Nettippakaraṇa

The Guide

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 1315

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT41. තස්සෙ ව කම්මස්ස විපාකතො අහං සහස්සක්ඛත්තුං තිදසො’පපජ්ජථ, විචිත්ර මාලාභරණානුලෙපිසු විසිට්ඨකායූ’පගතො යසස්සිසු.
Sinhala BJT41. එ මැ කර්‍මයාගේ විපාකයෙන් මම විශිෂ්ට වූ දිව්‍යශරීරයට පැමිණියෙම් විචිත්‍ර වූ මාලාභරණ ගන්‍ධාලේප ඇති පරිවාර - කීර්තියශස් ඇති ත්‍රිදශ (තව්තිසා) යෙහි දහසක්වර උපන්මි.
Pali BJT42 තස්සෙව කම්මස්ස විපාකතො අහං විමුත්තචිත්තො අඛිලො අනාසවො, ඉමෙහි මෙ අන්තිම දෙහධාරීහි සමාගමො ආසි හිතාහිතාසිහි.
Sinhala BJT42. එ මැ කර්‍මයාගේ විපාකයෙන් මම විමුක්ත වූ සිත් ඇති චේතෝඛීල රහිත වූ ක්‍ෂීණාස්‍රව වූයෙමි. මේ අන්තිමදේහධාරී වූ කුශලාකුශලයන් ඉක්මවාලූ රහතුන් සමග මාගේ සංගමය වී.
Pali BJT43 පච්චක්ඛං ඛ්විමං අවච තථාගතො ජිනො සමිජ්ඣතෙ සීලවතො යදිච්ඡති, යථා යථා මෙ මනසා විචින්තිතං. තථා සමිද්ධං අයමන්තිමො භවො”
Sinhala BJT43. ජිතපඤ්චමාර වූ තථාගතයෝ (සිල්වත්) යමක් පතා නම් සිල්වත්හුගේ ප්‍රණිධිය සමෘද්ධ වේ යයි යමක් වදාළාහු ද, මේ වචනය ප්‍රත්‍යක්‍ෂ මැ යි, මා විසින් යම් යම් පරිදි සිතින් සිතනලද ද එය එසෙයින් සමෘද්ධ විය. මේ මාගේ අන්තිම භවය යි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT44. “එකතිංසම්හි කප්පම්හි ජිනො අනෙජො, අනන්තදස්සී භගවා සිඛීති. තස්සා’පි රාජා භාතා සිඛණ්ඩී බුද්ධෙ ච ධම්මෙ ච අභිප්පසන්නො.
Sinhala BJT44. මෙයින් එක්තිස්වන කපෙහි පස්මරුන් දිනූ තෘෂ්ණාරහිත වූ අනන්තදර්ශී වූ ‘සිඛී’ යන නම් ඇති භාග්‍යවත්හු ලොවැ පහළවූහ. ඒ බුදුන්ගේ භ්‍රාතෘ වූ ‘සිඛණ්ඩි’ නම් රජ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද අතිශයින් පහන් වී.
Pali BJT45. පරිනිබ්බුතො ලොකවිනායකම්හි ථූපං සකාසී විපුලං මහන්තං, සමන්තතො ගාවුතිකං මහෙසිනො දෙවා’තිදෙවස්ස නරුත්තමස්ස.
Sinhala BJT45. ලෝකවිනායක වූ සිඛී බුදුන් පිරිනිවී කල්හි එරජ මහර්ෂි වූ දේවාතිදේව වූ නරෝත්තමයන්ගේ (ධාතු පිහිටුවා) හාත්පසින් ගවුපමණ වූ විපුල වූ මහත් ස්තූපයක් කෙළේයි.
Pali BJT46. තස්මිං මනුසෙසා බලිමාභිහාරී පග්ගය්හ ජාතිසු මනං පහට්ඨො, වාතෙන පුප්ඵං පති තස්ස එකං තාහං ගහෙත්වාන තස්සෙව’දාසිං.
Sinhala BJT46. පහටුසිත් ඇති මිනිසෙක් සුගතිභවයෙහි සිත දැඩිවගෙන ඒ සෑයෙහි පූජා එළැවී යැ, ඔහුගේ එක මලක් සුළඟින් වැටිණ, මම් එය ගෙන ඔහුට මැ දිනිමි.
Pali BJT47. සො මං අවොචා’තිපසන්නචිත්තො තුය්හෙව චෙතං පුප්ඵං දදාමි, තා’හං ගහෙත්වා අභිරොපයෙසිං පුනප්පුනං බුද්ධමනුස්සරන්තො.
Sinhala BJT47. ඉතා පහන් සිතැති හේ මට මෙසේ කී : ‘තෙල පුෂ්පය තොපට මැ දෙමි’ මම් ඒ මල ගෙන පුනපුනා බුදුගුණ මෙනෙහි කරමින් පූජා කෙළෙමි.
Pali BJT48. අජ්ජ තිංසං තතො කප්පා නාභිජානාමි දුග්ගතිං, විනිපාතං න ගච්ඡාමි ථූපපූජායිදං ඵලං”
Sinhala BJT48. එතැන් සිට දැන් කල්ප තිසෙකි, මම දුර්‍ගතිය නොදනිමි, විනිපාතයට (අපායට) නොගියෙමි, ථූපයට මල් පිදීමෙහි මේ විපාක යි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT49. “කපිලං නාම නගරං සුවිභත්තං මහාපථං. ආකිණ්ණමිද්ධං ඵීතං ච බ්රහ්මදත්තස්ස රාජිනො,
Sinhala BJT49. බඹදත් රජහුගේ මොනොවට බෙදනලද මහාමාර්‍ග ඇති, මිනිසුන් විසින් ගැවැසිගත් ස්වර්‍ණාභරණාදීන් සමෘද්ධ වූ, උපභෝගවස්තුයෙන් විපුල වූ කපිල නම් නුවරෙක් විය.
Pali BJT50. කුම්මාසං වික්කිණිං තත්ථ පඤ්චාලානං පුරුත්තමෙ, සො’හං අද්දසිං පම්බුද්ධං උපරිට්ඨං යසස්සිනං.
Sinhala BJT50. පඤ්චාල වැසියන්ගේ ඒ උතුම් නගරයෙහි මම කොමුපිඬු විකිණීමි, එහි දී මම අහසැ වැඩසිටි යශස්වී වූ අරිට්ඨ නම් පසේබුදුන් දිටිමි.
Pali BJT51. හට්ඨො චිත්තං පසාදෙත්වා නිමන්තෙසිං නරුත්තමං, අරිට්ඨං ධූවභත්තෙන යං මෙ ගෙහස්මිං විජජථ.
Sinhala BJT51. හටුවූයෙම් සිත පහදවා මාගේ යමක් ඇද්ද නරෝත්තම වූ අරිට්ඨ පසේබුදුන් ධුව (නිති) බතින් පැවැරීමි.
Pali BJT52. තතො ච කත්තිකො පුණ්ණො පුණ්ණමාසී උපට්ඨිතා, නවං දුස්සයුගං ගය්හ අරිට්ඨස්සො’පනාමයිං.
Sinhala BJT52. යළි එසඳ ඉල්මස පිරුණේ පණුරැසිය පැමිණියා යැ, (එකල) නව පිළිසඟලක් ගෙන අරිට්ඨපසේබුදුන්ට පිරිනැමීමි.
Pali BJT53. පසන්නචිත්තං ඤත්වාන පටිගණ්හි නරුත්තමො, අනුකම්පකො කාරුණිකො තණ්හානිග්ඝාතනො මුනි.
Sinhala BJT53. මා පහන් සිතැත්තහු දැන නරෝත්තම වූ අනුකම්පා කරන කාරුණික වූ තෘෂ්ණා නැසූ මුනි වූ පසේබුදුහු එය පිළිගත්හ.
Pali BJT54. තාහං කම්මං කරිත්වාන කල්යාණං බුද්ධවණ්ණිතං, දෙවෙ චෙව මනුස්සෙ ච සන්ධාවිත්වා තතො චුතො.
Sinhala BJT54. මම් බුදුවරුන් විසින් පසස්නාලද ඒ කුශලකර්‍මය කොට දෙව්ලොවැ ද මිනිස්ලොවැ ද සන්‍ධාවන කොට එයින් චුත වූයෙම්.
Pali BJT55. බාරාණසියං නගරෙ සෙට්ඨිස්ස එකපුත්තකො, අඩ්ඪෙ කුලස්මිං උපපජ්ජිං පාණෙහි ච පියතරො.
Sinhala BJT55. බරණැස්නුවර ආඪ්‍ය (මහාසාර) කුලයෙහි සිටුහුගේ ප්‍රාණයට ද වඩා ප්‍රියතර වූ එක් මැ පුත්‍ර වැ උපන්මි.
Pali BJT56. තතො ච විඤ්ඤුතං පත්තො දෙවපුත්තෙන චොදිතො, පාසාදා ඔරුහිත්වාන සම්බුද්ධමුපසඞ්කමිං.
Sinhala BJT56. එක්බිති නුවණැතිබවට පැමිණියෙම් දිව්‍යපුත්‍රයකු විසින් මෙහෙයනලදුයෙම් ප්‍රාසාදයෙන් බැස සම්බුද්ධයන් කරා එළැඹියෙමි.
Pali BJT57. සො මෙ ධම්මමදෙසයී අනුකම්පාය ගොතමො, දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං{1}.
Sinhala BJT57. ඒ ගෞතම බුදුහු මට අනුකම්පායෙන් දහම් දෙසූසේක : දුක්ඛය ද දුක්ඛසමුදය ද දුක්ඛනිරෝධය ද -
Pali BJT58. අරියං චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං, චත්තාරි අරියසච්චානි මුනි ධම්මමදෙසයි.
Sinhala BJT58. දුක්ඛූපසමයට යනසුලු ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය ද යන චතුරාර්‍ය්‍ය සත්‍ය යයි කියනලද ධර්‍මය මුනීහු දෙසූසේක.
Pali BJT59. තස්සා’හං වචනං සුත්වා විහරිං සාසනෙ රතො, සමථං පටිවිජ්ඣා’හං රත්තින්දිවමතන්දිතො.
Sinhala BJT59. මම් ඒ බුදුන්ගේ වදන් අසා ශාසනයෙහි ඇලුණෙම් වාස කෙළෙමි, දවරැයෙහි නොමැලි වූ මම් මාර්‍ගසමාධිය ප්‍රතිවේධ කෙළෙමි.
Pali BJT60. අජ්ඣත්තං ච බහිද්ධා ච යෙ මෙ විජ්ජිංසු{2} ආසවා, සබ්බෙ ආසුං සමුච්ඡින්නා න ච උප්පජ්ජරෙ පුන.
Sinhala BJT60. අධ්‍යාත්මවිෂය වූ ද බාහ්‍යවිෂය වූ ද මාගේ යම් ආස්‍රව කෙනෙක් විද්‍යමාන වූහු ද, එ හැම ආස්‍රවයෝ සමුච්ඡින්න වූහ, යළි නො ද උපදනාහ.
Pali BJT61 පරියන්තකතං දුක්ඛං චරිමො’යං සමුස්සයො, ජාතිමරණසංසාරො නත්ථි දානි පුනබ්භවො”ති.
Sinhala BJT61. වට්ටදුක්ඛය කෙළවර කරනලද, මේ චරිම ශරීරය වෙයි, දැන් ‘පුනර්‍භව’ යි කියනලද ජාතිමරණ සංඛ්‍යාත සංසාරය නැති.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යි.
Pali BJT3. 4. 3.
Sinhala BJT3. 4. 3.
Pali BJT(3) තත්ථ කතමං නිබ්බෙධභාගියං සුත්තං:
Sinhala BJT(3) එහි නිබ්බේධභාගිය සූත්‍ර කවරෙ යැ.
Pali BJT1. “උද්ධං අධො සබ්බධි විප්පමුත්තො අයමහමස්මින්ති අනානුපස්සී එවං විමුත්තො උදතාරි ඔඝං අතිණ්ණපුබ්බං අපුනබ්භවායා”ති.
Sinhala BJT1. උඩ රූපාරූපලෝකයෙහි ද යට කාමලෝකයෙහි ද යන සියලු සංස්කාරයන්හි වෙසෙසින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණු ‘මේ මම් වෙමි’ (දෘෂ්ටිවශයෙන් රූපාදිය) නොදක්නා මෙසේ විමුක්ත වූ ක්‍ෂීණාස්‍රව පෙර තරණය නොකළවිරු (කාමාදි චතුර්) ඕඝය පුනර්‍භව නොවනු පිණිස තරණය කළේ යි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT“සීලවතො ආනන්ද, න චෙතනා කරණීයා: කින්ති මෙ අවිප්පටිසාරො ජායෙය්යා’ති, ධම්මතා එසා ආනන්ද, යං සීලවතො අවිප්පටිසාරො ජායෙය්ය.
Sinhala BJT“ආනන්‍දය, සිල්වත්හු විසින් ‘කිසෙයින් මට අවිප්පටිසාරය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, ආනන්‍දය යම් හෙයෙකින් සිල්වත්හට අවිප්‍රතිසාර උපදනේ ද තෙල ධර්‍මතා ධර්‍මස්වභාව යැ.
Pali BJTඅවිප්පටිසාරිනො{1} ආනන්ද, න චෙතනාකරණීයා: - කින්ති මෙ පාමොජ්ජං ජායෙය්යාති, ධම්මතා එසා ආනන්ද, යං අවිප්පටිසාරිනො පාමොජ්ජං ජායෙය්ය.
Sinhala BJTආනන්‍දය, විපිළිසර නැතියහු විසින් ‘කිසෙයින් මට ප්‍රාමෝද්‍යය උපදනේ දැ’ යි සිත් නො උපදවියැයුතු යැ, යම් හෙයෙකින් අවිප්‍රතිසාරිහට ප්‍රාමෝද්‍යය උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTපමුදිතෙන ආනන්ද, න චෙතනා කරණීයා: - කින්ති මෙ පීතී ජායෙය්යා’ති, ධම්මතා එසා ආනන්ද යං පමුදිතස්ස පීති ජායෙය්ය.
Sinhala BJTආනන්‍දය, ප්‍රමුදිතයා විසින් ‘කිසෙයින් මට ප්‍රීති උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රමුදිතයාහට ප්‍රීති උපදනේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මේ වාසනාභාගයෙහි වූ පින්කම් ප්‍රකාශ කරන සූත්‍රපද උදාහරණවශයෙන් දක්වනලද වාසනාභාගිය සූත්‍ර මෙසේ උක්තප්‍රකාරයෙන් දතයුත්තේ යි.)
Pali BJTපීතිමනස්ස ආනන්ද, න චෙතනා කරණීයා: - කින්ති මෙ කායො පස්සම්භෙය්යා’ති, ධම්මතා එසා ආනන්ද, යං පීතිමනස්ස කායො පස්සම්භෙය්ය.
Sinhala BJTආනන්‍දය, ප්‍රීතිසිත් ඇතියහු විසින් ‘කිසෙයින් මාගේ කය සන්හිඳේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTපස්සද්ධකායස්ස ආනන්ද, න චෙතනා කරණීයා: - කින්තා’හං සුඛං වෙදියෙය්ය’න්ති, ධම්මතා එසා ආනන්ද, යං පස්සද්ධකායො සුඛං වෙදියෙය්ය.
Sinhala BJTආනන්‍දය, සන්හුන් කය ඇතියහු විසින් ‘කිසෙයින් මම් සුව විඳුනෙම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTසුඛිනො ආනන්ද, න චෙතනා කරණීයා: - කින්ති මෙ සමාධි ජායෙය්යා’ති. ධම්මතා එසා ආනන්ද, යං සුඛිනො සමාධි ජායෙය්ය.
Sinhala BJTආනන්‍දය, සුව ඇතියහු විසින් ‘කිසෙයින් මට සමාධි උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සුවඇතියහුට සමාධි උපදනේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTසමාහිතස්ස ආනන්ද, න චෙතනා කරණීයා: ‘කින්තාහං යථාභූතං පජානෙය්ය’න්ති, ධම්මතා එසා ආනන්ද, යං සමාහිතො යථාභූතං පජානෙය්ය.
Sinhala BJTආනන්‍දය, සමාහිතයා විසින් ‘කිසෙයින් මම් (තරුණවිදර්‍ශනාඥානයෙන්) යථාභූතව දැනගනිම් දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් සමාහිත වූයේ යථාභූත ව දැනැගනී ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTයථාභූතං පජානතා ආනන්ද, න චෙතනා කරණීයා: ‘කින්ති මෙ නිබ්බිදා ජායෙය්යා’ති, ධම්මතා එසා ආනන්ද, යං යථාභූතං පජානන්තො නිබ්බින්දෙය්ය.
Sinhala BJTආනන්‍දය, යථාභූතව (විදසුන්නැණින්) දන්නහු විසින් ‘කිසෙයින් මට නිබ්බිදා (නිර්වේදඥානය) උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් යථාභූතව දන්නේ නිර්වේදයට පැමිණේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTනිබ්බින්දන්තෙන ආනන්ද, න චෙතනා කරණීයා: ‘කින්ති මෙ විරාගො ජායෙය්යා’ති. ධම්මතා එසා ආනන්ද, යං නිබ්බින්දන්තො විරජ්ජෙය්ය.
Sinhala BJTආනන්‍දය, නිර්වේදයට පැමිණියහු විසින් ‘කිසෙයින් මට විරාගය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් නිර්විග්න වූයේ විරාගයට පැමිණේ ද ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTවිරජ්ජන්තෙන ආනන්ද න චෙතනා කරණීයා: ‘නින්ති මෙ විමුත්ති ජායෙය්යා’ති. ධම්මතා එසා ආනන්ද, යං විරජ්ජන්තො විමුච්චෙය්ය.
Sinhala BJTආනන්‍දය විරාගයට පැමිණෙන්නහු විසින් ‘කිසෙයින් මාගේ විමුක්තිය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, යම් හෙයෙකින් විරාගයට පැමිණෙනුයේ විමුක්තවන්නේ ද, ආනන්‍දය, තෙල ධර්‍මතා යැ.
Pali BJTවිමුත්තෙන ආනන්ද, න චෙතනා කරණීයා: ‘කින්ති මෙ විමුත්ති ඤාණදස්සනං උප්පජ්ජෙය්යා’ති, ධම්මතා එසා ආනන්ද යං වුමුත්තස්ස විමුත්තිඤාණදස්සනං උප්පජ්ජෙය්යා”ති.
Sinhala BJTආනන්‍දය, විමුක්තවූවහු විසින් ‘කිසෙයින් මට විමුක්තිඥානදර්‍ශනය උපදනේ දැ’ යි චේතනා නො කටයුතු යැ, (නො සිතිය යුතු යැ,) යම් හෙයෙකින් මාර්‍ගවිමුක්තියෙන් විමුක්ත වූවහුට විමුක්තිඥානදර්‍ශනය උපදනේ ද (එහෙයිනි.) ආනන්‍දය, තෙල ධර්‍මතා” යි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT2. “යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො පජානාති සහෙතු ධම්ම”න්ති.
Sinhala BJT2. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති (ආරම්මණලක්ඛණ - උපනිධ්‍යානලක්‍ෂණ) ධ්‍යානයෙන් ධ්‍යාන කරන බාහිතපාප ඇති ක්‍ෂීණාස්‍රවහට යම් ඇසිල්ලෙක (අනුලෝමප්‍රත්‍යයාකාරප්‍රතිවේධය සිදුකරන) බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල්හි ඔහුගේ සියලු (අටවැදෑරුම්) කාංක්‍ෂාවෝ දුරුවෙති, යම් හෙයෙකින් සහේතුක වූ දුඃඛස්කන්‍ධ ධර්‍මය දැනගනී ද එහෙයිනි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT3. “යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො ඛයං පච්චයානං අවෙදී”ති.
Sinhala BJT3. සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍ය ඇති ධ්‍යාන කරන ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණහට යම් ඇසිල්ලෙක බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල ඔහුගේ සියලු සැක දුරුවෙයි, යම් හෙයෙකින් ප්‍රත්‍යයන්ගේ ක්‍ෂය (නිරෝධය) ප්‍රතිවේධ කෙළේ ද එහෙයිනි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT4. “කින්නු කුජ්ඣසි මා කුජ්ඣි අක්කොධො තිස්ස තෙ වරං, කොධමානමක්ඛවිනයත්ථං හි තිස්ස බ්රහ්මචරියං වුස්සතී”ති.
Sinhala BJT4. තිස්සය, කුමක්හෙයින් කිපෙහි? නහමක් කිපෙව, තොපට ක්‍රෝධ නොකිරීම උතුමැ, තිස්සය, ක්‍රෝධ මාන මකුබව යන මොවුන්ගේ විනය පිණිස මැ සසුන් බඹසර වෙසේ යැයි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT5. කදා”හං නන්දං පස්සෙය්යං ආරඤ්ඤං පංසුකූලිකං, අඤ්ඤාතුඤ්ඡෙන යාපෙන්තං කාමෙසු අනපෙක්කින”න්ති.
Sinhala BJT5. කවර දවසෙකැ මම ආරණ්‍යක වූ පාංශුකූලිකාඞ්ග ඇති ගෙපිළිවෙළින් පිඬු සිඟාහැසිරැ මිශ්‍රකභෝජනයෙන් යැපෙන වස්තුකාමක්ලේශකාමයන්හි අපේක්‍ෂා රහිත වූ ‘නන්‍ද’ දක්නෙම් දැ’ යි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT6. “කිංසු ඡෙත්වා{1} සුඛං සෙති කිංසු ඡෙත්වා න සොචති, කිස්සස්ස එකධම්මස්ස වධං රොචෙසි ගොතමා”ති?
Sinhala BJT6. කුමක් නසා සුවසේ හොවී ද, කුමක් නසා ශෝක නොකෙරේ ද, ගෞතමයන් වහන්ස, කවර එක් ධර්‍මයක්හුගේ වධය රුචිකරවු දැ’ යි.
Pali BJT7. කොධං ඡෙත්වා සුඛං සෙති කොධං ඡෙත්වා න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස (බ්රාහ්මණ:{2}) දෙවතෙ, වධං අරියා පසංසන්ති තඤ්හි ඡෙත්වා න සොචතී”ති.
Sinhala BJT7. ක්‍රෝධය නසා (ක්‍රෝධපරිදාහයෙන් නොදැවෙනුයෙන්) සුවසේ හොවී, ක්‍රෝධය නසා (ක්‍රෝධනාශයෙන් නට දොම්නස් ඇතියෙන්) ශෝක නො කෙරෙයි, දෙවිය, විෂ (දුක්ඛ) මුල ඇති (කිපියහුට පෙරළා කිපීම ආදීන්) මධුර අන්තය ඇති ක්‍රෝධයාගේ වධය (නැසීම) බුද්ධාදි ආර්‍ය්‍යයෝ පසසති, ඒ ක්‍රෝධය මාර්‍ගයෙන් සමුච්ඡේද කොට ශෝක නො කෙරේ මැයි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT8. “කිංසු හනෙ උප්පතිතං කිංසු ජාතං විනොදයෙ, කිං චස්සු පජහෙ ධීරො කිස්සාභිසමයො සුඛො?.
Sinhala BJT8. සමුදාචාරවශයෙන් උපන් කුමක් නසන්නේ ද, උපන් කුමක් තම සන්තානයෙන් දුරු කරන්නේ ද, ධීරතෙමේ කුමක් ප්‍රහීණ කරන්නේ ද, කුමක් අවබෝධ කිරීම සුවවන්නේ ද?
Pali BJT9. කොධං හනෙ උප්පතිතං රාගං ජාතං විනොදයෙ, අවිජ්ජං පජහෙ ධීරො සච්චාභිසමයො සුඛො”ති.
Sinhala BJT9. මාර්‍ගයෙන් නොනැසූ හෙයින් සමුදාචාර වශයෙන් උපන් ක්‍රෝධය නසන්නේ ය, උපන් රාගය දුරුකරන්නේ ය, ප්‍රාඥතෙමේ අවිද්‍යාව ප්‍රහීණ කරන්නේ ය, චතුස්සත්‍යාවබෝධය සුඛ වන්නේ යි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT10. “සත්තියා විය ඔමට්ඨො ඩය්හමානො’ව මත්ථකෙ, කාමරාගප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ.
Sinhala BJT10. අඩයටියෙකින් උඩ සිට පහර දෙනුලැබුවකු සෙයින් හිස දැවෙන්නකු සෙයින් කාමරාගයාගේ ප්‍රහාණය පිණිස මහණ සිහි ඇතිවැ වාසකරන්නේ යැ.
Pali BJT11. සත්තියා විය ඔමට්ඨො ඩය්හමානො’ව මත්ථකෙ, සක්කායදිට්ඨිප්පහානාය සතො භික්ඛූ පරිබ්බජෙ”ති.
Sinhala BJT11. අඩයටියකින් උඩ සිට පහර දෙනුලැබුවකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් සත්කායදෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස මහණ සිහිඇති වැ වාසකරන්නේ යි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT12. සබ්බෙ ඛයන්තා නිචයා පතනන්තා සමුස්සයා, සබ්බෙසං මරණමාගම්ම සබ්බෙසං ජීවිතමද්ධුවං; එතං භයං මරණෙ පෙක්ඛමානො පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි.
Sinhala BJT12. සියලු (රැස්කළ) භෝගයෝ නැසීම අන්ත කොට ඇත්තාහුය, සමුස්සය සංඛ්‍යාත ශරීරයෝ වැටීම අන්තකොට ඇත්තාහුය, සියල්ලනට මරණය පැමිණසිටියේ යැ. සියල්ලන්ගේ අනිත්‍ය වෙයි, මරණයෙහි ලා තෙල බිය දක්නේ සුව එළවන පින් කරන්නේ යැ.
Pali BJT13. සබ්බෙ ඛයන්තා නිචයා පතනන්තා සමුස්සයා, සබ්බෙසං මරණමාගම්ම සබ්බෙසං ජීවිතමද්ධුවං; එතං භයං මරණෙ පෙක්ඛමානො ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො”ති.
Sinhala BJT13. සියලු භෝගයෝ ක්‍ෂයවීම අන්ත කොට ඇත්තාහ, සමුස්සයයෝ වැටීම අන්ත කොට ඇත්තාහ, සියල්ලනට මරණය එළැඹ සිටියේ යැ, සියල්ලන්ගේ ජීවිතය අනිත්‍ය යැ, මරණයෙහි ලා තෙල භය දක්නේ ශාන්තිසංඛ්‍යාත නිවන අපේක්‍ෂා කරනුයේ ලෝකාමිස සංඛ්‍යාත කාමගුණය දුරුකරන්නේ යි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT14 “සුඛං සයන්ති මුනයො න තෙ සොචන්ති මාවිධ, යෙසං ඣානරතං චිත්තං පඤ්ඤවා සුසමාහිතො; ආරද්ධවිරියො පහිතත්තො ඔඝං තරති දුත්තරං.
Sinhala BJT14. මෙ සස්නෙහි යම් කෙනෙකුන්ගේ සිත ධ්‍යානයෙහි ඇලුණේ ද, ඒ ක්‍ෂීණාස්‍රව මුනීහු සුවසේ හොවිති, ශෝක නො කෙරෙති, ප්‍රඥාවත් වූ මොනොවට සමාහිත සිත්ඇති ආරබ්ධවීර්‍ය්‍ය ඇති නිවනට මෙහෙයූ සිත් ඇතියේ දුකසේ තරණය කළයුතු කාමාදි චතුරෝඝය තරණය කෙරේ.
Pali BJT15. විරතො{1} කාමසඤ්ඤාය{2} සබ්බසංයොජනාතිගො, නන්දීභවපරික්ඛීණො සො ගම්භීරෙ න සීදතී”ති.
Sinhala BJT15. කාමසංඥායෙන් (සමුච්ඡේදවිරතියෙන්) වෙන්වූ සියලු සංයෝජනයන් ඉක්මවා සිටි නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණාව හා භවත්‍රය ක්‍ෂය වූ ඒ ක්‍ෂීණාස්‍රව ගැඹුරු වූ සසරසයුරෙහි නො ගැලේ යි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT16. “සද්දහානො අරහතං ධම්මං නිබ්බානපත්තියා, සුස්සූසා ලභතෙ පඤ්ඤං අප්පමත්තො විචක්ඛණො.
Sinhala BJT16. නිවනට පැමිණීම පිණිස බුද්ධාදි රහතුන්ගේ දහම් හදහනුයේ දහම් අසනු කැමැති අප්‍රමත්ත වූ විචක්‍ෂණ පුද්ගල ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබා.
Pali BJT17. පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතෙ ධනං, සච්චෙන කිත්තිං පප්පොති දදං මිත්තානි ගන්ථති: අස්මා ලොකා පරං ලොකං සවෙපෙච්ච න සොචතී”ති
Sinhala BJT17. (දේශකාලාදිය නො ඉක්මැ) අනුරූප වැ ක්‍රියා කරන (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) නොතැබූ ධූර ඇති (කායිකවශයෙන්) උත්‍ථානවීර්‍ය්‍ය ඇතියේ ලෞකික ලෝකෝත්තර ධනය ලබා වාක්සත්‍යයෙන් කීර්තියට පැමිණෙයි, කැමැති දෑ දෙනුයේ මිත්‍රයන් සම්පාදනය කෙරෙයි, මෙ ලොවින් පරලොවට යන හේ ඒකාන්තයෙන් පරලොවැ දී ශෝක නො කෙරේ යයි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT18. “සබ්බගන්ථප්පහීනස්ස විප්පමුත්තස්ස තෙ සතො, සමණස්ස න තං සාධු යදඤ්ඤමනුසාසති.
Sinhala BJT18. සියලු කායග්‍රන්‍ථයන් ප්‍රහීණ කළ තුන් භවයෙන් මිදුණු ශ්‍රමණ වූ ඔබට යම් අනෙකක්හට අනුශාසනා කෙරේ ද, එය නො මැනැවි.
Pali BJT19. යෙන කෙනචි වණ්ණෙන සංවාසො සක්ක, ජායති, න තං අරහති සප්පඤ්ඤො මනසා අනනුකම්පිතුං.
Sinhala BJT19. සක්කය, යම් කිසි කරුණෙකින් එක්තැනැ විසීමෙක් (සමාගමයෙක්) වේද, ඒ අනුකම්පිතව්‍ය පුඟුලාට සිතින් අනුකම්පා නො කරන්නට සප්‍රාඥසම්බුද්ධයෝ නො සුදුසු වෙති.
Pali BJT20. මනසා චෙ පසන්නෙන යදඤ්ඤමනුසාසති, න තෙන හොති සංයුත්තො යානුකම්පා අනුද්දයා”ති.
Sinhala BJT20. ඉදින් පහන් සිතින් යම් අනෙකක්හට අනුශාසනා කෙරේද, යම් අනුකම්පාවක් අනුද්දයාවක් ඇද්ද ඒ අනුශාසනයෙන් සංයුක්ත වූයේ නො වේ යයි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT21. “රාගො ච දොසො ච කුතො නිදානා අරතී රතී ලොමහංසො කුතොජා, කුතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධංකමිවොස්සජන්ති.
Sinhala BJT21. රාගයත් ද්වේෂයත් කුමක් නිදාන කොට ඇත්තාහු ද? අධිකුශලධර්‍මයෙහි නො ඇල්ම ද පස්කම්ගුණයෙහි ඇල්ම ද චිත්තෝත්‍රාසලක්‍ෂණ රෝමහර්‍ෂ ද යන මොහු කොයින් උපන්නාහු ද? කාමාදි මනෝවිතර්‍කයෝ කොයින් ඉපිදැ කුමරුවෝ කවුඩකු හුයින් පා බැඳ හරින්නාක් මෙන් කුශලචිත්තය බැඳහරිත් ද?
Pali BJT22. රාගො ච දොසො ච ඉතො නිදානා අහතී රතී ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධංකමිවොස්සජන්ති.
Sinhala BJT22. රාගය ද ද්වේෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහ, අරතිය ද රතිය ද රෝමහර්‍ෂ ද යන මොහු මේ ආත්මභාවයෙන් උපන්නාහ, මනෝවිතර්‍කයෝ මේ ආත්මභාවයෙන් ඉපදැ කුමරුවෝ කවුඩකු හුයෙන් බැඳ හරින්නාක් මෙන් කුශලචිත්තය බැඳ හරිත්.
Pali BJT23. ස්නෙහජා අත්තසම්භූතා නිග්රොධස්සෙව ඛන්ධජා, පුථූ විසත්තා කාමෙසු මාලුවාව විතතා වනෙ
Sinhala BJT23. නුගරුකෙහි කඳින් උපන් ප්‍රරෝහ (අරළු) මෙන් ස්නේහයෙන් උපන් රාගාදීහු පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත ආත්මයෙන් හටගත්තාහු වෙනෙහි ඒ ඒ රුක්හි පැතිරැගිය මාලුවාලිය මෙන් රාගාදී ක්ලේශයෝ අනේකප්‍රකාර වැ වස්තුද්වාරාරම්මණාදි විසින් පැතුරුණාහු වෙත්.
Pali BJT24. යෙ නං පජානන්ති යතො නිදානං තෙ නං විනොදෙන්ති සුණොහි යක්ඛ, තෙ දුත්තරං ඔඝමිමං තරන්ති අතිණ්ණපුබ්බං අපුනබ්භවායා”ති.
Sinhala BJT24. යක්‍ෂය, මේ අස : යම් කෙනෙක් ඒ රාගාදි ක්ලේශගහනය යමක් නිදාන කොට උපනැයි දනිත් ද, ඔහු ඒ තණ්හාසිනෙහ සංඛ්‍යාත නිදානය (සමුදයසත්‍යය) මාර්‍ගඥානයෙන් දුරුකෙරෙති, ඔහු පුනර්‍භව නොවනු පිණිස පෙර තරණය නොකළවිරූ දුකසේ තරණය කළයුතු චතුරෝඝය තරණය කෙරෙත්.
Pali BJTඉදං නිබ්බෙධභාභියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJTදුක්කරං භගවා සුදුක්කරං භගවා’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස (දිගුකලක් ඒකාන්තපරිශුද්ධ වූ ශ්‍රමණධර්‍මය කිරීම) දුෂ්කර යැ, භාග්‍යවතුන් වහන්ස ඉතා දුෂ්කර යැ’ යි.
Pali BJT25. “දුක්කරං වා පි කරොන්ති (කාමදාති භගවා) සෙඛා සීලසමාහිතා ඨිතත්තා අනගාරියුපෙතස්ස තුට්ඨි හොති සුඛාවහා’ති.
Sinhala BJT25. (කාමද යි බුදුහු මෙසේ වදාළහ:) ශීලයෙන් සමුපේත වූ ශෛක්‍ෂයෝ ප්‍රතිෂ්ඨිතස්වභාව ඇත්තාහු දුෂ්කර වූ ද ශ්‍රමණධර්‍මය කෙරෙති, අනගාරික සංඛ්‍යාත ශාසනයට පැමිණියහුට (පැවිදිවූවහුට) සිවුපසයෙන් (යථාලාභාදි විසින්) සතුටුවීම සුව එළවනු වෙයි.
Pali BJTදුල්ලභා භගවා යදිදං තුට්ඨිති
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස යම් තුෂ්ටියක් ඇද්ද එය දුර්‍ලභ වූ යැ’ යි.
Pali BJT26. “දුල්ලභං වාපි ලභන්ති (කාමදාති භගවා) චිත්තවූපසමෙ රතා, යෙසං දිවා ච රත්තො ච භාවනාය රතො මනො’ති.
Sinhala BJT26. (කාමද යි බුදුහු) යම්කෙනකුන්ගේ සිත දාවල්හිදු රැයිදු භාවනායෙහි ඇලුණේ ද, චිත්තවූපසමයෙහි ඇලුණු ඒ ශෛක්‍ෂයෝ දුර්‍ලභ වූ ද තුෂ්ටිය ලබත්.
Pali BJTදුස්සමාදහං භගවා යදිදං චිත්තන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස යම් සිතක් ඇද්ද එය සමාධියෙහි යෙදීම දුෂ්කර යැ’ යි.
Pali BJT27. “දුස්සමාදහං වාපි සමාදහන්ති (කාමදාති භගවා) ඉන්ද්රියූපසමෙ රතා, තෙ ඡෙත්වා මච්චුනො ජාලං අරියා ගච්ඡන්ති කාමදා’ති.
Sinhala BJT27. (කාමද යි බුදුහු) ඉන්‍ද්‍රියෝපශයෙහි ඇලුණාහු එකඟකිරීමට දුෂ්කර වූ ද සිත සමාධියෙහි යොදවති, කාමද, ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ ක්ලේශජාලය සිඳ (නිවනට) යෙත්.
Pali BJTදුග්ගමො භගවා විසමො මග්ගො’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස මාර්‍ගය දුර්‍ගම යැ, විෂම යැ’ යි.
Pali BJT28. දුග්ගමෙ විසමෙ වාපි අරියා ගච්ඡන්ති කාමද, අනරියා විසමෙ මග්ගෙ පපතන්ති අවංසිරා; අරියානං සො සමො මග්ගො අරියා හි විසමෙ සමා”ති.
Sinhala BJT28. කාමද, ආර්‍ය්‍යයෝ (පූර්‍වභාගප්‍රතිපදා වශයෙන්) දුර්‍ගම වූ විෂම වූ ද මාර්‍ගයෙහි යෙති, අනාර්‍ය්‍යයෝ විෂම මාර්‍ගයෙහි (ඥානශීර්‍ෂයෙන්) අධඃශීර්‍ෂ වැ (මාර්‍ගයෙහි) වැටෙති, ආර්‍ය්‍යනට ඒ මාර්‍ගය මැ සම වෙයි, ආර්‍ය්‍යයෝ විෂම වූ සත්ත්‍වකායයෙහි සමවූවාහු යැ එහෙයිනි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT29. ඉදං හි තං ජෙතවනං ඉසිසඞ්ඝනිසෙවිතං, ආවුත්ථං ධම්මරාජෙන පීති සඤ්ජනනං මම.
Sinhala BJT29. භික්‍ෂුසඞ්ඝයා විසින් නිති සෙවුනාලද ධර්‍මරාජයන් වහන්සේ විසින් වාස කළ මේ ජේතවනය මට ප්‍රීති උපදවනු වෙයි.
Pali BJT30. කම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං, එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා
Sinhala BJT30. මාර්‍ගචේතනා සංඛ්‍යාත කර්‍මය ද මාර්‍ගප්‍රඥා සංඛ්‍යාත විද්‍යාව ද සමාධිපාක්‍ෂික ධර්‍මය ද සිල්වත්හුගේ ජීවිතය ද උතුම් වෙයි, තෙල කර්‍මාදිය හේතු කොටගෙන සත්ත්‍වයෝ විශුද්ධ වෙති, ගෝත්‍රයෙන් වේවයි ධනයෙන් වේවයි විශුද්ධ නො වෙත්.
Pali BJT31. තස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො, යොනිසො විචිනෙ ධම්මං එවං තත්ථ විසුජ්ඣති.
Sinhala BJT31. එහෙයින් මැ පණ්ඩිත පුරුෂ තමහට වැඩ පසස්නේ සමාධිපාක්‍ෂික ධර්‍මය නුවණින් විමසන්නේ යැ, මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි විශුද්ධ වෙයි.
Pali BJT32. සාරිපුත්තො’ච පඤ්ඤාය සීලෙන උපසමෙන ච. යො හි පාරගතො{1} භික්ඛු එතා’ව පරමො සියාති.
Sinhala BJT32. ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ක්ලේශෝපශමයෙන් ද ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මැ ශ්‍රේෂ්ඨ වෙති, නිර්‍වාණපාරයට පැමිණි යම් මහණෙක් වේ ද හේ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පරම කොට ඇති වන්නේ යයි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධ භාගිය සූත්‍ර යැ.
Pali BJT33. අතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තං ච අනාගතං.
Sinhala BJT33. අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටින් අනුගමනය නො කරන්නේ යැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටින් පතන්නේ යැ යමක් අතීත ද එය ප්‍රහීණ යැ යමක් අනාගත ද එය නො පැමිණියේ යැ, එහෙයිනි.
Pali BJT34. පච්චුප්පන්නං ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්රූහයෙ.
Sinhala BJT34. යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්‍මයෙක් ඇද්ද) ඒ ධර්‍මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, නුවණැති මහණ (රාගාදීන් විසින්) අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
Pali BJT35. අජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සංගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJT35. අද මැ ආතාපන වීර්‍ය්‍යය කටයුතු යැ, සෙට මරණය කවරෙක් දත හෙන්නේ ද, (මරණ කාරණ වූ ගිනි විෂ ශස්ත්‍රාදි) මහත් වූ සේනා ඇති ඒ මරහු සමඟ (මිත්‍ර සන්‍ථවාදි) සංගරයෙක් (ගිවිසුමෙක්) නැත් නු!
Pali BJT36. එවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තො’ති සන්තො ආචික්ඛතෙ මුනී”ති.
Sinhala BJT36. මෙබඳු විහරණ ඇති කෙලෙසුන් තවන වැර ඇති දවරැයෙහි අනලස් වූ ඒ පුඟුලා ඒකාන්තයෙන් භද්දේකරත්ත යි (රාගාදිය සන්හුන් බැවින්) ශාන්ත වූ බුද්ධ මුනිහු ප්‍රකාශ කෙරෙත් යයි.
Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යැ.
Pali BJT“චත්තාරිමානි භික්ඛවෙ, සච්ඡිකාතබ්බානි. කතමානි චත්තාරි: අත්ථි භික්ඛවෙ, ධම්මා චක්ඛුනා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා, අත්ථි ධම්මා සතියා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා, අත්ථි ධම්මා කායෙන පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා, අත්ථි ධම්මා පඤ්ඤාය වෙදිතබ්බා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා.
Sinhala BJTමහණෙනි, මේ සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ (ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ) සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි ඇසින් ද නුවණින් ද නොහොත් චක්‍ෂුර්භූත වූ ප්‍රඥායෙන් පසක් කළ යුතු දහම් ඇත, ස්මෘතියෙන් ද ප්‍රඥායෙන් ද නොහොත් ස්මෘතිසම්ප්‍රයුක්ත ප්‍රඥායෙන් පසක් කළ යුතු දහම් ඇත, නාමකයින් ද ප්‍රඥායෙන් ද පසක් කළයුතු දහම් ඇත. ප්‍රඥායෙන් දතයුතු නුවණින් පසක් කළයුතු දහම් ඇති.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා චක්ඛුනා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා: දිබ්බචක්ඛුං සුවිසුද්ධං අතික්කන්තමානුසකං චක්ඛුනා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බං.
Sinhala BJTමහණෙනි, චක්‍ෂුසින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; සුවිශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවඇස චක්‍ෂුසින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා සතියා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා: පුබ්බෙ නිවාසානුස්සති සතියා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා.
Sinhala BJTමහණෙනි, ස්මෘතියෙන් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; පූර්‍වනිවාසානුස්මෘතිය සතියෙන් ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා කායෙන පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා: ඉද්ධිවිධා කිරොධො{1} කායෙන පඤ්ඤාය සච්ඡිකාතබ්බා.
Sinhala BJTමහණෙනි, නාමකයින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්‍මයෝ කවරහ; ඍද්ධි කොට්ඨාශයෝ ද නිරෝධය (නිවන) ද නාම කයින් ද ප්‍රඥායෙන් ද ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා පඤ්ඤාය වෙදිතබ්බා පඤ්ඤාය ච සච්ඡිකාතබ්බා: ආසවානං ඛයෙ ඤාණං පඤ්ඤාය වෙදිතබ්බං පඤ්ඤාය ච සච්ඡිකාතබ්බං”ති.
Sinhala BJTමහණෙනි, කවර දහම්හු ප්‍රඥායෙන් දතයුත්තාහු ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු ද යත්: ආස්‍රවයන්ගේ ක්‍ෂය ඥානය ප්‍රඥායෙන් දතයුතු යැ ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැයි.