Nettippakaraṇa

The Guide

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 1315

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT18. “අධම්මෙන ධනං ලද්ධා මුසාවාදෙන චූභයං, මමෙති බාලා මඤ්ඤන්ති තං කථන්නු භවිස්සති:
Sinhala BJT18. අධර්‍මයෙනුදු මුසවා බිණීමෙනුදු (සවිඥාන - අවිඥාන) උභය ධනය ලැබ බාලයෝ මේ මාගේ ධනයැයි සිතති. කිසෙයින් ඒ ධනය ඔවුන් අයත් වේ ද?
Pali BJT19. අන්තරායා සු භවිස්සන්ති සම්භත’ස්ස විනස්සති, මතා සග්ගං න ගච්ඡන්ති නනු එත්තාවතා හතා”ති.
Sinhala BJT19. (අධර්‍මව්‍යවහාරාදීන් ලත් හෙයින්) රාජාන්තරායාදි උපද්‍රවයෝ වන්නාහ, ඔහු විසින් රැස්කරනලද්ද වැනැසෙයි, මළාහු සුගතියට නොයති, මෙතෙකින් (දිට්ඨධම්මික සම්පරායික හානියෙක්) නටුවාහු නො යි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT20. “කථං ඛණති අත්තානං කථං මිත්තෙහි ජීරති, කථං විවට්ටතෙ ධම්මා කථං සග්ගං න ගච්ඡති.
Sinhala BJT20. කිසෙයින් තමා ගුණඛණනයෙන් කණී ද, කිසෙයින් මිත්‍රභාවයෙන් පිරිහේ ද, කිසෙයින් ධර්‍මයෙන් වැඩේ ද, කිසෙයින් ස්වර්‍ගයට නො යේ ද?
Pali BJT21 ලොභා ඛණති අත්තානං ලුද්ධො මිත්තෙහි ජීරති, ලොභා විවට්ටතෙ ධම්මා ලොභා සග්ගං න ගච්ඡති”ති.
Sinhala BJT21. ලෝභහේතුයෙන් තමා කණී, ලුබ්ධ වූයේ මිත්‍රභාවයෙන් පිරිහෙයි, ලෝභ හේතුයෙන් ධර්‍මයෙන් වැටෙයි, ලෝභහේතුයෙන් ස්වර්‍ගයට නොයේ යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT22. “චරන්ති බාලා දුම්මෙධා අමිත්තෙනෙව අත්තනා, කරොන්තා පාපකාං කම්මං යං හොති කටුකප්ඵලං.
Sinhala BJT22. මෙලොවැ පරලොවැ අර්‍ත්‍ථානර්‍ත්‍ථ නොදත් බාලයෝ යම් කර්‍මයෙක් කටුක විපාක වේ ද, එබඳු පාපකර්‍මය කරමින් තමහට සතුරකු බඳු වූ ආත්මභාවයෙන් යුක්ත ව හැසිරෙත්.
Pali BJT23. න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවතී”ති.
Sinhala BJT23. යම් කර්‍මයක් කොට සිහිකළ කෙණෙහි තැවේ ද, යම් කර්‍මයක්හුගේ අනිෂ්ට විපාකය කඳුළුමුසු මුහුණින් යුතුව හඬමින් විඳී ද, එබඳු අකුසලකර්‍මය නො කරනලද්දේ මැනැවි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT24. “දුක්කරං දුත්තිතික්ඛං ච අවියත්තෙන සාමඤ්ඤං, බහූහි තත්ථ සම්බාධා යත්ථ බාලො විසීදති.
Sinhala BJT24. නොවියත් මඳ නුවණැත්තහු විසින් ශ්‍රමණභාවය (වත්පිළිවත් පිරීමාදි විසින් ආභිසමාචාරිකශීලය නො පිරියැහෙනුයෙන්) දුෂ්කර යැ, (සමාදානයෙහි පටන් නොකඩ කොට ආදිබ්‍රහ්මචරියක ශීලය මුදුන්පත්කළයුතු හෙයින්) නො සිතියැහැක්ක. (ශීලසංවරාදියට පරිබන්‍ධ වූ) යම් විෂභාගාරම්මණාදියෙක්හි බාල පුද්ගල වෙසෙසින් ගැලේ ද එහෙයින් ඒ ශ්‍රමණභාවයෙහි (දුන්නිවත්‍ථ-දුප්පාරුතමාතුගාමසම්මද්දාදි) ... සම්බාධයෝ බොහෝ වෙත් මැ යි.
Pali BJT25. යො හි අත්ථං ච ධම්මං ච භාසමානෙ තථාගතෙ, මනං පදොසියෙ බාලො මොඝං ඛො තස්ස ජීවිතං.
Sinhala BJT25. තථාගතයන් වහන්සේ අර්‍ත්‍ථයත් ධර්‍මයත් වදාරන කල්හි යම් බාලයෙක් සිත ප්‍රදුෂ්‍ය කෙරේ ද, ඔහුගේ ජීවිතය සිස් වූයේ මැ යි.
Pali BJT26. එතඤ්චා’හං අරහාමි දුක්ඛඤ්ච ඉතො ච පාපියතරං භන්තෙ, යො අප්පමෙය්යෙසු තථාගතෙසු චිත්තං පදොසෙමි අවීතරාගො”ති.
Sinhala BJT26. වහන්ස, අවීතරාග වූ යම්බඳු මම අප්‍රමේය ගුණ ඇති තථාගතයන් කෙරෙහි සිත ප්‍රදුෂ්‍ය කෙරෙම් ද, ඒ මම තෙල ව්‍යසනයට ද මෙයිනුදු ලාමකතර දුකට ද සුදුසු වෙමි යි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT27. “අප්පමෙය්යං පමිණන්තො කො’ධ විද්වා විකප්පයෙ, අප්පමෙය්යං පමායන්තං නිවුතං මඤ්ඤෙ අකිස්සව”න්ති.
Sinhala BJT27. මෙ ලොවැ අප්‍රමේය ගුණඇති ක්‍ෂිණාස්‍රවයකු (මෙතෙක් ශීල යැ සමාධි යැ යනාදීන්) ප්‍රමාණ කරන කවර ප්‍රාඥයෙක් විකල්පනය කරන්නේ ද (රහතෙක් මැ රහතකු ප්‍රමාණයෙන් විකල්පන කරන්නේ යැයි සේ යි). අප්‍රමේය ක්‍ෂිණාස්‍රවයකු ප්‍රමාණ කරන්නහු නුවණ නැති අවකුජ්ජප්‍රාඥයකු කොට සිතම්.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT28. “පුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
Sinhala BJT28. දුර්‍භාෂිත කියන බාල තෙමේ අවියක් වැනි යම් පරුෂවචනයෙකින් (කුසලමූලය සිඳීමෙන්) තමා සිඳපියා ද, උපන් පුරුෂයාගේ මුවෙහි එබඳු රළුබස් නමැති කුඨාරීය උපදනේ මැ ය.
Pali BJT29. “න හි සත්ථං සුනිසිතං විසං හලාහලං ඉව, එවං විරුද්ධං පාතෙති වාචා දුබ්භාසිතා යථා”ති.
Sinhala BJT29. යම්පරිදි ආර්‍ය්‍යෝපවාද වශයෙන් කියන ලද දුර්‍භාෂිත වචනය අපරාධ කළ පාපී පුද්ගලයා මෙසේ නිරයෙහි හෙළා ද එබඳු හලාහල විෂයයක් සෙයින් සුනිශිත (මොනවට මුවහත් කරන ලද) ශස්ත්‍රයෙක් නැත් මැ යි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT30. “යො නින්දියං පසංසති තං වා නින්දති යෙ පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
Sinhala BJT30. යමෙක් නිගාකළයුත්තහු පසසසා ද, පැසැසියයුතු යමෙක් වේ නම් ඔහුට හෝ නිගාකෙරේ ද, හේ මුවින් අපරාධය (අකුසල්) රැස්කෙරෙයි, ඒ අපරාධය හේතු කොට ගෙන සුව නොලබා.
Pali BJT31. අප්පමත්තො අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො. සබ්බස්සා’පි සහා’පි අත්තනා අයමෙව මහන්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.
Sinhala BJT31. දූකෙළියෙහි ලා යම් ධනපරාජයක් ඇද්ද, මේ අපරාධය (පරාජය) අල්පමාත්‍ර යැ යමෙක් බුද්ධාදි සුගතයන් කෙරෙහි සිත ප්‍රදුෂ්‍ය කෙරේ ද, තමා ද සමග සර්‍වස්වය (තමාගේ සියලු ධනය) ද නසන මේ මැ අපරාධය මහත්තර (අතිශයින් මහත්) වේ.
Pali BJT32. සතං සහස්සානං නිරබ්බුදානං, ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී නිරයං උපෙති, වාචං මනඤ්ච පණිධාය පාපක”න්ති.
Sinhala BJT32. ආර්‍ය්‍යයනට ගරහනුයේ පාපක වූ වචනය ද සිත ද පිහිටුවා යම් (පදුම නම්) නිරයකට පැමිණේ ද, (එහි ආයුෂ්ප්‍රමාණය) නිරර්බුදගණනින් සිය දහසක් හා සතිසක් ද අර්බුද පසක් ද වේ.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT33. “යො ලොභගූණෙ අනුයුත්තො සො වචසා පරිභාසති අඤ්ඤෙ අස්සද්ධො අකදරියො{1} අවදඤ්ඤූ මච්ඡරී පෙසුනියං අනුයුත්තො
Sinhala BJT33. යමෙක් ලෝභගුණ (තෘෂ්ණා) යෙහි පුනපුනා යෙදුණේ ද, හේ සැදැහැ නැතියේ තදමසුරු වූයේ බුද්ධාදීන්ගේ පවා බස් නොදන්නේ පංච මාත්සර්‍ය්‍යයෙන් යුක්ත වූයේ පෙහෙසුන් බිණීමෙහි යෙදුණේ වචනයෙන් අන්‍යයනට පරිභව කෙරෙයි.
Pali BJT34 මුඛදුග්ග, විභූත, අනරිය භූනහු පාපක දුක්කතකාරී පුරිසන්තකලි අවජාතකපුත්ත මා බහුභාණීධ නෙරයිකො’සි.
Sinhala BJT34. මුඛවිෂමය, (විෂම බස් ඇතිය) මුසවා ඇතිය, අනාර්‍ය්‍යය, වෘද්ධිනාශකය, ලාමකය, පාපකාරීය, පුරුෂාධමය, කාලකන්නිය, (භාග්‍යවතුන් වහන්සේගේ) අවජාත පුත්‍රය, මෙහි (මේ අත්බැවෙහි දී) නහමක් බොහෝ කොට බණනු වෙහි නිරිසත් වෙහි.
Pali BJT35. රජමාකිරසෙ අහිතාය සන්තෙ ගරහසි කිබ්බිසකාරි බහූනි දුච්චරිතානි චරිත්වා ගච්ඡසි පපතං චිරරත්ත”න්ති.
Sinhala BJT35. පාපකාරිය, (තෝ) සන්හුන් කෙලෙස් ඇති රහත්නට නිගා කෙරෙහි, තමහට අවැඩ පිණිස තමා කෙරෙහි කෙලෙස්රජස් වගුරුවා බොහෝ දුශ්චරිත කොට බොහෝ කල් පැසියැයුතු පදුමනිරයට යෙහි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT3. 4. 2.
Sinhala BJT3. 4. 2.
Pali BJT(2) තත්ථ කතමං වාසනාභාගියං සුත්තං.
Sinhala BJT(2) ඒ සොළොස් සූත්‍රයන් කෙරෙහි වාසනාභාගිය සූත්‍ර කවරෙ යැ :
Pali BJT1. “මනො පුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා, මනසා චෙ පසන්නෙන භාසති වා කරොති වා; තතො නං සුඛමන්වෙති ඡායා’ව අනපායිනී”ති.
Sinhala BJT1. වේදනාදි ස්කන්‍ධත්‍රය සංඛ්‍යාත ධර්‍මයෝ චාතුර්භූමක චිත්තය පෙරදැරි කොට ඇත්තාහු යැ, සිත අධිපති කොට ඇත්තාහු යැ, සිතින් මැ නිපන්නාහු යැ, ඉදින් අනභිධ්‍යාදීන් ප්‍රසන්න වූ සිතින් යුක්තව කියා නම් හෝ කෙරේ නම් හෝ ඒ හේතුයෙන් තමා නොහැර යන සෙවණැල්ලක් සෙයින් කායික චෛතසික විපාකසුඛය ඒ පුද්ගලයා කැටිව යේ යයි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJTමහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉදං භන්තෙ කපිලවත්ථු ඉද්ධං චෙව ඵීතං ච බහුජනං{2} ආකිණ්ණමනුස්සං සම්බාධබ්යුහං. සො ඛො අහං භන්තෙ භගවන්තං පයිරුපාසිත්වා මනොභාවනීයෙ වා භික්ඛූ සායණ්හසමයං කපිලවත්ථුං පවිසන්තො භන්තෙන’පි හත්ථිනා සමාගච්ඡාමි, භන්තෙන’පි අස්සෙන සමාගච්ඡාමි, භන්තෙන’පි රථෙන සමාගච්ඡාමි, භන්තෙන’පි සකටෙන සමාගච්ඡාමි, භන්තෙන’පි පුරිසෙන සමාගච්ඡාමි. තස්ස මය්හං භන්තෙ තස්මිං සමයෙ මුස්සතෙ’ව භගවන්තං ආරබ්භ සති, මුස්සති ධම්මං ආරබ්භ සති, මුස්සති සඞ්ඝං ආරබ්භ සති. තස්ස මය්හං භන්තෙ එවං හොති: “ඉමම්හි චා’හං සමයෙ කාලං කරෙය්යං කා මමස්ස ගති,{3} කො අභිසම්පරායො’ති.
Sinhala BJTමහානාම ශාක්‍යරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ : “වහන්සැ, මේ කිඹුල්වත්පුරය වස්ත්‍රාභරණාදීන් සමෘද්ධ යැ, ආහාරපාන ධනධාන්‍යාදීන් විපුල යැ, බොහෝ ජනයා ඇත, මිනිසුන්ගෙන් නිරතුරු ද වෙයි, සම්බාධ වූ වීථි ඇත්තේ යි. වහන්සැ, මම භාග්‍යවතුන් වහන්සේ හෝ මනවඩන භික්‍ෂූන් වහන්සේ හෝ ඇසිරි කොට සවස්වේලෙහි කිඹුල්වතට පිවිසෙනුයෙම් නො දැමුණු ඇතෙකු හමුවට ද යෙමි, නො දැමුණු අසෙකු ද හමුවට යෙමි, නො දැමුණු රියකුදු හමුවට යෙමි,නො දැමුණු ගැලකුදු හමුවට යෙමි, නො දැමුණු පුරුෂයකුදු හමුවට යෙමි. වහන්සැ, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අරභයා මාගේ සතිය නැසේ මැ යැ, දහම් ඇරැබැ සිහි නැති වෙයි, සඟුන් ඇරැබ සිහි නැති වේ. වහන්සැ, මට මෙසේ සිතෙයි : මෙ සමයෙහි මම කලුරිය කෙරෙම් නම් මාගේ උපත කෙසේ වන්නේ ද, අභිසම්පරාය (පරලොව) කවරේ දැ” යි.
Pali BJTමා භායි මහානාම මා භායි මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති, අපාපිකා තෙ කාලකිරියා. චතුහි ඛො මහානාම ධම්මෙහි සමන්නාගතො අරියසාවකො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කතමෙහි චතුහි: ඉධ මහානාම අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පාසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි සෙය්යථාපි මහානාම රුක්ඛො පාචීනනින්නො පාචීනපොණො පාචීනපබ්භාරො, සො මූලෙහි ඡින්නො කතමෙන පපතෙය්යාති: යෙන භන්තෙ, නින්නො යෙන පොණො යෙන පබ්භාරො’ති. එවමෙව ඛො මහානාම ඉමෙහි චතුහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. මා භායි මහානාම මා භායි මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති අපාපිකා තෙ කාලකිරියා”ති.
Sinhala BJT“මහානාම, නහමක් බියපත්ව, මහානාම, නහමක් බියපත් වෙව, තොපගේ මරණය අලාමක වන්නේය, තොපගේ කාලක්‍රියාව නොලමු වන්නීය. මහානාමය, කරුණු සතරෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක නිවනට නැමුණේ නිර්‍වාණප්‍රවණ වූයේ නිවනට නතුවූයේ යැ, කවර සතරෙකින යත් : මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි : ‘ඒ භාග්‍යවත් බුදුහු මෙ කරුණෙනුදු අරහත් වූහ ... දෙව්මිනිසුනට ශාස්තෘයහ, භගවත් වූහ’ යි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. යම් පරිදි මහානාමය ප්‍රාචීනනිම්න වූ ප්‍රාචීනප්‍රවණ වූ ප්‍රාචීනප්‍රාග්හාර වූ රුකෙක් වේ ද, එ රුක මුලින් සිඳුනාලදුයේ කවර දෙසෙකින් බිමැ හෙන්නේ ද? යම් දෙසෙකැ නැමුණේ යම් දෙසෙකැ ඇලවූයේ යම් දෙසෙකැ බරවූයේ නම් එදෙසෙහි යැ. එපරිදි මැ මහානාමය මේ සතර දහමින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක නිර්‍වාණනිම්න නිර්‍වාණප්‍රවණ නිර්‍වාණප්‍රාග්හාර වේ. නහමක් බියපත් වවු මහානාමයෙනි, නහමක් බියපත් වවු මහානාමයෙනි, තොපගේ මරණය අලාමක වන්නේයැ, තොපගේ කාලක්‍රියාව අලාමක වන්නීයැ” යි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTතෘෂ්ණා දෘෂ්ටි දුශ්චරිත වශයෙන් ත්‍රිවිධ සංක්ලේශයන්ගේ ස්වභාවභේදයෙන් ද අවස්ථාභේදයෙන් ද අනේකප්‍රභේද ඇති බව දක්වන්නට නොයෙක් සූත්‍රපදයන්ගෙන් නිදසුන් ඇරැදක්වන ලද සංකිලෙසභාගිය සූත්‍ර යි.
Pali BJT2. සුඛකාමානි භූතානි යො දණ්ඩෙන න හිංසති. අත්තනො සුඛමෙසානො පෙච්ච සො ලභතෙ සුඛ”න්ති
Sinhala BJT2. සුව කැමැති සත්නට යමෙක් දඬින් හිංසා නො කෙරේ ද, තමහට සුව රිසියෙන හේ පරලොව ගොස් සුව ලබා යයි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT3. “ගුන්නං චෙ තරමානානං උජු ගච්ඡති පුඞ්ගවො සබ්බා ගාවී උජුං යන්ති නෙත්තෙ උජුගතෙ සති
Sinhala BJT3. මහවතුරු තරණය කරන ගවයන් කෙරෙහි ඉදින් යූථපති පුංගව ඍජුව යේ නම් පරිණායකයා ඍජුව ගිය කල්හි සියලු ගාවීහු ඍජුව යෙත්.
Pali BJT4. එවමෙව මනුස්සෙසු යො හොතී සෙට්ඨසම්මතො, සො චෙව ධම්මං චරති පගෙව ඉතරා පජා, සබ්බං රට්ඨං සුඛං සෙති රාජා චෙ හොති ධම්මිකො”ති.
Sinhala BJT4. එසෙයින් මැ මිනිසුන් කෙරෙහි අධිපති කොට සම්මත වූ යමෙක් වේ ද, ඉදින් මේ දහම්හි හැසිරේ නම්, ඉතිරි ප්‍රජාව කැල මැ ය. (කියනු කිමැ.) ඉදින් රජ දැහැමි වේ නම් සියලු රටවැසියා සුවසේ වෙසේ යයි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT“භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති: නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති. තෙන ඛො පන සමයෙන ඉසිදත්තපුරාණා ථපතයො{1} සාකෙතෙ{2} පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො ඉසිදත්තපුරාණා ථපතයො සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී’ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක. එසමයෙහි බොහෝ වහන්දෑ ‘සිවුරු කොට නිමැවූ බුදුහු තුන්මසක් ඇවෑමෙන් චාරිකාවට පිවිසෙන සේකැ’ යි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙති. තවද එසමයෙහි ඉසිදත්ත යැ පුරාණ යැ යන ථපතීහු (වඩුදෙටුවෝ දෙදෙන) කිසි යම් කටයුත්තෙකින් සාකේතයෙහි වෙසෙති. ඉසිදත්ත පුරාණ ථපතීහු ‘සිවුරු කොට නිමවාලූ බුදුහු තුන්මසක් ඇවෑමෙන් චාරිකාවට පිවිසෙන්නාහ’ යි බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙත්ල’ යි ඇසූහ.
Pali BJTඅථ ඛො ඉසිදත්තපුරාණා ථපතයො මග්ගෙ පුරිසං ඨපෙසුං: යදා ත්වා අම්භො පුරිස පස්සෙය්යාසි භගවන්තං ආගච්ඡන්තං අරහන්තං සම්මාසම්බුද්ධං. අථ අම්හාකං ආරොචෙය්යාසී’ති ද්වීහතීහං ඨිතො ඛො සො පුරිසො අද්දසා භගවන්තං දූරතො’ව ආගච්ඡන්තං, දිස්වාන යෙන ඉසිදත්තපුරාණා ථපතයො තෙනුපසඞ්කමි, උපසංකමිත්වා ඉසිදත්ත පුරාණෙ ථපතයො එතදවොච: අයං සො භන්තෙ භගවා ආගච්ඡති අරහං සම්මාසම්බුද්ධො, යස්සදානි කාලං මඤ්ඤථාති.
Sinhala BJTඉක්බිති ඉසිදත්ත පුරාණ ථපතීහු මඟ පුරුෂයකු රැඳවූහ : ‘එම්බා පුරුෂය, තෙපි යම් කලෙක භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වඩනාසේක් දක්නවු නම්, එකල අපට දන්වාලව’ යි. දෙතුන් දවසක් සිටි ඒ පුරුෂ දුරදී මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක ඉසිදත්ත පුරාණ ථපතීන් කරා එළැඹ ඔවුනට තෙල කී : ‘හිමියෙනි, මේ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වඩනාසේක, දැන් බුදුන් දක්නට කල් දන්නවු’ යැයි.
Pali BJTඅථඛො ඉසිදත්තපුරාණා ඵපතයො යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධිංසු, අථඛො භගවා මග්ගා ඔක්කම්ම යෙනඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසංකමි, උපසංකමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ඉසිදත්තපුරාණා’පි ඛො ථපතයො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො ඉසිදත්තපුරාණා ථපතයො භගවන්තං එතදවොචුං.
Sinhala BJTඉක්බිති ඉසිදත්ත පුරාණ ථපතීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් අනුගමන් කළහ. එසඳ බුදුහු මඟින් ඉවත්වැ එක්තරා රුක්මුලකට එළැඹ පැනැවූ අසුන්හි වැඩහුන්සේක. ඉසිදත්ත පුරාණ ථපතීහු ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්වැ හුන්හ. එකත්පස්වැ හුන් ඉසිදත්ත පුරාණ ථපතීහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ :
Pali BJTයදා මයං භන්තෙ භගවන්තං සුණොම සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සතී’ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං දූරෙ නො භගවා භවිස්සතීති, යදා පන මයං භන්තෙ භගවන්තං සුණොම සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කන්තොති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං දූරෙ නො භගවා’ති.
Sinhala BJTවහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්මැ කොසොල් දනව්වෙහි චාරිකාවට පිවිසෙන්නාහ’ යි අසමෝ ද එසමයෙහි අපට ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වන්නාහ’ යි නොසතුටුබව වෙයි, දොම්නස වෙයි. යළි වහන්ස, යම් කලෙක ඇපි ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් නික්මැ කෝසලයෙහි චාරිකාවට පිවිසියාහ’ යි අසමෝ ද අපට එකල ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වූහ’ යි නොසතුට ද දොම්නස ද වේ.
Pali BJTයදා මයං භන්තෙ භගවන්තං සුණොම කාසිසු මගධෙසු චාරිකං පක්කමිස්සතී’ති හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං දූරෙ නො භගවා භවිස්සතී’ති. යදා පන මයං භන්තෙ භගවන්තං සුණොම කාසීසු මගධෙසු චාරිකං පක්කන්තොති, අනප්පකා නො තස්මිං සමයෙ අනත්තමනතා හොති අනප්පකාං දොමනස්සං දූරෙ නෙ භගවාති.
Sinhala BJTවහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ කසීරටින් නික්මැ මගධ ජනපදයෙහි චාරිකාවට වඩනාහ’ යි අසමෝ ද, එසමයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වන්නාහ’ යි අපගේ නොසතුට වෙයි, දොම්නස වෙයි. වහන්ස, යළි යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ ‘කසීරටින් නික්මැ මගධජනපදයෙහි චාරිකාවට වැඩියහ’ යි අසමෝ ද එසමයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ අපට දුරැ වූසේකැ’ යි අපගේ අනල්ප වූ නොසතුට වෙයි, අනල්ප වූ දොම්නස වේ.
Pali BJTයදා මයං භන්තෙ භගවන්තං සුණොම මගධෙසු කාසීසු චාරිකං පක්කමිස්සතී’ති හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං, ආසන්නෙ නො භගවා භවිස්සතීති. යදා පන මයං භන්තෙ භගවන්තං සුණොම මගධෙසු කාසිසු චාරිකං පක්කන්තොති, හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං ආසන්නෙ නො භගවා’ති.
Sinhala BJTවහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ මගධරටින් නික්මැ කසීරටැ චාරිකාවට වඩනාහ’ යි අසමෝ ද, එසමයෙහි ‘භාග්‍යවතුන් වහන්සේ අපට ආසන්නයෙහි වන්නාහ’ යි අපගේ තුටුසිතැතිබව වෙයි, සොම්නස වෙයි. යළි වහන්ස ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ මගධරටින් නික්මැ කසීරටැ චාරිකාවට පිවිසියාහ’ යි අසමෝ ද, එකල ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ආසන්නයෙහි වූහ’ යි අපගේ සතුට වෙයි, සොම්නස වේ.
Pali BJTයදා මයං භන්තෙ භගවන්තං සුණොම කොසලෙසු සාවත්ථියං චාරිකං පක්කමිස්සතී’ති හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං ආසන්නෙ නො භගවා භවිස්සතී’ති. යදා පන මයං භන්තෙ භගවන්තං සුණොම සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙති, අනප්පකා නො තස්මිං සමයෙ අත්තමනතා හොති අනප්පකං සොමනස්සං ආසනෙන නො භගවා’ති.
Sinhala BJTවහන්ස, යම් කලෙක ඇපි ‘භාග්‍යවතුන් වහන්සේ කොසොල්රටැ සැවැත්නුවර චාරිකාවට පිවිසෙන්නාහ’ යි අසමෝ ද, එකල ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ආසන්නයෙහි වන්නාහ’ යි අපට අත්තමනතා වෙයි, සොම්නස වෙයි, යළි වහන්ස, ඇපි යම් කලෙක ‘භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසනාසේකැ’ යි අසමෝද එසඳ ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ ආසන්නයෙහි වැඩවසනසේකැ’ යි අපට අනල්ප වූ සතුටු සිත්ඇතිබව වෙයි, අනල්ප වූ සොම්නස වේ යයි සැලකළෝ.
Pali BJTතස්මාතිහ ථපතයො, සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා, අලං ච පන වො ථපතයො අප්පමාදායා’ති, අත්ථි ඛො නො භන්තෙ එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසංඛාතතරො චා’ති, කතමො පන වො ථපතයො එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසංඛාතතරොචාති.
Sinhala BJTඑසේ හෙයින් ථපතියෙනි, මෙහිලා (තෙල කරුණ දතයුතු යැ :) ගෘහවාසය සම්බාධ යැ, කෙලෙස්රජස් උපදනා තැනි, පැවිද්ද අභ්‍යවකාශයෙකි. තොප විසින් අප්‍රමාදය වඩන්නට සුදුසු මැයි. වහන්ස, අපට තෙල ඝරාවාසසම්බාධයට වඩා සම්බාධතර වූ ද අතිශයින් සම්බාධ සංඛ්‍යාත වූ ද අන්‍ය සම්බාධයෙක් ඇතැ’ යි. ථපතියෙනි, තොපගේ තෙල සම්බාධයට වඩා සම්බාධතර වූ ද සම්බාධසඞ්ඛ්‍යාතතර වූ ද අන්‍ය සම්බාධය කවරේ දැ ? යි.
Pali BJTඉධ මයං භන්තෙ යදා රාජා පසෙනදිකොසලො උය්යානභූමිං ගන්තුකාමො{1} හොති යෙ තෙ රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස නාගා ඔපවය්හා, තෙ කප්පෙත්වා යා තා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පජාපතියො පියා මනාපා තා{2} එකං පුරතො එකං පච්ඡතො නිසීදාපෙම. තාසං ඛො පන භන්තෙ භගිනීනං එවරූපො ගන්ධො හොති, සෙය්යථාපි නාම ගන්ධකරණ්ඩකස්ස තාවදෙව චිවරියමානස්ස යථා තං රාජාරහෙන ගන්ධෙන විභූසිතානං. තාසං ඛො පන භන්තෙ භගිනීනං එවරූපො කායසම්ඵස්සො හොති. සෙය්යථාපි නාම තූලපිචුනො වා කප්පාසපිචුනො වා යථා තං රාජකඤ්ඤානං සුඛෙධිතානං, තස්මිං ඛො පන භන්තෙ සමයෙ නාගො’පි රක්ඛිතබ්බො හොති, තා’පි භගිනියො රක්ඛිතබ්බා හොන්ති. අත්තාපි රක්ඛිතබ්බො හොති. න ඛො පන මයං භන්තෙ අභිජානාම තාසු භගිනීසු පාපකං චිත්තං උප්පාදෙන්තා. අයං ඛො නො භන්තෙ එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො වෙව සම්බාධසඞ්ඛාතතරො චා’ති.
Sinhala BJTවහන්ස, මෙහි ඇපි යම් කලෙක පසේනදි කොසොල්රජ උයන්බිමට යනු කැමැති වේ ද, පසේනදි කොසොල්රජුගේ රාජවාහනයෝග්‍ය වූ යම් හස්තීහු වෙත් ද, ඔවුන් කල්පනය කොට (සරසා) පසේනදි කොසොල්රජුගේ ප්‍රිය මනාප වූ යම් දේවීහු වෙත් ද, ඔවුන් එකක පෙරටුයෙහි එකක පිටුපස හිඳුවම්හ, තවද වහන්ස, ඒ බුහුණන්ගේ එකෙණෙහි විවර කරනුලබන සුවඳකරඬුවක මෙන් ගන්‍ධය වෙයි, රාජාර්‍හ වූ ගන්‍ධයෙන් විභූෂිත වූවන්ගේ මෙනි. යළි වහන්ස, ඒ භගිනීන්ගේ ඉඹුල්පුළුනට හෝ කපුපුළුනට බඳුවූ කයපහස වෙයි, සුවසේ වැඩුණු රජදුන්ගේ මෙනි. තවද ස්වාමීනි, එසමයෙහි ඇතු ද රැක්කයුතු වෙයි, ඒ භගිනීහු ද රැක්කයුතු වෙති, තෙමේ ද රැක්කයුතු වේ. යළි වහන්ස, ඇපි ඒ බූණන් කෙරෙහි පවිටු සිතක් උපදවන්නමෝ නොදනුම්හ, වහන්ස, මේ වූ කලි අපට තෙල සම්බාධයට වඩා සම්බාධතර වූ ද සම්බාධසඞ්ඛ්‍යාතතර වූ ද අන්‍ය සම්බාධය වේ’ යයි.
Pali BJTතස්මාතිහ ථපතයො සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා, අලං ච පන වො ථපතයො අප්පමාදාය. චතුහි ඛො ථපතයො ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති. අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, කතමෙහි චතුහි: ඉධ ථපතයො සුතවා අරියසාවකො බුද්ධො අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති. ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙව මනුස්සානං බුද්ධො භගවා’ති, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- චීගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො අප්පටිවිභත්තං සීලවන්තෙහි කල්යාණධම්මෙහි, ඉමෙහි ඛො ථපතයො චතුහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. තුම්හෙ ඛො ථපතයො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා: ඉති’පි සො භගවා -පෙ- සත්ථා දෙව මනුස්සානං බුද්ධො භගවා’ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- යං ඛො පන කිඤ්චි කුලෙ දෙය්යධම්මං, සබ්බං තං අප්පටිවිභත්තං සීලවන්තෙහි කල්යාණධම්මෙහි, තං කිම්මඤ්ඤථ ථපතයො කති විය තෙ කොසලෙසු මනුස්සා යෙ තුම්හාකං සමසමා යදිදං දානසංවිභාගෙගී’ති? ලාභා නො භන්තෙ සුලද්ධං නො භන්තෙ, යෙසං නො භගවා එවං ජානාතී”ති.
Sinhala BJTථපතියෙනි, (යම් හෙයෙකින් තෙල සම්බාධ ඇද්ද) එහෙයින් මෙහි ලා ගෘහවාසය සම්බාධ යැ රජස්පථ (කෙලෙස්රජස් උපදනා තැන්) යැ, ප්‍රව්‍රජ්‍යාව අභ්‍යවකාශ යැ, තොප විසින් අප්‍රමාදය මැ කරනු සඳහා සුදුසු වෙයි. (පැවිදි වුව තොපට ඒ සම්බාධය නැති සේයි.) ථපතියෙනි සතර ධර්‍මයෙකින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක මාර්‍ගශ්‍රෝතසට පැමිණියේ අවිනිපාතධර්‍ම (පෘතග්ජනභාව සංඛ්‍යාත විරූපයෙහි නො හෙන පියවි) ඇතියේ ධර්‍මනියාමයෙන් නියත වූයේ උපරිමාර්‍ග සංඛ්‍යාත සම්බෝධිය පරායණ කොට ඇතියේ වෙයි. කවර සතරෙකින යත් : ථපතියෙනි, මෙ සස්නෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි : ඒ භගවත් බුදුහු මෙ කරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෘ වූහ, භාග්‍යවත්හ’ යි. ධර්‍මයෙහි ... සංඝයා කෙරෙහි ... පහවගිය මසුරුමල ඇති සිතින් යුතු වැ මුක්තත්‍යාග වැ (දන් දෙනුවට) දෙවිඅත් ඇති වැ ත්‍යාගයෙහි ඇලුණේ ඉල්ලීමට නිසි වැ දාන සංවිභාගයෙහි ඇලුණේ ගෘහවාස කෙරෙයි. කලණදම් ඇති සිල්වතුන් හා දෙය ධර්‍මය මෙතෙක් දියයුතු යැ යි නොබෙදන ලද යැ. ථපතියෙනි, මෙ සතර දහමින් සමන්‍වාගත වූ ආර්‍ය්‍යශ්‍රාවක මාර්‍ගශ්‍රෝතසට පැමිණියේ අවිනිපාතධර්‍ම ඇතියේ ධර්‍මනියාමයෙන් නියත වූයේ සම්බෝධිය පරායණ කොට ඇතියේ වෙයි. ථපතියෙනි, තෙපි බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වූවහු යැ : ඒ භාගවත් බුදුහු මෙකරුණෙනුදු ... දෙවි මිනිසුනට ශාස්තෘ වූහ. භාග්‍යවත්හ’ යි. ධර්‍මයෙහි ... සංඝයා කෙරෙහි ... තවද කුලයෙහි යම්කිසි දේයධර්‍මයෙක් ඇද්ද එ හැම කලණදහම් ඇති සිල්වතුන් හා මෙතෙක් දියයුතු යැයි) නො බෙදන ලද වෙයි. ථපතියෙනි, එ කුමැයි හඟිවු ද, යම් කෙනෙක් දානසංවිභාගයෙන් තොප හා සමසම වෙත් ද, කොසොල්රට එබඳු මිනිස්සු කෙතෙක් වෙත් දැ’යි. භාග්‍යවතුන් වහන්සේ යම් අප පිළිබඳ කොට මෙසේ දන්නාසේක් ද, එය වහන්ස අපට ලාභයෙක, අපට සුලබ්ධයෙකැ’යි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT5. “එකපුප්ඵං චජිත්වාන සහස්සං කප්පකොටියො,{4} දෙවෙ චෙව මනුස්සෙ ච සෙසෙන පරිනිබ්බුතො”
Sinhala BJT5. එක (සමන්) මලක් පුදා අත්බැව් දහසක් දෙව්ලොව ද මිනිස්ලොව ද සැරිසරා ශේෂකුශලයෙන් කෙලෙස්පිරිනිවනින් පිරිනිවීයෙමි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT6. “අස්සත්ථෙ හරිතො’භාසෙ සංවිරූළ්හම්හි පාදපෙ, එකං බුද්ධගතං සඤ්ඤං අලභිස්සං{5} පතිස්සතො.
Sinhala BJT6. මොනොවට වැඩුණු නිල්වන් වූ ඇසතු රුක්මුල හුන් මම සිහිඇතිව එක මැ බුද්ධගත (බුද්ධානුස්මෘති) සංඥාව ලැබීමි.
Pali BJT7. අජ්ජ තිංසං තතො කප්පා නාභිජානාමි දුග්ගතිං, තිස්සො විජ්ජා සච්ඡිකතා තස්සා සඤ්ඤාය වාහසා”ති{*}
Sinhala BJT7. ඒ කපින් දැන් තිස්වැනි කල්පය වෙයි, (මේ අතරැ) දුගතිය නොදනිමි, ඒ බුද්ධගත සංඥාවාසනායෙන් ත්‍රිවිද්‍යා පසක් කරනලදහු යි.
Pali BJTඉදං වාසනාගාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT8. “පිණ්ඩාය කොසලං පුරං පාවිසි අග්ගපුග්ගලො, අනුකම්පකො පුරෙභත්තං තණ්හානිග්ඝාතකො මුනි.
Sinhala BJT8. අග්‍රපුද්ගල වූ (සත්නට) අනුකම්පා කරන තෘෂ්ණාව සමුච්ඡේද කළ බුද්ධමුනිහු පෙරබත්හි පිඬුසිඟා කොසොල්පුරයට පිවිසිසේක.
Pali BJT9. පුරිසස්ස වටංසකො හත්ථෙ සබ්බපුප්ඵෙහි{1} ලංකතො, සො අද්දසාසි සම්බුද්ධං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJT9. පුරුෂයක්හුගේ අතෙහි නොයෙක් මලින් සරසනලද මල්කඩෙක් විය. හේ භික්‍ෂුසඞ්ඝයා විසින් පෙරටුකරනලද සම්බුදුන් දිටි.
Pali BJT10. පවිසන්තං රාජමග්ගෙන දෙවමානුසපූජිතං, හට්ඨො චිත්තං පසාදෙත්වා සම්බුද්ධමුපසඞ්කමි.
Sinhala BJT10. හටුවූ හේ සිත පහදවා දෙවිමිනිසුන් විසින් පුදනලද, මහමඟින් වඩනා සම්බුදුන් කරා එළැඹියේ යැ.
Pali BJT11. සො තං වටංසකං සුරභිං වණ්ණවන්තං මනොරමං, සම්බුද්ධස්සු’පනාමෙසි පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT11. හේ සුවඳැති පැහැපත්වූ ඒ මනරම් මල්කඩ පහන්වූයේ සියතින් සම්බුදුන්ට පිදී.
Pali BJT12. තතො අග්ගිසිඛාවණ්ණා බුද්ධස්ස ලපනන්තරා, සහස්සරංසි විජ්ජුරිව ඔක්කා නික්ඛමි ආනනා.
Sinhala BJT12. ඉක්බිති බුදුරදුන්ගේ ගිනිසිළුපැහැ ඇති තොල්සඟල අතුරින් වූ මුවින් දහස්රස් ඇති විදුලියක් සෙයින් ප්‍රභාව නික්මිණි.
Pali BJT13. පදක්ඛිණං කරිත්වාන සීසෙ ආදිච්චබන්ධුනො, තික්ඛත්තුං පරිවත්තෙත්වා මුද්ධනන්තරධායථ.
Sinhala BJT13. ඒ ප්‍රභාව ආදිත්‍යබන්‍ධුහුගේ ශීර්‍ෂය පැදකුණු කොට තුන්වරක් පරිවර්තිත වැ මුදුන සමීපයෙහි අතුරුදහන් වී.
Pali BJT14. ඉදං දිස්වාන අච්ඡිරියං අබ්භුතං ලොමහංසනං, එකංසං චීවරං කත්වා ආනන්දො එතදබ්රවි.
Sinhala BJT14. ලොමුදහන අද්භූත වූ මේ ආශ්චර්‍ය්‍යය දැක අනඳතෙරණුවෝ සිවුර එකස් කොට (වැඳ) තෙල සැලකළෝ :
Pali BJT15. කො හෙතු සිතකම්මාය බ්යාකරොහි මහාමුනෙ, ධම්මාලොකො භවිස්සති කඞ්ඛා විතර නො මුනෙ.
Sinhala BJT15. මහාමුනි වූ තථාගතයන් වහන්ස, සිනා පහළකිරීමට කාරණ කවරැ, වදාළ මැනැවැ, දහම්එලි වන්නේ යැ, මුනීන්‍ද්‍රයන් වහන්ස අපගේ සැක දුරුකළ මැනැවි.
Pali BJT16. යස්ස තං සබ්බධම්මෙසු සදා ඤාණං පවත්තති, කඞ්ඛා වෙමතිකං ථෙරං ආනන්දං එතදබ්රවි.
Sinhala BJT16. ආකංඛා පටිබද්ධ හෙයින් සියලු ධර්‍මවිෂයෙහි හැම කල්හි යම් කෙනකුන්ගේ ඥානය පවතී ද, ඒ බුදුහු සැකයෙන් උපන් විමති ඇති අනඳ තෙරණුවනට තෙල වදාළසේක :
Pali BJT17. යො සො ආනන්ද පුරිසො මයි චිත්තං පසාදයි, චතුරාසීති කප්පානි දුග්ගතිං න ගමිස්සති.
Sinhala BJT17. ආනන්‍දය, යම් ඒ පුරුෂයෙක් මා කෙරෙහි සිත පැහැදවී ද, හේ සුවාසූ කපක් දුගතියට නොයන්නේ යැ.
Pali BJT18. දෙවෙසු දෙවසොභග්ගං දිබ්බං රජ්ජං පසාසිය, මනුජෙසු මනුජින්දො රාජා රට්ඨෙ භවිස්සති.
Sinhala BJT18. දෙව්ලොවැ දිව්‍යසම්පත්තීන් අග්‍ර වූ දිව්‍යරාජ්‍යය කොට මිනිස්ලොවැ සියලු රටෙහි මනුජේන්‍ද්‍ර වූ රජ වන්නේ යැ.
Pali BJT19. සො චරිමං පබ්බජිත්වාන සච්ඡිකත්වාන ධම්මතං. පච්චෙකබුද්ධො ධුතරාගො වටංසකො නාම භවිස්සති.
Sinhala BJT19. හේ චරිමජාතියෙහි පැවිදිවැ ධර්‍මස්වභාව (සිවුසස් දහම්) පසක් කොට නැසූ රාග ඇති වටංසක නම් පසේබුදු වන්නේ යැ.
Pali BJT20. නත්ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්ඛිණා, තථාගතෙ වා සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ.
Sinhala BJT20. තථාගත සම්බුද්ධයන් කෙරෙහි හෝ යළි ඒ තථාගතයන්ගේ ශ්‍රාවකයකු කෙරෙහි හෝ සිත පහන් කල්හි අල්ප වූ දක්‍ෂිණාවක් නම් නැති.
Pali BJT21 එවං අචින්තියා බුද්ධා බුද්ධධම්මා අචින්තියා. අචින්තියෙසු පසන්නානං විපාකො හොති අචින්තියො”
Sinhala BJT21. මෙසේ බුදුවරයෝ අචින්ත්‍යයහ, බුද්ධධර්‍මයෝ අචින්ත්‍යයහ, අචින්ත්‍ය වූ බුද්ධාදීන් කෙරෙහි පහන් වූවනට අචින්ත්‍ය වූ විපාක වේ.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT“ඉදා’හං{1} භික්ඛවෙ එකච්චං පුග්ගලං පසන්නචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: (යථා ඛො අයං පුග්ගලො ඉරීයති යඤ්ච පටිපදං පටිපන්නො යඤ්ච මග්ගං සමාරූළ්හො,) ඉමස්මිං චා’යං සමයෙ පුග්ගලො කාලං කරෙය්ය, යථා’භතං නික්ඛිත්තො එවං සග්ගෙ. තං කිස්ස හෙතු: චිත්තං භි’ස්ස භික්ඛවෙ පසන්නං{2} චිත්තප්පසාදහෙතු ඛො පන එවමිධෙකච්චො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යා’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT“මහණෙනි, මම මෙ ලොවැ පහන්සිත් ඇති ඇතැම් පුඟුලකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දැනගනිමි : (මේ පුද්ගල යම් පරිදි ඉරියවු පවත්වා ද, යම් පිළිවෙතකට පිළිපන්නේ ද, යම් මඟකට පිවිසියේ ද) මේ පුද්ගල මෙ සමයෙහි කලුරිය කරන්නේ නම්, (හිසින් හෝ කරින්) ගෙනඑනලද්දක් යම්සේ බහාතැබුයේ ද එපරිදි ස්වර්‍ගයෙහි උපදනේ යැ. ඊට හේතු කවරෙ යැ : මහණෙනි, ඔහුගේ සිත ප්‍රසන්න හෙයිනි. චිත්ත ප්‍රසාදහේතුයෙන් වැලිත් මෙසේ මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ” යි. බුදුහු තෙල කරුණ වදාළසේක, එහි ලා තෙල (ගාථා) කියනු ලැබේ :
Pali BJT22. “පසන්නචිත්තං ඤත්වාන එකච්චමිධ පුග්ගලං, එතමත්ථං වියාකාසි බුද්ධො{3} භික්ඛූන සන්තිකෙ.
Sinhala BJT22. මෙලොවැ ඇතැම් පුද්ගලයකු පහන්සිත් ඇතියහු දැන බුදුහු භික්‍ෂූන් හමුයෙහි තෙල කරුණ ප්‍රකාශ කළසේක :
Pali BJT23. ඉමම්හි චා’යං සමයෙ කාලං කයිරාථ{4} පුග්ගලො, සුගතිං උපපජ්ජෙය්ය චිත්තං හි’ස්ස පසාදිතං, චෙතොපසාදහෙතු හි සත්තා ගච්ඡන්ති සුග්ගතිං.
Sinhala BJT23-24. මේ පුද්ගල මෙසමයෙහි කලුරිය කරන්නේ නම්, (පිළිසඳ විසින්) සුගතියට පැමිණෙන්නේ යැ, ඔහුගේ සිත ප්‍රසාදිත හෙයිනි. එසේ මැය, චිත්තප්‍රසාදහේතුයෙන් සත්ත්‍වයෝ සුගතියට යෙති, ගෙනඑනලද්දක් යම්සේ බහාතබා ද එපරිදි මැ එබඳු වූ ඒ සප්‍රාඥ පුද්ගල කය බිඳීමෙන් ස්වර්‍ගයට පැමිණේ.
Pali BJT24. යථාභතං නික්ඛිපෙය්ය එවමෙවං{5} තථාවිධො, කායස්ස භෙදා සප්පඤ්ඤො සග්ගං සො උපපජ්ජති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුත”න්ති
Sinhala BJTභාග්‍යවතුන් විසින් මේ අර්‍ත්‍ථය ද වදාරනලදැ’ යි මා විසින් අසනලද යයි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT25. “සුවණ්ණඡදනං{6} නාවං නාරී ආරුය්හ තිට්ඨසි, ඔගාහසෙ{7} පොක්ඛරණිං පදුමං ඡින්දසි පාණිනා.
Sinhala BJT25. එම්බා ස්ත්‍රිය, තෝ රන්සෙවෙණි ඇති නැවට නැඟී සිටිව, පොකුණට බස්නාව, අතින් පියුම් නෙළනාව.
Pali BJT26. කෙන තෙ තාදිසො වණ්ණො අනුභාවො{8} ජුතී ච තෙ, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසි’ච්ඡිතා, පුච්ඡිතා දෙවතෙ සංස කිස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT26. තීගේ කවර පිනෙකින් එබඳු පැහැසටහන ද අනුභාව (තේජස) ද තීගේ බැබැළිම ද වේ නම් සිතින් කැමැතිවනලද යම් කිසි භෝගයෝ වෙත් නම් ඔහුදු උපදිත් දැ? යි අප විසින් පුළුවුස්නා ලද දෙව්දූනි, කියව, මේ කිනම් කර්‍මයෙක විපාකයෙක් දැ යි,
Pali BJT27. සා දෙවතා අත්තමනා දෙවරාජෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි සක්කස්ස ඉති මෙ සුතං.
Sinhala BJT27. දෙවිරජහු විසින් පුළුවුස්නාලද තුටුසිත් ඇති ඒ දෙව්දූ පැන පුළුවුස්නාලදු වැ සක්දෙවිඳුට මෙසේ පැවැසූ යයි මාවිසින් අසනලදී.
Pali BJT28. අද්ධානං පටිපන්නා’හං දිස්වා ථූපං මනොරමං, තත්ථ චිත්තං පසාදෙසිං කස්සපස්ස යසස්සිනො.
Sinhala BJT28. අදන්මඟට පිළිපන් මම යශස්වී වූ කසුප්බුදුන්ගේ මනරම් දාගබ දැක එහි සිත පැහැදවීමි.
Pali BJT29. පදුමපුප්ඵෙහි පූජෙසිං පසන්නා සෙහි පාණිහි, තස්සෙව කම්මස්ස ඵලං විපාකො එතාදිසං කතපුඤ්ඤා ලභන්ති”
Sinhala BJT29. පහන්වූ මම සියතින් නෙළුම්මල් පිදීමි, එ මැ කර්‍මයාගේ මේ ඵලවිපාක යි. කළ පින් ඇත්තාහු මෙබඳු සම්පත් ලබත්.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJTදානකථා සීලකථා සග්ගකථා පුඤ්ඤකථා පුඤ්ඤවිපාකකථා
Sinhala BJTදානකථා, සීලකථා, සග්ගකථා, පුඤ්ඤකථා, පුඤ්ඤවිපාකකථා වෙති.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT30. අපිචාපි පංසුථූපෙසු උද්දිස්ස කතෙසු දසබලධරානං. තත්ථපි කාරං කත්වා සග්ගෙසු නරා පමොදන්ති”
Sinhala BJT30. දශබලධර වූ බුදුවරයන් උදෙසා (සිරුරුදා පිහිටුවා) කළ මැටිමුවා ස්තූපයන්හිදු පවා සත්කාර කොට මනුෂ්‍යයෝ දෙව්ලොවැ සතුටු වෙත්.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT31 “දෙවපුත්තසරීරවණ්ණා සබ්බෙ සුභගසණ්ඨිතී, උදකෙන පංසුං තෙමෙත්වා ථූපං වඩ්ඪෙථ කස්සපං.
Sinhala BJT31. දිව්‍යපුත්‍රයකුගේ ශරීරයට බඳු වර්‍ණඇත්තීය ශෝභායෙන් යුත් සටහන් ඇත්තීය දියෙන් පස් තෙමා කසුප්බුදුන්ගේ සෑය වඩන්නේ යැ.
Pali BJT32 අයං සුගත්තෙ සුගතස්ස ථූපො මහෙසිනො දසබලධම්මධාරිනො, යස්මිං ඉමෙ දෙවමනුජා පසන්නා කාරං කරොන්තා ජරාමරණා පමුච්චරෙ”
Sinhala BJT32. ශෝභන ගාත්‍ර ඇත්තිය ප්‍රසන්න වූ මේ දිව්‍යමනුෂ්‍යයෝ යම් ස්තූපයෙක්හි සත්කාර කරන්නාහු ජරාමරණයෙන් මිදෙත් ද, මහර්ෂි වූ දශබලධර්‍මධාරී වූ සුගතයන් වහන්සේගේ මේ ඒ ස්තූපය යි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT33. “උළාරං වත තං ආසි යාහං ථූපං මහෙසිනො, උප්පලානි ච චත්තාරි මාලං ච අභිරොපයිං.
Sinhala BJT33. මම මහර්ෂීන්ගේ යම් සෑයකට උපුල්මල් සතරක් ද මල්දමක් ද නඟා පිදීම් ද, මා විසින් කළ ඒ කුශලය ඒකාන්තයෙන් උදාර විය.
Pali BJT34. අජ්ජ තිංසං තතො කප්පා නාභිජානාමි දුග්ගතිං, විනිපාතං න ගච්ඡාමි ථූපං පූජෙත්ව සත්ථුනො”
Sinhala BJT34. එතැන් සිට දැන් තිස්කපෙකි, ශාස්තෲන් වහන්සේගේ ධාතුචෛත්‍යය පුදා දුගතිය නොදනිමි, විනිපාතයට නොගියෙමි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT35. “බත්තිංසලක්ඛණධරස්ස විජිතවිජයස්ස ලොකනාථස්ස, සතසහස්සං කප්පෙ මුදිතො ථූපං අපූජෙසි.
Sinhala BJT35. දෙතිස් මහාපුරුෂලක්‍ෂණ දරන්නාවූ දිනනලද මාරසංග්‍රාම ඇති ලෝකනාථයන් වහන්සේගේ ස්තූපය පුදා මම ආයුෂ්කල්ප සියදහසක් සතුටු වූයෙමි.
Pali BJT36. යං මයා පසුතං පුඤ්ඤං තෙන ච පුඤ්ඤෙන දෙවසොභග්ගං, රජ්ජානි ච කාරිතානි අනාගන්තූන විනිපාතං.
Sinhala BJT36. මා විසින් යම් පිනක් රැස්කරනලද ද, ඒ පිනින් අපායොත්පත්තියට නො පැමිණ දෙවියන් කෙරෙහි සුභගභාවය ලද්මි, (මිනිස්ලොවැ) රාජ්‍යයෝ ද කරවනලද්දාහ.
Pali BJT37. යං චක්ඛුං අදන්තදමකස්ස සාසනෙ පණිහිතං තථා, චිත්තං තං මෙ සබ්බං ලද්ධං විමුත්ත චිත්තම්හි විධුතලතොති”
Sinhala BJT37. අදාන්තයන් දමනය කරන බුදුරදුන්ගේ ශාසනයෙහි යම් නුවණැසක් තබනලද ද, එසේමැ සිත පිහිටුවනලද ද ඒ හේතුයෙන් මා විසින් සියලු සම්පත් ලබනලද, සමුච්ඡේද කළ තෘෂ්ණාලතා ඇතියෙම් කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති විමි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යැ.
Pali BJT38. “සාමාකපත්ථොදනමත්තමෙව හි පච්චෙකබුද්ධස්මිං අදාසි දක්ඛිණං, විමුත්තචිත්තෙ අඛිලෙ අනාසවෙ අරණවිහාරිම්භි අසංගමානසෙ.
Sinhala BJT38. කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත්ඇති චේතෝඛීල රහිත හෙයින් අඛිල වූ අනාස්‍රව වූ කෙලෙස් රණ නැතියෙන් අරණවිහාරී වූ නොඇලුණු සිත්ඇති පසේබුදුන් කෙරෙහි බොඩහමු නැළියක බත් පමණ වූ මැ දක්‍ෂිණාව දිනිමි.
Pali BJT39. තස්මිඤ්ච ඔකප්පයි ධම්මමුත්තමං තස්මිඤ්ච ධම්මෙ පණිධෙසිං මානසං එවං විහාරීහි මෙ සංගමො සියා භවෙ කුදස්සු’පි ච මා අපෙක්ඛවා.
Sinhala BJT39. ඒ පසේබුදුන් කෙරෙහි උත්තමධර්‍මය ඇතැයි හැදහිමි, උන්වහන්සේ අවබෝධකළ ඒ ධර්‍මයෙහි ද සිත පිහිටුවීමි, මෙබඳු විහරණ ඇත්තවුන් සමග මාගේ සංගමය වේවයි ද කිසිදු භවයෙක්හි නහමක් අපේක්‍ෂා ඇති වෙම්ව’ යි ද සිත පිහිටුවිමි.
Pali BJT40. තස්සෙව කම්මස්ස විපාකතො අහං සහස්සක්ඛත්තුං කුරූසූපපජ්ජථ, දීඝායුකෙසු අමමෙසු පාණිසු වීසෙසගාමීසු අහීනගාමීසු.
Sinhala BJT40. එ මැ කර්‍මයාගේ විපාකයෙන් මම (දහසක් අවුරුද්දට) දීර්‍ඝායු ඇති විශේෂ ස්වභාව ඇති ලද සම්පත් නොපිරිහෙන පියවි ඇති (මාගේ යැ යන) පරිග්‍රහ රහිත වූ සත්ත්‍වයන් ඇති උත්තරකුරුයෙහි දහසක්වර උපන්මි.