝදිය ‘තෙල මාගේ යැ ... මේදතෙල් ‘තෙල මාගේ යැ ... කඳුළු ‘තෙල මාගේ යැ ... වුරුණුතෙල් ‘තෙල මාගේ යැ ... කෙළ ‘තෙල මාගේ යැ ... මුකුණු ‘තෙල මාගේ යැ ... සඳමිඳුළු ‘තෙල මාගේ යැ ... සුලුදිය ‘තෙල මාගේ යැ ... හිස්මුල් ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTචක්ඛායතනං එතං මම -පෙ- රූපායතනං එතං මම -පෙ- සොතායතනං එතං මම -පෙ- සද්දායතනං එතං මම -පෙ- ඝානායතනං එතං මම -පෙ- ගන්ධායතනං එතං මම -පෙ- ජිව්හායතනං එතං මම -පෙ- රසායතනං එතං මම -පෙ- කායායතනං එතං මම -පෙ- ඵොට්ඨබ්බායතනං එතං මම -පෙ- මනායතනං එතං මම -පෙ- ධම්මායතනං’ එතං මම එසො හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTචක්ඛායතනය ‘තෙල මාගේ යැ ... රූපායතනය ‘තෙල මාගේ යැ ... සෝතායතනය ‘තෙල මාගේ යැ ... සද්දායතනය ‘තෙල මාගේ යැ ... ඝානායතනය ‘තෙල මාගේ යැ ... ගන්‍ධායතනය ‘තෙල මාගේ යැ ... ජීව්හායතනය ‘තෙල මාගේ යැ ... රසායතනය ‘තෙල මාගේ යැ ... කායායතනය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යායතනය ‘තෙල මාගේ යැ ... මනායතනය ‘තෙල මාගේ යැ ... ධර්‍මායතනය ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTචක්ඛුධාතුං එතං මම -පෙ- රූපධාතුං එතං මම -පෙ- චක්ඛුවිඤ්ඤාණධාතුං එතං මම -පෙ- සොතධාතුං එතං මම -පෙ- සද්දධාතුං එතං මම -පෙ- සොතවිඤ්ඤාණධාතුං එතං මම -පෙ- ඝානධාතුං එතං මම -පෙ- ගන්ධධාතුං එතං මම -පෙ- ඝානවිඤ්ඤාණධාතුං එතං මම -පෙ- ජිව්හාධාතුං එතං මම -පෙ- රසධාතුං එතං මම -පෙ- ජිව්හාවිඤ්ඤාණධාතුං එතං මම -පෙ- කායධාතුං එතං මම -පෙ- ඵොට්ඨබ්බධාතුං එතං මම -පෙ- කාය විඤ්ඤාණධාතුං එතං මම -පෙ- මනොධාතුං එතං මම -පෙ- ධම්මධාතුං එතං මම -පෙ- මනොවිඤ්ඤාණධාතුං ‘එතං මම එසොහමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTචක්‍ෂුර්ධාතුව ‘තෙල මාගේ යැ ... රූපධාතුව ‘තෙල මාගේ යැ ... චක්‍ෂුර්විඥානධාතුව ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රධාතුව ‘තෙල මාගේ යැ ... ශබ්දධාතුව ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රවිඥානධාතුව ... ඝ්‍රාණධාතුව ... ගන්‍ධධාතුව ... ඝ්‍රාණවිඥානධාතුව ... ජිව්හාධාතුව ... රසධාතුව ... ජිහ්වාවිඥාන ධාතුව ... කායධාතුව ... ස්ප්‍රෂ්ටව්‍යධාතුව ... කායවිඥානධාතුව ... මනෝධාතුව ‘තෙල මාගේ යැ ... ධම්මධාතුව ‘තෙල මාගේ යැ ... මනෝවිඥානධාතුව ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTචක්ඛුන්ද්රියං එතං මම -පෙ- සොතින්ද්රියං එතං මම -පෙ- ඝානින්ද්රියං එතං -පෙ- ජිව්හින්ද්රියං එතං මම -පෙ- කායින්ද්රියං එතං මම -පෙ- මනින්ද්රියං එතං මම -පෙ- ජීවිතින්ද්රියං එතං මම -පෙ- ඉත්ථින්ද්රියං එතං මම -පෙ- පුරිසින්ද්රියං එතං මම -පෙ- සුඛින්ද්රියං එතං මම -පෙ- දුක්ඛින්ද්රියං එතං මම -පෙ- සොමනස්සින්ද්රියං එතං මම -පෙ- දොමනස්සින්ද්රියං එතං මම -පෙ- උපෙක්ඛින්ද්රියං එතං මම -පෙ- සද්ධින්ද්රියං එතං මම -පෙ- විරියින්ද්රියං එතං මම -පෙ- සතින්ද්රියං එතං මම -පෙ- සමාධින්ද්රියං එතං මම -පෙ- පඤ්ඤින්ද්රියං ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ජිහ්වේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... කායේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... මනඉන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ජිවිතේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ස්ත්‍රීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... පුරුෂේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සුඛේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... දුඃඛේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සෝමනස්සින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... දෝමනස්සින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... උපේක්ෂේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ශ්‍රද්ධේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... වීර්ය්‍යේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ස්මෘතීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සමාධීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ප්‍රඥේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTකාමධාතුං එතං මම -පෙ- රූපධාතුං එතං මම -පෙ- අරූපධාතුං එතං මම -පෙ- කාමභවං එතං මම -පෙ- රූපභවං එතං මම -පෙ- අරූපභවං එතං මම -පෙ- සඤ්ඤාභවං එතං මම -පෙ- අසඤ්ඤාභවං එතං මම -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤාභවං එතං මම -පෙ- එකවොකාරභවං එතං මම -පෙ- චතුවොකාරභවං එතං මම -පෙ- පඤ්චවෙකාරභවං එතං මම -පෙ-
Sinhala BJTකාමධාතුව ‘තෙල මාගේ යැ ... රූපධාතුව ‘තෙල මාගේ යැ ... අරූපධාතුව ‘තෙල මාගේ යැ ... කාමභවය ‘තෙල මාගේ යැ ... රූපභවය ‘තෙල මාගේ යැ ... අරූපභවය ‘තෙල මාගේ යැ ... සංඥාභවය ‘තෙල මාගේ යැ ... අසංඥාභවය ‘තෙල මාගේ යැ ... නෛවසංඥානාසංඥාභවය ‘තෙල මාගේ යැ ... එකවෝකාරභවය ‘තෙල මාගේ යැ ... චතුවෝකාරභවය ‘තෙල මාගේ යැ ... පඤ්චවෝකාරභවය ‘තෙල මාගේ යැ: ...
Pali BJTපඨමං ඣානං{1} එතං මම -පෙ- දුතියං ඣානං එතං මම -පෙ- තතියං ඣානං එතං මම -පෙ- චතුත්ථං ඣානං එතං මම -පෙ- මෙත්තං චෙතොවිමුත්තිං{2} එතං මම -පෙ- කරුණං චෙතොවිමුත්තිං එතං මම -පෙ- මුදිතං චෙතොවිමුත්තිං එතං මම -පෙ- උපෙක්ඛං චෙතෙවිමුත්තිං එතං මම -පෙ- ආකාසානඤ්චායතනසමාපත්තිං එතං මම -පෙ- විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං එතං මම -පෙ- ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං එතං මම -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිං ‘එතං මම එසොහස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTප්‍රථමධ්‍යානය ‘තෙල මාගේ යැ ... ද්විතීයධ්‍යානය ‘තෙල මාගේ යැ ... තෘතීයධ්‍යානය ‘තෙල මාගේ යැ ... චතුර්‍ත්‍ථධ්‍යානය ‘තෙල මාගේ යැ ... මෛත්‍රීචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... කරුණාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... මෘදුතාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... උපේක්‍ෂාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... ආකාසානඤ්චායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTඅවිජ්ජං එතං මම -පෙ- සඞ්ඛාරෙ එතං මම -පෙ- විඤ්ඤාණං එතං මම -පෙ- නාම රූපං එතං මම -පෙ- සළායතනං එතං මම -පෙ- ඵස්සං එතං මම -පෙ- වෙදනං එතං මම -පෙ- තණ්හං එතං මම -පෙ- උපාදානං එතං මම -පෙ- භවං එතං මම -පෙ- ජාතිං එතං මම -පෙ- ජරාමරණං ‘එතං මම, එසො’හමස්මි, එසො මෙ අත්තා’ති අභිනිවෙසපරාමාසො දිට්ඨි.
Sinhala BJTඅවිද්‍යාව ‘තෙල මාගේ යැ ... සංස්කාරයන් ‘තෙල මාගේ යැ ... විඥානය ‘තෙල මාගේ යැ ... නාමරූපය ‘තෙල මාගේ යැ ... ෂඩායතනය ‘තෙල මාගේ යැ ... ස්පර්‍ශය ‘තෙල මාගේ යැ ... වේදනාව ‘තෙල මාගේ යැ ... තෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... උපාදානය ‘තෙල මාගේ යැ ... භවය ‘තෙල මාගේ යැ ... ජාතිය ‘තෙල මාගේ යැ ... ජරාමරණය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.
Pali BJTඑවං අභිනිවෙසපාරාමාසො දිට්ඨි.
Sinhala BJTමෙසෙයින් අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වේ.
Pali BJTකතමානි අට්ඨ දිට්ඨිට්ඨානානි:
Sinhala BJTදෘෂ්ටි කාරණයෝ අටදෙන කවර යත්:
Pali BJTඛන්ධාපි දිට්ඨිට්ඨානං, අවිජ්ජාපි දිට්ඨිට්ඨානං, ඵස්සොපි දිට්ඨිට්ඨානං සඤ්ඤාපි දිට්ඨිට්ඨානං, විතක්කොපි{3} දිට්ඨිට්ඨානං අයොනිසොමනසිකාරොපී දිට්ඨිට්ඨානං, පාපිමිත්තොපි දිට්ඨිට්ඨානං, පරතොපි ඝොසො{4} දිට්ඨිට්ඨානං.
Sinhala BJTස්කන්‍ධයෝ ද දෘෂ්ටිකාරණයෙක, අවිද්‍යාව ද දෘෂ්ටිකාරණයෙක, ස්පර්‍ශය ද දෘෂ්ටිකාරණයෙක, සංඥාව ද දෘෂ්ටිකාරණයෙක, විතර්‍කය ද දෘෂ්ටිකාරණයෙක, අයෝනිසෝමනසිකාරය ද දෘෂ්ටිකාරණයෙක, පාපමිත්‍ර තෙමේ ද දෘෂ්ටිකාරණයෙක, පරතෝඝෝෂය ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTඛන්ධා හෙතු ඛන්ධා පච්චයො දිට්ඨිනං{5} උප්පාදානං සමුට්ඨානට්ඨෙන, එවං ඛන්ධාපි දිට්ඨිට්ඨානං.
Sinhala BJTස්කන්‍ධයෝ (ජනක) හේතු යැ ස්කන්‍ධයෝ (උපස්ථම්භක) ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් ස්කන්‍ධයෝ ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTඅවිජ්ජා හෙතු අවිජ්ජා පච්චයො දිට්ඨිනං උප්පාදාය6 සමුට්ඨානට්ඨෙන එවං අවිජ්ජාපි දිට්ඨිට්ඨානං.
Sinhala BJTඅවිද්‍යාව හේතු යැ අවිද්‍යාව ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් අවිද්‍යාව ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTඵස්සො හෙතු ඵස්සො පච්චයො දිට්ඨිනං{5} උප්පාදාය සමුට්ඨානට්ඨෙන එවං ඵස්සොපි දිට්ඨිට්ඨානං.
Sinhala BJTස්පර්‍ශය හේතු යැ ස්පර්‍ශය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් ස්පර්‍ශය ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTසඤ්ඤා හෙතු සඤ්ඤා පච්චයො දිට්ඨිනං උප්පාදාය{6} සමුට්ඨානට්ඨෙන එවං සඤ්ඤාපි දිට්ඨිට්ඨානං.
Sinhala BJTසංඥාව හේතු යැ සංඥාව ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් සංඥාව ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTවිතක්කො{7} හෙතු විතක්කො{7} පච්චයො දිට්ඨිනං උප්පාදාය සමුට්ඨානට්ඨෙන, එවං විතක්කොපි දිට්ඨිට්ඨානං.
Sinhala BJTවිතර්‍කය හේතු යැ විතර්‍කය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් විතර්‍කය ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTඅයොනිසො මනසිකාරො හෙතු අයොනිසො මනසිකාරො පච්චයො දිට්ඨිනං උප්පාදාය සමුට්ඨානට්ඨෙන, එවං අයොනිසො මනසිකාරොපි දිට්ඨිට්ඨානං.
Sinhala BJTඅයෝනිසෝමනසිකාරය හේතු යැ අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් අයෝනිසෝමනසිකාරය ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTපාපමිත්තො හෙතු පාපමිත්තො පච්චයො දිට්ඨිනං උප්පාදාය සමුට්ඨානට්ඨෙන, එවං පාපමිත්තොපි දිට්ඨිට්ඨානං.
Sinhala BJTපාපමිත්‍ර හේතු යැ පාපමිත්‍ර ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි, මෙසෙයින් පාපමිත්‍ර තෙමේ ද දෘෂ්ටිකාරණයෙක.
Pali BJTපරතොඝොසො හෙතු පරතොඝොසො පච්චයො දිට්ඨිනං උප්පාදාය සමුට්ඨානට්ඨෙන, එවං පරතොපි ඝොසො{4} දිට්ඨිට්ඨානං.
Sinhala BJTපරතෝඝෝෂය හේතු යැ පරතෝඝෝෂය ප්‍රත්‍යයැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි, මෙසෙයින් පරතෝඝෝෂය ද දෘෂ්ටිකාරණයෙකි.
Pali BJTඉමානි අට්ඨ දිට්ඨිට්ඨානානි.
Sinhala BJTමොහු අටදෙන දෘෂ්ටිකාරණයෝ යි.
Pali BJTකතමානි අට්ඨාරස දිට්ඨිපරියුට්ඨානානි:
Sinhala BJTඅටළොස් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්:
Pali BJTයා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං, දිට්ඨිකන්තාරං, දිට්ඨිවිසූකං{1} දිට්ඨිවිප්ඵන්දිතං, දිට්ඨිසඤ්ඤොජනං, දිට්ඨිසල්ලං, දිට්ඨිසම්බාධො{2}, දිට්ඨිපළිබොධො{3}, දිට්ඨිබන්ධානං, දිට්ඨිපපාතො, දිට්ඨානුසයො, දිට්ඨිසන්තාපො, දිට්ඨිපරිළාහො, දිට්ඨිගන්ථො, දිට්ඨුපාදානං, දිට්ඨාභිනිවෙසො, දිට්ඨිපරාමාසො.
Sinhala BJTයම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටි නමැති හුලෙක් දෘෂ්ටිහුගේ විරූප වූ චලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දෘෂ්ටිශල්‍යයෙක් දෘෂ්ටිසම්බෝධයෙක් දෘෂ්ටිපරිබොධයෙක් දෘෂ්ටිබන්‍ධනයෙක් දෘෂ්ටිප්‍රපාතයෙක් දෘෂ්ට්‍යනුශයයෙක් දෘෂ්ටිසන්තාපයෙක් දෘෂ්ටිපරිදාහයෙක් දෘෂ්ටිග්‍රන්‍ථයෙක් දෘෂ්ට්‍යුපාදානයෙක් දෘෂ්ට්‍යභිනිවේශයෙක් දෘෂ්ටිපරාමර්‍ශයෙක් වේ ද,