Pali BJTතත්ථ යො ච කබළිංකාරො{2}, ආහාරො යො ච ඵස්සො ආහාරො, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා, යො ච මනොසඤ්චෙතනාහාරො යො ච විඤ්ඤාණාහාරො, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා, තත්ථ යො ච ‘අසුභෙ සුභ’න්ති විපල්ලාසො, යො ච ‘දුක්ඛෙ සුඛ’න්ති විපල්ලාසො. ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යො ච ‘අනිච්චෙ නිච්ච’න්ති විපල්ලාසො යො ච ‘අනත්තනි අත්තා’ති විපල්ලාසො ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. තත්ථ යඤ්ච කාමුපාදානං යඤ්ච භවූපාදානං, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යඤ්ච දිට්ඨූපාදානං යඤ්ච අත්තවාදූපාදානං, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. තත්ථ යො ච කාමයොගො යො ච භවයොගො, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යො ච දිට්ඨියොගො යො ච අවිජ්ජායොගො, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. තත්ථ යො ච අභිජ්ඣා කායගන්ථො යො ච බ්යාපාදො කායගන්ථො, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යො ච පරාමාසකායගන්ථො යො ච ඉදං සච්චාභිනිවෙසකායගන්ථො, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා තත්ථ යො ච කාමාසවො යො ච භවාසවො, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යො ච දිට්ඨාසවො යො ච අවිජ්ජාසවො, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. තත්ථ යො ච කාමොඝො යො ච භවොඝො, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යො ච දිට්ඨොඝො යො ච අවිජ්ජොඝො, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. තත්ථ යො ච රාගසල්ලො යො ච දොසසල්ලො, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යො ච මානසල්ලො යො ච මොහසල්ලො ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. තත්ථ යා ච රූපූපගා විඤ්ඤාණට්ඨිති යා ච වෙදනූපගා විඤ්ඤාණට්ඨිති, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යා ච සඤ්ඤූපගා විඤ්ඤාණට්ඨිති යා ච සඞ්ඛාරූපගා විඤ්ඤාණට්ඨිති, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. තත්ථ යඤ්ච ඡන්දා අගතිගමනං යඤ්ච දොසා අගතිගමනං, ඉමෙ තණ්හාචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා. යඤ්ච භයා අගතිගමනං යඤ්ච මොහා අගතිගමනං, ඉමෙ දිට්ඨිචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා.
Sinhala BJTඑහි යම් කවලීකාරාහාරයෙක් ඇද්ද යම් ඵස්සාහාරයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුද්ගලහට උපක්ලේශ යැ, යම් මනෝසඤ්චේතනාහාරයෙකුත් යම් විඤ්ඤාණාහාරයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයි. එහි යම් අසුභයෙහි සුභ යැයි විපල්ලාසයෙක් ඇද්ද යම් දුක්ඛයෙහි සුඛ යැයි විපල්ලාසයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුද්ගලහට උපක්ලේශයැ, යම් අනිත්‍යයෙහි නිත්‍ය යැයි විපල්ලාසයෙකුත් අනාත්මයෙහි ආත්ම යැයි විපල්ලාසයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුල්හට උපක්ලේශ යි. එහි යම් කාමූපාදානයෙකුත් යම් භවූපාදානයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශයැ, යම් දිට්ඨූපාදානයෙකුත් යම් අත්තවාදූපාදානයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් කාමයෝගයෙකුත් යම් භවයෝගයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ යම් දිට්ඨියෝගයෙකුත් යම් අවිජ්ජායෝගයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් අභිජ්ඣාකායගන්‍ථයෙකුත් ව්‍යාපාදකායගන්‍ථයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් පරාමාසකායගන්‍ථයෙකුත් යම් ඉදංසච්චාභිනිවේසකායගන්‍ථයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් කාමාසවයෙකුත් යම් භවාසවයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් දිට්ඨාසවයෙකුත් යම් අවිජ්ජාසවයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් කාමෝඝයෙකුත් යම් භාවෝඝයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් දිට්ඨෝඝයෙකුත් යම් අවිජ්ජෝඝයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් රාගසල්ලයෙකුත් යම් දෝසසල්ලයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් මානසල්ලයෙකුත් යම් මෝහසල්ලයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් රූපූපගවිඤ්ඤාණට්ඨිතියකුත් යම් වේදනූපගවිඤ්ඤාණට්ඨිතියකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිතියකුත් යම් සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිතියකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුඟුලාට උපක්ලේශ යි. එහි යම් ඡන්‍දයෙන් අගතිගමනයෙකුත් යම් දෝසයෙන් අගතිගමනයෙකුත් ඇද්ද මොහු තණ්හාචරිත පුඟුලාට උපක්ලේශ යැ, යම් භයින් අගතිගමනයෙකුත් මෝහයෙන් අගතිගමනයෙකුත් ඇද්ද මොහු දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
Pali BJTතත්ථ කබළිඞ්කාරෙ ආහාරෙ අසුභෙ සුභන්ති විපල්ලාසො, ඵස්සෙ ආහාරෙ දුක්ඛෙ සුඛන්ති විපල්ලාසො. විඤ්ඤාණෙ ආහාරෙ අනිච්චෙ නිච්චන්ති විපල්ලාසො මනොසඤ්චෙතනාය ආහාරෙ අනත්තනි අත්තාති විපල්ලාසො.
Sinhala BJTඑහි කබලීකාරාහාරයෙහි ‘අසුභයෙහි සුභ යැ’ යන විපල්ලාසය වෙයි, ඵස්සාහාරයෙහි ‘දුක්ඛයෙහි සුඛ යැ’ යන විපල්ලාසය වෙයි, විඤ්ඤාණාහාරයෙහි ‘අනිත්‍යයෙහි නිත්‍ය යැ’ යන විපල්ලාසය වෙයි, ‘මනෝසඤ්චේතනාහාරයෙහි අනාත්මයෙහි ආත්ම යැ’ යන විපල්ලාසය වේ.
Pali BJTපඨමෙ විපල්ලාසෙ ඨිතො කාමෙ උපාදියති, ඉදං වුච්චති කාමූපාදානං. දුතියෙ විපල්ලාසෙ ඨිතො අනාගතං භවං උපාදියති, ඉදං වුච්චති භවූපාදානං. තතියෙ විපල්ලාසෙ ඨිතො සංසාරාභිනන්දිනිං දිට්ඨිං උපාදියති, ඉදං වුච්චති දිට්ඨූපාදානං. කස්සිදං{1} උපාදියති, ඉදං වුච්චති අත්තවාදූපාදානං.
Sinhala BJTප්‍රථම විපර්‍ය්‍යාසයෙහි සිටියේ ක්ලේශකාමයෙන් වස්තුකාමයන් දැඩි වැ ගනී, මෙය කාමූපාදාන යී කියනු ලැබෙයි. දෙවැනි විපර්‍ය්‍යාසයෙහි සිටියේ අනාගතභවය දැඩිවැ ගනී, මේ භවූපාදාන යී කියනු ලැබෙයි. තුන්වැනි විපර්‍ය්‍යාසයෙහි සිටියේ සංසාරය අභිනන්‍දනා කරන භවදෘෂ්ටිය දැඩි වැ ගනී, මේ දිට්ඨූපාදාන යී කියනු ලැබෙයි. සතරවැනි විපර්‍ය්‍යාසයෙහි සිටියේ (ආත්මයක් නැතිකල්හි) මේ කර්‍මඵලය කවරක්හුගේ දැ’යි ආත්මය දැඩිවැ ගනී, මේ අත්තවාදූපාදාන යී කියනු ලැබේ.
Pali BJTකාමූපාදානෙන කාමෙහි සංයුජ්ජති, අයං වුච්චති කාමයොගො. භවුපාදානෙන භවෙහි සංයුජ්ජති, අයං වුච්චති භවයොගො. දිට්ඨූපාදානෙන පාපිකාය දිට්ඨියා සංයුජ්ජති, අයංවුච්චති දිට්ඨියොගො. අත්තවාදූපාදානෙන අවිජ්ජාය සංයුජ්ජති, අයං වුච්චති අවිජ්ජායොගො.
Sinhala BJTකාමරාග සංඛ්‍යාත කාමූපාදානයෙන් වස්තුකාමයන් සමග සත්ත්‍වයා සංයෝග කරනු ලැබෙයි, මේ කාමයෝග යි කියනු ලැබෙයි. භවූපාදානයෙන් භවය සමග සත්ත්‍ව යොදනු ලැබෙයි, මේ භවයෝග යි කියනු ලැබෙයි. අහේතුකදෘෂ්ටි ආදි දිට්ඨූපාදානයෙන් ලාමක දෘෂ්ටිය සමග සත්ත්‍ව යොදනු ලැබෙයි, මේ දිට්ඨියෝග යි කියනු ලැබෙයි. අත්තවාදූපාදානයෙන් සකල වට්ටදුක්ඛය සමග සත්ත්‍ව යොදනු ලැබෙයි, මේ අවිජ්ජායෝග යී කියනු ලැබේ.
Pali BJTපඨමෙ යොගෙ ඨිතො අභිජ්ඣාය කායං ගන්ථති, අයං වුච්චති අභිජ්ඣාකායගන්ථො. දුතියෙ යොගෙ ඨිතො බ්යාපාදෙන කායං ගන්ථති, අයං වුච්චති ප්යාපාදකායගන්ථො. තතියෙ යොගෙ ඨිතො පරාමාසෙන කායං ගන්ථති, අයං වුච්චති පරාමාසකායගන්ථො. චතුත්ථෙ යොගෙ ඨිතො ඉදං සච්චාභිනිවෙසෙන කායං ගන්ථති, අයං වුච්චති ඉදංසච්චාභිනිවෙසකායගන්ථො.
Sinhala BJTප්‍රථම යෝගයෙහි සිටියේ (පරායත්තයෙහි දැඩි ලෝභලක්‍ෂණ වූ) අභිධ්‍යායෙන් නාමකය ග්‍රන්‍ථන කරයි (ගටයි), මේ අභිජ්ඣාකායගන්‍ථ යී කියනු ලැබෙයි. දෙවැනි යෝගයෙහි සිටියේ භවරාගවශයෙන් ව්‍යාපාදයෙන් නාමකය ගොතයි, මේ ව්‍යාපාදකායගන්‍ථ යී කියනු ලැබෙයි. තුන්වැනි යෝගයෙහි සිටියේ දෘෂ්ටිපරාමර්‍ශයෙන් නාමකය ගොතයි, මේ පරාමාසකායගන්‍ථ යී කියනු ලැබෙයි. සතරවැනි යෝගයෙහි සිටියේ ‘මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යන ඉදංසත්‍යාභිනිවේසයෙන් නාමකය ගොතයි, මේ ඉදංසච්චාභිනිවෙසකායගන්‍ථ යී කියනු ලැබේ.
Pali BJTතස්ස එවං ගන්ථිතා කිලෙසා ආසවන්ති, කුතො ච වුච්චති ‘ආසවන්තී’ති{2}, අනුසයතො වා පරියුට්ඨානතො වා. තත්ථ අභිජ්ඣාකායගන්ථෙන කාමාසවො, බ්යාපාදකායගන්ථෙන භවාසවො, පරාමාසකායගන්ථෙන දිට්ඨාසවො, ඉදං සච්චාභිනිවෙසකායගන්ථෙන අවිජ්ජාසවො.
Sinhala BJTඒ අභිධ්‍යාදීන් සමන්‍වාගත පුද්ගලහට මෙසේ අභිධ්‍යාදීන් නාමකය ගෙතී සිටි ක්ලේශයෝ ආස්‍රවභාවයෙන් පවතිත්. යළි කවර හේතුවකින් ඒ කෙලෙස්හු හාත්පසින් වැගිරෙත් දැයි කියනු ලැබේ : (අප්‍රහීණ හෙයින්) අනුසය වශයෙන් හෝ පරියුට්ඨාන (සමුදාචාර) වශයෙන් හෝ හාත්පසින් වැගිරෙත්. ඒ ආස්‍රවයන් කෙරෙහි අභිධ්‍යාකාය ග්‍රන්‍ථයෙන් කාමාසවය ද ව්‍යාපාදකායග්‍රන්‍ථයෙන් භවාසවය ද පරාමාසකායග්‍රන්‍ථයෙන් දිට්ඨාසවය ද ඉදංසත්‍යාභිනිවේස කායග්‍රන්‍ථයෙන් අවිජ්ජාසවය ද උපදනේ යි.
Pali BJTතස්ස ඉමෙ චත්තාරො ආසවා වෙපුල්ලං ගතා ඔඝා භවන්ති, ඉති ආසවවෙපුල්ලා ඔඝවෙපුල්ලං. තත්ථ කාමාසවෙන කාමොඝො, භවාසවෙන භවොඝො, දිට්ඨාසවෙන දිට්ඨොඝො, අවිජ්ජාසවෙන අවිජ්ජොඝො.
Sinhala BJTඒ පුද්ගලහට මේ සතර ආසවයෝ විපුලබවට ගියාහු (වට්ටයෙහි අවසීදනාර්‍ත්‍ථයෙන්) ඕඝයෝ වෙති. මෙසේ ආසවයන්ගේ විපුලභාවයෙන් ඕඝයන්ගේ විපුලබව වෙයි. ඒ ඕඝයන් කෙරෙහි කාමාසවයෙන් කාමෝඝ වෙයි, භවාසවයෙන් භවෝඝ වෙයි, දිට්ඨාසවයෙන් දිට්ඨෝඝ වෙයි, අවිද්‍යාසවයෙන් අවිජ්ජෝඝ වේ.
Pali BJTතස්ස ඉමෙ චත්තාරො ඔඝා අනුසයසහගතා අජ්ඣාසයමනුපවිට්ඨා. හදයං ආහච්ච තිට්ඨන්ති, තෙන වුච්චන්ති “සල්ලා”ඉති. තත්ථ කාමො ඝෙන රාගසල්ලො, භවොඝෙන දොසසල්ලො, දිට්ඨොඝෙන මානසල්ලො, අවිජ්ජොඝෙන මොහසල්ලො.
Sinhala BJTඔහුට මේ සතර ඕඝයෝ අනුසයසහගත වූවාහු (අනුසයභාවය නොහැර පැවැත්තාහු) සිතට පිවිසියාහු ළෙහි හැනී සිටිත්. එහෙයින් ‘ශල්‍යයෝ’ යි කියනු ලැබෙත්. (පීඩා ජනනය ද උදුරාලියැ නොහැකිබව ද ශල්‍යාර්‍ත්‍ථ යැ.) ඒ ශල්‍යයන් කෙරෙහි කාමෝඝය හේතු කොටගෙන රාගසල්ල වෙයි, භවෝඝයෙන් දෝසසල්ල වෙයි, දෘෂ්ටිඕඝයෙන් (තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යයි දෘෂ්ටි විසින් ගන්නා හෙයින්) මානසල්ල වෙයි, අවිද්‍යොඝයෙන් මෝහසල්ල වේ.
Pali BJTතස්ස ඉමෙහි චතුහි සල්ලෙහි පරියාදින්නං විඤ්ඤාණං චතුසු ධම්මෙසු සණ්ඨහති. රූපෙ වෙදනාය සඤ්ඤාය සඞ්ඛාරෙසු. තත්ථ රාගසල්ලෙන නන්දූපසෙචනෙන විඤ්ඤාණෙන රූපූපගා විඤ්ඤාණට්ඨිති, දොසසල්ලෙන නන්දූපසෙචනෙන විඤ්ඤාණෙන වෙදනූපගා විඤ්ඤාණට්ඨිති, මානසල්ලෙන නන්දූපසෙචනෙන විඤ්ඤාණෙන සඤ්ඤූපගා විඤ්ඤාණට්ඨිති, මොහසල්ලෙන නන්දූපසෙචනෙන විඤ්ඤාණෙන සඞ්ඛාරූපගා විඤ්ඤාණට්ඨිති.
Sinhala BJTමේ චතුර්විධ ශල්‍යයෙන් හාත්පසින් ගන්නාලද ඔහුගේ විඥානය රූපයෙහි වේදනායෙහි සංඥායෙහි සංස්කාරයන්හි යන ආලම්බන වූ සතර ධර්‍මයන් කෙරෙහි පිහිටා සිටී. එහි රාගශල්‍යය හේතු කොටගෙන නන්‍දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් උපසික්ත (තෙත්) වූ විඥානයෙන් යුත් රූපූපගවිඤ්ඤාණට්ඨිති වෙයි, ද්වේෂශල්‍යය හේතු කොටගෙන තෘෂ්ණායෙන් තෙත්වූ (නන්‍දුපසේවන) විඥානයෙන් යුත් වේදනූපගවිඤ්ඤාණට්ඨිති වෙයි, මානශල්‍යය හේතු කොටගෙන තෘෂ්ණායෙන් තෙත්වූ විඥානයෙන් යුත් සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිති වෙයි, මෝහශල්‍යය හේතු කොටගෙන තෘෂ්ණායෙන් තෙත්වූ විඥානයෙන් යුත් සඞ්ඛාරූපග විඤ්ඤාණට්ඨිති වේ.
Pali BJTතස්ස ඉමාහි චතූහි විඤ්ඤාණට්ඨිති උපත්ථද්ධං විඤ්ඤාණං චතුහි ධම්මෙහි අගතිං ගච්ඡති ඡන්දා දොසා භයා මොහා. තත්ථ රාගෙන ඡන්දාගතිං ගච්ඡති, දොසෙන දොසාගතිං ගච්ඡති, භයෙන භයාගතිං ගච්ඡති, මොහෙන මොහාගතිං ගච්ඡති. ඉති ඛො තඤ්ච කම්මං ඉමෙ ච කිලෙසා. එස හෙතු සංසාරස්ස. එවං සබ්බෙ කිලෙසා චතුහි විපල්ලාසෙහි නිද්දිසිතබ්බා.
Sinhala BJTමේ සතර විඥානස්ථිතීන් විසින් උපස්ථම්භිත වූ ඔහුගේ විඥානය ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙන් යන සතර ධර්‍මයෙන් අගතියට යෙයි. එහි රාගය හේතු කොටගෙන ඡන්‍දාගතියට පැමිණෙයි, ද්වේෂය හේතු කොට දෝසාගතියට පැමිණෙයි, භය හේතු කොට භයාගතියට පැමිණෙයි, මෝහය හේතු කොට මෝහාගතියට පැමිණේ, මෙසේ උක්තප්‍රකාරයෙන් ඒ (යට කී) චේතනා චේතසික කර්‍මය ද, මේ දශවස්තුක ක්ලේශයෝ ද වෙත්. තෙල (කර්‍ම ක්ලේශ දෙක) සංසාරයට හේතු වේ. මෙසේ සියලු ක්ලේශයෝ සතර විපල්ලාසයන්ගෙන් දැක්වියැයුත්තාහ.
Pali BJTතත්ථ ඉමා චතස්සො දිසා: කබළිංකාරො ආහාරො අසුභෙ සුභන්ති විපල්ලාසො කාමූපාදානං කාමයොගො අභිජ්ඣාකායගන්ථො කාමාසවො කාමොඝො රාගසල්ලො රූපූපගා විඤ්ඤාණට්ඨිති ඡන්දා අගතිගමනන්ති පඨමා දිසා.
Sinhala BJTඑහි මේ දිසාභූත ධර්‍මයෝ යැ : කබළිඞ්කාරාහාර යැ අසුභයෙහි සුභ යැ යන විපල්ලාස යැ කාමූපාදාන යැ කාමයෝග යැ අභිජ්ඣාකායග්‍රන්‍ථ යැ කාමාසව යැ කාමෝඝ යැ රාගසල්ල යැ රූපූපගවිඤ්ඤාණට්ඨිති යැ ඡන්‍දයෙන් අගතිගමන යැ යන දශධර්‍මයෝ ප්‍රථම දිශා යි.
Pali BJTඵස්සො ආහාරො දුක්ඛෙ සුඛන්ති විපල්ලාසො භවූපාදානං භවයොගො බ්යාපාදකායගන්ථො භවාසවො භවොඝො දොසසල්ලො වෙදනූපගා විඤ්ඤාණට්ඨිති දොසා අගතිගමනන්ති දුතියා දිසා.
Sinhala BJTඵස්සාහාර යැ දුක්ඛයෙහි සුඛ යැ යන විපල්ලාස යැ භවූපාදාන යැ භවයෝග යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ භවාසව යැ භවෝඝ යැ දෝසසල්ල යැ වේදනූපගවිඤ්ඤාණට්ඨිති යැ ද්වේෂයෙන් අගතිගමන යැ යන දශධර්‍මයෝ ද්විතීය දිශා යි.
Pali BJTවිඤ්ඤාණාහාරො අනිච්චෙ නිච්චන්ති විපල්ලාසො දිට්ඨූපාදානං දිට්ඨියොගො පරාමාසකාය ගන්ථො දිට්ඨාසවො දිට්ඨොඝො මානසල්ලො සඤ්ඤූපගා විඤ්ඤාණට්ඨිති භයා අගතිගමනන්ති තතියා දිසා.
Sinhala BJTවිඤ්ඤාණාහාර යැ අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාස යැ දිට්ඨිඋපාදාන ය දිට්ඨියෝග යැ පරාමාසකායග්‍රන්‍ථ යැ දිට්ඨාසව යැ දිට්ඨෝඝ යැ මානසල්ල යැ සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිති යැ භයින් අගතිගමන යැ යන දශධර්‍මයෝ තෘතීය දිශා යි.
Pali BJTමනොසඤ්චෙතනාහාරො අනත්තනි අත්තාති විපල්ලාසො අත්තවාදූපාදානං අවිජ්ජායොගො ඉදංසච්චාභිනිවෙසකායගන්ථො අවිජ්ජාසවො අවිජ්ජොඝො මොහසල්ලො සඞ්ඛාරූපගා විඤ්ඤාණට්ඨිති මොහා අගතිගමනන්ති චතුත්ථි දිසා.
Sinhala BJTමනෝසඤ්චේතනාහාර යැ අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාස යැ අත්තවාදූපාදාන යැ අවිජ්ජායෝග යැ ඉදංසච්චාභිනිවේසකායග්‍රන්‍ථ යැ අවිජ්ජාසව යැ අවිජ්ජෝඝ යැ මෝහසල්ල යැ සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිති යැ මෝහයෙන් අගතිගමන යැ යන දශධර්‍මයෝ චතුර්‍ත්‍ථ දිශා යි.
Pali BJTතත්ථ යො ච කබළිඞ්කාරො ආහාරො යො ච අසුභෙ සුභන්ති විපල්ලාසො කාමූපාදානං කාමයොගො අභිජ්ඣාකායගන්ථො කාමාසවො කාමොඝො රාගසල්ලො රූපූපගා විඤ්ඤාණට්ඨිති ඡන්දා අගතිගමනන්ති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං, ඉමෙ රාගචරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා.
Sinhala BJTඒ දිසාභූත ධර්‍මයන් කෙරෙහි යම් කවලීකාරාහාරයෙක් ඇද්ද යම් අසුභයෙහි සුභ යැ යන විපල්ලාසයෙක් ඇද්ද කාමූපාදාන යැ කාමයෝග යැ අභිජ්ඣාකායගන්‍ථ යැ කාමාසව යැ කාමෝඝ යැ රාගසල්ල යැ රූපූපගවිඤ්ඤාණට්ඨිති යැ ඡන්‍දාගතිගමනය යන මේ දසවැදෑරුම් සූත්‍රයන්ගේ අර්‍ත්‍ථය එකෙකි. ව්‍යඤ්ජනය මැ නානා වෙයි. (මේ දශවිධ සූත්‍රපදයන්ගෙන් සවස්තුක තෘෂ්ණාව කියනලදි. ‘දසන්නං සුත්තානං’ යනු සූත්‍රයෙහි එක් පදයක් ගත්හෙයින් ඒකදේශයෙහි සමුදායව්‍යවහාරය යි, ‘පටො දඩ්ඪො, සමුද්දො දිට්ඨො’ යනු මෙනි.) මේ ප්‍රථම දිශාභාවයෙන් කියනලද කබළිඞ්කාරාහාරාදී ධර්‍මයෝ රාගචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
Pali BJTතත්ථ යො ච ඵස්සො ආහාරො යො ච දුක්ඛෙ සුඛන්ති විපල්ලාසො භවූපාදානං භවයොගො බ්යාපාදකායගන්ථො භවාසවො භවොඝො දොසසල්ලො වෙදනූපගා විඤ්ඤාණට්ඨිති දොසා අගතිගමනන්ති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං, ඉමෙ දොස චරිතස්ස පුග්ගලස්ස උපක්කිලෙසා.
Sinhala BJTඑහි යම් ඵස්සාහාරයෙක් ඇද්ද යම් දුක්ඛයෙහි සුඛ යැ යන විපල්ලාසයෙක් ඇද්ද භවූපාදාන යැ භවයෝග යැ ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ භවාසව යැ භවෝඝ යැ දෝසසල්ල යැ වේදනූපගවිඤ්ඤාණට්ඨිති යැ දෝසාගතිගමන යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකි, ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ දුතියදිසාභාවයෙන් කියනලද ඵස්සාහාරාදි ධර්‍මයෝ දෝසචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි:
Pali BJTතත්ථ යො ච විඤ්ඤාණාහාරො යො ච අනිච්චෙ නිච්චන්ති විපල්ලාසො දිට්ඨූපාදානං දිට්ඨියොගො පරාමාසකායගන්ථො දිට්ඨාසවො දිට්ඨොඝො මානසල්ලො සඤ්ඤූපගා විඤ්ඤාණට්ඨිති භයා අගතිගමනන්ති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං, ඉමෙ දිට්ඨිචරිතස්ස මන්දස්ස උපක්කිලෙසා.
Sinhala BJTඑහි යම් විඤ්ඤාණාහාරයෙක් ඇද්ද යම් අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාසයෙක් ඇද්ද දිට්ඨූපාදාන යැ දිට්ඨියෝග යැ පරාමාසකායග්‍රන්‍ථ යැ දිට්ඨාසව යැ දිට්ඨෝඝ යැ මානසල්ල යැ සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිති යැ භයාගතිගමන යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකි, ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ විඤ්ඤාණාහාරාදි දශධර්‍මයෝ මෝහාධික (මන්‍ද) දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
Pali BJTතත්ථ යො ච මනොසඤ්චෙතනාහාරො යෙ ච අනත්තනි අත්තාති විපල්ලාසෙ අත්තවාදූපාදානං අවිජ්ජායොගො ඉදංසච්චාභිනිවෙසකාය ගන්ථො අවිජ්ජාසවො අවිජ්ජොඝො මොහසල්ලො සඞ්ඛාරූපගා විඤ්ඤාණට්ඨිති මොහා අගතිගමනන්ති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං, ඉමෙ දිට්ඨිචරිතස්ස උදත්ථස්ස උපක්කිලෙසා.
Sinhala BJTඑහි යම් මනෝසඤ්චේතනාහාරයෙක් ඇද්ද යම් අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාසයෙක් ඇද්ද අත්තවාදූපාදාන යැ අවිජ්ජායෝග යැ ඉදංසච්චාභිනිවේසකායග්‍රන්‍ථ යැ අවිජ්ජාසව යැ අවිජ්ජෝඝ යැ මෝහසල්ල යැ සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිති යැ මෝහාගතිගමන යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙක් වෙයි ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ මනෝසඤ්චේතනාහාරාදි දශධර්‍මයෝ තියුණු ප්‍රඥා ඇති දිට්ඨිචරිත පුද්ගලහට උපක්ලේශයෝ යි.
Pali BJTතත්ථ යො ච කබළිංකාරාහාරො යො ච ඵස්සො ආහාරො, ඉමෙ අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පරිඤ්ඤං ගච්ඡන්ති, විඤ්ඤාණාහාරො සුඤ්ඤතාය, මනොසඤ්චෙතනාහාරො අනිමිත්තෙන.
Sinhala BJTඑහි යම් කවලීකාරාහාරයෙකුත් යම් ඵස්සාහාරයෙකුත් ඇද්ද මොහු අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් පරිඥාවට යෙති, විඤ්ඤාණාහාරය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද මනෝසඤ්චේතනාහාරය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද පරිඥාවට යෙයි.
Pali BJTතත්ථ යො ච අසුභෙ සුභන්ති විපල්ලාසො යො ච දුක්ඛෙ සුඛන්ති විපල්ලාසො, ඉමෙ අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං අබ්භත්ථං ගච්ඡන්ති, අනිච්චෙ නිච්චන්ති විපල්ලාසො සුඤ්ඤතාය, අනත්තනි අත්තාති විපල්ලාසො අනිමිත්තෙන.
Sinhala BJTඑහි යම් අසුභයෙහි සුභ යැ යන විපල්ලාසයෙකුත් යම් දුක්ඛයෙහි සුඛ යැ යන විපල්ලාසයෙකුත් ඇද්ද, මොහු අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට අභ්‍යස්තයට යෙති, අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපල්ලාසය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද, අනාත්මයෙහි ආත්ම යැ යන විපල්ලාසය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි.
Pali BJTතත්ථ කාමූපාදානං ච භවූපාදානං ච අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති, දිට්ඨූපාදානං සුඤ්ඤතාය, අත්තවාදූපාදානං අනිමිත්තෙන.
Sinhala BJTඑහි කාමූපාදානය ද භවූපාදානය ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, දිට්ඨූපාදානය ශුන්‍යත විමෝක්‍ෂමුඛයෙන් ද අත්තවාදූපාදානය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
Pali BJTතත්ථ කාමයොගො ච භවයොගො ච අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති, දිට්ඨියොගො සුඤ්ඤතාය, අවිජ්ජායොගො අනිමිත්තෙන.
Sinhala BJTඑහි කාමයෝගය ද භවයෝගය ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, දිට්ඨියෝගය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද අවිජ්ජායෝගය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
Pali BJTතත්ථ අභිජ්ඣාකායගන්ථො ච බ්යාපාදකායගන්ථො ච අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති, පරාමාසකායගන්ථො සුඤ්ඤතාය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථො අනිමිත්තෙන.
Sinhala BJTඑහි අභිධ්‍යාකායග්‍රන්‍ථය ද ව්‍යාපාදකායග්‍රන්‍ථය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, පාරාමසකායග්‍රන්‍ථය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද ඉදංසච්චාභිනිවේසකායග්‍රන්‍ථය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
Pali BJTතත්ථ කාමාසවො ච භවාසවො ච අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති, දිට්ඨාසවො සුඤ්ඤතාය, අවිජ්ජාසවො අනිමිත්තෙන.
Sinhala BJTඑහි කාමාසවය ද භවාසවය ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, දිට්ඨාසවය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද, අවිජ්ජාසවය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
Pali BJTතත්ථ කාමොඝො ච භවොඝො ච අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති, දිට්ඨොඝො සුඤ්ඤතාය, අවිජ්ජොඝො අනිමිත්තෙන.
Sinhala BJTඑහි කාමෝඝය ද භවෝඝය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි. දිට්ඨෝඝය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද අවිජ්ජෝඝය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
Pali BJTතත්ථ රාගසල්ලො ච දොසසල්ලො ච අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති, මානසල්ලො සුඤ්ඤතාය, මොහසල්ලො අනිමිත්තෙන.
Sinhala BJTඑහි රාගසල්ලය ද දෝසසල්ලය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, මානසල්ලය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද, මෝහසල්ලය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද, ප්‍රහාණයට යේ.
Pali BJTතත්ථ රූපූපගා ච විඤ්ඤාණට්ඨිති වෙදනූපගා ච විඤ්ඤාණට්ඨිති අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පරිඤ්ඤං ගච්ඡන්ති, සඤ්ඤූපගා සුඤ්ඤතාය, සඞ්ඛාරූපගා අනිමිත්තෙන.
Sinhala BJTඑහි රූපූපගවිඤ්ඤාණට්ඨිතිය ද වේදනූපගවිඤ්ඤාණට්ඨිති ද අප්‍රණිහිත විමෝක්‍ෂමුඛයෙන් පරිඥාවට යෙයි, සඤ්ඤෑපගවිඤ්ඤාණට්ඨිතිය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද සඞ්ඛාරූපගවිඤ්ඤාණට්ඨිතිය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද, පරිඥාවට යේ.
Pali BJTතත්ථ ඡන්දා ච අගතිගමනං දොසා ච අගතිගමනං අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති, භයා අගතිගමනං සුඤ්ඤතාය, මොහා අගතිගමනං අනිමිත්තෙන විමොක්ඛමුඛෙන පහානං ගච්ඡන්ති.
Sinhala BJTඑහි ඡන්‍දයෙන් අගතිගමනය ද ද්වේෂයෙන් අගතිගමනය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛයෙන් ප්‍රහාණයට යෙයි, භයින් අගතිගමනය ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් ද මෝහයෙන් අගතිගමනය අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් ද ප්‍රහාණයට යේ.
Pali BJTඉති සබ්බෙ ලොකවට්ටානූසාරිනො ධම්මා නීයන්ති තෙලොකා තීහි විමොක්ඛමුඛෙහීති. තත්රීදං නීයානං චතස්සො පටිපදා චත්තාරො සතිපට්ඨානා චත්තාරි ඣානානි චත්තාරො විහාරා චත්තාරො සම්මප්පධානා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා චත්තාරි අධිට්ඨානානි චතස්සො සමාධිභාවනා චත්තාරො සුඛභාගියා ධම්මා චතස්සො අප්පමාණා.
Sinhala BJTමෙසේ ආහාරාදි සියලු ලෝක සංඛ්‍යාත සංසාරවට්ටය අනුව යනසුලු ධර්‍මයෝ අනිත්‍යානුදර්‍ශනාදි ත්‍රිවිධවිමෝක්‍ෂමුඛයෙන් ත්‍රෛලෝකවර්‍තයෙන් නික්මැ යෙත්. එහි මේ නිර්‍ය්‍යාණය යැ සතර ප්‍රතිපදාවෝ යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ධ්‍යානයෝ යැ (දිව්‍ය බ්‍රහ්ම ආර්‍ය්‍ය ආනෙඤ්ජ යන) සතර විහාරයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ආශ්චර්‍ය්‍යඅද්භූතධර්‍මයෝ යැ සතර අධිෂ්ඨානයෝ යැ සතර සමාධිභාවනාවෝ යැ ඉන්‍ද්‍රිය සංවරාදි සතර සුඛභාගියධර්‍මයෝ යැ සතර අප්‍රමාණධර්‍මයෝ යි.
Pali BJTපඨමා පටිපදා පඨමං සතිපට්ඨානං, දුතියා පටිපදා දුතියං සතිපට්ඨානං, තතියා පටිපදා තතියං සතිපට්ඨානං, චතුත්ථා පටිපදා චතුත්ථං සතිපට්ඨානං. පඨමං සතිපට්ඨානං පඨමං ඣානං, දුතියං සතිපට්ඨානං දුතියං ඣානං, තතියං සතිපට්ඨානං තතියං ඣානං, චතුත්ථං සතිපට්ඨානං චතුත්ථං ඣානං. පඨමං ඣානං පඨමො විහාරො, දුතියං ඣානං දුතියො විහාරො, තතියං ඣානං තතියො විහාරො, චතුත්ථං ඣානං චතුත්ථො විහාරො. පඨමො විහාරො පඨමං සම්මප්පධානං, දුතියො දුතියං, තතියො තතියං, චතුත්ථො විහාරො චතුත්ථං සම්මප්පධානං පඨමං සම්මප්පධානං පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො, දුතියං දුතියො, තතියං තතියො, චතුත්ථං සම්මප්පධානං චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො. පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො පඨමං අධිට්ඨානං, දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො දුතියං අධිට්ඨානං, තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො තතියං අධිට්ඨානං, චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො චතුත්ථං අධිට්ඨානං. පඨමං අධිට්ඨානං පඨමා සමාධිභාවනා, දුතියං අධිට්ඨානං දුතියා සමාධිභාවනා, තතියං අධිට්ඨානං තතියා සමාධිභාවනා, චතුත්ථං අධිට්ඨානං චතුත්ථා සමාධිභාවනා. පඨමා සමාධිභාවනා පඨමො සුඛභාගියො ධම්මො, දුතියා සමාධිභාවනා දුතියො සුඛභාගියො ධම්මො, තතියා සමාධිභාවනා තතියො සුඛභාගියො ධම්මො, චතුත්ථා සමාධිභාවනා චතුත්ථො සුඛභාගියො ධම්මො. පඨමො සුඛභාගියො ධම්මො පඨමං අප්පමාණං, දුතියො සුඛභාගියො ධම්මො දුතියං අප්පමාණං, තතියො සුඛභාගියො ධම්මො තතියං අප්පමාණං, චතුත්ථො සුඛභාගියො ධම්මො චතුත්ථං අප්පමාණං.
Sinhala BJTපළමුවන පටිපදාව පළමුවන සතිපට්ඨාන යැ, දෙවන පටිපදාව දෙවන සතිපට්ඨාන යැ, තෙවන පටිපදාව තෙවන සතිපට්ඨාන යැ, සිව්වන පටිපදාව සිව්වන සතිපට්ඨාන යි. ප්‍රථම සතිපට්ඨානය ප්‍රථමධ්‍යාන යැ, දෙවන සතිපට්ඨානය ද්විතීයධ්‍යාන යැ, තෙවන සතිපට්ඨානය තෘතීයධ්‍යාන යැ, සිව්වන සතිපට්ඨානය චතුර්‍ත්‍ථධ්‍යාන යි. ප්‍රථමධ්‍යානය ප්‍රථම විහාර යැ, ද්විතීයධ්‍යානය ද්විතීයවිහාර යැ, තෘතීයධ්‍යානය තෘතීය විහාර යැ, චතුර්‍ත්‍ථධ්‍යානය චතුර්‍ත්‍ථවිහාර යි. ප්‍රථම විහාරය ප්‍රථම සම්‍යක්ප්‍රධාන යැ, ද්විතීය විහාරය ද්විතීය සම්‍යක්ප්‍රධාන යැ, තෘතීය විහාරය තෘතීය සම්‍යක්ප්‍රධාන යැ, චතුර්‍ත්‍ථ විහාරය චතුර්‍ත්‍ථ සම්‍යක්ප්‍රධාන යි. ප්‍රථම සම්‍යක් ප්‍රධානය ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යැ, දෙවැන්න - දෙවැන්න යැ, තෙවැන්න - තෙවැන්න යැ, සතරවැනි සම්‍යක්ප්‍රධානය සතරවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම යි. ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය ප්‍රථම අධිට්ඨාන යැ, දෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය දෙවැනි අධිට්ඨාන යැ, තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය තෙවැනි අධිට්ඨාන යැ, සිව්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මය සිව්වැනි අධිට්ඨාන යි. පළමුවන අධිට්ඨානය පළමුවන සමාධිභාවනා යැ, දෙවැනි අධිට්ඨානය දෙවැනි සමාධිභාවනා යැ, තෙවැනි අධිට්ඨානය තෙවැනි සමාධිභාවනා යැ, සිව්වැනි අධිට්ඨානය සිව්වැනි සමාධිභාවනා යි. පළමුවන සමාධිභාවනාව පළමුවන සුඛභාගියධර්‍ම යැ, දෙවැනි සමාධිභාවනාව දෙවැනි සුඛභාගියධර්‍ම යැ, තෙවැනි සමාධිභාවනාව තෙවැනි සුඛභාගියධර්‍ම යැ, සිව්වැනි සමාධිභාවනාව සිව්වැනි සුඛභාගියධර්‍ම යි. පළමුවන සුඛභාගියධර්‍මය පළමුවන අප්පමාණ යැ, දෙවැනි සුඛභාගියධර්‍මය දෙවැනි අප්පමාණ යැ, තෙවැනි සුඛභාගියධර්‍මය තෙවැනි අප්පමාණ යැ, සිව්වැනි සුඛභාගියධර්‍මය සිව්වැනි අප්පමාණ යි.
Pali BJTපඨමා පටිපදා භාවිතා බහුලීකතා පඨමං සතිපට්ඨානං පරිපූරෙති, දුතියා පටිපදා භාවිතා බහුලීකතා දුතියං සතිපට්ඨානං පරිපූරෙති. තතියා පටිපදා භාවිතා බහුලීකතා තතියං සතිපට්ඨානං පරිපූරෙති. චතුත්ථා පටිපදා භාවිතා බහුලීකතා චතුත්ථං සතිපට්ඨානං පරිපූරෙති. පඨමො සතිපට්ඨානො භාවිතො බහුලීකතො පඨමං ඣානං පරිපූරෙති, දුතියො සතිපට්ඨානො භාවිතො බහුලීකතො දුතියං ඣානං පරිපූරෙති, තතියො සතිපට්ඨානො භාවිතො බහුලීකතො තතියං ඣානං පරිපූරෙති, චතුත්ථො සතිපට්ඨානො භාවිතො බහුලීකතො චතුත්ථං ඣානං පරිපූරෙති, පඨමං ඣානං භාවිතං බහුලීකතං පඨමං විහාරං පරිපූරෙති, දුතියං ඣානං භාවිතං බහුලීකතං දුතියං විහාරං පරිපූරෙති, තතියං ඣානං භාවිතං බහුලීකතං තතියං විහාරං පරිපූරෙති, චතුත්ථං ඣානං භාවිතං බහුලීකතං චතුත්ථං විහාරං පරිපූරෙති,
Sinhala BJTපළමුවන පටිපදාව භාවිත බහුලීකෘත වූවා පළමුවන සතිපට්ඨානය පරිපූර්‍ණ කෙරෙයි, දෙවැනි පටිපදාව භාවිත බහුලීකෘත වූවා දෙවැනි සතිපට්ඨානය පුරයි, තෙවැනි පටිපදාව භාවිත බහුලීකෘත වූවා තෙවැනි සතිපට්ඨානය පුරයි, සිව්වැනි පටිපදාව භාවිත බහුලීකෘත වූවා සිව්වැනි සතිපට්ඨානය පුරයි. පළමුවන සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ ප්‍රථමධ්‍යානය පුරයි, දෙවැනි සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ ද්විතීයධ්‍යානය පුරයි, තෙවැනි සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ තෘතීයධ්‍යානය පුරයි, සිව්වැනි සතිපට්ඨානය භාවිත බහුලීකෘත වූයේ චතුර්‍ත්‍ථධ්‍යානය පුරයි. ප්‍රථමධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ ප්‍රථම විහාරය පුරයි, ද්විතීයධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ ද්විතීය විහාරය පුරයි, තෘතීයධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ තෘතීය විහාරය පුරයි, චතුර්‍ත්‍ථධ්‍යානය භාවිත බහුලීකෘත වූයේ චතුර්‍ත්‍ථ විහාරය පුරයි.
Pali BJTපඨමො විහාරො භාවිතො බහුලීකතො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදං පරිපූරෙති, දුතියො විහාරො භාවිතො බහුලීකතො උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානං පරිපූරෙති, තතියො විහාරො භාවිතො බහුලීකතො අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදං පරිපූරෙති, චතුත්ථෙ විහාරො භාවිතො බහුලීකතො උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතිං අසම්මොසං භිය්යොභාවං පරිපූරෙති, පඨමං සම්මප්පධානං භාවිතං බහුලීකතං මානප්පහානං පරිපූරෙති, දුතියං සම්මප්පධානං භාවිතං බහුලීකතං ආලයසමුග්ඝාතං පරිපූරෙති, තතියං සම්මප්පධානං භාවිතං බහුලීකතං අවිජ්ජාපහානං පරිපූරෙති, චතුත්ථං සම්මප්පධානං භාවිතං බහුලීකතං භවූපසමං පරිපූරෙති, මානපහානං භාවිතං බහුලීකතං සච්චාධිට්ඨානං පරිපූරෙති, ආලයසමුග්ඝාතො භාවිතො බහුලීකතො චාගාධිට්ඨානං පරිපූරෙති, අවිජ්ජාපහානං භාවිතං බහුලීකතං පඤ්ඤාධිට්ඨානං පරිපූරෙති, භවූපසමො භාවිතො බහුලීකතො උපසමාධිට්ඨානං පරිපූරෙති, සච්චාධිට්ඨානං භාවිතං බහුලීකතං ඡන්ද සමාධිං පරිපූරෙති, චාගාධිට්ඨානං භාවිතං බහුලීකතං විරියසමාධිං පරිපූරෙති, පඤ්ඤාධිට්ඨානං භාවිතං බහුලීකතං චිත්තසමාධිං පරිපූරෙති, උපසමාධිට්ඨානං භාවිතං බහුලීකතං වීමංසාසමාධිං පරිපූරෙති, ඡන්දසමාධි භාවිතො බහුලීකතො ඉන්ද්රියසංවරං පරිපූරෙති, විරියසමාධි භාවිතො බහුලීකතො තපං පරිපූරෙති, චිත්තසමාධි භාවිතො බහුලීකතො බුද්ධි පරිපූරෙති, වීමංසාසමාධි භාවිතො බහුලීකතො සබ්බූපධීපටිනිස්සග්ගං පරිපූරෙති. ඉන්ද්රියසංවරො භාවිතො බහුලීකතො මෙත්තං පරිපූරෙති, තපො භාවිතො බහුලීකතො කරුණං පරිපූරෙති, බුද්ධි භාවිතා බහුලීකතා මුදිතං පරිපූරෙති, සබ්බූපධිපටිනිස්සග්ගො භාවිතො බහුලීකතො උපෙක්ඛං පරිපූරෙති.
Sinhala BJTප්‍රථම විහාරය භාවිත බහුලීකෘත වූයේ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ අනුත්පාදය පරිපූර්‍ණ කෙරෙයි, ද්විතීය විහාරය භාවිත බහුලීකෘත වූයේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පුරයි, තෘතීය විහාරය භාවිත බහුලීකෘත වූයේ නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පුරයි, චතුර්‍ත්‍ථ විහාරය භාවිත බහුලීකෘත වූයේ උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය අසම්මෝසය (නො නැසීම) බහුලබව පරිපූර්‍ණ කෙරේ. ප්‍රථම සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ මානප්‍රහාණය පුරයි, දෙවැනි සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ ආලයසමුද්ඝාතය පුරයි, තෙවැනි සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ අවිද්‍යාප්‍රහාණය පුරයි, සිව්වැනි සම්‍යක්ප්‍රධානය භාවිත බහුලීකෘත වූයේ භවයාගේ උපසමය පුරයි. මානප්‍රහාණය භාවිත බහුලීකෘත වූයේ සත්‍යාධිෂ්ඨානය පුරයි, ආලයසමුද්ඝාතය භාවිත බහුලීකෘත වූයේ ත්‍යාගාධිෂ්ඨානය පුරයි, අවිද්‍යාප්‍රහාණය භාවිත බහුලීකෘත වූයේ ප්‍රඥාධිෂ්ඨානය පුරයි, භවෝපශමය භාවිත බහුලීකෘත වූයේ (ක්ලේශ) උපශමාධිෂ්ඨානය පුරයි, සත්‍යාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ ඡන්‍දසමාධිය පුරයි, ත්‍යාගාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ වීර්‍ය්‍යසමාධිය පුරයි, ප්‍රඥාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ චිත්තසමාධිය පුරයි, උපශමාධිෂ්ඨානය භාවිත බහුලීකෘත වූයේ විමංසාසමාධිය පුරයි. ඡන්‍දසමාධිය භාවිත බහුලීකෘත වූයේ ඉන්‍ද්‍රිය සංවරය පුරයි, වීර්‍ය්‍යසමාධිය භාවිත බහුලීකෘත වූයේ (පුණ්‍යධර්‍ම සංඛ්‍යාත) තපස පුරයි, චිත්තසමාධිය භාවිත බහුලීකෘත වූයේ (බොජ්ඣඞ්ගභාවනා සංඛ්‍යාත) බුද්ධිය පුරයි, විමංසා සමාධිය භාවිත බහුලීකෘත වූයේ සබ්බූපධිපටිනිස්සග්ගය පුරයි. ඉන්‍ද්‍රිය සංවරය භාවිත බහුලීකෘත වූයේ මෙත්තාව පුරයි, තපස භාවිත බහුලීකෘත වූයේ කරුණාව පුරයි, බුද්ධිය භාවිත බහුලීකෘත වූවා මුදිතාව පුරයි, සබ්බූපධිපටිනිස්සග්ගය (නිවන) භාවිත බහුලීකෘත වූයේ උපේක්‍ෂාව පරිපූර්‍ණ කෙරේ.
Pali BJTතත්ථ ඉමා චතස්සො දිසා; පඨමා පටිපදා පඨමො සතිපට්ඨානො පඨමං ඣානං පඨමො විහාරො පඨමො සම්මප්පධානො පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො සච්චාධිට්ඨානං ඡන්දසමාධි ඉන්ද්රියසංවරො මෙත්තා ඉති පඨමා දිසා.
Sinhala BJTඒ වෝදානපක්‍ෂයෙහි මේ සතර දිශාවෝ යැ : ප්‍රථම පටිපදා යැ ප්‍රථම සතිපට්ඨාන යැ ප්‍රථම ධ්‍යාන යැ ප්‍රථම (දිබ්බ) විහාරය යැ ප්‍රථම සම්‍යක්ප්‍රධාන යැ ප්‍රථම අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ සච්චාධිට්ඨාන යැ ඡන්‍දසමාධි යැ ඉන්‍ද්‍රියසංවර යැ මෙත්තා යැ යනු ප්‍රථම දිශාභූත ධර්‍ම යි.
Pali BJTදුතියා පටිපදා දුතියො සතිපට්ඨානො දුතියං ඣානං දුතියො විහාරො දුතියො සම්මප්පධානො දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො චාගාධිට්ඨානං විරියසමාධි තපො කරුණා ඉති දුතියා දිසා,
Sinhala BJTදෙවැනි පටිපදා යැ දෙවැනි සතිපට්ඨාන යැ දෙවැනි ධ්‍යාන යැ දෙවැනි (බ්‍රහ්ම) විහාර යැ දෙවැනි සම්‍යක්ප්‍රධාන යැ දෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ චාගාධිට්ඨාන යැ විරියසමාධි යැ තපස යැ කරුණා (අප්‍රාමාණ්‍ය) යැ යනු ද්විතීය දිශාභූත ධර්‍ම යි.
Pali BJTතතියා පටිපදා තතියො සතිපට්ඨානො තතියං ඣානං තතියො විහාරො තතියො සම්මප්පධානො තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පඤ්ඤාධිට්ඨානං චිත්තසමාධි බුද්ධි මුදිතා ඉති තතියා දිසා.
Sinhala BJTතෘතීය ප්‍රතිපදා යැ තෙවැනි සතිපට්ඨාන යැ තෙවැනි ධ්‍යාන යැ තෙවැනි (අරිය) විහාර යැ තෙවැනි සම්‍යක්ප්‍රධාන යැ තෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ පඤ්ඤාධිට්ඨාන යැ චිත්තසමාධි යැ (බොජ්ඣඞ්ගභාවනා) බුද්ධි යැ මුදිතා (අප්‍රාමාණ්‍ය) යැ යනු තෘතීය දිශාභූත ධර්‍ම යි.
Pali BJTචතුත්ථා පටිපදා චතුත්ථො සතිපට්ඨානො චතුත්ථං ඣානං චතුත්ථො විහාරො චතුත්ථො සම්මප්පධානො චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො උපසමාධිට්ඨානං වීමංසාසමාධි සබ්බූපධිපටිනිස්සග්ගො උපෙක්ඛා ඉති චතුත්ථා දිසා.
Sinhala BJTසතරවැනි පටිපදා යැ සිව්වැනි සතිපට්ඨාන යැ සිව්වැනි ධ්‍යාන යැ සිව්වැනි (ආනෙඤ්ජ) විහාර යැ සිව්වැනි සම්‍යක්ප්‍රධාන යැ සිව්වැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ උපසමාධිට්ඨාන යැ විමංසාසමාධි යැ සබ්බූපධිපටිනිස්සග්ග යැ උපෙක්ඛා (අප්‍රාමාණ්‍ය) යැ යනු චතුර්‍ත්‍ථ දිශාභූත ධර්‍ම යි.
Pali BJTතත්ථ පඨමා පටිපදා පඨමො සතිපට්ඨානො පඨමං ඣානං පඨමො විහාරො පඨමො සම්මප්පධානො පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො සච්චාධිට්ඨානං ඡන්දසමාධි ඉන්ද්රියසංවරො මෙත්තා ඉති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං. ඉදං රාගචරිතස්ස පුග්ගලස්ස භෙසජ්ජං.
Sinhala BJTඒ දිශාභූත ධර්‍මයන් කෙරෙහි පඨම ප්‍රතිපදා යැ පඨම සතිපට්ඨාන යැ පඨම ඣාන යැ පඨම විහාර යැ පඨම සම්මප්පධාන යැ පඨම අච්ඡරිය අබ්භූතධම්ම යැ සච්චාධිට්ඨාන යැ ඡන්‍දසමාධි යැ ඉන්‍ද්‍රියසංවර යැ මෙත්තා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ රාගචරිත පුද්ගලහට බෙහෙති.
Pali BJTදුතියා පටිපදා දුතියො සතිපට්ඨානො දුතියං ඣානං දුතියො විහාරො දුතියො සම්මප්පධානො දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො චාගාධිට්ඨානං විරියසමාධි තපො කරුණා ඉති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං. ඉදං දොසචරිතස්ස පුග්ගලස්ස භෙසජ්ජං.
Sinhala BJTදෙවැනි පටිපදා යැ දෙවැනි සතිපට්ඨාන යැ දෙවැනි ධ්‍යානය දෙවැනි විහාර යැ දෙවැනි සම්මප්පධාන යැ දෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ චාගාධිට්ඨාන යැ විරියසමාධි යැ (පුණ්‍යධර්‍ම) තපස යැ කරුණා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ දෝසචරිත පුද්ගලහට බෙහෙති.
Pali BJTතතියා පටිපදා තතියො සතිපට්ඨානො තතියං ඣානං තතියො විහාරො තතියො සම්මප්පධානො තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො පඤ්ඤාධිට්ඨානං චිත්තසමාධි බුද්ධි මුදිතා ඉති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං. ඉදං දිට්ඨිචරිතස්ස මන්දස්සපුග්ගලස්ස භෙසජ්ජං.
Sinhala BJTතෙවැනි පටිපදා යැ තෙවැනි සතිපට්ඨාන යැ තෙවැනි ධ්‍යාන යැ තෙවැනි විහාර යැ තෙවැනි සම්මප්පධාන යැ තෙවැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ පඤ්ඤාධිට්ඨාන යැ චිත්තසමාධි යැ (බොජ්ඣඞ්ගභාවනා) බුද්ධි යැ මුදිතා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ මන්‍ද වූ (මෝහාධික) දිට්ඨිචරිත පුද්ගලහට බෙහෙති.
Pali BJTචතුත්ථා පටිපදා චතුත්ථො සතිපට්ඨානො චතුත්ථං ඣානං චතුත්ථො විහාරො චතුත්ථො. සම්මප්පධානො චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො උපසමාධිට්ඨානං වීමංසාසමාධි සබ්බූපධිපටිනිස්සග්ගො උපෙක්ඛො ඉති ඉමෙසං දසන්නං සුත්තානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානං. ඉදං දිට්ඨිචරිතස්ස උදත්ථස්ස භෙසජ්ජං.
Sinhala BJTසිව්වැනි පටිපදා යැ සිව්වැනි සතිපට්ඨාන යැ සිව්වැනි ධ්‍යාන යැ සිව්වැනි විහාර යැ සිව්වැනි සම්මප්පධාන යැ සිව්වැනි අච්ඡරිය අබ්භූත ධර්‍ම යැ උපසමාධිට්ඨාන යැ විමංසාසමාධි යැ සබ්බූපධිපටිනිස්සග්ග යැ උපෙක්ඛා යැ යන මේ දසවැදෑරුම් සූත්‍රපදයන්ගේ අර්‍ත්‍ථය එකෙකැ, ව්‍යඤ්ජනය මැ නානා වෙයි. මේ උදත්‍ථ (උදාර ප්‍රඥා ඇති) දිට්ඨිචරිත පුද්ගලහට බෙහෙති.
Pali BJTතත්ථ දුක්ඛා ච පටිපදා දන්ධාභිඤ්ඤා දුක්ඛා ච පටිපදා ඛිප්පා භිඤ්ඤා අප්පණිහිතං විමොක්ඛමුඛං, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා සුඤ්ඤතවිමොක්ඛමුඛං, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා අනිමිත්ත විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි (ඒ වෝදානධර්‍මයන් කෙරෙහි) දන්‍ධාභිඤ්ඤ වූ දුක්ඛපටිපදාව ද ඛිප්පාභිඤ්ඤ වූ දුක්ඛපටිපදාව ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ දන්‍ධාභිඤ්ඤ වූ සුඛපටිපදාව ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, ඛිප්පාභිඤ්ඤ වූ සුඛපටිපදාව අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ කායෙ කායානුපස්සිතා සතිපට්ඨානං ච වෙදනාසු වෙදනානුපස්සිතා සතිපට්ඨානං ච අප්පණිහිතං විමොක්ඛමුඛං, චිත්තෙ චිත්තානුපස්සිතා සුඤ්ඤතා විමොක්ඛමුඛං, ධම්මෙසු ධම්මානුපස්සීතා අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි කයෙහි කය අනුව දක්නා සතිපට්ඨානය ද වේදනාවන්හි වේදනා අනුව දක්නා සතිපට්ඨානය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, චිත්තයෙහි චිත්තානුපස්සී සතිපට්ඨානය ශුන්‍යත විමොක්‍ෂමුඛ යැ, ධර්‍මයන්හි ධම්මානුපස්සී සතිපට්ඨානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ පඨමඤ්ච ඣානං දුතියං ච ඣානං අප්පණිහිතං විමොක්ඛමුඛං තතියං ඣානං සුඤ්ඤාතා, චතුත්ථං ඣානං අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි ප්‍රථමධ්‍යානය ද ද්විතීයධ්‍යානය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, තෘතීයධ්‍යානය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, චතුර්‍ත්‍ථධ්‍යානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ පඨමො ච විහාරො දුතියො ච විහාරො අප්පණිහිතං විමොක්ඛමුඛං, තතියො විහාරො සුඤ්ඤතා, චතුත්ථො විහාරො අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි ප්‍රථමවිහාරය ද ද්විතීය විහාරය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, තෘතීය විහාරය ශුන්‍යත විමොක්‍ෂමුඛ යැ, චතුර්‍ත්‍ථවිහාරය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ පඨමං ච සම්මප්පධානං දුතියං ච සම්මප්පධානං අප්පණිහිතං විමොක්ඛමුඛං, තතියං සම්මප්පධානං සුඤ්ඤතා, චතුත්ථං සම්මප්පධානං අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි ප්‍රථම සම්‍යක්ප්‍රධානය ද ද්විතීය සම්‍යක්ප්‍රධානය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, තෘතීය සම්‍යක්ප්‍රධානය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, චතුර්‍ත්‍ථ සම්‍යක්ප්‍රධානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ මානපහානං ච ආලයසමුග්ඝාතො ච අප්පණිහිතං විමෙක්ඛමුඛං අවිජ්ජාපහානං සුඤ්ඤතා, භවූපසමො අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි මානප්‍රහාණය ද ආලයසමුද්ඝාතය ද අප්‍රණිහිත විමොක්‍ෂමුඛ යැ, අවිද්‍යාප්‍රහාණය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, භවූපසමය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ සච්චාධිට්ඨානං ච චාගාධිට්ඨානං ච අප්පණිහිතං විමොක්ඛමුඛං, පඤ්ඤාධිට්ඨානං සුඤ්ඤතා, උපසමාධිට්ඨානං අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි සත්‍යාධිට්ඨානය ද චාගාධිට්ඨානය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, පඤ්ඤාධිට්ඨානය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, උපසමාධිට්ඨානය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ ඡන්දසමාධි විරියසමාධි ච අප්පණිහිතං විමොක්ඛමුඛං, චිත්ත සමාධි සුඤ්ඤතා, වීමංසාසමාධි අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි ඡන්‍දසමාධිය ද විරියසමාධිය ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, චිත්තසමාධිය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, විමංසාසමාධිය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ ඉන්ද්රියසංවරො ච තපො ච අප්පණිහිතං විමොක්ඛමුඛං, බුද්ධි සුඤ්ඤතා සබ්බූපධිපටිනිස්සග්ගො අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි ඉන්‍ද්‍රියසංවරය ද තපස ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, බුද්ධිය ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, සබ්බූපධිපටිනිස්සග්ගය අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතත්ථ මෙත්තා ච කරුණා ච අප්පණිහිතං විමොක්ඛමුඛං, මුදිතා සුඤ්ඤතා, උපෙක්ඛා අනිමිත්තං විමොක්ඛමුඛං.
Sinhala BJTඑහි මෙත්තාව ද කරුණාව ද අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛ යැ, මුදිතාව ශුන්‍යතවිමෝක්‍ෂමුඛ යැ, උපෙක්ඛාව අනිමිත්තවිමොක්‍ෂමුඛ යි.
Pali BJTතෙසං වික්කීළිතං; චත්තාරො ආහාරා, තෙසං පටිපක්ඛො චතස්සො පටිපදා චත්තාරො විපල්ලාසා, තෙසං පටිපක්ඛො චත්තාරො සතිපට්ඨානා චත්තාරි උපාදානානි, තෙසං පටිපක්ඛො චත්තාරි ඣානානි. චත්තාරො යොගා, තෙසං පටිපක්ඛො චත්තාරො විහාරා, චත්තාරො ගන්ථා, තෙසං පටිපක්ඛො චත්තාරො සම්මප්පධානං චත්තාරො ආසවා තෙසං පටිපක්ඛො චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා චත්තාරො ඔඝා, තෙසංපටිපක්ඛො චත්තාරි අධිට්ඨානානි, චත්තාරො සල්ලා, තෙසං පටිපක්ඛො චතස්සො සමාධිභාවනා චතස්සො විඤ්ඤාණට්ඨිතියො, තෙසං පටිපක්ඛො චත්තාරො සුඛභාගියා ධම්මා. චත්තාරි අගතිගමනානි, තෙසං පටිපක්ඛො චතස්සො අප්පමාණා.
Sinhala BJT(අසන්තසනාදි විශේෂයෝගයෙන් සිංහසදෘශ වූ) ඒ බුද්ධාදීන්ගේ (භාවනා සච්ඡිකිරියා පහාන සංඛ්‍යාත) වික්‍රීඩිතය හෙවත් පැවැත්ම වෙයි : (සංකිලේස පක්‍ෂයෙහි) සතර ආහාරයෝ වෙති, (වෝදාන පක්‍ෂයෙහි) සතර ප්‍රතිපදාවෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ, (එසේ මැ) සතර විපල්ලාසයෝ වෙති, සතර සතිපට්ඨානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර උපාදානයෝ වෙති, සතර ධ්‍යානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර යෝගයෝ වෙති, (දිබ්බාදි) සතර විහාරයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර ග්‍රන්‍ථයෝ වෙති, සතර සම්‍යක්ප්‍රධානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර කාමාදි ආසවයෝ වෙති, සතර ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර ඕඝයෝ වෙති, සතර අධිට්ඨානයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර ශල්‍යයෝ වෙති, සතර සමාධිභාවනාවෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර විඤ්ඤාණට්ඨිතිහු වෙති, සතර සුඛභාගිය ධර්‍මයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යැ. සතර අගතිගමනයෝ වෙති, සතර අප්‍රාමාණ්‍යයෝ ඔවුනට ප්‍රතිපක්‍ෂ යි.
Pali BJTසීහා: බුද්ධා පච්චෙකබුද්ධා සාවකා ච හතරාගදොසමොහා; තෙසං වික්කීළිතං භාවනා සච්ඡිකිරියා බ්යන්තීකිරියා ච, වික්කීළිතං ඉන්ද්රියාධිට්ඨා නං, වික්කීළිතං විපරියාසානධිට්ඨානං ච ඉන්ද්රියානි සද්ධම්මගොචරො, විපරියාසා කිලෙසගොචරො අයං වුච්චති සීහවික්කීළිතස්ස ච නයස්ස දිසාලොචනස්ස ච නයස්ස භූමීති. තෙනාහ. “සො නෙති විපල්ලාසෙහි කිලෙසෙ” “වෙය්යාකරණෙසු හි යෙ කුසලාකුසලා” ති ච.
Sinhala BJT(සමුච්ඡේදප්‍රහාණ විසින්) නසනලද රාගද්වේෂමෝහ ඇති සම්මාසම්බුදුහු ද පසේ බුදුහු ද සව්වෝ ද (අසන්ත්‍රාස බල පරාක්‍රමාදි විශේෂයෝගයෙන්) සිංහසදෘශ වෙති, ඒ සිංහසදෘශ බුද්ධාදීන්ගේ බෝධ්‍යඞ්ගධර්‍මයන්ගේ භාවනාව ඵලනිර්‍වාණයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම දශවස්තුක ක්ලේශපුඤ්ජය ප්‍රහාණය කිරීම ද වික්‍රීඩිත යැ, (ඉන්‍ද්‍රියාධිට්ඨාන) ඉන්‍ද්‍රියයන්ගේ පැවැත්ම භාවනා සච්ඡිකිරියා ද වික්‍රීඩිත යැ, විපර්‍ය්‍යාසයන්ගේ නො පැවැත්ම ප්‍රහාණය අනුත්පාදනය ද වික්‍රීඩිත යි. ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ සද්ධර්‍මයට ගෝචර වූවාහුය, විපල්ලාසයෝ සංක්ලේශපක්‍ෂයට ගෝචර යි. පැවැත්මට හේතු යි. මේ සීහවික්කීළිතනයට ද දිසාලෝචනනයට ද භූමි යයි කියනුලැබේ. “යො නෙති විපල්ලාසෙහි කිලෙසෙ” යනු ද “වෙය්‍යාකරණෙසු හි යෙ කුසලාකුසලා” යනු ද එයින් කීහ.
Pali BJTතත්ථ යෙ දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නීයන්ති ඉමෙ ද්වෙ පුග්ගලා. යෙ සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නීයන්ති ඉමෙ ද්වෙ පුග්ගලා. තෙසං චතුන්නං පුග්ගලානං අයං සංකිලෙසො: චත්තාරො ආහාරා චත්තාරො විපල්ලාසා චත්තාරි උපාදානානි චත්තාරො යොගා චත්තාරො ගන්ථා චත්තාරො ආසවා චත්තාරො ඔඝා චත්තාරො සල්ලා චතස්සො විඤ්ඤාණට්ඨිතියො චත්තාරි අගතිගමනානීති. තෙසං චතුන්නං පුග්ගලානං ඉදං වොදානං: චතස්සො පටිපදා චත්තාරො විහාරා චත්තාරො සම්මප්පධානා චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා චත්තාරි අධිට්ඨානානි චතස්සො සමාධිභාවනා චත්තාරො සුඛභාගියා ධම්මා චතස්සො අප්පමාණා ඉති.
Sinhala BJTඒ පුද්ගලයන් කෙරෙහි යම් කෙනෙක් දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මේ පුද්ගලයෝ දෙදෙනෙකි. යම් කෙනෙක් සුඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නිර්‍ය්‍යාණය කෙරෙත් ද මේ පුද්ගලයෝ දෙදෙනෙකි. ඒ සතර පුද්ගලයනට මේ සංක්ලේශ යැ : සතර ආහාරයෝ යැ සතර විපල්ලාසයෝ යැ සතර උපාදානයෝ යැ සතර යෝගයෝ යැ සතර ග්‍රන්‍ථයෝ යැ සතර ආසවයෝ යැ සතර ඕඝයෝ යැ සතර ශල්‍යයෝ යැ සතර විඤ්ඤාණට්ඨිති යැ සතර අගතිගමනයෝ යැ යන මොහු යි. ඒ සතර පුද්ගලයනට මේ වෝදාන යැ : සතර ප්‍රතිපදා යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ධ්‍යානයෝ යැ සතර විහාරයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍මයෝ යැ සතර අධිට්ඨානයෝ යැ සතර සමාධි භාවනා යැ සතර සුඛභාගියධර්‍මයෝ යැ සතර අප්‍රාමාණ්‍යයෝ යැ යන මොහු යි.
Pali BJTතත්ථ යෙ දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නීයන්ති ඉමෙ ද්වෙ පුග්ගලා යෙ සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නීයන්ති ඉමෙ ද්වෙ පුග්ගලා. තත්ථ යො සුඛාය පටිපදාය ඛිප්පාභිඤ්ඤාය ච නීයාති අයං උග්ඝටිතඤ්ඤූ, යො සාධාරණාය අයං විපඤ්චිතඤ්ඤු, යො දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය නීයාති අයං නෙය්යො.
Sinhala BJTඒ පුද්ගලයන් කෙරෙහි දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද යම් කෙනෙක් නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙකි. සුඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද යම් කෙනෙක් නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙකි. ඒ පුද්ගලයන් සතරදෙනා කෙරෙහි යමෙක් සුඛපටිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේ ද මේ පුද්ගල උද්ඝටිතඥ වෙයි. යමෙක් සාධාරණ ප්‍රතිපදායෙන් (‘දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා’ යන ප්‍රතිපදා දෙකින් නික්මැයේ ද,) මේ විපඤ්චිතඥ පුද්ගල වෙයි. යමෙක් දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් සසරදුකින් නික්මැයේ ද මේ නෙය්‍යපුද්ගල වේ.
Pali BJTතත්ථ භගවා උග්ඝටිතඤ්ඤුස්ස පුග්ගලස්ස සමථං උපදිසති, නෙය්යස්ස විපස්සනං, සමථවිපස්සනං විපඤ්චිතඤ්ඤුස්ස. තත්ථ භගවා උග්ඝටිතඤ්ඤුස්ස පුග්ගලස්ස මුදුකං ධම්මදෙසනං උපදිසති; තික්ඛං නෙය්යස්ස, මුදුතික්ඛං විපඤ්චිතඤ්ඤුස්ස පුග්ගලස්ස. තත්ථ භගවා උග්ඝටිතඤ්ඤුස්ස පුග්ගලස්ස සංඛිත්තෙන ධම්මං දෙසයති, සංඛිත්තවිත්ථාරෙන විපඤ්චිතඤ්ඤුස්ස, විත්ථාරෙන නෙය්යස්ස. තත්ථ භගවා උග්ඝටිතඤ්ඤුස්ස පුග්ගලස්ස නිස්සරණං උපදිසති, විපඤ්චිතඤ්ඤුස්ස ආදීනවං ච නිස්සරණං ච උපදිසති, නෙය්යස්ස අස්සාදඤ්ච ආදීනවං ච නිස්සරණං ච උපදිසති. තත්ථ භගවා උග්ඝටිතඤ්ඤුස්ස අධිපඤ්ඤාසික්ඛං පඤ්ඤාපයති, අධිචිත්තං විපඤ්චි තඤ්ඤුස්ස, අධිසීලං නෙය්යස්ස.
Sinhala BJTඒ පුද්ගලයන් කෙරෙහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට සමථය දෙසනසේක, නෙයපුද්ගලහට විදර්‍ශනාව ද විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට සමථවිපස්සනා දෙක ද දෙසන සේකි. ඔවුන් කෙරෙහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට මෘදු (සැහැල්ලු) වූ ධර්‍මදේශනාව දෙසනසේක, නෙය්‍යපුද්ගලහට (අපායභය දැක්වීම් ආදියෙන්) තියුණු වූ දේශනාව ද, විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට (සංවේග දැනැවීම් ආදියෙන්) මුදු තියුණු දේශනාව ද දෙසන සේකි. එහි බුදුහු උග්ගටිතඤ්ඤෑ පුද්ගලහට සැකෙවින් (උද්දේසමාත්‍රයෙන්) දහම් දෙසනසේක, විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට සංක්‍ෂෙපවිස්තරයෙන් (උද්දේස නිද්දේස විසින්) ද, නෙය්‍ය පුද්ගලහට විස්තරයෙන්ද (උද්දේස නිද්දේස පටිනිද්දේස වශයෙන්) දහම් දෙසනසේකි. එහි බුදුහු උද්ඝටිතඥ පුද්ගලහට නිස්සරණය දක්වනසේක, විපඤ්චිතඥ පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක, නෙය්‍යපුද්ගලහට අස්සාදය ද ආදීනව ද නිස්සරණය ද දෙසනසේකි. එහි බුදුහු උග්ඝටිතඤ්ඤෑ පුද්ගලහට අධිප්‍රඥාශික්‍ෂාව පනවනසේක, විපඤ්චිතඤ්ඤෑ පුද්ගලහට අධිචිත්තශික්‍ෂාව ද, නෙය්‍යපුද්ගලහට අධිශීලශික්‍ෂාව ද පනවනසේකි.
Pali BJTතත්ථ යෙ දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නීයන්ති ඉමෙ ද්වෙ පුග්ගලා. යෙ සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නීයන්ති ඉමෙ ද්වෙ පුග්ගලා. ඉති ඛො චත්තාරි හුත්වා තීණි භවන්ති. උග්ඝටිතඤ්ඤූ විපඤ්චිතඤ්ඤූ නෙය්යොති.
Sinhala BJTඒ පුද්ගලයන් කෙරෙහි යම් කෙනෙක් දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් හා ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙකි, යම් කෙනෙක් සුඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් හා ක්‍ෂිප්‍රාභිඥායෙන් හා නිර්‍ය්‍යාණය කෙරෙත් ද, මොහු පුද්ගලයෝ දෙදෙනෙක් වෙත්. මෙසේ උක්තප්‍රකාරයෙන් පුද්ගලයන් සතරදෙනකු වැ. උග්ඝටිතඤ්ඤෑ විපඤ්චිතඤ්ඤෑ නෙය්‍ය යි පුද්ගලයෝ තිදෙනෙක් වෙත්.
Pali BJTතෙසං තිණ්ණං පුග්ගලානං අයං සංකිලෙසො: තීණි අකුසලමූලානි: ලොභො අකුසලමූලං දොසො අකුසලමූලං මොහො අකුසලමූලං, තීණි දුච්චරිතානි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං, තයො අකුසලවිතක්කා: කාමවිතක්කො බ්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො තිස්සො අකුසලසඤ්ඤා: කාමසඤ්ඤා බ්යාපාදසඤ්ඤා විහිංසාසාඤ්ඤා තිස්සො විපරීතසඤ්ඤ: නිච්චසඤ්ඤා සුඛසඤ්ඤා අත්තසඤ්ඤා, තිස්සො වෙදනා: සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා, තිස්සො දුක්ඛතා: දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරීනාමදුක්ඛතා, තයො අග්ගී: රාගග්ගි දොසග්ගි මොහග්ගි. තයො සල්ලා: රාගසල්ලො දොස සල්ලො මොහසල්ලො, තිස්සො ජටා: රාගජටා දොසජටා මොහජටා, තිස්සො අකුසලුපපරික්ඛා: අකුසලං කායකම්මං අකුසලං වචීකම්මං අකුසලං මනොකම්මං, තිස්සො විපත්තියො: සීලවිපත්ති දිට්ඨිවිපත්ති ආචාරවිපත්තීති.
Sinhala BJTඒ තුන්වැදෑරුම් පුද්ගලයනට මේ සංකිලේස යැ : අකුශලමූල තුනෙකි : ලෝභ අකුශලමූල යැ ද්වේෂ අකුශලමූල යැ මෝහ අකුශලමූල යි. දුශ්චරිත තුනෙකි : කාය දුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යි. අකුශලවිතර්‍කයෝ තිදෙනෙකි : කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යි. අකුශලසංඥා තුනෙකි : කාමසංඥා යැ ව්‍යාපාදසංඥා යැ විහිංසාසංඥා යි. විපරීතසංඥා තුනෙකි : නිත්‍යසංඥා යැ සුඛසංඥා යැ ආත්මසංඥා යි. වේදනා තුනෙකි : සුඛවේදනා යැ දුක්ඛවේදනා යැ අදුක්ඛමසුඛවෙදනා යි. දුක්ඛතා තුනෙකි : දුක්ඛදුක්ඛතා යැ සඞ්ඛාරදුක්ඛතා යැ විපරිණාම දුක්ඛතා යි. ගිනි තුනෙකි : රාගාග්නි යැ ද්වේෂාග්නි යැ මෝහාග්නි යි. ශල්‍යයෝ තිදෙනෙකි : රාගශල්‍ය යැ ද්වේෂශල්‍ය යැ මෝහශල්‍ය යි. ජටා තුනෙකි : රාගජටා යැ ද්වේෂජටා යැ මෝහජටා යි. අකුශලෝපපරීක්‍ෂා තුනෙකි : අකුශල කායකර්‍ම යැ අකුශල වාක්කර්‍ම යැ අකුශල මනඃකර්‍ම යි. විපත්ති තුනෙකි : ශීලවිපත්ති යැ දෘෂ්ටි විපත්ති යැ ආචාරවිපත්ති යැ යන මේ සතිස් ධර්‍මයෝ සංකිලේස යි.
Pali BJTතෙසං තිණ්ණං පුග්ගලානං ඉදං වොදානං: තීණි කුසලමූලානි: අලොභො කුසලමූලං අදොසො කුසලමූලං අමොහො කුසලමූලං, තීණි සුචරිතානි: කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං, තයො කුසලවිතක්කා: නෙක්ඛම්මවිතක්කො අබ්යාපාදවිතක්කො අවිහිංසාවිතක්කො, තයො සමාධි: සවිතක්කො සවිචාරො සමාධි අවිතක්කො විචාරමත්තො සමාධි අවිතක්කො අවිචාරො සමාධි, තිස්සො කුසලසඤ්ඤා: නෙක්ඛම්මසඤ්ඤා අබ්යාපාදසඤ්ඤා අවිහිංසාසඤ්ඤා, තිස්සො අවිපරිතසඤ්ඤා: අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා අනත්තසඤ්ඤා, තිස්සො කුසලූපපරික්ඛා: කුසලං කායකම්මං කුසලං වචීකම්මං කුසලං මනොකම්මං, තීණි සොචෙය්යානි: කායසොචෙය්යං වචීසොචෙය්යං මනොසොචෙය්යං, තිස්සො සම්පත්තියො: සීලසම්පත්ති සමාධිසම්පත්ති පඤ්ඤාසම්පත්ති, තිස්සො සික්ඛා: අධිසීලසික්ඛා අධිචිත්තසික්ඛා අධිපඤ්ඤාසික්ඛා, තයො ඛන්ධා: සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො පඤ්ඤාක්ඛන්ධො, තීණි විමොක්ඛ මුඛානි: සුඤ්ඤතං අනිමිත්තං අප්පණිහිතන්ති.
Sinhala BJTඒ තුන් පුද්ගලයනට මේ වෝදාන යැ : කුශලමූල තුනෙකි : අලෝභකුසලමූල යැ අදෝසකුසලමූල යැ අමෝහකුසලමූල යි. සුචරිත තුනෙකි : කායසුචරිත යැ වචීසුචරිත යැ මනෝසුචරිත යි. කුශලවිතර්‍කයෝ තිදෙනෙකි : නෛෂ්ක්‍රම්‍යවිතර්‍ක යැ අව්‍යාපාදවිතර්‍ක යැ අවිහිංසාවිතර්‍ක යි. සමාධීහු තිදෙනෙකි : සවිතර්‍කසවිචාර සමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යි. කුශලසංඥා තුනෙකි : නෛෂ්ක්‍රම්‍යසංඥා යැ අව්‍යාපාදසංඥා යැ අවිහිංසාසංඥා යි. අවිපරීතසංඥා තුනෙකි : අනිත්‍යසංඥා යැ දුඃඛසංඥා යැ අනාත්මසංඥා යි. කුශලෝපපරීක්‍ෂා තුනෙකි : කුශල කායකර්‍ම යැ කුශල වාක්කර්‍ම යැ කුශලමනඃකර්‍ම යි. සුචිභාව තුනෙකි : කායසොචෙය්‍ය යැ වචීසොචෙය්‍ය යැ මනෝසොචෙය්‍ය යි. සම්පත් තුනෙකි : ශීලසම්පත්ති යැ සමාධිසම්පත්ති යැ ප්‍රඥාසම්පත්ති යි. ශික්‍ෂා තුනෙකි : අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥාශික්‍ෂා යි. ස්කන්‍ධ තුනෙකි : ශීලස්කන්‍ධ යැ සමාධිස්කන්‍ධ යැ ප්‍රඥාස්කන්‍ධ යි. විමොක්‍ෂමුඛ තුනෙකි : ශුන්‍යත යැ අනිමිත්ත යැ අප්‍රණිහිත යැ යන මේ සතිස් ධර්‍මයෝ වෝදාන යි.
Pali BJTඉති ඛො චත්තාරි හුත්වා තීණි භවන්ති, තීණි හුත්වා ද්වෙ භවන්ති: තණ්හාචරිතො ච දිට්ඨිචරිතො ච, තෙසං ද්වින්නං පුග්ගලානං අයං සංකිලෙසො: තණ්හා ච අවිජ්ජා ච අහිරිකඤ්ච අනොත්තප්පඤ්ච, අසති ච අසම්පජඤ්ඤං ච, අයොනිසොමනසිකාරො ච කොසජ්ජඤ්ච දොවචස්සඤ්ච අහඞ්කාරො ච මමංකාරො ච අස්සද්ධා ච පමාදො ච අසද්ධම්මසවණඤ්ච අසංවරො ච අභිජ්ඣා ච ව්යාපාදො ච නීවරණඤ්ච සංයොජනඤ්ච කොධො ච උපනාහො ච මක්ඛො ච පලාසො ච ඉස්සා ච මච්ඡෙරඤ්ච මායා ච සාඨෙය්යඤ්ච සස්සතදිට්ඨි ච උච්ඡෙදදිට්ඨි චාති.
Sinhala BJTමේ උක්තප්‍රකාරයෙන් පුද්ගලයන් සතරදෙනකු වී තිදෙනෙක් වෙති. තිදෙනෙකු වී දෙදෙනෙක් වෙති: තෘෂ්ණාචරිත ඇත්තේ ද දෘෂ්ටිචරිත ඇත්තේ දැයි කියා යි. ඒ දෙවැදෑරුම් පුද්ගලයනට මේ සංකිලේස වෙයි: තෘෂ්ණා යැ අවිද්‍යා යැ අහිරික යැ අනොත්තප්ප යැ අසති යැ අසම්පජඤ්ඤ යැ අයෝනිසෝමනසිකාර යැ කුසීදබව යැ දුර්වචබව යැ අහංකාර යැ මමංකාර යැ අශ්‍රද්ධා යැ ප්‍රමාද යැ අසද්ධර්‍මශ්‍රවණ යැ අසංවර යැ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ නීවරණ යැ සංයෝජන යැ ක්‍රෝධ යැ උපනාහ යැ මක්ඛයැ පලාස යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා යැ සාඨෙය්‍ය යැ ශාශ්වතදෘෂ්ටි යැ උච්ඡේදදෘෂ්ටි යැ ද යන මේ සංකිලේස යි.
Pali BJTතෙසං ද්වින්නං පුග්ගලානං ඉදං වොදානං: සමථො ච විපස්සනා ච හිරි ච ඔත්තප්පඤ්ච සති ච සම්පජඤ්ඤඤ්ච යොනිසොමනසිකාරො ච විරියාරම්භො ච සොවචස්සඤ්ච ධම්මෙඤාණං ච අචචයෙඤාණඤ්ච ඛයෙඤාණඤ්ච අනුප්පාදෙඤාණඤ්ච සද්ධා ච අප්පමාදො ච සද්ධම්ම සවණඤ්ච සංවරො ච අනභිජ්ඣා ච අබ්යාපාදො ච රාගවිරාගා ච චෙතොවිමුත්ති අවිජ්ජාවිරාගා ච පඤ්ඤාවිමුත්ති අභිසමයො ච අප්පිච්ඡතා ච සන්තුට්ඨි ච අක්කොධො ච අනුපනාහො ච අමක්ඛො ච අපලාසො ච ඉස්සාපහානඤ්ච මච්ඡරියපහානඤ්ච විජ්ජා ච විමුත්ති ච සඞ්ඛතා රම්මණො ච විමොක්ඛො අසඞ්ඛතාරම්මණො ච විමොක්ඛො සඋපාදිසෙසා ච නිබ්බානධාතු අනුපාදිසෙසා ච නිබ්බානධාතූති. අයං වුච්චති තිපුක්ඛලස්ස ච නයස්ස අංකුසස්ස ච නයස්ස භූමීති. තෙනාහ: “යො අකුසලෙ සමූලෙහි නෙතී”ති, “ඔලොකයිත්වා දිසලොචනෙනා”තිච.
Sinhala BJTඒ තණ්හාචරිත දිට්ඨිචරිත පුද්ගලයන් දෙදෙනාට මේ වෝදාන වෙයි : සමථ යැ විදර්‍ශනා යැ හිරි යැ ඔත්තප්ප යැ සති යැ සම්පජඤ්ඤ යැ යෝනිසෝමනසිකාර යැ වීර්‍ය්‍යාරම්භ යැ සුවචබව යැ ධර්‍මයෙහි ඥාන යැ අන්‍වයෙහි ඥාන යැ ක්‍ෂයඥාන යැ අනුත්පාදයෙහි ඥාන යැ ශ්‍රද්ධා යැ අප්‍රමාද යැ සද්ධර්‍මශ්‍රවණ යැ සංවර යැ අනභිධ්‍යා යැ අව්‍යාපාද යැ රාගවිරාගචේතෝවිමුත්ති යැ අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්ති යැ අභිසමය යැ අල්පේච්ඡතා යැ සන්තුෂ්ටි යැ අක්‍රෝධ යැ අනුපනාහ යැ නොමකු බව යැ අපලාස (යුගග්‍රාහ නැතිබව) යැ ඊර්‍ෂ්‍යාප්‍රහාණ යැ මාත්සර්‍ය්‍ය ප්‍රහාණ යැ විද්‍යා යැ විමුක්ති යැ සංඛතාරම්මණවිමෝක්‍ෂ යැ අසංඛතාරම්මණවිමොක්‍ෂ යැ සඋපාදිසේස නිර්‍වාණධාතු යැ අනුපාදිසේසනිර්‍වාණධාතුව ද යන මේ වෝදාන යි. මේ තිපුක්ඛල නයට ද අංකුස නයට ද භූමි යයි කියනු ලැබේ. යො අකුසලෙ සමූලෙහි නෙති යනාදිය ද “ඔලෝකයිත්‍වා දිසලොචනෙන” යනාදිය ද එයින් වදාළහ.
Pali BJTනියුත්තං නයසමුට්ඨානං.
Sinhala BJTනයසමුට්ඨානය යොදන ලද්දේ යි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTසාසනපට්ඨානං
Sinhala BJTශාසනප්‍රස්ථානය
Pali BJTතත්ථ අට්ඨාරස මූලපදා කුහිං දට්ඨබ්බා: සාසනපට්ඨානෙ, තත්ථ කතමං සාසනපට්ඨානං: සංකිලෙසභාගියං සුත්තං, වාසනාභාගියං සුත්තං, නිබ්බෙධභාගියං සුත්තං. අසෙඛභාගියං සුත්තං, සංකිලෙස භාගියඤ්ච වාසනාභාගියඤ්ච සුත්තං, සංකිලෙසභාගිසඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං, සංකිලෙසභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං, සංකිලෙසභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං, සංකිලෙසභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං, සංකිලෙසභාගියඤ්ච වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං, වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං, තණ්හාසංකිලෙසභාගියං සුත්තං, දිට්ඨිසංකිලෙසභාගියං සුත්තං, දුච්චරිතසංකිලෙසභාගියං සුත්තං, තණ්හාවොදානභාගියං සුත්තං, දිට්ඨිවොදානභාගියං සුත්තං, දුච්චරිතවොදානභාගියං සුත්තං.
Sinhala BJTඒ මූලපදවිභාගයෙහි අටළොස් මූලපදයෝ කොහි ලා දැක්කයුත්තාහු යැ යත් : සාසනපට්ඨානයෙහි දැක්කයුතු. එහි සාසනපට්ඨාන කවරෙ යැ : (1) සංකිලෙසභාගිය සූත්‍ර යැ, (2) වාසනාභාගිය සූත්‍ර යැ, (3) නිබ්බේධභාගිය සූත්‍ර යැ, (4) අසේඛභාගිය සූත්‍ර යැ, (5) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යැ, (6) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (7) සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (8) සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ, (9) සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (10) වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ, (11) තණ්හාසංකිලේසභාගිය සූත්‍ර යැ, (12) දිට්ඨිසංකිලේසභාගිය සූත්‍ර යැ, (13) දුච්චරිතසංකිලෙසභාගිය සූත්‍ර යැ, (14) තණ්හාවෝදානභාගිය සූත්‍ර යැ, (15) දිට්ඨිවෝදානභාගිය සූත්‍ර යැ, (16) දුච්චරිතවෝදානභාගිය සූත්‍ර යි.
Pali BJTතත්ථ සංකිලෙසො තිවිධො: තණ්හාසංකිලෙසො දිට්ඨිසංකිලෙසො දුච්චරිතසංකිලෙසො. තත්ථ තණ්හාසංකිලෙසො සමථෙන විසුජ්ඣති. සො සමථො සමාධික්ඛන්ධො. දිට්ඨිසංකිලෙසො විපස්සනාය විසුජ්ඣති. සා විපස්සනා පඤ්ඤාක්ඛන්ධො. දුච්චරිතසංකිලෙසො සුචරිතෙන විසුජ්ඣති. තං සුචරිතං සීලක්ඛන්ධො, තස්ස සීලෙ පතිට්ඨිතස්ස යදී ආසත්ති උප්පජ්ජති භවෙසු, එවං සා’යං සමථවිපස්සනා භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු භවති. තත්රුප්පත්තියා{1} සංවත්තති.
Sinhala BJTඑහි සංකිලේස ත්‍රිවිධ යැ : තණ්හාසංකිලේස යැ දිට්ඨිසංකිලේස යැ දුච්චරිතසංකිලේස යි කියා යි. ඒ ත්‍රිවිධ සංකිලේසයන් කෙරෙහි තණ්හාසංකිලෙසය සමථයෙන් විසුද්ධ වෙයි, ඒ සමථය සමාධිස්කන්‍ධ යි. දිට්ඨිසංකිලේසය විදර්‍ශනායෙන් විසුද්ධ වෙයි, ඒ විදර්‍ශනාව ප්‍රඥාස්කන්‍ධ යි. දුශ්චරිතසංකිලේසය සුචරිතයෙන් විසුද්ධ වෙයි, ඒ සුචරිතය ශීලස්කන්‍ධ යි. ශීලයෙහි පිහිටි ඔහුට ඉදින් භවයෙහි ආසත්ති (භව ප්‍රාර්‍ත්‍ථනාව) උපදී නම්, මෙසේ ඒ පුද්ගලහට මේ ශමථ - විදර්‍ශනා (විපාකඵල උපදවන හෙයින්) භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු වෙයි. ඒ ඒ භවයෙහි උපත පිණිස පවතී.
Pali BJTඉමානි චත්තාරි සුත්තානි සාධාරණානි කතානි අට්ඨ භවන්ති. තානියෙව අට්ඨ සුත්තානි සාධාරණානි කතානි සොළස භවන්ති. ඉමෙහි සොළසෙහි සුත්තෙහි භින්නෙහි නවවිධං සුත්තං භින්නං භවති. ගාථාය ගාථා අනුමිනිතබ්බා. වෙය්යාකරණෙන වෙය්යාකරණං අනුමිනිතබ්බං. සුත්තෙන සුත්තං අනුමිනිතබ්බං.
Sinhala BJTමේ ‘සංකිලේසභාගියා’ දි සතර සූත්‍රයෝ (‘සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච’ යනාදීන්) මිශ්‍ර කරනලද්දාහු සූත්‍ර අටක් වෙති. එමැ සූත්‍ර අට (ත්‍රික වශයෙන්) මිශ්‍ර කරන ලද්දාහු සොළොස් සූත්‍ර කෙනෙක් වෙත්. පට්ඨානනයින් විභාග කරනලද මේ සොළොස් වැදෑරුම් සූත්‍රයෙන් ‘සුත්ත ගෙය්‍යාදි පර්‍ය්‍යාප්තිශාසන සංඛ්‍යාත නවවිධ සූත්‍රය සොළොස් පරිද්දෙකින් විභාග කරනලද්දේ වේ. (මේ සොළසවිධ පට්ඨානයෙන් අසංගෘහිත වූ පර්‍ය්‍යාප්තිශාසනප්‍රදේශයෙක් නැතැ’ යි සේයි.) ගාථායෙන් ගාථාව (මේ ගාථාව වැනි ගාථා සංකිලෙසභාගිය යැ යනාදීන්) අනුමාන කොට හෙවත් තර්‍කණ කොට දතයුතු යැ, වෙය්‍යාකරණයෙන් වෙය්‍යාකරණය අනුමිනිතව්‍ය යැ, සූත්‍රයෙන් සූත්‍රය අනුමිනිතව්‍ය යි.
Pali BJT3. 4. 1.
Sinhala BJT3. 4. 1.
Pali BJT(1) තත්ථ කතමං සංකිලෙසභාගියං සුත්තං:
Sinhala BJT(1) ඒ සොළොස් සූත්‍රයන් කෙරෙහි සංකිලෙසභාගිය සූත්‍රය කවරෙ යැ :
Pali BJT1. “කාමන්ධා ජාලසඤ්ඡන්නා තණ්හාඡදනඡාදිතා. පමත්තබන්ධනා බද්ධා මච්ඡාව කුමිනාමුඛෙ; ජරාමරණමන්වෙන්ති වච්ඡො ඛීරපකොව මාතර”න්ති
Sinhala BJT1. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු කෙමිනමුවෙහි මසුන් මෙන් ප්‍රමාදය හේතු කොටගෙන කාමගුණ සංඛ්‍යාත බන්‍ධනයෙන් බැඳුනු සත්ත්‍වයෝ මවු දෙන කරා කිරි බොන වස්සකු මෙන් ජරාමරණයට පුනපුනා පැමිණෙති.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT“චත්තාරිමානි භික්ඛවෙ අගතිගමානානි, කතමානි චත්තාරි: ඡන්දා අගතිං ගච්ඡති, දොසා අගතිං ගච්ඡති, භයා අගතිං ගච්ඡති, මොහා අගතිං ගච්ඡති, ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අගතිගමනානි. ඉදමවොච භගවා ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා.
Sinhala BJT“මහණෙනි, මේ අගතිගමනයෝ සතර දෙනෙකි, කවර සතරදෙනෙක යත්: ඡන්‍දහේතුයෙන් අගතියට යෙයි, (නො කටයුතු කෙරෙයි,) ද්වේෂයෙන් අගතියට යෙයි, භයින් (භයහේතුයෙන්) අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි. මහණෙනි, මේ සතර අගතිගමනයෝ යි. බුදුහු මේ වදාළහ, සුගත වූ ශාස්තෲන් වහන්සේ මේ වදාරා යළි තෙල ගාථාධර්‍මය වදාළසේක.
Pali BJT2. ඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා”ති.
Sinhala BJT2. ඡන්‍දහේතුයෙනුදු ද්වේෂහේතුයෙනුදු භයහේතුයෙනුදු මෝහහේතුයෙනුදු යමෙක් දහම් ඉක්මැ යේ නම් ඔහුගේ කීර්ති - පරිවාරයශස් අවපස සඳු සෙයින් පිරිහේ යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT3. “මනොපුබ්බඞ්ගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා, මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා; තතො නං දුක්ඛමන්වෙති චක්කංව වහතො පද”න්ති.
Sinhala BJT3. වේදනාදි චෛතසිකධර්‍මයෝ සිත පෙරටුකොට ඇත්තාහ, සිත ශ්‍රේෂ්ඨ කොට ඇත්තාහ, සිතින් මැ නිපදවන ලද්දාහ, ඉදින් ප්‍රදුෂ්‍ය වූ සිතින් යුක්තව (මුසාවාදාදිය) බෙණේ නම් හෝ (ප්‍රාණවධාදිය) කෙරේ නම් හෝ ඒ හේතුයෙන් විය උසුලන ගොනුගේ පිය අනුව යන ගැල්සක මෙන් විපාකදුඃඛය ඒ පුද්ගලයා අනුව යෙයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT4 “මිද්ධි යදා හොති මහග්ඝසො ච නිද්දායිතා සංපරිවත්තසායි. මහාවරාහොව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්දො”ති
Sinhala BJT4. යම් කලෙක පුරුෂ ථිනමිද්ධයෙන් මඩනාලදුයේ බොහෝ කොට බුදින්නේත් වේ ද, හුන් සිටි තැන නිදනසුලු වූයේ පෙරැළිපෙරැළි හෝනේ වේ ද, දමු කුඩු ඇ ශූකර නිවාපයෙන් පුස්නාලද මහත් ගම්හූරකු සෙයින් ඒ දුෂ්ප්‍රාඥ පුද්ගල පුනපුනා (පිළිසඳ විසින්) මවුකුසට පැමිණේ යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT5. ‘අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය”{1} තමෙව ඛාදති, එවං අතිධොනචාරිනං සානි{2} කම්මානි නයන්ති දුග්ගති”න්ති.
Sinhala BJT5. යකඩින් මැ නැඟුණු මලය ඒ යකඩයෙන් මැ නැඟී යම් සේ ඒ යකඩය මැ කා වනසා ද එපරිද්දෙන් සිවුපසය (මේ සඳහා මෙතෙක් පමණැයි) ප්‍රත්‍යවේක්‍ෂාප්‍රඥාව ඉක්මැවූවහු (සිවුපසය නොපස්විකා වළඳන මහණහු) (සිය සතන්හි උපන් හෙයින්) ස්වකීය කර්‍මයෝ දුගතියට පමුණුවත් යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT6. “චොරො යථා සන්ධිමුඛෙ ගහීතො. සකම්මුනා හඤ්ඤතෙ බජ්ඣතෙ ච එවං අයං පෙච්ච පජා පරත්ථ සකම්මුනා හඤ්ඤතෙ බජ්ඣතෙ චා”ති.
Sinhala BJT6. ගෘහසන්‍ධිමුඛයෙහි (ගෙහිමියන් හෝ රාජපුරුෂයන් විසින්) ගන්නාලද සොරෙක් සිය සොරකම් හේතුයෙන් යම් පරිදි කම්කටොලින් පෙළනුලැබේ ද, (සිරබැඳුම් ආදියෙන්) බඳනාත් ලැබේ ද, එසෙයින් මේ සත්ත්‍වප්‍රජාව මියැ පරලොවැ දී සිය පව්කැමින් පෙළනු ලැබෙයි, බඳනාත් ලැබේ යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT7. “සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති, අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛ”න්ති
Sinhala BJT7. සුව කැමැති වූ සත්ත්‍වයන් යමෙක් දඬුවමින් වෙහෙසා ද, තමහට සුව රිසියෙන හේ පරලොවැ දී සුව නොලබා යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT8. “ගුන්නං වෙ තරමානානං ජිම්හං ගච්ඡති පුඞ්ගවො; සබ්බා තා ජිම්හං ගච්ඡන්ති නෙත්තෙ ජිම්හගතෙ සති.
Sinhala BJT8. මහොඝය තරණය කරන ගවයන් අතුරෙහි ඉදින් පුංගවයා (යූථපති වූ ප්‍රධාන වෘෂභ) කුටිලව යේ ද, පරිණායක ගවයා කුටිලව ගිය කල්හි එ හැම ගාවීහු කුටිලව යෙත්.
Pali BJT9. “එවමෙවං මනුස්සෙසු යො හොති සෙට්ඨසම්මතො, සො චෙ අධම්මං චරති පගෙව ඉතරා පජා; සබ්බං රට්ඨං දුඛං සෙති රාජා චෙ හොති අධම්මිකො”ති.
Sinhala BJT9. එපරිදි මැ මිනිසුන් කෙරෙහි යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වේ ද, ඉදින් ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ කායදුශ්චරිතාදි අධර්‍මයෙහි හැසිරේ ද, ඔහු අනුව යන ඉතිරි ප්‍රජාව කැල මැය, (කියනු කිමැ) ඉදින් රජ නොදැහැමි වේ නම් සියලු රටවැසි ජනයා දුකසේ වෙසේ යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT10. “සුකිච්ඡරූපා වතිමෙ මනුස්සා කරොන්ති පාපං උපධීසු රත්තා, ගච්ඡන්ති තෙ බහුජනසන්නිවාසං නිරයං අවීචිං කටුකං භයානක”න්ති.
Sinhala BJT10. පඤ්චකාමගුණෝපධීන්හි ඇලුණා වූ එහෙයින් මැ වෙසෙසින් දුකට පැමිණි ස්වභාව ඇති මේ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් පව්කම් කෙරෙති, පාපකාරී ඔවුහු (පව් කරන) බොහෝදෙනාට වාසස්ථාන වූ කටුක වූ බියදනවන අවීචි නිරයට යෙති.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT11. “ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං, සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථා”ති.
Sinhala BJT11. ඵලය ඒකාන්තයෙන් (පත්වැටි නූපදනා හෙයින්) කෙසෙල්ගස නසා ද, ඵලය (ඕසධීහු ඵලපාකාවසාන හෙයින්) මහහුණ නසා ද, ඵලය රණහුණ නසා ද, ගර්‍භය යම්සේ වෙළඹ නසා ද, එසෙයින් සත්කාරය අසත්පුරුෂයා නසා යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT12. “කොධමක්ඛගරු භික්ඛු ලාභසක්කාරකාරණා, සුඛෙත්තෙ පූතිබීජංව සද්ධම්මස්මිං න රූහතී”ති.
Sinhala BJT12. ප්‍රත්‍යයලාභය හා සත්කාරය හේතුකොටගෙන ක්‍රෝධය ගුණමකුබව ගරුකොට වෙසෙන මහණ මනා කෙතෙහි වපුළ කුණු වූ බිජුවටක් සෙයින් ශාසනසද්ධර්‍මයෙහි ශීලාදි ගුණයෙන් නොවැඩේ යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT“ඉදාහං භික්ඛවෙ එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං, එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි, යථා ඛො අයං පුග්ගලො ඉරීයති යඤ්ච පටිපදං පටිපන්නො යඤ්ච මග්ගං සමාරූළ්හො ඉමම්හි චායං සමයෙ කාලං කරෙය්ය යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ, තං කිස්ස හෙතු: චිත්තං හිස්ස භික්ඛවෙ පදුට්ඨං, චිත්තප්පදොසහෙතු ඛො පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති.
Sinhala BJT“මහණෙහි, මම මෙලොවැ ඇතැම් පුඟුලකු ප්‍රදුෂ්ට වූ සිත් ඇතියහු මාගේ සිතින් ඔහුගේ සිත මෙසේ පිරිසිඳ දනිමි : (මේ පුද්ගල යම්සේ ඉරියව් පවත්වා ද යම් පිළිවෙතකට පිළිපන්නේ ද, යම් මඟකට පිවිසියේ ද) මේ පුද්ගල මෙ සමයෙහි කලුරිය කෙරේ නම්, (හිසින් හෝ කරින්) ගෙනඑන ලද්දක් යම්සේ බහාතැබුයේ ද, එසෙයින් නිරයෙහි උපදනේ යැ. එ කවර හෙයින යත් : මහණෙනි ඔහුගේ සිත ප්‍රදුෂ්ට යැ එහෙයිනි. තවද මහණෙනි, මෙසේ මෙ ලොවැ ඇතැම් සත්ත්‍ව කෙනෙක් චිත්තප්‍රදෝෂහේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙත්. බුදුහු තෙල කරුණ වදාළහ, එහි ලා තෙල මෙසේ කියනුලැබේ.
Pali BJT13. “පදුට්ඨචිත්තං ඤත්වාන එකච්චා ඉධ පුග්ගලං, එතමත්ථං වියාකාසි බුද්ධො භික්ඛූන සන්තිකෙ.
Sinhala BJT13. මෙලොවැ ප්‍රදුෂ්ට සිත් ඇති ඇතැම් පුඟුලකු (සිතින් සිත) දැන බුදුහු මහණුන් හමුයෙහි තෙල කරුණ ප්‍රකාශ කළසේක.
Pali BJT14. “ඉමම්හි චායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො, නිරයස්මිං උපපජ්ජෙය්ය චිත්තං හිස්ස පදූසිතං. චිත්තප්පදොසහෙතු හි සත්තා ගච්ඡන්ති දුග්ගතිං,
Sinhala BJT14. ඉදින් මෙසමයෙහි මේ පුද්ගල කලුරිය කරන්නේ නම් නිරයට පැමිණෙන්නේ යැ, ඔහුගේ සිත ප්‍රදුෂ්ට හෙයිනි. චිත්තප්‍රදෝෂහේතුයෙන් සත්ත්‍වයෝ දුගතියට යෙත් මැයි.
Pali BJT15. යථාභතං නික්ඛිපෙය්ය එවමෙව තථාවිධො කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සො’පපජ්ජතී”තී.
Sinhala BJT15. ගෙන එනලද්දක් යම්සේ බහාතබන්නේ ද, එපරිදි මැ එබඳු වූ ඒ දුෂ්ප්‍රාඥ පුද්ගල කය බිඳීමෙන් මතු නිරයට පැමිණේ යයි.
Pali BJTඅයම්පි අත්ථො වුත්තො භගවතා ඉති මෙ සුත’න්ති.
Sinhala BJTභාග්‍යවතුන් විසින් මේ අර්‍ත්‍ථය ද වදාරන ලදැ’ යි මා විසින් අසනලදි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJT16. සචෙ භායථ දුක්ඛස්ස සචෙ වො දුක්ඛමප්පියං, මා’කත්ථ පාපකං කම්මං ආවී වා යදිවා රහො.
Sinhala BJT16. ඉදින් දුකට බියවවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය නම්, හෙළියෙහි වේවයි නොහොත් රහසි වැ වේවයි පව්කම් නහමක් කරවු.
Pali BJT17. සචෙ ච පාපකං කම්මං කරිස්සථ කරොථ වා, න වො දුක්ඛා පමුත්ත්යත්ථි උපෙච්චා’පි පලායත’න්ති.
Sinhala BJT17. ඉදින් පව්කම් මතු කරන්නවු නම් දැන් කරවු නම් හෝ දැනැ දැනැ පලායන්නාවූ ද තොපට දුකින් මිදීමෙක් නැති.