Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-1000 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකථං තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (චතුස්සත්‍යයාගේ) අවිපරීතස්වභාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි යත්:
Pali BJTදුක්ඛස්ස පීළනට්ඨං සඞ්ඛතට්ඨං සන්තාපට්ඨං විපරිනාමට්ඨං පරිජානන්තො විවට්ටතීති තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං, සමුදයස්ස ආයූහනට්ඨං නිදානට්ඨං සඤ්ඤොගට්ඨං පළිබොධට්ඨං පජහන්තො විවට්ටතීති තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං, නිරොධස්ස නිස්සරණට්ඨං විවෙකට්ඨං අසඞ්ඛතට්ඨං අමතට්ඨං සච්ඡිකරොන්තො විවට්ටතීති තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං, මග්ගස්ස නිය්යානට්ඨං හෙතුට්ඨං{1} දස්සනට්ඨං ආධිපතෙය්යට්ඨං භාවෙන්තො විවට්ටතීති තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං.
Sinhala BJTදුඃඛයාගේ පීඩනස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ කරන ලද ස්වභාවය සන්තාපස්වභාවය පෙරැළෙන ස්වභාවය දනිමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි. සමුදයාගේ දුක් රැස් කරන ස්වභාවය දුකට කරුණු වන ස්වභාවය සංයොග (යොදන) ස්වභාවය වළකන ස්වභාවය දනිමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වෙයි. නිරෝධයාගේ සසරින් පහවූ ස්වභාවය සියලු සංස්කාරයන් කෙරෙන් ශූන්‍ය ස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ නො කරන ලද ස්වභාවය අමරණ ස්වභාවය සාක්‍ෂාත් කෙරෙමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තඥාන වෙයි. මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණස්වභාවය හේතු ස්වභාවය දර්‍ශනස්වභාවය සම්ප්‍රයුක්තයන් තමා වසයෙහි පවත්වන ස්වභාවය වඩමින් පරාවර්‍තනය කෙරේ නු යි අවිපරීතස්වභාවයෙහි ප්‍රඥාව සත්‍යවිවර්‍තනඥාන වේ.
Pali BJTසඤ්ඤාවිවට්ටෙ,{2} චෙතොවිවට්ටෙ, චිත්තවිවට්ටෙ, ඤාණවිවට්ටො, විමොක්ඛවිවට්ටෙ, සච්චවිවට්ටො. සඤ්ජානන්තො විවට්ටතීති සඤ්ඤා විවට්ටො, වෙතයන්තො විවට්ටතීති චෙතොවිවට්ටො විජානන්තො විවට්ටතීති චිත්තවිවට්ටො, ඤාණං කරොන්තො විවට්ටතීති ඤාණවිවට්ටො වොස්සජ්ජන්තො විවට්ටතීති විමොක්ඛවිවට්ටො, තථට්ඨෙ විවට්ටතීති සච්චවිවට්ටො.
Sinhala BJTසංඥාවිවර්‍ත යැ චේතෝවිවර්‍ත යැ චිත්තවිවර්‍ත යැ ඥානවිවර්‍ත යැ විමෝක්‍ෂවිවර්‍ත යැ සත්‍යවිවර්‍ත යි. (නෛෂ්ක්‍රම්‍යාදිය අධිපතිභාවයෙන්) හැඳිනගනිමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි සංඥාවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍යාදිය) සිතමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි චේතෝවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍යාදිවශයෙන්) දැනගනිමින් (කාමච්ඡන්‍දාදියෙන්) පරාවර්‍තනය කෙරේ නු යි චිත්තවිවර්‍ත නම. (ආධ්‍යාත්මිකායතන ශුන්‍යත හෙයින්) අවබෝධ කෙරෙමින් (දෘෂ්ට්‍යභිනිවේශයෙන්) පරාවර්‍තනය කෙරේ නු යි ඥානවිවර්‍ත නම. (නෛෂ්ක්‍රම්‍ය-කාමච්ඡන්‍දාදිය) දුරලමින් කාමච්ඡන්‍දයෙන් පරාවර්‍තනය කෙරේ නු යි විමෝක්‍ෂවිවර්‍ත නම. යථාස්වභාවයෙහි (දුභතෝවුට්ඨාන වශයෙන්) පරාවර්‍තනය කෙරේ නු යි සත්‍යවිවර්‍ත නමි.
Pali BJTයත්ථ සඤ්ඤාවිවට්ටො තත්ථ චෙතොවිවට්ටො. යත්ථ චෙතොවිවට්ටො තත්ථ සඤ්ඤාවිවට්ටො, යත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො තත්ථ චිත්තවිවට්ටො, යත්ථ චිත්තවිවට්ටො තත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො, යත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො තත්ථ ඤාණවිවට්ටො, යත්ථ ඤාණවිවට්ටො තත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො, යත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො ඤාණවිවට්ටො තත්ථ විමොක්ඛවිවට්ටො, යත්ථ විමොක්ඛවිවට්ටෙ තත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො ඤාණවිවට්ටො, යත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටො චිත්තවිවට්ටො ඤාණවිවට්ටො විමොක්ඛවිවට්ටෙ තත්ථ සච්චවිවට්ටො, යත්ථ සච්චවිවට්ටො තත්ථ සඤ්ඤාවිවට්ටො චෙතොවිවට්ටෙ චිත්තවිවට්ටො ඤාණවිවට්ටො විමොක්ඛවිවට්ටො.
Sinhala BJTයම් තැනෙකැ සංඥාවිවර්‍තය වේ ද එහි චේතෝවිවර්‍තය වෙයි. යම් තැනෙකැ චේතෝවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍තය වෙයි. යම් තැනෙකැ සංඥාවිවර්‍තය චේතෝවිවර්‍තය වෙත්ද එහි චිත්තවිවර්‍තය වෙයි. යම් තැනෙකැ චිත්තවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චොතොවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍තය වෙත් ද එහි ඥානවිවර්‍තය වෙයි. යම් තැනෙකැ ඥානවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත වෙත් ද එහි විමෝක්‍ෂවිවාර්‍තය වෙයි. යම් තැනෙකැ විමොක්‍ෂවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත වෙති. යම් තැනෙකැ සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත විමෝක්‍ෂවිවර්‍ත වෙත් ද එහි සත්‍යවිවර්‍තය වෙයි. යම් තැනෙකැ සත්‍යවිවර්‍තය වේ ද එහි සංඥාවිවර්‍ත චේතෝවිවර්‍ත චිත්තවිවර්‍ත ඥානවිවර්‍ත විමෝක්‍ෂවිවර්‍ත වෙත්.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං. ‘
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘තථතට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං’යි.
Pali BJTවිවට්ටඤාණඡක්කනිද්දෙසො.
Sinhala BJTවිවර්‍තඥානෂට්ක නිර්දේශ යි.
Pali BJT50. ඉද්ධිවිධඤාණං
Sinhala BJT50. ඍද්ධිවිධ ඥානය
Pali BJTකථං කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් රූපකාය ද පාදකධ්‍යානචිත්තය ද (පරිකර්‍මචිත්තයෙන්) එක් කොට තැබීමෙන් සුඛසංඥාව ද ලඝුසංඥාව ද අධිෂ්ඨානවශයෙන් සමෘද්ධ වන ප්‍රඥාව ඍද්ධිවිධඥාන වෙයි යත්:
Pali BJTඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම්මනියං. සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙත්වා පරිදමෙත්වා මුදුං කරිත්වා කම්මනියං කායම්පි චිත්තෙ සමොදහති, චිත්තම්පි කායෙ සමොදහති, කායවසෙන චිත්තං පරිනාමෙති, චිත්තවසෙන කායං පරිනාමෙති, කායවසෙන චිත්තං අධිට්ඨාති, චිත්තවසෙන කායං අධිට්ඨාති, කායවසෙන චිත්තං පරිනාමෙත්වා, චිත්තවසෙන කායං පරිනාමෙත්වා, කායවසෙන චිත්තං අධිට්ඨහිත්වා, චිත්තවසෙන කායං අධිට්ඨහිත්වා, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති සො තථා භාවිතෙන චිත්තෙන පරිසුද්ධෙන පරියොදාතෙන ඉද්ධිවිධඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති.
Sinhala BJTමෙසස්නෙහි මහණ තෙම ඡන්‍දය අධික කොට ඇති සමාධිය හා ප්‍රධන් වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි. මෘදු වූ (එහෙයින් මැ) කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදුවූවක් කර්‍මණ්‍ය වූවක් කොට (තමාගේ) කරජකය ද පාදකධ්‍යාන චිත්තයෙහි ප්‍රවේශ කෙරෙයි. පාදකධ්‍යානචිත්තය ද (තමාගේ) කරජකායයෙහි ප්‍රවේශ කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමයි. චිත්තවශයෙන් කය පිරිනමයි. කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කෙරෙයි. චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කෙරෙයි. කායවශයෙන් සිත පිරිනමා චිත්තවශයෙන් කය පිරිනමා කායවශයෙන් චිත්තය අධිෂ්ඨාන කොට චිත්තවශයෙන් කය අධිෂ්ඨාන කොට සුඛසංඥාව ද ලඝුසංඥාව ද කරජකයෙහි ප්‍රවේශ කොට වාසය කෙරෙයි. හෙතෙම එසෙයින් වඩනලද පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් ඍද්ධිවිධඥානය ලැබීම පිණිස (පරිකර්‍ම) සිත එළවයි. නැඹුරු කෙරෙයි.
Pali BJTසො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි{1} උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. අකාසෙපි පල්ලඞ්කෙන කමති{2} සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJTහෙතෙම අනේක ප්‍රකාර වූ ඍද්ධිකොට්ඨාසය ස්පර්‍ශ කෙරේ: එකෙක් වැ බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වී එකෙක් වෙයි. ප්‍රකට බවට ප්‍රතිච්ඡන්න බවට ගෙබිතින් ඔබට පවුරින් ඔබට පව්වෙන් ඔබට අහස්හි සෙයින් නො ලැගෙමින් යෙයි පොළොව්හි දු දියෙහි සෙයින් ගැලීම් නැඟීම් කෙරෙයි. නො බිඳෙන දියෙහි දු පොළොව්හි සෙයින් යෙයි. අහස්හි දු පියා ඇති ලිහිණියකු සෙයින් පලගින් යෙයි. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අත්තලින් පරාමාර්‍ශ කෙරෙයි. පිරිමදියි. බඹලොව දක්වාත් වශයෙහි පවත්වයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤාඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘කායම්පි චිත්තමපි ඒකවවත්‍ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසේන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධ ඤාණං’යී.
Pali BJTඉද්ධිවිධඤාණනිද්දෙසො.
Sinhala BJTඍද්ධිවිධඥානනිර්දේශ යි.
Pali BJT51. සොතධාතුවුසුද්ධිඤාණං
Sinhala BJT51. ශ්‍රොත්‍රධාතුවිශුද්ධි ඥානය
Pali BJTකථං විතක්කවිප්ඵාරවසෙන නානත්තෙකත්තසද්දනිමිත්තානං පරියොගාහනෙ පඤ්ඤා සොතධාතුවිසුද්ධිඤාණං:
Sinhala BJTකිසෙයින් විතර්‍කවිෂ්ඵාරවශයෙන් නානාත්‍ව වූ ද ඒකත්‍ව වූ ද ශබ්දනිමිත්තයන්ට බැසගැනීමෙහි ප්‍රඥාව ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥාන වෙයි යත්:
Pali BJTඉධ භික්ඛු ඡන්දසමාධි -පෙ- විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම්මනියං සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙත්වා පරිදමෙත්වා මුදුං කරිත්වා කම්මනියං, දූරෙපි සද්දානං{1} සද්දනිමිත්තං මනසි කාරොති, සන්තිකෙපි සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, ඔළාරිකනම්පි සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, සුඛුමානම්පි සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, සණ්හසණ්හානම්පි සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, පුරත්ථිමායපි දිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, පච්ඡිමායපි දිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, උත්තරායපි දිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, දක්ඛිණායපි දිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, පුරත්ථිමායපි අනුදිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති, පච්ඡිමායපි අනුදිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති. උත්තරායපි අනුදිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති. දක්ඛිණායපි අනුදිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති. හෙට්ඨිමායපි දිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති. උපරිමායපි දිසාය සද්දානං සද්දනිමිත්තං මනසිකරොති.
Sinhala BJTමෙ සස්නෙහි මහණ තෙම ඡන්‍දය අධිපති කොට ඇති සමාධිය ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධිය ... චිත්තය අධිපති කොට ඇති සමාධිය ... වීමංසාව අධිපති කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි, දමනය කෙරෙයි, මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හේ මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට දුරැ වූ ද ශබ්දයන් ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ළඟැ වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. ඖදාරික වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. සූක්‍ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. අතිසූක්‍ෂම වූ ද ශබ්දයන්ගේ ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම්දිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැළදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැදුම් අනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. පැසුම් අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උතුරු අනුදිග වු ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. දකුණුඅනුදිග වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. යට දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරෙයි. උඩ දිශායෙහි වූ ද ශබ්දයන්ගේ ශබ්දනිමිත්ත මෙනෙහි කෙරේ.
Pali BJTසො තථා භාවිතෙන චිත්තෙන පරිසුද්ධෙන පරියොදාතෙන සොතධාතු{2} විසුද්ධිඤාණාය චිත්තං අභිනීහරති අභිනින්නාමෙති. සො දිබ්බාය සොතධාතුයා වුසුද්ධාය අතික්කන්තමානුසිකාය{3} උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ ච සන්තිකෙ ච.
Sinhala BJTහේ එසේ භාවිත වූ පරුශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් ශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥානය පිණිස සිත එළවයි නැඹුරු කෙරෙයි. හෙතෙම විශුද්ධි වූ මිනිසැස ඉක්මසිටි දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් දුරැ වූ ළඟ වූ ද දෙවියන්ගේ ද මිනිසුන්ගේ ද උභයශබ්දයන් අසයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘විතක්කවිප්ඵාරවසෙන නානත්තෙකත්තසද්දනිමිත්තානං පරියොගාහනෙ පඤ්ඤා සොතුධාතුවිසුද්ධිඤානං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘විතක්කවිපථාරවසේන නානත්තේකත්තසද්දනිමිත්තානං පරියෝගාහනෙ පඤ්ඤා සෝතධාතුවිසුද්ධි ඤාණං’යි.
Pali BJTසොතධාතුවිසුද්ධිඤාණනිද්දෙසො.
Sinhala BJTශ්‍රෝත්‍රධාතු විශුද්ධිඥානනිර්දේශ යි.
Pali BJT52. චෙතොපරියඤාණං
Sinhala BJT52. චේතෝපරිය ඥානය
Pali BJTකථං තිණ්ණං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්රියානං පසාදවසෙන නානත්තෙකත්තවිඤ්ඤාණචරියාපරියොගාහනෙ පඤ්ඤා චෙතොපරියඤාණං:
Sinhala BJTකිසෙයින් (සොමනස්සසහගතාදි) ත්‍රිවිධ චිත්තයන්ගේ වේගය හේතු කොට ගෙන ඉන්‍ද්‍රියයන්ගේ ප්‍රසාද වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වූ එකුන් අනූ චිත්තයාගේ පැවැත්ම දන්නා ප්‍රඥාව චේතෝපරියඥාන වෙයි යත්:
Pali BJTඉධ භික්ඛු ඡන්දසමාධි -පෙ- විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු භාවිතෙසු චිත්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම්මනියං. සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙත්වා පරිදමෙත්වා මුදුං කරිත්වා කම්මනියං එවං ජානාති:{4} ‘ඉදං රූපං සොමනස්සින්ද්රියසමුට්ඨිතං, ඉදං රූපං දොමනස්සින්ද්රියසමුට්ඨිතං, ඉදං රූපං උපෙක්ඛින්ද්රියසමුට්ඨිත’න්ති.
Sinhala BJTමෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිය … වීර්‍ය්‍යදසමාධිය … චිත්තදසමාධිය … වීමංසාසමාධිය … වඩා ද හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුන පුනා වඩයි දමනය කෙරෙයි. මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට මෙසේ දැනගනියි. මේ සිත සෝමනස්සින්‍ද්‍රියයෙන් උපන. මේ සිත දොමනස්සින්‍ද්‍රියයෙන් උපන, මේ සිත උපෙක්ඛින්‍ද්‍රියයෙන් උපනැ’යි.
Pali BJTසො තථා භාවිතෙන චිත්තෙන පරිසුද්ධෙන පරියොදාතෙන චෙතො පරියඤාණාය චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති. සො පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානාති, වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්තං’න්ති පජානාති, සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වි චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං ‘අවිමුත්තං චිත්ත’න්ති පජානාති.
Sinhala BJTහෙතෙම එපරිද්දෙන් භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් චේතෝපරියඤාණය පිණිස සිත එළවයි. නැඹුරු කෙරෙයි. හෙතෙම පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දැනගනි යි: සරාග වූ සිත ද ‘සරාග සිතැ’යි දැනගනියි, වීතරාග වූ සිත ද ‘වීතරාග සිතැ’යි දැනගනියි, සදෝස වූ සිත ද ‘සදෝස සිතැ’යි දැන ගනියි, වීතදෝස වූ සිත ද ... ‘සමෝහ වූ සිත ද ... වීතමෝහ වූ සිත ද ... (ථිනමිද්ධ වශයෙන්) හැකුළුණු සිත ද ... (උද්ධච්ච වශයෙන්) විසිරුණු සිත ද ... මහද්ගත වූ සිත ද ... මහද්ගත නො වූ සිත ද ... ස උත්තර වූ සිත ද … අනුත්තර වූ සිත ද ... සමාහිත වූ සිත ද ... අසමාහිත වූ සිත ද ... විමුක්ත වූ සිත ද … අවිමුක්ත වූ සිත ද ‘අවිමුක්ත වූ සිතැ’යි දැනගනී.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘තිණ්ණං චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්රියානං පසාදවසෙන නානත්තෙකත්තවිඤ්ඤාණචරියාපරියොගාහනෙ පඤ්ඤා චෙතොපරියඤාණං.’
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘තිණ්ණං චිත්තානං විපඵාරත්තා ඉන්‍ද්‍රියානං පසාදවසේන නානත්තේකත්තවිඤ්ඤාණචරියා පරියෝගාහනෙ පඤ්ඤා චොතොපරියඤාණං’යි.
Pali BJTචෙතොපරියඤාණනිද්දෙසො.
Sinhala BJTචේතෝපරියඥානනිර්දේශ යි.
Pali BJT53. පුබ්බෙනිවාසානුස්සතිඤාණං.
Sinhala BJT53. පූර්‍වනිවාසානුස්මෘති ඥානය
Pali BJTකථං පච්චයපවත්තානං{1} ධම්මානං නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පරියොගාහනෙ පඤ්ඤා පුබ්බෙනිවාසානුස්සතිඤාණං:
Sinhala BJTකිසෙයින් ප්‍රත්‍යයොත්පන්නධර්‍මයන්ගේ නානාත්‍ව ඒකත්‍ව කර්‍මවේගවශයෙන් දැනගැනීමෙහි ප්‍රඥාව පූර්‍වනිවාසානුස්මෘතිඥානය වෙයි යත්:
Pali BJTඉධ භික්ඛු ඡන්දසමාධි -පෙ- මුදුං කරිත්වා කම්මනියං එවං ජානාති:{2} ‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමාරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධිය ... මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට මෙසේ දැනැනියි: මේ ප්‍රත්‍යය ඇති කල්හි මේ ප්‍රත්‍යයොත්පන්නය වෙයි, මේ ප්‍රත්‍යයාගේ උත්පාදය හේතු කොට ගෙන මේ ප්‍රත්‍යයොත්පන්නය උපදී. ඒ මෙසේ යැ: අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ උපදිති. සංස්කාරප්‍රත්‍යයෙන් ප්‍රතිසන්‍ධිවිඥානය උපදියි. විපාකවිඥානප්‍රත්‍යයෙන් නාමරූපය උපදියි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය උපදියි. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය උපදියි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව උපදියි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව උපදියි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය උපදියි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය උපදියි. කර්‍මභවප්‍රත්‍යයෙන් ජාතිය උපදියි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය උපදියි. ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යෝපායාසයෝ උපදිත්. මෙසේ තෙල අසම්මිශ්‍ර වූ දුඃඛරාශිහුගේ සමුදය වේ. හෙතෙම එසේ භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි.
Pali BJTසො තථා භාවිතෙන චිත්තෙන පරිසුද්ධෙන පරියොදාතෙන පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති: සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ස්යෙථිදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො, චතස්සොපි ජාතියො, පඤ්චපි ජාතියො, දසපි ජාතියො, වීසම්පි ජාතියො, තිංසම්පි ජාතියො, චත්තාළීසම්පි ජාතියො, පඤ්ඤාසම්පි ජාතියො, ජාතිසතම්පි, ජාතිසහස්සම්පි, ජාතිසතසහස්සම්පි. අනෙකෙපි සංවට්ටකප්පෙ, අනෙකෙපි විවට්ටකප්පෙ, අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, ‘අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTහෙතෙම අනේක ප්‍රකාර වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සුවහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලු වූයෙම් මෙබඳු ආයුපරිච්ඡේද ඇතියෙම් වීමි. ඒ මම එයින් සැව මෙහි උපන්මි’යී. මෙසේ (නම්ගොත් විසින්) උද්දේශ සහිත වූ (පැහැසටහන් විසින්) ආකාර සහිත වූ නානාප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘පච්චය පවත්තානං ධම්මානං නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පරියොගාහනෙ පඤ්ඤා පුබ්බෙනිවාසානුස්සතිඤාණං.’
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පච්චයපවත්තානං ධම්මානං නානත්තේකත්තකම්මවිප්ඵාරවසේන පරියෝගාහනෙ පඤ්ඤා පුබ්බේනිවාසානුස්සති ඤාණං’යි.
Pali BJTපුබ්බෙනිවාසානුස්සතිඤාණ නිද්දෙසො.
Sinhala BJTපූර්‍වනිවාසානුස්මෘතිඥානනිර්දේශ යි.
Pali BJT54. දිබ්බචක්ඛුඤාණං.
Sinhala BJT54. දිව්‍යචක්‍ෂුර් ඥානය
Pali BJTකථං ඔභාසවසෙන නානත්තෙකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං:
Sinhala BJTකිසෙයින් කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්‍ණායතනය දක්නා ස්වභාව වූ ප්‍රඥාව දිව්‍යචක්‍ෂූර්ඥාන වෙයි යත්:
Pali BJTඉධ භික්ඛු ඡන්දසමාධි පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධි පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙති, පරිදමෙති, මුදුං කරොති කම්මයයං සො ඉමෙසු චතුසු ඉද්ධිපාදෙසු චිත්තං පරිභාවෙත්වා පරිදමෙත්වා මුදුං කරිත්වා කම්මනියං, ආලොකසඤ්ඤං මනසිකරොති, දිවාසඤ්ඤං අධිට්ඨාති, ‘යථා දිවා තථා රත්තී, යථා රත්ති තථා දිවා{1} ඉති විවටෙන{1} චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙ සස්නෙහි මහණ ඡන්‍දය අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධික කොට ඇති සමාධිය ... චිත්තය අධික කොට ඇති සමාධිය ... වීමංසාව අධික කොට ඇති සමාධිය හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩයි. දමනය කෙරෙයි මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කෙරෙයි. හෙතෙම මේ සතර ඍද්ධිපාදයන්හි සිත පුනපුනා වඩා දමනය කොට මෘදු වූවක් කර්‍මණ්‍ය වූවක් කොට ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි. ‘දවාලැ’යි යන සංඥාව ඉටයි. යම්සේ දහවල්හි ආලොකය දක්නාලද ද එසේ මැ රාත්‍රියෙහි දු මෙනෙහි කෙරෙයි. යම්සේ රාත්‍රියෙහි දිබ්බචක්ඛුආලෝකයෙන් දක්නාලද ද එසේ මැ දහවල් හි දු මෙනෙහි කෙරෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො වැසුණු සිතින් අවභාස සහිත වූ සිත වඩයි.
Pali BJTසො තථා භාවිතෙන චිත්තෙන පරිසුද්ධෙන පරියොදාතෙන සත්තානං චූතුපපාතඤාණාය චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති, සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ{2} හීනෙ පණීතෙ සුවණ්ණෙ{3} දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ{2} හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTහේ එසෙයින් භාවිත වූ පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දන්නා ඥානය පිණිස සිත එළවයි, නැඹුරු කෙරෙයි. හේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ සුන්‍දරවර්‍ණ වූ දුර්වර්‍ණ වු සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්‍වයන් දැනගනියි: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යොපවාදක වූවාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු ය. තවද මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාග්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති සුවයෙන් අග්‍ර වූ දෙව්ලොවට (ප්‍රතිසන්‍ධි විසින්) පැමිණියාහු’ යයි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකී. කම් වූ පරිද්දෙන් පරලොව ගිය සත්ත්‍වයන් දැනගනී.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘ඔභාසවසෙන නානත්තෙකත්ත රූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං.’
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘ඕභාසවසේන නානත්තේකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං’යි.
Pali BJTදිබ්බචක්ඛුඤාණනිද්දෙසො
Sinhala BJTදිව්‍යචක්‍ෂුර්ඥානනිර්දේශ යි.
Pali BJT55. ආසවක්ඛයඤාණං.
Sinhala BJT55. ආස්‍රවක්‍ෂය ඥානය
Pali BJTකථං චතුසට්ඨියා ආකාරෙහි තිණ්ණං{1} ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි) තුන් ඉන්‍ද්‍රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්‍රඥාව ආස්‍රවක්‍ෂයඥාන වෙයි යත්:
Pali BJTකතමෙසං තිණ්ණං{1} ඉන්ද්රියානං: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස, අඤ්ඤින්ද්රියස්ස, අඤ්ඤාතාවින්ද්රියස්ස.
Sinhala BJTකවර තුන් ඉන්‍ද්‍රියයන්ගේ ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාගේ යැ අඤ්ඤින්‍ද්‍රියාගේ යැ අඤ්ඤාතාවින්‍ද්‍රියාගේ යි.
Pali BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤින්ද්රියං කති ඨානානි ගච්ඡති, අඤ්ඤාතාවින්ද්රියං කති ඨානානි ගච්ඡති: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං එකං ඨානං ගච්ඡති: සොතාපත්තිමග්ග. අඤ්ඤින්ද්රියං ඡ ඨානානි ගච්ඡති: සොතාපත්තිඵලං, සකදාගාමිමග්ගං, සකදාගාමිඵලං අනාගාමිමග්ගං අනාගාමිඵලං, අරහත්තමග්ගං. අඤ්ඤාතාවින්ද්රියං එකං ඨානං ගච්ඡති: අරහත්තඵලං.
Sinhala BJTඅනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කිහි තැනෙක උපදී ද, අඤ්ඤින්‍ද්‍රියය කිහි තැනෙක උපදී ද, අඤ්ඤාතාවින්‍ද්‍රියය කිහි තැනෙක උපදී ද යත්: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය එක් තැනෙක උපදියි: ස්‍රෝතාපත්තිමාර්‍ගයෙහි යැ. අඤ්ඤින්‍ද්‍රියය සතැනෙකැ උපදියි: ස්‍රෝතාපත්තිඵලයෙහි යැ. සකෘදාගාමීමාර්‍ගයෙහි යැ සකෘදාගාමීඵලයෙහි යැ අනාගාමීමාර්‍ගයෙහි යැ අනාගාමීඵලයෙහි යැ අර්‍හන්මාර්‍ගයෙහි යි. අඤ්ඤාතාවින්‍ද්‍රියය එක් තැනෙකැ උපදියි: අර්‍හත්ඵලයෙහි යි.
Pali BJTසොතාපත්තිමග්ගක්ඛණෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති, විරියින්ද්රියං පග්ගහපරිවාරං හොති, සතින්ද්රියං උපට්ඨානපරිවාරං හොති, සමාධින්ද්රියං අවික්ඛෙපපරිවාරං හොති, පඤ්ඤින්ද්රියං දස්සනපරිවාරං හොති, මනින්ද්රියං විජානනපරිවාරං හොති, සොමනස්සින්ද්රියං අභිසන්දනපරිවාරං{2} හොති, ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති, සොතාපත්තිමග්ගක්ඛණෙ ජාතා ධම්මා ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං සබ්බෙව කුසලා හොන්ති, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව නිය්යානිකා හොන්ති, සබ්බෙව අපචයගාමිනො හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති, සොතාපත්තිමග්ගක්ඛණෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති. සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති. තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච.
Sinhala BJTස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියට ශ්‍රද්ධෙන‍්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ප්‍රග්‍රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේපභාවයෙන් පරිවාර වෙයි. ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනභාවයෙන් පරිවාර වෙයි. මනින්‍ද්‍රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්‍ද්‍රියය අභිසන්‍දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතින්‍ද්‍රියය වර්‍තමානසන්තතිතයට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකුත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණාලම්බන වෙති. ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියට මේ අට ඉන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. එ‍් අෂ්ටඉන්‍ද්‍රියයෝ මැ එ‍් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
Pali BJTසොතාපත්තිඵලක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති, විරියින්ද්රියං පග්ගහපරිවාරං හොති, සතින්ද්රියං උපට්ඨානපරිවාරං හොති, සමාධින්ද්රියං අවික්ඛෙපපරිවාරං හොති, පඤ්ඤින්ද්රියං දස්සනපරිවාරං හොති, මනින්ද්රියං විජානනපරිවාරං හොති, සොමනස්සින්ද්රියං අභිසන්දනපරිවාරං{2} හොති, ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති, සොතාපත්ති ඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්ති ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති, සොතාපත්තිඵලක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරාහොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති, තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච.
Sinhala BJTස්‍රෝතාපත්තිලක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ප්‍රග්‍රහභාවයෙන් පරිවාර වෙයි, ස්මෘතීන්‍ද්‍රියය උපස්ථානභාවයෙන් පරිවාර වෙයි, සමාධීන්‍ද්‍රියය අවික්‍ෂේපභාවයෙන් පරිවාර වෙයි, ප්‍රඥේන්‍ද්‍රියය දර්‍ශනභාවයෙන් පරිවාර වෙයි, මනින්‍ද්‍රියය විජානනභාවයෙන් පරිවාර වෙයි, සෝමනස්සින්‍ද්‍රියය අභිසන්‍දනභාවයෙන් පරිවාර වෙයි, ජීවිතේන්‍ද්‍රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණාලබ්මන වෙති. ස්‍රෝතාපත්තිඵලක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට මේ අෂ්ට ඉන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
Pali BJTසකදාගාමිමග්ගක්ඛණෙ -පෙ- සකදාගාමිඵලක්ඛණෙ -පෙ- අනාගාමිමග්ගක්ඛණෙ -පෙ- අනාගාමිඵලක්ඛණෙ -පෙ- අරහත්තමග්ගක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති -පෙ- ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති,
Sinhala BJTසකෘදාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... සකෘදාගාමීඵලක්‍ෂණයෙහි ... අනාගාමීමාර්‍ගක්‍ෂණයෙහි ... අනාගාමීඵලක්‍ෂණයෙහි ... අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි ... ජීවිතේන්‍ද්‍රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ.
Pali BJTඅරහත්තමග්ගක්ඛණෙ ජාතා ධම්මා ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං සබ්බෙව කුසලා හොන්ති, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව නිය්යානිකා හොන්ති, සබ්බෙව අපචයගාමිනො හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති අහරත්තමග්ගක්ඛණෙ අඤ්ඤින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති. තෙව තස්ස ආකාරාචෙව හොන්ති පරිවාරා ච.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ කුශල වෙති, සියල්ලෝ මැ අනාස්‍රව වෙති, සියල්ලෝ මැ නෛර්‍ය්‍යාණික වෙති, සියල්ලෝ මැ අපචයගාමී වෙති, සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණලම්බන වෙති, අර්‍හන්මාර්‍ගක්‍ෂණයෙහි අඤ්ඤින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙති, ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්.
Pali BJTඅරහත්තඵලක්ඛණෙ අඤ්ඤාතාවින්ද්රියස්ස සද්ධින්ද්රියං අධිමොක්ඛපරිවාරං හොති, විරියින්ද්රියං -පෙ- ජීවිතින්ද්රියං පවත්තසන්තතාධිපතෙය්යපරිවාරං හොති. අරහත්තඵලක්ඛණෙ ජාතා ධම්මා සබ්බෙව අබ්යාකතා හොන්ති, ඨපෙත්වා චිත්තසමුට්ඨානං රූපං, සබ්බෙව අනාසවා හොන්ති, සබ්බෙව ලොකුත්තරා හොන්ති, සබ්බෙව නිබ්බානාරම්මණා හොන්ති. අරහත්තඵලක්ඛණෙ අඤ්ඤාතාවින්ද්රියස්ස ඉමානි අට්ඨින්ද්රියානි සහජාතපරිවාරා හොන්ති, අඤ්ඤමඤ්ඤපරිවාරා හොන්ති, නිස්සයපරිවාරා හොන්ති, සම්පයුත්තපරිවාරා හොන්ති, සහගතා හොන්ති, සහජාතා හොන්ති, සංසට්ඨා හොන්ති, සම්පයුත්තා හොන්ති. තෙව තස්ස ආකාරා චෙව හොන්ති පරිවාරා ච. ඉති ඉමානි අට්ඨට්ඨකානි චතුසට්ඨි හොන්ති.
Sinhala BJTඅර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රියට ශ්‍රද්ධේන්‍ද්‍රියය අධිමෝක්‍ෂභාවයෙන් පරිවාර වෙයි, වීර්ය්‍යේන්‍ද්‍රියය ... ජීවිතේන්‍ද්‍රියය වර්‍තමානසන්තතියට අධිපතිභාවයෙන් පරිවාර වේ. අර්‍හත්ඵලක්‍ෂණයෙහි උපන් ධර්‍මයෝ සියල්ලෝ මැ අව්‍යාකෘත වෙති, චිත්තසමුත්‍ථානරූපය තබා සියල්ලෝ මැ ලෝකෝත්තර වෙති, සියල්ලෝ මැ නිර්‍වාණලම්බන වෙත්. අර්‍හත්ඵලක්‍ෂණයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රියට මේ අෂ්ටෙන්‍ද්‍රියයෝ සහජාතභාවයෙන් පරිවාර වෙති, අන්‍යෝන්‍යභාවයෙන් පරිවාර වෙති, නිශ්‍රයභාවයෙන් පරිවාර වෙති, සම්ප්‍රයුක්තභාවයෙන් පරිවාර වෙති, සහගත වෙති, සහජාත වෙති, සංසෘෂ්ට වෙති, සම්ප්‍රයුක්ත වෙත්. ඒ අෂ්ටෙන්‍ද්‍රියයෝ මැ ඒ අඤ්ඤතාවින්‍ද්‍රියට ආකාර ද පරිවාර ද වෙත්. මෙසේ මේ අෂ්ටාෂ්කය සූසැටෙක් වේ.
Pali BJTආසවාති කතමෙ තෙ ආසවා: කාමාසවො, භවාසවො, දිට්ඨාසවො, අවිජ්ජාසවො.
Sinhala BJTආසවා යනු: ඒ ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි.
Pali BJTකත්ථෙතෙ ආසවා ඛීයන්ති: සොතාපත්තිමග්ගෙන අනවසෙසො දිට්ඨාසවො ඛීයති, අපායගමනීයො කාමාසවො ඛීයති, අපායගමනීයො භවාසවො ඛීයති, අපායගමනීයො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTතෙල ආස්‍රවයෝ කොහි ක්‍ෂය වෙති යත්: සෝවාන්මඟින් අනවශේෂ වූ දෘෂ්ට්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගාමී වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, අපායගාමී වූ භවාස්‍රය ක්‍ෂය වෙයි, අපායගාමී වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
Pali BJTසකදාගාමුමග්ගෙන ඔළාරිකො කාමාසවො ඛීයති, තදෙකට්ඨො භවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTසෙදගැමිමඟින් ඖදාරික වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි. තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
Pali BJTඅනාගාමිමග්ගෙන අනවසෙසො කාමාසවො ඛීයති, තදෙකට්ඨො ගවාසවො ඛීයති, තදෙකට්ඨො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTඅනගැමි මඟින් අනවශේෂ වූ කාමාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි භවාස්‍රවය ක්‍ෂය වෙයි, එය හා සමග එක් වැ සිටි අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
Pali BJTඅරහත්තමග්ගෙන අනවසෙසො භවාසවො ඛීයති, අනවසෙසො අවිජ්ජාසවො ඛීයති, එත්ථෙතෙ ආසවා ඛීයන්ති.
Sinhala BJTඅර්‍හන්මාර්‍ගයෙන් අනවශේෂ වූ භවාස්‍රවය ක්‍ෂය වෙයි, අනවශේෂ වූ අවිද්‍යාස්‍රවය ක්‍ෂය වෙයි, තෙල ආස්‍රවයෝ මෙහි ක්‍ෂය වෙත්.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘චතුසට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්ද්රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘චතුස්ට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්‍ද්‍රියානං වසීභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං’යි.
Pali BJTආසවක්ඛයඤාණනිද්දෙසො.
Sinhala BJTආස්‍රවක්‍ෂයඥාන නිර්දේශ යි.
Pali BJT56-63. සච්චඤාණචතුක්කදවයං
Sinhala BJT56-63. සත්‍යඥානචතුෂ්කද්වය
Pali BJTකථං පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං, පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං, සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං, භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් (දුඃඛයාගේ පීඩනාදි චතුර්විධ අර්‍ත්‍ථයන්) පරිඥේයස්වභාවයෙහි ප්‍රඥාව දුඃඛඥාන වෙයි, ප්‍රහාතව්‍යස්වභාවයෙහි ප්‍රඥාව සමුදයඥාන වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍යස්වභාවයෙහි ප්‍රඥාව නිරෝධඥාන වෙයි, භාවිතව්‍යස්වභාවයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන වෙයි යත්:
Pali BJTදුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිනාමට්ඨො පරිඤ්ඤට්ඨො.
Sinhala BJTදුඃඛයාගේ පීඩනස්වභාවය ප්‍රත්‍යයෙන් විසින් රැස් වැ කරනලද ස්වභාවය සන්තාපස්වභාවය පෙරළෙන ස්වභාවය පරිඥේයස්වභාවය වෙයි.
Pali BJTසමුදයස්ස ආයූහනට්ඨො නිදානට්ඨො සඤ්ඤොගට්ඨො පළිබොධට්ඨො පහානට්ඨො.
Sinhala BJTසමුදයාගේ දුක් රැස් කරන ස්වභාවය දුකට කරුණු වන ස්වභාවය සංයොග ස්වභාවය වළහන ප්‍රහාතව්‍ය ස්වභාව වෙයි.
Pali BJTනිරොධස්ස නිස්සරණට්ඨො විවෙකට්ඨො අසඞ්ඛතට්ඨො අමතට්ඨො සච්ඡිකිරියට්ඨො.
Sinhala BJTනිරෝධයාගේ සසරින් පහවූ ස්වභාවය සංස්කාරයන් කෙරෙන් ශූන්‍ය ස්වභාවය ප්‍රත්‍යයන් විසින් රැස් වැ නො කරන ලද ස්වභාවය අමරණ ස්වභාවය සාක්‍ෂාත්කර්‍තව්‍ය ස්වභාව වෙයි.
Pali BJTමග්ගස්ස නිය්යානට්ඨො හෙතුට්ඨො දස්සනට්ඨො ආධිපතෙය්යට්ඨො භාවනට්ඨො.
Sinhala BJTමාර්‍ගයාගේ නිර්‍ය්‍යාණස්වභාවය හෙතුස්වභාවය දර්‍ශනස්වභාවය ආධිපත්‍යස්වභාවය භාවිතව්‍යස්වභාව වේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති ‘පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං, පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං, සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං, භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං පහානට්ඨෙ පඤ්ඤා සමුදයේ ඤාණං සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං’යි
Pali BJTකථං දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං:
Sinhala BJTකිසෙයින් දුඃඛඥාන, දුඃඛසමුදයඥාන, දුඃඛනිරෝධඥාන, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාඥාන වෙයි යත්:
Pali BJTමග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං, දුක්ඛසමුදයෙපෙතං ඤාණං, දුක්ඛනිරොධෙපෙතං ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදායපෙතං ඤාණං.
Sinhala BJTමාර්‍ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල දුඃඛඥාන නමුදු වෙයි තෙල දුඃඛසමුදයඥාන නමුදු වෙයි, තෙල දුඃඛනිරෝධඥාන නමුදු වෙයි, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාඥාන නමුදු වේ.
Pali BJTතත්ථ කතමං දුක්ඛෙ ඤාණං: දුක්ඛං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. ඉදං වුච්චති දුක්ඛෙ ඤාණං. දුක්ඛසමුදයං ආරබ්භ -පෙ- දුක්ඛනිරොධං ආරබ්භ -පෙ- දුක්ඛනිරොධගාමිනිං පටිපදං ආරබ්භ -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි. ඉදං වුච්චති දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTඑහි දුඃඛඥානය කවරෙ යත්: දුඃඛසත්‍යය අරමුණු කොට යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකාරයෙන් විමසීමෙක් සිව්සස්දහම් විමසීමෙක් (අනිත්‍යාදිය ලක්‍ෂණ විසින්) සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කුශලභාවයෙක් නිපුණභාවයෙක් (අනිත්‍යාදිය) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් මේධායෙක් (යථාස්වභාව ප්‍රතිවේධයෙහි නැමෙන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් (අනිත්‍යාදිය ප්‍රකාරයෙන් දන්නා) සම්‍යග්ඥානයෙක් පතෝදප්‍රඥායෙක් ප්‍රඥාසඞ්ඛ්‍යාත ඉන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥා ප්‍රාසාදයෙක් ප්‍රඥා ආලොකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥා ප්‍රද්‍යොතයෙක් ප්‍රඥා රත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් උපදී ද මේ දුඃඛඥාන යැ යි කියනු ලැබේ. දුඃඛසමුදයසත්‍යය අරමුණු කොට ... දුඃඛ නිරෝධසත්‍යය අරමුණු කොට ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යය අරමුණු කොට යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද මේ දුඃඛ නිරොධගාමිනීප්‍රතිපදාඥාන යැ යි කියනු ලැබේ.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං. පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං’.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබේ: ‘දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරෝධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං’යි.
Pali BJTසච්චඤාණචතුක්කද්වයනිද්දෙසො.
Sinhala BJTසත්‍යඥානචතුෂ්කද්වය නිර්දේශ යි.
Pali BJT64-67 සුද්ධිකපටිසම්භිදාඤාණං
Sinhala BJT64-67. ශුද්ධිකප්‍රතිසංවිද්ඥානය
Pali BJTකථං අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං:
Sinhala BJTකිසෙයින් අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන, ධර්‍මප්‍රතිසංවිද්ඥාන, නිරුක්තිප්‍රතිසංවිද්ඥාන, ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන වෙයි යත්:
Pali BJTඅත්ථෙසු ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, නිරුත්තීසු ඤාණං නිරුත්තිපටිසම්භිදා, පටිභානෙසු ඤාණං පටිභානපටිසම්භිදා.
Sinhala BJTහේතුඵල (අර්‍ත්‍ථ) යන්හි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද් යැ ප්‍රත්‍යය (ධර්‍ම) යන්හි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද් යැ නිරුක්තශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිද් යැ ඥානයන්හි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද් යැ.
Pali BJTඅත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඅර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානනානාත්‍වයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTඅත්ථවවත්ථානෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිවවත්ථානෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානවවත්ථානො පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං
Sinhala BJTඅර්‍ත්‍ථනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානනිශ්චයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTඅත්ථසල්ලක්ඛණෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මසල්ලක්ඛණෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිසල්ලක්ඛණෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානසල්ලක්ඛණෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඅර්‍ත්‍ථය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය මොනොවට දැකීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTඅත්ථූපලක්ඛණෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මූපලක්ඛණෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තුපලක්ඛණෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානූපලක්ඛණෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඅර්‍ත්‍ථය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය අත්‍යර්‍ත්‍ථයෙන් දැකීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTඅත්ථප්පභෙදෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මප්පභෙදෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිප්පභෙදෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානප්පභෙදෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඅර්‍ත්‍ථප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මයප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිප්‍රභේදයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානප්‍රභෙදයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTඅත්ථප්පභාවනෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මප්පභාවනෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිප්පභාවනෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානප්පභාවනෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඅර්‍ත්‍ථය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය ය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය පහළ කිරීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද් ඥාන යි.
Pali BJTඅත්ථජොතනෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මජොතනෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිජොතනෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානජොතනෙ පඤ්ඤා පටිභාන පටිසම්භදෙ ඤාණං
Sinhala BJTඅර්‍ත්‍ථය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය ය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය බැබැළවීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTඅත්ථවිරොචනෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මවිරොචනෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිවිරොචනෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානවිරොචනෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඅර්‍ත්‍ථය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද් ඥාන යැ ධර්‍මය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානය විවිධ කොට දීප්ත කිරීමෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTඅත්ථප්පකාසනෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මප්පකාසනෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිප්පකාසනෙ පඤ්ඤා නිරුත්ති පටිසම්භිදෙ ඤාණං, පටිභානප්පකාසනෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඅර්‍ත්‍ථප්‍රකාශනයෙහිප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ ධර්‍මප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ නිරුක්තිප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ ඥානප්‍රකාශනයෙහි ප්‍රභෙදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යි.
Pali BJTතං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘අත්ථපටිසම්භිදෙ ඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJTඑය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘අත්‍ථපටිසම්භිදෙ ඤාණං, ධම්මපටිසම්භිදෙ ඤාණං, නිරුත්තිපටිසම්භිදෙ ඤාණං, පටිභානපටිසම්භිදෙ ඤාණං’යි.
Pali BJTසුද්ධිකපටිසම්භදාඤාණනිද්දෙසො.
Sinhala BJTසුද්ධිකපටිසම්භිදා ඥානනිර්දේශ යි.
Pali BJT68. ඉන්ද්රියපරොපරියත්තඤාණං.
Sinhala BJT68. ඉන්‍ද්‍රියපරාවරතාඥානය
Pali BJTකතමං තථාගතස්ස ඉන්ද්රියපරොපරියත්ත{1} ඤාණං.
Sinhala BJTතථාගතයන් වහන්සේ (සත්ත්‍වයන් පිළිබඳ) ඉන්‍ද්‍රියපරාවරතාඥානය කවරෙ යත්:
Pali BJTඉධ තථාගතො සත්තෙ පස්සති: අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො.
Sinhala BJTමෙහි තථාගත තෙම අල්ප වූ කෙලෙස් රජස් ඇති මහත් වූ කෙලෙස් රජස් ඇති තියුණු වු (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන් ඇති මෘදු වූ ඉන්‍ද්‍රියයන් ඇති සුන්‍දර වූ ආකාර ඇති කුත්සිත වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් පරලොව ද (රාගාදි) වද්‍යය ද භය වශයෙන් නො දක්නා වූ ඇතැම් සත්ත්‍වයන් (ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙන්) දකී.
Pali BJTඅප්පරජක්ඛෙ මහාරජක්ඛෙති සද්ධො පුග්ගලො අප්පරජක්ඛො, අස්සද්ධො{2} පුග්ගලො මහාරජක්ඛො; ආරද්ධවිරියො පුග්ගලො අප්පරජක්ඛො, කුසීතො පුග්ගලො මහාරජක්ඛො; උපට්ඨිතස්සති පුග්ගලො අප්පරජක්ඛො, මුට්ඨස්සති පුග්ගලො මහාරජක්ඛො; සමාහිතො පුග්ගලො අප්පරජක්ඛො, අසමාහිතො පුග්ගලො මහාරජක්ඛො; පඤ්ඤවා පුග්ගලො අප්පරජක්ඛො, දුප්පඤ්ඤො පුග්ගලො මහාරජක්ඛො,
Sinhala BJTඅප්පරජක්ඛෙ මහරජක්ඛෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මහාරජස්ක යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ කුසීද පුද්ගල තෙම මහාරජස්ක යැ එළඹ සිටි සිහි ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මහාරජස්ක යැ සමාහිත පුද්ගල තෙම අල්පරජස්ක යැ අසමාහිත පුද්ගල තෙම මහාරජස්ක යැ (උදයව්‍යගාමිනී) ප්‍රඥාව ඇති පුද්ගල තෙම අල්පරජස්ක යැ දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම මහාරජස්ක යි.
Pali BJTතික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙති සද්ධො පුග්ගලො තික්ඛින්ද්රියො, අස්සද්ධො පුග්ගලො මුදින්ද්රියො; ආරද්ධවිරියො පුග්ගලො තික්ඛින්ද්රියො, කුසීතො පුග්ගලො මුදින්ද්රියො; උපට්ඨිතස්සති පුග්ගලො තික්ඛින්ද්රියො, මුට්ඨස්සති පුග්ගලො මුදින්ද්රියො; සමාහිතො පුග්ගලො තික්ඛින්ද්රියො, අසමාහිතො පුග්ගලො මුදින්ද්රියො; පඤ්ඤවා පුග්ගලො තික්ඛින්ද්රියො, දුප්පඤ්ඤො පුග්ගලො මුදින්ද්රියො.
Sinhala BJTතික්ඛින්‍ද්‍රිය මුදින්‍ද්‍රියෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ රුකුළු වැර ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ කුසීත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ සමාහිත වූ පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ අසමාහිත වූ පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ ප්‍රඥාව ඇති පුද්ගල තෙම තියුණු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යැ දුෂ්ප්‍රාඥ වු පුද්ගල තෙම මෘදු වූ ඉන්‍ද්‍රිය ඇත්තේ යි.
Pali BJTස්වාකාරෙ ද්වාකාරෙති සද්ධො පුග්ගලො ස්වාකාරො, අස්සද්ධො පුග්ගලො ද්වාකාරො; ආරද්ධවිරියො පුග්ගලො ස්වාකාරො, කුසීතො පුග්ගලො ද්වාකාරො; උපට්ඨිතස්සති පුග්ගලෙ ස්වාකාරො, මුට්ඨස්සති පුග්ගලො ද්වාකාරො; සමාහිතො පුග්ගලො ස්වාකාරො, අසමාහිතො පුග්ගලො ද්වාකාරො; පඤ්ඤවා පුග්ගලො ස්වාකාරො, දුප්පඤ්ඤො පුග්ගලො ද්වාකාරො.
Sinhala BJTස්වාකාරෙ ද්වාකාරෙ යනු: ශ්‍රද්ධා ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ ශ්‍රද්ධා නැති පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ කුත්සිත වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ එළඹසිටිසිහි ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ සමාහිත වූ පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ අසමාහිත වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යැ ප්‍රඥා ඇති පුද්ගල තෙම සුන්‍දර වූ ආකාර ඇත්තේ යැ දුෂ්ප්‍රාඥ වූ පුද්ගල තෙම කුත්සිත වූ ආකාර ඇත්තේ යි.
Pali BJTසුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙති සද්ධො පුග්ගලො සුවිඤ්ඤාපයො, අස්සද්ධො පුග්ගලො දුවිඤ්ඤාපයො; ආරද්ධවිරියො පුග්ගලො සුවිඤ්ඤාපයො, කුසීතො පුග්ගලො දුවිඤ්ඤාපයො; උපට්ඨිතස්සති පුග්ගලො සුවිඤ්ඤාපයො, මුට්ඨස්සති පුග්ගලො දුවිඤ්ඤාපයො; සමාහිතො පුග්ගලො සුවිඤ්ඤාපයො, අසමාහිතො පුග්ගලො දුවිඤ්ඤාපයො; පඤ්ඤවා පුග්ගලො සුවිඤ්ඤාපයො, දුප්පඤ්ඤො පුග්ගලො දුවිඤ්ඤාපයො.
Sinhala BJTසුවිපඤඤාපයෙ දුවිපඤඤාපයෙ යනු: සැදැහැති පුද්ගල තෙම සුවිඥාප්‍ය (සුවසේ හැඟැවිය හැකි) යැ සැදැහැ නැති පුද්ගල තෙම දුර්විඥාප්‍ය (දුකසේ හැඟැවිය හැකි) යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ කුසීද වූ පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ මුළාසිහි ඇති පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ සමාහිත පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ අසමාහිත පුද්ගල තෙම දුර්විඥාප්‍ය යැ ප්‍රාඥ පුද්ගල තෙම සුවිඥාප්‍ය යැ දුස්ප්‍රාඥ පුද්ගල තෙම දුර්විඥාප්‍ය යි.
Pali BJTඅප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනොති සද්ධො පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවී, අස්සද්ධො පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවී; ආරද්ධවිරියො පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවී, කුසීතො පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවි; උපට්ඨිතස්සති පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවි, මුට්ඨස්සති පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවි; සමාහිතො පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවි; අසමාහිතො පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවි; පඤ්ඤවා පුග්ගලො පරලොකවජ්ජභයදස්සාවි; දුප්පඤ්ඤෙ පුග්ගලො න පරලොකවජ්ජභයදස්සාවි.
Sinhala BJTඅප්පේකච්චේ පරලෝකවජ්ජභය දස්සාවිනෝ අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ යනු: සැදැහැති පුද්ගල තෙම පරලොව හා (රාගාදි) වද්‍ය භය වශයෙන් දක්නේ (දක්නාසුලු) යැ සැදැහැ නැති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ ආරබ්ධවීර්‍ය්‍ය ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ කුසීද පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ එළඹසිටි සිහි ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ මුළාසිහි ඇති පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ සමාහිත පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ අසමාහිත පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යැ ප්‍රාඥ පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් දක්නේ යැ දුෂ්ප්‍රාඥ පුද්ගල තෙම පරලොව හා වද්‍ය භයවශයෙන් නො දක්නේ යි.
Pali BJTලොකොති ඛන්ධලොකො, ධාතුලොකො, ආයතනලොකො, විපත්තිභවලොකො, විපත්තිසම්භවලොකො, සම්පත්තිභවලොකො, සම්පත්තිසම්භවලොකො.
Sinhala BJTලෝකෝ යනු: ස්කන්‍ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ විපත්තිභව (අපාය) ලෝක යැ විපත්තිසම්භව (අපායූපගකම්ම) ලෝක යැ සම්පත්තිභව (සුගති) ලෝක යැ සම්පත්තිසම්භව (සුගතූපගකම්ම) ලෝක යි.
Pali BJTඑකො ලොකො: සබ්බෙසත්තා ආහාරට්ඨිතිකා, ද්වෙ ලොකා: නාමඤ්ච රූපඤ්ච, තයො ලොකා: තිස්සො වෙදනා, චත්තාරො ලොකා: චත්තාරො ආහාරා, පඤ්ච ලොකා: පඤ්චුපාදානක්ඛන්ධා, ඡ ලොකා: ඡ අජ්ඣත්තිකානි ආයතනානි, සත්ත ලොකා: සත්ත විඤ්ඤාණට්ඨිතියො, අට්ඨ ලොකා: අට්ඨ ලොකධම්මා, නව ලොකා: නව සත්තාවාසා, දස ලොකා: දසායතනානි, ද්වාදස ලොකා: ද්වාදසායතනානි, අට්ඨාරස ලොකා: අට්ඨාරස ධාතුයො.
Sinhala BJTඑක් ලොවකැ: හැම සත්හු ආහාරයෙන් සිටුනාහු යැ. ලෝකයෝ දෙදෙනෙකැ: නාමයත් රූපයත් යැ. ලෝකයෝ තුන්දෙනෙකැ: තුන් වේදනා යැ. ලෝකයෝ සතරදෙනෙකැ: සතර ආහාරයෝ යැ. ලෝකයෝ පස්දෙනෙකැ: පඤ්චෝපාදානස්කන්‍ධයෝ යැ. ලෝකයෝ සදෙනෙකැ: ආධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ. ලෝකයෝ සත්දෙනෙකැ: සප්ත විඥානස්ථිතිහු යැ. ලෝකයෝ අටදෙනෙකැ: අෂ්ටලෝකධර්‍මයෝ යැ ලෝකයෝ නවදෙනෙකැ: නවසත්ත්‍වාවාසයෝ යැ. ලෝකයෝ දසදෙනෙකැ දසආයතනයෝ යැ. ලෝකයෝ දොළොස්දෙනෙකැ: දොළොස් ආයතනයෝ යැ. ලෝකයෝ අටළොස්දෙනෙකැ: අටළොස් ධාතුහු යි.
Pali BJTවජ්ජන්ති සබ්බෙ කිලෙසා වජ්ජා, සබ්බෙ දුච්චරිතා වජ්ජා, සබ්බෙ අභිසඞ්ඛාරා, සබ්බෙ භවගාමී කම්මා වජ්ජා.
Sinhala BJTවජ්ජං යනු: හැම ක්ලේශයෝ වද්‍යයෝ යැ හැම දුශ්චරිතයෝ වද්‍යයෝ යැ හැම අභිසංස්කාරයෝ වද්‍යයෝ යැ හැම භවගාමීකර්‍මයෝ වද්‍යයෝ යි.
Pali BJTඉති ඉමස්මිඤ්ච ලොකෙ ඉමස්මිඤ්ච වජ්ජෙ තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ. ඉමෙහි පඤ්ඤාසාය ආකාරෙහි ඉමානි පඤ්චින්ද්රියානි ජානාති, පස්සති, අඤ්ඤාති, පටිවිජ්ඣති.
Sinhala BJTමෙසෙයින් මේ ලෝකයෙහි ද මේ වද්‍යයෙහි ද බලවත් භවසංඥාව නඟනලද අසිපත ඇති වධකයකු කෙරෙහි සෙයින් එළඹසිටියා වෙයි. මේ පනස් අයුරින් මේ (ශ්‍රද්ධාදි) පඤ්චේන්‍ද්‍රියයන් (නුවණින්) දනියි (දිවැසින්) දකියි. හාත්පසින් දනියි. ප්‍රතිවේධ කෙරේ.
Pali BJTඉදං තථාගතස්ස ඉන්ද්රියපරොපරියත්තඤාණං.
Sinhala BJTමේ තථාගතයන් වහන්සේගේ (සත්ත්‍වයන් පිළිබඳ) ඉන්‍ද්‍රියපරාවරතාඥාන නමි.
Pali BJTඉන්ද්රියපරොපරියත්තඤාණනිද්දෙසො.
Sinhala BJTඉන්‍ද්‍රියපරාවරතාඥානනිර්දේශ යි.
Pali BJT69 ආසයානුසයඤාණං.
Sinhala BJT69. ආශයානුශයඥානය
Pali BJTකතමං තථාගතස්ස සත්තානං ආසයානුසයඤාණං:
Sinhala BJTතථාගතයන් වහන්සේ සත්ත්‍වයන් පිළිබඳ ආශයඅනුශය දන්නා නුවණ කවරෙ යත්:
Pali BJTඉධ තථාගතො සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බෙ සත්තෙ ජානාති.
Sinhala BJTමෙහි තථාගත තෙම සත්ත්‍වයන්ගේ ආශය (සන්තානය) දැනැගනී. අනුශය (ථාමගත කාමරාගාදිය) දැනැගනී. චරිතය (පූර්‍වකෘතකර්‍ම) දැනැගනී. අධිමුක්තිය දැනැගනී. භව්‍යාභව්‍යසත්ත්‍වයන් දැනැගනී.
Pali BJTකතමො ච සත්තානං ආසයො: ‘සස්සතො ලොකො’ති වා ‘අසස්සතො ලොකො’ති වි’ අන්තවා ලොකො’ති වි ‘අනන්තවා ලොකො’ති වා තං ජීවං තං සරීරන්ති වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර’න්ති වා ‘හොති තථාගතො පරම්මරණාති’ වා ‘න හොති තථාගතො පරම්මරණා’ති වා ‘හොති ච න හොති ච{1} තථාගතො පරම්මරණා’ති වා ‘නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති වා. ඉති භවදිට්ඨිසන්නිස්සිතා වා සත්තා හොන්ති විභවදිට්ඨිසන්තිස්සීතා වා.
Sinhala BJTසත්ත්‍වයන්ගේ ආශය කවරෙ යත්: ‘ලෝකය ශාශ්වතැ’ යි හෝ ‘ලෝකය අශාශ්වතැ’ යි හෝ ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි හෝ ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි හෝ ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වේ’ යයි හො ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වන්නේත් නො වන්නේත් වේ’ යයි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’යයි හෝ මෙසෙයින් සත්ත්‍වයෝ ශාශ්වතදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙති. උච්ඡේදදෘෂ්ටිය ඇසිරි කළාහු හෝ වෙත්.
Pali BJTඑතෙ වා පන උභො අන්තෙ අනුපගම්ම ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අනුලොමිකා ඛන්ති{2} පටිලද්ධා හොති, යථාභූතං වා ඤාණං.
Sinhala BJTමේ උභයාන්තයට ද නො පැමිණ ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි අනුලෝමඥානය ලබනලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද්දේ වේ.
Pali BJTකාමං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො කාමගරුකො කාමාසයො කාමාධිමුත්තො’ති, කාමං{3} සෙවන්තඤ්ඤෙව ජානාති අයං පුග්ගලො නෙක්ඛම්මගරුකො නෙක්ඛම්මාසයො නෙක්ඛම්මාධිමුත්තො’ති, නෙක්ඛම්මං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො නෙක්ඛම්මගරුකො නෙක්ඛම්මාසයො නෙක්ඛම්මාධිමුත්තො’ති, නෙක්ඛම්මං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො කාමගරුකො කාමාසයො කාමාධිමුත්තො’ති.
Sinhala BJTකාමය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාමගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනියි. කාමය සෙවුණහු මැ මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්‍රම්‍යාශය ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම නෛෂ්ක්‍රම්‍යගරුක යැ නෛෂ්ක්‍රම්‍යාශ ඇත්තේ යැ නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත යැ’යි දැනගනියි. නෛෂ්ක්‍රම්‍යය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම කාම ගරුක යැ කාමාශය ඇත්තේ යැ කාමාධිමුක්ත යැ’යි දැනගනී.
Pali BJTබ්යාපාදං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො බ්යාපාදගරුකො බ්යාපාදාසයො බ්යාපාදාධිමුත්තො’ති, බ්යාපාදං සෙවන්තඤ්ඤෙව ජානාති ‘ අයං පුග්ගලො අබ්යාපාදගරුකො අබ්යාපාදාසයො අබ්යාපාදාධිමුත්තො’ති, අබ්යාපාදං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො අබ්යාපාදගරුකො අබ්යාපදාසයො අබ්යාපාදාධිමුත්තො’ති, අබ්යාපාදං සෙවන්තමෙව ජානාති ‘අයං පුග්ගගලා බ්යාපාදගරුකො බ්යාපාදාසයො බ්යාපාදාධිමුත්තො’ති.
Sinhala BJTව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. ව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්‍යාපාදාශ ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අව්‍යාපාදගරුක යැ අව්‍යාපාදාශය ඇත්තේ යැ අව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනියි. අව්‍යාපාදය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ව්‍යාපාදගරුක යැ ව්‍යාපාදාශය ඇත්තේ යැ ව්‍යාපාදාධිමුක්ත යැ’යි දැනගනී.
Pali BJTථීනමිද්ධං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ථිනමිද්ධගරුකො ථීනමිද්ධාසයො ථීනමිද්ධාධිමුත්තො’ති, ථීනමිද්ධං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ආලොකසඤ්ඤාගරුකො ආලොකසඤ්ඤාසයො ආලොකසඤ්ඤාධිමුත්තො’ති, ආලොකසඤ්ඤං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ආලොකසඤ්ඤාගරුකො ආලොකසඤ්ඤාසයො ආලොකසඤ්ඤාධිමුත්තො’ති, ආලොකසඤ්ඤං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ථීනමිද්ධගරුකො ථීනමිද්ධාසයො ථීනමිද්ධාධිමුත්තො’ති.{*} අයං සත්තානං ආසයො.
Sinhala BJTථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධයගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනගනියි. ථීනමිද්ධය සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලෝකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලෝකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලෝකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම අලෝකසංඥාගරුක යැ අලොකසංඥාශය ඇත්තේ යැ අලෝකසංඥාධිමුක්ත යැ’යි දැනගනියි. අලෝකසංඥාව සෙවුණහු මැ ‘මේ පුද්ගල තෙම ථීනමිද්ධගරුක යැ ථීනමිද්ධාසය ඇත්තේ යැ ථීනමිද්ධාධිමුත්ත යැ’යි දැනැගනී. මේ සත්ත්‍වයන්ගේ ආශය වේ.