Paṭisambhidāmagga

Path of Discrimination

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 2882

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTඛුද්දකනිකායො
Sinhala BJTකුදුගත්සඟිය
Pali BJTපටිසම්භිදාමග්ගො
Sinhala BJTපටිසම්භිදාමාර්‍ගය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJT1. මහාවග්ගො
Sinhala BJT1. මහා වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා.
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTඤාණකථා.
Sinhala BJTඥාන කතා
Pali BJTමාතිකා
Sinhala BJTමාතෘකා
Pali BJT1. සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT1. ශ්‍රෝත්‍රද්වාරානුසාරයෙන් දන්නා ලද ධර්‍මජාතයෙහි (ශ්‍රැතියෙහි) පැවැති ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT2. සුත්වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං.
Sinhala BJT2. ශ්‍රවණය කොට (ශ්‍රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්‍රඥාව ශීලමයඥාන යැ.
Pali BJT3. සංවරිත්වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං.
Sinhala BJT3. ශීලයෙන් සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්‍රඥාව සමාධි භාවනාමයඥාන යැ.
Pali BJT4. පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිති ඤාණං.
Sinhala BJT4. ප්‍රත්‍යයධර්‍මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යැ.
Pali BJT5. අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
Sinhala BJT5. අතීතානාගතප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ.
Pali BJT6. පච්චුප්පන්නානං ධම්මානං විපරිනාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං.
Sinhala BJT6. ප්‍රත්‍යුත්පන්න වූ ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යානුදර්‍ශනඥාන යැ.
Pali BJT7. ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං.
Sinhala BJT7. රූපාදි ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට භඞ්ගවශයෙන් දැකීමෙහි ප්‍රඥාව විදර්‍ශනාඥාන යැ.
Pali BJT8. භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං.
Sinhala BJT8. උත්පාදාදිය භය වශයෙන් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ.
Pali BJT9. මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං.
Sinhala BJT9. (උත්පාදාදිය) මුදාලන්නට කැමැති බව ද ප්‍රත්‍යවේක්‍ෂාව ද අධ්‍යුපේක්‍ෂණය ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ.
Pali BJT10. බහිද්ධා වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගොත්රභූ ඤාණං.
Sinhala BJT10. සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන යැ.
Pali BJT11. දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJT11. (කෙලෙසුන් කෙරෙන් ද, තදනුවර්‍තක ස්කන්‍ධයන් කෙරෙන් ද යන) දෙකින් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව මාර්‍ගඥාන යැ.
Pali BJT12. පයොගපටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං.
Sinhala BJT12. (උභතොවුට්ඨානයෙහි) ප්‍රයෝගයාගේ නිෂ්ඨාව (සතර මාර්‍ගකෘත්‍ය පර්‍ය්‍යවසානය) ට හේතු වූ ප්‍රඥාව ඵලඥාන යැ.
Pali BJT13. ඡින්නවට්ටමනුපස්සනෙ{1} පඤ්ඤා විමුත්ති ඤාණං.
Sinhala BJT13. ඒ ඒ මාර්‍ගයෙන් සිඳුණු කෙලෙස්වට ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙහි ප්‍රඥාව විමුක්තිඥාන යැ.
Pali BJT14. තදා සමුදාගතෙ{1} ධම්මෙ පස්සනෙ{2} පඤ්ඤා පච්චවෙක්ඛනෙ ඤාණං.
Sinhala BJT14. ඒ මාර්‍ගඵලක්‍ෂණයෙහි (ප්‍රතිලාභප්‍රතිවේධ වශයෙන්) පැමිණි (මාර්‍ගඵලචතුස්සත්‍ය) ධර්‍මයන් දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂාඥාන යැ.
Pali BJT15. අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං.
Sinhala BJT15. අධ්‍යාත්ම (ආධ්‍යාත්මිකෂඩායතන) යන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව වස්තුනානාත්‍වඥාන යැ.
Pali BJT16. බහිද්ධාවවත්ථානෙ පඤ්ඤා ගොචරනානත්තෙ ඤාණං.
Sinhala BJT16. බාහිරවිෂයයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ගෝචරනානාත්‍වඥාන යැ.
Pali BJT17. චරියාවවත්ථානෙ{3} පඤ්ඤා චරියානානත්තෙ ඤාණං.
Sinhala BJT17. (විඥානචර්‍ය්‍යාදී වශයෙන්) චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යනානාත්‍වඥාන යැ.
Pali BJT18. චතුධම්මවවත්ථානෙ පඤ්ඤා භූමිනානත්තෙ ඤාණං.
Sinhala BJT18. සතර සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන යැ.
Pali BJT19. නවධම්මවවත්ථානෙ පඤ්ඤා ධම්මනානත්තෙ ඤාණං.
Sinhala BJT19. නව නව ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මනානාත්‍වඥාන යැ.
Pali BJT20. අභිඤ්ඤාපඤ්ඤා ඤාතට්ඨෙ ඤාණං.
Sinhala BJT20. අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථ (ජානනස්වභාව) ඥාන යැ.
Pali BJT21. පරිඤ්ඤාපඤ්ඤා තීරණට්ඨෙ ඤාණං.
Sinhala BJT21. පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන යැ.
Pali BJT22. පහානෙ පඤ්ඤා පරිච්චාගට්ඨෙ ඤාණං.
Sinhala BJT22. ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන යැ.
Pali BJT23. භාවනාපඤ්ඤා එකරසට්ඨෙ ඤාණං.
Sinhala BJT23. භාවනා ප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන යැ.
Pali BJT24. සච්ඡිකිරියාපඤ්ඤා ඵුසනට්ඨෙ{4} ඤාණං.
Sinhala BJT24. (ප්‍රතිවේධ ප්‍රතිලාභ වශයෙන්) සාක්‍ෂාත් කරන ප්‍රඥාව ස්පර්‍ශනානාර්‍ත්‍ථ ඥාන යැ.
Pali BJT25. අත්ථනානත්තෙ පඤ්ඤා අත්ථපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJT25. අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ.
Pali BJT26. ධම්මනානත්තෙ පඤ්ඤා ධම්මපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJT26. ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ.
Pali BJT27. නිරුත්තිනානත්තෙ පඤ්ඤා නිරුත්තිපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJT27. නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ.
Pali BJT28. පටිභාන{5} නානත්තෙ පඤ්ඤා පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJT28. ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානසංවිද්ඥාන යැ.
Pali BJT29. විහාරනානත්තෙ පඤ්ඤා විහාරට්ඨෙ ඤාණං.
Sinhala BJT29. (අනිත්‍යානුදර්‍ශානාදි) විහාරනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරාර්‍ත්‍ථඥාන යැ.
Pali BJT30. සමාපත්තිනානත්තෙ පඤ්ඤා සමාපත්තට්ඨෙ ඤාණං.
Sinhala BJT30. සමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව සමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
Pali BJT31. විහාරසමාත්තිනානත්තෙ පඤ්ඤා විහාරසමාපත්තට්ඨෙ ඤාණං.
Sinhala BJT31. විහාරසමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරසමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
Pali BJT32. අවික්ඛෙපපරිසුද්ධත්තා ආසවසමුච්ඡෙදෙ පඤ්ඤා ආනන්තරිකසමාධිස්මිං{6} ඤාණං.
Sinhala BJT32. අවික්‍ෂේපපරිශුද්ධභාවයෙන් කාමාදි ආස්‍රවයන්ගේ සමුච්ඡෙදයෙහි ප්‍රඥාව ආනන්තරික (මාර්‍ග) සමාධිඥාන යැ.
Pali BJT33. දස්සනාධිපතෙය්යං සන්තො ච විහාරාධිගමො පණීතාධිමුත්තතා පඤ්ඤා අරණවිහාරෙ ඤාණං.
Sinhala BJT33. දර්‍ශනාධිපතිභාවය ද, ශාන්තවිහාරාධිගමය ද, ප්‍රණීතාධිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥන යැ.
Pali BJT34. ද්වීහි බලෙහි සමන්නාගතත්තා තයො ච සඞ්ඛාරානං පටිප්පස්සද්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා{7} පඤ්ඤා නිරොධසමාපත්තියා ඤාණං.
Sinhala BJT34. ශමථවිදර්‍ශනා යන බල දෙකින් සමන්‍වාගත බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂොඩෂඥානචර්‍ය්‍යායෙන් නවසමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන යැ.
Pali BJT35. සම්පජානස්ස පවත්තපරියාදානෙ පඤ්ඤා පරිනිබ්බානෙ ඤාණං.
Sinhala BJT35. සම්‍යග්ඥාන ඇත්තහුගේ ක්ලේශ - ස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන යැ.
Pali BJT36. සබ්බධම්මානං සම්මා සමුච්ඡෙදෙ නිරොධෙ ච අනුපට්ඨානතා පඤ්ඤා සමසීසට්ඨෙ ඤාණං.
Sinhala BJT36. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවත නො ඉපදීමෙහි ද ප්‍රඥාව සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන යැ.
Pali BJT37. පුථුනානත්තතෙජපරියොදානෙ{8} පඤ්ඤා සල්ලෙඛට්ඨෙ ඤාණං.
Sinhala BJT37. පෘතග්රාගයන්ගේ ද කාමච්ඡන්‍දාදීන්ගේ ද දුශ්ශීල්‍යාදීන්ගේ ද ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව සල්ලේඛාර්‍ත්‍ථඥාන යැ.
Pali BJT38. අසල්ලීනත්ත පහිතත්ත-පග්ගහට්ඨෙ පඤ්ඤා විරියාරම්භෙ ඤාණං.
Sinhala BJT38. නො හැකුළුණු සිත් ඇති (කායජීවිතනිරපේක්‍ෂක වැ) නිවනට මෙහෙයූ ආත්මභාව ඇත්තහුගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ.
Pali BJT39. නානාධම්මපකාසන්තා{1} පඤ්ඤා අත්ථසන්දස්සනෙ ඤාණං.
Sinhala BJT39. නානාධර්‍මයන් ප්‍රකාශ කරන ප්‍රඥාව අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥාන යැ.
Pali BJT40. සබ්බධම්මානං එකසඞ්ගහතානානත්තෙකත්තපටිවෙධෙ පඤ්ඤා දස්සනවිසුද්ධිඤාණං.
Sinhala BJT40. සියලු සඞ්ඛතාසඞ්ඛත ධර්‍මයන්ගේ ඒකත්‍වයෙන් සඞ්ග්‍රහ කිරීම ද කාමච්ඡන්‍දාදීන්ගේ නානාත්‍වය ද නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්‍වය ද ප්‍රතිවේධ කිරීමෙහි ප්‍රඥාව දර්‍ශනවිශුද්ධිඥාන යැ.
Pali BJT41. විදිතත්තා පඤ්ඤා ඛන්ති ඤාණං.
Sinhala BJT41. රූපස්කන්‍ධාදිය අනිත්‍යාදි වශයෙන් විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන යැ.
Pali BJT42. ඵුට්ඨත්තා පඤ්ඤා පරියොගාහනෙ{2} ඤාණං.
Sinhala BJT42. (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදි වශයෙන් ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යවගාහනඥාන යැ.
Pali BJT43. සමොදහනෙ{3} පඤ්ඤා පදෙසවිහාරෙ ඤාණං.
Sinhala BJT43. (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වු වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥාන යැ.
Pali BJT44. අධිපතත්තා පඤ්ඤා සඤ්ඤාවිවට්ටෙ ඤාණං.
Sinhala BJT44. (නෛෂ්ක්‍රම්‍යාදිය) අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන යැ.
Pali BJT45. නානත්තෙ පඤ්ඤා චෙතොවිවට්ටෙ ඤාණං.
Sinhala BJT45. නානාස්වභාවයෙහි පැවැති ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන යැ.
Pali BJT46. අධිට්ඨානෙ පඤ්ඤා චිත්තවිවට්ටෙ ඤාණං.
Sinhala BJT46. (නෛෂ්ක්‍රම්‍යාදි වශයෙන් සිත) පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තඥාන යැ.
Pali BJT47. සුඤ්ඤතෙ පඤ්ඤා ඤාණවිවට්ටෙ ඤාණං.
Sinhala BJT47. ශුන්‍යත (අනාත්මානුදර්‍ශන) ප්‍රඥාව ඥානවිවර්‍තඥාන යැ.
Pali BJT48. වොස්සග්ගෙ පඤ්ඤා විමොක්ඛවිවට්ටෙ ඤාණං.
Sinhala BJT48. කාමච්ඡන්‍දාදිය දුරැලීමෙහි පැවැති ප්‍රඥාව විමෝක්‍ෂවිවර්‍තඥාන යැ.
Pali BJT49. තථට්ඨෙ පඤ්ඤා සච්චවිවට්ටෙ ඤාණං.
Sinhala BJT49. (චතුස්සත්‍යාගේ) අවිපරීතභාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍යවිවර්‍තඥාන යැ.
Pali BJT50. කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං.
Sinhala BJT50. රූපකාය ද පාදකධ්‍යානචිත්තය ද (පරිකර්‍මචිත්තයෙන්) එක් කොට තැබීමෙන් සුඛසංඥාව ද ලඝුසංඥාව ද අධිෂ්ඨාන වශයෙන් සමෘද්ධ වන ප්‍රඥාව ඍද්ධිවිධඥාන යැ.
Pali BJT51. විතක්කවිප්ඵාරවසෙන නානත්තෙකත්ත සද්දනිමිත්තානං පරියොගාහනෙ{2} පඤ්ඤා සොතධාතුවිසුද්ධිඤාණං.
Sinhala BJT51. විතර්‍කවිස්තාර වශයෙන් නානාත්‍ව වූ ද ඒකත්‍ව වූ ද ශබ්දනිමිත්තයන්ට බැසගැනීමෙහි (දැනගන්නා)ප්‍රඥාව ශ්‍රෝත්‍රධාතුවිශුද්ධිඥාන යැ.
Pali BJT52. තිණ්ණං{4} චිත්තානං විප්ඵාරත්තා ඉන්ද්රියානං පසාදවසෙන නානත්තෙකත්තවිඤ්ඤාණචරියාපරියොගාහනෙ පඤ්ඤා චෙතොපරියඤාණං.
Sinhala BJT52. (සෝමනස්සසහගතාදි) ත්‍රිවිධ චිත්තයන්ගේ වේගය හේතු කොට ගෙන ඉන්‍ද්‍රියයන්ගේ ප්‍රසාද වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වූ එකුන්අනූචිත්තයාගේ පැවැතීම දන්නා ප්‍රඥාව චේතෝපර්‍ය්‍යඥාන යැ.
Pali BJT53. පච්චයප්පවත්තානං ධම්මානං නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පරියොගාහනෙ{2} පඤ්ඤා පුබ්බෙනිවාසානුස්සති ඤාණං.
Sinhala BJT53. ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන්ගේ නානාත්‍ව ඒකත්‍ව කර්‍මවේග වශයෙන් දැනගැනීමෙහි ප්‍රඥාව පූර්‍වනිවාසානුස්මෘතිඥාන යැ.
Pali BJT54. ඔභාසවසෙන නානත්තෙකත්තරූපනිමිත්තානං දස්සනට්ඨෙ පඤ්ඤා දිබ්බචක්ඛුඤාණං.
Sinhala BJT54. කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්‍ණායතනය දක්නා ස්වභාව වූ ප්‍රඥාව දිව්‍යචක්‍ෂුර්ඥාන යැ.
Pali BJT55. චතුසට්ඨියා ආකාරෙහි තිණ්ණං ඉන්ද්රියානං වසිභාවතා පඤ්ඤා ආසවානං ඛයෙ ඤාණං.
Sinhala BJT55. සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි) තුන් ඉන්‍ද්‍රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්‍රඥාව ආස්‍රවක්‍ෂයඥාන යැ.
Pali BJT56. පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං.
Sinhala BJT56. (දුඃඛයාගේ පීඩනාදී චතුර්විධ අර්‍ත්‍ථයන්) පරිඥේයස්වභාවයෙහි ප්‍රඥාව දුඃඛඥාන යැ.
Pali BJT57. පහානට්ඨෙ පඤ්ඤා සමුදයෙ ඤාණං.
Sinhala BJT57. (සමුදයාගේ ආයුහනාර්‍ත්‍ථාදිය) ප්‍රහාතව්‍යස්වභාවයෙහි ප්‍රඥාව සමුදයඥාන යැ.
Pali BJT58. සච්ඡිකිරියට්ඨෙ පඤ්ඤා නිරොධෙ ඤාණං.
Sinhala BJT58. (නිරෝධයාගේ නිඃසරණාර්‍ත්‍ථාදිය) සාක්‍ෂාත්කර්‍තව්‍ය ස්වභාවයෙහි ප්‍රඥාව නිරෝධඥාන යැ.
Pali BJT59. භාවනට්ඨෙ පඤ්ඤා මග්ගෙ ඤාණං.
Sinhala BJT59. (මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථාදිය) භාවිතව්‍ය ස්වභාවයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන යැ.
Pali BJT60. දුක්ඛෙ ඤාණං.
Sinhala BJT60. දුඃඛසත්‍යඥාන යැ.
Pali BJT61. දුක්ඛසමුදයෙ ඤාණං.
Sinhala BJT61. දුඃඛසමුදයසත්‍යඥාන යැ.
Pali BJT62. දුක්ඛනිරොධෙ ඤාණං.
Sinhala BJT62. දුඃඛනිරෝධසත්‍යඥාන යැ.
Pali BJT63. දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJT63. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යඥාන යැ.
Pali BJT64. අත්ථපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJT64. අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ.
Pali BJT65. ධම්මපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJT65. ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ.
Pali BJT66. නිරුත්තිපටිසම්භිදෙ ඤාණං,
Sinhala BJT66. නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ.
Pali BJT67. පටිභානපටිසම්භිදෙ ඤාණං.
Sinhala BJT67. ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යැ.
Pali BJT68. ඉන්ද්රියපරොපරියත්තඤාණං.{1}
Sinhala BJT68. (සත්ත්‍වයන්ගේ) ඉන්‍ද්‍රියපරාවරතාඥාන යැ.
Pali BJT69. සත්තානං ආසයානුසයෙ ඤාණං.
Sinhala BJT69. සත්ත්‍වයන්ගේ ආශයානුශයඥාන යැ.
Pali BJT70. යමකපාටිහීරෙ ඤාණං.
Sinhala BJT70. යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන යැ.
Pali BJT71. මහාකරුණාසමාපත්තියා ඤාණං.
Sinhala BJT71. මහාකරුණාසමාපත්තිඥාන යැ.
Pali BJT72. සබ්බඤ්ඤුතඤාණං.
Sinhala BJT72. සර්‍වඥතාඥාන යැ.
Pali BJT73. අනාවරණඤාණං.
Sinhala BJT73. අනාවරණඥාන යැ.
Pali BJTඉමානි තෙසත්තති ඤාණානි. ඉමෙසං තෙසත්තතියා{2} ඤාණානං සත්තසට්ඨි ඤාණානි සාවකසාධාරණානි. ඡ ඤාණානි අසාධාරණානි සාවෙකෙහි.{3}
Sinhala BJTමොහු තෙසැත්තෑ ඥානයෝ යි. මේ තෙසැත්තෑ ඥානයන් කෙරෙහි සත්සැට ඥානයෙක් ශ්‍රාවකයන් හා සාධාරණ යැ. සනුවණෙක් ශ්‍රාවකයන් හා අසාධාරණ යි.
Pali BJTමාතිකා නිට්ඨිතා.
Sinhala BJTමාතෘකා නිමි.
Pali BJT1. සුතමයඤාණං.
Sinhala BJT1. ශ්‍රැතමය ඥානය
Pali BJT1. කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං:
Sinhala BJT1. කිසෙයින් ශ්‍රෝත්‍රාවධානයෙහි (අසන ලද්දෙහි) ප්‍රඥාව ශ්‍රැතමයඥාන වෙයි යත්:
Pali BJT‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ (ස්වභාව ලක්‍ෂණාවබෝධ වශයෙන්) මැනැවින් දතයුත්තාහ’යි (දෙසන්නහුගේ ධර්‍මය) සෝතාවධාන යැ හෙවත් ශ්‍රැතය යි. ඒ ශ්‍රැතය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ (සාමාන්‍ය ලක්‍ෂණාවබෝධ වශයෙන්) පිරිසිඳ දතයුත්තාහ’යි (දෙසන්නහුගේ ධර්‍මය) සෝතාවධාන නමැ. ඒ දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා පහාතබ්බා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ ප්‍රහාතව්‍යයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා භාවෙතබ්බා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ වැඩියයුත්තාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා හානභාගියා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ පරිහාණිය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා ඨිතිභාගියා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ ස්ථිතිය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා විසෙසභාගියා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ (මත්තෙහි විශේෂාධිගම විසින්) විශේෂය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉමෙ ධම්මා නිබ්බෙධභාගියා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ ධර්‍මයෝ ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත නිර්වේදය සෙවුනාහ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘සබ්බෙ සඞ්ඛාරා අනත්තා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉදං දුක්ඛං අරියච්ච’න්ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
Pali BJT‘ඉදං දුක්ඛසමුදයො{1} අරියසච්ච’න්ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.
Sinhala BJT‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යැ’ යනු සෝතාවධාන නමැ. එය දැනගන්නා ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.