Nettippakaraṇa

The Guide

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1311 segments

පෙන්වන කොටස් 1301-1311 න් 1311

දස්සන යැ භාවනා යැ සකවචන යැ පරවචන යැ විස්සජ්ජනීය යැ අවිස්සජ්ජනීය යැ කම්ම යැ විපාක යැ යන සියලු තැන්හි ද තදුභයමිශ්‍ර සූත්‍රය ද ඒ ඒ සූත්‍රයෙහි යම්සේ දක්වන ලද ද එසේ උපධාරණය කොට ලැබෙන පදයන්ගේ වශයෙන් දැක්වියැයුතු. තවද භාග්‍යවතුන් වහන්සේ යම් කිසි අන්‍යතර වචනයක් (සූත්‍රයෙහි) වදාරනසේක් ද, ඒ සියල්ල (සියලු සූත්‍රය ලෝකියාදීන් කෙරෙහි එකක් වශයෙන් හෝ උභය වශයෙන් හෝ) යම් පරිදි දක්වනලද ද එපරිද්දෙන් ගතයුතු.
හේතුව ද්විවිධ යැ : යම් කර්‍මයෙක් වේ ද, යම් ක්ලේශයෝත් වෙත් ද ඒ දෙක යැ, (සක්ලේශ වූ මැ කර්‍මය විපාකයට හේතු වෙයි සේයි.) සමුදය ඇත්තේ (සමුදය පක්‍ෂයෙහි වූවාහු) ක්ලේෂවත්හු යැ, එහි ක්ලේශයෝ සංකිලෙසභාගිය සූත්‍රයෙන් දැක්වියැ යුත්තාහු යැ, සමුදය සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද වූ සූත්‍රයෙන් දැක්වියැයුත්තේ ය.
එහි කුසලය වාසනාභාගිය දස්සනභාගිය භාවනාභාගිය අසෙක්ඛභාගිය ද යන සතර සූත්‍රයෙන් දැක්වියැයුතු යැ. අකුසලය සංකිලෙසභාගිය සූත්‍රයෙන් දැක්වියැයුතු යැ. කුසලය ද අකුසලය ද තදුභය සූත්‍රයන්ගෙන් දැක්වියැයුතු.
අනුඤ්ඤාතය භාග්‍යවතුන් වහන්සේගේ අනුඤ්ඤාතවචනයෙන් දැක්වියැයුතු යැ, එය පඤ්චවිධ යැ : සංවර යැ පහාන යැ භාවනා යැ සච්ඡිකිරියා යැ කප්පියානුලෝම යැ’ යි. (පෘථග්ජනභූමි ආදි) ඒ ඒ භූමියෙහි යමක් දක්නාලැබේ ද, ඒ ඒ භූමියෙහි එය (කප්පිය) කප්පියානුලොමයෙන් දැක්වියැයුතු යැ. භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරනලද්ද ප්‍රතික්‍ෂිප්ත කාරණයෙන් දැක්වියැයුතු යැ. අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වූයේ ඒ දෙකින් දැක්වියැයුතු.
ථව සූත්‍රය ප්‍රශංසායෙන් දැක්වියැයුත්තේ යැ, හේ පඤ්ච ප්‍රකාරයෙකින් දතයුත්තේ යැ : භාග්‍යවතුන් වහන්සේ යැ, නිර්‍වාණධර්‍ම යැ, ආර්‍ය්‍යසඞ්ඝයා යැ, මාර්‍ගඵලසංඛ්‍යාත ආර්‍ය්‍යධර්‍මයෝ යැ, ශික්‍ෂාව පිළිබඳ ලෞකිකගුණසම්පත්තිය යැයි මෙසේ ස්තවය පඤ්චප්‍රකාරයෙන් දැක්වියැයුත්තේ යි.
ඉන්‍ද්‍රියභූමිය සමථාදි නව පදයෙන් දැක්වියැයුත්තී යැ, කිලේසභූමිය තණ්හාදි නව පදයෙන් දැක්වියැයුත්තී යැ, මෙසේ තෙල අටළොස් පදයෝ වෙති. කුශල වූ නව පදයෝ යැ අකුශල වූ නව පදයෝ යි. එහෙයින් මැ කියන ලදි : “අට්ඨාරස මූලපදා කුහිං දට්ඨාබ්බා, සාසනපට්ඨානෙ” යි. එයින් වදාළහ ආයුෂ්මත් මහාකාත්‍යායන මහ රහතුන් වහන්සේ :
“නවහි පදේහි කුසලා -පෙ- භවන්ති අට්ඨාරස පදානි” යි.
සාසනපට්ඨානය යොදනලද්දේ යි.
ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවන් විසින් වදාරනලද භාග්‍යවතුන් විසින් අනුමෝදිත වූ මූලසඞ්ගීතියෙහි ලා සඞ්ගීත වූ නෙත්තිය මෙතෙකින් සමාප්ත යි.
නෙත්තිප්‍රකරණය නිමි.
ලබුගම ලඞ්කානන්ද ස්ථවිරයන් විසින් ලියනලද නෙත්තිප්පකරණව්‍යාඛ්‍යානය නිමියේ යි.